ජෝන් ද සිල්වා නුර්ති නාට්‍ය එකතුව-04-අධ්‍යාශය සහ අනුමෝදනාව

Wikibooks වෙතින්

අධ්යාශය සහ අනුමෝදනාව


නිතිඥ ජෝන් ද සිල්වා (ක්රි . ව. 1957 – 1922) වනාහි සිංහල නාට්යල වංශයෙහි පුරෝගාමි නාට්යු කර්තෘවරයෙකි. ඔහුගේ නාට්ය7 කෘති අධ්‍යයනය කිරිමෙන් නුර්ති නම් වු සිංහල නාට්යත යුගය පිළිබඳ පුළුල් අවබෝධයක් ‍ලැබිමේ අවස්ථාව රසික ජනයාට ලැබෙතියි යන්න අපගේ විශ්වාසය විය. එබැවින් අවුරුදු හැට හැත්තෑවකින් නැවත මුදුණය ‍නො කළා වු ද පොත් වශයෙන් ප්රඅකාශයට පත් නො කළ නිසා සාමාන්යව පාඨකයාගේ ආශ්රඅයෙන් බොහෝ සෙයින් දුරස්ථ වු ද ජෝන් ද සිල්වාගේ නාට්යම පිටපත් සොයා මෙසේ මුද්ර්ණය කරන්ට සිතුවෙමු මෙම කෘතිය සකස් කිරි‍ෙමහි ලා අප පෙළඹ වු තවද එක් කාරණයක් විය. එනම්, ගිත නිබන්ධකයකු ‍වශයෙන් ජෝන් ද සිල්වා සිංහල ගීත ක්ෂේත්රශයෙහි උසුලන්නා වු සුවිශේෂ ස්ථානය යි. ගිතය කේවල කලා මාධ්ය්යක් වන්ට පෙරාතු ව නාටකය හා බද්ධ ව පැවතිණ, නාඩගම් , නුර්ති, ටිටර් යන නම්වලින් හැඳින්වුණු සිංහල නාටක, ගීතයෙන් ආඪ්යග නිර්මාණයෝ වුහ. නුර්ති යුගයෙහි ජෝන් ද සිල්වා විසින් රචනා කරන ලද ගීත සංඛ්යාගව දහස් ගණනකි. ඉන් ඇතැම් ගියක් රස නුසුන් ව අදත් දනන් තුඩ තුඩ පිළිරැව් දේ. එබැවින් නාට්ය. කෘති ඒකරාශි කිරිමේ ව්යානජයෙන් අප විසින් කරනු ලැබ ඇත්තේ ජෝන් ද සිල්වාගේ ගීත ඒකරාශි කර සිංහල ගීත වංශයේ ඌන පුරණයක්‍ කිරිමකැයි යම් කෙනකු චෝදනා නගතොත් එය පිළිගන්ට අප ඉත සිතින් සුදානම් බැව් කිව මනා වේ. මේ කීතියෙහි පමණක් අඩංගු වි ඇති නුර්ති ගිත සංඛ්යාදව 337කි. ජෝන් ද සිල්වා නාට්ය කෘති එකතුවෙහි එක් එක් කාණ්ඩවල මුලට අමුනා ඇති පුර්විකා ගැන ද වචනයක් සඳහන් කළ යුතු ව ඇත. එනම්, ඒවා හුදෙක් දුහුනන් දැනුම් සඳහා සකස් කරන ලද ලිපි ලේඛන බව යි. ජෝන් ද සිල්වා පිළිබඳ හසරක් නො දත් පාඨකයකුට වුව ඔහු ගැන කිසියම් අවබෝධයක් ලබාගෙන ඉන් අනුතරු ව ‍නාටක පෙළ පරිශිලනය කරන්නට අවකාශ සලසා දිම එම ලේඛන පළ ක‍ිරිමේ අභිලාෂය විය. මේ කාණ්ඩයෙහි පූර්විකාව වෙන් වි ඇත්තේ ජෝන් ද සිල්වා ගේ අනුප්රාකප්තිකයා වු චාල්ස් ඩයස් පිළිබඳ විස්තර කථනයක් සඳහා ය. ජෝන ද සිල්ව‍ාගේ නාට්යි කෘති මෙහි ලා සංග්රසහ කිරිමේ දි ඒවායෙහි අඩංගු ප්ර ස්තාවනා, භූමිකා විස්තර, පිළිගැන්වි‍මේ වාක්ය හා කාව්යස ආදිය ද ඒ හැටියෙන් ම බහා ලන ලදි. එමෙන ම වියරණ නය බුන් තැන්, අක්ෂර වින්යාාසයෙහි සහ පද බෙදීමෙහි සදොස් තැන් එසේ ම තිබෙන්නට හැරියෙමු, භාරතිය රාග නාම හා තාල නාමවල දැකිය හැකි උච්චාරණ දෝෂ ද එමට ය. ‍ෙම් සියල්ල ශුද්ධ කිරිමෙන් තොර ව මුද්රගණය කරන්ට යෙදුණේ සිංහල නාට්ය.යෙහි ප්රාලථමික අවධියේ භාෂා සාහිත්ය සංගිත කලාවන්හි තත්ත්වය පාඨකයාට වටහා දිමේ හිතාධ්යා ශයෙනි.


මෙහි දි අප නාට්ය පෙළ ගස්වා ඇත්තේ ජෝන් ද සිල්වා විසින් ලියා පළ කරන ලද අනුපිළිවෙල හැකිතාක් දුරට ආරක්ෂා කර ගන්මිනි.ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනු ව ජෝන ද සිල්වා මුද්රරණයෙන් ප්රේකාශයට පත් කළ මුල් ම නාට්යස කෘතිය නලරාජ චරිතය යි. ඒ, 1886 ජුනි 25 වන දා ය. එය ජෝන් ද සිල්වා නුර්ති නාට්යත එකතු‍ ෙවහි මුලින් ම දක්නා ලැ‍බේ 1886 අගෝස්තු 12 වන දා ගිනිහටන නාටකයත් 1886 දෙසැම්බර් 12 වන දා සිතාහරණ හෙවත් ගිනිගත් රාමායණයත් ප්ර කාශයට පත් කර තිබුණත් ඒවා අපට හමු ‍වුයේ මුල් කාණ්ඩ මුද්රරණද්වාරයෙන් පළ වු පසු ව බැවින් චතුර්ථ බාගයට ඇතුළත් කර ඇත. එනයින් චතුර්ථ භාගයෙහි සංග්රතහ වි ඇත්තේ මුලු කාණ්ඩවලින් ගිලිහි ගිය කෘති සමුහයක් බව සැලකුව මනා ය. ජෝන් ද සිල්වා නුර්ති නාට්ය එකතුවේ තෘතිය හා චතුර්ථ භාග අද පළවනුයේ මුල් කාණ්ඩ නිකුත් විමෙන් වසර 16කට පසු වය. ඒ වනාහි එකී කාණ්ඩවල නාට්යක පිටපත් එක්රැස් කරන්ට ගත වු කාලය යි.


ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ හෝ කොළඹ කෞතුකාගාර පුස්තකාලයෙහි හෝ තැන්පත් වි නැති ‘ගිනි හටන’ පිටපතක් බ්රිඒතාන්යු කෞතුකාගාර පුස්තකාලයෙන් ඡායා පිටපත කර දුන් ‘සිරිබො අය්යා’ චිත්රාපයටයහි නිෂ්පාදක, ලන්ඩන් නුවර වාසි රංජිත් පළන්සුරිය මහතා සහ එය ලන්ඩන් නුවර සිට ගෙනැවිත් දුන් මහාචාර්ය ජේ.බි. දිසානායක මහතාත් ග්රඩන්ථාගත නො වු ‘වැනිසියේ වෙළෙන්දා’ පිටපත 1978 දි සොයාගෙන 1992 දි මුද්ර්ණය කරන්ට සුදානම් කර තිබිය දි එය මේ නාට්‍ය එකතුවේ පළ කිරිම සඳහා පරිත්යානග කළ මහාචාර්ය තිස්ස කාරියවසම් මහතාත් ‘සිහල සමය’ පත්රෙවලින් ‘දෙවෙනි රාජසිංහ හෙවත් පරංගි හටන’ නාටකය ද ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අංක 25.30 දරන ලීලාවති ද සිල්වා ලිපිගොනුවෙන්’සිංගල පරාභව ප්රනකරණය’ ද පිටපත් කළ කර්ථලකාචාර්ය හංසමාලා රිටිගහපොළ සහ ගීත සුචිය සම්පාදනය කළ කර්ථංකාචාර්ය සුනෝත්රාත කංකානම්ගේ මානවිකාවනුත් මහාචාර්ය සුනන්ද මහේන්ද්රර, දේශබන්ධු සිරිසුමන ‍ගොඩගේ, අමර හේමාමද්දුම, දී.ග.‍ෙසා්මපාල, සිසර විජේතුංග මහත්වරුත් මෙම සත්ක්රිනයාවේ පින්ථල භුක්ති විඳත්වා!


2008 ජනවාරි 01 වන දා

සුනිල් ආරියරත්න

ආරණ්යවවාසයේ දි ය.