ජෝන් ද සිල්වා නුර්ති නාට්‍ය එකතුව-III-‍අලකේශ්වර චරිතය

Wikibooks වෙතින්

අලකේශ්වර චරිතය (ක්රි .‍ව. 1913)


ප්‍රස්තාවනා


සිංහල ඉතිහාසය නමැති රංගමණ්ඩලයේ දැනට අවුරුදු පන්සියයකට පමණ පුථම මහත් විකුම් පා ක්රි.යා කළ මෙම අලකේශ්වර නම් වීරපුරුෂයාගේ කථාන්තරය සම්පූර්‍ණ වශයෙන් මහාවංශය රාජාවලිය ආදී සිංහල කථාන්තර පොත්වල දකින්ට නොලැබේ. මෙම අලකේශ්වර චරිතයේ කථාශරීරය නොයෙක් පොත්පත් බලා සංග්ර හ කළෙමි. එම පොත් අතුරෙන් ලංකාද්වීපයේ ශ්රේපෂ්ඨාධිකරණ ශාලාවේ අද්වකත් ධූරන්ධර ජයවර්ධනපුර කෝට්ටේ ජනිතවූ ඊ. ඩබ්ලියු පෙරේරා බැරිස්ටර්තුමන් විසින් ඉංග්රීඅසි භාෂාවෙන් විරචිත අලකේශ්වර ප්රෙභූරාජාගේ වරිතය නමැති මාහැඟි ලියවිල්ල අත්යවන්තෝපකාර විය.

ඉන්දියාවේ කාඤ්චිපුර ගිරිවංශයේ උපන් මෙම වීරපුරුෂයා ලංකාවේ රයිගම්නුවර තනාගෙණ විසුවේය. පස්වෙනි බුවනෙකබාහු රජ ගම්පල අගනුවර කරගෙණ වසන සමයේ ජාපනේ දෙමළ රජවූ ආය්ය්උප චක්රවවර්ති ඉන්දියාවෙන් ලක්‍ෂයක් යුඬසේනාව එකතුකරගෙණ සිංහල රටට නොයෙක් හිරිහැර පමුණුවන්ට අදහස් කර සිංහල ගම් නමයක් පළමුවෙන් අල්ලාගෙණ එහි දෙමළ නිලධාරින්පත්කොට සිංහල ජනයාගෙන් සුංගම් අය කරන්නට පටන් ගත්තේය. මහලු බුවනෙකබාහු රජු මී‍ට විරුද්ධව ක්රිලයා නොකර සිටින කල අලකේශ්වර පුභූරාජා රයිගම්නුවර බලකොටු සාදා නොයෙක් සේනාවන් රැගෙණවිත් දැනට කෝට්ටේ යන නමින් ප්රයසිද්ධ වූ දරමාගම නැමති භූමියේ නොයෙක් විසිතුරු කර්ම කරවා කදිම නුවරක් ජයවර්ධනපුර නමින් කළේය. මෙසේ බලකොටු තනාගෙණ අර දෙමළ නිලධාරීන් දෙමළ නිලධාරීන් එල්ලා මරා සිංහල ගම් නමය දෙමළුන්ගෙන් බේරාගෙණ සිටිනකල ආය්ය්ළ න චක්රහවර්ති ඉන්දියාවෙන් ලක්‍ෂයක් යුද්ධසේනාව කණ්ඩායම් තුණකට බෙදා ගම්පල, රයිගම්නුවර, ජයවර්ධනපුරය යන මේ ප්‍රධාන නගර අල්ලාගැනීමට එවුවේය.

ඉන් එක කණ්ඩායමක් ගෙ‍ාඩපාරේ ගම්පල ඇල්ලීමට මාතලේ කරා පැමිණිකල එහි විසූ බුවනෙකබාහු රජ රයිගම්නුවර කරා හැංගී ගියේය. රටපහේ වැසියෝ රජුගේ ක්රිැයාව ගැන කිපී සියලුදෙනාම එකතුවී මාතලේ ලැගුම් අරන්සිටි දෙමළ සේනාව රාත්රිවයේ කපා පරාජයකර දැමුවෝය. ආය්ය් චක්ර වර්තිගේ තව යුද්ධ කණ්ඩායමක් පානදුරේ තොටමුනෙන් ගොඩබැස ‍ගොරකානෙහි ලැගුම් ගත්තේය. තව කණ්ඩායමක් කොළඹින් ගොඩ බැස දෙමටගොඩ ලැගුම් ගත්තේය. මෙය දැනගත් අලකේශ්වර ප්ර්භූරාජා රයිගම්නුවර සිට යුද්ධසේනාවක් සමග ඇවිත් ගොරකානේ සිටි දෙමළ සේනාව යුද්ධකර පරාජය කොට දෙමටගොඩ‍ට පැමිණ එහි සිටි සියලුම දෙමළුන් මරා ජය පානය කර රයිගම් නුවරට ජයඝෝෂාවෙන් පැමිණ බුවනෙකබාහු රජුගෙන් නොයෙක් ගරු නාම ලබාගත්තේය. රටපහේ වැසියෝ යළිත් බුවනෙක්බාරහු රජ තමන් පාලනයට නුසුදුසු බව කියා අලකේශ්වර ප්රහභූරාජාගේ සහෝදරීගේ පුත්රබයෙක්වූ වීරබාහු ඈපා යුවරජකමට පත්කර ගත්තෝය. බුවනෙකබාහු රජ ජයවර්ධනපුර කෝ‍ට්ටේ තම අගපුරය මෙන් පවත්වාගෙණ සිට ස්වර්ගස්ථ විය. ලංකාද්වීපයේ රජකම ගැණීමට රහසින් කැමැත්තක් ඇතුව සිට් අලකේශ්වර ප්රසභූරාජා චීන යුද්ධ සේනාවකට පහරදී චීනුන් කොපකර දැමීය. වීරබාහු ඈපාගේ සහෝදර වීර අලකේශ්වර කෝට්ටේ රජකම ගැණීමට කැමැත්තෙන් තම මාමාවන අල‍ෙක්ශ්වර පුභූරාජාගෙන් උපකාර සෙව්වේය. අලකේශ්වර ප්රාසිද්ධියෙන් ඕහට උපකාරනොදී වීරබාහු ඈපා සහ වීර අලකේශ්වර යන සහෝදරයන් දෙදෙනා අතරේ යුද්ධ කරවා වීර අලකේශ්වර පැරදී ඉන්දියාවට පැනලා ගොසින් ඉන්දියාවේ සොලීරජුගෙන් ලොකු යුද්ධසේනාවක් අරන් ඇවිත් තම සහෝදරයා සමග යුද්ධ කර ඔහුව මරා හවෙනි විජයබාහු යන නමින් කෝ‍ට්ටේ රජකමට පත්විය. වීනරජ කෝපවී ලොකු යුදධ සේනාවක් මේ කාලේදී ලංකාවට එව්වේය. චිංගෝ නම් චීන අත්මිරාල්ට අලකේශ්වර ප්රීභූරාජා බහදී කෝට්ටේ විසූ විජයබාහු රජ සහ ඔහුගේ ඇමති පිරිසත් චීන්නු අල්ලාගෙන සියරටට අරන් ගියෝය. චීනරජ යුක්තිය දැනගත් රජෙක් බැවින් සිංහල රජු රවටා අල්ලාගත් බව දැන ඔහුව ඇමතිපිරිසත් සමග නිදහස්කර ලංකාවට ආපසු එව්වේය. විජයබාහුරජ කෝට්ටෙට නිදහස්වී ආ රාත්රිහයේදීම අලකේශ්වර ප්රාභූරාජා ඔහුව මරාදමා ඔහුගේ බිසෝවන සුනේත්රාද දේවිද දරු දෙදෙනා වන පරාක්ර්ව කුමාරයා සහ බාලදරුවත් මරණ අදහසින් සොයා යන තැනේදී එවකට ලංකාවේ සඟරාජ ධූරන්ධර වීදාගම ස්වාමීන් විසින් ඔවුන් ආරක්ෂා කරගනු ලැබ දරු කැලේ පොල්වත්තේ විසූ ගමයෙකුට සහ ආච‍ාරියෙකුටත් පැරකුම්බා කුමාරයා බාරදී අව්රුදු දහසයවනතුරු වීදාගම ස්වාමීන්වහන්සේ එම කුමාරයා පුවේසම් කර පත්තේය. ලෝවැඩසඟරාව නැමැති මාහැඟි සිංහල කාව්ය්ය පුබන්ධකළ වීදාගම ස්වාමීන් වහන්සේ මෙකී සඟරාජ වීද‍ාගම ස්වාමීන්වහන්සේයයි නොසිතියයුතුයි. අලකේශ්වර කෝට්ටේ නුවර ඉතා අලංකාරකොට තනා එහි ඔටුනු පැලඳීම පිණිස සූදානම් වෙන අතර විදාගම ස්වාමීන්වහන්සේ දහසය අවුරුදු වයසැති පැරකුම් කුමාරයා සිංහල නිලධ‍ාරීන්ට රහසේ අඳුන්වාස දුන් සේක. මහාපාදස්වාමී නැමති සිංහල මන්ත්රීරතුමා අලකේශ්වරට කඩු පලඳවන්ට යන තැනේදී රහසින් පැරකුම් කුමාරයාට කඩුව අතට දුන්කල ඔහු විසින් අලකේශ්වර ප්රවභූ රාජාගේ හිස ගහදමන ලදී. මෙසේ ගිරිවංසේ උපන් අලකේශ්වර ප්රසභූරාජා සූය්ය්න වංසේ රජ දරුවන්ට හිමි ජයවර්ධනපුර ඔටුන්න ලබා ගන්ටප ගොස් මරුමුවට පත්වී සූය්ය්් වංසේ උපන් පැරකුම් හෙවත් පරාක්ර්ම කුමාරයා ලංකාද්වීපයේ හවෙනි ශ්රී පරාකුමබාහු නමින් රජවියත


ලුහුඬින් මෙහි කථාශරීරය මෙසේ කීවෙමි. වැඩි විස්තර නාටකය කියා බලාගත යුතුයි.


ජයවර්ධනපුර කෝට්ටේ පුරාණ වැදගත් පවුලකට අයත් එහි උපන් උගත් ඇඩ්වරඩ් පෙරේ‍රා නීතිඥ මැතිතුමන්ට මම සැලකීමක් වශයෙන් මෙම මධුර ග්රඩන්ථය ඔප්පු කෙළෙමි. මුලු බටහිර දේශනවල බුද්ධාගම ප්ර්කට වී යෑමට ‍පාණදුරාවාදය ඉංග්රීවසි භාෂාවෙන් ලියා ප්රපසිද්ධ කරවා සියලුම බුද්ධාගම්කාරයන්ට වෙසක්දින ආණ්ඩුවේ නිවාඩු ද‍වසක් මෙන් පැවැත්වීමට බලය අරන්දුන් මේ උත්තමයාට සියලුම බුද්ධාගම්කාරයන් නයව සිටියදි බුද්ධාගම්කාරයෙක්වූ මම කෙළෙහිගුණ සැලකීමක් වශයෙන් මෙම පොත මෙසේ ඔප්පුකළෙමි. මේ පොතේ සියලුම අයිතිවාසිකම් මටම තබාගත් බව ලෝකයාට මෙයින් දන්වමි.


‍ජෝන් ද සිල්වා නීතිඥතැන

වර්ෂජ 1913 ජූලි මස 2 වෙනි දින

ග්රෑජන්ඩ්පාස් වීථියේදීය.



ලංකාද්වීපයේ ශ්රේඩෂ්ඨාධිකරණ ශාලාවේ නීතිඥධූරන්ධර සත්දත් ඇඩ්වරඩ් ප්රැදන්සිස් පෙරේ‍රා මැතිතුමන්ට මෙම අලකේශ්වර චරිතය එහි කර්තෘැ විසින් සාදරයෙන් ඔප්පුකරණ ලදී.

                                    				1

සිහල දිවඹර දිලෙන දෙටුකුල තරු පෙලින් පිරිවරා මෙම ව ර

සකල මන කොඳ නදන් කළ ඇඩ්වර්ඩ් පෙරේරා මැතිඳු සසඳ ර

විපුල බටහිර දුලද තමරැස සිඳින ඉංග්රීතසි බසින් මනහ ර

පතල කළ අර වාද කිරණය බලව් යන රඟ දියත අළු ක ර


2

දින ක් සැම බුදු සමය ජනයට මඟුල් දින මෙන් පවත්වන්න ට

වෙසක් දින ලබ‍වා දුනිය ආණ්ඩුවෙන් මැතිඳා නිවාඩුව කො ට

හුඟ ක් දෙන එය නොදැන නිවසක් එබව පතුරමි මෙසේ ලිපි කො ට

වස ක් සිය අප මැතිඳු නිවසනු මැනව නිදුකිනි යසින් මෙම ර ට


3

පව ර දරු මුණුබුරු ලබා සිය කුලට පිවිතුරු සත් උග ත්

මෙවර ජයවද්දන පුරය බබලවන සුනිමල පෙලින් යු ත්

පත ර කුළුණැත් මැතිඳුහට අලකිසුරු චරිතය නමැති ග ත්

නිත ර අප ජන තුඩ රඳන්නට ඔප්පු කරණෙමි තොසිනි සි ත්


නීතිඥ ‍ජෝන් ද සිල්වා

වර්ෂඥ 1913 ක්වූ ජූලි මස 2 වෙනි දින කොළඹ

සංජෝශප් වීථියේ විජය මන්දිරයේදීය



නාට්යපකරුවෝ අලකේශ්වර - (ලංකාවේ ප්රදභූරාජා), පස්වෙනි බුවනෙකබාහු - (ලංකාද්වීපයෙහි රජ්ජුරුවෝ), වීර අලකේශ්වර - (අලකේශ්වර ප්රරභූරජාගේ සහෝදරීගේ පුතා - හවෙනි විජයබාහු රජ), වීරබාහු ඇපාණෝ - (එම), සුනේත්රාදදේවී - (වීර අලකේශ්වරගේ දේවීන්නාන්සේ), අර්ථානායක - (අලකේශ්වරගේ සහෝදරයා), සේනාලංකාධිකාර සෙනෙවිරත් - (අලකේශ්වරගේ මස්සිනා - වීර අලකේශ්වර සහ වීරබාහු ඈපාගේ පියා), පරාක්ර්ම - (වීර අලකේශ්වරගේ පුතා), වීදාගම - (එනම් සඟරාජ), ආය්ය්රාකචක්රලවර්ති - (ජාපනේ දෙමළරජ), පෙරුමාල් - (දෙමළ සේනාධිපතියෙක්), වෙලයිදන් - (එම), සේපාල - (රාජකවටයා), චිංගෝ - (චීන අත්මිරාල්), චීනරජ, චීන ඇමතියෝ දෙදෙනෙක්, මහාපාදස්වාමි - (එනම් සිංහල නිලධාරියෙක්), සිකුරා මුදල්පොතු - (සිංහල භාණ්ඩාගාරිකයෙක්), ආචාරියෙක්, ගමයෙක්, දොරටුපාලයෙක්, සූත්රසධාරි, බහුබූතයා, දෙමළ නාටිකාංගනාවෝ, දෙමළ යුද්ධසේනාව, සිංහල යුද්ධසේනාව, මුරකාරයන්, සංගීතකාරයෝ, බෙරගසන්නෝ, වැසි‍යෝ, බුලත්සිඟංල (එනම් ගමේ ප්ර,ධානියෙක්), මාකලන්දාව - (එනම් ගමේ ප්ර,ධානියෙක්)


නමෝතස්ස භග‍ෙවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

පුවත

සූත්ර්ධාරි පැමිණ කියයි එමන් කල්යා‍න් පංජාබි

සූත්රකධාරී - සිරිගණ දම්සඟ සතතා සතතා මම් වැඳලා අලකේශ්වර චරිතා සාදා පාදා නළු සංගීතා සන්තෝස වන ලෙස දක්වමි මේරෑ කෝට්ටේ ඉතිහස ‍දෙන්නෙම් තෝරා ෴ සාධු ජනයිනි සියරටේ ඉතිහාසය නාටකකර දැක්වීමෙන් සියලු දෙනාටම ඉගණගන්ට පහසු ක්රිමයක් බ‍ව තමුන්නානසේලා දන්න‍වාඇති - ජයවර්ධ නපුර කෝට්ටේ තනාපු අලකේශ්වර ප්රසභූ රාජාගේ කථාව අද රාත්රිනයේ මෙහි පෙනවනවා ඇත.

පුර ජයවර්ධශන සපුරා ලොතරා දෙව්පුර සේ නෙසිරින්බර පැතිරා ජෝන් සිල්වා නම් කිවි සන්තෝසෙන් බැනදේය මෙම නළු ගත් ඉතිහාසෙන් කාන්සි නැත නරඹත්වා තොස්නෙන් ෴ පෙර සිටි රජදරුවන්ගේ චරිත මෙසේ නාටකකර පෙන්වීමෙන් පුරාණ සිංහල ජනයාගෙත් වර්තුමාන සිංහල ජනයාගෙත් ඇති වෙනස දැනගන්ට හැකිවේ. ඉන් ප්ර යෝජන ලැබෙන බව කුමට කියම්ද

දුරහැර දොස් ඇත පබඳා මෙසඳා වෙන් සුරිඳා රැකදෙන් අප කිවිඳා වස්දොස් සින්දා නළුවන් සෑමා ආධාරකර රැකදෙන් එම දේ‍වා නාට්යර සබයද රකෂාවේවා. මෙම මධුර නාටකය මෙසේ පටන් ගණිමි. යම් වරදක් ඇතොත් එය ඉවත ලා ශ්ර වනය කරන මෙන් අයදිමි.

බහුබූතයා පැමිණේ. බහුබූතයා - ආයුබෝවන්ඩ අ‍‍පේ සූත්රවධාරීතුමා මා කුමක් පිණිස මෙහි කැන්දෙව්වෙහිද

සූත්රතධාරී - කෝනංගි මාමා නැතුව කරන නාටක මොනවාද අද


රාත්රියයේ අලකේශ්වර චරිතය මෙම මණ්ඩපයේ දක්වන්නට අපට අවසර ලැබී තිබෙන බැවින් ලොකප්රරසිද්ධ මාමා මෙහාට කැ‍ඳෙව්වෙමි.

බහුබූතයා - ඉතින් මට මොකද කියන්නේ.

සූත්රතධ‍ාරී - මාමාගේ විකාර ටිකක් පෙන්වන්ටයි.

බහුබූතයා - ඉන් ඇති ප්රනයෝජනය කුමක්ද.

සූත්රතධාරී - වස්දොස් ඇතොත් එය නැති කිරීමටයි.

බහුබූතයා - එහෙනම් සින්දුවක් කියන්ටකෝ

කාලිංගඩා

සූත්රගධාරී - බොන්නේ පොට්ට රා මාමා - කන්නෙ ඌරු‍බොකුයි ප්රෙතතකම් බෝමා - කන්නෙ ඌරු බොකුයි ප්රේහතකම් බෝමා - නැත්තේ ලක්‍ෂණා දේහේ - එල්ලී ඇත්තෙ බඩත් දන්ත කොස්ඇට සේ - එල්ලී ඇත්තෙ බඩත් දන්න කොස්ඇට සේ - දන්නෝ නාට්යි මේ දීපා - ගන්නො වාසි බොහෝ කැන්දවා මාමා - වස්දොස් නාට්යයසාලාවෙන් - දොට්ට ලන්ට නටයි බූත වෙස් පාමින් - දොට්ට ලන්ට නටයි බූත වෙස් පාමින් ෴

බහුබූතයා - (සැල්බුරුල් ඇර මෙසේ කියයි.) සූත්ර ධාරිතුමා, නාට්ය කලා යම් ජාතියක් ප්රබබෝධ කරන ශාස්ත්රඇයකි. එය ප්රදවේසම් ඇතුව පැවැත්තුවොත් අපේ බාලපරම්පරාවට බොහෝ ප්ර යෝජන වන්නේය. සුචරිතයට ‍බාධා පැමිණෙන නාටකවලින් රටට අන්තරා පැමිණේ.

සූත්රෙධාරී - විජයරංග සභාවෙන් එබඳු නාටක කිසිකලක නොදැක්වෙන බව මාමා දතයුතුයි.

බහුබූතයා - සූත්රටධාරීතුමා. කර්ණාටක සංගීතයෙන් දෙමළ සින්දුවක් කියන ලෙස ඉල්ලමි.

සූත්රිධාරී - නොදන්න දෙමළෙට ගොස් වරිගෙ නහන්නට එපා කියන ප්රමස්තා පිරුළ අහලා නැද්ද ඒ කෙසේ වෙතත් ම‍ාමා දෙමළ රටේ උපන් හින්දා දෙමළ භාෂාවට මනාප බව පෙණීයන බැවින් ඔන්න දෙමළ සින්දුවක් කියමි - නටන්නට හොඳා වන්දවල් ආරඩි මදරදියේ - වනමගිල් වායිනීයේ



මඩමාදේ පුගලායි මඩමාදේ - වන්දවල් ආරඩිපාවී කාන්දන්කස්තුරි - සාන්දනම්වීසි ගමගමනාවේ මනමෝග - සාන්දනමුන් සොල්ලඩි - කුට්ටි සාන්දනමුන් සොල්ලඩි - වන්දවල් ආරඩිපාවී ෴ තායරේ කෝලිත්තිඩුම් - සුදුමුන්ඩෝඩි සදිපුරින් දිඩුම් කුඩිකේඩි - සන්දනමුන් සොල්ලඩී - කුට්ටි සන්දනමුන් සොල්ලඩී - වන්කවල් ආරඩිපාවී ෴ පගල් ඉරල් වින්දිඩම් - පාල්කුරියේන්නෝ ආපණ්ඩිනී සෙයිදසුදො - පගරරි ආරෝයෙන්නා පුරයඩි මාන්නේ යෙන්නා - තුරයෙඩි තෙන්නේ වන්දවල් ආරඩි පාවි ෴

බහුබූතයා - හ‍ඃ හඃ හඃ හඃ හොඳ මනමාල සින්දුවක් තමා - සූත්ර ධාරිත් ලපටි පුතෙක් නොවෙයි. මේ සින්දුව කණේ වැටෙන කොටම මට ගෙදර මතක් වුනා. සලාම් සලාම් සලාම්.

(නික්ම යති.)


1 අංකය[සංස්කරණය]

I ජවනිකා - රයිගම්නුවර මාලිගාව[සංස්කරණය]

ගිරිවංසාභිජාත අලකෙශ්වර මන්ත්රීවශ්වරයානෝ මාලිග‍ාවේ සිට තනියම කථාකරණසේක.

ජිංජෝටි - ත්රිමතාල්

අලකේශ්වර - දෙමළා රටේ අන්තරා බෝසේ කෙරේ - අන්තරා බෝසේ කෙරේ - නොරඳා යමි රයිගම්පුරේ, තනමි ගොසින් කෝට්ටේ - පන්නා ලන්නෙමි ලක්දිවෙන්, උන්ගේ සෙන් එප‍ිටේ - උන්ගේ සෙන් එපිටේ - බුදුසෑසිගේ ශාසනේ දීපේ දිලේ - ශාසනේ දීපේ දිලේ - හතුරෝ ඇවිදින් මේ රටේ, නොදැන උතුම් ධර්මේ - මිථ්යා දෘෂ්ටින්ගේ මගේ, යන්නාහු පුදුමේ - යන්නාහු පුදුමේ ෴ ගිරිවංසයේ ජාතවූ මන්ත්රීගමෙමා, ජාතවූ මන්ත්රීේමෙමා - තැනුමේ නගරා ශක්ති නෑ අමුතු පුරක් සාදා - ඉන්නා ලක් දිව් සව්රුපුන් පන්නා මම් දමනෙමි - පන්නා මම් දමනෙම් ෴

ආය්ය් මම චක්රකවර්තිගේ දෙමළසේනාව නොයෙක් පළාත්වල කඳවුරු බැඳගෙන සිටිති. සිංහල නගර නමයක් අල්ලාගෙණ සිංහල වැසියන්ගෙන්



සුංගම් අයකරති. දුටුගැමුණු මහරජ පූර්ව යේදී අඹ තොට මියුගුණ දෙනගමු අතුරබ පොල්වත්ත ‍බාණුතඹුන්න කසාතොට සත්බෑකෝට්ටය ගමණිගම වසිට්ඨගම ගාලකොළපුර දීඝාභය මාගල්ල කුම්භබාණ කඳමුන්න විජිතපුර ගිරිනිල්නුවර මහේල අනුරාධපුරාදිවූ නානාස්ථාන ගත දෙමළ කඳවුරු පැහැරකළ විකුම විලසින් ‍මමද මුන් යුද්ධකර පරාජය කරන්නෙමි. රයිගම් නුවර තිබෙද්දී කොළඹ සමීපයේ තිබෙන දරමාගම නම් ගමේ ජයවර්ධන කෝට්ටය යන නමින් තවත් නුවරක් කරන්නෙමි. එහි දියවන්නා නමැති විලක් ඇත. ජයභූමියකි. ඒ නුවර වහාම තනා දෙමළා සිංහල රටින් එලවන්නෙමි. (නික්ම යයි)

II ජවනිකා - වීථියක්[සංස්කරණය]

රයිගම් නුවර අසල පිහිටි බුලත්සිංහල මාකලන්දාව යන ගම්වල වැසියන් සමග මහත් සිංහල සේනාවක් අලකේශ්වර මන්ත්රීමතුමාගේ ආඥාව පිට කෝට්ටේ තැනීමට පිටත්ව යති.

ජිල්ලා - හිංචි.

බුලත්සිංහල - රයිගම් ඉන්නා රජින්දා, හිංසා දැන් වෙනවා බෝමා - ලක්දිවේ නෙක් ග්රා්මයන්හි

මාකලන්දාව - දෙමළාදීපේ කාගම් පාලුවේ, ඉන් යෙදේ හානි රාජාට ඒ දැනී - වැයම් කෙරේ පන්නන්ට -

බුලත්සිංහල - ශාසනේ පාලුකරන්නා, මේ දීපේ දෙමළ බෝම ශාසනේ පාලුකරන්නා -

මාකලන්දාව - සුනිමල් ධර්මෙ නෑ උන්ටත් තේරී - ගම්කතා ඉන්නෝ පාපිෂ්ඨ එ ජනෝ - උන්නැස්ම සෑහෙයිරාල -

බුලත්සිංහල - රාජගේ කෝපාග්නි බෝවේ, ඒ සේනා අළුවියාය යුද්ධභූමියේ මැරුම් කා -

මාකලන්දාව - රජිඳා පින්වන්තය් තේජස් ඇත්තේ - සව්රුපුන් සින්දා ලංකාවේ සෙසතා - නග්නාවී බෝකල් නෑර ෴

බුලත්සිංහල - මාගේ මිත්රතය අලකෙශ්වර ප්ර-භූරාජා අළුත් නගරයක් තැනීමට අප කැන්දවා පිටත්කර අරින්නේ අප කෙරෙහි පවතින ජාත්යාතලය නිසායි.

මාකලන්දාව - ඒක එහෙමතමා. ජ‍ාත්යා්ලය නමැති ගිනි පුපුර හෘද



                        වස්තුව නමැති ලිපේ අපේ මුතුන්මුත්තෝ සද්ධර්මල නමැති බම්බුවෙන් පිඹ මො‍ෙලවූ සේක.

බුලත්සිංහල - දියවන්නා තඩාග මධ්යියෙහි දරමාගම පිහිටා තිබෙන්නේය. ඒ වටේ ගම්භීරතර පර්ව ත ප්‍ඩාාන්තයක් මෙන් අති භයානකවූ ගැඹුර හා පුළුල ඇති මහ අගලක් සාදා ඒ මුදුනේ ඉඩම්ගණි පුලිමුගම් භූමියං තට්ටු අට්ටාල වට්ට වෙට්ටමින් සුරක්ෂිතකොට සතරදිග ආරක්‍ෂා පිණිස සිරිලක අරක්ගත් කිහිරැලි උපුල්වන් සමන් ‍බොක්සැල් විභීෂණ ස්කන්ද කුමාර යන සතරවරම් මහරජුන්ට වෙන වෙන දේවස්ථාන කරවා ලන්ට අප ප්රෂභූරජාගෙන් අවසර ලැබී තිබේ.

මාකලන්දාව - ඔය කියන ප්රථකාර අළුත් නගරය තැනුවොත් ඉතා බලසම්පන්න කොටුවක් වෙනවාට සැක නැත.

(පෙරෝ උදලු ගල්කටු ආදී ආවුධ රැගෙන මහත් පිරිසක් ගමන්කරති.)

සින්දුරාග් - ලාවනී

පිරිස - අලකේසුරුගේ අණසේම පුරේ සාදන්ට සිල්පියෝ දීපේ - මාමුද ගලා යන්නා විලසේ එති කාට ක‍ාටමුත් තාපේ - යන්නා දන්නා සිල්පේ දක්‍ෂ සේනා මේ - අලකේසුරුගේ - මම් මට්ටි පෙට්ටි වැල්කූඩා - කුන්තානි පෙරෝ නෙක භාණ්ඩා - ගෙණයන්නෙ ඇත්තේ නෑ පීඩා - ජයවර්ධලන කෝට්ටේ තුම් - තනාලාපන් - තැනින් තැන් ඉන්නා චන්ඩිසේනා ෴

බුලත්සිංහල - වැසියෙනි අපේ ප්ර භූරාජා ඉක්මණටම කෝට්ටේ තැනීමට අදහස්කර තිබෙන බැවින් අපි සියලුදෙනාම දරමාගමට පැමිණ අළුත් නගරය ප්රූමාද නොවී තනමු.

පිරිස - සමගිකමට වඩා බලයක් යම් රටක ඇත්තේ නැත. සමගි කමෙන් ක්රිකයාකරන අපට කෝට්ටේ ඉක්මණ‍ටම තනන්නට පුඵවන් බව වැටහී යනවා ඇත.

මාකලන්දාව - සමගි රුවල නංවා සත් හුලං ඊට ගස් වා සිහල නැව පදිත්වා අන් බළන් ලෝ වෙවුල් වා රුපුනොද බිඳලත්වා දම් පහන් තොස්ව දල් වා දෙමළ මැඩපවත්වා ගම්මු බූපල් සකොස් වා

(නික්මයති)


III ජවනිකා - ජාපනේ මාලිගාවක්.[සංස්කරණය]

ආර්ය චක්රවවර්ති සිංහාසනේ සිටිනසේක. දෙමළ මන්ත්රී වරු දෙදෙනෙක් දෙපස සිටිති. සංගීතකාරයෝ සෙල්ලම් පවත්වති. නාටිකාංගනාවෝ න‍ටති.

ජෝගි - කමාජ්

නාටිකාංගනාවෝ - පාලන මේ දේසේ - පාලන මේ දේසේ රාජාසාරාශ්රීී - නමින චක්රකවර්ති - සිංහලුන්ගෙ දර්ප සින්දදමන - යුද්ධශූරයේකීබෝ ශූරයේකිබෝ - එඩිබිඳබිඳ සතුරුබංග - කෙරෙය ස්වාමි දක්‍ෂහින්දා - කෙරෙය ස්වාමි දක්ෂි හින්දා - කෙරෙය ස්වාමි දක්‍ෂ - සක්විති රාජා මේ - සක්විති රාජා මේ - රාජාසාරා ශ්රී නමින චක්ර වර්ති - සිංහලුන්ගෙ දර්ප සින්ද දමන - යුද්ධශූරයේකිබෝ -ශුරයේකීබෝ෴

(නාටිකාංගනාවෝ නටා පැත්තකින් සිටිති)

ආය්ය්ාටිචක්රිවර්ති - මාගේ මන්ත්රිධවරුනි, අලකේශ්වර නම් සිංහල පුභූරාජා අප විසින් අල්ලාගත් සිංහල නගර ‍‍නමේ සුංගම් අයකෙරිමට පත්කරසිටිය මුලාදෑනින් එල්වා මරවා එම නගර අත්පත්කරගෙණ සිටින බව සැලයි. එබැවින් සිංහල බලය සහමුලින්ම නැතිකරදැමීමට දැන් කාලය පැමිණ තිබේ.

මන්ත්රීමවරු - දේව, යුද්ධකරන්ට නිසි ප්රිස්තාවලදී යුද්ධනොකර සි‍ටීමෙන් මුළු දෙමළවර්ග‍යාට කිය නොහැකි පාඩු සිදුවන්නේය. එබැවින් යුද්ධකෙරීමට සූදානම් වියයුතුයි.

දනාසරි - ත්රි්තාල්

ආය්ය්ීමටචක්රලවර්ති - කැන්දවා බළ සෙන් දඹදිවෙන් - කැන්දවා බළ සෙන් දඹදිවෙන් - සිංහලයන්ගේ ඔදබිඳලන්නෙම් - අපට වඩා බල නැතේඑජනගේ - පාඬිරජුගේ සෙන් කැඳවාගතහැකී - කැන්දවා බළසෙන් දඹදිවෙන් - කෝට්ටේ ගම්පල මම් යුද කරගන්නෙම් - සිංහලුන්ගෙ තේජස් බිඳලන්නෙම් - සුන් සුන් කරම් සැණිනා එජනා ෴

මන්ත්රීදවරු - බන්දලා ජයකේලි සතතින් සිංහල දීපේ අරගෙණ


යුද්දෙන් - දෙමළ ජනාහට උසස් නිලදෙවා - ආණ්ඩු තැබුවහොත් වැඩ වේ නියතින් - බන්දලා ජයකේලි සතතින් - ලක්‍ෂයක් බළ සෙන් මෙහි කැඳවාලා - සිංහලුන්ගෙ තේජස් සිඳ පාලා ලන් ලන් විකුම් දරණා නරණා ෴

ආය්ය්ලන්චක්ර වර්ති - මාගේ මන්ත්රී වරුනි අලකේශ්වර පුභූරාජා බලසම්පන්න වීර පුරුෂයෙකි.ඔහු රයිගම් නුවරේ සහ අභිනව ජයවර්ධංනපුරයේත් හේවායන් නවත්වා යුද්ධයට සැරසී සිටින බව සැලයි. පාඬිරටින් ලක්‍ෂයක් හේවායන් ගෙන්වා අපේ සෙනගත් ඊට එකතුකරගෙණ යුද්ධයට යනවා මිසක් දැන් සිටින ගනන අරන් ගොසින් යුද්ධ දිනාගන්නට බැරිවෙන බව හැඟීයයි. ඒ නිසා මගේ මිත්රදයෙක් වූ පඬිරට රජුට මෙය දන්වා ඇර එතුමන්ගේ උපකාර ඉල්ලා සිටිමු.

මන්ත්රිලවරු - එහෙම හොඳයි මෙබඳු ප්රරස්ථාවලදී නිති උපකාර මොකටද, යුද්දෙට නැති කඩුව කොස් කොටන්ටද?

ආය්ය්නැතචක්රහවර්ති - ලංකාවේ මූදුබොඩපලාත් අල්ලාගන්නට ලැබුනොත් අපේ සේනාවට හිඟ නැතුව කෑමබීම ලබාගන්ට හැකිවේ.

මන්ත්රීහවරු - එහෙයි දේව - ආහරය නිසා සියලුම සත්වයෝ ජීවත් වෙති.රජදරුවන්ගේ පළමුවෙනි යුතුකම රට වැසියාට ආහරය ලබාදෙන ම‍ාර්ගග සලස්වා දැමීමයි,

ආය්ය්න මචක්ර වර්ති - මූදුබොඩපලාත් අල්ලාගන්ට ලැබුනොත් ඒ ටික නිකම්ම කෙරෙණවා ඇත.

මන්ත්රී වරු - සංගීතකාරයෙනි - ඔය නාටිකාංගනාවන්ගේ අතේ තිබෙන කුලු අරන් ඔවුන්ට නටන්ට අප ජම්ම භාෂාවෙන් සින්දුවක් කියව් - සිංහලයන් නමැති බොල් වී දුවිඩ යුද්ධ නමැති කුල්ලේ දමා පොලා වීසිකරන හැටි අප නරදේවට පෙන්වමින් නාටිකාංගනාවෝ නටත්වා.

(සංගීතකාරයෝ දෙමළෙන් සින්දු කියති. නාටිකාංගනාවෝ කුලු අරන් නටති.)



සංගීතක‍ාරයෝ - නාරායනා අර්නාරායනා - නාමම් තරිත්තවරේ නාරයනා - ගොවින්‍ද මේ අරි ගෝවින්‍ද මේ - කෝබාළ ක්රිංෂ්ණා අරී ගෝව්න්ද මේ ෴ ගෝවින්‍ද වෙණ්ඩු සල්ලි කොච්චිකී පෝගඉලේ - කෝඩාලි පට්ටපුන්නු ආරවිල්ලේ - අයියා - ආරවිල්ලේ ෴ කාට්ටුත්තුල සියෙයි වෙට්ටුවාරුම් පෙරුමාල් - කාලුත්තිලෙ තාල් වඩංගල් පෝඩුවාරාම් ෴ මලලත්තුල සියෙයි වෙට්ටුවාරුම් පෙරුමාල් - මාරාප්පුතාල් වඩංගල් පෝඩුවාරාම් ෴ (නික්මයති)


2 අංකය[සංස්කරණය]

I ජවනිකා - ජයවර්ධනපුර මාලිගාව.[සංස්කරණය]

අලකේශ්වර, අර්ථනායක, සේනාලංකාධිකාර සෙනෙවිරත්, වීර අලකේශ්වර, සුනේත්රා,දේවි සහ වීරබාහු ඈපා සිටිත්.

පීලූ - චල්ති

අලකේශ්වර - ගිරිවංසේ මගෙ නෑසියනේ දීපේ යුද්දවෙයි බෝ අහෝ - උතුරේරාජා - ගෙන්වා බෝසෙන් - එන්නා එක්වී - මායා‍දේසේ - අල්ලාගන්ටා - කරමු යුද්දේ - තේජස් පෙන්නා දෙමළගෙ සේනා - සුන්කරලඤ්ඤා - සාංකා නෑ පාගාලමි - පාගාලමි ෴ අර්ථනායක - අය්යාගේ සෙන් ඇත්තේ දීපේ - ඒ රාජාවේ පශ්චාත්ත්පේ - අපගෙ සේනා වෙන්නා කෝපේ - උන්ගේ සේනාවන්ගේ දර්පේ - අය්යා කිව් සේ සින්දී යන්නේ - මායා දේසේ අල්ලාගන්නේ - කොය් ලෙස්නෙන්දැයි තේරී නැත්තේ - වෙන්නේ උන්ගේ දිව් ඉන් හානි - සත්තය් දෙමළා නාස්තිවේ - ඉන් - නාස්තිවේ ෴

සේනාලංකාධිකාර සෙනෙවිරත් - නැතවාසී මෙකලේ වැනසේ උන්ගේ යුද්ධ සේනා බොහෝ - මගෙ මස්සිනා - දක්‍ෂය් - යුද්දේ උන්ගේ රිස්සා - යය් නෑ සංකා - එක්වීසෑමා - දමමු පාගා උන්ගේ සේනා - ගුටිබැටදීලා - සුන්කරවාලා - ලංකාවෙන් පන්නාදමා - පන්නාදමා ෴

වීර අලකේශ්වර - මාමාගේ දස්කම් නෑ දන්නේ - දත්තොත් මේ දෙස්


නෑ උන් එන්නේ - පැරදේ යුද්දෙන් සේනා උන්ගේ - අල්ලා අත්පා සින්දා ලන්නේ - මිථ්යා දෘස්ටින්ගේ දප් බින්දේ හේවායෝ ඉන්නාහු දීපේ - උන්ගේ දස්කම් කව්රුත් දන්නේ - ඇන්නෑ දෙමළා - නාස්ති වේ - මින් නාස්ති වේ ෴

සුනෙත්රා දේවි - සැමි මාගේ කිවූ සේ මෙදෙස් උන්ගේ දර්පෙ බින්දා කීබෝ - සිය සෙන් කැන්දා - පාමු මෙදා - උන්ගෙන් නින්දා - වෙන්නා හින්දා - ලක්දිව් සද්දා - කරමු යුද්දා - තට්ටේ මොට්ටේ - පොඩීවෙන රංගේ - උන්ටම තේරේ - ඇන්නෑවේ සේනා නසී - සේනා නසී ෴

වීරබාහු ඈපා - හිංසා පීඩා ලෝකේ වෙන්නේ - තන්හාවෙන් බැව් කවුරුත් දන්නේ - උපදී ශෝකේ මේලෙස් පස්සේ - යුද්දෙන් කාගෙත් යන්නා රිස්සේ - ජම්මේ වාසේ ආගම් මේවා රක්‍ෂාවෙන්ටත් යුද්දේ ඕනෑ - අන් ජාතින් ගත්තොත් මේ දීපේ - වෙන්නේ පාඩුය් සිත් සන්තාපේ - යුද්ද කරමු ඒ නිසා - දැන් ඒ නිසා ෴

අලකේශ්වර - මාගේ බන්ධුවරුනි, ආර්ය වක්රේවර්ති නම් දෙමළ රජ ගම්පල ඇල්ලීමට යුද්ධසේනාවක් පිටත්කර කෝට්ටේ ඇල්ලීමට තව යුද්ධසේනාවක් කණ්ඩායම් දෙකකට බෙදා එක කණ්ඩායමක් කොළඹින්ද අනික් කණ්ඩායම පානදුරෙන්ද ගොඩ බස්සවා එන බව සැලයි.

සේනාලංකාධිකාර සෙනෙවිරත් - ගම්පල පස්වෙනි බුවනෙකබාහු රජ පාලනය කරනසේක. උඩරටට යන දෙමළ සේනාවට ඒ රජ බැට දෙනවා ඇත.

අර්ථනායක - කොළඹ පාණදුර යන දෙපොලින් ‍ගොඩපසින දෙමළ සේනාවට කල් නෑර අයියා බැටදෙනවා සොඳයි.

අලකේශ්වර - එහෙනම් විගස මාගේ සේනා එකතුකර උන්ට බැටදෙන්නට යන්නෙමි.

(සියලු‍ දෙනාම නික්මයති)


II ජවනිකා - ගම්පල සිට රයිගම් නුවරට යන පාරක්[සංස්කරණය]

පස්වෙනි බුවනෙකබාහු රජ වෙස් මාරුකරගෙණ වැසියෙක් සමග ගමන්කරයි.


බනජරා - ලාවනී

බුවනෙකබාහු - කරදරේ - කරදරේ - කරදරේකී ගම්පල වාසේ - චක්රෙවර්තීගේ සෙන් දේසේ මාතලේ-මාතලේ-මාතලේ කරා පැමිණීලා - ජාපනේ යුද්ධ සෙන් හේවා එනවාලු වේමැය් යුද්දේ-නිවසුම් සොඳ නෑ පුර මැද්දේ යමන් රයිගම් - බිරම් මම් වෙම්-එයින් බේරෙම්

වැසියා - හෙණහතේ හෙණහතේ හෙණහතේ ගසය් නරදේවා - දිව්වොතින් දමා සෙන් පාවා - ගම්පලේ සෙන්බලේ බුන්කලේ බලේ දෙමළාගේ - යය් නැගී සිංහලේ බංගේ - ඔබවාන්සේ උන්නොත් මැද්දේ, කර දෙයි අප සෙන් ඔය යුද්දේ-නොවී සංචල්-අපේ බූපල්-සිටින් මේකල් - නොහැංගී රාසේ-මේපුරේ කරන් සන්තෝසේ ෴

බුවනෙකබාහු - අපේ සේනාව කොපමණ සිටියත් ඔවුන්ට අධිපතියෙක් සිටින්ට ඕනෑය. මම දැන් ‍වයසට ගොසින් සිටිමි. එබැවින් ය්ද්ධභූමියට යන්ට ශක්ති නෑ.

වැසියා - දේවයන්වහන්ස සියලු කල්හිම අපේ රජදරුවෝ තමන්ගේ සේනා කැටුව යුද්ධයක් සිදුකල රණභූමියට ගියෝය. ඔබවහන්සේ පමණක් දැන් මගඅරින්ට හදන එක අපේ සිංහල රාජාවලියට ලොකු කැලලකි.

බුවනෙකබාහු - තොප කියන එක සත්යසය නුමුත් මට වඩා ශක්ති සම්පන්න වීරපුරුෂයෙක් දැන් රයිගම්නුවර වෙසේ. හේතෙම අලකේශ්වර පුභූරාජාය. ඔහු සම්භවී මෙම යුද්ධය ඕහට භාරදෙමු. එතකොට දෙමළාට තදෙන් පහර ලැබනෙවාට සැකනැත.

වැසියා - ඒ කෙසේවෙතත් උඩුනුවර යටිනුවර හාරිස්පත්තුව හේවාහැට සහ දුම්බර යන රට පහේ වැසියෝ මේ ගැන ඔබවහන්සේ සමග අසතුටු වන්නාහුය.

බුවනෙකබාහු - මට වඩා හොඳට අලකේශ්වර පුභූරාජා මෙම යුද්ධය කරණවා ඇති. එබැවින් වහාම රයිගම් නුවරකරා පැමිණෙමු.

(නික්මයති)


III ජවනිකා - කොළඹ වරාය.[සංස්කරණය]

නැව් කීපයකින් ආය්ය්ව චක්ර වර්තිගේ යුද්ධසේනා කණ්ඩායමක් ගොඩබසී

සුඬකල්යායන් - දාදරා

යුඬකණ්ඩායම - සිංහලයා පරදවා යුඬකරව් කිපී-දෙමළගේ බලේසැරා-සිංහල දීපාන්තරා-මෙම-සිංහල දීපාන්තරා-සිංහලයා පරදවා යුඬකරව් කිපී කිපී-තේජ බලසාර රාජා ජාපනේ කෝපෙන් දිලුම්වන්-නාසාලාය දීපේ යුද්දෙන් ඔදා බිඳා සිංහලුන් ෴

නොදැන ශූරකම් අපේ-සිංහල මෝඩයා කිපේ-මෙම-සිංහල මෝඩයා කිපේ-සිංහලයා පරදවා යුඬකරවි කිපී කිපී ෴

පාණදුරෙන් ගොඩබසි සෙන් කොටසක් අපේ අපේ-ශූරනරදේව ලංකා ගන්නවා යුද්දෙන් දිනාදැන්-අහෝ සිංහලුන්ගේ වංසේ මැකේ ඉතින් මේ යුදෙන්-දෙමළගේ ජයා ජයා-සිංහලයා පරාජයා-පර සිංහලයා පරාජයා-පාණදුරෙන් ගොඩබසි සෙන් කොටසක් අපේ අපේ ෴

‍අපේ යුඬසේනාවෙන් එක්කොටසක් ගමිපල ඇල්ලීමට ගොඩින් අවාය-අනික් කොටස කෝටීටේ ඇල්ලීමට මූදෙන් ඇවිත් එක් කණාඩායමක් පාණදුරෙන් ද අනික් කණ්ඩායම කොළඹිනිද ගොඩබැස්සා ය. පාණ‍දුරෙන් ගොඩබැස්ස කණ්ඩායම ගොරකානේ නැවතී සිටින්නා අපිද වහාම දෙමටගොඩ කරා පැමිණ නවතිමු- (නික්මයති)


5 අංකය[සංස්කරණය]

I ජවනිකා - මාතලේ පිට්ටනියක්[සංස්කරණය]

(දෙමළ සේනාව රාත්රිියේ කාබී ප්රීකතිව ගම්පල කරා යෑමට සූදානම්ව නැවතී සිටී)

අමිර්කල්යාේන් - ලාවනී.

දෙමළසේනාව - සිහලනරපති පරාද වෙනවා, සෙනග ‍බලේ නෑ මේවාගේ, සිය සෙනගබලේ නෑමේ වාගේ - කාලා බීලා ප්රී ති ප්‍රීති-මෙම සිංහලයන්ගේ රිස්සා යය්- සිහල නරපති පරාදවෙනවා, සෙනග බලේ නෑ මේවගේ- වාසි‍ වේවි ගම්පල යුද්දා-අත්පිට දිනමු කර යුද්දා-


සිහල නරපති පරාද වෙනවා, සෙනග බලේ නෑ මේ වාගේ- දමමු උඩරටේ රජාව නෙරපා-ගණිමු ප්රබදේශයේ කල්නෑරා උන්ගේ රාජා අල්ලා ගම්මු-දෙමළාගෙ බලේ ආරක්‍ෂා වෙය් දමමු උඩරටේ රජාව නෙරපා-ගණිමු ප්රෙදේශයේ කල්නෑරා අපි ගණිමු ප්රාදේශේ කල්නෑරා-කෑමා බීමා බෝ ලෙස ඇත්තේ කෙත් වතු සපලයි මෙම වැත්තේ ෴

(රට පහේ වැසියෝ රාත්රි යේ පැමිණ දෙමළසේනාව කපාදමති)

සිංහලසේනා - කපව් සැඩිදෙමළුන්-අනිව්-ඉල කඩව් -තට්ට පොඩිකරව්- කුඩුම්බි කපව්-අළුගාන ගෙඩියන් දෙපලු කරව්-රටකන්ට ආවද-ඉඳා කාලා පලයල්ලා-ජාපනේ මාඩු වැට බිඳගෙණ ඕඩු ෴

(දෙමළ සේනාව මැරුම්කා ඉතුරු සෙනග සීසීකඉ දුවති. සිංහල සේනාව ජයසක පිම්බා මෙසේ කියා ගම්පලට යති.)

ජිං‍ජෝට් - චල්ති

ආවේ දෙමළා දප්පා-සේනා අරන් බොහෝ පුප්පා සිංහල බැට කෑ‍වාබෝ-මොට්ට තට්ටත් පලාපි අප සේනා මොට්ට තට්ටත්-අහා-මොට්ට තට්ටත් ඔහෝ-මොට්ට තට්ටත් පලාපි අප සේනා-බෝ මොට්ට තට්ටත් පලාපි අප සේනා- පාගා ලක්දිව් හේවා-මේ දීපෙ සේසත් නංවා තබනසේම ආවාදෝ-ගන්ට ලංකා කුඩුම්බි ඇති සේනා- ගන්ට ලංකා -අහා-ගන්ට ලංකා -ඔහෝ-ගන්ට ලංකා කුඩුම්බි ඇති සේනා-මේ ගන්ට ලංකා කුඩුම්බි ඇති සේනා ෴ රිස්සා ඇරියා උන්ගේ-පෙන්නා අපේ බලරංගේ දැන් ජයසක පිම්බව් බෝ-චණ්ඩසේනා දුවාපි බිය පාලා- චණ්ඩසේනා-අහා-චණ්ඩාසේනා ඔහෝ-චණ්ඩසේනා දුවාපි බිය පාලා-බෝ චණ්ඩසේනා දුවාපි බියපාලා ෴ ලංකා සේසත් නංවා-ඉන්නාවූ රාජා සොල්වා දමනසේම ආවාදෝ-පුප්පා ඔහෝ-පුප්ප පුප්පා විකාර දෙමළය්යා ෴ පුප්ප පුප්පා අහා-පුප්ප පුප්පා ඔ‍හෝ-පුප්ප පුප්පා විකාර දෙමළය්යා ෴ නැත්තේ මතකා මුන්ගේ-බූපල් එළාලගේ බංගේ



ගාමිණි කුමරා යුද්දෙන් දුන්න-රංගේ පුරාණ අප දීපේ දුන්න රංගේ-අහා-දුන්නරංගේ -ඔහෝ-දුන්නරංගේ පුරාණ අපදීපේ-මේ දුන්න රංගේ පුරාණ අප දීපේ ෴ ලැජ්ජා ඇත්නම් කෝපේ-එන්නේද ගන්ටා දීපේ බැටයකාපී මේවාරේ-පුප්ප පුප්පා විකාර දෙමළය්යා පුප්ප පුප්පා-අහා-පුප්පපුප්පා-ඔහෝ-පුප්ප පුප්පා විකාර දෙමළය්යා- බෝ පුප්ප පුප්පා විකාර දෙමළය්යා ෴ (නික්මයති)

II ජවනිකා - රයිගම්නුවර සිට කොළඹට එන වීථිය[සංස්කරණය]

අලකේශ්වර යුඬසේනාව කැටුව හස්තියෙක් පිට නැගී ගොරකානේදී දෙමළ යුඬසේනාව පරාජයකර දෙමටගොඩ කරා ගමන් කරයි. තූය්ය්ුඬ නලා ආදී සංගීත භාණ්ඩයන් රැගත් පිරිසක් පෙරමුණෙන් යති.

සාරංග - දාදරා යුඬසේනාව - කට්ට මොට්ට තට්ට පොඩි කළේ අපේ පුභූ රජා චණ්ඩ චකුවර්තියාට අයස දුනිය මේ රජා ආවෙ යුඬයෙන් දිනන්ට -සිංහලුන්ගෙ දීපගන්ට -පැරදුනිගොරකාන යුද්ද-චකුවර්තියාගෙ බලබිඳාපි මේ නරේන්‍දරා සිංහලුන්ගෙ තරම තේරෙන්ට උන්ට නිරතුරා-ලක්‍ෂයක් අරන් පඬිරටෙන් යුදේ සමත් ජනන්-ආවෙ චක්රුවර්ති සිංහලුන් පරද්දවන්ට දැන්-මැරුම් කෑව ගණන් බෝය- ලේ වලින් විලක් පෙණීය-මාරයුඬයක් විලස්ගති එදා යුදේ අහෝ චක්රලවර්තිගේ ඔදේ ගියා බිඳී බිඳී බොහෝ ෴ සිංහලුන්ට තට්ටු කරනසේ උජාර බස් දොඩා-ආව තක්කඩින්ට බෝම ලැබුනි ගුටි කඩින්කඩා- සිංහ වික්රබමෙන් යුදේදි-ඉන්ට දන්නවුන් සිටිද්දි-දෙමළගෙ ඔද යාය බින්දි- දීප ගන්ට උන්ට දෙත හැකිද මේකලේ අපෙන් -ආවෙ කන්ට බැටය දැන් චණ්ඩ දෙමළ සෙන් ෴ දන්නෙ නැද්ද මුන් අපේ රටේ කථා පුරාණයේ - මුන්ගෙ දර්ප බින්දෙ නැද්ද සිංහලුන් නොවී බියේ - ඇතොත් හේම හිතේ ලජ්ජ-කාද බත් දමා මිරිජ්ජ-මෝරු බොන්ට බෝ සහත් ජනෝ තුමාලු උන්දැලා-සෝරු දීපි බඩපුරා කන්ට උන්ට සිංහලා ෴

අලකේශ්වර - ආය්ය්ෝරුචක්රටවර්තිගේ හේවා කණ්ඩායමක් දෙමටගොඩ


සිටිනබ‍ව සැලයි. එබැවින් උන්ට පහරදීමට සියලු දෙනාම එහාට පැමිණෙමු.

යුඬසේනාව - දෙයියෝ බුදුවන්ඩ දෙවනුත් අපේ රට ගැන දෙමළ ජනයාට එපාවෙන්ට මේ පොටේදි හරියටම බැටදෙන්ට ඕනෑය.

අලකේශ්වර - දෙමටගොඩ දැන් ළඟයි. තව හැතැක්ම දෙකක් පමණ දුරයි.

යුඬසේනාව - පැයකින් පමණ එහාට පැමිණෙන්නට පුළුවනි. ගෙ‍ාරකානේ යුද්දෙදී වාගේ දෙමටගොඩ යුද්දෙදීත් අපට ජය වෙනවා නිසැකයි.

(නාගසලාම්කාරයෝ ඉහත පෙණෙන රාගෙට සහ තාලෙට නලා පිඹ බෙරගසමින්යුඬසේනාවත් කැටුව පෙරමුණට ගමන්කරති.)

III ජවනිකා - දෙමටගොඩ යුඬභූමිය.[සංස්කරණය]

(දෙමළ සේනාව කාබී ප්රී තිඝොෂා පවත්වති.)

කල්යාෙන් - හිංචි

දෙමළ සේනාව - මකාලන්නෙම්මෝ සිංගලා-මෙරට දැන් ඇල්ලෙන්ට ලංවෙලා-කෝ‍ප කෙරේ බාධා නෙක් පෙන්නා මේ සිංගලා-කෝ‍ප කෙරේ බාධා නෙක් පෙන්නා මේ සිංගලා-මකාලන්නෙම්මෝ සිංගලා-මේ රට දැන් ඇල්ලෙන්ට ලංවෙලා-උන්ගෙ සින්දන්නෙම්ගාත්-උන්ගෙ සින්දන්නෙමු ගාත පාද හස්ත කගින්යුත්-හෝගා ගලාය ලේ සිංගලා-කෝප කෙරේ බාධා නෙක් පෙන්නා මේ සිංගලා-මකාලන්නෙම්මෝ සිංගලා-මේ රට දැන් ඇල්ලෙන්ට ලංවෙලා ෴ නැතේ ජාත්‍යාලය උන් කෙරේ-පීඩිත වෙත් ඊර්ෂ්යා වෙන් බෝ සැරේ-පාගදමා උන්ගේ සෙන් ඉන්ටය් උන්ගේ නැතේ ජාත්යාාලය උන් කෙරේ-පීඩිත වෙත් ඊර්ෂ්යාැවෙන් බෝ සැරේ-ඒක හින්දා මෙම දෙස්-ඒක හින්දා මෙම දෙස්-ඒක හින්දා මෙම දේශ අල්ලගන්ට සිතේ ලෙස්-හැක්කීය යුද්ධයෙන් මේ වරේ-පාග දමා උන්ගේ සෙන් ඉන්ටය් උන්ගේ බණේ-පාග දමා උන්ගේ සෙන් ඉන්ටය් උන්ගේ


බණේ - නැතේ ජාත්යා ලය උන් කෙරේ-පීඩිත වෙත් ඊර්ෂ්යාසවෙන් බෝ සැරේ ෴

පෙරුමාල් - මිත්ර වරුනී, මේ සිංහලයාගේ අපට වාසියකට ඇති අංගය දැන් කී එක තමා-එකෙක් කාලා ඇඳලා ඉන්නවාට අනිකා කැමති නැත. අතමිට ඇතිඑකා අනික්අයින්ට උජාරු පෙන්නන්ට හදනවා මිසක් තමා උපන් රට ගැනවත් තමාගේ ආගම් ශාස්ත්රාාදිය ගැනවත් සැලකිල්ලක් නැත.

වෙලයිදන් - එහෙමවෙන්ට හේතුව ඊෂ්යාය නමැති මලකඩ උන්ගේ හිත් නමැති යකඩේ ඉපදී තිබෙන බැවින්ය. ඒ මලකඩ දුරුවෙන්නේ ‍දෙමළාගේ යුඬ නමැති පොල්තෙල් ඊට වැක්කෙරෙණකොටයි.

පෙරුමාල් - එතකොට තමා උන්ට ඇස් ඇරෙන්නේ. එකමුතුකම තිබෙනතුරු ජාතියක් වශයෙන් සිංහලයාට ඉන්ට පුළුවනි. එය නැතිවුනුදාට සිංහල හම නම දෙකම වඳවෙනවා සත්තයි.

වෙලයිදන් - අපේ හක්තිය කුමක් හෙයින්ද-අපේ එකමුතුකම අපේ පොදු සිරිත් ‍අපේ ආගම අපේ භාෂාව අපේ ඇඳුම් අපේ කෑමබීම මේ ආදිය එකවිධියට පවත්වන හෙයින් අපේ ශක්තිය ජාතියක් වශයෙන් රඳන්නේය.

පෙරුමාල් - ඒක ඇත්තකි. වතුරයි බතුයි කනවයි කියා මෝරු බොනවයි කියා අපට සිංහලයා සරදම් කරණවා නොවෙද,

වෙලයිදන් - පරපණ නෙනසා සියපණ රැකගන්න ජනට කවට කම් කරන්නේ මෝඩජනයායි. කෑම කුසගින්න නිවීමට ගන්නා එකකි. බත් වතුර දෙකම ශක්තිය ගෙණ දෙති.එය නොදත් මෝඩයෝ සරදම් කරති.

පෙරුමාල් - මාන්‍දමට හො‍ඳෙයි කිය කියා ඔය ගල් ඉබ්බන් මරා කන සිංහලයා අපට කියන්නේ මොකද, මෙම දෙමටගොඩ ඉඳලා ජයවර්ධ නපුර කෝට්ටේට කොපමණ දුරද,

වෙලයිදන් - හැතැක්ම තුනක් හතරක් ඇත.

(දෙමළ මිනිහෙක් පැමිනේ - අලකේශ්වරගේ යුඬසේනාව එනබව දන්වයි)


ජින්ජොට්ජිල්ලා - දීප්චන්දි

දෙමළමිනිහා - කෙරී යුද්දේ මැරුම්කෑවා-බෝසේනා එගොරකානේ-මරුවාගේ මුවේ ඉන්නා-අපේ සේනා අසනු ස්වාමි-සමුද්රෙ පැන් ගලා එන්නා-සේ සේනා සිහලයන්ගේ-මෙහි එන්නා ප්රබභූරාජා-කපය් සේනා ඔබගෙ ස්වාමි ෴

පෙරුමාල් - ගොරකානේ යුඬය පැරදුනාද

වැසියා - එහෙයි ස්වාමිනි-මුළු සේනාවම කම්මුතුයි. මාතලේට ගොඩින් ආ යුඬ සේනාවත් කම්මුතුයි කියා ආරංචි ලැබී තිබේ.

වෙලයිදන් - එහෙනම් දැන් ඉතුරුවී සිටින්නේ කොළඹින් ගොඩ බැස්ස සේනාව පමණයි.

වැසියා - එහෙයි ස්වාමි ඔය නලාපිඹගෙණ බෙරගසාගෙණ එන්නේ සිංහල සේනාවයි.

පෙරුමාල් - අපේ දෙමළ සේනාව විගස යුඬයට සැරසෙව්-සිංහල සේනාව අපකරා එන්නා.

(සේනාව සැරසෙති)

(අලකේශ්වර ප්රිභූරාජා සමග සිංහල සේනාව පැමිණෙති. කඩු මුගුරු දුනු ඊතල් ආදා නොයෙක් ආවුධ අරන් සිංහල සේනාව යුඬකරති. දෙමළ සේනාව මරහඬදී සීසීකඩ දුවති. එලවා එලව‍ා සිංහලයෝ දෙමළුන් කපාදමති)

සුඬකල්යාදන්-චල්ති.

අලකේශ්වර - ආවාද පරාදකර යුඬකරවාලා මෙම රට ගන්ට හැපී මේ වල් දෙමලා-මේ වල් දෙමළ-මාර මුකේ, පත්වී දුකේ, බින්දි මුන් ඔද යාය ලකේ-නැත ඊට සැකේ.- මොන කරුමෙද ආවෙ මෙහි කටමැත දොඩවන මෙසෙන් දෙමළ අද ලැබේ බැටේ. අද ලැබේ බැටේ ෴ මාගේ ජනයිනි මුන් එකෙක් නෑර කපව්. මුන්ට අනුකම්පා කළොත් යළිත් මෙබඳු ගමන් ආරම්භ‍කරන්ට පුළුවනි.


සිංහල සේනාව - දෙයියෝ බුදුවන්ඩ-හුඟක් සීසීකඩ දිවුවෝය. ඉතුරු සියලුදෙනාම කැපුවෙමු.

අලකේශ්වර - අපේ සේනාවෙන් කොටසක් ඔවුන්ගේ මෘතදේහ වළලන්ට නැවතී අනික් අය සියලුදෙනාම ජයසක පිම්බාගෙණ රයිගම් නුවරකරා පැමිනෙමු.

සිංහලසේනාව - එහෙයි දෙවයන්වහන්ස

(සියලු දෙනාම නික්ම යති.) (අලකේශ්වර ප්රනභූරාජා යුඬසේනාවක් කැටුව ආපසු රයිගම්නුවරට ජය ඝෝෂාවෙන් ගමන්කරයි.)

යුඬසේනාව - තතානන්ත කත්තබ්බ සුධාරභුතො රුලංකාරලංකා සුවණ්ණද්දිවාසො සපත්තෙහ කුම්හබ්බි හෙදෙපවීණො විරාජෙතු ලංකාජනාදීසසීහො ෴

පවත්වව් කියා ගී මෙලක්දිව් පතින්දා රුපුන් සෙන් නසාලා දිනුම් ලත් මගුල් මේ පිඹිව් සක්නලා නෙක්පපා සිත් ‍සතොස්බැවි දිනේවා දිනේවා අපේ දිව් පතින්දා ෴

නටව් දැන් බැටේ කෑ රුපුන් දප් බිඳීයේ උතුම් කිත්හරා දික් ලියන් ගෙල් බැඳීයේ මෙලක්දිව් පතින්දා අපේ සෙන් මිදියේ රුපු‍න්ගෙන් මෙසේ මන් තමන් වෙත් ඇදීයේ ෴

(සියලුදෙනාම නික්මයති)

IV ජවනිකා - රයිගම්නුවර මාලිගාව[සංස්කරණය]

(පස්වෙනි බුවනෙකබාහු රජ සහ කවට ධූරන්ධර සේපාල සිටිත්)

බුවනෙකබාහු - රටපහේ මගේ වැසියන් දොළුවරයන්ට තඩි ගැසූ බව ආරංචිද

සේපාල - ඔය දොළුවරයන්යයි කීවේ කාටද,

බුවනෙකබාහු - දෙමළුන්ටයි

සේපාල - තඩිගැසුවේ කුඩුම්බුයෙන්ද


බුවනෙකබාහු - මොකද සිංහල තේරෙන්නේ නැද්ද

සේපාල - සිංහල තේරෙන හින්දයි එහෙම අසන්නේ

බුවනෙකබාහු - හොඳයි තේරෙණ හැටි

සේපාල - ඇයි නරක. තඩි කියන්නේ උකුණන්ටයි-උන් නහන්ට බූගාපු ඔළුවේ බෑ කුඩුම්බියේ මිසක්. බුවනෙකබාහු - හොඳ හපනා-තඩිගහනවයි කියන්නේ බැටදෙනවා කියන තේරුමයි. සේපාල - ඇයි අනික් තේරුම ඔට්ටු නැද්ද?

බුවනෙකබාහු - එහෙම තේරුමක් තිබුනත් වාක්ය?යෝජනාව බලාගෙණ වචන තේරුම්ගන්ට ඕනෑ සේපාල - ගම්පලයත් රයිගමයත් දෙන්නාම ඔබවහන්සේලු

බුවනකබාහු- ඒ කොහොමද

සේපාල - ගම්පල නුවරත් රයිගම් නුවරත් දෙකේම ඔබවහන්සේ ලගින බැවින් රටේ එහෙම කියති.

බුවනෙකබාහු - රට වටකර වැට බඳිතත් කටවටකර බැරි බව අහලා නැද්ද

සේපාල - කට වටකර වැට බැඳලා කාරිය මොකද. කටේ පාන්කඩ එබුවොත් එහෙම කියවෙන්නේ නෑ

බුවනෙකබාහු - මිනි මරන්ට නුඹ කියන්නෙහිද

සේපාල - අනේ එහෙම කියවනවා නොවෙයි. රටේ යම් කීමක් ප්රුකට වී යනවා නම් එය නවතා දමන්ට සුදුසු උපක්රාම ඕනෑබවයි කීවේ.

බුවනෙකබාහු - එයින් කමක් නෑ. අලකේශ්වර ප්රීභූරාජා දෙමළ සේනාව සහමුලින්ම පරද්දා දිනුම් පිට මෙහෙ එන බව ආරංචිද

සේපාල - එහෙයි එහෙයි

බුවනෙකබාහු - උඹ ඒ ගැන කුමක් කරන්ට කල්පනාකර සිටින්නෙහිද

සේපාල - මාගේ කටින් යමක් කරනවා මිසක් වෙන විධියකින් උන්වහන්සේට යමක් මට කරන්ට බැරිය

බුවනෙකබාහු - මොනවාද කටින් කරන්නේ



සේපාල - ස්තුතියක්

බුවනෙකබාහු - කෝ බලන්ට කියාපන්

කාමෝද - නටකා

සේපාල - මෙම දීප පාලනා රාජා-බුවනෙකබාහු යුත් තේජා-භය වෙච්ච රංග දැන් තෝරා-දුන්නොත් වෙනවා බොලජ්ජා-අර ගම්පල දමලා ආවා ආවා-

ආවා රයිගම්පාරා-හැංගි ඉන්නවා බෝම බීක වී-ඒක නම්බු නෑ කාලකන්නි වී-කැතට බෝ පෙණේ-ඒක ස්වාමිනේ-රටක ජනයගේ-කෝප ඉන් නැගේ -රජකම ඔබගේ-පජකම ව‍ාගේ-මා කිව් සත්තේ-තේරුම ඇත්තේ-රයිගම් මුත්තා-ගම්පල කිත්තා-ඔබය් ස්වාමිනේ-හැංගී වාසේ-ඌට මූ‍ට දී මායාදේසේ-දොස් කියන්නා-දෙස් කියන්නා-දිව්වේ මන්දෑ රාජා නින්දා-ඉන් බෝ ලද්දා-යුද්දේ සද්දේ-යම්තම් බැද්දේ-වන්කල් බින්දේ-සිංහලයන්ගේ-නම්බුවෙ අංගේ-යන්තම් ඒ සෙන්-දොක්කම් වියෙන්-ලංකා බේරී-වාල් නොවීයේ-උන්ගේ සෙන් දැන්-සුන්වී යාමෙන්-සිංහල දීපේ බේරී බේරී ඔබගේ නමට කැතයි රාජා රාජා ෴

බුවනෙකබාහු - මෙකාද මගේ නමට කැත. ලංකේශ්වර මවිසින් දෙමළුන්ට බැටදෙන්ට මාගේ අමාත්යම අලකේශ්වර ප්රරභූරාජා පත්කළෙමි-යුඬ භූමියට නොගිය එකද කැලල

සේපාල - ඒක තමා කැලල. ඔබ වහන්සේගේ බඩගින්න වෙන කරවුරුවත් කෑවාම නිවෙනවාද

බුවනෙකබාහු - ඒක එහෙම නොවෙයි. දැනන් මහළුපා දෙලේ යොදා වෑකෙරෙව් සරුපා

සේපාල - වෑයට සමානවෙන තැලිච්ච මෝරච්ච ඔබවහන්සේ යුඬ නමැති ලීය අහින්ට ගියව යුතුව තිබෙද්දී දැලිපිහියට සමාන ප්රවභූරාජා පත් කළ එකයි වැරැද්ද-වෑයෙන් කළයුතු වැඩ දැන් දැලිපිහියෙන් කළේ මන්ද

බුවනෙකබාහු - නුඹ උපමා උපමේය අනික් අතට පෙරළා කථා කරන්නෙහිය.


සේපාල - පෙරළුන්ම ඒ අත හො‍ඳෙයි කියන්නේ ඔබවහන්සේයි.

බුවනෙකබාහු - නුඹ දැන් කී ස්තුතිය ස්තුතියක් නොවේ. ප්රවභූරාජා මෙහි ආවාම කියන ස්තුතිය මට කල් ඇතුව කියාපන්.

සේපාල - අපේ දිවි පුදන්ට වටින ඒ උත්තමයාට කියන ස්තුතිය ඔන්න අසනුමැනවි.

කල්යාැන් - චල්ති. බේරාගති මෙම දීප රාජ අලකේශ්වරා-මට්ටුවී සිටි චක්රතවර්ති රාජා - පඬිරටින් කැඳවා සෙන් පුප්ප පුප්පාවෙ-චක්රරවර්තියා මායා දේස ගන්ටා- රිස්ස දැන් ගියා උන්ගේ සෙන් කැපී-අල්ලා කුඩුම්බිත් තට්ටෙන් බෑවූ-ජයවේවා සැරදේතුම් රාජා ප්රපභූ මෙ වාසනා ගුණෙන් බෝ අලංකාරය් ෴

බුවනෙකබාහු - අන්න ඒක හොඳා

සේපාල - හොඳ නම් නරක නෑ

බුවනෙකබාහු - තූය්ය්් නාද ඇහෙනවාද

සේපාල - බීරෙක් නො‍ෙව් නම් ඇහෙයි

බුවනෙකබාහු - ඇයි නුඹට ඇහෙන්නේ නැද්ද

සේපාල - ඇයි මට නෑහෙන්නේ

බුවනෙකබාහු - ඔය බෙරගසා ජයඝොෂා කරගෙණ එන්නේ ප්රනභූරාජාගේ සේනාවයි.

සේපාල - (කරකැවි කැවී උඩ පැන නටයි) සාධු සාධු තක්කිට දිරිකිට තෙයි-පැත්තට වැටුනම දොයි-අත්පිට නිලතලයයි-ලක්කෙට රජකම එයි

(අලකේශ්වර ප්ර භූරාජා යුඬසේනාවක් සමග පැමිණ බුවනෙකබාහු රජුට ආචාරකරයි.)

අලකේශ්වර- දේවයිනි සතුරුසෙන් මරුමුවට පැමිණ අතුරුදන් විය මාගේ සිංහලසේනාව පෙරසිට පැවතෙන විකුම ගතිය මේ ප්රමස්තාවේදීත් ප්රහකාශ කළාය. ආය්ය්ට ප චක්රිවර්තිගේ ලක්‍ෂයක් සේනාව දැන් කම්මුතුයි. ඔබවහන්සේට ගම්පල


නුවර රජකම් කිරීමට දැන් ඉතින් කිසි බාධාවක් නොමැත.

බුවනෙකබාහු - ප්රේතමනීය ප්රනභූරාජ. තොප විසින් කරනලද මෙම වික්ර මය කිසිකලක මතක නැති නොවේ. එබැවින් මාගේ අණ සක හෙලදිව පවතින මේකාලේ තොපට මෙම නිල දෙමි-ද්ගවිපාධි රාජය, මණ්ඩලික රාජය, ප්රේදේශ රාජය, අන්තරහොගික රාජය, අනුසාසක රාජය පංචප්ර කාර නිල මෙවක් පටන් තොපට උරුම වන්නේය.

අලකේශ්වර - ඔබවහන්සේ විසින් දෙන ලද මෙම නිල කෘතොපකාර සැලකීමෙන් පිළිගණිමි. මෙනක් පටන් පරලෝක ප්රකතිෂ්ඨාව පිණිස කටයුතු වැඩ ගැන වෙහෙසෙන්නෙමි.

බුවනෙකබාහු - ඒ කල්පනාව කදිමයි-මේ සියලුම යුඬ දිනුවත් මරුවා සමග කරන යුඬය බලගතු එකක් බැවින් ඊට කල් ඇතුව කවුරුත් සූදානම්විය යුතුයි (නික්මයති)

4 අංකය[සංස්කරණය]

I ජවනිකා - ගම්පල[සංස්කරණය]

(රටපහේ වැසියෝ පස්වෙනි බුවනෙකබාහුරජ එපාය කියා වීරබාහු ඈපා නම් කුමාරයා රට පාලනය පිණිස පිළිගණිති. බුවනෙකබාහු රජ කෝට්ටේ රජකමට යනසේක)

වැසියෝ - අපේ බුවනෙකබාහු නරදේව මෙරට පාලනයට සුදුසු යයි ඒත්තුනොගණිමු. මක්නිසාදයත් දෙමළසේනාව මෙරට නැතිකර අප වාලුන් මෙන් අල්ලා ගන්ට ආ ප්රදස්තාවේදී උන්නාන්සේ මෙහෙන් පැනලා ගිය බැවින්ය

බුවනෙකබාහු - එසේ කළේ නුවනක් පිටයි. එය මගේවැසියන්ට හොඳ නැතෙයි කියා කල්පනා වෙනවා නම් මම ජයවර්ධනපුර කෝට්ටේට යන්නෙමි-මා වෙනුවට රට පාලනයට සුදුසු මෙම වීරබාහු ඈපා නම් කුමාරයා යුවරජ මෙන් පත් කරගන්නවා හොඳයි.

වැසියෝ - ඊට අපි සියළුදෙනාම සතුට්වම්හ


වීරබාහු ඈපා-අප මහලු රජුගේ කැමැත්ත ප්ර කාර වැසියාගේ කැමැත්ත ඉෂ්ටවෙනවාට මගෙන් බාධාවක් නැත.

(බුවනෙකබාහුරජ නික්මෙයි.) ජිල්ලා - ටෝමරි

වීරබාහු ඈපා - බෝපානා කෝපසේනා ගම්ගානෙ ඉන්නා-නිරිඳුවපන්නා රටපහදුන්නා මට මෙදිනා මෙම සේනා-මසිත් පිනෙන්නා යුද්දෙ දන්නා මේ සේනා දුන්නාය මෙ මාන්නා පන්නා නරනා ෴ තාන්නා මාන්නා මෙසේ දෙවන්නා මේ දේසේ අපසේනා‍-ගම්ගානේ ගොස් රක්නෙම් සේනා සෙත්වේ ඉන් දීප දිලෙන්නා දම්සේ තිලෝනා ෴ (නික්ම යති.)

II ජවනිකා - කෝට්ටේ උස්වීථිය[සංස්කරණය]

වැසියෝ හතරදෙනෙක් ගමන්කරති

සාරංග-හිලව් 1 වැසියා - පුරේ බෝම සම්පත්ති ඇත්තේ මේකාලේ-අගල මොහොර දැක්කාම කාගෙත් සිතසෙල්ලේ - කාගෙත් සිත් සෙල්ලේ

2 වැසියා - පීන පීන නාන්නාහු පුරාංගනාවෝ - දුටන් චිත්ත සංචල්ව උම්මාද වන්නෝ - උම්මාද වන්නෝ -

3 වැසියා - ගෙලේ බැන්‍ද රන්දාම රත්නෙන් බෝදුල්ලා-සවන පැලදි රන්කුණ්ඩලා රන්ඔංචිල්ලා-සේ රන් ඔංචිල්ලා -

4 වැසියා - කිංකි කිංකී නාදේ දෙය් දෙපා පැලන්චූ-සැලී පාඩගම් දෙව් ලියන් සේ මේ ලන්දූ-ලියන් සේ මේ ලන්දූ

1 වැසියා - කොබෝලීල පුෂ්පාදි රන්දා කොණ්ඩේහී-ඔහොරි පැලඳ ඉන්නා පුරාම්බා සීලේහි-පුරාම්බා සීලේහි

2 වැසියා - උසය් කෝට්ටේ ප්රා සාද සත් තට්ටු සාලා-සිටිති ‍බොහොම පෝසත්තු ගත් කප්රුක් ලීලා-ගත් කප්රුක් ලීලා ෴

3 වැසියා - පෝය නෑර සිල්ගන්නෝ පුරේ වසන්නෝ-උතුම් බුඬධර්මෙි වදාරා තෝරන්නෝ - වදාරා තෝරන්නෝ ෴

4 වැසියා - ඇසේ හෙරිනාදේද සක් සින්නන් විනා - දැනී හින්දු සංගීත ලන්දා ගී ගානා-එලන්දා ගී ගානා ෴


1 වැසියා - මිතුවරුනි, අලකේශ්වර ප්ර භූරාජා මෙම කෝට්ටේ විශාල නුවරක් කරමින් බොහොම වෙහෙස ගන්නේ රජකම ගන්ට හිතාගෙනවත්ද

2 වැසියා - එහෙම කරන්නේ කොහොමද-ගම්පල සිටි බුවනෙකබාහු රජ මෙහි නැවතී සිටිනසේක-ඒ නරදේව සිටිනතුරු ප්ර්භූරාජාට රජවෙන්ට බැරිය.

3 වැසියා - සූරිය වංසේට රජකම යනවා මිසක් ගිරිවංසේට යාවිද

4 වැසියා - ඒකත්හරි-සිරිසඟබෝ පරම්පරාවේ මෙහෙණවරවංසේ වීර අලකේශ්වර වීරබාහු ඈපා යන කුමාරයෝ දෙදෙනෙක් සිටිති- ඒ දෙදෙනා මෙම අලකේශ්වර ප්ර භූරාජාගේ සහෝදරීගේ දරුවෝය - ඒ නිසා කෝට්ටේ රජකමට දෙදෙනාට වැඩියෙන් උරුමතිබේ.

1 වැසියා - බුවනෙකබාහු රජ ස්වර්ගුස්ථ වුනායින් පසු කුමක්වේදැයි කිය නොහැකිය.

2 වැසියා - අලකේශ්වර ප්රයභූරාජා ශාසනෝපකාර වැඩකරන්නේ ය. රජමහා විහාරය, රයිගම් විහාරය, සිදුරුගිරි විහාරය සහ නොයෙක් ආරාම පිරිවෙන් තනා ජනරඤ්ජනය කෙරේ.

3 වැසියා - ඒ පුභූ රාජොත්තමයා තෑගිවන්තකමින් සිතුමිණක්ය. ප්රිාය වචනයෙන් ඇසුවන්ගේ සිත් දිනාගන්නේය. මෛත්රීි කරුණාවෙන් මව්කෙනෙක් හා සමානය.

4 වැසියා - ඒ කෙසේවුනත් සූරිය වංසේ කුමාරයන් සිටිද්දී කෝට්ටේ රජකම ගිරිවංසෙට යයි කියා මට හිතෙන්නේ නෑ. යමු කාමදේව මංගල්යිය බලන්ට.

1 වැසියා- ඒක බලන්ට වටින මංගල්යදයකි. ස්ත්රීර පුරුෂ දෙපාර්ශනයම මල්පැලඳ කහපැන් සඳුන් ඉහමින් නට නටා රතු අ‍ශෝක වෘක්‍ෂයක් කරා පැමිණ එහි පූජාභාණ්ඩ තබා අනංගයාට ස්තුති ගීතිකා කියමින් නොයෙක් දේ පූජාකරති.

2 වැසියා - නොයෙක් ගීතිකා එම මංගල්යනයේදී කියති.

3 වැසියා - ඉන් එකක් මතක නැද්ද

4 වැසියා - මට මතකයි


1 වැසියා - එහෙනම් අපිත් කිය කියා යමු

කාලිංගඩා - කගර්වා-දාදරා ශීත හුලං දේහෙ වැදී එන්නා රුම් ගා-එන්නා රුම් ගා මදනා- යුද්දේ පාන්නා-ශීත හුලං - විද්දාවූ ඊතල් මේ, විද්දාවූ ඊතල් මේ, පපුවේ මා වැද්දී,රෑ නින්දක් නැත දෑසේ, සිත්වේ සංචල බෝසේ, සුන් වීයය් ඒ දෝසේ - ඒ දෝසේ - ඒ දෝසේ - කම්දෙවි මංගල්ලෙන් ශීත හුලං දේහෙ වැදී එන්නා රූම්ගා ෴ (සියල්දෙනාම නික්මයති)

III ජවනිකා - රයිගම් නුවර මාලිගාව[සංස්කරණය]

(අලකේශ්වර සහ වීර අලකේශ්වර සිටිති. බුවනෙකබාහු රජු මළ බව කියමින් වීර අලකේශ්වරට කෝට්ටේ රජකම ගන්ට අලකේශ්වර ප්රමභූ රාජා රහසින් කියයි)

මාඩ් - දාදරා

අලකේශ්වර - විර වීර අලකෙසුරා

වීරඅලකේශ්වර - ඇයි ඇයි ඇයි

අලකේශ්වර - මැරුණෙය මහලු රජා බුවනෙකබා

වීරඅලකේශ්වර - අහා අහා අහා

අලකේශ්වර - සෙතවුනි තොපට බොහෝ

වීරඅලකේශ්වර - ඔහෝ ඔහෝ ඔ‍හෝ

අලකේශ්වර - රජකම අත්පිටගත්තැකි-තොපගෙ සහෝදරය අ‍හෝ වෙසෙය ගම්පලේ-මෙරට ‍මකුට ඔහුට තොපට ගතැකි මේකලේ ෴

වීරඅලකේශ්වර - මාමෙ මාමෙ එහෙම එපා

අලකේශ්වර - ඇයි ඇයි ඇයි

වීරඅලකේශ්වර - තනිකර මෙමට ලබා ගැණුම සුබා

අලකේශ්වර - ඔහෝ ඔ‍හෝ ඔහෝ


වීරඅලකේශ්වර - සොහොයුරු දමමි මරා

අලකේශ්වර - අහා අහා අහා

වීරඅලකේශ්වර - යුදකර ගන්නෙම් මේ රටා -මෙඔබ එපා යොදනු උපා මට වෙනස් සිතින්-මහිස පැලඳ ගණිමි කිරුළ නොදම කල් ඉතින් ෴

අලකේහ්වර - වීරබාහු නපුරුසතා

වීරඅලකේශ්වර - ඔව් ඔව් ඔව්

අලකේශ්වර - රටපහ කරන රජේ සෙනග බෙජේ-

වීරඅලකේශ්වර - ඔව් ඔව් ඔව්

අලකේශ්වර - යුදකර තොපටබැටේ-දෙය් දෙය් දෙය්

වීරඅලකේශ්වර - එතකොට ගෙන්වමි සෙන් පිටින් -සෙනග මගෙ මදිය උගේ සෙකග බෝ බලේ-ඔබට බැරිය මෙමට පිහිට වෙන්ට දිවතු‍ෙළ් ෴

අලකේශ්වර - එලිපිට කොයි පැත්තකටවත් මට එකතු වෙන්ට බෑ දෙදෙනාම මගේ බෑනලාය. ඒ ඇරත් වැසියන් දැන ගත්තොත් මගේ එකතුකම උන් මට වෛරකරනවා ඇත. ඒ නිසා මම කොයි පැත්තක‍ටවත් නැතුව සිටින්නෙමි.

(වැසියෙක් පැමිණේ)

පීලුබරවා - චල්ති

වැසියා - යුද්දෙට එන්නෙය ඉන්න ඒ ගම්පල වීරබාහු ඇපානෝ ස්වාමි-වීරබාහු ඈපානෝ ඒ - බෝ සේනා රැගෙණ ඒ ඈපා ඒය හෙරිනාදේදිදී-ඒය හෙරිනාදේදිදී-දැන් යුදවෙන්ට උන්ගේ බල සෙනගා-එන්නේය යුඬවෙන්නේ බොහො මොර ගා-පැන්නොත් දීපයෙන් - බේරෙය්. යුඬයෙන්-ලජ්ජවෙන්ට කාරි නෑ-ස්වාමි-ලජ්ජවෙන්ට කාරිනෑ ඉන් ෴

අලකේශ්වර - තෝ ආවේ කොහෙ ඉඳලාද?

වැසියා - දේවයන්වහන්ස යුඬසේනාව ගොරකානේ පසුකර රයිගමට එන බව දැක වහාම දන්වන සේ ආමි.



අලකේශ්වර - හොඳයි තොපට ස්තුතිවේවා. දෙවනු අප සම්භවෙන්ට වාසලට වර (වැසියා වැඳ නික්මයයි) වීරඅලකේශ්වර - මාමේ මාගේ ඉඳීම මෙහි සුදුසු නෑ. එබැවින් වාසලෙන් පිටවී යුඬසේනාවක් අරන් සහෝදරයාගේ යුඬසේනාව මුනගැහෙන්ට යන්නෙමි.

අලකේශ්වර - කදිම කල්පනාව-වහාම පිටත්වීයනු (වීරඅලකේශ්වර නික්මයයි)

පහඩි - ත්රිනතාල්

අලකේශ්වර - මාගේ බෑනල‍ාගෙ යුද්දේ-කෙරී දැන් බේරෙය් අවුල් මේ-මාගේ සිත් ලෙසේ ගතෑකි-එ කිරීට කෝට්ටේ පුරේ දැන් යුද්දේ ඔවුන්ගේ- ඔවුන් එකිනෙකාව නාස්තිවෙන්ට ඇර මෙ දීප සේසත-ඔසවමි කිරීට රාජ තේජසිනි දරා මහිස් මත-ඒක කරගන්ටැකි එ වීදාගම තෙරිඳුන්ගෙ ආදර ලැබගන්ට මටත් හැකිවේය. මෙතෙක් කළ වෙහෙර තිබේ. දීපාන්කර-මගේ සිත් ලෙසේ ගතෑකී-එකිරීට කෝට්ටේ පුරේහී-කෙරේ දැන් යුද්දේ ඔවුන්ගේ - (නික්මයයි)

IV ජවනිකා - රයිගම්පාර[සංස්කරණය]

වීරපාහුඈපා සහ සේනාව ගමන් කර රයිගම්නුවර සමීපයට ලංවෙයි.

මාඩ්-ලාවනි

යුඬසේනා - රජවීර ඈපා තුම්-සමගම-එය සේනා ඇති නෙවිකුම්-බළසෙන් නැත්නම් -පුර -රයිගම්නම්-අද වැටේය අප කෙරුවම යුද යුද ෴

වීරබාහු ඈපා - ම සහෝදරා හින්දා දැන් -මෙම යුද-වේය මාමා නොම දෙයි සෙන්-ඔද සින්දන්නෙම්-බැට -දෙන්නෙම් මම් පිට දුවන්ට අයියට කර මෙම යුද යුද ෴

යුඬසේනා - ‍අප විරබා ඈපා නම්-යුවරජ-ගන්ට කෝට්ටේ හපනෙකි දැන්-බුවනෙකබාතුම්-මළ-හින්දා දැන් -රජ වෙතැකි රිවිකුල පෙරමුන ද‍ම දම ෴


(වීර අලකේශ්වර යුඬසේනාවක් සමග පැමිණ යුඬකරයි. දෙපාර්ශවයම තදින් යුඬකරති. වීර අලකේශ්වරගේ සේනා පැරදී සීසීකඩ දුවයි. වීර අලකේශ්වර ඉන්දියාවට පලායයි)

බුප්කල්යාවන්-දාදරා

වීරබාහුගේ යුඬසේනාව - යුඬ දැන් කම්මුතුයි-බෝ ජයා වෙය් ඉතින්-වීරබා පින්වතා‍ වෙයි රජා-අය්යගේ දප් බිඳී-යුඬයෙන් රයිගමේ-ඉන්දියා දෙස් කරා යයි ඉතින්-උන්දැගේ-දප් බින්දා-මෙ සේනා-නැ සංකා-අයියගේ දප් බිඳී-යුඬයෙන් රයිගමේ-ඉන්දියා දෙස් කරා යයි ඉතින් ෴

(යුඬසේනා ආපසුයයි) (නික්මයති)

V ජවනිකා - කොළඹ වරාය[සංස්කරණය]

(චීන යුඬසේනාවත්ක්- චීන අත්මිරාල් ය‍ටතේ චීනරජුගේ නියමය පිට ලංකාවෙන් කප්පන්ගන්ට ගොඩබසී)

කල්යා්න් - දාදරා

චීන අත්මිරාල් - ලෝකෙ ඉතා ලක්‍ෂණවූ දීපෙකි ලංකා-අල්ල ගණී චීනරජා දීප නෑ සැකා෴ සිංහලයා දුන්නොතින් කප්පමක් සොඳින් -ඉන්ට ලැබේ රාජධූරේ චීන ආණ්ඩුවෙන් ෴

වීනසේනාව - චීන අපේ දේවතුමා ලෝකපාලනා-ශ්රේ ෂ්ඨ රජෙක් බැව් නොදනී දීපයේ ජනා ෴ කප්පමකින් බේරියැකී ධූර රාජගේ ඒක නෙදී ඉන්ට ගියොත් දීප චීනගේ ෴

චීන අත්මිරාල් - කෝටිගණන් චීන‍රටේ යුඬකාරයොත් පේවී සිටිත් එන්ට මෙහි යුඬයක් වුනොත් ෴

(අලකේශ්වර සිංහලසේනාව සමග පැමිණේ)

අලකේශ්වර - මේ පාර චීන බඩකඩුත්තුවක්. මේ ලංකාද්වීපය හොඳට පැනිපොල් දමා සාදන ලද ඉඹුල්කිරිබත් ගෙඩියක් වාගේ. ලෝකේ ඉන්න පමණ බඩජහරි හැත්ත මේකේ ඇඟිල්ල ඔබා ලෙවකන්ට එනවා. තොපි මෙකද මෙහි ආවේ


චීන අත්මිරාල් - අපේ චීන නරදේවතුමානන්වහන්සේ පූර්වාදිග සියලුම දෙශ අල්ලා කප්පම්ගන්ට අප එවුසේක. එබැවින් ලංකාවෙන් කප්පම් දෙනවාද නැද්ද?

අලකේශ්වර - කප්පම් අල්ලා දමා හොඳ හිතින් දොක්කන් වෙනවාද නැද්ද, ඔය චිං චෙං සැම් පිං චූං ගාන මුක්කන් ඤාව්වාට සිංහල අපි කප්පම් නොදෙමු. තොපේ තට්ටෙන් බෑ වෙන ඌරු වල්ගාවලින් අල්ලා ලංකා ගලේ ගසා රිස්ස අරවමි-දැන්ම නැවට ‍‍ෙගාඩවී ආපහු නොගියොත් අටකටු ලංකාවේ දමායන්ට වෙයි.

චීන අත්මිරාල් - ඔහොම සරදම් කරන්ට එපා.

අලකේශ්වර - මොකද සරදම්-තලපියව් මුන්ට

(සිංහල සේනාව චීනුන්ට තලා එලවයි. චීන්නු නැව් නැගී චීනෙට යති. අලකේශ්වර මෙ‍ෙස් කියයි.)

බයිරවී - ගසල්

එලවාලා චීනා රටින්-යන්තම් දිව් ගත්තෙම් මුදා මම් චීනරජාගේ බල බෝ ලොවේ දැන්-යුඬ බෝම සිඬවී-අපේ රටේ වැස්මක් නැතිවේ ෴ එලවාලා චීනරටින්-යන්තම් දිව්ගත්තෙම් මුදා මම් මෙරට දැන් රක්නා රවිවංසජාත-කුමරුන්ට උනගෙන්වේ අන්තරා නැත ඊට සංකා ෴ (නික්මයති)

5 අංකය[සංස්කරණය]

I ජවනිකා - සොලීකරේ මහාදෙශ රාජාගේ මාලිග‍ාව.[සංස්කරණය]

(මහාදෙශ රාජා මාලිගාවේ ගඩුගුඩාවක් ඇද ඇද හාන්සි වී සිටින සේක. දෙමළ නා‍ටිකාංගනාවෝ සින්දු කියා නටති.)

කාමාජ්-දීප්චන්දි

නාටිකාංගනාවෝ - කාටත් බිය නැති රජස්වාමි - කාටත් බිය නැති රජස්වාමි උපකාර ලැබගෙණ නළගෑකු වෙති ප්රීදති-අප නරනින්දා - රුපුනොදබින්දා - තිළිණෙන් කප්රුක් විලසා මීපත් මේ දෙස් රක්නා - මෙම දේශ රකින්නෙය දශධර්ම්‍ ලෙස ස්වාමි ෴

බෝ දෙත් තුති මෙම රටවාසී-බෝ දෙත් තුති මෙම


රටවාසී සොඳ සාර කුඹුරුද වතු බෝම ඇත ස්වාමි - රජිඳුගෙ තේජා - කිසිකල තෑජා-නොකෙරේ ලෙව්වන් නිතරා සන්තොස් දොතත් බන්දා - සිරසේහි වඳින්නොය බියපත්ව රජස්වාමි ෴

(වාසලේ දාසයෙක් පැමිණේ)

දාසයා - දේවයන්වහන්ස ලංකාද්වීපයේ කුමාරයෙක් පැමිණ ඔබ වහන්සේව දකින්නට අවසර ඉල්ලන්නේය.

මහාදෙශරජ - මෙහට කැඳවාගෙන වරෙන්

(දාසයා නික්ම ගොස් වීරඅලකේශ්වර කුමාරයා කැන්දාගෙණ එයි. විර අලකේශ්වර රජුට සමාචාරකොට මෙසේ කියයි.)

පිලු-ගසල්

වීරඅලකේශ්වර - ආමි මම් ලංකාවේ ඉඳලා පින්වතුන් දක්නා ලෙසේ - පින්වතුන් දක්නා ලෙසේ-මේ පින්වතුන් දක්නා ලෙසේ - මාගෙ මල්ලී මාව පන්නා ගන්ට යය් සිංහාසනේ - යුඬසෙන් දීලා උදව්වක් දෙන්ඩ කෝ මා ස්වාමිනේ ෴

මහාදෙශරාජා - යුඬසෙන් මා දෙන්ට තොපටා-දෙන්ට වෙය් වන්දි මගේ දෙන්ට වෙය් වන්දි මගේ-බෝ-දෙන්ට වෙය් වන්දි මගේ-හත්දහක් සෙන් නැව්හි නංවා මම් එවන්නෙම් මේ සැණේ-වන්දි දෙන්නේ කීයදැය් දැන් දන්නවා පාදන් අනේ ෴

වීරඅලකේශ්වර - දේවයිනි ශ්රී ලංකාද්විපයේ ඔටුන්න හිමි කුමාරයා මමය මාගෙ මල්ලි වීරබාහුඈපා මට විරුද්ධව කැරළි ගසයි. ඔබ වහන්සේගේ උදව් සොයා ආමි. මම අලකේශ්වර ප්රසභූරාජාගේ සහෝදරීගේ පුතාය.

මහාදේශරාජා - කාංචිපුර ගිරිවංසේ අලකේශ්වරගේ බෑනාද?

වීරඅලකේශ්වර - එහෙයි දේවයන්වහන්ස.

මහාදෙශරාජා - එහෙනම් අපටත් නෑකම් ඇත.

වීරඅලකේශ්වර - එහෙයි එහෙයි දේව

මහාදෙශරාජා- අයියා ඉන්දැද්දී මල්ලිට ඔටුන්න හිමි නැත. කෙරී


තිබෙන වැරැද්ද මට පෙනී යන බැවින් හත්දාහක් සෙනඟ අරන් ගොස් යුඬකර ඔටුන්න අත්පත්කරණු. දැන් කරුණු දැන ගත්ත හෙයින් මට වන්දි කමක්නෑ.

වීරඅලකේශ්වර - ඔබවහන්සේට දැනට තුති පමණක් පුදකරමි. මට ලංකාවේ ඔටුන්න ලැබුණොත් වටිනා පඬුරක් එවන්නෙමි.

මහාදේශරාජා - දැනට කෙරෙන්ට ඕනෑ කටයුතු ගැන කථා කරනවා මිසක් ඔය අනාගත කාලේදී කරන කියන ඒවා ගැන කුමට දොඩන්නෙහිද, මාගේ සේනාපති රාජසූරිය යටතේ හත්දාහක් සේනාව අරන් ලංකාවට යනු.

වීරඅලකේශ්වර - එසේ යහපති දේව

(සේනාවත් සමග වීර අලකේශ්වර ලංකාවට පිටත්වෙයි) (සියලුදෙනාම නික්මයති)

II ජවනිකා - රයිගම්නුවර වීථියක්[සංස්කරණය]

අලකේශ්වර ප්රකභූරාජා කවටධූරන්‍ධර සේපාල සමග ගමන්කරයි.

අලකේශ්වර - මක්කදමවෙලා

සේපාල - පියවර මැනලා කියන්ටද

අලකේශ්වර - මොනවාද

සේපාල - වෙලානොවැ

අලකේශ්වර වෙලාවක් නොඇසීමි. රටේ මොකක්ද අරගලයක් වෙලා තිබෙන බවයි කීවේ.

සේපාල - එක ගලක් මන්ද. අරගල මේගල ඔයගල යනාදි වශයෙන්ද කළුගල කබොක්ගල මැනික්ගල වශයෙන්ද එමට ගල්තිබේ.

අලකේශ්වර - මගේ මාලු නටනවා

සේපාල - කොච්චර හොඳද. බෙරේ ගහන්ටද

අලකේශ්වර - උඹට සේපාල කීවේ කවුද

සේපාල - ඔබවහන්සේම කියලා කවුද කීවේ කියා මගෙන් අසන්නා

අලකේශ්වර - නුඹේ තාත්තා කවුද


සේපාල - ඒ ප්ර ශ්නය දමන්ට ඕනෑ අපේ අම්මාටයි

අලකේශ්වර - ඇයි තාත්තා ගැන සැකක් තිබෙනවාද

සේපාල - සැක ඇති හෝ නැති හෝ ඊට උත්තර දෙන්ට පුළුවන් අපේ අම්මාටයි-ඔය හතර හිනාවෙන් එකකට මා අල්ලන්ට තැත්කරන හැඩයි.

අලකේශ්වර - උඹ ව‍ාගේ මෝලෙක් මම නුදුටිමි

සේපාල - මම මෝලෙක් නම් කෝ වංගෙඩිය

අලකේශ්වර - වංගෙඩිය වාගේ තමා උඹේ කට

සේපාල - අපොයි හුරුබුහුටි උපමා උපමේය-මගේ කට වංගෙඩිය වාගේ ‍නම් ඔබවහන්සේගේ කට නෑ කිව්වයි කියලා හිතන්න

අලකේශ්වර - දැන් වීර අලකේශ්වර ලොකු සේනාවක් අරන් එනබව ආරංචිද

සේපාල - ඔය අලකෙහුරුලා කවුරුත් එකයි

අලකේශ්වර - ඔහොම අපහස කරන්ට එපා

සේපාල - ඇයි එළුව දන්නේ නැද්ද. සංස්කෘත අලකේශ්වර සිංහලට අලකෙහුරු - මොකක්ද අපහස

අලකේශ්වර - ඒ කොහොමද

සේපාල - ව්යාහකරණ ඔබවහන්සේ දන්නේ නැද්ද. අලකඉසුරු අලකෙසුරු කියා සන්ධිවන්නේය. ඉතින් සුයන්නට හුයන්න මාරුකළාම අලකෙහුරු කියා හැදෙන බව දැනගන්ට හොඳා

අලකේශ්වර - ඔහොම මාරු කරන්නට පුළුවන් ක්රයමයක් මම නොඇසීමි.

සේපාල - ඇයි. වසු පැටියා වහුපැටියා කියා ව්යීවහාරවෙන බව දන්නෙ නැද්ද

අලකේශ්වර - ඒක හරි නුමුත් ඉසුරු ඉහුරුකියා ව්යාවහාර වෙනවා නොදනිමි ඔය ව්යාරකරණ කමක් නෑ -කොහොමද දැන් අපට යනකල


සේපාල - ඇයි දන්නෙ නැද්ද රජකම් කළත් කළකම් පලදෙනඑක

අලකේශ්වර - ඒක කර්ම නියමය තමා. එය වලක්වන්ට කිසිවෙකුට බෑ

සේපාල - ඇයි දේව කර්මම අහෝසි වෙන බැව් අහලා නැද්ද

අලකේශ්වර - අහෝසි නොවෙන කර්මම එමට තිබේ. ඒවා පල දෙනවාමයි.

සේපාල - ඔබවහන්සේ කීදෙනෙක් මරා ඇද්ද

අලකේශ්වර - අපොයි දහස්ගණන් මේ අතින් මැරී තිබේ.

සේපාල - ඇයි මැරී තිබේ කියා කීවේ. මන්ද මරා තිබේයයි නොකීවේ

අලකේශ්වර - මරන්ට ඕනැයිකියා හිතාගෙණ කළ මරණ නොවෙයි. වැඩි දෙනාගේ ජීවිත ආරක්‍ෂාකර දීමටද රට ප්රේවේසමටද ආගම ආරක්‍ෂාකර ගන්ටද මිනීමැරුම් සිඬවිය. රජකමට පැමිණෙන අයට සීලේ බොහොම දුරයි.

සේපාල - ඔබ වහන්සේට කෝ රජකම

අලකේශ්වර - ඒක නොවෙන්නම්. මෙපමණත් රට වෙනු‍වට වැඩ කළ මට ඇමතිකම මිසක් රජකම තවම නෑ

සේපාල - සියල්ලටම කලක් තිබේ. ඒ කල පැමිණෙනතුරු දත්මිටි කෑවාට කරන්නට දෙයක් නෑ. අඹ කන්නේ මල ඇවිත් ගෙඩිය සෑදී එය ඉදුනාමයි.

අලකේශ්වර - ඉදෙනකල් ඉන්නට බැරි එකවද

සේපාල - ඉන්ට බැරි නම් ඇවිදින්ට

අලකේශ්වර - ඔන්න ඉතින් මාගේ මාලුනටනවා

සේපාල - මොකද ඔබවහන්සේ මාලු පොකුණක් ඇතිකරණවාද දැන් දෙසැරයක් කීවා මාලු නටනවයි කියා මොන මාලුද කාවයියෝද

අලකේශ්වර - ඔයින් කමක්නෑ කවියක් කියාපන්

සේපාල - ඔබවහන්සේ මනාප ගෑනු වර්ණිනාවකටද වනවර්ණතනාවකටද පුර වර්ණලනාවකටද

අලකේශ්වර - ගෑනු වර්ණ්නාව හොඳයි


සේපාල - හොඳ ප්ර භූරාජා. නාකි වෙලාත් තවම අහන්ට මනාප ගෑනු වර්ණ නා හඃ හඃ හඃ හඃ

කිතු ල් රෑණ වැන් කොන්ඩය මගෙ ලිය ගේ උකු ල් දෙක පළල ඇත රිය සක වා ගේ දෙතො ල් රත කදුරු ගෙඩි ඉදුනම වා ගේ වික ල් වෙති ‍දනෝ දිටුවම රුව ඈ ගේ

අලකේශ්වර - උඹේ ස්ත්රිෝය ඔය තරම් ලක්‍ෂණද

සේපාල - මගේ ස්ත්රීඔව දැක්කොත් ඔබවහන්සේට රාජ්ජෙත් එපා වෙයි

අලකේශ්වර - එපමණ ලක්‍ෂණද

සේපාල - අර ශක්ර් භවනේ සිටින උරුවිසි, තිලෝතිමා මේනක රම්බා යන නා‍ටිකාංගනාවන්ගෙන් එකෙක් පොළවට වැටී රයිගම් නුවර අසලදී මට සම්භවී ක‍ාර බැන්දයි කියා සිතන්නට තරම් මගේ සීදේවි ලක්‍ෂණයි. අපි දෙන්නා තකටතක-කට ඇති මට රුව ඇති ස්ත්රිභ ලැබුනා

අලකේශ්වර- එහෙම ලැබෙන්නේ කලාතුරකින්ය

සේපාල- පූර්ව‍ ජාතිවලදී ස්ත්රීිරත්නයට අපහස නොකර කරුණාවෙන් ක්රිලයාකළ අයින‍ට ඔහොම සීදේවිලා ලැබෙනවා

අලකේශ්වර - උඹ තව සතියකින් මට මුනගැහෙන්ට ඕනෑ. දැන් ඉතින් වෙලා ගිය බැවින් ගෙදර යන්ට හොඳා

සේපාල - එහෙයි දේව (නික්මයති)

III ජවනිකා - කෝට්ටේ පිට්ටනිය.[සංස්කරණය]

විරබාහු ඈපා යුඬසේනාව පරීක්‍ෂාකර බලන්නේය.

විරබාහු ඈපා - මා‍ගේ සේනාව කෙ‍ායි වේලාවේ යුඬයක් වේදැයි නොදන්න නිසා දිවා රෑ දෙකේ යුඬයට සූදානම්වී සිටියයුතුයි.

සේනාව - දැන් ඉතින් කාගෙන් වෙන යුඬයක්ද

වීරබාහු ඈපා - වීර අලකේශ්වර ඉන්දියාවට පැනලා ගොසින් සේනාව එකතුකරන බව සැලයි

(වැසියෙක් පැමිණේ)


වැසියා - දේවයන්වහන්ස. ලොකු යුඬසේනාවක් වීර අලකේශ්වර කුමාරයා යටතේ මේපුරේ කරා ගමන්කරන්නා

වීරබාහු ඈපා - ඒකතමා මාගේ සේනාවට කීවේ-කොහේදීද දැක්කේ

වැසියා - හැතැක්මයක් පමණ දුරදීය

වීරබාහු ඈපා - විගස යුඬයට සැරසෙව්

සේනාව - එහෙයි දේවයන්වහන්ස

(වීර අලකේශ්වරගේ සේනාව පැමිණ යුඬකරයි)

දානාසරි - සාකි

වීරඅලකේශ්වර - මාමා සෑදූ මේපුරේ නිසි මටයි. මල්ලී මා පන්නා නුඹ රිංගුවේ අයියා බැව් නෙතේරිද

දානාසරි - චල්ති

කනු බැට අද පැන මරුමුව මල්ලී මා අතේ නෑ දොසා මේ තාගේ තණ්හා දෝසෙන් ප්රාලණ පූජාවේ දැන්- කනු බැට අද පැන මරුමුව මල්ලී මා අතේ නෑ දොසා මේ- ජීවිතේ වේය හානි මා අතේ දෝසා නෑ නෑ තා කළේ දුෂ්ටකම් හින්දා නසම් ප්‍ දෝාණේ මම් ෴ (වීරඅලකේශ්වරට එකතුවී සියලුදෙනාම ඔහුව ‍හවෙනි විජයබාහු

නමින් ජයවද්දනපුර කෝට්ටේ රජකමට පත්කරගනිති)

(නික්මයති)

IV ජවනිකා - කෝට්ටේ මාලිගාව[සංස්කරණය]

(විජයබාහු සුනෙත්රාකදේවී පැරකුම් කුමරු මහාපාද ස්වාමිද සිටිත්)

එමන් කල්යාහන් - ලාවනී මහාපාදස්වාමි - ජයගෙණ යුද ලංකා සේසත නංවා ඉන්නා නරනිඳු රට සැම රුපු සොල්වා. තෙරුවන වැඳ සීලේ පේවී නිබන්දා සෑසී මුණිඳුගෙ සසුනෙහි සිත රන්දා රිවිකුල සිඳු මැද්දේ පෑවු තරින්දා දීපේ රජකම උසුලන මෙ රජින්දා දිගුලිය ගෙල රන්දා කිත් හර දුල්වා


පන්නා හැරි රුපු කැල එඩි බිඳ සොල්වා රැක මැන අප ලංකාබූපති දේවා සින්දා උවදුරු සැප නිතරම වේවා ෴

විජයබාහු - මන්ත්රී අපේ ප්ර භූරාජා නොසිටියා නම් සිංහලජනයාට දෙමළුන්ගෙන් බොහොම හිරිහැර පැමිණෙනවා

මහාපාදස්වාමි - දෙමළුන්ගෙන් පමණක්ද, චීනුන්ගෙන් ඊට වැඩිය අන්තරා පැමිණෙන්ට තිබුනා

පැරකුම් කුමාරයා - මාතා අර ඈත පෙණෙන කන්ද මොකක්ද?

සුනේත්ර දේවි - පුත ඒ පෙණෙන්නේ ශ්රී්පාද කන්දයි

විජයබා - ඊට සමනළකන්ද කියාත් ව්යපවහාර වෙනවා

පැරකුම් කුමාරයා - සමනළකන්ද කියන්නේ ඇයි

සුනේත්රාකදේවි - සමන්දෙවියන්ිගේ වාසය නිසා සමනළ යන නාමය පාවිච්චිකරනවා

පැරකුම් කුමාරයා - ශ්රී පාදය කියන්නෙ මන්ද?

විජයබා - බුදුහාමුදුරුවන්ගේ පාද ලාඤ්ඡනය එහි තිබෙන හෙයින් ශ්රීනපාද කන්ද කියනවා

පැරුකුම් කුමාරයා - අනේ මාතා එය වඳින්ට යමු

සුනෙත්රා දේවි - ඔව් පුතන්ඩ-ටිකදවසක් ගියාම යමු

මහාපාදස්වාමි - ඔය ශ්රී පාද කන්ද නිසා මෙම ලංකාවට හෙළදිව කියා නම වැටුණ බව සමහරෙක් කියති

විජයබා - ලංකාවේ සියලුම කඳුවලට වඩා ශ්රීෙපාදකන්ද වැදගත් බව කියමි-ලංකාවේ ප්ර ධාන ගංගා හතරද ඉන් ගලායති-සර්වවඥයන්වහනිසේගේ පාද ලාඤජනය එහි රඳන්නේය. මේ නිසා ලක්දිව ප්රනධාන කන්ද ශ්රීකපාදය. බොහොම තෙහෙට්ටුයි. අද ටිකක් පහසු ගණිමු. (සියලුදෙනාම නික්මයති)


6 අංකය[සංස්කරණය]

I ජවනිකා - කොළඹ වරාය[සංස්කරණය]

අත්මිරාල් චින්හෝ චීන යුඬ හමුදාව සමග ගොඩබසී

ආශාවරී-දීප්චන්දි චිංහෝ - චීන රාජාගේ තරම නොතේරී-කෙරුවාද ලංකා ජනෝ අපහාසේ-සිංහලයන්ගේ වංසේ මකාලා-රජු ගෙණයන්නෙම් මගේ හිරබ‍ාරේ-නැත දොසා රජ දීගෙණ කප්පම්-ලංකාව පාලනේ කළානම් ඤාණෙන්-‍චීනේ මහ රජ කෝපනොවේ මැයි - සිංහලයා සුන්වෙයි යුද්දෙන් දැන් කර කර නින්දා චීනා එලෙව්වා-කෙරේ යුද දීපේ පරාජය අත්වේ ෴

මාගේ යුඬසේනා මෙහි ගොඩබැස සිංහලයන්ගේ අගනුවරවූ ජයවර්ධුනපුර කෝට්ටේ කරා නික්මයමු

චීනසේනාව - එහෙයි ස්වාමිනි

(අලකේශ්වර පැමිණ සමාචාර කරයි)

චින්හෝ - උඹ කවුද

අලකේශ්වර - මම මේ සිංහල රටේ ප්රමභූරාජාය - මට ඉහලින් රජෙක් සිටී ඔහුව ඔබතුමන්ට අල්ලා දී චීන මහරජු යටතේ මෙම රට පාලනයට කැමැත්තෙමි.

චිංහෝ - ඒක යහපත් කල්පනාවකි. ඊට මමද කැමැත්තෙමි

අලකේශ්වර - එහෙනම් ඔබවහන්සේ සහ සේනාව කෝට්ටේ රජු කරා චීන රජු එවූ තෑගි දෙන්ට යන විධියට පැමිනිලා ඔහුව අල්ලා ගන්නවා හොඳා

චින්හෝ - ඔව් ඔව් ප්රලයෝගයෙන් අල්ලාගන්න එක යුඬකරලා අල්ලා ගන්නවාට වඩා පහසුයි.

අලකේශ්වර - ඔබවහන්සේ පිටත්වුව මැනව-මම නැවතී සෝදිසි ඇතුව සිටින්නෙමි.

චිංහෝ - හොඳයි හොඳයි ඔය කී විධියට අපි කෝට්ටේ රජුකරා පැමිණෙන්නෙමු. (අලකේශ්වර නික්ම යයි.)


මාඩ්-හිංචි චිංහෝ - ප්ර භූරජාදේය දීප මෙ පාවා-යුද්දා කෙරෙන්නේ නෑ ඒ හැටි-අරන් යමව් මුන්ගෙ රජාව අල්ලා චීනේ බලේ මම් පෙන්නම්-

සේනාව - චීනේ රජා එව්ව තෑගි කියාලා - රිංගාපුරේ වාසලා තුළේ-ඉන්නා රජාණන් ගෙණෑකිය අල්ලා-ලෝකේ කෙරේය ඒක බෝ ලෙසේ-

චිංහෝ - ලොවේ කොහේ ඇද්ද චීන සමානා-සේනා නිවාසි බෝ දේශයක්-අරන් යමව් මුන්ගෙ රජාව අල්ලා - චීනේ බලේ මම් පෙන්නම්-

සේනා - චීනේ අපේ රාජ වංසේ නොදන්නා-දීපේ බුවිපාල කම් මුතුය්-කෝපා කළේ ඇය් එකප්පම් ‍නොදීලා-තාපේ ලැබේය දැන් වාසලේ ෴ (නික්මයති)

II ජවනිකා - රයිගමිනුවර වීථියක්.[සංස්කරණය]

(අලකේශ්වර ප්ර)භූ රාජා සහ සේපාල ගමන් කරති)

පීලු-ලාවනි අලකේශ්වර - ඇති කෝපේ දයා නැති චීන මහාරාජ දීප අපේ ගන්ට එව්ව ජනෝ-කෝට්ටෙ කරා ගියෝ සිංහල සේනා-පැරදි දුවාද රජාව දමා මාලිග‍ාවෙ දමා මාලිගාවෙ අහෝ-

සේපාල - ඔබවාන්සේ රටේ පෙර දීපු බැටේ උන්ට නැද්ද අනේ සිත්හි ආවෙ මෙදා-පාග දමා ලමු චීනගෙ සේනා-කරමු ප්රිමාද නොවීම ප්ර භූ රාජ-යුඬ ඔදා බිඳා උන්ගෙ බොහෝ ෴

අලකේශ්වර - සේපාල මම සිංහල ජනයාගේ නම්බුව මෙපමණකල් ආරක්‍ෂාකරගෙණ සිටියෙමි ආය්ය් ජ චක්රකවර්තිගේ සේනාව සුන්කළෙමි චීනට බැටදුනිමි නුමුත් සිංහල ජනයෝ මා නොතකා මගේ බෑණා රජකමට පත්කරගත්තෝය.

සේපාල - නීතියේ හැටියට රජකම සිංහල රටේ යනවා මිසක් නීතියෙන් පිට ඒක ලබාගන්ට පහසු නෑ

අලකේශ්වර - සිංහල ජනයාට හිත ඇත්නම් පත කුඩාවෙන්නෙ නෑ මහජනයාගේ මතේ හැටියට නීතිය කරකැවෙනවා


සේපාල - මටත් ඉඳලා හිටලා කරකැවෙන‍වා

අලකේශ්වර - ඒ මොකද?

සේපාල - දේව කරකැවෙනවා ගම්මැදි භාෂෙන් කියනවානම් අත කසනවා

අලකේශ්වර - උඹේ අර්ථව උඹම ලිහනවා මිසක් වෙන අයට බෑ.

සේපාල - ඇයි බැරි මගේ තරමට සිංහල ඉගණගත්තානම් බැරි වෙන්නේ නෑ.

අලකේශ්වර - උඹ ඉගෙණගත් පොත් පත් මෙනවාද?

සේපාල - දේවයන්වහන්ස මේ සිංහල භාෂාවේ තිබෙන සියලුම පොත්වලට වඩා භාෂාව ඉගෙණගැණීමට හොඳ පොත මාවරශතකය. ඒක මම අවුරුදු 12 දී හොඳටම කටපාඩම්කර ඉගෙණ ගතිමි.

අලකේශ්වර - ඔය නමවත් ඇසුවේ පළමුවෙන්වරට අදයි

සේපාක - එහෙනම් අහන්ට ඕනෑ නෑ ඔබවහන්සේගේ සිංහල දැන ගැන්ම බොහොම අඩුයි

අලකේශ්වර - ශ්ලෝක පොතක්ද?

සේපාල - එහෙයි එහෙයි.

අලකේශ්වර - ශ්ලෝකයක් දෙකක් කියාපන්.

සේපාල - අඟමත ඉඳ කන්නා කන්නොතේරෙය් සිතා ඒ උගුලද අටවන්නා නෙක්සිරින් ඉන්ට පේවී අපහස සිදුවෙන්නා අන් දනන් ගෙන් නිගාවී රටතොට වැනසෙන්නා මේ විලස්ගත් අයින්ගෙන්෴

අලකේශ්වර - බොහොම හොඳ පොතක් තමා මාවරශතකය. තව එකක් කියාපන්

සේපාල - උරුම කරුම එන්නේ ලේ මගින් බැව් කියන්නා සහජයනු දැනෙන්නේ පිරික්සා කෙරීමෙන් කගෙනි ලබන වංසේ පල්ල යන්නේලු ගැස්සී ඔබට අපට වෙන්නේ කාට කාටත් මෙසේමය් ෴


අලකේශ්වර - පුදුමයි පුදුමයි-මේක හොඳ ශතකයක් තමා. තව එකක් කියාපන්

සේපාල - ඉඟි කළ කල තේරෙන්නේ නැතොත් මෝල්වහන්සේ මනැස නැත පෙනෙන්නේ මාන්නයෙන් මත්වුනෝතින් අකලට පණ යන්නේ ලෝසිරිත් දම් කැඩීමෙන් ඔබට අපට වෙන්නේ කාටකාටත් මෙසේමැය් ෴

අලකේශ්වර - (අහකට කියයි) චීනාට බහදුන් එක සේපාලට දැනිලාවත්ද-කියන පමණක් ඇනුම්පදයි. ඇත්තටම හොඳපොතක්-තව ශ්ලෝකයක් කියපන්

සේපාල - අට පහ දැනගත්තත් ඒ නොදත් සේ සිටී නම් අදමිටු පුරුසෙක් වේ ලෝ නසා පව් කෙරේමැයි පර ඉසුරු ලෙ‍ාබින් පාවා දෙතොත් ජම්ම බූමි දෙගුරුට කෙලහන්නාවු අයෙක්මැය් එ උන්දෑ ෴

අලකේශ්වර - ඇත්තටම සේපාල ඔහොම පොතක් තිබෙනවාද?

සේපාල - තිබුණා නොතිබුණා මාවරශතකෙන් එක එක ශ්ලෝකය කියවනකොට ඔබහන්සේගේ පාට නිල්කටුස්සාගේ වාගෙ වෙනස්වෙන්නා

අලකේශ්වර - එහෙම වෙන්නේ හොඳට හිතට ‍කාගෙණ වැදුනාමයි.

සේපාල - ඔව් ඔව් මූන හිතේ කන්නාඩියලු

අලකේශ්වර - (අහකට කියයි) මේ යෝදයාට මගේ රහස් දැනගන්ට වත් ලැබිලාද. තව ශ්ලෝකයක් බලන්ට කියාපන්

සේපාල - ඉඟට්ය ගතැකී අල්ලා මිටෙන් ගෑනිගේ මා මදටිය ඇට පාටෙන් තොල් දිලී ලෝ නුවන්ගත් නොවටිය අඟනෙක් ඈගේ ඇහිල්ලක් තරම්වත් රැවටිය ලොව රූපෙන් සිත් රළුය් සේ යකින්නී ෴

අලකේශ්වර - ඔය කීවේ උඹේ ස්ත්රීීගේ හැටිද?

සේපාල - මගේ ස්ත්රීේගේ හැටි මාවරශතකයේ කොයින්ද. ඔබවහන්සේ එහෙම පොතක් නැතෙයි කියා හිතන්නෙහිද?

අලකේශ්වර - ඒ පොත මට ගෙණත්දෙන්ට පුළුවන්ද ?

සේපාල - ඒ හැටි බර නෑ. මට ගෙණත්දෙතෑකි


අලකේශ්වර - හොඳයි විගස අරන් වරෙන් (අලකේශ්වර ඉස්සරට යනකොට සේපාල නාහේ නටවමින් පස්සෙන් යයි) (නික්මයති)

III ජවනිකා - කෝට්ටේ මාලිගාව[සංස්කරණය]

හවෙනි විජයබාහු සුනෙත්රාො දේවී පැරකුම් කුමාරයා මහාපාද ස්වාමි සිකුරා මුදල්පොතුන් සිටිති. චීන සේනාව තෑගි අරන් පැමිණේ දොරටුපාලයා පැමිණ චීන සේනාවත් චීන රජුගෙන් තෑගිගෙණත් එය ඔප්පුකරන්ට එන බව රජුට දන්වයි.

බයිරවි-ගසල් දොරටුපාලයා - රජිඳු චීනේ සන්තෝසේ-අපගේ දේවයන් වෙතේ-තෑගිබෝගා එවා තිබේ-චීන අමාත්තයෙක් අතේ-අරන් ඇවිත් සේනාවකුත්-වාසල මේ සිටි පෙනී-දැක්ම සො‍ඳේ අපේ බූපති-තෑගි බෝගා බොහෝ ඇතී ෴

විජයබාහු - වාසලට පැමිණ සිටිත්ද ?

දොරටුපාලයා - එහෙයි දේව

විජයබාහු - මා එන බව ගොසින් දන්වාපන්

දොරටුපාලයා - එසේ යහපති දේව (දෙරටුපාලයා නික්මයයි)

විජයබාහු - (සම්භවෙන්ට යයි) සැරදේ චිංහෝ අත්මිරාල්

චිංහෝ - වදදේ චිංහෝ අත්මිරාල් -මාගේ සේනාව.මේ රජු අල්ලා ගනිව්-අපට විරුඬව එන ජනයා කපාදමව්

විජයබාහු - ඇමතිවරුනි මේ අපරාධය බලාගණිව් (මහාපාද ස්වාමි සිකුරා වුදල්පෙතුන් ඉදිරියට එති)

මහාපාද ස්වාමි - මොකද මොකද මේ

විජයබාහු - අප රවටා අපේ රට ගන්ට ඇවිත්

සිකුරා මුදල්පොතුන් - විගස අපේ සෙනග මෙහාට කැඳවාගම්මු.


චිංගෝ - තොපේ සෙනඟ එනකල් මෙහි බලාගෙණ ඉන්ටද. මුනුත් අල්ලා බැඳගණිව් (මන්ත්රීේවරුනුත් බැඳගණිති) තව බලපියව් කව්ද ඉන්නේ කියා

(චීන්නු වාසලේ මැදුරුග‍ානේ සොයති. සුනේත්රා දේවී සහ පැරකුම්‍ කුමරා හැංගී පලායති)

අපේ රජුට කළ අපහස දැන්වත් සිහිවෙද. අපේ බාරේ චීන මහරජ කරා විගස යන්ට පිටත්වෙයව්

විජයබාහු - මේක ලොකු අපරාධයකි-ඔය බල පරාක්ර මයෙන් යුතු චීන මහරජ මෙබඳු නින්දිත වැඩකරණවාද චිංගෝ - ඒක රජුගෙන් අහන්ට හොඳා-දැන්ම පිටත්වෙන්ට ඕනෑ

මාඩ්-දාදරා

විජයබාහු - මගේ ස්ව භූමියේ නැතිවී වාසේ මෙදීප අල්ලා හොරෙන්-හොරෙන්-හොරෙන්- හොරෙන්- හොරෙන්- හොරෙන්- හොරෙන් ගත්ති ‍අනේ චීනා මන්ද නිදි‍දෝ කරබා ප්රෙභූ රාජා-මාමා දන්නේ නිතිදෝ මේවා කුදලා මාව අරන්-යන්නාහු චීන්නු චීන්නු මේ සේනා කෝ ලංකාවේ-කල්නෑරා දන්වව් ගොස් මාමා කරා-සුරෝ බිසෝ පුත් රකිව්-රකිව්-රකිව්-රකිව් ෴

චිංහෝ - ඉක්මන්කර යමන් යමන්

(නික්මයති)

IV ජවනිකා - රයිගම සිට කෝට්ටේට යන පාර[සංස්කරණය]

(අලකේශ්වර තනියම ගමන්කරයි)

පිලුකමාජ්-ලාවනි අලකේශ්වර - සිත් සන්තෝසේ ගන්ට මේ රාජ්ජේ දැන් හැක්කී ගන්නට මේ රාජ්ජේ දැන් හැක්කී මා- කුදලා බැඳලා විජයබා රැගෙණ ගියෝ චීන්නු - මෙරටේ රජකම් මා අතේ ඕනෑමයි ආණ්ඩු ෴ සිත් සන්තෝසේ-ගන්ට මේ රාජ්ජේ දැන් හැක්කී ගන්ට මේ රාජ්ජේ දැන් හැක්කී මා තෙරිඳා විසිදාගම වෙසේ පිහිට ලබාගත්තොත්


කිරුළා මෙරටේ ගත්තෑ කි සන්තෝසෙන් කවිරුත් සිත් සන්තෝසෙන් ගන්ට මේ රාජ්ජේ දැන්හැක්කී ගන්ට මේ රාජ්ජේ දැන් හැක්කී මා ෴ (නික්මයයි)

V ජවනිකා - කෝට්ටේ මාලිගාව (සුනෙත්රා)දේවි සහ පැරකුම් කුමාරයා සිටිත්)

ජිංජුට්ජංගලා-දාදරා

සුනත්රාජදේවි - බෝ පුත් ස්නේහේ පෑ පියානෝ නෑ දැන් පුත අනේ ශොකෙන් හෘදේ දෙදරාය කිම්ද මේ උනේ-අයියෝ පැරකුම් කුමාරයා - මාපිය අල්ලගත්ත චීන අත්මිරාල්තුමා-රැගෙණ ගියෙ චීන දේ‍සෙට පියා පමා-අම්මා

සුනෙත්රා‍දේවි - මේකෙන් වෙන්නේ අන්තරා බෝ හැංගි යමු පුතේ- පින්වත් වීදාගම සාමි රයිගමේ ඇතේ-පුත්මා

පැරකුම් කුමාරයා - කාටද දුක්ඛ වෙන්නේ නැත්තෙ මේ ලොවේ අනේ- මපිය නැති ශෝක හින්දාම මෙලෝ එපාවුනේ-අම්මා

සුනේත්රාලදේවි - කෝපෙන් ඉන්නාසේ හැඟීයයි රයිගම රජ ‍අනේ- හැංගී බේරී දෙදෙනාම ඉම්මු පා සෙනේ පුත් මා -

පැරකුම් කුමාරයා - කර්ම ය සේම සිඬවෙන්නෙ දුක් මෙලෝකයේ- එගැන අප ශෝක පෑවාම සැදේ නෙදුක් ළයේ-අම්මා ෴

සුනෙත්රාදදේවි - මා ප්රිසය පුතන්ඩ මෙවැනි ප්ර ස්තාවලදී පැමිණෙන දුක කියන්ට වචන නෑ - පියා නැති ශෝකය මදක් අඩුවෙන්ට බල බලා ඉන්ටවත් සිටින මෙනුඹ අලකේශ්වර ප්රකභූරාජා ගෙන් අන්තරාවක් නොවී ඇති දැඩි කරගන්නේ කෙසේදැයි දිවාරෑ කල්පනාකරමි. අපේ තරාතිරම් දන්නා සඟරාජ වීදාගම ස්වාමින්වහන්සේ කරා විගසයමු

පැරකුම් - මාතා කියන තැනකට එන්නෙමි රත්නත්රායේ පිහිට අසරණ මාතාට සහ මටත් නිතරම ලැබේවා



බයිරවි-දෝරා

රකිත්වා ‍මාගේ මාතා මා ද දේවෝ මෙදීපේ-හා-හා-හා ෴

බයිරවි-දීප්චන්දි වදබන්‍ධනේ කරණා රුතී - ප්ර භූරජා කොපෙන් සිටී-මරලා දැන් දමයි මගේ - මාතා මෙමා දෙන්නා අනේ-ශෝක මුදාලන් ශාසනේ-ඇති බාර විෂ්ණු දේවනේ ෴

(නික්මයති) (අලකේශ්වර පැමිණේ) (අලකේශ්වර පැමිණ මාලිගාවේ මැදුර බලා කවුරුත් නැති බව දැක වාසලේ මුරකාරයා කැඳවා කරුණු විභාගකරයි)

අලකේශ්වර - කෝ බිසවුන්නාන්සේ කෝ කුමාරයා

මුරකාරයා - ඒ දෙදෙනාම චීනයුඬයෙන් පසු නුදුටිමි

අලකේශ්වර - ඒ දෙදෙනාත් අල්ලාගණු ලැබුවෝද

මුරකාරයා - දේව ඒක නොදනිමි-බෝ ගණනක් මැරුම් කෑවෝය මෘතදේහ එදාම භූමදාන කරණලදී

අලකේශ්වර - විජයබාරජ එන එකක් නෑ. ඉතින් මෙහි රජකම උසුලන්ට සිටින්නේ මා පමණයි. අද පටන් මෙහි නැවතී රාජධූරයේ සියලුම වැඩ බලන්නෙමි. ඒ බව වාසල වැඩකරුවන්ට දන්වනු

මුරකාරයා - එහෙයි දේවයන්වහන්ස (නික්මයයි)

7 අංකය[සංස්කරණය]

I ජවනිකා - පීකිංපුරේ චීන රාජමන්දිරය[සංස්කරණය]

(චීනරජු සහ ඇමතිවරු දෙදෙනෙක් සිටිති)

ජිංජෝටි-චල්ති චීනරජ - යසහර දිගුලිය ගෙල ලාමී - අප චීන සෙනග පෝසත්වී - දැන් මා බලේ බෝවේ-මගේ කෝටිගණන් සෙන් ඉන්නා නෙක දේශ බිරම් පත්වෙන්නා-දෙත් බෝතුති මෙරටේ නරනාරි ෴

1 ඇමති - ඔබ අණසක මුළු ලොව සාරා-ලොවකෝපකරණ අන්දේසා-


බින්දා දමයි යුද්දෙන්-දෙසූ ධර්ම තිලෝනා වාන්සේ- රැක ඉන්න ඔබේ මේ වංසේ-දැන් පූජිත වෙනවා සැම දේසේ ෴

2 ඇමති - වැසියට හිරිහැර නැත දේසේ-ජන වාසකරති සන්තෝසේ ඉල්ලා දිගා ස්වාමී - මුනි ගෞතම දුන් දම් රක්නා - සැම දේස ජනා තොස් වෙන්නා- බුඬාගම මෙ රටේ ඇති හින්දා ෴

(අත්මිරල් චිංගෝ විජයබාරජ සහසිංහල මන්ත්රීතවරුන් වාසලට දක්වයි)

අත්මිරාල් - දේවයන්වහන්ස චීන කොඩියට අපහස කළ සිංහල රජුද ඔහුගේ ඇමති මණ්ඩලයද මෙහි අල්ලා ගෙණාවෙමි.

චීනරජ - තොපට කියන්ට තිබෙන්නේ කමක්ද?

කාෆිජිල්ලා-ත්රි තාල

විජයබාහු - ඔබ චිංහෝ අත්මිරාල් ගෙණා - තෑගි දෙනවා කියා - රැවටී මා චීනබූපති-පුත්ර් බිසෝ මාගේ - වාසල ඉන්දැද්දී - වැඩිකල් නෑර මේ හෙණේ-කෙරි අල්ලා මාව බූපති ෴ නැත දීපේ යුඬයක් කළේ - චීනා ඇවිදින් මගේ-රට ගත්ති මායමෙන් අනේ ම‍ාගේ පුතා බිසෝ දැන් ඇත ලංකාවේ සියදෙස් යන්ට දෙන් වරම්-ඔබ ස්වාමි චීන පාලනා ෴

චීනරජ - නාත නම්බු චීන වංසෙට්-ඇයි මෙ කෙරුවෙ නිගා- පවසන් මා චීන අත්මිරාල් - යුඬනොවී දහෙන් සිංහල බූපල්ලා - කිම අල්ලාපු කාරණේ - අවනම්බුයි චීන වංසෙටා ෴ චිහෝ. තොප මෙම රජුව අල්ලා ගත්තේ ඔය කී ප්ර කාර ප්රෝයෝගයෙන්ද

චිංහෝ - එහෙයි දේව

චීනරජ - ඇත්ත කථා කෙරීම අප චීනවංසයේ ප්රකධාන අංගයකි. ඊට අනුව මගේ අත්මිරාල් මේ ප්රඇස්තාවේදී ඇත්ත ප්ර කාශ කළාට සතුටුවෙමි. මේ කළ අපරාධය අපේ රාජාවලියට කිළුටකි. වහාම මේ සිංහල රජු සහ ඔහුගේ පිරිසත් නොයෙක් වස්තු තෑගිකොට දී ලංකාද්වීපයට ප්ර වේසමෙන් ඇරලා එනු


කාලිංගඩා-දාදරා

සිංහලරජ සහ පිරිස - චීනා අප නමෝ ‍නමෝ - ධර්ම සහ නමෝ නමෝ සසුන් සෑසී බාර සුරන් ප්රී තිවෙවී නමෝ නමෝ කළෙ මෙම දේව දයා-හළෙ දුක රිංගු ළයා චීන තෙද පාන රජිඳු-දන්න් ඉඳන් නමෝ ‍නමෝ ෴ (දන ගසා චීනරජුට ආචාර කර සිංහලද්වීපේට ආපසු සියලු දෙනාම නික්මයති)

II ජවනිකා - වීථියක්[සංස්කරණය]

(දරුකැලේ පොල්වත්තේ ගමයා සහ ආචාරියාද වීදාගම ස්වාමිපාදයන් වහන්සේ සම්භවෙන්ට රයිගමට ගමන් කරති)

ගමයා - උඹ දන්නවාද විජයබාහුරජ චීනෙට අල්ලාගෙණ ගිය දවස

ආචාරියා - ඔව් බුඬවර්ෂරයෙන්1958 ක්වූ වෙසඟපුර හතවක්ලත් සුරගුරු වාරයෙහි පුෂාභිදාන තාරකාවෙන්ය.

ගමයා - අපොයි උන්නාන්සේගේ බිසෝ සහ කුඩා කුමාරයාවත් මරන්ට අලකේශ්වර ප්ර භූරාජා සොයනවායයි සැලයි

ආචාරියා - වීදාගම සාමිනේ අපට පණිවිඩයක් එවාතිබෙන්නේ ඔය ගැනයි

ගමයා - අපේ ප්රාගණෙ නිතිවෙතත් ඒ දෙදෙනාවහන්සේලා පුවේසම් කරගතයුතුයි

ආචාරියා - ඔව් වීදාගම ස්වාමිපාදයන්වහන්සේ අප කෙරෙහි ඇති විශ්වාසය නිසායි අප ඔය ගැන කැඳවන්නේ

ගමාය - ඉක්මණට යමු

පහඩි-හිංචි

ආචාරියා - ප්රචභූරාජා මෙම දීපේ බලපා ඉන්නා - බලපා ඉන්නා - බෝ - බලපා ඉන්නා - ප්රමභූරාජා මෙම දීපේ බලපා ඉන්නා

ගමයා - සිටි කෝපෙන් තෙරින්ද‍ානෝ රයිගම් වස්නා - ඒ රයිගම් වස්නා නිත් සීලේ ඉන්නා ෴



ආචාරියා - අර චීනේ මහ දේසේ රජිඳා කෝපෙන් - රජිඳ කෝ පෙන් - බෝ එවපි චීනුන් - අර චීනේ මහ දේසේ රජිඳා කෝපෙන්

ගමාය - රට නංවාපි රාජා ඒ කෝට්ටේ උන්නු ඒ කෝට්ටේ උන්නු - පුත් දේවිත් පැන්නූ ෴ (නික්මයති)

III ජවනිකා - වීදාගම විහාරය[සංස්කරණය]

සඟරාජ විදාගම ස්වාමිපාදයන්වහන්සේ සහ අලකේශ්වර සිටිත්

රාම්කෙළි-ලාවනී

අලකේශ්වර - ලංකා මෙවර පාලනේ මා බාරේ - දීපේ ප්ර-භූරාජ නිලේ නෑ සාරේ - දෙනුමැන රජකම ම‍ට මෙම වාරේ - මට දැන් පිහිටවෙන් ස්වාමිනේ - ලංකා මෙවර

වීදාගම - කෝට්ටේ නමින් දැන් සැදු ඒ පුරේ කෝට්ටේ නමින් දැන් සැදු ඒ පුරේ වැව් පෙ‍ාකුණුත් වීථි ප්රානකරේ - සාදවා නගරාලංකාරේ දී රජ වෙන්ටැකි පස්සෙ මන්ත්රි්නී - රජවෙන්ට යන්ට මත්තෙන් පුර සාද ගන්ට නිත්තෙන් - ඕනැකරුණ දැන් පාදම් - දීපේ පාලන කෙරේ ඉන් - ජයවද්දනපුර සොඳ සේ ස‍ාදන් ෴

අලකේශ්වර - ස්වාමිපාදයන්වහන්ස. රජෙක් නැතුව ලංකාව තිබෙන්ට ඇරීම යෝග්ය් නැත. - එබැවින් ඔබවහන්සේ එය කල්පනාකර මා රජකමට පත්කරවන සේ ඉල්ලා සිටිමි

වීදාගම - ප්රසභූරාජ. තොප විසින් නොයෙක් වික්රරමකම් කරතිබෙන හෙයින් තොපේ තත්වයට සුදුසුවන ප්රිකාර ඔටුනු පැලඳීවට සුදුසු නුවරක් තිබෙන්ට ඕනෑය. එබැවින් ජයවර්ධටනපුර කෝට්ටේ අලංකාර නගරයක් කොට තබන්ට සිතට ගත යුතුයි. එසේ කළායින් පසු ඔටුණු පලඳන මංගල්යසය එහි පවත්වන්ට යෝග්යසවන්නේය.

අලකේශ්වර - එහෙනම් මම නගර අලංකාර කෙරීමේ වැඩය වහාම පටන්ගන්නෙමි.

විදාගම - එසේ කරන්ට සිතට ගතයුතුයි. (අලකේශ්වර නික්මයයි)


ජිල්ලා - ලාවනී වීදාගම - ශෝකේ තන්හාවෙන් උපදිනවා - ඒ පිට බිය ඉපදෙයි මුනි දෙසුවා - ශෝකේ තන්හා ඒක නොතේරී මේ ලක මන්ත්රීව - රජකම මැත්තේ දෙයි පණ හානි ශෝකේ තන්හාවෙන් උපදිනවා ෴

(ගමයා සහ ආචාරියා පැමිණ වීදාගම ස්වාමිපාදයන් වහන්සේට වඳිති)

ගමයා - ස්වාමීනි ඔබවහන්සේගේ පණිවිඩය ලැබුන කෙණෙන් පිටත්වී මගේ යාළුවත් සමග ආමි

වීදාගම - ඉක්මණින් ආ එක හොඳයි- පැරකුම් කුමාරයා විගස එක්ක ගොසින් නුඹලාගේ ප්රිවේසමේ නවත්වාගන්ට ඕනෑ අලකේශ්වර ප්රිභූරාජා කුමාරයා මරන්ට සොයන බැවින් ඊට ඉඩ නොදී වහාම අරන් ගොස් ප්රභවේසමෙන් බලාගතයුතුයි.

ආචාරියා - ස්වාමිනී. අපේ ප්රා ණය පුදතත් කුමරුට මොකවත් නොවෙන්ට අපි ආරක්‍ෂා කරන්නෙමු

වීදාගම - (පැරකුම් කුමර පැරකුම් කුමර කියා අඬගසයි)

පැරකුම් - එහෙයි ස්වාමිනි

වීදාගම - දැන් මේ දෙනො සමග පිටත්වී ගොස් උන් කියනහැටියට ක්රිගයාකරන්ට සිතට ගතයුතුයි

පැරකුම් - එහෙයි ස්වාමිනි

වීදාගම - දෙවනු මෙහාට කැන්දවා ගන්නතුරු හැංගී සිටිය යුතුයි

පැරකුම් - එහෙයි ස්වාමිනි

(පැරකුම් කුමාරයා වීදාගම ස්වාමීන්ට වැඳ අවසර ගෙණ ගමයා සහ ආචාරියා සමග පිටත්වයයි) (සියලුදෙනාම නික්මයති)

IV ජවනිකා - කෝට්ටේ වීථියක්[සංස්කරණය]

චිංහෝ නම් චීන අත්මිරාල් විජයබාහු රජු කෝට්ටේ මාලිගාවට ගෙණත් අරලුව රෑම අලකේශ්වර ප්රබභූරාජ විසින් මරණ ලදින් එ ගැන වැසියෝ විලාපය කියා යති

කල්යාැන්-ලාවනි

වැසියෝ - ප්ර භූරාජා විජේබා රාත්රි යේ - මැරුවාලු කිරීටේ ගන්ට ලොබා වී - අපරාදේ හිරබාරේ ගිය රාජා මෙහි ආ ඒ ක්‍ෂණයේ - ගන්ට මෙරාජ්ජේ ආසාවී තැත් කන - පාපිෂ්ඨ මන්ත්රිරමැරුවා නිරින්දා - අයියෝ බිසෝ පුත් කොයිදෙස වාසේ ෴ ප්රයභූරාජා විජේබා රාත්රි යේ - මැරුවාලු කිරීටේ ගන්ට ලොබා වී අපරාදේ හිරබාරේ ගිය රාජා මෙහි ආ ඒ ක්‍ෂණයේ - දුෂ්ටකමක් නෑ මේ වාගෙ ලෝකුස - නිර්දෝෂ රාජා මෙහි ආ කෙණේදී - මන්ත්රී මැරෙව්වා රාත්රිජයේදී ෴ (නික්මයති)

V ජවනිකා - රයිගම් විහාරය[සංස්කරණය]

වීදාගම ස්වාමිපාදයන්වහන්සේ මහාපාදස්වාමි සහ සිකුරා මුදල් පොතුන් නම් නිලධාරින් සමග සාකච්ඡා කරයි

පහඩි - ගසල්

විදාගම - ආ කෙ‍ණේ චීනෙන් විජයබා බූපතී-ජීවිතේ හාන්කළේ රාජාප්රවභූ - පුත් බිසෝ දෙන්නා මරුම් වස් දැන් සොයයි - සිඬ වී ශෝකේ - සිඬ වී ශෝකේ බොහොසේ මාහදේ

මාහපාදස්වාමි - ස්වාමිනේ දීපේ කිරුළ නිස්සා අනේ - හැංගී ඉන්නාවු පුතා බැව් දැන් පෙනේ - කැන්දවා සිංහාසනේදී ලක් ද‍ිවේ - මේ ප්රාභූරාජා - මේ ප්රෙභූරාජා - එයින් දොක්කන් යෙහේ

සිකුරා මුදල්පොතුන් - දේවියගේ ශෝකේ කියනුබෑ ස්වාමිනේ - හෘද කම්පාවී වසයි බෝ බීතයේ - පුත් සෙනේ පා ඉන්ට නෑ එක්වී අහෝ - ඒ නිසා මේවා නවත්වන් ස්වාමිනේ ෴

මහාපාදස්වාමි - අලකේශ්වර ප්රටභූරාජාට ඔටුණු පලඳවන මංගල්යමය ළඟදීම ආරම්භකරණු ලැබේ. ඔටුන්න නිසි පරාක්රූම කුමාරයා දැනට අවුරුදු 16 ක් පමණ ඇත. ඕහට ඔටුන්න යෑම සර්වා කාරයෙන්ම සුදුසුය


වීදාගමස්වාමි - ඔටුණු පලඳින දවසට එම කුමාරයාත් ගෙන්වමු

සිකුරා මුදල්පොතුන් - ඒ කුමාරයා අතට මගුල්කඩුව දුන්නාම එතෙන්ට කරන්ට සුදුසු වැඩය කුමාරයා කරණවා ඇති. ඔය දිනම පැරකුම්කුමාරයාත් කැන්දවන ලෙස ස්වාමිපාදයන් වහන්සේ සිතට ගන්න ලෙස ඉල්ලමි

වීදාගම - කුමරුවන් කැඳවා අඳුන්වා දෙන්නෙමි (නික්මයති)

VI ජවනිකා - කෝට්ටේ පස්මාල්පාය[සංස්කරණය]

අලකේශ්වර උදුම්බරා පත්රන අතුරණලද ගල්ආසනයක වාඩි වී සිටි - උදුම්බරා පත්ර ඇදතිබෙන මණ්ඩපයක මෙම ආසනය තබාතිබේ - තරුණ ස්ත්රිීයෝ දෙදෙකේද චාමරසලති-ක්‍ෂත්රිෙය කුමාරිකාවත් හක්ගෙඩියක පැන් දමාගෙණ සි‍ිටි-බ්රා-හ්මණයෙක් රිදී හක්ගෙඩියකද වෛශ්යෙපුත්රමයෙක් රන් හක්ගෙඩියකද පැන් දමාගෙණ සිටිත් මහාපාදස්වාමි සිකුරා මුදල්පොතුන් ආදී නිලමවරුද කවට ධූරන්දර සේපාල සෙල්ලම් පිරිසත් ඇතුව සිටිත් පරාක්රොම කුමාරයා සහ අලකේශ්වර ප්ර්භූරාජාගේ පුත් අලකේශ්වර කුමාරයාද සිටිත්.

බයිරවි-ත්රියතාල

සියලුදෙනාම - මකුට පලන්දන මේ මගුල් - කීර්තිමත් බුපතී - පින්ඇතී දොස්නැතී වී රුතී - දැන්ගතී - මකුට පලන්දන මේ මගුල් රුපුනොදබින්ද විකුම් දැරූ සිංහෙව් - අප මෙම භූමිපති - සුන්‍දර රිවිකුල නැත ගිරිකුල බල - සිහසුන පිට අදැති - නෙක යුද්ද පසිද්ද පරද්ද නොලද්ද මෙසුද්ද දීපාදිපතී ෴

සේපාල - මා සමග මෙහි පැමිණි නාටිකාංගනාවන් සින්දුවක් කියා නටන ලෙස විධානකරමි.

අමීර්කල්යාරන් - පංජාබි

නාටිකාංගනාවෝ - ලංකාවේ මෙකලේ එකම කෙසරා මේ - පාලා විකුම් බෝ සිංහල ගොතිරේ - නොපමා බේරපි දී රුපු බංගේ - ලංකාවේ මෙකලේ එකම කෙසරා මේ - එකම කෙසරා මේ - එකම කෙසරා මේ - එකම කෙසරා මේ - කෝට්ටේ නමින් මේ ලක්‍ෂණ නගරා - තැනුවා සිංහල නම්බුව පතරා ෴


මහාපාදස්වාමි - මගුල් කඩුව අපේ නරදේවතුමන්ට දැන් පැලැන්දවිය යුතු බැවින් එය පලන්දවා ලන්නෙමි

(හොරෙන් කඩුව අරන් අලකේශ්වර ප්ර භූරාජාගේ හිස ගහදමා මෙසේ කියයි.)

ජිංජෝටි - ලාවනි

පැරකුම් කුමාරයා - පියා නැති ශෝක යාය මෙදිනා කිරීට වේ වංසේ - මෙදිනා කිරීට ලංකාවෙ ගන්නෙමි මම් රවිවංසේ - ඇත නිති දීපේ සාර එලෙසා කිරීට යයි දීපේ - මේ කඩ්ග පලන්ද ගන්නෙම් මම් සිත්සේ සබාවේ - මම් සිත් සේ සබාවේ - රාජශ්රීාවච්ඡෙදනීය මෙ කගා දිලේය ලේ ගෑවී ෴

මහාපදස්වාමි - අප ස්වර්ගබස්ථවූ විජයබා මහරජුගෙ පුත්ර මෙම පැරකුම් කුමාරයා ලංකාද්වීපයේ ඔටුන්නට හිමිකාරයා බව මෙම සභාවේ සිටින සියළුදෙනාම දතයුතුයි.

අලකේශ්වර කුමාරයා - මාගේ පියගේ ප්රාසණය සැගවීය. අහෝ පැරකුම් කුමාරයනි. මට අභය දානය කළ මැනව.

පැරකුම් කුමාරයා - තොපට කිසි අනතුරක් නොකරමි

෴ නිමි ෴

සියලුම නැට්ටුවෝ - සියවසේ මහතුනි නළුරස දැන් විඳපු - දොසැත අ‍පේ ඊට නොකිපෙත්වා - මහතුනි නළුරස දැන් විඳපු පතවේදිගා ඉංග්රීනසිගේ රපුට අපේ අයිතිය මෙම දීපේ - සෑසිදහම් සිය සතරා දනු මැනවි පොරණලෙසේ සිංහල ජනයා - ඉ‍ගණ සියබසා අපේ - වැඩවේ මෙලකේ ඉන්සුදී