ජෝන් ද සිල්වා නුර්ති නාට්‍ය එකතුව-04-ජෝන් ද සිල්වාගේ අනුප්රාප්තිකයා : චාල්ස් ඩයස්

Wikibooks වෙතින්

ජෝන් ද සිල්වාගේ අනුප්රාඅප්තිකයා : චාල්ස් ඩයස්


සිංහල නාට්යව ඉතිහාසයෙහි නම් සඳහන් වි ඇති නුර්ති නාට්යව රචකයෝ රාශියක් වෙත්.ඔවුනතරින් ප්රකමුඛස්ථානය හිමි වි ඇත්තේ නාට්යර රචකයන් තිදෙනකුට යයි. ඒ - (1) සී. දොන් බස්තියන් (2) ‍‍නීතීඥ ජෝන් ද සිල්වා (3) නීතීඥ චාල්ස් ඩයස් යන තිදෙනාට ය. සී. දොන් බස්තියන්, නුර්ති නාටකයෙහි පිතෘවරයා ය ජෝන් ද සිල්වා, න‍ුර්ති නාටකයෙහි දිප්තිමත් ම නූර්ති කර්තෘවරයා ය. චාල්ස් ඩයස් ජෝන් ද සිල්වා ‍ගේ ප්‍රධාන අනුප්‍රාප්තිකයා පමණක් නොව විරප්රසසිද්ධ ටවර් හෝල් නාට්‍ය වංශයෙහි සමාරම්භකයා ය. (ටවර් හෝල් නාට්‍ය යනු අලුත් නාට්යය වෙසෙසක් නො ව ටවර් රංග ශාලාව කේන්ද්ර(‍ කොට ගෙන බිහි වු නුර්ති සහ ටීටර් නාටක ය.)

චාල්ස් ඩයස් වනාහි පුද්ගල චරිතය වශයෙන් ද නාට්යො කර්තෘවරයකු වශයෙන් ද ජෝන් ද සිල්වාට බෙහෙවින් සමිප තැනැත්තෙක් වුයේ ය. දෙදෙනා ම නිතිඥවරු ය: තත්කාලීන සමාජයෙහි ඉතා දුර්ලභ වු සිංහල ඇතුළු ප්‍රාචීන භාෂා හොඳින් දත් නිතිඥවරුය; ප්‍රභූහුය; බෞද්ධ ප්‍රභෝදයේ සහ අමද්වීප ව්‍යාපාරයේ පුරෝගාමිහුය; ස්වකිය නාට්‍ය කලාව ජාතික හා ආගමික ප්‍රබොධය, පරසිරිත් පරවම්හනය ආදි පරමාර්ථ වෙනුවේන කැප කළ නාට්ය‍කර්තෘවරු ය; ගිත රචකයෝ ය; හින්දුස්තානි සංගිතය පිළිබඳ දැනුමැත්තෝ ය; හින්දුස්තානි සංගීත ලෝලිහු ය.

චාල්ස් ඩයස් අමරතුංග, ක්රිු.ව. 1878 දි උපත ලැබිය. උපන් මාසය සහ දිනය අප්රසකට ය. උපන් ගම, කැලණියේ මල්වත්ත යි. අධ්යාබපන ය ලැබුවේ (ඇතැම් ලේඛනවල සඳහන් ව ඇත්තේ ඔහු ගල්කිස්සේ සාන්ත තෝමස් විද්යාැලයේ උගත් බව යි.) කොළඹ රාජකිය විද්යා්ලයෙන්. අපරදිග භාෂා, ගණිතය, විද්යා ව ආදී විෂයයන් හදාරා එහි ම ගුරු පත්විමක් ලැබිය. රත්මලානේ ශ්රි් ධර්මාරාම ඇතුළු භික්ෂුන්වහන්සේ වෙතින් පෙරදිග


12 ජෝන් ද සිල්වා


භාෂා සාහිත්ය ය හදාළේ ය. 1903 දී කොළඹ, ධනවත් වෙළෙඳ ව්යා පාරිකයකු වු ‍ගණේගොඩ අප්පුහාමිලාගේ දොන් හෙන්ද්රියක් සෙනෙවිරත්නගේ දෙටු දියණිය වු ඇඩ්ලින් සෙනෙවිරත්න සමග විවාහ විය. මේ විවාහය සිදු වුයේ ඇඩ්ලින්ගේ සොහොයුරකු වන එඩ්මන්ඩ් හා චාල්ස් ඩයස්ගේ දැන හැඳුනුම්කම් හේතුකොටගෙන ය. එඩ්මන්ඩ් සහ චාල්ස් පාසල් මිතුරෝ වුහ. 1908 දි ශ්රේ.ෂ්ඨාධිකරණයෙහි නීතිඥයකු ලෙස දිවුරුම් දුන්නේ ය. 1911 දී ‘පණ්ඩුකාභය’ නාටකය ලියා වේදිකා ගත කරමින් නාට්ය් ක්ෂේත්රැයට ප්රුවිෂ්ට විය. අනතුරු ව තවත් නාටක 30 කට අධිත සංඛ්යායවක් රචනා කළේ ය. 1915 මැයි 28 වන දා හට ගත් සිංහල - මුස්ලිම් කෝලහලයේ දි සෙසු සිංහල ජන නායකයන් සමඟ බ්රිිතාන්යද රජයේ අත් අඩංගුවට පත් විය. උත්තර භාරථිය රාගධාරි සංගීතය ඉගෙන ගන්නා සිසුන් සඳහා 1933 දී ‘හින්දුසත‍ානි සංගීත ප්රතවේශය’ නමින් පොතක් ලියා පළ කළේය. පසු කාලයේ දි ඇස් පෙනිම දුර්වල වි අන්ධ භාවයට පත් ව 1944 ජූලි 23 වැනි දා දෙමටගොඩ දි කාලක්රිභයා කළේ ය. චාල්ස් ඩයස් නමැති නාට්ය3යකරුවාගේ පහළ විමත් සුප්රලකට ‘ටවර් හෝල්’ හි පහළ විමත් එකක් ම බැවින් ටවර් හෝල් ඉතිහාසය මෙහි ලා සැකෙවින් හෝ සඳහන් කළ යුතු වන්නේ ය. කොළඹ, මරදාන හන්දියේ, පැසෙන්ජර්ස් යුනියන් නමැති හෝටලය පවත්වාගෙන් ගියේ චාල්ස් ඩයස් ගේ මාමණ්ඩිය වු හෙන්ද්රියක් සෙනෙවිරත්න ය. ඔහ‍ු මරදානේ දුම්රිය පොළ අසල පර්චස් 68 ක බිම් කඩක් මිල දි ගත්තේ ය. එදා ඒ බිම්කඩෙහි ස්වරූපය, කහඳ සුමිත්ර නම් ලේඛකයෙක් ‘ටවර හෝල් උපත’ මැයෙන් 1956 සැපැතැම්බර් 09 වැනි දා ‘ඉරිදා ලංකාදීප’ පත්ර’යට ලියු වර්ණනාත්මක විස්තරයක මෙසේ සටහන් කර ඇත. ‘.......ටවර්හෝල් පිහිට තැන මිට අවුරුදු ගණනාවකට ඉහත දී දක්නට ලැබු‍නේ කොරස, ගඳපාන, පේර, කොරකහ ආදි පඳුරුවලින් ගැවසුණු කඳු ගැටයකි. එදා එහි ගී ගැයුවේ වනමල් ‍රොන් උරා ගැනිමට පැමිණි බඹරුන් හා බෝවිටියා, ගඳපාන ආදි ගෙඩි කෑමට පියාඹා ආ මලිති, බටිත් කුරුල්ලෝ ය. රඟපෑවේ හාවුන්, මිමින්නන් ආදි කුඩා සත්තු ය. බඹරුන් හා බට්ටිත්තන් ගයන ගී වලිනුත් හාවුන් මීමන්නන් පනින පිනුම්වලිනුත් උදම් වුණේ ගඳපාන, රතඹලා, පේර ආදිය කෑම සඳහා දෙමාපියන්ගේ වැලකුම් පවා නොතකා ඔවුනෙට හොරෙන් කඳු‍ හොරෙන් කඳු ගැටයට ආ ළමා ළපැටියෝ ය.


අනුප්රායප්තිකයා 13


මේ ලඳු කැලෑවේ කවරාකාර ව්යාවපාරයක් පවත්වාගෙන යා යුතුදැයි සෙනෙවිරත්න කල්පනා කළේ ය. බොහෝ ලිපි ලේඛනවල සඳහන් වන්නේ එහි අශ්ව ඉස්තාලයක් ගැනිමට ඹහු අදහස් කළ බව යි. කොළඹ නගරයේ තුරඟ තරගවලට සහභාගි වු අශ්වයන් ගාල් කිරිමට ඉඩකඩ ඇති ඉස්තාලයක් අවශ්යඉ වී තිබිණැයි කියති. නාට්යත ශාලාවක් තැනියම් යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ නාට්යබ නිෂ්පාදනය සහ කළමනාකරණය පිළබද ප්ර විණයකු වු බී. ජේ. පෙරේරා විසින් යැයි කියනු ලැබේ. එ හැරෙන්නට නාට්යය ශාලාවක් ඉදි කිරිම, ඉස්තාලයක් තනනවාට වඩා ලාබදායි ව්යාඑපාරයක් බව තියුණු වෙළෙඳ ඥානයකින් යුක්ත සෙනෙවිරත්නට ද හැ‍ඟෙන්නට ඇති බව නාට්යව ඉතිහාසකාරයන්ගේ අදහස යි. නට්යඟ කලාව, ඒවන විට කොළඹ නගරවාසින්ගේ ප්රාධාන විනෝදායන මාර්ගයක් වි තිබිණ. එහෙත් නාට්යන රඟදැක්විමට හරිහමන් ශාල් නො තිබිණ. කොළඹ නගරය තුළ එවක තිබුණු 20කට අධික නාට්යහ ශාලාවලින් බොහොමයක් පොල් අතු සෙවිළි කළ හෝ ටකරන් සෙවිලි කළ ශාලා විය. බොම්බායේ සිට පැමිණි පාර්සි ජාතික වෘත්තීය නාට්යා කණ්ඩායම් පවා රැඟුම් පාන්ට යෙදුණේ මේ නො දියුණු ශාලාවල යි. ‍ෙ‍ම් හැරෙන්ට ටවර් ශාලාව ඉදි කරන්ට තුඩු දුන් තවත් හේතු ආචාර්ය ඩි. වි. හපුආරච්චි වාර්තා කරන්නේ ‍ෙම‍ ලෙසිනි. “නිතිඥ ජෝන් ද සිල්වා සිංහල නාට්යත ලෝකයෙහි කීර්තියක් අත්පත් කරගෙන සිටිනු දුටු තවත් ධනවතකු වු හෙන්ද්රිතක් සෙනෙවිරත්න මහතාට, තම බෑණා වු චාල්ස් ඩයස් නීතිඥවරයාටත් එබඳු කීර්තියක් අත්පත් කර දිමේ අශාවක් ඇති විය. මෙම අභිලාෂය මුදුන් පමුණුවා ගැනිම සඳහා ඔහුට බී. ජේ. පෙරේරාගේ සහාය ලැබිණ. නාට්යා රඟදැක්විම සම්බන්ධ කටයුතු ගැන මනා පළපුරුද්දක් ඇති ව සිටි, එමෙන් ම ජෝන් ද සිල්වා ට ප්ර තිපක්ෂ ව ක්රිායා කළ බී.ජේ. පෙරේරා හා එක් ව ඉතා සමෘද්ධිමත් නාට්යර ව්යාරපාරයක් ආරම්භ කිරිමට අදහස් කළ සෙනෙවිරත්න .......මරදානේ ඩවර් ශාලාව තැනවී ය.” (සිංහල නාට්ය. ඉතිහාසය, 1981, කොළඹ, පි.54 ) ටවර් ශාලාව එම නාමට තබන්ට යෙදුණේ ශාලාව ඉදිරිපිට ඇති ඔර‍ලෝසු කණුව, ‘ටවර් ඔෆ් ලන්ඩන්’ නමැති ලන්ඩන් කුළුණක හැඩයක හැඩයට ඉදි කළ නිසායැයි කියති.


14 ජෝන් ද සිල්වා


ඉහත නම් සඳහන් ජේමිස් පෙරේරා හෙවත් බි.පේ. පෙරේරා මරදානේ අභිනට සිංහල නාට්යර සභාවේ ආරම්භකයා ය. ඔහුගේ නාට්ය සභාවත් ජෝන් ද සිල්වාගේ ආර්ය සුබෝධ නාට්යප සහාවත් අතර තරගයක් පැවතිණ, ධනවතකු ද වු බී..ජේ. පෙරේරා, තවත් ධනවතකු වු හෙන්ද්රිාක් සෙනෙවිරත්න හා එක් වුයේ ජෝන් ද සිල්වාට අභියෝග කිරිමේ අටියෙනැයි යම් කෙනෙකුට හැඟි යාම සාධාරණ ය. ටවර් ශාලාව ඉදි කිරිම, කිහිප අතකින් ජෝන් ද සිල්වා තුළ සිත් තැවුල් ඇති කළේ ය. මෙ නයිනි: කොළඹ ස්ථවර රංග ශාලාවකි තැනීමේ අදහසක් ජෝන් ද සිල්වා තුල ද තිබු‍ණේ ය. ඔහු මේ අදහස 1906 දි පැවසු බව The Ceylon Government Gazette, Part V, March 30, 1906 උපුටා දක්වන ආචාර්ය හපුආරච්චි පවසයි. (සිංහල නාට්යහ ඉතිහාසය, පි. 368) ජෝන් ද සිල්වා මහානාම චරිත (1913) නාටකයෙහි ප්ර‍ස්තාවනාවේ ද ඒ බව සඳහන් කර තිබේ. “...අ‍පේ නරනාරින් විසින් බැලිය යුතු අපේ රටේ රජදරුවන්ගේ කතා නාටක කර දැක්විමෙන් විපුල ප්ර‍යෝජන රටට ඇති බව පෙනි ගිය වැදගත් මහතුන් විසින් එම නාට්යප සභාව යළිත් පිහිටුවා ලංකා ඉතිහාසයෙන් උපුටා ගන්නා ලද ඉතිහාස දක්වන්ටෙයි කියා මට ආරාධනා කර ති‍ෙබන බැවින් ලංකාද්වීපයේ අගනුවර වූ කොළඹ සුදුසු ස්ථානයකින් විශාල ඉඩමක් මිල දී අරන් එහි එංගලන්තයේ සාදා තිබෙන නාට්යය මණ්ඩප ප්රමකාර නාට්යඑ ශාලාවක් තැනිමට ද ලක්දිව නොයෙක් පළාත්වලට පැමිණ වරින් වර නාට්ය දැක්විමට ද නොබෝ කලකින් වැඩ පටන් ගන්නා බව මහජනයා මෙයින් දත යුතුය.” ජෝන් ද සිල්වාට සිය අදහස ක්රි යාත්මක කරන්ට ලැබුණේ නැත. 1911 දෙසැම්බර් 16 වැනි දා රාත්රිර 9 ට සිල්වාගේ ප්රතතිවාදින් විසින් ඉදි කරන් ලද ටවර් ශාලාව විවෘත විය. ඒ - නිතිඥ චාල්ස් ඩයස්ගේ ‘පණ්ඩුකාභය’ රඟ දැක්විමෙනි. නාටකය ආරම්භ වුයේ එච්.ඩී. එඩ්වඩ් පතිරාජ නමැති නුර්ති ශිල්පියා සුත්රවධරගේ වෙස් ගෙන ටවර් ‍ෙව්දිකාවට පැමිණ ගැයු මේ ගියෙනි.

රාග - කල්යාකණ් තාල  : වාජු

සිරි ගන මුනි ශාක්යක කුලේ නිතර සිරි දෙන - වඳිම් බැතියෙන


අනුප්රාරප්තිකයා 15


අනගි දහම ද - සුනිල් සඟන ද ‍බෙලෙනි සුනිමල් - සරණේ කිවි‍ඳේ වස දොස යාවය - බිඳ ගෙන සෑමා සැපත සෙත සුබ - ලැබෙන ලෙස සැම සෑම දෙන හට - යදිමි මුරු ගන

අපක්ෂපාති ව බලතේත් එදා මේ රංග ශාලාව විවෘත විය යුතු ව තිබ‍ුණේ ඒ වන විට දිවයිනෙහි කීර්තිමත් ම නාට්යුකරුවා වු ජෝන් ද සිල්වා ‍ගේ නාට්යයයක් රඟදැක්විමෙනි; ආධුනික නාට්යසකරුවකුගේ කුළුඳුල් නාට්යපය රඟදැක්විමෙන් නො වේ. මේ හේතුව නිසා 1917 දක්වා පුරා වසර 06ක් ජෝන් ද සිල්වා ටවර් ශාල්වට පැමිණියේ නැත. ඔහු සිය නාටක වැඩි වශයන් ්රඟ දැක්වුයේ මරදානේ ක්රොයිටිරියන් ශාලාවේ ය. 1917 දී ඔහු ටවර් ශාලාවට පැමිණියේ ‘උත්තර රාම චරිතය” රඟ දක්වමිනි. කෙසේ වෙතත් 1877 දෙසැම්බර් 27 වැනි දා බස්තියන්ගේ ‘රොලිනා’ රඟ දැක්වීමෙන් පිටකොටුවේ කෙයිසර් විදියේ අංක 51 දරන තැන දි උපත ලද නුර්ති නාටකය, ටවර් ශාලාව නිසා අතිශය ජනප්රිේයත්වටය පත් වු බවත් වෘත්තීය මට්ටමට පත් වු‍බෙවත් සඳහන් කළ යුතු වේ හෙන්ද්රිාක් සෙනෙවිරත්නගේ ඇවෑමෙන් එඩ්මන්, ග්රැ න්විල් යන සෙනෙවිරත්නගේ පුත්රකයන්ට හිමි වු ටවර් නාට්ය, ශාලාව, බොම්බායේ සිට පැමිණි පාර්සි ජාතික සිනමා ප්රවදර්ශකයකු වු එෆ්.සී. පැරැක් විසින් බද්දට ගනු ලැබ 1930 දි පුර්ණ කාලින සිනමා ශාලාවක් බවට පත් කරන ලදි. 1947 දි එය සෙනෙවිරත්න පවුලේ සාමාජිකයන් වෙතින් සිමාසහිත සිලෝන් තියටර්ස් නමැති සිනමා සමාගම විසින් මිල දි ගන්ට යෙදුණි. 1978 දි ටවර් ශාලාව රජයට පවරාගෙන ප්රිතිසංස්කරණය කොට නැවත නාට්ය් ශාලාවක් බවට පත් කරන ලද්දේ දිවංගත රණසිංහ ප්රේිමදාස අග්රා්මාත්යකතුමා විසිනි. 1911 දී ටවර් හෝල් අයිතිකරු විසින් නො සලකා හරින්ට යෙදුණු ‍ජෝන් ද සිල්වාගේ නාටකයකින්, එනම් - ‘සිරිසඟබෝ’ නාටකයෙන් (නව නිෂ්පාදනය, හෙන්රි ජයසේනගෙනි. ) 1978 සැපැතැම්බර් 15 වැනි දා අභිනව ටවර් රංග ශාලාව විවෘත විම දෛවෝපගත සිදුවිමක් වැන්න. 1911 ‘පණ්ඩුකාභය’ නාටකයෙන් ප්රාරරබ්ධ චාල්ස් ඩයස්ගේ නාට්ය7 ජිවිතය අවසන් වුයේ නාට්යප 30 ක් හෝ 40ක් රචනා කාරිමෙනි. බස්තියන්


16 ‍ජෝන් ද සිල්වා


සහ ජෝන් ද සිල්වා රචනා කළ නාට්යය සංඛ්යාෝව අවිනිශ්චිත ව ඇත්තේ යම් සේ ද එසේ ම චාල්ස් ඩයස්ගේ නාට්ය සංඛ්යායව ගැන ද නිශ්චිත තිරණයක් නැත්තේ ය. සිංහල නාට්යන ඉතිහාසය ලියු උදවියගේ සංඛ්යාක ලේඛන පරස්පර ය. කෙසේ වෙතත් චාල්ස් ඩයස්ගේ නාට්යි නාමාවලියෙහි මත සඳහන් කෘති දක්නා ලැබේ.

1. පණ්ඩුකාභය (1911) 2. ඇලඩින් සහ පුදුම පහන (1914) 3. නල දමයන්ති (1914) 4. පද්මාවති (1914) 5. ධාතුසේන (1914) 6. දුටුගැමුණු (1915) 7. උත්තර ගැමුණු (1915) 8. වළගම්බාහු (1916) 9. කුස රාජ චරිතය 10. දේව ශර්ම 11. ශ්රිශ වික්ර)ම රාජසිංහ (1918) 12. උම්මග්ග ජාතකය (1918) 13. විජය රාජ චරිතය (1918) 14. ධර්මාශෝක (1918) 15. කාවන්තිස්ස (1919) 16. සිවම්මා ධනපාල (1919) 17. ඔතැලෝ (1919) 18. විධුර (1919) 19. කාව්ය ශ්ඛරය ‍හෙවත් සත්තුභත්ත (1919) 20. ජගදාරාමන් හෙවත් නාගානන්ද (1919) 21. මහාපරාක්ර මබාහු (1920) 22. භූරිදත්ත ජාතකය (1920) 23. මායාවති (1921) 24. චන්දුගුප්ත (1921) අනුප්රාෘප්තිකයා 17


25. චන්ද්රකහාස (1922) 26. හේමමාල‍ි (1922) 27. චන්ද්රාය (1923) 28. ගුත්තිල

මේ හැරෙන්ට චාල්ස් ඩයස්ගේ නාට්ය2 නාමාවලියට විවිධ ලේඛකයන් විසින් තවත් නාට්යන 15ක් ඇතුළත් කරනු ලැබ ඇත. එනම්, (1) රංජිත් සිං (2) උදය රාක්ෂස ප්ර9ශ්නය (3) ධනපාලගේ වික්රනමය හෙවත් සිවම්මා ධනපාල දෙවැනි කොටස (4) ටිකිරිමලි (5) දේව කුසුමාවලි (6) උදය රාජ චරිතය (7) උදා කිරණ (8) රාවණ (9) ඉන්දුමති (10) භානුමති (11) වම්පකමාලා (12) මානාභරණ (13) මහසෙන් (14) සිංහබාහු (15) ඉසබෙල් නොහොත් සාංකාවේ විපාක ආදිය යි. මේ නාට්යො සංඛ්යාපව විසින් පෙන්වා දෙනු ලබන්නේ නාට්ය9කරුවකු වශයෙන් චාල්ස් ඩයස්ගේ ජනප්රිායත්වය යි. පණ්ඩුකාභය නාට්යතයෙන් පසු ඹහු‍ගේ නාට්යඩවලට ඉල්ලුමක් ඇති නො වුයේ නම් ඔහු අතින් මෙතරම් නාට්ය් සංඛ්යාඩවක් බිහි නො වනු ඇත. ඒ ජනප්රිායත්වය ඔස්සේ ඔහු ජෝන් ද සිල්වා සමඟ තරග කරන්ට උත්සුක වි යැයි සැක පහළ වන්නේ ජෝන් ද සිල්වාගේ මාතෘකාවලින් ම නාට්ය කරන්නට පටන් ගැනීමෙනි. දුටුගැමුණු වළගම්බා, කුස ජාතකය, ශ්රින වික්රැම රාජසිංග, ඔතැලෝ, ආදි මාතෘකා ඊට දෙස් දෙයි. මානාභරණ යන මාතෘකාවෙන් පී.ටී.පී. ප්රේ,මචන්ද්ර ද නුර්ති නාටකයක් නිෂ්පාදනය කර ඇත. (‘ඇස ප්රිවති කරන රූපා’ නමැති ජනප්රිදය නුර්ති ගිතය ප්රේයමචන්ද්රනගේ ‘මානාභරණ’ නාටකයට ඇතුළත් වුවකි.)

බස්තියන්, ජෝන් ද සිල්වා යන නුර්ති නාට්යගකරුවන්ගේ නාට්යර පිටපත් වැඩි සංඛ්යාකවක් මුද්රනණයෙන් ප්රතකාශයට පත් වුවත් චාල්ස් ඩයස්ගේ නාට්ය් පිටපත්වලින් අඩක්වත් ‍ෙපාත් වශයේන මුද්රපණය නො වි ය. අවම වශයේන පද්මාවති, සිවම්මා ධනපාල වැනි ඉතා ජනප්රිකය නාට්ය්යක්වත් ම‍ුද්රතණය වුයේ නැත. ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු‍වේ පවා සංරක්ෂණය වි ඇත්තේ පණ්ඩුකාභය (විද්යාවසාගර යන්ත්රාාලය, 1911)විධුර ජාතක දෘශ්යිකාව්යුය (විද්යාතසාගර යන්ත්රාෂලය, 1921) වැනි නාට්යර පොත් ‍කිහිපයක් පමණි.


18 ජෝන් ද සිල්වා


චාල්ස් ඩයස්ගේ නාටක අතර ජාතක කතා පුවත් (කුස, උම්මග්ග, විධුර, භූරිදත්ත, සත්තුභත්ත,ගුත්තිල) මහාවංශාගත පුවත් (පණ්ඩුකාභය, ධාතුසේන, දුටුගැමුණු, විජය, ශ්රි1 වික්රංම, කාවන්තිස්ස, මහාපරාක්රකමබාහු), ශේක්ස්පියර් නාටක (ඔතැලෝ), සංස්කෘත නාටක (නාගානන්ද), අරාබි නිසොල්ලාසයේ කතා (ඇලඩින් සහ පුදුම පහන), මහාභාරත කතා (නල දමයන්ති) ආදිය මෙන් ම මායාවතී, ඉන්දුමති ආදි සමාජ නාටක ද දැකිය හැකිය. සමාජ නාටකවලින් සිදු කෙරුණේ පරගැති, සංකර සිරිත් විරිත්වලට ගොදුරු වු සිංහල සමාජය හෙළා දැකිම යි, හාස්යනයට ලක් කිරිම යි. ජාතක කතා නාටකයට නැගිමෙන් අපේක්ෂා කළේ බෞද්ධ හැගිම් ජනනය කිරිම යි, ඓහිතිහාසික පුවත් නාටයාකාරයෙන් දැක්විමෙන් බලාපොරොත්තු වුයේ ජාතිකාභිමානය, දේශ වාත්සල්යදය දැනවිම යි. හුදු විනෝදාස්වාදය සැපයිම සඳහා සම්පාදනය වුයේ නාට්ය් කිහිපයක් පමණි. චාල්ස් ඩයස්ගේ නාට්ය්වල ආකෘතිය, සන්දර්භය, භාෂාව, ගීත ප්ර්බන්ධ ආදි සකලවිධ අංග ජෝන් ද සිල්වාගේ නාටකවලට සමාන ය. එහෙත් ඒ කවර අංශයකින් හෝ ජෝන් ද සිල්වා සමතික්ර මණය කරන්ට චාල්ස් ඩයස් සමත් වන්නේ නැත. චාල්ස් ඩයස් නාට්ය කරණයට එළඹෙනුයේ මඳ චකිත‍යකින් බව ඔහු පණ්ඩුකාභය නාටකයට ලියා ඇති ප්රකස්තාවනාවෙන් පෙනේ, “ මීට ප්රදථම කරන ලද මෙබඳු වැඩක පුරුද්දක් නැති නමුත්ව...” යනුවෙන් ඔහු සිය ආධුනිකත්වට කියා පාන්නේ එබැවිනි. චාල්ස් ඩයස්ගේ ආධුනික ගිත රචනාවල තත්ත්වය ඉහත දැක් වු “සිරි ගන මුනි ශාක්ය කුලේ” ගිතයෙන් මෙන් ම මතු දැක්වෙන ගිතයෙන් ද දත හැකි ය. රාග  : ඛමාජ් තාල  : රූපක දීඝගාමිණි : රශ්මියෙනි සඳුගෙ සීත - සුන්දරි සේ මා මන්දිර දැන් දිලෙ මෙ රාත්රි - දිව්යෙ විමන සේ ආදරි වෙතට යමි මෙ රාත්රි් - බලෙන් මෙ යන්ත්රෙය නින්ද ගොසින් ඇද්ද මෙදා - මා‍ගෙ සුන්දරි

(යන්ත්රරය සවි කරයි)


අනුප්රාතප්තිකකයා 19


රාග : සහනා තාල : ආදි කාන්ති ඇති වු දෙව් රූ සේ යමි දැන් මෙත් ‍මගෙ ප්රේේමි චිත්රා (යන්ත්රෙයෙන් නැගිම) චිත්රා් : ප්රේපම මේ මගේ කුමරා ලොල් වු (කවුළුව හැරිම) එන්නෙද මා වෙත රාත්රි)යේ මේ දීඝගාමිණි : මගේ කුමරි නුඹ කී ලෙස්නෙන් යන්තරේ බලෙන් එන්නෙමි මම දැන් චිත්රා : සෝක නමැති ගිනි කන්දා ඒ යාවි මෙ රාත්රි ප්රේ මා (පණ්ඩුකාභය) චාල්ස් ඩයස්ගේ නාටකයක ගිත ප්ර‍බන්ධ 30ත් 40ත් අතර සංඛ්යාතවක් දකින්ට ලැබේ. මතු දැක්වෙනුයේ චාල්ස් ඩයස් විසින් රචනා කරනු ලැබ ජනප්රි යත්වයට පත් වු නුර්ති ගීත කිහිපයකි. එමගින් ‍ඔහු‍ගේ නුර්ති ගිතවල ස්වභවය යම් තරමකට හඳුනා ගත හැකි වනු ඇත. 1. ආලේ නොකරා බැරි දැක්කොත් පද්මාවති - ආලේ නොකරා බැරි ලලාට චන්ද්ර්යා සේ පෙනේ දැක්කොත් පද්මාවති - ආලේ නොකරා බැරි

මේඝ සේ කේශා වේ ඇගේ ග්රිේව සක් සේ වේ අහො - ඈගේ ග්රීසව සක් සේ වේ ළමැද හංසයින් සේ පෙනේ ආ‍ලේ නොකරා බැරි

මුක්තා සෙ දන්තා වේ ඇගේ වර්ණ ස්වර්ණා වේ ළමැද හංසයින් සේ පෙනේ ආ‍ලේ නොකරා බැරි (පද්මාවති)


20 ජෝන් ද සිල්වා


2. සොබමාන දේවපුරා සදිසි සාර ලක්දිවේ සිංහලුන්ගේ නාරි ඟන තිත කාලේ සෝබනා දේශ දේශ ගොස් ද තමා නම්බු රැක්ක අන්දමා නාටකෙන් මෙ සිත් සෙ බලා ප්රිෙතියෙන් ම දත්තැකි (පද්මාවතී) 3. අගනා බඩුය මේවා - අගනා බඩුය මේවා ගන්ට නෑ මේ දෙසේ මේවා - අගනා බඩු

භාණ්ඩයක් වේ මේ ඇත් දත් බොහොම කදිමා // මාණික්ය් රක්ත වර්ණේ රුධිරේ වගේ සමානා ගන්ට නෑ මේ දේසේ මේවා - අගනා බඩු

මුක්ත භාර වේ මේ දිප්ති පාදාභරණ මේ - කුන්ඩලාභරණ මේවා දිල්ලියේ සැදු ගන්ට නෑ මේ දේසේ මේවා - අගනා බඩු (පද්මාවති) 4. රජ : පෙම්බර දේවි මගේ පණ හා සරි මා හද බෝ වියේ - ශෝකෙන් මා ළය සෝ වියේ නොලැබේදෝ සොදුරු දේවි සෝැකේන් මා ළය සෝ වියේ

පද් : ප්රා්ණ සරි ස්වාම නිසා සෝක බොහේ විය හදේ මා නිසා ස්වාමි අනේ වින්දා දැඩි දුක් රාශි ප්රිිතා රාශි වෙයි හෘදයේ දැක්මෙන් දැන් ඔබ ස්වාමි දේසෙ වාසි සෑම දෙනා සිටියෙ බොහො සෝකෙ ගැලි ප්රේ ම ස්වාමි ආව නිසා යන්ට ගියේ සෝක නිවි


අනුප්රාමප්තිකයා 21


කුමරු : දැක්මෙනි මා පියේ - හෘදේ පිනා ගියේ කිසි කාලේ දමාල අම්ම යන්ටෙපා පියේ (පද්මාවති) 5. : ‍ෙගායින මාලිගෙටා මම පදිමාවති‍ෙග් රූ‍පේ //

දෑසින් බලන්නෙමි රූපේ ඇගේ සැක හැර බලනෙම් මම් යන්නෙම් මම් දැන් වාණිජයකු ‍සේ බොහොම භාණ්ඩ රැගෙනා ඇද්ද මේ ර‍ටේ ලක්ෂණ ගෑනූ // ඒ අප දේසේ සේ ‍ ගොසින මාලිගෙටා.....

පද්මාවතිගේ ලක්ෂණ රූපේ දැක්කෝත් අරූපේ වේවි සත්තයි සත්තයි ඇගේ රූ‍පේ ලක්ෂණ නැතුවාට ඇද්ද මේ රටේ ලක්ෂණ ගෑනූ // ඒ අප දේසේ සේ ගොස්න මාලිගෙටා..... (පද්මාවති)

6. මෙම ගිම්හාන ග්රි.ෂ්ම වු කා‍ලේ අපේ උද්යාෙනේ ක්රිවඩා සැපා වේ. යස රම්යය ව‍ු සන්ධ්යාසවකි මේ අපේ උද්යාෙනේ ක්රිවඩා සැපා වේ

සූර්යයා යයි බැසි - චන්ද්රඩයා එයි නැගි බිගු රාශි මධු ලෝලෙන් හැසිරෙන්නා කෝකිලාදි පක්ෂින්ගෙන් ගීත ඇසෙන්නා අ‍පේ උද්යාගනේ ක්රිරඩා සැපා වේ (විධුර ජාතක දෘශ්යය කාව්යසය) 7. සාලිය : ආරණ්යා ඉන්නා මෙ රම්යා‍ කතේ ශ්රි. කාන්තා සේ ම පෙනේ ශ්රි. කාන්තා සේ ම පෙනේ //


22 ‍ෙජාන් ද සිල්වා


සාදමින් අශෝක මාල වෘක්ෂේ මෙ ඉන්නා කවුද ‍ති රම්ය කතේ

අශෝක : චණ්ඩාල ගෝතරේ චණ්ඩාල කන්යාත //

සාලිය : ප්රේෝමිට හර්දේ පුදම් රතී - සරි ප්රේ්මිට හර්දේ පුදම් ආරණ්ය ඉන්නා..... (සිවම්මා ධනපාල) 8. තිලේගුරු නාමයෙන් මෙ මටා යමක් දුන්නාම පින් සැලසේ

කුසේ නෑ කෑම - ක්ලාන්තයි දේහ ජිවත් විම බැරි වේමයි තිලෝගුරු නාමයෙන්......

උදව්වක් දීලා පින් පතනු රති සේ රූ‍ෙ‍ප් යකින්නක් සේම විකාරයි බෝම අරූප විමයි තිලෝගුරු නාමයෙන්..... (සිවම්මා ධනපාල) 9. සර්ධාව මැකිලා ගියාලා හංග වි - හර්දේ බමුණන් කෙරේ සීලේ නොරකිනා දුජනන් කෙරෙහි තණ්හා මලින් ළය දෙදරා මෝහෙනි වැසි ගොස් දෙඇසා නැත සී‍ලේ ගුණ ධර්මේ බමුණන්ගේ දැන් කලකිරුණා කෙරෙහි උන් මගේ හර්දේ

(ධර්මාසෝක) 10. දෑස නිසා කරති බොහෝ පව් දෑස නිසා කරති උපදින ‍රාගේ උල්පතකී - ඇස් වසනා පාපේ දොස් බොහෝ පව්.


අනුප්රා්ප්තිය 23


රූපේ ආශාවෙන් කරනා පව් දෑසා හින්දාමයි නිවනට බාධා පව් සදනා වු කම්හලකි දෑසා

හා හා මා‍ගේ සැමියාගේ දෑසා නැති උනා ඒ ශෝකෙන් යාවි මග දිව් දෑස මාගේ අඳුරු වි ගියත් ඥාන ලෝකේ ලැබුණි දිමුත් ඉන් දුටිමි නිවන මනා සේ මෝක්ෂ පුරේ ඉන් දැන ගත්තා (ධර්මාශෝක) 11. ලෝනා මුනි රාජ‍ෙ‍ග් ශ්රිධ දළදා පෙන්වමි

මාගේ හිස කෙස් ගර්භයෙහී සඟවා ගෙන ආ සාදරෙන් //

අත්ලට ස්වාමිගේ වඩවමි දාඨා දා අප දියනාගේ ලෝනා මුනි රාජගේ.... (හේමමාලි)

නුර්ති ගිතාවලියෙහි තනු නිර්මාණවල කර්තෘත්වය ඉතා පැහැදිලි ව සටහන් වි ඇත්තේ විශ්වනාත් ලෞජි සංගිතවත් කළ ජෝන් ද සිල්වා ගේ නාට්යල සංකීතය නිර්මාණය කළෝ කවරහුදැ යි නිශ්චිත ව සටහන් වි නැත. ඔහුගේ වෙස්සන්තර නාටකයට මොහොමඩ් ගවුස්, අමිර් ඛාන්, කේ.ඩී. ජෝර්ජ් යන තිදෙනා ම සංගීතය සම්පාදනය කර ඇති බැවින් එහි අඩංගු ‘මගෙ මද්රිත නම් බිසෝගේ’ , අද වෙස්සන්තර රාජ ප‍ුතා’ ආදි විශිෂ්ට ගී තනු නිර්මාණය කළේ ඔවුන් ත‍ිදෙනාගෙන් කවුරුන්දැයි දැන ගැනිමට මඟක් නැත. දුටුගැමුණු නාටකයට අබ්දුල් අසීස්, අමීර් ඛාන් යන දෙදෙනා ම සංගීතය සපයා ඇති බවින් එහි අඩංගු ‘සුවඳ පද්ම ඕළු ආදි’ නමැති කර්ණ රසායන ගීයෙහි කර්තෘත්වය ඔවුන් දෙදෙනාගෙන් කව‍ුරුන්ට හිමිදැයි කිසිවෙක් නො දනිත්, ඒ අයුරින් මා චාල්ස් ඩයස්ගේ දැක්කොත් පද්මාවති’ ආදි වශයෙන් ඉහත දක්වන්ට යෙදුණු එක ම ජනප්රි ය ගීයකවත් සංගිත නිර්මාණය කළෝ කවරහු දැයි නිශ්චිත නැත. ඔහු‍ගේ නාට්යිවලට මොහන්ලාල් බලදේව, සුල්තාන් බක්ස්, අම්ටාලාල්, අබ්දුල් සතාර්,සදාලාල්


24 ජෝන් ද සිල්වා


මගන්ලාල් සහ එච්.ඩබ්ලිව්. රූපසිංහ යන දෙස් විදෙස් සංගිතඥයන් සංගීතය සැපයු බව ලිපි ලේඛනවල සඳහන් වි ඇතත් ඔවුන් නිර්මාණය කළේ කවර නාටකවල කවර ගී තනුදැයි පැහැදිලා සඳහනක් නැත. චාල්ස් ඩයස්ගේ ‘ශ්රිල වික්ර.ම රාජසිංහ’ නාටකටය ඉන්දීය සංගිතඥන් තිදෙනකු ගි තනු සම්පාදනය කළ බව දැනගන්ට ලැබෙන්නේ ද පත්රි දැන්විමකිනි. 1918 මාර්තු 21 වැනි දා ‘දිනමිණ’ පත්රරයෙහි මේ දැන්විම පළ වි තිබුණේය. “මෙම නාටකයෙහි යොදා තිබෙන සියලු වෘත බැව් නිසැකින් කියමු. මෙම නාටකයෙහි ප්රකථම අංකයෙහි යොදා තිබෙන ගීත කයිසර්බැඩ්හි විධාන් අමීර් ඛාන් නම් සංගීතඥයා විසින් ද ද්විතියාංකයෙහි ගීත පූනා නගරයෙහි ගීත පණ්ඩිත මහාදේව ජෝතිනාථ සංගිතඥයා විසින් ද තෘතියාංකයෙහි ගිත කටීවාර් පළාතේ පණ්ඩිත කාන්ජි මහාරාජ් සංගිතඥයා විසින් ‍ද දෙන ලද ගුරුකම් ඇතුව පිළියෙළ කරන ලද බැව් කියමු. තවද ඉහත කී පණ්ඩිත කාන්ජි මහාරාජ සංගිතඥයා විසින් මෙම නාට්‍ාජෙයහි ප්රිථම ගීතය රාත්රිත 9ට පවත්වා නෘත්යාමරම්භ කරනු ලැබේ.” එනයින් චාල්ස් ඩයස්ගේ ‘ශ්රිෙ වික්ර‍ම’ අංක තුන සඳහා ගී තනු සපයා ඇත්තේ අමීර් ඛාන්, මහාදේව ජෝතිනාථ,කාන්ජි මහාරාජ් යන සංගීතඥයන් තිදෙනා ය. පණ්ඩුකාභය නාට්යායේ පමණක් සංගීත නිර්මාණකරුවාගේ නම ග්ර න්ථාගත ව තිබේ. ඔහු දේශිය දෙමළ සංගීතඥයකු වු ඩබ්ල්ව්. සතාසිවම් ය. සතාසිවම්ගේ සංගිත නිර්මාණ කරුණු හතරක් නිසා මෙ රට සංගිත ඉතිහාසයෙහි වෙසෙසින් සටහන් වන්නේය. ඒ , මතු දැක්වෙන කරුණු ය.

1. ගී තනු අනුව වචන ලිවිමේ චාරිත්රතයට පටහැනි ව ප්ර.ථම වරට වචනවලට තනු නිර්මාණය කිරිම

2. ප්රනථම වරට දකුණු ඉන්දියානු කර්ණාටක සංගිතයට නුර්ති සංගිතයෙහි ප්රවමුකස්ථානයක් ලැබිම.

3. සංගිත අරභයා ප්ර්ථම වරට පුවත්පතක විවාදාත්මක ලිපි පෙළක් පළ විම.

4. දේශිය සංගිතඥයකු අතින් ප්රථථම වරට ස්වතන්ත්රි නාට්ය ගී තනු නිර්මාණය විය.


අනුප්රායප්තිකයා 25


නාඩගම් ගී සහ නුර්ති ගී රචනා වුයේ එවක ජනප්රි්ය ව තිබුණු ගී තනු අනුව හෝ කිසියම් සංගිතඥයකු විසින් නිර්මාණය කරනු ලැබ ගිත ප්ර්බන්ධකයාට සපයන ලද ගී තනු අනු ව ය. ප්රනථම වරට ගීත ප්ර්බන්ධයකට තනු නිර්මාණය කිරිමක් ගැන අසන්නට ලැබෙන්නේ ‘පණ්ඩුකාභය’ නාටකයෙනි. ‍එම සංඥාපනයෙහි ලා චාල්ස් ඩයස් සඳහන් කරන්නේ” සමහර ප්රරස්තාවල දි සාදන ලද ප්රාබන්ධයන්ට ඩබ්ලිව්.සතාසිවමි මහතා රාග තාල ආරූඪ කළ බව” ය. නුර්ති නාටකයට පාදක වුයේ උතුරු ඉන්දීය සංගීත නාටක බැවින් නුර්ති ගීවල පැහැදිලි ව ම අඩංගු වුයේ උත්තර භාරතිය රාගධාරි සංගීතයෙහි සරල ලක්ෂණ ය. කලාතුරකින් ‘සංකරාභරණ’ වැනි කර්ණාටක රාගාශ්රිාත ගීත නො තිබුණා නො වේ. ජෝන් ද සිල්වාගේ ‘දුටුගැමුණු’ නාටකයේ 5 වැනි අංකයේ, 4 වැනි ජවනිකාවේ ආ ‘සුවඳ පත්ම ඕළු ආදි’ ගී සිරසෙහි මුද්රිැත රාග නාමය ‘සංකරාභරණ’ යනු යි. දාදරා, ලාවනි, දීපචන්ද, ත්රිරතාල ආදි වශයෙන් නුර්ති ගි සඳහා උපයුක්ත තාල පද්ධතිය ද සප‍ුරා උත්තර භාරතීය විය. එහෙත් ‘පණ්ඩුකාභය’ නාටකයේ දි කර්ණාටක රාග සහ කර්ණාටක තාල, බහුල ව භාවිත විය. ඊට හේතු වන්ට ඇත්තේ පණ්ඩුකාභ සංගීත නිර්මාණකරුවා කර්ණාටක සංගිතය හදාල ඩබ්ලිව්. සතිසිවම් විම යි. එ මතු නො ව ඔහු පණ්ඩුකාභය සංගීතය නිර්මාණය කරන්ට පෙර සිට ම නුර්ති සංගීතය, අශාස්ත්රි යදූෂිත සංගීත‍යක් ලෙස පිටු දුටු කෙනෙක් විමයි.( The Ceylon National Review, No.9, Vol. iii, 191- March, pp,127-128) සතාසිවමි, එවක වෘත්තිය සංගීතඥයකු නොව නීති ශිෂයයෙකි. ප්රයථම පුවත්පත් සංගීත විවාදය හට ගත්තේ ප්රෘවීණ සංගීතඥයකු වු ඇම්.ජි. පෙරේරා, ‘පණ්ඩුකාභය’ සංගීතය අළලා 1911.12.21 දා ‘සිහල සමය’ පත්රලයට ලියු ලිපියකිනි. චාල්ස් ඩයස් සහ සතාසිවම්.ඇමි. ජී. පෙරේරා සමඟ වාදයට පැටළුණහ. 1911.12.21 දා සිට 1912.01.04 දක්වා සිහල සමය පත්ර ය මේ විවාදය ඉදිරියට ගෙන ගියේ ය. මහාවාර්ය තිස්ස කාරියවසම්, ‘සිංහල නාට්යය විකාශනය’ කෘතියෙහි ලා පුර්වොක්ත විවාදය විස්තරාත්මක ව දක්වා තිබේ. (246-247 පිටු.) එය මෙනයින් හකුළුවා දැක්විය හැකි ය. පණ්ඩුකාභය සංගීතටය එරෙහි ‍ෙචාදනා 06ක් නැඟුනේ ය. එනම් (1) කාලානුරූප ව රාග තාල නො යෙදිම (2) පැරණි වෘත්ත යෙදිම (3) හින්දුස්තානි රාගවලට කර්ණාටක තාල යෙදිම (4) ශුද්ධියෙන් තොර ගණපති ස්තොත්ර යක් යෙදිම (5) ගීතයක වරණම් කොටස නො යෙදිම (6) ගීතයක කොටසක් අපිළිවෙළට යොදා තිබිම


26 ජෝන් ද සිල්වා


ආදිය යි. මෙයින් චොදනා 04 කට සතාසිවම් ද 02 කට චාල්ස් ඩයස් ද පිළිතු‍රු දුන්හ.

01. චෝදනාවට එමරහි ව සතාසිවම් : රාග තාල යොදා ඇත්තේ කාලානුරූප වා යි. රාගයක හෝ තාලයක කාලානුරෑප බව ඇත්තතේ එකිනෙකාගේ හිත්වල ය.

02. චෝදනාවට එරෙහි ව සතාසිවම් : පණ්ඩුකාභය ගීත 50න් 40කට භාවිත කර ඇත්තේ මෙතෙක් කිසිදු සිංහල නුර්තියක නො තිබුණු වෘත්ත ය. ඉතිරි 10 ද ස්වනිර්මාණ ය.

03. චෝදනාවට එරෙහි ව සතාසිවම් : බොම්බායේ සිට ආ පාර්සි නාට්යාකාරයන් මෙරට ජනප්රිාය කළ සංකර, අශාස්ත්රිබය ගීත ජනයා ආදරයෙන් භාවිත කරන නමුත් ඔව්හු එහි අගක් මුලක් නො දනිනි. එහත් පණ්ඩුකාභය නාටකයෙහි එනුයේ ත්යා ගරාජා, වෙංකටේෂ, දික්ෂිත වැනි කර්ණාටක සංගීතඥයන්ගේ සම්භාව්යා ප්රාබන්ධ ය. හින්දුස්තානි සංගීත‍යත් කර්ණාටක සංගීතයත් යන දෙක ම කරුණු උපුටා ගෙන ඇත්තේ එක ම සංස්කෘත ග්ර්න්ථවලිනි.

04. චෝදනාවට එරෙහි ව චාල්ස් ඩයස් : ගණපති ‍ස්තෝත්රගයේ ගීත අශුද්ධිය සිදු වු තැන් පෙන්වා දෙන්න.

05. චෝදනාවට එරෙහි ව චාල්ස් ඩයස් : ගායකයා වරණම් කොටස ගයන්නට ප්ර්ථම, එනම් - අනුපල්ලවිය ගායනා කර අවසන් වන විට ම ජවනිකාව අවසන් වී තිරය පහත හෙළනු ලැබේ. එනයින් ගීතයේ තෘතිය භාගය වන වරණම් කොටස ද ගැයු ලෙස හැ‍ඟෙන්ට ඉඩ හැර ඇත. පල්ලවි සහ අනුපල්ලවි යන ගීතයෙහි ප්රවථම සහ ද්විතිය භාග පමණක් ගයන්නට සැලැස්වුයේ කාලය ලුහුඬු කර ගැනිමේ අටියෙනි.

06. චෝදනාවට එරෙහි ව සතාසිවම්  : කොටසක් අපිළිවෙලට යොදා ඇත්තේ කවර ගිතයෙහි ද?

සතාසිවම් ‘සිහල සමය’ පත්‍රයට පවසා ඇත්තේ සිය නාටකයෙහි ආ ගීත 50ත් 10ක ‘වෘත්ත’ ස්වනිර්මාණ බව ය. එසේ නම් ඒ වනාහි දේශිය සංගිතඥයකු අතින් නිර්මාණය වන ප්රකථම ස්වතන්ත්ර නාට්යම ගී තනු ය. රූපසිංහ මාස්ටර්, සාදිරිස් මාස්ටර්, කේ. ඩි. ජෝර්ජ් ආදින්


අනුප්රාිප්තිකයා 27


‍ජෝන් ද සිල්වා ඇතුළු නුර්ති නාට්යසකරුවන්ගේ නාට්ය්වලට සංගිතය සපයා ඇතත් කොතැනකවත් ‘ස්වනිර්මාණ වෘත්ත’ ගැන සඳහන් වී නැත. සතාසිවම් ද තමා තැනු ‘වෘත්ත’ මොනවාදැයි වෙන් කර දක්වා නැත්තේ ය.

චාල්ස් ඩයස්ගේ නාටක අතරින් පද්මාවති. සිවම්මා ධනපාල, වළගම්බාහු, විධුර, උම්මග්ග ජාතකය, ධර්මාශෝක, හේමමාලී වැනි නාටක වඩාත් ජනප්රි යත්වයට පත් වු බව පෙනේ. මේ ඇතැම් නාටකයකට රසිකයන්ගේ පමණක් නො ව විචාරකයන්ගේ ද පැසසුම් හිමි විය.මතු දැක්වෙනුයේ ඒ සම්බන්ද සාක්ෂ්යම කිහිපයකි.

වළගම්බාහු : “ මේ මස 01 වෙනි සඳුදා රාත්රිෂ ‘වළගම්බාහු චරිතය’ නමැති ඓතිහාසික කථාන්තරය ඉතා අලංකාර ලෙස රැඟුම් දක්වන ලදි. මෙදින විසුළුකාරයින්ගේ කවට දෙඩුම් හා ක්රිැයාවන් පැමිණ සිටි මහත් පිරිසකගේ සිත් සතුටු කරවිය. ලංකා ඉතිහාසය පිළිබඳ කථා නාටක කර දැක්විමෙන් කාටත් ප්රටයොජන් ඇති බව නිසැකයි” දිනමිණ, 1918.07.03

විධුර “ ක්රි ඩාව අවසාන වනතුරු ම ඒකාකාර ප්රිනතියකින් සභාව තබා ගැනිම ගැන විශේෂයෙන් ම නාටයකරුවන්ට ස්තුති කටයුතුයි.” දිනමිණ. 1918.07.20

උම්මග්ග ජාතකය : “බෝධිසත්ව චරිතයක් වු මේ කථාව පළමුවෙනි වරට දැක්විම අත්යා ලංකාරයෙන් කරන ලද බැවි කිව යුතුමය. ඇඳුම් පැළඳුම් ද විත්රා වස්ත්රම ද රමය යි. උමගෙහි ශෝභාව දැක්විමට ගෙන තිබෙන උත්සාහය සඵල වි ‍තිබේ යැයි සිතිය හැක. නාට්යිකරුවෝ ද සිය කොටස් ගැන උනන්දුවෙන් ක්රිතයා කළෝ ය. මෙය බැලිමට පැමණ සිටි පිරිස ඉතා අධිකය” දිනමිණ, 1918.07.29

ධර්මාශෝක : තිස්සරක්ඛා දේවිය අශෝක රජු‍ ෙග් පුත් කුමරුට ආලය කිරිම, කුමරු එය ප්රඛතික්ෂේප කිරිම, සත් දිනකට රාජ්යි බලය ලැබු දේවිය කුමරුගෙ ඇස් ගලවන්ට කළ ආඥාව, සත්ය ය දැන ගත් අශෝක රජු සිය දේවිය ගින්නට බත් කරවිම ආදි රෞද්ර ‍භයානක දර්ශනයන්ගේන් යුත් නියම රූපවත් නාට්යටයකි.....මෙම නාටකය බැලු කාගේ නමුත් නෙත්වලින් කඳුළු නො හෙළා සිටියොත් එය පුදුමයකි. “දිනමිණ, 1941.09.10


28 ජෝන් ද සිල්වා


චාල්ස් ඩයස්ගේ නාටයවල රඟපෑවාහු එවක දිවයිනෙහි ජනප්රි යත්වයට පත් ව සිටි වේදිකා නළු නිළියෝ ය. ඇතැම් විට එක ම භූමිකාව නළුනිළියන් කිහිප දෙනකු විසින් නිරූපණය කරන ලදි 1933.12.14 වැනි දා කැපිටෝල් ශාල්වේ රඟ දැක්වුණු ‘සිවම්මා ධනපාල’ 9.30 දර්ශනය එහි සංවිධායකයන් පත්රු මඟින් ප්ර්ච‍ාරය කර හැරියේ මෙසේ ය.” අලුත් ධනපාල : රොම්ලස් ද සිල්වා, අලුත් සිවම්මා : සෝම කාන්තා, පරණ ගල්වඩුවා : ඇම්. රොමානිස් ප්රේ්රා. තවද මෙම නාට්යමය විශේෂයෙන් අලංකාර කිරිම පිණිස මෙදින ඇමරිකාවෙන් පැමිණ සිටින ලැයිලිමා නමැති රෑමත් තරුණ කාන්තිව ඇගේ සිත් අද ගන්නා මනහර රැඟුම්වලින් අද රෑ කැපිටෝල් ශාලාව වඩාත් අලංකාර කරන්නි ය. “ මේ දැන්විමේ සඳහන් වන ‘අලුත්’ යන විශේෂණ පදයෙන් පෙනි යන්නේ රොම්ලසි සහ සෝමකාන්තා යන නළු නිළි යුවළට පෙර වෙනත් දෙ‍ෙදනකු සිවම්මා සහ ධනපාල ලෙස රැඟුම් පෑ බව යි. එමෙන් ම විදේශිය නළගනන් විශේෂ ආකර්ෂණය සඳහා නාට්යෑ දර්ශන සඳහා කැඳවා ගත් බව යි. 1934.04.26 ටවර්හි (මේ වන චිත්රටපට සහ නාටය කලවමේ ටවර්හි ප්රනදර්ශනය විය. ) පැවති සිවම්මා ධනපාල දර්ශනය ප්ර චාරය කෙරු‍ණේ “රොම්ලස් ද සිල්වා ධනපාල මෙන් රඟපාන අන්තිම රාත්රිනය” යනුවෙනි. එම දර්ශනයෙහි සිවම්මා මෙන් රඟපෑවේ ‍සෝමකාන්තා නොව සුසිලා ජයසිංහ යි.

පද්මාවති නාටකයේ රඟ පෑ නළු නිළියන් අතර ලක්ෂ්මි බායි. පර්සි පෙරේ‍රා ආදින් මෙන් ම රාම් ප්යා රි නම් ඉන්දියානු නළගනද වුවා ය. උම්මග්ග ජාතක නාට්යායෙහි මහෞෂධ ලෙස ටි.වි. ඇඩ්වින් පෙරේ‍රාත් සේනක ලෙස ඇන්. රොම්ලස් ද සිල්වාත් රඟ සෑ අතර විධුර නාටකයේ දී විධුර පඬි ලෙස ටි. වි. ඇඩ්වින් පෙරේරාත් එරන්දති ලෙස ඇනි බොතේජුත් රඟපෑහ.

චාල්ස් ඩයස්ගේ නාට්යන ප්රබචාරය කර හැරිමේ දී ප්රේවක්ෂකයන් ගෙන්වා ගැනිම සඳහා තවත් විවිධ උපක්රසම භාවිත කරන ලදි. 1925.07.29 වැනි දි ටවර්හි සිවම්මා ධනපාල පෙන්වු ද‍වසේ කුස පත් ඇදිමකින් ගැලරියේ ප්ර1වේශ පත්රසයකට ගොන් වස්සෙකුතේ තුන් වැනි පන්තියට 12/50 පට ලේන්සුවකුත් තෑගි දි‍ී තිබේ 1934.03.29 වැනි දා ටවර්හි රාත්රිු 9.30 ට පෙන්වු ‘ධර්මාශෝක’ නාට්යිය ප්රඓචාරය කරන්ට යෙදුණේ මෙසේ ය. “නාට්යුයෙහි ඉතා දක්ෂ නාට්යදකරුවාට දෙන රන් පදක්කම ආර්ය සිංහල


අනුප්රාආප්තාකයා 29


නාට්යර සභාවේ ආදි කර්තෘභූත ඇඩ්මන් සෙනෙවිරත්න මහතා විසින් ප්ර්දාණය කිරිම, විනිශ්චය, මහජන‍යාගෙන් තෝරා ගත් විනිශ්චය මණ්ඩල‍යක් මගිනි” 1914.11.17 ‘සිංහල බෞද්ධයා’ පත්රශයේ පළ වු දැන්විමකි මේ “සිංහල නාට්යත සභාව - පත්මාවති - අලුත් තාල, අලුත් තිර හා අලුත් ඇඳුම් සහිත මෙම අලුත් කථාන්තරය මන පිනවනාකාරයෙන් රඟදක්වනු ලැබේ. මෙම නාට්ය9 සභාවට විශේෂයෙන් ඉන්දියාවෙන් ගෙන්වන ලද දක්ෂ ඉන්දියානු සංගීතඥයන් විසින් සංගිත පවත්වනු ලැබේ” (ජෝන් ද සිල්වා සමග තරගයකට එළඹ සිටි චාල්ස් ඩයස්, එඩ්මන් සෙනෙවිරත්න සමග බොම්බායට ගොස් අලුත් අඳුම් පැළඳුම් ආදිය මිලට ගෙන සංගිතඥ අමීර් ඛාන්ද කැටුව පෙරළා පැමිණි බව කියති.) 1936.04.21 දා ‘දිනමිණ’ පත්රැයේ පළ වු ‘පද්මාවති’ වෙළඳ දැන්විම මෙ බඳු ය: “පාර්සි නෘත්යද සංගමේ දක්ෂයන් ඉදිරිපිට සිංහල ගෞරවය රැකෙන රාත්රිගය යි. ඇඩි මාස්ටර්ගේ හා ලොරන්ස් පෙරේරාගේ සින්දු. පර්සි පෙරේරාගේ නැටුම්.රොම්ලස් සිල්වා‍ගේ ඇක්ටිං රු.50,000 කට පව‍ා මිල නිමය කර ඇති පාර්සි නාට්යර සාමගමේ විසිතුරු තිර හා අද්භූත දර්ශනයන් ද විදුලි ආලෝක විස්මයජනක දේ ද ඇත” ජවහර්ලාල් නේරුතුමා ලංකාවට පැමිණි අවස්ථාවේ දි ඔහු‍ගේ ප්රරධානත්වයෙන් ‘ධර්මාශෝක’ රඟ දැක් වු බවක් ද වාර්තා වි තිබේ. ඒ 1931.05.15 සිකුරාදා රාත්රිම 9.30 ට ටවර්හි දී ය. 70 දහකයෙහි දී චාල්ස් ඩයස්ගේ නුර්ති නාටක 02ක් අලුත්නි නිෂ්පාදනය කරන් ලදි. පළමුවැන්න. රුක්මණි දේවි සහ නන්ද වික්ර්මගේ නිෂ්පාදනය කළ ‘සිවම්මා ධනපාල’ ය. දෙවැන්න, දමානන්ද ගුණවර්ධන නිෂ්පාදනය කළ ‘පද්මාවති’ ය. ‘පද්මාවති’ නව සංස්කරණය වෙනුවෙන් නිකුත් කළ රංග පත්රිචකාවට දයානන්ද ගුණවර්ධන සපයා ඇති නාට්යත කලාව සම්බන්ධයෙන් ද වැදගත් වන්නේ ය. එබැවින් ඒ සටහන මෙහි දක්වනු ලැබේ “.......බටහිර ඔපෙරාව ප්රිබය කළ මම ඊට සම්බන්ධකම් ඇති නුර්තිය කෙරෙහි ද ඇල්මක් දක්වන්නේක් විමි. නුර්තිය එකල දේශපාලන හා සාමාජික තත්වය පසුබිම් කොට ගෙන ගොඩ නැඟුණු නාට්යත ව්යාාපාරයකි. කොටින් කියතොත් එය අධිරාජයවාදි පාලකයින්ගෙන් බලය අල්ලා ගැනිමට මෙරට කොම්ප්ර දෝරු ධනපති ‍කොටස් ගෙන ගිය සටනේ අංගයකි. ඊට පෙර බිහි වු කෝලම් නාට්යා කලාවේ ඇතැම් අංග, රදළ


30 ජෝන් ද සිල්වා


පන්තියට එරෙහි ව ප්රවවේණිදාසයන් ගෙන් ගිය සටනේ ලක්ෂණයක් විය....දේශිය නායකයන් රටේ බලය ලබා ගැනිමට පොදු ජනතාව මෙහෙයවිම සඳහා යොදා ගත් එක උපක්රටමයක් වශයෙන් න‍ුර්තිය සඳහන් කිරිම නිවැරදි යයි සිතමි. මෙවැනි කටයුතු ‘සරුවපිත්තල’ බවින් යුක්ත ව තිබිම සාධාරණ ය. ‘රටේ ජාතිය හා ආගමේ සෞභාග්යරමත් අතිතය’ ගැන කතා පුවත් අත්යායලංකාරයෙන් ඉදිරිපත් කොට ජනතාව අවදි කිරිම නුර්තියේ මුල්ක අදහස විය. රාපස්ථනයේ රත්නසේන රජුගේ පද්මිණි නම් සිංහල බිසව දිල්ලි සුල්තාන් අතට පත් නොවි සිය හිමියා වෙනුවෙන් දිවි පිදු කතාව, චාල්ස් ඩයස් මහත් ප්රසයෝජනයට ගත්තේ මේ අදහස මුල් කොට ගෙනැයි මම සිතමි....එකල තත්වය අනුව දේශපාලන අරගලය පැවතුණේ දේශිය ‍පාලකයිනුත් අධිරාජ්යද පාලකයිනුත් අතර ය. ඔවුන් දෙපක්ෂයෙන් අප ‍රටේ ජනතාවගේ ඉදිරි ගමනට හේතු වු ප්රපගතිශිලි කොටස කවුරුන්දැයි වටහා ගත හැක. මේ අනුව නුර්තියේ ඓතිහාසික වැදගත්ම ප්ර්ත්ය ක්ෂ කර ගැනිමේ දි වැඩියෙන් ප්රසයෝජන ගත හැක්කේ ඒවායේ සංගිතයෙන් හා කථාවලින් ය. කථාමය ස්වරූපයක් ගන්නා නුර්ති නාට්යෝසචිත වන පරිදි සකස් කර ගත යුතු ය. මෙම නිෂ්පාදනයේ මුලික අරමුණ ඔපෙරා ක්රිමය අනුව යමින් නුර්ති සංගිතය ඉස්මතු කොට දැක්විම ය. තේමාවෙන් හා වෙනත් ශිල්පිය ලක්ෂණයන්ගෙන් පරණ නුර්තිය ඔප් නංවා ලීම සමකාලින අරුතක් මතු කර ගැනිම ය. “ හෙන්රි ජයසේන (ජෝන් ද සිල්වාගේ සිරිසඟබෝ).ප්රේපමාරංජිත් තිලකරත්න (ජෝන් ද සිල්වාගේ ශ්රිා වික්ර)ම ) වන ප්ර විණ නාට්යතවේදින් ද නුර්ති නාට්ය( ප්රලතිනිෂ්පාදනයේ දි දයානන්ද ගුණවර්ධනයන්ගේම මතය දරන්නට ඇතැයි සිතිය හැකි ය. පද්මාවති නම සංස්කරණයේ රංග පත්රිෂකාවේ දැක්වෙන පරිදි 1974.03.08 දා එය වේදිකා ගත වුයේ 1744 වන වතාවට ය. ජෝන්ද සිල්වා‍ගේ අනුප්රාගප්තික නුර්ති රචකයන් අතර පි.ටි.පි. ප්රේදමචන්ද්රේ බි.ඇල්. බෝධිපාල, ආර්. ජෝන් පෙරේරා, ඇල්.ඩි ඒ. රත්නායක, ඇම්. පි. පෙරේෝරා, පිටර් ද සිල්වා, ඩි.වි. සෙනෙවිරත්න, ඩි, ජේ. ඩබ්ලිව්. ගුණතිලක ආදිහු ද වෙත්.