කව්සිළුමිණ-කව්සිළුමිණ-xv

Wikibooks වෙතින්

12.සර්ග්ය.

කුස වැලපුම.

549

	අර්ථ:- කුශවීර තෙමේ එකල්හි (වැඩූ=) වධර්නිය කළ තැතින් (උත්සාහයෙන්) රජමැඳුරට වැඩ (වන=) විරහශොකයෙන් යහනට පැමිණියේ  නිරන්තරයෙන් මෙසේ  විලාප ගත්තේ ය.

විස්තර:- මෙ තැන් පටන් විප්ර ලම්හශෘඬ්ගාරරසය පොෂණය කරති. මෙ තරම් මනහර ලෙස විප්ර්ලම්හය වර්ණණනා කළ තැනක් සංස්කෘතකාව්ය:යන්හි ද නැත. මේ වැලපුමෙහි ශොකාලාප ම අධික වුවත් කරුණාරසය මෙයින් පොෂණය නො වේ. මෙහි නැවත සංයොගය අපෙක්ෂා කොට ඇති රතිය ම ස්ථායිභාවය වනහෙයිනි. කරුණාරසයට ස්ථායිභාවය වන්නේ ප්රිරයයන්ගේ මරණාදියෙහි වන ශොකය යි.

550 අර්ථ:- මල් සරා (=අනඬ්ගයා) මේ දිශාවෙහි (=මා දෙසට)ම ශර (=ඊ) ලන්නේ ඒ (=සුප්ර සිද්ධ වූ) බියෙන් වැනි ය. (නො සෙ=) එසේ නොව පබවත දෙසට ද (ශර) ලත් (=විදිත්) හොත් තෙමේ (=ඒ අනඬ්ගයා)ද නෙත්රන නමැති ඊයට ඉලක්ක වන්නේ ය.

විස්තර:- අනඬ්ගයා මා දෙසට ම මල්ඊ නොවිද පබවත දෙසටත් විද්දොත් ඔහු ද පබවතගේ නෙත් නමැති ඊයට ඉලක්ක වනු නිසැක ය. පබවත දෙසට ඊ නොලා මා දෙසට ම ඊ විදින්නේ තමා ද ඇගේ නුවන්ඊයට ලක් වෙතැ යි යන ඒ බියෙන් වැනි ය.

පබවත දුටු විට අනඬ්ගයාට ද රාගය උපදී යනු මෙයින් ධ්වනිත යි. මේ ගීය ද- (24) “දැකෙ දිගුනුවන්සර - සරහත එ පුරවමියන්,

    නො දිස් වැ ලී කම් සර - තෙමේ ලක් වන 

බියෙන් මෙන්” යන ගීය බඳින සසදාවත්කරුවන්ගේ ආදරගෞරවයට පාත්රේ වූවකි.


551 අර්ථ:- ඔවුන්ගේ අශ්රෞද්ධාව සමග රුපශ්රීිය කෙසේ වෙසේ ද? ජලනිධියෙහි වස හා (සභා වැ=) සහාය (=එක්) ව වාසය කොට අමෘතයාගේ පැලඹීම වැනි ය.

විස්තර:- ‘අසද’ නම් අස්නෙහය හෝ මානය යි. එය නරක ගතියකි. එයින් රූසිරි වැනසේ. අසද හා රූසිරි ද එක තැන විසිය නො හැකි ය. පබවත තුළ වූ මනහර වූ රූසිරිත් නො මනහර අසදත් එක් ව පැවැත්ම කුසරජුගේ පුදුමයට හෙතු ය. එහෙයින් ඒ දෙක එක් ව කෙසේ වෙසේ දැ යි තෙමේ තමා ම විචාර යි. ඒ එක්කම එබඳු අනෙක් කරුණක් සිහි වී ය. එනම් ප්රා ණදායක වූ අමෘතය හා ප්රා්ණනාශක වූ විෂත් එක් තැන් ම සමුද්ර්යෙහි පැලඹුනු බව යි. දෙවියන් අමෘතය මතු කර ගත්තේ කිරිමුහුද කැලඹීමෙන් ලු. ඒ කිරිමුහුද කැලඹූ අවස්ථාවෙහි මතු වූ දෙය කාලකූට නම් විෂවිශෙෂයක් ද වී ල. එයින් විය හැකි අන්තරාය සලකා එය මතු වූ කෙණෙහි ම මෙහෙසුරා එය ගෙණ පානය කෙළේ ලු. එයින් ඹහුගේ ගෙල කළු වී ල. මෙසේ අමෘතය තිබුනු මුහුදෙහි ම කාලකූටවිෂ ද පැලඹුනු බව සිහි වීමෙන් පබවත තුළ ද පරස්පර ප්රිතිවිරුද්ධ කරුණු දෙකක් පැවැත්ත හැක්කැ යි නිගමනය වී ය.

552 අර්ථ:- අනඬ්ගයා ද මැදහත් (=අපක්ෂරපාත) සිතින් ලතාචාපය (පිරීමට=) පරාමර්ශසනය (=ඇල්ලීම) කෙළේ නම්, (මාගේ) ධෛර්ය බලයෙහි හා ඇයගේ අශ්රැද්ධාවෙහිත් (බළාම්=) භටකර්මෙය (=යුද්ධය) දකිමු.

විස්තර:- දැන් අනඬ්ගයා මැදහත් සිතින් ඔහුගේ වැල්දුන්න නො අල්ලයි. එහෙයින් හේ මට මිස පබවතට එයින් මල් හී නො විදියි. එසේ නො ව, අපක්ෂ පාතව, දෙපක්ෂ යට ම විදිතොත් මගේ ධෛර්යය බලය හා පබවතගේ අශ්රසද්ධාවත් අතර යුද්ධය දැක්ක හැකි ය. අනඬ්ගයා ඇයට ද මල් හී විද්දොත් ඇගේ සිතෙහි ද රාගය උපදී. එවිට ඇගේ අශ්රොද්ධාව ඒ රාගය ඉසිලීමට, මාගේ ධෛර්යබලය මෙන්, සමර්ථ නොවනු නියත ය. එසේ වූ කල්හි මාගේ ධෛර්යබලය මහත් ද? ඇගේ අශ්රඒද්ධාව මහත් ද? යනු දැන ගත හැකි ය.

‘පිරීමට’ යනු ‘පිරි-මද’ දයින් සිද්ධ යි. මේ විරහ විලාපයෙහි පබවත උදෙසා වූ සර්වපනාම ආදිය බෙහෙවින් බහුවචනාන්ත කොට ද, සමහර තැන එකවචනාන්ත කොට ද, යෙදින. මීට මුලින් ‘ඔවුන්’ යන්න යෙදුනු නමුත් මෙහි ‘ඇය’ යි යොදන ලදී. ශොකාතුර ව වැලපෙන්නෙකුගෙන් මෙ බඳු ප්ර ක්ර්මරීති බිඳුම සුදුසු මය. එහෙයින් එය රසපොෂණයට ම ඉවහල් වේ.


553 අර්ථ:- තමාගේ වළඟට (=කෘශ වූ අඬ්ගයට = ඉඟටියට) පීනපයොධරයන්ගෙන් ද, ජඝනයෙන් ජඬ්ඝාවට (=කෙණ්ඩාවලට) ද දුඛඃදායක වූ ඔහු (=ඒ ප්රඬභාවතීහු) (අන්=) අන්ය)යන්ගේ සරතස (=වෙහෙස) දැන් කෙසේ දනිත් ද?

විස්තර:- පබවත සියවළඟට හා සිහින් දඟට ද ඉසිලිය නො හැකි තරම් මහපියොවුරුබර හා පුළුලුකුළුබර ද දීමෙන් දුක් දෙ යි. එසේ තමාගේ ම අවයවයන්ට දුක් දෙන ඕතොමෝ අනුන්ගේ දුක ගැණ සලකා ද? නො සලකා මැ යි. තමාගේ දුක ගැණ වත් නොසලකන ඔවුන් මාගේ දුක ගැණ නො සැලකීම පුදුම නො වේ.

544 අර්ථ:- තමාගේ සුඛදර්ශනනයෙන් (මාගේ) නෙත් ද, ප්රිකයවචනයෙන් (මාගේ) කන් ද, ස්පර්ශහයෙන් (මාගේ) ගාත්ර (=ශරීරය) ද ගෙණ මන (=සිත) නො දී මාගේ සිත කෙසේ ගත්තා ද?

විස්තර:- ඒ ප්ර භාවතී තොමෝ තමාගේ යහදසන මට දී මාගේ නෙත් ගත්තා ය. පියතෙපල දී මාගේ කන් අයිති කර ගත්තා ය. ස්පර්ශතය දී මාගේ ශරීරය ගත්තා ය. මෙසේ ම‍ඟෙන් ගත් දෙයට ඇගෙන් දුන් දෙය ද පෙණේ. එහෙත් එකක් පමණක් ඊට සුදුසු මිල නො දී ගත් බව පෙණේ. එනම් මගේ සිත යි. මගේ සිත ඕතොමෝ අයත් කර ගත්තා ය. ඊට මට දිය යුතු වස්තුව නම් ඇගේ සිතයි. එහෙත් එය නුදුන්නා ය. ඇගේ සිත මට නොදී මගේ සිත ඕතොමෝ කෙසේ අල්ලා ගත්තා ද? පුදුමයකි. ඇගේ සිත මට දුන්නා නම්, එය මට යටත් විය යුතුය. දැන් එය මට යටත් නො වේ එය මා කැමති සේ අවනත කර ගත නො හැක්කේ එහෙයිනි.


555 අර්ථ:- (ඇසෙහි) පිරුණු මේ කඳුළ ඒ (බවත) දෙස දැකීමෙන් (මා) වැළකූයේ මතු (=පමණක්)ද? (නො වේ) තප්තශෛලයෙහි (=රත් වූ ගලෙහි) ජලය මෙන් (ලෙයි=) හෘදයෙහි (දල=) ගින්න දියුණු ද කෙළේ ය.

විස්තර:- මගේ ඇස පුරා ගත් කඳුළු පබවත දෙස දැක්මෙන් මා වළකයි. එපමණක් ද නො වේ. ඒ කඳුළු ම මගේ පපුව මත වැටී හදවතෙහි ශොකාග්නිය ද දියුණු කෙරෙ යි. එය රත් වූ ගලක් මත දිය වක්කළ විට උෂ්ණය වැඩි වීම වැනි ය.

556 නෙත්රකකාන්තිය ද ගමන් ද (අලළවා=) කලඹා (=අවුල්කොට) නීලොත්පලයන් ද කලහංසයන් ද දින වූ (=ජය ගැන්වූ) මා තබා (=හැර) ගියෝ (=ගියා වූ ඔහු) (අසදහු=) ශ්ර්ද්ධාව-ප්රෙයමය නැතියෝ ලු!

විස්තර:- පබවත්හු ශ්රදඬාව (=මා කෙරෙහි ප්රෙරමය) නැති යෝ ලු! අහෝ! එසේ කීම වැරදි ය. පැරදුනෙකු දිනූවන් හා දිනවූවන් ද කෙරෙහි ස්නෙහ කරණු නො යෙදෙයි. පබවත් තොමෝ පෙර සිය නෙත්කැලුමින් නිලුපුල් ද මඳලස ගමනින් කලහසුන් ද පැරදවුවා ය. මම ඇය කුප්වා නෙත් රතු කෙළෙමි. එයින් නිලුපුල් ජය ගත්තේ ය. ඇගේ නෙත් පැරදුනේ ය. ඇගේ ගමනද අවල් කෙළෙමි. ඇය කුපිතව ඉක්මන් ගමන් ගත් හෙයිනි. එකල්හි ඇගේ මඳලසගමනින් පෙර පැරදී සිටි හංසයෝ ඇය පැරදවූහ. ඉතින් ඇය පරදවන්නට නිලුපුලන්හට හා කලහසුන්ට ද උපකාර වූ මා හැර දමා ගිය ඕතොමෝ කෙසේ අසද වේ ද? ඇගේ අසද බව නිසා නො ව මාගේ වරද නිසා ම ඕතොමෝ මා හැර ගියා ය.. ඇගේ හතුරන් දිනවූ හෙයින් මම ම වරදකරු වෙමි.

කලහසුන= ‘කලහස්න’. ‘දැනැවූ’ යන්න ‘දන’ දයින් ප්රසයොජ්ය වප්රරත්ය.ය හා කර්තෘදකාරක ‘ඌ’ ප්රධත්යරය ද වීමෙන් සිඬ යි.

557 අර්ථ:- (හා=) අහෝ! දිගැසිය (=ඒ කාන්තාව) විරකත වූ (=රතු නු වූ නොහොත් ආලය රහිත) (දිගැස ද=) දික් වූ ඇස වත් මා දෙස නො ලන කල්හි ද (=ඇය මා දෙස නො බලන කල්හිත්) ඌන නො ව (=අඩු නැති ව) ඇගේ දර්ශ නය (ඉස්නා=) කැමති වන මගේ නෙත්රොය කෙසේ රක්නෙම් ද?

විස්තර:-පබවත් තොමෝ විරක්ත වූ අක්ෂි්ය වත් මා දෙස නො ලයි. “විරත” යන්නෙන් අර්ථ දෙකක් ලැබේ. එකක් ‘රතු නුවූ’ යන්න ය. අනෙක නම් ‘නො ඇලුනු-ආලය නො කළ’ යන්න ය. ‘රතු නුවූ ඇස වත් මා වෙත නො ලයි’යන්නෙන් ‘කොපයෙන් රතු නුවූ පියෙවි ඇසින් වත් මා නො බලයි. කොපයෙන් රතු වූ ඇසින් ම මා බලයි’ යන අදහස ලැ‍ෙබ්. ‘නො ඇලුනු ඇස වත් මා දෙස නො ලයි’ යනුවෙන් ‘ආලයක් ප්රබකට නො වන ඇසින් වත් මා නො බලයි’ යන අදහස ලැබේ. එසේ පබවත කෙලෙසකින් වත් මා දෙස නො බලන කල්හි මගේ ඇස ඇගේ දර්ශ‘නය අඩුවක් නැති ව ලබන්ට කැමති වෙයි. මා දෙස නො බලන්නෙකුගේ සම්පූර්ණ දර්ශබනය ලබන්ට කිසි සේත් මාගේ ඇස් සමර්ථ නො වේ. එහෙයින් මගේ ඇස් කෙසේ රැක ගණිම් ද? මගේ ඇස් රැක ගැණීම ඉතා දුෂ්කර ය. ‘දිගැසිය’ යන එකවචනාන්තපදය ද ප්ර ක්ර ම භග්නතා (=පටන් ගත් ක්රේමය බිඳීම) නමැති දොෂයට (අන් තැනක නම්) වාරය දෙතත් මේ විරහවිලාපයෙහි දී එය ශොකයා‍ෙග් ආධික්ය ය දැක්වීමට උපකාර වන හෙයින් නිදොස් ම වේ.

558 අර්ථ:- අනුරාගය පුරා (=සම්පූර්ණ කොට) ඇති මාගේ (ලෙහි=) හදවතට පියොවුරු දිදී පෙර දවස්හි (ඒ පබවත් තොමෝ මා හදවත) සැරහුවා වැනි ය. (ඒ) හිදා (=හදවත) (දැන්) කෙසේ නො තැවේ ද?

559 අර්ථ:- රතු වූ ඕෂ්ඨයෙහි (=තොලෙහි) රත්පැහැය නොහොත් ලේ ඇද්දෙමි. කපොලයෙහි (=කම්මුලෙහි) පත්‍රලෙඛා (=පත්රාදකාර සටහන්) බින්ඳෙමි. පයොධර නමැති හංසයන් මූර්ච්ඡා කෙළෙමි. (ඉතින්, එසේ ඇති කල්හි) (නුගියට=) අනුගතාවට (=භාර්යාවට) නිදොසිම් ලු! (=මම නිර්දොෂයෙමි ලු!-වැරදි නො කළෙම් ලු.) (හා!=) අ‍ඳෝම ය!

විස්තර:- තොලෙහි රතත් කොපුලත පතලේත් තනහසුනුත් කත්හු ඉතා අගය කොට සලකති. පබවතට අයත් ඒ සියල්ල මම උවදුරු කෙළෙමි එතරම් වැරදි කළ මම පබවතට දොසක් නො කළෙම් ලු. අඳෝ ම යි! වැදිකරුවන්ගේ ගති ය! වැරදිකරුවෝ සිය වැරැද්ද වරදකැ යි නො සිතති. නො කියති. ‘නුගිය’ යන්න ‘අනුගිය’ යන්නෙහි අයන්න ලොප් වීමෙන් සිඬ යි. පුරුෂයාට අනුව පවත්නා ස්ත්රීක ‘අනුගතා’ නමූ. කුසරජ මෙ තරම් වැරදි කරුණු බලබලා ඉවසා සිටි පබවත් තොමෝ කෙසේ නම් කුසරජුට අනුගතා නො වේ ද? එහෙයින් මෙහි ‘නුගිය’ යනු නො යෙදෙන්නේ නො වේ.

560 අර්ථ:- (හෙ=) එම්බල, හංසයෙනි, (සමත=) කොකිලයෙනි, මාරුතය, කහ්ලාරයෙනි (=හෙලුපුලෙනි), චන්ර්නු ය, ඉන්දීාවරයෙනි (=නිල්පුලෙනි), තෙපි ඇයට (අයැතියෙන්=) අයිති ‍ෙදයින් පරාජිත ව මා දුර්විලයාහට (=දුර්වුල වූ මට) (කුරුරස ව=) කර්කාශ වවු.

විස්තර:- එම්බල හංසයෙනි, තෙපි ඇය‍ට (=පබවතට) අයත් පියොවුරින් හා ගමනින් ද පැරදුනහු ය. කොකිලයෙනි, තෙපි ඇයට අයත් ක‍ටහඬින් ද, එම්බල මාරුතය, තෝ ඇගේ මඳසුසුමෙන් ද, කහ්ලාරයෙනි, තෙපි ඇගේ සිනාවෙන් හා නිය රැසින් ද, චන්ර්ුසුය, තෝ ඇගේ මුහුණින් ද, ඉන්දීසවරයෙනි, තෙපි ඇගේ දෙ ඇසින් ද පැරදී සිටිනහු ය. තොප පැරදවීමට එ බඳු අවි මා වෙත නැත. එහෙයින් මම දුර්වනලයෙමි. එබඳු මා දුටු විට මගේ සිතෙහි රාගයත් ගතෙහි දාහයත් උපදවමින් මට කර්කදශ වන්නහු ය. දුර්විලයන්ට පහර දීම ප්රයබලයන්ට සුදුසු නො වේ. දුර්ව ල වූ මා ඉදිරියෙහි ප්ර බල වතත් පබවත ඉදිරියෙහි දී තෙපි දුර්ව‍ලයෝ ය. දීනයෝ ය. දුර්විල වූ මාහට ම පහර දෙන්නේ එහෙයින. තෙපි සමර්ථ වවු නම් තොපට පහර දෙන පබවතට ම පහර දෙවු. මේ ශ්වානවෘත්තිය (=බලුගතිය) හැර සිංහ වෘත්තිය ගණිවු. ‘හෙ’ යනු ආමන්ත්රශණයෙහි යෙදෙන නිපාතයෙකි. සිදතෙහි ‘හෙ සඳා වනන් නුපුලුස” යන්නෙහි ද ඒ යෙදින. ‘ඒ’යි කථා ව්ය්වහාරයෙහි යෙදේ.

561 අර්ථ:- (අස අද ලග=) ආශාව අවුත් ලග්න වූ (=ඇලුනු) මේ සිත ගුණයෙහි ලග්න වූයේ නම්, ජය (දුරුයේ=) දැරූයේ (=ලැබුයේ) වෙයි. අද මේ ජනයාගේ (=මාගේ) සිතින් ආශාව කෙසේ (පරවනු යැ=) දුරු කිරීම වේ ද? (හා=) අය්යෝ!

විස්තර:- මුලදී මගේ සිතෙහි ආශාවක් (=රාගයක්) නො වී ය. එහෙත් පසුව එය සිතෙහි රැඳුනේ ය. ඒ සිත ද ගුණයෙහි නො ඇලුනේ ය. එහෙයින් ම පබවතගේ රතොටැ රත ඇදියෙමි. කොපුලැ පතලේ බිඳියෙමි. තනහස මුස කෙළෙමි. දයා රහිත සේ ඇය තදින් වැළඳ ගතිමි. මගේ සිත කරුණා ගුණයෙහි නො ඇලීම නිසා ම මම අද පැරදී සිටිමි. මගේ සිත ආශාවෙන් තොර වූයේ නම්, ගුණයෙහි ඇලුනේ නම් අද මට මෙබඳු පරාජයක් නො වේ. මගේ සිතින් දැන් ඒ ආශාව කෙසේ දුරු කරන්ට ද? අය්යෝ! ඒ නො කට හැකි ය.

‘පරවනු’ යන්න ‘දුරු කිරීම’ යන අරුත්හි සසදාකරුවෝ ද (සසදා 111) යොදති. ‘පරව’ ධාතු යි. සසදාහි චිත්ර1බන්ධෝයකම මෙය යෙදුනු හෙයින් ‘පෙරවනු’ යන්න වැරදි බව නිසැක සේ ම ඔප්පු වේ.

562 අර්ථ:- කලහංසයන්ගේ (සර=) සඤ්චාරය (=ගමන ය), (සමතසර=) කොවුලන්ගේ ස්වර (=නාද)ය, (බිඹුවැළ=) ඉදුනු කොවක්කා ය, නීලොත්පලය යන මේ කරණ කොට ගෙණ (පබවතගේ) ගමන ය, ප්රි(යවචන ය, තොල් ය, නෙත්ර ය යන මේ දැකත් නො (වැහැවෙම්=) ඉවසමි (=ඉසිලිය නො හැක්කෙමි).

විස්තර:- පබවතගේ ගමන කලහංසයන් ගමන බඳු ය. කටහඬ කොවුල්හඬ වැනි ය. ලවන් බිඹුවැළ වැනි ය. නෙත් නිලුපුල් වැනි ය. මම කලහංසාදීන්ගේ ගමන් ආදිය ඇස පුරා දකිමි. එහෙත් පබවතගේ විරහයෙන් වූ දුක නො ඉවසිය හෙමි. ‘වැහැවෙම්’ යනු ‘වහව’ ධාතුවෙන් සිඬ ක්රිනයාපද යි. ඉවසීමෙහි වැටෙන ‘වහව’ ධාතුව අකර්ම ක ය. එය ‘වාව’ යි වර්තීමාන ව්යීවහාරයෙහි ලැබේ. 574 වැනි ගීයෙහි පෙනෙන ‘වැහැවෝ’ යන්න ද මේ දයින් සිඬ යි.

563 අර්ථ:- යන්නා වූ පබවත සමග (මගේ) සිත මා දෙස නො බලා ගියේ ය. නිරන්තරයෙන් (දුඃඛ) වෙදනා විඳිනෙමි. පරමාර්ථයට (අතුරු=) අන්තරාය කෙළෙමි නො? (=නො වේ ද?)

විස්තර:- මගේ සිත පබවත සමග ගියේ ය. එහෙයින් දැන් මට සිතක් නැත. එහෙත් වෙදනාව විඳනෙමි. පරමාර්ථධර්ම යෙහි (=අභිධර්ම යෙහි) පරිදි වෙදනාව වනාහී සිතෙහි ම උපදනා චෛතසිකයකි. සිතක් නැති ව වෙදනාව පවතිතැ යි කීම අභිධර්ම යට විරුඬ ය. එහෙයින් ‘සිත නැති මම වෙදනාව විඳිමි’ යි කීමෙන් අභිධර්ම්යට අන්තරායක් (=විරොධයක්) කෙළෙමි. නො වේ ද?

564 අර්ථ:- කෛලාසතලයෙහි හෙම්(=රන්) ලිය (වෙළෙපා=) විඩම්බනය කොට (=පරදවා) ශයනය කළ යහන මෙය යි. තනකොකුම් (එවැ=) පිහිටුවා වැලඳ ගත් ඉතා සිහිල් කඳ ඇති (පිළිටැඹ=) පළිඟු කණුව මෙය යි.

විස්තර:- ප්රිුයාවන් පරිභොග කළ දෙය බැලීම විරහශොක තනූකරණයට හෙතු වෙතැ යි සැලකේ. දැන් කුසරජ පබවත පරිභොග කළ දෙය බලමින් සැනසෙන්නට තැත් කර යි. චුල්ලසුතසොමජාතකයෙහි (ජාතකඪකථා 6 – 67 පිටුව)ද පැවිදි රජෙකු උදෙසා මහාජනයා කළ වැලපුමෙහි ද “අනේ! මේ අපේ රජ්ජුරුවන් වහනසේ වැඩ සිටි ප්රාුසාදය යි. මේ අශොක වනය” යි යන ආදී කථා පෙණේ. එහි හා මෙහිත් යම්තම් සමානත්වමයක් ඇතත් මේ මහාකවීශ්වරයෝ එයින් අදහස් නො ගත්හ. කෙලෙස්කුළ සුදු ය. පබවත නිදන යහන ද එබඳු ය. එහි නිදන පබවත කෙලෙස් තලයෙහි වැතුරුණු රන්වැලට විහිළු කරන්නා වැනි ය. ‘එවා’ යන්න ‘එබැ’ යි පිටපත්හි එයි. පැරණිසන්නය ඊට ‘පිහිටුවා’යි අර්ථ දෙයි. ‘එබැ’ යන්න ‘ඔබ’ දයින් සිද්ධ විය යුතු වුව ද අප්රහසිද්ධ ය. ‘ඔබ’ දයෙහි පූර්වඅක්රිබයාරූපය ‘ඔබා’ යන්න යි. එබීම නම් යටට බැස්වීමයි. වැලඳ ගැණීමෙන් තන‍ෙකාකුම් පළිඟුටැඹෙහි යටට බැස්විය හැකි නම්, ඒ තන කුළුගෙඩිවලට ද වඩා කැකුළු විය යුතු ය. කැකුළු (=තද)බව පියොවුරුවල ගුණයක් සේ සැලකෙතත් ඒ කුළුගෙඩියෙහි කැකුළු බව වැන්නක් විය නො හැකි ය. ‘එවැ’ යන්න ‘ඕ’ දයින් සිද්ධ පූර්වයක්රියයා යි. එයින් ‘දමා, පිහිටුවා’ යන අර්ථ ලැබේ. “පතිඪාපිත මත්තිකං” යන්නට කසුප් නිරිඳුන් “මැටි ඔත්”යි (ධ. ගැ 15-9) කී අර්ථයෙන් එය ඔප්පු වේ.


565 අර්ථ:- (ඒ පබවතගේ) මේ පිවිතුරු උතුරුසළුව (=සාරිය) ශීතස්කන්ධි ඇති පයොධරමණ්ඩලයෙහි කැමති සේ (හැලී=) ඇලී (එක්වන්=) නිතර මා තවන්නේ නො වේ ද? (හා!=) අයියෝ!

විස්තර:- පියොවුරුමඬල ඇල්කඳකි. එහි ගෑවුනු උතුරු සළුව ද සිහිල් විය යුතු ය. එහෙත් මේ උතුරුසළුව මා තව යි. ඉතා සිහිල් දෙය ද දෛවය පරාඬ්මුඛ වූ විට ගින්නට ද සන්තාපකර වෙ යි.

566 අර්ථ:- නෙත් නමැති මාණික්ය්යන්හි කැලුම් (එවැ=) දමා ඒ ඇඟිලිවල ස්පර්ශඬය සලසා (=යොදා) ලියූ (පත්=) ලියමන මෙ යි. පීනපයොධරයෙන් පවිත්රල වූ මුක්තාහාරය මෙය යි.

567 අර්ථ:- (සකර බිම්හි=) සංස්කාර (=දවා සකස්) කළ භූමියෙහි විසිතුරු වූ සුහුඹුල් (=සහබල-බලසම්පන්න) වෘක්ෂවයන් දුටුවිරූ (=පෙර දැක්කා වූ - දැක පුරුදු වූ) ඔහු අනුරාග නමැති බීජය ඉඳුවන්නාහු මාගේ සිත (නො පලහති=) නො පුලුස්සත් ද?

විස්තර:- දවා සකස් කළ බිම්හි ගස්වැල් සුහුඹුල් ව වැඩේ. පබවත ඒ දැක පුරුදු ය. එහෙයින් පබවත ද අනුරාග බීජය ඉඳුවා සුහුඹුල් කොට වැඩීමට මගේ සිත සකස් කර යි. දැන් දැවෙන්නේ එහෙයිනි. දැන් දුකක් වුව ද පසු ව අනුරාග බීජය ඉඳවූ විට සුව ම ලැබෙන හෙයින් මේ දුක ඉවසිය යුතු ය.

මේ විප්රයලම්හය පුනඃසම්හොගාපෙක්ෂාූව වූ රතිය ම මුල් කොට ඇති බව මෙයින් පැහැදිලි වේ.

‘උන්වන්නෝ’ යන්න ‘උඳ’ දයින් සිඬ ‘උන්වනු’ යන ශබ්දයෙන් සිඬ යි. 154 වැනි ගීය බලනු.

568 අර්ථ:- මකරධ්වජයා (අනඬ්ගයා) ද, (ඉඳු=) සඳ ද, (සමත්=) කොවුලන් ද, (දැනැවූ=) ඉපිදවූ, අත් හැරියා වූ, වර්ධසනය කළා වූ, ඊශ්වරයා ද, රාහු ද, (රිටිමුළු=) කාකසමූහයා ද යන මොහු විරහීන්ට ශත්රැයලොකයා යි.

විස්තර:- රාගය ඉපදීමට හෙතු වන අනඬග-චන්ර්සිඬ කොකිලයන් නො වතොත් විරහීන්ට දුකක් නැත. එහෙයින් ඔහු විරහීන්ගේ සතුරෝ වෙත්. නැහැ. ඔහු සතුරෝ නො වෙති. සැබෑ සතුරෝ නම් අනඬ්ගයා දවා නැවත ඉපද වූ මෙහෙසුරා ද, සඳ ගිල නැවත මුදා හළ රාහු ද, කොවුලන් ඇති දැඩි කළ කාකසමූහයා ද යන මොහු යි. අනඬ්ගයා ඉපදවූ හෙයින් මෙහෙසුරා විරහීන්ගේ සතුරා ය. සඳ හළ හෙයින් රාහු ද සතුරා ය. කොවුලන් වැඩූ හෙයින් කවුඩෝ ද සතුරෝ ය. ‘‍නො දැවූ’යි පිටපත්හි එතත් එය වැරදිය. මෙහෙසුරා අනඬ්ගයා දැවු බව සුප්ර්සිඬ ය. “තෙනෙත්හු විසින් කම් දම්”යි සිදතෙහි කියන ලදී. එහෙයින් “නො දැවූ” යන්න නො යෙදේ. ඊශ්වරයාගේ ලලාටාක්ෂිිවහ්නියට අසු ව අනඬ්ගයා දැවී ගිය නමුත් නැවත දෙවියන්ගේ යාච්ඤාවෙන් මෙහෙසුරා වියින් ම උපදවන ලදී. (කුමාර 4- 42. 7-92, 93) ‘පලඟ’ යනු රාහුට නමකි. (රුවන් 69) රාහු සඳ ගිලියි යනු ප්රවසිඬ ය. ‘රිටු’ යනු කවුඩන්ට නමකි. (රුවන් 246. පූජා 274 පිටුව 22 පෙළ), කොවුලන්ට කූඩු නැත. ඔහු කවුඩු කැදලිවල බිජු දමති. කවුඩෝ ඒ නො දැන ඒ බිජු රැක කොවුල් පැටවුන් වඩත්. එහෙයින් කොවුලෝ ‘පරපුටු’ නම් ද වෙත්. ‘මෙවු’ යනු ‘මෙ’ සදින් ‘හු’ විබත වී සිඬ යි. ‘මොවුහු’ යි ද යෙදේ. එවිට ‘මෙවු’ යන්න ම සර්ව නාමප්ර කෘතිය ලෙස සැලකේ. සසදාවත්කරුවෝ (275) ‘එ’ යන්න සඳහා ‘එවු’ යනු යොදති.


569 අර්ථ:- ප්රි‘ය වස්තු වූ ස්පර්ශසය ද ගන්ධේය ද රසය ද රූපය ද ශබ්ද ද (නො තිබී=) (මෙහි) ඉතිර නො වී (යහදසන අයැති යැ=) ප්රි යදර්ශදන ඇති පබවතට අයිතිය යි (තමා තබා=) මා හැර එ (සගල්) නුවරට ගියා වැනි ය.

විස්තර:- දැන් මට ප්රිවය වූ කිසි දෙයක් නැත. ප්රිනය වූ සියල්ල පබවතටම අයත් ය යි කියා මඳක් වත් මෙහි ඉතිරි නො වී ඇය හා සගල්නුවරට ගියා වැනි ය. එසේ නො වේ නම්, මටත් ප්රිගය දෙය මෙහි තිබිය යුතු ය.

570 අර්ථ:- ඔවුන් (නො මින්=) අප්ර මාණ වූ අමර්ෂ‍ය (=කොපය)ම වඩන්නේ මා සඳහන් (=සිහි) කිරීමෙනි. තමා (=මා) (විසිනා=) විචිනනය (=පරීක්ෂාව) කොට නො දන්නා හෙයින් මිස (හෙ=) ඒ සිහි කිරීම ම, අහෝ! නො මඳ ද? (=නො සුලු ද?)

විස්තර:- පබවත කිපෙන්නේ මා සිහි කිරීමෙනි. අහෝ! ඒ සිහි කිරිම මඳ (=සුළු) දෙයක් නො වේ. මහත් ම අනුග්ර හයකි. ඇගේ එක ම වරද නම්, මාගේ අදහස් පිරික්සා නො දැනීම ය. මා පිරික්සා දත හොත් ඇගේ මැසියට ද ඉඩක් නො වේ. ‘වඩන්නේ’ යන්න ‘වඩනු’ යන භාවකෘදන්තනාමයෙහි ප්රහථමාවිභක්ති එකවචාන්තපදය යි. වැඩීම’ යනු අර්ථ යි. ‘ඔවුන්’ යනු එහි අනුක්තකර්තෘක යි. ‘වේ’ යන ක්රිෘයාපදය අධ්ය.හාර කොට ඒ හා සම්බන්ධ කළ යුතු ය.

571 අර්ත:- (තුනු=) ශරිරය නමැති ස්වර්ණ ලතාවෙහි වැතුරුණු (=ඇසුරු කළ) මෙනෙහි (=සිතෙහි) අමර්ෂවය නමැති කෘෂ්ණත්වසය (=කළු පැහැය) කෙසේ වී ද? ස්වර්ණාරභරණයෙන් සෑදූ (සැරහූ) තනයෙහි අග කෘෂ්ණත්වෘය මිස කනකවර්ණසය (නැත් නො?=) නැත්තේ නො වේ ද?

විස්තර:- පබවතගේ ශරීරය රන්ලියක් වැන්න. ඒ රන්ලිය ඇසුරු කළ සිතෙහි මැසි නමැති කළුව වෙයි. එය කෙසේ වී ද? රන්වන් සිරුර ඇසුරු කරණ දෙය ද රන්වන් විය යුතු ව තිබිය දී සිත කළු වූයේ කෙසේ ද? පුදුමයකි. නැහැ. එහි පුදුමයක් නැත. තනය කොපමණ රන්අබරණින් සැරහුවත් එහි අග කළුවන් මිස රන්වන් නො වේ. තනයෙහි අග තිබෙන කළුමැඩිල්ල දුරු කිරිමට රන්අබරණ සමත් නොවේ. එ මෙන්ම පබවතගේ සිතෙහි මැසි කළුව දුරු කිරිමට තුනුරන්ලිය පොහොසත් නො වේ. ‘කිණු’ යන්න ‘කෘෂ්ණ’ ශබ්දයෙන් බිඳුනු ‘කිණ්හ’ යන ප්රුකෘතවචනයෙන් ආවකි. ‘කන’ යනු යනු කනක ශබ්දයෙන් බිඳී එයි. ‘කනා’යි ද සිටී.



572 අර්ථ:- නෙත්රවයෙහි බැලුම් නමැති ජලය උෂ්ණය නිවමින් ගඟුල්හැලි දෙන (=පවත්වන) කල්හි යුගාන්තවහ්නිය වැනි ඒ මරුකතර (ඔහු) කෙසේ නො ගෙවත් ද?

විස්තර:- දැන් මගේ දෙහයෙහි දාහය අතිශය අධික ය. එය නිවෙන්නට නම් පබවතගේ මඳ බැලුමක් වත් අවශ්ය ය. එහෙයින් පබවතගේ බැල්ම උෂ්ණය නිවීමෙහි සමර්ථ ය. දැන් පබවතගේ නෙතෙහි බැලුම් නමැති දිය, කන්දකින් වැටෙන මහ ඇල්ලක් මෙන්, කාන්තාරයෙහි වැටෙ යි. එයින් කාන්තාරයෙහි පවත්නා අසහනීය උෂ්ණය සන්හි‍ඳේ. එහෙයින් පබවතට ඒ මරුකතර ගෙවා යාම අපහසු නො වේ.

573 අර්ථ:- (වියොවැ) වියොගයෙහි ද (ඉඳුපයට=) චන්ර්න පපාදයට දෝ හෝ නොහොත් චන්ර්‍් රශ්මියට හිස ද, මලවීයා (=අනඬ්ගයා) ගේ පහරට පපුව ද දී (වහර=) උපකාරී වූ ජනයාහට (=මට) ඔහු (දළ=) දැඩි (මිදිබියෝ=) ද්රොයහීහු යි.

විස්තර:- පබවත දැන් වියොගිනී ය. මම ද වියොගියෙමි. ඉඳුපා පහරත් මලිවියා පහරත් වියොගීන්ට නො ඉවසිය හැකි ය . ඉඳු හා මලිවියා ද පබවතට හා මටත් සම සේ පහර දෙති. ඇගෙන් වෙන් ව සිටිතත්, මම ම ඉඳුපයට ඉස ද මලිවියා පහරට උර ද පාමි. එයින් ඒ පහර වැදෙන්නේ මට ම ය. පබවතට නො වේ. මට මෙන් දුකක් ඇයට නැත්තේ එහෙයිනි. මෙසේ වියොගයෙහි දී පවා මම ඇයට උපකාරී ව සිටිමි. එසේ වූ මට ද ඕතොමෝ දාඪද්රොරහී ය. අහෝ! දුෂ්ට ලොකයක සැටි!

‘පා’ සද ‘පාද, මරිචි’ යන අර්ථයෙහි යෙදේ. (රුවන් 714) ‘වහර’ යනු ‘උපකාර’ ශබ්දයෙන් එන්නකි. ‘ස‍ෙත්වා පකාර’ යන්නට ‘සත්වහර’ යි කසුප් නිරි‍ඳෝ යෙදූහ. (ධ. ගැ. 4- 24) එහි ‘විහර’ යන්න මුද්රටණදොෂයකි. එහි ම 140 වන පිටෙහි 17 වැනි පෙළෙහි ‘උපකාර’ යන්නට ‘වහර’ යන්න ම යෙදින. (රුවන් 448) සියබස්ලකරෙහි 288 වැනි ගීයෙහි ‘වැහැර’ යි පෙණේ. එය ද ‘වහර’ යි ශුඬ විය යුතු ය. ‘මිදිබි’ යන්න “මිත්තද්ර’හි” යන්නෙන් එන්නකි. එය ‘මිදිමි’ (ධ.ගැ 103-14) ‘මිත්දිබ්’ (ධ. ගැ 128 – 31) ‘මිදිබ්’ =(ධ.ගැ 128-අධොලිපි) යන තුන් අයුරකින් පෙණේ. ‘මිදිමි’ යන්න ‘මිත්තදුහි=මිත්දුබි= මිත් දිබි=මිදිබි=මිදිඹි=මිදිමි’ යන ක්රනමයෙන් සිඬ විය හැකි ය. ධර්මමප්ර=දීපිකාවෙහි 92 වැනි අංශයෙහි මේ තාක් බොහෝ දෙනාට තේරුම් ගත නො හැකි වූ “තොප මහමිදිබි මන ඇතියන්” යන තන්හි ‘මිදිබි’ යන්නෙහි අර්ථය ද මෙයින් ම දත හැකි ය. මිත්ර්යන්ට ද්රො හ කරණුයේ ‘මිදිබි’ නමි. ‘මිත්රියෝ’ නම් ‍ස්නෙහයෙන් යුක්තයෝ යි.

574 අර්ථ:- නෙත්ර්යෙනි, තෙපි දිශා‍ෙවහි දිශා‍ෙවහි (=හැම දෙස ම) ඒ රූපය දැකීමෙන් (වැහැවෝ=) අස්වැසෙවු. කර්ණ යෙනි,(තෙපි) කොවුල් (කිල්මෙන්=) නදින් වැහැවෙවු. ගාත්ර යෙනි, (තෙපි) කෙසේ වැහැවෙවු ද?

විස්තර:- පබවතගේ රුව බැලූ බැලූ දෙසෙහි මට පෙණෙයි. එහෙයින්, නෙත්රබයෙනි, තෙපි එයින් සැනසෙවු. කොවුල්නද අසා, පබවතගේ හඬැයි සිතා, කර්ණරයෙනි, තෙපි සැනසෙවු. අහෝ! අශරණ ගාත්රයයෙනි, තෙපි කෙසේ සැනසෙවු ද? එබඳු ස්පර්ශියක් තබා යම්තමින් ඊට සමාන වත් අනෙක් තැනකින් තොපට ලැබිය නො හැකි ය එහෙයින් තොපට සැනසෙන්ට මඟක් නැත. විරහීන්ට ප්රි්යාවන්ගේ මායාරූප බැලූ බැලූ විට පෙණෙන බව මෙයින් හැගේ. නෛෂධචරිත ප්රයථමසර්ග යෙහි 52 වන පද්යාය ද එය පවසයි. ‘වැහැවෝ’ යන්න ‘වැහැවෙවු’ යන්නෙහි ‘එවු’ යන්නට ‘ඕ’ ආදෙශ වීමෙන් සිද්ධ වේ. කසුප්රජහු “අස්සසථ” යන්නට “අස්වැසෝ”යි (ධ.ගැ. 225-18) අර්ථ කීහ. ඒ ‘අස්වැසෝ’ යන්න ද මෙසේ ම සිද්ධ වූවකි. 122 වැනි ගීයට ලියූ විස්තරය බලනු. ‘කොවුල්’ යන්න ‘කෙවිලි’ යි ද යෙදේ. එය ස්වාර්ථයෙහි ‘ඉ’ ප්රේත්ය’ය ආදිය වීමෙන් සිද්ධ වේ. ‘කිල්මෙන්’ යනු ‘කුල්’ දයින් ‘උම්’ ප්රේත්ය’ය ව සිද්ධ ‘කිලුම්’ සදින් සිද්ධ යි.

575 අර්ථ:- ප්රියය ගාත්රදයෙනි, සෞම්යද වූ තොප (පියත්=) හැර යන කල්හි කන්, නෙත්, සිත් (යන) මෙතෙක් (දෙය) මෙ දෙසින් (=මගෙන්) ගත්තේ ඒ පුරුදු කාන්තාවන්ගේ අනුරාගය නො වේ ද?

විස්තර:- මට දැන් අන් බසක් නො ඇසේ. අනිකක් නො පෙණේ. අනිකක් නා සිතේ. මට දැන් කන් නෙත් සිත් නැති යේ ය. පබවත මා හැර යන් කල්හි එගේ කන් නෙත් සිත් ගෙණ ගියේ ය. ඒ ගෙණ ගියේ අනුරාගය නිසා ම නො වේ නම් කුමක් නිසා ද? අනුරාගයක් නැත්නම් ඒ සියල්ල ගෙණ ගිය නො හැකි ය. එහෙයින් ඈ තුළ ුනුරාගයක් නැතැ යි. කීමවැරදි ය. ‘ගතුයේ’ යන්නෙහි උක්තය ‘නුරා’ යන්න ය.

576 අර්ථ:- වියොගාග්නියෙන් (උදුලන=) දැල්වෙන හෘදය මැද ඔවුන් වස්වා අපි දැන් මිනිස්ගුණ රක්නමෝ නම් වමු ලු. අ‍ඳෝමය!

විස්තර:- මා හදවත දැන් නිතර වියෝගින්නෙන් ඇවිළ ගත්තේ ය. මම එහි නිතර පබවත වස්වමි. (සෝගින්නෙන් දැවෙන සිතින් පබවත සිහි කරමි යි සේ යි.) එතරම් සියුමැලි කතක තබා තිරිසනෙකුවත් ගිනිගොඩක දැමීම මිනිස්ගුණ ඇතියෙකු විසින් කළ නො හැක්කකි. එහෙත් එසේ කරණ මම මිනිස්ගුණ රක්නෙම් වෙම් ලු! මිනිස් ගුණයන්හි හැටි! අඳෝ ම ය! අසරණ සියුමැලි කතක ගිනිමැද බැඳ තබන්නට තරම් ක්රෑයරයන් තුළ තිබෙන මිනිස්ගුණ කවරේ ද?

577 අර්ථ:- ඒ අනුගතාවෝ තමන්හට නැති මේ (අග=) දුක හෝ ගින්න කෙසේ (මට) දෙත් ද? (දම්බිම්හි=) ඣාමභූමියෙහි (=දැවූ පොළොවෙහි) බිජුවට නැතත් ඝනශාඛාවන්ගෙන් සෑදුනු වෘක්ෂබ (දෙනේ=) හට ගණී.

විස්තර:- ඇති දෙය මිස නැති දෙය දිය නොහැකි ය. මේ දුක හෝ ගින්න පබවතට නැත. එහෙත් මේ අග ‍ඕතොමෝ මට දෙයි. පුදුමයක් නො වේ ද? නැහැ. ලොකස්වභාවය ආශ්චර්යය. දැවූ පොළොවෙහි බිජුවට නැත. එහෙත් එහි මහගස් වැවේ. බිජුවට නැති පොළොව ගස් උපදවන්නාක් මෙන් දුක හෝ ගින්න නැති පබවත මා තුළ එය උපදවනු ආශ්චර්ය නො වේ.

‘අශ’ සද අර්ථ රාශියක වැටේ. මෙහි ‘දුඃඛ, අග්නි’ යන අර්ථ දෙයි. (රුවන් 37, 135)


578 අර්ථ:- ලොමුදහ ගත්තා වූ ශරීරයෙන් (ඇය) (සෙද=) වහා වැලඳ ගත් වරදට (යදඬුපහර=) අයොදණ්ඩප්රචහාරය වැනි (සමවලා=) යුගග්රාුහය හෝ එකට එක කිරීම තමා (=මා) හට ඔහු කළාහු වෙත්.

විස්තර:- පබවතට මම මහත් වරදක් නො ‍ෙකළෙමි. වැරැද්දකැයි කිය හැකි එකම ක්රි යාව නම් ලොමුදහ ගත් ශරීරයෙන් යුක්ත ව ඇය වහා වැලැඳැ ගැණීම යි. යුගග්රාහහයෙන් යුක්ත වූ ඇය එය වරදකැයි සලකතත් මම නම් එසේ නො සලකමි. ඇගේ සියුමැලි සිරුරෙහි මගේ ගතෙහි ඉදැහුනු (=කෙ‍ළින් සිටි) ලොම් වැදීමෙන් යම් සුළු දුකක් වූයේ නම් මගේ භාර්යාව වූ ඇය විසින් එය ඉවසිය යුතු ම ය. එහෙත් යුගග්රායහයෙන් යුක්ත වූ ඕ තොමෝ එගෙන් වැදුනු ලොම්පහර සඳහා මට යකඩ පොලුපහර වැනි මේ දුක දෙ යි. ‘සමවලා’ යනු යුගග්රා හය යි. (ධ.ගැ 179 – 13) තමාට වඩා උසස් අය ද, තමා හා සමතත්වයයේ ලා සැලකීම හෝ එකට එක කිරීම නොහොත් කළ එකට වැඩි දෙය කිරීම ද යුගග්රාේහ යි. අන්ය්යා කළ ක්රිොයාවට අධික වූ ක්රි යාවක් කිරීම ද යුගග්රාමහයේ ලක්ෂීණයක් බව ධම්මපදයකථාවෙන් හැ‍ඟේ. (373 පිට) මෙහි ද කළ දෙයට වැඩියක් පෙණේ. කුසරජු කෙළේ ලොමුදහගත් ගතින් පබවත වැලැඳ ගැණීම යි. පබවත ඒ වරදට කුරජුට යදඬුපහර වැනි පහර දෙයි.

579 අර්ථ:- (සඳැ පිරි=) සිතෙහි පිරුණු ඔවුන්ගේ අශ්‍රද්ධාව (මෙදෙසේ=) මා කෙරෙහි (නිබඳ වැ=) නිරන්තර ව ම වන කල්හි (එ වහල්=) ඒ උපකාරය ලැබ (තමා =) මාගේ මෙ (වලා=) වැනි ධෛර්යය බලය (ඔබලෙ=) අවබල (=දුර්‍වල) වී ය. අඳෝ මය.

විස්තර:- පෙර මා තුළ වූ ධෛර්යබලය දැන් නැත. දැන් එය දුර්‍වල ය. ඊට හේතුව ඇගේ අශ්‍රද්ධාව මැ යි. එය නිතර මා දෙස වන විට මගේ ධෛර්යය බලයද ඒ හා එක් වී ය. අශ්‍රද්ධාව වනාහී තමා ඇසුරු කරන්නවුන් දුර්‍වල වීමට උපකාරී වෙ යි. මගේ ධෛර්යබලය දුර්‍වල වූයේ ඒ නින්දිත වූ අශ්‍රද්ධාවගේ උපකාරයෙන් විය යුතු ය. දුෂ්ටයෙකු ඇසුරු කරණ ශිෂ්ට ප්‍රබලයා වුව ද දුර්‍වල වේ ම ය.

580 අර්ථ:- (මගේ) ගෙලෙහි (වැලලවා=) ආලිඬ්ගනය කරවා ගැණීමෙන් ද පයොධරයන් වක්‍ෂයින් උසුලා ගැණීමෙන් ද (ඇගේ) සිඟු (=සිහින්) වූ වළඟට (=ඉඟැටියට) මා (ගෙන්) වූ උපකාර ද නො හැඟියහ. අහෝ!

විස්තර:- පබවතගේ ඉඟැටිය ඉතා සිහින් ය. උඩුකය මහත් ය. පියොවුරු විශාල ය. ඒ බර ඉසිලීමට සිඟුවළඟ අසමර්ථ ය. මම ඒ බර උසුලා ඇගේ සිඟුවළඟට උපකාර වුනෙමි. පබවත එය වත් නො සලක යි. අහෝ! අකෘතඥ කමක මහත.

581 අරථ:- මා (ඔවුන්ගේ) තුනුමැද (=සිහින් මැදපෙදෙස-ඉඟැටිය) නො වන කල්හි (යුගදඟ=) කෙණ්ඩා දෙක නො වන කල්හි මනොනෙත්‍රකල්‍ය (=ප්‍රිය) වූ ඒ දිගැසියන් (=කාන්තාවන්) (යතුරෙන්=) ගමනින් දුක් කෙසේ (මට) (පියොදනු යැ?) එවීම (=එවන්නේ) ද?

විස්තර:- පබවතගේ ගමනින් දුක් විය යුත්තේ ඇගේ ඉඟැටිය ජඬ්ඝායුග්මයත් ය. මම ඇගේ ඉඟැටිය නො වෙමි. යුගදඟ හෝ නො වෙමි. එහෙත් ඇගේ ගමනින් මට දුක් වේ. ඇය ඒ දුක් කෙසේ එවන්නේ ද? ආශ්චර්යෙකි! මන නෙත් පිණවන කතුන් අනුන්ට දුක් දීම ද ආශ්චර්යයකි.

582 අර්ථ:- පද්මරාගමාණික්‍යය විඳිනා කල්හි සුරක්තවර්‍ණය නො පෙණෙන්නාක් මෙන් (සොවු=) ශොකය හදවත විදිනා කල්හි අනුරාගයෙන් බර වූ සිත් නො පෙණේ.

විස්තර:- මා කෙරෙහි අනුරාගයෙන් යුත් සිතක් පබවත තුළ නැති සේ පෙණේ. එසේ වනුයේ ශොකය ඇගේ සිත විදිනා හෙයිනි. එසේ නැත්නම් ඇගේ අනුරාගයෙන් පිරීතිබෙන සිත දැක්ක හැකි ය. ඒ එසේ මැ යි. ස්වාභාවයෙන් ම රක්තවර්‍ණ වූ පියුම්රාමැණ විදින විට ලැබෙන්නේ රතුකුඩු නො ව සුදුකුඩු ය.


583 අර්ථ:- අශ්‍රද්ධා නමැති බීජයෙන් සිත නමැති තැන්නෙහි (=පාත්තියෙහි) අනුරාග නමැති ලතාව වෙයි. (ඒ එසේ මැයි) ගහන වූ බොහෝ කටු ඇති (කරළ=) කර්‍කශ වූ (දම්=) දැවූ වේඇටයෙන් (රඹ=) කෙසෙල් වන්නේ ය.

විස්තර:- පබවතගේ සිතෙහි දැන් අශ්‍රද්ධාව (=අස්නෙහය) වෙයි. පසු ව එයින් අනුරාගය ඇති විය හැකි ය. අශ්‍රද්ධා‍වෙන් අනුරාගය කෙසේ ඇති වේ ද? අශ්‍රද්ධාසඬ්ඛ්‍යාත හෙතුව අනුරාග සඬ්ඛ්‍යාත ඵලයට අසදාශ නො වේ ද? විරුද්ධ නො වේ ද? යනු නො සිතිය යුතු ය. ඒ ඒ හෙතුන්ගෙන් ඊට වෙනස් වූ ද විරුද්ධ වූ ද ඵලයන් උපදනාබව පෙණේ. වේවැල්ඇට කටුසහිත ය. කොරසැඩි ය. එබඳු වේවැල්ඇට වෘක්‍ෂායුර්‍වෙදයෙහි කී පරිදි දවා සකස් කළ විට කෙසෙල් උපදව යි.

යම් යම් හෙතුන්ගෙන් තද්විරුද්ධ වූ ඵලයන් උපදනා බව විශුඬිමාර්‍ගයෙහි ද (ත්‍රි. මු 406 පිටුව) කියන ලදී. එකට දැමූ ගවලොම් එළුලොම්වලින් හීතණ ද, ගෙරිඅංවලින් (සර=) සිහින් බට ද හට ගන්නා බව එහි කියන ලදී. එහි සන්නයෙහි දියසෙවලින් කූරතම්පලා හටගන්නා බව කී නමුත් වේඇටවලින් රඹ හටගන්නා බව නො කියන ලදී. (කව්සිළුමිණෙහි දෙවෙනි පැරකුම්බාරජතුමා විසින් නො ලියූ බවට මෙය ද එක් සාක්‍ෂ්‍යයකි.) සධර්‍මරත්නාවලියෙහි ද චුල්ලපන්‍ථක වස්තුවෙහි “මීහම්වලින් දුනුකේ නැ‍ඟෙන්නා සේ, දී ලාපු තැනින් හීතණ නැ‍ඟෙන්නා සේ, තලමුරුවට ලු තැනින් හත්තණගස් නැ‍ඟෙන්නා සේ” යනුවෙන් විරුද්ධ හේතුඵල දක්වන ලදී.

මෙසේ හෙතුවට විරුද්ධ වූ ඵල ඉපදිය හැකි හෙයින් පබවතගේ අශ්‍රද්ධාව අනුරාගට හේතු විය හැකි ය. ‘කරළ’ යන්න ‘කොරොස්’ (=කොරසැඬි) යන අර්ථයෙහි වැටේ. (රුවන් 582)

584 අර්ථ:- රක්ත වූ (ඇලුනු) (සඳන=) සිත් දෝ හෝ නොහොත් රත්සඳුන් (ඇත=) ඇති කල්හි (සුවට=) මනා පැවතුම් දෝ හෝ නොහොත් මනා වූ වටකුරුබව ඇති කල්හි මුහුණ (අරියත=) ඉල්ලන කල්හි දෝ හෝ නොහොත් ආරාධනා (=සතුටු) කරණ කල්හි (ගමන් ඉහි=) යාම සමග (තනත=) කම්පිත වන කල්හි මා (ඕන=) ඔවුන්ගේ තන සේ (ලෙන්=) පපුවෙන් නො උසුලන්නේ කිම?

විස්තර:- පබවතගේ තන රත්සඳනින් යුතු ය. සුවට ය. මුහුණ අරිය යි. (=ඇගේ හෝ දුටුවන්ගේ මුහුණ පිණව යි නොහොත් පුල්පියුම් නරඹන රන්හසුන් සෙයින් මුවපියුම් බලමින්, උඩුකුරු ව සිටියි.) ගමන් කරණ විට තැනෙ යි. (=කම්පිත වෙයි.) මම ද රත්සඳන ඇත්තෙමි. සුවටයෙමි. මුහුණ අරියමි. (=ඇගේ මුහුණ ඉල්ලමි.) (ඇගේ) ගමන් සමග තැනෙමි. (=දුකින් කම්පිත වෙමි.) එහෙයින් මාත් ඇගේ තනත් අතර වෙනසක් නැත. එහෙත් අහෝ! ඕතොමෝ ඒ තන ලෙන් උසුල යි. මා ලෙන් නො උසුල යි. ඊට හෙතුව කිම? මාගේ දුර්දෛවය ම විය යුතු ය. තන හා කුසරජුගේ ද සමානත්‍වය වන්නේ ‘රත්සඳන’ යනාදී විශෙෂණ ශබ්දයන්ගෙන් පමණකි. ඒ ශබ්දයන්ගේ අර්ථයෙන් නො වේ. ‘රත්සඳන’ යන්න අර්ථ දෙකක් දෙයි. ‘රත් (=ඇලුනු) සිත්’ යනු එකකි. ‘රක්තචන්‍දන’ යනු අනෙක යි. කුසරජුගේ සිත පබවත කෙරෙහි ඇලුනේ වෙ යි. එහෙයින් හේ රත්සඳන ඇත්තේ වෙයි. රත් වූයේ ද ඒ සඳ වූයේ ද ඒ ම නු යි=රත්සඳ ‘සඳ’ සද චිත්තවාචී ය. ‘න’ යන්න විභක්තිප්‍රත්‍යය යි. අනෙක් අර්ථපක්‍ෂයෙහිදී ‘සඳන’ යන්නම ශබ්දප්‍රකෘතිය වේ. පියොවුරු වල රක්තචන්‍දන ආලෙප කරණු ලැබේ. කුසරජ ද සුවට ය. පියොවුරු ද සුවටය. කුසරජ සුවට වනුයේ මනා පැවතුම් ඇති හෙයිනි. ‘මනා වට = සුවට’ යනු විග්‍රහ යි. ‘වට’ සද පැවැත්මෙහි ද වටකුරු බවෙහි ද වැටේ.

පබවත පියොවුරු ද කුසරජ මුහුණ ද අරිය යි. ‘අරියත’ යන්න ‘අරිය’ දයින් සිද්ධ යි. ඒ ධාතුව ඉල්ලීමෙහි ද ආරාධනයෙහි ද වැටේ. පබවතගේ ගමන සමග ඇගේ තන ද කුසරජ ද කම්පිත වෙ යි. ‘තනනෝන’ යනු ‘තනත+එවුන’ යන දෙක සන්‍ධි වීමෙන් සිද්ධ වේ. ‘එවු’ යන්නට ඕ ආදෙශ වන බව 574 වැනි ගීයෙහි දී දක්වන ලදී. ‘එවුන’ යනු ‘එවු’ සදින් ‘න’ විබත වීමෙන් සිද්ධ යි. (568 වැනි ගීය බලනු) ‘උසුලන්නේ’ යනු ‘උසුලනු’ යන භාවකෘදන්තයෙන් සිඬ ප්‍රථමාවිභක්තිඑකවචන යි. ‘ඉසිලීම්’ යනු අර්ථ යි. කුශරාජ පක්‍ෂයෙහි දී ‘ලෙන් ඉසිලීම’ නම් ස්නෙහයෙන් සිහි කිරීම යි.

මේ ගීය සසදාවතෙහි 210 වැනි ‘එ සත්සර රුසිරු - උරැ වතළ ලද වමියන්, පියොවුරුවිලසිනිසිලී - ලෙන් මුළුලොවු ම සිනෙහෙත්” යන ගීයට උපකරණ නො සපයා ද? සසදාවත්කරුවෝ කව්සිළු- මිණෙන් ගත් උපමාව අනුචිතසුථානයක යෙදීමෙන් රස හීන කෙරෙති. මේ සර්‍ගයෙහි දෙවෙනි ගීයෙන් ඇරඹූ විරහවිලාපය මෙ තැනින් අවසන් වී ය. මෙහි ගී පූර්‍වාපරසම්බන්‍ධ නො තක යි. ශොකාතුර ව වැලපෙන්නන් කටට ආවක් කියනු විනා කියන දෙයෙහි අන්‍යෙන්‍යසම්බන්‍ධය නො බලනු සිරිත යි. එසේ වූ විට ම රස පොෂණය අතිශයාධික වෙ යි.

කුසරජුගේ සගල්පුර ගමන. 585 අර්ථ:- නිරිඳු තෙමේ මෙසේ කියමින් මත් ඇතෙකු (නෙළුඹු අසභරනෙන්=) නෙළුම්හුයක් (සිඳින්නාක්) මෙන් අමාත්‍යචක්‍රයාගේ අවවාද සිඳිමින් (=කඩා) සාගලනගරයට ගමන් ගති.

586 අර්ථ:- ගාත්‍රග්‍රහණය කළ (=මූර්‍තතිමත් වූ) ගන්‍ධර්‍වර්‍යෙහි ශ්‍රීය (=ආකාරය) වින්දා වූ (=ලැබූ) දෙපන්දහස්දෙතුන්සියඅනූඑක (=10691) හඬින් යුක්ත වූ කොකනදවීණාවෙහි භාරය ඇර ගත්තා වූ - (මහසත්)

විස්තර:- මේ කොකනදවීණාවෙන් නාදවිශෙෂ දසදහස්හසිය අනූඑකක් නැඟිය හැකි බව මෙයින් හැ‍ඟේ. සංගීතශාස්ත්‍රයෙහි විශෙෂඥභාවයක් නැති ව මේ පිළිබඳ විස්තරයක් කිරීම අපහසු ය. ‘ග‍ඳෙවු’ යනු සංගීතය යි. සංගීතය යම් ලෙසකින් ශරීරයක් වූයේ නම් මේ වීණාව එබඳු ය.


587 අර්ථ:- (හුදු=) ශුඬ එකාන්තචිත්තයෙන් (ඉහි=) (තමා) සමග යන සියගණන් අමාත්‍යයන් හා ස්වකීයයන් (=බන්‍ධූන්) ද හැර එකල්හි (ආ=) ආවා වූ (=ගෙනෙන ලද) මහාඡත්‍රය (=මහාකුඩය) නො ලා (=හිසට නො අල්ලා) (එකලා=) හුදකලා (=තනි) වූ මහාසත්‍ව තෙමේ ගියේ ය.

විස්තර:- සගල්නුවර බලා යන මහසත්හු පසුපස්සෙහි සියගණන් මැතියෝ ද සියෝ ද ගමන් ගත්හ. එසේ ‍ෙකළේ කපටි සිතින් නො ව සැබෑ හිතවත් සිතින් ම ය. මහසත් තෙමේ ඔවුන් හරවා යවා කුඩය වත් හිසට නො ලා තද අව්වෙහි තනි ව ම ගියේ ය.

588 අර්ථ:- එ පුරෙන් (එක සරනෙන්=) හුදකලා (තනි ව යන) ගමනින් ඒ මහාසත්‍වයා (බිහි වත්=) පිටත් වන විට (ඔහු) දැක මාරුතය නමැති සෙවක තෙමේ මුවරදරොන් සුළිය නමැති (සක්=) චක්‍රායුධය ගෙණ ප්‍රථම (=පෙරටු) වී ය.

විස්තර:- වාතය අනුකූල වූ (=කුසරජු ගමන් කළ දෙසට ම හැමූ) බව මෙයින් දක්වන ලදී. අනුකූලවාතය සුබනිමිත්තකි. එය ප්‍රාර්ථනාව (=බලාපොරොත්තුව) සිදු වන බව දක්වයි. (රඝු 1- 42 ) සිරිරහල්මාහිමියෝ ද මුවරඳ සකවි ගෙණ නලසෙවු ඉදිරිපත් වීම සුබ නිමිත්තකැයි කීහ. (පරෙවි 44)

589 අර්ථ:- රොන් නමැති (සහලඟර=) ගිනිඅඟුරු බැහූ මල් (මෙ=) නමැති (මල්=) මලාව (=ගිනිකබල) ලා (=යොදා) භෘඬ්ගයන් නමැති ධූමය ලපලු නමැති අත්ලෙන් විඳින්නා (=විහිදුවන්නා) වූ ලියන්හට (=වැල් නමැති ස්ත්‍රීන්හට) රජ තෙමේ නෙත් නො ලී ය. (=ලියන් නො බැලී ය.)

විස්තර:- ‘මල්’ යනු පුෂ්පයන්ට ද කුඩා භාජනයන්ට (රුවන් .374) ද නමකි. ‘මෙ’ යනු ‘මැ’ යන්නට සමාන නිපාතයකි. මල් ම මල් ය (=අඟුරුකබල් ය) එහි ලූ ගිනිඅඟුරු නම් රොන් ය. දුම නම් බිඟුහු ය. ලිය නමැති ලියෝ කුසරජුට පුදට මෙන් ඒ දුම ලාදළු නමැති අත්ලෙන් ගසා විහිදුවති. ලාදළු සෙලවෙන විට එය වැදුනු මල්හි හුන් භෘඬ්ගයන් ඉන් පියඹා ගියබව මෙයින් විසිතුරු ලෙස වර්‍ණනා කරණ ලදී. රජ තෙමේ ඒ ලියන් දෙස වත් නො බැලී ය. විරහශොකාග්නියෙන් දැවෙන රජතෙමේ අන් ලියන් දෙස බලා ද?

590 අර්ථ:- මන්‍දමාරුතය විසින් චඤ්චලභාවය දුන්නා වූ (=සෙලවූ) පින්නෙන් (අද=) නෙත් වූ (අඳලගුම්=) අ‍‍ෙන්‍දලන ඝොෂයෙන් යුත් බිඟුන් ඇති ලියෝ (=වැල් නොහොත් කාන්තාවෝ) (දෙළෙන්=) ක්‍රීඩාවෙහි යෙදීමෙන් ඔබල වූ ඇය (=පබවත)ගේ විලාසය දක්වා නරනිඳු සැනසූහ.

විස්තර:- මඳපවනින් සෙලෙවෙන, පිනිබිඳු සහිත, බිඟුන්ගේ අඳලගුම් ඇති ලියෝ කෙළිදෙළෙන් මිරිකුනු, කම්පා වන, ඩහදිය වැටුනු, හති දමන, පබවත වැනි ය. පබවත වැනි ලියන් දැක්ම ද විරහතුර වූ කුසරජුට සැනසිල්ලකි. ‘අඳලගුම්’ යනු වරින් වර උස්පහත් වෙමින් පැද්දෙමින් මෙන් පවත්නා නාදය යි. මෙය “සල්මල්හි හී ගුමන බමරුන්ගේ අඳලගුම් අසවු” (බු. ස 31 අංශය) යන තන්හි ද යෙදුනේ ය.

591 අර්ථ:- (යතුරු=) ගමන්මාර්‍ගයෙහි පවනින් (සල දෙන=) කම්පිත වන ලා තඹවන් පල්ලවය (=දළුව) තෙමේ පබවත විසින් දුන් අත්සන් (=හස්තසංඥා - අතින් කළ බස්කම්) ය යි සැක කළ නරවරයාගේ මන නෙත් ගත්තේ ය.

විස්තර:- පබවතගේ අතුල් ලාදළු වැනි ය ලාදළු වැනීම පබවත අත වනා කැඳවීම වැනි ය. ලාදළු වැනෙනු දුටු කුසරජ එය පබවත අත වනා තමාට අඬ ගැසීමකැයි සැක කර සතුටු වී ය.

592 අර්ථ:- පද්මාකරයෙහි (=පියුම්විලෙහි) තාමරසයත් (=රත්පියුම්) නිර්‍මල වූ ඉන්‍ද්‍රනීලමාණික්‍යස්ථලයෙහි පබවතගේ ලාක්‍ෂාරසයෙන් (=ලතුදියෙන් - ලාකඩ සායමින්) තෙත් වූ (පියසන්=) පාසටහන් ය යි (වනඅදන්=) විරහයෙන් බින්න (=බැගෑපත්) වූ කුසරජතෙමේ සැක කෙළේ ය.

විස්තර:- විරහිපුද්ගලයා ස්වප්‍රියාවගේ අවයවයන්ට යම්තමින්වත් සමාන දෙය දුටු විට ප්‍රියාව සිහි කරණු සිරිති. රත්පියුම් පබවතගේ ලතුදිය ගෑ පා වැනි ය. විල්හි ජලතලය ඉඳුනිල්මිණිතලයක් වැනි ය. විල්හි රත්පියුම් දුටු කුසරජ එය පබවත ඉඳුනිල්මිණිතෙලෙහි යන විට වැදුනු ලතුදිය තැවරුණු පා සටහනැයි සැක කෙළේ ය.

593 අර්ථ:- මඳපවනෙහි ස්පර්‍ශය ලැබූ කෙ‍ාකනදවීනාව (ඔත=) බැහූ (=පැවැත්වූ) ස්වරය (=නාදය) කරණ කොට කර්‍ණතාඩනය (=කන්පෙති ගැසීම) දැහැ (=දුරු කර) සිටි ගජෙන්‍ද්‍රසමූහයා හෙතෙමේ දිටී ය.

විස්තර:- කුසරජුගේ වීණාවෙහි තත්හි හුළං පටලැවේ. එයින් හඬ නැ‍ඟෙයි. ඇත්තු ගමන් නවත්වා කන්පට නො ගසා නිසල ව සිට එය ඇසූහ.

594 අර්ථ:- ව්‍යඝ්‍රයන්ගේ බිය ගෙණ දිවූ (වෙහෙලුන්=) මෘගයන් සමග (මියුල්=) මෘගධෙනුසමූහයා (වීණානාදයට) කන් දිදී (අබියෙස්=) ආසන්න වන කල්හි ඒ රජ තෙමේ විරහශොකයෙන් මූර්ඡාව වින්දේ ය.

විස්තර:- මධුරනාදය මුවන්ට ඉතා ප්‍රිය ය. ව්‍යඝ්‍රයන්ට බිය ව දිවූ මෘගසමූහයා කුසරජුගේ වීණාවෙහි නාදය අසා ඒ බිය අමතක කොට රජු වෙතට ආහ. රජතෙමේ මුවඟනන්ගේ නෙත් බලා පබවත සිහි කෙළේ ය. පබවතගේ හා මුවඟනන්ගේ ද ඇස් එක් වැනි ය. මුවන්ගේ හා මුවඟනන්ගේ ද ප්‍රෙමය මහත් බව ද සැලකී ය. එයින් රජුගේ විරහශොකය දියුණු වී ය. එහි ප්‍රතිඵලය නම් මුසපත් වීම යි.

595 අර්ථ:- මාරුතය (පහළමතින්=) වැදුනු පමණින් තිරිසනුන්ගේ කණට ද සුඛදායක වූ ඒ වීණාවෙහි ඒ (කුසරජුගේ) හස්තපල්ලවයෙහි ස්පර්‍ශය (ඔත=) බැහුව (=දුණ) හොත් කොතරම් මාධූර්යයක් (වේ) ද?

596 අර්ථ:- විල්හි දිය පිට මිදෙලි (=මිදෙල්ල) යොහොඹුකුසුම් දැක රජතෙමේ මිණිබිම වැගුරුණු පබළු හා මුතු ද සඳහන් (=සිහි) කෙළේ ය.

විස්තර:- මිදෙල්ලමල් රතු ය. පබළු වැනි ය. යොහොඹුමල් සුදු හෙයින් මුතු වැනි ය. යොහොඹූ යනු හවසට පිපෙන්නා වූ දෑසමන් වැනි මල් වෙසෙසකි. අතිමුක්තක, මාධවී යනු සංස්කෘත පර්යාය යි. ‘මිණිබිම’ යන්නෙහි ‘මිණි’ යන්නෙන් ගත යුත්තේ ඉන්‍ද්‍රනීලමණි යි. දියපිටු සමාන වන්නේ ඉඳුනිල්බිම්වලට ය.

597 අර්ථ:- නරෙන්‍ද්‍ර තෙමේ ඒ පයොධර (=තන දෝ හෝ නොහොත් මෙඝය) සිහි කර උණුසුම් ම‍ඟෙහි ගියේ ය. (ඒ එසේ මැයි) ජනතෙමේ දුරු වූ ඔසු සඳහන් කිරීමෙන් දිලියෙන ගිනිඅඟුරෙහි පාදබන්‍ධනය කරයි. (=පා තබයි.)

විස්තර:- ගිනි සිහිල් කිරීම දන්නෝ බෙ‍ාහෝ ඈත තිබෙන ඖෂධවර්‍ග සිහි කොට ගින්න පාගති. එසේ ම කුසරජ තෙමේ ද ඈත තිබෙන පබවතගේ පියොවුරු සිහි කොට ගිනි ගෙණ දිලියෙන අඟුරු වැනි වැල්ලෙන් වැසුනු කාන්තාරමාර්‍ගයෙහි ගියේ ය. ඒ උෂ්ණයෙන් පීඩාවක් නො වින්දේ ය. කාමතුරයන්ට අනික් පීඩා නො දැනේ.

598 අර්ථ:- මෙසේ මරුකතර තරණය කර (=ඉක්මවා) සාගල නගරයට පැමිණි ඒ නිරිඳු තෙමේ දිවාකරයා අස්තපර්‍වතය භජනය කරණ කල්හි හස්තිශාලාව (=ඇත්ගාළ) යහන්තැන (=ශයනස්ථානය-නිදනතැන) කෙළේ ය.

විස්තර:- දිවයුරු හත්ගිරි බජන්නේ සන්‍ධ්‍යාකාලයෙහි ය. ‘හත්ගිරි’ යන තන්හි හකාරය ආගමවශයෙන් පැමිණියකි. එහි ප්‍රකෘතිරූපය ‘අත්ගිරි’ යනු යි.

599 අර්ථ:- පබවත (යතුරු=) ගමන් ගත් කල්හි ශොකයට පත් කුසරජු ඇය පතා ඒ සාගලනගරයට සපත් (=පැමිණි) සේ කියූ සර්‍ගය.

දෙ‍ාළොස්වැනි යි.

දාදශ සර්‍ගයෙහි ව්‍යාඛ්‍යාව නිමි.