කතිකාවත් සඟරා - i

Wikibooks වෙතින්

විඥාපනය


ශ්රීප සම්බුද්ධ පරිනිර්වාුණයෙන් 236 වැන්නෙහි මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩමවා දෙවානංපියතිස්ස මහරජතුමන් ප්රනධාන සිංහල දෙශවාසීන් රත්නත්ර්යෙහි පහදවා මේ ද්වීපයෙහි ශාසනයට පිහිටුවූ පරිදි මහාවංශාදි ඉතිහාස ග්ර්න්ථියන්හි විස්තරලෙස දක්වනලදි. එවක් පටන් සිංහල රාජ්යවයේ අවසානය දක්වා ගතවූ හවුරුදු දෙදහසක් පමණ කාලයතුළ ලඞ්කා රාජ්ය ශ්රීප පදප්රා ප්ත ශ්රරද්ධාබුද්ධිසම්පන්න සිංහල මහරජවරු සම්බුද්ධ ශාසනයාගේ සංරක්ෂ ණය හා වර්ධනය ස්වකීය රාජපදවියට අයත් විශිෂ්ට කෘත්යරයක්කොට සැලකූහ.’ එසේහෙයින් ඒ මේ වර්ෂඅ ද්විසහස්ර යෙන් වැඩිකාලයක්තුළ සම්බුද්ධසමය හා තදනුකූල භාෂා ශාස්ත්රාමදියත් මේ ද්වීපයෙහි බැබළීමෙන් පැවතුණේය. යම් කලෙක පරසතුරු වියවුලින් හෝ අලජ්ජිබලය උත්සන්නවීමෙන් හෝ පිරිසුදුවූ ථෙරවාදයෙන් බාහිරවූ වෛතුල්යජවාදාදි දුලීබ්ධි සම්මිශ්රපණයෙන් හෝ ශාසනය පසුබස්නටවූයේ නම් තත්තත්කාල ශාසනානුශාසක මහා ස්ථවිරවරයෝ ශ්රයද්ධාවත් රාජරාජ මහාමාත්යා දීන්ගේ සහායත්වශයෙන් ඒ පිරිහිම් වළක්වා දුෂ්ප්රධතිපත්ති පහකොට ධර්මිය හා විනය යථාස්ථානයට පමුණුවා ශාසනය ප්රහකෘතිමත්කොට ධර්ම‍ය හා විනය යථාස්ථානයට පමුණුවා ශාසනය ප්රහකෘතිමත්කොට වර්ධතනය හා විනය යථාස්ථානයට පමුණුවා ශාසනය ප්රහකෘතිමතකොට වර්ධරනයකළහ. එබඳු ශාසන ශුද්ධියක් ඇතිවූ බොහෝ වාරවල මතු කාලයෙහි ප්රතමාදවිහාරීන්ට අවකාශ නොලබනු සඳහා මහා සංඝයා වහන්සේ විසින් කාලානුරූප ධර්මා විනයානුකූල ව්යබවස්ථාද පනවන ලදී. එසේ සංඝ සම්මතවූ ව්යිවස්ථා කතිකාවත් යන නාමයෙන් ව්ය වහාර ප්රාිප්තවිය.

පොළොන්නරුවේ මහාපරාක්රරමබාහ්ර් මහ රජතුමා‍ගේ කාලය පටන් සිංහල රාජ්ය යේ පිරිහීම දක්වා මෙදෑතුරෙහි ව්ය වස්ථිත ප්රකධාන කතිකාවත් කීපය මේ පොතට ඇතුළත් කෙළෙමු. මේ කාලසීමාවට පූර්වායෙහිත් නොයෙක්වර කතිකාවත් කළබැව් නිසැකනමුදු ඒ පෞරාණික කතිකාවත් සියල්ලම කාලාන්තරයෙන් අපවත්වූවාක් මෙන් හැ‍කඟේ. “වොහාරතිස්ස” කතිකාවත යයි කියනුලබන ලිපියක පිටපත් තුනක් අපට ලැබුණු නමුත් එහි භාෂාරීතිය ව්යිවහාර තිස්ස රජතුමාගේ කාලයට නොගැළපෙන හෙයිනුත් ඒ ලියවිල්ලේ ඇතැම් පාඨකැබලි නිශ්ශංකමල්ල රජතුමාගේ ශිලාලෙඛනවලින් උපුටා ගන්නාලද බැව් පෙනෙන හෙයිනුත් එය මෙහි අන්තර්ගාත නොකෙළෙමු.


ii


ශ්රීා බුද්ධවර්ෂ 1707 පමණේදී ලඞ්කා රාජ්යවශ්රිතයට පැමිණි ශෞය්ය්සම විය්ය්රමභ බලවික්රනමාන්විත මහාපරාක්රමමබාහු මහරජාණෝ අසදෘශ ප්රොතාප මහිමයෙන් මුළුලක්දිව එකසේසත් නංවා චොළපාණ්ඩ්යක රාමඤ්ඤාදි පරදෙශයෙහිද යුද්ධ ජයග්රකහණයෙන් ස්වකීය අණසක පතුරුවා පසුකාලයෙහි ශාසනාභිවෘර්ධිය සඳහා උත්සාහ වඩනුවෝ අවුරුදු දහසකටත් වැඩිකාලයක් භින්නවතුබූ තුන් නිකාය සමඟ කරවා එක්නිකායක් කොට දුශ්ශීල ශ්රලමණ ප්රූතිරූපකයන් ශාසනයෙන් බැහැර කරවා ‍විශෙෂ ශාසන ශුද්ධියක් කරවුහ. ඒ ශාසන කෘත්යෙයට පුමුඛවූ දිඹුලාගල මහා කාශ්ය්ප මහාස්ථවිරයන්වහන්සේ ප්රතධාන මහා සංඝ සභාව විසින් ඒ පරාක්රලමබාහු මහරජතුමන්ගේ ආරාධනාවෙන්ම පශ්චිම ජනතාවගේ ප්ර්යෝජනය සඳහා කරනලද මාහැඟි කතිකාවත රජතුමා විසින් පොළොන්නරු පුරයෙහි අභිනව කරවනලද මෙකල ගල්විහාරය යන නාමයෙන් ප්රනසිද්ධ මහාවිහාර භූමියෙහි පිහිටි ගලක කොටවනලදි. ඒ ශිලාලෙඛනයෙහි පිටපතක් මිට හවුරුදු ගණනකට පෙර ආචාය්ය්කොට ඇඩ්වර්ඩ් මුලර් මහතා විසින් සම්පාදිත “ලඞ්කාවේ පුරාණ ශිලාලෙඛන” නම් ග්රඩන්ථයෙහි පළකර වනලදි. ඒ ලිපිය බොහෝසෙයින් වරදින් ගහනව තුබූයෙන් යථාශක්තින් සංශොධනය කොට මෙහි මුලට යෙදීමු.

පරාක්රතමබාහු මහරජතුමාගේ ඇවෑමෙන් රජපැමිණි බුද්ධ ධර්ම්යෙහි හා නානා භාෂා ශාස්ත්‍ු ාදියෙහි ප්රිවීණ බුද්ධිමත් පණ්ඩිත විජයබාහු රජතුමා වර්ෂ යක් දැහැමින් සෙමෙන් රාජ්යිය පාලනය කළපසු ද්රෙමහී අමාත්යවයකු විසින් ජීවිතක්ෂ‍යට පමුණුවනලදින් රට නැවතත් වියවුල්විය. ඉක්බිති රාජ්ය්ශ්රියයට පැමිණි කීර්තයතිනිශ්ශංකමල්ල රජතුමා නව වර්ෂඉයක් රාජ්යයය කෙරෙමින් විවිධ ශාසන සංහ්රශහ කෙළේය. ‘ශාසන රක්ෂාවව ලක්දිව රජුන් අයැති” යයි සැලකූ මේ රජතුමා විසින් ඒ සඳහා කරනලද නියොග පඞ්කතියක් පෙ‍ාළොන්නරු නුවර “හැටදාගේ” නම් විහාරයෙහි ගල්පුවරුවක කොටවන ලදි. ඒ ශිලාලෙඛනයෙන් වැඩිකොටසක අකුරු මැකීගොස්තිබේ. ශෙෂය මෙහි පරිශිෂ්ට සංග්රැහයෙහි බහාලීමු.

නිශ්ශංකමල්ල රජතුමාගෙන්පසු දසදොළොස් අවුරුද්දක් මුළුල්ලෙහි රාජ්යංය සඳහා අධිපතීන් අතර ඇතිවූ අභ්යකන්තර යුද්ධ කොලාහලයෙන් සිංහල දෙශය අතිශයින් දුර්ව ලව පවත්නා කල කාලිංගදෙශයෙන් පැමිණි මාඝ නම් දුෂ්ට ර‍ජෙක් මුළුරටම අත්පත් කොටගෙන ක්රෑනර වධබන්ධඝනාදියෙන් මහාජනයා පෙළා ඔවුන්ගේ ධන සම්පත් පැහැරගෙන විහාරාරාම නසා දහස් ගණන් පොත්පත් භස්මකරදමා ලොකයත් ශාස්ත්රවයත් ශාසනයත් එකවට පිරිහීමට


iii


පත්කෙළේය. ලඞ්කාවාසීන් මේ ද්රරවිඩ ව්ය සනයෙන් විසිහවුරුද්දක් පමණ කාලයක් මෙසේ දරුණු ලෙස පීඩිතවනකල්හි ශ්රීවසංඝබොධි පරම්පරානුයාත වත්හිමිවිජයබාහු නම් කුමාරයෙක් මායාරට ස්වවශයටගෙන සිංහල රාජබලය නැවතත් පිහිටුවා ශාසනයත් ශාස්ත්රරයත් ප්රයකෘතිමත් කරනු සඳහා අපමණ වීය්ය්ත යෙන් උත්සාහ කෙළේය. එකල පොළොන්නරුපුර ජෙතවනාරාමාධිවාසී ශ්රීා ශාරීපුත්ර මහාස්වාමිපාදයන්ගේ ශිෂ්යපවූ සංඝරක්ෂිඅත මහාස්වාමිපාදයන් ප්රරමුඛ මහාසංඝයා වහන්සේ විසින් ශාසනරක්ෂාගව සඳහා අමුතු කතිකාවතක් කරනලදි.

යථොක්ත විජයබාහු රජතුම‍ාගේ අතිජාත පුත්රනවූ කලිකාල සාහිත්යව සර්ව්ඥ පණ්ඩිත පරාක්රාමබාහු යන නාමයෙන් ප්රිසිද්ධ වූ මහා පැනවත් මහරජතුමා පියරජහුගේ ඇවෑමෙන් ශ්රී බුද්ධ වර්ෂන 1779 දී ජම්බුද්රො ණි පුරප්රමවරයෙහි රාජ්ය්ශ්රිීයට පැමිණ පොළොන්නරුව ආදි නොයෙක් තන්හි කඳවුරු බැඳසිටි දෙමළුන් නෙරපාහැර මුළු ලක්දිවම පරසතුරු වියවුලින් මුදවා ශාස්රා බ ගමාභිවෘද්ධිය සඳහා වුවමනා සියලුම කටයුතු අනූනවම සම්පාදනය කෙරෙමින් අප්ර්මාණ තෙජසින් හා අසහාය පාණ්ඩිත්ය කීර්ත තියෙන් විරාජමානව පන්තිස් හවුරුද්දක් රාජ්යාතනුශාසනා කෙළේය. ඒ මහරජතුමාගේ ආරාධනාවෙන් යථොක්ත සංඝරක්ෂිෙත මහාස්වාමිපාදයන්ගේ ඇවෑමෙන් සංඝරාජපදවියට පැමිණි ආරණ්යික මේධංකර මහාස්වාමිපාදයන් ප්ර මුඛ සංඝසභාව විසින් භික්ෂූරන්ගේ පැවතීම් පිළිබඳ ධර්මරවිනයානුකූල සම්පූර්ණව ව්යසවස්ථා පඞ්ක්තියක් සම්පාදනය කරනලද්දේය. “ද‍ඹදෙණිකතිකාවත” යන නාමයෙන් ප්රිසිද්ධ මේ විශිෂ්ට කතිකාවත මෙහි දෙවැනි අංකයෙන් දැක්වීමු.

පණ්ඩිත පරාක්රවමබාහු මහරජාණන්ගේ ඇවෑමෙන් ඔහුගේ ජ්යෙිෂ්ඨ පුත්රතවූ එකළොස් හවුරුද්දක් පමණ කාලයක් යුවරාජ පදවිය උසුලමින් පියරජතුමන්ගේ අදහස් පරිද්දෙන් ලොක ශාසනාභිවෘද්ධියකැරවූ බෝසත් විජයබාහු නම් පින්වත් පැනවත් රජතුමා සිංහාසනාරූඪව දෙවසක් පමණ යෙහෙන් පරි පාලනය කරනකල්හි දුෂ්ට සෙනාධිපතියකු විසින් රාජ්ය්ලොභයෙන් මරනලදින් නැවතත් මුළුලක්දිවම අභ්යාන්තර භෙදයෙන් ව්යායකූලව දුර්වනලභාවයට පත්විය. බෝසත් විජයබාහු රජහුගේ සහෝදරවූ මහාභුවනෙකබාහු රජතුමා යාපවු නුවර රාජධානිය පිහිටුවාගෙන එකළොස් හවුරුද්දක් රාජ්යලකළ ඉක්බිති පඬිරටින් මහබල සෙනඟක් කැටිව ලක්දිවට බට ආය්ය්ක් චක්රිවර්තනති නම් දෙමළ සෙනාධිපතියෙක් යාපවු නුවර අල්වාගෙන දළදාවහන්සේ ඇතුළුවූ අපමණ


iv


මාහැඟි වස්තූන් මදුරාපුරයට යවා උතුරු පළාත ස්වවශයටගෙන යාපාපටුනෙහි රජ කෙළේය. එකල බෝසත් විජයබාහු රජතුමාගේ පුත්රාවූ පරාක්රයමබාහු නම් කුමාරයෙක් රජව මදුරාපුරයටගොස් කුලශෙඛර නම් පඬිරජුගෙන් දළදාවහන්සේ ලබාගෙන අවුත් පොළොන්නරුවෙහි පස්හවුරුද්දක් පමණ රාජ්යහය කරනකල මහා භුවනෙකබාහු රජහුගේ පුත්රදවූ වත්හිමි භුවනෙකබාහු රජ ඒ පරාක්රලමබාහු රජු පහකොට කුරුණෑගල්නුවර අවුරුද්දක් පමණ රාජ්ය ය කෙළේය. මේ රජුහුගේ පුත්රහවූ ද්වීතිය පණ්ඩිත පරාක්ර්මබාහු (හෙවත් වර්තයමාන ව්යජවහාරයෙහි සතරවැනි පරාක්ර්මබාහුයයි) නම් ලත් ශ්රතද්ධාබුද්ධිසම්පන්න මහරජතුමා සිංහාසනාරූඪව ලොකශාසනාභිවෘද්ධිය සඳහා විවිධ කටයුතු සම්පාදනය කෙරෙමින් පන්තිස් හවුරුද්දකට අඩුනොවන කාලයක් රාජ්යටය කෙළේය. මේ රජතුමාගේ කාලයේදී ශාසනයත් ශාත්රියත් බෙහෙවින් බැබළීමට පත් ව තිබුණේය. දඹදෙණි කතිකාවත සම්පාදනයෙහි ප්රෙමුඛවූ ආරණ්යික මෙධංකර මාහිමියන්ටව අනතුරුව සංඝරාජ පදවියට පත්වූයේ අනවමදර්ශී මහාස්ථවිරපාදයන්බැව් සැලකිය හැකියි. උන්වහන්සේගෙන් පසු තීර්ථග්රා ම විහාරාධිපති ෂඩ්භාෂා පරමෙශ්වර ගලතුරුමුළ මහා ස්ථවිරපාදයන් මාහිමි පදවියට පත්වූ බැව් හැ‍ඟේ. මුන්වහන්සේගේ ශිෂ්යාවූ ශ්රීි පරාක්රතමබාහු විල්ගම්මුළ මහතෙරුන්වහන්සේ යථොක්ත පණ්ඩිත පරාක්රතමබාහු රජතුමාගේ කාලයෙහි විද්යාපමානවූ පඬිවරයන්ට අග්රේසරව ඒ රජහු විසින් කරවනලද සියලු ශාසනාක කෘත්යයයට මුල්වූයේය ශ්රීප බුද්ධ වර්ෂෙ 1887 වන්නෙහි මේ මහා ස්ථවිරපාදයන් සංඝරාජ ධූරය ඉසුලුබව උන්වහන්සේ විසින්ම කිත්සිරිමෙවන් කැලණිවිහාරයෙහි පිහිටුවනලද ශිලා ලි‍පියෙන් පැනේ.

පණ්ඩිත පරාක්රයමබාහු රජතුමාට අනතුරුව වන්නි භුවනෙකබාහු රජතුමාද සවුළු විජයබාහු රජතුමාද සිංහාසනාරූඪවූහ. මේ රජුන් පිළිබඳ කිසිම ප්රාවෘත්තියක් මහාවංශාදි ඉතිහාස ග්රාන්ථයන්හි නොදක්වනලදි. දෙදෙනාගේම මුළු රාජ්ය් කාලය සතළොස් අවුරුද්දක් පමණ බැව් අනුමාන වශයෙන් කල්පනා කළහැකියි විජයබාහු රජහුගෙන් පසු ඔහුගේ පුත්රප කුමාරවරු තුන්දෙනෙක් භුවනෙක බාහුය, සවුළුපරාකුමබාහුය, වික්රපමබාහුය යන නාමයෙන් පිළිවෙළින් රාජ්යබශ්රීපයට පත්වූහ. ශ්රීර බුද්ධවර්ෂ් 1890 දී ගංපළ නුවර රජපැමිණි ඒ භුවනෙකබාහු රජතුමාට සතරවන්නෙහිදී මේණවරවංශොද්භූත සෙනාලංකාධිකාරි මහ ඇමතියාණන් විසින් ධූමදොණි විහාරාධිවාසී සුමංගල මහා ස්ථවිරපාදයන්ගේ ශිෂ්යිවූ දෙවනගල වනරතන මෙධංකර මහා ස්වාමිපාදයන් ප්රවමුඛ කාරක සංඝ සභාව ලවා ශාසන ශුද්ධියක් කරවනලදි. ඉක්බිති රජපැමිණි සවුළු පරාක්රාමබාහු


v


රජතුමා නම් වුත්තමාල සන්දෙණශයෙහි හා තිසර සන්දෙමශයෙහි වර්ණ‍නා කරනලද ජාතිගාම (දැතිගම්) පුරයෙහි විසූ පරාක්ර මබාහු රජතුමා බව නිශ්චය කරගැනීමට සෑහෙනතරම් කරුණු තිබේ. මීළඟට රජවූ වික්ර්මබාහු මහරජාණන් දවස ගිරිවංශාභිජාත අළගක්කෝනාර (හෙවත් අළකෙශ්වර) නම් මහ ඇමතියෙක් ශෞය්ය්ශා වීය්ය්් අ බලපරාක්ර මයෙන් හා ශ්රිද්ධාශීලාදි ගුණයෙන් ප්රගසිද්ධව වසනුයේ රජවර්ධශනපුර කෝට්ටය කරවා මායාරට තන්හි තන්හි කඳවුරු බැඳ සිටි ආය්ය්ිය චක්ර්වර්ත ති නම් දෙමළ රජහුගේ සේනාවන් පලවාහැර සතුරු වියවුල් බොහෝසෙයින් පහකරවූයේය. ඒ අළගක්කෝනාර ප්රවභූ රාජයන් ගේ මෙහෙයීමෙන් ශ්රී. බුද්ධවර්ෂ 1912 වන්නෙහි තත්කාල ශාසනානු ශාසක පළාබත්ගල වනවාස පරම්පරානුයාත ශිලවංශ ධර්මධකීත්ති මහාස්වාමිපාදයන් විසින් ශාසන ශුද්ධියක් කරනලදි. වික්රපමබාහු රජුගේ ඇවෑමෙන් ශ්රීහ බුද්ධවර්ෂා 1914 දී රජවු පස්වැනි භුවනෙකබාහු රජහුට විසිවන්නෙහි ඒ අළගක්කෝනාර ප්රුභූරාජයන්ට බැනණුවු වීරබාහු ආදිපාදයන් රජතන්පත්ව ආය්ය්කෝන චක්රජවර්තවතින් විසින් එවනලද දෙමළ සේනාවන් යුද්ධයෙන් පරාජයකොට නෙරපා දමා රාජ්යයය නිරවුල්කොට ශ්රීි බුද්ධවර්ෂෙ 1939 වන්නෙහිදී ‍යථොක්ත ධර්මයකීර්තශති මහාස්වාමිපාදයන්ගේ ශිෂ්ය වූ දෙවරක්ඛිත රජබාහු ධර්මරකීර්ත ති මහා ස්වාමිපාදයන් ලවා ශාසන ශොධනයක් කරවූබව නිකාය සංග්රරහයෙහි කියනලදි. ඉක්බිති ඒ වීරබාහු ආදිපාදයන්ගේ සහෝදර වූ වීර අළකෙශ්වර නම් අධිපතියෙක් දඹදිවින් බලසෙනඟක් සමග අවුත් වීරබාහු ආදිපාදයන් පරාජය‍කොට රාජ්යලය අත්කොටගෙන දොළොස් හවුරුද්දක් දෙශය පාලනය කරනකල චීන රටින් පැමිණි චිංහෝ නම් සෙනාධිපතියකු විසින් ඔහු උපාය බලයෙන් අල්වාගෙන චීන දෙශයට ගෙනගියබැව් සද්ධර්ම්රත්නාකරයෙන් හා චීන ඉතිහාසයෙන් පැනේ. මින්පසු දෙතුන් හවුරුද්දක් ලඞ්කාව අරාජකවමෙන් පවත්නා අතර පූර්වෝක්ත සවුළුවිජයබාහු මහරජ තුමන්ට පුත්රමවූ පරාක්ර්මබාහු රජතුමාගේ මුනුබුරුවූ ලමැනි ජයමහලෑන නම් කුමාරයන්ට දාව කාලිංග වංශාභාජාත සුනෙත්රාම මහාදේවී නම් බිසොව කුස උපන් මහපින්වත් කුමරුවෙක් වීදාගම විහාරාධිපතිව වැඩවිසූ ස්ථවිරතුමකු විසින් කුඩා කාලයෙහි පටන් ශාස්ත්රා ගම පුහුණුකරවා සොළොස්නැවිරිදි වූකල මහාසේනාවට භාරදී ශ්රීි බුද්ධවර්ෂ‍ 1953 වන්නෙහිදී ශ්රීි පරාක්රාමබාහු නාමයෙන් රාජ්යාශ්රිණයට පත්කර වනලදි. මේ රජතුමා පළමුව රයිගම් පුරයෙහි වොටුනු පැළඳ ලක්දිව අරාජකව පැවැතුණු කාලයෙහි ඒ ඒ පළාත්වල සවෛරීබලය පිහිටුවාගෙන සිටි අධිපතීන් හා පස්වසක් පමණ සටන්කොට ඔවුන් මැඩපවත්වා 1958 වන්නෙහිදී ජයවර්ධයන පුරයෙහි අභිෂෙක


vi


මඞ්ගල්ය ය පවත්වා සිංහාසනාරූඪව පසුකාලයෙහි ආය්ය්න චක්ර වර්තිතින් පරදවා යාපාපටුනත් අත්කොටගෙන මුළුලක්දිව එක්සේසත් නංවා සිංහල දෙශයෙන් පිටත් සතුරු රටවල්ද යටත්කොටගෙන මහා බලපරාක්රංමයෙන් හා විශිෂ්ටයශශ්ශ්රීලන් විරාජමානව පස්පනස් හවුරුද්දක් පමණ රාජ්ය්ශ්රිරය අනුභවකෙළේය. පරසතුරු වියවුලින් හා අභ්ය්න්තර භෙදයෙන් විශෙෂයෙන් මිදී පැවතුණු මේ ශතසං වත්සරාර්ධයතුළ ලක්දිව බුද්ධශාසනයත් නානාවිධ භාෂා ශාස්ත්රාමදියත් පොළොන්නරු දඹදෙණිකාලයෙහි මෙන් නැවතත් සමෘද්ධව බැබළීමට පත්වූයේය.

මේ රජතුමාට පන්සාලිස් වන්නෙහි ධර්මානනුගත ව්යිවස්ථා පඞ්ක්තියක් පැනවුනමුදු ඒ කතිකාවතින් වැඩිකොටසක් තෂ්ට ප්රාගප්තවීතෙබේ. සේසස මෙහි පරිශිෂ්ට සංග්රතහයට ඇතුළත් කෙළෙමු. මේ කතිකාවත සම්පාදනය කරන කාලයෙහි ශාසනානුශාසක ධුරය කෑරගල පද්මවතී පරිවෙණාධිපති වනරතන මාහිමියන් ඉසුලූබැව් අනුමානවශයෙන් කල්පනාකළහැකියි. පැපිළියානේ සුනෙත්රා් මහාදෙවි පරිවෙණාධිපති තිපෙටක මංගල මහස්වාමිපාදයන්ද තොටගමුවේ විජයබාහු පරිවෙණාධිපති ෂඩ්භාෂා පරමෙශ්වර ශ්රීම රාහුල මහාස්වාමිපාදයන් මේ රාජ්යා කාලයෙහි සංඝරාජපදවිය ඉසුලුබැව් පොතපතින් පෙනේ.

ශ්රී් පරාක්රජමබාහු මහරජතුමාට පසුව ස්වකීය දුහිතෘවූ උලකුඩය (හෙවත් ලොකනාථා) නම් බිසොවගේ පුත්රර කුමාරයා විජයබාහු යන නාමයෙන් සිංහාසනාරූඪව දෙවසක් රාජ්යිය කරනකල ඒ මහ රාජණන්ගේ ඇතිකරගත් පුත්රසයෙක්වූ ආය්ය්ිසො චක්රනවර්තතතින් නෙරපාහැර යාපාපටුන ආණ්ඩුකළ සපුමල් කුමාරයයි ප්රරසිද්ධවූ සෙනාධිපති කුමාර තෙම ජයබාහු රජු පහකොට භුවනෙකබාහු යන නාමයෙන් රාජ්යත ශ්රියයට පත්වූයේය. මේ රජතුමාට සවන්නෙහිදී රාමඤ්ඤ දෙශයෙහි රාමාධිපති රාජතුමන් විසින් මාහැඟි පඬුරු පාක්කුඩම් සහිත රාජ තානාපතින් සමඟ පිටත්කර එවනලද බුරුම භික්ෂූඩන්වහන්සේලා කීපනමක් කල්යනණි නදී උදකුකඛෙප සීමාවෙහිදී උපසම්පදා කරන ලදහ. එවකට ශාසනානුශාසකධුරය වීදාගම විහාරාධිපති මහානෙත්ර ප්රාලසාදමුළ මෛත්රේය මහාස්ථවිරපාදයන් විසින් උසුලනලදි.

භුවනෙකබාහු රජහුගේ ඇවෑමෙන් ඔහුගේ ඇතිකරගත් පුත්රසයෙක් පණ්ඩිත පරාක්රහමබාහු නාමයෙන් රජපැමිණ තුදුස් හවුරුද්දක් රාජ්යතයකරනකල ඒ භුවනෙකබාහු රජතුමාගේ සහෝදරවූ අම්බුලුගල කුඩා කුමාරයා ඒ රජු පහකොට වීරපරාක්රරමබාහු යන


vii


නාමයෙන් සිංහාසන ප්රාඒප්තව විසිහවුරුද්දක් රාජ්යලය කෙළේය. ඒ රජතුමාගේ පුත්රනවූ ධර්ම‍ පරාක්රවමබාහු රජුගේ කාලයේදී සිංහල ජාතිය පිළිබඳ මහත් විපය්යා සයකට හෙතුවූ කරුණක් සිදුවිය. එනම් ක්රි ස්තුවර්ෂබ 1505 දී යුරෝපීය ජාතියක්වූ ප්ර්තිකාල්වරුන් ලක්දිවට පැමිණීමයි. ඔව්හු පළමුවෙන් වෙළඳාම් පිණිස කෙළොම්තොට භූමිප්රකදෙශයන් සිංහල රජතුමාගෙන් ගිවිසුමක් පිට ලබාගෙන පසුව උපායෙන් හා නවීන යුද්ධොපකරණ බලයෙන් මුහුදුබ‍ඩ පළාත් වල ස්වකීය ආධිපත්යනය ක්ර මයෙන් පිහිටුවාගත්හ. සීමාරහිත ධනාශාවෙන් හා ලබ්ධි පිශාචියෙන් පීඩිතවූ මේ ප්ර තිකාල්වරු ඔවුන්ට යටත් ප්රශදෙශයෙහි සිංහල ශිෂ්ටාචාරය හා සමඟ බෞද්ධාගමත් තදනු කූල ශිල්ප ශාස්ත්රා‍දියත් විනාශකරලීමට නානා උපක්රෞම යෙදූහ. කල්යාරණිමහා විහාරය දෙව්නුවර විහාරය ආදි ස්වකීය බලය පැවැතුණු පළාත්වල තුබූ පුරාණ දාගැබ් විහාරාරාමද විනාශකොට භික්ෂූ න් වහන්සේලා පලවාහැර විහාරසන්තක දේපළ අයිතිකර ගත්හ. බෞද්ධධර්මානනුකූල පිළිපැදීම නීති විරොධි ක්රි යාවක්කොට බුද්ධභක්තිකයන් නොයෙක් ලෙසින් පෙළූහ. ක්රිිස්තියානි ලබ්ධිය වැළඳගැනීම ආණ්ඩුවේ නිලතල හා තාන්නමාන්න ලබාගැනීමට එකම මාර්ගයය කළහ. යථොක්ත පීඩාවෙන් මිදෙන පිණිසත් ගරු නම්බු සඳහාත් එකල බොහෝ සිංහලයෝ නාම මාත්රවයෙන් ක්රි ස්තියානි වූහ. භික්ෂූඳන් වහන්සේලා විහාර පන්සල් අත්හැරදමා ප්රිතිකාලුන්ට වශ‍ඟනොවූ පළාත්වලට පලාගියෝය. ප්රපතිකාල්වරුන්ට අයිතිවූ ප්ර දෙශයෙහි බෞද්ධාගම සම්පූර්ණ්යෙන්ම අතුරුදන් වූවාක්මෙන් විය. මේ පරදෙශීන් මුහුදුබඩ පළාත් අත්කරගෙන සිටි හවුරුදු එකසිය පනසක් පමණවූ මුළුකාලය තුලම සිංහල රාජ්යගයට අයත් ප්රසදෙශද අල්වා ගැනීමට නානා උපාය යොදමින් නිරතුරුවම තැත්කළ බැවින් ස්වදෙශය මේ සතුරන්ගෙන් ආරක්ෂාාකරගැනීමට මුළු ශක්තිය යොදා ක්රිවයා කරන්ට සිංහල ආණ්ඩුවට සිදුවිය. ඒ හෙයින් මේ දීර්ඝතකාලය තුළ වැසියන්ගේ දියුණුව සඳහා වුවමනා කටයුතු සම්පාදනය කරන්ට අවකාශ නොලැබීමෙන් ශාස්ත්රාඳගමත් සදාචාර ගුණධර්ම මයත් සිංහල පළාත්වලද ක්රැමයෙන් පිරිහීමට පත්විය.

ධර්මබපරාක්රපමබාහු රජහුගේ ඇවෑමෙන් රජ පැමිණි සත්වැනි විජයබාහු රජු පහකොට ඔහුගේ ජ්යෙ‍ෂ්ඨ පුත්රවයා සත්වැනි භුවනෙකබාහු නාමයෙන් රජවිය. මේ රජ ස්වකීය මුනුබුරු කුමාරයාට රාජ්යරය හිමිකරදෙන අටියෙන් ප්රිතිකාල් රජු හා ගිවිසුම කට බැඳී කුමාරයාත් රටත් ප්රයතිකාල්වරුන්ට පාවාදින. රජහුගේ සහෝදරවූ මායාදුන්නේ කුමාරයා මීට විරුද්ධව සීතාවක නුවර


viii


ස්වකීය රාජධානිය පිහිටුවාගෙන පරදෙශින්ට යටත්වීමට අකැමැතිවූ සිංහලයන්ට ප්රරමුඛව භුවනෙකබාහු රජු හා ප්ර්තිකාල්වරුන් සමග යුද්ධාරම්භකෙළේය. මේ යුද්ධ පවත්නා කාලයේදීම ස්වකීය ද්රොරහ ක්රිමයාවට විපාකවශයෙන්දෝ කැලණි ගංතෙරදී ප්රයතිකාල් හේවායෙකු විසින් තුබූ වෙඩි පහරකින් භුවනෙකබාහු රජ මරුමුවට පත්විය. ඉක්බිති ප්ර තිකාල්වරු රජහුගේ මුනුබුරු ධර්ම පාල කුමාරයා (ක්රි.:ව: 1551 දී) සිංහාසනාරූඪ කරවා ඔහුගේ නාමයෙන් රට ආණ්ඩුකරන්ට පටන්ගත්හ. මෙතැන්පටන් ඔව්හු බුද්ධාගම නැතිකිරීමටත් ක්රිරස්තියානි ලබ්ධිය වර්ධතන කිරීමටත් වඩවඩාත් ප්රියත්නකොළෝය. එසේවුවත් මායාදුන්නේ රජතුමාත් ඔහුගේ ඇවෑමෙන් (ක්රි‍:ව: 1578 දී) රජ වූ පළමුවැනි රාජසිංහං රජතුමාත් නොකඩව සටන් කිරීමෙන් ඔවුන්ගේ එඩිය මදීනය කළහ මේ රාජසිංහ රජතුමා ආශ්චය්ය්නේ මත් බලපරාක්ර මයෙන් යුක්තව බිහිසුණු සංග්රාතමයෙන් ප්රතතිකාලුන් පරදවා ස්වදෙශය ආරක්ෂා්කළ නමුත් අවසාන කාලයෙහි ශිවභක්තිය වැළඳ ගෙන බුද්ධාගමට සතුරුව විහාරාරාම කඩා බිඳදමා භික්ෂූකන් මරා ශාස්ත්රාගගම සම්බන්ධල පුරාණ පොත්පත් නාස්තිකොට ශාසනයටත් ශාස්ත්රකයටත් මහත් හානිකෙළේය. මේ රජහුගේ දරුණු ක්රි යාවලින් පීඩිතවූ ලංකාවාසීහුම ඔහුට විරුද්ධව කැරලියසන්ට වන්හ. අන්තිමේදී ගංපළ රාජවංශයට අයත් වීරවික්රරමාන්විත කුමාරයෙක් රාජසිංහ රජු යුද්ධයෙන් පරාජයකොට (ක්රිං:ව: 1593 දී) සෙංඛණ්ඩශෛල ශ්රීං වර්ධයනපුරයෙහි විමලධර්මරසූය්ය්න නාමයෙන් රජවිය. මේ රජතුමා උඩරට අල්වා ගැන්මට තැත්කළ ප්රජතිකාල්වරුන් පරාජයකොට පරශත්රැඋ භය බොහෝසෙයින් ‍පහකොට ශාසනාභිවෘද්ධිය සඳහා උත්සාහ වඩමින් සියලු ලංකාද්වීපයෙහි ගණපූරණයට සෑහෙන තරම් සිල්වත් උපසම්පදා භික්ෂූකන් නැතිබැව් දැන රක්ඛංගදෙශාධිපති රජතුමා වෙත පඬුරු පක්කුඩම් සහිත තානාපතීන් යවා නන්දි චක්කය වන්දි විසාලය යන මහතෙරුන්වහන්සේලා ප්රනමුඛ අතිරෙක දශවර්ගික භික්ෂූරසංඝයාවහන්සේ වඩාගෙනවුත් ගැටඹේතොට උඳකු‍ක්ඛෙප සීමායෙහිදී (ශ්රීෂ බු:ව: 2140 දී) උපසම්පදා මංගල්යේය සිද්ධකරවා බොහෝ කුලදරුවන් පිවිදිකරවා අන්යයවුන් නොයෙක් ශාසනොපකාරී කටයුතු සිද්ධකෙළේය. මේ රජුගේ ඇවෑමෙන් රජවු සේනාරත්න නම් රජහුගේ දෙතිස් වර්ෂයයක් පමණවූ රාජ්ය කාලය තුළ ප්‍රතිකාලුන්ගේ බලය නැවතත් උත්සන්නවීමෙන් උඩ පාත දෙරටම යුද්ධභයින් ආකුල ව්යා්කුල විය....ඉන්පසු රජපැමිණි දෙවනි රාජසිංහ මහරජතුමාගේ රාජ්යවකාලයෙන් විසිහවුරුද්දක් පමණ මේ ප්රැතිකාල් යුද්ධයටම ගතවිය. මේ පරසතුරන්ගෙන් ස්වදෙශය ගළවාගැන්ම සඳහා බාලවයසෙහි පටන් අප්ර මාණ වීය්ය්ග


ix


යෙන් සටන්කළ මේ ශූරවීර රජතුමාගේ උත්සාහය ක්රිා:ව: 1656 දී සඵලවිය. සිංහලජාතිය පිළිබඳ පිරිහීමටප්රේධාන හේතුවක් වූ මේ ප්රීතිකාල්වරු මේ අවුරුද්දේදී ඕලන්දක්කාරයන්ගේ ආධාරයෙන් ලක්දිවින් පරිබාහිර කරනු ලැබූහ.

“ලඞ්කාවට මුරජාම පිණිස” සිටුවනලද ඕලන්දක්කාරයොත් ප්රූතිකාල්වරුන්මෙන්ම මුහුදුබඩ පළාත්වල ආණ්ඩුබලය ක්රුමයෙන් අත්පත්කරගත්තෝය. එසේදවුවත් මොවීහු ප්රණතිකාල්වරුන්මෙන් රටවාසීන්ට පීඩා නොකළ හෙයිනුත් සිංහල රජු සමග මිත්රමධර්ම්යෙන් වාසයකොට ස්වකීය වෙළඳාම දියුණුකර ගන්ට උත්සාහ කළ බැවිනුත් මොවුන් ලඞ්කාවේ නැවතිසිටි හවුරුදු එකසිය පනසින් වැඩි කාලයතුළ මේ ද්විපය යුද්ධකොලාහලාදියෙන් බොහෝසෙයින් තොරව පැවතිණ.

දෙවැනි රාජසිංහ රජතුමාගෙන් පසුව රජවූ ඔහුගේ පුත්රළවූ දෙවැනි විමලධර්මාසූය්ය්න රජතුමා නැවතත් රක්ඛංග දෙශයට ඇමතියන් යවා සන්තාන ස්තවිරය, ලොකරාග පුද්ගල ස්ථවිරය යන මහ තෙරුන්වහන්සේලා ප්රෙමුඛ තිස්නමක් භික්ෂූරන් වහන්සේලා වඩා ගෙනවුත් ගැමඹේතොට උදකුක්ඛෙප සීමායෙහිදී (ශ්රී බුද්ධ වර්ෂ 2241 වන්නෙහිදී) උපසම්පදා මඞ්ගල්ය ය සිද්ධකරවූයේය. මේ රජහු ඇවෑමෙන් ස්වකීය පුත්රෂවූ විරපරාක්රහමනරෙන්ර්පසමසිංහ නම්ලත් සිංහල රාජවංශයට අයත් අන්තිම රජතුමා දෙතිස්හවුරුද්දක්ද මධුරාපුර රාජවංශයටක අයත් ශ්රීම විජයරාජසිංහ රජ අට අවුරුද්දක්ද රජය කළ ඉක්බිති ශ්රීය බුද්ධ වර්ෂ යෙන් 2290 වන්නෙහිදී (ක්රිෙ:ව: 1747 දී) ඒ ශ්රීත විජය රාජසිංහ රජතුමාගේ අගමෙහෙසියට සොහොවුරුවූ පින්වත් කුමාරයෙක් කීර්තංති ශ්රීි රාජසිංහ නාමයෙන් සිංහාසනාරූඪවිය. ශ්රිද්ධා ශිල ප්ර ඥා ගුණ සම්පන්න මේ රජතුමා ලොකශාසනොපකාරයෙහි ඇලුම් ඇතිව දීර්ඝ්කාලයක් පිරිහී ගොස් තුබූ ශාසනයත් එලෙසම හානියට පත්ව තුබූ භාෂාශාස්ත්රාඝදියත් නැවතත් ප්රාකෘතිමත් කරවනු සඳහා නො පසුබස්නා අනුපමවිය්ය්ා යෙන් ශතසංවත්සරාර්ධතයක් මුළුල්ලෙහි දිවි පුදා දාඪතර උත්සාහවැඩූ වැලිවිට පිණ්ඩපාතික සරණංකර ස්වාමීන්වහන්සේගේ මෙහෙයීමෙන් සියාම්දෙශයට අමාත්ය යන් යවා ප්ර්චර උපාලි මහා ස්ථවිරයන්වහන්සේ ප්රශධාන අටළොස් නමක් පමණ භික්ෂූෙන්වහන්සේලා වඩාගෙනවුත් ශ්රී බුද්ධ වර්ෂඅ 2296 වන්නෙහි ශ්රී වර්ධරනපුරයෙහි ග්රාුමසීමයෙහි පනස් හවුරුද්දකට වැඩිකාලයක් අපවත්වතුබූ උපසම්පදාමංගල්ය ය සිද්ධකරවා සියගණන් කුලදරුවන් අමුතුවෙන් මහණ මහලු පැවිදකරවා ලක්දිව නොයෙක් පළාත්වල නටබුන්ව තුබූ විහාර දාගබ් ආදිය ප්රදතිසංස්කරණයකොට


x


සංඝයාවහන්සේ වාස කරවා සම්බුද්ධ ශාසනය නැවතත් සිංහල දෙශයෙහි බැබළීමට පත්කෙළේය. කීර්තැති ශ්රීය රාජසිංහ මහරජාණන් දවස සම්පාදිත වූ ශාසනාභිවෘද්ධිය මහාවංශාදි ඉතිහාස ග්ර්න්ථයන්හි විස්තරව ප්රජකාශිතහෙයින් එය මෙහි සංක්ෂෙ පනයින් දැක්විමු. ඒ සියලුම ශාසනික කෘත්යහයට මුල්වූ ‍යථොක්ත සරණංකර ස්වාමිපාදයන් සඞ්ඝරාජ පදවියට පත්වූ පසු උන්වහන්සේ ප්රණමුඛ කාරක මහා සඞ්ඝසභාව විසින් රජතුමාගේ ආරාධනාවෙන්ම දඹදෙණිකතිකාවතට අනුව ධර්මහවිනයානුකූල ව්යමවස්ථා පඞ්ක්තියක් සම්පාදනය කරන ලදි. ඒ කතිකාවත මේ පොත්හි තුන්වැනි අංකයෙන් දැක්වීමු.

කීර්තනතිශ්රී රාජසිංහ රජතුමා පන්තිස්හවුරුද්දක් රාජ්යැශ්රී්ය වළඳා ඉකුත්වූ පසු මේ රජහුගේ මල්බෑ කුමාරයෙක් රාජාධිරාජසිංහ නාමයෙන් ශ්රීය බුද්ධවර්ෂ 2324 වන්නෙහි (ක්රිෙ:ව: 1781 දී) සිංහාසනාරූඪව දැහැමින් සෙමෙන් අටළොස්වසක් රාජ්යාහනුශාසනා කෙළේය. මේ රජතුමාගේ කාලයේදී (එනම් ක්රිස.ව. 1796 දී) ඕලන්දක්කාරයන්ට අයිතිව තුබූ මුහුදුබඩ පළාත් ඉංග්රීවසිකාරයන් විසින් අල්වා ගන්නාලදි. රජතුමාට සත්වන්නෙහි එකල උත්සන්නව තුබූ ඇතැම් දුෂ්ප්රනතිපත්තීන් දුරුකරනු සඳහා උභය විහාරවාසී මහා සඞ්ඝයාවහන්සේ විසින් රාජආරාධනාවෙන් අභිනව කරනලද කතිකාවත මෙහි අගට යෙදීමු.

රාජාධිරාජසිංහරජතුමාගේ ඇවෑමෙන් රජපැමිණි ශ්රීි වික්ර ම රාජසිංහ රජු ක්රිහ:ව: 1815 දී සිංහාසනයෙන් පහකරනලදින් හවුරුදු දෙදහස් තුන්සියගණනක් අඛණ්ඩව අපරාධීනව පැවැතුණු සිංහල රාජ්යකය අවසන්ව මුළුරටම බ්රි තාන්යව මහරජතුමාට අවනතවූයේය. පූර්වොරක්ත ශාසනශොධනයෙන් පසුව ගතවූ සියක්හවුරුද්දකට වැඩිකාලය තුළ සිදුවූ අමරපුර රාමඤ්ඤ දෙනිකාය පිහිටුවීම හා සියාම් නිකායික ඇතැම් භික්ෂූ න්වහන්සේලා විසින් කල්යායණි සාමග්රිත සභාව (හෙවත් කෝට්ටේ සමාගමයයි) නම් ලත් අමුතු නිකායක් පිහිටුවා ගැන්ම ආදි ශාසනය සම්බන්ධන නවීන කථා ප්ර්වෘත්තිය ප්රකපංචහෙයින් මෙහි ලියන්ට අදහස් නොකෙළෙමු.

මෙසේ තෙවිසි ශතවර්ෂා්ධිකකාලයක් මුළුල්ලෙහි ශාසනශ්රීෙ භාරධාරී මහාස්ථවිරවරයන් විසින් ශ්රාද්ධාවත් රාජරාජමහාමාත්යාශදීන්ගේ සහායත්වහයෙන් සංරක්ෂවණයකළ ලඞ්කාශාසනය පිළිබඳ ශොධනයක් මෙකලද වුවමනා බැව් විචාරක්ෂ‍ම බුද්ධිමත් කාගේත් කල්පනාවයි. හවුරුදු තුන්හාරසියයකින් මොබ්බෙහි නොපැවතුණු තරම් ශාස්ත්රාේගමාවබොධයක් වතීමානකාලික භික්ෂූහන්වහන්සේලාට


xi


ඇතිනමුදු චිරානුගත සංඝ ගෞරවය ක්රාමයෙන් හීනවේගෙනයන බැව් නොයෙක් කරුණුවලින් පෙනෙන්ට තිබේ. මේ පිරිහීමට හෙතු කීපයකි. ශාත්ර්ඥානය තරමට ශිලාපාරිශුද්ධිය ගරුකොට නොසැලකීමත් නොයෙක් අකතීව්යකයන්හි යෙදෙන ශ්රුමණවෙෂධාරී දුස්ශීලයන් බහුලවීමත් එබඳු අලජ්ජ ශ්රීමණප්රනතිරූපයන් ශාසනයෙන් බැහැරකරවීමට බලයක් ඒ ඒ නිකාය පාලනයකරන සංඝසභාවලට නොමැතිවීමත් මෙකල පවත්නා ශාසනපරිහානියට ප්රටධානහෙතු ලෙස සැලකියයුතුයි. මේ හානිය වැළැක්වීමට නම් කාලානුරූප ශාසනශුද්ධියක් වුවමනාමැයි. එබඳු ශුද්ධියක් භික්ෂූන්වහන්සේලාගේ උත්සාහයෙන් හා පුමුඛත්වයයෙන් ඇතිවියයුතු බැව් එසේම පිළිගත යුතුයි. මේ කරුණෙහි යම්තාක්කල් ප්රයව්රයජිත පක්ෂජය උදාසීනවේද ඒතාක්කල් මේ ශාසනිකකෘත්යිය සම්පාදනයකළ නොහැකිමැයි. පූර්වබයෙහි යම්කලෙක කවරහෙයකින් නමුදු සස්න පසුබස්නට වූයේ නම් ඒ පිරිහීම් වැළැක්වීමට පොහොසත් පරිශුද්ධ ශිලාදි ගුණධර්මඒයෙන් හා ප්රපඥාවීය්ය් යමයෙන් සමන්විත උතුමෙක් සංඝසභාන්තරයෙහිම පහළ වූයේය. කීර්තයති ශ්රී‍ රාජසිංහ මහරජාණන් දවස කරනලද ශාසනාභිවෘද්ධියට මුල්වූ සරණංකර සංඝරාජ ස්වාමිපාදයන්ගේ ආශ්චය්ය්ා මත් චරිතය මෙහිදී සාධකවශයෙන් සඳහන්කළයුතුයි. සදහසක් පමණ භික්ෂූමන්වහන්සේලා මෙකල ලක්දිව සිටිති. මේ සංඛ්යාතවෙන් වැඩි දෙනාවහන්සේලා යථොක්ත මාහිමියන්ගේ ශිෂ්යා්නුශිෂ්ය් පරම්පරාවට අයිතිවූවෝ වෙති. දෙතුන්සියහවුරුද්දක් මුළුල්ලෙහි කුමයෙන් ප‍ිරිහී ගොස් නාමශෙසභාවයට ළංවතුබූ ලංකා ශාසනය ක්ර මයෙන් පිරිහී ගොස් නාමශෙසභාවයට ළංවතුබූ ලංකා ශාසනය ඒ මහා ස්වාමිපාදයන් විසින් විස්මයජනක මහොත්සාහයෙන් ප්රංකෘතිමත් කොට වර්ධානයකළ පරිදි නිතොර මෙනෙහි කිරීමෙන් උන්වහන්සේ විසින් කරනලද ඒ විශිෂ්ට ලොකශාසන සංග්රකහය දීර්ඝසකාලයක් නොනැසී පවත්වනු සඳහා කලානුරූප කෘත්යස සම්පාදනයෙහි ප්රසමුඛව අනලසව නියුක්තවීම ඒ පරම්පරාවට අයත් භික්ෂූනන්වහන්සේලාට පැවරීතිබෙන ප්රවතික්ෂෙවපකළ නොහැකි කාය්ය්් භාරයක් බැව් විශොෂවශයෙන් සැලකිය යුතුයි.

මහාසංඝයාවහනසේ විසින් ඒ ඒ කාලයෙහි ශාසනරක්ෂාඅව සඳහා‍ කරනලද කතිකාවත් නැමැති ධර්මාම විනයානුකූල ව්යාවස්ථා පඞ්ක්තීන් මෙකල ඇතිවිය යුතුවු ශාසන හොධනයට ශ්රෙද්ධාබුද්ධිසම්පන්න ගිහිපැවැදි කාගේත් සිත් යොමුකරවීමට ඉවහල් වියහැකිබැව් හැඟුණුහෙයින් ඒ ප්ර්ධාන කතිකාවත් මෙසේ පළකරන්ට අදහස් කෙළෙමු. ඒ වුවමනා ශාසන ශුද්ධිය කවරේද එය කෙසේ සම්පාදනය කටයුතු ද යන ගම්භීර ප්රවශ්න මහා සංඝයා විසින්ම සුදුසුලෙස නිශ්චය


xii


කට යුතුයි. එසේද වුවත් ඒ සම්බන්ධරව සැලකියයුතු කරුණු කීපයක් මෙහි සඳහන් කිරීම ප්රයස්තාවොචිතයයි හඟිමු.

වර්ත්මාන කාලයෙහි ලක්දිව නිකාය කීපයක් පවති. මේ නිකාය භෙදය නැතිකොට එකනිකායක් ඇතිකරවිය යුතුයයි සමහරුන්ගේ කල්පනාවයි. එබඳු උත්සාහයක් එකවටම සඵලකරගතහැකි‍වේයයි සිතීම උගහටයි. එසේ හෙයින් ඒ අදහස මතු කාලයෙහි මුදුන් පත් වීමට ඉඩතබා නිකායයන් පිළිබඳව දැනට ‍වඩා අන්යොයන්යප සම්බන්ධියක් හා සාමග්රිුයක් සැලැස්වීමට උත්සාහ වැඩීම ප්රඅඥාගොචරයයි හඟිමු. එබඳු ප්ර‍යත්නයකට පූර්වතකෘත්යස වශයෙන් ඒ ඒ නිකාය පිළිබඳ පාලනය ස්ථිර ව්යඟවස්ථානුකූල මනා පිළිවෙළක පිහිටුවා ගතයුතුයි.

“බහුනායකත්වාය නම් ශාසන විලොපයට එකාන්ත හෙතු බැව්” සලකා ලොකයාගේ හාස්යවයට කාරණවන පරිද්දෙන් මෑතක පටන් ආරබ්ධවී තිබෙන නමක් නිමක් නැති හිස් නායකකම්දීම අත්හැර දමා පුරාණ පිළිවෙළට ඒ ඒ පළාත් පාලනයට වුවමනා නායක පදවි වලට සුදුසු තෙරුන්වහන්සේලා පත්කිරීමත් එසේ පත්කරනු ලබන නායක ස්ථවිරයන්ට ඒ ඒ පළාතේ සංඝයාගේ පාලනය පිණිස නිසි බලපුළුවන්කම් සලස්වාදීමත් කටයුතුයි.

මහානායක නායක කාරකාදි ගරු පදවිවලට අ‍ල්පෙච්ඡතාදි ගුණසම්පන්න ධර්මරධර විනයධර බහුශ්රැවත ස්ථවිරවරයන්ම පත්කර ගත යුතුයි.

මහණ මහලු පැවිදි කිරීමෙහිද නිශ්රබය මුක්ත සම්මුති ස්ථවිර සම්මුති දිමෙහිද දඹදෙණි කතිකාවත්හි කීපරිද්දෙන් “ගුණ නුවණ” පරීක්ෂා කරනු සඳහා නියම පිළිවෙළක් ඇතිවියයුතුයි.

මෙකල බොහෝ සෙයින් නගරවල සෙරිවාරීව වාසය කෙරෙමින් නොයෙක් දුෂ්ප්රනතිපත්තියෙහි යෙදෙමින් ශාසනය කෙලසන අලජ්ජින් පහකිරීමට නීතිප්ර‍කාර සුදුසු බලයක් සලස්වාගැන්මද අතිශයින් වුවමනාබැව් ගිහිපැවිදි හැමදෙනා විසින්ම කල්පනා කටයුතුයි.

මෙහිදී විශෙෂයෙන් සැලකියයුතු තවත් කරුණක් තිබේ. මහණ උපසම්පදා කිරීමේදී “ ජාතිගොත්රි විචාරිය යුතුය” යන නියමයක් දඹදෙණි කතිකාවත්හිද ඊට අනුව කරනලද කීර්ත්ති ශ්රීර රාජසිංහ කතිකාවත්හිද පැනේ. මහා පරාක්රදමබාහු කතිකාවත්හි නොපැනෙන මේ ව්යරවස්ථාව රාජ සම්මතයෙන් කරන ලද්දක්බැව් සිතියහැකියි. ඒ කෙසේ වුවත් ධර්මව යුක්ති විරොධ කාලානුරූප


xiii


නොවන මේ පැනවීමට අනුව ක්රිතයාකිරීම ශාසන දියුණුවට හෙතුවේද යනු යොනිසො මනසිකාරයෙන් කල්පනා කරබලා බෞද්ධ මහා ජනයාගේ ශ්රිද්ධාප්රලසාදය වැ‍ඩිවීමත් ඔවුන් අතර වාදභෙද තුනීවීමත් සැලසෙන පරිද්දෙන් මේ ප්ර ශ්නය විසඳීම යථොක්ත නියමය පිළිපදින සංඝයාවහන්සේලාගේ යුතුකමකි.

පුරාණ කාලයෙහි විහාර සංඝාරාම පාලනයකළ පිළිවෙළ හදුන්වනු සඳහා ශ්රීය බුද්ධ වර්ෂා 1518 පමණේදී ලඞ්කා රාජ්ය් ශ්රී් පදප්රාහප්ත සතරවැනි මිහිඳු මහරජතුමන් විසින් මිහින්තලේ පිහිටුවනලද මා හැඟි ශිලාලිපියද, ජයවර්ධමනපුරවරාධීශ ශ්රීි පරාක්ර මබාහු මහරජාණන් විසින් ශ්රීස බුද්ධ වර්ෂී 1997 දී පැපිළියානේ සුනෙත්රාා මහාදෙවී පිරිවෙනෙහි ස්ථාපිතවූ ශිලාලෙඛනයද මෙහි පරිශිෂ්ට සංග්රෙහයට ඇතුළත් කෙළෙමු.

ධර්මි විනය පිළිබඳ මනා අවබොධයක් හා ලඞ්කා ශාසනයත් රාජ්යෙයත් සම්බන්ධට ඉතිහාසගත කරුණු දැනගැන්මත් මේ කතිකාවත් හා ශිලා ලිපිවලින් ලබාගත හැකියි. එසේම සිංහල භාෂාව ඉගෙනගන්නා කාටත් මේ පෞරාණික ලිපි විශෙෂයෙන් ප්රඉයොජන වත් වියහැකියි.

මේ කතිකාවත් ආදිය සංශොධනයකිරීමෙහිදී පෑලියගොඩ විද්යාේලංකාර පරිවෙනාධිපති ධර්මරකීර්තනති ශ්රීෑ ධර්මා‍නන්දාබභිධාන නායක ස්ථවිර පාදයන්වහන්සේත් මෙහි අගට යොදනලද ගැටපද විවරණය සම්පාදනයකළ ඩී. ජී. අභයගුණරත්න පණ්ඩිත මහතාත් උපස්තම්භකවූබැව් ස්තුති පෙරදැරිව සඳහන් කරමු.

ගාල්ලේ කුඹල්වැ ල්ලේ විජයාරාම විහාරාධිපති උයන්වත්තේ ධම්මදින්න ශ්රී රෙවතාභිධාන නායක මහාස්ථවිර පාදයන් වහන්සේ ද, මහනුවර පුෂ්පාරාම විහාරවාසී අඹන්වැල්ලේ සුමංගල නායකස්ථවිර යන්වහන්සේද, වටරක රෙවත ස්ථවිරයන්වහන්සේද, කොටහෙනේ පරමානන්දස විහාරාධිපති කල්යාරණතිස්ස ස්ථවිරයන්වහන්සේද, බෙම්තොට වනවාස විහාරාධිපති සොමාලඞ්කාර ස්ථවිරයන්වහන්සේ ද, ගෝනගල සුධර්මානකර පරිවෙණාධිපති පණ්ඩිත යගිරල පඤ්ඤානන්දන ස්ථවිරයන්වහනසේද යන ගරුකටයුතු ස්වාමීන්වහන්සේලා විසින් පොත්පත් සපයාදීමෙන් අපට කරනලද අනුග්රුහයද ස්තුති පූර්වසකව මෙහිදී සිහිපත්කරමු.


D. B. J.


2465 ජනවාරිමස 12 දින

1922

කෙළඹදීය.




සූ චි ප ත්ර ය ෴ ෴ ෴

                        								         පිට   

විඥාපනය i - xiii

කතිකාවත්

1 මහා පරාක්ර මබාහු කතිකාවත 1

2 දඹදෙණි කතිකාවත 6

3 කිර්තිතිශ්රීකරාජසිංහ කතිකාවත 22

4 රාජාධිරාජසිංහ කතිකාවත 28


__________


පරිශිෂ්ටසංග්රසහය


1 නිශ්ශංකමල්ල කතිකාවත 31

2 ශ්රීශ පරාක්රරමබාහු කතිකාවත 32

3 මිහින්තලේ ශිලාලෙඛනය 34

4 පැපිළියා‍නේ ශිලාලෙඛනය 40

ගැටපද විවරණ (1)


ශු ද් ධි ප ත්රේ ය 


පිට පෙළ අශ්ර ද්ධ ශුද්ධ

4 29 කාතබ්බං කාතබ්බා

6 4 චාතුරිද්වීපක චාතුර්ද්වීපක

8 13 සමනර්ථඇති සමානර්ථ්යීඇති

9 6 පබ්බජ්ජං පබ්බජ්ජං ච

15 1 අසමනර්ථවැ අසම්මතවැ

21 19 ගෙණහි ගෙණෙහි

” 30 සංඝාදිසෙෂයක් සංඝාදිසෙසයක්

23 18 පැණුනු පැනුණු


____

"https://si.wikibooks.org/w/index.php?title=කතිකාවත්_සඟරා_-_i&oldid=5872" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි