කහකුරුළු ස‍‍‍ඳෙස-කහකුරුළු වණ්නාව-iv

Wikibooks වෙතින්


151. සුරිඳු කඳ වදන් මිණි සිය සිරෙන් දරා නිරිඳු ගැමුණු කර වූ එපුර මන හරා පසිඳු දෙව් මැඳුර සුසැදුනි දිග උ තුරා එයිදු පෙනෙයි මුනිඳා රැඳි කිරි වෙ හෙ‍රා

අන්වය: කඳ සුරිඳු වදන් මිණි සිය සිරෙන් දරා, ගැමුණු නිරිඳු එපුර මනහරා පසිඳු දෙව් මැදුර උතුරු දිග සුසැදුණි, එයිදු මුනිඳා රැදි කිරි වෙහෙර පෙනෙයි. අර්ථරය: කඳ සුරිඳු, කඳ කුමරැගේ; වදන් මිණි, වදන නැමැති මාණික්යෙය; සිරෙන් දරා. හසින් දරාගෙන; ගැමුණු නිරිඳු, දුටුගැමුණු රජ, එපුර කරවූ, ඒ නගරයෙහි කරවන ලද, මනහරා, සිත් ගන්නා සුළු වූ; පසිඳු දෙව් මැදුර, ප්රුසිද්ධ දේවාලය; උතුර දිග සුසැදුණි, නගරයේ උතුරු දෙස මොන වට සැදුනේය; එයිදු, ඒ උතුර දිගම, මුනිඳා රැඳි, සර්වදඥයන් වහන්සේගේ ධාතු නිදන් කර වූ; කිරි වෙහෙරා, කිරි වෙහෙර පෙනෙයි,පෙනේ.

විස්තරය: කඳ කුමරුගේ වචන හිස මුදනෙන් පිළිගත් දුටුගැමුණු රජතුමා මේ නගරයෙහි උතුරු දිග කරවූ ප්රිසිද්ධ මනහර දේවාලය අලංකා ලෙස සෑදී ඇත. එපමණක් නොව ඒ උතුරු දිගට මුනිඳුන් ගේ දාධාතු නිදන් කර කර වූ කිරි වෙහෙර ද පෙනේ.

පසිඳු දෙව් මැදුර - දුටු ගැමුණු රජතුමා තද බෞද්ධයෙකි. ලක්දිව සතුරු උපද්රමව නසා බුදුසසුන් බැබල වීය. සියලුදේම කළේ ආගම මුල් කරගෙනය. එහෙත් මේ කවෙන් කියන පරිදි එතුමා පවා කඳ කුමරු ගැන අදහා තිබේ. කඳ කුමරුන් පිළිබඳ ඇති වූ භක්තිය නිසාම එහි මාහැඟි දේවාලයක් කර වූ බව පෙනේ. අද ‍අපේ ප්රාධාන පන්තියේ බෞද්ධ දේශ පාලකයන් පවා තම අදහස් ඉටුකර ගැනීමට කතරගමට බාරවෙති. එදත් ‍එසේ වු බව මින් පෙනේ.

කිරිවෙහෙර - කතරගමට වැඩි බුදුරජාණන් වහන්සේ සමාපප්තියෙන් වැඩ සිටිතැන කර වූ සෑයයි. කිහිරිගස්මුල කරවූ හෙයින් කිහිරි වෙහෙර යයි ව්ය වහාර විය. මෙය 1505 පෘතුගීසීන් විසින් විනාශකොට පැහැර ගන්නා ලදී. එයින් පසුව නැවතත් 1769 දී පමණ ප්රතතිසංස්කරණය කරවන ලදී.

වියරණ: කඳ සුරිඳුගේ වදන්, කඳ සුරිඳුවන්, වදන්ම මිනි, වදන් මිණි. කඳ සුරිඳු වදන් මිණියි සමස් යොදන්න.

එයිදු - එයිත්, යි සිටිතැන "ත" හට "ද" වී යෙදී තිබේ. එයිදු නොයිදු ආදියද සලකන්න.

152. තෙදිය විරාජ සිරිතෙද නැණ විකුම් බල රුවිනි විරාජ දිත රුපු සෙන් දපා හල යසසු විරාජ දෙව් රජ මහ සෙන් ල කල දකුණ විරාජ සිහ සුන් ‍දෙව් මැදුර බල

අන්වය: සිරි තෙද නැණ බල විකුම්, තෙදිය විරාජ, රුවිනි විරාජ, දිතරුපු සෙන් දපා හළ යසසු විරාජ මහසෙන් දෙව් රජ ලකල දකුණ විරාජ සිහසුන් දෙව් මැදුර බල!

අර්ථරය: සිරිතෙද නැණ බල විකුම්, ශ්රීදය, තේජසය, ඥානය, බලය, වික්රපමය යන මේවායින්: තෙදිය විරාජ, තුන් ලොවම බබලන, රුවිනි විරාජ. රූපයෙන් බබලන; දිත රුපුසෙන්, සතුරු අසුරසේනාව; දපාහළ, දථීය හැරියා වූ; යසුසු විරාජ, යසසින් විශේෂයෙන් දිලෙන; මහසෙන් දෙව් රජලකල, කඳ කුමරුන් විසින් අලංකාර කරන ලද; දකුණ විරාජ, දකුණු දිශාවෙහි දිලෙන, සිහසුන් දෙව් මැදුර! සිංහාසන සහිත දේවමන්දිරය; බල, බලව!

විස්තරය: ශ්රීසය, තේජස, ඤාණය, වික්ර මය හා බලය යන මේ ගුණයන්ගෙන් කඳකුමරු තුන් ලොවම ප්රරසිද්ධය. එසේම රූපයෙන් ද දිලෙයි. තමනට සතුරු අසුර සේනාව මැඩ ජය ගත්තේය; එබැවින් යසසින්ද දිලෙයි. එබඳු වූ කඳ කුමරුන් නිසා අලංකාර වූ ඒ පුරයෙහි දකුණත් පස පෙනෙන සිංහාසන සහිත දෙව් මැදුර බලන්න!


                                               කහකුරුළු සන්දේශ වර්ණයනාව 	161 

විශේෂ: පුරයෙහි උතුරුදිග දේවාලය හා කිරි වෙහෙර ද ඇති බව මුල් කවියෙන් කියවිණ. මින් පවසන්නේ පුරයෙහි දකුණු පස ඇති සිංහාසන සහිත දේව මන්දිරයක් ගැනය. දකුණ විරාජයන්නට දකුණු ලක්දිව බැබලෙන යයි ද අරුත් ගත හැකිය. එහෙත් මෙතෙනට එබඳු අර්ථන කථනයක් අවශ්යන නැතැයි අප අදහසය.

සිහසුන් දෙව් මැදුර, මෙයින් මේ දේව මන්දිරය සිංහාසනයක් සහිත බව පෙනේ. ආසන දෙව් මැදුරු යයි ක්රීවස්තියානීන්ගේ දේවස්තානවලට අද පවසන්නාසේය.

වියරණ: සිරිතෙද නැණ විකුම්බල - සිරිද, තෙදද නැණ ද විකුම් ද බල ද සිරිතෙද නැණ විකුම් බල යයි සමස් ගන්නේය.

153. තැනෙක සුසැදි බිහි දොරවල නන් රත න කනක යටෙහි බඳරන් කෙහෙලි වොරැඳි න නොයෙක රතන පහ කිරණින් එකළු ව න නිසැක යෙහෙන් බල එපුරෙහි සිරි නද න

අන්ය: තැනෙක සුසැදි නන් රතන, බිහිදොරවල නන් කනක යටෙහි බඳරන් කෙහෙලි වොරැදින, නොයෙක රතන පහකිරණින් එකළුවන එපුරෙහි නදනසිරි නිසැක යෙහෙන් බල!

අර්ථවය: තැනෙක සුසැදි, එක් තැනක සැදුවා වූ! කනක බිහිදොරවල, රන්මය පිටදොර කොටුවල, කනක යටෙහි රන් මිටිවල; බඳු, බඳුනාලද; රන්කෙහෙලි, රන් පතාකවන්; වරැඳින, බැබලුනේය. නොයෙක රතන පහ කිරණින්, නොයෙක් රන්මය ප්රා සාදවල රශ්මියෙන්; එකළුවන, ඒකා‍ලෝකවන; එපුරෙහි, ඒ පුරයෙහි; නදන සිරි, සිත් අලවන ශෝභාව; නිසැක, සැක නැතිව; යහෙන් බල, යහතින් බලන්න!

විස්තරය: කතරගම් පුරය පුදුමාකාරයෙන් ශෝභා සම්පන්න බවක් මින් පැවසේ, එහි පිටදොර කොටුන් රන්ය. ඒ රන් දොර කොටුවල රන්මය මිටිවල රන් පතාකා බැඳ 162 කහකුරුළු සන්දේශ වර්ණ නාව

ඇත්තේය. එහි ඇති නොයෙක් ප්රානසාද රන්ය. ඒ රන් පහයවලින් රැස් විහිදෙයි. ඒ නිසා ඒ පුරය එකසේ ‍ආලෝකවත් වේ. පුරයෙහි අධික සෞභාග්යිය හැඟවීමටදෝ කවියා සෑම තැනම රන් පෙන් වයි. රන් ඇති තැන විනා රන් නැති තැන රන් පැවසීමෙන්ද උදාර බවක් රුවා දැක්වීමට උත්සාකිරීම පෙර බොහෝ කවීන්ගේ සිරිත විය. මෙසේ බලන කල ඒ පුරය රන්මය පුරයක්සේ නො කිය හැකිද?

වියරණ බිහිදොර - බහිද්වාර, (සං), පෙර රාජධානිවල හා මාලිගාවල ද ඇතුල්දොර බිහිදොර යයි ප්රා?සාදයෙහි දොරවල් පැවතුණි.

යට යෂ්ටි (සං)

කෙහෙලි - පතාකා යයි කියති. දද, කෙහෙලි යයි දෙවගෙකි. දද වල යම් කිසි රූ සටහනක් තිබේ. පැරණි ලක්දිව කොඩි ගැන සලකා බලන්න. පතාකාවට රූ සටහනක් නැත. මේය ඒ දෙකෙහි වෙනස.

එකළු - ඒකාලෝක. (සං)

සමස්ත භුවන තල පුර ප්රකවර තිලකාය මාන සකල ශ්රීව නිවාසිත සම භූමි කප සම්පන්න සුරක්ෂිත අති මනොහර වාළුකා සළුල වීථි නිම්න ර භූෂිත අමර පුර ශ්රීරධර සකල නාරාංගශ්රීළන් විරාමාන නේක සත නිසෙවිත. නාතාදොශෝපචිත, නේක රතනාකුල සම්මුඛ සුරේන්ද්ර යාගේ පුරයෙහි මේද එක් වර්ණරනා කථනයක. තා සවන් මෙනෙහිකර!

අර්ථඑය: සමස්ත භුවනතල පුර ප්රමවර, සකල පොලෝ තලයේ පුරයයන්ට; තිලකායමාන, තිලකයක් බඳු, සකල ශ්රීප නිවාසිත, සව්සිරියට වාසස්තාන වූ; සම භූමිතල සම්පන්න, සම භූමියෙහි පිහිටි; සුරක්ෂිත පත, මනාව ආරක්ෂා කරන ලද; අති මනොහර, අතිශයින් සිත් ඇදගන්නා සුළු; වාළුකා සඵල, වැලිතාලාවලින් හා; වීථි, වීථියෙන් ද, නිම්න, පහත් භූමියෙන්ද; භූෂිත අලංකාර කරන ලද; අමරපුර ශ්රීයධර, දෙව් පුරයමෙන් සිරිදරන්නා වූ; සකල නගරාංග

                                                     කහකුරුළු සන්දේශ වර්ණරනාව 	163 

ශ්රී න්, සියලු නගරංග ශෝභාවෙන්; විරාජමාන වූ; බබලන නෙකසත නිවෙසිත, නොයෙකත් සත්වයන් විසින් සේවනය කරන ලද; නා නා දෙශොපචිත, නන්දෙසින් රැස්කරන ලද; නෙක රතනාකූල, නොයෙක් රතනයෙන් ගැවසුණු; සම්මුඛ සුරෙන්ද්ර;යාගේ පුරවරයෙහි, කඳ කුමරුගේ පුරයෙහි; මේද, මෙයත්; වර්ණේනා කථනයෙක, වර්ණසනාවකි; තා සවන් මෙනෙහි කර! නුඹගේ කන් යොමා අසන්න!

154. සවත් සුර මැදුර රැදි නිවසෙ වෙණු යුර මහත් සෙන් තරග මහවේ වෙරළ යුර වයත් පසඟ තු‍රුගොස ගොසයුතු ස යුර බලත් එපුර නිතියෙන් වැනි කිරි ස යුර

අර්ථ ය: සවත් සුර මැදුර, කඳකුමරුගේ දිව්යය විමානය; වෙණුරැදි, විෂ්ණු වාසය කරන; නිවෙස යුර. නිවාසය මෙනි; මහත් සෙන් තරග, මහත් වූ සේවා නැමැති තරංග ඇති; මහවේ, ඒ පුරයෙහි මහා වීථි; වෙරළ යුර, සාගර වෙරළ මෙන්ය; වයත් පසඟ තුරුගොස, වයන පඤ්චාංග තූර්ය්ය ගෝෂාව නැමැති, සයුර ගොසියුතු, සාගර ඝෝෂාවෙන් යුක්ත වූ; එපුර, ඒ නගරය; බලත් බලතහොත්; නිතියෙන්, නිතර, කිරි සයුර වැනි, කිරිසයුර වැන්නේය;

විස්තරය: කවියා මෙයින් කිරි සයුරත් මේ පුරයත් සමාන කර දක්වයි. කිරි සයුරේ විෂ්ණු වාසය කරනවාය යනු කවිසමයේ එන්නකි. එසේ නම් ඔහුගේ ප්රානසාදයද එහි විය යුතැය. මෙහි කදකුමරුගේ ප්රානසාදයද ඇත. සාග‍රයෙහි තරග හා වෙරළද ඇත. මෙහි මහාවීදි වෙරළය. නිතර හැසිරෙන සේනාව තරගය. සාගරය ඝෝෂසහිතය මෙහිද තූය්‍්ව ්ර්න‍ ඝෝෂාව පවතී. මෙසේ බලනවිය සාගරයත් පුරයත් සමානය. වෙනසකට ඇ‍ත්තේ කිරි සයුරයයි කීවාය. සුදුපාට වූ කිරිසයුරට සමාන කිරීමට කිසිත් පුරයෙහි දක්වා නැත.

විශේෂ: වයත් යනු වයන යයි අරුත් ගැනීමේදී යොදා ගත යුතුය.


164 කහකුරුළු සන්දේශ වර්ණ නාව

155. බරකර වසන සිරි නරඹමින් සිය නෙ ත හැර කර සක අසුන් සිළු වෙහෙසින් මෙප ත සිරකර නදන වෙත විසුවාවත් සැප ත පරකර වළය ලූ වැනි දරණා අන ත

අන්වය: බරකර වසන (මෙපුර) සිරි සියනෙත රඹමිනි කරසක අසුන් හැර සිළු වෙහෙසින් මෙපත සිරකර නදන පුර විසුවත් සැපත අනත දරණ ලූ වැනි පරකරවළය,

අර්ථලය: බරකර වසන, කතරගම දෙවියන් වසන මේ පුරයෙහි; සිරි, ශෝභාව; සියනෙත නරඹමිනි, තමන්ගේ ඇසින් බලමින්; කරසක අසුන් හැර, විෂ්ණු ආසනය අතහැර; සිළු වෙහෙසින් මෙපත, මෙහි ආ‍වොත් මොනරාගෙන් වෙහෙස ඇතද, සිරකරන දන වෙත, ඊශ්වර පුත්රේයා වෙත; විසුවාවත් සැපත, වාසය කළ හොත් සැපත වේයයි; අනත, අනත්නාගරාජයා; දරණ ලු වැනි, දරණ ගැසුවාක් මෙනි; පරකරවළය, මෙපුර ප්රායකාරය;

විස්තරය: බරකර, එනම් කතරගම දෙවියෝය. අත් දොලසක් ඇති නිසාය මෙසේ කීයේ, බර නම් දෙලසයි.

කරසක: එනම් විෂ්ණුයි. අතේ චක්රාවයුධයක් ඇති නිසාය එසේ පවසනුයේ. සිරිකර නම්, ඊශ්වරය. ඊශ්වරයාගේ පුත්ර්යෙක් ‍ෙස් සලකති කතරගම දෙවිඳු. පරකරවළය නම් ප්රා,කාර වලීයයි.

156. උනුනොව පිරි ඉසුරු දිසි අලක පුර දුල සව් ඉසුරෙන් මෙපුරට සම නොවෙති බල උතුරු දිගිඳු විලියෙන් නොවසා අසල සිට පුර රැගෙන ගොස් වන් වැනි කෙළෙස කුල

අන්වය: උනුනොව ඉසුරු පිරි දිසි දුල අලක පුර ඉසුරෙන් මෙපුරට සමනොවෙති. බල! උතුරු දිඟිඳු විලියෙන් අසල ‍නොවසා, සියපුර රැගෙන ගොස් කෙලෙස කුළවන් වැනි,

                                                  කහකුරුළු සන්දේශ වර්ණානාව 	165 

අර්ථ ය: උනුනොව, නොඅඩුව; ඉසුරු පිරිදිසි, ‍ෛඑශ්චය්යිර්යෙයන්, පිරී පෙනෙන; දුල, බබලන;අලකපුර,අලකාපුරය;ඉස‍ුරෙන්, ‍ෛඑශ්චය්ය;ර්යෙ න්; මෙපුරට සමනොවෙති, සමාන නොවේ; බල! බලව! උතුරු දිහිඳු, උතුරු දිශාධිපතියා; විලියෙන්, ලැජ්ජාවෙන්; අසල නොවසා, ළඟ වාසය නොකොට; සිය පුර රැගෙන ගොස්, තමාගේ පුරයත් රැගෙන ගොස්; කෙලෙසකුළ වන් වැනි, කෛලාශ පර්වපතයට පිවිසියාක් මෙනි.

විස්තරය: ලෝකයෙහි සකලෛශ්වර්ය්ි යෙන් පිරී බබලන පුරයක් ඇත්තේ අලකා පුරයයි. ඒ අලකා පුරය පවා මේ නගරය සමාන මනාවේ; තම පුරය පැරදුණු බව දැනගත් කුවේරයා ළඟ නොවසා ලැජ්ජාවෙන් මෙන් කෛලාශ පර්ව තයට ගියා මෙනැයි පැවසීමෙන් මේ පුරයෙහි ඇති උදාරකම පැවසෙයි.

අලක පුර: කුවේරයාගේ පුරයයි. මෙය සියලු සම්පතින් නොඅඩු තැනක් සේ සලකති. යම් තැනක උසස් සැපතක් ඇත්ද එය වර්ණමනා කරන කවීහු අලකා පුරයට සමානයයි පැවසීම පැරණි සිරිත විය.

උදුරු දිගිඳු: උතුරු දිශාධිපතියානම් කුවේර යාය, ඔහුගේ පුරය පිහිටියේ හිමාලව කඳු වැටියෙහි කෛලාශ නම් පර්වයතකූටයෙහිය. ධනයට අධිපති දෙවතාවා හැටියට සලකති.

කෙළෙස්කුළ: හිමාලය කඳු වැටියෙහි එක්තරා කඳු මුදුන කට මේ නම ව්යකවහාර වේ.

157. තිදස සුරිඳු පුරසිරි නොසමත මෙපු ර නිවෙස කර විසුව නම ගිරි හිස සුනෙ ර අනිස මෙසුර නිදු සිරිසැප වෙමින් බ ර පිවිස දෙරණ පිහිටුන වැනි මෙපුර වැ ර

අන්වය: සුනෙර ගිරි හිස තම නිවෙස කර විසුව, තිදස සුරිඳු පුර මෙපුර නොසමත, අනිස මෙසුර නිඳු සිරිසැප බර වෙමින් දෙරණ පිවිස මෙපුරවර පිහිටුන වැනි,

166 කහකුරුළු සන්දේශ වර්ණ නාව

අථීය: සුනෙර ගිරිහිස, මේරුපර්වරකයෙහි කඳු මුදුනේ; තම නිවෙස කර විසුව, තමාගේ නිවාසය කරගෙන වාසය කළ; තිදස සුරිඳු පුර, ශක්රියාගේ පුරය; මෙපුර නොසම වන, මේ පුරයට සමාන නොවන කල්හි; අනිස මෙසුර නිදු, එකාධිපති වූ මේ දෙවියා ගේ, සිරි සැප බර වෙමින් ශ්රී ‍සම්පත්තිය වැඩි වෙමින්, දෙරණත පිවිස, පොළොවට පිවිසී; මෙපුරවර, මේ පුරවරයෙහි; පිහිටුවන වැනි, පිහිටියාක් මෙනි;

විස්තරය: මෙහි අදහස් අවුල් සහිතය, ශක්ර,පුරයටත් වඩා මෙහි සිරි සම්පත් දියුණුව පැවැති බවය. කවියාට කියන්නට උවමනා වූයේ. සුනෙරුව මත තමපුර යේ විසූ ශක්ර යා මේ පුරයෙහි සිරිය දැක තමන්ගේ පුරය මෙපුරට පරදින බවද දැන සිය පුරය පොළෙවට දමා ගියාක් බඳු යයි පවසයි.

විශේෂ: මෙහි අනිස සද ඒකාධිපතියා යන අරුත් පවසයි.

158. නොයෙක් දෙසින් රැස්වන නිති දන නොමි න පසක් කොට මෙපුර සිරි කිම අමුතු ව න උදක් දෙලොව වැඩ මෙපුරෙන්ම සිදු ව න මිසක් අනු රපුර කිම ‍මෙපුර සරි ව න

අන්වය: නොයෙක් දෙසින් නිතිනොමින රැස්වන දන පසක් කොට මෙපුර අමුතු‍වන සිරි කිම? උදක් දෙලෝ වැඩ මෙපුරෙන්ම සිදුවන, අනුරපුර මිසක්, මෙපුර සරිවන පුර කිම?

අර්ථපය: නොයෙක් දෙසින් නෙ‍ායෙක් දිසාවලින්; නිති නොමින රැස්වනදන, නිතර පමණ නැතිව රැස්වන්නා වූ ජනයා; පසක් කොට, ඇසින් දැකගත්; මෙපුර, මේ පුරයෙහි; අමුතුවන සිරි කිම, අමුතු වන් ‍කියයුතු ශ්රී;ය කුමක්ද? උදක්, හුදෙක්, දෙලෝ වැඩ, උභා‍යලෝකාර්ථෙ සිද්ධිය, මෙපුරෙන්ම සිදුවන, මේ පුරයෙන්ම සිදුවන්නා වූ; අනුරපුරමිසක්, අනුරාධපුරය හැර, මෙපුර සිරිවන පුර කිම? මේ පුරයට සමානවන පුරය කුමක්ද?

                                                      කහකුරුළු සන්දේශ වර්ණ,නාව	 167 

විස්තරය: නොයෙක් දෙසින් රැස්වන අපමණ ජනයන්ට ප්රරත්ය ක්ෂව පෙනෙන මේ පුරයෙහි අමුතුවෙන් කිය යුතු දෙයක් නැත. දෙලෝ වැඩ සිදුවන මේ නගරයට සමානවෙතොත් අනුරාධපුරය හැර අන් පුරයක් නැත. අනුරාධපුරය මෙකල පවා ලක්දිව උසස් නගරය හැටියට පිළිගෙන පැවැති බව මින් ‍පැවසේ.

දෙලෝවැඩ - මෙලොව හා පරලොව වැඩ, මෙලොව සම්බන්ධ දිවිපෙවෙත්ම ආදිය මොලෝ වැඩය. ආගම අනුව සිදුකර ගන්නා පින් දහම් ආදිය පරලොව වැඩය.

වියරණ: පසක් - ප්රවත්ය ක්ෂ (සං) පච්චකඛ (පාලි) උදක් - දැන් හුදෙක් නිශ්චායාර්ථකයෙහි නිපාතයතයකි.

159. පහ ගණ කුළු ගජදළ කොක වැල විපු ල බදරන් පොරොදු ඉඳු දුණු ලෙල දද විදු ල දෙන පසතුරු මේ ගොස ගජ මද සිසි ල දුක මෙ සියලු ගෙමියුරු නද මියුරු ක ළ

අර්ථමය: පහගණකුළු, ප්රා සාද සමූහයා නැමැති වළාකුල්ද, ගජදළ විපුල කොක වැල, ඇත්දත් පෙළ නැමැති මහත් බලාකා වලියද, බදරන් පොරොදු ඉඳු දුණු, බදින ලද රන් දම් වැල් නැමැති දේදුණු ඇති; ලෙල දද විදුල, ලෙල දෙන කොඩි නැමැති විදුලියද, දෙන පසතුරු දෙන්නා වූ මේ ගොස, පසඟතුරු රුව් නැමැති අහස් ගෙරටුමද; ගජමද සිසිල, ඇතුන්ගේ මදදිය නැමිති ජලයද යන; මේ සියලු දැක, මේ සියල්ලම දැක; ගෙමියුරු, ගෘහ මයුර යෝ; මියුරු නදකළ, මිහිරි නාදය කළහ.

විස්තරය: මේඝය දකින මොනරු සතුටින් නාද කරති. කවියා මොණරැන් කෑගැස්සීමට වැසසක් මාවා පෙන්වන සැටි බලන්. නියම වැස්සක් නම්; වළාකුළ, කොක් සමුහය, දේදුන්න, විදුලිය අහස් ගෙරවුම, වැහි පොද; යන මේවා ඇතිවිය යුතුය. මවාපානා වැස්සේද නියම වැහි ලකුණු කවියා පෙන්වයි. ප්රාුසාද වළාකුල්ය, ඇතුන්ගේ දළ පන්තිය කෙකාවැළය, බදිනාලද රන්දම් ‍

168 කහකුරුළු සන්දේශ වර්ණ,නාව

වැල් දේදුණුය. අහසෙහි ලෙලෙන කොඩි විදුලියය තූය්‍්යම්ර්ෙ‍ ඝෝෂාව ගෙරවුමය. ඇතුන්ගේ මද පොද ජලයයයි, පුරයෙහි ඇති සෞභාග්යෙයෙන්ම නිදසුන් පෙන්වයි. මේ දේවල් දුටු ගෘහ මයුරයෝ නාද කරත්යයි කීම අතිශයෝක්තියක් විය නොහේ.

රන් පොරාදු මේ කවෙහි සැක කටයුතුව ඇත්තේ මෙපමණකි. රන් පොරාදු නම් ඇතුන්ගේ හෝ අශ්වයන්ගේ පිටේ අතුරා බදින ඇඳුමකි. දේදුණුවලට සරි කළේ රන් පොරොදුය.

160. සව් ඉසුරෙන් පිරි මෙපුරයෙහි පහ කොත න බැව් මිණිරන් රැස් විහිදී ගොස් වැදු න දේව නුසෙයින් කළුවිය නිලඹර එයි න එව් සමගීන් කළු වූ වැනි සොමිලපි න

අන්වය: සව් ඉසුරෙන් පිරි මෙපුරෙහි පහ කොතන බැව් ‍මිණිරන් රැස් විහිදී ගොස් වැදුන ඵයින දෙව් නුසෙයින් නිලඹර එයින, කළුවිය, සොමිඑව් සමගින් ලපින කළු වූ වැනි.

අථීය: සව් ඉසුරෙන්, සියලු සම්පතින්; පිරි, පිරුනාවූ, මෙපුරෙහි; ‍ප‍්හ‍ෙකාතන, ප්රාුසාදයන්ගේ කොත්වල; බැව්, බහාලනලද; මිණිරන් රැස්; මාණික්ය හා රන් රශ්මිය; විහිදී ගොස්, පැතිරීගොස්; වැදුන; වැදී; එයින තැව්නු සෙයින්, එයින් තැව්නාක්මෙන්; නිලඹර, නිල් අහස; කළුවිය, කලුපාටවිය; සොමි, චන්ද්රරයාද; එච් සමගින්, ඒ සමගම, ඒ හා සමගම; ලපින, ලපයෙන්; කළු වූ වැනි, කළු වී ගියාක් මෙනි.

විස්තරය; අහස නිල්වීමට හා චන්ද්රමයා කළුරශ්මි‍ලපයකින් යුක්තවීමටත් හේතු මෙයින් දක්වයි. ඒ පුරයෙහි ප්රාාසාදවල කොත්වල ඔබ්බවා තිබෙන මැණික් හා රන් වල රශ්මිය විහිදී ගොස් එයින් තැව්නාක්මෙන් අහස කළු විය. අහස තැවුණුවිට ඒ සමග චන්ද්රසයාත් ලපයකින් කළු වී ගියාක් මෙනැයි දක්වයි.

                                                     කහකුරුළු සන්දේශ වර්ණයනාව 	169 

වියරණ: බැව්, බහ, බැහීමෙහි ධාතුයි, බැහු යයි නිප දෙන රූපය බැව් යයි ව්ය වහාරයෙහි ආබැව් මින් පෙනේ.

තැවුනු - තව තැවීමෙහි ධාතුයි. කර්ම කාරයෙහි උනු ප්රිත්යයයයි.

මිණිරන්, මිණිදරන්ද, මිණිරන්, අන්අරුත් සමස්.


161. දිලෙන එපුර මහවේ කිරණ සිරි සි ලු සරන වරඟනන් උරඟන රුවිනි සි ලු නගන දද යටග මිණිනද නලින් ලෙ ළු පැමිණ සිටින වැනි ගුවනත ගුරුළු මු ළු

අන්වය: කිරණ සිරි ඉසිලු එපුර දිලෙන මහවේ සරන වරඟනන් රුවින් උරඟන ඉසිලු, ලෙළු නලින් මිණි නද නගන යටග දද ගුවනත ගුරුළු මුළු පැමිණ සිටින වැනි.

අර්ථළය: කිරණ සිරි ඉසිලු එපුර, කිරිසයුරෙහි ශෝභාව ඉසිලූ ඒ පුරයෙහි; දිලෙන මහවේ සරණ, බබලන මහවිර්ථකන්හි හැසිරෙන; වරඟනන්, වේශ්යංමගනාවෝ, රුවින්, රූපයෙන්; උරඟන ඉසිලූ; උරඟ කාන්තාවන්ගේ ස්වභාවය ඉසිලූහ; ලෙළු නලින්, හැමු වූ සුලඟින්; මිණි නද නගන, මිණිනාදය නගන්නා වු; යටග දද, යෂ්ටි අග්රලයන්හි කොඩි; ගුවනත අහසෙහි; ගුරුළු මුළු පැමිණ සිටින වැනි; ගුරුළු සමූහයා පැමිණ සිටින්නාක් මෙන්ය;

වියරණ: ක්ෂීරාණීව, (සං) කිරණවයයි බිඳී අන්තවකාරය ව්ය වහාර පහසුවය මැකී ගොස්ය.

උරඟන: උරග+අඟන, මෙහි ව්යණවහාර පහසුවය ගකාරය ලොප් වී තිබේ.

මිණිනද: මිණිවල නද, මිණිනදවි විබත් සමස් යොදනු. මෙහි මිණි නම් කොඩිවල අග බදින කුඩා ගෙජ්ජිය, කිකිණියයිද කියති. 179 කහකුරුළු සන්දේශ වර්ණ.නාව

162. සොබමන් විසල් වහසල් සියෙනි බිහි දො ර මනරන් රුවන් පිරි ‍සල්පිල් සැදි පව ර නිතියෙන් රඳන සිරිමත් දන එහි අත ර ඉසුරෙන් අලක පුරයද ජයගති මෙපු ර

අන්වය: බිහිදොර සොබමන් විසල් වහසල් සියෙනි, මනරන් රුවන් පිරි පවර සල්පිල් සැදි, සිරිමත් දත එහි අතර නිතියෙන් රඳන ඉසුරෙන් මෙපුර අලක පුරයද ජයගති.

අර්ථෙය: සොබමන්, ශෝභමාන වූ; විසල්, විශාල වූ; වාසල්සියෙනි, මාලිගා සියගණනින් යුත් එපු‍රෙහි; බිහිදොර, පිට දොරටුවෙහි; මනරන් රුවන් පිරි, මනහර රන්තවර්ගස පිරුනාවූ; පවර සල්පිල් සියෙන්, සල්පිල් සියගණනින්; සැදි, සැදුණේය; සිරිමත් දන, ධනවත් ජනයා; එහි අතර, ඒ අතරෙහි; නිතියෙන් රඳන, නිතර වාසය කරන; මෙපුර, මේ පුරය, අලක පුරයද ජයගති. අලක පුරයද ජයගත්තේය;

විස්තරය: ඒ පුරයෙහි ඇතුල් පුරය මනහර වාසල් සිය ගණනින් යුක්තය. පු‍රයෙන් පිට දොරටුවෙහි රන් රුවන් සල්පිල් ඇත. ඒ අතර ඉසුරුමත් දනා එහි නිතර වාසය කරති. එබැවින් මේ පුරය අලක පුරය ජය ගත්තේයයි මින් දැක්වේ.

ඇතුල් පුරය වාසල් සඳහාමය, සල්පිල්වලට ඉඩ ඇත්තේ පරණි රාජධානිවල වාසලින් පිට දොරයි ඉසුරුමත් දනා නැති පුරය එතරම් ශෝභාසම්පන්නද නොවෙති. එබැවින් නගරයක හෝ රටක ධනවතුන් සිටිය යුතුමය. ඒ නිසාමය මෙය විශේෂයෙන් දක්වන්නේ. මෙහි ඇති එකම වරද නම් කවි කීපයක්ම දැක්වු අලක පුරය හැර වෙන යමක් සලකා ගත නොහැකි වීමයි. කවදත් කාටත් හුරු පුරුදු අලකා පුරයම සිහිවීම සිරිතය. එබඳු පැරණි කියමන් අමතක කරන්නේ ප්රපතිභා ශක්තිය ඇති කවියෝය.

වහසල්: වාසල් සද රජ ගෙදර, (මාලිගා) සඳහා යෙදේ. නුවර කාලයේ බහුලව යෙදුනු බව මහවාසල, වාසල මුදියන්සේ, වාසල නිලමේ ආදී ව්යහවහාරවලින් පෙනේ.

                                                  කහකුරුළු සන්දේශ වර්ණ නාව 	171 

163. ලඹදෙන යටග නන් දද මද නලින් ලෙලී පද අග බඳ නදදෙන මිණි කිකිනි දැලී අමරසර පැමින පුරඹරෙහි සිට ලෙලි දලනෙත් නදන තුති ගී කියනෙව් එකලී

අන්වය: මදනලින්, ලෙලී ලඹදෙන යටග නන් දද, පද අග බද නදදෙන මිණි කිකිණිදැලි, අමරසර පැමිණ පුරඔරෙහි ලෙලී සිට, එකලී දලනෙත් තදන තුති ගී කියනෙව්.

අර්ථතය: මඳනලින් ලෙලී, මඳසුළඟින් සැලී එල්ලෙන; යටග නන් දද, යෂ්ටි අග්ර යෙහි බැඳ ඇති නානාප්රෙකාර කොඩි; පද අග බඳ, පා අග බැන්දා වූ; නද දෙන, නාද කරන; මිණි කිකිණි දැලී, මිණි කිංකිණික දැල් ඇති; අමර අසර පැමිණ, දෙවඟනන් පැමිණ; පුරඹරෙහි ලෙලී සිට, ඒ පුරයේ අහසෙහි ලෙලදෙමින් සිට; එකලී, එකල්හි; දළනෙත් නදන, කඳ කුමරු‍ගේ; තුති ගී, සතුනි ගීත; කියන එච්, කියන්නාක් මෙනි.

වියරණ: ලඹදෙන, එල්ලෙන, ලඹසවන්, මලේලඹු ආදියද සලකන්න. ලඹයි කියා තනිව මේ පදන නොයෙදේ. තවත් ධාතුවක් සමග යෙදී වර නැගේ. උපපද ආක්ඛ්යාේතයකි.

මිණිකිකිණි - මාණික්ය් කංකිණික, (සං) රහු දැල්,

අමර සර - අමරා පසර (සං) අප්සර නම් දෙවඟනෝය.

දලනෙත් නදන - දලනෙත්හුගේ නදන - විබත් සමස්. ද‍ලනෙත් නම් ඊශ්වරයායි. කඳකුමරු ඊශ්වර පුත්රි බැවින් මෙසේ පැවසිනි.

164. වඩමින් සවත් මිහිපති රුව වරණ පිට ඉසුරෙන් නොයෙක් මහසෙන් පිරිවර අවට වයමින් පසඟතුරු පුරවේ නිකුත් විට සුඳසුන් වේ සුරිඳු පත් සිරි පැයි එවිට

172 කහකුරුළු සන්දේශ වර්ණවනාව

අන්වය: අවට නොයෙක් මහසෙන් පිරිවර ඉසුරෙන්, සවත් මිහිපති රුව වරණ පිට වඩමින් අවට පසඟතුරු වයමින් පුරවේ නිකුත් පිට, එවිට සුදසන් වේ සුරිඳුපත් සිරි පැයි,

අර්ථනය: අවට නොයෙක් මහසෙන් පිරිවර ඉසුරෙන්, අවට නාතාවිධ මහා සේනා පිරිවර සම්පත්තියෙන් යුක්තව; සවත් මිහිපති රුව, ක‍ඳ කුමරුන්ගේ රූපය; වරණ පිට වඩමින්, ඇතු පිටට වඩමින්; පසඟතුරු වයවමින්, පඤ්චාංගික තූය්‍්ව ්ර්හ‍ වාදනය කරමින්; පුරවේ නිකුත් විට, පුරයෙහි වීදියෙහි නිකුත් වූ කල්හි; එවිට, එකල්හි; සුදසුන් වේ, සුදර්ශනන වීථර්යෙ හි, සුරිඳුපත් සිරි, ශක්රහයා බැසගත් ශෝභාව, පැයි, ගෙනහැර දක්වයි.

විස්තරය: කඳ කුමරුගේ පිළිරුව ඇතු පිටට වැඩමවා මහා පිරිවර සේනාව සමග පඤ්චාංග තූය්‍් ප්ර්ම ‍ වාදනය කරමින් මහ මගට බැසගත් විට සුදර්ශයන වීථියට බැසගත් ශක්රළයා ලෙසයයි මින් පැවසේ.

විශේෂ: අද මෙන් පෙරද අවුරුදු පතා කරන පෙරහැර පිළිඳව මේ කවෙන් කරුණු ස්වල්පයක් හෙලිවෙයි. එදා කඳ කුමරුගේ රුව ඇතු පියින් වැඩම වූ සැටියක් මින් පැවසේ. සුදසුන් වේ, තව්තිසා දෙව්ලොව ඇතැයි සලකන අලංකාර වීථි‍යකි.

සවත් මිහිපති - කඳ කුමරුට, මිහිපති සද යෙදීමෙන් රජෙකුගේ ස්වභාවය දැක්විය. මොහුට කීප තැනකම මහසෙන් යන නමද දැක්විය. මෙහිලා දැක්විය යුතු කරුණු ප්රොස්තාවනාවේ දැක්වා ඇත.

165. හසවන් සිටි පියයුරු රන් පටින් බැඳ මනරන් තුනු රුසිරෙන් දත නුවන් බැඳ ගනිමින් එරන් තැටි වේ දෙපස සිට ළඳ කියමින් සවතිඳුට ආසිරි වදන් සොඳ



                                                   කහකුරුළු සන්දේශ වර්ණමනාව 	173 

අර්ථ ය: හසවන් සිටි පියයුරු, හංසයන් මෙන් සිටි පයොධර; රන් පටින් බැඳ, මනරන් තුනු රු‍සිරෙන්, පහයත් රූපශ්රීියෙන්; දත නුවන් බැඳ, මිනිසුන්ගේ නෙත් සිත් බැඳ, ළඳ, කාන්තාවෝ; එරන් තැටි ගනිමින්, ඒ රන්තැටි අතට ගනිමින්; වේ දෙපස සිට, වීථියෙහි දෙපැත්තේ සිට; සවතිඳුට කඳ කුමරුට; සොඳ ආසිරිවදන් කියමින්, යහපත් ආශිර්වාද වචන කියමින්;

විස්තරය: තන රන් පටියෙන් බැඳ රූප ශෝභාවෙන් යුත් අඟනෝ රන් තැටි ගෙන කරකවමින් කඳ කුමරුට ස්තූති ගී කිය බවක් පවසයි. තැටි කරකවා ගී කියන කතුන් අදත් අනුරාධපුර වන්දානා කාලයට දක්නා ල‍ැබේ. ඔවුන් සැ‍දෙඬාල් කුලයට අයත්ය. නළඟනන් හා මෙබඳු තැටි කර කවන ස්ත්රී හුද එවැනි තවත් කාන්තාවෝද එකල තන පට බැදි බව පෙනේ.

166. නගන පහන් පුරවේ තොරණ තැන තැන සවත් සුරිඳු යසගුණ වදනිදු විසින උදය පටන් ගැනලක් තබමින් නොදැන කුසී බැවින් විසුරුණ මිනි රැස් ලෙසින

අන්වය: තැන තැන් පහන් නගන පුරවේ තොරණ සවත් සුරිඳු යස ගුණ වදනිදු විසින උදය පටන් ගැන ලක් තබමින් නොදැන කුසී බැවින් විසුරුණු මිනි රැස් ලෙසින,

අර්ථරය: තැන තැන පහන් නගන, තැනින් තැන පහන් දල්වන, පරවේ තොරණ, ඒ පුර වීථියෙහි තොරන්; සවත් සුරිඳු යසගුණ, කඳ කුමරුගේ යසස් ගුණය; වදනිඳු විසින, වෘහස්පති විසින්; උදය පයන් ගැන, උදය කාලයෙහි පටන් ගැන; ලක් තබමින්, ලකුණු තබමින්, නොදැන, ඉවරයක් නොදැන; කුසී බැවින්, අලසකම නිසා; විසුරුණු, විසිරී ගිය, මිණි රැස් ලෙසින, මාණික්යව රශ්මිය මෙන්විය.



174 කහකුරුළු සන්දේශ වර්ණරනාව

167. තුඟු පිය වුරු රන කුඹු යුව ලෙව් දිලෙ න දිලෙන අයුරු කොමලත් රන් දම් ලෙසි න ලෙසින රුසීරු සුරඟන දුටුවන් නද න නදන මිතුර බල එපුරෙහි ලිය සර න

අන්වය: තුඟු පියයුරු රනකුඹු යුවලෙව් දිලෙන කොමලත් රන්දම් ලෙසින දිලෙන අයුරු රුසිරු සුරඟන ලෙසින දුටුවන් නදන, එපුරෙහි සරන ලිය නදන මිතුර: බල!

අර්ථලය: තුඟු පියයුරු, උස් වූ පයොධර; රන්කුඹු යුවල එව්, රන් කළගෙඩි දෙකක් මෙන්; දිලෙන, දිලෙන්නා වූ; කොමලත් කෝමල වූ අත්; රන්දම් ලෙසින්, රන්දාමයන් සේ; දිලෙන, බබලන; රුසිරු සුරඟන ලෙසින්, රූමත් දෙවඟනන් සේ; දුටුවන් නදන, දුටුදනා තුටු කරන; එපුරෙහි සරන ලිය, ඒ පුරයෙහි හැසිරෙන කාන්තාවවන්, නදන මිතුර! සිත් සතුටු කරවන මිත්රරය! බල! බලන්න!

වියරණ: තුඟු - තුංග (සං) වගු, වඩිග ආදිය මෙනි.් කුඹු යනුද කුම්භ සදින් ආයේ මෙසේය.

විශේෂ: මේ කව සන්දේශයට නම් ගියේ ලක්ෂණයෙන් බැඳ ති‍ෙබ්. දිලෙන යන මුල් පදයේ අවසානයේ යෙදුන පදය දෙවැනි පදයේ මුලට ගෙන ති‍ෙබ්. මෙසේ පාද සතරම එකිනෙක ඩැහැගෙන මෙහි පද යෙදී තිබේ.

පෙදෙන් පෙද පිරියතැ - අකුරු ඩැහැ පද නැග නම්,

බහල් මත් ඈ ලකුණු - දනු සඳහට හෙ මෙසේ (සඳැස් ලකුණ) මේ ලක්ෂණ කීයේ ගීයටය. රජ පැමිණි බෝසත් - සත් රජුනෙහි වැඩවිසී, ආදිය නිදසුන්ය. ඒ ගීයට දැක්වූ ශබ්දාලංකාර ලක්ෂණ සිවු පදයටද ගෙන තිබේ.


                                                   කහකුරුළු සන්දේශ වර්ණීනාව 	175 

පුරඟනන් මෙසේ වණති.

168. වැජඹි එපුර වර අඟනන්ගෙ පියයු රු බරිනි සුලා වැහැරුණු සිහි නිඟ අයු රු සලෙලු ‍ෙලාබින් සිටි එහි බලමින් සොඳු රු අදින නුවන් නිල් රැ‍හැනක විලස දැ රූ

අන්වය: එපුර වර වැජඹි අඟනන්ගෙ පියයුරු බරිනිසුලා සිහිනඟ වැහැරුණු අයුරු, ලොබින් එහි බලමින් සිටි සොඳුරු සලෙලු නුවන් අදින නිල් රැ‍හනක විලස දැරූ,

අර්ථ ය: එපුරවර වැජඹි, ඒ පුරවරයෙහි වැජඹුණු අඟනන්ගෙ අඟනුන්ගේ; පියයුරු උසුලා පයෝධරහාරයන් උසුලා; සිහිනිඟ, සිහින් ඉඟටිය; වැහැරුණු අයුරු, වැහැරී ගිය ආකාරය; ලොබින් ‍බලමින් සිටි, ලොභයෙන් බලමින් සිටිය; සොඳුරු, සලෙලු, සුන්දර සල්ලාලයන්ගේ, නුවන් අදින, ඇස් ඇදගන්නා; රැහැනක විලස, රැහැන් පටක විලාසය; දැරූ, දැරීය;

විස්තරය: එපුර වනාතාවෝ පුන් පියොවුරු ඇත්තියෝය. උන්ගේ ඉඟ ඉතාම සිහින්ය. සල්ලාලයෝ ඒ අඟනුන් දෙස ලොබින් බලති. ඒ බැල්ම තනබර උසුලා ස්වභාවයෙන් සිහිනිඟ වැහැරී ගිය සැටි බලන්නාක් මෙනි. කතුන්ගේ සිහින් ඉඟ තමන් දෙස බලන සල්ලාලයන්ගේ නෙත් ‍තමා වෙත ඇදගන්නා නිල් රැහැනක ශෝභාවය දැරී යයි මෙහිදී කවියා පවසයි.

විශේෂ: මේ කවෙහි වස්තු නිරූපනය සැබවින්ම චමත්කාර ජනකය. මෙබඳු කවි නිසාය. කාලිදාස වෑත්තෑවේ, රාහුල ආදී කිවිවරු රසිකයන්ගේ සිත් දිනාත්තේ, නිල් රැහනක විලස දැරූ යයි පැවසීම ඉතාම අගනේය. ඇස් නිල් පාටය. යමක් දෙස තරයේ බලා සිටින විට එය ඇසින් රැස්ධාරා විහිදෙයි. ඒ නිසාත් එය ගැලපේ. තනබර උසුලා කතුන්ගේ ඉඟ ඉතා සිහින් වූ බවත් සිහිනිඟ ඇති කතුන්ට සලෙලුවන් ආශා කළ සැටිත් මින් පැවසේ.

176 කහකුරුළු සන්දේශ වර්ණතනාව

169. පුරස රා දිලෙන වත දැක සිය ඇසිනී පිරිවරා එතුරු සෙන් ගුවනත පැමිණි ලපදරා තමන් සිරි නොමවන බැවිනි නිසයුරා විලින් ගොස් පැළ දෙස භිවනී

අර්ථුය: පුරසරා, පුරයෙහි හැසිරෙන කතුන්ගේ, දිලෙන වත, බබලන මුහුණ; සිය ඇසිනි දැක, තම ඇසින් දැක; එතුරු සෙන් පිරිවරා, ඒ තාරකා සමූහය නැමැති සේනාව පිරිවරාගෙන, ගුවනත පැමිණි. අහසට ආ; ලපදරා ලප දරන්නා වූ සඳ තමන් සරි නොමවන බැවිනි, කතුන්ගේ මුහුණු තමන්ට සමාන නොවන බැව් දැන; තිසයුරා, චන්ද්රසයා; විලින් ගොස්; ලැජ්ජාවෙන් ගොස්; පැළ දෙසෙහි වනී, බටහිර දෙසට ගියාක්මෙනි.

විස්තරය: තරු පිරිවරා අහසෙහි පායන සඳ, තමන්ගේ මුහුණේ ලප ඇති නිසා ඒ පුරයෙහි කතුන්ට සමාන මුහුණක් නැතැයි ලැජ්ජාවෙන් මෙන් බටහිර බැසගියාක් මෙන්යයි මින් පැවසේ.

සඳ බැසගියාම ස්වභාවික වුවද මෙහි කවියා ස්වභාව සිඬිය කල්පනාකර දක්වන්නේ කතුන්ගේ මුහුණුවලට ලැජ්ජාවෙන් මෙසේ බැසගියාක් මෙන් කියයි.

වියරණ: පුරසරා පුරයෙහි සරණුයේ පුරසරා නමි. කතුන්ය. අන්අරුත් සමස්; ලප දරනුයේ යමෙක්ද හේ ලප දරා, සඳ, අන් අරුත් සමස්.

නිසයුරා, නිසාකර, (සං) නිසකරුයයි බිදී නිසයුරුයයි කහට ය. වීය.


170. වතිනි පුල් නෙතීඳුවර මුහුලස සෙ වෙ ලී තිසර තන වසා බිගු ලිහිනින් මෙ වූ ලි බමර රැව් නිබඳ දෙන පිය ‍සන් තෙපු ලී එපුර ලකල් කල් බඳසේ ගෙදිගු වි ලී


                                              කහකුරුළු සන්දේශ වර්ණදනාව 	177 

අන්වය: උපුල් වතිනි, ඉඳුවර නෙත්, මුහුලස සෙවෙලී, තිසර තන, වසා බිඟු, ලිහිනන් මෙවුලී, නිබඳ දෙන බමර රැය් පියසන් තෙපුලී එපුර ගෙදිගුවිලි ලකල් කල් බඳයේ.

අර්ථගය: උපුල් නැමැති මුහුනින්ද, නිල් මහනෙල් නැමැති නෙතින්ද, කේශ කලාප නැමැති සෙවෙල් වලින්ද, තිසර නැමැති තනයෙන්ද, බිඟු නැමැති වසා රොදින්ද; ලිහිනින් මෙවුලි, ලිහිනිවැල නැමැති මෙඛලාදාමයෙන්ද; නිබ‍ඳ‍ෙදන, නිතර නගන බමර නාදය නැමැති, පියසන් තෙපුලි; ප්ර්කාශ කරන වචනයෙන්ද; එපුර ගෙදිගුවිලි, ඒ පුරයෙහි ගෙදිගුවිල; ලකල්, මනොඥ; කල්බඳ සේ යහපත් කාන්තාවක් වැන්නේය;

විස්තරය: මෙයින් ඒ පුරයෙහි ගෙදිගුවිල් යහපත් කතකගේ ශෝභාව ගෙන හැර පෑ අයුරු දක්වයි. සිත්තරා විල වැනිමේදී මෙහි දැක්වෙන අදහසම කවියා දැක්වීය. අමුත්තකට ඇත්තේ මෙවුල් දමට එහි උවමක් නොදැක්වීමය. එහි තෙපුලට දැක්වූයේ සියොත් "නදය" මෙහි බිඟු රැව් දැක්විය. 111 වැනි කවිය බලන්න.

පියසන් - පියසන් සද පාසටහන යන අරුත් පවසයි. මෙහි යෙදුනේ අප්රනසිද්ධ වූ, ප්රනකාශ කරන යන අරුත්හිය.

කල්බඳ කල්බද නම් යහපත් අඟනෝය.

ගෙදිගුවිල, ගෘහදීර්ඝිකා (සං) වාසල් අවට ඇති දිය අඟල් ගෙදිගුවිල් නමි. සතුරන්ගෙන් ආරක්ෂාකර ගැනීම සඳහාත් සනීපය හා අලංකාරය සඳහාත් ගෙදිගුවිල් තනති.

171. සුරඹුවන් දිලෙන රුසිරෙන් සිරි කැල් ම කෙළිනවුන් සඳළුතලවල සැමකල් ම පුරඟනන් සරනු දුටුවන් නෙත් කැල් ම රස අඳුන් කුමට වෙන අඳිනෙද ලොල් ම


178 කහකුරුළු සන්දේශ වර්ණ නාව

අන්වය: දිලෙන, රුසිරෙන් සිරි කැල්ම, සුරඹුවන්, සැම කල්ම සඳළුතලවල කෙළිනවුන් සරණ පුරඟනන් ලොල්ම නෙත් කැල්ම දුටුවන් රස අඳුන් කුමට අඳනෙද?

අථීය: දිලෙන රුසිරෙන්, බබලන රූප ශෝභාවෙන් හා සිරිකැල්ම, සිරිමත් කාන්තීයෙන්ද, සරඹුවන්, දෙවඟනන් බඳු; සැම කල්ම, සෑම කාලයෙහිම: සඳළුතලවල චන්ද්රිවකා; තලයන්හි; කෙළිනවුන්, ක්රීෙඩාකරන්නා වූ; සරන පුරඟනන්, හැසිරෙන පුර ස්ත්රීමන්ගේ ලොල්ම නෙත් කැල්ම දුටුවන් ලොල් වූ නෙත්රරකාන්තිය දුටුවන්ගේ (ඇස) අඳුන් කුමට අඳනේද! කුමට අඳුන් ගල් වන්නේද? අවශ්යේ නැත.

විස්තරය: ඒ නගරයෙහි ප්රා සාදවල චන්ද්රිටකාසඵලවල රූපශ්රී යෙන් දෙවඟනන් පැරදු කාන්තාවෝ ක්රීහඩා කරමින් හැසිරෙති. ඔවුන්ගේ නෙත්රනයන්හි ඇති කාන්තිමත් ගතිය දුටු අයට ඇසේ අඳුන් ගෑමෙන් කිසිදු වැඩක් නැත. අඳුන්වලින් වන කාරිය ඒ පුරඟනන්ගේ නෙත් කැල්මෙන් වන හෙයිනි.

සඳලුතල; ප්රා්සාදවල මතුහලේ දක්නා ලැබෙන උඩින් ආවරණයක් නැති බැල්කෙණි අදද දක්නා ලැබේ. සඳලු තල නම් ඒය. විවේකව සිටීමට හා ක්රීලඩා කිරීමටද මේ තැන් යොදා ගනිති. අදද එසේමයි. චන්ද්රිලකාසඵලයයි පවසන්නේ හොඳින් මේ තැන්ලට හඳඵලිය වැටෙන හෙයිනි.

අඳුන සඳුන් ආදී ද්ර්ව්ය කීපයක් එක්කොට සාදාගත් අ‍ාලේපයක් ඇස වට පෙර සිරිති. කණට මිහිරි දේට කණට මී පැමිණිසේයයි කියන්නාක් මෙන් ඇසට ප්රි ය දේට ඇසට රසඳුනක්යයි කියති. කවියා කියන්නේද එයමය. අඳුන් ගෑම නිසා යම් මිහිරක් සුවයක් හෝ අලංකාරයක් ඇසට ලැබේද එය පුරකතුන්ගේ නෙත්කැල්මෙන් ලැබෙති. අඤ්ජනන (සං)



                                                       කහකුරුළු සන්දේශ වර්ණානාව 	179 

172. නාලියවන් දිසිරත දරිනි නා ලිය නාලියවන් ගමනින් යුගතනා ලිය නාලියවන් පිය යුග බැඳ මනා ලිය නාලියවන් පැරද සිය පුර වනා ලිය

අන්වය: 1 නාලිය රත් අදිරිනි 2 නාලියවන් දිසි ගමනින් නාලියවන් යුගතනාලිය. 3 නාලියවන් පියයුග බැඳ මනාලිය පැරද 4 නාලියවන් සිය පුර වනාලිය,

අර්ථවය: නාලිය රත් අදරිනි, නාදලු‍සේ රතුපාට තොල් වලින්; නාලියවන් දිසි, නාගලතාවන් මෙන් පෙනෙන; ගමනින්; ගමන් කිරී‍ෙම්දී; නාලිය වන්, ඇතින් නියන්මෙන්; යුගතනාලීය, සිරුරේ දෙපස සෙලවීය, නාලියවන්, නාග කන්යාතවක් මෙන්; පිය යුග බැඳ, දෙතන සකසා බැඳ සිටින; මනාලිය, යහපත් කතුන්ට; පැරද, පැරදී; නාලියවන්, නාග කන්යාසවන් පවා; සියපුර තමන්ගේ පුරයට; වනලිය පිවිසියාක් මෙනි.

විස්තරය: සැලලිහිණි ආදී අනික් සන්දේශකරුවෝ තම තමන්ගේ පොත්වල නාගකන්යාදවන් ගැන පැවසූහ. එහෙත් මෙහි කිසි තැනක එබඳු වර්ණවනයක් නොපෙනේ. එයට එක් කරුණක් කහකුරුලු කවියා දක්වයි. කතරගම් පුර හැසැරෙන කතුන්ට පැරදී නාග කාන්තා‍වෝ තමන්ගේ පුරයට ගිය බවය එය. කෙබඳු කතුන්ටද?

නාදලු සේ රතු පාට ඇති තොල් නිසා හැසිරෙන නාග ලතාවන් බඳු, ඇතින්නියමෙන් ගමනේදී දෙපස මනාව සෙලවූ, නාගකන්යාමවන්‍ මෙන් පියයුරු මනාසේ බැඳි එපුර අංගනාවන්ය.

විශේෂ: 1. නාලිය; නාදලු 2. නාලියවන්, නාගලතාබදු. 3. නාලියවන් ඇතින්නියන් බඳු 4. නාලියන්, නාගකන්යා‍වන් බදු

කව්ශේඛරයෙහි :- රතදරිනි නාලිය - ගමනින් සදිසි නාලිය එපුර සරනාලිය - කවුරු නම් හැකිවෙති ‍වනාලිය 180 කහකුරුළු ‍සන්දේශ වර්ණිනාව

173. පැමිණ එපුර වේ හස්ගෙ දිගු විල් වෙති දකින කළුන් පුරවේ සරණ රුසි රැති බඳින රන් පටින් තනහස නිගා දෙති බියෙන පලාගොස් දැන් මෙපුර නොලැ ගෙති

අන්වය: එපුර වේ ගෙදිගුවිල් වෙත පැමිණ හස, දකින පුරවේ සරණ රුසිරැති කළුන් රන්පටින් බඳින තන හස නිගා දෙතැයි බියෙන පලා‍ෙගාස් දැන් මෙපුර නොලැගෙති.

අර්ථරය: එපුර, ඒ පුරයෙහි; ‍ෙව්, මාර්ගායන්හි; ගෙදිගුවිල් වෙත, ගෘහදීර්ඝිකා වෙතට; පැමිණ හස් පැමිණියා වූ හංසයන් දකින; පුරවේ සරණ. පුරයෙහි මාර්ගැයන්හි හැසි‍රෙන; රුසිරැති කතුන්, රූපශ්රීියෙන් යුත් කාන්තාවගේ; රන් පටින් බඳින, රන් පටියෙන් බඳින්නා වූ; තනහස නිගා දෙතියි. තන නැමැති හංසයන්ට; නිග්රනහකරති යයි බියෙන, බියෙන; පලාගොස්, පැනගොස්; දැන් මේ කාලයෙහි; මෙපුර; මේ පුරයෙහි; නොලැගෙති (යි) ‍ෙනාලගිත්, යයි (සිතමි)

විස්තරය: ඒ පුරයෙහි ගෙදිගුවිල් වලට හංසයෝ පැමිණෙති. මාර්ගරයෙහි හැසිරෙන රුසිරැති අඟනෝ ඒ හසුන් දකිති. දැක කතුන් රන් පටින් බදින තන නමැති හංසයන්ට නින්දා කරතියි යන බියෙන් පලාගියාක් මෙන් දැන් මේ පුරයට හංසයෝ නොපැමිණෙතියයි කවියා පවසයි. විල්වල හැසිරෙන හංසයන් අල්වා ගැනීමට අඟනෝ ආශාකරති. එහෙත් එය නොකළහැකි දෙයකි. එහෙත් ඒ බැරිවීමයයි පසුබට නොවී රන් පටින් බැඳ ඇති තන හසුන්ට නිග්රඑහ කිරීමට සැරසෙති. මෙකල අඟනන් තනපට බැඳි බව මෙහිලා විශේෂයෙන් කියයුතු නොවේ.

වියරණ: නොලැගෙති, නොපූර්වි ළඟ ලැගීමෙහි ධාතුයි.

විශේෂ: පැමිණ යන්න පැමිණි. කියාද වෙති යන්න වෙත කියාද අරුත් ගැනීමේදී යොදාගත යුතුයි. නිගාදෙති, නොලැගෙති යන ක්රි.යා දෙකම යි, නිපාතයෙන් සම්බන්ධකර සංසයාර්ථායෙහි ගැනීම ඉතා සුදුසු බව අප අදහසය.

                                                         කහකුරුළු සන්දේශ වර්ණමනාව	 181 

174. ඉඳුනිල් කවුළු වෙත දිසි මිනි මැදුරු වල බඳකල් කෙළෙන වත සිරි නරඹා ල කල සුහුඹුල් පියුමකැයි අත දිගු කර නො සල ගජමුල් විලින් හැසිරෙති එපුර හැම කල

අන්වය: දිසි ලකලමිණි මැදුරුවල ඉඳුනිල් කවුළුවෙත නිබඳ කෙළෙන කල් නොසල වත සිරි නරඹා සුහුඹුල් පියුමැකැයි අත දිගු කර එපුර ගජමුල් හැමකල විලින් හැසිරෙති.

අර්ථ ය: දිසි. පෙනෙන; ලකල මිණි මැදුරුවල, අලංකාර මාණික්යැමය මන්දිරයන්හි; ඉඳුනිල් කවුළු වෙත; ඉන්ද්ර නීල මාණික්යලමය කවුළු සමීපයෙහි; කල්, කතුන්ගේ; නොසලවත සිරි නරඹා, නොසැලෙන මුහුණුවල ශෝභාව බලා; සුහුඹුල් පියුමකැයි, හොඳින් වැඩුන පුයුමැකැයි අත දිගු කර සොඬ දික්කර; එපුර, ඒ පුරයෙහි; ගජමුල්, ඇත් සමුහයා; හැමකල, හැමදාම; විලින් හැසිරෙති, ලැජ්ජාවෙන් හැසිරෙත්,

විස්තරය: මාණික්යන මන්දිරවල ඉන්ද්රිනීල කවුළුයයි පැවසීමෙන් පුරයෙහි සෞභාග්යදය පෙන්වයි. ඒ කවුළු අසල සිටි අහනන්ගේ වුවන් පියුම් සාමාන්යය පියුම්වලට වඩා විශාලය. ඒ නිසාය සුහුඹුල් යයි කීයේ. ඇතුන්ගේ රැවටීමට හේතු වූයේ ඉන්ද්රවනීලමය කවුළු දුරට පෙනෙනුයේ ජලය සේය. එහි නොසැලී සිටින අඟනන්ගේ වුවන් පියුම් ලෙසත් සැලකීමයි. මේ ඇතුන් රැවටුනේ එක් වරදක්ද නැත. ඔවුහු හැමදාම රැවටෙති.

තිසර සන්දේශයෙහි:

15. නිල් මිණි මැදුරෙහි සී මැදුරත සැප ත කල් බඳ සොඳ වත දකිමින් මතක ම ත පුල් පුයුමෙක කුහුලින් දිගුකරන අ ත තුල් රහු වැනි සිසි ගැනු මට ගමන් ග ත


	182                                    කහකුරුළු සන්දේශ වර්ණමනාව 

තිසර කවියා එය පැවසුයේ කහ කුරුලු කවියාට වඩා වෙසක් ඇතිවය. වුවත් පියුමට දිගු කරන අත චන්ද්ර යා ගැනීමට ළංවන රාහු වැනියයි තිසර කවියා පවසයි.

කාලිදාසයෝ රඝු වංශයෙහි:- තාසාං මුඛෛරාසව ගන්ධ ගර්යෛචර් ව්යාජතාන්තරාං සානුකුතුහලානම් විලොල නෙත්රා භ්රනමරෛගී වාක්ෂං සහශ්ර පත්රාර භරණා ඉවා සන්

මෙයින් ඒ පුරයෙහි කවුළු ආසව ගඳ නැමැති සුවඳ ඇති නෙත් නැමැති බමරු ඇතී, පුරවනිතාවන්ගේ මුහුනු නිසා පියුමින් සැරසුවාක් මෙනැයි පවසයි.

වියරණ: ඉඳුනිල් - ඉන්ද්රමනීල, (සං) තද නිල් මැණික්. බඳ - නිබඳ, යන්නෙහි 'නි' ලොප්වී බඳයයි සිටී. එසේ නැතහොත් බඳකල් යයි යොදා ගැනීඹට ඉඩ තිබේ. යහපත් කාන්තාවෝ බඳකල් නම් වෙති. කර - මෙහි කර සදින් ඇත් සොඬ ගැනේ. කර යනු තත්සම ශබ්දයකි.

175. නන් රතනින් රැදි පහ තොරණ රැස් ‍ වැද වන් ගණඳුරු දුරලා රතු සුපුන් සඳ උන් අබිසරු සලෙලුන් එහි සරණ සොඳ මෙන් දිත කර සැකයෙන් බලමින් එසඳ

අන්වය: නන් රතනින් රැඳි තොරණ රැස් වැද ගණඳුරු දුරලා රතු වන් සුපුන් සඳ, එහි සරණ සොඳ අබිසරු සලෙලුන් එ සඳ දිනකර මෙන් සැකයෙන් බලමින් උන්.

අර්ථසය: නන් රතනින් රැඳී, නොයෙක් රත්නයන්ගෙන් රැඳුනා වූ; තොරණ රැස් වැද, ප්රානසාදවල හා තොරන් රැස් වැද; ගණඳුරු දුරලා, ඝණ අන්ධකාරය දුරු‍ෙකාට; රතුවන්

                                          කහකුරුළු සන්දේශ වර්ණනනාව 	183 

සුපුන් සඳ, රතුපාට වූ පුන් සඳ; එහි සරණ, ඒ පුරයෙහි හැසිරෙන, සොඳ අබිසරු සලෙලුන්, සුන්දර අභිසාරිකාවන් හා සල්ලා‍යන්; එසඳ එකල්හි; දින කර මෙන්, සූය්‍්න්්ර්ස‍යා මෙන්; සැකයෙන් බලමින් උන්, සැක සහිතව බලමින් සිටියාහුය.

විස්තරය; ඒ පුරයෙහි ප්රා සාදවල හා තොරන්වල මැණික් රැස් විහිදෙයි. ඒ රැස් වැදී අඳුරු ගතිය දුරහැර චන්ද්රවයා පවා රතුපාට වී පෙනේ. එහි හැසිරෙන අභිසාරිකාවන් හා සලෙලුන් ඒ දෙස බැලුයේ හිරුය යන සැකයෙනි.

පහ තොරණ මිණිරැස් සඳට වැදීමෙන් යයි දැක්වීමෙන් පුරයෙහි ඇති ප්රාොසාදවල උස්බව දැක්වේ. සලෙලු දනා රාත්රිකයට ආශා කරති. ඔවුන්ගේ සතුරා හිරුය. රතු වූ සඳක් පෙර නොදුටුවිරූය. එහෙයින් නිශා කාලය ගෙවී ගොස් අලුයම හිරු නැගේය යන සැකයෙන් රතු සඳ බැලූ බව පෙනේ.

වියරණ: අබිසරු - අභිසාරිකා (සං) නියම කළ තැන කට යන්නී යනු අර්ථණයෙන් අභිසාරිකා නම්වේ. දවල් කාලයෙහි කථා කරගත් පරිදි රාත්රී කාලයෙහි එතනට යාම අභිසාරිකාවන්ගේ සිරිතය.

176. පැහැ සරවත් පහ බිතු පෙලෙහි අබි යස රන ලියවන් වරඟන සිටිනා වෙසෙස පිළි බිඹුවන් වදිමින් එහි පෙනෙන ලෙස බිතු සිතියන් නැතිවත් ඇති වූ විලස

අන්වය: පැහැසරවන් පහ බිතු පෙළෙහි අබියෙස පිළි බිඹුවන් වදිමින් එහි පෙනෙන ලෙස රත ලියවන් වරඟන සිටිනා වෙසෙස බිතු සිතියම් නැතිවත් ඇති වූ විලස,

අර්ථයය: පැහැසර වන්, ප්රිභාවෙන් සාර වූ; පහබිතු පෙලෙහි, ප්රාවසාදවල භික්ති පංකතියේ; අබියෙස, අසල; පිළිබිඹුවන් වදිමින්, ප්ර තිබිම්බයන් වදිමින්; එහි, ඒ භික්තිවල;

184 කහකුරුළු සන්දේශ වර්ණවනාව

පෙනෙන ලෙස, පෙනෙන ආකාරයෙන්; රන ලියවන්, රන් වැල් බඳු; වරඟන, වෙසඟනන්; සිටිනා වෙසෙස, සිටින විශේෂ ආකාරය, බිතු සිතියම් නැතිවත්, ඒ භික්තිවල සිතියම් නැතත්; ඇති වූ විලස, ඇති වූ ආකාරය දක්වාය.

විස්තරය: ඒ පුරයෙහි ප්රාතසාදවල බිත්ති අසල අඟනෝ සිටිත්. එය සිතියම් ඇඳ නැති ඒ බිත්ති වල සිතියම් ඇති වූවාක් බඳුයැයි මින් පැවසේ. බිත්ති අංලකාර වීම සඳහා සිතියම් ඇඳීම පෙරසිරිති එහෙත් මේ බිත්තිවල එසේ නොවීය. ඒ අඩුව එහි සිටිනා අඟනන් නිසා සම්පූර්ණ වූ බව මින් හැගේ.

177. පුර සර ලියන් තුනු රූ විලෙහි හට ගෙන පියයුරු ගහන් කෙමි ලවනත් පත් දසන මුවරද බරින් වත් පියුමෙහි මන නදන සෙවි ලොබ නිතින් මත් සලෙලුන් නෙත් බිඟුන

අන්වය: පුර සර ලියන් තුනු රූ විලෙහි හට ගෙන, පියයුරු ගහන් කෙමි ලවනත් පත් දසන මන නදන වත් පියුමෙහි මුවරද බරින් ලොබමත් සලෙලුන් නෙත් බිඟුන නිතින් සෙවිත්.

අර්ථුය: පුර සර ලියන්, පුරය නැමැති කතුන්ගේ; තුනු රූ විලෙහි හටගෙන, සරීර නැමැති විලේ හටගෙන; පියකර ගහන්, පයොධර නැමැති පඳුරු ඇති, ලවනත් කෙමි තොල් නැමැති කෙමි ඇති; පත් දසන, පත්රර නැමැති, දත් ඇති; මන නදන වත් පියුමෙහි, සිත් සතුටු කරවන මුහුනු පියු‍මෙහි; මුවරද බරින් ලොබ, මකරන්ද භාරය නිසා ලොල්වූ; මත් සලෙලුන්, මත් සල්ලාලයන්ගේ; නෙත් බිඟුන්, ඇස් නැමැති බමරුන්; නිතින සෙවිත්, නිතර සේවය කරත්;

වියරණ: පියයුරු ගහන් - මෙහි ගහන් සදෙහි අරුත් කීප ක්රරමයකින් දැක්විය හැකිය. ගහන් මග, අහස, ගහන් සිවු නසා සතර, ගහණ, නාසය, ගහන්, තාරකා, ගහන් - නෙළුම්දලු, ගහන් ගැවසුණු ආදිය ඉන් සමහරකි. පියකර ගහන් කෙමි යයි ගතහොත් නාසා නැමැති කෙමි ඇතිය. අරුත් දීමට ඉඩ තිබේ. එවිට අනික් පද වල අරුත් ගත

                                               කහකුරුළු සන්දේශ වර්ණ නාව	 185 

නොහැකිය. එබැවින්ය පියයුරු ගහන් යයි අරුත් පැවසුයේ. පියකර ගහන්, ප්රිඑයයන්ගේ අත් නැමැති නෙළුම් දල්ලෙහි, කියාද අරුත් ගක හැක, ගහන් සදින් නෙළුම් දල්ල කියවෙන නිසාය. විමසිය යුතුය.

කෙමි - කර්ණිකා, (සං) නෙළුම් ‍මලේ ඇතු‍ල් කොටසයි.

නැවතද පුරය මෙසේ වණති.

178. ගජ තුරගුන් රිය පාබල සෙන් සතු ට වසන නිකින් සිරිමත් මේ පුර වර ට අප මුනිඳුන් වැඩ වැඩහුන් තැනෙක තු ට සොයනු එයින් කිවියර උපමා කුම ට

අන්වය: ගජ තුරඟුන් රිය පාබල සෙන් ‍සතුට නිතින් වසන සිරිමත් මේ පුරවරට අප මුනිඳුන් වැඩහුන් තැනෙක. එයින් කිවියර උපමා කුමට සොයනු.

අර්ථුය: ගජ තුරඟුන් රිය පා බලසෙන්, ඇත්, ඇස් රිය පාබල යන සේනාවන්; සතුට වසන සතුටින් වාසය කරන; මේ පුරවරට, මේ පුරවරයට; අප මුනිඳුන් වැඩ අප මුනීන්ද්ර;යන් වහන්සේ වැඩමවා; තුට, සතුටින් වැඩහුන් තැනෙක වැඩ සිටි ස්ථානයෙකි; එයින් ඒ නිසා; කිවියර, කවිකාරයන්; උපමා කුමට සොයනු, උපමාවන් සොයන්නේ කුමටද? අවශ්යර නොවේ.

විස්තරය: මෙයින් මේ පුරයට බුදුරජාණන් වහන්සේ වැඩ එක් තැනක වැඩ හුන් බව සඳහන් වේ. බුදුරජාණන් වහන්සේගේ තුන් වැනි ලංකා ගමනයෙහිදී ලක්දිව සොළොස්මස්ථානයන්හි සමාපත්තියට සමවැදී සිටි බව (සමන්ත පාසාදික 44) (මහාවංශ 10) සඳහන් වේ. එබැවින් මෙකියන පුවත ඒ අනුව ස්ථිර වේ. සමාපත්තියෙන් නැගිට මහෙසන් රජුට ධර්මයදේශනා කොට සො‍වාන් ඵලයට පැමිණ වූ බවද සඳහන් වේ. පූජාවලියෙහි ද "මෙයින් වැඩ රුහුණු

186 කහකුරුළු සන්දේශ වර්ණකනාව

දීගානකය පිහිටි තැනය" ආදී පාඨයෙන් ඒ බව තවත් පැහැදිලිවේ. කිරි වෙහෙර පිහිටියේ ඒ ස්ථානයෙහිය. කිහිරි ගස් තුබු හෙයින් කිහිරි වෙහෙර යයි. ප්රථසිද්ධව පසුව ව්යරවහාර පහසුවට කිරි ‍වෙහෙර යයි පවසති.

මේ පුරයට බුදුරජාණන් වහන්සේ පවා වැඩ රම්යව භූමි භාගයක වැඩ සිටියේ නම් තවත් උපමා සෙවීමෙන් වැඩක් නැතැයි පැවසීමෙන් පුරයෙහි ඇති උසස් කම පැවසේ.

179. තෙද බල විකුම් පෑ දිතසෙන් මැඩ තෙද ග බඳ හළ තමන් යස දද දස දිග යට ග නදකර එපුර කිරණව දිසි තරිඳු ර ඟ කඳ සුර නිඳු වැජඹෙති එපුර සිතු ර ඟ

අන්වය: තෙදග දිතසෙන් මැඩ තෙද බල විකුම් පෑ තමන් යස දද දස යටග බඳ හළ, තරිඳු දිසි කිරණව රඟ එපුර නද කර, කඳ සුර නිඳු එපුර සිතුරඟ වැජඹෙති.

අර්ථරය: තෙදග දිග සෙන්, තේජස් නැමැති ගිනි ඇති අසුර සේනාව; මැඩ මදිනය කර; යස දද, කීර්ති නැමැති ධවජය; දස දිග යටග, දශ දිශා නමැති යෂ්ටිය අගෙහි; බඳ හළ, බැඳ හැරි; තරිඳු දිසි, චන්ද්රැයා දක්නා; කිරණව රඟ, කිරි සයුර මෙන්; එපුර නඳ කර, ඒ පුරය සතුටු කොට; කඳසුර නිඳු, කඳ කුමරු; එපුර ඒ පුරයෙහි; සිතු රඟ වැජඹෙති. සතුටින් වාසය කරති;

විස්තරය: බලවත් අසුරන් ජය ගෙන තම යසස දස දිග පතුරවා චන්ද්රයයා දුටු කිරි සයුර මෙන් ඒ පුරය සතුට කරමින් කඳකුමරු මෙහි වසනා බව මින් පැවසේ.

කඳකුමරු: ශිව දෙවියාගේ පුත්රප ස්කන්ධ කුමාරයා, බලවත් දේවතාවෙක් බව හින්දුන් ගේ පිළිගැනීමයි. කඳකුමරු නමින් ද කවියා හඳුන්වන්නේ මොහුය. දිත රුපුසෙන් යයි පැවසිමෙන් පෙනේ. එහෙත් කතරගම දෙවිඳු නමින් හඳුන්වන බුදුන් ගෙන් බණ අසා සොවාන් වූ මහසෙන්

                                                  කහකුරුළු සන්දේශ‍ වර්ණ.නාව 	187 

දෙවියා ගැන අමතක කිරීමෙන් දෝ කවියා අවධාරණයෙන් නොදක් වයි. දුටුගැමුණු රජතුමා මෙහි දේවාලය කිරි කතරගම දොවියන්ට (මහසෙන්) වූ භාරයක් ඉෂ්ට කළත් මෙහි සිරිඳු කඳ වදන් මිණි සිය සිසිරෙන් දරා ආදී කවෙන් දැක්විය. ප්රරස්ථාවනාව බලනු.

වියරණ: තරිඳු තරනට ඉඳු තරිඳු විබත් සමස්, හළ; හර හැරී මෙහි ධාතු අතීත කෘදන්ත යි.


180. එසුරන් හට නරන් යොදුනක් උව අස ල වෙසෙසින් ගෙළෙහි බැඳි කුණප‍යසෙ පිලිකු ළ කුළුණෙන් ලෙවන් රකිනා ලෙස ඒ නොස ල තිදසිත් බැස මෙපුරවර විසුව හැම ක ල

අන්වය: එසුරන් හට තරන් යොදුනක් අසල උව, ගෙළෙහි බැඳි කරණපයසෙ වෙසෙසින් පිළිකුළ ඒ නොසලලෙවන් රක්නා ලෙස කුළුණෙන් තිදිසින් බැස මෙපුරවර හැමකළ විසුව.

අර්ථණය: එසුරන් හට, දෙවියන්ට: නරන්, නරයන්; යොදුනක් අසල උව, යොදුනක් පමණවත් ළංවුවහොත්; ගෙළෙහි බැඳි කුණපයක් සේ, බෙල්ලේ බැන්ද කුණපයක් සේ; වෙසෙසින් පිළිකුළ; විශේෂයෙන්ම පිළිකුල්ය; ඒ නොසල, එය නොසලකා; ලෙවන් රක්නා ලෙස, ලෝකයා ආරක්ෂා කරන පරිදි; කුළුණෙන්, කරුණාවෙන්; තිදිසින් බැස, දිව්යාලෝකයෙන් බැස; මෙපුර, මේ පුරයෙහි; හැමකල විසුව, හැමදාම විසූහ.

විස්තරය: මෙයින්ද කතරගම දෙවියා තිදස්පුරයෙන් පැමිණියෙකැයි පැවසීමට උත්සාහ කර තිබේ. මිනිස් ලොවට දෙවියන් ගනු හතකින්වත් ළංනොවන බව හින්දු‍න්ගේ විශ්වාසයයි. බෞද්ධ පොත්වලද එයම පැවසේ. ගෙළෙහි බැදි කණපය යම්සේ ගඳගසාද එසේ ගඳ ගසන බව පවසති. එහෙත් මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන් ඒ ගඳ ගැනවත් නොසලකා කඳ කුමරු හැමදාම මෙහි සිටිතියයි මෙයින් දැක්වේ.

188 කහකුරුළු සන්දේශ වර්ණ නාව

යොදුන යොජන (පාලි) යොදුනකට ගව් හතරකි. ‍"යොජනං වතු ගාවුතං" ගව්වකට සැතපුම් සතරක් පමණ වෙයි. මේ පැරණි මිනුම් ක්ර්මයයි.

කුණප - මැරුණු සතුන්ගේ කුණු වී ගිය සිරුරු කුණප - (පාලි)

181. සතන අනත කිවි සුරගුරු කඳ කුම රු සකත බලත කිවි සරසවිය ගුරු ගු රු මහත සැපත පිරි මෙපුරෙහි පැවති යු රු සමත වණත මොහු වෙන හැකි වෙති කවු රු

අර්ථවය: සතන, මහා බ්රනහ්මයා; අනත, අනන්ත නාගරාජයා; කිවි, චාල්මිකීය; සුරගුරු, බ්ර හස්පති; කඳකුමරු, ස්කන්ධ කුමාරයා; සකත, විෂ්ණුය; බලත, බලභද්රරය; කිවි සරසවි, කාව්ය ට අධිපති වූ සරස්වතීය; ගුරුගුරු, මොහු අගස්තිය යන මේ දෙවිවරු; මහත සැපත පිරි, මහත් සම්පත් පිරුණා වූ; මෙපුරෙහි පැවැති අයු‍රු, මෙහි ඇති ස්වභාවය; වණත සමත, වර්ණ;නා කිරීමට සමත් වනු මිසක්; වෙන කවුරු හැකිවෙති, අන් කවරෙක් හැකිවේද; නොවේමය.

විස්තරය: අනත, සුරගුරු; කිවි සරසවි යන මොවුන් ඉතාම ප්ර්සිද්ධය. කඳකුමරු ගැන මේ කාව්ය්යෙන්ම ‍තොර තුරු දැනේ. සතන, සකත බලන ගුරුගුරු යන මොවුන් ගැන පමණක්ය අමුතුවෙන් දත යුත්තේ.

සකත :- හක්ගෙඩියක් අතේ ඇත්තේ යම් දේවතාවෙක්ද හේ සකත නමි. එනම් විෂ්ණුය.

බලන:- බල‍දේවගේ බාල සහෝදරයා බලභද්රේ හෙවත් බලන නමින් ප්ර කටය. හින්දුන් අතර ප්රෝසිද්ධ දේවතාවෙකි.

ගුරුගුරු :- මේ දැක්වෙන්නේ අගසනී නම් ඍෂි‍වරෙක් ගැනය.


                                                          කහකුරුළු සන්දේශ වර්ණමනාව	 189 

ඝටොජන්ම ස්ථානං මෘග පරි‍ජනො භූජීවසනො වනෙවාසං ස්කන්ධාදික ඵලමසන මෙවං විධගුණං අගසත්යං පථොධිං යදකෘතකරා මහොජ කුහරෙ ක්රි්යා සිද්ධං සත්ව භවති මහතාං නොපකරණෙ

අගසති කළයෙන් උපන්නේලු, පිරිවර මෘග ජනයායා, රිටිසුඹුලු හඳින්නේය. ව‍නයෙහි වෙසේ. වනමුල් ගෙඩි ආදිය ආහාරය. මෙබඳු ගතිගුණ ඇති අහසති සාගර ජලය තම අත් පියුමට ගත්තේලු. උපකරණ නැතද සත්පුරුෂයන්ගේ වස්තු සිද්ධිය වන බව මින් පැවසේ. කුම්භයෝනි හෙවත් කුඹු‍ෙයාත් යනුද මොහුටම නමකි.

මෙහි අග ශබ්දය පර්ව ත වාචකයි. "අගං අසළ්ය තීති අගසති" ජීවිතය මෙහෙයා ගත්තේය. යන අර්ථකයෙන් අගසති නම්වේ. "අග" ශබ්ද පූර්වු අස-ක්ෂේප ධාතුවෙන් සිද්ධියි. එක් කලෙක්හි අගසති වින්ධ්යාඅ පර්වනතයට කිපුනේය. බියට පත් පර්වහතය වහාම පාමුලට පැමිණ. ක්ෂමාකරයා ගත්තේය යනුද එක් කතාවකි. මෙහි දැක්වූයේ කතා ප්ර්වෘත්යයි විමසා බලත්හොත් මෙයට වඩා වෙනස් දෙයක් ලැබෙන්ට පුළුවන.

විශේෂ: මෙහි දැක්වූ සියලුම දෙවිවරු එක් එක් කරුණෙන් අගතැන් පැමිණි දෙවිවරුය. මේ නගරයෙහි ශෝභාව වණීනා කරතහොත් මේ දෙවිවරුන්ගෙන් කෙනෙක් මිස අන් කෙනෙක් සමත් නොවන බව කවියා පවසයි.

182. නිරතුර රදන මැතිවරු එහි සිරි නොමි න දොර දොර රඹ තොරණ පුන් කලසින් තෙවු න සිරිසර නොයෙක් දකිමින් දෙපසෙහි නද න මමිතුර යව නොලසව ඒ මහ වෙයි න

අන්වය: සිරි නොමින මැතිවරු නිරතුරු රඳන එහි දොර දොර පුන් කලසින් තෙවුන රඹ ‍තොරණ, දෙපසෙහි ‍නදන නොයෙක් සිරිසර දකිමින් මමිතුර! නොලසව ඒ මහ වෙයින යව!

190 කහකුරුළු සන්දේශ වර්ණ්නාව

අර්ථිය: සිරි නොමින, සම්පතින් අඩු නොවූ; මැතිවරු මහත්මයන්; නිරතුරු රඳන එහි, නිතර රැඳී සිටින ඒ පුරවරයෙහි; දොර දොර දොරක් දොරක් පාසා; පුන්කල‍සින් තෙවුන, පුන්කලසින් බබලන; රඹ තොරණ, කෙසෙල් තොරන්ය, දෙපෙසෙහි දෙපැත්තේ; නදන සිත් සතුටු කර වන; නොයෙක් සරිසර බලමින්, නානා ශ්රීි ශෝභාව බලමින්; මමිතුර! මගේ මිත්ර්ය!නොසලව, පමා නොවී; එහි මහ වෙයින, ඒ පුරයෙහි මහා වීථියෙන් යව!

විස්තරය: දොර දොර රඹ තොරණ, පෙර අදමෙන් නොව උත්සව අවස්ථාවන්හි අලංකාරයට බදිනුයේ කෙසෙල් තොරන්ය. ඒ බව අපේ සාහිත්යනයෙන්ම සථුටවේ. එය තවත් හොබනේ දෙපස පුන් කලස් තැබූ විටයි. වත්ක‍මේ හැටියට පුන්කලසට රන් පවා කරවා ගනිති. අද ඇතැම් ආගමික උත්සව වලදී පමණක් කලස් තැබීම කරති.

වියරණ: දොර දොර - මෙහි ළුීප්සාථියෙහි පදය ද්විත්ව වී යෙදී තිබේ. එකට සම්බන්ධකිරීම විප්සාවය. දොරක් පාසා කියාද යෙදේ. පාසා යන්නෙන් සෑම දොරකමයයි සම්බන්ද කෙරේ.

මැතිවරු මන්ත්රීකවරු අද රජයේ මැතිකම් දරන්න වුන්ට පමණය මැතිවරු කියන්නේ. මෙහි උසස් කුලවතුනට යෙදේ.

183. බඹසුරා මුදුන් දුන් සිරි පද කම ල තිදිවරා වැඩම කරහුන් තැනෙහි ක ළ වසුදරා කිරුළු මිණි දිසි වෙහෙර දු ල මමිතුරා පෙරටු කර එළඹෙව ලක ල

අන්වය: සිරිපද කමල, ශ්රී පාදපද්මය,

අර්ථයය: බඹසුරා මුදුන් දුන්, බ්රයහ්මන් හා දෙවියන්ද, නමස්කාර කළ; තිදිවරා තුන්ලොවට නායකයා; වැඩමකර හුන් දිනෙහි, වැඩම කර සිටි තැන; කළ, කරන ලද;

                                            කහකුරුළු සන්දේශ වර්ණරනාව 	191 

වසුදරා; වසුන්ධරාවගේ; කිරුළුමිණි දිසි; කිරිවයෙහි මැණික මෙන් පෙනුනු; උදුල ලකල වෙහෙර බබලන අලංකර සෑය වෙත; මමිතුරා! මගේ මිත්ර ය; පෙරටුකර, සතුටු සිත් පෙරදැරිව; එළඹෙව, පැමිණෙන්න;

විස්තරය: බුදුරජාණන් වහන්සේ මෙ පුරයට වැඩ සමාපත්ති සුවයෙන් වැඩහුන් බව මුලදී පැවසීමු. මේ කවෙන් කවියා පවසන්නේ බුදුන් වැඩ සිටි තැන කරවූ මහීකාන්තාවගේ කිරීටයෙහි මැණිකක් මෙන් පෙනෙන උතුම් වෙහෙර වෙත පැමිණෙන ලෙසය.

විශේෂ: මේ වෙහෙර කවරෙකු විසින් කරවූයේ ද යන්න එකහෙළාම කියහැකි සාක්ෂ්යරක් නැතද දෙවන පෑතිස් රජු විසින් කරවන ලදැයි සිතාගැනීමට ඉඩ තිබේ. සද්ර්මරත්නාකරයෙහි දැක්වෙන් අභය තෙරුන්ගේ කතා වෙන් කිරිවෙහෙර ගැන තොරතුරු රාශියක් හෙළිවෙයි. දිය සැවුල් හා නීලකොබෝ සන්දේශ කරුවෝද මේ ‍වෙහෙර ගැන සඳහන් කරති.

නීලකොබෝ සන්දේශයෙහි: විතර නොවන සුරබඹ සුර නර උරන පතර පෙමින් අවනත ‍කළ යුග සරන සතර වැඩ සිටිය මිණි වෙහෙරකි පොරන මිතුර එහි එළඹ පෙරටුව නොව උරන

මෙහි කහකුරුළුවේ එන පෙරටුව යන වචනය යෙදී තිබේ. කිහිරි ගස් තිබූ තැන කරවූ බැවින් කිරි වෙහෙර යයි නම් වූ බව මුලදී දැක්විමු.

වියරණ: නිදිවරා, තුන් ලොවට උතුමා, මෙහි ස්වර්ගන මර්ත්ය,, පාතාල යනු තුන්ලො‍වයි. ත්රි දිව්ය යි තව්තිසා දෙව්ලොමවටද නමි. එය මෙතැන නොයෙදේ. වසුදරා, වසුන්ධරා, (සං) එනම් පොළො‍වයි.



192 කහකුරුළු සන්දේශ වර්ණසනාව

184. පුදමින් වදින ඉසුරුට නිරතුරු බැති න නිතියෙන් තියු වදන් ගොස දෙමළෙන් කිය න සතතින් වසන ගුරුවන් මඩම දකි මි න පසකින් දෙව් මැදුර නොලසව යව එයි න

අන්වය: ඉසුරට නිරතුරු බැතින පුදමින් වඳින නිතියෙන් දෙමළෙන් කියන තියුවදන් ගොස සතතින් ගුරුවන් වසන මඩම දකිමින් පසකින් දෙව් මැදුර එයින නොලසව යව.

අර්ථ ය: ඉසුරුට, ඊශ්වරයාට; නිරතුරු, නිතරම, බැතින පුදමින්, භක්තියෙන් පුදමින්; වදින, වදින්නා වූ; නිතියෙන් නිතර; දෙමළෙන් කියන, දෙමළ භාෂාවෙන් කියන්නා වු; කියුවදන් ගොස, සතුතිගීතිකා ඝෝෂාවන් යුත්; සතතින්; නිතර; ගුරුවන් වසන, ගුරුවන් වාසය කරන, මඩම දකිමින, මඩම බලමින්; පසෙකින් දෙව්මැදුර, පැත්තකින් ඇති දෙව් මැදුර වෙත; එයින, ඒ මඩමෙන් නොලසව යව! පමානොවි යන්න.

විස්තරය: මඩ‍ෙම් සිටි ගුරුවෝ ශිවභක්තිකයෝය. ඔවුන් භක්තියෙන් ශිවදෙවියා නිතර වදිනි. එසේම දෙමළෙන් සතුනි ගීතිකාද කියති.; එබඳු මඩම දැක ඒ අසල පැවැති දෙව් මැදුර කරා යන්නැයි පවසයි.

දෙමළෙන් කියන: ගිරා ආදී අනික් සන්දේශකරුවෝද දේවාල වල දෙමළෙන් කියන ස්තූති‍ ඝෝෂාව ගැන පැවසූහ. එහෙත් මෙහි දැක්වෙන්නේ මඩමේ සිට කියන දෙමළ ගීතිකා ගැනය.

ගුරුවරුන්: ඉන්දියාවෙන් විහාරදේවාල වල තේවාව සඳහා මෙහි පැමිණි පිරිසකි. අද ගුරුන්නාන්සේ යන ව්යවවහාරයද මෙයට සම්බන්ධ විශේෂයෙන් බලි ඇදුරන්ට මේ නම යෙදේ. සොකරි නාඩගම්ද "ගුරුවා" එ යි යන ජවනිකාවක් වෙයි. නාඩගමේදී ගුරුවා වෙදෙක්සේ හැසිරෙයි. ඔවුන් ස්තූති කෙළේ කතරගම දෙවිඳුට නොව ඊශ්වරයාටය. තමන් ඊශ්වර භක්තිකයන් බැවිනි.


                                                         කහකුරුළු සන්දේශ වර්ණෙනාව 	193 

දෙව්මැදුර: දෙමළුන් සමග අනුරාධපුර යුද්ධයට පිටත් වීමට පෙර දුටුගැමුණු රජතුමා සිල් සමාදන්ව මහසෙන් දෙවියන්ගේ පිහිට සෙවීය. ටික වේලාවකට පසු ‍වැදිවෙස් ගත් කරගතම දෙවි (මහසෙන්) රන් කඩුවක් ගෙන රජුගේ අතේ තබා "මාගේ මේ ව්යා(යාමයෙහි බුදුසසුන් දියුණුව සඳහා යිය" දිවුරවා යුද්ධයෙන් දිනු පසු තමන්ට කොළ පන්දලක් ‍තනව වයි කියා කතරගම දෙවියා අතුරුදහන් වූ බව මේ පිළිබඳ ඇති කතාවය. (කතරගම ඉතිහාසය) යුද්ධයෙන් ජයගත් රජතුමා වැඩිහිටි කන්ද අසල රන් උළු සොයා රන්කොත් පළඳවා දේවාලයක් කරවූ බව සඳහන් වේ. ඒ බව මෙහිද මුලදී පැවසිණි. කතරගම දේවාලය පිළිබඳව දක්වන හැකි පැරණි තොරතුර මෙයයි. අද තිබෙන දේවාලයේ පැරණි ලක්ෂණ නැතත් මේ දැක්වෙන්නේ පැරණි දේවාලය ගැනය.

185. ලබන සිතින් මතු සග සිරි මන නද න පුදන ලෙසින් වෙහෙරට හෙළ මල් දම් න විසින අධිකරණ මැති කර වූ යසි න වඩින මැනවි මමිතුර ඒ වීදි යෙ න

අන්වය: මතු මනනදන සඟසිරි ලබන සිතින්, හෙළ මල් දමින වෙහෙරට පුදන ලෙසින් අධිකරණ මැති විසින් යසිත කරවූ ඒ වීදියෙන මමිතුරු වඩින මැනවි.

අර්ථුය: මතු, මතු කාලයෙහි; මනනදන සගසිරි, සිත් සතුටු කරවන දිව්‍ය සම්පත්තිය; ලබන සිතින්, ලබන අදහසින්; හෙළ මල්දමින, සුදුමල්දමින්; වෙහෙරට පුදන ලෙසින්, සෑයට පූජාකරන පරිද්දෙන්; අදිකරණ මැති විසින් කරවූ; අධිකරණ අමාත්යාල විසින් කරවන ලදඤ යසින ඒ වීදි යෙන, මනහර ඒ වීථියෙන්; මමිතුර! මගේ මිත්රෙය! වඩින මැනවි; යනු මැනවි;



194 කහකුරුළු සන්දේශ වර්ණමනාව

විස්තරය: කතරගම කිරිවෙහෙරට නිතරම සුදුමලින් පිදීම සඳහා අදිකරණ අමාත්ය යා විසින් කරවූ වීදියක් ගැන මෙයින් පැවසේ. සුදුමල් පිදීම සඳහා කළ හෙයින් සුදුමල් වීදි‍යයන නම් විය යුතුය. හුදෙක් මතු දිව්ය සම්පත් සඳහාය එය කරවන ලද්දේ.

186. තිරසර ගුණ නැණැතියන් මතු සැප පිණිස පනවර දාතු වඩමින් කරවූ යසස පුදකර වදින නන්දෙසෙනා දනා රැස මමිතුර මහ වෙහෙර වෙත එළඹෙව සතොස

අර්ථුය: තිරසර ගුණ නැණතියන්, ස්ථිර සාරගුණයන් හා නුවණ ඇති අය; මතු සැප පිණිස, මතු කාලයට සැප ලබන පිණිස; ජිනවර දාතු වඩමින්, බුදුරජාණන් වහන්සේගේ ධාතු තැන්පත් කරමින්; යසස කරවූ, මනා ලෙස කරවූ; නන්දෙසනා දනාරැස, නානා ප්රනදේශයන් ගෙන් පැමිණි ජනසමූහයා පුදකර වදින, පූජා පවත්වා වඳින්නා වූ; මහසෑයවෙත, මහසෑය සමීපයට; මමිතුර, මගේ මිත්රූය; සතොස එළඹෙව; සතුටින් යන්න.

විස්තරය: මෙයින් දැක්වෙන්නේද කිරිවෙහෙරමය, මෙයට කලින් කවියෙන් සුදුමල් වීථිය ගැන පැවසිණි. සුදුමල් වීදියෙන් ගොස් සෑය වෙතට ළංවූ සැටි මෙයින් පෙනේ. මේ වෙහෙර සෙසු පටු අයකරවූවක් නොව හරබර හා නුවණ ඇති අය කරවූවකි. එහෙත් ප්ර සංශා සඳහා නොව්. මතු සැප ලබනු සඳහාය. කෙසේ කරවූයේද? සර්වතඥ ධාතුද තැන්පත් කරවමිනි. මේ වෙහෙර කෙබඳුද? නන්දෙසින් පැමිණෙන ජනසමුහයා නොයෙක් පුදපූජාකොට වදිති. එබඳු වෙහෙරට සතුටින් පැමිණෙන්න.

විශේෂ: පෙර නැණතියන් කරවූ යන පදයෙන් මේ වෙහෙර කරවූයේ කවරෙක්දැයි මේ සන්දේශ කළ කාලයෙහින් නිගමනයක් නොතිබුණු බව පෙනේ. ජිනවරධාතු



කහකුරුළු සන්දේශ වර්ණ්නාව 195

වඩමින් යයි පැවසූ බැවින් දේවානම්පියතිස්ස රජතුමා කාලයෙහි කරවූවක් බව හැගේ. සර්විඥධාතු වැඩමවූයේ එකල නිසාය. ලක්දිව මුලින්ම ඇතිවූයේ මහියංගනයේ කේශ ධාතු චෛත්යවයයි. අන් සියලුම චෛත්ය්යන් එයට පසුවය. චෛත්යුය බැදීම ආරම්භවූයේ සර්වචඥ පරිනිර්වාතනයෙන් පසුවය. දශ ථූප ඉන් ප්රරධානය. ලක්දිව බුදුසසුන් පිහිටුවා වෙහෙර විහාර කරවූ දෙවන පෑතිස් රජ මහියංගන සෑය පවා විශාල කොට කරවූයේය. කතරගමද බෝධියක් රෝපණය කරවූ බව මහා වංශය කියයි.

187. බැතියෙනි දිය නදන මුනිදුන් වෙත පැහැ ද නවිසිනි පැදකුණෙන් දාගැබ් හිමි නැමැ ඳ එහෙයිනි ‍ලබව සගමොක් සිරි මතු සබ ඳ නොලසිනි නැවත දෙව් විමනත වෙතට වැ ද

අර්ථිය: බැතියෙනි, භක්තියෙන්; දිය නදන මුනිඳුන් වෙත, ලෝ සතුටු කරන මුනීන්ද්රයයන් වහන්සේ වෙත; පැහැද, පැහැදී. පැදකුණෙන්, ප්ර දක්ෂිණා කොට, දාගැප් හිමි, දාගොප් වහන්සේ; නමැද,වැද; තවිසිනි, නුඹ විසින්, එහෙයිනි; ඒ හේතුවෙන් සබඳ, මිත්ර ය! සඟමොක් සිරි මතු ලබව, දිව්යක සම්පත් ලබාගන්න; නැවත, ඉන්පසු නොලසිනි, පමා නොවී දෙව් විමනත වෙතට, දිව්යපවිමාන සමීපයට; වැද, පිවිසෙන්න;

විස්තරය: චෛතයය වඳින්නෝ වටයේ ප්රිදක්ෂිණා කොට වදිති. එයයි පැරණි සිරිත. එසේ ප්රටදක්ෂිණාකර වදිනවිට ඉතා ශ්රසද්ධාවෙන් මල් අතේ ඇතිව සාධුකාරදෙමින් සතුටින් යති. කහකුරුල්ලාටද එසේ පැදකුම්කොට වඳින්නට යයි කියයි. එයින් ලත් පිනෙන් දෙව් සැපගා නිවන් සැපද ලබාගන්නැයි පවසයි ඉන්පසු පමානොවී දේවාලයට යන ලෙස කියයි.

විශේෂ: තපසින් පැදකුණු කරයි යි ගත හැකිය. තපසින්යයි පාටයක්ද ඇතැම් පොත්හි එන නිසාය. එවිට සිල්වත්ව සංවරයෙන් ප්රයදක්ෂිණා කරවයි අරුත් ගන්නේය.


196 කහකුරුළු සන්දේශ වර්ණරනාව

වැඳීමේදි ද එක්තරා ක්ර මයක් වෙයි. ශාරීරික, පාරිභෝගික උ‍දෛසිකයයි. පිදියයුතු වස්තු තුනකි. ඉන් පළමුව සෑය වඳිති. එහි ශාරීරික ධාතු නිදන් කර ඇති හෙයිනි, දෙවනුව බෝධියද ඉන් පසු පිළිමයද වඳිති.

188. සුරතුරු වන් සව් සිරි දෙන මනා ලෙස වැඳ පිදුවන් ගෙන සිටුවන සුදුද් දස පිරි සිදුවන් දුමරදු මේකුළයක් ලෙස මමිතුරු වන් තම දුවතගෙ සිත ස තොස

අන්වය: මනා ලෙස සව් සිරි දෙන සුරතුරුවන් වැඳ පිදුවන් සුදුස්දස ගෙන සිටුවන මේකුළක් ලෙස පිරිසිදුවන් දුමරදු තගෙ සිත සතොස මමිතුරුවන් නමදුව.

අර්ථුය: මනා ලෙස, සිත්සේ; සව් සිරි දෙන, සියලු සම්පත් දෙන්නා වූ; සුරතුරුවන්, දිව්යු වෘක්ෂය බඳු; වැඳ පිදුවන්, වැඳ පිදු අය; සුදුද් දස ගෙන සිටුන, නිවන් පුර ගෙනගොස් සිටුවන; මේකුළයක් ලෙස, වළාකුළක් මෙන්; පිරිසිදු වන්, පිරිසිදු කළු පාට ඇති; දුමරදු, බෝධි වෘක්ෂ රාජයා; තගේ සිත සතොස, නුඹගේ සිත් සන්තෝෂයෙන්; මමිතුරුවන්; මගේ මිතු රත්නය! නමදුව! වඳින්න!

විස්තරය: කල්ප වෘක්ෂය සිතු පැතූ සම්පත් දෙයි. බෝධියද වැඳ පිදූ අයට එසේ සම්පත් දෙනවා පමණක් නොව නිවනටද පත්කරයි. බෝධි වෘක්ෂයෙහි වෙන වර්ණවනා කළ යුතු අමුතු ලක්ෂණයක් නැත. වළාකුළක් මෙන් තද කළු පාද ඇත. එබඳු බෝ ගස වඳින් ලෙස මෙයින් දක්වයි.

විශේෂ කතරගම බෝධිය දේවානම්පියතිස්ස රජතුමා විසින් රෝපණය කරවන ලද බැවින් ඓතිහාසික බෝධියකි. අනුරාධපුරයෙහි පෑතිස් රජතුමා කරවූ මහා බෝධි පූජාවට කතරගම විසූ ක්ෂත්රිනය වංශික රජවරුද ආරාධනාවෙන් පැමිණියහ. ඒ බව මහා වංශයෙහි හා බෝධි වංශයෙහිද සඳහන් වේ. ඔවුනට ලැබුණු දායාදය නම් බෝ පැළයකි.


කහකුරුළු සන්දේශ වර්ණජනාව 197

ඛත්තියා කාඤරගගාමෙ - චන්දනාගගාම ඛතතිවා තිවංක බ්රාඤහ්මනොවෙච - දීප වාසී ජනා පිච (මහාවංශ)

භද්දකච්චානාගේ සහෝදර ක්ෂත්රි යන් මෙහි පැමිණ ලක්දිව ඒ ඒ තැන නගර කරවා විසූහ. කතරගමද ඉන් එකක් විය හැකිය.

වියරණ: සුදුද්දස - නිවනට නමකි. මහනුවර කාලයෙහි සිංහල පද්යණයෙහි පාලි වචනද තත්සමව යෙදී තිබේ.

189. පසන් කර ලොවග පත් හිමි ‍තිලෝ තුම නිසන් ක මුනි දුටුමෙන් බැති සිතින් පෙම් කලන් කනොව ගෙයි වැඩ සිටිනා පිළිම සිවන් කසිරි ලැබුමට වඳු ‍හෙව දරම

අර්ථ්ය: පසන් කර, සතුට ගෙනදෙන; ලොව අගපත් හිමි, ලෝකයෙහි මුදුන් පැමිණි ස්වාමීවූ; ‍ති‍ෙලා් තුමා තුන් ලොවට උතුම්වූ; නිසන්ක මුනි, සැකයක් නැතිව බුදුරජාණන් වහන්සේ; දුටුමෙන්, දැක්කාක් මෙන්; බැති පෙම් සිතින්, භක්තියෙන් හා ප්රේුමයෙන් යුක්ත සිතින්; කලන්ක නොව, කැලලක් නැතිව; ගෙයි වැඩ සිටිනා පිළිමය, ගෙයි ඇති ඔත්පිළිම; සිවන්කසිරි ලැබුමට, නිවන් සැප ලැබීමට, අදරම හෙව ආදරින් බිම වැතිර; වඳු, වඳුම;

විස්තරය: එහි විහාරයෙහි නිසැකවම බුදුන් වැඩ සිටිනා ආකාර ඇති කිසි කැලලක් නැති ඔත් පිළිමයක් වෙයි. නිවන් සැප ලැබීම සඳහා එය වඳින්න යයි පවසති.

විශේෂ: වැඩ සිටිනා පිළිම - සිටි පිළිම, සැතපෙන පිළිම, ඔත් (ඉදි) පිළිම යයි පිළිම තුන් වර්ගායකි. මෙහි වැඩ සිටිනා යයි පැවසුයේ ඔත් පිළිමයටයි.

වියරණ: කලංක කලංක (පාලි) මෙහි තත්සමව යෙදී තිබේ. සිවංකසිරි, සිවං යනු නිවනට නමි සිවංක යයි මෙහි එළි සමයට යොදාගෙන තිබේ. මෙයද තත්සම ප්ර යෝගයකි. 198 කහකුරුළු සන්දේශ වර්ණපනාව

190. නන් දිගඹුන් හර යස උර පළඳ මින නන් ඉසුරන් විඳ සුරසෙන් පිරි ව රින උන් සුරිඳුන් සුරඟන සහ නිති දි ලෙන මන් සතොසින් දෙව් රජ ගෙට වදු සිරින

අන්වය: නන් දිගඹුන් උර යස හර පළඳ මින සුරසෙන් පිරිවරින නන් ඉසුරන් විඳ, සුරඟන සහ නිති දිලෙන සුරිඳුන් උන් දෙව්රජ ගෙට මන් සිතොසින් වදු!

අර්ථසය: නන් දිගඹුන් උර, නොයෙක් දිශා ‍නැමැති කාන්තාවන්ගේ උරයෙහි; යස හර පළඳමින, කීර්ති නමැති මුතුහර පළඳමින්; සුරසෙන් පිරිවරින, දිව්ය සේනාව පිරිවරා ගෙන; නන් ඉසුරන් විඳ, නොයක් සම්පත් විඳිමින්; සුරඟන සහ නිති දිලෙන, දිව්ය කාන්තවන් හා නිතර දිලෙන්නා වූ; සිරිඳුන් උන්, දිව්ය රාජයා උන්නාවූ; දෙව් රජ ගෙට, දිව්ය් රාජ භවනයට; මන් සතොසින්, සිත සන්තෝෂයෙන්; වදු, පිවිසෙව!

විස්තරය: දාගැම් - බෝ - පිළිම වැඳ ඉන්පසු දේවාලයට පිවිසෙන්නට කියති. මෙහි වසන කතරගම දෙවියන්ට මහත් සම්පත් ඇත. මහත් දිව්ය පිරිවර ඇත. සුරඟනන් සහ සතුටින් වෙසෙයි. නොයෙක් දිශා නැමැති කාන්තාවන්ගේ උරෙහි තමන්ගේ කීර්ති මුතුහර පළඳවා වෙසෙයි. එබඳු ශ්රීගයෙන් යුත් දිව්යෙරාජ භවනයට වදින ලෙස මෙයින් පවසයි.

දෙව්රජ - මෙහි දෙව් රජ නම් කතරගම දෙවි, නමින් ප්රටසිද්ධ වූ මහසෙන් දෙවියෝය. පසු කාලයක හින්දු භක්තිකයන් විසින් කඳ කුමරු නමින්ද හැඳින්විය.

වියරණ: දිගඹුන් - දිග වූයේද එම අඹුන් වූයේද එමැ, දිගඹුන් වෙසෙසුන් සමස්.


හර - හාර (සං) මෙයින් මුතු හරම ගැනේ

                                           කහකුරුළු සන්දේශ වර්ණමනාව 	199 

191. නිසින අගරු කළු වැල් තුවර දුම් කොට මඩිත සඳුන් මෙහැමින් සුවඳ හැම විට පිහිත වේය දෙව්රජ විමන එම විට තසිත සැපත මමිතුර එහි පැමිණි විට

අර්ථ ය: නිසිත, යොග්යසවූ; අගරු, අගරුය; කළු වැල්, කළු වැල්ය; තුවර, තුවරය; (යන මේවා) දුම් කොට, දුම් ‍ගස්වා; මෙහැමින් හැමවිට, මේ හැම සුවඳක්ම හැම කල්හි; සඳුන් සුවඳ මඩිත, සඳුන් සුවඳ යටපත් කරන කල්හි; එමවිට, එකල්හි; දෙව්රජ විමන; දිව්යකරාජ මාලිගය; පිහිත වේය, වැසේ; මමිතුර! මගේ මිත්රජය! එහි පැමිණි විට එහි පැමිණි කල්හි; තසිත සැපත, නුඹේ සිතට, සැප ඇතිවේ;

විස්තරය: ඒ දිව්යත විමානයෙහි නිතර අගරු කළු වැල් තුවර යන සුවඳ දුම් ගස්වයි; ඒ අතර සඳුන් දුමද නැගේ. සඳුන් දුම ඒ සියලුම දුම් පරදවයි. මේ සුවඳ දුම් නිසා දේවාලය දුමින් වැසේ. එබඳු දෙව මන්දිරයට පැමිණි ඔබට සන්තෝෂය ඇති වේ.

192. වන් ඉසුරෙන් සෙන් සමගින් නන් දෙසින නන් බරණින් සැදි සුර කුමරුන් ලෙසින මන් පිනවන දෙව්රජ මඩ‍ුවෙහි දිලෙන මන් තුටු කර බල එහි සිටි මැති වරන

අන්වය: නන් දෙසින සෙත් සමගින් ඉසුරෙන් වන් සුර කුමරුන් ලෙසින නන් බරණින් සැදි මන් පිනවන දෙව්රජ මඬුවෙහි දිලෙන එහි සිටි මැතිවරන වන් තුටු කර බල!

අර්ථවය: නන් දෙසින, නොයෙක් දේහයෙන් සෙන් සමගින්, සේවාන සමග; ඉසුරෙන් වන්, සම්පත්තියෙන් යුක්තිව පැමිණි; සුරකුමරුන් ලෙසින, දිව්යන කුමාරයන් මෙන්; නන් බරණින්, ‍ෙන‍ායෙක් ආභරණයෙන්; සැදි,


200 කහකුරුළු සන්දේශ වර්ණ නාව

සැරසුණු; මන් පිනවන, සිත් සතුටු කරවන; දෙව්රජ මඬුවෙහි, දිව්යණරාජ මණ්ඩපයෙහි; දිලෙන එහි සිටි, බැබලෙමින් එහි සිටියා වූ; මැතිවරන, මැතිවරයන්; මන් තුටු කර බල, සිත් සතොසින් බලව

විස්තරය: එහි දෙව් රජ මඩුව නමින් ප්රටසිද්ධ මණ්ඩපයෙහි නොයෙක් දෙසින් මහා සේනා සම්පතින් යුක්තව පැමිණි ‍මැතිවරු සිටිති. ඔවුහු දෙව්කුමරුවන් බඳුය. කුමක්හෙයින්ද සිටින්නේද දෙව්රජ මඩුවෙහිය. නානා ආභාරණද පැළඳ සිටිති. ඔවුන් පැමිණියේ කුමක් සඳහාද යන්න විමසිය යුතු කතරගම සුරිඳුන්ගෙන් සෙත් සිරි ලබා ගැනීම සඳහා විය යුතුය.

193. ලත් මේ සුර පවර කුළුණෙන් නේ සිරිත සිත්මේ වසන නිතියෙන් එහි ගුණ නැණින දත් මේ දෙලෝ තතු තෙරුවන් ගුණ දරන බෙත්මේ උබය මැතිවරු සිටිති පසකින

අන්වය: මේ සුර පවර කුළුණෙන් නේ සිරින ලත් එහි ගුණ නැණින නිතියෙන් එහි සිත්මේ වසන මේ දෙලෝ තතු දත් තෙරුවන් ගුණ දරන බෙත්මේ උබය මැතිවරු පසකින සිටිති.

අර්ථමය: මේ සුර පවර කුළුණෙන්, මේ දෙවියාගේ උතුම් කරුණාව නිසා; නේසිරිලත්, නොයෙක් සම්පත් ලැබුවා වූ; ගුණ නැණින, ගුණයෙන් හා ඥානයෙන් යුක්තව; නිතියෙන්, නිතර; එහි පුරවරයෙහි; සිත්මේ වසන, සිත් වූ පරිදි වාසය කරන; මේ දෙලෝ තතු දත්, මෙලෝ පරලෝ ස්වභාවය දැනුගත්; තෙරුවන් ගුණ දරන, රත්නත්ර ය සරණ ගිය; බෙත්මේ උබය මැතිවරු, බෙත්ම නිලය දරන මැතිවර දෙදෙන; පසකින සිටිති, පැත්තකින් සිටිත්.

විස්තරය : බෙත්මේ උබය මැතිවරු - බෙත්මේ නම් එකල කතරගම දේවාලයෙහි පැවැති නිලයකි. සන්නස්වල පෙනෙන පරිදි "කතරගම දෙවියන්ගේ

                                                  කහකුරුළු සන්දේශ වර්ණටනාව 	201 

ආභරණ ඇත්හාමි පිට තබා දහඅටවරක් පෙරහර යන බැවින් ඇත්හාමිනේ දකුණු අංශයේ දළයත් නෙ‍තත් ළඟිත් යන පිනිස මහ බෙත්මේ පත් කළා ඇත. ලංකා වාසීන්ගේ නැටීමක් වූ මගුල් පරතරයේදී වම් අංශයෙන් යන පිණිස දෙවැනි බෙත්මේ පත් කළේය.

මෙයින් බෙත්මේ නිලය කුමක්දැයි හොඳින් පැහැදිලිවේ. ඇතාගේ දකුණු දළ ළඟින් යන්නේ මහබෙත්මේය. වමේ දළ ළඟින් යන්නේ කුඩා බෙත්මේය. 1818 දී ඇති වූ ඌව කැරැල්ලේදී බෙත්මේ නිලය ඉංග්රීශසි ආණ්ඩුව විසින් තහනම් කරන ලදී. එකල ඒ ප්රදදේශයේ පාලන බලය බෙත්මේ සතුව පැවැති නිසාය.

පෙරහැර පවත්වන සමයෙහිදී දාමරිකයන් අල්වා වල්ලිඅම්මාගේ දේවාලය අසල කම්බි කණුවේ බැද තැලීමත් ඉතාම වැදගත් හදිසි අවස්ථාවකධදී යුද්ධ බලය පාවිච්චි කිරීමත් බෙත්මේ සතුව පැවතුණි.

ඔවුහු බෞද්ධයෝ වූහ. නැණතියෝ වූහ. මෙලෝ පරලෝ දන්නවුන් වූහ. කතරගම දෙවියන්ගේ කරුණාව නිසා ‍මේ සම්පත්තියට පත්ව විසූ බව මේ කවෙන් පෙනේ.

194. අමර ගුරු නැණින් රම් නදනෙව් රුවැ ති නොහැර‍ ලෙව් සිරිත් සහ දැන් සිව් නිමි ති නිතර සවතීදුගෙ යුතු ලෙස මෙහෙ පැව ති පවර අදිකරණ මැති සෙබෙහි වැජඹෙ ති

අන්වය: නැණින් අමරගුරු රම් නදනෙම් රුවැති ලෙව් සිරිත් සහ සිව් නිමිති නොහැර දැන නිතර සුවතිඳුගේ මෙහෙයුතු ලෙස පැවැති පවර අදිකරණ මැති සෙබෙහි වැජඹෙති;

අර්ථරය: නැණින් අමරගුරු, ඥානයෙන් සුරගුරු බදුය; රම්නදන එව් රුවැති, රාමාවගේ පුත්ර්යාමෙන් රූමත්; ලෙව්සිරිත් හා ලෝකචාරිත්රව හා; සව්නිමිති, නිමිති සතරද,

202 කහකුරුළු සන්දේශ වර්ණලනාව

නොහැර දැන, නොහර දැනගෙත; නිතර, නිතරම; සවතිඳුගෙ මෙහෙ, කතරගම දෙවිදුගේ නියමය; යුතුලෙස පැවැති, නිසි පරිදි පැවතුනා වූ; පවර, උතුම් අදිකරණ මැති, අධිකරණ අමාත්ය යා; සබෙහි වැජඹෙති සභාවෙහි වැජඹෙත්,

විස්තරය: ඥානයෙන් සුරගුරු මෙන් ද රුවින් රම් නදන් මෙන්ද ලොසිරිත් සිව්සිරිත් නොහැර දැනගත් අධිකරණ අමාත්යියා කතරගම දෙවියන්ගේ නියමය නොඉක්මවා තම සේවය කරමින් මේ දේවසභාවෙහි වැජඹෙන බවක්, මේ කවෙන් පවසයි.

අදිකරණ මැති: කතරගමදී ඇතිවන අවුල් වියවුල් සංසිඳවිම පිණිස මේ ධුරයට පත්කළ බව එහි ඇති සන්නස් වලින් පෙනේ.’දෙව්යන්ට යාඥ කිරිමට සහ වියවුල් ආදිය බේරීමටද අදිකාරම් නිලමේ එක්කෙනෙක්ද" (සන්නස්) දෙවියන්ට යාඥාකිරීමත් අදිකරණ මැතිට අයත් බව මින් පෙ‍නේ.

ලෝසිරිත්: වියවුල් සංසිඳවීමට පත්වන්නා ලෝකයාගේ සිරිත් හොඳින් දැන සිටිය යුතුය. මිනිසුන් අතර පවත්නා චාරිත්රි මින් පැ‍වවසේ.

සව් සිරිත්: මේ නමින් අමුතු සිරිතක් ගැන සෙල් ලිපි ආදියක දක්නට නැත. එහෙත් මෙය දානය, ප්රිෙය වචනය, සමානාත්මතාවය, අර්ථටච්ය්යුත වය, යන සතර විය හැකිය. දේවාලයකට අයත් අධිකරණ මැතිවරයෙක් ගැන අන් සන්දේශයක දැනගන්නට අපට හමු නොවීය.

රම් නදන - රාමා නම් ශ්රී් කාන්තාවයි. බොහෝ කවියන් දැක්වූයේ රූපශෝභාව රාම රාජයාට සමාන කොටය. එහෙත් මෙහි ශ්රී කාන්තාවගේ පුතෙක් ගැන කියයි. විමසිය යුතුය. රඹා යයිද ව්ය වහාර කරති.




                                                    කහකුරුළු සන්දේශ වර්ණයනාව 	203 

195. නිලකරනා එහි පැවතෙන හැම නොහැ ර සිතැගි මෙනා දෙව්රජ පැවැති නිරතු ර සිටින මනා මැතිවරු නිති සබය තු ර බල සොදිනා මෙතුර සිත සතුටු ක ර

අන්වය: දෙව්රජ සිතැඟි මෙනා නිරතුර පැවැති එහි පැවතෙන හැම නොහැර නිලකරනා නිති සබය තුර සිටින මනා මැතිවරු, මමිතුර සිත තොසිනා සොදිනා බල.

අර්ථනය: දෙව් රජ සිතැගිමෙනා, කතරගම දෙවියන්ගේ සිත් අදහස් පරිදි; නිරතුරු පැවැති, නිතරම පැවතුවා වූ; එහි පැවතෙන, ඒ දේවාලයෙහි පැවතගෙන එන! හැම නොහැර, හැම සිරිතක්ම අතනොහැර; නිලකරනා, නියම කරන; නිති සබයතුර සිටින, නිතරම ඒ සභාවෙහි සිටින; මනා මැතිවරු; යහපත් මැතිවරු; මමිතුර! මගේ මිත්රාය! සිත තොසිනා, සතුටු සිතින්; සොදිනා බල! හොඳින් බලන්න.

විස්තරය: නිලකරනා දේවාලයෙහි පුරාණ කාලයෙහි පටන් පැවතගෙන එන සියලු සිරිත් අත නොහැර කරගතම දෙවියන්ගේ සිත් පරිදි සංවිධාන කරන නිලධාරීහු නිලකරන මැතිවරුය, මේ තනතුර ගැන සන්නස් ආදියෙහි යමක් දැනගන්ට නැත.

සිතැගි: නියම සේවකයන්ට වචනයෙන් නොකීවද ස්වාමියාගේ අදහස් ඉගියෙන් දැන හැසිරෙති. කතරගම නිලකරන මැතිවරුද එසේය.

196. පිවිසි සබා මඩුවට සැදි නන් සිරින රුවිනි රඹා නදනෙව් නිතියෙන් දිලෙන එමැති සබා ලෙස පැවසිය හැකි නොහෙන මන පොළඹා ඒ කවියර දන තිළින



204 කහකුරුළු සන්දේශ වර්ණ නාව

අන්වය: නන් සිරිත සැදි රුවිනි රඹා නදන එව් නිතියෙන් දිලෙන එමැති සබාලෙස පැවසිය හැකි නොහෙන සබා මඩුවට පිවිස තිළින ඒ කිවියර දන මන පොළඹා,

අර්ථයය: නන් ‍සිරින මැදි, නොයෙක් ශෝභාවෙන් සැදුනා වූ; රුවිනි, රූපයෙන්; රඹා නදන එව්, ශ්රීද කාන්තා වගේ පුතුන් මෙන්; නිතයෙන් දිලෙන, නිතර බැලබලෙන; (මැතිවරු නිසා) එමැති සබාලෙස, එය මැතිවරුන්ගේ සභාවක් යයි පැවසිය හැකි නොවන, පවසන්නට නොහැකි; සබා මඩුවට පිවිස, සභා මණ්ඩලයට ඇතුල්ව; තිළින, දයාවෙන්; ඒ කිවියරදන ඒ කවිකාරයන්ගේ; මත පොළඹා, සිත් සතුටු කර;

විස්තරය: එහි සභා මඩුවෙහි සිටින මැතිවරු රූප ශෝභාවෙන් ශ්රීග කාන්තාවගේ පුතුන් මෙන්ය. සභා මඩුවද නොයෙක් අයුරින් ශෝභාසම්පන්නය. මෙසේ සලකන විට එය මැතිසභාවක් නොව දෙව්සබයක් සේය. එහිද කිවියර දනා සිටිති. නුඹ එහි පිවිස කිවියර දනන්ගේ සිත් සතුටු කර, කහකුරුල්ලා දැකීමෙන් එහි සිටින කිවියරු අතිහයින්ම සතුටු වෙති.

රඹානදදෙව් 194 කවියේ විස්තරය බලන්න.

197. සියකුල උබය පිරිසිදු සකකිරි ලෙසින නදකළ කිවි කුමුදු ති‍ලිනෙන් තරිඳු මෙන සුනිමල එදෙව් මැදුරන අබියෙස දිලෙන සිටිකල එමැතිවරු ඒ සබෙහි වොරැ ඳින


අන්වය: සකකිරි ලෙසින සිය උබය‍කුල පිරිසිදු තරිඳු මෙන තිළිනෙන් කිවි කුමුදු නද කළ ඒ සෙබෙහි එමැතිවරු වොරැදින සුනිමල දිලෙන එදෙව් මැදුරත අබියෙස සිටි කල,


                                              කහකුරුළු සන්දේශ වර්ණ නාව 	205 

අර්ථ ය: සකකිරි ලෙසින, සක් ගෙඩියේ සුදමෙන්; සිය උබය කුල පිරිසිදු, තමාගේ මව්පිය දෙපසින්ම පිරිසිදු; තිළිනෙන්, ත්යාඋගී ගුණයෙන්; තරිඳුමෙන, චන්ද්රියාමෙන්; කිවි කුමුදු නදකළ, කවිකාර නැමැති කුමුදු සතුටු කළ; ඒ සෙබෙහි, ඒ සභාවෙහි; එමැතිවරු, ඒ මැතිවරු; වොරැදින, බැබලුනාහුය; සුනිමල දිලෙන, ඉතා නිර්මලව, බබලන; ඒ දෙව්මැදුරත අබියෙස, ඒ දෙවමන්දිරය අසල; සිටි කල, සිටියාවූ කාලයෙහි;

විස්තරය: උභය පාර්ශිවයෙන්ම (පිරිදු ත්යාතගී ගුණයෙන් චන්ද්රකයා කුමුදු පුබුදු කරන්නා සේ කවිකාරයන්දීලමේන සතුටු කල ඒ සභාවෙහි බැබලෙත්, එබඳු දෙව් සභාව අසල සිටිකල්හි;

සකකිරි - ඉතා පිරිසිදු දෙයක් ගැන කියන්නට උවමනාවූ විට සක් සුදයයි කීමය පෙර කවි සිරිත. මෙහි කිරිසකයයි කීමෙන් කිරි සකයයි කීවේ ඒ නිසාය.

උබය පිරිසිදු - මව් පසින් හා පිය පසින්ද කියයුතු මිශ්රිණ ආදී වැරද්දක් නැතිවිටය පිරිසිදු වන්නේ. යම් කෙනෙකුගේ චරිතය ගැන සොයන විට මව්පිය දෙපසේ ඇති පිරිසිදුකම ගැනද සෙවීම පෙර සිරිති. "අපේ හත්මුතු පරපුරේම කිසි කිලුටක් නැතැයි ඇතැම් කුලකාන් තාවෝ ගර්‍අපයෙන් මෙන් කියනු ඇසේ.

කිවිකුමුදු - චන්ර් කියා කරනුයේ සියලු රැස් පැතිරවීමෙන් කුමුදු නද කිරීමය. මේ සෙබෙහි මැතිවරුද දීම නිසා කිවිවරු නද කරති.

තිළිනෙන් - එනම් ත්යාෙගීවත් බවයි දක්ෂිිණ්යියයිද පවසති. සිතුමිණි බදුරු කළ - කළඹ තිළිනෙන් පසු කළ (ගුත්තිල)



206 කහකුරුළු සන්දේශ වර්ණදනාව

198. සිරිලක බන්කාල අරමණ කස්මි රට වඬිග කළිගු නේපල් ගෞඩනේ රට ගෙන එන පුද පඬුරු නිතියෙන් සවති ඳුට බලසැක නොව මිතුර මහසෙන් සිටි අ වට

අර්ථකය: සිරිලක, ලංකාව; බන්කල, බෙන්ගාලය; අරමණ. බුරුමය; කස්මිරට, කාශ්මීරය; මඬිග දේශය, කලිගු , කාලිංගදේශය; නේපල්, නේපාලය; ගෞඩ, ‍ෙගෟඩදේශය; ආදී නේරට, නොයක් රටවලින්; නිතියෙන්, නිතර, සවතිඳුට, කතරගම දෙවිඳුන්ට; පුද පඬුරුගෙන එන, පුදපඬුරු ගෙඑන්නා වූ; අවට සිටි මහසෙන් අවටින් සිටිය මහාසේනාව; සැක නොව, සැකයක් නැතිව; මිතුර! බල! මිත්රැය බලන්න!


විස්තරය: කරතගම දේවාලයට ලංකාවෙන් පමණක් නොව බෙන්ගාල, බුරුම, කාශ්මිර ආදී නොයෙක් රටවලින් මහා සේනාව නොයක් පුද පුඬුරු ගෙන එන බව මින් පැවසීය. කතරගම අදමෙන්ම එදත් විදේශවල පවා ප්ර සිද්ධ බව මින් හැගේ.

199. තුනුරුසිරෙන් බබලන සුරලිය සෙයින නන්බරණින් ‍සැදෙමින් වරගන ‍ දිලෙන රැගෙනරුවන් රැව් තලි දෙපස සි‍ට ගෙන පැවති ලෙසින් ආවඩමින් නැවතී තැන

අන්වය: බබලන තුනු රුසිරෙන් සුරලිය ලෙසින නන් බරණින් සැදෙමින් වරඟන, දෙපස සිටගෙන, රුවන් රැව් තලි පැතිලෙසින් ආවඩමින් නැවති තැන.

අර්ථිය: බබලන තුනු රුසිරෙන්, බබලන්නා වූ ශරීර ශෝභාවෙන්; සුරලිය ලෙසින, සුරඟනන් මෙන්; නන් බරණින් සැදෙමින්; නොයෙක් ආභරණයන්ගෙන් සැරසෙමින්; දිලෙන වරඟන, දිමුත් වූ උතුම් කාන්තාවෝ; දෙපස සිට කහකුරුළු සන්දේශ වර්ණදනාව 207

ගෙන, දෙපැත්තේ සිටගෙන; රුවන් රැව් තලි, රනින් කළ නාදය ඇති කරන තැටි; රැගෙන, අරගෙන; පැවැති ලෙසින්, පෙර සිට පැවත එන අයුරින්; ආවඩමින්; ආසිරි ගී කියමින්; නැවතිකල; නැවතුනාට පසු;

විස්තර: ඒ සභාවෙහි දෙපස සිටගෙන, නන්බරණින් සැදි දෙවඟනන් බදු අඟනෝ රන්තැටිගෙන ගී කියමින් ආවඩන බව මින් පැවසේ.

රැව් තලි - අද විරුදුකරුවෝ රබාන ගෙන හඬවමින් පෙර අඟනෝ රන් තැටිගෙන හවමින් ගී කී සැටි මින් පැවසේ.

ආවඩමින් - ආයු බොහෝ වේවයි ආශීර්වාද කිරීම ආවැඩීමයි ආවඩනවා යන්න අදනම් උපහාස සහිත වචනයක් වී තිබේ. මෙහි දේවාලයේ මණ්ඩලයේ රැස්ව සිටි මැති ඇමැතිවරුන්ට සෙත් පතා ආවැඩු සැටි මින් පැවසේ.

නළඟනන් මෙසේ වණති.

200. සුනිමල් දුහුල් හැඳ මිණි අබරණ පැළ ඳ දිගුනිල් වරල් දෑසමන් මල් ගොතා බැ ඳ මනකල් රුවින් නෙත රසඳුන් තනා ඇ ඳ බලලොල් සිතින් නලඟන රඟන එම ස ඳ

අර්ථලය: සුනිමල් දුහුල් හැඳ, පිරිසුදු දූල්රෙදි හැඳ, මිණිඅබරණ පැළඳ, මාණික්යස ආභරණ පැළ‍ඳගෙන; දිගුනිල් වරල්, දික්වූ නිල් කෙස්වැටි; දෑසමන් මල් ගොතා බැඳ, සමන්මල් ගොතා බැඳගෙන; මනකල් රුවින්, මනහර රූපයෙන්; නෙත රසඳුන් තනා ඇඳ, ඇස ඇති රසඳුනක් මෙන්; එමසඳ, එකල්හි; රඟන නලඟන, ක්රීසඩා කරන නාවිකාංගනාවන්; ලොල් සිතින් බල, ආශා සහිත සිතින් බලන්න.

විස්තරය: ඇඟ පෙනෙනසේ දුහුල්වත් හැඳ මාණික්යමමය ආභරණ පැළඳගෙන දිගුකෙස් කළඹ ගොතා සමන්මල් බැඳ එහි නළඟනෝ රඟදෙති. එය දකිනවුන්ට ඇස රසඳුනක් ආලේපකරන්නාක් මෙන් මිහිරිය.