ගිරා සන්දේශ විස්තර වර්ණනා-4

Wikibooks වෙතින්

31


අර්ථය - මේ රජ තෙමේ ගුණයෙන් සියලු සතුන්ගේ සිත් සනසා ලීය. නිතර (දෙන) දානයෙන් චින්තාමාණික්යේයකැයි විශ්වාස කරවීය. ලෝකයෙහි මහත් වූ බලයෙන් බල-භච්ද්රනයාගේ ශක්තිය පෙන්වා සතුරු රජවරුන් කඩුව නමැති වැස්සෙන් නැහැවීය.

විස්තර - (1) වෙනත් සංස්කරණවල 3 වැනි 4 වැනි පද්යෙ පාද වෙන වෙනම වාක්යේයක් සේ ගන්නා ලදි. එයින් වඩා නිරවුල් වඩා හොඳ තේරුමක් ලැබෙන බැවිනි.

(2) සිතුමිණ - දිව්ය ලෝකයෙහි ඇතැයි කියන, සිතූ පැතූ සම්පත් දෙන මැණිකකි. තවත් මෙබඳු වස්තු හතරක් එහි ඇතැයි කියති. ඒවා නම් භද්ර ඝටය, කල්ප වෘක්ෂය, කල්ප ලතාව හා සුරබි දෙනයි.

බලදෙවි - කෘෂ්ණගේ වැඩිමල් සොහොයුරා වන මොහු බල රාම, බල භද්රට යන නම්වලින් ප්ර දිද්ධය.

බලදෙවි හැවිය පෑ දුහද රදුන් - බලභද්රනයාගේ ශක්තිය පෙන්වා සතුරු රජුන්; සුහුද යනු මිත්ර වාචී වන අතර දුහද යනු අමිත්ර‍වාචි වෙයි. භවිම හැවි; ස්වාර්ථ තද්ධිතයි.

දලදර - ජලය දරන නිසා වලාකුළට නමි. ‘ජලධර දිවස’ යනු ධර්මප්රමදීපිකාවෙහි තේරුම් කර ඇත්තේ වැසි දවසක් හැටියටය.

(3) සතුරු රජවරුන් කඩුව නමැති වැස්සෙන් නැහැවීය යනු මනා කාව්යත සංකල්පනයක් නොවේ. කඩුව වලාකුළට උපමා කිරීම අනුචිතය.


32


අන්වය - සත සිත රැඳි නිමල් ගුණ පසිඳු විකුම් ඇති සිරිකත සිරි කමල් වැනි මෙනිරිඳුගේ තද තෙද, අග, මෙසියල් දියත නිති දිව නොනැවති රුපු කත නෙත සිලිල් සිඳු තෙර වැද නැවති.

අර්ථය - සත්වයාගේ සිතෙහි රැඳුණු නිර්මල ගුණයත් ප්රිසිද්ධ වික්රතමයත් ඇති, ශ්රීත කාන්තා‍ව‍ගේ ශ්රීත පද්මය වැනි මේ රජුගේ මහත් වූ තේජස් ගින්න මේ මුළු ලෝකය පුරා නිතරම දිව ගොස් නොනැවතී සතුරු අඹුවන්ගේ කඳුළු නමැති සමුද්රු තීරයට පැමිණ නතර විය.

විස්තර - (1) මේ කවියෙන් වර්ණනා කර ඇත්තේ පැරකුම්බා රජුගේ එකිනෙකට වෙනස් ගුණාංග දෙකකි. මුල් පද දෙකෙන් ඔහුගේ ශ්රීේ සමෘද්ධියත් අග පද දෙකෙන් තේජසත් වර්ණනා වෙයි. එසේ නැතිව එකම ගුණයක් හෝ එකිනෙකට ළංව යන ගුණ දෙකක් වර්ණනා කරන ලද්දේ නම් වඩාත් මැනවි.

(2) ශ්රීෙ කාන්තාව (15 වැනි කවියේ විස්තර බලන්න) වාසය කරන්නේ පද්මයකය. පැරකුම්බා රජු ශ්රී කාන්තාවගේ ශ්රීැපද්මයයි කීමෙන් ඔහුගේ ඉසුරුමත් බව හැඟවේ.

(3) රජුගේ තේජස මුළු ලොව පුරා දිව ගොස් නැවතුණේ සතුරු කාන්තාවන්ගේ ඇස කෙළවරය. ඒ කාන්තාවන්ගේ කඳුළු සමුච්ද්රුයට උපමා කිරීමෙන් විශාල වශයෙන් ඔවුන් හැඬූ බව හැඟවෙයි. එවිට අග්නිය කුමක්ද? ඒ ඇඬීමෙන් රතු වූ ඇස්ය.

(4) කමල් - නෙළුම් මල

තදතෙද’ග - මහත් වූ තේජස නමැති ගින්න

රුපු කත - සතුරු කාන්තාව; සතු‍රාගේ බිරිඳ

නෙත සිලිල් - ඇසේ වතුර = කඳුළු


33


අන්වය - රුපුන් පා කර මෙදියත වැජඹි මෙරද ස-ගුණ මහල්, සිව් උපා සිව් බිතින් යුත, දස රජ දම් මිණි පා තද අණ මැඳුරත සතත සතන සතපා සුබ සෙත කෙළෙය.

අර්ථය - සතුරන් පහ කොට මේ ලෝකයෙහි විසුවා වූ මේ රජ තෙමේ සය ගුණ නමැති මහල් හා සතර උපාය නමැති බිත්තියෙන් යුත්, දස රාජ ධර්ම නමැති මැණික් පාද ශක්තිමත් වූ ආඥා නමැති මන්දිරයෙහි නිතරම සත්වයාගේ සිත් සතුටු කරමින් ශුභ ශාන්තිය කෙළේය.

විස්තර - (1) මෙයද ඒ තරම් සිත් ගන්නාසුලු කාව්යය සංකල්පනාවක් නොවේ. කවියක් රසවත් වීමට නම් එක්කො ඉන් ඉදිරිපත් කරන අර්ථය සාරවත් විය යුතුය. නැත්නම් චිත්ත රූපය ප්ර බල විය යුතුය. චිත්ත රූපය පටලැවී තිබීම මෙම කවියේ රසයට මහත් බාධාවකි.

කෙසේ වුවද පහත සඳහන් විස්තර මගින් එහි ඇති ස්වල්ප වූ රසය තරමක් අලංකාරයකි. එසේම එය කැපී පෙනෙන ලක්ෂණයක්ද වේ. රජුටද ස-ගුණ අලංකාරයක් මෙන්ම කීර්තියට හේතුවක්ද වේ. සතර භික්තියෙන් ගෙය ආරක්ෂා වන්නාක් මෙන් සතර උපාය නිසා ඔහුද ආරක්ෂා වෙයි.

(2) ස-ගුණ - ප්රලබල රජෙකු තුළ පිහිටිය යුතු ගුණ සය. ඒවා නම් (i) සන්ධි - සතුරන්ට තෑගි දිමාදියෙන් තමන්ට සම්බන්ධ කර ගැනීම (ii) විග්රිහ - සතුරාට විපත්ති පැමිණවීම (iii) යාන - තම රටේ රැකවල් තර කර සතුරා මැඬීමට යෑම (iv) ආසන - සටනට සුදුසු කල් පැමිණෙන තුරු නතර වී සිටිම ආසන නමි. (v) ද්වෛධ - අවස්ථාවට සුදුසු පිරිදි පිල් මාරු කිරීම. (iv) ආශ්ර්ය - බලවත් සතුරෙකුගෙන් ගහට පැමිණෙන විට වෙනත් බලවතෙකු ඇසුරු කිරීම - මේවා අද වුවද දේශපාලන ක්ෂේත්ර-යේ දක්නට ලැබේ.


සිවු උපා - උපාය සතර - සාම, දාන, භේද, දණ්ඩ, මෙය ‘භේද කොට පාලනය කරනු’ යන ඉංගිරිසීන්ගේ අධිරාජ්යඋවාදී න්යාවය සමග සසඳන්න.

දස රදදම් - දශ රාජධර්මය - (i) දානය, (ii)ශීලය, (iii) පරිත්යාවගය, (iv) සෘජුබව, (v)මෘදුබව, (vi) තපස (vii) ක්රෝ‍ධ නැතිකම, (viii) අවිහිංසාව, (ix) ක්ෂාන්තිය (x) අවිරෝධතාව යන දශය

මිණි පා -මැණික් කණු. මන්දිරයක පාද හැටියට සැලකිය හැක්කේ එහි කුලුනුය.

අණ මැඳුරත - රජුගේ ආඥාව මන්දිරයකට සමාන කෙරිණ.


34


අන්වය - පසිඳු මොහුගෙ දල දන් දලදර, දිළිඳු සිතෙහි පබඳ කලිමල දෙවියේ මතුද? කිවිඳු වදන් බිම නිබඳ බැබලුම් කළ සිනිඳු යසස් ලිය නොමඳ සුහුඹුල් කෙළෙ.

අර්ථය - ප්රබසිද්ධ වූ මොහුගේ දත් නැමති ජල ධාරාව දුප්පතුන්ගේ සිතෙහි තදින් බැඳුණු ලෝභය නමැති කිළුට සෝදා හැරියා පමණක්ද? (නොවේ). කවීන්ගේ වචන නමැති භූමිය නිතර අලංකාර කළ කුඩා කීර්ති ලතාවද වර්ධනය ‍කළේය.

විස්තර - රජු එක දිගටම දන් දෙන නිසා එය ජල ධාරාවක් වැනිය. මේ ජල ධාරාව කාර්ය දෙකක් ඉටු කරයි. පළමුවැන්න, යාචකයන්ගේ සිතෙහි බැඳුණු ලෝභය නමැති කිළුට දුරු කිරීමයි. දෙවැන්න කාව්ය කෘති නමැති භූමියෙහි හට ගත් කීර්ති ලතාව වර්ධනය කිරීමයි.

දළ - මහත් වූ

දලදර - ජලය දරන හෙයින් වලාකුළද වැස්සච මෙනම් වේ. මෙතැන ජලධාරාව යනු වඩා සුදුසුය.

කලිමල - ලෝභය නමැති කිළුට

බැබලුම් කළ - රජුගේ කීර්තිය නිසා කවීන්ගේ කවි අලංකාර වූ බව කියූ සැටියි.

සිනිඳු - ගසක් කුඩා කල සිනිඳුය. මහත් වූ කල ගොරහැඩිය. එහෙයින් සිනිඳු යසස් ලිය යනු කුඩා යසස් ලතාවයි.

සුහුඹුල් - මහත්, ශක්තිමත්, සහබල යනු මෙහි මුල් රූපයයි.


35


අන්වය - එතරම් දුෂ්කර නැත.

අර්ථය - විෂ්ණු වැනි උතුම් වූ පරාක්ර්මබාහු රජුගේ සමර්ථ වූත් මහා බලවත් වූත් සිත් දැඩි චතුරංගිනී සේනාව ලෝකයේ කෙළවරට පැමිණ පැහැර නොගත් සතුරු නගරය කුමක්ද? යුගාන්ත සාගරයෙහි රළ නොවැදුණු ස්ථාන කවරේද?

විස්තර - යුගයක් විනාශ වන විට මුලින්ම හිරු සත් දෙනෙක් පායා දවාලයි. ඊට පසු මහා වැස්සක් වැස මුළු ලෝකයම යටකර දමයි. ඉන් පසු මහා වාතයක් හමා ගල් පර්වත පෙරලා දමා සාගර ජලය හැම තැනම පතුරවයි.

සකත - සක් + අත; සකක් හෙවත් චක්රාවයුධයක් අතේ ඇති තැනැත්තා; චක්රියක් අතේ ඇත්තේ විෂ්ණුගේය.

සිවුරඟ සෙනඟ - චතුරංගිනි සේනාව; ඇත්, අස්, රථ, පාබල යන අංග හතරින් යුත් සේනාව.

ළතර -‘ළ’ යනු සිතයි. සිත දැඩි වූයේ ළ තරයි.

නොපහළ - පළමුවැනි ‘නොපහළ’ යනු ‘පැහැර නොගත්’ යන තේරුමද දෙවැන්න ‘ස්පර්ශ නොකළ’ යන තේරුමද දෙයි.

යුගත සයුරු රළ - යුගයන්ගේ කෙළවරදී ලෝක විනාශය සිදු වෙයි. ඒ අවස්ථාවේදී සාගරය ලෝකයේ හැම තැනම යට කර ගනී. ප්ර ලයෙ හිනනමය්යා්ථා දා - භවන්ති කිල සාගරාඃ (ලෝක විනාශ කාලයෙහි සාගරයෝ බිඳුණු වෙරල ඇත්තාහු වෙති.)

පහළ - ‘පහර’ යන ධාතුවෙන් නිපන් අතීත කෘදන්ත රූපය; ‘පහර දුන්’ යන තේරුමදේ.



36


අන්වය - පොරණ, වෙන වෙන රුදුරු වෙස් ගෙන ‍සොරකම් කර සුරුකම් කළ දියබඳහු නරතුරු සොඳුරු එක වෙස සිට නොයෙක් පැරකුම් පැ පැරකුම් රජුට සරියයි කවුරු පවසති?


අර්ථය - පුරාණයෙහි වෙනස් වෙනස් රෞද්ර වේෂ රැගෙන සොරකම් කොට ශූරකම් කළා වූ විෂ්ණු, නිරන්තරව සුන්දර වූ එකම වේෂයෙන් සිට නොයෙක් පරාක්රමම පෙන්වූ පරාක්රවම රජුට සමානයයි කවුරු පවසති?

විස්තර - (1) මීට ඉහත කවියෙන්ම පරාක්රකම රජු විෂ්ණු හා සමානයයි තමාම කියා මේ කවියෙන් එසේ කියන්නේ කවුරුදැයි ඇසීම සුදුසු නොවේ.

(2) සිංහල කවීන් නොයෙක් විට හින්දු සංකල්ප හා දෙවිවරුන් ගෞරවයෙන් සැලකූ නමුත් ඒ මුළු සිත්න්ම නොවන බව පෙනේ. විෂ්ණු වැනි නිතර ගෞරවයෙන් සැලකූ දෙවියෙකු මෙසේ උපහාසයට භාජනය කිරීමෙන්ම ඒ බව පෙනී යයි. වාමන වෙස් ගෙන බලි අසුරයා පැරදවීම වැනි තැන්වලදී විෂ්ණු ක්රිෙයා කර ඇත්තේ සෘජුව නොවේ. ‘සොරකම් කර’ යැයි කීයේ එහෙයිනි.

(3) වෙන වෙන වෙස් - විෂ්ණුගේ දස අවතාරයක් ඇත. ඒ සලකා මෙසේ පැවසිණි. (1) මත්ස්යස, (2) ඉබි, (3) ඌරු, (4) නාරායණ, (5) වාමන (6) පොරෝ රාම, (7) රාම, (8) බල රාම, (9) බුද්ධ, (10) කල්කි යනු දස අවතාරයයි.

දියබඳහු - ලෝකය විනාශ වන්නට ගිය බොහෝ අවස්ථාවලදී, හින්දු ආගමට අනුව, එය බේරා ගන්නා ලද්දේ විෂ්ණු විසිනි. ඒ නිසා ලෝකයාගේ ඥාතියා යන අර්ථයෙන් විෂ්ණුට දියබඳයයි කියනු ලැබේ.

සොඳුරු එක වෙස - විෂ්ණු සපන්කම් කෙළේ රෞද්ර වූ වෙන වෙන වේෂයන් රැගෙනය. පරාක්රයමබාහු ‍රජු සපන්කම් පෙන් වූ එකම වේෂය පවා සුන්දර වූවකි.



37


අන්වය - දෙසින් දෙසම දිසි, මෙනරනිඳු යසසට, තරිඳු අසින් අසක් වත් සරි වේ නම්, ලොව සැමට ඇසින් ඇස එක බඳු පෙනෙත, උළිඳු මසින් මස කුමකට අඩු වෙද?

අර්ථය - දේශයෙන් දේශයම දෘශ්යකමාන වූ මේ රජුගේ කීර්තියට චන්ද්ර යා අංශුවෙන් අංශුවක් සමාන වන්නේ නම් (රජුගේ කීර්තිය) ලෝකයේ සියලු දෙනාටම, ඇසින් ඇසට එක සේ පෙනෙන කල්හි චන්ද්රුයා මාසයෙන් මාසය කුමක් සඳහා අඩු වේද?

විස්තර - (1) පැරකුම් රජු‍ෙග් කීර්තිය හැම දා හැම දෙනාටම එක සේ පෙනෙන අතර චන්ද්රදයා මාසයේන මාසය අඩු වන නිසා ඒ දෙක සමාන නොවන බව, එසේ නැතහොත් රජුගේ කීර්තිය වඩා උසස් බව මේ කවියෙන් කියවෙන අදහසයි. එහෙත් එය මඳක් පැටලිලි සහිත බව පෙනේ.

(2) සඳ අඩමසක් වර්ධනය වී අඩමසක් අඩු වෙයි. ඒ නිසා අඩුවීම මෙන්ම වැඩිවීමද මසින් මස සිදු වන්නක් සේ සිතිය හැකිය.

(3) අසින් අසක් - කොටසින් කොටසක්. ඇසින් ඇස - ඇසක් පාසා යන තේරුම දෙයි

උළිඳු - උළු + ඉඳු, උළු නම් තාරකායි. තාරකාවලට ප්රහධාන නිසා සඳ උළිඳු නමි.



38


අන්වය - ළඳුන් සිනිඳු කොමළ’ත් වැලඳි සිහිලසේ ගුණ රැසේ බදන නඳුන් මෙහිමි සොඳ අතුරු නුදුන් බඳ උරගුන් තොසේ දරණ කළ සඳුන් තුරෙක සරියයි කෙසේ කියමෝද?

අර්ථය - කාන්තාවන්ගේ සිනිඳු කොමළ අතින් වැළඳ සීතල ගුණ රාශිය බදා ගත්, සිත් සතුටු කරවන මෙම ස්වාමීන්ගේ අන්තරායක් ඇති නොකළ සර්පයන් යහපත් ශරීරය සතුටින් වැලඳ ගත් සඳුන් ගසකැයි කෙසේ කියමුද?

විස්තර - මෙම කවියට අප අර්ථ කියා ඇත්තේ වෙනත් සංස්කරණවලට වඩා වෙනස් ආකාරයකටය. ඒ පහත සඳහන් කරුණුද සැලකිල්ලට ගැනීමෙනි.

සර්පයන් සිසිලස් ගුණය පතා සඳුන් ගස් වටේ එතෙතැයි කියනු ලැබේ. කාන්තාවෝද සිසිලස් ගුණය පතා රජුගේ බඳ වෙළා ගනිති. කාන්තාවන්ගේ අත්වල උණුසුම් ගුණ

පිරිමින් ප්රි ය කරන ලක්ෂණයක් නිසා එම අර්ථය ගැනීම වඩා මැනවි. සඳුන් වෙලා‍ ගෙන සිටියත් සර්පයෝ අනුන්ට අන්තරාය ගෙන දෙති. එහෙත් රජුගේ බඳ වෙලා ගත් කතුන්ගේ අත් එවැනි අනතුරක් ගෙන දෙන්නේ නැත. මේ නිසා ‘අතරක් නොදී වෙළා ගත්’ යන අර්ථයට වඩා ‘අන්තරායක් නුදුන් අත්’ හැටියට අර්ත කීම වඩා සුදුසුය.

(2) උරගුන් - සර්පයන්; උරයෙන් ගමන් කරන යන තේරුමෙනි.


කියමෝද - ‘කිය’ ධාතුවෙන් උපන් උත්තම පුරුෂ බහු වචන රූපයකි.කියමුද? යන අර්ථය දේ.



39


අන්වය - සුරතුරු අතු අත රැඳි කනා ලිය අයුරු රූ සිරිසර මනාලිය නිරතුරු සිටින පියකරු මෙරද, රුසිරෙන් මද දිනා ලිය. ඉන් සුරගුරු හටද වනා ලිය නොම හැකි.

අන්වය - දිව්යු වෘක්ෂයන්හි අතු කෙළවර රැඳි රත්රන් වැල් පරිදි රූපශ්රීොයෙන් යුක්ත කදිම ස්ත්රී න නිතරම සිටින ප්රි්යංකර මේ රජතෙමේ රූපශ්රීැයෙන් අනංගයා පැරදවීය. ඒ නිසා ඒ (රූපශ්රීිය) බෘහස්පතිට වුවද වර්ණනා කිරීමට නුපුළුවන.

විස්තර - (1) දිව්යී වෘක්ෂයන්හි අතු අග රන් ලිය වෙයි. පැරකුම් රජු අසල ලස්සණ ස්ත්රීයහු වෙති. මෙයින් ඇත්ත වසයෙන්ම රජුගේ රූපශ්රී්යෙහි විශේෂතාවක් කියවුණේ නැත. යන්තම් හෝ කියවෙන්නේ ‘මද දිනාලිය’ යන්නෙනි.

(2) කනා - කනක හෙවත් රත්රන්

සුරතුරු - දිව්ය් වෘක්ෂ පහක් ඇතැයි කියවේ. ඒවා නම් (1) මන්දාර (2) පාරිජාත (3) සන්තාන (4) කල්ප වෘක්ෂ (5) භරි චන්දන යනුයි. මෙයින් කල්ප වෘක්ෂය බෙහෙවින් සාහිත්යියෙහි සඳහන් ලබයි. එහෙයින් නොයෙක් විට සුරතුර යනුවෙන් එයම ගැනේ.

මද - අනංගයා - Cupid යනුවෙන් බටහිර හැඳින්වෙන ආදරයට හා රාගයට අධිපති දෙවියාය. මොහු අතිශයින්ම රූමත්ය. උක්දඬු දුන්නක් රැගෙන එහි මල් හී යොදා ඉන් විද ප්රේ.මවන්තයන් මන් මත් කරවයි. ඒ නිසා ඔහු ‘මද’, ‘මන්මද’ ආදි නම්වලින්ද හැඳින්වේ. අනංගයා අතිශයින් රූමත්ය.

(3) සුරගුරු - දෙවියන්ගේ ගුරුවරයා. වෘහස්පති. මොහු මහා උගතෙකි. මෙතරම් ප්රවසිද්ධ නොවුවත් අසුරයන්ටද මෙවැනි ගුරුවරයෙක් සිටී. ඒ අසුරගුරු නම් සිකුරුය. මේ අය බහුශ්රැසතයන් වෙතත් වර්ණනාවෙහි දක්ෂයන්හැටියට නොසැලකිය හැකිය. වර්ණනාවෙහි ශූරයෝ කවියෝය.



40


අර්ථය - මේ රජුගේ මේ අකාර වූ ගුණ නමැති මැණික් සමූහය හදවත නමැති නිධානයෙහි තැන්පත් කොට ආදර සිතින් සිහි නමැති මුද්රාකව නොකඩා (මතු සම්බන්ධයි)

විස්තර - (1) ගිරවා දැන් යන්නේ රජු වැඳ අවසර ගන්නටය. එදේ යන අවස්ථාවේදී මෙතෙක් කතුවරයා ඔහු සිතේ රජු කෙ‍රේ ආදරයක් ඇති කරලීමට කියූ වචන අමතක නොකරන ලෙස කී සැටියි.

(2) අද - හද > අද; ‘හ්’කාර ලෝපයෙන් නදන්හි - නිධානයෙහි

සි අස් - සිහිය නමැති මුද්රා්ව. පෙර රජුන් යමකට මුද්රාන තැබීමට ගන්නා ලද්දේ හංස සටහන සහිත මුද්රා-වකි. හස් > අස්

අදස - අදස යනු අදහස යන අර්ථය දීමට යෙදෙන බව සිංහල ශබ්ද කෝෂය කියයි.