කව් මිණි කොඬොල-කාව්‍ය iv

Wikibooks වෙතින්

361. 362. දිව අරණා එ කල් එම නිවෙසක් ලෙ සින් නුලු නරයකු ද එවි කල් ඇසුරු කරමින් සතො සින් වන මගෙක මන කල් යනෙන දන එදෙ සින් නුග තුරක් දැක දිලෙන මනකල් මරා අනුබව කරයි වෙසෙ සින්

361. එකල වනයෙහි දිවගොස් සැඟවුනා වූ විකල වූ ඒ නර යක්ෂසයා ද වන මාර්ගුයෙක්හි මනොඥ වූ සියලු කල්හි බබළන්නා වූ නුග ගසක් දැක

362. එම වෘක්ෂමය නිවාසයක් පරිද්දෙන් සන්තෝෂයෙන් ආශ්රිය කරමින් විශේෂයෙන් ඒ පළාතෙන් යන එන ජනයා මරා අනුභව කරයි.

363. 364. මෙලෙසින් දව’ස රණ වෙතට පත් වෙ මිනා සදෙහි ඒ නරයකු රණ ගම් වැසියනට පෙ මිනා නෙක වෙළෙඳම් කර රණ නොයෙක අයදි මිනා සත්තවාහක කෙනෙක් එඅරණ කියයි මෙලෙසින් වදන් පෙමිනා

363. ඒ නර යක්ෂඅයා වනයෙහි මේ ආකාරයෙන් දවස් අරින කල්හි නොයෙක් වානිජ කර්මෂයන් කරන්නා වූ සත්ථෙ වාහකයෙක් ඒ වනය,


75 කව් මිණි කො‍ ඬොල

364. සමීපයට ප්රාණප්තවෙමින් ගම් වැසියනට බොහෝසෙයින් නොයෙක් (ලෙස) අයැදුම් කරමින් ප්රේ මයෙන් මෙබඳු බස් පවසයි.

365. 366. මගැල් පත් සිය යෙක ඉන් මසු දහස කින් අදින ගොන් දස සිය ‍ යෙක තොප තුටු කරමි යෙහෙ කින් එම මහත් අග යෙක මෙ කතර යකු මු කින් දහස් මුව මට ඉතා සුලු ‍ යෙක මෙමා තෙර පත් කළෙක් නිසැකින්

365. මගේ ගැල් පන්සියයෙක. (ඒ ගැල්) අදින ගොන් දහසෙක. එය මහාර්ඝුවෙයි. (එහෙයින්) මට මුසු දහසක් ඉතා සුලු දෙයක.

366. එහෙයින් මේ කාන්තාරයේ යක්‍ෂයා ගේ මුඛයෙන් මෙමා යහපත්ව එතෙරට පැමිණ වුවහොත්, යුෂ්මතුන් ඒකාන්තයෙන් සන්තෝෂ කරමි.

367. 368. මෙලෙසින් කිය මිනා වෙන මැදට පත් වර මසුරන් දහස දෙ මිනා ‍ඔවුන් දැක යකු නොවී වර දනන් සහ පෙ මිනා බියකරු ලෙසි’නෙ වර එ සත්නා එම කතර පැ මිනා හඬක් ගැසුවෙන් දනන් එකවර

367. මේ ආකාරයෙන් කියමින් මසුරන් දහස දෙමින් ප්රේවමයෙන් ජනයන් හා එක්ව ඒ සත්ථ වාහකයා ඒ කාන්තාරයට පැමිණ,

368. ඒ මනුෂ්යථයන් වන මධ්යපයට පැමිණි කල්හි යක්ෂනයා දැක එවර බියකරු අන්දමින් අතර නැති හඬක් ගැසූ හෙයින් ජනයන් එක වාරයෙහි,

369. 370. බියෙන් මුස ව‍ මිනා දවත ලෙස ‍තර යෙක් තැන තැන හුනෙන් නො මිනා සිහි ලැබ එයින් නර යෙක් එනරයකු පැ මිනා අත්ලස් දී නො ‍ යෙක් එසත් නා අල්වා ගනි මිනා අපට යැදි සත් වාහදෙටු වෙක්

369. භීතියෙන් මූර්ඡාවෙමින් බොහෝ සෙයින් තැනින් තැන වැටුණු හෙයින් ඒ නර යක්ෂයයා අවුත් ඒ සත්වාහකයා අල්වා ගනිමින්


76 කව් මිණි කො‍යකඬොල

370. සථිර ලෙසින් දුවන කල්හි ඒ ජනයන් අතුරින් එක් මිනිසෙක් සිහි ලැබ අපට නොයෙක් අත්ලස් දී යාඥා කළා වූ ප්ර ධාන සාත්ථ වාහකයා;

371. 372. මරණ පත් වෙ නවා සබඳ’ප මෙතෙක් දෙන දැක නොමැනවි ඉඳි නවා අගයක් රැගෙන ඔහු දෙන දැහැමින් මිස නවා යකුට මෙ‍ පුරිස් දෙන යෙහෙක කියමින් දනන් බනවා බවට නින්දා කෙරෙති හැමදෙන

371. මරණයට පත් වෙනවා දැක වාසය කිරීම නොමැනවි. දැහැමින් මිය යෑම යෙහෙකැයි කියමින් ජනයන්ට කියා,

372. යහළුවනි, අප මෙතෙක් දෙන ඒ සාත්තු නායකයා විසින් දෙන ලද අගනා දෙයක් රැගෙන යක්ෂජයා හට ඒ පුරුෂයා දීම ගැන සියලු ජනයෝ නින්දා කෙරෙති.

373. 374. මෙ‍ ලෙසින් පවස මින් නර‍යකු එ දකි මින් හැම දෙන බිය නවන මින් බියපත් ව නෙක තර මින් අවි මුගුරු ගනි මින් මහත් වැර කෙරෙ මින් ලුහුබඳන සඳ වහසි බෙනෙ මින් දිවන සඳ පය උලක් අනෙමින්

373. මේ ආකාරයෙන් ප්ර්කාශ කරමින් හැම දෙනාගේ භය නැතිකරමින්, අවි - මුගුරු ගනිමින් වහසි බස් කිය - කියා (නරයකු) ලුහු බැඳ යන කල්හි,

374. නර යක්ෂියා ඒ දැක බොහෝසෙයින් භයට පැමිණ මහත් වූ වීර්ය් කෙයෙන් දුවන කල්හි පයෙහි උලක් ඇනි;

375. 376. එකත් වාහ කයා එනුග මුල සෙ වනා හැර දව යතින් නෙ කයා නොකා අහරක් දෙ වනා තමන් නුග රු කයා සත් දිනයක් වනා මුවාවට වැද සිතින් සැ කයා කලට ඒ නරයකුට අ වනා

375. ඒ ගැල් සාත්තුනායකයා අත්හැර දමා නොයෙක් උත්සාහයෙන් දිවගොස් තමන්ගේ නුග රුකේ මුවාවට සැක සිතින් ප්රයවිෂ්ට වී,

77 කව් මිණි කො‍ගේඬොල

376. ඒ නුග මුල සෙවනෙහි දෙවැනි ආහාරයක් අනුභව නොකොට ගුණ නැත්තා වූ ඒ නර යක්ෂරයාට සත් දවසක් වන්නා වූ කාලයෙහි

377. 378. සුප ස න් ජයදිසි නර වර සොඳ තක් සල පුර නන් දන දුනුසෙන් රැස්කර එනු වර බමුණෙක් නාමැති නන් දන මු ව ම න් සෙහි ලොබිනෙම වර ස ත ර ක් ගය මන නන් දන ද ඩ ය න් නට නික්මුණු වර දැනනෙක් දස සෙවු ‍මෙන් දන

377. සුපයන් වූ ජයද්දිස නර ශ්රෙ ෂ්ඨයා ඒ නගරයෙහි ධනුර්ධර සේනාවන් රැස්කරවා එම කාලයෙහි මුව මසෙහි ලෝභයෙන් දඩයම් පිණිස යාමට නික්මුණු කලිහි,

378. නොයෙක් ජනයා ඇති යහපත් වු තක්ෂ්ශිලා නගරයෙහි නන්දන නමැති බ්රාලහ්මණයෙක් සිත් පහදවන්නා වූ ගාථා සතරක් දැන නොයෙක් දිශාවෙන් ධනය සැපයීමෙන්.

379. 380. ම වු පිය රැක්මටම නැ මුණු ජය ජය නරනිඳුනි, ප වර සි වු වෙද දත් එතෙම බමුණු ගිය ගිය තැන මම නොමි වර සෙවු සිරි එරදුට සපැ මුණු විය විය සතරක් ‍ගය වර කි වු මෙලෙසට සිට පෙරමුණු සිය සිය ලබනෙමි කී වර

379. මුව පිය රැකුමටම නැමුණාවූ, චතුර් වේදය දැන ගත්තා වූ ඒ බ්රාුහ්මණයා සේවය කරන ලද ශ්රීි ඇති (මුව දඩයම් පිණිස යන කල්හි තමා ඉදිරියට) පැමිණියාවූ ඒ රජතුමා හමුවෙහි සිට මේ ආකාරයෙන් පැවසුවේය.

380. උතුම්වූ නරේන්ර් යාණෙනි, ජය ග්රපහණය කරන සේක්වා, ජයග්ර හණය කරන සේක්වා, මම බොහෝ වාරයන්හි ගිය - ගිය තැන්හි උතුම් වූ ගාථා සතරක් කිය - කියා කහවනු සියය බැගින් ලබනෙමි යි කී කල්හි,

381. 382. එ බසට රදු වී ප ස්නා එ න තුරු දඩයමට ගො සින් නුව රට විත් එය අ ස්නා දෙ න ලෙස වියදම් සක සින් වි ල සට සමුදි ව ස්නා ද න සලසා සිතු විල සින් ඔහු හට සලසා අ ස්නා එ නි රිඳු නික්මිණි නොලසින්


78 කව් මිණි කො‍සලඬොල

381. ඒ වචනයට රජතුමා ප්රයසන්න වී නගරයට ආපසු අවුදින් ඒ ගාථා සතර අසන පරිද්දෙන් කියා ඒ බ්රාාහ්මණයාහට වසන ස්ථානයක්ද ආසනයක්ද සලස්වාදී,

382. දඩයම් පිණිස ගොස් එනතුරු යහපත්ව වියදම් දෙන පරිද්දෙන් මිනිසුන් පත්කොට ප්රීණතියෙන් (යුක්තව) නොපමාව ඒ රජතුමා නික්මුණිය.

383. 384. අ ටි නා සිත් එනිරිඳු සඳ වෙන වෙන කොටු පත් යොදවා ව ටි නා සෙන් සමගි’නෙ සඳ තැන තැන අවි සෙන් ර ඳවා ව ටි නා අරණෙක් රැකි සඳ ද න ග න හට නිවර දවා සිටිනා දැක මුවෙකු ප සඳ අ න දි න විය මෙම ලෙ දවා

383. ඒ නරේන්ද්රෝසත්තමයා චිත්ත ප්රීමතියෙන් ඒ කාලයෙහි සුදුසු සේනාවන් සමග වනයක් හාත්පසින් වට කළ කල්හි මෘගයෙක් ප්රාච්ඡත්නව සිටිනා බව දැක,

384. වෙන වෙනම කොටු පත් යොදවා තැන්හි - තැන්හි අවි ගත් සේනාව නවත්වා ජන සමූහයාහට අවිරුඪකොට මේ ආකාරයෙන් අණදුන්නේ විය.

385. 386. යමෙක් සිටින කොටු පතකින් නිරිඳුත් විස පෙව් ස රයා මුවෙක් ගියේ නම් නිස කින් ඇද ගත් දුන්න ද ත රයා සියෙක් ගනිමි දඩ යෙහෙකින් කඩු ‍වත් යළි බැඳ උ රයා අණෙක් ලවා තර ලෙස කින් සිට ගත් ‍ තෙය එක ස රයා

385. යම් පුරුෂයෙක් සිටින්නා වූ කොටු පතකින් මුවෙක් පැන ගියේ වී නම්, නිසැකවම කහවණු සියයක් දඩ ගනිමැ යි සුදුසු පරිද්දෙන් ස්ථිර ලෙස ආඥාවක් පනවා,

386. රජතුමාද, විෂ ගැල්වූ ඊතලයන්ද, තරයේ ඇද ගත් දුන්නද, නැවත කඩුවද උරයෙහි බැඳ එක් මාර්ගියක සිටගත්තේය.

387. 388. කැ ලා ඉපිල එමැ සි ල්ලා ළය තුළ පත් බිය පව නින් පැ ලා දිවන මුව පො ල්ලා ගිය පරණලගින් දෙර නින් දු ලා නරන සිට එ ල්ලා විය පමණක් නොව දස තින් බ ලා ඇවිත් නොව මෙ ල්ලා ගිය නරනිඳු සිටිය තැ නින්


79 කව් මිණි කො‍ඇවඬොල

387. ඒ ඇසිල්ලෙහි වනය උත්පීඩනය කොට පැන දුවන්නා වූ මෘග පෝතකයා බබළන්නාවූ රජතුමා සිටි කෙළින් බලා (දිව) අවුත් ඉතා දැඩිව,

388. හද තුළ පත් බිය කරණකොට ගෙන මාරුතයෙන් ගියා වූ පුරාණ පත්රයයක් මෙන් පොළොවෙන් පද මාත්රායකුත් අදර්ශ නයෙන් රජතුමා සිටි තැනින් ‍ගියේය.

389. 390. ඒ දැක සෙන් රැ සක් කියමින් මෙ ලෙ සිනා සිසී වුත් නොව වෙන සක් සිටියදී උන් ව සිනා හිමි, අපට ම මී සක් කර බිමන් ල සිනා ඔබට නැතුවද? දඩෙහි වෙසෙ සක් රැගෙන සුරතට සිපත රො සිනා

389. ඒ දැක සේනා රාශියක් (බොහෝ දෙනෙක්) එක වාගේම සිනාසෙමින් අවුත් ස්වාමීනි, අපට මිස ඔබ වහන්සේට දඩයෙහි විශේෂයක් නැත්තේද?

390. ඒ සේනාවන් විසින් මේ ආකාරයෙන් කියමින් සිටි කල්හි රාජාභිමානය උපදවා, ශිඝ්රේයෙන්, කෝපයෙන් දකුණතට කඩුව ගෙන,

391. 392. නිරිඳු සඳ දැ පියා එ නිරිඳු එ විග සින් ලුහු බැඳ මුවා නො පියා මෙ සේ සලකයි වෙසෙ සින් තුන් යොදුනක් පියා මෙ කළ බව ම වි සින් දිව එසඳ දෙකඩක් ව කැ පියා දනෝ අදහා ගනිති කෙලෙ සින්

391. දර්පිත වූ නරෙ‍න්ර්අදහත්තමයා මුවා අත් නොහැර ලුහු බැඳ තුන් යොදුනක් (තැන්) පයින්ම දිව ගොස් එකල්හි (මුවා) දෙකඩකොට කැපුවේය.

392. ඒ නරේන්ර්යිනයා ඒ ඇසිල්ලෙහි මේ ආකාරයෙන් වෙසෙසින් සිතා බලයි. මා විසින් මේ ක්රිනයාව කරන ලද බව ජනයෝ කොයි ලෙසකින් අදහා ගනිද්ද ?



80 කව් මිණි කො‍ කඬොල

393. 394. එ බැවින් මේ මුවා එ නරනිඳු ද ස්සේ පෙන්වමි උනැ’ස හ මුවා බැස එ වන මඟ ඔ ස්සේ ඉති සිතට යො මුවා නරයෙකුන් ග ස්සේ කදක් බඳිමින් රැගෙන එ මුවා යටට පැමිණීමෙන් නොල ස්සේ

393. එබැවින් මේ මුවා ඔවුන්ගේ ඇස් හමුවෙහි පෙන්වමි. අදහස් කොට ඒ මුවා ‍කදක් බැඳ ගෙන උසුලා ගෙන,

394. සමතර්ථැවූ ඒ නරේන්ර්ස් යා ඒ වන මඟ ඔස්සේ යන්නේ ඒ නරයකුගේ නුග රුකේ සෙවනැල්ලෙහි යටට ඉක්මනින් පැමිණි හෙයින්

395. 396. ගෙනා කද තබ මින් නර යකු ‍එම ස දින මඳක් සැතපී ඉඳි මින් සාදුක් විඳින මෙලෙ දින යළි ඉන් නැගිටි මින් මට ගොදුරුය සො ඳින යන සෙ අරමුණු කෙළේ එහි මින් නොයාදෙමි තට සිත සෙ අදදින

395. ගෙන ආ මස් කද (බිම) තබා මඳ වේලාවක් සැතපී හිඳ නැවත එ තැනින් නැගිටිමින් යන පරිද්දෙන් ඒ රජ තුමා අරමුණු කෙළේය.

396. එම කාලයෙහි මේ ආකාරයෙන් සාදුකින් ඉන්නා වු නර යක්ෂ යා මට යහපත් වූ ගොදුරක. තට අද දින සිතේ හැටියට යන්ට නොදෙමි.

397. 398. මෙ කියා නැගිටි මින් එ බැවින් අද දිනේ නිරිඳු අල්වා ගනි මින් මට රිසි ගොදුරු ලෙ දිනේ අහරක් නොලබ මින් ආ බවය සො ඳිනේ අදට සතියක් විය නිය මින් කවුද තොප පිළිවිසිය ස ඳිනේ

397. මෙ‍සේ කියා නැගිටිමින් රජ තුමා අල්වා ගනිමින් ආහාරයක් නොලබන්නෙම්, අදට ඒකාන්තයෙන් සතියක් විය.

398. එහෙයින් අද දින මට රුචිවූ ආහාර පරිද්දෙන් පැමිණි ගමන යහපත්ය, තොප කවරෙක්දැයි විචාළ කල්හි


45 කව් මිණි කො‍යිඬොල

399. 400. එ බස් ඇසු නර රද තුරු පසල් එ නු වර කීය ඉති කර මිහි රද දිය සත් නැගූ හැම වර අස සබඳ, යක් රද තෙ’දණ යුතු නො’මි වර මෙමා තතු මේ ලෙසින් නිවරද ජයද්දිස රජ මම ය සුප වර

399. ඒ වචන ඇසුවාවූ නර රාජයා මෙසේ මධුරද කොට කථනය කෙ‍රේ. යහළුව, යක්ෂු රාජය, මේ මාගේ තතු අසව. නොවරදවා මේ ආකාරයෙන් වේ.

400. උත්තර පඤචාල නම් ඒ නග‍රයෙහි ජයකොඩි නැගුවාවූ සියලු කල්හි හමාර නොවන්නා වූ තේජසින් හා ආඥාවෙන් යුක්තවූ අති උත්තමවූ ජයද්දිස රාජයා මම ය.

401. 402. එ බැවින් තොප වි සින් ‍එ බසට නර යකු නොල සිනා මෙ මුවා රැගෙන සතො සින් මෙලෙසට පවසයි සරො සිනා නුවරට යන ලෙ සින් ‍රදුනට නුවණැත වෙසෙ සිනා මෙ මට අවසර දෙවයි කිව සින් කුමකට පවසති ලොවි සිනා

401. ඒ නිසා තොප විසින් මේ මුවා රැගෙන සතොසින් නගරයට යන පරිද්දෙන් මෙ මා හට අවකාශ ‍දෙනු ලැබේවා යි කී හෙයින්

402. ඒ වචනයට නර යක්ෂනයා අනලස්ව රෝෂ සහිතව මේ අන්දමට පවසයි. රජවරුන්ට විශේෂයෙන් නුවණ ඇත්තේ යයි කවර කරුණක් සඳහා ලෝකවාසීහු ප්රරකාශ කරත් ද?

403. 404. මු වා මෙ මට දී තොප වි සින් තොප අනුබව කොට පළ මුවා කි වා මෙදැන් ගැලවෙමි බ සින් කැ ප ගන්නට කොයි යෙමි මුවා වි වා ගෙයක ගනුදෙනු ලෙ සින් එ ප මණකට සිත නොනැමුවා එ වා පු වෙද මේ කා වි සින් තොප නුවණැත නොව සිතමුවා

403. තොප විසින් මේ මාහට මුවා දී ගැලවෙමියි බසින් දැන් කියන ලද්දේය. විවාහ ගෘහයෙක්හි ගනු දෙනු කිරීමක් පරිද්දෙන් මේ තෙමේ කවරෙකු විසින් එවන ලද්දේ වේද?


82 කව් මිණි කො‍ද්ඬොල

404. පළමුකොට තොප අනුභව කොට මුවා කැප ගැනීමට කවර ස්ථානයකට ‍යම්ද? ඒ ප්රාමාණයකට සිත නො නැමුව හෙයින් තොපට ඥානය ඇත්තේයයි නොසිතම්හ.

405. 406. දෙ වේ ලක්ම තොප ස හමුවා දී ර බලැති නිරිඳුනි තරා ස වේ දනා පිරි ම හමුවා කාරණ කිම බිය ඔවි තරා කි වේ නොදැන සිට ම හමුවා මාර මුවට නූ ගොර තරා උ වේ ද මරු දැන් ත හමුවා සාර කෙනෙක් නැත ලොව තරා

405. ආහාර වේල් දෙකක්ම තොප හා මුවා කරණකොට ගෙන සා (ගිනි) වේදනාව පිරිමසමුව. මා හමුවෙහි සිටි (ඒ) නොදැන කීවෙහිය, දැන් මරුවා ‍තාගේ ඉදිරියෙහි වූයේ යයි සිතමි.

406. ස්ථිරවූ ධීර බල ඇත්තා වූ නරේන්ර් යාණෙනි, ඔපමණ භයට කරුණු කිම? ඉතා ඝෝරවූ මාරයාගේ මුඛ‍යට ප්රනවිෂ්ට නොවූ සාරවූ සත්වණයෙක් ලොව තුළ නැත. 407. 408. එ නරයකු වි සිනා නන්දන දද වි සින් කී සදෙහි මෙම ලෙ සිනා දෙසන බණැසුම සතො සින් නරනිඳු වෙසෙ සිනා ආ කල දඩ ගො සින් මෙසේ සැලකුම් කෙ‍ළේ ලසිනා යෙහෙකි කීයෙමි එදින මවිසින්

407. ඒ නරයකු විසින් මේ ආකාරයෙන් කී කල්හි නරේන්ර් තෙම වෙසෙසින් වහාම මෙසේ අදහස් කෙළේය.

408. නන්දන නම් බමුණා විසින් ප්රීහතියෙන් දේශනා කරණු ලබන්නා වූ බණ ඇසුම දඩයම් පිණිස ගොස් (පෙරළා) ආවා වූ කාලයෙහි යහපතැයි මා විසින් එදවස්හි කීයෙමි.

409. 410. නුවරට ගොස් පෙ මින් ම නුවරට ගො සිනී ඊමට මිදී මෙ හැ මින් එමි නැවත නොවල සිනී වර ගනිමි සිත මින් සබඳ තොප වී සිනී මෙසේ පැවසී එරද දැහැ මින් අවසරෙක් දෙව කිවුය තොසිනී

409. ප්රේැමයෙන් නගර‍යට ගොස් මේ සියල්ලෙන් මිදී ඊම පිණිස වරයක් ගනිමියි සිතමින් ඒ රජ තෙ‍ම දැහැමින් මේ ආකාරයෙන් පැවසුවේ ය. 83 කව් මිණි කො‍ තඬොල

410. මාගේ නගරයට ගොස් අනලස්ව ආපසු එන්නෙමි. (එහෙයින්) යහළුව, තොප විසින් සන්තෝෂයෙන් අවසරයක් දෙවයි කීයේය.

411. 412. එ බස් ඇසූ නර යක් එතකුදු වත් සො ඳින පවසයි මෙලෙස බන යක් තොප යන කරුණු මෙම දින තොප කටයුතු දෙ යක් නිබොරුව ඇති ලෙ දින කරන ලෙස දෙමි කෙලෙස වරයක් කියව කී සඳ නිරිඳු එසෙ දින

411. එබස් ආසූ නර යක්ෂ්යා මේ ආකාරයෙන් බලයක් පවසයි. තොප විසින් කටයුතු දෙයක් කරන ලෙස කවර ආකාර‍යකින් වරයක් දෙම්ද?

412. එසේ නමුත් තොපගේ මෙ දවසෙහි යාමට කාරණය බොරුවක් නොවී ඇති පරිදි කියවයි කී කල්හි ඒ රජ තෙම වහාම

413. 414. අස යක් සබ ඳිනේ ඔහු දෙගුරු සො ඳිනා මෙමා දඩ එන ස ඳිනේ රකිනා ‍පිණිස න දිනා සද් ‍දත් නොම ඳිනේ දන ලබන ලැ දිනා නන්ද නම් බමුණෙක් මෙලෙදිනේ සතාරහගත් දෙසන ලෙ දිනා

413. යක්ෂ මිත්රතය, අසව, මෙමා දඩයම් පිණිස එන විට බොහෝ සෙයින් ශාස්ත්ර් දත්තා වූ නන්ද (නන්දන) නම් බ්රා,හ්මණයෙක් මේ ආකාරයෙන්.

414. ඒ බ්රාදහ්මණයාගේ මවුපියන් හොඳින් සතොසින් රකිනු වස් වස්තු ලබන ආශායෙන් ශාතාභි ගාථාවන් හෙවත් ඇසුවන් විසින් සියයක් බැගින් දියයුතු ගාථාවන් දේශනා කරන පරිද්දෙන්

415. 416. දුරු මහ නුහු නුමෙන් මම මේ දඩ ගෝ සින් ගෙවා නෙක දුක් ගැ නුමෙන් ආ ස‍දෙහි මෙහි සක සින් අප වෙත පැමු නුමෙන් සතරහ ගත් තො සින් සිටිය ‍සඳ තුති වදන් බිනුමෙන් අසා දන පුදකෙරෙමි වෙසෙසින්



84 කව් මිණි කො‍‍ ඬොල

415. දුරු මග නොනැවතීමෙන් ගෙවා නොයෙක් දුක් විඳ ගෙන අප වෙත සම්ප්රාිප්තවී ස්තුති වචන ප්රවකාශ කොට (ඒ බ්රාතහ්මණයා) සිටි කල්හි,

416. මම මේ දඩයමට ගොස් රජ මැඳුරට ආකල ප්රීටතියෙන් ශතාර්භප ගාථාවන් ශ්රපවණය කොට විශේෂයෙන් ධනය පූජා කරන්නෙමැයි,

417. 418. කියා ඔහු ර ඳවා එබැවින් ඔහු නො මින් ඉඳිනට අසුන් යො ඳවා දෙසන ඒ බණ අස මින් දනෙහි ලොබ බ ඳවා ඊමට යළි පෙ මින් අවෙන් ඔහු සිත් නොව පසිඳවා දුනොත් මට අවසරෙක් දැහැමින්

417. කියා ඒ බ්රාශහ්මණයා නවත්වා හිඳීම පිණිස ආසනයන් යොදවා ධනයෙහි ලෝභ ඇති කරවා ඒ බ්රාවහ්මණයාගේ සිතෙහි (බලාපොරොත්තු ඇතිකොට) කුකුසක් ඇති කොට ආ හෙයින්,

418. එ බැවින් ඒ බ්රා හ්මණයා විසින් බොහෝ සෙයින් දේශනා කරන්නා වූ ඒ බණ අසා නැවත (මෙහි) ඊමට ප්රේ මයෙන් දැහැමින් මට අවසරයක් දුන්නේ නම්, 419. 420. හැකි ඇසිය නොල දිය යළි තොපට මවි සින් දහමුත් අසා පැහැ දිය කී ‍සබවසත් එලෙ සින් දනත් දී සෙලැ දිය රැකි කල නොවෙන සින් සබවසත් රැකම කළ අර දිය මෙ මට පරලෝ වැ‍ඩෙක ‍ වෙසෙසින්

419. ‍ලැබිය නොහැකි වූ ධර්මනයත් ඇසිය හැක. අසා පැහැද ලැදි ‍පරිද්දෙන් (දෙය්යක ධර්මයයත්) දනත් දී මා විසින් කළා වූ සත්යස වචනයත් නොවළහා රක්ෂාද කොට,

420. යළි තොපට මවිසින් කී සත්ය) වචනයත් ඒ ආකාරයෙන් නොවෙනස්ව රක්ෂාෙ කළ කල්හි මෙ මට විශේෂයෙන් ‍පරලොව වැඩෙක.

421. 422. එයින් මිස ම සැ කින් ඒ නර යක් ස රඟ නොවෙමි බානා එකෙ කින් අබිමුවෙහි කෙසරිඳු රඟ වර දෙවව නිසැ කින් නිරිඳු සිට මන රඟ කියා අවසර රැගෙන සැණකින් නැවත පවසයි මෙසේ ඇති රඟ

85 කව් මිණි කො‍ගෙඬොල

421. ඒ කාර‍ණයෙන් මිස මම ශංකාවෙන් භය වීමකින් නොවෙමි. සැක නැතිව වර දෙනුවයි කියා සැණෙකින් අවසර රැගෙන,

422. ඒ නර යක්ෂැයා නමැති මුවා ඉදිරියෙහි සිංහ රාජයකු බඳු වූ මනොනන්දරන වූ රජතුමා සිට මෙසේ ඇති සැටි යළිත් පවසයි.

423. 424. රුදුරු ගුණ දැරු යක් අද මෙ රැය තු ‍ල්ලේ සබඳ ම නිසා සැක යක් සිදු කර ඒ සිය ල්ලේ නොසිතව කිසි දෙ යක් සෙට උදය,සි ල්ලේ ඇතත් එහි මම නොසිට දෙ රැයක් එමැයි පවසා උකැර ලො ල්ලේ

423. යහළුව, රුදුරු ගුණ දරන්නා වූ යක්යාලේ , මා ගැන සැකයක් නොසිතව, මම ඒ නගරයෙහි යම් කිසි කටයුත්තක් ඇතත් රැ දෙකක් නොනැවතී,

424. අද මේ රෑ ඇතුළත ඒ සියලු කටයුතු සිදුකොට සෙට දින හිරු උදා වූ ඇසිල්ලෙහි එන්නෙමි යි ඒ යක්ෂුයා සතුටු කොට

425. 426. එයින් නික්මෙ මිනා මහ සෙන් පිරි වරා විකුම් පළකර නො මිනා නුවරට පිවිස එ වරා කඳවුරු බැඳි මිනා කැඳවා මැති වරා සිටිය තම සෙන් වෙතට පැමිනා මෙසේ පැවසී එනර ප වරා

425. එතැනින් නික්ම ගොස් බොහෝසෙයින් වික්රඑම‍යන් ප්රනකාශකොට කඳවුරු බඳිමින් සිටියා වූ තම සේනාවන් සමීපයට සම්ප්රා ප්තව,

426. මහ සෙන් පිරිවරාගෙන එවේලෙහි නුවරට පැමිණ මන්ත්රීපවරයන් කැඳවා ඒ රජ තුමා මේ ආකාරයෙන් පැවසුවේය.

427. 428. නන්දන දද වි සින් බෙර පියවි ක රවා දෙසන බණෙකැ’ත වෙසෙසින් සැම දනන් රැස් ක රවා එබණ’සන විල සින් කැලි කසල හ රවා නුවරු රැස් වෙන ලෙසට නොලසින් යුහුව මෙනුවර සදව ත රවා


86 කව් මිණි කො‍ෙනඬොල

427. නන්දන නම් බ්රාලහ්මණයා විසින් වෙසෙසින් දෙසන බණෙක් ඇත, ඒ බණ අසන පරිද්දෙන් නගර වාසීන් වහාම රැස්වෙන ලෙස, 428. අණ බෙර හසුරුවා සියලු දෙනා රැස් කොට කැලිකසලයන් දුරු කරවා මේ නගරය යුහුව ස්ථිරව සදවා;

429. නිරිඳුන් මෙ ලෙ සිනා වදහල වදන් ලෙ සිනා මැතිවරුන් වි සිනා නුවරු රැස් කරවා නොල සිනා 429. මේ ආකාරයෙන් රජ තුමා කී බස් විලසින් මන්ත්රීලවරයන් විසින් නාගරිකයන් අනලස්ව රැස් කරවා;

430. ඇ තො ර සමග පිටි පුර එක වි ලසේ නොහැ ර සුපිරිසිදු කර නිකස ලසේ අ ඹ ර කෙළෙන රණ ගුරුළුන් පෙ ‍ලසේ ප ත ර යටග පට දද බැඳ නො ලසේ 430. අනතඃ පුරය සමග පිට නගරය එක විලස ශේෂ නොකොට කසල නැති පරිද්දෙන් මොනවට පිරිසිදුකොට, අහසෙහි ක්රීිඩා කරන්නා වූ රන් ගුරුළු පෙළක් සේ මහත් වූ පොලු අග වහා පට කොඩි බැඳ,

431. සො බ ම න් රද මහලිග තුළ සො ඳවා වෙ සෙ සි න් මා හැගි අස්නක් ස දවා ව ර ළි න් සුලකල කර මනන ඳවා සෙ වි ය න් බැඳ වට පට තිර අ දවා 431. ලස්සණ වූ රාජ මාලිගාව තුළ විශේෂයෙන් යහපත් ලෙස මාහැඟි අසුනක් පනවා වස්ත්රාූවලියෙන් ස්වලංකෘත කොට සිත් සතුටු කරන්නා වූ සුදු වියන් බන්දවා අවට පටතිර අද්දවා

432. තැ න් තැ න් සකුසුම් මුතු ලැල් එ ල්වා ම න් මෙ න් දිලි නෙක සුපහන් ද ල්වා මි න් ව න් බිම ගඳ කලලින් තු ල්වා ග න් මි න් පිරි බඩ වෙසෙසින් දු ල්වා

432. තැන්හි තැන්හි මල් සහිත වූ මුතු වැල් එල්වා සිත් ලෙස බබළන්නා වූ නොයෙක් යහපත් පහන් ආලෝක කරවා මාණික්ය වර්ණඑ වූ භූමිය සුවඳ කලලින් අතුරුවා විශේෂයෙන් බබළන ලෙස පිරිබඩ ගන්මින්, 87 කව් මිණි කො‍ෂයඬොල

433. ග න මෙ න් ඉස ලද පස් මල් එ වසා ර න කු ම් වල මාරුක් මල් ග වසා නී ම මි න් සැම කටයුතු රජ අ වසා නි රි ඳු න් පවසත විය ස වසා

433. ඒ බිම වසා ලදපස්මල් ඝන ලෙස ඉස රන් කළවල පොල් මල් දමා (සරසා) රාජ මන්දි්රයෙහි සියලු කටයුතු නිම කොට රජතුමා හට සැල කරන කල්හි සැන්දෑ කාලය වූයේය.

434. සු ර ත වලා දල පෙළ සැදි පැහැ සර දි මු ත රසුන් කෙ‍සුරෙන් දින මිණ සර නු මු ත බැතින් ගෙන එ පුදට සිරි සර සි ර ත සැදු සිරි සිලි වර ගිරි සර

464. ඉතා රතු වූ වලාහක නමැති පැහැසර වූ පත්රර පංකතියෙන් සැදුනා වූ රශ්මි නමැති දීප්තිමත් වූ කේශරයෙන් නුමුත වූ බැවින් සූර්ය්ර ි නමැති පත්මය ශ්රීය කාන්තාව විසින් ඒ පූජා පිණිස සථිර වූ අපර පර්වරත නමැති මස්තකයෙහි සජ්ජිත කරන ලද්දක්හුගේ සිරියාව ඉසිලී.

435. එ ද බණැ’ සිය ලොල් විලඹුව නිස දින න ද ගීයෙන් වෙතැ’සුරු කළ නිබ දින හ ද නදවන බිඟු හිමිනට එස දින සොඳ සරමුව සිඹිනට ඉඩ නොම දින

435. ඒ බණ ද (ධර්ම යද) ඇසීමෙහි ලොල් වූ විල නමැති කන්තාව නාද නමැති ගීතිකාවෙන් නිශ්ශබ්දව නිරන්තර යෙන් සමීපය ආශ්ර්ය කළා වු හද පිනවන්නාවූ භෘංග නමැති ස්වාමීන්ට ඒ කාලයෙහි සුන්දශරවූ පද්ම නමැති මුහුණ සිප ගැනීමට ඉඩ නුදුන්නී,

436. එ පු ද ට අසෙනිය මල් ගෙන විසු ලෙව් මො න ව ට පිපි කොඳ වෙන තොස කර ලෙව් එ හි ව ට තිර අදනා නිල් දි වු ලෙව් වි ග ස ට’ ඳර පළ විය නොහැරම ලෙව්

436. ඒ පූජාවට උපහාර පුෂ්පයන් ගෙන විසුරුවක් මෙන් ලෝකය සතුටුකර කුන්ද වනය මොනවට පුබුදු විය. එහි හාත් පසෙහි තිර පිණිස අදින්නාවූ නිල් පැහැති දුකූලයන් (දුහුල් රෙදි) මෙන් ලොව නොහැරම අන්ධනකාරය ප්ර්කාශ වූයේය. 88 කව් මිණි කො‍රකඬොල

437. ස සො බ න දුලඹර වියනෙහි මන කල නොප ම න තුරු මල් දම් ගෙන සුල කල ග ය මි න පර පුටු නද ගී එම කල නි ස ඟ න එපුදට සරු නෙ’ව් පළ කල

437. ශෝභා සහිත වු, දිලිසෙන්නාවූ ලස්සණ වූ ආකාශ නමැති වියනෙහි අපමණ වූ තරු නමැති මල් දම් ගෙණ ස්වලංකෘත වූ කෝකිල නාද නමැති ගී ගයමින් රාත්රීම නමැති කාන්තාව ඒ පූජාවට සැරසුනාක් මෙන් ප්රිකාශ වූයේ.

438. ව සා එකළු වැලි ලූ හෙල’පු ලිනා ලෙ සා එ පුදයට නිසකත් ලො ලිනා න සා අඳුරු සඳ රැස් පිය වෙ ලිනා ව සා ලූ වැනි එ පුරත එක පෙ ලීනා

438. ඒ කළු වැලින් වසා බහලන ලද ශේවත වාලිකාවන් (කෙසේ ද) ඒ පූජාවට රාත්රි නමැති කාන්තාව සිතේ ආශාව පරිදි අන්ධිකාරය නැති කොට සඳ රැස් නමැති පාවාඩයෙන් ඒ නගරය තුළ එක පෙළින් වැසුවාක් වැන්න;

439. තු රු තු ර මත දිලි ලිය පුප් ද ලවී සි ර සි ර තුරු සළු ලා ගෙන ලො ලවී පු ර පු ර නි‍ර‍දෝ සිතු බිය බ ලවී දු ර දු ර මුත් සිටිනා මෙන් ප ලවී

439. රුකක් - රුකක් පාසා මුදුන්හි බබළන්නාවූ මල්වලින් කොළවලින් ගැවසී ගත්තා වූ ලතාවෝ (කෙසේ ද) මුදුනක් මුදුනක් පාසා උත්තර සාටකයන් ආශාවෙන් ලාගෙන සිතු බිය බලවත්ව ඒ ඒ නගරයන්හි රජවරු දුරී භූතව ආගමනය කොට සිටින්නාක් මෙන් පළවූයේ.

440. න ර ව ර මාලිග තුළම වෙසෙ ස්වී දො ර දො ර ලු මිණ පහන් සුදි ස්වී සු ර ස ර බඳු මෙහෙසින් ඈ රැ ස්වී පු ර දො ර දක්වා සෙ‍නඟ නොසි ස්වී

440. රජතුමාගේ මාලිගාභ්යසන්තරයෙහි සියල්ල විශේෂ විය. දොරක් - දොරක් පාසා තබන ලද මාණික්යග ප්රනදීප රාශිය මොනවට පෙ‍ණිනි, දෙවඟනන් බඳු බිසෝ වරුන් ආදීහු රැස් වූහ. නුවර දොරටුව දක්වා සේනාවෙන් නොසිස්වී.


89 කව් මිණි කො‍දීඬොල

441. නි රි ඳු න් එ සදෙහි කර මන නන්දන සැ ණෙ කි න් වෙන කැඳවා දද නන්දන ක ර මි න් අම බොජුනෙන් ඔහු නන්දන වැ ඩ ඉ න් දා පලඟය පිට නන්දන

441. එකල රජතුමා සිත් සතුටු කොට නන්දනා නම් බ්රාදහ්මයා ක්ෂදණයකින් සමීපයට ගෙන්වා අම බොජුනෙන් ඒ බ්රාුහ්මණයා සතුටු කොට මනොඥවූ පර්යංද ක මස්තකයෙහි වැඩ හිඳුවා

442. නො හි ම් බරණ සැරසී නොවක ‍ මසේ ඇ ලු ම් ව අබියස ඉඳ සුරිඳු මසේ සැ දු ම් කෙළෙන් එ දදුට සිත් පෙ මසේ ද හ ම් දෙසී මෙලෙසින් සවණ මසේ

442. යහපත්ව අප්රලමාණවූ ආභරණයෙන් සැරසී ආදරයවී සුරේන්ර්්ෂදයා පරිද්දෙන්ම සමීපයෙහි හිඳ ඒ බ්ර හ්මණයා හට ‍සිතෙහි ප්රේරමය සේ යාඥා කළ හෙයින් කණට අමාවක් වැනි වූ නොහොත් බුදු කෙනෙකු මෙන් ම මේ ආකාරයෙන් ධර්මෙය දේශනා කෙළේය.

443. 444. දුදන සහ වා සය ඉන් සුදනන් සෙ විය සැම දුකට මුල් දෝ සය යුතු සිත සුවිස්වස් විය සුදන සහ වා සය එ ගුණ දම් මැන විය එසේ නොව සැපදේ විසේ සය දැනනොවේ පව් සැපතෙක්ම විය

443. දුර්ජේනයන් සමඟ වාසය කිරීම සියලු දුක්වලට මුල්වන වරදෙක. සත් පුරුෂයන් සමග වාසය කිරීම එසේ නොවෙයි. විශේෂයෙන් සැපදේ.

444. එහෙයින් සිතෙහි මනා විශ්වාසය ඇතිව සත් පුරුෂයන් සේවනය කළ යුතුය. ඒ සත්පුරුෂ ගුණ ධර්ම්ය මැනවින් ඉගෙණ සැපතක්ම මිස පාපයෙක් නොවෙයි.

445. 446. රදුන් සිත් අල වන සුදනැ’ සුරු කර මින විසිතුරු කමින් හොබ වන දිසි ගුණ දහම් සිතු මින රිය දිරණ බව වන එලෙස නොම දිර මින හැම සතුන් සිරුරද එසේ වන සිතැගි සිදුකර දිලෙයි හොබමින

කව් මිණි කො‍රුඬොල 90 445. රජදරුවන්ගේ සිත් අලවන්නාවූ විසිතුරු කර්‍මාන්තයෙන් ‍ශෝභමාන වන්නාවූ රථයෙහි දිරායම වන්නේය. සියලු සතුන්ගේ ශරීරයන් ද එසේ (දිරායාම) වන්නේ ය.

446. සත් පුරුෂයන් ආශ්රලය කරමින් දක්නා වූ ගුණ දහම් නමැති චින්තාමාණික්යතය එසේ නොදිරා සිතේ අදහස් සිදු කර ශෝභමාන වෙමින් බැබළෙයි.

447. 448. අහසට දෙරණ දුර මෙ හැමට ම වැඩි තර දෙරණට අහස විය දුර දුර සත් අසත් දම තර දෙතෙර මහ සමු දුර කියති’ති විදු ප තර එ සේ උනුනුන් හට ඉතා දුර දනුව, මහරජ තුමනි, ගරු තර

447. අහසට පොළොවට දුරය. පොළොවට අදස දුරය. එමෙන් මහ මුහුදේ දෙ තෙර උනුනුන්හට ඉතා දුරය.

448. සදහම් අදහම් දෙකේ අතර මේ සියල්ලටම වඩා දුරය. මෙසේ ප්රුසිද්ධ වූ පණ්ඩිතයෝ කියති. ඉතා ගරුවූ මහ රජතුමනි, දනු මැනවි.

449. 450. නො‍ කට යුතු සේවන කයින් තුන් අ කුසල් කටයුතු ම වන සේවන බසින් සතරක අ කුසල් එ දෙදෙන කෙ සේවන මනසින් තුන’ කුසල් අසව නිරිඳුනි, ඒ මෙ සේවන මෙසේ දසයක් විය අ කුසල්

449. නො කටයුතු වූ සේවනය ද, කටයුතුවූ සේවනයද යන එ දෙදෙන කවර ආකාර වන්නේද ? නරේන්ර්ත යාණෙනි, අසනු මැනවි. ඒ විවිධ සේවනය මේ ආකාර වන්නේය.

450. කය නමැති දොරින් අකුසල් තුනෙක; බස නමැති දොරින් අකුසල් සතරෙක; සිත නමැති දොරින් ‍අකුසල් තුනෙක; මේ ආකාරයෙන් අකුසල් දසයක් වූයේය.

451. 452. පර පණ වැනසු මත් බොරු කේලම් බ සය පර දන පැහැර’ගැනු මත් සිත තුට නොවන පර සය පර දැරි නැ’සුරු මත් කී වැඩ නැති බ සය කයින් වෙයි දනු රදුන්, සිරිමත් වා දොරින් වෙයි මෙ සිවු දෝ සය කව් මිණි කො‍නුඬොල 91 451. අනුන්ගේ ප්රා‍ණය විනාශ කිරීමත්, අනුන්ගේ වස්තුව පැහැර ගැනීමත් පරදරාවන් ආශ්රේය කිරීමත් (යන මේ පව්) කය නමැති දොරින් වේ ය යි ශ්රීහ මත් වූ රජතුමනි, දනු මැනවි.

452. බොරු බසය, කේලම් බසය, සිත් සතුටු නොවන්නා වූ ඵරුස වචනය, කිසි අතර්ථනයක් නැති (සම්පප්ප්රුලාප) වචනය (යන) මේ දොස් සතර වාග් වාරයෙන් වන්නේ ය.

453. 454. දළ ලොබ වැපා දය දැනුම ද සතෙකු බව මිසදිටු දෙවන බේ දය මරණට සිතැති වන බව මෙ තුන් වූ පා දය පියොව ද මරණ බව සිතින් සිදුවෙයි කරව බෝ දය දනුව පරණිවා පවෙක යන බව

453. දාඪ ලෝභය, ව්යාදපාදය, භේදය ඇති කරන්නා වූ මිථ්ය දෘෂ්ටිය (යන) මේ පව් තුන සිත නමැති දොරින් සිදුවේ යයි අවබෝධ කර ගනු මැනවි.

454. සතෙකු බවය, ප්රාදණ සංඥාය, මැරීම පිණිස සිත් ඉපදවීමය, (මැරීමට කරන) ප්රවයෝගයය, ජීවිතය විනාශ කරන බවය යන මේ පඤචාංගය ප්රායණඝාත පාපයෙක යන බව දැන ගනු මැනවි.

455. 456. ගම් බද අරන් බද අන් රකිනා දැ රිය යම් කිසි වතක් අන් බද දැන සෙවන සිත් ලදැ රිය සොර සිතිනි අනු බඳ සෙවුම ද වී පි රිය ගැන්ම අයිනාදනැයි නම් බඳ පවෙක් නම් වෙයි ඒ පරදා රිය

455. ‍ගම් බද වූද, අරන් බද වූද අනුන් අයිති වූ යම්කිසි වස්තුවක් සොර සිතින් බැඳී ගැන්ම අදත්තාදානයයි නාම සම්බන්ධනය වේ.

456. අනුන් විසින් රකිනු ලබන දැරියක් බව දැන සේවන චිත්තය ළෙහි දරා ප්රිනය වී (ඈ) සේවනය කිරීමද යන ඒ පරදාර නම් පවෙක් වේ.

457. 458. තමන් ලද වැස් මත් පිය බැව් පැතී මෙන් එ අනුලොම්කොට කී මත් බිඳින අදහස් වී මෙන් ඇසුවහු ලගැන් මත් එ අනු ලොම් කී මෙන් මුසා නම් වෙයි දනුව සිරි මත් පිසුන් බස් සිදුවේය නිය මෙන්

92 කව් මිණි කො‍ි ඬොල

457. තමන්ගේ ලබ්ධිය ප්රොව්ජාදනය කිරීම ද, එය අනුලෝම කොට කීමද, ඇසුවන්ගේ සිත් ගැනීමද, මුසාවාද ‍නම් පාපය වේයයි ශ්රී මත් වූ මහ රජතුමනි, දනු මැනවි.

458. ප්රි ය භාවය පැතීමෙන් (එකිනෙකා) බිඳවන්නා වූ අදහස් ඇතිව එයට අනුලෝම වූ වචන කීමෙන් නියම කේලම් වචන සිදුවේ.

459. 460. කෙනෙක්හට සරො සින නිසි අරුතක් නො වන උන් සිත් මඩන විල සින රා දොස් වැඩුම් කර වන අනිටු කොට පිය සින කිලිටු සිතැ’සුරු වන වදන් පරුසය දනුව වෙසෙසින බිණුම් සම්පය යන නමක් වන

459. යම් කෙනෙකුට රෝෂ සහිත වීමෙන් ඔවුන්ගේ සිත් මඩින ලෙස අනිෂ්ට කොට ප්ර්කාශ කරන වචනය ඵරුෂ වචන යයි වෙසෙසින් දනු මැනවි.

460. සුදුසු වූ තේරුමක් නැත්තා වූ රාග වේෂයන් වර්ධවනය කරවන්නා වූ කිලිටි සිත ඇසුරු කරවන්නා වූ වචනයට සම්පප්ර්ලාපය යන නාමයක් වන්නේ ය.

461. 462. දැක අනිකකු සැ පත කෙනෙකුනට නොරි සින් වී නම් එ මට යහ පත ඔහු නසන ලෙස මන සින් පැතුමට සීත උ පත සිතන බව වෙසෙ සින් දළ ලොබයි පැවසූ අයා පත වෑ පද නම් වියූ මෙහෙ සින්

461. අනිකකුගේ සම්පත්තිය දැක ඒ සම්පත තමාට වූයේ නම් යහපත් යයි ප්රාමර්තුථනා කිරීමට චිතේතාත්පතිත්ය අයහපත් දෘඪ ලෝභය යයි ප්‍රකාශ ‍කළෝ.

462. කෙනෙකුනට අරුචියෙන් ඔහු නසනු පිණිස සිතින් විශේ‍ෂයෙන් සිතීම මහර්ෂීහු ව්යාෙපාද නමැයි කීවෝ.

463. 464. යහපත් දෙය නො දිටු මේ අකුසල් ද සින් වරදවා ගෙන අන් දිටු එකක් කළහොත් වෙසෙ සින් පැවසීම මිස දිටු උපදෙසකින් බ සින් නමැයි පවසති තුමෝ සත් දිටු කරවුවොත් ඔවු’නැමද නොල සින් කව් මිණි කො‍තුඬොල 93 463. යහපත් වූ දෙයක් නොදැක්කා වූ අන්යන දෘෂ්ටීන් (සැබවැයි) වරදවා අදහාගෙන ප්ර‍කාශ කිරීම මිථ්යාැ දෘෂ්ටි නම් වේ යයි සම්ය ක් දෘෂ්ටික වූ උත්තමයෝ ප්රාකාශ කෙරෙති.

464. මේ දස අකුසලයෙන් එකක් කෙළේ නම් හෝ විශේෂයෙන් උපදේෂයකින් හෝ බසින් හෝ නොවලහා කරවන ලද්දේ නම් ඔවුන් හැමදෙන හට ද,

465. 466. නරක සහ තිරි සන එ බැවින් මෙ බඳු වන පේ අසුරය නොපස සන දුදනන් නො කොට සේ වන සිටු අවයෙහි වැ සන නුබ දර සෙ දුරු වන මිසක් සැපතක් වේද පස සන මැනවි නිරිඳුනි, නර පවර වන

465. නරකය සහ තිරිසන් යෝනිය, ප්රේ,ත යෝනිය, අසුර යෝනිය යන ප්රකශස්ත නොවන්නා වූ ‍අපාය සතරෙහි විපත් මිසක් ප්ර ශස්ත වූ සැපතක් ‍වන්නේ ද ?

466. එබැවින් මෙබඳු වූ දුදනන් සේවනය නොකොට නර ශ්රේිෂ්ඨ වන්නා වූ රජතුමනි, අහස පොළොව මෙන් දුරු වනු මැනවි.

467. 468. මෙ පවෙන් දුරු වෙ මින් දන් සිල් බැවුන් මය සුසිරිත් පුරා නිය මින් පින් දීම පින් ගැන් මය වසන සත දැහැ මින් දෙසනු බණ ඇසු මය සුදනමය දත මැනවි මෙකමින් වතාවත් සහ පුද පැවැත් මය

467. මේ පාපයෙන් දුරුවෙමින් නියම අන්දමින් සුසිරිත් පුරා දැහැමින් වාසයකරන ‍සත්වනයෝ මේ ක්ර මයෙන් සාධු ජනයන් ය යි දනු මැනවි.

468. දානය, ශීල ය, භාවනාව ය, පින්දීම ය, පින් ගැනීම ය, ධර්ම දේශනා කිරීම ය, ධර්ම‍ය ‍ඇසීම ය, වතාවත් කිරීම සහ පුද පැවැත්වීමය.

469. 470. සරණය පසැස් මය බත් පැන් අවස් වත් දෙළොස් වන සිහි කෙරු මය යාන මල් විලවුන් වත් මෙ හැම පින් කම් මය යහනය සුවඳ වත් වෙසෙස් මෙලෙසින් දත මනාමය පහන් තෙල් යන දස මෙදන්වත්

කව් මිණි කො‍ිනඬොල 94

469. සරණ යාමය, ප්ර්ශංසා කිරීමය, අනුස්මෘතය යන මේ සියල්ල දෙළොස් ආකාර වන්නා වූ පුණ්යය කර්ම‍යෝ මැ යි. (මෙහි) විශේෂයෙන් මේ අන්දමින් දැන ගත යුත්තේ මැ යි.

470. ආහාර ය, පැන්ය, ආවාස ය, වස්ත්රෘය, යානය, මල්ය, විලේපන වස්තුය, සයනය, සුගන්ධ වස්තුය, ප්රතදීප තෛලය ‍යන මෙකියන ලද දේ දස දාන වස්තු යි.

471. 472. පෙර මැද අවස නය සිදුවන නෙක ලෙ සින් යත තුන් තැන වි සුම නය අකුසලෙන් සිත කවි සින් පෙර දැරිව නුව නය විස වෙළඳම් ප සින් දීම නම් වන්නේ ය ද නය දනුව වළකිනු සිලැසි ‍ වෙසෙසින්

471. පූර්වයය, මධ්යසය, අවසානය යන තුන් තැන යහපත් සිත් ඇතිව නුවණින් යුතුව දීම දානය නම් වන්නේ ය.

472. කාය - වාක් - චිත් යන මෙයින් අනේක ප්ර්කාරයෙන් සිද්ධවන්නා වූ අකුසල් වලින් ද, අයහපත් වූ පඤච විධ වණික් කර්මකයෙන්ද වැලකීම විශේෂයෙන් ශීලයයි දැන ගනු මැනවි.

473. 474. සිත කිලිටු කර මිනි මළ නොමළ යම් සත් සිටිය කෙලෙසුන් මඩි මිනි උදෙසමින් නෑ හිත සත් වැඩු සිතිවිලි නො මිනි දෙන ‍දන් ලෙසක සත් බාවනා පින් කිරිය වි න මිනි නැණැත් පින් පෙත්මයයි පවසත්

473. සිත කිලුටු කරමින් පැවැත්තා වූ ක්ලේශයන් මර්දනය කරමින් බොහෝසෙයින් වැඩූ චේතනා සමූහයා නමින් භාවනාමය පුණ්ය් ක්රි්යාව වූයේ ය.

474. මිය ගියාවූ, මිය නොගියා වූ ද යම් සත්ව යෙක් උදෙසා ඥාති මිත්රය සාධූන් විසින් යහපත් පරිද්දෙන් දෙනු ලබන දානය පින්පෙත් දීම යයි නුවණැත්තෝ පවසත්.

475. 476. අනුන් කළ පි නෙහී අන් හට නොල සිනා ඉස නොම ගෙන මෙ‍ නෙහී වැඩ යොදන අදහ සිනා එ අනුමෝද නෙහී දෙසනු දම් තො සිනා පින් ගැනුමයයි පැවසු බ නෙහී දෙසුම්යයි පැවසුය ඉ සිනා 95 කව් මිණි කො‍ි ඬොල

475. අනුන් කළා වූ පින්කමෙහි සිතට ඊෂ්යා නො ගෙන ඒ පින් අනුමෝදන්වීම පින් ගැනුමයයි ධර්මනයෙහි ප්ර්කාශ කළෝ.

476. අනුන් හට අනලස්ව යහපතක් සිදුකරන අදහසින් ප්රීුතියෙන් (යුක්තව) ධර්මෝ දේශනය සෘෂීන්ගේ නායකයාණෝ දේශනාමය කුසල යයි ප්රාකාශ කළෝ

477. 478. කැළඹී මන් කර දුරු පින් කරන සඳ වත් සිත් පෙමින් ඉඳ නොව දුරු ගුණවත් ගිලන් හට වත් මුති බණ’සනු සො ඳුරු කරන මෙහෙ නොනැ වත් කියති බණ’සන පිනැයි ලොවැදුරු වතාවත්යයි කියති පැණ වත්

477. කැළඹුණා වූ සිත දුරු කොට සිතේ ආදරයෙන් (යුක්තව) අදූරව ඉඳ, යහපත් වූ බුද්ධ ධර්මයය ශ්රකවණමය පුණ්ය්ය යයි බුදුන් වහන්සේ කියති.

478. පින් කරන කල හෝ ගුණවතුන්ට හෝ ගිලනුන්ට හෝ නො නැවත කරන්නාවූ මෙහෙය වතාවත් යයි ප්රාවඥයෝ කථනය කෙරෙති.

479. 480. සඟ දෙගුරු ජර පත් ගුණ සම් බා වනා කුල දෙටුන් දැක වෙත පත් පෙරටුව යෙදී නු වනා වැඳ නිසි වූ සැ පත් සරණය තෙ රු වනා දෙ නුදු ඒ පුද වේය යහ පත් ගැන්ම සරණයි දෙසී ස වනා

479. සංඝයා ය, දෙ මවු පියන් ය, ජරපත් වූවන් ය, කුල දෙටුවන් ය යන මොවුන් සමීපයට පැමිණියවුන් දැක වැඳ සුදුසු වූ සම්පත් දානය කිරීම යහපත් වූ ඒ (පුද පැවැත්ම) අපවායන කර්මුය වේ.

480. ගුණ සම්භාවනාව හෙවත් ගුණ සැලකීම පෙරටුව ඥානයෙන් යුක්තව තෙරුවන් සරණ යාම සරණ යයි බුදුන් වහන්සේ දේශනා කළසේක.

"https://si.wikibooks.org/w/index.php?title=කව්_මිණි_කොඬොල-කාව්‍ය_iv&oldid=5387" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි