කව්සිළුමිණ-කව්සිළුමිණ-xvi

Wikibooks වෙතින්

13. සර්‍ගය වෙස් වැළහූ කුසරජ.

600 අර්ථ:- එතර (එකල්හි ) (කුස) නිරිඳුහුගේ තෙජසින් (කප්මින්=) කම්පිත වෙමින් එ නුවර මදුඉඳු ආදී රජහු ද (=පවා) රාත්‍රියෙහි සුවයහන්හි (නො හොත්හු=) ශයනය නො කළහ.

විස්තර:- කුසරජු වෙස් වළහා සිටිය ද එතුමාගේ පුණ්‍ය තෙජස අන්‍යන්ට ඉවසිය නො හැකි වී ය. මදුරජ ආදී රජවරු පවා ඒ තෙදින් කම්පිත වූහ. එහෙයින් ම රාත්‍රියෙහි සුවනින්දක් නො ලදහ. රජවරු එසේ වූ නම් සෙස්සන් ගැණ කියනු ම කිම?

601 අර්ථ:- සම (=කල) මන්‍ද්‍ර, තාර, (ඔලි=) කාකලිශබ්දය යන දෙවිස්සක් හඬ (=ශ්‍රැති) ඇති, ග්‍රාම තුණක් ඇති, රාග සයක් ඇති, ඌනපඤ්චාශත් (=හතළිස් නවයක්) ස්ථාන යුක්ත මූර්ච්ඡනා විසි එකක් ඇති සප්ත ස්වරය වැජඹෙන (=පවතින)-

විස්තර:- මෙයින් කුසරජුගේ කොකුමුවවෙණෙහි පවත්නා නාද විශෙෂ දක්වන ලදී. ස්වරයන්ට ආරම්භක වූ, ප්‍රථමශ්‍රවණයෙන් ඇසෙන, භ්‍රස්වමාත්‍රක වූ, සියුම් නාදවිශෙෂ ‘ශ්‍රැති’ නම් වේ. ලඬ්කාවෙහි පැවති සංගීතශාස්ත්‍රයෙහි ඒ ශ්‍රැති ‘කල, මන්‍ද්‍ර, තාර, කාකලි’ ය යි සිව්වැදෑරුම් වේ. මධුරඅස්ඵුටනාදය ‘කල’ නම් වේ. එය මෙහි ‘සම’ නාමයෙන් දක්වන ලදී. මන්‍ද්‍රතාරඅවස්ථාවන්ට නො පැමිණ මධ්‍යයෙහි සම ව සිටිනා හෙයිනි. ‘මන්‍ද්‍ර’ යනු ගම්භීරනාදය යි. එය ‘මඳර’යි මෙහි යෙදුනේ ය. ‘තර’ යනු දික් වූ උස් හඬයි. ‘කාකලි’ යනු සූක්‍ෂමමධුරනාදය යි. ‘ඔලි’ යන්න යෙදුනේ ඒ ‘කාකලි’ නාදය උදෙසා ය. මේ නාද හතර දියුණු වීමෙන් සප්තස්වරයෝ උපදීත්. සප්තස්වරයන්ගෙන් ඍෂභ ස්වරයට තාර, කල, මන්‍ද්‍ර යන තුණ ද, ධෛවතයට තාර, මන්‍ද්‍ර යන දෙක ද, ෂඩ්ජයට තාර, කල, මන්‍ද්‍ර, කාකලි යන සතර ද, එසේ ම ගාන්‍ධාරයට ඒ සතර ද, මධ්‍යමයට තාර, කල, කාකලි යන තුණ ද, පඤ්චමයට කල, කාකලි යන දෙක ද, නිෂාදයට ඒ සතර ද යෙදෙතැ යි අභිධානප්පදීපිකා (පාලිනිඝණ්ඩු) වෙහි 136 වැනි ගාථාවට ලියූ ටීකාවෙහි කියන ලදී. එක් එක් ස්වරයට යෙදෙන ශ්‍රැති සඬ්ඛ්‍යා සියල්ල එකතු වූ විට දෙවිසි හඬ (=ශ්‍රැති) ලැබේ. ගුරුළුගෝමීහු ද (ධ, ප්‍ර 131 වැනි අංශය) මේ ක්‍රමය ම දක්වති. සෙසු පාලිපොත්හි ද දක්වන ලද්දේ මේ ක්‍රමය මැ යි. (අපගේ අමාවතුරු- ගැටපදවිවරණයෙහි 107 පිටුවෙහි ද මොවුන් පිළිබඳ වර්‍ණනාවක් එයි.) සංගීතරත්නාකරයෙහි ශ්‍රැති දෙවිස්ස මෙලෙසින් නො ව අන් ලෙසකින් දක්වන ලදී. දීප්ත, ආයත, කරුණ, මෘදු, මධ්‍ය යන වශයෙන් ශ්‍රැතජාති පසෙකැයි ද, ඒ ජාති පසෙන් සප්ත ස්වරයන්ට පිළිවෙළින් ජාති 4, 3, 2, 4, 4, 3, 2 යන වසයෙන් යෙදීමෙන් ශ්‍රැති දෙවිස්ස වෙතැයි ද සංගීතරත්නාකාරයෝ කියති. පුරාතන ලඬ්කාවෙහි විශෙෂ සංගීත ශාස්ත්‍රයක් තුබුනු බව මේ විෂමත්‍වයෙන් ඔප්පු වේ. තෙගම් හා සරා ද 236 (5 – 17) වැනි ගීයට ලියූ විස්තරයෙහි දී දක්වන ලදී. දෙවවාද්‍යයෙහි පමණක් ලැබෙන ගාන්‍ධාර ග්‍රාමය මේ වීණා‍ෙවන් ද ඉපදවිය හැක්කේ මෙය ද දෙවවාද්‍යයක් හෙයිනි. එක් එක් ස්වරයට මන්‍ද්‍රතාරකාරව්‍යවස්ථාව කරණ ස්ථාන සත බැගින් වේ. එහෙයින් සප්ත ස්වරයන්ට ස්ථාන හතළිස් නවයකි. මේ ‘ස්ථාන’ යන්න ඇතම් තන්හි ‘තාල’ යි යෙදී තිබේ. (පඤ්චතන්ත්‍ර 5- 53) ‘උනු පණස්තන්’ යි මෙහි කීයේ ඒ ස්ථාන එකුන්පණස යි. සප්තස්වරයන්ගේ ආරොහඅවරොහ (=නැඟීම් බැසීම්) විශෙෂ ‘මූර්ච්ඡනා’ නමැති සංගීතරත්නාකරයෙහි (47 පිටුව) කියන ලදී. එක් එක් ස්වරයට මූර්චඡනා තුණක් බැඟින් සප්තස්වරයන්ට එක්විස්සකි. නොහොත් එක් එක් ග්‍රාමයට සත සත බැගින් මූර්චඡනා එක්විස්සකි. මෙහි ‘එක්විසි මුසන්’ යි කීයේ ඒ මූර්චඡනා යි. මොවුන් පිළිබඳ මීට වැඩි විස්තර සංගීතිශාස්ත්‍රයෙන් දත යුතු ය. මෙහි ‘ඔලි’ යන්න ද්‍රවිඩ වචනයකි. ශබ්දවාචී ය. පැරණි සන්නයෙහි ඊට “ආරොහඅවරොහයෙන් යුක්ත වූ” යි අර්ථ කියන ලදී. ‘ඔලි’ ශබ්දයෙහි එබඳු අර්ථයක් නැත. ‘ආරොහඅවරොහ’ නම් මූර්ච්ඡනා යි. පැරණි සන්නයෙහි මේ ගීයට කී අර්ථයෙහි සම-මන්‍ද්‍ර-තාරයන් ලය සේ දැක්වීමත් ‘තෙගම් සරා’ යන්න ‘තෙගම්රා’යි ගෙණ “ග්‍රාමරාවත්‍රයයක් ඇති” යි කීමත් වැරදි ය. එලෙසින් ම ‘ඔලි’ යන්නට කී අර්ථ ද වැරදි ය . මෙහි ‘ඔලි’ යන්න යෙදුනේ ‘කාකලී’ යන්න උදෙසා ය. පැරණි ගැටපදයක වූ අවුලක් නිසා සන්නවල මේ වැරදි වූයේ ය යි හැ‍ඟේ.

602 අර්ථ:-එදා (ඇතරුවනට=) හස්ත්යා්රෝහකයන්ට ඒ වීණා වෙහි (අත ඔත්=) අත බැහූ කල්හි ශක්ර් තෙමේ රසයෙන් මත් වී ය. සමස්ත ලොකයම එක ම කොලාහල (=නාද) ඇත්තක් වී ය. විස්තර:- කුසරජ තෙමේ එදා රෑ නැවතිමට ඇත්හලට ගෙ‍ාස් ඇත්ගොව්වන්ට සඬ්ග්රොහ සඳහා වීණාව වාදනය කෙළේ ය. ඒ වීණා නාදයෙන් ශක්රසයා ද කුල්මත් වී ය. ඒ වෙණනද මුළුලොව පුරා සිටියේ ය. එහෙයින් මුළුලොව එක ම නාද ඇත්තක් වී ය. ‘අත+ඔත්’ යන දෙක සන්ධි වීමෙන් ‘අතොත්’ යන්න සිද්ධ වේ. සමහරුන් ‘අතොව’ යන ධාතුවකින් සිද්ධ ය යි සලකන බව හැ‍ඟේ. 308 වැනි ගීයෙහි ‘අත ඔත්’ යන දෙක විසන්ධිහ ව යෙදුනු හෙයින් ඒ සැලකීම අහෙතුක ය. අපගේ අමාවතුරු ගැටපදවිවරණයෙහි 131 වැනි පිටෙහි මේ පිළිබඳ විස්තරයක් ඇත.

603 අර්ථ:- එකල්හි පබවතගේ සවන්හි නරවිරුහුගේ වෙණරැවු වැටෙත් ම ඕතොමෝ කුසරජු සිය නුවර (පිළිපන් සේ=) පැමිණි බව ප්රනත්යධක්ෂ කළා ය.

විස්තර:- ‘පසක් කළ’ යන්නෙහි අර්ථය නම් ‘නිසැක ලෙස දැනගත්තා ය’ යනු යි. තර්කයශාස්ත්ර්ය පරිදි මෙබඳු තැන ප්රිත්ය‍ක්ෂ ඥානයක් නො ලැබේ. යම් යම් හෙතු අනු ව ඇති කර ගණු ලබන සාධ්ය්ඥානය (=සිද්ධ කට යුතු-දැන ගත යුතු -දෙය පිළිබඳ නුවණ) අනුමානඥානයයි. ග‍ඟෙහි කුණු රොඩු සහිත මඩ වතුර ගලා එනු දැක්මෙන් ගග ඉහල වැසි වට බව දැන ගැණීම අනුමානඥානය යි. “පසක් කළ” යි යෙදුනේ ‘අනුමත කළ’ යි යෙදිය යුතු තැන ය.

604 අර්ථ:- ඒ වීණා නාදය අසා තුටු අදහස් ඇති මදුරජ තෙමේ (කහවණු) දහසක් දුන්නේ ය. නරප්රිවර තෙමේ එය (දැරැ=) දරා (රැගෙණ) පසු ව හස්තිගොපකජ්යෙ ෂ්ඨයාහට දුන්නේ ය.

විස්තර:- ‘වෙණ’ සද මෙහි අභෙදොපවාරවශයෙන් වීණා නාදයෙහි වැටේ.


605 අර්ථ:- ඒ කාන්තාවගේ රූපය නමැති මධුව නෙත්රභ නමැති (බොල්ලෙන්=) චෂකයෙන් (බොත=) පානය කරත් හොත් මේ ස්ථානය (ඊට) අස්ථානයක් ම ය යි ගොස් මාලාකාරනායකයාගේ නිවෙසට පිවිසුනේ ය.

විස්තර:- ‘බොල්ලෙන්’ යන්නෙහි ප්රමකෘතිය ‘බොලු’ යනු යි. ‘කවඩිබොල්ලන්, රන්වන්බොල්ලන්” (ජා. ගැ. 129 – 21 ) යන පාඨයන්හි ‘බොලු’ සද යෙදින. එය සඬ්ඛ්යාාවාචී ය. ‘සක්බෙල්ලා’ යනාදියෙහි තිබෙන ‘බෙලි’ සද ද ‘බොලු’ සදින් ස්වාර්ථ ‘ඉ’ ප්රෙත්යාය වීමෙන් සිද්ධ වේ. අතීතයෙහි බෙලි කටු ද මී බීමට ගත්බව මෙයින් හැ‍ඟේ. ‘මල්ගොවු’ යනු මාලාකාරයන්ට නමකි. (රුවන්. 392)

606 අර්ථ:- චතුරශ්රි වූ ද ත්ය් ශ්රන (=තුන් හුලස් ) වූ ද වට වූ ද විසිතුරු රුවින් මල්දම් ගොතා (පියොදත්=) යවන කල්හි තුටු වූ රජතෙමේ දුහිතෘචන්රිල්ද කාව විසින් පැලඳීමට ඉඩ දුන්නේ ය.

විස්තර:- ‘පියොදත්’ යනු ‘පියොද’ දයින් කර්තෘමකාරකයෙහි සිද්ධ වන රූපය ‘පියෙදෙත්’ යනු යි.

607 අර්ථ:- පබවත් තොමෝ මහත් වූ සන්තොෂයෙන් දිව ගොස් මල්දම් ඇරගෙණ දරා එහි නානාආශ්චර්යන් බලමින් තඩාග ක්රීිඩාව පිළිබඳ හස්තකර්මානන්තය දුටුවා ය.

විස්තර:-කුසරජ පබවත කුපිත වූ දවස්හි ජලක්රී ඩාව දක්වන චිත්රරයන් ඇති වන සේ ඒ මල්දම් ගෙතී ය. ‘අත්කම්’ යි කීයේ ඒ චිත්රරයන් සඳහා ය.

608 අර්ථ:- තොය (=ජල) ක්රී‘ඩාව පෑ ඒ රූපයන් (මගමින්=) පරීක්ෂාෙ කරමින් ආශ්චර්යවත් වෙමින් ‘මේ ශිල්පය (කුසරජුහැර) අන්යරන්ට (නොවිසා=) අවිෂය (=නො හැකියි) ය’ යි (වී=) කියා කුසරජු සමග මතමා (=තමාගේ රූපය) දුටුවා ය.

සගීය] 609 අර්ථ :- ඒ මල්දම අතින් (දැහැ=) දුරු කර ඉතා රත් වූ පයින් මඩමින් තොල්හි කැලුම් වර්ධනය කරණ සිනාව මර්ධනය කරන (සිරි=) ආකාරය (අළ) එළවූවා ය. (= ගෙණ ඇර දැක්වූවා ය.) විස්තර :- සිනාවෙන් ලවනතෙහි කාන්තිය වැඩේ. තොල්හි කැලුම් වඩනා ඒ සිනාව කොපයෙන් මැඩේ. එහෙයින් සිනා මඩනා සිරිය (=ආකාරය) නම් කොපයි යි. මෙහි මිතීයාර්ධයට “සිනාව මර්ධනය කරන්නා වූ ලවනත කැලුම් වඩින්නා ”(= යන්නා) වූ ද සිරි දැක් වූ ” යි ද අර්තථ කිය හැකිය. කුපිත වූ විට තොල් වෙව්ලන්නට පටන් ගණියි. එය තොල්හි කැලුම් තොලින් බැහැර යාමක් වැනිය.

610. අර්ථ :- මෙ ම (ගින්=) ලෙසින් ඒ මහාසත්ව තෙමේ (පෙර) කණෙහි ද සිතෙහිද නෙතෙහිද නොවැදුනු (= නො ඇසු, නොසිතූ නොදුටු) කුම්හකාරකර්මහ නලකාරකර්මු කොටද අස්වසක් (= සැනසිල්ලක්) නො ලැබ- විස්තර :- ‘ කණතැ සිතැ නෙතැ නො පහළ’ යනුවෙන් මේ කර්මාන්ත විෂයෙහි කිසි ම පලපුරුද්දක් කුසරජුට නැති බව දක්වති. එසේ වුවද, බෝසතුන්ගේ අදහස් සිදුවන හෙයින්, ඒ කර්මාන්තයන් හි ඉතා පුහුණු වූ වන්ටද වඩ‍ෙ කුසරජ එහි ඉතා දක්ෂ වීය. ‘නළවරකම්’ යන්න ‘තුනාකම්’ යි පිටපත් හි පෙණේ. එය වෘත්තය බිදි යි. අටුවාවට ද විරුද්ධ වෙයි. අටුවාවෙහි පරිදි කුසරජ පළමු කොට ඇත්හළට ගියේ ය. ඊළඟට කුඹල් හලට ද, නළකාරයා වෙතට ද, මාලාකාරයා වෙතට ද ගියේ ය. තුනාකරුවෙකු වෙත ගිය බවක් නො දැක්වේ. ‘තුනාකම්’ නම් ඇඳුම් මැහී ම යි. ‘නළවරකම්’ නම් බටපතුරුවේවැල් ආදියෙන් විජිනිපත් කුළු ආදිය කිරීම යි. කුසරජ තෙමේ ඒ තන්හිදී ද මල්කරුනිවෙසෙහි දී මෙන් නොයෙක් විසිතුරු රූ දක්වා බඳුන් ද විජිනිපත් ආදිය ද තනා යැවී ය.

611 අර්ථ :- නැවත (පිළිබඳින=) ප්රසතිබන්ධනයෙන් (=පබවත කෙරෙහි බැඳීමෙන්) (යහක් අතැ පිළිබඳින උවයක්=) සුඛයක් අතෙහි


330 කව්සිළුමිණි ත්රැයොදශ

ප්ර තිබද්ධ කරණ (= සැපයක් අත් කර ගන්නා) උපායක් සිතා දත් ඒ විශ්රෙමහ්ශෞණ්ඩ (= ප්රිකයසත්ථවයට ලොල් වූ කුසරජ) තෙමේ සිතින් (තිළී=) සතුටු ව මුළුතැන්ගෙට (=පචනාගාරයට) වන්නේය.

විස්තර:- ‘තිළී’ යනු ‘තුස්- තුටු වීමෙහි’දයින් නිපාතන විධියෙන් සිද්ධ පූර්වරක්රිෞයා යි. සමහරු මෙය ‘තුළ’ දයින් සිද්ධ සේ සලකති. ‘තිළිලෙන්’ යි ‘ලෙන්’ යන්න නොයොදා හුදු ‘තිළි’ යන්න ම යෙදුනත් මේ අර්ථයම ලැබේ. සතුටු වන්නේ සිතිනි. එහෙයින් ‘ලෙන්’ යන්න අනවශ්ය යයි කිසිවෙකුට සිතිය හැකිය. මේ කවීශ්වරයෝ අනවශ්යි වචන නොයොදති. ‘කුසරජ ලෙන් පමණක් තුටු වී ය. කයින් තුටු නොවීය’යි මෙයින් අඟවති. කයින් තුටු වීම නම් කය පිණවන සුවපහස් ලැබුම යි. මුළුතැන් ගෙයන එබන්දක් ලැබිය නොහැකිය. ලැබෙන්නේ කයට දුක ම ය. එහෙයින් කුසරජ සිතින් පමණක් සතුටු වී ය. ‘අතිශයින් සතුටු ව’ යන අර්ථය ද ගත හැකිය. 612 අර්ථ:- (මුළුනා=) සුදජ්යෙශෂ්ඨ (=පචනාගාරාධ්යගක්ෂ) තෙමේ ඔහු දැක “තා දන්නේ කුමක් දැ?” යි විචාළේය. නැවැත “ මා දන්නේ (මුළුමෙහෙ=) උයමන් මෙහෙය ය” යි කියත් ම එය (විමසනු අස්නෙත්=) විමර්ශනය කරණ අදහසින්- 613 අර්ථ:- රස ශුන්ය වූ මස් ඇට දී රසයක් (= හොද්දක්) කරව යි මෙහෙයා (=නියම කර) ඒ මුළුදෙට තෙමේ (මුළු=) භොජන සමඟ (බදුනා=) භොජනානුභව කරණ (මහලට=) ප්රවසාදයට ගියේය.

විස්තර:- ‘රස’ යනු හොද්දට නමකි. දඹදිව බොහෝ පලාත්හි ඒ අර්තයෙහි ඒ සඳ අදත් යෙදේ. ද්රූවිඩයෝ ද හොද්දට ‘රසම්’ යි කියති. ‘කරහ’ යනු විධික්රිණයාපදයකි. ‘කර’ ධාතුවෙන් විධික්රියයා ’හ’ ප්රසත්යලය වී සිද්ධ යි. මේ ප්රධත්ය‍ය ග, ක, ව, යන රූපයන්ගෙන් මිස ප්රිකෘතිරූපයෙන් දැන් භාෂාවෙහි නො පෙනේ. පැරණි පොත්හි සමහර තැන ‘කියහ, බලහ’ යි යෙදුනු පාඨ ද සංස්කාරකයන් අතින් ‘කියහ, බලහ’ යන පදය පූජාවලියෙහි 520 වැනි පිටෙහි පෙණේ. ‘බුදුනා’ යනු බුදු දයින් ආධාරකාරකයෙහි ‘නා’ පස වී සිද්ධ යි.


=සගීය කලපලතාව්යාණඛ්යාපව 331 614

අර්ථ:- මහත්මා ඒ (රොළු=) රළු ඇට මස් ගෙණ පිසන සමයෙහි (දුනුන්හි=) ධූපනයෙහි (= තෙම්පරාදුවෙහි) සුවඳ සතර යොදුන් වූ සියලු නගරයෙහි විසුරුණේය. (පැතිර ගියේය.)

විස්තර:- ‘දුහුන්’ යන්න ‘ධූපන’ ශබ්දයෙන් එයි. (ජා.ගැ. 70-23) ‘දුන්තෙල්’ යන්නෙහි ‘දුන්’ සද ද මෙයින් ම සිද්ධ වූවකි. සමහර පලාත්හි ‘දුන්’ යි ද හ්රෙස්ව කොට එය ව්යනවහාර කරණු ලැබේ. තෙම්පරාදු කිරීම සඳහා සමහර පලාත් හි ව්ය වහාර වන ‘දුවා නැමීම’ යන්නෙහි පෙණෙන ‘දුවා’යන්නද ධූපන ශබ්දයට සමාන අර්ථ ඇති ‘ධුප’ යන්නෙන් එන්නකි. විසුද්ධිමග්ග කසිණනිදෙදසයෙහි තිබෙන “ලොණධූපනං විය සබ්බඛ්යිඤ්ජනෙසු” යන්නට “සියලු ව්යඛඤ්ජනයෙහි ලුණු හා තෙල් සෙයින්” යි අර්ථ කියන දෙවෙනි පැරකුම්බා මහරජතුමා මේ ‘දුහුන්’ යන වචනය අමතක කළේය. කව්සිළුමිණ දෙවෙනි පැරකුම්බා රජතුමාගේ කෘතියක් නම් මෙහි යෙදුනු ‘දුහුන්’ සද ම තත්පුභවය වූ ‘ධූපන’ ශබ්දයට අර්ථ කීමෙහි දිත් යොදනු නිසැක ය. එසේ නො යෙදී මෙන් කුමක් ඔප්පු වේද? 615 අර්ථ:- නිරිඳු “ඒ (සුවඳ) කීමෙක්දැ’යි කියා පරීක්ෂා කරණ කල්හි මුළුනා තෙමේ මෙ කීය.:- “ඒ (වනාහි) (අත්වැරියකු=) මෙහෙකරුවෙකු විසින් භෝජනය පිණිස මස් නැති ඇට පිසමනකි.”

විස්තර:- ‘අත්වැරියකු’ යන්න සඳහා ‘අත්වැසියකු’ යන්න මුද්රිවත පොතෙහි යෙදින. එහෙත් ‘අත්වැරියකු’ යන්නෙහි අර්ථය ‘අනත්යෂ-පහත්-වැඩකාරියෙකු’යන්නය. ‘අතවැසි’ යනු ශිෂ්යහපර්යා ක ය යි. සමහර ශිලා ලේකනයන්හි (ශි.සං.10-17 44) පෙණෙන ‘වැරියන්’ යන්නෙහි අර්ථය ද ‘වාර වශයෙන් මෙහෙ කරන්නන්’ යනුයි. 616 අර්ථ:- එකල්හි ගෙණ එන්නට (කැරැ=) සලස්වා (=ගෙන්වා) ඒ මධුර වූ රසය විඳ විඳ, මෙ බඳු අමෘත රස ඇති රසායනය උතුම් පබවතට (පැලැඟි වී=) සුදුසු ය’යි.

විස්තර :- ‘රසයින්’ යනු ජරාව්යාඋධිනාශක වූ ඹෟෂධයන්ට නමකි. වා පිත් සෙමේ යන තුන් දොස් ශමනය කර ශරීරපුෂ්ටිය ඇති කරණ බෙහෙත් ජරාව්යාමධිනාශක වේ. මේ රසය එ බඳු රසායනයක් වැනි ය. සියලු රසනහර පිණවා මදුරජුගේ ශරීරයට විශේෂ පොෂණයක් ඇති කළ හෙයිනි. සමහර රසායන මධුර නොවේ. එහෙත් මෙය අමෘතරසයෙන් යුක්තය. 617 අර්ථ:- රජ තෙමේ ඔහු (=කුසහු) (කල්කලට=) කාන්ත වූ කාන්තාවට පිසීමෙහි නියුක්ත කෙළේ (=යෙදූයේ) මතුද? (නොවේ) (ගිමින් අදන්හට=) ග්රීමෂ්මයෙන් බැගෑපත් වුවහුට ඉතා සිහිල්විලක් (අසඟී=) සමීපයෙහි (මෙහෙ=) වැඩද දුන්නේ ය.

විස්තර:- මදුරජ තෙමේ අරක්කැමි වෙසින් සිටි කුසරජු පබවතගේ බොජුන් පිසමනෙහි යෙදී ය. ඒ වනාහි ගිමින් පෙළෙන්නෙකුට විලක් අසල වැඩ දීමක් වැන්න. 618 අර්ථ:- ඒ (කුස) රජු ගත්තා වූ මුළුතැන්ගෙය (වනාහි) ශිඛීන්ද්රරයාහට (ගනසමානු=) මෙඝකාලය (වැනි) නො වේද? මදයෙන් මත් වූ ගඳගිජිඳුහට දිය ඉතිරුණු මහත් වූ විලක් (වැනි) නොවේ ද? විස්තර:- යම් සේ මෙඝ කාලය මොනරා පිනවාද, යම් සේ දිය පිරුණු මහ විලක් මදමත්ගිජි‍ඳෙකු ප්රාමෝද කෙරේ ද, එසේම ඒ මුළුතැන් ගෙය කුසරජු පිණවී ය. එයම පබවතගේ දර්ශරනසන්ථවය සපුරා සිදු කර ගන්නට ඉඩ සලසා දෙන හෙයිනි. 619 අර්ථ:- භෝජනයෙහි ඔජය (ඉතා ශ්රෙරෂ්ඨ වූ භෝජනය) සිද්ධ කොට (දෑතින්=) ජත්රැයවෙන් හෙවත් කරින් දරා කාන්තාවගේ නිවාසයට (අළ=)ඇර ගෙණ ගිය කල්හි (කුසරජුගේ) නේත්රා නමැති නැව ඇයගේ රූප නමැති සාගරයෙහි ලෝභය නමැති මාරුතයෙන් (උපෑ=) උත්පානය (=උඩට නැගීම) පෑවාක් මෙන් වීය. විස්තර:- ඉතා රසවත් බොජුන් පිස කද බැඳ කර තබා ගෙණ පබවතගේ නිවෙසට ගිය කුසරජ ඇසිපිය නො හෙළා පබවතගේ රුව බලා සිටියේ ය. කුසරජුගේ නෙත නැවක් වැනි ය. එය පබවතගේ රූසයුරෙහි වීය. ආශාව නමැති වාතයෙන් එය උත්පතිත වීය. ‘උපෑ’ යනු උඩට නැඟීම, උල්පත, උපද්ර වය, හදිසි ජල ගැලීම, භූමිකම්පා, ණාටු යනාදී අරුත්හි වැටේ. මෙහි ‘උඩට නැඟීම’ යන අර්ථය සුදුසු ය. සගීය කල්පලතාව්යා්ඛ්යාථව 333

620 අර්ථ:- ඒ රජහුගේ (පැටි=) සැඟ වූ (=මාරු කළ) විලාසය පියරජුට නො දන්වනු පිණිස (යුත්=) සුදුසු වූ නොහොත් මෙහෙයෙහි යෙදුනු යහළු ස්ත්රී න් (නළවා=) රවටා (=සතුටුකොට) ගෙණ ශතරස (=බොහෝ රස ඇති) භෝජනය (නො බුදු=) අනුභව නො කළාය. විස්තර:- ‘සියරස බොජුන්’ - සිය ගණන් රස ඇති භොජන ය යි. සමාධිරාජසූත්රීයෙහි (118 වන පිටුවෙහි ) “ශත රසඤ්ච භොජනං සම්පාද්ය්” යන පාඨයෙහි ද මෙය සඳහන් වේ. ‘පැටි’ යනු ‘පට’ ‘සැඟවුම්හි’ දයින් සිද්ධ කර්ම කාරකකෘදන්ත යි. ‘බුදු’ යනු කෑමෙහි වැටෙන ‘බුදු’ දයින් සිඬ යි. 621 අර්ථ:- ඕ තොමෝ යහළු ස්ත්රීටන් විසින් (අළ=) ගෙණෙන ලද ඒ රස ශූන්ය වූ භොජන ම අනුභව කළා ය. (මියුරස=) මාධූර්ය්ය)ය පදාර්ථයන්හි (=ද්රදව්ය යන්හි) නොව හෘදය ඇතුළෙහි ම වාසය කරන්නා වැනි ය. විස්තර:- පබවත තොමෝ කුසරජු විසින් එළ වූ ඉතා රසවත් වූ ඒ බොජුන් නො වළ ඳා යෙහෙළියන් ළවා ගෙන්වා ගත් රස නැති අහර ම ඉතා රසවත් සේ වැළ දූ ය. එයින් කුමක් හැ‍ඟේද? මධුරභාවය ද්රැව්ය යන්හි නොව සිතෙහිම පවත්නා බවය. නො එසේ වී නම්, කුසරජු ගෙනා මධුරාභාර දුරු කර අමධුර ආහාර අනුභව කරන්නේ කෙසේ ද? වස්තූන්ගේ ප්රිකය - අප්රිකය භාවයද, මධුර - අමධුර භාවයද සිඬ කරන්නේ පුද්ගලයන්ගේ අදහස් ම ය යන බව නොයෙක් විට ඔප්පු වේ. වස්තුන් හිම ප්රිගය - අප්රි්යභාව පිහිටා තිබේනම්, එකම වස්තුව එකෙකුට ප්රිනය වන අතර අනෙකුට අප්රිනය විය නොහැකිය. ‘පදඅත්’ යනු ද්ර ව්යඅයන්ට නමකි. ද්රතව්යවයෝ (නාම) පදයන්ගේ අර්ථයෝ ය 622 අර්ථ:- (වරෙක් දහක් =) එක්දිනක් රජමැඳුරට (මෙහෙවඩත්=) බොජුන් ගෙණ යද්දී ඇගේ සිත් (වට=) පැවැත්ම අදහා ගණු පිණිස (=කෙබඳු දැයි නිශ්චය කර ගණු පිණිස) (ඒ කුසරජ) තෙමේ (නළනෙත්=) වඤචාවෙන් (=බොරුවට) හිතින් (සොපානයෙන්- තරප්පුවෙන්) (හිනි=) වැටුණේ ය.

334 කව්සිළුමිණි ත්රායෝදශ

විස්තර :- මෙහි “වරෙක් දහක්” යන පාඨය ලිහිය නොහැකි අවුල් සහිත ගැටයකි. ‘වර’ සද ‘කාලය, දවස’යන අර්ථ දෙයි. ‘දහ’ යන්නද ‘දවස’ යන අර්ථය පවසයි. එහෙයින් ඒ පාඨයෙහි අර්ථය විය යුත්තේ “කාලයෙහි හෝ” දවසෙහි එක් දවසක්” යනු යි. ඒ නොගැලපේ. “එ වරෙක් දහක්’ යි ‘එ’ යන්න මුලින් යොදුවොත් “ඒ කාලයෙහි” යි අර්ථය දිය හැකිය. එහෙත් ඒ ‘එ’ යන්න නැති වූ ම “වරෙක් දහක්” යනු ම කාව්යැකතෘර්හුඑගේ යෙදුමය යනු හැ‍ඟේ. මේ පාඨය 378 වැනි ගීයෙහි ද යෙදින. එහි දී නම් ‘වර’ යන්නට “වල්ලභතෙමේ’ ය අර්ථය කියා යම්තම් බේරුණෙමු. එහෙත් ඒ අර්ථය කවීහුගේ අදහසට විරුඬය යනු දැන් හැ‍ඟේ. මෙ තැන දී නම් ඒ අර්ථය නො කිය හැකිය. පැරැණි සන්නකාරයෝ එහි දී “එක් දිවසවාරයෙක්හි” යි අර්ථ කියා මෙහි දී “දිවස, වාර” යන ශබ්ද දෙක ම එකාර්ථවත්ය යනු සැලකීමෙන් දෝ “එක් දවසක්” යි අර්ථ කියති. ‘වර’ යන්නට අර්ථ නො දෙති. 66 වැනි ගීයෙහි ද “වී එක් දහක්” යි වැරදි යෙදී තිබෙන්නේ ‘වරෙක් දාහක්’ යන්න ම යයි හැ‍ඟේ. එය ”වරෙක් දහක් යන්නෙහි අවුල ලිහිය නොහැකි වූ පැරැණියකු විසින් වෙනස් කරණ ලද තැනැකැයි සිතිය හැකිය. මේ ප්ර යොගය කව්සිළුමිණෙන්ම නො නවතී. සසදාවතෙහි ද 136 වැනි ගීයෙහි “එකලැ වරෙක් දහක්” යි “කල්” සදත් සමග ම මෙය යෙදුනේ ය. සසදාවිවරණකාරයෝ එය වැරදීමකැ යි හඟිති. එතැන පමණක් තිබෙන්නක් නම් එසේ සිතිය හැකි වුවත් මහාකවීන් දෙදෙනෙකුන් විසින් කීප පලක ම යෙදූවක් හෙයින් එසේ සිතීම ද, අප විසින් විසඳිය නො හැකි සියල්ල ම වැරදි යයි තීරණය කිරීම ද වැරදි ය. සසදැවත්පැරණිසන්තකාරයෝ ද “වරෙක් දහක්” යන්නට “එක් දවසක්” යන අර්ථය ම දෙති. මෙසේ කීප පලක යෙදුනක් හෙයින් ද ඡෙනයන් විසින් පිළිගත්තක් හෙයින් ද මෙය වැරදි පාඨයකැ යි බැහැර කළ නො හැකිය. පැරණි යන්ට ද නො පෙණුනු අර්ථයක් මේ ‘වර’ යන්නෙහි තිබෙන බව හැ‍ඟේ. ඒ කුමක් දැයි නිශ්චය කර කීමට තව මත් අපි අසමර්ත වෙමු. පරීක්ෂා කට යුතුයි. ‘මහාල්’ යනු “මහාතල, මහාලය, මහාශාලා” යන ශබ්දයන් අතුරෙන් එකකින් බිඳී ආ හැකිය. ‘රසාතල’ යන්නෙන් ‘රසාහල්, රසහල්, රසාල්, රසල්’ යි රූපචතුෂ්කයක් ම එන්නාක් මෙනි. ‘මහල්’ යි ද සිටී.’හිනි’ යනු ‘හෙ’ දයින් සිඬ අතීතාඛ්යා්තපද යි. සගීය කල්පලතාව්යා ඛ්යාකව 335

623 අර්ථ:- (පලවත්=) ‘තණ්ඩා’ නම් ආයුධය වැනි වූ ඒ පුවත කණෙහි වැටෙහි විට ම දුවගොස් (සසල=)සෙලවුම් නැත්තා වූ මභීකාන්තාව වැලඳහොත්තා වූ ස්වාමියා බලමින්.

විස්තර:- ‘පලවතෙ’ යන තන්හි ‘පබවතෙ’ යි පිටපත් හි පෙණේ 626 වැනි ගීයෙන් අවසන් වන එක ම ක්රිනයාකාරකපද සම්බන්ධයෙහි ‘පබවත්’ යි අනෙක් තැනක තිබෙන හෙයින් එය මෙහි අනවශ්යද ය. එය ලියන්නන්ගෙන් වූ වරදෙකි. ‘පල’ යනු ‘තණ්ඩා’ නම් ආයුධවිශෙෂය යි. (රුවන්.357) ‘තෙබවත්’ යි ගත ද වරදක් නො වේ. ‘තෙප්’ යනු උල් වූ ආයුධයකි. කුසරජු වැටුනු බව ඇසීම පබවතට මහදුකක් විය. ඒ පුවත අවියක් වැනි වූයේ එහෙයිනි. 624 අර්ථ:- හුස්මෙන් (තනන=) සෙලෙවන පයෝධරයන් හා මුතුහර (වෙව්ලුම් එවැ=) කම්පා කර නැවත වුවනතෙහි (=මුහුණෙහි) (සෝ=) ඩහදියබිඳු හා අශ්රැ්ධාරා (=කඳුළු) දනවමින් (=උපදවමින්)- 625 අර්ථ:- රත්අත්ලෙන් (ගහටන=) ඝට්ටනය (=අත ගෑම) කරණවිට අඤ්ජනය (දෙවැ=) සෝදාගෙණ ගලන ඇස්දරින් (=කඳුළුදහරින්) නුවනතෙහි සුනීලකාන්තීන් (පියන=) දුරු කරණ විලාසයක් දක්වමින්.

විස්තර:-වැටී සිටි කුස රජු අතගාමීන් පබවත අඬන්නට වූ වාය. ඇසි හි ගෑ අඳුන් සොදා ගෙන කඳුළුදහර වැටෙන්නට වන. අඳුන්මුසු හෙයින් ඒ කඳුලු කළුය. එයින් ඇස්හි නිල්කැළුම් හරිණ ලෙසක් දැක්වූවාය. ගලන කඳුළු ඇස්හි දිය වී ගලන නිල්පැහැ වැනි වීය. 626

අර්ථ:- ඔහුගේ හිස (ඇගේ) වට වූ කලවා මතුවෙහි තබා හෘදයමධ්ය:යෙහි රත් වූ අත්ලද බහා (=තබා-ලා) හෘදය නො ඉවසා (ඇලැළෑ=) කැලඹී භ්රඅමණය කරණ (=කරකැවෙන) කල්හි ප්රවභාවතී තොමෝ මෙසේ විලාප ගත්තා ය.

336 කව්සිළුමිණි ත්රායෝදශ

627 අර්ථ:- මා හෙතු කොට ගෙන රාජය්යර හා උතුම් ඇමැතියන් ද දිව්යාැප්සරාවන් (ස්වකීය) පාදමූලයෙහි වූවන් කළ (=පැරදවූ) උතුම් අන්තඃපුරස්ත්රීපන් ද (දැහැ=) හැර (ගුණවරන් =) ගුණයෙන් උතුම් වූවන් (=කුසරජු) ලැබූ (යෙහෙ=) සැපය මෙ යයි.

විස්තර:- මෙහි තුන්වැනි පාදය පිටපත්හි පෙණෙන ලෙසට දෙවෙනි පැදය වුවොත් “දෙවසරන් පාමිලි කළ” යන්න විශේෂණ වන්නේ ‘මා’ යන්නට ය. එහෙත් ඒ විශේෂණ ය දිය යුත්තේ “ඇතොරවරන්” යන්නටය. තමාගේ උසස් බව කියා පෑම නොව තමා උදෙසා කුසරජු විසින් හැර දැමූ අන්තඃපුර ස්ත්රීසන්ගේ උසස්බව පබවතගේ අදහස විය යුතු හෙයිනි. ඒ අන්තඃපුර ස්තීහු එසේ මෙසේ නිකම් අය නො වෙති. අතිශය රූපාහශෝභාසම්පන්න දෙවඟනන් පවා සිය පා මුල් හි තැබූ-පරදවු අය ය. එබඳු ඇතොවුරන් පබවත නිසා හළවිට පබවත ඒ සියල්ලන්ටම වඩා උසස් වේ. ‘පාමලි’ යන්න ‘පාමැලි, පැමැති’ යන ලෙසින් පිටපත් හි ගී පෙළෙහි පෙණේ. එහෙත් සන්නය ‘පාමිලි’ යන්න රකියි. “දඔදිව්හි සවිසිර තුමා පාමිලි කළ” (ශි.සං.2-31 ) “අන් කැත්කුල පාමිලි කළ” (ශි. සං.2-129, 218) යන ආදී ශිලාලේඛනයන්හි ද මෙය යෙදින. මෙය “පියමිලි” යි ද එක් තැනක පෙණේ. (ශි.සං.3-232) අන් අයගේ පා මුල් හි වන්නේ යටත් වූ පැරදුනු අයය. මෙය ධ.ගැ. 67-14 පෙළෙහි ‘පිමිලි’ යි ද පෙණේ. 623 අර්ථ:- (මබප්= ) මාගේ පියානන් ආදි වූ රාජ සමූහයා දන මඬුල්ල වට කොට හිඳුවා සිංහාසනයට ආරූඪ ව කළ ආඥාවෙහි අන්තය (=කෙළවර) මා හිමියනි, මේ විය. (හා!=) අයියෝ! විස්තර:- අයියෝ මා හිමියනි, මපියානන් ආදි රාජ සමූහයා පිරිවරා හිඳ ඔබ කළ අණෙහි අන්තය මේ අනාථ මරණය වීය. අහෝ! ඔබ වැනි අධිරාජයෙකුට මෙබඳු අනාථ මරණයක් කිසිසේත් නො හොබී. ‘බප්’සද මෙහි පිතෘඅර්ථයෙහි ම යෙදින. ජගත්පිතෘ අර්ථයෙහි ‘දියබප්’ යි සසදාකරුවෝද (48, 156) යෙදූහ. සසදාසන්නකාරයෝ 48 වැනි ගීයට ලියූ සන්නයෙහි දී ‘ජගත්’ පණ්ඩිත තෙමේ” යි අර්ථ කියා “භාප ඉත්යුයකේත විචාත්- යනු නිඝණ්ඩු යි” යනු ද ලියූ නමුත් 156 වැනි ගීයෙහි දී “ජගද්භාපයා හෙවත් ජගත් ස්වාමීයා ” යි අර්ථ ලියූහ. ‘බප්’ සද ‘භාප’ ශබ්දයෙන් ආවකැයි ද, ‘භාප’ ශබ්දය පණ්ඩිතාර්ථයෙහි වැටෙතැයි ද දැක්වීමට ආප්තවචනයකැයි සංස්කෘත පාඨයක් දැක්වූ නමුත් 156 වැන්නෙහි දී ස්වාම්යයර්ථයෙහි ‘භාප’ ශබ්දය යෙදෙන බවට සැධක නොදැක්වූ හ. සසදාවත්සන්නකාරයන් ද බප්සදෙහි අර්ථයෙහි පැකුලුනු බව හැ‍ඟේ. සංස්කෘතනිඝණ්ඩුවල ‘භාප’ ශබ්දයක් නො දැක්කෙමු. සාධක වශයෙන් සසදාසන්නකාරයන් දැක්වූ පාඨය ද පොතකින් උපුටා ගත්තක් නො ව එකල ලක්දිවට පැමිණ සිටි දඹදිව උගතෙකු කියූවකැ යි හැ‍ඟේ. මෙහි 123 වැනි ගීයට ලියූ විසුතරය ද බලනු. ‘දනවට’ නම් දනමඬුල්ල යි. මෙහි උපවාරවශයෙන් දනමඬුලුවලට හමු වූ ප්රදදේශ ගණු ලැබේ. එනම් උභවපාර්ශවය යි. උතුමන් වෙත සිටින්නෝ ඉදිරියේ ද පිටිපසද නො සිටිත්. ‘දන වට වටා හිඳුවීම’ නම් එසේ උභයපාර්ශවයෙහි හිඳුවා පිරිවැරවීම යි. 629

අර්ථ :- (මෙහෙයෙන්=) වැඩ හෝ ආහාර කරණ කොට (ඉති=) මෙබඳු සුවඳ වීය. දැලියෙන් හා දුමින් කෙලෙසෙනු කැසපට(=අමුඩය) (උදුල්) උජ්චලිත වූ (වැරලි=) වස්ත්රර වීය. ගන්නා ලද සරළුව (=හැන්ද) ලීලාදඬුව (=සෝඵලීය-විසිතුරු බස්තම) වී ය. අහෝ!

විස්තර:- රජවරු සුවද ගල්වති. උදුල් වැරලි හඳිති. ලිලාදඹු ගණිති. අධිරාජයෙකු වූ ඔබ ගත් සුවඳ නම් මෙහෙයෙන් (=වැඩ කිරීමෙන්) වූ මෙබඳු සුවඳ ය. ඔබ ඇඳි උඳුල වැරලි නම් දැලිදුමින් කෙලෙසී ගිය අමුඬය ය. ඔබ ගත් ලීලාදඬුව නම් හැන්දය. අය්යෝ!

‘කැසපට’ යන්න ‘කපුපට’ යි පිටපත්හි පණේ. කුසදාව දක්වන පූජාවලිය කාරයෝ ද මේ ස්ථානයෙහිදි කුසරජුට කැසපට ම දෙති. (පූජා 180 පිටුව.) ‘ලිලාදඬු’ නම් රාජධූරය ඇඟවීමට ගන්නා විලාසයෂ්ටිය යි. එය ඇත් දත්, රන්, රිදී, ආදියෙන් විසිතුරු කැටයම් ඇති ව කරණ ලද්දකි. ‘සෝළු ලී’ පැරැණි සන්නස ඊට අර්ථ දෙයි. ‘සෝළු ’ සද මණ්ඩනාර්ථයෙහි යෙදෙන බව “පාත්ර් සෝළු කිරීම, පටි සෝළු කරවීම” (සද්ධර්මරත්නාවලී 867) යන පාඨයන්ගෙන් ඔප්පු වේ. එහෙයින් මණ්ඩනය (=සැරසිල්ල) සහිත වූ හෝ පිණිස වූ ලීය “සෝඵලී” නමි.


630

අර්ථ:- (අක්වරැ පහණ=) කයිවරු (=කයියෝරු) වෙහි ගල සිංහාසනය වීය. ගේ පිරුණු දුම් සේසත් වීය. (උරැ=) ලපැත්තෙහි ඩහදිය බිඳු දීප්තිමත් (මුක්තා) භාරය වීය. බඳනා ලද කෙශය ම මුඬුඔටුනු වීය.

විස්තර:- අරක්කැමි වෙසින් සිටින මේ කුස තෙමේ රජෙකි. නිකම් රජෙක්ද නොවේ. අධිරාජයෙකි. රාජයෙකුට සිහසුන්ද සේසත් ද දිමුතුහර ද මුඬුවොටුනු ද තිබිය යුතු ය. මේ කුසරජුට සිංහාසනය වූයේ කුමක්ද? කයිවරු පහණයි. අද කුසරජුට සේසත් නැත. අද සේසත් වූයේ ගේ පුරා සිටි කළුදුමයි. දිමුතු හර නම් ලපැත්තෙහි පැතිර සිටි ඩහදිය බිඳුයි. මුඬුවොටුන්න නම් බැඳී කොණ්ඩය යි. අහෝ! පරාඞ්මූඛ වූ දෛවයක හැටි.

මෙහි ‘අත්වර’යන්න ‘කයිවරු’ යන්නට සම කොට යෙදුනකැයි හැ‍ඟේ. ගෙයි බිත්තිය අද්දර පොළොවෙන් මඳක් උස් කොට තනන ලද පදනම ‘කයිරු, කයිවරු, කයියෝරු’ යන නම්වලින් හැඳින්වේ. එහි තබන ලද ගල ‘අත්වැරැ පහණ ’ විය යුතුය. කයිවරුව උස්කොට දමන ලද අත්තිවාරමෙහි ම කොටසක් සේ පෙණේ. එහෙයින් ‘අත්වර, අත්තිවාරම’ යන වචනයන්හි අර්ථයෙන් සම්බන්ධයක් තිබේ යයි හැ‍ඟේ. දෙමළ බසෙහි ‘කෛ’ යනු අතට ද ‘වාරු’ යනු ‘ආන්ධ්රස’ ආදි වූ අනික් බසකින් ආවකැ යි හැගේ. ‘කයිවාරු’ යන්න සිංහලයෙහි අනික් අර්ථයක ද යෙදේ. ‘අත්තිවාරම්’ යන්න නම් දෙමළෙහි තිබේ.

‘මුඬුවොටුනු’ යන්න “මුළුවොටුනු” යි පිටපත්හි පෙණේ. සන්නකාරයෝ “මුළු බද කෙසෙ වොටුනු මේ” යි අත්වය වශයෙන් ගෙණ “මුළු කොට බඳනා ලද කෙශ මැ කිරීට මැයි” යන අර්ථය ද කීහ. අන්වය එසේ නම් පද්ය පාදය ද එසේම යෙදිය හැකිය. එසේ නො යෙදීමෙන් ම හැ‍ඟෙන්නේ මේ ‘මුළු’ යන්න හෝ ‘මුළු’ යන්න හෝ ‘මුළු’ යන්න ශුද්ධ පාඨය සේ ගණිතොත්,ශිෂීවාචි මුද්ධශබ්දයෙන් බිඳුනේ යයි සැලකිය හැකිය. මුග්ධපර්ය්යාවය ‘මුද්ධ’ ශබ්දයෙන් ‘මුළු’ යි පැරණියෝ බිඳගත්හ. (ධ.ගැ.160-40) එවිට එහි අර්ථය ‘හිස්වෙළුම්’ යනු යි. ‘මඬුවොටුනු’ යනු මණ්ඩනය (=සැරසීම) සඳහා වූ වොටුනු යි. රජකමට ‘මුඬුවොටුන්නක්’ පැලැන්ද යුතු බව සද්ධර්මසරත්නාවලියෙහි කොසඹෑවතෙහි (109 පිටුවෙහි) “පාත්රුධාතූන්වහන්සේ හා සඟළසිවුර හා හැරැ ගෙණැ ඇත් රජකමට මුඬුවොටුන්නක් පලදනා කලක් මෙන් හිසැ මුදුනෙහි තබා ගෙණ ” යන පාඨයෙන් ඔප්පු වේ. මේ ‘මුඬු’ යන්න “සුගන්ධ” කුසුමදායෙන් මුඬුමාල ලා” (ධ.ප්‍ර.54 අංශය) යන පාඨයෙහි ද එයි. ‘මුණ්ඩ’ ශබ්දයෙන් ද ‘මුඬු’ යි බි‍ඳේ. ‘මුණ්ඩ’ ශබ්දය ශිර්ෂා ර්ථයෙහි ද යෙදෙන බව “මුණ්ඩං පලිතම්” යන මොහොමුද්ගර පාඨයෙන් හැ‍ඟේ.

631

අර්ථ:- චිරාත්කාලයක් ආවා වූ අනුගතපරිවිතයානෙනි, (සඳැවිරි් දැනැ වූ) සන්ධීන්හි වෘත්තයන් ඉපිදවූ හෙවත් ප්රටකට කළ අඞ්ගභාර (=ඇඟිලි ආදි අවයව වැනීම) ඇති (දෙවඟ=) දිව්යාං ඞ්ග වූ රඞ්ගයෙහි (හවුයුත්=) භාවයෙන් යුක්ත වූ නාටක බැදීම මේද?

විස්තර:- අනේ! බොහෝ කලක් මට අනුගත වූ මට පක්ෂපාත-ස්නෙහව්- වූ හිමියානෙනි, මේ ඔබගේ අනාථ මරණය සත්ඨීවෘත්තාදි අඞ්ගසම්පූර්ණ- නාට්යයයෙක ඔබගේ නළු බැඳීමක් ද? රඟ පෑමක් ද?

583 වැනි ගීයෙහි දී කුසරජු කී කථාව සැබෑ වූ බව මෙහි “සෙරෙනා නුගී පුරුද්දෙන්” යන ආමන්ත්රසණයෙන් ඔප්පු වෙයි. පෙර දැක්මටවත් නො රිසි ව සිටි කුසරජ දැන් පබවතට සෙරෙන් ආ නුගියෙකි. පුරුද්දෙකි. කුස රජුගේ කපට මරණය පබවතගේ ගොඩිගල් සිත මෘදු කළේය. එයින් ම අසදබිජුවටින් නුරාලිය උපන්නේය.

‘රඟ’ යනු නාට්ය යි. නාට්යවයක එක් ප්ර යෝජනයකින් යුක්ත ස්වප්රුධාන වූ කථාංගයන් අප්රෘධානඅඞ්ගයන් හා ගළපන කථාභාග ‘සන්ධි’ නමි. මුඛ, ප්රෘතිමුඛ,ගභී , අමර්ශන (විමශි) නිර්වනහන (උපසංහෘත) යයි නාට්ය සන්ධි පසකි. (සාහිත්යඅදර්පණ 6-74, පටන් හෝ නාට්ය් දර්පණ 1-37 පටන් විස්තර පෙණේ. මෙහි අමශී, නිර්වණහණයි දැක්වූ දෙක දශරූපකයෙහි සාවමර්ෂ්, උපසංහෘති යි දැක් වේ. කථානායකාදීන්ගේ ව්යාගපාරවිශේෂයෝ ‘විරිත් ’(=වෘත්ත) නම් වෙති. භාරතී, සාත්වතී, කෛශිකී, ආරභටීය යි වෘත්ත ද සතරකි. (සා.ද.6-122, 146 හෝ නා.ද. විවේකය) ඒ ඒ සන්ධීන් හිදී නළුවන් විසින් කථාව හා සම්බන්ධ වූ රාජාධි නායකයන්ගේ ක්රි්යා විශේෂයෝ දක්වනු ලැබෙත්. මෙහි ‘විරිත් ’ යි කයන ලද්දේ එය යි. ‘අඟහර’ නම් අවයව ක්රිෙයා කරවීම යි. ඇඟිලි නැමීම ආදි වශයෙන් එය තිස් වැදෑරුම් වේ. ‘දෙවඟ’ බව (=දිව්යාංල්ගනාව) ද නාටක ලක්ෂණයකි. දෙවියෙකු හෝ අනෙක් උත්තමයෙකු කථාවෙහි ප්ර ධානයාට (=නායකයාට) අඞ්ග (=සහාය) වන සේ දැක්වීම දිව්යා)ඞ්ගත්වය යි. (නා.ද.28 පිටුව) ’හවු’ සදෙහි විස්තර දෙවෙනි ගීයට ලියූ දෙයින් දත යුතුයි. ඵලයන් වචක (=සිඞකරණ) බින්දු, පතාකා, ප්රවකරී, කාර්යය යන උපායයෝද ‘භාව’ නම් වෙත්. (නා.ද.58 පිටුව) කුමාරසම්භව 7-91 වන ගේලාකයට ලියූ ටීකාව ද බලනු. පැරණිසන්නකාරයෝ ලියන්නන් විසින් වැරදවූ, පිටපත්හි පෙණෙන, අශුඬ පාඨ ම උඞරණය කරමින් මේ ගීයට අසම්බද්ධාර්ථයක් ම පවසති.

632

අර්ථ:- නොයෙක් නිරිඳුන්ගේ ඹටුනුවල සිළුමිණිරැස් දිදුලෙහි (=රශ්මිජ්වාලායෙහි) (වැටුනු=) පැවැතුනු මේ පාදල හිමියෙනි, උදුනෙහි (=ලිපෙහි) (අග=) ගිණිසිළුවල ස්පර්ශ්යැ ලද්දේය.

විස්තර:- අනේ! හිමියෙනි, පෙර රජුන්ගේ සිළුමිණිරැස්හි පැවතුනු ඔබගේ මේ පැසඟළ, අහෝ! අද ලිපෙහි ගිනිසිළු රැස්හි වෙ යි.

633 අර්ථ:- ඡල (=කපටභාව) මුක්ත වූ අනුරාග (=ප්රෙබම) රසය විදිතොත් (ඊට) පින් නැතියෙමි. නුඹවහන්සේගේ මේ (අශරණ) විලාසය ඇසෙහි බැහුයෙමි. ඇස් ඇති බවෙහි ලාභය වින්දෙම්!

විස්තර:- මෙහි ‘නුවනැ’තියෙ ලබ විඳියෙම්’ යන්න කාකු වෙන් කියවිය යුත්තකි. ‘කාකු’ නම් භින්නකණ්ඨ ධ්වනිය යි. හෙවත් ස්වාභාවිකශබ්දය වෙනස් කොට අනික් ශබ්දයකින් කීමයි. ශොක, භීති, කොප ආදියෙහි දී ඒ ශබ්දය වෙයි. කාකුවෙන් කියූ වචන අසන්නෝ ඒ වචනයන්ගේ සැබෑ අර්ථය නො ව විරුද්ධාර්ථය ගණිති. “අම්මෙ, ගංවතුර බලන්න ගඟ ලඟට යන්න දැ? ” යි කුඩා පුතු ඇසූ ප්රඅශ්නයට “හොඳයි, බලන්න පලයන්” යන මවගේ පිළිතුර එය කියන හඬ අනු ව දෙ ලෙසකින් කුඩා පුතා තෙරුම් ගණියි. එක් ලෙසක් නම් යාමට අවසර දුන් බවයි. ඒ අදහස ගන්නේ හඬ වෙනස් නොකර පිළිතුරු දුන් විටය. හඬ වෙනස් කොට කියු විට “යන්ට එපා” යන අදහස ගණියි. එසේ ම මෙය ද හඬ වෙනස් කර කයවූ විට විරුද්ධාර්ථයක් ලැබේ. “ආ! ඇස් ඇති වීමෙහි ලාභය වින්දෙමි! මාගේ හිමියා වූ මෙ බඳු උත්තම අධිරාජයෙකුගේ අනාථමරණය දැකීමෙන් ඇසින් දැක්ක හැකි ඉතාම කාලකණ්නී දුඃඛිත දර්ශනය ලදිමි” යනු ඒ විරුද්ධාර්ථ ය යි.

634

අර්ථ:- පරිවිතයන්ගේ (නියැළුම්=) දුක කවර (නම්) සිත් ඇතියෝ නොදනිත් ද? අ‍ඳෝ ම ය! සිත් ඇත්තියක සේ (මා) ලොව (නුළූ=) රැවටු පරිදි (යහහා=) යසයි.

විස්තර:- පුරුදු හිතවතුන්ගේ දුක් දැන ගන්ට සිත් ඇති කවුරු නම් අසමර්ථ වෙත් ද? එහෙත්, අහෝ! මම එය නොදත හිනිමි. මා සිත් නැති සේය. එසේ වී සිත් ඇති සේ ලොව රවටා ගෙණ සිටි පරිදි නින්දිතයි. අහෝ!

‘නියැළුම්’ යන්න දුඃඛවා වීය. (රුවන්.135) එය ‘නිසළ’ දයින් භාවයෙහි ‘උම්’ ප්ර ත්යසය ව සිද්ධ වන්නකි. ඒ ධාතුව 636 වැනි ගීයෙහි ද පෙණේ. ‘යහහා’ යනු ආශ්චර්යයි, ශොක යන අර්ථයන්හි යෙදෙන නිපාතයකි. ධ.ගැ කාරයෝ ‘අහො වත’ යන්නට ‘යහහා’ යි අර්ථ කීහ. ගුරුළුගෝමිහූ ද ‘අහෝ! යහහා’ යි (අමා.106 6) යෙදූහ. එහි පෙළෙහි ‘යහහ’ යි පෙණෙතත් අධොලිපියෙහි ‘යහහා’ යි පෙණේ.

635 අර්ථ :- කිසි ලෙසකින් (පැටියද=) සැඟවුව ද ස්වකීය වෙශය ප්ර6කට වන්නා වූ විරහයෙහි ලොකයෙහි මිනිසුන් අතුරෙහි (නූ=) නුවූ ගුණධර්ම රැකි පරිදි මඳැ යි.

විස්තර:- කොතරම් වැසුවත් වියොගයෙහි දි ස්වකීය ආකාරය පුකට වෙයි. කුසරජුට මා පෙම් නො කරණ බව දක්වන්නට මා කොතරම් උත්සහා කළත් පෙම් කරණ බව ම අද ප්ර කට වීය. එබඳු විරහයේදී මෙම ලොව මිනිසුන් අතර නුවූ ගුණධර්ම රකින්නට උත්සහ කළෙමි. එය රැකී හැටි කදිම යි. ම‍ේ ඒ ගොන් කමින් වූයේ කුමක් ද? මේ උත්තම අධිරාජයාගේ අශරණ මරණය යි. මා වැන්දඹු වීමයි.

342 කව්සිළුමිණි ත්ර්යොදශ

ලොව මිනිසුන් අතර වූ නුවූ ගුණධර්ම්ය නම් බ්රයහ්මචර්ය යි, හෙවත් බ්ර හ්මයන්ගේ හැසිරීම යි. ‘බ්රිහ්මචර්යයි’ ශබ්දයෙහි තවත් අර්ථ ඇතත් පබවත මේ අර්ථයම ප්ර්ධාන කොට ගෙන ‘මින්සුන් අතර නුවූ ගුණදම්’ යි කිය යි. බ්රැහ්මචාර්ය්යන ශබ්දයාගේ අර්ථ, ධ.ප. 58 වැනි අංශයෙහි පෙණේ. ‘ශේෂ්ඨ හැසිරීම’ යනු ද ඒ වචනයෙහි අර්ථයකි. ‘සමහම් සුව නොවිඳීම’ බඹසරකි. එය ශ්රේනෂ්ඨ හැසීරීමක් ද බඹුන්ගේ හැසිරීමක් ද වේ. ශ්රේ’ෂ්ඨ හැසිරීම් මිනිසුන් අතරද ඇත්තේය. “මිනිසුන් අතර නුවූ ගුණදම්” යන්නෙන් පබවත අදහස් කළේ සමහම් සුව නොවිඳීමයි. විරභවයෙහිදි සමහම් සුව නොලැබේ.

‘නූ’ යනු ‘නොවූ’ යන දෙක සන්ධි වීමෙන් සිඬයි.

636

අර්ථ:- බොහෝ කලක් අනුගත පරිචිතයානෙනි, (කුසරජුනි), මෙතෙක් (නියැළි=) වෙහෙසුනු, විශ්රවම්භරසය දන්නා සේ (බැහැවුනු=) දර්පිත (=ආඩම්බර) වූ මාගේ මේ බොලඳ බව, අහෝ!

විසුතර:- අහෝ මාගේ හිමියෙනි, ඔබගේ දුක මටද දුකක් වී ය. ඔබගේ මේ දුඃඛිතමරණය මගේ හද දැදුරු වීමට තරම් හෙතුය. එහෙත් ඔබ මා හා විශ්රඛම්භය නොදන්නකු සේම, එය ලබන්නට කැමැත්තෙකු සේම, දුක් විඳීද්දී, මම විශ්රදම්භරසය ඇති සැටි දන්නා සේ බැහැවුනෙමි. ඔබට තද ව සිටියෙමි. අහෝ! මගේ ඒ බොලඳ කමෙහි මහත දැනෙන්නේ දැන්ය.

637

අර්ථ:- මේ සීමාවෙන් (= මෙ තැන් පටන්) අනුරාගය නැත. මේ සීමාවෙන් ස්වාමීහු නැත. ඡලයෙන් (=වඤ්චාවෙන්) තොර විශ්ර ම්භය තෙමේ ලොකයෙහි කවර වුවනක් බලා දෝ හෝ.?

විස්තර:- අහෝ! කුසරජතුමනි, ඔබ මළ තැන් පටන් ලොකයෙහි, අනුරාගයක් - ප්රේෙමයක් නැත්තේය. අන්යනයන් කෙරෙහි අනුරාගය යි යමක් වේ නම් , ඒ සැබෑ අනුරාගය නොවේ. සැබෑ අනුරාගය වූයේ ඔබ කෙරෙහි ම ය. අද පටන් ස්වාමීහු - වල්ලභයෝ නො වෙත්. ස්වාමීන් සේ පෙනෙන්නෝ සැබෑ ස්වාමි ගුණයෙන් යුක්තයෝ නො වෙති. අහෝ! අද පටන් රැවටිල්ලක් නුවූ විශ්රනම්භය (=ප්රෙඅමය හෝ සන්ථවය) කාගේ මුහුණ බලාද? කා තුළ නවතීද? ඊට සුදුස්සෙක් අද ලෝකයෙහි නැත.


සගීය කලපලතාව්යා ඛ්යාුව 343 638

අර්ථ:- මේ (මාගේ) හෘදය, අනුරාගය නමැති රසායනය විඳි හෙයින් (තෝ) තිබෙහිවා. (=ඉතිරි වෙහිවා) (නෙතු=) නේත්රවය, තෝ මේ දුර්වෝලවෙශය දැකීමෙන් කෙලෙස (තරහි=) එතෙර වන්නෙහි ද?

විස්තර:- එම්බල හෘදය, තෝ අනුරාග නමැති රසායනය වැළඳුයෙහි ය. එහෙයින් තට තවත් කලක් නොමැරී සිටිය හැකිය. එබැවින් තෝ ඉතිරි වෙහිවා. අහෝ! මාගේ නේත්රහයෙනි, තෙපි එබඳු රසායනයක් නොවැළදූහු ය. එහෙයින් තෙපි, හෘදය‍ සේ , ශක්තිමත් නො වවු. එසේ දුබල වූ තෙපි මේ දුර්වල විලාසය - මේ මළ සිරුර- දැක්ම කෙසේ උසුලවු ද? එයින් තොප එතෙර වන්නේ කෙසේද?

‘වුන්නෙන්’ යනු ‘විඳු’ දයින් සිඬ ‘වුනු’ යන භාව කෘදන්තයෙන් ‘එන්’ පස වීමෙන් සිඬයි. ‘තරහි’ යනු එතෙර වීමෙහි වැටෙන ‘තර’ දයින් සිඬයි. ‘නෙතු’ යනු ජාත්යරපෙක්ෂායෙහි එකවචනාන්ත යි.

639 අර්ථ:- ඡලමුක්ත වූ විශ්රජම්භයෙහි ශෞණ්ඩ (=ලොල් ) වූ මනුෂ්යථයන් පිළිබඳ ග්රුණශ්රීතයට (=ගුණසම්පත්තියට) නිධාන වූ ක්රෂසරජත්රළමනි, සත්තවයෙක් පමණක් ය යන ප්ර්ඥප්තිය (=නාමය) ලැබූ මට (නියැළී=) වෙහෙසී හෝ කලකිරි ලද (යෙහෙ=) සුඛය මේද?

විස්තර:- අහෝ! කුසරජතුමනි, ඔබ වහන්සේ රැවටිල්ලක් නුවූ විශ්රරම්භයෙහි ලොල් වූ සේක. මම එසේ නුවූ, රැවටිල්ලක් වූ, විශ්රිම්භයෙහි වත් ලොල් නුවූයෙමි. ඔබ වහන්සේ මනුෂ්යම ගුණ සම්පත්තියට නිධානයක් වූ සේක. මම එසේ නුවූයෙමි. එහෙයින් මම මිනිසෙක් නොවෙමි. සත්වයෙක්ද නොවෙමි. “සත්ත්වයෙක්ය” යන ප්රිඥප්තිය (=නාමය) පමණක් ලැබුවෙකිමි. සත්වයෙක් නම්, මඳ නුවණක් වත් ඇති විය යුතු ය. මද නුවණක් වත් නැති හෙයින් මම ඔබ කෙරෙහි කලකිරුනෙමි. එයින් වූ සුවය මේද? මේ ඉවසිය නොහැකි දුක ද?

640 අර්ථ:- (සෙරෙන් ආ=) බොහෝ කලක් පැවත ආ පුරුදු ගුණ නොදත්තෙමු. මිනිස් ගුණද නො දත්තෙමු. (නියැළුමෙන්=) (මා) කලකිරීමෙන් වූ මුන් වහන්සේගේ වෙහෙස ද නොදත්තෙමු. දිවි රකින පරිදි ම දතුමු.


344 කව්සිළුමිණි

විස්තර:- සත්වයෝ නම් කලක් ඇසුරු කළවුන් අඳුනති. ඔවුන්ගේ පුරුදු ගුණ දනිති. මම ඒ ගතියෙන් තොර වීමි. මිනිස් ගුණ ද නො දත්තෙමි. මිනිස් ගුණ මා තුළ වූයේ නම් මා කලකිරීමෙන් මේ උතුමා ට වූ වෙහෙස දැන ගත හැකි වනු ඒකාන්තය. නුවණ නැති තිරිසනෙකු මෙන් ක්රිදයා කළෙමි. තිරිසන්නු ගුණ දහම් නොසිතති. අනුන්ගේ දුක නොසලකති. සියදිවි පමණක් රැකගන්නට යත්න කෙරෙති. මමද එබඳු වූයෙමි. මා සත්ත්ව මාත්ර්ප්රතඥප්තිය ලදැයි කීයේ එහෙයිනි. පබවත ක්රාසරජුට අන්දරයක් නොකළ බවත්, අනදර සේ පෙනුණ ද ඒ සියල්ල පාරමිතා පූරණයට ඉවහල් වූ බවත් යශෝධරා භික්ෂුණිව පිරිනිවන් පාන්නට බුදුරජාණන්වහන්සේ ගෙන් අවසර ඉල්ලූ අවස්ථාවෙහි කියූ පරිදි පූජාවලියෙහි 31 වැනි පරිච්ඡේදයෙහි මයුරපාසාද පරිවෙණාදිපති හු දක්වති.

641

අර්ථ:- (ඉති=) මෙබඳු වූ විලාපයෙන් (සරත=) ශ්රාසන්ත වූ පබවතගේ වක්ත්රවය නමැති පද්මයෙහි (ඉඳු=) රජතෙමේ (බුලත්) සැපින් (=හපයෙන්)මකරන්දය දිනි. හෝ (තොමෝ) හිස හැර මන්දිරයට නැංගා ය.

විස්තර:- යට කී සේ විලාප කීමෙන් පබවතගේ මුවපියුම මලානික වීය. මෙතෙක් බොරුවට නිසලව සිටි කුසරජ ඒ මුව පියුමට බුලත්සප පිඹ හැරියේය.එය මුව පියුමෙහි මකරන්දය (=මල්පැණි-රොන්) මෙන් වීය. පබවත්තොමෝ ලජ්ජිත ව කුසරජුගේ හිස හැර මැඳුරට ගියා ය.

‘නැඟී’ යනු ‘නඟ’ දයින් සිද්ධ අතීතාඛ්යාොතබහුවචනය යි. ඒකවචනයෙහිද මේ රූපය මැයි.

642

අර්ථ:- සුඛදර්ශනයෙහි ලොල් වූ (ඉඳු=) රජු කත පතා මෙහෙවර කළා වූද (දිගැසි=) කාන්තාව ශෝකප්රානප්ත වූ ද, මේ ප්රෙවෘත්තිය කියූ සගීය.

තෙළෙස්වැනි යි.

ත්රැයොදශ සගීයෙහි ව්යාකඛ්යාපව නිමි..


14. සගීය. ශක්රො පක්රීම

643

අර්ථ:- (කල=) කාන්තාවගේ මුළුතැන්ගෙයි (දෙළෙන්=) මෙහෙයෙන් දවසරින කල්හි මහසත්හු පැමිණි වෙසෙස (=දුක) කරණ කොට ඉන්ද්රව (=ශත්රම) යාගේ අසුන (නොසිහිල්=) උණුසුම් වීය.

විස්තර:- ලොකයෙහි ගුණවතුන්ට වෙසෙසක් පැමිණ ිකල ශක්රතයාගේ පාන්ඩුකම්බලශෛලාසනය උණුසුම් වේ ල.

644 අර්ථ:- ඉඳු තෙමේ (කිමෙකැ වි=) කුමක්දෝ හොයි (=අසුන නො සිහිල් වීමට හේතුව කුමක් දැයි) බලා දැන් සත් රජකෙ‍නෙකුන්ට මදුර රජුගේ හසුන් ගත්තාක් වැනි දූතරාශීන් සතක් (පියොදනුයේ) යවනුයේ- 645 අර්ථ:- “පබවත් නම් වූ මගේ දුහිතෘචන්ද්රනලේඛාව (=උතුම් දුව නොහොත් දුව නමැති සඳකලාව) (දෙළෙහි=) ක්රීරඩාධූරයෙහි දෝ හෝ නොහොත් ජටාවෙහි රඳවතොත් (=නැවැත්වීමට)විචිනනය (පරීක්ෂණය) කරණ කල්හි තා මිස අන්ය්මහෙශ්වරයෝ නම් ලෙව්හි නැත.’ විස්තර:- ‘දෙළෙහි’, ‘දුසඳලේ’ ‘මෙහෙසුරුහු’ යන පදයන් හි අර්ථ දෙක බැගින් තිබේ. ‘මෙහෙයුරු’ යන්න ‘මහ +ඉසුරු’ යන දෙ සද සමාස වීමෙන් සිද්ධ වේ. ‘ශිවදෙවයා’’මහාප්රනධනයා’ යන අර්ථ එයින් ලැබේ. ශිවයා දෙළෙහි (=ජටාවෙහි) සඳකලාව රඳවා ගෙණ සිටී.

646-647 අර්ථ:- මෙ බඳු වචන යුක්ත වූ පත් (=ලියුම්) සත් රජුන් ට පියදී, (=යැවී)ය. ඒ පත් බලමින් රාජසමූහයා (සකුස්=) වහා සොම්නස් සහිත සිතින් - දිශානුදිශාවන්ගෙන් ආහ. ඒ රාජසමූහයා “සහ පිරිවරින් (ඔසළ ව=) රැස් වූවහුය. (ඒ) කවරහෙයින් දැයි ඔවුනොවුන් විචාළාහු ය.” 346 කව්සිළුමිණි චතුද්ශ

විස්තර:- ‘පියදි’ යන්නෙහි කතෘර්‍ 644 වැනි ගීයෙහි පෙණෙන ‘ඉඳු’ යන්න යි. මේ ක්රිනයාකාරක පදසම්බන්ධයෙහි යෙදුනු “ඉඳු.......................පියොදනුයෙ....................පියදී ය” යන්න සඞර්මඳරත්නාවලි ආදියෙහි තිබෙන ‘කියෙනුයේ කී ය. ‘කරනුයේ කෙළේය’ යන ආදි ගද්යසවාක්යෙරීතිය අනුව යන්නකි. ‘පියදී’ යනු ‘පියොද’ දයින් සිද්ධ වන්නකි. ඔකාරයට එකාරය විය යුතු වුව ද නිපාතන විධීන් අකාරය ම වී ය. සාමාන්යි ක්ර.මයට විරුද්ධව සිද්ධ වන ක්රුමය නිපාතනවිධිය යි. මේ ධාතුවෙන් අතීතරූප ‘පියෙදි, පියෙදු’ යන ලෙසින් සිද්ධ විය යුතු වුවද ඒ රූප පැරණි පිටපත් කිසිවක කිසි තැනක නො පෙණේ. මෙයින් අන්යප ග්ර න්ථයන්හිද එසේ මය. (ධ.ගැ.36-23 සසදා 54 ගීය) මෙහි 192,198,333 වැනි ගීය ආදි තන්හි යෙදුනු ‘පියදු’ යන්න ‘පියෙදු’ යි අප විසිනුදු වෙනස් කරණ ලද්දේ මේ විශේෂ ක්රීමය නො සැලකීමෙනි. (මෙහි 650 වන ගීයෙහි ද ‘පියදු’ යන්න යෙදු පරිදි බලනු) ‘පියෙදි, පියෙදු’ යන්න වැරදිය යි මෙයින් තේරුම් නොගත යුතු යි. ඒ ඉතා ශුද්ධ පාඨය යි.’පියදී, පියදූ’ යන පාඨ නිදොස් සේ සැලකෙන්නේ නොයෙක් තැන යෙදුනු හෙයිනි. ‘පියෙදු’ යන කෘදන්ත පදය ඉසුරුමුනි සන්නයෙහි (ශි.සං.1-31) පෙණේ. දස + අනුදස +එන්=දසනුදෙසෙන් ‘දස’ නම් උතුර දකුණ ආදිය යි. ‘අනුදස’ නම් වයඹ,නිරිත, ඉසාන ගිණිකොන යන සතර යි. ‘ආ’ යනු ‘ඒ’ ධාතුවෙන් සිද්ධ අතීතාඛ්යාවත බහුවචන යි. ‘ඔසළව’ යනු ‘ඔසරු’ දයින් සිද්ධ අතීතාඛ්යාඅතමධ්යදමපුරුෂ බහුවචන යි. මේ දයෙහි අතීතකෘදන්ත රූපය ‘ඔසළු’ යි සමහර තැනක පෙණේ. (ධ.ගැ.271-) ‘පිළිවිසි’ යනු ‘පුළුවුස්’ දයින් සිද්ධ යි. එක වචන බහුවචන දෙක්හි ම මේ රූපය යෙදේ.

648 අර්ථ: “මදුරජතෙමේ ආවාහය හේතුවෙන් (=සඳහා) හසුන් සහිත දූතයන් (පියදි=) යැවීය. (එහෙයින්) පබවතගේ ස්පර්ශ නමැති නිර්ඣරයෙහි (=ඇල්ලෙහි) ගිලෙන අදහසින් ආයෙමු” යි කීහ.

විස්තර: ‘ආවා’ යනු ‘අවාහ’ යන්නෙන් එයි. කාන්තාවගේ ගෘහයට ගොස් ඇය පාවා ගැණීම ‘අවාහ’ නමි. ඊට වෙනස් වූයේ ‘විවාහ’ නමි. “අවාහ නම් පරකුලෙන් ගෙණැයීම්. විවාහ නම් පරකුලට මෙහෙයීම්” (ධ ගැ. 192-9) යි කසුප්රජහු විවරණය කරති.

‘වී’ යනු ‘විය-කියුම්හි’ දයින් සිද්ධ අතීතාඛ්යා බහුවචනයි. වියූ=විවූ=වී. එය ඒකවචනයෙහි ද යෙදේ.

649

අර්ථ:- පසුව සත් නිරිඳුහු සිංහයන්ගේ සැහැසීමෙන් (=දරුණු වීමෙන්) (රෙසී=) කුපිතව “පබවත අප සියලු දෙනාට (පියොදා=) එවා දැ” යි කියා දර්පිත වූහ.”

විස්තර:- ‘සීසැහැසුම’ නම් සිංහයන්ගේ සැහැසුම වැනි සාහසික ක්රිතයා යි. නො විමසා වහා ක්රිමයා කිරීම සැහැසුම යි. “එකකට දෙකක් කෙරෙමි යන කථා සැහැසීම් නමා’ යි පැරැණියෝ කීහ. (ජා.ගැ.141-16) කිපිනාහු එසේ වහා ක්රි්යා කරති. සිංහයා කිපුණු විට ඉතා දරුණු වෙයි. මේ සත්රජහුද සිංහයන්සේ කිපුනාහ. “එකම පබවත අප හැම දෙනාට කෙසේ දේ දැ” යි විමසූහ. දර්පිත (=සාඩම්බර-එඩි සහිත) වූහ.

650

අර්ථ:- (පිය පියදූ දූසැහැසිහස්නෙන්=) ප්රිායය, (තා විසින්) යවන ලද දූතයාගේ සාහසිකසන්දේශය කරණ කොට ගෙන සම්ප්රාිප්තයම්හ තමාගේ ප්රිායදුහිතෘව (පියොද යි=) එවයි (ක්රිරයා) මදුඉඳුහට දූතයන් (පියදු=) යැවූහ.