ජෝන් ද සිල්වා නුර්ති නාට්‍ය එකතුව-04-කැප්පෙටිපොල (1917)

Wikibooks වෙතින්

කැප්පෙටි‍පොල

ශ්‍රී වික්‍රම රාජසිංහ (අපේ අන්තිම රජ) දෙවෙනි භාගය

(ක්‍රි.ව. 1917)


KEPPETIPOLA

Part II of Sri Wickrama Rajasinha Our Last King to E.T. De Silca Espuire Barrister – At – Law and Advocate of the Hon’ble the Supreme Court of The Ilsand of Ceylon.

This Drama Is respectfully dedicated By The Author’s son, Joseph De Silva.†

ශ්‍රී ලංකාද්වීපයේ ගෞරවාර්හ ශ්රේෂෂ්ඨාධිකරණශාලාවේ අද්වකත් ධුරන්ධර ඊ.ටි.ද සිල්වා මැතිතුමාණන්ට මෙම නාටකය ජෝසප් දි සිල්වා විසින් සාදර ගෞරවයෙන් ඔප්පුකරණ ලදි.



ග ල් වා කිත් සඳුන් දිගු කල් නළල් තෙ ලේ

ද ල් වා නැණ පහන් වැඩකරන ලක තු ලේ

සි ල් වා මැති සඳුනි සත් දත් ගුණ විපු ලේ

ලොල් වා ඔබට තුති දෙමු අපි සෑමක ලේ


† ජෝන් ද සිල්වාගේ මරණයෙන් පසු ඔහුගේ පුත්රත ජෝසප් ද සිල්වා විසින් මේ ඔප්පු කිරිම සිදු කරනු ලැබ ඇත. 

නාට්යහ පිටපත මුද්ර ණය කර ඇත්තේ 1922 දි ය.


412 කැප්පේටිපොල


අ ප පි ය ජේ ද සිල්වා කිවි පබඳ ක ළ

ර මණිය සිරිත නිලමෙගෙ කැප්පෙට්ට්පො ළ

අ ති පිය හෙළ බසට ජාතියට ලො පත ල

පු ද මි ය ඔබ අතට වැඩවනු වස් තුමු ල




නාට්යකරුවන්


සූත්රමධාරී, නාටිකාංගනාව, ශ්රිම වික්රකම, එම බිසොවරු 4, තුරුප්පුකාරයෙක්, වට්ටිකාරියෙක්, මරක්කල මිනිහෙක්, ඉංග්රිදසි හේවායෙක්, බ්රුවුන්රිග්, මහ මුදලි, ජෝන් ඩොයිල්, මැක්ඩොනල්ඩ්, දෙලටේ, කර්නල්හුක්, රේපර්, සෝආර්, ඇහැලේපොල, මොල්ලිගොඩ, විල්බාවෙ, එල්ලෙපොල, මඩුගල්ලේ, පිලිමතලව්වේ, මීගස්තැ‍න්නේ, රත්වත්තේ, කැප්පෙට්ටිපොල, මො‍හොට්ටාල,‍ ප්රේපසර්, මීගස්තැන්නේගේ දුව, සංඝයා, බ්රාඑහ්මනයෙක්, ඉංග්රියසිකාරයෙක්, නාවිකයෝ, වැසියෝ 8 දෙනෙක්, උඩැක්කිකාරියේක, නාටිකංගනාවෝ හේවායා, වධකයෝ දෙදෙනෙක්,ඊරියගහ කංකානම,


පුවත

සූත්රයධාරි පැමිණ කියයි.

එමන් කල්යා න් - වල්ති ශ්රිර සැසි තුම් මම් නමා බැඳ දෙන්නෙමි නාටක කර රජසිහවත සිය රජ පරපුර කෙලවර උණ රඟ අස මැන අස මැන අස මැන අස මැන - කියම් රජුන් ගැන තිබේ තවත් තතු අසන්ට නිසි දේ සොඳින දක්වමි - හිතෛෂි ලක්වැසියන්ගේ විරෝද කොහෙත්ම නැත මේ ප්රැබන්ධ දැක්මට - ඉසිවතු කොඳුරති අටපහ නොමදැන - කාටත් තේරුම් ගන්ටැකි ඉතිහාසේ අන්තිම රජසිංහ නරපති රට හැර ගිය රඟ පවසමි හොඳහැටි සවන් යොමා සැම අසව් මෙ නාටක


ජෝන් ද සිල්වා 413


		සිදු විලස මේ කතාව දක්වමි

සදා කියම් දැන් සින්දු නෙ රාග සභාවෙ මහතුන් සමාවෙලා අස නළු රස විඳ විඳ නළු රස විඳ විඳ.

(නික්මයති) ඇතුලෙන් කියනු ලැබේ.


සත් දත් ජේ ද සිල්වා,කිවින් තනා දුන් සිත් සේ උතුම් නාටකේකි දක්වන්නේ සබේ සන්තෝසේ ශ්රි් ගනේෂාදී සු‍රෝ අරක්ෂාන කර දෙත්වා නාටයකරුන්ද කිවි දිර්ගා යුෂ දී ශාන්ති

නාටිකාංගනාවෝ දෙදෙනෙක් පැමින.

පංජාබි - වල්ති

ලංකාවෙ අපේ පින්වත් මැති‍ඳෝ ඇත මෙහි සපැමින ප්රිමති සිතින් සිරිසැප සැමටම සදති සදත මුරු සිරි සෙත වේ නිති සිරි සෙතවේ

මේ රංග සභාවේ සත් විඳි සේ සැදු නළු ඇත අප ජම්ම බසින් සියබස ඉතිහාස දනිත දනිත හැකි නැණද වැඩේ, සොඳ, නැණද වැඩේ

සංගිතකලා මේ නාට්ය සබේ. ඇත පිනවන ජව කර්ණය නොහිම් අද සොඳ නළු රස විඳිනු විඳිනු මැන දුරලමිනා දොස දුරලමිනා

ශ්රිම වික්රැම නම් ලංකේශ්වරගේ ඉතිහාස තව දැනගන්ට සොඳින්


414 කැප්පේටිපොල


අස මැන සපැමිණ සුජන සුජන සැම අප කියනා වත අප කියනා


(නික්මයති)

1 අංකය

i ජවනිකා - ජින්තුම්පිටිය අසල ගෙයක්.

ශ්රින වික්ර-ම රාජසිංහ සහ බිසෝවරු 4 දෙනෙක් සිටියි.

කාවාලි ටේකා ශ්රිල.වි - ඇහැලේපොලේ බල බින්දා මා සිරියා ඇහැලේපොලේ බල බින්දා මා සිරියා විකාර කල්පනා සෑදි අනේ පාවා දුන්නා දීපේ බිඳි සියවංසේ ඊර්ෂියාවෙන් රටින් නෙරපා දමාලා බිසව - පඩිසන් දුනි පෙර කර්මේ මා සැමියා පඩිසන් දුනි පෙර කර්මේ මා සැමියා මේ ලෝක ධර්මේ සේ ‍මේවා උනානේ කාරි නෑ ස්වාමි නැගි වැටි යන්නා කව්රුත් මේ ලොවේ පෙරලි සකක් වාගේ ශ්රිි.වි. - නිලමේ කලේ අපරාදේ මා නොතකා නිලමේ කලේ අපරාදේ මා නොතකා බිඳින්ට මා බලේ ගෙන්වා ගනි අන් ජාති හේවායන් නිගා කරගත්ති පාගාලා රටේ තම වංසේ දැන් බිසව - දෙමලාට කෝ, අනුකම්පා සිංහලයා දෙමලාට කෝ, අනුකම්පා සිංහලයා. ඔවුන්ගේ ජාතියෝ බූපල් තබාගන්නා සේ ලංකාවේ කලේ මම වල්කම් පාවා දී රජුන් තම සම්ම‍තයෙන් පත්වු.

ජෝන් ද සිල්වා 415 වාසගම්

ශ්රිම.වි. - පිලිමතලව්වගේ පටන් මෙහාට සිටි නිලමෙවරු දෙමල රාජ වංසයට වෛර කල බව මටද පෙනි ගියේය. මමද නිර්මංල බුද්ධාගම වැලඳගන අනුරාධපුර බෝධින්වහන්සේ වටකර තාප්පයක් බැන්දුවෙමි. ගෝනා මැරූ වැවේ සන්නස් ආදියෙන් විහාරස්ථාන දියුනුව පිණිස ගම් දුනිමි, මේ ආදි නොයෙක් කුසල් අතින් වැඩකල මුත් ඇහැලේපොලේගේ පව්ලට නීතියේ ප්රඩකාර මවිසින් දෙනලද දඞුවම් නිසා මෙම දඞුවම මට සිද්ධවුනු බව පෙනීයයි. බිසව - දේවයිනි රජකම් කලත් කලකම් පලදෙන බව නිසැකය. ධර්මයයෙන් ආණ්ඩුකලාම කර්මලයෙන් යමක් සිද්ධවුනත් ඊට කනගාටු ‍නොවිය යුතුයි. ශ්රිට.වි. - මට පක්ෂමපාතිව ක්රිියාකල උඩරට නිලමේවරු සිටිති. නුමුත් මා පාවාදීමට ක්රිනයාකල ජනයන්ගේ ද්රොපහිකම් ඔවුන්ගේ පරම්පරවලට ලොකු කැලලක්. ඒ කෙසේ වෙතත් යම් ජාතියකට පූර්වු කර්මඒය පඩිසන්දෙන්ට යනකල ඒ ජාතියේ රජුගෙන් එය පටන්ගන්ලනේය. එබැවින් මට මේ සිදුවු විපත සිංහල වංසේ පූර්ව කර්මකය පඩිසන් දීමට ලකුණකි! බිසව - ධර්මවයෙන් ආණ්ඩුකරන ඉංග්රි ස ජනයා යටතේ සිංහල රට පාලනය වෙනවාට සැක නැත. අපේ වැසියා අපට කල හිරිහැර නින්දා ආදියත් දැන් අපට ඉංග්රිිසි ජනයාගෙන් ලැබෙන ගරු නම්බුත් බැලුවාම යහපත් සිස්ටාචාරයක් ඇති ජාතියක් බව පෙනියයි. ශ්රිජ.වි - බුද්ධාගමත් සිංහල වංසයත් දෙක එකට වෙළි තිබේ. බුද්ධාගමේ සිරිත් විරිත් සිංහල ජනයාට පවත්වා ගන්ට ඔවුන්ට ප්රසස්ථා ලැබුනොත් මාගේ පිටවහල් වීමෙන් ඔවුන්ට පාඩුවක් නොවන්නේය.


416 කැප්පේටිපොල

බිසව - මනුෂ්යපයාගේ හෘද සාක්ෂිහයට ඉංග්රි සි ජනයෝ ගරුකරති. එසේ හෙයින් සිංහල ජනයාගේ ආගමට ඔවුන් අතින් කිසි වැරැද්දක් වේයයි සිතන්ට බැරිය. ශ්රිද.වි. - වර්ෂි 1815 පෙබරවාරි මස 18 වෙනි දිනදි ඉංග්රි්සින් විසින් මා අල්ලාගන්නා ලදී. මේ දිනතෙක් වර්ෂෂ 2357 ක් මුළුල්ලේ පැවතුන සිංහල ‍ස්වෛරි බලය නැති වුනේය. කොළඹට අප අල්ලා ගෙනැවිත් දැනට නම මාසයක් පමණ ඇත. ඉන්දියාවේ ‍ෙවල්ලුරුවට අප පිටත්කර අරින් ට සර් රොබට් බ්රනවුන්රින් උතුමානන්වහන්සේගේ කල්පනායි. බිසව - එහෙම නම් බොහොම හොඳයි. මක්නිසාදයත් අපේ නෑදෑයෝද එහි සිටිති. තුරුප්පුකාරයෙක් පැමිනෙ. සින්දුව තුරුප්පු - මහිපාල ර‍ාජසිහ කැඳවා යන සේ ඉංග්රිපසි රාජා ම‍ා එවි දැන් මේ ලකින්දු වාසලේහි ඉන්නා පැමිණ දැන් ශ්රි්.වි - කියන් කාරි කැඳවන ලකිඳා මෙ‍ස‍ඳේ මේ අප සැමා යන්ටද මින් දැන් කුමක්ද කාරි මට දන්වා දෙනු මැනා තුරුප්පු - රටින් යන්ට සිදුවිය රැගෙනා කුටුඹා ඒ ගැන ආඥා දෙයි ලකිඳා දැන් ප්රැමාදවීම හොඳ නැත්තේ මෙහි නිකම් බි‍සෝ දාස සැමදෙන නොසිටා නිවසේ දැන් යමු මා හා වාසල එල්ලේ නියෝග ඉෂ්ට කර ලන්නෙමි ලකිඳුගේ.

(සියළුදෙනාම නික්මයති.) ජෝන් ද සිල්වා 417 ii ජවනිකා - කොටුව ඇතුලේ විඳියක්. සිංහල වට්ටිකාරියෙක් කුරුම්බා ආදිය වට්ටියේ තබාගන විකුනන්ට යති. සින්දුව ව.කා - වට්ටි පුරා තිබේ බන්ඩොක්කා වරකා මී අඹා - මී අඹා ජමනාරං හීං නාරං, නස් නාරං දැන් ඇත්නම් කාසි. වෙන්නේ වාසි දමාලා කාඩි, කන්නේ ජාඩි වාගේ රා බී, ඉන්නා මත්වි තයිලම් ගන්ටත්, ඕනෑ කාසි කොහෙන්දෝ සොයන්නේ, කාසි පනම් මම් ඉන්නා නිකම් දැන්, වාහෙ ‍මා වාහෙ මා.

රඹුටං අන්නාසිත්, දෙල් පොල් නන්නත් පිපිඤ්ඤා ආදි මම් වෙන්නේ මාන්සි, නැත්තේ කාසි හාලුත් මාලුත්, ඕනෑ බෝමත් වාහේ මාගේ කන්නා පේවි නම්බු යන්නා, නින්දා වෙන්නා ලියන්ගේ මගින් මේ වල්ලු රැකෙන්නා ඇන්නෑ වාහේලා, මේ රටේ - මේ රටේ.

මරක්කල මනිහෙක් පැමිණේ වාසගම් මරක්කල - කීයද අම්මා ඔය බන්ඩක්කා වට්ටි - තුට්ටුවෙ තුනයි අයියා. මරක්කල - තුට්ටුවෙ හතරයි. වට්ටි - හතර බැගිං තමා මම ගත්තේ. එහෙම දුන්නොත් කෝ මාන්සිය

418 කැප්පේටිපොල

මරක්කල - එහෙනම් පනමක දීපංකො. අද සිංහලේ රජ්ජුරුවන් ‍මේ විදියෙන් ගෙන යන බව ආරංචියද වට්ටි - ඔව් තුරුප්පුකාරයෙකුයි හේවායින් කීපදෙනෙකුයි යනව මම දිටුවා මරක්කල - උඹලා‍ගේ ජාතිය දැන් පජාතිය වෙලා. වට්ටි - අපේ ජාතිය පජාතිය උනේ නෑ. ඔය වඩුගරජා‍ වෙනුවට සාධාරන ඉංග්රිපසි රජ්ජුරුවෝ අපට සිටිනසේක. නුමුත් අපේ මිනිසුන් අතරේ ගඳගහන ඊර්ෂියාවක් පවතිනවා. ඒක නොකියාම බෑ. තමන්ගේ ලාභ ප්ර්යේජනය බලාගන ජාතිය පාගන ගතියක් පෙනෙනවා. (ඉංග්රි සි හේවායෝ කීපදෙනෙක්ද රජද බි‍සෝවරුද පැමිනේ) සින්දුව ඉ. හේවායෝ - යන්නා දැන් මේ සිංහල රාජා ඉන්දි‍යා‍හි වාස වෙන්ටා ඉංග්රිවසි ආන්ඩු කිව ප්රදකාරා - මේවා සිද්ධ වී ගියා - මරලා ඒ කුටුඹන් නෙකා ධර්මෙන් ලක්දිව් පාලනේ - නැත්මැයි ඉන් වැරදි උනේ. (නික්මයයි) iii ජවනිකා - බ්රලවුන්රිග් මාලිගාව.

සර් රොබට් බ්රාවුන්රිග් සහ මුදලි සිටිත්. බ්ර වුන් - මහමුදලිතුමානනි. ශ්රිල වික්ර.ම නැමැති සිංහල රජ ‍රටේ නවත්වා ගැනිමෙන් යුද්ධ කෝලහාල වෙන්ට හැකි බැවින් වෙල්ලුරුවට ඇරිමට ආණ්ඩුව අදහස් කර තිබේ. මුදලි - ර‍ටේ සමාදානය පැවතිය වැසියාගේ දියුණුවට දියුණුවට ඕනෑමයි. එබැවින් සිංහලේ රජු සිංහල රටේන පිටවහල් කිරිම යෝග්යම වන්නේය.

ජෝන් ද සිල්වා 419

බ්ර්වුන් - ඉංග්රි සි ආණ්ඩුවට විරුදධවු නිලමෙවරු කීපදෙනෙක්ම තවමත් උඩරට සිටිති. මු - මොල්ලිගොඩ නිලමේ, රත්වත්තේ නිලමේ, කඩුගමුනේ නිලමේ, දෙහිගම නිලමේ, වෙල්ලස්සේ දිසාවවු මුල්ලිගම නිලමේ, එක්නැලිගොඩ නිලමේ, මහවලතැන්නේ නිලමේ, දොලොස්වලේ නිලමේ, ඇහැලියගොඩ නිලමේ, කටුගහ නිලමේ, දඹුලන නිලමේ, ගොඩගෙදර නිලමේ, බින්තැන්නේ අධිකාරම් නිලයලත් ‍ගොනේගොඩ නිලමේ ආදි නිලමේවරු ඉංග්රි සි ආණ්ඩුවට පක්ෂොපාතව සිටිති. බ්ර - ඉංග්රිසසි ආණ්ඩුවට පක්ෂපපාතව සිටි මොවුන්ගේ ඉඩමකඩම් වලින් බුද අය නොකරනු ලැබේ. ඉංග්රිබසි හේවායෝ සිං‍හලේ රජ සහ බි‍සෝවරුන් කැඳවාගෙන එති. සින්දුව බ්ර් - රජිඳාට මෙදීපේ ඉන්ට බැරි යන්ට කල් පැමිණි දීපෙන් පිට වී යුද්ධ වෙන්ට හැකි දීපෙ ඉන්න කලා සමාදාන රටේ නැත්තම් වරදා. ශ්රිා.වි. - ලක්දිව්හි වාසය දැන් කිසි නෑ මට නින්දාවයි දීපේ විසුමා යන්ට මින් දැන් පවුල අරන් ‍බෝම සන්තොස වෙන්නෙමි නෑ දුක් මා සිත්හි ස්වාමි නෑ නෑ නෑ බ්ර් - දීපේ විසයෙන් අත්වෙන්නෙ නින්දා සෑහෙයි රාජා යෑමා ඊට නිසි ලෙස කරමි කටයුතු - තෝරා බේරා මම්. උන්නොත් මෙ දීපේ නෙක් දොස් වේ දැන්

420 කැප්පේටිපොල කල් නොදා දීපෙන් යන්නේ ඉංග්රිදසි බූපල්ගේ මා කිව් ආඥාවේ.

මුදලි - සිංහල නරදේවගේ සිංහාසන ඔටුන්න ආදි සියලු වස්තුව දැන් ඉංග්රිපසි ආණ්ඩුවට අයිතිවු බැවින් දැන් උන්වහන්සේගේ සහ සිය පව්ලෙත් නඩත්තුවට ලංකා‍ද්විපයේ ආදා‍යමෙන් යමක් ලැබෙන්ට නියම කර තබන සේ ඔබවහන්සේට මතක්කර සිටිමි. බ්ර වුන් - එසේ කෙරිමට බ්රයතාඤ්ඤ ආණ්ඩුකවෙන් මට අවසර ලැබි තිබෙව බැවින් එය පි‍ලිවෙලට කෙරෙනවා ඇත. දැන් ඉතින් ශ්රින වික්ර‍ම රජතුමා සහ සිය පව්ලත් කොළඹ වරායෙන් නැව් නැගි වෙලුරුවට යෑමට පිටත් වෙනවා හොඳයි. සින්දුව ශ්රිද .වි. - හදා මගෙ නදා වන - ජම්මභුමි සිහල දීප මේ හිතට පිරිය දුනිය නිතර - මේ ලෝ සිරිසාරා නිතිය විලස පිට වී යමි මේ දීපය දමලා පව්ල රැගෙනා කාගෙ වැරැද්දෙන් මේ විදැයි දත්තහැකි. මා අත වැරදි කියනා නොදැනි බෝ දෙන දීපෙ සිටිති මෙවර මේවා කෙරෙව් මේ ලෝ නස්නා මන්ත්රිැවරු

iv ජවනිකා - විදිය. ශ්රි වික්ර-ම රජ සහ පව්ලත් රථයකින්, ඉංග්රි්සි හේවායෝ බෑන්ඩ් ගසාගන කොළඹ වරායට ගෙනයති. සින්දුව හේවා - යන්නා දැන් මේ සිංහල රාජ් - යන්නා ජෝන් ද සිල්වා 421 v ජවනිකා - කොළඹ වරාය නැවක ශ්රිව වික්ර ම සහ සිය පව්ලත් නාවිකයෝද සිටිති.

සින්දුව නැවි - හෝ හෝ ගා ගා එන්නා තරඟය මූදේ පැද්දි මේ නැව් යයි පරදේස එල්ලේ බලා ඉතින් රජ නෑ නෑ ලංකාවේ නෑ නෑ ලංකාවේ ර‍ාජා - නෑ නෑ ලංකාවේ.

ලක තුල බෝ සේ - සිදු නෙක දොසේ යායි රාජා ගිය කල දේසේ ඉන්දියා නම් අත් වෙයි වාසේ. නෑ නෑ ලංකාවේ.

ශ්රිි වික්ර මගේ පුටුවක ඉංග්රිවසිකාරයෙක් ඉඳගෙන සිටිනවා දැක තරවටු කරයි.

වාසගම ශ්රිම.වි - මගේ පුටුවේ ඉඳගන්ට තොපට තිබෙන යුතුකම කුමක්ද? ඉං - මට සමාවුව මැනම. මගෙන් උනේ අත්වැරැද්දයි. ශ්රිම. වි. - වහාම මේ පුටුව කඩා මුදට විසිකරව්. එසේ කරනු ලැබේ 2 අංකය i ජවනිකා - මහනුවර මගුලමඩුව සර් රොබට් බ්රාවුන්රිග්, ඩොයිල් සදර්ලැන්ඩ් සහ ඉංග්රිබසි හේවායෝ සිටිති.

ඇහැලේපො‍ල පැමිණ බ්රසවුන්රිග් තුමාගේ දකුනෙන් වාඩි‍වේ. ඊලගට මොල්ලිගොඩ පැමිණේ. මිල්ලැවේ දිසාව ආදි දිසාපතිවරුද, මො‍හොට්ටාලවරුද, කෝරාලවරුද, විදානේවරුද, වැසියෝද පැමිණේ 422 කැප්පේටිපොල සින්දුව සියල්ලම - අන්තර්ධා විය සිය රජ වංසේ වංසේ ඤාණෙන්, ධර්මෙන්, දැන්, වැඩවෙනු සැක නැත සත් දත් ඉංග්රිටස් සෙන් මේ ලක්දිව් අල්ලා ගත්ති දොස් නැත්මැයි දැන් රැක්මෙන් නීතිය සතහට මෙත් කර සිටිනා සේනා ඉන්නා තොස්නෙන් ලංකාදිපේ නංවා කේලි, ඉන්නේ පෑසි ඉංග්රි සින්.

- ඔවුන්ගෙ බලේ පවතින්නා ආගම් කෝලාහාත් නෑ - තබන්නෙමු අත්සන් දැන් සෑමා - ලංකාවාසින්, බන්දා, මින් මතු තේරි ගිවිසුම මතු මෙරටේ. වැස්සන්ගේ වැඩේ වෙන්ට සිත් රංගේ. තබමු අත්සන් - නොවි ඉක්මන් ගිවිසුම් දැන් මෙන්. වාසගම බ්රගවුන්රිග් - එක් පාර්ශවයකට තුන්වෙන් ජෝර්ජ් රජුගේ නමින්ද, වේල්ස් කුමාරයාණන් වු දැන් රාජ ධුරයේ වැඩබලන ජෝජ් කුමරුන්ගේ නමින්ද, බ්රයතාඤ්ඤ ආණ්රුඩුවට යටත් ලංකාද්විපයේ ප්රනදේශයන්හි ආණ්ඩුකාර තැන්පත් සර් රොබට් බ්රයවුන්රිග් නමැති. මා අතරේ සහ අනිත් පාර්ශේවයට මෙහි රැස්වි සිටින උඩරට අධිකරම්, දිසා, ‍‍ෙම‍ාහොට්ටාල, කෝරාල, විදාන ආදි මුලාදෑනින්ද අතරේ වර්ෂ 1815 ක්වු මාර්තු මස 2 වෙනි දින කරන ලද ගිවිසුම ප්රවසිද්ධියේ කියවා ‍තෝරා දෙනු. ගිවිසුම කියවයි. මොල්ලි‍ගොඩ 1 - නඩු විභාග‍යක් ‍නොකර හිතුවක්කාර වධවේදනාදී දඩුවම් පමුනාපු දෙමල රජුගේ ආණ්ඩුව වැසියාගේ දියුනුවට බාධාවු බව පෙනි යන්නේය. ජෝන් ද සිල්වා 423

2 - රාජධුරයට අයත් යුතුකම් ශ්රි වික්රවම රාජසිංහ රජු ඉෂ්ට නොකල බැවින් එම ධුරයෙන් අහක්කල බව දතයුතුයි. ඔහුගේ පව්ල සහ සියළුම නෑදෑයින්ටද උඩරට පාලනයට කිසිම අයිතිවාසිකමක් නැති බවට මෙයින් නියම කරන ලදි. 3 - ශ්රි වික්ර ම රාජසිංහ රජුගෙන් පැවතෙන සියළුම පිරිමින් උඩරට් සතුරන් බව මෙයින් ප්ර්කාශ කරන ලදි, තවද ඔවුන් කිසිවෙකුට බ්රබතාඤ්ඤ ආණ්ඩුවෙන් අවසර නැතුව උඩරටට යන්ට බැරිය. 4 - උඩරට බ්ර‍තාඤ්ඤ ආණ්ඩුවේ රජුට අයිතිය. එහි ආණ්ඩුව ආණ්ඩුකාරයානන් ‍හෝ උපආණ්ඩුකාරයන් හෝ එජන්තවරු මගින් හෝ කරනු ලැබේ. ඒ කෙසේ වෙතත් බ්ර්තාඤ්ඤ ආණ්ඩුවෙන් පත්කරන ලද අදිකාරම්, දිසා, මොහොට්ටාල, කෝරාල, විදාන ආදි නිලධාරින්ගේ නිල හේතුකොටගෙන පවතින සියළුම අයිතිවාසිකම්ද, වැසියාගේ අයිතිවාසිකම්ද ‍රටේ පවතින නීතියේ ප්රයකාර තිබෙනවා ඇත. 5 - උඩරට නිලධාරින් හා වැසියන් විසින් අදහන බුද්ධාගම කඩ නොකර එහි චාරිත්රිද ගැතියන්ද විහාරස්ථනද ආරක්ෂාරකරන බව මෙයින් ප්රගකාශ කරන ලදි. 6 - ශරීරයේ අවයවයන් කපාකොටා කරවන වද වේදනා මෙයින් නැතිකර දමන ලදි. 7 - මෙකි කරුනුවලට යටත් උඩරටවාසින්ගේ අධිකරනය ආණ්ඩුව විසින් පනවන ලද නීතියේ ප්රසකාර කරනු ලැබේ, එ කෙසේ වෙතත් යම් වැරැද්දකට සහනය දීමට හෝ යම් දුශ්චරිතයකට පහරදීමට ‍හෝ ආණ්ඩුවට බලේ තබාගන්නා ලදි.


424 කැප්පේටිපොල 8 - උඩරට වැසියන් නුවු අනිකුත් සියළුදෙනා සම්බන්ධව එංගලන්තායේ රජුගෙන් අවසර ලැබෙනතුරු අධිකරනය මෙහි පහත දක්වන ප්ර කාර කරනු ලැබේ. (i) - යුද්ධ කන්ඩායමේ නිලධාරි හේවායන් ආවතේවකාරයන් පිළිබඳ අධිකරනය මිනිමැරිම පමනක් අත්හැර බ්ර තාඤ්ඤ ආන්ඩුවේ ඒජන්තවරු විසින් කරනු ලැබේ. මිනිමැරිම ගැන ආණ්ඩුකාරයා විසින් විශේෂ වසයෙන්, පත්කරන ලද කොමිසාරිස්වරු විසින් විශේෂ වසයෙන්, පත්කරන ලද ‍කොමිසාරිස්වරු විසින් විනිශ්චය කරනු ලැබේ, ඒ කෙසේ වෙතත් බ්රමතාඤ්ඤ වැසියෙක් විසින් මිනිමැරුමක් කරන ලදැයි කියා නඩුවක් පැමිනි විට ඔමුගේ නඩුව බ්ර තාඤ්ඤ ආණ්ඩුවේ නීතියේ ප්රේකාර විසඳනු ලැබේ. (ii) යුද්ධ පිලිබඳ නීතියට යටත් මුලාදෑනින් හෝ හේවායන් යම් අපරාධයක් කලයි කියා නඩු පැමිනි නම් එය යුද්ධ චාරිත්රාවලට අනුව විසඳනු ලැබේ. නුමුත් ආණ්ඩුකාරයාට එය බලා සාධාරනයක් කෙරිමට බලය ‍තිබේ. 9 - මෙකි කරුනු යුද්ධ කණ්ඩායම රටේ යනකොට ප්ර සිද්ධ කරන යම් අඥාවකින් අවලංගු නොවන්නේය. 10- රජුට දියයුතු ආදායම බ්රටතාඤ්ඤ ආණ්ඩුවේ ඒජන්තවරු විසින් ඉංග්රිජසි රජුගේ ප්රටයෝජනයට සහ උඩරට නඩත්තුවට එකතු කරනු ලැබේ. 11- ඉංග්රිිස් රජුගේ නමින් ලංකාව පාලනය කරන ආණ්ඩුකාරයා උඩරට වෙළදඳාම දියුනු කෙරිමට ඕනෑ කටයුතු බ්ර තාඤ්ඤ රජුගේ අනුමැතිය ලැබෙන තුරු බලා ගන්නවා ඇත. බ්රනවුන් - බ්ර තාඤ්ඤ කොඩිය මෙම නගරයේ ඔසවනු. කොඩිය ඔසවනකල කාලතුවක්කු වෙඩි ඇසේ. සියළුම ඉංග්රිේසි හේවායෝ යුද්ධ ඇඳුමෙන් සැරසි තුවක්කු අරන් සිටි.


ජෝන් ද සිල්වා 425 සින්දුව බ්ර්වුන් - මෙයින් පස්සෙ මේ රාජධානි ඉංග්රිවසි ආන්ඩු බාරේ පාලනේ මෙහි සාමදානෙ තිබේය මින් මත්තෙහි කෝලහාලා නොවේ. දෙමලාගේ දුෂ්ට ක්රිලයාවලින් වැටිලා ‍ගොසින් තිබේ සිංහලේ එ රකින්ට ඉංග්රිසසි ආන්ඩුවෙන් නෙක් කාරනා දැන් සිද්ධ වේ. ‍මොල්ලි - අපෙන් ඊට ආධාර ‍‍බෝ ලැබෙයි සංසාර තේරි ‍ගොසින් තිබේ මෙහි ඉන්න සිංහලයාට සෑසි දුන්න දම් සේ ස්වාමිනේ වැසියාගෙ ආගම සිත් ලෙසේ අදහා ගන්ට ඇත්නම් රටේ නෑ කරන්නෙ කෝලහාලා කිසිත් මෙ සිංහලද්විපේ අනේ.

(නික්ම යයි.) ii ජවනිකා - නුවර විදියක් උඩරට වැසියෝ කීපදෙනෙක් ගමන්කරති වාසගම 1 වැසි - කපන්ඩ බැරි අත ඉඹිනවායයි කීවා වාගේ අපේ නිලමේලා ස්වකිය රජු පාවා දී ඉංග්රි සි කොඩියට ගරු කරති. 2 වැසි - කොයි කොඩිය උනත් රටේ සමාදානය ඒ මගින් පවතිනවානම් අපේ ආගමේ කටයුතු අපට කරගන්ට හිරිහැරයක් නැත්නම් ඔය දුෂ්ට වඩිග රජුට වඩා අය්ය්ැ වංස ඉංග්රිරසි රජු කොපමණ හොඳද? 426 කැප්පේටිපොල

3 වැසි - සර් රොබට් බ්රරවුන්රිග් යහපත් ආණ්ඩුකාරයෙකි. උන්නාන් සේ ගැන කියා ත‍ිබෙන ශ්ලෝකයක් මට මතක් උනා. 1 වැසි - ඒක බලන්ඩ කියාපන් ශ්ලෝකය. 3 වැසි - පූර්ණනචන්ද්රකතාරකාතු සාරහාර කීර්තිම් ප්ර්ත්වවෛරි නත්වචාර නේරුකේසරිත්‍්මට ම් සාර් රොබට් බ්ර්ව්න්රිනාම ‍ගොවැර්නදෝරුනාතම් සර්ව කාලවක්තිදේව දේවදත්ත සෞඛ්යතම්. වාසගම 2 වැසි - බොහොම හොඳ ශ්ලෝකයකි. යම් ජාතියක දියුනුව රඳන්නේ ඒ ජාතියේ ජනයන් දසපාරමිතා පුරන කලයි. මෙම ඉංග්රිාසි ජනයා අපේ පුරාණ සිංහල ජනයා වාගේ පාරමි ධර්මා තරයේ ප‍ුරයි. 1 වැසි - සියළුම පාරමි ධර්මි කොහොම වෙතත් සමහරක් ඔවුන් පුරන බව පෙනි යයි. එනම් - සත්යනය, විය්ය්නි , ප්රටඥා, අධිෂ්ඨාන, මෛත්රි ය යනාදියයි. 3 වැසි - ආය්ය්ි පවංසයට අයත් සියළුම ජාතිවලම ජනායෝ පාරමි ධර්ම් තරයේ පුරති. එනිසා ‍ලෝකේ අන්ජාතිවල ජනයන්ට වඩා ඔවුන්ගේ දියුනුව පෙනියන්නේය. 2 වැසි - සිංහල ජනයා පාරමි ධර්මනය යලිත් පුරන්ට පටන් ගන්නාතුරු ලෝකේ නගින්ට බැරි බව පෙනි යයි. 1 වැසි - ඇහැ‍ලපොල නිලමේ දෙවනුත් විවාහයක් කරගන්ට යන බව සැලයි. 2 වැසි - ඒ කොහෙන්ද? 2 වැසි - මීගස්තැන්නේ වලව්වේන්ය. පිලිමතලව්වේ මහඅධිකා රම්ගේ දුවගේ දුවෙක්ය.


ජෝන් ද සිල්වා 427 1 වැසි - බොහොම ලක්ෂ න කුලාංගනාවකි. 3 වැසි - ලක්ෂමන බලන්ඩ කියාපන්කෝ කාලිංගඩා

1 වැසියා - ලක්ෂ්මි විලාසේ පාය ලියා රම්යප දන්ත සිරි මුකතාහාර සරි ඉන්ද්රාරගෙ චාපේ රංගෙය දෙබැමා නීලෝත්පලා වගේ නුවන් සුදලි රම්යාැ. ගහන ගිරාතුන්ඩෙව් තොල් දෙක නාපල්ලෙව් අඩිඳු ලලාටෙකි ලිස්සි යනා ලක්ෂ් මි විලාසේ පාය ලියා රම්යා

හංස තෙනා ග්රි්වා සංක මෙනා රම්බා කඳන් මෙන් දිස්නේය වටොරා රන්වැල් සේ අත් දිලේ පියුම් වැනි පා ගැඹුරුයි ඇගේ නාභි කේස වලාකුල්හි විදුලිය ලී ලෝපේතවු විලසේ ලක්ෂ්ිමි විලාසේ පාය ලියා රම්යා

නාගවඩම් කච්වෝඩි කයිවඩම් උක්කට්ටු තෝඩු පාඩගම් බරනින් ග්රිටවේහි මාල ලා ගරන්ගෙඩිනා හවඩි කඩුක්කම් හා පුල්ලිමලින් තේනා නදින එ කිංකිනි යයි ගමනා ලක්ෂ්මි විලාසේ පාය ලියා රම්යාත

(නික්මයයි) ii ජවනිකා - නුවර විදියක්.

මිගස්තැන්නේ නිලමේ, සොඳුර සහ දුව සිටිති. ඇහැලෙපොලේ. ඉලංගෙයි මොහොට්ටාල, නිලමවරු පිරිසක් ‍ෙසල්ලම් කාන්ඩයක්.

428 කැප්පේටිපොල

බ්රාපහ්මණයෙක්, මගුල් පෝරුවක්, ඉලංගෙයි මොහොට්ටාල සෙල්ලම් පන් ගනියි. ළමයි නටයි. (සෙයියාතොරි බයියාලකැ.) ඉලංගෙයි - ඉන්නාදරේ පෙන්නා බෝසේ පෙන්නා බෝසේ ලන්දා ස්වාමි වෙත - ලප සෙ තරිඳු හදවත බැදි ප්රේනමසාරා වේවි සාන්ති සිඞිරස්තු දෙයියෝ රැකදෙන් - ශුර නිලමේ සැරදේ ලක තුල් ලක තුල්. තෙරුවන් ‍බෙලෙනි සිරිසෙත ලැබ චිත්ත සෝක සීනෙකින් වත් වෙන්ට නෑර දෙයියෝ රැකදෙන් - දොර වෙනුර වසන සිරිකල් එකතුල් දෙකුලෙන් නිමල සක කිරිපෙලපත යුක්ත රම්යාු දෙන්නාගේ කාරේ සිඞිරස්තු සතතින් කාරමගුල සපල කර දෙන් සුර කැත්.

ඇහැලේ‍ෙපාල නිලමේ සහ මීගස්තැන්නේගේ දූ කුමාරිහාමි මගුල් පෝරුවේ සිටිති. බ්රා්හ්මණයා මෙහි පහති දක්වන ‍ශ්ලෝක කියා දෙසුලඟිලි රන් හුයෙන් බැඳ රන්කෙන්ඩියෙන් පැන්වඩා දෙදෙනාට ජයමංගල්ය ගාථා කියයි ශ්ලෝකය. බ්රාකහ්මණ - සාර සාර ගුන ධාර ධාර ද්රිථත වීර වීර සුවි සාරධ ම් රූප රූප තල ආදි ආදිතප තේජ තේජ වර භුෂන ම් දේව දේව නර නාග නාග සුර කේලි කේලි මකුටාසන ම් ලෝක ලෝක ගුරු රාජ රාජ සිරි පාද පාද පනමාමහ ම් වාසගම යනුවෙන් ශක්ර බ්රිහ්ම විෂ්නු මහේශ්වර ගරුඩ ගාන්ධර්වී සිද්ධ විද්යා්ධරාදිවු නොයෙක් දෙවියන්වහන්සේලා සිද්ධාර්ථ කුමාරයානන් වහන්සේගේ විවාහ මංගල්ය ය පිනිස මගුල් මන්ඩපයක් කරම්හයි සිතා දිග සෙලොස් පුළුල පසලොස් රියන් මගුල් මණ්ඩපයක් කරවා රන්උළු සොයවා රන්කොත් පිහිටුවා රන්සුනු නිල්කළුහු පටවස්ත්රාළදියෙන් උඩුවියන් ජෝන්ද සිල්වා 429

බඳවා ‍පසලොස් පරසතු කඩුපුල්මල් ඇඹුල උපුල ඕළු නෙළුම් සපු නා පනා කොබොලීල සව්කෙන්දාදියෙන් මල්දම් පිහිටුවා කස්තුරි කපුරු වාලිමැලි පුෂ්පාදියෙන් මල්දම් පතුරුවා ද්රිතරාෂ්ට විරූඪ වීරූපාක්ෂා වෛශ්ර වනයයි යන සතරවරම් දෙවිමහාරාජෝත්තමයානන්වහන්සේලා සතර දොරටුවේ කඩු ගත් අතින් සිටුවා විශ්වකමර්‍ දිව්යදපුත්රතයානන්වහන්සේ එරන් පෝරුවක් පනවා රන්රිදි මුතුමැනික් මසාර ලෝහිතංක යනාදින් පිහිටුවා රන්පෝරුව ඊ පිටතබා පටවස්ත්රාුදියකින් වසා සිව්කොන මාරුක්මල් සරහා රන්පහන් දල්වා රවි චන්ද්රි කුජ බුධ ගුරු ශුක්රා ශනි රාහු කෙහෙතු යයි යන නවග්රචහයින් නමදෙනා වහන්සේලාව වට පිරිවරා සිද්ධාර්ථ කුරමාරයානන්වහන්සේ හා සමග යසෝධරා දේවින්වහනසේ එරන්පෝරුව මස්තකයෙහි වැඩසිටුවා දෙදෙව්ලෝවට අධිපති ශක්‍ේ දේවනේද්රවයානන්වහන්සේ විසින් එරන් සළුවක් මවා යසෝධරා දේවින්වහන්සේගේ හිස පටන් පාදාන්තය දක්වා සර්වයභරණයෙන් සරසා ඊශ්වර මහාරාජෝත්තමයානන්වහන්සේගේ එරන් කරඩුවේ සඟවා තිබෙන දිව්යස පිරිත් නූල ගෙන දෙදෙනාගේ දෙසුලැඟිල්ල බැඳ සහම්පති නම් මහා බ්රසහ්ම රාජෝත්තමයානන්වහන්සේගේ එරන්කෙන්ඩියෙන් පැන් ධාරා වත්කොට ඒ දෙදෙනාට පිහිටෙව් ජයමංගල්යඩයයි අදත් මොවුන් දෙදෙනාට පිහිටුවන්නේ. ජයස්තු ජයමංගල්යඩයක්‍ වේවා. රන්හුයෙන් දෙසුලැඟිලිබැඳ මෙසේ කියයි.

අෂ්ටක ගාඩිමත් ගජරුජ්මලම් ඝනපතිම් ගංගාදරං ගෞතමං ගෞරිසකිර ගවසන් ඝටාග්රලපතින් ගෝවර්ධංනම් ගෝකුලන් ගංගා හෝ මස ගෝපතිර්ග්නපති ගෞදාමලි ගෝතමි ගාන්ධාරි ගජ ගාමිනි ගජරිපුඃ කුර්වින්තු තේ මංගලම්.

හේමන්තං හරිචන්දනම් හිමරං හේමාදු හේමාව්යලයං හාරින්ද්රංි හරිචන්දනං හිමකරං හාසං හලං හාස්යංනම් හාතාවන් භවිතාහුතාහුතවහං හේමාව්යමයං හංසජෝ හන්සා හන්ස කලා හරින්ද්ර හරිපදං කුර්වසන්තු තේ මංගලම්


430 කැප්පේටිපොල

මාතංගං මලාය මලන් මලජයං මන්දාකිනි මන්දිරන් ම‍හේන්ද්රං මදනං මද්යද මදුකරං මුක්තාමලී මෞක්තිකං වන්දාරං මතින්ද්ර මස්තකමති මවුල්යාු මවුව්යංයහං මානික්යංම මධුසුදකං මධුපතේ කුර්වයන්තු තේ මංගලම්

ශ්රිකමත් පන්කජ විෂ්මරෝ හරිහරෝ වායුර්මසහෙන්ර්ග නලඃ ච‍රෙන්රා පන භෂකර විස්මපාල වරුනඃ ප්රේ තාදිපාධිග්රහහඃ පද්දොන්න්යෝන නලකුබරඃ සුරගරඃ චින්තාමනින්‍ කෞස්තුබම් සවාමින් සසසති ධරබලන් ගලධරඃ කුර්වවන්තු තේ මංගලම්

වදකේ දේවදත්තම්ගි චෝරේ අංගුලිමාලකේ ධනපාලේ රාහුලේවාපි සිද්ධත්ත සමමානසෝ ඒතේන සච්චවඡේන හෝතු තේ ජයමංගලම්

යනු හෙයින් ශ්රිතමත් පංකජ සුගන්ධ මකරන්ද කීර්ති පුංජ පිංජ ලිත විතත විචිත්රි සතත පත්රාංසනාරූඪව වැඩ උන්නාවු විෂ්ටරෝ, මහාබ්ර හ්මයාද; හරින්, ඊශ්වරයානන්වහන්සේද; භරෝ, හස්තා මුතු පති යුක්තවු මහේශ්වරයානන්වහන්සේද; වායෝ, වායුකදේවතාවාද අනෙලං, අග්නිදේවතාවද; චන්ද්රඃෝ, චන්ද්රඅ දිව්යාරාජයාද; භාෂ්කරු, සූය්ය්්ව දිව්යනරාජයාද; පේතාදිපඃ, යමරාජයාද; දිග්ග්රතහඃ, ඉන්ද්ර් සෝම අග්නි නෛරුත්යය වරුන්තසාදී අෂ්ටදිග්පාලයෝද හෙවත් මන්මතයාද, නලකූබරඃ, වෛශ්රනවනයාද; සුරගජඃ, ‍ෛඑරාවන හස්තිරාජයාද චින්තාමනි, චිත්තානුකූලවු චින්තමානික්ය්යද කෞස්තුහම්, ගෝපාලවෘක්ෂනස්තලකවු ස්තුඹමානික්ය යද - ස්වාමි සස්තිධරඃ, කන්ද කුමාරයේද, බලධරඃ, බලද්රසයෝද; ආදිකොට ඇති මෙකි නොකි දිවයසමුහයානන් වහන්සේලා විසින් මෙම පෝරුමස්තක පිට වැඩ සිටින යුවතිපති දෙදෙනාට සකලායිස්වය්ය්නි භවෘර්ධිවර්ධනය කෙරෙත්වා. (රන්කෙන්ඩියෙන් පැන්වඩයි.)

සින්දුව නාටිකා - කමලන්දා වලස රුසිරෙන් දීපේ පුජිත වෙන්නා යෞවන ලන්දා සැමි ගත්ති කුමාරි පාවා මේ ජෝන්ද සිල්වා 431

මහෝපකාර ලබා ගත්තෑකි නටා මේ සබේ නටන්ට සිත් ප්රිතය වෙයි තෑගි ගන්ටැකි බො‍හො සේ ශ්රිටයාකාන්තාවගෙන් තෑගි ගන්ට දැන් නටමු. උතුන් සමින්දුගේ සිත් බෝ සේ ප්රිටති වෙයි මෙස‍ඳේ පූජිත වෙන්නා යෞවන ලන්දා - සැමි ගත්තී කුමාරි පාවා මේ.

3 අංකය i ජවනිකා - වෙල්ලස්සේ කැලෑව. විල්බාවේ සහ සංඝයාවහන්සේලා අටනමක් සිටිති. (ආජසාම ‍මෝහලිනු) දොහොරා විල්බාවේ - ලක්දිවේ ඉංග්රිකසින්ගෙන් විපත්ති වෙති මේ වාරේ ඔවුන් පන්නලා ගතෑකි සිංහලේ මා බාරේ දීපවාසින්ගෙන් උදව් ඇත්තේ දැන් මට ස්වාමි යුද්ධ කලාම ලැබේ වාසි රටගත්තෑකි

ඉංග්රීකසන්ට පක්ෂිපාත මේ ර‍ෙට් ප්ර භූන් නිසා සිංහලේ කිරිට සිංහල වංසයෙන් තුරන් උනා රට ගැන දිවි පුදමු ස්වාමි,සිංහල වීර බලය පාමු යන්ත්ර මන්ත්රව දනිම් සිත් සෙ ගතෑකි දැන් මෙ සිංහලේ

වාසගම්.

සංඝයා - ‍ලෝක ශාසන දෙක රැකීම යහපත් වැඩකි. අපේ නිර්ම ල ආගම ආරක්ෂාිකර ගැනිම යෝග්යත බැවින් ඔබතුමාට අපට හැකි පමණින් උපකාර කරන්නෙමි. ඇහැලේපොල, කැප්පෙට්ටිපොල, මොල්ලිගෙඩ, මඩුගල්ලේ ආදි නිලමේවරු ඔබතුමාට එකුතුවුනොත් ඔබතුමාගේ අදහස ඉෂ්ට කරගන්ට බැරිවෙන්නේ නැහැ.

432 කැප්පෙටිපොල

විල්බාවෙ - කැප්පෙට්ටි‍පොල දිසාව මට එකතුයි. ii ජවනිකා - මාතලේ විදියක්. ඇහැලේ‍පොලේ සේනාවක් සමග ගමන්කරති. සින්දුව

ඇහැලේ - මෙ දිසාවේ වැසිය කෝපෙන්, ඉන්නා ආන්ඩු කෙරේහි යුද්දේ කරන්ට කියාලා ඉලාපෑසි හැපෙන්නා කෝපාග්නිය මොලවාලා ඉන්නා ආණ්ඩුප කෙරේහි -

රට ගන්ට හැකි වේ සිත් සේ පන්නා ඉංග්රි‍සි හේවා ලංකාප්රවභූන්ට කියලා කෝලාහාල නවත්වා ගන්නෙම් අප රට බේරා පන්නා ඉංග්රිාස් හේවා -

(මාතලේ දිසාපත් රත්වත්තේ පැමිනේ) ඇහැලේ - නිලමේ බැහැරක්ද? රත්වත් - ලංකේශ්වර ශ්රි්මත් රොබර්ට් බ්ර වුන්රිග්තුමානන් සම්භ වී මගේ ගෞරවය ඔප්පුකරන්ට යමි. ඇහැලේ - නිලමේ මට දිය යුතු ගෞරවය පලමුවෙන් ඔප්පු කලයුතු බව නොදන්නෙහිද? රත්වත් - ශ්රි වික්රරම රජ්ජුරුවන්ගේ රාජධුරය දැන් දරන්නේ සර් රොබට් බ්රෙව්න්රිග්තුමානන් බැවින් පළමුවෙන් උන්නාන්සේට එම ගෞරවය ඔප්පුකරන්ට පුළුවනි. ඇහැලේ - යුව රජු වු මට තොපේ ගෞරවය ඔප්පු නොකල හෙයින් මෙතැන් පටන් දිසා නිලයෙන් තොප අහක් කල බව සිතට ගත යුතුයි. රත්වත් - ම‍ගේ අතේ යම් වැරැද්ද්ක් ඇත්නම් ඊට සමා වි වදාල මැනව. අපේ ප්ර්භූන්ගේ ඊර්ෂියාක්රෝ්ධයෙන් එකිනෙකාගේ ජෝන්ද සිල්වා 433 බල බිඳි සමගිතාව නැතිවුනි. අන් ජාතියකට යටවි සිටිතත් තමන්ගේ ජාතියේ ප්රැභූන්ට සැලකිම මේ කාලේ සිංහල වංශයේ අංගයක් නොවේ. ඇහැලේ - එය තදබල වැරැද්දකි. තොපේ නිලය අහක් කල බව දැනගන්ට හොඳා (ප්යාහරි පෙයාරි) රත්වත් - තේරි තේරි දැන් ඇත කාරි බේරි බේරි නෑ වැසුමා වංසේ පිරිහි යෑම සැබෑ වේ ඉන්න ප්රතභුන්ගේ දොස් හින්දයි මාන්න සොයන්නේ මාගෙන් ඇයි දැන් ඉංග්රිසසි ආන්ඩුවෙන් ඒ නැතිදෝ අල්ලා දෙවාලා දේව මෙදීපේ ඉංග්රිනසි හේවායන් කැන්දා ගන්ට කිරිටේ ගත්තේ මාන්සි ඇයි ලතවෙන්නේ දැන් ස්වාමි

(නික්මයයි) iii ජවනිකා - දුම්බර මාලිගාවක් විල්බාවේ දුරේසාමි නමින් සිංහාසනාරූඪව සිටිති. සින්දුව. (විල්බාවේ - මෙම සිංහලේ ප්රඪභූ ජනායාගේ ඉල්ලිම සේ සිංහාසනෙටා දුරෙසාමි ආරූඪ වී ධර්මෙරන් මෙකලා - කරමි රජකම් නීති බලා හේවා බල මම් ඉංග්රිීසින්ගේ බින්දා දමනෙම් බෝ කල් නෑරා - ඇහැලෙපොලලේ මහ නිලමේගේ සේනා බලේ ඇත්තෙය දීපේ එක් වී සෑමා යුද්දෙ කරලා රට ගන්ට හැකි - උන් මරලා ශ්රින වික්ර ම නම් එරජුන්ගේ නෑය දුරසාමි මමයි මේ. 434 කැප්පෙටිපොල

වචන විල්, දුරසාමි - නිලමෙවරුනි. ඉංග්රිමසින්ට පහරදීමට උඩරට කලඹවා ගතයුතුයි. ඒ නිසා සියළුම නිලධාරින් අපට බන්දා ගතයුතුයි. කැප්පෙට්ටි - ඔබවහන්සේගේ අනප්රලකාර එය කරවාලන්නෙමි. ඒ කෙසේ වෙතත් සබරගමුව, කොරල තුන, උඩුනුවර, යටිනුවර ආදි පලාත් මොල්ලිගොඩ එක්නැලිගොඩ ආදි නිලමෙවරු නිසා ඉංග්රිලස්න්ට පක්ෂැපාතිව තිබේ. මඩුගල්ලේ - ඒ ගැන භයවෙන්ට ඕනෑ නෑ. ඉතුරු පලාත්වල ජනයා ජයපානය කරන කොට දිනුම් පිලට හෝයියා කිව්වා වගේ ඒ පලාත්ද අපට බැ‍ඳෙනවා ඇත. කැප්පෙට්ටි - දේවයන්වහන්ස ඊට මේ සභාවේ සිටින සියලුදෙනාම කැමතිව සිටිති. (මානාපරදේශි) මෙහි පරවාදි ආණ්ඩු බලේ - සිඳ රට ගෙන තේජ තෑජ කර එලවමි පිටරට ඉංග්රි සින් මෝඩ අමනයෝ උන්ට පක්ෂ වී, ඉඳති වාසි සොයලා ‍සොයලා, ආණ්ඩුබලේ. මඩුගල්ලේ - අප ජනයාගේ නම්බු ගියේ පරනට සිය රජ පාව පාව දුනි සමගිය නැති කර ඇන්නෑවේ දීප නැත දැන් ගන්ට යුද්ධ බෝ. කරමු ඔත්තු බලාලා බලාලා නම්බු ගියේ.

ඉලංගෙයි මොහොට්ටාල උඩැක්කිකාරියක් සමඟ එයි. වචන

කැප්පෙට්ටි - දේවයන්වහන්ස මෙම මොහොට්ටාල ශ්රිා වික්ර.ම රජුගේ සෙල්ලක්කාර මඩුවේ ප්රවධානියාය, ඔබවහන්සේගේ වාසලේ සෙල්ලම් දැක්විමට කැන්දෙව්වේමි. විල්බාවේ - අපේ සිත් රටේ චංචලභවය ගැනම යොමුකර සිටිමෙන් මොලේට පහසුවක් නැත - ඒ නිසා මොහොට්ටාලගේ ජෝන්ද සිල්වා 435

සෙල්ලම් දැක්වීමෙන් ප්රි්තියට පැමින මෙම සභාවේ සිටින සියලු දෙනාටම ඉන් ප්ර්යෝජන වෙනවාට සැක නැත. අදිකාරම්තුමා මොහු මේ වෙලාවට කැ‍ඳෙව් කරුන ගැන ස්තූති කරමි. (නමස්කාර කොට)

මාගොට්ටාල - අපේ නරදේව පාවාදිමෙන් ලොකු හානියක් සිද්ධවිය එනම් අප විසින් පුරුදු සංගිතය එතැන් පටන් පිරිහි යෑමයි. නුමුත් දැන් ඒ වෙනුවෙන් සිංහලේ පාලනයට පැමිනි ඔබවහන්සේ නිසා එය නැවතත් හොඳාකර පවතිනවා ඇතැයි විශ්වාස කරමි. දුරේසාමි - පටන්ගන්ට හොඳා වාසගම්

කැප්පෙට්ටි - ඉලංගෙයි මොහොට්ටාලට රජ වාසලෙන් මීට ඉහත කුමක් ලැබුනාද? මොහොට් - නිලමේ බුදුවන්ඩ මගේ පරම්පරාවට සෑහෙන තරම් කෙත්වතු ලැබි තිබේ. මඩුගල්ලෙ - මේ වාරංගනා නැටිමට දක්ෂිපයෙකි, නටා තව සින්දුවක් කියනු. මොහොට් - එ‍සේ යහපති. සින්දුව

ගන්ට තෑගි පෙන්නා ඔමරි නටාපන්කෝ සිදේවි උඩැක්කියත් ගස ගසා තබන් පා - රාගේ තාලේ තේරිලා නිකම් පැන්නටා තෑගි දෙන්නේ නෑ නිලෙමේලා කොමලි. මටත් හුඟක් තව මතක් වී එන්නා. ගී සින්දු වාරාංගනා. ඉලංගෙයි රංගේ ලංකාදිපේ පෙන්වනු මගේ බොලඳි.

436 කැප්පෙටිපොල

නැටුම් ගැහුම් දැන සභා නදන් දෙන් ඉන්නා පින්වත් භූපති. රුපුන්ගෙ දප් බිඳ කෝලාහාල සංසිඳවන්නේ නරසි.

වචන දුරේසාමි - තොපේ ගී සින්දු අසා නැටුම් බලා අපේ සිත් සතුටුවිය මහඅධකාරම්තුමා විසින් දැන් දෙන තෑගිබෝග පිලිගෙන දෙවනුත් වාසලට පැමිනෙන්ට සිතට ගතයුතුයි. මොහොට් - එසේ යහපති. දේවයන් වහන්ස

කැප්පෙට්ටි‍පොල නිගමේ තෑගි දී මොහොට්ටාල සහ උඩැක්කිකාරිත් පිටත්කර හරිත්. මඩුගල්ලේ - දැන් රට බො‍හොම කැලඹි තිබේ. කාලයට කාලය බොන්ට ඉඩනොදි වහාම කටයුතු වැඩ පටන් ගනිමු. දුරේසාමි - උඩරට නොයෙක් පලාත්වල සිටින ජනයා එකවිටම සටන් කරන්ට සැලැස්විය යුතුයි. කැප්පෙට්ටි - එසේ කිරිමට අන දුනිමි. දැනටම සියළුම පලාත්පහේ යුද්ධාරම්භ කර තිබේ. දුරේසාමි - එල්ලේපොල මහනිලමේද අපට එකතුව ක්රි.යාකරන්නේය පිල්මතලව්වේ මහඅදිකාරම්ගේ පුත් පිලිමතලව්වෙත් අපට පක්ෂ්පාතිව ඉන්නේය. පුළුවන් ඉක්මණින් ඉංග්රි්සින්ට බැට දෙමු. (නික්මයයි) 4 අංකය ‍i ජවනිකා - මහනුවර සර් ‍ජෝන් ඩොයිල්ගේ මාලිගාව

සර් රොබට් බ්රවව්න්රිග්, සර් ජෝන් ඩොයිල් මේජර් මැක්ඩොනල්ඩ්

ලැප්ටිනන්ට් කර්නල් හුක්. මේජර් දෙලටෙ කැප්ටන් රේපර්. සිටිත්.

ජෝන්ද සිල්වා 437

සිංදුව බ්රදව්න්රිග් - කලම්බාය මෙම දීප විල්බාවේ බෝසේ මහිපාල මෙන් පත්වි මේ දෙස්හි වාසේ ඩොයිල් - කෙරි යුද්ධ ඇත්තේය තැන් තැන්හි දීපේ අපේ ඉන්න හේවායෝ දෙත් උන්ට තාපේ. මැක්ඩොනල්ඩ් - ඉඩක් උන්ට ලැබුනාම වෙන්නේ විනාසේ මුලාදෑනි අල්ලා දෙන්නෙමි ජිවිතක්ෂේ ක: හුක් - මරා ලන්ට කල්නෑර උන් අල්ලගන්ටා රටේ ඔත්තු දන්නෙකු ඕනෑ මොවුන්ටා, දෙලට්රෙහ - නසන්ටෑකි ලොකු බැද්ද බැද්දෙ ගසෙන් බැව් අසා නැද්ද කිමක් සිංහළුන්ගේ මෙලක්දිව්. රේපර් - ඔවුන්ගේම ‍ලොක්කෙක්ව විශ්වාස වී නම් රටේ ද්රෝ-හිකම් පනා වාසින් මරන්නෙමි. වාසගම බ්රගව්න්රිග් - (ඩොයිල්ට) - සර් ජෝන් මොල්ලිගොඩ හා ඇහැලේපොල අතරේ පවතින ප්රසභේද නිසා අපට වාසි ලැබෙනවා නිසැකයි. ඩොයිල් - ඔව් ඇහැලේපොලට මොල්ලිගොඩ ඊර්ෂියාවෙන් මුලපටන්ම ක්රියයාකරගෙනයයි. එසේ කෙරිමෙන් අපට පක්ෂටපාතව සිටින බව පෙනි යතත් ඔහු කෙරෙහිද වැඩි විශ්වාසයක් තැබිම ප්රටඥාගෝචර නොවේ මැක්ඩොනල්ඩ් - මේ සියළුම ක්රිරයා සිදුවන්නේ තන්හාව මුල්කර ගෙනයි තවුරුත් පාහේ ක්රිපයා කරන්නේ තමාගේ ප්රසයෝජනය මුදුන්පත් කරගෙන බව මනුෂ්යි ස්වභාව පරික්ෂා‍කර බලන කල පෙනි යන්නේය.


438 කැප්පෙටිපොල

කර්නල් හුක් - මහජනයාගේ සුභ සිද්ධියට ක්රිෂයාකරන අය මේ ක‍ලාලේ බො‍හොම ටික දෙනයි. පලමුව මට. දෙවනුව උඹට.තුන්වෙනුව ඌට පිලිවෙලට තමා බො‍හේ දෙනෙකුගේ වැඩ. දෙමට්රෙේ - මොල්ලිගොඩගේ ක්රෝ‍ධය ඉපදි තිබෙන්නේ ඔය පිළවෙල අනුවයි. ඒ කෙසේ වෙතත් ඇහැලේපොල මොල්ලිගොඩ යන දෙදෙනා කැකුන තැලුවාම ඉන් ප්ර්යෝජනය ලැබෙන්නේ ස‍ුදු හබන් කුකුලන්ටයි. රේපර් - ඒක බොහොම හරි. වතුර පාර ගලායන‍කොට ඒක හරවාගෙන තමගේ කුඹුරු සශ්රිනක කරගන්නේ නුවනැති ගොවියන්ය ඇහැලේපොලගේ සහ මොල්ලිගොඩගේ භේදය අපේ වාසියට පෙරලා ගම්මු. බ්රයව්න්රිග් - රත්වත්තේ නිලමේ ඇහැලේපොල විසින් වැඩෙන් අහක් කල බව සැලයි. ඩොයිල් - රත්වත්තේ අපට පක්ෂ්පාත නිලමේ කෙනෙකි මොල්ලි‍ ගොඩගේ නෑයෙකි. මැක්ඩොනල්ඩ් - අ‍පේ මිත්ර‍ මොල්ලිගොඩ අදිකාරම්ගේ නෑයාව නිලෙන් අහක්කල කරුනේ ලොකු රහසක් තිබේ. ඇහැලේපොල අපට විරුද්ධව ක්රි යාකරන්ට යන හැඩයි. බ්ර ව්න්රිග් - ප්ර්මාද ‍නොවිය යුතුයි. වහාම කැරලිකෝලහාල වලක්වනු සඳහා ක්රි්යා කරමු. සින්දුව

සියළුදෙනාම - සව් රුපුන් දර්පම දැන සින්දලා සුන් කරව් බෝ ජයෙන් ඉංග්රිනසින් ලෙව් වෙසෙත් යුද්ධයෙන් සිංහළුන් ඉක්මණින් අන්තරා වෙන්ට හේවා සැමා කැන්දවන් දැන්, දැන්, දැන්, කල් නෑර එක්සත් වී ලක්දිව් මේ ජෝන්ද සිල්වා 439 ධර්මදයෙන් ආණ්ඩ්ර වෙයි දැන් ඉතින් ඉංග්රිසස්න් පන්නලා ගැන්ම ‍නම් දුෂ්කරයි. බ්ර්ච්න් - මාගේ ඉංග්රිෙස් දක්ෂරයි බිතෙන් වෙව්ලයි ලක්දිව දැන් කාටත් පාහේ දැන් තේරෙයි. හැංගි යයි - ධර්ම.යෙන් ආණ්ඩ්රෂ වෙයි.

(නික්මයයි) ii ජවනිකා - ඌවේ පිට්ටනියක් කැප්පෙට්ටිපොල පිලිමතලව්වේ. එල්යලේපොල. මඩුගල්ලේ සහ විල්බාවේ සිටත්. වාසගම කැප්පෙට්ටි - නිලමෙවරුන්. අපේ සිංහල ආණ්ඩු‍ව පවතින කාලේදි අපේ රජුට පමනක් අපි ගෞරව කලෙමු. දැන් ඉංග්රිහසි ආණ්ඩුවේ ලංකේස්වරතුමාට පමණක් නොව සියලුම ඉංග්රිේසි නිලධාරින්ට ගෞරව කරන්ට වී තිබේ. පිලිමතලව්වේ - ඒක අපට මදිකමකි. සියළුදෙනාටම එක මිම්මෙන් මැනිම හරියයි කියන්ට බෑ. එල්ලේපොල - ඉංග්රි සිකාරයාට කව්රුත් එකයි. කුලභේදය ඉංග්රිලසි කාරයෝ නොසලකති. කිසිවෙක් උප්පැන්නයෙන් වසලයාවත් බ්රා හ්මනයාවත් වෙන්නේ නැත කියා තිබෙව බුද්ධදේශනාව අනුව ඔව්හු ක්රිායා කරති. මඩුගල්ලේ - ඒ අතින් බලනකල යහපත් සියුම් බුද්ධියක් ඔවුන්ට තිබෙන බව පෙනි යයි නුමුත් අපේ ගෞරවටය එසේ. සැලකිම පලුදු වන්නේය. විල්බාවෙ - නිලමෙවරුනි.අ‍පේ ගෞරවය ගැන තන්හාවෙන් දැන් ය‍ුද්ධකරන්ට කල්පනා කරනවා නම් පශ්චාත්තාපය

440 කැප්පෙටිපොල

සිද්ධවෙන්ට හැකිය. එසේ නොව අපේ රට පරසතුරන්ගෙන් ම‍ුදා නිර්මටල බුද්ධ සාසනය අප සිංහල ජාතියෙන් තුරන් නොවෙන්ට ද‍ුටුගැමුණු මහරජානන් වහන්සේ සැඩිදෙමලා සමග කල යුද්ධ මෙන් අදහස් කර සටන් කලොත් සිංහල ස්වෛරි බලය ආරක්ෂා කරගන්ට බැරිවෙන්නේ නැහැ. කැප්පෙට්ටි - එහෙනම් අපේ සිංහල ජනයා‍ගේ ලෞකික ලෝ‍කෝත්තර සැප දෙකම බලා පරදේශින්ට බැටදෙම‍ු. එල්ලෙපොල - අන්න අදහස හොඳයි. වහාම සියළුම පලාත්වල සිටින අපේ නිලධාරින්ට හසුන් ඇර ඉංග්රිිසින්ට විරුද්ධව නැගිටින්න සැලකර හරිවි. විල්බාවේ - යුද්ධ කෙරිමට අපේ මන්ත්රු ශාස්ත්රියේ පෙනෙන ආඝෝර යන්ත්රනය ජපකරමි. අපේ අවිආයුධ සේනාබල සමග මන්ත්ර් වලින් ලැබෙන ශක්තිට එකතු උනාම ඉංග්රිසසින් එලවිම වැඩි අමාරුවක් නොවේ. (කුසි කුසි කුසි භයා) විල්බාවේ - නොවි මැලි මෙ දීපේ ගම්මු කී ලෙසේ පර ලෝ මේ ‍‍ලෝ සව් සැපත් ලබන්ට ලංකාවේ ආගම ධර්මෙක ඕනෑමයි තුන්ලෝ ඇදුරාගේ කැප් - අපේ රටේ ජ‍නෝ මේ ඉංග්රිංසින් කෙරේ කිපිලා බෝ සේ දැන් සිටිත් මෙ දේශ ගත්තායින් දම් රද දුන් දම් පැගි යයි ලංකා පෙරලිලා. පිලිම - යුදෙ ය‍ුදේ කරම්මෝ ඉංග්රියසින් මකා මොට‍දෝ ඉන්නේ මේ ‍ලොවේ අනුන්ට වාලා වී සිංහලදීපේ තේජස් දැන් යන්නේ මුළු වැද්දි මඩුගල්ලේ - පමා නොවි යමල්ලා ගන්ට සිංහල මැරෙතත් දීපේ බේරාල් අනාගතේ වැස්සෝ පින් අපටත් දෙන්නාහු බෝ යුද්දේ කර දාමු. ‍ෙජාන් ද සිල්වා 441

එල්ලේපොල ‍- ඔදේ බි‍ඳේ රුපුන්ගේ ඉක්මනින් ලකේ ගෙරියන් තම්බා මස් බුදිත් සුරාබිබි සේනා දම් රද දුන් දම් පැගි යයි ලංකා පෙරලීලා.

(නික්ම යයි) iii ජවනිකා - විදියක් ඉංග්රිකසි හේවායෙක් ප්රිකාශ පත්රගයක් පතුරුවා හරියි. (තුම්සේ පාරින්දේ පරවාලේ) හේවායෝ - ඉන්නා මේ සිංහලදේශ දක්ෂ ඉංග්රිගසි හේවා පන්න - දර්පෝ භංග වෙන්ට ය‍ුද්ධ වෙන්නේ වෙන්නේ තැන්හි තැන්හි කැප්පෙට්ටි‍පොලේද මඩුගල්ලේ ද එල්ලේ‍පොලද - විනාශ කර ගන්ට තෑගි ගත්තෑකි පතාග දාහා බැද්දේ කඳ‍ු‍ අස්සේ හැංගි බුම් ගා වෙඩිලන්නාහු මරාලා බෝම හේවායන් යෙදි හානි යෙදි හානි තෑගි තෑගි ගන්ට අල්ලව් කෝලාහාලා බෝම ලක්දිව වෙන්ට හේතු උන්ගේ සෝකෙන් ලංකාදීපේ ඉන්නා වාසින්. වැනසෙන්ට එපා දැන්. නැත වාසි ය‍ුද්ධයෙන්. නිලමේලා අල්ලාදිලා කාසි - ගත්තොත් කාටවත් බෝම වාසි.

(නික්ම යයි) 5 අංකය i ජවනිකා - ජෝන් ඩොයිල්ගේ මාලිගාව සර් ජෝන් ඩොයිල් හා මොල්ලිගොඩ සිටිත්. වාසගම ඩොයිල් - මොල්ලිගොඩ නිලමේ. උඩරට සෑම පලාත්වලම පාහේ

442 කැප්පෙටිපොල

දැන් අපට විරුද්ධව යුද්ධ කෙරේ. ඇහැලේපොල නිලමේ දියයට ඉඳන් ඔරු පෙරලන හැඩයි. මොල්ලි - පංචතන්ත්රියේ පෙනෙන මැඩි රජා හිසේ පටවා ගෙන දිය බරියාගේ කතාව ඔබවහන්සේ අහලා නැද්ද? ඩොයිල් - ඒ මොකද නිලමේ මොල්ලිගොඩ - එක් පොකුනක මැඩි‍යෝ හුඟක් වාසය කලෝය. ඔවුනේට රජෙක් ඕනෑ වී උන්ගෙන් එකෙක් රජකමට පත්කර ගත්තේය. රජාට පොකුන සංචාරනයට වාහනයක් ඕනෑවි එම පොකුනේ සිටි එකම දියබරියා කැඳවා තෝ අ‍පේ රජුන්ව හිසේ පටවාගෙන ‍පෝකුනේ පිනාඑන්ට ඕනෑයයි මැඩි‍යෝ දියබරියාට කිවෝය. දියබරියාද මීට විරුද්ධවුනොත් තමන්ට සිද්ධවෙන අන්තරාව කල්පනාකර ඊට කැමතිව මැඩි රජා තම හ‍ිසේ වාඩිකරවාගෙන පොකුනේ මුල්ලකට ගොසින් ගිලගත්තේය. පසුවදා මැඩි රජා නැති බව දැනගත් මැඩි‍යෝ දෙවනුත් සම්මුත්තියක් පවත්වා රජෙක් පත්කරගෙන් පලමු කී විධයටම පොකුනු සංචාරනයට දියබරියාගේ හිසේ රජු වාඩිකරවා පිටපත්කර ඇරියෝය. දෙවන‍ුත් දියබරියා පලමුකි පරිද්දේන් ගිලගත්තේය. මෙසේ ක්ර‍ම ක්රයමයෙන් එම පොකුනේවිසු සියළුම මැඩියන් දියබරියා ගිලලා කම්මුතු කලේය. ඩොයිල් - ඉතින් ඔය කතාවෙන් ගන්න ගුරුකම ‍මොකද්ද මොල්ලි‍ගොඩ - ඇයි ස්වාමින් උපමා කතාවෙන් දක්වන පොකුන නම් මෙම සිංහලේය. මැඩි‍යෝ නම් ඉංග්රිවසි හේවා පිරිසය. මැඩි රජානන් ඔබවහන්සේය, දියබරියා නම් ඇහැලේ පොල නිලමේය. හිසේ වාඩිකිරිම නම් ඔහු කෙරේ විස්වාසය තැබිමය. ගිලගැනිම නම් ඇහැලේපොල ප්රහස්තා පැමුනුන ඉක්මනින් පහර දිමය. එබැවින් ඇහැලේපොලේ

ජෝන් ද සිල්වා 443 කෙරෙහි තබන විශ්වාසය ඉංග්රි ස් ආණ්ඩුවට අන්තරා වැඩකි. ඩොයිල් - එහෙනම් ඇහැලේපොලේ නිලමේව හිරබාරයේ තැබිම අපේ ගැලවිමට අවශ්යහයෙන්ම ඕනෑකරන කරුණකි. මොල්ලි - එහෙයි ස්වාමිනි වහාම හිර අඩස්සි කරනු මැනවි. ඩොයිල් - දැන් ඇහැලේපොල නිලමේ වාසලට පැමිනෙනවා ඇත. එතකොට හිර අඩස්සිකර දමමු. මොල්ලි - එසේ යහපති ස්වාමිනි ඩොයිල් - ඔහු ගැන සැක තිබෙනවා මිසක් තවම අපට විරුද්ධව ක්රිලයා කල බවට සාක්ෂිබයක් නැත. මොල්ලි - සාක්ෂිට ලැබෙන තුරු බලා හිටියොත් ඉලව් හැපෙන්ට පුළුවනි. ඇහැලේපොල මහ කුනකටුවෙකි. ඩොයිල් - මොල්ලිගොඩ නිලමේ අපට වඩා ඔහුගේ ස්වභාව දන්න බැවින් වහාම ඇහැලේපොල නිලමේව හිරබාරේ තබන්නෙමි. ඇහැලේපොල පැමිනේ ඇහැලේ - සැරදේ සර් ජෝන් ඩොයිල් - නිලමේ ගැන ඉංග්රි සි ආණ්ඩුවට සැක ඉපදි තිබෙන හෙයින් හිර අඩස්සියට බාරගනිමි. ඇහැලේ - මගෙ සිදු වැරැද්ද කුමක්ද? ඩොයිල් - එය දෙවනු පහදා දෙන්නෙමි. මෙතැන් පටන් සිරබාරයේ සිටිය යුතුයි.


444 කැප්පෙටිපොල ඇහැලේ - නිකරුනේ මා සිරබාරයට ගැනිම සාධාරන නොවේ. ඩොයිල් - ලොකු මැස්සන් මකුළු දැලෙන් නවත්වන්ට බෑ. නිතිය මකුළුදැලකි. එහි පොඩි මැස්සෝ පමණක් අසුවෙති. ලොකු මැස්සෝ එය බිඳගෙන යති. එබැවින් අපට කැමති විදියක් කරන්ට පුළුවන් බව දැනගන්ට හොඳා. බයිරවි - ත්රි තාල් - ගැසල් ඇහැලේ - කුරිරුකම් කෙරි කෝපෙන් මගේ අතේ නෑ දොස් ස්වාමි.සාපෙන් සාපෙකි අනේ කේලම් බස් ඇසි ඇන්නෑවේ දැන් ස්වාමි. අධර්මව සේ පෙනේ ධර්මෙක ගියාදෝ වල් වැඳි ලක්දිව් විනාසෙ ලංවුනේ විස්වාසේ දැන් නෑ හින්දමයි සත්තේ විරෝදේ මා කෙරේ පෙන්නා සිටින්නේ මස්සිනා ම‍ාගේ ඉලව්වේ ඉංග්රිේසින්ගේ දොස් කිමා සැහෙන්නේ නෑ දැන් මේ. වචන ස්වාමිනි ඍතු නියමය, බිජ නියමය, ධර්ම නියමය, කර්ම නියමය කියා සතරක් අප ලොව්තුරා බුදුහාමුදුරුවෝ දක්වා වදාලසේක. කර්ම නියමයෙන් සත්වයා සංසාරේ පෙරලි ඊට යටවි ක්රිපයා කරන්නේය. මමද සංසා‍රයේ ගමන් කරන සත්වයෙකි. මමද කමර්ය ට යටවෙමි. මගේ පූර්ව් කර්මයයෙන් මේ විපත්තිය මට සිදුවුන බව දැනගනු මැනවි. ස්වාමි කෙරේ ම‍ගේ ක්රෝපධයක් නැත. ඩොයිල් - ඒ සියල්ලම සිතට ගතිමි. නිලමේව හේවායන්ට භාරදිම පිනිස යමු.

(නික්මයයි)

ජෝන් ද සිල්වා 445 ii ජවනිකා - යුද්ධ භූමියක්. සිංහල ඉංග්රි සි හේවායෝ කිපදෙනෙක් මැරි වැටි සිටිත්. කැප්පෙට්ටිපොල හා පිලිමතලව්වේ සිංහල සේනාවට අනදෙයි. ඉංග්රිරසි හේවා පිරිස කර්නල් ප්රේතසර් යටතේ යුද්ධ කරති. සින්දුව කැප්පෙට්ටි - පාගා පාගා දමව් සතුරු සෙන් යන්නට පරලොව කන්ට කන්ට බැට ආවේ දැන් මේ ආවේ දැන් මේ ශ්‍රි ලංකාදිපේ මුදමු මුන් මරාලා පිළම - කපව් කපව් අල‍ පෙති ගැසු ලෙස මේ චන්ඩ සේනා මරව් මරව් මුන් දිවි පුදමු පුදමු රට නසන අභිත හේවා (පාගා) ප්රේ සර් - කොලහල රටේ කරන දැන් කාරි නොදැන බොරු ය‍ුද්ධ සිද්ධකර පෑසි ආවේ පෑසි ආවේ නස්න සේ ඉංග්රි්සි නිලමේලාද මේ මේ - බඳිව් බඳිව් අතපය ඉලඇට බිඳින්ට කාලේ දුවන්ට නෑර කුදලමු කුදලමු රට නසන ප්රටධාන දෙන්නා

කර්නල් ප්රේකසර්ගේ පිරිස කැප්පෙට්ටිපොල හා පිලිමතලව්වේ අල්ලා ගනිති. සිංහලහේවායෝ පලායති. වචන හිරබාරේ නිලමෙලා දෙන්නා මා කැටුව එන්ට ඕනෑය සින්දුව කැප්පෙට්ටිපොල - ප්රේදසර් මැති බෝ කිපි අල්ලා ගත්ති දෙන්නා. හිංසා දැන් බෝ සේ කෙරි බයක් ඊට නෑ නෑ කරම් ප්රා්න පූජා කරම් ප්රාකන පූජා 446 කැප්පෙට්ටිපොල ඉංග්රිටසි මා මරා මෙතැන්හි දැම්මොත් නොමැත හදබිරම් ඒක දනු මැන ඉංග්රිිසි. පිළිම - ලංකා ‍අපේ රුපුන්ගෙන් බේරාගැන්ම තමා දස්කම් යුද්ධ කලේ ඒ හින්දයි ඒකෙන් පැරදිලා ඉන්නෙමි ජන්ම බූමි නාමෙන් දිව් දැන් පුදමි පුදමි ඉන් කාරි නැ යස අත්පත් වේ ප්රේ සර් - ලංකා භූමියේ නංවා කේලි ඉංග්රි සි හේවා සිටින්නහු දැන් ඉංග්රිැසි ‍හේවා සිටින්නහු උන් පන්න දමන්ටා මාන්සි වෙත් නෑ ජයා ප්රමභූ දැන් දැන් වාසි නෑ සිය පන ඉන් නැතිවේ කම් කිම්දෝය යුදෙනි නැත්තේ වාසි පාඩු මිසක් සෑම අතින් ඉන්න සියල්ලක් වාසින් නොවි රොසා කීකරු වව්. සාගර ගලා යන සෙ ඒත් අපගෙ සෙනඟ බෝ ඉංග්රිගසින්ගේ සේනා බලේ නික්මයයි iii ජවනිකා - කොළඹ ඉංග්රිේසි මාලිගාව ඩොයිල් බ්රනව්න්රිග් මැක්ඩොනල් සිටි වාසගම බ්රගව්න් - එල්ලේපොල පිලිමතලව්වේ මඩුගල්ලේ කැප්පෙට්ටිපොල ආදි ප්රරධාන නිලමේවරු හිරබාරේ දැන් සිටින බැවින් උඩරට ය‍ුද්ධ කෝලහාල ඉතින් නවතිනවා ඇති. ඩොයිල් - දු‍ෙර්සාමි නමින් රජ වු විල්බාවේ බින්තැන්නේ හැංහි සිටින බව සැලයි. ජෝන් ද සිල්වා 447

මැක්ඩොන්ල්	-	මෙකි නිලමෙවරුන් නිතියේ ප්ර කාර මරනයට පත්කල යුතුයි.

ඩෝයිල් - එහෙම නොක‍ලොත් රට හදාගන්ට බැරිවේ. එබැවින් මෙකි 4 දෙනාට‍ගේ හිස් ගහ දම්මවනු. ඩොයිල් - ඇහැලේපොල නිලමේ ගැන කල්පනාව කෙසේද? බ්රිව්න් - මොරිසියට පිටවහල්කර දමමු මැක්ඩොකනල් - ඒක හොඳයි බ්ර්ව්න් - තව ටික කලක් යුද්ධය කෙරුනා නම් අපේ හේවායන්ට පසු බසින්ට වෙනවා නිසැකයි. ඩොයිල් - වාසන්වකට මෙන් මොල්ලිගොඩ ඇහැලේ‍පොල සමග තිබුන ඊර්ෂියාව අපට ප්රකයෝජන විය. මැක්ඩොනල් - මෙම යුද්ධයෙන් සිංහල ජන‍යාගෙන් දස දහසකට වඩා ජිවිතක්ෂ්යට පැමිනියෝය. බ්රිව්න් - සිංහල ජනයා ප්රනධානයෙක් යටතේ ක්රිියාකරන කල නිර්භිතව ක්රිවයා කරන බව මෙයින් ඔප්පුවේ. මොවුන්ගේ ප්ර්ධානියන් වු එල්ලේපොල පිළිමතලව්වේ කැප්පෙට්ටිපොල මඩුගල්ලේ යන සතරදෙනාගේ හිස් ගහදමන්ට වහාම නියම කරමු. ඩොයිල් - එසේ යහපති. (නික්මයයි)

iv ජවනිකා - දළදා මාලිගාව සංඝයා වහන්සේ සිටිත් කැප්පෙට්ටිපොල සහ මඩුගල්ලේ ‍වධකයින් සමග පැමිනේ සෝආර් මහත්මයා දළදා මාලිගාවේ දොරටුව අසලදි මොව්න්ට සම්බවෙයි.

448 කැප්පෙටිපොල වචන

කැප්පෙට්ටි - මාගේ ජිවිතයේදි සංඝයාට නොයෙක් දානාදි නොයෙක් ප්ර්කාර පන්සල් සාදා විහාරස්ථනවලට නොයෙක් ඉඩම්කඩම් පූජාකර පෝය නෑර සිල් රක්ෂාාකර සිටියෙමි. මාගේ රට වෙනුවට සහ ශාසනය වෙන‍ුවට මිත්යාා දෘෂ්ටින්ට විරුඞව යුද්ධකර ඔව්න්ගෙන් දැන් මැරුම්කන්ට සිද්ධ විය. මේ මොහොතේදි ඔබවහන්සේගේ ආධාර මට ඕනෑ කෙරේ. සංඝයා - නිලමේ. බුද්ධ ශාසනය වෙනුවට ගත් උත්සාහය සංසාරයේදි න්ෂ්ඵල නොවන්නේය. දැන් මේ මතක්කර සිටිය පුන්ය් ක්රිොයා හිස ගහදමන මොහොතේදි සිහිකර සිටියාම යහපත් උපතකට එය ඉවහල් වේ. දැන් ඉතින් අන්තාම ප්රාතර්ථනාව කරන්ට හොඳා. කැප්පෙට්ට් - මැරි මැරි ඉපිද ඉපිද සංසාරයේ දුක් විඳින එක ඉතා භයානකයි. මෛත්රිැ බුදුහාමුදුරුවන් ‍ලොව පහල වෙනකල් ආයු වලඳා උන්වහන්සේ ශ්රි් මුකනේ වදාරන ධර්ම ශ්රේවනය කර නිවන් යන්ට මෙසේ ප්රා්ර්ථනා කරමි. ඉතෙතා චූතෝහං වරජම්බු දීපේ හිමාලයේ හේම මායම්හි කූටේ කප්පායුකෝ දේව සතිච හුත්වා මෙතෙතයිය නාථස්ස සුනේමි ධම්මං සංඝයා - නිලමේ විසින් කරන ලද පුන්යර ක්රිරයා හේතු කොටගෙන අහසට විසකල ගලක් පොලවට ආපහු වැටෙන්නා වාගේ මෛත්රිි බුදුහාමුදුරුවන් ලොව පහලවෙන කාලේදි ධර්මදය ශ්ර්වනය කරන්ට ප්රුස්ථා පැමින නිවන්සැප ලැබෙන බවට සහතික කරමි. සංඝයාගේ ආශිර්වාදය තොපට ලැබේවා කැප්පෙට්ටි - සාධු! සාධු! (දනගසා නැගිට සෝආර්ට) සෝආර් මහතුනි. මගේ අන්තිම පින අනුමෝදන් වෙන්ට ඉල්ලමි

ජෝන් ද සිල්වා 449

(ඉන වට ඔතාගෙන සිටි රෙද්ද දළදා මාලිගාවට පූජාකර මෙසේ කියයි) මාගේ මේ රෙදිකඩ කිළුටු උනත් පූජා කරන්ට දැනට තිබෙන එකම වස්තුව බැවින් ඉන් පින් රාශියක් මට ලැබේවා. මහත්මයා ම‍ාගේ හිස ගහදමන තැනෙට පැමිනෙන ලෙස ඉල්ලමි. සොආර් - මට සමාවුව මැනව.ඒ ස්ථානයට එන්ට මට බො‍හොම දුකයි. (අතට අත දි නික්මයයි) මඩු - (භයෙන් වෙව්ලමින්) මම ද මාග් ජිවිතයේදි මෙරට වැසියා වෙන‍ුවට සහ නිර්මල බුද්ධශාසනය වෙනුවට නොයෙක් වැඩ රාහයක් කර ඇත.ඒ වැඩවලදි ලැබෙන පින් මට භවයේදි පිහිට වේවා. ස්වාමින් මේ ප්ර්ස්ථාවේදි බුදුගුන සිහිකරමි.මට පන්සිල් දුන මැනවි. (පන්සිල් දෙයි.) මඞුගල්ලේ පන්සිල් අරන් නිමවු පසු හිස ගහදමන ස්ථානයට වෙව්ලමින් යයි.

v ජවනිකා - විදියක්

මඞුගල්ලේ වෙව්ලමින් කැප්පෙට්ටිපොල සහ වධකයින් සමග ගමන් කරයි.

වචන කැප්පෙට්ටි - අ‍හෝ මඬුගල්ලේ.අඬ අඞා භයෙන් ත්රාස්තව වැලපෙන්නේ මන්ද? සසර දුක දැන්ද තේරුනේ. පොඩි ළමයෙක් වාගේ නාඩා නිර්භිතව හිස ගහදමන භුමියට පැමිනෙමු. මරණයට භය නැත්තේ කව්ද? කෙලෙස් සහිත සියළුදෙනාම මරණයට භය නැත්තේ කව්ද? කෙලෙස් සහිත සියළුදෙනාම මරණයට භය ඇත්තෝය. ඊට භය නැත්තේ බුදුවරුන් සහ රහතුන්ය. නික්මයයි.

450 කැප්පෙටිපොල

vi ජවනිකා - හිස ගහදමන භූමිය.

වධකයෝ කැප්පෙට්ටිපොල සහ මඩුගල්ලේ කැන්දගෙන පැමිනෙති. වධකයින්ගේ ප්රදධානියා වන ඊරියගහ කංකානම මඩුගල්ලේගේ කොන්ඩේ හිස් මුදුනට කර බඳින්නේය.කැප්පෙට්ටිපොල සහ මඩුගල්ලේ මුන කට සෝදාගෙන ඉතිපිසේ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජා චරන සම්පන්නෝ යන ගාථාවකියන්නේය. සතිපට්ඨානය ඉනෙන් අරන් සොආර් මහත්මයාට දෙන්ටෙයි කියා කැ‍ප්පෙට්ටිපොල ඊරියගහ කංකානමට දෙයි. මෙම ගාථාවේ අරහං යන නාමය කටින් පිටවෙනකොටම ගහලයෝ කැප්පෙට්ටි‍පොලගේ හිස ගහ දමති. දෙවෙනි පහරට මලේය.වධකයා හිස අරන් කැප්පෙට්ටිපොලගේ පපුවේ තබයි. මඩුගල්ලේටත් මෙසේ කරන ලදි. vii අවසාන ජවනිකාව

සියළුම - සිය වංසේ ජනා සොඳ ඉංග්රිදසි ආණ්ඩුවේ පක්ෂෙපාත නැට්ටුවෝ සාස්ත්ර වන්තවු වැසියෝව බබලා තෙදින් ලොවේ පොරණ සිල්ප සිහල සාස්ත්රත ආදි මේ ‍සොයා නිවසව් ජාත්යස ආලයෙන් ජය අන්තේ සැදේ පුණ්යයවන්ත ජෝජ් මහරජුන් සහ ලකිසුර මේ අපේ උතුම් රකිත ආයු දෙමිනි බෝම සව් සුරෝ ලොවේ (සියවංසේ) –


සිද්ධි රස්තු. –