කහකුරුළු ස‍‍‍ඳෙස-කහකුරුළු වණ්නාව-i

Wikibooks වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

නමදිමි බුදුරදුන්

දුතා ශීර්වාරදකරති

සැරද කසා කුරුළිඳු - සුලකළ රුවන් රුවන්

අන්වය: සුල කළ රැවන් රැවන් කසා කුරුලිඳු සැරද!

පදාර්ථසය: සුලකළ, ඉතා අලංකාර, රුවන් රුවන්, රන් රුවක් බඳු; කසා කුරුළිඳු, හේමකුරුලු, සැරද, බොහෝ කලක් ජීවත් වේවා!

විස්තරය: සන්දේශය ගෙනයන දූතයාට ආශීර්වාඅද කිරීම සන්දේශ කලාවේ අංගයකි. කහකුරුළු සන්දේශකරුවෝද එම නීතිය කඩ‍නොකර තම දූතයාට ආශීර්වා ද කළේ මෙසේය.

ගිරාවෙහි - සැරද කිරරද සඳ - නන්වන් රුවන් රුවන් හංසයෙහි - සැරද හසරද සඳ - පුන් සඳ පහන් පිරිසිදු පරවියෙහි - සැරද පරෙවිඳු සඳ - පඬුවන් සුරත් සරණින් කොවුලෙහි - සැරද කොවුලිඳු සඳ - සර සිරි අමාර‍සයේ තිසරයෙහි - සැරද තිසරිඳු සඳ - සදවන් සරා සිරි නද

සන්දේශකරුවන් කළ දූතාශීර්වාිද වලින් ඉතා සුදුසුවුන් කමනීයවුත් වණීනය කහරුළුගේ වර්ණානය බව මේ සැසඳී මෙන් ඔබට වැට‍හීයනවා ඇත. රන් වන් පැහැති කහකරුළුව රුවන් රූ වෙන් යයි නොකියා කුමක්කිය යුතුද? එහෙත් ගිරවාට රුවන් රූයයි හුදෙක් නො කියා නන්වන් රුවන් රූයයි කී මෙන් ගිරාකතු තුමාද ජයගත් සේ පෙනේ.

43



44 කහකුරුළු සන්දේශය

වියරණ: සැරද, ආශීර්වා ද ක්රි යාවකි. සැරද සැරදී මෙහි ධාතුවයි. "වා" යනු ආශීර්වාරද ප්ර ත්ය,ය යි. එහෙත් එය නැතිවද ක්රි.යාව පමණක් යෙදේ, සැරදෙහිවා; සැදේවා, සැ‍රදේ සැරද යන ක්ර මයෙනි. චිරං ජීව යන පාලි ශබ්දය ආශ්රකයෙන් මුලදී හෙළ බසට පැමිණියේය. කුරුළිඳු, කුරුළනට ඉඳු, කුරුළිඳු, විබත් සමස්.

(අ) පැහැද දිලෙයි විසිතුරුරන් රැස ලෙසි න නිබඳ අමා තෙපුලෙන් වෙයි ලෙව් නද න

අන්වය: විසිතුරු රන් රැස් ලෙසින පැහැද දිලෙයි. අමා තෙපුලෙන් ලෙව් නිබඳ නදන වෙයි.

පදාර්ථදය: විසිතුරු රන් රැස ලෙසින. විචිත්රු වූ රුවන් රාශියක් මෙන්; පැහැද දිලෙයි, පැහැයද, බබළයි, අමා තෙපුලෙන්, අමා වැනි නාද යෙන්, නිබඳ, නිතර, ලෙව්නදන වෙයි, ලෝකයා සතුටු වෙයි.

විස්තරය: කහකුරුළුගේ රූපය රන් වන්ය. ඒ නිසාය පැහැය රන් රැසක් සේ දිලෙන බවක් කියන්නේ. කොවුලා හා මොනරා මෙන් නොව කහ කුරුල්ලා නිතරම හඬයි. ඒ හඬද මිහිරිය. අමාවැනි නදින් නිතර ලෝකයා සතුටු වන බවක් පවසන්නේ එබැවින්ය.

වියරණ රනෙහිරැස, රන්රස, හෝ රන්මරැස රන් රැසයයි සමස් යොදන්න.

දිලෙයි - දිල, දිලිහීමෙහි ධාතුයි. ඒ විකරණයගෙන වරනැගේ, දිලෙයි - දිලෙති - ආදී වශයෙනි. අමා තෙපුල් අමාම තෙපුල, අමා තෙපුල,

(ආ) තොප ගුණ යස රුසිරු - පැවසිය හෙතිද කවුරු

පදාර්ථයය: තොප, නුඹගේ; ගුණ යස රුසිරු, ගුණයත්, යසසත් රූප ශ්රීල‍‍ ශෝභාවත්, යන මේ කරුණු ‍කවුරු පැවසිය හෙතිද, කවරෙක් පැවසීමට සමත්‍ වේද; නො හැක්කේමය.



                                                       කහකුරුළු සන්දේශය    45

විස්තරය: මුල් කවෙන් කහකුරුල්ලාගේ පැහැයත් හඬත් වර්ණ නා කළේය. මෙයින් ඔහුගේම ගුණයත් කීර්තියත් රූප ශෝපාවත් වර්ණ නා කරන්නට කවරෙක් සමත්‍ වේදැයි කවියා අසයි. එයින් තමදූතයාගේ ගුණය හා යසසත්, එසේම රූප ශෝභාවත් පමණ ඉක්මවා පැතිරී ඇති බව කවියා කිය වන්නාට ඇඟවීමට අදහස් කරන බවක් නොපෙනේද?

(ඇ) සිරි සඳතින් හළ රන් පියුමය යන සිති න් දැක සියඅඹුවන් යළ නොපැළිදියොද උනු මති න්

පදාර්ථයය: සිරිසඳ, ශ්රීව කාන්තාව, අතින් හළ අතින් අත හැරිය, රන් පියුමය යන සිතින්. රන් පියුමක්ය යන අදහසින්; සිදඹුවන් යළි දැක, සිද්ධාංගනාවෝ නැවත දැක; උනුමතින්, සිහිමදව, නො පැළදියොද? නොපැළැන්දෝද?

විස්තරය සිරිසඳ, ශ්රීඅ කාන්තාව, ඇගේ වාසස්ථානය රත් පියුමයයි සලකති. විෂ්ණුගේ භාර්යාළ වයි. විෂ්ණු කිරිසයුර කැලඹුදින පහළ වූ වස්තුවලුන් එකකි.

සිඳඹුවන් සිද්ධ නම් දෙවතා කොටසකි.

වියරණ: හළ, හර හැරීමෙහි ධාතුයි, "අ" ප්රතත්යයයවී නිපදුණු අතීත කෘදනතයකි. මළ, කළ, ආදිය ද සලකන්න.

යළ, නැවත යන අරුත්හි නිපාතයෙකි. දැක, පූර්ව ක්රිවයායි. දක් දැකීමෙහි ධාතුවයි. දැකයි ඇප්රිත්යියෙන් සිද්ධව, ප්රළත්ය‍ ලෝපයෙන් දැක යයි සිටී.

(ඈ) පිරි රුසිරෙන් තොප පැමුණුනු කල ගුව නා දුටු ලෙව්මන් තුටුවන පඬුවන් ගති නා ගුණ රහතුන් මේ යයි සිතු පැහැද ද නා සැප එනිවන් නොලබති කවුරු පවස නා

අන්ථය: රුසිරෙන් පිරි පඬුවන් ගතිනා දුටු ලෙව්මන් තුටුවන තොප ගුවනා පැමි‍ණුනු කල දන රහතුන් ගුණ යයි සිත් පැහැද එනිවන් සැප නොලබති යි කවුරු පවසනා.


   46                                                කහකුරුළු සන්දේශය 

පදාර්ථරය : රුසිරෙන් පිරි, රූපශොභාවෙන් සම්පූර්ණකවූ; දුටු ලෙව්මන් තුටුවන. දැක්ක ලෝකයාගේ සිත් සතු‍ටුවන පඬුවන් ගතිනා යුතු, පඬුවන් පැහැයෙන් යුත්: තොප, නුඹ; ගුවනා පමුණුනු කල, අහසින් පැමුණුනු කල්හි; රහතුන් ගුණ මේ යයි, රහතන්වහන්සේලාගේ වර්ණගයද මෙසේයයි, දනා සිතු පැහැද, ජනයා සිත් පදාගෙන; එනිවන් සැප නොලබති (යි), ඒ නිවන් සැප නොලබත් යයි; කම්රු පවසනා, කාටකිව හැකිද? නොහැකිය.


විස්තරය : "කහකුරුල්ලා පඬුවන් සිරුරු ඇත්තේය. අහසින් ගමන් කරයි. කහවන් සිවුරුදැරූ රහතුන් ද අහසින් ගමන් කරති. අහසින් එන නුඹ දුටුවන්ට රහතන් ගැන සිහිව සිත්පහදා ගනිති. එසේ සිත් පහදාගෙන නිවන් සැප නොලබතියි කිසිවකුට කිය නොහැකිය.

වියරණ: පැමුණුනු - පැමුණ පැමිණි මෙහි ධාතුයි. උනු ප්රබත්ය යේදී නිපදුණු භාව කාරක කෘදන්තයකි.

දුටු - දක් ධාතුයි, අතීත කාලිකයි. දුටු යයි 'උ' ප්රදත්යරයවී නිපදුණු කර්මෙ කාරක කෘදන්තයකි.

විශේෂ: උපජාතිවම් දස පද සැහැල්ලකින් ස‍ංදේශය පටන් ගෙන තිබේ. පාද සයකින් යුත් කඩවක් නම් වෘත්තයට පසුව සිවුපදයක් යෙදී තිබේ. කඩවක් නම් සිතිලීගී දෙකකි. සතිලිගීයට ගී අඩක් හා දෙපදයක් ද වේ. සිංහල සංදේශකරුවන් තමන්ගේව සන්දේශ ආරම්භකර ඇත්තේ ‍බොහෝ සෙයින් මෙසේයි. මේ කවට පෙරවූත් පසුවූත් සෑම කවකම යහගීය වෙනම දක්වා ඇතද මෙහි ඒ නීතිය ඉක්ම වූ බවක් පෙනේ.

කඩවක්හි පිරියත - සිවු පදෙහි යම් විරිතක් බඳහොත් දන්නේ එම - උවදැනම් සැහැළි යයි.

(එළු ස‍ෙඳස)


                                                කහකුරුළු සන්දේශය   47 

2. සිනිඳු ගමන් තොප ගුවනින් යනෙන සඳ මුනිඳු රැවන් රැස් කඳ බැසැයි සිතු පැහැ ද පසිඳු සුරන් තොපවෙත පත් වෙමි නෙස ඳ කෙබඳු සිරින් තොප වෙත නො කළෝද පුද

අන්වය: තොප ගුවනින් සිනිඳු ගමන් යන එන සඳ, මුනිඳු රුවන් රැස් කඳ බැසැයි සිතු පැහැද, එසඳ පසිඳු සුරන් තොපවෙත පත්වෙමින් තොපවෙත කෙබඳු සිරින් පුද නො ‍කළෝද?

අර්ථනය : සුරන් අතින්, දෙවියන්ගේ අතින් ගිළිහුණු, ගිළිහී වැටුණු; රන් තෝඩුවෙක, රනින් කළ තෝඩුවක්, නරන් වෙතට, මිනිසුන් වෙතට; පැමිණෙනවට, පැමිණෙනවායයි; සැක සිතා, සැකකොට; සවන් බරණ දැරුමට, කනේ පැළඳීමට: නොයෙක ලෙව් සත, නොයෙක් ලෝවැසියෝ දැක බලා, සිතින් සතුටුව, සිතින් සනෙතාෂවී; අත දිගු නො කළෝද? අත දික් නොකළාහුද?

වියරණ: ගිලිහුණු - කර්ම,කාරක කෘදන්ත පදයකි. ගිළිහ, ගිළිහිමෙහි ධාතුයි. ගිළිහෙයි, උණු ප්රිත්ය,යයි. ගිළිහෙති, ආදී වශයෙන් ඒ විකරණය ගෙන වර නැගේ. වැටැණු, කැඩුණු ආදියද මෙසේයි.

රන්තෝඩු, රනින් කළ තෝඩු, රන්තෝඩු, විබත් සමස්. තෝඩු ශබ්දය දෙමළ බසින් හෙළ බසට ආවකි. සවන්බරණ සවන් - අබරණ, ශ්රටවණාභරණ (සං) වචනවල මුල් ස්වරය නැතිවීයාම බොහෝ විට සිංහලෙහි දක්නා ලැබේ. අනත් - නත්, අබරණ - බරණ, යුවරද - වරද ආදියද සලකන්න.

විස්තරය : කහකුරුළු අහසින් එන විට රන්වන් පාට නිසාත්, හැඩරුව නිසාත් ඉතාම චමත්කාර ජනකයයි. එබැවින් නුබින් එන විට දෙවියන්ගෙන් ගිළිහිගිය රන්තෝඩුවක් මිනිසුන් වෙතට ඒ යයි සැක සිතා අත දිගු නො‍කළෝ





48 කහකුරුළු සන්දේශය

දැයි අසයි. මිනිසුන් මෙන් නොව දෙවියෝ රන් රුවන් ආභරණ බොහෝ පළඳති යනුදු, දෙව් ලොව උඩ අහසෙහි පිහිටි‍යේය යනුද බොහෝ කලක පටන් මිනිස්සු විශ්වාස කරති. එය මෙයින්ද සුථුට වේ.

   4.      ඉඳු මිණි වන් දිලිහෙන සිරසින් පැහැ       දී 

රන කුරුවන් පදයුග නිතියෙන් වොරැ දී සුමියුරුවන් තෙපුලෙන් ලෙව් නදන රැ දී තොප දුටුවන් මෙමම සඳ දුටු කිරණ ලෙ දී

පදාර්ථටය: තොප නුඹ: ගුවනින්, අහසින්; සිනිඳු ගමන්, යහපත් ගමන්; යන එන සඳ, යන එන කල්හි; මුනිඳු, මුනිතුමන්ගේ; රුවන් රැස් කඳ බැසැයි, රන්වන් රැස් සමුහයක් බැස්සේ යයි; සිතු පැහැද, සිත් ‍සතුටුව; එසඳ, එකල්හි; පසිඳු සුරත්, ප්රෝසිද්ධ දෙවියන් තොපවෙත පත් වෙමින්, නුඹ ළඟට පැමිණෙමින්; තොපවෙත, ඔබට කෙබඳු සිරිත්, කෙබඳු ශෝභාවකින්; පුද නොකළෝද, පූජා නො ‍කළාහුද?

විස්තරය : ස‍ංදේශ භාරකයාගෙන් සැපදුක් විචාරීම සංදේශ කලාවෙහි ලක්ෂණයකි. මේ කවෙන්ද සංදේශ කර්තෘී තමාගේ සංදේශය ගෙන ‍යන හේම කුරුළුගෙන් සැපදුක් විචාරණ සැටි බලනු බැනවි.

සැළයෙහි - වන දෙව්ලියෝ නොකළොද සවන අබරණ තිසර - තමපිය සෙමෙර යයි - ළඟ නොමවුද සරවි.

වියරණ: සිනිඳු - සිනිගධ (පාලි) හෝ ස්නිග්ධ (සං) පසිඳු - ප්රීසිද්ධ (පාලි) මුනිඳු - මුනින්ඳ, (පාලි) මුනිනට ඉඳු මුනිඳු, විබත්, සමස්, සුරිඳු, මැතිඳු, යතිඳු ආදියද සලකන්න. සඳ යනු; මෙහි කාලය හඟවයි. චන්ද්රියා, උතුම්, ඡන්දස් යන අරුත්හිද යෙ‍දේ. සිනිඳු ගමන්, කහ කුරුල්ලා අහසින් පියාඹන විට දැකීම ඉතා යහපත්ය. එසේම වේගවත්ය. නිහඬය. එබඳු මනහර ගමන් ඇති හෙයින් මෙහි සිනිඳු ගමන් යයි පැවසීය.



                                           කහකුරුළු සන්දේශ වර්ණ නාව         49 

4. ඉඳුමිණිවන් දිලිහෙන සිරසින් පැහැ දී රනකුරුවන් පදයුග නිතියෙන් වොරැ දී සුමි‍යුරුවන් තෙපුලෙන් ලෙව් නදන දි දී තොප දුටුවන් මෙ මම සඳ දුටු කිරණ ලෙ දී

අන්වය : ඉඳු මිණිවන් දිලිහෙන සිරසින් පැහැදි, රන කුරුවන් පදයුග නිතියෙන් වොරැදී, සුමියුරුවන් තෙපුලෙන් ලෙව් නදන රැදී, තොප දුටුවන් මෙම සඳ දුටු කිරණ ලෙදී.

අර්ථවය : ඉඳු මිණිවන්, ඉඳුනිල්මිණි පාට; දිහෙන සිරසින් පැහැදී, දිලිසෙන හසින් ශොභාමත් වූ; රනකුරුවන්, රන්පැලවැනි; පදයුග, පායුවල; නිතියෙන්, නිතර; වොරැඳී, බබලන; සුමියුරුවන් තෙපුලෙන්; ඉතා මිහිරි තෙපුලනිසා; ලෙව් නදන රැඳී, ලෝකයාගේ සතුට රැඳුනාවූ; තොප දුටුවන් මෙමම, තොප දැක්කා වූ මේ මම; සඳ දුටු, චන්ද්රසයා දුටු; කිරණලෙදී, කිරිසයුර ලෙස ය.

වියරණ: ඉඳුමිණි, ඉඳුනිල්මිණි යනු මෙහි කවියට ඉඳුමිණියයි යෙදී තිබේ. ඉන්දුනීල මාණික්ය, (සං) සිරසින් මෙහි ස්වාර්ථ‍යෙහි අස් ප්රෙත්ය,ය යෙදී තිබේ. සිර යනු සිරස යයි යෙදේ. මහුළස්, වරලස ආදියද සලකන්න. සිරස් යනු සංසකෘත ශබ්දයයි. රනකුරු රන්අකුරු - ස්වර්ණාං කුර, අංකුර නම් බීජයකින් මුලින් හටගන්නා පැළයයි. වොරැඳී, වොරැඳ වොරැදීමෙහි ධාතුවෙන් නිපන් කෘදන්ත පදයකි. ඊ ප්ර ත්යඳයයි. වොරැ‍ෙඳයි වොරැ‍ෙඳති ආදි වශයෙන් වර නැගේ. කිරණ ක්ෂීරාණ්ර්ව , කිරිසයුර.

විස්තරය: කහකුරුළු රන්වන් පාටය. එහෙත් හිස කළු පාටයි. ඒ නිසාය ඉඳු නිල් මිණි වැනි සිරසින් යුක්තයයි කීවේ. කවි සමයට කළු යයි වර්ණයයක් නැත. කහකුරුලු හිස නිල් පාටයයි කීයේ කවිසමය අනුවය. පායුවල රන් වන් පාටය. රන් පැල බඳු යයි එයට කළ උපමාව ගැලපේමය. කවිසමයෙහි එන පරිදි සඳ උදාවූ විට



50 කහකරුළු සන්දේශ වර්ණයනාව

කිරිසයුර වැඩේ යයි පිළිගනිති. එබැන්ය "සඳ දුටු කිරණ ලෙදී" යයි කීයේ. රාත්රීු කාලයට සාගරයෙහි රළ වේගය වැඩීවීම ස්වභාවියකි. ඒ ස්වභාවය කවිසමයට නඟා සඳ එළිය නිසා සයුර වැඩේ යයි පවසති. කහකුරුළු සංදේශ කතෘ බොහෝ සෙයින් අනික් සංදේශ කරැවන් අනුවම ගොස් තම සංදේශයද රචනා කළහ. සැළයේ පැවසුයේ "තොප දැකුමෙන් අප පින් කළ බව දැනිණි" කියායි. "තොප දුටු සඳ මෙමට සඳ දුටු කිරණ රඟයයි" සැවුලාද එම අදහසම කියයි.

5. අසා ලා මුනිඳු වදහළ දහම් කඳ නිසා සසර දුක් මතු සැප ලබන ලෙද කසා වත් දැරූ වැනි තොප සසුන් වැද නිසා මෙතොප ලදුවා අප පිනෙක සොඳ

අන්වය: මුනිඳු වදහළ දහම් කඳ අසාලා, සසර දුක් නිසා මතු සැප ලබන ලෙද, තොප සසුන් වැද කසාවත් දැරූ වැනි, මෙතොප නිසා අප සොඳ පිනෙක ලදුවා.

අනර්ථිය: මුනිඳු වදහළ, මුනීන්ද්රුයන් වහන්සේ විසින් දේශලය කළ; දහම් කඳ, ධර්ම ස්කන්ධය; අසාලා, අසා, සසර දුක් නිසා, සංසාරය දුක්හෙයින්; මතු සැප ලබන ලෙද, මතුවට සැප ලබන්නා‍ අදහසින්; තොප සසුන් වැද, තොප බුද්ධ ශාසනයට ඇතුල්ව; කසාවත් දැරූ වැනි, කහපාට වස්ත්රව (සිවුරු) පෙරටුවා වැනිය; මෙතොප නිසා, මේ නුඹ නිසා; අප සොඳ පිනෙක ලදුවා, අප යහපත් පිනක්ය ලදුයේ.

වියරණ: අසාලා, මෙය උපපද පූර්වරක්රිසයා පදයකි. සිංහලයෙහි මෙබඳු ආකඛ්යාලත පදද බොහෝ යෙදේ. එක් ධාතුවක ඇති අදහසම ප්රරකට කිරීමට තවත් ධාතුවක් යෙදී මෙබඳු පද නිපදී ඇත. මෙහි අස, ල යයි ධාතු දෙකකි අසා යන්නෙහි ඇති අදහසය අසාලා යන්නෙන්ද පැවසෙන්නේ ලියාලයි, ගසාදමයි, පිසදමයි, ආදියද සලකන්න. වදහළ, වදාර ධාතුයි. 'අ' ප්රාත්යිය යෙදී නිපැදුණු


                                                කහකුරුළු සන්දේශ වර්ණරනාව   51 

අතීත කෘදන්තයකි. රකාරාන්ත ධාතු අතීතයට වරනැගෙන විට ර, හට ළ වෙයි. මළ, කළ ආදිය මෙනි. මෙහි වදාළ යන්න හ ආගමයෙන් වදහළයයි යෙදේ. දහම්කඳ බුදුරාජාණන් වහන්සේගේ ධර්ම.ය ස්ඛන්ධ (රාශී) වශයෙන් අසුහාර දහසකි. මෙහි කඳ යන්නෙන් ගැනෙනුයේ රාශි වශයෙන් අසූහාර දහසක් ධර්මන යයි. ලදුවා ලබ ධාතුවෙන් නිපන් අතීතකාල කර්මනකාරක කෘදන්ත පදයකි. උ ප්රදත්යුයි. ලබ ධාතු අතීතයට ලදු යයි සිටී.

විස්තරය : සිල්වත් මහණුන් දැකීම පිණකි. අටතිසක් මංගල අතුරෙන් ද එකකි. මෙහිද කහපාට නිසා කහකුරුලු බුදුබණ අසා සසුනෙහි පැවිදිව කහවත් දැරූ වැනියයි කීයේ පැවිදි වූවෙක් යයි හැගීමෙනි. එබඳු සිල්වත් මහණෙකු දැකීම නිසාය පිනක් ලදුයේ.

5. ලෙවන් සිත සතු‍ටු කරවන මෙන් නිති නී මෙවන් ගුණ රුසිරු මමිතුරු තොප විසි නී සවන් පින වූ අමරස තෙපුලෙන් මෙවැ නී නිදන් කර මෙ‍තොප ලෙහි මපුවත යෙහි නී

අන්වය: නිතිනී ලෙවන් සිත සතුට කරවන මෙන් මෙවන් ගුණ රුසිරු මමිතුර ‍තොප විසිනි මෙවැනි සවන් පිනවූ අමරස තෙපුලෙන් මපුවත යෙහෙනි මෙ තොප ලෙහි නිදන් කර!

අනර්ථ ය: නිතිනි, නිතියෙන්; ලෙවන් සිත, ලෝක වාසීන්ගේ සිත; සතුටු කරවන මෙන්, සතුටු කරවන්නට මෙන්; ගුණ රුසිරු, රූප ශොභා ගුණ ඇති; මමිතුරු, මගේ මිත්ර්ය; තොප විසිනි, නුඹ විසින්; මෙවැනි, මේ ආකාර වු; සවන්පින වූ අමරස තෙපුලෙන්, කන් සතුටු කළ අමා වැනි රසවත්, වචනයෙන්; මපුවත, මවිසින් මතු කියන ප්ර වෘත්තිය; මෙතොප ළෙහි, මේ නුඹගේ ළයෙහි; නිදන් කර. තැන්පත් කර ගනුව;

වියරණ: අමරස තෙපුල්, මිනිසුන් අතර ඉතාම රසවත් යමක් පැවසිය යුතු තැන්වලදී අමාව සිහිකිරීම සිරිතකි. විෂ්ණු කිරි සයුර කැළඹූ විට පහළ වූ වස්තු


52 කහකුරුළු සන්දේශ වර්ණ්නාව

අතරෙන් අමාව ද එකකි. අමාවම රස, අමාරස, අමරස වැනි තෙපුල, අමරස තෙපුල යයි වෙසෙසුන් සමස් යෙදිය යුතුය.

නිදන් කර, යමක් ස්ර්ථෙරව තැන්පත් කිරිමය නිදන් කිරීම, මතු කියන වචනය ද එසේ ස්ර්ථෙරව සිත්හි තැන්පත් කර ගත යුතු බව මින් පැවසේ. රුසිරු‍ගුන රූප ශ්රීසසාර ගුණ, යන්නෙන් සිංහලට පැමිණි අයුරුය.


විස්තරය: තමන් ගේ පණිවිඩය ගෙනයන දූතයාට ආශිර්වාද කොට සැපදුක් විචාරා ගෙන යන සන්දේශය තර‍යේ සිත්හි දරා ගත යුතු බව මින් පවසයි. "මිතුරු ම තෙපලන බස ත සවණත පුර යි සැවුලා ද, අසව ඉතා සතොසින් ම කියන මෙබස යයි ගිරවාද, සිතුනතුකර අස යහලුව වඩනරුතී යයි සැල‍යාද මෙමා වදන් පස් කැන් කන් ලකර කර යයි පරෙවියා ද, අසග මදක් ම තෙපල තා සවන් නමායයි මොණරාද මේ අදහසම පවසන සැටි බලන්න.

7. මහත් ඉසුරු තෙද විකුමෙන් මුළු දිය ත පවත් වමින් ඔද සිඳ රුපු සෙනග දි ත වනත් යස තෙදග ක‍වරෙක් මිස අත ත සවත් සුරිඳු හට සැල කරව මෙ පුව ත

අන්වය: රුපු දිත සෙනග ඔද සිඳ මුළු දියත මහත් ඉසුරු තෙද විකුමන් පවත් වමින්, අනත මිස යස තෙද අග කවරෙක් වනත්, සවන් සුරිඳු හට පුවත සැල කරව.

අර්ථඳය: රුපු දින සෙනග, සතුරු අසුර සේනාවගේ; ඔද සිඳ, එඩිය සිඳ; මුළුදියත, මුළුලෝකයෙහි; මහත් ඉසුරු තෙද විකුමන්, මහත් අධිපතිබව හා තේජස ද වික්ර මය ද; පවත්වමින්, පවත් වා ගෙන යමින්; (සිටි ඒ දෙවියාගේ) යස තෙදග, යසස් හා තේජස්; අනත මිස, අනනත නාගරාජයා හැර, කවරෙක් වනත්, (අන්) කවර කෙනෙක් වර්ණ නා කරද්ද? නො හැක්කේමය.

                                                  කහකුරුළු සන්දේහ වර්ණරනාව  53 

වියරණ: දියත - දියම දියත, සවාර්ථකයෙහි අත් ප්රරත්යණ යයි. සවනත, දිවන, ආදියද සලකන්න. ඔද, නම් එඩියයි. ඔහුගේ ඔද බිඳිමි. ඔහුගේ ඔද ගියා ආදියද සලකන්න. වනත්. අසමභාවන ක්රිනයා පදයකි. වනත් හොත් යනු තේරුමයි. වනත, වනත්, වනතොත්, වනත්හොත්, ආදි ක්රගමයෙන් වෙනස් රූප යෙදේ - තෙදග තෙද අග තේජස් නැමැති ගින්න, තේජස සංතාපය ගෙන දේ. එබැවින් ගින්නට උපමා කරති.

දිත - යනු අසුරන්ට නමකි. "දිත් රුපු මුරු තිදස්" (රුවන්මල)

විස්තරය : සවත් සුරිඳු - රුහුණු රටට අධිපති දෙවියාය, මුහුණු සයක් ඇති නිසා, සවත් නම් විය. "මුහුණු සයකි අත් දොළසකි මයුරා පිට වාහනේ, රුහුණු රටේ පිහි‍ටි කන්ද කදිර දෙව රාජනේ" (ගණ දෙවි හෑල්ල)

සන්දේශය ගෙන ගොස් අසවලාට සැළැ කළ යුතුයයි කලින් පැවසීම සිරිතකි. එබැවින් මෙහිද සවත් සුරිඳුන්ට සන්දේශය සැළ කළ යුතු බව පවසති.

කහකුරුළු නිකුත්වන පෙදෙස වර්ණවනා කරති.

8. ගුණෙන් කුළුණු යෙදුනෙන් මිතුරු සහ තො ස ලදින් මෙ තොප පිනකින් පෙරකල් වෙසෙ ස බසින් මෙමා මතු සිදුවන වැඩ පිණි ස තොදැන් සිට නිකුත් මෙපියස වෙසෙස අ ස

අන්වය: සහතොස මිතුරු කුළුණු ගුණෙන් යෙදු නෙත් පෙරකල් වෙසෙස පිනකින් මෙ‍තොපලදින්, මතු සිදුවන වැඩ පිණිස තො දැන් සිට නිකුත් මෙ ‍පියස වෙසෙස මෙමා බසින් අස.

අර්ථය : සහතොස මිතුරු, සතුටු ගෙන දෙන මිත්රසය! කුළුණු ගුණෙන් යෙදුනෙන්, ඔබ කරුණා ගුණයෙහි යෙදුණු හෙයින්ද; (ඔබගේ කරුණාව නිසාත්) පෙරකල් වෙසෙස


54 කහකුරුළු සන්දේහ වර්ණ නාව

පිනකින්, පූර්ව කාලයෙහි කළ විශේෂ පිනක් නිසාත්; මෙතොප ලදින්, නුඹ ලදුයෙමි; ‍මතු සිදුවන, මත්තට සිද්ධ වන; වැඩ පිණිස, අභිවෘද්ධිය සඳහා; තො දැන් සිට නිකුත්, නුඹ දැන් ‍නතරැවී සිට නික්මුණු; මෙපියස, මේ ‍ප්ර දේශයෙහි; වෙසෙස. විශේෂ වර්ණාමව; මෙමා බසින් අස! මගේ වචනයෙන් අසව!

වියරණ: සහතොස, තොස සහිතවූයේ සහ තොස යයි අවිය සමස් යොදන්න. සහ පිරිස් යනාදිය මෙනි.

ලදින්, ලදීමි යන ක්රි යා පදය ව්යයවහාරයට අනුව ලදින් යයි යෙදී තිබේ. මේ කාව්යනයෙහි මෙබඳු ව්යසවහාර යෙදුම් බොහෝ සෙයින් දක්නා ලැබේ. අස, අස ඇසීමෙහි ධාතුයි. විධි ක්රිවයාවෙහි යෙදෙන "ව" ප්රිත්යඅය නැතිව ධාතුව පමණක් විධානර්ථුය යෙදීම සිංහලයෙහි බොහෝ සෙයින් දක්නා ලැබේ. බල, කර, ඉඳ, නරඹ, ආදිය මෙනි.

9. සහතෝනා දනගන රඳනා නිතර සිරිතොස්නා සුරපුර සැප දෙන පවර පුදවස්නා පවතින තෙරුවන නිතර ජලවස්නා නමකි මෙ පියසට මනහර

අන්ථය: සහ තොස්නා දන ගන නිතර රදනා, සිරි තොස්නා සුරපුර පවර දෙන, නිතර තෙරුවන් පුදවස්නා පවතින මනහර මෙපියසට ජලවස්නා නමකි.

අර්ථ්ය: සතොස්නා, සතෙතා‍ෂවන; දන ගන නිතර රඳනා, මනුෂ්ය සමූහයා, නිතරම රැදුණු; සිරි තොස්නා, ශ්රීස කාන්තාව සතුටුවන; පවර සුර පුර සැපදෙන, උතුම් දිව්යද පුරයෙහි සැප ගෙන දෙන; නිතර, නිරතුරු; තෙරුවන් පුදවස්නා පවතින, තෙරුවන් පුද නැමැති වර්ෂාපවන් පවතින; මනහර මෙපියසට, යහපත් මේ ප්රතදේහයට; ජලවස්නා නමකි, ජලවස්නා නම් නමක් වෙයි.


                                                      කහකුරුළු සන්දේශ වර්ණනනාව     55 

වියරන - වස්නා, රදනා තොස්නා ආදී තැන්වල වස්, රඳ, තොස් ධාත්ර කෙරෙන් භාවකාරක කෘදන්තයෙහි නා ප්රනත්යව යෙදී තිබේ. තොස් ධාතුව වරනැගීමෙහිදී වර්තකමාන කාලයට නොසී - තොසිති කියා රූපයක් නො ලැබේ. තොස් වෙයි, තොස් වෙතී යී ව, ධාතුවත් සමග යෙදුණු රූප භාෂාවේ දක්නා ලැබේ. සහතොස තොස් සහිත වූයේ සහතොස යයි අවිය සමස් යොදන්න. සහවස් ආදිය මෙනි.

විස්තරය: ජලවස්නා පෙදෙසෙහි වසන මිනිස්සු නිතර සතුටින් සිටිති. ශ්රී් කාන්තාව පවා සතුටු වන තරම් දිව්යි සම්පත් එහි ඇත. මේ පෙදෙසෙහි තෙරැවන්ට පුද වර්ෂා වන් පවත්වති යයි කවියා පවසයි. තුනුරුවන් කෙරෙහි අධික භක්තිය ඇති බෞද්ධයන් මෙහි සිටි බව මින් පැවසේ.

සිරිතොස්නා: සමාප්තියට අධි පති දේවතා දූ සිරිකතයි. විෂ්ණු‍හුගේ භාර්යාස් වය. ‍යම පෙදෙසක හෝ කෙනෙක් ළඟ සම්පත් වැඩිද එතැන් සිරිකත වාසය කරන බව කවියෝ පවසති. සම්පත් මූර්තිමත් කර දැක්වීමෙහිදී ශ්රීව කාන්තාව යයි නමකින් දැක් වූ බව මින් පැහැදිලි වේ. කිරි සයුර කැලඹීමේදී පහළ වූ වස්තු අතර ශ්රීන කාන්තාවද ‍‍වේ.


දෙව් මිත් තෙරිඳු

10. පැණසරු යති තුමන්ගේ පිළිවෙළින් එන ලොව් තුරු දහම් නිමලා දැනගත් නැණින හිමි ගුරු මෙමා යති තුම දෙව් මිත් නමින නිරතුරු රදන වෙහෙරකි එපියස නදන

අන්වය: පැණ සරු යති තුමන්ගේ පිළිවෙළින් එන, නිමලා ලොව්තුරු දහම් නැණින දැනගත්, දෙව්මිත් නමින මෙමා ගුරු හිමි යති තුම නිරතුරු රදන එපියස නදන වෙහෙරකි.



56 කහකුරුළු සන්දේශ වණීනාව

අර්ථනය: පැණසරු යතිතුමන්ගේ, ප්රගඥාසාර යතිතුමන්ගේ; පිළිවෙළින් එන පරපුරෙන් එන; නිමල ලොව්තුරු දහම්, පිරිසිදු ලොකොත්තර ධර්මේය; නැණින් දැනගත්, නුවණින් අවබෝධකරගත්; දෙව්මින් නමින, දෙවමිතන නම් මෙමා ගුරු හිමි යති තුම, මගේ ගුරුවර හිමි යතිතුමන්; නිරතුරු රඳන නිතර වාසය කරන; එපියස, ඒ ප්රරදේශයෙහි; නඳන ‍වෙහෙරකි, සිත් සතුටු කරවන වෙහෙරක් වෙයි.

වියරණ: ලොව්තුරු - ලොකොත්තර යන්නෙන් බිදිණු ශබ්දයකි. පිළිවෙළින් - පටිපාටි පිළිවෙළ - ඉන් පිළිවෙළින්.

විස්තරය: ජලවස්නා වෙහි වෙහෙරක් වේ. එහි සන්දේශ කර්තෘ.ගේ ගුරුවරයා වන දෙම්මිත් තෙරිඳු නිතර වාසය කරති. ඒ හිමියෝ ප්රේඥාසාර යතිඳුන්ගේ පරම්පරාවෙන් පැවතෙන්නෙකි. ලොව්තුරු දහම් දත්තෙකි.

ලොව්තුරාදහම්, ලොකොත්තර ධර්ම ය. ලොව්තුරා දහම් නවයකි. නව ලොව්තුරා දහම් යයි පවස්නනේ, ඒය. 1. සොවාන්, 2. සකෘදාගාමි, 3. අනාගාමි, 4. අරහත් යන මාර්ගව සතරත් එහි ඵල සතරත් නිර්මාසණයත් සමග නවය ගැනේ. දෙව්මිත් යතිඳු ලොව්තුරා දම් දත්තෙකැයි පැවසුයේ යම් කිසි මාර්ගහ ඵලයක් ලත් කෙනෙක් නිසායයි කවියා කියවන කාට වුවද සැක සිතේ. එහෙත් නැණින දැනගත් යයි පැවසීමෙන් ඒ ධර්මව පිළිබඳ දැනීමක් ඇත්තෙකු බව හොඳින්ම ප්රනකට වේ. මේ ධර්ම යෙන් පිළිබඳු නියම අවබෝධ ලැබේනනේ මාර්ගහඵල වලට පැමුණු උතුමන්ටය.

සුචිත්රැ පවිත්ර‍ චාරිත්රු ගුණ රත්න භූෂණ සකල ජන හෘදයා නන්ද කර මනොහර ශ්රීන සකල ශ්රීප පුරිත පරම රමණීය ශෛලග්රා ම වාසික ඒ යතිශ්වරයා ගේ විහාරයෙහි වර්ණපනා කථනයක් කෙරෙමි. එද තා ශ්රශවණාලංකාර කර!

අර්ථ්ය: සුචිත්රප, අතිශයින් විසිතුරු වූ; පවිත්ර , පිරිසිදුවූ; චාරිත්රි ගුණ රත්න භූෂණ, චාරිත්රපගුණ නැමැති මාණික්ය්යෙන් අලංකාර වූ, සකල ජන හෘදයානන්දකර සියලුදෙනාගේ සිත්


                                                    කහකුරුළු සන්දේශ වර්ණ නාව       57 

සතුටුකරන; මනොහර යහපත්; සකල ශ්රී පුරිත; සියල් සිරියෙන් පුරුණු; පරම රමණීය අතිශයින්ම සිත්කළුවූ; ශෛලග්රා ම වාසික, ගලගම වැසි; ඒ යතීශ්වරයාගේ; ඒ යතිඳුන්ගේ; විහාරයෙහි, විහාරස්ථානයෙහි; වර්ණ නා කථනයක් කෙරෙමි, වර්ණ;නාවක් කියමි. ඒ ද, එයද; තා ශ්රළවණාලංකාර කර නුඹගේ කර්ණාරභරණයක් කරගන්න! හෙවත් අසන්න!

ගලගම ‍වෙහෙර වර්ණභනා කරති.

11. සඟා රාම කර පෙර සිරි ලක එවිට? සඟා තබා මිහිලිය දුන් වැනි මොහුට

අන්ථය: මිහිලිය පෙර සිරිලක සඟාරාම කර සඟා කබා මොහුට දුන් වැනි,

අර්ථයය: මිහිලිය, මහීකාන්තාව, පෙර, පෙරකළ; සිරිලක; ශ්රීඅ ලංකාවෙහි; සඟාරාම කර, සංඝයාට විසීමට ආරාම සාදා; සඟා තබා, සඟවා තබා; මොහුට, මේ හිමියනට, දුන් වැනි, දුන්නාක් මෙනි.

විස්තරය: දෙවමිත්ර, ස්ථවිරයන් වාසය කළ ගලගම වෙහෙර සියලු අංගයන්ගෙන් හොබනා බව මින් ‍හැගේ. එය කවියා කවි අඩකින් ව්යයකතව සම්පූර්ණව වර්ණිනාකළ හැටි හොබනේය. මේ වෙහෙරහි වණීනය කොටින් කියතොත් පෙර පොළෝ අඟන සංඝාරාමයන් කර ඒවා සඟවා තබා මේ යතිතුමන්ට දුන්නාක් මෙනි යයි පවසයි.

12. විහිද කුළුණු ගුණ කිරණින් නිති දිලෙන පැළඳ තමන් නිතියෙන් ගුණ මිණි බරණ පබොද කර ලෙවන් නිති එයතිඳු වසන පැහැද බල සබඳ එවෙහෙර සිරි නදන

අන්ථය: කුළුණු ගුණ කිරණින් විහිදී නිති දිලෙන, තමන් ගුණමිණි බරණ නිතියෙන් පැළඳ, ලෙවන් පබොද කර එයතිඳු නිති වසන නදන එවෙහෙර සිරි සබඳ පැහැද බලව! 58 කහකුරුළු සන්දේශ වර්ණමනාව

අර්ථෙය: කුළුණු ගුණ කිරණින්, කරුණා ගුණ රශ්මියෙන්; විහිද; නිති දිලෙන, නිතර බබලන; තමාන්, තමා; ගුණමිණි බරණ පැළඳ, ගුණ නැමැති මාණික්ය ආභරණ පැළඳගෙන; ලෙවන්, ලෝවාසීන් පබොදකර, පිනවා; එයතිඳු නිතිවසන, ඒ යතිතුමා නිතර වාසය කරන; සිත් සතුටුවන, එවෙහෙරෙහි, සිරි, ඒ විහාරස්තානයෙහි ශෝභාව; සබඳ! මිත්රිය! පැහැද බලව! සතුටුව බලව!


වියරණ: කුළුණු - කරුණා ශබ්දයෙන් භිනනයි. විහිද, විහිදියයි සිටිය යුතු තැන එළි සමයට විහිදියයි ගත් සැටිය පෙනේ. විහිද, විහිදී මෙහි ධාතුයි. ගුණ මිණි බරණ ගුණම මිණි, ගුණ මිණි, බරණවූයේත් එමැ ගුණ මිණිබරණ, කුළුණු ගුණ කිරණ යනුද මෙසේය.

විස්තරය: දෙව්මිත් තෙරිඳුන්ට ඒ පෙදෙසෙහි ජනයා බොහෝ පැහැදී සිටි බවක් මේ කවෙන් කවියා පවසයි. මහජනා ගේ පැහැදීමට හේතුවූයේ අන්දෙයක් නොව, ඒ තෙරිඳු‍න්ගේ කරුණාවත්, සිල් ගුණයත් පමණකි. භික්ෂුව සිල්වත් වූයේ නම් ලෝකායාගේ සැලකීම් ලැබීම පුදුමයක් නොවේ. අනිත් සංදේශකරුවන් මෙවැනි තෙරවරුන් වැණූ අයුරු ද සලකන්න.

හංසයෙහි වනරත්න හිමියන් ගැන මෙසේ පවසති.

ලොවැති නොමින් සිරි සැපතින් සිරි සාල කැමැති ලෙසින් දෙන තිළිනෙන් සුර සාල නොමැති දොසින් දිසි යසසින් සුවිසාල එයති සඳුන් දැකමෙ අසුන් පවසාල

13. වෙහෙර අවට සැදි කුසුමන් තුරු රැසය නිතර එමුවරද ලොල් බමරුන් ගොසය අතර තුර නෙරළු වළුබර තුරු රැසය නිතර එවෙන සැදි විසිතුරු මේ ලෙසය


                                           කහකුරුළු සන්දේශ වර්ණසනාව        59 

අර්ථ ය: වෙහෙර අවට, විහාරස්ථාන හාත්පස; කුසුමන් සැදි, මල් සෑදුණු; තුරුරැසය, ගස්රාශිය ය; නිතර, නිතරතුරු; එමුවරද ලොල්, මල් පැණියට ගිජු වූ; බමරුන් ගොසය, බමර සමූහයාගේ ඝෝෂාවය; අතරතුර, අතරින් පතර; වළුබර, වළුවලින් බරවූ; නෙරළු තුරු රැසය, පොල්ගස් සමූහය ය; නිතර නිතරම; එවෙන සැදි, ඒ වනයෙහි සැදුණු; විසිතුරු, අලංකාරය, මේ ලෙසය, මේ අයුරුය.

විස්තරය: විහාරය අවට ශෝභාව. කවියා චිත්රහයකට නගා දක්වන්නාක් මෙන් සරල බසින් දැක්වූ අයුරු ‍හොබනේය. ආරාමයක් අවට පුෂ්පරාම එලාරාම සෑදීම සිරිතකි. මේ කවෙන් එය මනාව පැහැදිලි වේ. අන් සියලුම සංදේහ නිකුත් වූයේ ප්රවසිද්ධ පුරයකිනි. හේමකුරුළු නිකුත්වූයේද ජලවස්නා පුරයෙනි. එහෙත් කවියා එහි එහි උස් ප්රාිසාද මාළිගා, රජවරු, අවන්හල් ගැන කිසිත් නොකියයි. ඒ පෙදෙසේ ජනයා ගැන කොටින් කියා ගලගම වෙහෙර වර්ණහනාවට බැසගනී. සැවුලේ සීතාවකද, හංස, ගිරා, සැළ, පරෙවි සන්දේශවල ජයවර්ධන පුරයද, කොවුලා හා තිසරා දෙව්නුවරද, මොණරා ගඟ සිරිපුරද වර්ණිනා කළේ මහත් රුචියෙනි.

වියරණ: මුවරද, මකරන්ද ශබ්දයෙන් ආයේය. බමර, භ්රපමණ සදින් බිඳී ආවකි. නෙරළු පොල්වලට නමකි. මෙය දේශීය හබ්දයකි. මාරුකු, පුළුප, කසා ආදී නම්ද ව්යපවහාර වී ‍ඇත්තේය. විසිතුරු විචිත්රු යන්නෙන් බිඳී ආවෙකි. සැදී, සඳ සැදුම් හි ධාතුවෙන් ඉ ප්රබත්යතය වී නිපදුණු කෘදන්ත පදයෙකි.

14. නිතිනා වෙත පැමිණි සත දන් පින් ලොබි න දෙමිනා දැක එවෙන තුරු තම ත විසි න ලබනා ලෙස සැපත් මතු දන් දෙන සිති න සිටිනා වැනි මියුරු පලගෙන අතු අතී න




60 කහකුරුළු සන්දේශ වර්ණරනාව

අන්වයය: නිතිනා, පින් ලොබින වෙත පැමිණි සත එවෙන තුරු තම තම විසින මතු සැපත් ලබන ලෙස දන් දෙන, සිතින අතු අතිනි මියුරු පලගෙන සිටිනා වැනි.

අර්ථනය: නිතිනා, නිතියෙන්; පින් ‍ලොබින, පින් ලොභයෙන්; වෙත පැමිනි සත, ඒ විහාරය වෙත ආ මිනිසුන්; දන් දෙමිනා දැක, දන්දෙන සැටිය බලා; එවෙන තුරු, ඒ අසල ගස්: තම තම විසින, තම තමන් විසින්; මතු සැපත් ලබන ලෙස, මතුවට සම්පත් ලබාගන්නා පිණිස; දන්දෙන සිතින, දන්දෙන අදහසින්; අතු අතින, අතු නැමැති අතින්; මියුරුපලගෙන, මිහිරි ගෙඩි ‍රැගෙන: සිටිනා වැනි, සිටින්නාක් මෙනි.

විස්තරය: ඒ විහාරයට දන් දීමට නිතර බෞද්ධයෝ පැමිණෙති. දන් දෙන සැටි ද පෙනේ. අවට ගස්ද පලබරින් අතු නැමී ඇත්තේය. මෙහිදී කිවියා ස්වභාව සිද්ධිය අලංකාර ලෙස පවසයි. අන් අය දන් දෙන සැටි ලබා ඒ ගස් ද මතු සැප ලබා ගැනීමට අතු නැමැති අතින් දන් දෙනු සඳහා ගෙඩි දරා සිටිනා වැනිය. (උත්ප්රෙතක්ෂලංකාරයයි.)

වියරණ: මියුරු මධුර ශබ්දයෙන් බිඳී ආවකි. ශබ්ද බිමේදී බොහෝ සෙයින් ම - ග- ක- ත, යන අකුරුවලට ය ආදේශවීම දක්නා ලැබේ. මධුර - මියුර, සාගර - සයුරු නිසාකර නිසයුරු, තුථි - තියු ආදිය මෙනි. අතු අතිනි අතුම අත්, අතු අත් - ඉින් අතුඅතින් - වෙසෙසුන් සමස්.

15. පැහැද දිලෙන පිවිතුරු සපු කිණිහිරි ය නිබඳ දෙසල දම් අසමින් සුමිහිරි ය පැහැද තමන් සසරින් ගැ‍ලවෙනු සිරි ය වැළඳ සිවුරු සිටි වැනි උවමට සිරි ය

අර්ථ ය: පැහැද දිලෙන, පැහැයෙන් බබලන; පිවිතුරු, පිරිසිදු; සපු කිණිහිරිය, සපු හා කිණිහිරිය ගස්ය. නිබඳ දසන නිතර දේශනාකරන; සුමිහිරියදම් අසමින්, ඉතා


                                                      කහකුරුළු සන්දේශ වර්ණ;නාව     61

මිහිරි බණ අසමින්; පැහැද, පැහැදී; තමන්, තමාත්; සසරින් ගැලවෙනු සරිය, සංසාරයෙන් ගැලවෙනු සදහා; සිවුරු වැළද සිටි වැනි, සිවුරු පොරවාගෙන සිටියා වැනියයි; උවමට සරිය, උපමාවට සුදුසුය.

විස්තරය: විහාරස්ථාන වර්ණනනා අපේ සන්දේශ පොත්වල කොපමණවත් දක්නා ලැබේ. එහෙත් මේ කවියා දකිනසේ දුටුවෝ හිගය. බොහෝ ‍සෙයින් අන් කවීන් අනුගමනය කළද කහකුරුළුවෙහි කවියාගේ ප්රෝතිභාශකතිය වැටහෙන තැන් අපමණය. ගලගම වෙහෙර අවට පිපී දිලෙන සපු හා කණිහිරි‍ ගස් කහ පාටය. නිතර විහාරහෙයහි දෙසන මිහිරි බස් අසා පැහැදී සසරින් මිදීමට මහණවී සිවුරු පොරවා ගත්තාක් මෙනැයි කවියා සම්භාවනය කරයි. (උත්ප්රෙකක්ෂාලංකාරය)

වියරණ: පිවිතුරු - පවිත්රහ ශබ්දයෙන් බිඳී ආවකි. විසිතුරු, ආදියද සලකන්න.

කිණිහිරිය ව්ය වහාරයෙහි ද කිණිහිරි ශබ්දය ලැබේ. කණිකාර යයි පාලියෙහි එයි. සල් මෙන් කඳපුරා රන්වන් පාට මල් පිපෙන ගස් වර්ග යකි. බුදුරාජාණන්ගේ ශරීර වර්ණායද කිණිහිරිමලේ පාටට සමාන කරති.

16. දිලෙන දවල වැලි මළු අවට පිවිතු රු සිටි තැන තැන වළුබර රන් තැඹිලි තු රු පිපි කුසුමින් තෙවුනා මල් තුරු සොඳු රු සැදි බබලන විසිතුරු රන් තොරණ යු රු


අර්ථ ය: දිලෙන, බබලන; දවල, සුදුපාට; පිවිතුරු, පවිත්රණ; වැලිමළු අවට, වැලිමළුව හාත්පස; තැන තැන සිටි, තැනින් තැන සිටියා වූ; වළුබර, වළු වලින් බරවූ; රන් තැඹිලිතුරු, රන් තැඹිලි ගස්ද, පිපි කුසුමින් පිපුණු මලින්



62 කහකුරුළු සන්දේශ වර්ණනනාව

තෙව්නා, බබලන: සොඳුරු මල් තුරු මහනර මල් ගස්ද; සැදී බබලන අලංකාරවී දිලෙන; රන් තොරණයුරු, රන් තොරන් සේය.


විස්තරය: එහි සුදු වැලිමළුව අවට වළුබරින් නැමුණු රන් තැඹිලි ගස් ද, මල් පිපී දිලෙන මනහර මල් ගස් ද වේ. ඒවා කවියාට පෙනෙනුයේ අලංකාර රන් තොරන් සේය. (උත්ප්රෙ ක්ෂාලංකාරයයි.)

වියරණ: දවල ධවල ශබ්දය දවලයයි. යෙදී ‍තිබේ වැලිමළු වාලුකා මාළක, දෙසදින් බිඳි අවාකි. තෙව්නා තෙව - ‍බැබලීමෙහි ධාතුවෙන් නිපන් භාවකාරක කෘදන්තයකි.

17. පසෙක වෙහෙර සිහලඹ නිතියෙන් පිරු න හො‍යෙක ලකුළු ගිම් සහනය කරන ද න නිසැක රැව් එවෙන සියොතුන් තුරු මුදු න එසැක සිතෙයි සුරඟන මුනි ගුණ කිය න

අර්ථ ය: වෙහෙර පසෙක, වෙහෙරෙහි එක් පැත්තක; නිතියෙන්, නිතර; දනගිම් සහනය කරන, ජනයා ග්රීෙෂ්මය නිවාගන්නා; සිහිලඹ පිරුණ, සිහිල් ජලය පිරුණු; ලකුළු හොයෙක. අලංකාර ඔයකි. තුරුමුදුන; ගස් මුදුන්හි; සියොතුන්; පක්ෂීන්ගේ; රැව්, රාවයය; (ඒ අසා) සුරඟන, දිව්යාංුගනාවන්: මුනිගුණ කියන, බුදුගුණ කියනවායයි; ඒ සැක සිතෙයි, සැක සිතේ.


විස්තරය; ඒ අරුමෙහි එක් පැත්තක මිනිසුන් දියනා ග්රීයෂ්මය නිවාගන්නා හොයකි. ඒ අසල තුරු මුදුන් වල පක්ෂීහු නාද කරති. ඈතින් ඇසෙන ඒ නාදයට සුර වනිතාවන් මුනිගුණ කියනවා යි නුඹට සැක සිතේ. මේ කවෙහි මුල් දෙපදයේ සම්බන්ධය ඇත. අග දෙපදය කවිය හා සම්බන්ධ නැත.



                                                   කහකුරුළු සන්දේශ වර්ණ නාව        63 

වියරණය: සිහිලඹ සිහිල් අඹ-අඹ යනු ජලයට නමකි. හොයෙක හෝ- එක් යි. හොයෙකි. මෙහි හොයෙක යයි එළි සමයට යෙදී තිබේ. එක් ප්ර ත්යයය පුල්ලංගික නාම කෙ‍රෙන් හා අ‍චෙතනික නාම කෙරෙන්ද යෙදේ. මිනිසෙක්, ගෙසෙක් ආදිය සලකන්න. රැව් - රාව ශබ්දයෙන් බිදී ආවකි.

18. රිවි තැවුලේ ගිම් දුරුවන පිරි රඹය තුරු පුව‍ලේ වලු බර පල මිහිරි රඹය මියුරුපලේ පලගෙන සිටි කැන් රඹය වෙත සියලේ එවෙහෙර සිටිනා රඹය

අන්වය: රිවිතැවුලේ ගිම් දුරුවන පිරි රඹය, තුරු ‍පුවලේ වලු බර පල මිහිරි අඹය, මියුරු පලේ පලගෙන සිටි රඹකැන්ය, එවෙහෙර වෙත සිටිනා සිය‍ෙල් රඹය..

අර්ථනය: රිවි තැවුල් ගිම් දුරුවන, හිරුරැසින් හටගත් දාහය දුරුවන; පිරි රඹය, පිරිණු දියය; වලු බරපල, වලුබරින් පලගෙන සිටි, පුවලේ තුරු විශාල ගස්, මිහිරි අඹය, මිහිරි වූ අඹගස්ය. මියුරු පලේ, පල ගෙන සිටි, මිහිරි ගෙඩි හටගෙන සිටියා වූ, රඹ කැන්ය. කෙසෙල් කැන්ය; එවෙහෙර වෙත සිටිනා සියල්ලේ, ඒ විහාරය අවට තිබෙන සියල්ලම, රඹය, කෙසෙල්ය.

හංසෙහි කෑරගල වෙහෙර

148. නිබඳ පැසී පලලඹ දෙන මිහි රඹය සුවඳ විහිද සිටි විලිකුන් කැන් රඹය නොමද තැනින් තැන වලුබර වන රඹය එමැද වෙහෙර දිලි දුරලන සසර බය

19. පැවති නොයෙක් මෙ සියල්ලෙන් එ අසාය රැකෙති නිවන් සත නිතියෙන් එ නිසාය එයති සඳුන් වැසි ගුණ දම් නො නසාය ගනිති ‍දෙලෝ වැඩ සිදු කර සකසාය


64 කහකුරුළු සන්දේශ වර්ණනනාව

අර්ථිය: නොයෙක් මෙ‍සිල්ලෙන් පැවති, නොයෙක් ආකාර මේ සියලු විසිතුරු වලින් පැවතුනා වූ; ඒ නිසාය, ඒ විහාරස්ථාන නිසා, එ අසාය, ඒ අසල වැසී; නිවන් සත, දිළිඳු ජනයා; නිතියෙන් රැකෙති, නිතර රැකෙත්; ගුණදම් නොනසාය, ගුණධර්මෙ නැති නොකොට; (ආරක්ෂා කරමින්) වැසි එයති සඳුන්, වාසය කළ ඒ හිමිතුමෝ; සකසාය. මනාකොට; දෙලෝ වැඩ සිදුකර ගනිති, මෙලොව හා පරලොව වැඩ සිදුකර ගනිත්;

විස්තරය: ඒ ආරාමය නිසා අවට සිටින දිළිඳු ජනයා තමන්ගේ යැපීම කරගනිති. ගුණ දහම් රකින ඒ හිමියෝ දෙලෝ වැඩ සිදුකර ගනිති යයි කිවියා පවසයි. ආරාමයට ඇති දේපල‍වලට සත් අලවා කල් යැවීමෙන් ඒ හිමියෝ තමන්ගේ මහණ කමට බාධාවක් කර නොගන්නා බවත්, එහි ඇති කොස්, පොල්, කෙසෙල් ආදිය නිසා අවට දුප්පත් ජනයා යැපෙන බවත් මෙයින් පැවසූ බවක් නොපෙණේද?

හංසයෙහිද 160. නොහැර සතන් සිත් තිසරණ තිල කුණුය දොසර ඔවුන් පවසන බස් විස කුණුය නිතොර නිවන් අය උන් වෙනම රැකුණුය වෙහෙර පිහිටි එ පියෙස මේ සල කුණුය

වියරණ: නිවන් සත - වස්තුව නැතියෝ. දිළි‍න්දෝ සකසාය, සක්කච්ච ශබ්දයෙන් සකස් යයි බි‍ෙඳ්.

20. නොයෙක කුසුම් පලබර තුරු නැමී ‍ ගත තැනෙක සුසැදි විසිතුරු පුදට එසු ගත අයෙක පුහුණු කරනා බණ එහි ස තත නොයෙක එසිරි සර බලමින් සිට නැ වත

අර්ථකය: තැනෙක සුසැදි, එක්තැනක මනාව හැදුණු, නොයෙක විසිතුරු, නොයෙක් අලංකාර, කුසුම් පලබර, මලින් හා ගෙඩියෙන් බරවූ: තුරු, හිස්; එ සුගත පුදට,


                                                    කහකුරුළු සන්දේශ වර්ණ නාව        65 

ඒ බුදුරදුන් පිදීමට නැමී ගත, නැමී ගොස්ය; එහි ඒ ගලගම වෙහෙරෙහි; සතත, නිතියෙන්; බණ පුහුණු කරනා, බණ පුරුදු කරන; අයෙක, සමහරුය; නොයෙන එසිරි සර, නොයෙක් ආකාර වූ එහි ශ්රීද ශෝභාව; බලමින්, නරඹමින්; සිට නතර වී නැවත, ඉන්පසු; (මතු කවියට සම්බන්ධ‍යයි.)

විස්තරය: ඒ විහාරස්ථානයෙහි මලින් හා ගෙඩිවලින් බරවී නැමීගිය නොයෙක් වර්ග යේ ගස් ඇත. ඒ නැමුණු ගස් ඉතා අලංකාර ලෙස සැදුණු බුද්ධ පූජාවකි. තවත් තැනක බුදුබණ පුහුණු කරන අය වෙති. ඔබද එහි නැවතී මේ සියලු විසිතුරු නරඹන්න. මීට සමාන වර්ණතනා අපේ සන්දේශවලද තවත් නැත්තේ නොවේ.


හංසයෙහි කෑරගල

1. නොකියා වෙන කතාය බණ කතාය කියත සඟන හිතාය නිති හිතාය නොගොසින ඉනිවතාය කර වතාය සිටිනා සත පතාය නිති පතාය

2. දිමුත් වෙහෙරට වට විසිතුරු මල් වතුය එහිත් සුවඳ මල් නිති වෙයි මිණි මුතුය මහත් තුරු මියුරු පල ගෙන නැමි අතුය රැගත් සෙවන නොහැරම සිටි පොල් වතුය

විශේෂ: ගිරාවෙහි එන විජයබා පිරිවෙන් වර්ණයනාවත් හංසයෙහි එන පද්මාවතී පිරිවෙන් වර්ණහනාවත් බොහෝ දුරට සමානය. කහකුරුලුවෙහි එන ගලගම වෙහෙර වර්ණවනය හා හංසයෙහි එන කෑගල වෙහෙර වර්ණලනාවද වචනයෙනුත් අදහසිනුත් බොහෝ සමානය. සන්දේශ කවීහු පැරණි ආරාමයත් පිරිවෙණත් ඉඳුරා වෙනස් ක්රොමයකින් වර්ණසනා කළහ. අදද එහි වෙනස එසේමය.


66 කහකුරුළු සන්දේශ වර්ණ නාව

21. අතුරු නොහැර එහි නිරතුරු සැදි පව ර මැදුරු මැද පිවිස විමසා බල එව ර උතුරු දිග පිහිටි විසිතුරු මුනි මැදු ර සොඳුරු මිතුරු ඒ දැක සිත ‍සතොස පු ර

අර්ථරය: අතුරු නොහැර, ඉඩක් නොහැර; නිරතුරු සැදි, නිතරම සැදුනා වූ; එහි ඒ වෙහෙර; පවර, උතුම්; මැදුරු මැද පිවිස, මන්දිරය මැදට ඇතුල්ව; විමසා බල, විමසා බලව; එවර, එවිට; උතුර දිග පිහිටි, උතුරු දිශාවෙහි පිහිටි; විසිතුරු, අලංකාර; මුනි මැදුර, විහාර ගෙය; (පෙනේ) ඒ දැක, ඒ විහාරය දැක; සොඳුරු මිතුරු, යහපත් මිත්රමය! සිත සතොස පුර! සිතෙහි සතුට පුරාගන්න.

විස්තරය: එහි ඉතා විශාලව සෑදු මන්දිරයක් ඇත. එහි පිවිස බැලූ කළ පිළිම ගෙය පෙනේ. එය දැක සතුටු‍වෙව යයි කවියා පවසයි. විහාරය පිහිටියේද වෙන මන්දිරයක නොව එකට තැනූ විශාල ගොඩනැගිල්ලක උතුරු පැත්තේ බව මින් පැවසේ.

වියරන: පිවිස, පිවිසීමෙහි ධාතුයි, පූර්ව ක්රි යායි. බල පුර, යනු විධි ක්රිනයායි. බල බැලීමෙහි පුර පිරීමෙහි ධාතුයි. බලව,පුරව යයි විධියෙහි ව, ප්රිත්යයය යෙදී යුතු තැන ප්රපත්ය ලෝපයෙන් සිටියේ මෙසේය. මැදුර මන්දිර ශබ්දයෙන් බිඳී ආවකි.

22. මැදුරු තුළ පිවිස විසිතුරු දැක පැහැද සොඳුරු පිළිම රූ සහ දා කරඬු වැඳ ඇදුරු යති තුමන් වැඩ හිඳ දෙසන සොඳ සොඳුරු දහම් අස තා තුන් සිත පැහැද

අර්ථරය: මැදුරු තුළ පිවිස, මන්දිරය තුළට ඇතුළ්ව; විසිතුරු දැක පැහැද, අලංකාරය දැක සිත් සතුටුව; සොඳුරු, යහපත්; පිළිම රූ සහ, ප්රැතිමා රූප හා; දා කරඬු වැඳ, ධාතු කරඬුව වැඳ; ඇදුරු යතිතුමන්, ආචාර්යර හිමියන්;


කහකුරුළු සන්දේශ වර්ණුනාව 67

වැඩහිඳ දෙසන, වැඩහිඳ දේශනා කරන: සොඳුරු දහම්, යහපත් බණ; තා නුඹ; තුන්සිත පැහැද, තුන් ස්ථානයෙහි සිත සතුටු කරගෙන; අස, අසව;

විස්තරය: ඒ මැදුරේ විහාරයෙහි පිළිම රූප හා දා කරඬුවද වේ. ඒවා වඳින ලෙස කහකුරුල්ලාට කියයි. ඉන් පසු ඇදුරු යතිඳුන් (දෙව්මිත් තෙරිඳුන්) වැඩහිඳ දේශනා කරන බණද තුන්සිත පහදා අසන ලෙස මේ කවෙන් පවසයි. තුන් සිත - යම් පිනක් කරන විට එහි අවස්ථා තුනක් වේ. පින කිරීමට පෙරය, පින කරන අවස්ථාවය. පින කර අවසන් වූ අවස්ථාවය යන අවස්ථා තුනයි. ආගමික සෑම පිනක්ම කරන විට මේ තුන් අවස්තාවේදීම සිත සොම්නසින් යුක්තව කළ යුතුය. එසේ නැතිවූවහොත් කුසල විපාකය අඩුපාඩු වෙයි.

සොඳුරු දහම්: ධර්මයය අසන විට මිහිරිය. එපමණක් නොව, යහපත්ය. මුල, මැද අග යන ස්ථාන තුනේම අසන්නවුන්ට වැඩක් සිද්ධවන හෙයින් යහපත්ය. ආදී කල්යාගණ. මජෙඣ කල්යාඩණ, පරියොසාන කල්යා ණයයි ධර්මෑ ග්ර න්ථවල දැක් වෙන්නේ එබැවින්ය.

වියරණ: පිළිම, පටිමා ශබ්ද‍යෙන් බිදී ආවකි. දා කරඬු ධාතු කරණ්ඬක ශබ්දයෙන් භින්නය. ශබ්ද බිදී ඒ මෙහිදී "ත" හට "ය" වීම සාමාන්යශ නීතියයි. පිතු, වතු ශබ්ද පිය, සියු වශයෙන් බිදෙන්නාක් මෙනි. එහෙත් ධාතු ශබ්දය දාය කියා නොසිටී. දා සිටි. මාතු ශබ්දය මා කියා හෝ මව කියා සිටී. 23. සුගත් සසුන් විල හටගනිමින් වැඩූ න මහත් දල පතර සිල් පුබුදින කුළු න සරත් මහිමි ගුණ සුවඳැති නල හම න සෙවින් ලෙවන් බිගු දම් මුවරද ලොබි න

අර්ථනය: සුගත් සසුන්විල, බුදුරජාණන් වහන්සේගේ ශාසන නැමැති විලෙහි; හට ගනිමින්, හැදෙමින්‍; වැඩුන,

68 කහකුරුළු සන්දේශ වර්ණ නාව

වැඩුනාවූ; මහත් පතර, දල සිල්, විශාලව පැතිරීගිය සිල් නැමැති පත්රි ඇති; කුළුණ පුබුදින; කරුණා නැමැති රශ්මියෙන් පුබුදින්නා වූ; ගුණ සුවඳැති; ගුණ නැමැති සුවඳ ඇති; නල හමන‍, මාරුතය හමන්නා වූ; සරත් මහිමි. පියුම් නැමැති මාහිමියන්; ලෙවන් බිඟු, ලෝකවාසීන් නැමැති බමරු; දම් මුවරද, ලොබින, දහම් නැමැති මල් පැණියට ලෝහයෙන්; සෙවිත්, සේවනය කරත්.

විස්තරය: විලක විශාල පත්රහ ඇතිව හටගත් පියුම මල් පැණියට ලොබින් බමරු සේවනය කරත්. මේ දෙව්මත් හිමියෝද බුදු සසුන් නැමැති විලෙහි හටගත් සිල් නැමැති විශාල පත්රි ඇති, ගුණ නැමැති සුවඳැති ශෝභන පියුමක් මෙන් ලෝවැසි නැමැති බමරු ආශ්රදය කරන බව මේ කවෙන් පවසයි.

වියරණ: පතර, පැතිරීමෙහි ධාතුවයි. පතුරයි, පතුරති ආදී වශයෙන් වර නැගේ. මෙය කෘදන්තයෙහි අප්රෙත්ය්ය ගෙන නිපදී තිබේ. මුවරද, මකරන්ද ශබ්දයෙන් බිදී ආවකි. සරත්, යනු පියුමට නමකි.

බිඟු - භෘංග ශබ්දයෙන් බිගුයයි බිදේ.

24. සුර ගුරු නැණ සියුන් පිවිතුරු ගුණ ගිහිනි හැර දුරු සිතකුකුස් නිති දෙසන දහමිනී ‍ නිර තුරු දෙනදනින් යුත් සුරතුරු පැමිනී ලොව්තුරු සැප ලබනු සැක කිම හිමි මෙවෙනී

අන්ථය: සියුන් නැණ සුරගුරු පිවිතුරු ගුණ ගිහිනී, නිති දෙසන දහමිනියුත් සිත කුකුස් දුරහැර නිරතුරු දෙන දනින් යුත් සුරතුරු පැමිණි‍, මෙවෙනි හිමි ලොවුතුරු සැප ලබනු සැක කිම?

අර්ථනය: සියුන් නැණ, (ඒ හිමියෝ) තියුණු නුවණින්; සුරගුරු; සුරගුරු සේය; පිවිතුරු, පිරිසිදු; ගුණ ගිහිනි, ගුණයෙන් ගහණය; සිත කුකුස් දුරහැර සිතේ කුකුස

                                                      කහකුරුළු සන්දේහ වර්ණෙනාව     69 

දුරුකර දමා නිති දෙසන දහමිනි, නිතර දේශනාකරන ධර්මකයෙන් යුත්, යුක්තය; නිරතුරු, නිතර; දෙන දනින්, දෙන දානයෙන්, සුරතුරු පැමිණි, දිව්ය් වෘක්ෂය පැමිණියාක් මෙන්ය; මෙවෙනි හිමි, මෙබඳු ගුණ‍යුත් ඒ හිමියන්; ලොවුතුරු සැප, ලෝකෝත්තර සමාපප්තිය; ලබනු ලැබීම, සැක කිම? කවර සැකයෙක්ද? (නැත්තේය.)

විස්තරය: දෙව්මත් හිමියෝ තියුණු නැණින් සුරගුරු සේය, එසේම ගුණවත්ය. සිතේ සැක දුරහැර නිතර දහම් දෙසති. නිතර ඒ හිමියන්ට දන් දෙති. ලැබීමෙන් කලප වෘක්ෂය පහළ වූවාක් මෙනි. මෙබඳු හිමියෝ නිවන් ලබාවී කියා කවර සැකද? කවියා අසන්නේ රහතන් වහන්සේ කෙනෙක් නොවේද කියායි.

සුරතුරු: කලාප වෘක්ෂ, සිතු පැතූ සම්පත් පහළ කර දෙනවා යයි සලකන ගස් පසකි. 1. සන්තානය, 2. පාරිජාතය 3. චන්දනය 4. හරිචන්දය 5. මන්දාරය යන පසයි.

ලොවුතුරු සැප: මෙහි සතරමහ හා ඵල සතරද නිර්වාූනයද ලොකොත්තර ධර්මත හැටියට ‍සැ‍ලකේ.

වියරණ: සියුන් - තීක්ෂණ ශබ්දයෙන් තියුනුයයි බිදේ සියුන් වූයේද තියුණු යන්නමය. කුකුස් - කුක්කුවව ශබ්ද යෙන් භින්නයි. සකය හා කුකුසද දෙකකි. දශ සංයෝජන වල විචිකිච්ඡා යන්නෙන් සැකය ගැනේ. උද්ධච්ච කුකුච්ච යන්නෙන් ගැනෙන කුකුස වෙන සංයෝජනයකි. සිතේ ඇති නොසන්සුන් ගතිය කුකුසයි.

25. සඳනද කර ලෙවන් පද රුත් පහළ කොට එම සඳ දෙසා සුමිහිරි දම් ඉකුත් විට ගුණ බඳ මිතුර ගොස් හිමි සිරිපා වෙ තට දිලි බැඳ බැතින් නමකර හිමිසඳ එ විට අන්වය: පද රුත් පහළ කොට ලෙවන් සඳ නද කර, එම සඳ සුමිහිරි දම් දෙසා ඉකුත් විට, ගුණ බඳ මිතුර හිමි සිරිපා වෙතට ගොස් දිලි බැඳ බැතින් නමකර සිටි සඳ එවිට,


70 කහකුරුළු සන්දේශ වර්ණබනාව

අර්ථ ය: පදරුත් පහල කොට. පදාර්ථශ ප්රැකාශකොට, ලෙවන්, ලෝවාසීන්ගේ;සඳ චිත්තය; අන්දකර, සතුටු කොට; එම සඳ එකල්හි; සුමිහිරිදම් දෙසා, අතිශයින් මිහිරි ධර්මරය දේශනා කොට; ඉකුත් විට. නිමවූ කල්හි; ගුණබඳ මිතුර! ගුණවන් මිත්රරය! හිමි සිරිපා වෙතට ගොස්, ඒ හිමියන්ගේ පා ළඟට ගොස්; දිලිබැඳ, ඇදිළි බැඳ; බැතින්, භක්තියෙන්; නමකර සිටි සඳ, නමස්කාර කොට සිටි කල්හි; එවිට යනු මතු සම්බන්ධයි.

විස්තරය: කහකුරුල්ලා ගලගම වෙහෙර මහා මන්දිරය කට පිවිසියේය. එහි උතුරුපස මුනි මැඳුර විය. මුනිමැඳුරේ පිළිම හා දා කරඬු වැඳ දුටුවේ අසුනක වැඩ හිඳ බණ දෙසන දෙව්මත් තෙරණුවෝය. මෙතෙක් කළේ හිමි වැනීමයි. බණ දෙසුම් අවසන් හී ඒ හිමියන් ළඟටම ගොස් ඇදිළි බැඳ සිරි පා වදින ලෙස දන්වයි.

පදරුත්: දෙව්මිත් හිමි දහම් දෙසුවේ පදාර්ථ දැක්වීමෙනි පාලි පදවල අදහස් ගෙන දැක්විමෙන් නොවේ. පැරණි ක්ර මය එයවිය. අසුන් දෙකේ බණ කියන විට එක නමක් පෙළත් අනික් නමක් පදාර්ථ්යත්, ඉතිරිනම, අටුවාවත් කියති පද අනුවගිය අර්ථ් දැක්විමෙන් පෙළෙහි ආ අදහස් නො‍බිදේ. යන්න ක්රථමය ඇත්වූයේ මෙසේය. ඉතාලිහිල් පොත්වලට පවා සන්න භාවිතය පිරිවෙන් සිසුන් අතර පවතී. යුරෝපීය අධ්යායපන ක්රබමයට අනුව එයට දොස් නගතත් එහි එක්තරා වටිනා කමක්ද ඇත.

ඇදිලිබැඳ, අඤජලිං බන්ධිත්වා යන පාලි ශබ්දයෙන් බිදී ආවකි. දෙ අත්පුටයඑක් කොට නළලමත තබා හිටිවනම වැඳීමයි. වැඳීම නොයෙක් අයුරුය. පසඟ පිහිටුවා වැඳීම, දණ්ඩ නමස්කාරය ආදී වශයෙනි.

සඳ - මෙහි සඳ ශබ්දය සිත යන අරුත්හි යෙදේ 2 වැනි කවේ වියරණ බලන්න.



                                             කහකුරුළු සන්දේශ වර්ණ නාව      71 

26. එහිමි පද තඹර නිය රැස් ගහ විපුල පැමිණි සඳ තසිත තුටු වදනින් සිහිල ලදිනි මද වේය සිහි මපුවත එකල තදිනි මද කලක් වැස සිහිව ම තෙපල

අන්වය: එහිමි පද තඹර විපුල නියරැස් ගහ පැමිණි සඳ, තසිත තුටු වදනින් සිහිල ලදිනි, එකල මපුවත සිහි මදවේය, නිදිනි මද කලක් වැස සිහිවම තෙපල,

අර්ථවය: එහිමි පද තඹර ඒ හිමියන්ගේ පා නැමැති නාමර‍සයෙහි; විපුල, මහත්; නියරැස් ගඟ, නියරැස් ගංඟාවට; පැමිනි සඳ, පැමිණි කල්හි; තසිත, ඔබගේ සිත, තුටු වදනින්; සතුටු වචනයෙන්; සිහිල ලදිනි, සිහිල ලදුවෙන්; එකල, එකල්හි; මපුවත, මගේ සන්දේශ ප්රහවෘත්තිය; සිහිමද වේය, අමත‍ක වේ; නදිනී සතුටින් මදකලක් වැස, ටිකවේලාවක් සිට. මතෙපල සිහිව, මගේ වචනය සිහිකර ගෙන!


විස්තරය: ඒ හිමියන්ගේ පා ළඟට ඔබ ගියකල ඒ හිමියෝ සතුටු සාමිචි කතා කරති. ඉන් තොපසිත සතුටු වේ. මගේ සන්දේශය අමතක වේ. ටික වේලාවක් සිට එය නැවත සිහිකර ගන් නැයි කියයි. මෙහි නිදනි යන්න නාද කරමින් යයි අරුත් ගැනීමට ද ඉඩ තිබේ. එහෙත් එබන්දක් මෙතෙනට සුදුසු සේ නොපෙනේ. මේ සන්දේශය නිකුත් වන්නේ ගපගම වෙහෙරිනි. සන්දේශ කර්තෘඑ දෙව්මිත් තෙරිඳුගේ ශිෂ්‍එබයෙකි තමන්ගේ වෙහෙර ගැනත්, තම ඇඳුරු හිමියන් ගැනත් කළ වර්ණේනය ආත්ම වර්ණරනයක් යයි සිතීමට ඉඩ ලැබේ. කඳවුරු කුලයෙහි රහල් හිමියෝද කළ ආත්ම වර්ණණනය සිහි කරන්න. කහකුරුළු කර්තෘ ද එම කුලයෙහිම බව තම ඒ අවසන් කවියෙන් පවසයි. එක කුලයෙහි ඇත්තෝ එකසේ නොවන්නේද?

වියරන: පදම තඹර - පදතඹර- වෙසෙසුන් සමස් නියරැස් ගඟ නියරැස් ගඟ

පද තඹරෙහි නියරැස් ගඟ - පද තඹර නියරැස් “ගඟ, විබත්” සමස්. 72 කහකුරුළු සන්දේශ වර්ණ්නාව

27. වන්නේ ගුණ හිමිවෙත පසෙක සිට ගෙ න බන්නේ ඔබගෙ සිරිපා ස‍වනෙහි වැඩු න අන්තේ වාසික තෙරිඳුගෙ මෙහෙවරි න බන්නේ යමි කිවා සැල කර මෙ ලෙසි න

අර්ථේය: වන්නේ ගුණ, ගුණවත්; හිමි වෙත, ස්වාමීන් වෙත; පසෙක සිට ගෙන; එක් පසෙක සිටගෙන; බන්තේ ස්වාමිනී! ඔබගෙ ඔබගේ; සිරිපා සෙවෙනෙහි; පා ඇසුරෙහි; වැඩුන, වැඩුනා වූ; අන්තේ වාසික තෙරිඳුගෙ, අතවැසි තෙරිඳුන් ගේ; වෙහෙයරින, නියමය පරිදි; බන්තේ යමි කියා, ස්වාමීනී! යන්නෙමියි කියා; මේ ලෙසින, මේ කියු ආකාරයෙන්; සැලකරව! දන් වව!

විස්තරය: වන්නේ ගුණ, ගුණවත් යන්න එළිසමය රැකගැනීමට මේ යෙදූ සැටිය.

මෙහෙවර පණිවුඩ පනත් ඉටු කිරීම, බැල මෙහෙවර මෙ‍හෙකොට, මෙහෙය ආදිය සලකන්න.

බන්තේ, භනෙත යන පාලි ශබ්දය තත් සම වශයෙන් යෙදූ සැටිය. සනේත යනුද සන්තේ, යයි යෙදිනි.

28. මතුරු නව ගුණය තෙරුවන් මෙනෙහික ර මිතුරු දෙව් යතිඳු වැඳ රැගෙන අවස ර පතුරු වන ලෙසට තොප යස තෙදිය තු ර යතුරු කර මබස ගෙන සතොසින් මිතු ර

අර්ථුය: තෙරුවන් මෙනෙහි කර, රත්නත්රොය සිහිකර, නවගුණය මතුර, බුදුගුණ නවය සිහි කරව! දෙව්මිතුරු, යතිඳු වැඳ, දෙවමිත්රය; හිමියන් වැඳ; අවසර රැගෙන, ගමනට අවසර ඉල්වා ගෙන; තෙදියතුර, තුන්ලෝකයෙහි; ‍තොපයස; තොප ගේ කීර්තිය; පතුරුවන ලෙසට; පතුරුවන ලෙස; මිතුර! මිත්රොය! මබස ගෙන, මගේ වචනය (සන්දේශය) ගෙන; සතොසින්, සන්තෝෂයෙන්; යතුරුකර, ගමන් කරව!

                                                     කහකුරුළු සන්දේශ වර්ණගනාව       73

විස්තරය: නවගුණ මන්ත්ර ය මතුරා තෙරුවන් සිහිකිරීම බෞද්ධයන්ගේ සිරිතකි. සැප දුක, භය ආදී සැමවිටම "ඉතිපි සෝ භගවා" ආදී නවගුණ මන්ත්රකය සිහිකරති. මෙහිද ගමනට පෙර එය සිහි කරන්නට දන්වයි. එසේම, මෙබඳු උසස් ක්රිියාවක යෙදුන කහකුරුල්ලාගේ කීර්ති‍ය තුන් ලොවම පැතිරෙයි. අනික් ගිරා, හංස, කොවුල් ආදී සන්දේශ භාරකයන් ‍මෙන් ශ්රේ ෂ්ඨත්වයට පත්වෙති. සන්දේශ භාරකයාට ලැබෙන ප්රකයෝනය එයයි.

තෙසියතුර: මෙහි තෙදිය යන්නෙන් ස්වර්ග්, මර්ය්ශ භ, පාතාල යන ලෝකත්රුය ගැනේ.

වියරණ: යතුරු යාත්රාි ශබ්දයෙන් බිඳී ආවකි. මතුරු මිතුරු සතුරු ආදියද සලකන්න.

29. දිලෙන සාමඩුලු නිල් මේ කුළක යු රු විහිදී රන් කිරණ පිපි කුසුමින් සොඳු රු දැදිරිමිණි කුසුන් තොපගන එක අයු රු කුරුලිඳු යෙහෙන් හිඳ කිණිහිරි තුරෙක ස රු

අර්ථලය: දිලෙන, බබලන; සාමඩුලු, ශාඛා මණ්ඩලය, නිල් මේ කුලක අයුරු, නිල්වන් වළාකුළක් බඳු, සොඳුරු, පිපි කුසුමින්, මනහර පිපුනා වූ මල්වලින්; රන්කිරණ විහිදී, රන්වන් රශ්මිය විහිදුනා වූ; මිණි දැදිරි කුසුම්, මිණිමුතු මල් (ද); තොප ගත, නුඹගේ ශරීරයද, එක අයුරු, එක් බඳුය; කුරුලිඳු, කුරුළු; (එබඳු) සරු කිණිහිරි තුරෙක, සරුවට වැඩුණු, කිණිහිරි ගසෙක; යෙහෙන් හිඳු, සැපසේ හිඳුව!

විස්තරය: බබලන අතු පතර නිල් වළාකුළක ශෝභාව දරයි. පිපුණු මලින් රන් රැස් විහිදෙයි. අඬක් පිපුණු මල්ද ඔහුගේ ශරීරයද එක්වන්නේය. එබඳු කිණිහිරි ගසක සිටින්නට කියයි.

වියරණ: සාමඬුලු - සාඛාමණ්ඩල, ශබ්දයෙන් හින්නයි. මිණිදැදිරි - මිණිය නම් මල්වල පිටතින් මල වසාගෙන 74 කහකුරුළු සන්දේශ වර්ණනනාව

තිබෙන නිල්පාට කොපුවයි. මල ඉහිරීමේදී එය දෙදෙරා යයි. මිණි දැදිරි වීම නම් එයයි. මිණිමුතු, කුසුම්, මිණිදැදිරි කිරීමෙන්, ආදියද සලකන්න.

විශේෂ: වැදගත් ගමනක් පිටත්විය යුත්තේ සුබ නැකතකිනි. පෙරදින වැඩිහිටියන් වැඳ අවසර ගෙන එදින රාත්රිේ එහි කිණිහිර ගසෙක ලැග පසුදින නැකතින් පිටත් වන සැටි මතු කවෙන් පවසේ.


සන්දේශය රැගෙන නික්මෙයි.

30. සුබ මොහොතින් ගුරුදින රිවි උදාක ල කුමරි රැසින් තුරු සල නැකතින් ලක ළ නුඹ නැගෙනමින් සිහිකර දෙවිඳු තොප කු ල යනු මෙලෙසින් සුබ මග පෙර නිමිති බ ල

අර්ථමය: ගුරුදින රිවි උදාකල, ගුරු දිනයෙහි අලුයම; කුමරි රැසින්; කන්යාෙ රාශියෙන්; තුරුසල නැකතින්, උතුරු සල නැකතින්; සුබ මොහොතින්, ශුභ වූ මොහොතින්; තොපකුල දෙවිඳු සිහිකර, තොපගේ කුල දේවතාවන් සිහි කරගෙන, නුඹ නැගෙමින්, අහසට නගිමින්; යනු ගමන් කරනු; මෙලෙසින්, මෙහි දැක්වෙන අයුරින්; යලි, නැවත; පෙරමග, ගමනෙහි පළමුව, නිමිති බල, සුබ නිමිති බලව.

විස්තරය: මේ කවෙන් කහකුරුල්ලා පිටත් වූ සුබ මොහොත දැක්වේ. ගුරුදින අලුයම කන්යා රාශිය උදා වූ කල උතුරු සල නැ‍කතේ සුබ මොහොතින් කහකුරුලු පිටත් වූ බව මින් පැවසේ.

ගිරාවෙහි - කුමරි රැසින් කිවි සුරගුරු සිටි නොහැ ර මිතුර තොසින් වැඩු සිහිකර මෙත් සුතු ර

සැළයෙහි - උදේ සැපත් සුරගුරු අළු කර අවට ස‍ඳේ මුදුන් පත අස්විද නැකත සිට

                                           කහකුරුළු සන්දේශ වර්ණනනාව        75 

පරෙවි - දින කර දින හතය සොමි ලදැරි ලග තුරු පතවර නැමැද තෙරුවන් සිතිනි පිවි තුරු

කොවුල් - පෙර ‍ගිරගින් නුඹ මිණි පැමිණෙන උදුල අරතර එමොහොතින් ඉදිරිසී උදා කල

මයුර - ගහන් වියනැ වියැකෙත සිටි තැනි නි වහන් කරන මල් මුවරද සල් හිසි නී පහන් සදෙහි රිවි කැන් උදයගර සි නී පහන් සඳින් වජු අම්බුලුවා කඩි නී

31. සුලකල දවල කුසුමන් පිරි කුඹු සිසි ල මනකල නිමල කුමරිය පිය බස් තෙප ල තුටු කල උදුල සේසත් ගජ හය දව ල යනකල විපුල සුබ මේ ලකුණු මිතුර බ ල

අන්වය: මිතුර යන කල, සුලකල දවල කුසුමන් සිසිල පිරිකුඹු මනකල නිමල කුමරිය, පිය බස් තෙපල තුටු කළ, අදුල සේ සත් දවල ගජහස විපුල මෙ සුබ ලකුණු බල!

අර්ථ ය: මිතුර! යනකල, මිත්රසය! යන කල්හි; සුලකල දවල ලක්ෂණ සුදු: කුසුමන්ද; මල්ද; සිසිල පිරි කුඹු, ජලය පිරුණු කළද; මනකල නිමල කුමරිය, යහපත් නිමල් කතුන්ද; පියබස් තෙපල, මිහිරි වචනද; තුටුකළ, සතුට ගෙන දුන්; උදුල සේසත්, බබලන සේසත් ද; දවල ගජ හය, සුදු ඇතුන් හා අශ්වයන් ද යන විලුල මෙ සුබලකුණු, මහත් මේ සුභ ලක්ෂණ; බල? බලව!

විස්තරය: යහපත් ගමනක් යන විට ශුභ නිමිති බැලීම පෙර සිරිති. සියලුම සන්දේශකරුවෝද තම දූතයන්ට සුබ නිමිති බැලීමට කීහ.


76 කහකුරුළු සන්දේශ වර්ණ නාව

ගිරාවෙහි, විලඳරැඳුණු මි අඹ පල රසැ තී සොඳව පැසුණු දෙළුමුදු දිගු උගු කැම තී ගෙන එන තුරුණු කොමළඟ ළඟ පැවැ තී නයන දකුණු දිග මග මග පෙර නිමි තී

සැළයෙහි - නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඩි පුල හෙල කුසුම ලිය පියතෙපල රන් කෙඩි සල සුදු සෙමර සේසත් ගිජිඳු නොද වැඩී බල සුබ නිමිති පෙර මග නැකතටත් වැඩී

වියරණ - පිරිකුඹු- පූර්ණී කුම්භ ශබ්දයෙන් බිඳී ආවකි. උදුල, උජ්චලිත ශබ්දණයෙන් භින්නයි. සේසත්, ශ්වේත ඡත්ර් ශබ්දයෙන් භින්නයි.

32. අතුරු නුඹ පිවිස කුළුණෙන් වඩා පෙම පතුරු වා දියත තොප යස මනෝ රම එතුරු රුව් මෙනෙව් සිඳු ගොස දැන නියම මිතුරු බලව විසිතුරු ඕ කෑර ගම

අන්වය: කුළුණෙන් පෙම වඩා ‍මනෝම තොප, යස දියත පතුරුවා නුඹ පිවිස අතුරු එතුරු රැව් මෙනෙව් සිඳු ගොස නියම දැන මිතුරු ඕ කෑර ගම විසිතුරු බලව!

අර්ථිය: කුළුණෙන් පෙම වඩා, කරුණාවෙන් ප්රේ මය වර්ධ්නය කර ගෙන, මනෝරම තොප යස යහපත් තොපගේ කීර්තිය; දියත පතුරුවා, ලෝකයෙහිම පතුරුවා; නුඹ පිවිස අතුරු, අහසට පිවිසියාට පසු; එතුරු රැව් මෙන් එව් ඒ තූර්ය්තො නාදය මෙන්; සිඳු ගොස නියම දැන, සාගර ඝෝෂාව නියමව දැන ගෙන; මිතුර! මිත්ර ය! ඕ කෑරගම විසිතුරු බලව! ඕ කෑරගම නම් ගමෙහි අලංකාරය බලනු මැනවි.

විස්තරය: නැකතින් පිටත් වූ කහකුරුල්ලා පෙර මග සුබ නිමිති බැලූ ඉක්බිමති දක්නට ලැබෙන්නේ ඕ කෑර

                                       කහකුරුළු සන්දේශ වර්ණනනාව    77 

ගමයි. එහිදී ඔහුට සයුර බඩ යන හෙයින් ‍සාගර ඝෝෂාව ඇසෙයි. එය තූර්ය් නාදය යයි වරදවා නොගන්නා ලෙස කියයි.

වියරණ: කුළුණු සද කරුණා ශබ්දයෙන් බිඳී ආවකි. තුරුරැව්, තූර්ය් රාව, ශබ්දයෙන් භින්නයි. මෙහි තූර්ය්් නම් සංගීත භාණ්ඩයි.

33. නිලඹ පෙනෙයි නිලඹට සුරතින් බැර ම සුරඹ මිණි මෙවුල් මුහුලස වෙනි හෙළු ම ලතඹ වතුරු රළ අතින් වැළදි තිබ ඳ ම නරඹ සීනි මෝදර වැල්ලේ ම ඩ ම

අන්වය: නිල ඔට සුරතින් බැරම නිලඹ පෙනෙයි. සුරඹ මණි මෙවුල් මුහුලස හෙළුම වෙනි, ලතඹ වතුරු රළ තින් නිබඳම වැළඳී සීනිමෝදර වැල්ලේ මඩම නරඹ!

අර්ථමය: නිල ඔට සුරතින්, නුඹ යන මග හමුවන නිල්දිය ඇති ගඟට දකුණත් පසින්; බැරම නිලඹ පෙනෙයි, ඉතා විශාල වූ නිල් සයුර පෙනෙන්නේ ය; (එය) සුරඹ, දෙව්ගනන්, මිණි මෙවුල් මුහුලස, මිණිමය මෙවුල්දම් හා කේශ කලාපය; හෙළුම වෙන් (එකවිට හෙලුවක් වැනිය; නිඹද, නිතරම; ලතඹ වතුරු, අලුත් වතුර; රළ අතින් වැළඳි, රළ නැමැති අතින් වැළඳ ගත්; සීනි මෝදර වැල්ලේ එනම් ස්ථානයෙහි මුහුදු වැල්ලේ වූ; ‍මඩම, අම්බලම; නරඹ, බලව:

විස්තරය: සීනි මෝදරින් මුහුදට වැටෙන හොයක් ඇත. ඒ ඔයට දකුණත් පසින් නිල් මහ සයුර පැතිරී ඇත. ගඟද, මුහුදද නිල්පාටමය. කවියා කියන්නේ නිලට පැතීරී ඇත්තේ සුරඟනුන්ගේ මුහුලස බඳු සයුර යයි ද නිල්වන් ජලය ඇති හොය සුරඟනගේ මිණි මෙවුල වැනි යයිද කියයි. එය මුහුලස හා මිණිමෙවුල එක විට හෙලීමක් වැනිය යිද මින් පැවසේ.



78 කහකුරුළු සන්දේශ වර්ණසනාව

වියරණ - නිලඹ - නිල් අඹ නිලඹ -අඹසඳින් ජලය ගැනේ. සුරඹ, සුරා මඩිකා සඳින් අවකි.

හෙලුම, හෙල හෙලීවෙහි ධාතු, උම් ප්රුත්ය්යෙන් සිද්ධ වූ භාව කෘදන්ත පදයකි.

මිණිමෙවුල - මණි මෙඛලානම් ස්ත්රී ආභරණයකි. පැරණි ස්ත්රී හු මෙය පැළඳුහ. අදත් දඹදිව ඒ සිරිත පවතී. මෙය රන්රිදී මැණික් ආදියෙන් කිරීම සිරිත.


ලතඹවතුර - වැලි වට අලුත ගං හෝ වල දිය බොරවීම නිසා ‍තඹවන් වේ. වතුර සඳින් ප්ර වාහය කියවේ. ගංවතුර ආදිය මෙනි. "තඹවතුරෙව් තුරු බිජු රැදි නුඹ කෙතට" ගුත්තිලය.

34. නිල දෙහ යුතු සමුදුර සිරි නොමි න තුල දවල වෙරළින් පිය විලි සෙයි න ලීල නොව එමග සත නිතියෙන් ‍යනෙ න සාල සිරිනි සිලි පත පෙර දිග තය න

අන්වය: සිරි නොමින නීලදෙහ යුතු සමුදුර පිය විලි සෙයින තුළ දවල වෙරළින් ලීල නොව එමග නිතියෙන් යනෙන සත තයත පෙරදිගපත සාල සිරින් ඉසිලි.

අර්ථිය: සිරි නොමින, ශ්රීෙයෙන් අඩු නොවූ, නිලදෙහ යුතු, නිල්වන් සිරුරක් ඇති; සුමදුර, සාගරය; පියවිලි සෙයින්, පාවාඩසේ; (සුදු) වෙරළින්, මුහුදු වෙරළින්; ලීල‍නොව යනෙන, ලීලාවක් නැතිව; එමග; ඒ මාර්ගයෙන් යනෙන සත, යන එන මනුෂ්ය; යන් ඇති; තයන පෙරදිග, පත නුඹයන නැගෙන හිරි මාර්ගය; සාර සිරින් ඉසිලි, සාර වූ ශෝභාවෙන් යුක්ත වේ.


                                              කහකුරුළු සන්දේශ වර්ණෝනාව     79 

විස්තරය: සාගරය නිල්වන්ය. වෙරළෙහි ඇති මහත් වැලි තලාව පාවාඩ සුදු පාටය, එහි සයුර බඩ නිතිර මිනිසුන් යති; ඒ නුඹයන පෙරදිග මාර්ග ය සාර ශෝභාවෙන් යුක්ත වේ.

සාල සරින් - සාර සිරින් යයි කියයුතු නැත එළිසමය සඳ මා සාල යයි යොදා ඇති බව සැලකිය යුතුයි.

වියරණ: පත - ශබ්දය ශරීරය; දළුව, ආදී නොයෙක් අරුත්හි යෙ‍දේ. මෙහි පන්ථ ශබ්දයෙන් බිඳුණු පත සඳ මාර්ග ය යන අරුත්හි යෙදී ඇති බව පෙනේ. තුළ, ස්ථුල (සං)

35. කලා සපිරි සඳ මෙන් වත බැබ ලීය තලා සපිරි පිරියොවුරු හස බැඳ ලීය ලොලා කෙළින වරගන සිරි නිසි ලීය බලා කදුරු පොකුණෙන් යව නොමැ ලීය

අර්ථකය: කලා සපිරි, කලාවෙන් පිරුණු; සඳමෙන්, චන්ද්රේයාමෙන්; වත බැබලීය. මුහුණු ශෝබමාන විය, සපිරි පියොවුරු හස පුන් පියොවුරු නැමැති හංසයෝ; තලා බැඳලීය, තදකර බැඳගෙන ඇත්තේය; ලොලා කෙළින, ආශාවෙන් ක්රීබඩා කරන; වරගන, උතුම් කාන්තා‍වකගේ; සිරි නිසිලීය, ශෝභාව ඉසිලීය; (එබඳු සිරිය ඇති ඒ ස්ථානය) බලා, දැක; නොමැලීය, මැළි නොවී; කඳුරුපොකුණෙන් යව, කඳුරුපොකුණ නම් ස්ථානයෙන් ගමන් කරව!


විස්තරය: කඳුරු පොකුණ වරගනකගේ ශෝභාව ඉසුලූ සැටියක් මේ කවෙන් කවියා පවසයි. වරගන ගේ මුහුණ කලාවෙන් පුන් සඳ‍ෙස් බබලයි. පොකුණද එසේ මය. වරඟන තම පුත් පියොවුරු මහත් බැවින් තදකොට තරයේ බදියි. පොකුණේ ද හංස නැමැති පරයෝධර ඇත්තේය. මේ නිසාය කදුරු පොකුණ වරගනකගේ ශෝභාව දැරුයේ.


80 කහකුරුළු සන්දේශ වර්ණ නාව

කලා සිපිරි: චන්ද්ර යාගේ ර්ෂාකඩෂ කලාවක් ඇත. අව පක්ෂයෙහි සඳ දිනෙන් දින කලාවෙන් කලාව පිරිහෙයි. පුර පක්ෂයෙහි සඳ වැඩෙයි. පසළොස්වක දින සඳ කලාවෙන් සම්පූර්‍ රය. කලා සපිරි හඳයයි කී සේ පුණු පෝහෝදා සඳටය.

තලා: සපිරි පියුවුරු හස තලා යයි ගත යුතුයි. පියොවුරු පිරි පුන් බැවින් තන පටින් තරයේ තද කර බැඳීම සිරිතකි. අද තන පට නැතත් සැට්ටයෙන් තරයේ තද කර අඳින්නා‍ සේය.

වරඟන : වරඟන සඳින් වෙශයාී ඬගනාවන් හා උත්තසංගනාවන්ද ගැනේ. මෙහි වෙශ්යාං ගනාවන් ගැනීම සුදුසුය.

36. මගතුරු සරනු දුටුවන් මන් තුටු වන් ඩ නිරතුරු කියන ලිය ලිය ගී ඇසූ වන් ඩ ලියතුරු වෙතට පත්වුව නොයෙදෙයි යන් ඩ මමිතුර පල්ලි කුඩ මෙන් යාගන් යන් ඩ

අන්වය: මගතුරු සරනු දුටුවන් මන් තුටුවන්ඩ නිරතුරු ලිය කියන ලිය ගී අසුවන්ඩ ලියතුරු වෙතට පත් වුව යන්ඩ නොයෙදෙයි. මමිතුර! පල්ලිකුඩමෙන් යන්ඩ යාගන්.

අර්ථිය: මගතුරු සරනු දුටුවන්, මාර්ගරයෙහි හැසිරීම කරනු දුටු අ‍යගේ මන් තුටු වන්ඩ, සිත් සතුටු වීමට; නිරතුරු, නිතර; ලිය කියන, අඟනුන් කියන; ලිය ගි අසුවන්ඩ, ලිවාන්විත ගීතය ඇසූ අයට, ලියතුර වෙතට පත්වුව, ලිය ගොමුවලට ගිටහොත්, යන්ඩ නොයෙදෙයි, යන්නට නොහැකි වෙයි; එබැවින්, මමිතුර! මගේ යහළුව! පල්ලිකුඩවෙන් යන්ඩ යාගන්, යන්නට යන්න.;



                                                     කහකුරුළු සන්දේශ වර්ණටනාව       81

විස්තරය: පල්ලිකුඩ මේ වෙසෙඟනුන් ඇත, ඔවුහු මග යන අයට සතුටු වීමට ලිය ගී කියති. ගීත නාදය අසා යමෙක් එතනින් වන ලැහැබට ගියහොත් ඔවුන් වෙසඟනුන්ගේ වසඟයට පත්වෙති. එබැවින් නුඹ එහි පමා නොවී වහාම එතනින් යන්නැයි කහ කුරුල්ලා කියයි.

37. නොහල කුදිටු එපවිටු පස මිතුරන් ට අසල විය නොදෙනු මැන නෙක විරිඳුන් ට ලකල කළ එපුර වියවුල් වල කන් ට විපුල තුඟු පවුර නරඹා යව යන් ට

අර්ථලය: කුදිටු නොහළ, මිත්යාකදෘෂ්ටිය අත නොහැරි; එපවිටු, ඒ පාපිෂ්ඨ වූ; පස මිතුරන්ට, විරැද්ධ කාරයන්ටද, නෙක විරිදුන්ට, නොයෙක් විරුද්ධ කරුවන්ටද; අසල විය. ළං වීමට; නොදෙනු මැන, ඉඩ නොදීම මැනවැයි; වියවුල් වළකන්ට, ආරවුල් වැළැක්වීමටද. එපුර, ඒ පු යෙහි (පල්ලි කුඩමෙහි) ලකල කළ. මනා ලෙස කලා වූ; විපුල තුගු පවුර, මහත් උස් ප්රාිකාරය; නරඹා, බලා යන්ට යව; ගමන් කරව!

විස්තරය: පල්ලි කුඩමෙහි මහත් ප්රානකාරයක් වෙයි. එය කරවූයේ අදහස් කීපයක් නිසාය. මිත්යා දෘෂ්ටිය අත නොහැරි පාපී විරුද්ධ කරුවන්ටත්, එබඳු තවත් විරුද්ධ කරුවන්ටත් ඇතුල්වීමට නොදෙනු සඳහා සහ ඒ නගරයෙහි හටගන්නා අවුල් වියවුල් වැළැක්වීමත් සඳහාය.

වියරණ: කුදිටු, පවිටු ශබ්ද කදිට්ඨ, පාපිට්ඨ ශබ්දයන්ගෙන් බිඳුණු ශබ්දයි.

විරිදු: විරුද්ධ ශබ්දයෙන් විරිදු යයි බි‍ෙඳ්. පසිඳු ආදිය ද සලකන්න. තුඟු, තුඬග ශබ්දයෙන් බිඳුනකි. රඟ, දඟ, තරඟ ආදියද සලකන්න.

පවුර: පාකාර සදින් බිඳුනකි.

නරඹා - යනු පූර්වන ක්රිියාවකි තරඹ නැරඹි මෙහි ධාතුයි ආ ප්රනත්ය යයි.


82 කහකුරුළු සන්දේශ වර්ණපනාව

පාරු පොකුණ මෙසේ වර්ණ නා කරති.

38. පසා රයෙන් තොපයන කල ගුවනින් ද ගසා තරග බබලයි පිරි සිලිලින් ද නිසා පාරු පොකුණැයි දැන ලකුණෙන් ද කසා කුරුළු වැද සර සිය වෙත නන් ද

අර්ථකය: පසාරයෙන්, පියාවිදහා ඉගිලෙමින්; ගුවනින් ද, අහසින් පවා: තොප යන කල, තොප යන කල්හි; පිරි සිලිලින් ද පිරීගිය ජලයෙන්ද, (යුක්තව) තරග ගසා බබලයි, රළ ගසා දිලෙයි; නිසා, එබැවින් ලකුණෙන්ද, ලකුණු වලින්ද, පාරු පොකුණයයි දැන, පාරු පොකුණයි දැන ගෙන; කසා කුරුළු කහකුරුළු (නුඹ) නන්ද සරසිය වෙත, සතුට ගෙන දෙන පොකුණට වැද, පිවිස,

විස්තරය: අහසින් පවා නුඹයන විට ජලයෙන් පිරී රළ නැගී දිලෙන පාරු පොකුන පෙනෙයි. මේ කියු ලකුණු අනුව එය දැන එයට බසින්නට කහ කුරුල්ලාට කියයි.

වියරණ: පසාරයෙන් - ප්රනසාරණ සදින් බිඳී ආවකි. මෙහි ප්රදසාරණ නම් පියාපත් දිග හැරීමයි.

බබලයි බබල බැබලීමෙහි ධාතුයි. අ, ඒ විකරණයගෙන වර නැගේ, බබලයි, බැබලෙයි.

සරසිය: තන්සම ශබ්දයකි. සරසි ශබ්දය විල් වාචකයි.

39. පැහැදුල් නිමල් සුවිපුල් එහි සිසිල පිට කෙළිලොල් එකල් ඉපිළී පිළි වෙමින් තුට වියවුල් සියල් නොව වන මින් කැල සතු ට බලලොල් එකල් තගෙ යුගනෙත යොමා සිට

අර්ථලය: පැහැදුල්, පැහැයෙන් බබලන; නිමල්, නිර්මල; සුවිපුල්, විශාල වූ; එහි සිලිල පිට, ඒ ‍පොකුණේ ජලය මතු පිට; කෙළිලොල් එකල්, ක්රීමඩාවට ආශා වූ ඒ අවස්ථාවෙහි; ඉපිළි ඉපිළි, පාවෙවී; තුට වෙමින් සතුටු වෙමින්; වියවුල් සියල් නොමවන, කිසිදු අවුලක් සිදුනොවන; සතුට මින්

                                                  කහකුරුළු සන්දේශ වර්ණනනාව         83 

කැල සතුටින් වසන මාළු රංචුව; එකල්, එකල්හි; තගෙ, නුඹගේ; ලොල් යුගනෙත යොමා, සිට, ලොල් වූ ඇස් දෙක යොමු කොට සිට; බල, බලව!

විස්තරය: ඒ පොකුණේ ජලය පිරිසිදුය පොකුණද විශාලය. එහි දිය පිට පිහින පිහිනා ක්රී ඩා කොට සතුටු වන ලෙස දන්වයි. එපමණක් ද නොව එමි සතුටින් වසන මත්ස්යණ සමූහයා ද ඇස හැර ආශාවෙන් බලන්නට කියයි.

වියරණ: ඉපිළි පිළි, ඉපීලී+ඉපිළි - මිශ්රඑ ක්රිඹයායි. මෙහි පූර්වශ ක්රි්යාව ද්විත්ව වීමෙන් සෑදී තිබේ. ඉපිර දාධාතුයි.

40. වෙත පැමිණෙන දන කැන් නිසි නිසි සෝ ය තුට වඩවන ගවමී වැසි වස් සෝ ය ගත සරතැස මුදමින් සිහිලැස් සෝ ය සිටි කොමලඟ උනුනට දිය ඉස් සෝ ය

අන්වය: නිසි නිස් සේ, නිතරම; වෙත පැමිණෙන, පොකුණ වෙත පැමිණෙන; දන කැන්ය, මිනිසුන් සමූහයා, තුට වඩවන, සතුට ගෙන දෙන; ගව මී වැසි වස්සෝය, එල මී වස්සන් හා වැසියන්‍ ය. සිහිලැස, සිහිල් ජලයෙහි; ගත සර තස මුදිසින් සිටි, ශරීරයෙහි. සංතාපය දුරු කරමින් සිටයාවු; තොමලඟ සියුමැලි කාන්තාවෝ උනුනව, ඔවු‍නනොවුන්ට; දසි ඉස්සෝය, වතුර ඉස්සා හුය.

වියරණ: නිසි නිස්සෝය, මෙහි විය යුත්තේ නිසි නිස් සේය කියායි. එහෙත් එලිසමයට මෙසේ යොදා තිබේ. නිසි තිස්සේ, රිස් රිස්සේ, ආදී තැන්වල මෙන් ව්යෙවහාර සිංහලේ ඇතැම් ශස්බද ද්විරුකත්වී තිබේ. මෙහිදී එසේය.

වැසි වැස්ෙසෝ: වස්සා, වැසිස්ය යයි හරකුන් ගේ පිරිමි සතුන්ට හා ගැහැණු සතුන්ට ව්ය වහාරවේ. ගොන් වස්සා මීවස්සා, ඵල වැස්සී, මී වැස්සී ආදී වශයෙනි. සාමාන්යේයෙන් පැටියා යන තේරුමට යොදතත් මෙහි යෙදී අත්තේ පැටියා සඳහා නොවන බව සැලකිය යුතු. 84 කහකුරුළු සන්දේශ වර්ණැනාව

41. සිටි නඹුවන් සැදි වෙත පොකුණ තේයා පිළි බිඹුවන් සිලිලින් දුටු මතේයා එවි ලඹුවන් සමගින් කෙළි මතේයා උර නඹුන් පත් වුව මෙන් සිතේයා

අර්ථඹය: පොකුණතේයා වෙත, පොකුණ සමීපයෙහි; සැදි, පේලි සැදී; සිටිනඹුවන්; සිටින කාන්තාවන්ගේ; පිළි බිඹුවන්, ඡායාවන්; සිලිලින්, ජලයෙන්; දුටු මතේයා, දුටු පමණකින්; කෙලි මතේයා, ක්රි වා වෙන් මත්ව; එ විලඹුවන් සමගින්, ඒ විල්කතුන් සමග, උරනඹුන්, නාග කන්යානවන් පත්වුව මෙන්, පැමිණියාක් මෙන්; සිතේ යා, සිතේ;

විස්තරය: පොකුණ අසල වනිතාවෝ පෙළ සැදී සිටිති. ඔවුන්ගේ පිළිබිඹු ජලයෙහි පෙනේ. ඒ දුටුවන්ට සිතෙනුයේ කෙළිමතින් මත්ව නාග කාන්තාවෝ විල් කතුන් සමග එක්ව සිටිනා සේය.

වියරණ: අඹුවන් අම්බිකා ශබ්දයෙන් අඹු යයි බි‍ෙඳ්. පොකුණතේ පොකුණ + අත මෙහි අත් ප්රිත්ය ය ස්වාර්ථ්යෙහිය,

උරනඹුවන් - උරන් + අඹුවන් - උරග ශබ්දය උරන් යි යෙදේ.

42. එහි පමාන නොම වන ළෙව් සත නිති න මුනි නිදාන දාගැබ වදිනට බැති න පැමිණ නාන වුන් සහ සිරිසර පොකු න දැක සමාන කල් සිට ම මිතුරු තොසි න

අර්ථසය: පමාණ නොමවන, ප්ර‍මාණයක් නැති; ලෙව් සත, ලෝ වැසියන්; නිතින; නිතියෙන්; මුනිනිදාන දාගැබ, බුදු රදුන්ගේ (ධාතු) නිදන් කළ දාගැබ ; වදිනට වැදීමට බැතින පැමිණ, භක්තියෙන් පැමිණ; එහි ඒ පොකුනෙහි නානවුන් සහ, නාන පිරිසත් සමග සිරිසර පොකුණ


                                                   කහකුරුළු සන්දේශ වර්ණ්නාව        85 

ශෝභා සම්පන්න පොකුණද; මමිතුරු මගේ මිත්ර ය; සමාන කල් සිට, ටික වේලාවක් සිට; තොසින, සතුටින්; දැක බලා;

විස්තරය: පාරු පොකුණ අසල බුදුරදුන්ගේ ධාතු නිදන් කර තැනූ දාගැබක් විය. එය වැඳීමට එන අපමණ දෙනා මේ පොකුණෙන් නෑම සිරිතක් වශයෙන් පැවැති බව පෙනේ.

43. තොප කුල සිය සතුන් පත් වුවහොත් එදින සැප සුවදුක් විමසා සිට මන තුටින වප සිලිලෙන් ගත සුදු කොට බැස පොකුණ තොප ගමනම සිහිකර නරඹන් දකුණ

අර්ථගය: තොප සිය කුල සතුන්, නුඹගේ කුලයට අයත් සත්වයන්; එදින පත්වුවහොත්, එදින හමුවුවහොත්; මන තුටින, සිත සතුටින්; සැප සුවදුක්, විමසා, සැප දුක් විචාරා; පොකුණ බැස, පොකුණට බැස; වපසිලිලෙන්, සිහිල් ජලයෙන්; ගත සුදුකොට, සිරුරසෝදා; තොප ගමනම සිහිකොට, නුඹගේ ගමනම සිහිකොය; දකුණ නරඹන්, දකුණ දෙස බලා යව!

44. යටග බඳ ලෙලෙන දදනිති මද නලිනේ සුරඟනවුත් තිදස මුනිපුදට සිටි මෙනේ සිතඟ පැතුන් බැදි රන්රසුදැල් නදිනේ බලග මිතුර! මෙලකුණු මහ ‍වෙහෙර පෙනේ

අර්ථමය: මදනලිනේ, මද පවනින්; නිතිලෙලෙන, නිතරලෙලදෙන; යටග බදද, යටිවල මුදුනේ බැන්දා වූ කොඩි; තිදස සුරඟනවුත්; දෙව්ලොව අඟනුන් පැමිණ; මුනි පුදට, බුද්ධ පූජාවට; සිටි මෙනේ, සිටියාක් මෙනේය. සිතඟ පැතුම්, සිත් වූ පරිදි, බැදි, බැන්දා ව; රන්රසු දැල් නදිනේ, රන් කිකිණි හඬින් යුත්, මහ වෙහෙර,මහා විහාරයෙහි; මේ ලකුණු පෙනේ, මේ ලක්ෂණ පෙනේ; මිතුර! මිත්රහය! බලග! බලව!


86 කහකුරුළු සන්දේශ වර්ණ නාව

විස්තරය: පොකුණ පසුකර යන කහ කුරුල්ලා දක්නේ මහා විහාරයකි. එය හඳුනා ගැනීමට ඔහුට ලකුණු කීපයක් දක්වයි. එහි යෂ්ටි අග බැදි ලෙලදෙන. කොඩි දෙව්ලොවින් මුනිපුදට පැමිණි සුරවනිතාවන් මෙන් පෙනේ. රන් රසු දැල් හඬද ඇසෙයි. මේ අනුව එය මහ වෙහෙර බව දැන ගනුව.

වියරණ: යටග - යට+අග - යෂ්ටි අග්රව දෙසදින් බිඳී ආවකි. මෙහි යිෂ්ටි නම් කොඩි බඳිනා මිටිය. තිදස, තිදස් පුර. එනම්, ශක්රකපුරයයි. මෙහි මුලදී පහළ වූයේ තිස්දෙනෙකි. එබැවින් තාවතිංසයි කියති. රන්රසුදැල්, ස්වණීකිංකිණික ජාලා, රජු දැල් නම් කුඩා ගෙජ්ජි විශේෂයෙකි. ඒවා කුඩා වුවුද රනින් කර ඇති හෙයින් ඉතා මිහිරි හඬ නගී. කොඩිවල අගද රහු බිඳිති.

45. මුනිඳු දාතු වඩමින් නිසි ලෙස සොඳු රු නිරිඳු මිණි කිරුළු කර වූ සෑය ග රූ පිසිඳු සුර නරන් පුද කරන නිරතු රු දිනිඳු අවර වදු වෙහෙරට පොළොන් න රු

අර්ථඳය: නිසිලෙස, නිසි පරිදි; සොඳුරු මුනිඳු දාතු වඩමින්, යහපත්; මුනීන්ද්රරයන් වහන්සේගේ ධාතු වැඩම වමින්; මිණිකිරුළු නිරිඳු කරවූ; මිණිකිරුළු නම් නිරිඳුතුමන් විසින් කරවනු ලැබූ; ගරු සෑය; උතුම් ‍ෛචෙත්‍යයක් ඇති; පසිඳු සුරන්, ප්රුසිද්ධ වූ දෙවියන් විසින්; නිරතුරු පුදකරන නිතර පූජාකරනු ලබන; පෙ‍ාළොන්නරු වෙහෙරට පොළොන්නරු විහාරයට; දිනිඳු අවරවදු, හිරු අවරට ගිය කල්හි පිවිසෙව!


විස්තරය: මිණිකිරුළු නිරිඳු, මෙනම් රජෙක් ගැන ඉතිහාස පොත් වල සඳහන් නොවේ. ප්රුදේශ රජෙක් විය හැකිය, පොළොන්නරු වෙහෙර ‍මෙතුමා විසින් කරවන ලද්දක් බව මින් පැවසේ. නීලකොබෝ සන්දේශයෙහිද මෙතුමන් ගැන කියවේ.


                                                        කහකුරුළු සන්දේශ වර්ණහනාව   87 ‍

පොළොන්නරු, මෙහි පොළොන්නරුව යි සඳහන් වුවද මේ පෙදෙසට ව්ය වහාර වෙන නාමය පොළොන්මාරුව යනුයි. අදත් මෙය නටඹුන් වෙහෙරකි.

වියරණ: දිනිඳු = දිනට ඉඳු - දිනිඳු විබත් සමස්, සුර නර, සුරද නරද සු නර, ද අරුත්සමස් වදු, වද වැදී මෙහි ධාතුයි, මෙහි විධික්රිරයාර්‍නසයදේ.

පොළොන්නරු (පොළොන්මාරු) වෙහෙර වර්ණානා කරති.

46. නිතර ලෙවන් කරනෙව් නන් පුද වතිනී පැතිර වයන නිතියෙන් පසතුරු ගොසිනී අතුර පහන් අළුකළ පසතුරු ගොසිනී වෙහෙර වෙත පැමිණි තසිතට සැප මෙයිනී

අර්ථරය: නිතර ලෙවන්, නිතරම ලෝකවාසීන්; නන් පුද වතිනි, නොයෙක් වස්තූන්ගෙන්; පුදකරනෙව්, පූජා කරන්නාක් මෙන්; නිතියෙන්, නිරතුරුව; පැතිර වයන, හඬ පතුරුවා වාදනය කරනු ලබන; පසතුරු ගොසිනි, පඤ්චාංග තූර්ජ නාදයෙන්ද; ‍අතර, අතරෙහි; පහන් අළුකළ, පහන් එළිය කළ; බිහිදොර සියෙනි, පිට දොරටු සිය ගණනින් ද; (යුත්) එවෙහෙර වෙත පැමිණි. ඒ විහාරය වෙත පැමිණියා වූ; තසිතට, නුඹගේ සිතට; මෙයිනි සැප, මේ නිසා සැප වේ;

වියරණ: පුදවතිනි - පූජා වස්තු, ශබ්දයෙන් පුදවත් යයි බි‍ෙෙඳ්.

පසතුරු: පඤ්චාංග තූර්ය්යස ශබ්දයෙන් බිඳී ආවේය. මෙහි පඤ්චාංග නම් 1. ආතත 2. විතත, 3. ආතතවිතත, 4, ඝනය, 5, සුසිරය යන පසයි. සංගීතයේදී මේ හඬ පස නැගෙන වාද්යර භාණ්ඩ පාවිච්චි කරති.

අළු: ආලෝක සදින් භින්නයි.

බිහිදොර: බහිද්වාර ශබ්දයෙන් භින්නයි, පිට දොරටු මින් ගැනේ.

88 කහකුරුළු සන්දේශ වර්ණනනාව

47. නිවා සනා මුනි සිව් සතිය විසූ පුරා මවා දුන් රුවන් පහ වැනිය පු ඳරා නිවා කන් වෙහෙර වෙත කළ මුනි මැදුරා පවා දුටුවන්ට සගමොක් ලැබෙයි තිරා

අර්ථදය: පුරා, පෙර; නිවාසනා මුනි, වසනා ගුණ කිසිත් නැති බුදුරජාණන් වහන්සේ; සිව් සතිය විසූ, සතරවැනි සතිය වාසය කළ; පුරඳරා, ශක්ර යා: මවාදුන්, මවා දුන්නා වූ; රුවන් පහය වැනි, මැණික් පහය වැනි වූ; නිවාකන් වෙහෙර වෙත, එනම් ස්ථානයෙහි; කළ මුනිමැදුරා පවා, කළා වූ විහාර මන්දිරය පමණක්; දුටුවන්ටා, දුටු අයට, තිරා, නියතයෙන්ම, සගමොක් ලැබෙයි, සවර්ග සැප හා මෝක්ෂ සම්පතියද ලැබේ.

විස්තරය: තිවාසනාමුති බුදුරජාණන් බුද්ධත්වයෙන්ම සියලු සසර පුරුදු නැති කළහ. එහෙයින්ය උන්ව‍හන්සේ නිවාසනා වූයේ.

ගුත්තිලයෙහි :- කිසිවෙක් හටත් නැති මුනිඳුට සනුවණෙක් ඇති මෙලොව සැමටම ඇති වාසනා ගුණ කිසිවකුත් නැති

සිව් සතිය: සතරවැනි සතිය, බුදුරජාණෝ බුදුවීමෙන් පසු පිළිවෙලින් ස්ථාන හතක සති හතක් ගත කළහ. ඉන් මෙහි දැක්වෙන්නේ සිව් වැනි සතියයි. රුවන් පහ: සිව් වැනි සතියේදී බුදුරදුන්ට ශක්ර යා රුවන් ගෙයක් මවා දුන්නේය. එහි සත් දිනක් විසූහ.

නිවාකන් වෙහෙර: මෙය නොපැහැදිලි තැනකි. නිමාකම් යන්න නිවාකන් යයි යෙදූ සැටියට අරුත් පැවසිය හැක. එහෙත් එනම් ස්ථානය කියාද ගත හැකිය. තවත් විමසිය යුතය. පොළොන්මාරු වෙහෙර අසල නිවාකන් හෙල නමින් විලක් අදත් ඇති බව පෙනේ. ඒ අසල පැරණි නටඹුන් ද දක්නා ලැබේලු.

                                                     කහකුරුළු සන්දේශ වර්ණතනාව      89 

වියරණ: රුවන් පහ. රත්න ප්රා සාද, ශබ්දෙයන් භින්නයි පුරඳරා, පුරන්දර ශබ්දයෙන් බිඳී ආවකි. පුරය දරානුයි පුරන්දර නමි.

48. අතුර වෙහෙර තුරුලිය වල අනාදී නිතර මිණි දැදිරි දැක සිතු පිනාදී බමර කැල ‍එවෙත තුරු අග මනාදී එසුර ලියන් කියනෙව් මුනි ගුණාදී

අර්ථ ය: වෙහෙර අතුර, විහාර ස්ථානය ඇතුරෙහි අනාදී තුරුලිය වල, අපමණ ගස් වැල්වල; නිතර මිණි දැදිරි දැක; නිතරම මල් ‍පිපෙනු දැක; සිතු පිනාදි, සිත්, සතුටු වී: එවෙත තුරු අගම, ඒ සමීපයෙහි ගස් මුදුන්හිම; නාදී බමර කැල, නාද කරන, බමර සමූහයා; මුනි ගුණාදි කියන, මුනිඳුන් ගේ ගුණ කියන; එසුර ලියන් එව්, ඒ සුර වනිතාවන් මෙනි.

වියරණ: අනාදී, න+ ආදී යයි ගතහොත් නාදී කියා මිස අනාදි කියා පදයෙක් නොසෑදේ. එහෙත් අනාදිමත් සංසාරය ආදී තැන්වල මෙය යෙදේ. අනශ්වං ආදි තැන්වල මෙන් මෙහිද අන් ආදේශ වී නිපදේ. මෙහි එය නුසුදුසුය. කෙළෙවරක් නැති ගස්වල යනු මෙහි අදහසය.

මිනි දැදිරි: 23 කවියෙහි වියරණ බලන්න.

49. බිහි දොරලූ පහනින් අඳුරු දුරු කෙරේ සිහි කර එවිට මුනිගුණ වෙහෙර නම් කෙරේ විහි දි සා මඬුලු වෙත සැදි කොන් තුරේ එහි සුව සේ සැතපෙව රෑ දින මිතුරේ

අර්ථසය: බිහිදොරලු පහනින්, පිට දොරටුවල දල්වන ලද පහන්වලින්; අඳුරු දුරු කෙරේ, අන්ධකාරය දුරු කරයි; එවිට, එකල්හි; මුනිගුණ සිහිකර, බුදුගුණ සිහිකර; වෙහෙර විහාරය; නම කෙරේ! නමස්තාර කරව! සා මඬුලු විහිදී, අතු


90 කහකුරුළු සන්දේශ වර්ණනනාව

පතර විහිදී; වෙත සැදි, අසල සෑදුණු, කොන් තුරේ, කොන් ගසක් ‍වේ; එහි, ඒ ගසෙහි; මිතුර! මිත්රමය! රෑ දින, රෑ දවස; සුවසේ සැතපෙව; සැපයේ නිදා ගනුව!

විස්තරය: කහකුරුල්ලා පිටත් වූ පසු පාරු පොකුණේදී නැවතී වතුර නා වෙහෙස දුරහැර පිටත් විය. මෙහි වෙහෙර වැඳ පන්සල් ඉඩමේ ඇති කොන් ගසේ පළමුවැනි රාත්රියය ගත කරන ලෙස දන්වයි.

වියරණ: සා මඬුලු - සාබා මණ්ඩල ශබ්දයෙන් බිඳී ආවකි. රෑ දින, මෙහි දින සඳ කාලය යන අරුත් ගෙන දේ. දවල් දවස, රෑ දවස යයි දවස් දෙකක් නැත. රෑ දවල් දෙකම එක් වූ විටය දවසක් වනුයේ.


50. දුටුතෙක් අරුණු රැස ඇස නිදි ලොබ පසිඳ හැර ඉක් බිති ලැගි නිවෙසින් නැගි එසඳ තෙවිටක් දාගැබට පැදකුණු කොට නැමද එයි නික් බිති නුබ නැග යාගන් සබඳ

අර්ථනය: අරුණු රැස දුටුතෙක්, ළහිරු රැස් දකිනතුරු; ඇස නිදි ලොබ පසිඳ,ඇසේ නිදිමත දුරුකර; (පිබිඳ) එසඳ, එකල්හි (අලුයම) තෙවිටක්, තුන් වතාවක්; පැදකුණු කොට, ප්රයදක්ෂිණා කොට; දාගැබට, චෛත්යෙයට; නැමැද, වැඳ; සබඳ! මිතුර! එයිනික්බිති, ඉන්පසු; නුබ නැග යාගන්, අහසට නැග ගමන් කරන්න!

වියරණ: දුටුතෙක්, මෙහි දැක්කතෙක් යයි අතීතකෘදන්තයයෙන් අරුත් ගතයුතු වුවද එසේ ගැනීම තැනට නොගැලපේ; දක්නාතෙක් යයි ගතයුතු මෙහි යෙදී ඇත්තේ ව්යමවහාර භාෂා වෙනි.

අරුණු: අරුණා ලෝක, ශබ්දයේ අග කොටස නැතිව අරුණු යයි යෙදී තිබේ. අරණළු ‍යයිද යෙදේ.

                                                        කහකුරුළු සන්දේශ වර්ණඉනාව   91

පැදකුණු: ප්ර දක්ෂිණා ශබදයෙන් භින්නයි. තමන් තුළ ඇති භක්තිය ප්රකකාශ කිරීමට තුන් විටත් ප්රණදක්ෂිණා කොට වැදීම පෙරදිග සිරිතකි. බුද්ධාගමේද එක් දෙයක් තුන් විටක් කීමේ සිරිතක් ඇත්තේය. විටක්: විට සද නිපන් ශබ්දයකි. හීවිට, බුලත් විය එවිට, හත් හට විට ආදිය සලක්කන. දාගැබ: ඇතුලේ ධාතු නිදන් කර බදින හෙයින් දාගැබ යයි කියනු ලැබේ. ධාතුගහි (සං) අද වෛත්යිය යයි ව්යලවහාර වුවද පැරණි පොත්වල බොහෝ සෙයින් දාගැබ යයි යෙදිණි, සෑය වෙහෙර ආදියද යෙදේ.