කාව්යශේඛර-සිව්වන සග

Wikibooks වෙතින්

සිව්වන සග


1. ගජමදදිය විපු ල් තෙමෙමින් වැඩුණු සුහුඹු ල් තුඟුතුරග පිපිම ල් අසල්නුබ තුරුකැලෙව්1මනක ල්


2. ඇක්ම ඇත්පැටවු න සුවඳැති නිල්තමලුව න වැද කෙරවකුන්2 ක න මිරිස්ලිය දළුපෙළින් සොබම න


3. සරන සුරඟන කැ ල ලාරස වැකි සරණ ත ල සොඳුරු පිළිමිණි ත ල තඹුරු පිපි සුර ග‍ඟෙව් මනක ල


සිව්වන සග 1. විපුල්- මහත්වූ, ගජමදදිය- හස්තීන්ගේ මදජලයෙන් , තෙමෙමින්-සික්තවෙමින්, වැඩුණු වර්ධිතවූ, සුහුඹුල්- තරුණවූ, තුඟුතුරු- උත්තුඞ්ග වෘක්ෂයන්ගේ, අග- මස්තකයෙහි, පිපිමල්- පුෂ්පිත කුසුමයන් කරණ කොට ගෙන , අසල්නුබ-සමීලවූ ආකාශයෙහි, තුරුකැලෙව්-තාරකා සමූහය මෙන්, මනකල්- මනෝඥවූ- ( අෂ්ටමපද්යගය දක්වා කුලකයි).

2. ඇත්පැටවුන- හස්තිකලහයන් විසින්, ඇක්ම-ආක්රා න්තවැ (මිරිකී), සුවඳැති- සුගන්ධවත්වූ , නිල්-නීලවර්ණ්වූ, තමලුවන- තමාලවනයන් ඇත්තාවූ, කෙරවකුන්- ක්රනකණපක්ෂීන්, වැද- ප්රලවිෂ්ටවැ, කන- භක්ෂණය කරනු ලබන්නාවූ , මිරිස්ලිය දළු පෙළින්- මරිවලතාඞ්කුර පන්තියෙන්, සොබමන-ශෝභමානවූ-

3. සරණ-සඤ්චාරය කරන්නාවූ, සුරඟන කැල- සුරාඞ්ගනා සමූහයාගේ, සරණ තල-වර්ණතලයන්හිවූ, ලාරස-ලාක්ෂාරස යෙන්, වැකි-මුක්ෂිතවැ,(එහෙයින්) තඹුරු පිපි-පුෂ්පිත තාමරස ඇති, ( පිපි රත්නෙළුම ඇති), සුර ග‍ඟෙව්- මන්දාකිණිය මෙන්, මනකල- මනඃකලළ්යපවූ, සොඳුරු-සුන්දර වූ, පිළිමිණි තල- ස්ඵටික මාණික්යේස්ථල ඇත්තාවූ-


1. තුරුවැලෙව්-බොහෝ 2. කොරවකුන්-සමහර



4. විලිකුන් දෙළුම් ප ළ පළමින් තුඩින් පැහැදු ළ කෙළිනෙන් ගිරාපෙ ළ දැඟුම්දෙව්දුනුසිරින් සුලක ළ


5. පළත ගජකුඹුපි ළ නියපඳුරුලුණු1 මුතුපෙ ළ දැක ලොබිනි සිහර ළ මිදින වැදිසෙන් සරණ ඔළමො ළ


6. විණිගිරිබෙයදතැ න හිඟුල් සිරියෙල් අඳුනි න නිති සිතියම් කර න පදිඳු විදුදරගණන් වැජඹෙ න


4. විලිකුන්- පරිණිතවූ, දෙළුම්-දාඩිමීඵලයන්, පැහැදුළ- ප්රඳභෝජ්ජවලිතවූ, තුඩින්- තුණ්ඩයෙන්, පළ- ව්යැක්ත කොට, පළමින්- පාටනය කෙරෙමින්, ගිරාපෙළ- කීරපක්ෂිපන්තීන්, කෙළිනෙන්- ක්රීයඩාකරන හෙයින්, දැඟුම්- ජංගමවූ, දෙව්දුනු සිරින්- ඉන්ද්රකචාපශෝභායෙන්, සුලකළ - අතිශයින් අලඞ්කෘතවූ


5. ගජ-හස්තීන්ගේ, කුඹුපිළ- කුම්භස්ථලයන් , පළත-පාට නය කරන කල්හි, නියපඳුරු- නඛපඤ්ජරයන්හි, ඇලුණු- ආසක්තවූ, මුතුපෙ ළ- මුක්තාපන්තීන්, දැක- දර්ශනය කොට, ලොබිනි- (ඒ මුක්තාඵලයන්හි) ලෝභයෙන්, සිහරළ-සිංහයුථ යන්, විදින- ව්යා්ධනය කරන්නාවූ , ඔළමොළ-චණ්ඩප්රකචන්ඩවූ, වැදිසෙන්- ව්යා-ධසේනාව විසින්, සරණ- සඤ්චරිත වන්නාවූ-

6. මිණිගිරි-මාණික්යා පර්වතයන්ගේ, බෙයදතැන- මේඛලා ස්ථානයන්හි , හිඟුල්- හිඞ්ගුල හා, සිරියෙල්- හිරිතාල හා , අඳු නින- අඤ්ජනයෙන්, නිති- අනවරතයෙන්, සිතියම් කරන- චිත්රයකර්මඤ කරන්නාවූ , පසිඳු-ප්රුසිද්ධවූ, විදුදරගණන්- විද්යාලධර සමූහයන් විසින්, වැජඹෙන- විජෘම්භිත වන්නාවූ-


1.පදුරැමුණු-උඩරට


7. දෙව්දුරුතුරු නොම ඳ ගජකුන්1 කොපුල් වන්ස ඳ වැගිරෙන කිරිසුව ඳ රැගෙන එනමඳ නෙලෙන් මනන ඳ


8. මිණිකුළු සියෙන්2 ප ත් සිහිලඹහැලි දහර 3 යු ත් මදගජ විලස් ග ත්4 ගොවඩමන්ගිර5 දිටි බෝස ත්


9. අගුරු තිලකින් යු ත් මුවමද මුහුළු සිරිම ත් බුජ කගලිය විසි ත් එගිරිරජ රජවිලස් ඇරග ත්


7. ගජකුන්- මහාහස්තීන්ගේ , කොපුල්- කපෝල (ස්පර්ශය) , වන්සඳ-ප්රාඇප්තකල්හි , දෙව්දුරුතුරු- දේවදාරුවෘක්ෂයන්ගෙන්, නෝමඳ -අමන්දව, වැගිරෙන- ස්යුන්දමානවූ , කිරි- ක්ෂීරයන්ගේ , සුවඳ-සුගන්ධය, රැගෙන එන- ග්රුහණය කොට එන්නාවූ , මඳ නෙලෙන්- මන්දමාරුතයෙන්, මනනඳ- මනෝනන්දනය (කරන් නාවූ)

8. මිණිකුළුසියෙන්- මාණික්ය කූටශතයෙන්, පත්-ප්රා-ප්තවූ , සිහිල්- ශීතලවූ, අඹහැලිදහර- ජලනිර්ඣර ධාරායෙන් , යුත්- යුක්තවූ, (එහෙයින්) මදගජවිලස්- මත්තහස්තියක්හුගේ විලාසය , ගත්-ග්රුහණය කළාවූ , ගොවඩමන්ගිර- ගෝවර්ධන පර්වතය, බෝසත්- බෝධිසත්ව තෙම , දිටි- දර්ශනය කෙළේ.

9. අගරු-කාලාගුරු වෘක්ෂයෙන් හා, තිලකින්- තිලක වෘක්ෂ යෙන්, ( දෝහෝ නොහෝත්) -අගරු- අග්ර රූපයෙන් හා, තිල කින්- ( වන්දනාදියෙන් කළ) විශේෂකයෙන් , යුත්-යුක්තවූ, මුවමද-මත්තමෘගයන් හා , මුහුළු-වකුලවෘක්ෂ හා, සිරිමත්- ලප්තැල්ල ( යන මේ) ඇත්තාවූ, ( දෝහෝ නොහෝත්) මුවමද- කස්තුරියෙන් ( සුගන්ධිතවූ) මුහුළු- කේශකලාපයෙන් හෝ මුකුටයෙන්, සිරිමත්- ශ්රීළමත්වූ, බුජ-භූර්ජවෘක්ෂ හා , කග- කගවෙහෙණුනු හා , ලිය- ලතා හා, වී-පක්ෂීන් හා , සිත්-


1.ගිජිඳුන්-සමහර.	2.ගිසින්: සිරෙන්-සමහර.	3.දහස්-සමහර.	4.ලත්-සමහර	5.ගෝඩමන්ගිර-ඇතැම


10. එහි පැකි ලී දුවන හැ ලි1 පිපි වි පු ලි කරඬුම ලී තුරු මඬ ලී2 සෙවණව ලී වන එක ලි කුමරු බැ ලී


11. ලිය ගොමු ව න් මලින් සැදී සොඳ සෙමරුන් වලින් සැදී සිකි නළු ව න් පිලින් සැදී දි ටි ත ව සු න්3 සිලින්4 සැදී


12. කනත වතළ දිගු නු වනී මඳහසලෙළ රත ල වනී මඳාරමල් සැදි5 ස වනී ළද6 සිදඹුව දිටි එ වනී


එනම් වෘක්ෂ ඇත්තාවූ, (දෝහෝ නොහෝත්) බුජ-බාහුයෙහිවූ, කගලිය-ඛඞ්ගලතායෙන්, විසින්-විචිත්ර වූ , එගිරිරජ-ඒ (ගෝචර් ධන) පර්වතරාජ තෙම, රජවිලස් -නරේන්ද්ර‍යක්හුගේ විලාසය , ඇරගත් - ග්රජහණය කෙළේ.

10. එහි-ඒ පර්වතයෙහි , පැකිලී- ප්ර ස්ඛලිතව , දුවන- ධාවනය කරන්නාවූ, හිලී- නිර්ඣර (ඇත්තාවූ) , පිපි-පුෂ්පිතවූ , විපුලී- මහත්වූ, කරඬුමලී- කුරුණ්ටකපුෂ්ප ඇත්තාවූ , තුරුමඬලී- වෘක්ෂ සමූහයන්ගේ , සෙවණවලී- ඡාය‍ායෙන් ආකූලවූ, වන- අරණ්යූය, එකලී- තත්කාලයෙහි, කුමරු- කුමාර තෙම, බැලී- අවලෝකනය ‍ෙකළේ.

11. මලින්- පුෂ්පයෙන්, සැදී-සජ්ජිතවූ, ලියගොමුවන්- ලතා ගුල්මයන්ද , සොඳ- සුන්දරවූ, වලින්- වාලධියෙන්, සැදී-සජ් ජිතවූ, සෙමරුන්- චමරමෘගයන් ද , පිලින්- පිඤ්ඡයෙන්,සැදී- සජ්ජිතවූ, සිකිනළුවන්- මයුරනර්තකයන් ද , සිලින්- ( ප්රනවෘජිත) ශීලයෙන් , සැදී-සජ්ජිතවූ, තවසුන්-තපස්වීන් ද , දිටි-( කුමාර තෙම ) දර්ශනය කෙළේ.

12. එවනි-ඒ වනයෙහි, කනත වතළ- කර්ණතන්තයෙහි ව්යාඡප් තවූ, දිගුනුවනී - දීර්ඝනේත්රළ ඇති , මඳහසලෙළ-මන්දහාස්යීයෙන් ලලිතවූ, රතලවනී-රක්තාධර ඇති, මඳාරාමල්-මන්දාරපුෂ්ඵ යෙන්, සැදි-සජ්ජිතවූ, සවනී-කර්ණැමඇති, ළදසිදඹුව-තරුණ සිද්ධාඞඟනා සමූහය, දිටි-(කුමාර ‍ෙතම ) දර්ශනය කෙළේ.

1.ඇලි-මුද්රිවත. 2.මැඩලි-ඇතම් 3.තපසුන්-සමහර 4.සිළින්-ඇතම් 5.රැදි-ඇතම් 6.ලඳ-ඇතම්


13. ග න ක නා ඊලෙහි කෙළු ම් ව න ව නා දෙව්ලිය උතු ම් වෙන වෙනා අබරණ දිලු ම් මෙන ම නා දෙව්දුනු කැලු ම්


14. කෙළෙනා මුවපොල්ල‍ා හා තොලු දුන් නවපල්ලා හා සුහුඹුල් ගිරිනිල්ලා හා පිලඹුල්1 පිල්2 වල්ලා හා


15. පිපිමල්සැති පඟුර රන බිඟු ගුගු රන රතහෝපලු පඳු රන දියකඳු රන ලියගීදනු මදු රන ලියකිඳු රන ඇතිනිය වෙත සිඳු රන යන සොඳු රන


13. ගනකනා-ඝනකනකමයවූ, ඊලෙහි-දොලායෙහි (උන්සිල් ලාවයෙහි) කෙළුම්වන-ක්රී ඩනප්රා-ප්තවු, උතුම්-උත්තමවූ, වනා දෙව්ලිය-වනදිව්යුස්ත්රීීන්ගේ, දෙව්දුනුකැලුම් මෙන-ඉන්ද්ර්වාප කාන්තියක් මෙන්, මනා-යහපත්වූ , වෙනවෙනා-පෘථක්පෘථක් භූතවූ, අබරණ දිලුම්-ආභරණකාන්තියෙන් ද- (මෙතැන් සිට නව කවකින් කුලකයි,)

14. කෙළෙනා-ක්රී-ඩනය කරන්නාවූ , මුවපොල්ලා‍ හා- මෘගපෝ තකයන් හා , තොලු දුන්- ( ඔවුන් විසින්) තාලුදානය කරන ලද, නවපල්ලා හා- අභිනව පල්ලවයන් හා , සුහුඹුල්- තරුණවූ, ගිරිනිල්ලා හා -ගින්නේරගස් හා, පිල්අඹළ- පිඤ්ඡාවර්තනය කළාවූ, පිල්වල්ලා හා මයුරයන් ද .

15. පිපිමල්සැති- පුෂ්පිත පුෂ්පස්තවක ඇත්තාවූ, බිඟ්රූ-භෘඞ්ග යන් විසින්, ගුගුරන- නාද කරනු ලබන්නාවූ, පඟුරන-පඟුරු වෘක්ෂයන් හා, රතහෝපලු-රක්තාශෝකවෘක්ෂයන් සම්බන්ධිවූ, පඳුරන-ගුල්මයන් ඇත්තාවූ, දිය කඳුරන- ජලාන්විත කන්දරයන් ද, ලියගිදනු-ලයාන්විත ගීතධ්වනිසේ, මදුරන-මධුරස්වර ඇති , ලියකිඳුරන-කින්නරාඞ්ගනාවන්ද, ඇතිනිය වෙත -හස්තිනීවර්ගයා කරා, යන-ගමනය කරන්නාවූ , සොඳුරන- (සප්තාඞ්ගයෙන්) සුන්දරවූ, සිඳුරන- හස්තීන් ද-


1.පිළිඹර-මුද්රිනත 2.නිල්-ඇතම්


16. පැන පැන යන වඳු රන පල වගු රන ගුමු ගුමු නද බම රන පිපි තඹ රන බිය1 කර ගිරිදැදු රන සිටි ගව රන පියරැව් ලන සියු රන මතමියු රන


17. ලෙළගනනිල් ප තුරන අතුප තුරන එන නවතඹ ව තුරන තුරුව තුරන වෙනවනපස මි තුරන වන මි තුරන රැඳි තවසර2 ම තුරන නිති ම තුරන


18. පැළඹෙන මොළවලඟන සහවල ඟන දැක ගිරිහිස සර ඟන තුටු සර ඟන විලවුන් මඳ මත ඟන තුටු සර ඟන තවසුන් පලලම ඟන වැද ලම ඟන


16. පැන පැන-ප්ලවනය කෙරෙමින්, යන-ගමනය කරන් නාවූ, පල වගුරන- ඵලපාතනය කරන්නාවූ, වඳුරන-වානර යන්ද, ගුමු ගුමු නද- ගුමු ගුමු යන අනුකරණවත්වූ , බමරන- භ්රමරයන් ඇති , පිපිතඹරන- පුෂ්පිතතාමරසයන් ද, බියකර- භයඞ්කරවූ, ගිරිදැදුරන- පර්වතජර්ජරයන්හි, සිටි-ස්ථිතවූ, ගව රන- ගවයන්ද, පියරැව්ලන-ප්රි්යරාවය කරන්නාවූ , සියුරන- චකෝරයන් හා , මන මියුරන- මත්තමයූරයන් ද-

17. ලෙළ-ලීලෝපේතවූ , ගනනිල්- ඝනනීලවූ, පතුරන- පත්ර යෙන් යුක්තවූ , අතුපතරන- ශාඛාප්රරතානයන් ද, එන-( පර්වත යෙන්) ආගමනය කරන්නාවූ, තුරුවතුරන- වෘක්ෂයන් අවස්තා රය කරන්නාවූ (යටපත් කරන්නාවූ), නවතඹවතුරන-අභිනව තාම්රවර්ණව ප්රටවාහයන් ද, පසමිතුරන-( නිත්යතවිරෝධිවූ) සතුරන්, මිතුරන වන- (ඔවුනොවුන්) මිත්රු වන්නාවූ, වෙනවන- උපවන යන්හි, නිති-නිරන්තරයෙන්, රැඳි-රඤ්ජිතවූ හෙවත් නිවාසිවූ, මතුරන- (වේද) මන්ත්ර්යන්, මතුරන- ජපකරන්නාවූ, තවසර- තපස්වීන් ද-

18. අඟන සහ-(ස්වාජාතීය) අඞ්ගනාවන් හා එක්වැ, අවල පැළඹෙන- රතික්රීරඩා‍ෙයහි ප්රඅලම්භමානවූ, මොළ-රෞද්‍රවූ, වල ඟන-චන්ඩමෘගයන්ද, ගිරිහිස- පර්වතමස්තකයෙහි, සරඟන- සඤ්චාරය කරන්නාවූ මේඝයන්, දැක- දර්ශනය කොට, තුටු-

1.පිය-ඇතැම් 2.නපසර-ඇතැම්



19. සබරන1 දිය සැ වුලන වන සැ වුලන අඹදොඹ තුරු අ වුලන නොව2 අ වුලන මනහරදනු කො වුලන3 මත කො වුලන සුරඟන මිණි මෙ වුලන ගිරි මෙ වුලන


20. මලිතිය බොන මීවන පුෂ් මීවන පිපි තුඟු වන මීවන වන4 මීවන හඟිනුදුරන මීවන වන මීවන රන5සුනු වැකි6 මීවන බිල මීවන


21. මො ර සියඹ ර ස ලිය සලිම ලීය ක ර කළුහ ර බෙලීය පලු දෙ ලීය‍ සො ර සමද ර ත ලිය කොබළ ලීය ව ර එකුමර බැ ලීය සිතුඇ ලීය


¬තුෂ්ටවූ, සරඟන- සාරඞ්ගයන් හෙවත් සියොතුන් ද , මතඟන මද-මස්තීන්ගේ මදජලය, විලවුන් කළ- අඞ්ගරාග කළාවූ,මත ඟන- වැද්දන්ද, ලමඟන- ලවඞ්ග බහුලවූ අරණ්යගයට, වැද-ප්ර විෂ් ටවැ, පලලමඟන-එලමූලයන් සොයන්නාවූ, තවසුන්- තාපස යන්ද,

19. සබරන- සබරවනයන්හි, දියසැවුලන- ජලකුක්කුටයන් ද, අඹදොඹතුරු- ආම්රපුන්නාග වෘක්ෂමූලයන්හි , අවුලන නොව- ආකූලත්වයෙන් යුක්ත නොව, අවුලන- ඵලාවචයනය කරන් නාවූ, වනසැවුලන- වනකුක්කුටයන්ද , කොවුලන මත- එල් ගුන්ගේ මස්තකයෙහි( කොවුල් මතුයෙහි) , මනහරදනු- මනෝ ඥධ්වනි ඇත්තාවූ, කොවුලන- කෝකිලයන්ද,සුරඟන-(වන) දිව්යිස්ත්රීින්ගේ, මිණිමෙවුලන-මණිමේඛලාවන් ඇති, ගිරිමේ වුලන-පර්වතමේඛලා ප්රනදේශයන්ද-

20. මිවන-මධු හා සමානවූ, මීවනපුෂ්- මධුකපුෂ්පරසයන්, බොන-පානය කරන්නාවූ, මලිතිය-මලිති නම් පක්ෂි ජාතියන් ද, පිපි- පුෂ්පිත වූ, තුඟුවන- උත්තුඞ්ඟවූ, මීවන-මධූකවෘක්ෂයන්ගේ, වනයට, වන- ප්රවවිෂ්ටවූ, මීවන- මධුපයන්ද, හඟින්-ශෘඞ්ගයෙන්, මීවන- එනම් ගච්ඡවිශේෂයන්, උදුරන- උද්ධරණය කරන්නාවූ, වනමීවන-වනමහීෂයන්ද,මී-පෘතිවියෙහි, රනසුනුවැකි- ස්වර්ණි වූර්ණනයෙන් මරක්ෂිතවූ , බිල වන- බිලප්රයවිෂ්ටවූ, මීවන- මූෂික යන්ද- 1.සබරුන-මුද්රිූත 2.නොම-සමහර 3. කෙවුලන-ඇතැම් 4.වල්-ඇතැම් 5.රත-ඇතැම් 6.වැනි-සමහර



22. දිවඉසිවරපෑලඹෙන තව බිම්භා සුරසිඳු කිඳුරඟනන් රඟ බිම්භා තුන්මදගිලි වලැතුන් පොර බිම්භා ඔළමොළසීබල සැතපෙන බිම්භා


23. තමලුවරලස නිලුපුලන් නෙත් සුත්බිඹුපල1 ලවන තේ තඹරවත ‍ෙකාඳදසන් මඳනලසුසුම් තඹපළුකොමළ තේ

		තිසර පියොවුරු2 බිඟුවසාරොද කනාරඹවටොරින් යු		තේ

මතකොවුල්සර පියතෙපුල් දෙන එවන දිටි3 වන් දිගුනෙ තේ


21. මොර-පීලුය, සියඹර- විඤ්චාය, යලිය- ශාලය, සලිමලිය- ශලමලී( හිඹුල්) ය, කර- කාරය, කළුහර-කාලසාරය, බෙලිය- බිල්වය, පලු-එනම් වෘක්ෂවිශේෂය , දෙලීය-ලබුජය, සොර- සරලය, සමදර- එනම් වෘක්ෂවිශේෂය, තලීය- තාලය, කොබ ළලීය- කෝවිදාරය ( යන වෘක්ෂයන් ද) , වර - උතුම්වූ, එකුමර- ඒ කුමාරතෙම, සිතු ඇලිය- චිත්තාභිරමණය කොට, බැලීය- අවලෝකනය කෙළේ.

22. දිවඉසිවර-දිව්යනර්ෂිවරයන්, පැළඹෙන-ප්රහලම්බමානවූ, තවබිම් හා-තපෝභූමීන්ද, සුරසිදුකිඳුරඟනන්-දේවසිද්ධකින්නරා ඞ්ගනාවන්ගේ, රඟබිම් හා-රඞ්ගභූමීන් ද, තුන්මදගිලි- ත්රිරමද ගලිතවූ, වලැතුන්-වන්යරහස්තීන්ගේ, පොරබිම් හා- යුද්ධභූමීන් ද, ඔළමොළ-චණ්ඩාතිචණ්ඩව, සීබළ-සිංහබටයන්,සැතපෙන- සන්තෘප්තවන්නාවූ, බිම් හා -භූමීන් ද, (එකුමර ඒ කුමාරතෙම, බැලීය- අවලෝකනය නෙළේය යනු ශේෂයි).

23. තමලු-තමාලලතා නමැති, වරලස- කේශකලාප ඇති, නිලුපුලන්-නීලෝත්පලයන්, නෙත්- නේත්ර කොට ‍ඇති, සුරත්- අතිරක්තවූ, බිඹුපල-බිම්බීඵල නමැති, ලවනතේ- අධර ඇති, තඹරවත-තාමරස නමැති වක්ත්රඹ ඇති, කොඳදසන්-කුන්දකුට් මල නමැති දන්ත ඇති, මඳනල- මන්දමාරැත නමැති, සුසුම්- ආශ්ව‍ාස ප්රනශ්වාස ඇති, තඹපලු- තාම්රවර්ණුපල්ලව නමැති, කොමළතේ-කෝමලහස්ත ඇති, තිසර- හංස නමැති, පියොවුරු- පයෝධර ඇති, බිඟු- භෘඞ්ග නමැති, වසාරොද- රෝමරාජිඇති, කනාරඹ-හේමරම්භා නමැති, වටොරින්- වෘත්තෝරුයෙන්, යුතේ- යුක්තවූ, මතකොවුල්සර- මත්තකෝකිලනාද නමැති, පියතෙපුල්- ප්රිතයවචනයන්, දෙන- දානය කරන්නාවූ, දිගුනෙතේ වන්- දිර්ඝාක්ෂියක වැනිවූ, එවන- ඒ අරණ්යයය, දිටි-( කුමාර තෙම) දර්ශනය කෙළේ. 1.වැල-මුද්රිේත 2.පියවුරු:පියයුරු-ඇතැම් 3.දිටු-සමහර



24. අ ඳි මි න් රිටි සු ඹු ළ න් ඉස බ ඳි මි න් පිල් මියු රූ

යොදමින් තර සරසු න් අග මොනරුන් කර සොඳු රු

ඉ ඟු ලින්1ඇඳි තිලකි න් රැඳි නළලි න් හෙබි සබ රූ

බ ල මින් තිළී ගි ජි ඳු න් මුතු ලබමි න් දුන් පඩු රූ


25. ව න ප ස කුසුම් රොනවල2 සිසිල කෙළව රේ

ර න හ ස කෙළන මියුරය බී තඹරතු රේ

සි හි ල ස ගෙනෙන තල විඳ වැද3 සරින් ස රේ

ස ර ත ස4 මුදා පසු කෙළෙ හිමි ගොපලුගි රේ



24. රිටි- තිරීටවස්ත්රගයන්, අඳිමින්- නිවාසනය කොට , සුඹුළන්- චුම්බටකයන්, ඉස-ශීර්ෂයෙහි , බඳිමින්- බන්ධනය කොට, මොනරුන්කර-මයුරග්රී වාකාරයෙන්, සොඳුරු- සුන්දරවූ , තර- ස්ථීරවූ , සරසුන්අග- ශරාශනාග්ර යෙහි හෙවත් දුනුමුඩායෙහි, මියුරු- මයුරයන්ගේ , පිල්- පිඤ්ඡයන්, යොදමින්- යුක්ත කොට , ඉඟුලින්-හිඞ්ගුලයෙන්, ඇඳි- අඤ්ජිතවූ, කිලකින්- විශේෂක ‍ෙයන් , රැඳි- රඤ්ජිතවූ, නළලින්-ලලාටයෙන්, හෙබි- ශෝභිතවූ, සබරූ-ව්යාහධයන් විසින්, පඬුරු-ප්රූභෘත කොට , දුන්-දානය , කරන ලද්දාවූ , ගිජිඳුන් මුතු- ගජේද්රකයන් සම්බන්ධි මෞක්තික යන්, ලබමින්- ප්රජතිලබ්ධවැ , බලමින්- ( ඒ පඬුරු) අවලෝකනය කෙරෙමින්, තිළි- ( කුමාර තෙම) තුෂ්ටවී.

25. වනපසකුසුම්- වනජ කුසුමයන්ගේ , රොන්අවල- රේණු යෙන් ආකූලවූ, සිලිලකෙළවරේ- සලිලාන්ත ඇති, තඹරතුරේ- තාමරසාභ්යවන්තරයෙහිවූ , මියුරස- මකරන්ද රසය, බී-පානය කොට, රනහස- ස්වර්ණජහංසයන් විසින්, කෙලන-ක්රී ඩනය කරනු ලබන්නාවූ, සරින් සරේ- තඩාගයෙන් තඩාගයෙහි, වැද- ප්රීවාෂ් ටවැ, සිහිලස- ශීත ගුණය ගෙන - ග්රනහණය කොට , එන- ආගමනය කරන්නාවූ, නල-( සුගන්ධමන්ධ) මාරුතය,විඳ- වින්දනය කොට , හිමි-( මහා බෝධිසත්ව) ස්වාමි ටතම, සරතස- ශ්රි න්ත භාවය, මුදා මුක්ත කොට , ගොපලුගිරේ- ‍ගෝවර්ධන පර්වතය, පසු කෙළෙ- අතික්රාාන්ත කෙළේ.


චතුර්ථළ සර්ගි ව්යානඛ්යා් නිමි

"https://si.wikibooks.org/w/index.php?title=කාව්යශේඛර-සිව්වන_සග&oldid=4500" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි