කෝකිල සන්දේශය-අරුත් වියකන-vi

Wikibooks වෙතින්


251. පු ලා නිලුපුලෙව් දිගු නෙතිනි පැහැදුලා ක ල සපිරි සඳ වන් මුවැති පුර කලා බ ලා මිනිස් බව නො ලදින් සුසුම් ලලා ලො ලා නො වන් උන් වෙතැ මිතුරැ දුකුසුලා

251. මිතුර, පුල් නිල් උපුල එවු පැහැ උඳුල දිගු නෙතිති ( යුතු ) කලා සපිරි සඳ වන් මුව ඇති පුර කලා බලා මිනිස් බව නො ලදින් සුසුම් ලලා උන් වෙතැ දුක් උසුලා ලොල් නො වන්.

යහළුව, පිපුණු මා නිල් වැනි පැහැයෙන් උසස් වැ බබළන දිගු ඇසින් යුත්, කලා සපිරුණු සඳ වැනි මුණ ඇති, පුර අඟනුන් බලමින් මිනිස් අත් බව නො ලැබුවාට සුසුම් හෙළමින් දුක් විඳැ උන් කෙරේ ලොල් නො වන්නැ

‘උන් කෙරේ ලොල් වැ දුක් නො විඳින්නැ, යන්න වෙනුවට යි දුක් විඳැ උන් කෙරේ ලොල් නො වන්නැ’ යි කීයේ.

නිලුපුලෙව් = නිල් උපුල් එව් මුවැති = මුව ඇති දුකුසුලා = දුක් උසුලා

‘පුලා, පැහැදුලා, කලා යනු පුල්, පැහැදුල් කලුන්’ යනු එළි නිසා විකර වීමෙන් සිදුයි.

252. පු ර වෙ දෙ පසැ දොරැ දොරැ රඹ තුරු රඳන නි ර තුරු නැමී සිටිනා ලෙස පල බරින කැ ර පුද කුසුම් මිහි මලගට මුවැඳිලින ව ර තම සුතන් රකිනට නම් කරන මෙන

252. පුර වේ දෙ පසැ දොරැ දොරැ රඳන රඹ තුරු පල බරින් නිරතුරු නැමී සිටිනා ලෙස මුව ඇඳිලින් මිහි මලඟව කුසුම් පුද කැරැ තම වර සුතන් රකිනට නම කරන මෙනැ.

පුරේ වීදිය දෙ පැත්තේ දොර කඩක් දොර කඩක් පාසා ඇති කෙසෙල් ගස් පල බරින් නිති නැමී සිටිනා සැටිනා මුව නැමැති ඇඳිලියෙන් මිහි කතට මල් පුදා තමන් ගේ උතුම් වූ දරුවන් රක්නා සේ (පතා) නැමැදීම් කරන්නා මෙනි.

හින්දු දනන් ගේ සිරිතෙකි පීදුණු කෙසෙල් ගස් දොර කඩැ රැඳැවිම. එයින් කියැවිණි, වුත්තමාලායෙහි:-

‘රුචිරනිඛිලවාස ද්වාරසම්බන්ධමාන ධජකදලි දුමානං සන්තඡායාභි යත්ථ’ යනාදිය.

253. ක ර ළ ද ළ විරිදු දප බිදැ ඔ ළ මොළය දෙ මළ ම ළ ල දොඑවර සී හළ බළය ප ට ළ ලෙළ වි සුරතිත්ගෙනැ කෙළ කෙළය ඔ ස ළ වෙළ වැ දිවනු යැ එහි පෙළ පෙළය

253. කරළ දළ ඔළ මොළ (ය) විරිඳු බිඳැ හළ දෙමළ,මළල, දොළුවර, සීතළ බළය පටළ ලෙළ අවි සුරතින් ගෙනැ කෙළ කෙළ (ය) එහි ඔසළ වෙ ළ වැ පෙළ දිවෙනු යැ.

රුදුරු වූ,දැඩි වූ ( හැඩි දැඩි ),එඩි සහිත,නො මැඩෙනසුලු සතුරන් බිඳැ හැරියා වූ,දෙමළ,මළල දොළුවර,සිහළ යන ජාතීන් ගෙන් යුත් සෙබළ සමූහය පලිස්,ලෙළ දෙන අවි සුරතින් ගෙනැ කෙළිමින් රැස් වැ එහි පෙළ සැදී දුවති.

සපු මල් කුමරු ගේ බළ මුළ සිංහලයන් ගෙන් මැ යුත් එකක් නුවූ බව මෙයින් පළ වෙයි පරෙවි අස්නේ:-

‘මද ගළ වරණ ගළ පළ කළ කුළු පුවළ’ ඈ පැදිය (18) ද, ගිරා අස්නේ:-

‘වෙරළ ඉගිළ තුළ රළ වැළ ලෙසැ උලෙළ’ ඈ පැදිය (27) ද මේ හා එළියෙන් එක් බඳු වෙයි.

254. මහ සෙන් ගෙනෙන ලෙසැ දස ගිව් යුදට පෙර වැස නි න් මහත් සේතුව බඳිනා එවර රැඳිමෙ න් සයුරැ පැහැ තෙවුනා ගත නිතොර සෙබම න් රමිඳු සුරනිඳු බබළයි එ පුර

254. පෙරැ දසගිව් යුදට මහ සෙන් ගෙනැ එන ලෙසට මහත් වැසනින් සේතුව බඳිනා එ වරැ සයුරැ පැහැ රැඳි මෙන් ගත නිතොර තෙවුනා සොබමන් රමිඳු සුරනිඳු එ පුරැ බබළයි.

ආදි රාවණ යුදය පිණිසැ මහත් ආයාසයෙන් හෙය බඳින්නාවූ එ වේලේ මූ‍දේ පාට ඇල්ලුවා සේ නිබඳ මැ සිරුර බබලන,හෙබනා වූ රාම රජ දෙවිඳු එ පුරේ බබලයි.

යාපා පටුනේ රාම අවතාරය වූ වෙනු දෙවියා පිහිටුවා කළ දෙවොලක් වූ බවත් එයින් පළ වෙයි.

හිස් දහසක් ඇතියි යෙන රාවණ රජුට බෙලි ( ග්රිළවා ) දහසක් ද ඇතැයි ‘දස ගිව්’ යනු පැවසේ.

‘රාම සේතුව’ අද ‘ආදම්ගේ හෙය’ යන නමිනි සඳහන් වන්නේ.

ගෙනෙන = ගෙනැ එන රමිඳු = රම් ඉඳු සුරනිඳු = සුරන් ඉඳු

255. කුරුරු දරුණු තෙද රස් ගොස් වන්නාල සොඳුරු තුරුණු සුර සර වන් මන්නාල අතත සසිරි රැඳි එ නුවර රන්නාල නිබඳ රඳන සුර දෙව් රද පුන්නාල

255. කුරුරු,දරුණු,තෙද රස් ගොස් වන්,සොඳුරු තුරුණු,මන් ආල සුර සර වන් පුන්නාල සුර දෙව් රඳ නිබඳ රදන රන් ආල අනත සසිරි රැඳි එ නුවර.

කුරුරු වූ, දරුණු වූ තෙද සමූහ ගොසින් වැදුණු,මනා වූ,තුරුණු වූ, සිතේ ආලය ඇති දෙවු ලියන් වැදුණු විමනක් බඳු වූ පුන්නාල නම් සුරු වූ දෙව් රජු නිතින් රඳන රන් දෙවෙලයි ඉමක් නිමක් නැති සිරියෙන් යුත් වැ බබළන එ නුවර.

පුන්නාල දෙවියාට ‘කඩවුල්’ යන නම දෙමළ දනෝ කියති. තෙදින් රුවින් කො තෙක් යුත් වුවත් මෙ දෙවියා රමිඳු සුරනිඳුට පහත්, බව දෙ වැනි වැ සඳහන් වීමෙන් පෙනේ.

වන්නාල = වන් ආල මනනාල = මන් ආල

256. ඇ ම ව ර බිසරුවන් නොමඳ වැ වන උරණ එ ළි කැ ර දිගත දිසි මෙන් නිසි සිසි කිරණ නොමැහැර දිලෙන තැනැ තැනැ පිළිමිණි තෙරණ

මෙ නු ව ර සදිසි නුවරෙක් කො ද මුළු					දෙරණ

256. ඇම වරැ බිසරුවන් නො මඳ වැ උරණ වන නිසි සිසි කිරණ දිගත එළි කැරැ දිසි මෙන් තැනැ තැනැ නො මැ හැරැ පිළිමිණි තොරණ දිලෙන මෙ නුවර සදිසි නුවරෙක් මුළු දෙරණැ කො ද?

සියළු විටැ අබිසරු ලියන් බොහෝ සෙයින් රොස් වන්නා වු නියම සඳ රස් දිගු අත් එළි කරමින් පෙනුණු සේ තන්හි තන්හි එක් තැනකුත් නෑරැ මැ පළිඟු තොරණ බබළන මෙ නුවර හා එක් බඳු නුවරෙක් මුළු පොළොවේ කොයි එක ද?

බිසරුවන් = අබිසරුවන්.

කාන්තයා (වල්ලභයා) කැමැත්තෙන් ලකුණට යන්නී අබිසරුවයි ( කාන්තාර්ථිනී තු යානි සංකේතං සාභිසාරිකා )

56. පුරපති (රජ) වැනුම (2)

259. ත ද තෙද මිණි ගිහිණි - යස මුතු සක් සුපිරිසුදූ

ම ද ගළ වරණ ර ළ ගිරි කුළු පෙළ පුවළ සෙ ද හළ තුරඟ වැළ නැඟි තුඟු රළ ව්සුළ

පසඟතුරු ගුගුරන - දස දෙස පතළ රුදු ගොස


නිතර සපිරි සිරි දිය සුරනා ඔසළ පත ර රුපු ගහළ නො තබා විසිදැ හළ විත ර වෙසෙස් දස දම් පුන් සඳිනුදුළ එ පු ර කිරණ සරසන තරණෙව් පුවළ

257. තද තෙද මිණි ගිහිණි,හස සුපිරිසුඳු මුතු සක්, මඳ ගළ වරණ නළ පුවළ ගිරි කුළු පෙළ, සෙඳ හළ තුරඟ වැළ නැඟි විසුළ තුඟු රළ, ගුගුරන පසඟ තුරු දස දෙස පතළ රුඳු ගොස, නිතොර සපිරි සිරි දිය, ඔසළ සුර නා, පතර රුපු ගහළ නො තබා විසිදැ හළ, විතර වෙසෙස් දස දම් පුන් සඳින් උඳුළ, එ පුර කිරි අණ සරසන පුවළ තරණ එව්

දැඩි වූ තේජස් (තද ප්රෙතාප) නැමැති මැණික් ගහන වූ, යස් නැමැති පිරිසුදු මුතු හා සක් ඇති, මද වැහෙන ඇත් රළ නැමැති මහත් වූ ගල් මුදුන් පෙළ ඇති, විහිදුවා හළ අස් පෙළ නැමැති නැඟී පැතුරුණු උස් රළ ඇති,

නද දෙන්නා වූ පස් අයුරු වගේ තුරිය ගිගුම නැමැති දස අතේ පැතුරුණු මහත් වූ ගොස ඇති, තොරක් නැති වැ සපිරි ඇති සැපත් නැමැති දිය ඇති,රැස් වූ සුරු දනන් නැමැති නයින් ඇති, මහත් වූ සතුරන් නැමැති කසළ ඉතිරි නො කොටැ දුරු කොටැ හැරියාවූ, විස්තාර වූ හෙවත් පැතිරි දස රජ දහම් නැමැති පුරා හඳින් බැබැළි එ පුර නැමැති කිරි මුහුද සරහන්නා වූ මහත් නැව් වැනි

258.ස ක ලා අවි සිල්ප නතුගත් ලොවැ පැවැතී ස ක ලා සදිසි සපුමල් කුමරිඳු නැමැති දැ ක ලා වත තුරුණු රුපු ඔහු ගෙ විකුමැති එ ක ලා වැ මැ ගජ දළ යානැ සැතැපෙති

258. ලොවැ පැවැති සකල අවි ශිල්ප තතු උගත්, විකුම් ඇති, සපුමල් කුමරිඳු නැමැති ඔහු ගෙ සකලා සදිසි තුරුණු වත දැකැ ලා රුපු ගජ දළ යානැ එකැලා වැ මැ සැතැපෙති.

ලොවේ පැවැති තාක් සියලු ආයුධ ශිල්පයන් ගේ පවත් උගත්තා වූ, සපුමල් කුමර තුමා නැමැති, දස් කම් පෑමේ පුරුදු ඔහු ගේ සඳ වැනි වූ තුරුණු මුහුණ දක්මින් සතුරෝ දැඩි වූ ඇත් දළ යානේ තනි වැ සැතැපෙත්.

සපුමල් කුමරු ලොවැ පැවති තාක් අවි සිප් හදාළ බවත්, ඔහු තුරුණු වියේ සිටිනා බවත්, ඔහුගේ මුහුණ දුටු විටැ සතුරෝ පැලෑ යන බවත් ඒ ඇඟැවු සැටියි.

මුහුණ දුටු පමණින් රුපුන් ඇතුන් නැඟී පැලෑ යන බව මිසැ මොහු ගේ මුහුණ පමණ සිය සොඳුරියන් ගේ මුහුණ පිය කරු නො වනුයෙන් එ සොඳුරියන් පියා රුපුන් තනි වැ ඇත් දත් යානේ සැතැපෙන සෙයක් පඬුවන් කියතත් ඒ විසිළුයි. කො තරම් හොබනේ වුව ද පිරිමි මුහුණක් දැක්මෙන් පිරිමින් හට සොඳුරියන් එපා වනු: අසබායි.

‘තාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මමපි සමනුපස්සාමි ...... යථයිදං...... ඉත්ථිරූපං ඉත්ථිරූපේ පුරිස්ස චිත්තං පරියාදාය තිට්ඨති’... යනු දයම් නයයි. ‘මේ නිරිඳුට රිවි කුල තො වූ අවනත රුපු කැල හැරැ යහන් තිළි තුළ සැතැපී මනවරණිඳු යහන් තල’ යැයි මේ අරුත පළ කෙරෙති ගන්නෝරුවේ මහසෙන් හිමියෝ ද. (257-258)

පසඟ = පස් අඟ සඳිනුඳුළ = සඳින් උඳුළ කිරණ = කිරි අණ තරණෙව් = තරණ එව් තතුගත් = තතු උගත් කුමරිඳු = කුමර ඉඳු විතුමැති = විකුම් ඇති

දෙසිය පනස් සත්වැන්න අට පද සැහැල්ලෙකි. 259. ඇඳි මන හර නෙතු රූ රසඳන ලකළ ඉ දි ගුණ ඔහු විතරණ දෙන සඳැ පුවළ සැදි කර තල දෙවි දිය වතුරින් උතුළ රැද සිතු මිණ නො පැකිලැ දිවැ කිරණ තුළ

259. ලකළ රූ මන හර නෙතු රස දෙන කළ ඉඳි ගුණ ඔහු පුවළ විතරණ දෙන සඳැ සැදි කර තල දෙවි දිය උතුළ වතුරින් සිතු මිණ නො පැකිලැ දිවැ කිරණ (කිරි අණ) තුළැ රැදි මෙන්.

අලංකාර කරන ලද රුව ගෑනුන් (මනහරාවන්) ගේ ඇසෙහි රස අඳුන කොටැ ඇන්දා වූ, නො වක් ගුණෙන් යුත් ඔහු මහ දන් වත් දෙන විටැ ( එ පිළිගන්නට සදන ලද) අත් සේදූ දිය උතුරා (දහරා විසින් යෙවත් ගලන දිය කඳ හැටියට) ගලා බසිත් මැ සිතූ පැතූ සපත් දෙන මැණික නො පමා වැ දිවැ කිරි මූහු දේ රැඳුණා බදුයි.

අයෙක් කියති ‘දැන් වත් දීමට ඔහු අත්ල සේ දූ දිය’ යනු. එහෙත් අත පැන් වත් කොටැ පිරිනැමීම මිසැ අත සෝදා ගෙනැ දීම මෙහි පළ නැති. රෝම අදිකරණ නසුවෝ තම මර දඬුවම නියම කොටැ ලූ කලැ ‘මා අතැ පව් නැති’යි අත සෝදා ගත්හ.

සිතු මිණ කිරිමුහුදේ වූ බවක් පැවැසෙනු ඇත්තයි. එ හෙත් එය දැන් ඇත්තේ දෙව් ලොවේ ලු.

‘දන දෙනු දැකැ මොහු සිතු මිණ සුර තුර දු දන නො ලබන සුරපුර ගිය වැනි පසිදු’ යි

හස් අසුන් කරුවන් කියන්නේ එ හෙයිනි.

ර ස ඳ න = රස අඳන කි ර ණ = කිර අණ (පළමු ද විබා විණි)

260. ප ත ඟ කුලග පැරැකුම් රජු ‍ගෙ කුමරිඳු

ස ත   ඟ  පිහිටි මිහි මතගුන් තුරඟ	රුදු
නි ස   ඟ  නැඟී පවනෙව් විහිදුවා 	උදු
ලෙ සැඟ  වියැ උ‍දේනි නකුල දෙ	නිරිඳු

260. පතඟ කුල අග පැරැකුම් නිරිඳු ගෙ කුමර ඉඳු සත් අග මිහි පිහිටි රුදු මතඟුන් තුරඟ නිසග නැඟි පවන එව් උඳු විහිදුවා උදේනි නකුල දෙ නිරිඳු ලෙස ඇගැ වියැ.

හිරු කුලයට අග තන් (හෙවත්) මුඳුන් පැමිණි පැරැකුම්බා රජු ගේ (පුත්) කුමර තෙමේ සත් තන් බිමැ පිහිටි මහ, මත් ඇතුන්, අසුන් නැඟි සුළඟ සේ කෙළින් දුවවා උදේනි නකුල යන රජුන් දෙදෙනා ගේ ආකාරය ඇඟැ වී.

මෙහි ‘පැරැකුම්රජු ගෙ කුමරිඳු’ යි කීයේ ඒ රජු නිසා මෙහෙසන කුසින් බිහිවීමක් සලකා නො වැ එ රජු විසින් පුත් තනතුර සිටුවා රක්නා ලද නිසායි.

උදේනී නම් ඇතුන් මෙහෙයැවීමේ පසිඳු ‘හස්තිකාන්ත’ නම් විණාවෙකැ බලයෙන් ඇතුන් අල්ලා හික්මැවීම පිය වැ සිටි රජෙකි. කොසොඹෑ නුවර පරන්තප නම් රජු ගේ පුත් වූ හෙ තෙමේ තමා මව් කුසැ වූ අවදියේ මව ‘ඇත් කඳ’ ළිහිණියකු විසින් ගෙනැ යනු ලැබැ හඬ නැගීමෙන් ළිහිණියා පලවා හැරැ තනි වැ මැ මහා වලැ නුගයක් මත්තේ දරුවා වැදූයෙන්, වෙනෙහි උපන්නේ මේ. එහි දී වලැ වූ තවුසෙක් මවත් පුතුත් අසපුවට ගෙනැ ගොස් රැක්කේ කලකට පසු එ මවු බිසොව තම හට අඹු කෙළේ යි. තමා හා එක් වැ තව රැකැ මැරි දෙව් ලෝ පත් පසු සිය මිතුරා ගේ සුව දුක් දක්නට පැමිණි දෙව් පුතකු විසින් ඇතුන් දමනයෙහි උගන්වන ලද මිතුරන් දෙන ලද විණාවත් ඇති වැ සිටි මෙ (සුළු පිය) තවුසා කුමරු හට මිතුරන් උගන්වා වෙණත් දී, එ කුමරු ගේ පිය රජු මළ පසු තරු ලකුණීන් එ පවත් දැකැ, කොසොඹෑ නුවරේ රජ බව ලැබැ ගන්නට ඔහු යැවී. මව කෙරේ වූ පොරෝනා පලසත් හස් මුන්දත් තවුසා දුන් වෙණත් ගෙනැ සිය නුවරට ගිය එ කුමරා පලසිනුත් හස් මුන්දෙනුත් එහි ඇමැතියනට තමා අඳුනවා රජ බව ලැබැ ගත්තේ යැ. හේ තමා උදේන රජ. එ රජු ගේ පවත සද්ධර්ම රත්නාවලියේ උදේන වතින් දන්නේ යි.

නකුල තෙමේ ‘මහා භාරතයෙහි’ සඳහන් පාණ්ඞව කුමරුන් පස් දෙනා ගෙන් එකෙකි. ද්රෝ ණ නම් ඇදුරා විසින් යුද සිප්හි හික්මවන ලද්දේ අසරු වැ කරන සටනෙහි බෙහෙවින් පළ වූ සේයි

සපුමල් කුමරා ඇතුන් මෙහෙයැවීමේ උදේන රජු මෙන් ද. අසුන් මෙහෙයැවීමේ නකුල රජු මෙන් ද, සමත් වූයේ යි. ‘සෙබන නකුල රජු මෙන් නැගෙමින් අසුට’ යැ යි සැවුල් අසුන් කරුවෝ ද මින් වැඩ ගනිත්.

‘නිල තුරඟුට නැගෙමින් රිවි දෙව්. සිරින ......................... .......................... ................. බ ල සේනා නායක සපු කුමරු එන’ යැ යි. සැල ළිහිණි අස්නේ ද සඳහන් වෙයි, ඔහු යාපනයේ සිටැ ජයවර්ධන පඅරට අසු පිටින් පැමිණි සැටි.

කුලග = කුල අග සතග = සත් අග පවනෙව් = පවන් එව් ලෙසැඟවි යැ = ලෙස ඇඟැවි ය

(ඇතුන් ගේ බිම පහළ සත් තන් - සතඟ නම්) පා සතර,වලග,රහසග,සොඬ යනු යි.)

261. ළ ත ර විරිදු නිරිඳුන් රැඳි මුළු දෙරණ නිතොර නැමුම් කරවා සිය සිරි සරණ ප ව ර ඉසුරු බර සපුමල් නර වරණ නොහැර වජඹි සිරි ලක කැරැ රකවරණ

261. පවර, ඉසුරු බර සපුමල් වර වරණ මුළු දෙරණ රැඳි, ළතර රුපුන් නිතොර සිය සිරි සරණ නැමුම් කරවා, සිරි ලක නො හැරැ රකවරණ කැරැ වජඹි.

උතුම් වූ සැපතින් බර වූ සපුමල් රජ මුළු මහත් පොළව මත සිටිනා තාක් හිත දැඩි සතුරන් ලා තමා ගේ සිරි පා නිතින් නමඳවා, ලක් දිව (මඳ කොටසක් ද නෑරැ) රක්ෂා ආවරණය කරමින් ඉහළින් පෙනී සිටිනේ යි.

වරණ නම් අලියායි. නර වරණ රජා යි.

262. බ ම න තෙඳග මොහු රුපු වන පෙතැ පැතිර ද ම න සදෙහි වෙසෙසින් මඳකුත් නො හැර දු ම න උනඹු සොවගින් හළු වැ මුතු හර ම ම න කඳුළු බිඳු හර දරති තනතුර

262. රුපු වන පෙතැ පැතිරැ බමන මොහු තෙද අග මඳකුත් නො හරැ (එය) වෙසෙසින් දමන ස‍ඳෙහි ඳුමන උන් අඹු සොව අගින් මුතු හර හළු වැ මමන කඳුළු බිඳු හර තන අතුරැ දරති.

සතුරන් නැමැති වන පෙළේ පැතිරී කර කැවෙන්නා වූ මේ තැනැත්තහු ගේ තෙදස නැමැති ගින්න (එ වන පෙළ) ටිකක් වත් ඉතිරි නො කොටැ දවන්නා වූ වේලායේ දෙම්නස් වූ උන් අඹුවෝ, සොව නැමැති ගින්නෙන් මුතු වැළ අළු වී වෑස්සෙන්නා වූ කඳුළු බින්දු වැළ තන අතරේ දරත්.

ගිනි දෙකෙකි. එකෙක් මොහු ගේ තෙද ගින්නයි. එය ඇඹැරැවෙමින් වන පෙළ ඉතිරි නො කැරැ මැ වෙසෙසින් දවයි. වන පෙළ නම් සතුරු සමූහයායි.

අනෙක් ගින්න දුක් වූ සතුරු අඹුවන් ගේ සෝ ගින්නයි. එයින් මුතු වැළ අළු වෙයි. ඒ වූයේ පි‍යොවුරු අතරේ වැටීයි. එය අළු වුව ද දැනුත් ඇට වැළෙක් එහි වේ. ඒ නම් වැගිරෙන් කඳුළු බිඳු වැළයි.

ළැවු ගින්න ඇඹැරැවෙමින් රුපු වනය මඳක් වත් ඉතිරි නො කොටැ නසයි.සතුරන් ගේ අඹුවෝ හිමියන් මළ හෙයින් සොවට පත් වැ පළන් මුතු වැළ ගළවා දමා අඬති. ඔවුන් ගේ කඳුළු බිඳු මුතු වැළ සේ තන අතුරේ වැටෙයි.

තෙදඟ = තෙද අග උනඹු = උන් අඹු සොවගින් = සොව් අගින් තනතුර = තන අතුර

263. දු කු ම න් පොකුරඹෙව් පහ කරන යදි සක වි කු මෙන් පසිදු එ කුමරු රැසිරු නර සක ස කු මෙ න් ඉසුරු පැරැකුම් නිරිඳු අණ සක එ කු ව න් දරන අකුරෙක සදිසි වි නිසක

263.යදි සක දුකුමන් පොකුරු අඹ එව් පහ කරන, විකුමෙන් පසිඳු, නර සකැ රුසිරු එ කුමරු සකු මෙන් ඉසුරු පැරකුම් නිරිඳු අණ සක නිසැක එකුවන් දරන අකුර එක සදිසි වි.

යදි සමූහයා ගේ සිතැ දුක් නෙළුම් පතේ දිය‍ මෙන් ඉවත් කරන, සමත් කම් පෑමෙන් පළ වූ, මිනිසුන් ගේ ඇසට රිසි වන එ කුමරා, සක් දෙව් රජු සෙයින් ඉසුරුමත් පැරැකුම්බා රජු ගේ අණ සක (ආඥා චක්රරය) නිරතුරු දරා සිටිනා අකුර (පුනුව) හා නිසැකින් මැ එක් සම වී.

පැරැකුම් රජු ගේ අණ, සකෙක් (රථ චක්ර්යෙක්) වේ නම් නිබඳ එය දරා පවත්වන පුනුව බඳුයි මෙ කුමරා.

පොකුරඹෙව් = පොකුරු අඹ එව් අකුරෙක = අකුර එක

264. සි ර ත කිරුළු අග මුතු හර රළ පතර සු ර ත උඳුළ සදහස සසල පැන සර ක ර ත ජය සයුරු මොහු කරගතිසි වර උ ර ත දිලිනි යස තෙද මුතු මිණි විසර

264. සිරත කිරුළු අග මුතු හර රළ පතර, සුරත උඳුළ සදහස සසල පැනසර,ජය සයුරු මොහු අගතිසි වර බුජ අගැ කරත යස තෙද මිණි මුතු විසර උරත දිළිණි.

හිසෙහි වොටුනු අගැ මුතු වැළ නැමැති රළ සමූහය (රළ වැළ) ඇති, සුරතේ උසින් බබළන කඩු පත නැමැති සැසැලෙන මසුන් ඇති ජය නැමැති සාගරය මොහු නැමැති අගත් රුසියා ගේ දෝතට ගනිත් මැ යසත් තෙදත් නැමැති මුතුන් මිතන් (දිගු අත් නැමැති) උර තෙලේ පෙනිණි.

ජය සයුරෙකි, එ ජය සයුර මෙ තෙමේ දෝතට ගත්තේ යි, අගත් රුසියා සයුර දෝතට ගත් සේ. මොහු ජය අත් කිරිම අගතිසි මහ සයුර දෝතට ගත් මෙනි. ජය අත් කළ‍ මොහු ගේ කිරුළු මතැ මුතු වැළ ලෙළෙයි.සයුර අතට ගත් අගතිසියා ගේ හිස මතැ සයුරු රළ පෙළ ලෙළෙයි. ජය අත් කළ මොහු ගේ සුරතේ කඩුව උදුලයි. සයුර අතට ගත් රුසියා ගේ අත දෙසැ මස්හු සැලෙත්.ජය අත් කළ මොහු ගේ යසසත් තෙදසත් පළ වේ. සයුරු දිය කඳ අගතිසියා අතැ වත මූදු පත්ලේ මුතුත් මැණිකුත් පළ වැ පෙනේ.

පැනෙහි (දියේ) සරන්නේ යි මසුට ‘පැනසර’ යන නම් වෙයි. අගතිසි සයුර දෝතින් ගෙනැ පූ පවන නො සඳහන් පොතෙක් හෙළ කවි පොත් වැළේ නැතියි කියැ හැකි පමණට ඒ පළ පුවතෙකි. අග යනු කළයට ද නමෙකි, කන්දට ද නමෙකි. කළයෙන් උපන්නේ නුයි ද හේ අගත් ඉසියි. කඳු ද මන්නේ නුයි ද අගත් ඉසියි. උරුවිසි නම් දුටන් විසී කරන අසර දුටු මිත්රි, වරුණ යන දෙදෙන ගේ දන දාව ඉබේ වගුළෙන් කොටසක් ගංඟා නදියට ද වැටුණෙන් ගඟට වැටුණු කොටසින් අගත් රුසියාත් උපන් බව යෙති. කළයෙන් උපන් හෙයින් මිටි සිරුරින් යුතු මේ තෙමේ දකුණු දඹ දිවේ මිනිසුන් හික්මැවු තැනැත්තා යි. කුමරි තුඩුවට නුදුරේ ඇති පොදිය හෙළ මොහු ගේ අසපුව සේ සැලැකේ.

	කඳු දමන්නා (අග අස්ති) යි ද මෙහුට අගස්ති යන නම වේ. කෙමෙන් උස් වැ නැගෙන්නට වූ වින්ධ්යැ කඳු වැටිය සුරන් ගේ මග ද ඉක්මවා නඟිනා සේ දුටු සුරෝ තමන් ගේ ගමන් ඉන් වළකිතියි බිය වැ එ නවත්වන සේ අගතිසියා අයැදියෝ ල. එ අයැදීම ඉවැසූ රුසියා උතුරු බිමෙන් නික් මැ දකුණු බිම බලා ආයේ ල. ඔහු දුටු වින්ධ්යේ කඳු වැටිය ඔහුට හර සර දැක්වීම් විසින් හිස නැමී ල.‍’මා නො එන තුරු එ සේ සිටුව’ යි කන්දට අණ කොටැ දකුණු බිම් වන් අගත් රුසියා මෙ තෙක් ද පෙරළා නො ගියේ ල. කන්ද හිස නමා ගත් වන මැ තව මැ සිටී ල. එයින් සුරන් ගේ මඟ නො ඇවිරී රැකිණි ල.   
265.	සූ රි ය සදිසි තද තෙද එ රජ හැම			වර

වී රි ය පසිඳු වත දස අට රට නො හැර කා රි ය සිතට නො මැ ගෙනැ ගෙනැ දුක් පතර ආ රි ය සක්විතිහු ගිය රට ඇරැ එ තෙර

265.හැම වරැ සූරිය සදිසි තද තෙද ඒ රජ වීරියදස අට රට නො හැරැ පසිඳු වත ආරිය සක්විතිහු කාරිය සිතට නො මැ ගෙනැ එතර දුක් ගෙනැ රට ඇරැ එ තෙර ගිය.

සියලු විටැ හිරුට බඳු තෙද ඇති එ රජු ගේ සවිය දස අට දෙස් නො හැරැ (එ සියලු තන්හි) පුරා පළවත් මැ ආර්යචක්රසවර්තී හු කටයුත්ත සිහි නො කොටැ මැ මහත් දුක් ගෙනැ රට අත් හැර එ ගොඩට ගිය හ.

                      ‘මෙ ලකැ නිරිඳුන් 	හට

අවනත නො වූ පෙරැ සිට ආරියසක්විතු ට නො මඳ බල සෙන් යවා යුදයට

කළ යුදෙහි රිදවා එ නිරිඳුහු ලුහු බඳවා ඔහු ගෙ ඔද සිඳවා මයිල් නා බෑ මලුන් බඳවා

මැති සෙනඟ සලසා යාපා පටුන නො ලසා ගෙනැ අදහස ලෙසා තිබි යැ පස් වා දහස් යසසා’ යි ගිරා අසුන් කරුවෝ මෙ පවත කියති,

‘නෑරිය ජය මං පෙරැ සිට පුරුදු වී රි ය බල විකුමෙන් සිරි මිගිදු ආරි ය සක්විති රජ කුල තුමුදු සූ රි ය හිමි දින පැරැකුම් නිරිඳු’ යි

දස අට රට නන් අයුරින් පවසති ඒ ඒ කල්හි ගත් කරුවෝ.

සීහළ තේලිංග යෝනක කාලිංග ජාවක වංග දීත (චීන) කංග තුලබ මගධ තුඩව කඩවක කොංකණ ගෞඩ කණ්ණාඩ කෝසල චෝළ දමිළ’ යැයි අයෙක් දස අට රට දක්වති. ද්වීප හැටියට නම්:- ජම්බු තාමවර්ණ ප්ලක්ෂ ගභස්නිමත් ශාල්මලී නාග කුශ සෞම්යා ක්රෞමඤ්ව ගන්ධර්ව ශාක වාරුණ පුෂ්කර හලාවෘත්ත ඉන්ද්රී සර්ව කුශෙරුමක් චන්ද්රාවදිත්යීසම්ප්රිභ’ යැයි දස අට නමක් යෙනු අසන්නට ලැබේ.

266. බු දු න් පා තඹර සැදි මූඳූනැ කිරුළ සේ

       අ ඳු න්  වමින් සක් දෙව් රද ඉසුරු	රැසේ
       වැ දුන්  යෙහෙන් යාපා පටුන නිසි 	ලෙසේ
       න ඳුන්   මෙ හිමි සිරි ඇති ලෙසැ වතනු කෙ	සේ

266. බුදු පා තඹර කිරුළ සේ මුඳුනැ සැඳි, ඉසුරු රැසේ සක්දෙව් රද අඳුන්වමින් නිසි ලෙසේ යාපා පටුන් වැදැ උන් නඳුන් මෙ හිමි සිරි ඇති ලෙස වනනු කෙ සේ.

බුදුන් ගේ පා පියුම් වොටුනු සේ (හිස්) මුඳුනේ දරා ඇති, සැපත් රාශියෙන් සක් දෙව් රජු (මෙ සැටි යි) අඳුනවමින්, සුදුසු පරිද්දෙන් යාපා පටුනට පිවිසී උන්නා වූ, තොස උපදවන මෙ හිමියා ගේ සිරිය ඇති සැටි වනන්නේ කවර හැටියෙන් ද?

වැඳුන් = වැදැ උන්

57. රජ සබ වැනුම් (2) 267. ඇම සඳ විහිදි ගන රන් පැහැය පල අගේ බ ඳ දද කිකිණි දැල් පවනින් කරන දගේ සුර රඳ පහයවුන් මෙහි පිහිටි එක රගේ සිරි නද සබා මඬුවෙහි සුසැඳි මන රගේ

267. ඇද සඳැ ගන රන් පැහැය විහිදි පල අගේ පවනින් දගේ. කරන දද කිකිණි දැල් බඳ, අවුත් මිහි පිටැ පිහිටි සුර රද පහය එක රඟේ, සිරින් අද, සුසැඳි මන රගේ සබා මඬුවෙහි-

සියලු කල්හි ගන රන් පාට පැතිරෙන (වහළ) පල අගැ (පියසි අගැ) සුළඟට ඇඹැරැවෙන දෙ බළ කොටි, මිණි ගෙඩි දැල් බැඳැ ඇති,(බැසැ) අවුත් පොළොව මත්තේ පිහිටියා වූ සක් දෙව් රජු ගේ පාය හා එක් වැනි, සිරියෙන් රැඳි, මනා සේ සරසන ලද, සිතට අල්ලන සබා මඩුයේ-

ගත රන් නම් තනි කරැ රන් යැ.

සුර රජු ගේ පාය විජයොත් නම්. මේ මඬවෙකි. එ හෙයින් මෙය විජයොත් පාය බඳු නො වියැ හැකි. මෙහි පහස කීයේ සුදම් සබා මඩුව සිතේ ඇඳැ ගෙනැ වියැ යුතු.

පහයවුත් = පහය අවුත්

268. මනකල් නිමල් රකිනා මුනි සාසනය ඇමකල් මෙ සිරි ලකඹර සැඳි සාසනය සුවි මල් කරණ නිති නැණ ගුණ වාසනය සපු මල් කුමරු උන් සඳ සිංහාසනය

268. මන කල් නිමල් මුනි සාසනය රකිනා, ඇම කල් මෙ සිරි ලක් අඹරැ රැඳි සාසන ය, නිති සුවිමල් කරණ, නැණ ගුණ වාසනය සපුමල් නිරිඳු සිංහාසන යැ උන් සඳ-

සිත ඇදැගන්නා, පිවිතුරු බුදුසස්න රක්නා. සියලු ලක් දිව නැමැති අහසේ රැඳී පවත්නා සඳ බඳු නිබද ඉතා පිරිසුදු සිරුර, නුවණ, වාසනා ගුණය ඇති සපුමල් රජු සිහසුනේ ඉඳැ ගත් විටැ-

‘සාසනය’ යනු ‘සා’ ලතුණෙන් යුත් හෙයින් සඳට නම්.

‘වාසනා’ යනු අද වහරේ ‘භාග්යුය’ යන අරුතැ බෙහෙවින් ඇසේ. එ හෙත් ‘වාසනා’ යන්නෙන් අදහස් කරනු ලබන්නේ ගිය අත්බව්හි පුරුදුයි.

‘මෙ ලොවැ සැමට මැ ඇති වාසනා ගුණ කිසිවෙකුත් නැති’ යි බුදුන් සඳහනැ කියැවුණේ එ හෙයිනි.

269. මහසෙන් අසුර ගුරු සුර ගුරු නත ගණීඳු අහ සින් අවුත් බැසැ සිටි විලසින් පසිඳු මහසෙන් සමඟැ නිති මැති ගණ සිරි පුරුදු සහ සන් තොසින් වට කැරැ සිටි සඳැ නිරිඳු

269. මහසෙන්, අසුර ගුරු, සුර ගුරු, නත, ගණිඳු, අහසින් අවුත් බැසැ සිටි විලසින්. පසිඳු, නිති සිරි පුරුදු මැති ගණ මහ සෙන් සමඟ සහ සන්තොසින් නිරිඳු වට කැරැ සිටි සඳ-

කඳ කුමරු, අසුරන් ගේ ගුරු, සුරන් ගේ ගුරු, අනත් නා රද, ගණයට අදිපති දෙවියා (ගණ දෙවියා) යන මොවුන් අහසින් පැමිණැ බැසැ ලා සිටි සෙයින් නිබඳ සිරි ඇසුර පුරුදු වූ හෙවත් සැපත් ඇසුරු කොටැ පුරුදු ඇමති සමූහයා සතුටු සහගත වැ මහ සෙනඟ සමගින් රජු වට කොටැ සිටැ ගත් කල්හි-

කඳ කුමරා නමු මෙහෙසුරු උමා දෙදෙනා ගේ පුත් යුද අදිපති දෙවියායි.හෙ තෙමේ අසුරන් නසා ලක් දිව සුරනට නතු කළේයි. ඔහු දැන් කතරගමේ සිටිතියි යෙති.

අසුර ගුරු නම් සිකුරා (ශුක්රි ආචාර්යයා) යි, අසුරන් හට නීති ශාස්ත්රදය ඉගැන්වූයේ හෙ තෙමේයි.

සුර ගුරු නම් වාහස්ති තෙමේයි. දෙවියනට හෙවත් සුරනට නීති ශාස්ත්රිය හැදෑරැවූයේ හෙ තෙමේ යි. නත නම් කිරි මුහුදේ දී වෙනු දෙවියා ගේ යහන වනනා රජ තෙමේ.ඔහුට මුව දහසක් වෙතියි යෙති.

ගණිඳු නම් උමාව ගේත් මෙහෙසුරා ගේත් පුත් වූ නුවණට අදිපති දෙවියා යි. ගණයන් හට නායක වූයේ ගණිඳු (ගණ ඉඳු) යනු ඔහුට පැවැසේ. ගණයෝ නම් බුහු (භූත) වෙසෙසෙකැ නිසසරෝයි.

නත = අනත ගණිඳු = ගණ ඉඳු නිරිඳු = නර ඉඳු

270. ක ල ක් නිල් කැලුම් වන් තුනු රුසිරු සොඳ ක ල ක් සිටැ වෙනෙහි පුරුදු වැ ආ සබඳ ම ල ක් සේ එ සබ මැදැ ගොස් ත වන් සඳ මෙ ලක් දිව පසිඳු නළු මුළු රැස් වැ සෙද

270. කල් අක් නිල් කැලුම් වන් රුසිරු බඳ තුනු කලක් සිටැ වෙනෙහි පුරුඳු වැ ආ සබඳ, තා මලක් සේ ගොස් ඒ සබ මැදැ වන් සඳැ මේ ලක් දිවැ පසිඳු නළු බුළු සෙද රැස් වැ-

ළඳුන් ගේ ඇස් හි නිල් කාන්තිය වැනි රුචිර බැවින් යුත් සිරුර ඇති, කලෙකැ සිටැ වනයේ වැසැ පුරුදු වැ පැමිණියා වූ යහළුව, තා මලක් සෙයින් ගොස් එ බසය මැදට වැදුණාම මේ ලක් දිවෙ පසිදු වූ නැටුම් කරු සමුහයන් වහා එක් තැන් වැ -

58. රය වැනුම් 271. අ ඳි මි න් සුදු පට සළු හෙළ සඳුනෙන් තුනු තවරා ස ර මින් උරැ මුතු හර සිරැ මලිගිය මල් සපුරා සොබමන් යුග සරනත නුපුරු රැව් දී ඉඳුරා බ සි මින් සබ මැදැ රඟ දෙති කියමින් ගී මියුරා

271. සුදු පට සළු අඳිමින්, තුනු හෙළ සඳුනෙන් තවරා, උරැ මුතු හර සරමින් සිරැ මලිගිය මල් සපුරා, සොබමන් යුග සරණතැ නුපුර රැව් ඉඳුරා දී සබ මැදැ බසිමින් මියුරු ගී කියමින් රඟ දෙති.

සුදු පැහැ පට සළු ඇදැ ඇගේ සුදු හඳුන් (සුනු) තවරා, ළැපැත්තේ මුතු වැළ පැළැඳැ ඉසේ ඉද්ද මල් ගවසා ඔප් නැගී පෙනෙන්නාවූ දෙ පියේ හලම් රාවය හරි හැටියට දෙමි සබය මැදට බැසැ මිහිරි ගී ගයමින් නටත්.

දෙ සිය හැට පස් වන පැදියෙන් ඇරැඹුණු වැකිය අවසන් වූයේ මෙයිනි, පැදි පසෙකින් යුත් මේ වැකිය ‘පඤ්වහිඃ කුලකං මාතං’ යන්න අනුවැ කුලකැයෙකි.

‘සබා මඩුයෙහි (267), සිංහාසනයේ සපුමල් නිරිඳු උන් සඳ (263) මැති ගණ වට කැරැ සිටි සැඳැ(269) නළු මුළු රැස් වැ (270), රඟ දෙති. (271) යි පැදි පසින් අඟවන සැකෙවි අරුත දැක්වියැ හැකි.

272 බඳිමින් මුතු පට රසිනද නව සඳ වන් නළලේ සලඹින් රන් රසුයෙන් නද දෙවමින් පා කමලේ අගරන් තන තනමින් ලෙළ දී ඉණැ මිණි මෙවුලේ අඟනන් රඟ දෙන රඟ දුට කා නම් සිත නොඇලේ

272. රසින් අද නව සඳ වන් නළලේ මුතු පට බඳිමින්, පා කමලේ සලඹින් රන් රසුයෙන් නඳ දෙවමින්, අඟරන් තන තනමින්, ඉණැ මිණි මෙවුලේ ලෙළ දී අඟනන් රඟ දෙන රඟ දුට කා නම් සිතු නො ඇලේ.

කැල්මින් තෙත් වූ අලුත් සඳ වැනි නළලේ මුතු වැළ බැඳ ගෙනැ, පියුමක් වැනි පත්ලේ සලඹිනුත් රන් රහුයෙනුත් නාදය දෙවමින්, අඟරා හෙවත් ඇඟැ ගල්වන සුනු තවරා ඇති තන නටවමින් ඉණේ ඇති මැණික් මෙවුල් දමේ ලෙළදීම ඇති කරවා ගෑනුන් නටන හැටි දුටුවා වූ කා ගේ නම් සිත් නො ඇලේ ද?

273. හෙ ළ දිගු නිල් මානිල් පෙති කැල්මා කෙ ළ වා දිඟු නුවනතැ ලා බැල්මා ලෙ ළ දෙන පුළුලුකුළේ නරු සැල්මා න ළ ඟන දෙන රඟ කෙළෙ සත ඇල්මා

273. හෙළ, දිඟු නිල් මානෙල් පෙති කැල්ම නුවන් කෙළවා අතැ බැල්ම ලා, නරු ලෙළ දෙන පුළුල් උකුළේ සැල්ම (ඇති) නළ අඟන දෙන රඟ සත ඇල්ම කෙළෙ.

සුදු, නිල්, දික් වූ මානිල් පෙති කැළුම් ඇති ඇස් (කොන්) නටවා, අතට බැල්ම හෙළමින්, නරු පට ලෙළ දෙන පුළුල් වූ උකුළේ සැලීම් ඇති කොටැ නටන ගෑනුන් පානා රැඟුම් දනන් ගේ සිතේ ඇල්ම ඇති කෙළේ යි.

මනැසේ ඇඳුණු සිත්තම පළ කිරීමේ මෙහෙයැ වුණු වදනුත් රැසැයුමත් දුබල ‍සේයි පෙනෙන් නේ. එ හෙයින් කියවන්නාට හෝ අසන්නාට මහත් ආයාස ගෙනැ දෙයි එ සිත්තම සිය මනැසේ පිළිබිඹු ගැන්නීමට.

උපුල් පෙති දිගටි හැඩයෙන් යුතුයි. හෙළ උපුල් පෙත්තේ සුදු පැහැයත් නිල් උපුල් පෙත්තේ නිල් පැහැයත් එ දෙකේ මැ දිගටි හැඩයත් මේ ගෑනුන් ගේ ඇසෙහි ඇති බවයි පළමු වන පියෙන ඇඟැවුනේ. ඔවුන් රැඟුම් පානා විටැ හෙළන නඟන අතට නෙත් නොනින් බැලුම් හෙළන බවත් එයින් ඇස් හි ද රැඟීම් ඇති වන බවත් දෙ වැනි පියෙන් පළ වේ තුන් වැනි පියෙන් ලෙළෙන නරු රැඳි උකුළු පියෙස සසලවා ඔවුන් රඟන බව පැවැසෙයි. මේ දැක්වූ යේ සිරි රහල් හිමියන් කිසි පැටැලීමක් නැතිවැ:- ‘වී දෙන ලෙළෙන නරු බර පුළුලුකුළැ රැඳී ‍හෙළන නඟන අතැ නුවන බැලුම් දි දී’ යි පළ කොටැ වදාළ අරුතයි.

මා නෙල් යනු ‘මානිල්’ යන්නෙ මැ මාරුවෙකි මානිල් යැයි කී පසු ආයේ ‘නිල්’ යන්නක් වෙසෙසුනට ගැන්ම විහිළුයි. ‘උපුල්’ යන්නට නම් ‘නිල්’ යනු වෙසෙසුනට ගත යුතු වේ නිල් උපුල් තමා ‘මානිල්’ හෝ මානෙල් හෝ, එයට ‘නිල්’ යන්නක් වෙසෙසුන් පිණිසැ යෙදීම සුදුසු නො වේ.

නුවනතැ = නුවන් අතැ පුළුලුකුළේ = පුළුල් උකුළේ

274. ස ඳ ව න් දිය වකැ සැදි පටු නළලා සු ව ඳි න් පිරි පියොවුරු රන් කළලා ලෙළ දුන් ලිය තුනු නූ තල කැළලා න ළ දු න් දුටු පමණින් සිතු අළලා

274. සැදි දියවකැ සඳ වන් පටු නළල, සුවඳින් පිරි රන් කළ ලා පියොවුරු, තල කැළල් නූ ලෙළ දුන් තුනු (ඇති) නළ දුන් ලිය දුටු පමණින් සිතු අළලා

(මුතු පට ආදියෙන්) සැරසුම් ලද, මාසේ පෝය ගිය දෙ වැනිදා සඳ වැනි පටු නළල, සුවඳ පිරුණු රන් කළ වැනි තන, තල කැළල් නැති, ලෙළ දුන්නා වූ සිරුර (යන මෙයින්, යුතු රැඟුම් දැක් වූ හෙවත් නැටුම් කළ අඟන දුටු පමණින් සිත කළඹයි.

අයෙක් ‘ලිය දුන් නළ (රැඟුම්) දුටු පමණින් සිතු අළලා’යි යෙති. රැඟුම් දුටු පමණින් යැයි කියැ හැකි වන්නේ තවද එයට කරනට දැය ඇත්නම් පමණෙකි.රැඟුම් දැකීම මැ මිසැ වෙන කුමක් කළ හැකි දැයෙක් ද?

275. ම ඳ හස රැඳි වත සඳ සිරි ඉසිලිය ම ද සත දැනැ ගත් නුවනඟ විසිලිය න ඳ රඟ දෙන මල් මෙළකැටි නිසිලිය සෙද දුටු අවියත් සත සිත රිසිලිය

275. මඳ හස රැඳි වත සඳ සිරි ඉසිලිය (ඉසුලූ) මද සත දැනැ ගත්, නුවන් අග විසිලිය (ඇති) නඳ රඟ දෙන, මල් මොළකැටි, නිසි, ලිය ඳුටු අවියත් සත සිතැ සෙද රිසි ලි යැ.

මඳ සිනා රැඳුණා වූ මුහුණ ස‍ඳේ සැටි ඉසුලූ, කාම මායා ශාසුත්රලය දැනැ ගත්තා වූ, නෙත් කොනිනි දෙන ඉගි බැලුම් ඇති, පිය කර රැඟුම් දෙන, මල් සේ ලා සිරුරු ඇති’ සුදුසු වූ අඟන (තමා) දුටු නූගත් දනන් ගේ සිතේ වහා ලබන රිසිය හෙවත් පැතීම ලූවා යැ.

මද සත නම්, අනුන් අනුරාගයෙන් විසි වන අයුරු දක්වන මායා පිළිබඳ ශාස්ත්රැයයි.

විසි ලිය නම් විසි කරන ඉඟි සත යි නිසි ලිය නම් සෙවුම් කළ දොස් නැති අඟන යි

276. කි ස ල ත් සුපුල් නිලුපුල් ඇසින් ය ස ල ත් ලියන් රඟ දෙන තොසින් ගොස වත් මෙවුල් රැවු කුම් ලෙසින් ර ස ව ත් හ‍ඬෝනෙව් රස බසින්

276. කිසල අත්, සුපුල් නිල් උපුල් ඇසින් යස ලත්, ලියන් තොසින් රඟ දෙත, ගොස වත් මෙවුල් රැව් කුම් ලෙසින්? රස බසින් රසවත් හඬ ඕනා එව්.

දළු වැනි අතිනුත් මනා වැ පුබුදු මානිල් මල් බඳු ඇසිනුත් කීර්තියක් ලැබුවා වූ අඟනන් සතුටින් නැටීම කරන විටැ ගොස දෙන මෙවුල් දමෙහි රාවය කවර ඇසුරු වී ද? මිහිරි වදනින් රසවත්නට (රස විදීමේ හැකියාව ඇත්තනට) අඬ ගසන්නා වැනියි.

‘පිනැති කෙනෙක් මෙහි පහස් විදැසිත් සනහත්ව යි රසවත්නට හ‍ඬෝනාක් බඳු’ යනු බුත්සරණයේ එයි.

කිසලත් = කිසල අත් නිලුපුල් = නිල් උපුල් හ‍ඬෝනෙව් = හඬ ඕනා එව්

277. දු න් හිරි නළලතැ රන් සඳ මඬලේ

	බ න්  මුතු පට රස් වන් මුව 	මඬලේ 

ස න් සඳ කිරණින් දිසි සඳ මඬලේ ස න් ළද ලිය රඟ දෙති රඟ මඬලේ

277. රන් සඳ මඬ ලේ හිරි දුන් නළලතැ රස් වන් මුතු පට බන් මුව මඬලේ සඳ කිරණින් සන් දිසි සඳ මඬලේ සන් ලද ලිය රඟ මඬලේ රඟ දෙති.

රත් සඳුන් මඬ ආලේපයෙන් ඉරි. දෙන ලද, (එනම් ) රත් සඳුන් මඬින් ඉරි ඇඳි නළලෙහි, රස් බඳු මුතු වැළ බැදි මුහුණේ සැඳෑ කැල්මෙන් ගැවැසි සඳ මඬලේ ලකුණු පෙනෙන්නා වූ තුරුණු අඟනෝ රඟ මඬලේ රැඟුම් දක්වති.

‘නටන ලියන් ගේ නළලේ රත් සඳුන් මඬ තවරා ඇති, මුතු පට ද බැඳැ ඇති. එයින් ඔවුන් ගේ මූණ සැදෑ කැල්මෙන් ගැවැසි, රස් විදුවන සඳ මඬලේ සිරිය උසුලයි’ යනුයි එයින් අඟවන ලද්දේ.

278. ලෙ ළ දළැ කියඹු වැළ සැදී වෙ ළ වැ රඟන ලිය වැලැඳී ද ළ මුතු හර මලෙහි බැඳී දොළ කරැ සත සිටිති ළදී

278. දළැ ලෙළ කියඹූ වැළ සැදි, වෙළ වැ රඟන ලිය වැලැඳී දළ මුත් හර මලෙහි බැඳි සත දොළ කැරැ ළ ඳි සි‍ටිති.

නළලේ ලෙළ දෙන කෙස් රොද රැඳුණා වූ, ලහි වැ නටන්නා වූ ගෑනුන් ගේ ඇගේ එ තුණු පට මහ මුතු වැළ නැමැති මල පුඬුයේ බැඳි දනෝ ආසා කොටැ සිත දී සිටිත් .

කියඹූ වැළ නම් දෙ කොපොල වසා පියොවුරු තෙක් වැටෙන මුතු මල් ආදියෙන් සරසන ලද කෙස් රොද යි.

279. සි නා සුමූදු සුදු කුමුදන ව නා එ රඟ මඬලැ සොබන ත නා රඟන ලිය දකිමින උ නා සෝක ඇරැ පිය මන

279. සිනා සුමුදු සුදු කුමුදන් සොබන එ රඟ මඬලැ වනා තනා රඟන ලිය දකිමින් මනැ සෝක උනා ඇරැ පිය.

සිනා නැමැති සුමුදු සුදු කුමුදු මල් හොබනා වූ එ රඟ පිළේ වනා ඉන් එය සරසා නටන ගෑනුන් දැකැ සිතේ සොව මුදා හරුව.

කුමුදු සුදු හෙයින් යළි දු සුදු කුමුදුයි කීම් සුදුසු නොවේ. කහ පාට කහ යැයි කියන්නා සේ, මෙහි සුදු යනු යෙදූ යේ සිනා කුමුදු වලැ සුද ඇඟවීමටයි.

280. බ ඳි මි න් නිල් වරලස ලා කුසුමන් සෙව්වන්දි කි ය මි න් මියුරස ගී නො වරදවා පද සන්දී න ඟ මි න් අත හෙළමින් සුබ රඟ රඟ බැලුමන්දී ර ඟ මි න් සිටි නළඹුන් බල ලෙළ දෙන රන් බන්දී

280.සෙව්වන්දි කුසුමන් ලා නිල් වරලස බඳිමින්, පද සන්දි නො වරදවා මියුරස ගී ගයමින්, අත නඟමින් හෙළමින් රඟැ සුබ රඟැ බැලුමන් දී රන් බන්දී ලෙළ දෙන, රඟමින් සිටි නළ අඹුන් බල.

සෙව්වන්දි (චීන රෝස) මල් ගවසා නිල් කෙස් වැටිය බැඳැ ගෙනැ, පද බිඳුම් කඩ සන්දි නො වරද්දා මිහිරි රස ඇති ගී කිය කියා නැටීමේ දී යහපත් වන පරිදි බැලුම් දිදී අත නැඟීම හෙළීම කෙරෙමින්, නට නටා සිටිනා රන් නළල් පට ලෙළෙන නිළියන් බල.

281. ස ඳ ට රවටන වත පුබුදු කැරැ සෙමෙන් සී විළි බර සිනා රුවට ගී මියුරෙහි ගලා රසයෙන් අනා සෙද කායමිනා ර ඟ ට බැසැ බැහැවුම් නැටුම් කළ කලුන් රඟ දුටු කලැ මනා ත ව ට පරසිඳු තවසරහු වත් ලබති දිව ඇස් වෙසෙසින

281. විළි බිරු සිනා සෙමෙන් සී, වත පුබුදු කැරැ සඳට රවටන, ගී රවට මියුරස ගලා රසයෙන් අනා සෙද කියමින් රඟට බැසැ බැහැවුම් නැටුම කළ මනා කලුන් දුටු කැලැ තවට පරසිඳු තවසරහු වත් වෙසෙසින් දිව ඇස් ලබති.

විළියෙන් බර සිනා මඳ කොටැ සෙමින් (හෙවත් විළි බර මඳ සිනා පහළ කරමින්) මුහුණ පුබුදු කොටැ සඳට රැවැටීම (කොළොප්පම්) කරන, ගී රාවයට මිහිර ගල්වා රසයෙන් අනා වහා කියමින් රඟ මඬලට බැසැ සිත තර වැ තමන් වෙතැ රඳවා එහි මැ නියුතු කරවන නැටුම් හෙවත් සිත තරයේ ඇදැ බැදැ ගන්නා නැටුම් කළා වූ, මනා වූ, අඟනුන් දුටුවා ම තපස් රැකීමේ පසිඳු තවුසෝ ද එ පිණිසැ වෙසෙසින් ඇරෙන දිව ඇස් ලබති.

282. ර ත ගිලි සල කිසල නිය රස් කුසුම් සිරි අ ත අතු සමඟ තන පල බැම බමර සැරි ග ත ගී මියුරු රැව් පර පුටු හඬනිතිරි නෙත පත නළඹ කැල වනැ වසතැ රඟ දැරි

282. රත් ඇඟිලි සල කිසල, නිය රස් කුසුම් සිරි, අත අතු සමඟ තන පල, බැම බමර සැරි, ගත මියුරු ගී රැව් පර පුටු හඬින් ඉතිරි වසතැ වනැ රඟ දැරී නෙත පත නළඹ කැල.

රත් ඇඟිලි නැමැති සැලෙන දළු ඇති, නිය රස් නැමැති මල් සම්පත ඇති, අත් නැමැති අතු සමඟ නත නැමැති ගෙඩි ඇති, බැම නැමැති බමර සැරුම් ඇති කියනට පටන් ගත් මිහිරි ගී රැව් නැමැති කොවුල් හඬින් ඉතිරී ගිය වසත් (බක් වෙසක්) අවදියේ වනයෙකැ හැටි ඉසි ලී යැ නැටීමට පටන් ගත් නිළියන් සමූහ ය.

නිළියන් සමූහය වසත් වනය යි රත් ඇඟිලි සැලෙන දළු යි නිය රස් මල් සැපත යි අත් අතු යි තන පල යි බැම බමර සැරි යි ගීරැව් කොවුල් නද යි.

රතඟිලි = රත් ඇඟිලි හඬනිතිරි = හඬින් ඉතිරි නළඹ = නළ අඹ

රතැඟිලි, අත්, ගත්, යනු එළි නිසා රතඟිලි, අත, ගත යි වී.

59. අස්න 283. වෙසෙස සියලු නො වැරැදැ බරත තොරතුර ස ක ස ගී රැඟුම් වැයුමේ දැනැ විතර අ ල ස නො වැ නිළින් නළුවන් පෑ නො හැර මෙලෙස රැඟුම් අවසනැ වසර ලත් වර

283. බරත සියලු තොරතුරු වෙසෙස නො වැරැදැ ගී, රැඟුම් වැයුමේ විතර සකස දැනැ අලස නොවැ නිළින් නළුවන් නො හැරැ පෑ මෙ ලෙස රැඟුම් අවසනැ අවසර ලත් වරැ-

බරත සතරේ හෙවත් සංගීත ශාස්ත්රරයේ සියලු අරුත් වෙසෙස් නො වරදවා ගැයුම්, නැටුම්, වැයුම් විස්තර මනා සේ දන්මින් මැළි නො වී සතුටු සිතින් නිළියන් හෙවත් නටන ගෑනුන්, නටන මිනිසුනුත් (එක් විදියකුත්) අත නෑරැ දැක්වූ මෙ අයුරු රැගීම ඉවර වූවා මැ ඉඩ ලත් වෙලායේ.

සංගීත ශාස්ත්ර ය ‘භරත’ නම් මුනි වරයා විසින් පහළ කරන ලදදේ යැ යි එයට ඔහුගේ නම යෙදේ.

නැටීම, ගැයීම, වැයීම යැයි සංගීතයේ අංග තුනෙකි. වැයීමට අනුවැ ගැයීමත් එ දෙකට අනුවැ නැටීමත් ඉදිරි පසු නො කොටැ පැවැත්වියැ යුතු.

ගත් කරුණාවනට රඟ වැනීමට පෑදුණු ඉඩ තුන් පළෙකැ ‍ඇති. මුලැ දී උපුලුවන් දෙව් වැනුමෙහි ද, මැද සිරි පැරැකුම් රජ සබ වැනුමෙහි ද, අගැ සපුමල් නිරිඳු ගේ සබ වැනුමෙහි ද ඒ ඉඩ වී. ගත් කරුවෝ අගැ ඉඩ එයට වෙන් කොටැ ගත්හ, සුදුසු පරිදි.

284. ළ ඳු න් රදූ අත් ලිය වැලැඳි ඇම සඳ ස ඳු න් තුරක් වන් තුනු සිරි පිරි සුවඳ න ඳු න් එ නරනිඳු සඳ සිරි රැඳුණු පද මු ඳු න් දෙමින් සිටැ කියැ මේ අසන සොඳ

284. ඇම සඳ රඳූ ළඳුන් අත් ලිය වැලැඳි සඳන් තුරක් වන් සුවඳ පිරි තුනු සිරි නඳුන් එ නරනිඳු සිරි රැඳුණු පද මුඳුන් දෙමින් සිටැ මේ සොඳ අස්න කිය.

සියලු විටැ රජු දූ ළඳුන් ගේ අත් නැමැති වැල් බැඳුණු සඳුන් ගසක් වැනි, සුවඳ පිරුණු සිරුරු සැපතින් යුත්, තොස දෙන්නාවූ එ රජු ගේ, සිරි කත රැඳුණු පා (සිය සිරස) මුඳුනේ සිටුවමින් (පා මුලැ නළල බිමැ ඔබා වඳිමින්) මේ මනා වූ අසුන කීය.


‘ළඳුන් සිනිඳු කොමළත් වැලැඳැ සිසිලසේ

  	 නඳුන් මෙහිමි සොඳ බඳ බදන ගුණ	රැසේ

නුදුන් අතුරු උරගුන් දරණ කළ තොසේ සඳුන් තුරෙක සරි යැ යි කීය මෝද කෙ සේ’

යනු ගිරා අසුන් කරුවන් කීයේ මෙ සලකා වියැ හැකි.

285 සබඳ ඒ සුරේන්ද්රායයමාන නරේන්ද්රේයා හට කීදාග්වාර්තා විශේෂයක් දක්වම් ද හෝ.

285. සබඳ, සුර ඉන්ද්රන ආයමාණ, ඒ නර ඉන්ද්රේයා හට කීදැක් වාර්තා විශේෂයක් දක්වම් ද හෝ-

යහළුව, (සක්) දෙව් රජු වැනි ඒ නිරිඳුට කොයි විදියේ වෙසෙස් විත්තියක් සැළ කරම් ද, හෝ

                             සුරේන්ද්රාැයමාන   =  සුර ඉන්ද්රව ආයමාණ
                             නරේන්ද්රරයා          =  නර ඉන්ද්ර්යා

286. ද ස න මතින් දැනැ එළු දෙමළ බණ තතු ව ස න දෙව් නුවර යතිඳෙක් ලෙසට සිතු දෙසන ලෙසැ එවී මෙහෙසුන් රස නුමුතු අ ස න මැනැවි හිමි සිරි ලද මෙන් අමුතු

286. හිමි, දසන මතින් එළු දෙමළ බණ තතු දැනැ සිතු ලෙසට දෙව්නුවරැ වසන යතිඳකු දෙසන ලෙසැ එ වූ, රස නුමුතු මෙ හසුන් අමුතු සිරි ලද මෙන් අසන මැනැවි.

හිමි (ස්වාමි) ය, දුටු පමණින් මැ එළු යැ දෙමළු යැ යන බස්හී පවත් දැනැ ගෙනැ සිත් සේ දෙව් නුවරේ විසීම කරන පැවැදි උතුමකු (ඔබට) එළි කොටැ කියනට (කියා) එ වු රසින් නො මිදුණු අසුන අමුතුවෙන් සැපත් ලැබූ පරිද්දෙන් අසනු මැනැවි.

යතිඳකු = යති ඉඳු එක් + උ

287. යස කුල තිදස පුර පුරඳුරු අයුරු සිරිසර

සෑ සි මුනිඳු දැකැ ගිය විලස වසවතා සෑ සි රුපුන් එත පලවමිති දස අතා කමල’ මල හසඟන- තොස කෙළවමිනි උර සරැ

ද න් වා තියුණු අණ සක මුළු සක්වළ ට පෙන්වා පැවැති යස පුන් සිසි රස් රඟ ට


දෙ ව මි න් ඉසුරු ඒ සපුමල් නරවිරු ට කෙරෙමින් සතිර නද යාපා පටුන් රට රුති යෙන් රකින ලෙසැ පුල්වන් සුරිඳු හට බැති යෙන් එ යති අයදිසි සෙත් පිරිත් කොට

287. යස කල තිදස පුරැ පුරඳුරු අයුරු සිරි සර සැසී රුපුන් එතැ සැ සී දිනිඳු දැකැ වසවතා ගිය විලසැ දස අතැ පලවමින්,

කමල අමල යස් අඟන උර සරැ තොසැ කෙළවමින් තියුණු අණ සක මුළු සක්වළට දන්වා යස පුන් සිසි රස් රඟට පෙන්වා පැවැති,

ඒ සපුමල් නරවිරුට, ඉසුරු දෙවමින්, නද යාපා පටුන් රට සතිර කෙරෙමින් රුතියෙන් රකින ලෙසැ එ යති සෙත් පිරිත් කොටැ උපුල්වන් සුරිඳු හට බැතියෙන් අයති.

යස කුලය නැමැති තිදස් පුරේ සක් දෙව් රජු සිරින් සරු වු (නැත් නම් - යස කුලය නැමැති තිදස් පුරේ සිරින් සරු සක් දෙව් රජු වැනි වූ).

සැහැසි (සිතුවක්කාර) සතුරන් එන විටැ (ඔවුන්) ශාක්යස සිංහ ජිත උතුමා දැකැ වසවතු (පැලෑ ) ගිය සෙයින් දස අතේ පැලෑ යන්නට සලස්වා,

සිරි කත නැමැති නිමල් වූ හැසිනිය උර තලය නැමැති විලේ සතුටින් යුතු වැ කෙළන සේ සලස්වා,

තිහිණු වූ (නො පැකිලැ කා වදනා) අණ සක මුළු මහත් සක්වළ පුරා පැතුරුවා තමා ගේ කීර්තිය සඳ කැලුම් සේ පෙනෙනට සලස්වා, පැවැතුණු,

ඒ (පරසිඳු ) සපුමල් රජුට ඉසුරු දෙවා සිත් පුබුදු වන යාපා පටුන් රට තිර කොටැ දෙමින් කැමැත්තෙන් (ආදරයෙන් ) රක්නා සේ ඒ පැවිදි උතුමා සෙත් පිරිත් දෙසා ඒ උපුල්වන් දෙව් රජු ට බැතිය පෙරදැරි කොටැ අයදී.

කමලමල = කමල අමල

                                        හසඟන       =   හස් අඟන

288. මිණි දිව් රන් මැදුරැ මිණි දිව් විලසැ බබළන

රු පු ර ම් බා රණ වන් මත ගිජිඳු වන

	             පැරැ  කුම්බා    නරනිඳු අදහස 	ලෙසින
        යෙහෙන් වෙසෙමින් තද - මහඔසු පඬි සේ වෙසෙසින් 

ස ත ර දිගට පලවා එන රුදු සතර ස ත ර සසුන් සැදි ලක රකිනා සතර

මැ ති ඳු න් සහ සෙනඟ වෙතැ ලමිනි දිව නෙත රුති යෙන් ඉසුරු දී පිරිපත හැරැ ඉවත නිති යෙන් රකින ලෙසැ පුල්වන් සුරිඳු වෙත බැති යෙන් සිටැ යදිසි යති සඳ යස දිමුත

288. මිණි දිව් රන් මැඳුරැ මිණි දිව් විලසැ බබළන, රුපු රම්බා අරණ වන් මත ගිජිඳු වන, පැරැකුම්බා නරනිඳු අදහස ලෙසින්, යෙහෙන් වෙසෙමින් වෙසෙසින්, නඳ මහඔසු පඬි සෙ එන රුදු සතර සතර දිගට පළවා සතර සසුන් සැදි ලක සතර රකිනා

මැතිඳුන් සහ සෙනඟ වෙතැ දිව් නෙත ලමින් රුතියෙන් ඉසුරු දී, පිරිපත ඉවතැ හැරැ නිතියෙන් රකින ලෙසැ, උපුල් වන් සුරිඳු වෙතැ බැතියෙන් සිටැ යස දිමුත් එ යති සඳ යදිසි.

ලක් දිව නැමැති රන් විමනේ මැණික් පහන සෙයින් බබළන්නා වූ, සතුරන් නැමැති කෙසෙල් අඹරට වැඳුණු මත් අතු වැනි පරාක්රයමබාහු රජු ගේ සිතේ හැටියට (පැවැති) යහනින් වෙසෙමින් විශේෂයෙන් සිත් පිනවන්නා වූ මහ ඔසු පඬි වරයා සෙයින්.

එන්නා වු මහත් සතුරන් සතර අතේ පලවා හැරැ බුදු සසුන සැදී ඇති ලංකාව තිර වැ රක්නා,

මහ ඇමතියන් ද සෙනඟ ද කෙරේ දිවැස් ලා බලා කැමැති පරිදි සැපත් දී, උවදුරු දුරැ හැරැ නිබඳ රකිනා සේ උපුල්වන් දෙව් රජු ඉදිරියේ ඇල්මෙන් යුතු වැ සිටැ යසස බබළන්නා වූ ඒ පැවැදි තුමා අයදී

මිණි (රුවන්) දිව් යනු ලක්දිවට නමෙකි.

රම්බාරණ = රම්බා අරණ නරනිඳු = නරන් ඉඳු පුල්වන් = උපුල්වන්

289. පු න් හ ස් අයුරු රැඳි රජ දම් මිණි තදන පි න් රැ ස් කරන දැනැ සදයම් මුනි නඳන ස න් හ ස් බෝදි නය්නා කැමිදුන් නිතින මන්තොස් වඩා රකිනුව යදි යැ අදරින

289. රජ දම් මිණි නදන රැඳි පුන් හස් අයුරු, මුනි නඳන සදහම් දැනැ පින් රැස් කරන, සන්හස් බෝදි නය්නා කැමිඳුන් නිතින මන් තොස් වඩා රකිනුව අදරින් අයදි.

රජ දහම් නැමැති මැණික් නිදහනේ පුරා ඇති මුන්ද (මුද්රි්කාව) බඳු, බුදුන් ගේ පියකර දහම් දැනැ ගෙනැ පින් රැස් කරන්නා වූ සන්නස් සසුන් උවදෙස් මඬුල්ලේ නායක යාණන් හෙවත් සන්නස් කරන මැතිඳුන් (එ තුමන් ගේ) සිතේ සතුට වඩා රක්නා සේ අදරින් අයදී

නයිනා යන්නේ ‘ගජනායක’ යන මූණුවර ද ඇත්තේ යි.

කැමිඳුන් = කැමි ඉඳු + උන්


60 සමුදීමේ ආසිරි 290 ර සි න් සපිරි මෙ මහසුන් රැගෙනැ ගිය ළ සේ වෙ සි න් සුනිල් රසඳුන් සදිසි ඇස ඇසේ බ සි න් සිනිඳු කොවුලිඳු සඳිනි නොකමසේ තොසින් පවතු සිය සිය නෑ සමඟැ වැසේ

290. රසින් සපිරි මෙ හසුන් (අප ගේ ) ළ සේ ඇරැ ගෙනැ ගිය, වෙසින් ඇස ඇසේ රස අඳුන් වැනි සුනිල්, බසින් සිනිඳු කොවුලිඳු සඳිනි සිය නෑ සමඟැ වැසේ නො කමසේ තොසින් සිය පවතු.

රසයෙන් මඳ වූ ද ඉඩක් නො තිබා පිරුණු මෙ අස්න (අප) සිත් නියා ගෙනැ ගිය, රුවින් ඇසෙක්හි ඇසෙක්හි රස අඳුන් වැනි වැ තද නිල් පැහැවත්, හඬින් සිනිඳු වූ (හෙවත් රළු නුවු හඬ ඇති) කොවුලිඳු තුමාණෙනි තම නෑයන් හා එක් වැ වෙසෙමින් නැවැත්මක් නැති සතොසින් සියවස් දිනේවා!

කතු නිදොස

291. උ ස දෙව් නුවර දිසි ඉරුගල් කුලට කිරුල් ය ස සිරි වඩන නිසි ගිරි වැසි තෙරිඳු‍ට මල් තොස යුතු තිලක පිරුවන් හිමි පවර නිමල් ර ස කැරැ පැවැසු පරපුටු ස‍ඳෙසරුත් ළකල්

291. උස දෙව් නුවරැ දිසි ඉරුගල් තුලට කිරුල්, යස සිරි වඩන, නිසි ගිරිවැසි තෙරිඳුට මල්, තොස යුතු, පවර නිමල් තිලක පිරුවන් හිමි. ලකල් අරුත් රස කැරැ පැවැසූ පරපුටු සදෙසැ.

උසස් වූ දෙව් නුවරේ වජඹිනා ඉරුගල් කුලයට කිරුළ වු, යසසත, සැපතත් දියුණු වන්නා වූ සුදුසු කම් ඇති ගිරි වාසී තෙරිඳුට මල් වූ තොසින් යුත්, උතුම් වූ, සිල් ගුණයෙන් පිරිසුදු, තිලක පිරුවන් හිමි මනස්කාන්ත වූ අර්ථ රසයෙන් යුතු කොටැ වදාළ කොවුල් අස්නයි (මේ).