කහකුරුළු ස‍‍‍ඳෙස-ප්‍රස්තාවනා

Wikibooks වෙතින්

ප්‍රස්තාවනා


මානව සමාජය යම්තාක් පැරණිද සන්දේශ හරණයත් එතරම්ම පැරණියයි කියන්නට සිදුවී තිබේ. ඒ සඳහා යොදා ගත් ක්රපම හා පුද්ගලයන්ගේත් වෙනස අනුව එක්තරා ක්රැම විකාශයක් සන්දේශ ක්රරමයෙහි දක්වන හැක. කෙනෙකුගේ අදහසක් තවත් දුර බැහැර සිටින කෙනෙකුට ඇඟවීමට අද ලිපි ක්ර මය සාමානයැහ යෙන් භාවිතය වන අතර සාමාන්යන ලිපි ‍ක්රනමයට වඩා ඉක්මනට විදුලි පණිවිඩ මාර්ගැයෙන් අදහස් හුවමාරු කර ගැනීම අද පවත්නා ක්රුමයයි. ඈත අතීතය දෙස බලන විට මිනිසුන් අතර ලේඛන ක්ර්ම ඇතිවීමටත් පෙර පටන් පණිවිඩ යැවීමේ සිරිත දියුණු වී පැවැති බවට කරුණු නැත්තේ නොවේ. ඔවුන් ඒ සඳහා එක්තරා ගුප්ත වූ චිත්රැ ලිපි ක්රණමයක් උපයෝගී කර ගත්තාට කිසිදු සැකයක් නැත. ගස් පොතුවල හා ගල්තලමත අදහස් අඟවන ඉරි ඇඳි මෙන් සකස් කර ගත් එක්තරා ක්රතමයක් යොදාගත්තාට කිසිදු සැකයක් නැත. පිළිස්සු මැටි සිලින්ඩර හා සාක්ෂි වශයෙන් දැක්වීට ඉඩ ලැබීම භාග්යසයකි.


සාමාන්යව ලිපියෙහිත් සන්දේශයෙහිත් වෙනසක් ඇතිවිය යුතුය. තමන්ගේ අදහස් හුවමාරු කර ගැනීම ලිපියෙන් සිදුවන අතර ගද්යිමය වූ හෝ පද්යඅමය වූ සන්දේශයන් යවන්නා බලවත්ව කරන ඉල්ලීමක්, නැතහොත් ගෞරව පෙරදැරිව කරන ඉල්ලීමක් හෝ ආයාචනයක් තමා යවන සන්දේශයෙන් බලාපොරොත්තු වූ බවට කරුණු දැක්වීම අපහසු නොවේ. එසේ යවන සන්දේශවල රජ ඇමැති ආදීන්ගේ නියෝගත්, ඇතැම් විට උපදේශත් ආශ්චය්යලමත් රසවත් අමුතු සිද්ධීන් ද සඳහන් වී ඇති අතර තරුණ තරුණියන් තුළ ප්රේයමය මුල්කරගෙන හටගත් ඔවුනොවුන්ගේ සිතැගි විස්තර වශයෙන් පැවසීමටද සන්දේශ යොදාගෙන තිබෙන බව පැවසිය යුතුය.


සන්දේශ කාව්යනයෝ :[සංස්කරණය]

සන්දේශ හරණය පැරණිවුවද සන්දේශ කාව්යමය එතරම්ම පැරණි නොවේ. භාරත දේශයෙහි ජනිතව කාව්යද රසයෙන් මුළු ලොව ජනතාව රසවත්කළ මහා කවි කාලිදාසයෝ අචේතනික වූ මේඝය දූතයෙකුකොට බන්ධනාගාරගතවූවෙක් තම ප්රිියාවට යැවූ අනුරාගී හැඟීම් වලින් ගහන මේඝදූතය රචනා කළහ. සන්දේශ කාව්යරයේ ආරම්භය මේයයි. අද පිළිගැනී අවසනාය ශ්රීළමත් මහාකාවි කාලිදාසයනට සමකාලිකයෙක් වූ "ධෝයි" මහාකවීහුගේ "පවන" දූත කාව්යායද ශ්රීදරූප ගෝස්වාමි කවීහුගේ "උද්භව" දූතකාව්ය"යද මහෝපාධ්යාූය ශ්රීය කෘෂ්ණ සර්වදභෞමයන්ගේ "පදාඩක්" දූතයද ඒ කවීහුගේම "උද්භව" දූතකාව්යශයද කාලිදාසයන්ගෙන් පසු පහළ වූ සංස්කෘත ජනප්රි්ය දූතකාව්යුයන් බව දැක්වීය හැකිය.

ඉන්දීය සංස්කෘතියේ සියල්ලක්ම සිංහල සංස්කෘතිය කෙරෙහිත් බලපෑ අයුරු අමුතුවෙන් විස්තර කළ යුතු නොවේ. ඉන්දීය සාහිත්‍යුයන් අපේ සාහිත්යමයට බලපෑවේ අකුරයමයයි කීම වැඩිපුර කීමක් නොවේ. සන්දේශ යැවීම මෙහිම තිබුනත් සන්දේශකාව්යු රචනය අපේ සාහිත්ය යෙහි එතරම්ම පැරණි වූවක් යයි කිය නොහැකිය.


සිංහල සන්දේශ කාව්යකන්ගේ ආරම්භය ;[සංස්කරණය]

අනුරාධපුර යුගයට අයත්යයි සැලකීමට තරම් භාෂාව අතින් පැරණි සන්දේශ කාව්යගයක පද්යී අංශ කීපයක් සිදතෙහි ඇතැම් තැනක නිදසුන් වශයෙන් දක්වා තිබේ. 1 මොණරිඳු එකල්හි පුල්සලන නවා ගනි. 2 කලවන් බිඟුමහත්වන හිරුහත්වත, මේ ආදී පද්යාංකශ කීපයකින්ම පැරණි මයුර සන්දේශයක් තිබුණු බවට සාක්ෂි සොයා ගත හැකිවීමත් භාග්යඇයකි. එහෙත් මේ පිළිබඳ මෙයට වඩා විස්තරයක් සොයාගන්නට නොලැබීමත් අභාග්යභයකි. අනුරාධපුර යුගයේ 1 වැනි

අග්බෝ රජුගේ කාලයෙහි කවිකාර මඬුවක් ගැනත් එහි සිටි සොළොස් මහා කවිවරයන් ගැනත් ඉතිහාස‍යෙන් කරුණු දැක්වෙයි. මේ අනුව එකල තිබුණු කාව්ය් ශාස්ත්රෙය පිළිබඳ උනන්දුවක් රසිකත්වයත් ඒත්තුගැනීමට ඉඩ ලැබේ. මෙකල මයුර සන්දේශය පමණක් නොව තවත් බො‍හෝ සිංහල පද්ය්ගන්ථද රචනාකළ අවධියක් හැටියට සෑහෙන කරුණු සොයා ගැනීම උගහට නොවේ. සිංහල සංදේශාවලියේ ප්රෑබෝදය ඇ‍රඹුනේ එතැන්පටන්ය. මේ සන්දේශ කාව්යවයන් පිළිබඳ විචාරයක් නොවේ. අප අදහස කහකුරුළුව පිළිබඳව යමක් සාහිත්යඳ රසිකයන් හමුවේ තැබීමටය. මෙහි ඇති ඉඩ ඒ සඳහා යෙදිය යුතු බැවින් සන්දේශ සාහිත්ය ය පිළිබඳ තොරතුරු සන්දේශ විචාරයෙන් බලාගැනීමට ඉඩ තබමු. මෙහි දැක්වෙන්නේ සන්දේශ ග්රින්ථයන්ගේ නම් පමණකි.


පුරාතන සන්දේශ:[සංස්කරණය]

1. මයුර සන්දේශය

2. තිසර ,,

3. හංස ,,

4. පරවි ,,

5. සැළළිහිණි ,,

6. ගිරා ,,

7. කෝකිල ,,


මේ සන්දේශ පැරණි යුගයට අයත් වේ. මෙහි දැක්වූයේ අනු පිළිවෙළින්යයි නොගත යුතුයි. එය මත හේද සහිත දෙයකි. කෙසේ හෝ සිංහල සංදේශ කාව්යගයන් පිළිබඳ දීප්තිමත් අවස්ථාව කෝට්ටේ අවධිය හැටියට දැක්විය යුතුය. ඉන් පෙරත් පසුත් ඇති වූ සන්දේශ කාව්ය යන් රසයෙන් මෙන්ම රචනාවිලා‍සයෙන්ද පිරිහුණු තත්වයක පවතින බව අමුතුවෙන් කියයුතු ද නොවේ.



නූතන සන්දේශ :[සංස්කරණය]

සාහිත්ය්යෙන් ඒ ඒ රටවල සමාජ තත්ත්වය හොඳ හැටි පිළිබිඹුවේ. එබැවින්ය සාහිත්ය්ය අගනා දෙයක් හැටියට පිළිගැනෙනුයේ. කෝට්ටේ යුගයෙන් පසු සීතාවක මහනුවර රාජධානි සමයයන්හි රචිත සන්දේශ අතරින් එකල භාෂාව හා සමාජ තොරතුරැ බොහෝ සෙයින් හෙළිවන සන්දේශ ග්ර්න්ථ රාශියක් දක්නට ලැබේ. ඉන් ඇතැම් පොත් තවම මුද්රශණය වී නැත. සැළළිහිණියට යම්සේ අගනා සාහිත්යත කෘතියක් හැටියට තැනක් ලැබේ නම් කහකුරුළු, සැවුල්, නීලකොබෝ, ආදී කාව්යමයන්ටද ඒ යුගය අනුව සුදුසු තැනක් දිය යුතුය යනු ‍අපගේ අදහසය. අර්ථ‍රසයෙන් අඩුය. රචනා ශක්තිය දුප්පත්ය. ඒ ග්රපන්ථ රචනා කළ කවියෝ ප්රකතිභා ශක්තියෙන් හීන‍යන්ය කියා මේ රටේ පිරිහී ගිය යුගයට අයත් අගනා ග්රකන්ථ රාශියක්ම මුල්ලට තල්ලු කිරීම අපේ සාහිත්යයවංශයට කරන බලවත් නින්දාවක්ය යනු මගේ හැඟීමයි.

නූතන සන්දේශ :

1. කහකුරුළු සන්දේශය

2. සැවුල් ,,

3.කැටකිරිලි ,,

4. නීලකොබෝ ,,

5. දියසැවුල් ,,

6. මයුර ,,

7. බාලක ,,

8. ගේකුරුළු ,,

9. වැහිළිහිණි ,,


ආදී සන්දේශ ග්රහන්ථ නූතන යුගයට අයත් සාහිතය ග්ර්න්ථයන්ය. අද උගතුන් යයි සමාජයේ උසස් තැන් වල වැජඹෙන ඇතැමුන්ගේ හැඟීම් වලට අනුව පිරිවෙන්වල හා පාසැල්වල ඉගැන්වීම දැනට යොදාගෙන ඇති පැරණි සාහිත්ය පොත් හැර අන් කිසිම පොතක් භාවිතයට නුසුදුසුය.

මෙහිලා කරුණක් කියයුතුව තිබේ. වර්ත මාන ලේකඛයන්ගේ කෘතීන්ට නුදුරු අනාගතයේදී සිදු වන්නේ කුමක්ද? ඔවුන්ගේ බසත් සෛලියත්, අදහසුත් එතරම් හරබර නොවේ යයි පසෙකට දැමීම නොවේද?


කහකුරුළු සන්දේශය:[සංස්කරණය]

ක්රිද: ව: 1471-1485 අතර හෙවත් අටවන "වීරපරාක්රකමබාහු" කාලය රජු දවස රචනා කරන ලද බව සන්දේශයෙන්ම ස්ථුටවේ. මේ රජතුමා ගැන දැක්විය යුතු අමුතු සිද්ධියක් ඉතිහාසයෙන් දැක්වීමට නැත ද "අම්බුලුගල කුමාරයා" යන නමින් ප්රහසිද්ධව සිටියේ මේ රජතුමා බව කියයුතුය. ස්වාධීන නිරවුල් ජාතියක් හැටියට අවුරුදු දහස් ගණනක් ජීවත් වූ අකලඩක ජාතියක් වන සිංහල ජාතිය සඳහටම අඳුරේ තැබීමට මුල්ගල තැබූ පරංගීත් මෙරටට පැමි‍නියේ මේ රජුගේ රාජ්ය්යෙන් 20 වැන්නෙහිය. ඒ අතරම සිංහල සාහිත්යරය පිළිබඳ අගනා ග්රවන්ථ රාශියක් රචනා කළ පඬිවරු රාශියක් ජීවත් වූයේද මේ ශතවර්ෂ යේය. කහකුරුළු කවියා වීරපැරකුම් ගැන සඳහන් කරන්නේ මෙසේය.


තරිඳු ගුණෙන් තෙදණින් යුතු සහස කර පසිඳු වීර පරකුම් ලකිසුරු පවර ගිරිඳු වියත් සමුදුර දෙරන හිමි කර අයදු නිතින් රකිනට සිකියහන් සුර


කහකුරුළු කර්තෘ :[සංස්කරණය]

කහකුරුළුවෙහි කර්තෘස කරවරෙක්ද කියා නිශ්චය කර ගැනීම එතරම් දුෂ්කර නොවනුයේ කාව්ය‍ කර්තෘක පිළිබඳ තොරතුරු කාව්යමයේම දක්වා ඇති හෙයිනි.


පීන සිරි සකල දිගුවැලි පියස ගරු පේම වඩන කදවුරු කුලග පිවී තුරු සාමණෙර යති සඳු නිමල ගුණ දැරු හේම කුරුළු මෙහෙසුන් පැවසී මියුරු


මෙයින් දික්වැල්ල පෙදෙ‍සේ කඳවුරු කුලයට අයත් සාමණේර යතිවරයෙක් විසින් මේ සන්දේශය රචනා කරනලද බව පැහැදිලි වේ. ග්රවන්ථ කර්තෘ් දික්වැල්ලේ සාමණේර යතිවරයෙක් වුවද ගලගම වෙහෙර, විසුවෙක් බව ග්රථන්ථයෙන්ම පැහැදිලි වේ. සන්දේශ භාරකයා නිකුත් පෙදෙස ජලවස්නාවයි "ජලවස්නා නමකි ‍මෙපියසට වැවහර" යන්නෙන් දැක්වෙයි. ගලගම වෙහෙර වර්ණිනාව සඳහා කවි දසටක්ම යෙදීමෙන් තමන් විසූ වෙහෙර එයම බව වැඩිදුරටත් ප්ර කට වේ. එපමණක්ද නොව තමන්ගේ ගුරු පරපුරද කවියා විසින්ම දක්වා ඇත. මෙතුමා "ප්රණඥාසාර යති" තුමන්ගේ පරම්පරාවෙන් පැවතගෙන එන "දෙවිමිත්" නම් තෙරවරයෙකුගේ ශිෂ්යගයෙක් බව විශේෂයෙන් සඳහන්වේ.


පැනසරු යති තුමන්ගේ පිළිවෙළින් එ න ලොවුතුරැ දහම් නිමලා දැනගත් නැණි න හිමිගුරු මෙමා යතිතුම දෙව්මිත් නමි න නිරතුරු රඳන වෙහෙරකි එපියස නද න


කඳවුරු කුලය :[සංස්කරණය]

කඳවුරු කුලය ලක්දිව ප්රිසිද්ධ වූයේ සිරි රහල් හිමියන් නිසාය. කහකුරුළු කර්තෘ්ද ඒ වංශයට අයත් යයි තමාම පවසා ඇත. කඳවුරු කුලයට අයත් වූවා පමණක් නොව රහල් හිමියෝ කදකුමරුන්ගේ වරයත් ලබාගත බව කව්සේකරයෙහි සඳහන්‍ වේ. පැරණි පොත්පත වල දැක්වෙන "දඹදිවින් මෙහි පැමිණි මෞය්යීව වං‍ශ........ භූත ස්කන්ධාවාර කුමර පරපුරෙන් පැවත ආ "විකුම්බා"

නම් කුමරෙක් යි දැක්වෙන" සටහන අනුව මේ කුමරු ගෙන් පැවතෙන පරපුර දඹදිව ක්රයමයට මෞය්යීව වංශය යයිද, ලක්දිව ව්යතවහාරය අනුව කඳවුරු කුලය යයිද පවැසේ. පුරාවිද්යායත්මක තොරතුරු නැතද, ලක්දිව ඈත අතීතයෙහි සිටි "මලිලවාන් නම් ප්රතදේශ" රජයෙකු හා සටන් කළ විකුම්බා කුමරු මලිලවාන් පරදවා ජයගත්තේය. කතරගමට අධිපතියා වූයේ ඔහුය. මහසෙන් යයි පසු කලක මිනිසුන් විසින් දේවත්වයෙන් පිදීමට පටන් ගත්තේ මේතෙමේය. ස්කන්ධාචාර වංශයට අයත් බැවින් කදකුමරු නම් විය. බුද්ධාගමනයට පෙර සිදුවූවක් ලෙස මෙය සැ‍ලකේ. කහකුරුළු කතෘද ඒ වංශයට අයත් බව සන්දේශය අවසානයේ කවිනාම ගභී පද්යකයේ විශේෂයෙන් සඳහන් වේ. කාව්යවශෙඛරයෙහි රහල් හිමියෝද තමා ඒ වංශයට අයත් බව,

කුලග මිණි පිවි තුරු දෙමටාන ගමැ කඳවුරු,යැයි පැවසූහ.


කඳවුරු වරය:[සංස්කරණය]

මෙතෙක් දැක්වූයේ කඳවුරු කුලය ගැනය. රහල් හිමියෝ කදකුමරුගේ වරය ලත්බව පරෙවි සන්දේශයෙහි දැක්වේ. ඒ අතර මානවර්මග රජතුමාද කඳසුරිඳු ගේ වරය ලත් බවක් ඉතිහාසයෙහි දැක්වෙයි. ලංකාවේ කඳකුමරු හෙවත් කතරගම දෙවියෝ බුදුරදුන්ගෙන් බණ අසා සොවාන් වූ බෞද්ධ දේවතාවෙකි. ඉහත සඳහන් අය වර ලබා ඇත්තේ මොහුගෙන් නොව ඊෂ්වර පුත්රත කඳකුමරු ගෙන් විය යුතුය. මුහුදු තෙර හිඳ විධි වූ පරිදි මන්ත්ර ජපකළ මානවර්ම රජු ඉදිරියෙහි වාහනය සහිතව කඳකුමරු පහළ විය. ඒ මොණරා රජු‍ගේ ඇසක් බිඳ දිය බීවේලු. ඉන් සතුටු වූ කඳකුමරු ඉල්වූ වරය දී අතුරුදන් විය. මේ දැක්වූයේ මානවර්ම ගේ වර ලැබීමයි. මුලින් සඳහන් කළ ප්රදවෘත්තිය අනුව විකුම්බා නම් කුමරා ඉන්දියාවෙන් පැමිණියෙකි.


වරය ලැබීමෙන් පසු මානවර්ම්ගෙන් පෙළ පත කඳකුමර පෙළපතයයි, ප්රමසිද්ධ වූවායයි සිතීමටද ඉඩ තිබේ. රහල් හිමියනුත් කහකුරුළු කවියාත් ඒ වංශයට අයත් බව පිළිගත හැකිය.


රහල් හිමියෝ:[සංස්කරණය]

කඳසුරිඳුන් වර ලැබ පසළොස් වයස වදහළ රහල් වැඩි තැන් කළරැව් ‍ ස‍ෙඳස

කහකුරුළු කර්තෘ ගැනත් එතුමාගේ වතගොත ගැනත් සෑහෙන පමණ තොරතුරු මෙහි දැක්වීමු. එසේම ග්රේන්ථය කළ කාලයද නිශ්චිතය. ගමන් මාර්ගය මෙහි මුලින්ම යොදා ඇති සිතියමෙන් බලා ගැනීමට ඉඩතබමු. කහකුරුල්ලා නික්මුනේ ගලගමින්ය. සන්දේශය ගෙන ගියේ කතරගමටය.


නිමිත්ත :[සංස්කරණය]

‍ බොහෝ විට සිංහල සන්දේශකරුවෝ තම තමන් ගේ සන්දේශ යොදා ගත්තේ රජුන්ටත්, බිසවුන්ටත්, මැති ඇමැති ආදී ප්රයභූන්ටත් සෙත සලසා දීමට, ලෝ සසුන් රකිනා මහදෙව්වරැන්ගෙන් ඉල්ලීම සඳහා බව සන්දේශයන් ගැන තොරතුරු යන්තමින්වත් දන්නා අයට රහසක් නොවේ. කහකුරුළු කවියාද තම සන්දේශය යොදා ඇත්තේ ඒ සඳහාය. ඒ බව 234 වැනි කවියේ පටන් 240 වැනි කවිය දක්වා ඇති කව්වලින් දැක්වේ. මෙහි දැක්වෙන ඉල්ලීම් රාශිය පිඬු කොටගත් විට මෙසේය.

1. අධර්මැය දුරලා ලෝකයත් ශාසනයත් රැකීමට ඉල්ලීම 2. වීරපැරකුම් නිරිඳු සමුදුර හිමිකොට දිනවා ආරක්ෂා කිරීම 3. රජුට විරුද්ධකරුවන් දුරුකර සිතැඟි ඉටුකරදීම


4. අගමෙහෙමුන්ට මතු සිරිලක සසුන රැකීමට සුදුසු පුත් රැවනක් ලබාදීම. 5. කහකුරුළු කවියාට ඉටු වැඩ සලසා දීම 6. කහකුරුළු කවියාගේ මුහුනේ පැවැති රෝග දුරු කර හැරීම

මෙයින් අන්තිමට කළ ඉල්ලීම විශේෂ ස්ථානයක් ගත්තේ අන් සන්දේශවල වැඩිපුර දක්නට නැති නිසාය. 'වත පැමුණුනු රෝග නම් අනිකක් නොව කුෂ්ටයක් හෝ කබර විය යුතුය. බරණගනිතාව්යපයී වරයාද නීල කොබෝ සන්දේ‍ශයෙහි,

1. වාත‍රෝග ඔහුගේ සියොලඟ විහිදී ගාතවල දෙයටි පලු සමිඟුලුම සෑදී නීත කුරිරු වත මේ රෝගෙන්ම සැදී බීත නිසරු වියවුල තද වෙහෙස විඳී

2. රාද්රෙ සහ සන්දිවල සැදි සියලු ලෙඩ සිඳා හැරලමින් දී ඔහුට කට හඬ යොදා එව් හසුන නම් මේ පඬුර දිඩ නදා සිතින් පිළිගත මැනවි නන සඬ

කහකුරුළුවේ:[සංස්කරණය]

වත පැමුණුනු උවදුරු දුරු කර බැහැර ගත සියලුම රෝ දුක් දුරලා නිතර ඉත මිතුරන් සමගිව සිතැගි සිදු කර සෙතදී අප රකිනට සැලකර මිතුර

කතරගම කඳසුරිඳු ගැන විශ්වාසය වැඩිවීමට ආරම්භ වූයේ නුවර රාජධානි කාලයේය, යනු අද බොහෝ විචාරකයෝ කියති. කෙසේ ‍හෝ කතරගම දීර්ඝ ඉතිහාසයක් ඇති තැනකි. විදේශවල පටන් ප්ර.සිද්ද වූ තැනකි. කලක් අභාවයට ගොස් තිබී මෙකල


ප්රකචලිත වූවාට සැකයක් නැත. කුෂ්ටරෝග සුවකර ගැනීම සඳහා කඳසුරිඳුගෙන් ඉමහත් උපකාරයක් ලැබෙන බව මෙකල සැලකූ බව මේ කරුණු වලින් පෙනේ.

භාෂාතත්වය :[සංස්කරණය]

කෝට්ටේ්සමයේ අන්තිම භාගයේ සිංහල භාෂාව ඉතා සීඝ්ර ව පිරිහෙන්නට පටන් ගත්තේය. ඉන්පසු රචනා කරන ලද සෑම සිංහල ග්රින්ථයක්ම සුවපත්, නිදහස් ජාතියකට අයත් භාෂාවේ ඇති පෝෂදායක ගතියෙන් තොරව, වියලී ගිය සැටි මනාව එකල ග්රයන්තයන් ගෙන් පැහැදිලිවේ. කහකුරුළුවේ භාෂාවද ඒ ගණයටම දැමීම සුදුසු නොවේය යනු අප අදහසය. කවියාගේ ශබ්දකෝෂය දුප්පත් වූ තැනේදී, ඒ මේ ශබ්ද වැඩියෙන් යෙ‍දේ. මෙහිද එසැක, එවෙත, ‍එමෙන, එසුර. එසිරිසර ආදී යෙදුම් එමට සොයා ගැනීමට පුළුවන.

පැරකුම්බාසිරිතේ පටන්ම සිංහල කවියට තත්සම වශයෙන් පාලි ශබ්ද ‍ෙ‍යදී තිබෙන බව රහසක් නොවේ. මෙහිද මනෝරම, ගතෙත, නීලදේහ, පිහිත, සිවංකසිරි, ජිනවර, විරාජ ආදී පාලි ශබ්ද ‍තත්සම වශයෙන් තැනින් තැන යෙදී තිබේ. ඒ අතර පැරණි ව්යදවහාරද දැක්නට ඇත. නිවත්. බැරම හෙළුම, සුතන්, අටි, උනා, ඔරැඳි, පැළඹෙන ආදිය ඉන් සමහරෙකි.

එසේම ම කවියා තමාගේ කවිත්වයේ ඇති දිළිඳුකම නිසාදෝ පහසුවෙන් අදහස තේරැම්කර ගන්නට නො හැකිවනසේ ඇතැම් සිලිටිනොවු යෙදුම් යොදා තිබෙන බවද කියයුතුය. ගුණවත් යන්න කහකුරුළු කවියා වන්තේගුණයයි යොදයි. වළවේ ගහ යන්න එවළගිය ගඟ යයි යොදයි. එක්කළ යන්න කරාපැටිය යයිද අලස නොවී යන්නට තමසේ නොවි යයිද යොදයි. මෙබඳු‍ යෙදුම් රාහියක් මෙහි සොයා ගත හැකිය. විචාරකයෙකුගේ ඇසට ගොදුරුවන මෙබඳු දුර්ව්ලතැන් හැරුණු

විට කවියා උපයෝගී කරගෙන ඇත්තේ මට සිළුටු සරල ව්යවවහාර භාෂාවය. නොහැර එක්ක, පැයිපැටව්ගෙව, දුරැරදුක්ක, බන්කාල, කුසුමැලි, සුවදැලි, නිලවේ ආදී යෙදුම්වලින් ඒ බව දැක්වේ. නූතන සන්දේශ යු‍ගයේ මුල්තැනක් ගැනීමට තරම් මෙහි භාෂා, තත්ත්වය සුදුසුය යනු අපේ හැඟීමයි.

කවිත්වය :[සංස්කරණය]

අන් සන්දේශකරුවන්ට මෙන් ව්යලක්ත කවිත්වයක් කහකුරුළු කවියාට නැතැයි කවීන් අතරින් මොහු නෙරපා දැමිය යුතු තරම් ප්රදතිභා ශක්තියේ අඩුවක් එතරම්ම මෙහි නෙපෙනේ. විහාර වර්ණඒනා දිය පොකුණු ගං, විල්, වන, නගර, පුරඟන හා නළඟව වැණුම් ආදියෙන් මේ කාව්යතය පරිපූර්ණ,වේ. පළමුවෙන්ම කවියා වර්ණවනාකළේ ගලගම වෙහෙරයි. ඒ සඳහා පද්ය එකොළොසක් පමණ යොදා ගත්තේය. ඒ වර්ණානයට බැසගත් සැටියේම තම සිතේ ඇති මුළුම අදහස අඟවන්නට මෙන්,

සංගාරාම කර පෙර සිරිලක එවිට සංගා තබා මිහිලිය දුන් වැනි මොහුට

යියි දෙපදයකින් සම්පූර්න අදහසක් දෙයි. එයින් කවියා ගේ හෘද්ගත භාවයන් තම කවියෙන් ඇඟවීමට ඔහු සමත් බව නොපෙනේද, වළවේ ගඟද ඔහු පද්යි රාශියකින් වර්ණ නා කළේය. වළවේ ගඟ දුටුහැටියේහ එය වැනීමට පටන්ගත්තේ මෙසේය.

පෙරගිරි හිසින් හුණුමෙන් දිසි සිසි කිරන ගිරි සිරසින් නිති සිසිලැල් වැනෙන මෙන

මෙයින් කවියාට සරල වචන කීපයකින් සම්පූර්ණ අදහසක් දීම එතරම් අපහසු නොවන බව පෙනේ. මැණික් ගඟ වැනුමට බැසගත් කවියා රසිකයන්ගේ කුහුල වැඩි කිරීමට ගත්තේ අමුතුම මගකි.


පිහිනා උඩුකුරුව යන කොමළඟ එ වර දිලෙනා උවන් පියුමට පසුපස නො හැර දෙතනා හස එතුඩු දිගුකරනා අයුර විලිනා මෙන් එදැක කලහස ගියෙ බැහැර

මැණික් ගඟ කොමළඟනෝ උඩුකුරුව පිහිනති. එවිට ඒ කතුන්ගේ පයෝධර මුහුණ නැමැති පියුමට ලොබින් නතර නොවීම තුඩු දිගුකරගෙන එන්නාසේය. එය දකින කල හංසයෝ විලයෙන් බැහැරගියා මෙන් යයියමින් පවසයි. මයුර, තිසර ගිරා සන්දේශවල මෙන් මෙහි නිතරම කළ අඟනුන් පිළිබඳ වර්ණොනා නැතද ඉතා රසවත් සේ පෙණෙන බව නම් පැහැදිලිය.

රාත්රි වර්ණා.වකට බැසගත් කවියා අන් සියලුම කවීන් පසුබාන තරම් චමත්කාර ලෙස 103 වැනි කවියෙන් වර්ණානයක් කරයි. මෙහි එන නළඟන වැනුම ගුත්තිලයෙහි එන දෙවසරන්ගේ නැටුම් වැනුමට නොදෙවැනි තරම්ය. විදිමිනේ සිතියම් පටක්ගෙන පාමිනේ නළඟන බැසේ" යයි තැනට සුදුසු වෘත්තයකින් කර ඇති වර්ණානය කාව්ය යේ අගය දිගුණකෙරේමය. යමෙක් මෙහි ඇත්තේ ගුත්තිල කාව්යාය කොපිකිරීමක්යයි කියතොත් එය නොසෑහේ. හැම අතින්ම වෙනස් මගක් ගෙන ඇති බැවින් කවියාගේ කවිත්වය විදහාපෑමට මෙයට වඩා මෙහි යමක් නොකියමු. රසිකයනට එය විසඳා ගැනී ඉඩ දෙමු.

ඓතිහාසික හා සමාජ තොරතුරු :[සංස්කරණය]

කහකුරුළුව ශිෂ්ට කාව්යසයක් වශයෙන් අගින්නාසේම ඓතිහාසික හා සමාජ තොරතුරු අතින්ද ඉතා වැදගත් තැනක් ගන්නා බව කියයුතු නොවේ. මෙහි දැක්වෙන විහාරස්ථාන අද නටබුන් වී පවතින අතර ‍නම් ගම් මාරුවීම හා වෙනස්වී ව්යාවහාර කරන බව පෙනේ. ගලගම වෙ‍හෙර කවියා ඉතා සැලකිල්ලෙන් වර්ණකනා කළ තැනකි. එහි ආරාමයට අයත් ගොඩනැගිලික්

උයන් පොකුණු ආදියත් ඉතා මනහරලෙස පැවති බව පෙනේ. මේ සැමටම වඩා වර්ණිනයෙන් ඉස්මතු වී පෙනෙන්නේ දෙව්මින් තෙරුන්ගේ සිල්වත් බවත්, ගුණවත් බවත් දහම් දෙසීමෙහි සමත්කමත් බෞද්ධයන්ගේ ශ්රිද්ධාවත් යන කරුණුය. අවට දුප්පත් මේ‍ වෙහෙර නිසා දිවිපෙවෙත රැක‍ගන්නා බව හංසයෙහි කෑරගල ගැන කීවාක් මෙන් මෙහිද දක්වා තිබේ. එසේම පාරු පොකුණ හා ඒ අසල වෙහෙරත් එහි කිරුළුමිණි නම් නිරි‍‍‍‍‍‍‍සඳෙක් ගැනත් සඳහන් වේ. පොළොන්මාරුව, නිවාකන්, වෙහෙර, බැන්දු වැව, තිස්සමහාරාමය, හා කතරගම කිරිවෙහෙර ගැනත් කරුණු රාශියක් මෙහි දක්වා තිබේ. ඒ සැම විස්තර කිරීමට මෙහි අවකාශමද බව කියයුතුය.

කතරගම හා මහසෙන් දෙවියෝ:[සංස්කරණය]

බෞද්ධ ඉතිහාසයෙහි කතරගම හා මහසෙන් දෙවියෝද ඉතා වැදගත් තැනක් ගනී. එයට හේතු කීපයකි. මහාවංශ, චුල්ලබෝධිවංස, වනසැවුල් ආදියෙහි දැක්වෙන තොරතුරු අනුව මෙහි අෂ්ටඵලරුග බෝධීන් වහන්සේ අතුරෙන් එක් නමක් රෝපණය කළ බව පෙනේ. කහකුරුළු සන්දේශයෙහි 188 වැනි සුරතුරුවන් ආදී කවෙන් දැක්වෙන්නේ ඒ බෝධිය ගැනයි. සාරසංග්රවහ, සද්ධර්මිරත්නාකර ආදී පොත්වල සඳහන් වන පරිදි මෙහි මැණික් ග‍‍‍් ගේ දකුණු ඉවුරේ වැඩිහිටි කන්ද ඉදිරියෙහි රජමැදුරද වම් ඉවුරේ කිහිරි වනයෙහි බෞද්ධ පූජනීය වස්තු සහිත විහාරස්ථානයද කරවූ බව පෙනේ. කතරගම කිරිවෙහෙරේ ආරම්භය බෝධියටත් වඩා පැරණිය. ධාතුවංශයෙහි දැක්වෙන කතාව අනුව ලක්දිවට තුන් වාරයක් වැඩි සර්වනඥයන් වහන්සේ තුදුස් තැනක් ස්පර්ශර කිරීමෙන් පවිත්රන කළහ. එයින් කතරගම කිරිවෙහෙර පිහිටි තැනද එක්තැනකි. සමනළ අඩවිය සමන් දෙවියන්ට භාර දුන්නාක් මෙන් මෙයද රැකබලා ගැනීමට මහසෙන් පැවරූ බව පිළිගත යුතුය. අද ‍කිරිවෙහෙර නමින් දැක්වෙනේනේ ඒ කිහිරි වනයෙහි කළ වෙහෙරයයි පැරණි සෙල් ලිපිවල එන පරිදි මෙය රජමහවෙහෙර, මඟුල්මහ සෑය ආදී නම්වලින්ද හැඳින්වූ බව පෙනේ.

කතරගමදෙවි:[සංස්කරණය]

අද අදහන හැටියට නම් කතරගම දෙවියෝ ඊශ්වර ‍පුත්රි ස්කන්ධ කුමාරයාය. මුහුණු සයකි අත්ද්රෙ ළසකි මයුරාපිට වාහනේ. රුහුණු රටේ පිහිටි කන්ද කදිර දේව රාජනේ, යි දැක්වෙන්නේ එබැවින්ය. කහකුරුළුවේ 198 වැනි දක්වෙන පරිදි මේ දෙවියා ගැන අද පමණක් නොව පෙරක් ලක්දිවින් බැහැර බෙන්ගාලය අරමණ දේශය, කාශ්මීරය, වඩිගරට, කලිඟු, නේපල්, ගෞධ ආදී නොයෙක් විදේශවල පවා ප්රගසිද්ධියක් ඉසිලු බවත් ඒ ඒ රටවලින් දෙවියාට පුද පඬුරු ලැබුණු බවත් සඳහන් වේ. බෞද්ධ රජදරුවන් නින්දගම් පිහිටුවා පාලනය කරගෙන ආ බෞද්ධ විහාරස්තානය හින්දුගේ බලයට පත් වූයේ කෙසේ දැයි විමසිය යුතුය. දඹදිවත් ලක්දිවත් ඇතැම් වැදගත් ස්ථාන සිංහල බෞද්ධයන් පිරිහීගිය අවධිවල අන්යා්ගම්කාරයින් අත්කර ගත්තාක් මෙන්ම මෙයද හින්දු කෝවිලක් වූ බව පිළිගත යුතුය. අද නාගදීපය ගැනද සලකා බැලිය යුතුය. එහිදී විහාරය වෙනුවට මෑතක් වනතුරුම පැවතුනේ කෝවිලක්ය.

වෙනත් නම් :

කතරගම දෙවියන් "මහසෙන්, සවත්, සම්මුක, කඳසුරනිඳු, කඳකුමරු, සිකියහන්සුර, සවත්මිහිපති, ආදී නෙ‍ායෙක් නම්වලින් හැඳින්වේ. ලක්දිව මිනිසුන් අදහන දෙවිවරැන් අතර හින්දු දේවතාවෝ ද බෞද්ධ දේවතාවෝද, බොහෝ සිටිති. මේ නම් අතුරෙන් කතරගම දෙවි, මහසෙන් දෙවි, යන නම් දෙකම සඳහන් වී ඇත්තේ බෞද්ධ දෙවියෙකු සඳහාය. බුදුරදුන් කතරගමට වැඩි සමයෙහි එහි සිටියේ "මහසෙන්" නම් ප්රාධානියෙක් යයි සැලකේ. පසු කලෙක මිය පරලොව

ගිය මෙතුමා මහසෙන් නමින් දෙවියෙක් හැටියට අදහන්නට පටන්ගත් බව පෙනේ. වැඩිහිටිකන්දේ රන් උළු සොයා ගැමුණු රජතුමා කරවූ දෙව් මැදුරේ සිද්ධියෙන් ඒ බව පැහැදිලිවේ. දෙමළුන් සමග සටන් කොට ලක්දිව බේරා ගැනීම සඳහා සටනට නික්මීමට පෙර ගැමුණු රජතුමා කතරගම දෙවියන්ගේ පිහිටසෙවූ බවත් පෙහෙවස් සමාදන්ව දිවුරුම්ගල මතට වී කල්පනාවේ යෙදී සිටි ගැමුණු රජ නින්දට වැටුනේය. වැදිවෙස්ගත් මහසෙන් දෙවියෝ සිහිනෙන් පැමිණ අසිපත් අතතබා ශාසනය රකිනා ලෙස දිවුරවා යන්ට ගියේය. යුද්ධයෙන් ජයගත් මිහිපති තෙම ඉහත සඳහන් දේවාලය කරවීය. මෙහි 164 වැනි කවෙන් කවියා සවත් මිහිපතියයි දක්වයි. ඒ ද සැලකිය යුතු තැනකි. ම‍හසෙන් දෙවියෝ සමන් දෙවියන් මෙන්ම බුදුන්ගෙන් බණ අසා සෝවාන් වී ලක්දිවත් බුදුසසුනත් රැකදීමට පොරොන්දු වී කෙනෙකි. කතරගම දේවාලයත් පුදසිරිත් කුමත් ඉතිහාසය අනුව සසඳා බලන විට මෙහි ඇති තත්ත්වය හොඳින් වැටහෙනවා ඇත. ඒ සියල්ලක් දැක්වීමට මේ තැන නොවේ. අද බෞද්ධ බලයට වඩා හින්දු බලය පෙනෙන කෝවිලක ස්වභාවය උසුලන මේ ස්ථානය නිදහස් කර ගැනීම බෞද්ධයන් සතු යුතුකමකය.


මෙයට,


හේන්පිටගෙදර පියනන්ද ස්ථිවිර


ශ්රීප ලංකා විද්යාථලය


මරදාන




ශුද්ධියේ අශුද්ධ තැන්[සංස්කරණය]

පිට කවිඅංක පෙළ අශුද්ධ ශුද්ධ

1 - 1(අ) - දෙවැනි ‍පදයේ - රන්රස - රන් රැස

1 - 1 (අ) - දෙවැනි පදයේ - පැවසිහෙතිද - පැවසීයහෙතිද

2 - 4 - තුන්වැනි පදයේ - නදනදිදී - නදනරැඳී

5 - 5 - ,, ,, - කසාවත් - කසාවත්

6 - 23 - දෙවැනි පදයේ - පිරිකුසුමින් - පිපිකුසුමින්

11 - 62 - පළමුවැනි පදයේ - තොහැරඉඩ - නොහැරඉඩ

15 - 73 - දෙවැනි පදයේ - සකිනා - සැකිනා

16 - 83 - තුන්වැනි පදයේ - නෙළුම්පත්විල - නෙළුපත්විල

18 - 97 - දෙවැනිපදයේ - කුගුතුල - තුගුතල්

20 - 111 - පළමුවැනි පෙළ - ගජන්මත් - ගජන්නත්

22 - 126 - ‍ දෙවැනි පදයේ - බොරද - කරද

24 - 140 - තුන්වැනි පද‍යේ - සවතිඳු - සවතිඳු

27 - 154 - දෙවැනිපදයේ - මහකම් - මහකම්

27 - 155 - තුන්වැනිපද‍යේ - වෙණ - වෙත

28 - 164 - පළමුවැනි පදයේ - සමත් - සවන්

37 - 216 - තුන්වැනි පදයේ - සියකි - සයෙකි

35 - 205 - පළමුවැනි පදයේ - විදිමිනේ - විදමිනේ


සැළකිය යුතුයි :-

සන්දේශයේ 132 වැනි කවියේ පටන් කිවි අංක වෙනස් වී තිබේ. 133 වෙනුවට යෙදී අත්තේ 134ය. වර්ණ නාවේදී එබඳු වෙනසක් නැත.

වර්ණ නාවේදී 3 වැනි සුරන් අතින් ආදී කව අතහැරී ඒ කවට අයත් අර්ත වියතර හා වියරණ 2 වැනි කවේ අන්වය යටින් යෙදී ඇත. 2 වැනි කවට අයත් අර්ථය, විස්තරය හා වියරන 48 වැනි පිටුවේ 4 අංකයෙන් වැරදී යෙදී තිබෙන ඉඳුමිණිවන් යන කව යටින් යෙදී තිබේ. සන්දේහයේ අංක අනුව එය සොයා ගැනීම දුෂ්කර නොවේ.