ජයවර්ධන පුර වර්ණනා

Wikibooks වෙතින්

ජයවර්ධන පුර වර්ණනා[සංස්කරණය]

Gshaha 13. ජ ය ව ද් ද න දැනුමැ’ති මැති යුතු පව ර

රුපු ම ද් ද න ගජ හය සෙන් පිරි නිතො ර

නොවරද්ද න සගමොක් මුනිදහම’ක ර

ජ ය ව ද් ද න පුරවර මෙය දනු මිතු ර


14. බ ඹා පළමුවෙන් ලොව පමණ නොදැන මා

අ ඹා තුබූසක්වළ ගිරි සෙ මෙතැන මා

ප බා විහිදී පවුරට නත දරණ යොමා

නොබා කියමි නොසරිද යන්තමක් තමා


15. එන සඳ පෙර මෙපුර කිරි සිඳු දුව තුටුව

සි ඳු ර ද විසින් ඇය රැකවරණට කැටුව

පි රි සි ඳ එවූ සිඳු කඩකෙ’ව් නොව පටුව

ඇමස ඳ පිරුණු දිය’ගල ලොබ වෙයි දුටුව


16. සු වි ස ල් අගල දිය තුළ පෙනෙන පැහැසර

ර ළ ‘වුල් සසල රිවි සඳ මඬල ඇම වර

තු ඟු තුල් පවුරු හිස පැන යනු බැරිව හැර

ර ස හල් පිවිස ගමන’රඹිනු වැනි මිතුර


17. ස ඳ රිවි තමන් රහු මුව පත් වූ ස‍ෙඳහි

බි ඳ ගන අඳුර එළි කරනුව රෑ දෙවෙහි

බැ ඳ සිය කිරණ පට ගිය මෙන් පහ අගෙහි

සොඳ රන් රිදී දද බබලයි පුර වරෙහි


18. හය කුර ග සි න් නැඟි රදසින් හිවි අඹර

ගජකන් ත ලි න් එන පවනින් යුත් මෙපුර

කෙළි සන්තොසින් රැඳි සලෙළුන්හට නිතොර

සැඬකර ර සි න් සැඬ ගිමනින් දුක් කවර


19. අ ගි ල් කපුරු දුම් කඳ පැතිර පිහිකුළු

වි පු ල් මෙපුර රන් දෙදෙනු’දුල පහ කුළු

ළක ල් සුර’ඹ සිදු ලිය කෙළි සිරස කුළු

සි ය ල් හිමව් ගිරි කුළු සිරි පැයි ලකුළු


20. මෙ පු ර පහ’ග දිලි රන් කැරලි වසමිනි

පැ ති ර උලැඟි රොන් පට හය කුර ගසිනි

අ ඹ ර ඇඹරි දද’තින් පිස යනු කෙ වැනි

නිතොර සොඳුරු ගුරු පිරියම් කරන වැනි


21. සො බ න නොයෙක් පහ මිණි බිතිනි මනහර

පෙනෙන උදය දිවයුරු මඬල පැහැසර

ර ඳ න මෙපුරවර කුල’ඟන මුව තඹර

බ ල න වැන්න වැද වැද සිට මැඳුරතුර


22. සි ය ල් සිරින් මෙහි පහ කැරලි අග

තු මු ල් සුනිල් මිණි පැහැ පැතිර සුර මඟ

අ ස ල් වමින් රිවි සඳු හට පලඟ රඟ

සෙවෙල් ලෙසින් දිස්නෙය ගොස් අහස් ගඟ


23. තනා පබළු මුතු මිණි අබරණ පැළඳ

පිනා සඳලුවල සිටි සුර’ඟනෝ ලද

මනා ළපලු පත් මල් පල ගෙන නොමඳ

කනා ලියන් වැනි රැඳි රන් ගිරි බෙයද


24. පි ය ක රු තෙනෙන් පැරදි පිවිසි වන විල

පි වි තු රු හසුන් එන ලෙස යළි ගෙ-දිගු විල

වි සි තු රු මෙපුරවර අඟනන් වෙමින් ලොල

පි ය යු රු පටින් බැඳ වසතී සිතේ බල


25. ක ලා සපිරි සසි වත මන කලා වන්

නි ලා තිබෙන බැම ඉඳු දුනු පිලා වන්

දු ලා තනන තන රන හස පිලා වන්

බ ලා පයැ’ද යනු බැරි පුර කලා වන්


26. රොද’ක් කන අලක මුතු පට ගොතා බැඳ

ස ඳ ක් බඳු වුවන මඳ හස යොදා නඳ

ම ඳ ක් මතු මහල සිටි එළි පෙනී සොඳ

උ ද ක් සුර’ඟනන් වැනි පුර’ඟනෝ ළඳ


27. වෙරළ ඉ ගි ළ තු ළ ර ළ වැළ ලෙස උලෙළ

නැබළ ප ට ළ පෙ ළ ලෙළ වමිනි කෙළ කෙළ

ක ර ළ කෙරළ මොළ බළ දළ දප පහළ

පු ව ළ සි හ ළ ද ළ බළ මුළු නිති ඔසළ

"https://si.wikibooks.org/w/index.php?title=ජයවර්ධන_පුර_වර්ණනා&oldid=11241" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි