කාලිංග බොධි ජාතක කාව්‍ය-කාව්‍ය ii

Wikibooks වෙතින්

100. යළිලෙව් තෙද පෑ දින කර හරණා මුව දෙව් නම් නිරිදෙක් විය සොබනා ගියදෙව් පුර තම සිය ගත පිටිනා වියලෙව් නිමි නම් අග පත් නරනා

101. පැවති එ පර පුර විමන'ග කොත් වී ‍ නමැති කුසා නම් රජ ලොව පත් වී තෙදැති රාම නම් රජ සිරි මත් වී විමති නො වී රජ දහම පැවැත් වී

102. නිකා අයුරු යසසින් ලොව පරසිදු ඔකා වංස පර පුරයෙන් පරසිදු සිකා මිණෙක සේ ජයසෙන් නරනිඳු මකා රුප'ඹු මැන විසි හර මින ඉඳු

103. සුර නර තමහට ගැති කරවා ගෙන තිර සර යසසින් දස දිග හොබවන පුව තර මනහර මෙ නිරිඳු වලියෙන නොම හැර පැවතා සක කුල සසොබන

1 පෙර ලොව (14) 104. කිඹුල් වතෙහි විසූ සිරි සුරිඳා මෙන විපුල් සීහ හනු නමිනි 1 උදා වුණ නිමල් රදුට දා වූ පහදා මන සියල් සතට පත් කුලුණිනි'දා‍ වන

105. බඹ සුර මන් තුට කළ අප මුනිඳුට පිය වන මෙන් කජ සුවහසයෙක සිට සෙද පෙරුමන් සපුරා සිත් තුටු කොට දන මන ගත් සුදෝවුන් මහ නිරිඳුට

106. අග මෙහෙසුන් තනතුරු පත් සොඳුරු නිග කළ රුසිරට සිරිසඳ සිරුරු හිඟ නොව කප් සුවහස් නොව අතුරු සුග තිඳු හට මව් වෙමි පැතු මහරු

107. නොමින් සපිරු ඉසුරෙන් සුරිඳා වූ තෙදින් රුපි'ළු හළු කළ කිරිඳා වූ යසින් සපිරි ලොව පිරි තරිඳා වූ අඳුන් එසක් මිහි පතිහට දා වූ

108. නමින් එ මහමායා දේවිගෙ කුස රදුන් නිසා සුදෝවුන් නම් පිරි යස උතුන් එ බෝසත් පිළිසිඳ දස මස සුපුන් ස‍ෙඳහි පෝ දිනෙහි වෙසක් මස

109. රන් ගැබ අත රන් දැලයට බිහිවි නන් සුර නර නො හැර ම තුටු කරවී බින් නැගි පියුමෙහි උතුරට යොමුවී ඉන් වැඩ සත් අඩියක් ජය ‍ ගොසවී

110. නිමල් එහිමි තුටු කර සුර නරෙ'සඳ කිඹුල් වන'ඹරට පත් පෙර මස සඳ ඇතුල් වදින දින සපිරි කලා සොඳ විපුල් එ සිදුහත් නමකින් මන නඳ

111. පසිඳු ව තෙදිය තුර එ කුමරු සත් මැසි වූ වර පලක් බැඳ ඉඳ'ඹර වැඳුම් ගෙන පිය නිරිඳුගෙන් තිර

1 නුදා වුන (15) 112. එ හිමි සව් සිප් සිඳු පරතෙර පැමිණි නැණිනිදු විලසින් සපිරි ඉඳු පතළ කර යස තිලොව පරසිදු

113. පිරි සොළොස වයසේ පෙර මදරදුන් විලසේ වු සඳ නො ව ලසේ එ හිමි තටු කර දනන් එක සේ

114. ගිම් හිම් වසත් යන තුන් ඉරුතුවට සසොබන විසුමට සුදුසු වන සුරන් මැව් පහ තුනෙහි ඉදිමින

115. වෙන කුලඟනන් හැර සක කුල උපන් මනහර සුරඟන යුරු පවර ලියන් සතලිස් දහස් පිරිවර

116. වදන සිසි බිම්බා රුසිරෙන් අයුරු රම්බා තිලකෙ'ව් කුල'ම්බා සමග බිසවුන් නමැති බිම්බා

117. ඒ බිසව සතුටින මෙහෙසුන් තනතුරට ගෙන ජ සිරි විදින දින ගිහි ව විසි නව වසර වසමින

118. දිනෙක මහ සත් සඳ මඟුල් රතයෙක වැඩ හිඳ උයන් කෙළිනා ලෙද වඩින සඳ රජ සිරින් නොව මඳ

119. සුරො හැම වෙසෙසින බුදු වන කලැ යි දැන ගෙන ජර ලෙඩ වූ මරණ මැවූ තුන් රුව දැක ම සියැසින


(16) 120. සසර කලකිරෙමින වඩිනා ගමන හරිමින ආ පසු ම අවුදින පිවිසි රජ විමනතට විගසින

121. පසු දිනෙක එලෙසට උයන් කෙළියට විට සුරන් මැවූ එකලට මහණ රුව දැක එ වෙස තුටු කොට

122. වසන සඳ හිමි සඳු යසෝදර නම් වර ලඳු පින් සිරි පිරි නොමඳු වැඳූ සඳ වර රහල් කුමරිඳු

123. හැර තම රජ සැපත මහණ වීමට නොනවත යමැයි සලකා සිත බලා රාහුල කුමරු සිරි වත

124. සත් මැති කැඳවමින කන්තක අසුට නැගෙමින දෙවියන් හළ දොරින නිකුත් සඳ මහසතුන් විගසින

125. ඉදිරි පසු දෙපසේ දෙවියෝ රැස් ව සතොසේ අලු කර දස දෙසේ පිදූ මිණි වැට පහන් වෙසෙසේ

126. එ පුද ලැබ සතො සින තිස් යොදුන් මඟ ගෙවමින අනොමා නම් ගඟින එතර වී රිවි අරුණු නැගි තැන

127. වැඩ සිටි ළවැලි පිට අසිපත රැගෙන සුරතට නිල් මුහුළ එම විට කපා දමමින් විගස අහසට


(17) 128. එවර දුන් ලොවැදුරු පිළිගෙන සිවුරු පියකරු පැවිදි වී නො ව ගරු එතර වන මෙන් සසර සමුදුරු

129. මහණ වූ සැණෙකි න අනුපිය'ඹ වන වදිමින සතියක් එම ස මණ එහි ම වැස යළි නොමඳ කුලුණෙන

130. තිස් යොදුන් මඟතුර ගෙවා වඩිමින් සත්සර එ රජගහ පුර තුර පිවිස පිඬු සෙද සිගා නො ම හැර

131. ලද අහර පිළිගෙන පිටත් වී යළි එපුරෙන පණ්ඩව පවු සෙවණ නොලස වැඩ ඉඳ අසුන කර ගෙන

132. ඉන් වැඩ එ හිමි සඳ උරුවෙල් දනවුව වැද පිළිවෙත් පුරා නඳ සයක් අවුරුදු එහි ම වැඩ හිඳ

133. නො පැමිණ මොක් පුරට එයින් නික්මව මොනවට සේනානි ගමට ගොසින් අදපල් එ නුග තුර යට

134. උන් සඳ එ හිමි සඳ සුජාතා නම් සිටු ලඳ රන් තලියෙන් පැහැද මියුරු කිරි පිඬු ගෙනත් දුන් සඳ

135. පිළිගෙන සතුටු කොට එකුත් පනසක් පිඬු කොට වළඳා උඩු ගඟට තලිය හැර සුබ ලකුණු දුටු විට

1 සැපතින (18) 136. ගඟ'ස සල් වන'තුර මඳක් වැස වෙර ගිම් හැර එතැනින් වඩින වර එ සොත්තිය යන නමැති පුවතර

137. දුන් බමුණෙක් අතට පිළිගෙන කුස තණට මිට වැඩ දුමර රදු මූලට සලා පැළ දිග බලා උන් විට

138. මිහිරා නැගි එ විට තුදුස'ත් විදුරසුන් පිට පිට දී දුම රදුට යෙහෙන් වැඩ ඉඳ සිව් ඉටන් කොට

139. මර සෙන් ආ යුදට යුගත'ග පහළ සුළඟට පත් පුළුන් විලසට දමා සක්වළ ගලින් පිටතට

140. සැම මුනිවරන් පෙර දුටු ලෙස නො හැර මොක් පුර කෙලෙසුන් පසුන් කර වැසූ මොහඳුරු පටල දුරු කර

141. සඳ අවර වීමත් සර මිණි දැදිරි වීමත් රිවි උදා වීමත් එක වර ම විය එ බුදු වීමත්

142. මෙලෙසින් බුදු ව සිට සත් සති නිකුත් වූ විට දෙ වෙළෙඳ සතුටු කොට දුන්නු මී පිඬු රැගෙන නිසි කොට

143. බඹ අයැදුම රැගෙන බරණැස් පුරට වඩිමින බඹ ගොස විහිදමින දෙසා සිවු සස් නොයෙක විලසින


(19) 144. මුනි සඳ නො ව ලසා වඩවා කුලුණු වෙසෙසා නිවන් පුර සකසා බඹුන් අටළොස් කෙළක් සලසා

145. සැම සුර නරන්හට දෙසා සදහම් අම කොට දුසිරි සිත සුන් කොට දෙවා සග මොක් ඉසුරු තිර කොට

146. රද බමුණු වෙළඳුන මෙ ඈ කුලවල නොපමණ උපන් කුමරුන් ගෙන මහණ කර මොක් අසිරි දෙවමින

147. දෙව් ලොවට වඩිමින් සුරන් හට බණ දෙසමින් මොක් සිරි අම දෙමින් එයින් යළි නර ‍ලොවට වඩිමින්

148. දහම් වැසි වස්වා සත මොක් මඟ සලස්වා දුසිරි සිත නස්වා අවා යන මඟ අකුල් වස්වා

149. මිසදිටු නෙක වරණ මත කුඹු බිඳැර වෙසෙසින එකසර කෙසර මෙන නොයෙක් බුදු සිරි සතට පාමින

150. සතර බඹ ‍වෙහෙරින අතුල වූ ගුණ ගැඹරින සිව් පිරිසිදු සිලින මෙ අප මුනි සඳ මහත් කුලුණෙන

151. බුදු සසුන'ඹර මැද රහත් සඟ තුරු පෙළ මැද විලසින් සපිරි සඳ මෙසේ මුනි සුර නරන් කර ඔඳ


(20) 152. විහිදා සවන් රැස් රිවි සඳ ලොව පහළ ලෙස් සත හද නො කර හිස් අනගි බුදු ගුණ ලමින් මිණි රැස්

153. සතන් හට දුටු දුටු පවසා දහම් කර තුටු මොක් ඉසුරු නො ව පටු දෙමින් වෙසෙසින් එ සිරි දිය දෙටු

154. බඹ උරග සුර නර මන කොඳ පුබුදු කර කර විලසින් තුසර කර මෙ අප මුනි ලෙව් සැරි සරන වර

පුර වැනුම්

155. දඹදිව ඉසුරු බර එක් කර තිබූ තැන් යුර කොසොල් රට පුවතර සැවැත් නම් වී පුරෙක් මනහර

156. පෙර දුහින නො ම දැන මහත් බව ලොව වෙසෙසින සක්වළ පවු එ තන මවා තිබූ වැනි පවුර නිසැකින

157. ඒ පවු රැස උදුල රැල පෙළ වතළ දිය'ගල පුර සිරි සඳ උදුල ලකළ කළ මිණි මෙවුල්දම තුල

158. කලදෝ කොතැ'න හිස ඉඳුනිල් පැහැය රැස රැස පුර වේ කැටි වූ ලෙස නිතර සරණ කුළන් එක ලෙස

159. *පිළිමල් වරණ කැල කුඹු බිඳ පැහැර නොපැකිල දිය'ගල අස වගළ කෙසර පෙළහර පතන හයරැල


*මේ කවට සමාන කවියකි කුසජාතකයේ 90 වැන්න. (21) 160. පල'ග රැදී රන් කොත් සුදු සිඳු යෙදූ පැහැපත් අසුන් සැදි සිරි මත් එපුර රිය පෙළ වතළ හිමි තැන්

161. ජය ගෙන අසුර සෙන් විකුමෙන් අයුරු මහසෙන් දෙරණ බට සුර සෙන් විලස හැසිරෙති එපුර බල සෙන්

162. විදුර සරසිදු වර හලබල රියඟ වෙද හර සල්පිල් නෙ පුව තර එපුර වෙන සිරි ඉසිලි නොම හැර

163. වන පිපි සරන්දම් තන රන හස සරන්දම් එ පුරෙහි සරන්දම් දුටොත් නො තිබෙයිතව සරන්දම්

164. වදන පිරි ඉන්දූ පියයුර කැටෙ'ව් රන්දූ එ පුර පුර ලන්දූ නො මැද ඉඟුසැව් 1 මදය සින්දූ

165. නිල් මිණි කවුළුවල බබළන 2 වුවන් පුර කල තම පිළිබිඹු නිමල සිතා නැරඹී සුපිරි සොමි දුල

166. එ 3 පුරෙහි සිරි ඉසුරු පැරද ගොස් පුර පුරඳුරු නො ම කර දෙරණැසුරු සුනෙර මත සැදී වැන්න නිරතුරු

167. මිණි මුතු නෙක දලද සලා දල ගොස් වැලි නද සක් බපළැති නොමඳ වනිඳු සිරිසිලි එපුර හැම සඳ

1 ඔදය 2 උවන් 3 එපුර (22) 168. එපුර සල් පිල් හිස මිණි රැස් රැස් විසුළ ලෙස රැගෙන වෙනු හුරු වෙස දෙරණ උඩු යටි කරවූ එක ‍ ලෙස

169. සුනිල් මිණි පහ මත ලෙලෙන රන් දද නොනැවත හිමපවු මත සැපත රඟන සුරවමි සහස සිරි ගත

170. පහ'ග කොත් රත මිණි රැස් වැද තරිඳු වෙසෙසින රත් වූ ලෙස කෙවැනි පුරඹුවන් පැරදී කොවින් වැනි

171. එපුරෙහි උයන්වල සඳුන් පලු වැකි මද නල සුරත ගිම් පත් කල හැරපු කවුළින් වැදී ගිම් හළ

172. පුරඹුන්ගේ ‍කොමල ලවනට පැරද පැහැ දුල 1 වන වැද ගිරා කැල විළින් ඉන්නා වැන්න තුරු බිල

173. එපුරඟනනගෙ තුට පැරද දඟ සහ මුහුළට ගෙයිකි කැල දිනිඳුට උදය පවසන වැන්න රඟ කොට

174. පුරඹුන්ගෙ පියකරු සිටි රඟ නන'ග උඩුකුරු වන දෝ පිපි තඹුරු සැකින් නරඹන හස 2 පිලවු යුරු

175. එ පුර'ඹුන් පියයුරු දුටො‍ත් වෙසෙසින් ලොවැදුරු ඔබ සරය තහවුරු වෙයි සිතා තුරු සළු වැසූ යුරු

1 වෙන 2 පිලෝ (23) 176. 1 ඇදි හෙළ දුහුලිය ගෙල ලෙව් සඳුන් කලලිය ගෙල මුතු හර දිලිය සමර යස ලිය වැන්න පුර ලිය

177. එ පුරෙහි සිරි සපිරු ඇති ලෙස කියත හොත සුරු අතන ගුරු සුර ගුරු මිසක් පවසන කවර කිවියරු

178. දඹදිවට පෑ බල විකුමැති උවිඳු සේ දුල යස වදන කා තුළ විය නිරි‍ෙඳක් එපුර කෝසල

179. එ නිරිඳු යස රැසේ පතළෙන් දියත එක සේ මහ මෙර සිව් පසේ නුවුයෙ කෙලෙසක කෙලෙස විලසේ

180. එ නිරිඳුගෙ යස ගන පෙර විදු දසත අඳිමින තෙල සෙල දළ නයන වීය මකුළුතු තුබු කිරරණ

181. එ රද තද තෙද අග පැතිර යන සඳ 2 කිනුමඟ වලා දෝ දින අග රඟා නිති වෙහෙසෙනුය ප‍ෙඬරඟ

182. එ රද අත කග පත ලෙළ වන ස‍ෙඳහි රිපු කත නෙත'ඹු දුන සහ වත අඩ ගහන රා මිලින සඳ යුත

183. විකුම් සර සර නෙත 3 එනරනිඳුහට සිරිමත නිබඳ නො ව අවනත ඉඳි ද නිරි‍ෙඳක් කවර තෙදියත

1 මෙහි මාත්රාස ගණන අටකි 2 තිනුමඟ 3 එ නරනිඳුට (24) 184. මුතු මිණි කුසුම් දල යදි බිඟු නිබඳ කළ ලොල එ නිරිඳු කර කොමල පහළ ලොව කප් ලියෙව් පැහැදුල

185. වන් දොර ඒ නිරිඳු පඬුරු කොට දෙන නරනිඳු වැහී ගජ පද බිඳු ගන ව බොල් මඩ තිබෙයි ගිම්හිඳු

186. පහළ කුලඹර රද ඒ 1 නරනිඳු සපිරි සඳ නෙක සුදන මන කොඳ පුබුදු කර වීය නොමඳ හැම සඳ

187. ඒ නිරිඳු ගන කුළ දන් වැසි වහර කළ කල යදි සිත වැව තුමුල ගියේ සිඳ මියර සෙද ලොබ දල

188. විකුමැති කුමර ගති යස තෙද තරිඳු දිනපති ඒ නිරිඳුට බලැති නුවූ අවනත රජෙක් නම් නැති

189. සව් ලෙව් 2 සිඳු කිරණ ඒ රද තරිඳු වෙසෙසින පෑ අම රස වදන උදම් කර නිති විසි සතොසින

190. කළ දෙයකට අනූන සිත ‍රොස් නො වී කුලුණින මවක මෙන් නිතියෙන පවතී සතහට එ රද වෙසෙසින

191. දස දහසක් යොදුන් දඹදිව වසන නිරිඳුන් හැමට ම වී මුදුන් එ රද විසි නිති විලස සුරිඳුන්

1 එනරනිඳු 2 සිදු (25) 192. එ නිරිඳුගෙන් සොඳුරු ලද සිටු අනගි තනතුරු අනේපිඬු නම් දැරු සුදත් නම් සිටුතුමා පින්සරු

193. සතර පනස් කෙළ දන වියදම් කොට සතර වදන පුර බව වැනි දෙරණට විතර නොවතු මිණි පහ පෙළ මොනවට පතර එ සිටු තුම කර වූ නිසි කොට

194. නිතර සුවඳ මල් තුරු රැඳි මනරම් නොහැර නඳුන් උයනට වූ එතරම් පතර මහල් යුත් කොත් රැදි ගන රම් පවර නමැති මෙහෙරෙක් විය දෙව්රම්

195. අවට වෙහෙර තුගු සුසැදුණ සසොබින රුවට දිලෙයි පිළිමිණි පවු වෙසෙසින එපිට යේය එහි තිබූ සිරි නොපමණ තිවට මැවූ වැනි රකීතට සතොසින

196. එ වෙහෙර පහ මන සුසැදුණ තොමිනා මනහර කලදෝ හෙමි මිණි කොතිනා නො විතර විහිදෙන කීරණින් තෙවුනා නිරතුර දිව රෑ වෙන් නොව දිවෙනා

197. විසිතුරු ඉඳු නිල් පහ අග බැඳි සොඳ නිරතුරු තල වැද ලෙළ දෙන රන් දද පියකරු විදු රැඳි ගත කුළු දැයි සොඳ ගෙමියුරු රඟ කර රැවැටෙති අනු බඳ

198. සොබන වෙහෙර වට සුසැදුණ මනකල් නොමින සුපිපි නඹරට බිඟු වී ලොල් බමන චවන මුවරඳ ගෙන හැම කල් තිබෙන ගණන් තැන සිහිල'ඹ පිරි විල්

199. නොයෙක කුසුම් මුවරඳ හෙන විසිතුරු පසෙක සුපුල් සල් කිනිහිරි සහයුරු දෙසෙක හොපළු සපු බඳුවද එකෙසරු තැනෙක යොහොඹු කොඳ ලියමඬු පියකරු

34337 (26) 200. බිඳ තුඩ'ගින් පල තුරු අග වූ ලඹ ඔද හැර බී රස වැහෙනා මී අඹ ඉඳ පිය'ඹුන් සහ ඒ වෙත වනි ගැබ් නද දෙති තැන තැන පරපුටු වැද ලොබ