එළු අත්තනගලු වංශ විවරණය-විවරණය iii

Wikibooks වෙතින්

සත් වන පරි‍ච්ඡෙදය

1. වර්ෂායධිකෘත වූ - (වර්ෂන + අධිකෘත) වර්ෂ.ණයට අධිපති වූ, වර්ෂාෛධිකාරි වූ ‘අධිකාර’ නම් යම් කිසිවකු හට නියම වූ කාර්යනය යි. සෙවකයෝ තමතමනට නියම කටයුතු නො පිරිහෙළා කෙරෙත් දැ යි සොයා බැලීමට ද ‘අධිකාර’ යැ යි කියති. මේ අධිකාරයෙහි නියුක්ත වූයේ ‘අධිකෘත’ හෝ ‘අධිකාරි’ නම් වේ. ‘අදිකාරම්’ යනු වහරෙහි එයි. වර්ෂඅ ධිකෘත දෙවතාවනට ‘වස්සවලාහකයෝ’ යැ යි ද කියත් ‘වැසි වලාවෝ’ යැ යනු අර්ථක යි. කාව්යස ශාස්ත්ර යෙහි අලඞ්කාර පිණිස වැසි වළාවන්

7. ප. 2-5) වි ව ර ණ ය 117

දෙවියන් කොටැ දැක්වුණු හෙයින් සාමාන්ය)යෝ ඔවුන් දෙවියන් ලෙස මැ ගත් හ. ප්රණමාදයෙකින් - පමාවෙකින්. තමන් ගේ කටයුතු කලට නො කිරීමෙන්. වෘෂ්ටි විභාතයෙක් - වැසි වැළැකීමෙක්. (වෘෂ්ටි = වැසි. විඝාත = වැළැකීම, විනාශය) ‘නිය‍ඟෙක්’ යනු අර්ථට යි.

2. ඝර්මප වේගයෙන් - ග්රී‍ෂ්මයා ගේ තද බැවින්. බලවත් උෂ්ණයෙන්. තේජස් - චණ්ඩ වූ රශ්මි. උෂ්ණ රශ්මි. තැවුණු - තවන ලද රත් වූ, කර්කතශ - රළු, මෙහි රළු වීමට හෙතුව නම් සිසිල් බවක් නැති වීම ය. මාරුතය - වාතය. ඡවරයෙන් පීඩිතයන් මෙන් - උණින් පෙළෙන්නන් මෙන්. සර්ව-ප්ර කාරයෙන් - සියලු අන්දමින්. පූවාහු යි - පානය කොළෝ යැ. සුර්යප රශ්මියෙන් වාෂ්පත්ව යට හැරී මාරුතය හා එක්වීමෙන් ද, පෘථිවියට උරා ගැනීමෙන් ද, ජලය සමපූර්ණායෙන් මැ සිඳී ගියේ යැ යනු භාව යි.

3. මඬනා ලද - මිරිකුණා වූ වන රේඛා - වන රොද. සීරුන් - රැහැසියන්. පැසෙන්නා වූ - කකියන්නා වූ. මේ ‘ජලයෙන්’යන්නට විශෙෂණ යි. පැසෙන්නා වූ ජලයට නටන් නා වූ ජලය යැ යි ද කියති. සැළක් - සැළියක්. තද උෂ්ණ යෙන් පැසීම (ජලය නැටීම) කරණ ‍කොටැ ගෙනැ නාදයෙන් යුක්ත වූ දියෙන් පිරුණු සැළියක් මෙන් හැ‍ඟේ යනු භාව යි. සැළියක් මෙන් වූයේ කීමෙක් ද? වන රොද යි. පැසෙන ජලයේ නාදයෙන් යුත් සැළියක් මෙ නැ යි කවර හෙයින් කියන ලද ද? වන රෙඛාව සීරුන් හැඬීමෙත් යුත් වූ හෙයිනි.

4. වර්ෂාද කාලයෙහි පවා - වර්ෂාය කාලයෙහි ද, වර්ෂාය කාලයෙහි භූමිය සූර්යජ සන්තාපයෙන් නො තැවෙන නමුත් ආකාශයට නම් එයින් මිදීමක් නො වන හෙයින් කියත්. සන්තාපයෙන් - උෂ්ණයෙන් පඬෙරවන් - පාණ්ඩරවර්ණා සුදු පාට සඳුන් කල්ක ආලේප සහිතයක් - සඳුන් සුනු ගෑවාක් අහස අතිශයින් මැ සුදු පැහැති වී යැ යනු අර්ථ යි.

5. හෙප් -- ඉතා ගැඹුරු ජලාශය. ශ්වහ්රය අවශෙෂ -- ඉතිරි. ලඞ්කාද්වීප වාසී සත්ත්ව යන්. උපචාර - යෙන් කියත්. පිනවමින් -- සතුටු කරමින් ජලප්රසවාහයෙන් -- දිය ගැල්මෙන්. නූල්පවා ද -- නො + උල්පවා ද = (1) නු + උල්පවා ද = (2) නූල්පවා ද (1) ස්වර පර රූපය හා (2) සමාන




118 එළු අත්තනගලු වංශ - (7.ප.6-9

ස්වර දෙදෙනා හට දීර්ඝ ස්වර වීමෙන් හා සිද්ධ යි. ‘උපුල්’ ධාතු ‘රක්’ ආදි අත් පද යි. ඉපිලේ - ඉපිලෙති - ඉපිලිණි, ඉපිලි - ඉපිලුණු, ඉපිල - ඈ විසින් වරනැ‍ඟේ උපුල්වා = උල්පවා. මියෙමි නමුදු - මැරුණත්. තරවා - තරයේ, තිර කොටැ. චෛත්යා ඞ්ගණයෙහි - (චෛත්යි + අඞ්ගණ) සෑ මලුයෙහි සල පතර - ගල් ලෑලි අතුරවා කළ බිම.

6. ශීල තේජසින් - ආචාරානුභාවයෙන්. චකිත වූ - භය ප්රාුප්ත වූ. අවශිෂ්ට - ඉතිරි, ගුණ ප්රරබන්ධෛයෙන් - ගුණ සමූහයෙන්, වස්සවලාහකයෝ -- වැසි වලාවෝ.

7. කාලමේඝයෝ -- කඟ වලා කුළු ‘කාල’ යනු ‘ල’ කාරවත් වූ කලැ ‘කළු’ යන්නෙහි ‘ලු’ නො වැ ‘ළු’ කෙසේ වී දැ යි ප්ර්ශ්නය උපදී. සංස්කෘතයෙහි ‘කාල’ යනු වු නමුත් පාලියෙහි ‘කාළ’ යි ‘ළ’ කාරවත් වැ යෙදේ. දිගන්තරයන් ගේ -- දිශා අතරවලැ. දිගින් -- තමන් ගේ (වලාකුළු වලැ) දිගින්. මනන් නවුන් -- මතින්නන්. මෙයින් වලාකුළු දික් වැ විහිදැ ගිය බව හඟවත්. තමන් ගේ දිගින් යම් කිසිවෙකැ දිග මිනියැ යුතු කලැ හැකි තරම් දික් වියැ යුතු යි. කූටවලින් -- කුළුවලින්. ‘කූට’ යනු පර්විතාදීන් ගේ මුඳුනට නමි. මෙඝය ද පර්ව තාකාර බැවින් කඳු මුඳුන් වැනි කොටස් ඇති වේ අන්ධඟකාරය -- අඳුර, කළුවර පර්වටතච්ඡායාවන් -- පර්විතයන් ගේ ප්රුතිබිම්බයන් (සෙවණැලි.) පර්ව.තයෝ භූමියෙහි වෙත්. ආකාශය කැට පතක් නම් මේ පර්වසතයන් ගේ ඡායාවෝ එහි පැනෙත් මැ යැ. සමහරු ආකාශතල නමැති කැට පතට පැමිණියා වූ යනු ‘කාලමේඝයෝ’ යන්නට විශෙෂණ කොටැ අර්ථම දක්වත්. කැට පතකට ඡායාවන් ගේ විනා කාල මෙඝයන් ගේ පැමිණීමක් නැති හෙයින් ඒ මතය කෂ්ට වේ.

8. ගැඹුරු වූ -- ගම්භීර වූ. ගම්භීරත්වනය නාදයා ගේ විශිෂ්ට ගුණයෙකි. ස්වර භෙදාදියෙකින් ව්යාටකූල නුවු පිරිසුදු හඬට ගැඹුරු හඬ යැ යෙත්. මයූරයෝ -- මොනරු කෙකාධවති - ‘කෙකා’ නාද. ‘කෙකා’ යනු මොනරුන් ගේ නාදයට නමි. ශීර්ෂ යෙහි -- හිසෙහි. ඡත්රයයක් -- කුඩයක්. මයූරයෝ වර්ෂායවට අතිශයින් ප්රි-යයෝ යැ. වැසි වස්නා කලැ ඔහු පිල් වැටි විදහා කෙකා නද දී නටත්.

9. මිඳුණා වූ -- වැහුණා වූ. වැගුරුණා වූ. මුතුකලප්- මුක්තා කලාප මුතු වැල්. ධූලීහු -- දූලි. සන්හුන් හ-- සන් සිඳී ගිය හ. ශොභන ව-- යහපත්. දුඹුලි සුවඳ -- වියැළි

7. ප. 10 – 13) වි ව ර ණ ය 119

මැටියෙහි දිය වැටුණු කලැ ඇති වන සුවඳ. නැව්න් සුවඳ. මේ පවනින් -- වැසි සුළඟින්. මෙඝ පවනයෙන්. හැසිරිණ- විහිදුණේ යැ.

10. විද්යුඝල්ලනාවෝ -- විදු ලිය . ජාම්බූනද -- ජම්බු නදි යෙහි උපන්. ‘ජම්බූ නදි’ නම් දිව්යන නදියෙකි. එහි උපන් රන් සෙසු රනට වඩා උතුම් යැ යෙත්. පිඟු වන් --රන් වන්. දශාන්තයන් - දිශා කෙළවර. රඳන්නාහු - වර්ණ වත් කරන්නාහු. රැඳීම් නම් පාට පෙවීම යි. සිවුරු පඬු පෙවීමට සිවුරු රැඳීම යැ යි යෙත්. මෙහි අදහස් කරන ලද්දේ විද්යුදල්ලතාවන් කරණ කොටැ දිගන්තයන් රන්වන් වූ බව යි. මේඝ ධවතී පඞ්කති - (පෙළට) නො කඬ වැ පවත්නා අහස් ගිගුරුම. තූර්ය් නාද- බෙර ආදියෙහි නාද. අනු වැ ගියාහු - එක් වෑ ගියාහු. විද්යුමල්ල තාවන් ද තූර්ය නාදයන් ද එක ‍කාලයෙහි මැ පැවැති බව් හඟවනු සඳහා කියත්. නෘත්ය්යක් මෙන් -- නැටුමක් මෙන්.

11. රත් වැ -- රක්ත වර්ණද වැ. රතු පැහැ ඇති වැ. ක්රොඑධය කරණ කොටැ ගෙනැ (මුහුණ) රතු වේ. රතු පස් සේදී මෙන් දිය පහර තඹ පැහැ වේ. ඒ (රට පෙළූ ශ්රී ෂ්මය කෙරෙහි) ක්රො ධයෙන් රත් වැ ගියාක් වැනි යැ. ජය ප්රීගතියෙන් - ශ්රී ෂ්මය පරදවා ජය ගත් සතුටින්. නාද - ජලය විෂම භූමියෙහි මහත් වෙගයෙන් ගලන කලැ ඇති වන නාද. මහ වතුරු - මහත් දිය පහර. ‘මහ වතුරු’ යන උක්තය බහු වචන වුව ද ‘පත්ළේ’ යැ යි වාචකය එකවචන වැ සිටී. උක්තය නපුංසක ලිඞ්ගික වූ කලැ ඒ බහුවචන වුව ද ක්රි්යාව එක වචන වැ යෙදීම ශිෂ්ට සම්මත යි.

12. නෑසින් -- (තාසිකාවන්.) ප්රයණාලිකා, සොරොවු, උත්සව කොටැ -- පූජා කොටැ.

13. දණ්ඩනයක් -- දඬුවම් දීමත්. ශස්ත්රායක් ආධුධයක්, දණ්ඩනයක් ශස්ර්කොටයක් නැති විසින් රාජ්යසය අනුශාසනය කිරීම - දඬුවම් නො කොටැ ආයුධයෙන් වධ නො කොටැ රට අනුශාසනා කිරීම. දණ්ඩාදාන - (දණ්ඩ + ආදාන) දඬු ගැනීම. දඬුවම් දීම. තැළීම, ශස්ත්රා දාන -(අනුනට වධ පිණිස) ආයුධ ගැනීම. අත් පා ආදිය සිඳීම. ගම් පැහැරීම් - ගම්වලට වැදැ මිනිසුන් පෙළා‍ ධන පැහැරැ ගැනීම්, ජීවග්රායහ - පණ පිටින් ගැනීම්, නො මරා ගැනීම්, අල්ලවා -- ප්රැයොජ්ය් පූර්වය



120 එළු අත්තනගලු වංශ - (7.ප. 14-16

ක්රි යා නිපාත යි. මෙහි ධාතු ල’ (ලීමෙහි) යනු යි මෙහි ‘අත් ලා’ යනු අත් (හස්තයෙන්) දැමීමෙහි වැටේ. සමහරු පද විභාග නො දැනැ ‘අල්ව’ ධාතුවක් උගන්වත්. අල්වා - අල්වත් - යනාදි අර්ථ ශුන්යව පද ද යොද. අමු සොහොනින් - මළ සිරුරු ගෙනැ ගොස් දමන භූමියෙන්. දලවා -- දවා. ශරීරය තන්හි තන්හි දැවීම ද පුරාතනයන් විසින් කරවන ලද වධයෙකි. ‘දැම්මූ’ යනු අතීතාර්ථතසූවක ප්රීයෝජ්යන කෘදන්ත නාමයෙකි. ‘දම’ ධාතු යි. ‘ව’ ප්ර යෝජ්යනයෙහි විකරණ යි. ‘ඌ’ ප්ර්ත්ය යය යි. ‘දම + ව් + ඌ’ යි සිටි කල්හි ධාත්වා‍දියෙහි අනම්යා්දෙශ ද ‘ම’ කාරයෙහි ස්වර ලොප ද වී ‘දැම්වූ’ යනු වේ. පර රූපයෙන් ‘දැම්මූ’ යැ යි සිද්ධ යි. ‘දැම්මවු’ යනු අව්යවක්ත ප්රයයොගයෙකි.

14. පරිවාර ජන -- දාසිදාසාදි. වාහන -- ඇත් අස් ආදීන්. කිසිවක් හට - කිසිවකු + හට. ‘උ’ කාර ලොප යි දාන ස්වරූප යෙන් -- දානයක් මෙන්. දානයක් කොටැ. කාය විවෙක -- කයට සුව. කාර්ය්යෙන් වැළැකැ සිටීම විවෙක යි. චිත්ත විවෙක - සිතට සුව වටනේයැ - සෑහේ යැ. සුදුසු යැ.

15. නියුක්ත - යෙදී සිටුනා, වඩනේයැ - වැඩි වන්නේ යැ උපපීඩක කර්මකයෝ -- විපාක දෙන කර්මායට පීඩා කරන කර්මෑයෝ. කුශල කර්මකයක් නිසා සත්ත්ව යකු සුව විඳුනා කල්හි හෝ අකුශල කර්මවයක් නිසා දුක් විඳුනා කල්හි හෝ යමෙක් බාධා කෙරේ ද හේ උපපීඩක නමි. කර්ම‍ විභාග විස්තර වශයෙන් දනු කැමැත්තෝ ධර්මක ප්රපදීපිකායෙහි 297 වන පිට බලත්වා. ඇවෑමෙන් - මරණින් පසු වෘද්ධ -- මහලු රාජ්යායෙහි පිහිටමි -- රජ වෙමි. පලවා - පැනැ යන්නට වරනැඟේ ‘පලවා’ යනු ප්රයයොජ්යට රූප යි. වාසල් දොර ගත -- ප්රසධාන දොරටුව අල්ලා ගත්තේ යැ. එහි බළ සෙන් සිටුවා යුද්ධයට සැරැසී සිටැ ගත යනු අර්ථව යි.

16. සනිටුහන් - සන්තිටඨාන සිතින් කැරැ ගන්නා ලද නිශ්චයය. සන්ධි කරන ලදැ යි -- ගලපන ලදැ යි මෙ සේ වීමට සලස්වන ලදැ යි. ස්ව පක්ෂව -- සිය පස තමා ගේ පක්ෂිය. ප්රසතිපක්ෂද -- විරුද්ධ පක්ෂ-ය. කැමැත්තවු හට මැ -- කැමැත්තහු + හට මැ. ‘ව’ කාරාදෙශ යි. පෙරහන් කඩ --- දිය පෙරන රෙදි කඩ පාලි ‘පරිසසාවන’ යනු යි අරණ්ය ස්ථානයට -- කැලැ බිමට




7.ප. 17 – 8. ප. 2) වි ව ර ණ ය 121

17. ළ පලු - ළා දලු. ශාඛා මණ්ඞ්ල - සා මඬුලු. අතු පතර, කුදු - ක්ෂුවද්ර . කුඩා. පර්වුත ප්රාැන්තයෙන් - කඳු කෙළවරින්. නදීන් - ගං හෝ. බට - බටුවා වූ. පැමිණි. මියුලු - මුව. මෘග. සෙවුනාලද - ආශ්ර යය කරන ලද. ආශ්රි ත වූ මහෙශාඛ්ය. - මහානුභාව ඇති. නන්ද න වනය - දිව්යශ ලොකයෙහි එ නම් වූ උයන. ශක්රමයා ගේ උයන. මේ පිළිබඳ විස්තර අමා වතුරෙහි දෙව දමනයෙහි ආයේ යැ. මුල ඵල ජාති - මුල් ජාති හා ගෙඩි ජාති සැපයේ අනුභව කිරීමෙන් - සැප සේ අනුභව කිරීමට ලැබීමෙන්. ‘මොවුන් ගේ අනුභව කිරීමෙන්’ යනු සිංහල වාක්යව රීතියට නො ගැළැපෙයි. ‘මොවුන්’ යැ යි යෙදුව මනා තැනි. සිත් කලු - චිත්තකාන්ත, රමණීය. සිත සතුටු වඩවන. තපොවන - (තපස් + වන) සිල් රැකීමට වනය. එකඟ - එක් අරමුණෙකැ පිහිටි. මෛත්රීය භාවනායෙහි - මෛත්රීැ සිත වැඩීමෙහි. මෙහි ‘භාවනා’ නම් කිම?

“ සිත කිලුටු කර නා රාගාදි පව් මඬ නා සිතිවිලි බාව නා” (දෙකෙකි විදසුන් සමත විසි නා)

යනුයෙන් දක්වන ලද්ද යි. සිත කිලුටු කරන රාගාදි පාපයන් මදිනය කරන්නා වූ සිතිවිලි භාවනා නම් වේ යනු එහි අර්ථි යි. ________

අට වන පරිච්ඡෙදය.

1. චණ්ඩ බව - සැඬ බව. රෞද්රය බව. පහ වූ ඇලුම් ඇති - දුරු වූ ඇලම් ඇති. ඇලුම් නැති . ප්රකජා වර්ග‍ තෙමේ - මනුෂ්යි වර්ගෙ තෙමේ. රජකු විසින් අනුශාසනය කරනු ලබන්නා වූ මනුෂ්යහ සමූහයට ඔහු ගේ ප්ර ජා වර්ගමය යි කියනු ලැබේ. රුචි කොටැ - කැමැති වැ. කාවණු - කහ + වණු = (1) ක + අ + වණු = (2) කාවණු. (1) ‘හ’ කාර ලොප හා (2) සමානස්වර දෙදෙනාට දීර්ඝතස්වර යි. මඳටිය විස්සක් බර රන් මිල(රන් කාසිය) කහවණු නම්, සන්තොෂ ධනය - සතුටු පඬුර.

2. දුගී - දිලිඳු. ගල් කෙම් - ගල් පොකුණ, ආකල්පයෙන් - වෙෂයෙන්. ඇඳුමෙහි ආකාරයෙන්. ආහාරයෙන් පැවැරී යැ- ආහාර ගත මැනැවැ යි ආරාධනා කෙළේ යැ. හීන ජාතියෙක්හි - නීච ජාතියෙකැ. ‘උපන්නෙම්’ යනු නාම පද යි. ආඛ්යා්ත

                                                                                                             9

122 එළු අත්තනගලු වංශ - (8.ප. 3 - 6

පදයෙක් නො වේ. ආඛ්යා තයා ගේ පමණක් නො වැ කෘදන්ත නාමයා ගේ ද (ප්රනථම මධ්යආමොත්නම යන) පුරුෂභෙදය සිංහල යෙහි ඇත්තේ ය. අනුභවයට යොග්ය් වූ වංශයෙහි - ආහාර ගැනීමට සුදුසු කුලයෙහි. “මා ගේ වංශයෙහි වූවන් ගෙන් ආහාර ගැනීම උත්තමයනට සුදුසු යැ” යි යූ සේ යි. මා සතු යැ - මට අයිති යැ. කලණ - කල්යාමණ යහපත්.

3. සුඹුළින් - පොත්තෙන්. පට්ටයෙන්, වල්කලයෙන්. සිද්ධ කෙරෙති - ඇති කෙරෙති. ‘මම වල්කල හැඳැ ඵලපත්ර‍ කා රුක් සෙවෙණෙහි හිඳීමි” යි යූ සේ යි. සමෘද්ධ වූ - සම්පූර්ණ‍ වූ. භොග - (ආහාර වස්ත්රාධදි) සම්පත් අනුන් සන්තකයෙහි - අනුන් අයත් දෙයෙහි. ජාත්යාවදීන් - (ජාති + ආදීන්) මෙහි ආදි ශබ්දයෙන් වෘත්තිය ගැනිණ. “ප්රා‍ණ වධ කොටැ ජීවත් වන්නෙක් නො වමි” යි මැඟියා ද කීයේ මැ යි. උදෙසා - නිසා මේ පූර්වට ක්රිෙයා පද යි. ‘උදෙස’ ධාතු යි. ගර්භාා - නින්රාෙස

4. ඇවිටිලි වැ - බලවත් ලෙස, නැවැතැ නැවැතත් කාරණ ‍කියමින්. සමාප්ත වූ - කෙළවර වූ . ආහාර කෘත්යස - අහර කිස. ආහාර ගැනීම. ප්රපත්යූලපකාරය - (ප්රතති + උපකාරය) කළ උපකාරයට කරන උපකාරය. මෝ හට - මොහු + හට = (1) මෙහො + හට = (2) මො + ඔ + හට = (3) මෝ හට. (1) ස්වර පූර්වහ රූප (2) ‘හ’ කාර ලොප හා (3) සමාන ස්වර දෙදෙනා හට දීර්ඝ ත්වහ යි. අභිමුඛ කොටැ - ඉදිරි කොටැ. පවත් - ප්ර වෘත්තී.

5. ඕහට - ඔහු + හට = ඔහොහට = ඔ + ඔහට = ඕහට. සිද්ධීය ‘මෝහට’ යන තන්හි මෙනි. දහසක් - කහවණු දහසක්.

6. වචනයට අනතුරු වැ මැ - වචන කී විගසැ මා. වචනය කීවා හා සමඟ මැ. අතුරු නැත්තේ යමක්හු ගේ ද හේ අනතුරු. අන්යා ර්ථ සමාස යි. මැඟියා ගේ වචනය යැ රජු ගේ තුටු පහටු වීම යැ යන දෙකැ අතරැ කාලයෙක් නො වී යැ යි යූ සේ යි. ශීර්ෂහ දානයෙන් - හිස දීමෙන්. කෙළ පැමිණියා - කෙළවරට ගියා, සම්පූර්ණ. වූවා. කොල - යනු මෙහි ප්රි්තී වෙගය හඟව යි. මෙයින් - මේත්. ඒ, මේ, මා, ඕ, යන ආදි දීර්ඝමස්වරාන්ත ශබ්දයන් කෙරෙන් පර වැ ‘දු’ යන නිපාතය යෙදෙන කල්හි මධ්යුයෙහි ‘යි’ කාරාගමය වැ ‘ඒයිත්’ මේයිත්’ යනාදි වශයෙන් සිටි කලැ පූර්වු ස්වරයා ගේ හ්රදස්වත්වවය



8. ප. 6-8) වි ව ර ණ ය 123

වීමෙන් එයිත් - මෙයිත් - යන ආදිය සිද්ධ යි. නො අගිතී - නො මිටිති. සර්වනඥතාඥානය - බුදු බව. ‘සර්ව ඥතා’ නම් බුදු බව යි. එ හෙයින් බුදු බවට අයිති නුවණ ‘සර්ව-ඥතාඥාන’ නම්. ධන ලාභය - වස්තුව ලැබීම. රෙදීම - රිදීම. රුජාව. නාඩි ව්ර-ණයක් - ඔඩුවණයක්. කුණපය ප්ර ධාන කොටැ ඇති - මිළ කුණ ප්රාධාන කොටැ ඇති. ගාථායෙහි ‘පුතිප්පධානස්ස’ යනුයෙන් ‘පූතිය හෙවත් කුණු ගද ප්ර්ධාන කොටැ ඇති , යැයි කියන ලදී. පූතිය ශරීරයට නියත වන හෙයින් පූති ප්රනධාන යැ කියත්. දුක් අනුභව කරන ලද දුක් විඳුනා ලද්දේ යැ. සත්ප්ර යොජනයෙහි - යහපත් වැඩෙහි මෙහි අදහස් කරන දල යහපත් අර්ථ ය නම් දන් දීම යි. සඵල - ඵල සහිත. “ශරීරය පිළිදැගීමෙන් අනුභව කරන ලද්දේ දුක් යැ. එ හෙයින් ඒ පිළිදැගීම නිෂ්ඵල යැ. දැන් යහපත් අර්ථ යෙහි යෙදීමෙන් සඵල කෙරෙමි” යි යු සේ යි.

7. පවිටු කර්මායක් - පාපිෂ්ඨ ක්රි යාවක්. බමි - භය ඇත්තෙමි. නො බා - භය නො වව. උදක් - යනු ‘පිළිපදුව’ යනු හා සම්බන්ධථ යි. “තව භ‍යෙක් නැති තා විසින් කළ යුතු වූ බර කාර්යයයෙකුදු නැති තෝ මා කී ක්ර මය පිළිපැදීම පමණක් කරව” යි යූ සේ යි. මෙහි ‘පමණක්’ යනු ‘උදක්’ යන්නෙහි අර්ථ‍ය ගෙනැ දේ. සහසු ලාභයෙහි - (කහවණු) දහස ලැබීමෙහි ගිජු වූ - ලොල් වූ. ඉවසන ලද කල්හි - මැනැවැ යි ගිවිසි කල්හි. ශස්ත්රබයක් - ආයුධයක්, ධාර්මාදධිෂ්ඨාන තේජසින් - ධර්මහයට සිත නමා (මෙ සේ වේ වයි) ඉටා ගැනීමේ බලයෙන් (ධර්මන + අධිෂ්ඨාන = ධර්මාරධිෂ්ඨාන.) සන්ධිටයෙන් - හිස බෙල්ලට බැඳී සිටි තැනින්. හසරමිණිය තද කොටැ බැඳැ - තරයේ අරමිණිය ගොතා හිඳැ. කාරණ‍ වේ වයි හෙතු වේ වයි. සොම්නස් පෙරදැ රි ‍කොටැ ඇති - ඉදිරිපත් කරන ලද සතුට ඇති (මෙ බඳු උදාරතර පුණ්යඳ කර්මරයක් කිරීමට මට ප්රඨස්තාවය ලැබිණැ යි යන සිතින් උපන්) සන්තොෂය මුල් ‍කොටැ ඇති. ප්රා්ර්ථවනාව - පැතීම. අදහා ගනී ද? - විශ්වාස කෙරේ ද?

8. මෙ සේ එව - මෙහි එව. දෙ අත්ල - අතුල් දෙක, ‘අතුල්’ ශබ්දයට ‘අ’ විභක්තී එකතු වූ කලැ ‘අතුල’ යි සිටී. ‘තු’ යන්නෙහි ස්වර ලොපයෙන් ‘අත්ල’ යනු වේ. පර රූපයෙන් ‘අල්ල’ යි ද වේ. දොහොත - දො + හත යන තන්හි ස්වර පූර්ව රූපයෙන් සිද්ධ යි. උභය පාර්ශයවයෙහි - දෙ පැත්තෙහි. නීල ධමනි - ‘නීලා’ නම් වූ ලේ නහර. බල




124 එළු අත්තනගලු වංශ - (8. ප. 9-11

නහර, බෙල්ල දෙ පැත්තෙහි වූ මහත් නහර දෙක ‘නීලා’ නම් වේ. ‘ධමනී’ යනු ලේ නගරයට නිමි. නාඩීන් - නහර. සෘජු බවට - කෙළින් සිටීමට. ග්රීලවායෙහි - බෙල්ලෙහි. නාළය - උගුරු දඬුව. ජලරෙඛායෙන් - දියෙන් අඳින ලද ඉරින්. පිරිසිඳැ - පරිච්ජින්ත කොටැ. සීමා දක්වා. චිත්තජ වූ වායොධාතු වෙශය තෙමේ - හෘදයෙහි උපන් වායුහු ගේ ‍ශක්තීය. පාණ වාතය, චිත්තයෙහි ජනිත වූයේ හෙවත් උපන්නේ ‘චිත්තජ’ යි මෙහි ‘චිත්ත’ යනු හෘදයපර්යා ය වේ. ‘වායොධාතු’ යන තන්හි ‘ධාතු’ යනු වා පිත් සෙම් යන තුන් දොස්හි වැහෙනුයේ මෙහි වාතය හඟවයි. වායු පසෙකි. එ නම් -

“හෘදි ප්රාතණො ගුදෙ’පානඃ සමානො නාභිමණ්ඩලෙ උදානඃ කණ්ඨදෙශෙ ස්යාොද්ව්යාපනඃ සර්ව්ශරීරගඃ” ෴

යනුයෙන් දැක්වුණු (1) හෘදයයෙහි වූ ප්රාවණ වාතය, (2) ගුදයෙහි වූ අපාන වාතය, (3) නාභා දෙශයෙහි වූ සමාන වාතය, (4) බොටු යෙහි වූ උදාන වාතය, (5) සර්ව3 ශරීරයෙහි පැතිරැ පවත්නා වූ ව්යා,න වාතය, යන මේ පස යි. අවිච්ජීන්න වැ - නො සිඳී. නො කඩ වැ. ශීර්ෂා බන්ධටන - ශිර්ෂව සන්ධිය. මුඛර වුවාහු - දොඩමළු වුවාහු. අධික කථා ඇති වීම මුඛර වීම යි. නො නවත්වා මැ සාධු කාර වචනය කී හ යනු මෙ තන්හි අර්ථ යි.

9. එක් බැඳී වැ - එකාබද්ධ වැ. එක් වැ බැඳී. හැසුණා වු - ඝන වූ. ‍ෙක්ෂ ත්ර යෙහී - කුඹුරෙහි. දානමය - දානයෙන් නිපන් (උපන්) දාන සංඛ්යා්ත. ලියෙහි - වැලෙහි ලතායෙහි. ‘මඬ ඇති කෙතෙහි සිටුවන ලද බිජුවටින් උපන් ලතායෙහි ඵලයා ගේ රසය යමි සේ සතත්වහ සමූහයා පිනවා ද, එ මෙන් මැ ඝන වැ වැගුරුණු ලේ ඇති මැඟියා ගේ අතෙහි පිහිටි වූ හිසින් උපන් දාන පාරමිතායෙන් සිද්ධ වන සර්වැඥතාඥානය සතත්ව සමූහයා පිනවා වා” යනු අර්ථන යි. “ශීර්ෂැ දාන‍යෙන් කෙළ පැමිණි දාන පාරමිතා ඇති මේ සිරිසඟබෝ රජ තෙමේ මතු බුදු වැ සතත්වරයන් නිවන් පුර පැමිණිවීමෙන් සතුටු කෙරේ වා” යනු භාව යි.

11. මත්තෙහි - මුඳුනෙහි. දළ පුඬු සේසත් - ඇත් දළින් ‍කරන ලද පුඬු (මිට) ඇති සුදු කුඩය. බට මැනව - බැස්ස මැනැව. ක්ෂනමා කරවා - තමා කළ අපරාධයට කමාව ඉල්ලා ගෙනැ. ආදාහන කෘත්යමය - දැවීමේ කටයුත්ත.



9.ප. 1-3) වි ව ර ණ ය 125

නව වන පරිච්ඡෙදය

1. අග මෙහෙසුන් - අග්ර මහිෂි, රජහු ගේ අභිෂෙක කරන ලද බිසොව ‘මහිෂි’ නම් වේ. එක්තරා - අන්ය තර. නමින් නො දක්වන ලද. ‘එක්තරා’ යනු අප්රමසිද්ධාර්ත්ථවයෙහි වැටේ. බනසුලු - භය වන ස්වභාවය ඇති. බුහුටි - දක්ෂ1. නිර්භහය වැ ඉදිරියට යන බවට ‘බුහුටි’ බව යැ යි කියත්. ගිය වනැ යි - ගිය සේ යැ යි. යන්නට ඇතැ යි. එල්ල මං - සෘජු මාර්ගිය, කෙළින් පාර, වඞ්ක වූ - ඇද වූ. කාලකණ්ණි - අවාසනාවත්. කාලකර්ණි, දැකිම් පමණකුදු - දකින්නට වත්. සලකුණු - (ග්රා-මමාර්ගාමදියෙහි මේ අසවල් ගම යැ අසවල් මඟ යැ යනාදීන් හැඳිනැ ගැනීමට) ලකුණු. ගොපල්ලෝ - ගවයන් රක්නෝ. සුපුෂ්පිත වූ - මනා වැ පිපුණා වූ. කුසුමයන් - මල්. වැලැපීම් - විලාප කීම්. වැන්දඹු වන - මේ නාමය මළ පුරුෂයා ඇති ස්ත්රිසයක් හැපී වැලැපුණු ස්ථානය වූ හෙයින් යෙදිණ.

8. ඇත = එ + අත. ස්වරාදෙශ සන්ධිැ යී. මැත = මෙ + අත. ස්වරාදෙශ සන්ධි යි. දෙ තන්හි මැ ‘එ + අ’ දෙදෙනා වෙනුවට ‘ඈ’ වී. ශොකාග්නීන් - ශොක නමැති ගින්නෙන්. (ශොක +අග්නීන්) සන්නානගත වූ සන්තානයට හෙවත් සිතට වැදුණ වූ . තැවුලිය - තැවීම. දුක ගිලුණි මැ - ගිලුණු වරැ මැ. තවත් නො නැඟී යැ යූ සේ යි. මුර්ච්ඡා වේගයෙන් - සිහි නැති වීමේ තද බැවින්. දෙ තුන් ඇසිල්ලක් - දෙ තුන් මොහොතක්. හී වැටී. හෙ’ ධාතු යි. ආශ්වාස - සැනැසිලි, නිවූ - දුරු කළා යැ. සංසිඳුවා ගත්තා යැ. නිවන් පොකුණ - තැවුලිය නීවූ ස්ථානය වන හෙයින් යෙදිණ.

3. ළැහැබක් - වන රොදක්. තුඬක් නො පරහනා ලද - කටක් නො ගසන ලද. හිස් සුන් - හිස නැති. මෘත කලෙබරය - මළ සිරුර. ළ ඇත්තියක - හෘදයය ඇත්තියක. කවන්ධන රූපය - හිස් සුන් ශරීරය. හිස කපා හළ ශරීරයට ‘කවන්ධත’ නාමය වැටේ. වැලැඳැ ගෙනැ - බදා ගෙනැ. ආහාර වෛකල්ය්යෙන් - ආහාර නොලැබීමෙන්. ආහාර විරහයෙන්. දුරු කතර - දුරු වූ ගමනයට අපහසු මාර්ගමය කායපීඩායෙන් - ශරීරය පෙළීමෙන්. මුස පත් වූ - මුර්ච්ඡා වූ, එක විටැ මැ - එක් වරැ මැ. මුස පත් වීමත් කාල ක්රියයා කිරී‍මත් එක් විටැ සිදු වී යැ යනු අර්ථයි.



126 එළු අත්තනගලු වංශ - (9. ප. 5

4. මන්ත්ර ණය කොටැ - සාකච්ඡා කොටැ. තිරශ්චීනයන් ගේ - තිරිසනුන් ගේ සරසට යන්නෝ තිරශ්චීනයෝ යැ. ප්රිවෙශය - ඇතුළු වීම. පැමිණීම වටා - වට කොටැ. පූර්වි ක්රිුයා නීපාත පද යි. ‘වට’ ධාතු යි.

5. අනන්ය සාධාරණ - (අ + අන්ය- සාධාරණ) අනුන් හා සාධාරණ නො වන. අනුනට නැති. අනුන් ගේ ගුණ ප්ර බන්ධ යනට වඩා අතිශයින් උසස් වූ ගුණ ප්රිබන්ධනය - ගුණ සමූහය, බාල්යනයෙහි - බාල කාලයෙහි. අවශ්යියෙන් - නියතයෙන්. එකාන්තයෙන්. සත්තයෙන් - නිරන්තරයෙන් සුගතාගම - (සුගත + ආගම) බෞද්ධාගම දැන්මෙහි - දැනීමෙහි. ‘දැනුම්’ ශබ්දයෙන් පර වැ ‘එහි’ විභක්තීය විමෙන් ‘දැනුමෙහි’ යනු වේ. ඉක්බිති ‘නු’ කාරයෙහි ස්වර ලොපයෙන් ‘දැන්මෙහි’ යනු ලැබේ. සිවු සැට කලායෙහි - කලා හෙවත් ශිල්ප සැට සතරෙහි. කාව්යිශෙඛර විවරණයෙහි එයි රාක්ෂස දමනාදි - (රාක්ෂ්ස දමන + ආදි) රාක්ෂෙසයා දමනය කිරීම ආදි. සහස්රක ප්රුතිලාභය - (කහවණු) දහසක් ලැබීම. ස්ව හස්තයෙන් - තමා ගේ අතින්. ගලවාට සන්ධියෙන් - බෙල්ලෙහි සන්ධියෙන් ‘ගලවාට’ යනු පාලියෙහි ග්රී වාවට ‍නමෙකි. නරාලම්බ වූ - එල්බී‍මක් නැති. පිහිටක් නැති. ස්ථාතිවැ - ස්ථීර වැ අචල වැ. නිශ්චල වැ ව්යබක්ත වූ - ප්රිකාශ වූ. පැහැදිළි වැ ඇසෙන්නා වූ. අභිප්රා්සය - අදහස. ආශ්චර්යත අද්භූත වූ - අතිශයින් විස්මයජනක වූ ‘ආශ්වර්යි’ යනු ද ‘අද්භුත’ යනු ද එකාර්ථෙවත් වචන දෙකක් මැ එක් තන්හි යෙදීම දොෂයෙක් නො වේ ද? මෙබඳු තන්හි නො වේ. “අධිකවචනමධිකාර්ථාම ගමයති” යනු රීති වන හෙයිනි. “අධික වචනය අධිකාර්ථවයක් හඟවයි” යනු එහි අර්ථම යි. නුදුටු විරූ - පෙරැ නුදුටුවා වූ දැකැ පුරුදු නැති. නො + දුටු = නුදුටු. ස්වර පර රූප යි. නො ඇසූ - යනු ‘නෑසූ’ යැ යි සන්ධි වැ ද සිටී. නො + ඇසූ = නැ + ඇසු = නෑසු යනු එහි සිද්ධි ක්රබම යි. කලඞ්කය - කැළැල. දොෂය, චිර කාලයක් - බොහෝ කාලයක්. අකීර්ති ඝොෂයෙන් - අගුණ කථායෙන් උපලක්ෂි+ත වැ - යුක්ත වැ සාධු ජනයා - සත්පුරුෂ ජනයා. කළ්යාෙණ මිත්ර - කලණ මිතුරු, යහපත් මිත්රර, තමා අභිතයෙන් වළකා හිතයෙහි යොදන මිත්රා. මහා පුරුෂයා ගේ - උතතම පුරුෂයා ගේ. මිත්රහදොහ - කර්ම‍යෙන් - මිත්රැයාට විරුද්ධ ව කරන ලද කර්මමයෙන් (ක්රිතයායෙන්. ) වෙළා ගන්න.




9. ප. 6-7) වි ව ර ණ ය 127

ලද්දෙම් - බැඳැ ගන්නා ලද්දෙම්. ගැලැවීමක් නැති ලෙස මම මේ පාප කර්මෙයෙන් බැඳුණෙම් වෙමි යනු අර්ථ යි. සීතන්නේ මැ - සිතීම හා සමඟ, ස්වෙද ජලය - ඩහ දිය. කම්පිත වූයේ - වෙවුලා ගියේ.

6. වැටුහුණේ යැ - සිතුණේ යැ. අමාත්යේ මණ්ඩලයා - අමාත්ය සමූහයා. අමාත්යජ පිරිස. පසේ මැ - මහත් වූ කුශල කර්මඩයක් කටයුතු යැ යි කියා මැ. අරණ්යය ස්ථානයට - වනයෙහි වූතැනට. රාජානුභාවය - (රාජ + අනුභාවය) රජ බලය. දිව්ය පුරය - දෙවියන් ගේ නගරය. උදක් මැ මහත් වූ සඳුන් හරින් - මහත් වූ සඳුන් අරටු පමණක් මැ ගෙනැ. අන් කිසි දරක් නො ගෙනැ යි යූ සේ යි. දර සෑය - දාරු චිතකය. මළ සිරුර දැවීමට තැනෙන දර ගොඩ ‘දර සෑ’ නමි. කණ්ඨ නාල - උගුරු දඬුව. ස්වර්ණසකාරයන් - රන් කරුවන්. ගළපා -සන්ධි කොටැ. රන් වොටුන්නක් - ස්වර්ණස කිරීටයක්. රන් කිරුළක්. කාශික වස්ත්ර‍යන් - කසී සළු බරණැස පට සළු. ‘කාශී’ යනු බරණැසට නමි. මගඇඟි වූ - මහාර්ඝව වූ. බොහෝ අගනා වූ. දුහුල් සළුයෙන් - දුකුල වස්ත්ර.යෙන් ඉතා සිහින් වූ වස්ත්රායට ‘දුකුල’ යැ යි කියත්. ‘දුකුල’ යනු පට පිළියට ද නමි. රුවන් - රත්නයන්. මිණි ඔබ්බා - ඔබවා. ඔබ + වා = (1) ඔබ්වා = (2) ඔබ්බා. (1) ස්වරලොප හා (2) පූර්ව රූප යි. ‘ඔබ්බ’ යි ධාතුවක් නැතියෙන්. ‘ඔබ්බවා’ යනු අව්යලක්ත ප්ර2යොගයෙකි. ස්වර්ණ මඤ්චකයකට - රන් ඇඳකට. ‘මඤචා යනු ද ‘මඤචක’ යනු ද ඇඳට නමි. වඩා - නඟා. අත්යඇන්ත පරිශුද්ධ - අතීශයින් මැ පිරිසුදු, ශොභාවක් - ශොභා ඇති ‘ශොභාමත්’ යනු අව්යඇකත්පාඨ යි. ‘ආ’ කාරයෙන් පර කොටැ ‘මත’ යෙදීමෙහි හෙතු නැත්. විශෙෂ විහිත වැ - විශෙෂයෙන් යුක්ත වන සේ මෙහි ‘වැ’ යනු ප්රාකාරාර්ථෂයෙහි පූර්වන ක්රි්යා නිපාත යි.

7. පැන් කළ සලවා - පැන් කළ වත් කරවා. වට දා ගෙය - මැදැ දා ගබ පිහිටිවීවමට තැනෙන වට ගෙය. මාල් - මහල්. භූමි. දැන් ‘සොල්දර’ යැ යි කියත්. ඝනකනකමය - ගන රන් මුවා, ගන රතින් කරන ලද. පරිහරණය - පාලනය, රැකැ බලා ගැනීම. නො වීමෙන් - නැති වීමෙන්. නො පවත්නේ යැ - විනාශයට යන්නේ යැ. අප්ර සන්න - නො





128 එළු අත්තනගලු වංශ - (9. ප. 7-8

පැහැදුණු භක්ති නැති. සිඳැ බිඳැ - කඩා බිඳැ. නසතී - විනාශයට පමුණුවතී. ලාමක - නින්දි ත, පහත්, හීන, අලොභ නීය - ලොභ නො වීමට සුදුසු ලොභ නො වන තරම්. නිරා කුලයෙන් - වියවුල් නො වැ. සුව සේ. පමණින් - (සුදුසු) ප්රවමාණයෙන් නියොග කොටැ - නියම කොටැ. පූජනීය - පිදියැ යුතු. පූජා කළ යුතු. චෛත්යනයක් - සෑයක්. දා ගබක්. එකච්ඡත්රය නංවා - එක සේසත් නංවා. එකරාජ වැ. ‘නංවා’ යනු ප්රකයොජ්ය පූර්ව ක්රි යා නිපාත යි. ‘නඟ’ ධාතු යි. නඟ + වා = (1) නංග් වා = (2) නංවා (1) ‘ඟ’ කාරයෙහි ස්වර ලොප වැ අර්ඬාඟනු නාසිකයට ද්විත්ව වැ ‘නංග්වා’ යැ යි සිටි කලැ (2) එක ස්ථාන යෙහි වූ (ං, ග්, ව්, යන) ව්ය ඤ්ජන ත්ර යයෙන් මධ්යකයට ලොප වැ ‘නං වා’ යනු වේ. ව්යසඤ්ජන ත්රියයෙන් අන්ත්ය යට ලොප වැ ‘නංගා’ යැ යි ද සිටී. චෛත්යකස්වරූප වූ - චෛත්යාවකාර වූ. කීර්තිමය ශරීර ඇති - කීර්තියෙන් මැවුණු ශරීර ඇති. සිරි සඟබෝ රජුන් ගේ භූත ශරීරය විනාශයට ගිය නමුත් කීර්ති ශරීරය ඉතිරි විය. ඒ කීර්ති ශරීරය දැන් මේ ‍චෛත්යී රූපයට පැමිණියේ යැ යනු අර්ථ යි. සේ සත් පිටැ සේ සත් - සේ සත මතුයෙහි තවත් සේ සතක්. කිරීටයක් - කිරුළක්. වොටුන්නක්. ගන්ධ මාලාදීන් - ගඳ මල් ආදියෙන්. චෛත්යි ගෘහයට සෑ ගෙට. වට දා ගෙයට ග්රා ම‍ෙක්ෂාත්ර-යන් - ගම් හා කුඹුරු. අනෙක ශත - නොයෙක් සිය ගණන්. චඬක්රාමණ - සක්මන්. සක්මන් කිරීමට තනන ලද තැන්. රාත්රි ස්ථාන - රෑ වසන තැන්. දිවා ස්ථාන - දාවල් වසන තැන්. ගොපුර - දොරටු ප්රා කාර - පවුරු ‘තාප්ප’ යැ යි දැන් ව්ය්වහාර යි. විභාග - බෙදීම්. වෙන් වෙන් කොටස්. සඬ්ඝාරාමයන් - (සඬ්ඝ + ආරාමයන්) සඞ්ඝයා ගේ වාසස්ථාන, නිරන්තර - නිතොර. නොකඩ වැ. පසය - ප්රාත්යයයය, චීවර, පිණ්ඩපාත, ශයනාසන, ග්ලාන ප්රොත්යනය යන මොහු සඞ්ඝයා ගේ සතර පසයෝ යැ. ධවජයක් - කොඩියක්. රජමහාවිහාරය - උතුම් මහ වෙහෙර. නො පිරි හෙළා - නො කඩ කොටැ. අඩු නො කොටැ. විභව - සම්පත්. මඳ කරන පිණිස - අඩු කරන පිණිස.

8. අන්තරන්තරයෙහි - අතරතුරැ සකස් කරවනු ලබන්නේ - කැඩුම් බිඳුම් අලුත් වැඩියා කිරීම් ආදිය කරවනු ලබන්නේ, නො පිරිහුණා වූ - අඩු නොවූ.