ජෝන් ද සිල්වා නුර්ති නාට්‍ය එකතුව-III-‍දේවානංපියතිස්ස චරිතය

Wikibooks වෙතින්

දේවානං පියතිස්ස චරිතය (ක්‍රි.ව. 1914)


DEVANAMPIYATISSA OR THE ESTABLISHMENT OF BUDDHISM IN LANKA

BY

JOHN DE SILVA PROCTOR OF THE Hon ble the Supreme Court of Ceylon, TO HIS EXCELLENCY SIR ROBERT CHALMERS, K.C.B.,

IN ANDOVER THE ISLAND OF CEYLON AND THE DEPENDENCIES THEREOF THIS PLAY IS RESPECTFULLY DEDICATED BY His Excellency’s Most Humble end Obedient Servant THE AUTHOR

Colombo’ 23rd July 1914


දේවානං පියත්ස්ස චරිතය


ප්‍රස්තාවනා


සිංහල ඉතිහාසයේ පෙණෙන රජදරුවන්ගේ චරිත අතුරෙන් දේවානං පියතිස්ස රජුගේ චරිතය සියලු ජනයා විසින් දතයුතු වැදගත් එකකි. මක්නිසාදයත් සාරාසංඛ්ය කල්පලක්‍ෂයක් මුළුල්ලේ පාරමී ධර්මයන් පුරා බුද්ධත්වය ලබා මිථ්යාසදෘෂ්ටිය නමැති අන්ධකාරය සුණුවිසුණු කළ අප තිලෝගුරු බුදුහාමුදුරුවන්ගේ සද්ධර්ම නමැති චන්‍ද්රෘයා සිංහලද්වීප නමැති ආකාශයේ පළමුවෙනි වරට දිලුම්ගත් හෙයින්ය.

මෙම නාටකයේ පෙණෙන උතුම් සංඝයාවහන්සේලා පෙන්වන කල සිවුරෙන් නොපෙන්විය යුතුයි.

පැළලුප් නුවර විසූ ධර්මාශෝක රජ්ජුරුවෝ බුද්ධාගම වැලඳ ගෙණ සුවාසූ දහසක් විහාර දාගැබ් කරවා සයානූකෙළක් ධනවියදම් කොට බුද්ධශාසනයට හිමිනොවන බව මොග්ගලීපුත්තතිස්ස නම් මහතෙරුන්මහන්සේගෙන් අසා දැනගෙණ එසේ බුද්ධශාසනයට හිමිවෙන්ට කුමක් කටයුතුදැයි ප්ර්ශ්න කළෝය. එවිට මහතෙරුන්වහන්සේ කියනසේක් මහරජ තෙපි ප්රුත්ය‍ය දායකය යමෙක් තමන්ට ජාතක පුතෙකුවත් දුවෙකුවත් මහණ කරවාලී නම් ශාසනයට හිමියෝය. මෙසේ බුද්ධශාසනයට හිමිවෙන්ට තමන්ට ජාතක මිහිඳු කුමාරයා සහ සංඝමිත්රාෝ නම් කුමරියත් මහණ කරවූ සේක.

මෙම සිංහල ද්වීපයේ පන්දහසක් අවුරුදු ශාසනය පවතින්නට මිහිඳු තෙරුන්වහන්සේ ශක්ර යාගේ ආරාධනාව පිට එය මෙහි පිහිටවන්ට සෘඞිය, උත්තිය, භද්දසාල, සම්පල, සුමනසාමණේර යන තෙරුවන්වහන්සේලාද භණ්ඩුක උපාසකද කැටුව වැඩිය සේක. ඍධියෙන් ඇවිත් මිහින්තලේ වැඩවසන කල එවකට සිංහල ද්වීපයේ රජකම් කළ දේවානං පියතිස්ස රජ තම පුරස්ත්රීින් පිරිවරා ගෙණ මිහින්තල සමීපයට මුවදඩයම පිණිස පැමිණියේය. මිහින්තල පර්වතයට අරග්ගත් දේවතාවා රෝහිත නම් මුව වෙස් අරන් රජු ඉදිරියේ තණ කමින් සිටි කල කෑම කන සතාට විද මැරීම යුතු නැතැයි කල්පනා කොට රජ්ජුරුවෝ මුවාව එලවා විද මරන්ට සූදානම් වූහ.

මුවාද දුවගොස් මිහිඳු මහතෙරුන්වහන්සේ සිටි සමීපයෙන් අන්තර්ධාන විය. එවිට මිහිඳු තෙරුන්වහන්සේ ‘තිස්සය මෙහි එව’ යි කී කල රජ්ජුරුවෝ මෙසේ කියන සේක. ‘මාගේ නම කියා කථාකරන්ට

මේ සිංහලද්වීපයේ කාට පුළුවන්ද කියා මිහිඳු මහ තෙරුන්වහන්සේ දෙස බලා මේ කවුද මනුෂ්යහයෙක්ද අමනුෂ්යළයෙක්දැයි සිතන කල මිහිඳු මහතෙරුන්වහන්සේ කියන්නේ ‘මහරජ මම ශ්රහමණයෙක්ය බුදුන්ගේ ශ්රාෙවකයෙකි. තොපට අනුකම්පාවෙන් ජම්බුද්වීපයෙහි සිට මෙහි පැමිණියෙමි’. මේ ඇසී රජ දුන්න බිම දමා මිහිඳු මහතෙරුන්වහන්සේ ප්රීධානකොට ඇති අනික් සංඝාද වැඳ ‘අනුරාධපුර මාලිගාවට හෙට වෙනි දවසේ වඩිනු පිණිස ම‍ාගේ රථය එවන්නෙමි’ කියා අවසර ගෙණ අනුරාධපුරයට පිටත්ව ගියේය. රථාචාරියා රථය අරන් මිහින්තලයට පැමිණි කල මිහිඳු මහ තෙරුන්වහන්සේ ඕහට රථය අරන් යන්ටෙයි කියා ඍද්ධියෙන් අනුරාධපුරයට පැමිණ එහිදී දේවානං පියතිස්ස රජු ප්රකධානකොට ඇති මහ පිරිසක් ධර්මදේශනාවෙන් බුද්ධාගමට හරවා බුදුහාමුදුරුවන්ගේ ධාතුන් පැළලුප් නුවර සිටි තම පියරජුගෙන් සුමන සාමණේරයන්වහන්සේ පිටත්කර ඇර පාත්රුයක් පුරවා ගෙන්වාගෙණ එසේම ශක්රසයා විසින් වැඳ පුදාගෙණ සිටි අප තිලෝගුරු බුදුහාමුදුරුවන්ගේ දකුණු අකුධාතුවද ගෙන්වා මහාමෙඝ උයනේදී සිංහල රජුටදී එම අකුධාතුන්වහන්සේ නිදන්කිරීමට අනුරාධපුර ථුපාරාම දාගැබ සාදවා මහත් උත්සවයෙන් තුන්ලෝවාසි සියලුදෙනාටම වැඳපුදා ගන්ට එය තැන්පත්කරවූ සේක. මේ ප්රෝස්තාවේදී සවණක් බුදුරැසින් බබලන්නාවූ එම ථූපාරාමය වැඳීමට සූර නාග ආදී සමූහයක් පැමිණියෝය.

රජුගේ සහෝදරයාගේ බිසෝවූ අනුලා බිසවද මහණවීමට කැමැත්ත ප්රයකාශ කළාය. මිහිඳු මහතෙරුන්වහන්සේට එය දැන්වූ කල ගෑනුන් මහණකිරීම උන්වහන්සේට නොසරි බව කියා දන්වා තම සහෝදරිවූ සංඝමිත්රාල නම් භික්ෂුනණිය ඉන්දියාවේ සිටිනා බව දන්වා තම පියාවූ ධර්මාශෝක රජුට ලියුමක් අරින්ටෙයි දේවානං පියතිස්ස රජුට කීසේක.

රජ්ජුරුවෝ ලියුමක් දී අරිට්ඨ කුමාරයා ඉන්දියාවට පිටත්කර ඇ‍රියෝය. සංඝමිත්රා නම් භික්‍ෂුණිය ලංකාවට එන ප්රිස්තාවේදී ශ්රී මහබෝධියේ දක්‍ෂිණ ශාඛාවද අරන් ජම්බුකොල නම් තොටට පැමිණියාය. මෙම තොට සිටන් අනුරාධපුර මහමෙව්නා උයනට මෙම බෝධීන්වහන්සේ මහත් පෙරහරින් වැඩමවා තැන්පත්කරණ ලදී. මෙම නාටකයේ කථාශරීරය ලුහුඬින් මෙසේ දැක්කුවෙමි.

සිංහල ජනයා විසින් බුද්ධාගම පිළිගන්ට හේතු කරුණු මෙම නාටකය බලන කියන අයට වැටහී යනවා ඇත.


ශ්රී ලංකාද්වීපය කියා අපේ රටට නම වැටී තිබෙන්නේ මක් නිසාදයත් මෙම නාටකයේ සූත්රරධාරිගේ සහ බහුබූතයාගේත් දෙබසින් පෙණීයනවා ඇත. මෙම නාටකය ගොතන්ට මට කල්පනාවුනේ අපේ මහජනයා බුද්ධාගම සිංහල ජනයා විසින් වැලඳගණු ලැබුවේ කෙසේද මොන කරුණු පිටද යනු නොදැන මුලාවී සිටින බව පෙණී සියරටේ කථා පළමුවෙන් දැනගැණීමෙන් තමා කවුදැයි තේරුම්ගන්ට හැකිවෙන බැවින්ද සිංහල රට අනික් අතට පෙරළීමට ඉංග්රීනසි උගත් සමහර සිංහල ජනයා ‘සිංහලයා’ මෝඩයා කැවුම් කන්ට යෝදයා කිය කියා මෝහයෙන් ක්රිතයාකරණ බව පෙණීගිය නිසාත්ය.


‍ජෝන් ද සිල්වා

වර්ෂජ 1914 ක්වූ ජූලි මස 23 දින

කොළඹ විජය්මසන්දිරයේදීය.



නාට්යවකරුවෝ


දේවානං පියතිස්ස- එනම් (සිංහල රජ), ධර්මා ශෝක- (ඉන්දියාවේ රජ), මිහිඳු කුමාරයා-(ධර්මායශෝක රජුගේ පුත්රජයා), සංඝමිත්රා කුමරිය- (ධර්මා ශෝක රජුගේ දුව), මොග්ගලීපුත්තතිස්ස - (එනම් තෙරුන්වහන්සේ), ඍඨිය, උත්තිය, භද්දසාල, සම්බල, සුමනසාමණේර, (මිහිඳු මහතෙරුන්වහන්සේ සමග ලංකාවට වැඩිය සංඝයාවහන්සේලා), භණ්ඩුත උපාසක - (එනම් උපාසක), ශක්ර යා - (එනම් දෙවියෝ), පියදාස - (රාජ කවටයා), ප්රිුයම්වද - (කවටයාගේ ස්ත්රී ), රථාචාය්ය්නම්යා - (රජුගේ රියැදුරා), අනුලා - (එනම් බිසව), උරුවිසි තිලෝතිමා, රම්බා මේනක (ශක්රී භවනේ නාටිකාංගනාවෝ), අරිට්ඨ - (එනම් සිංහල කුමාරයෙක්), නාගයෝ - (නාභවනින් ථූපාරාමය වඳින්ට පැමිණි නාගයෝ), දේවතාවෝ - (ථූපාරාමය වඳින්ට පැමිණි දේවතාවෝ), සූත්රථධාරි, බහුබූතයා, නාටිකාංගනාවෝ, පුරස්ත්රිායෝ, වැසියෝ, උඩැක්කිකාරයෝ, පෙරහැර පිරිස, ඇතෙක්, රොහිත නම් මුවා, ඇමතිවරු, ශ්රී,මහා ‍බෝධියේ දක්‍ෂිණ ශාඛාව


නමෝතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස.


පුවත. (සූත්රගධාරි පැමිණ කියයි.)

පවර මගද දැනගණිමින් ලොවග දහම දැන මනමෙන් සිහළ රටට පැමිණීමෙන් ලකිඳු ලෙසි න් පතර යසැති සිරිමත් වන් සර් ආර් චාමර්ස් මැතිඳුන් සියජන මනකොඳ නඳදුන් හෙයිනි තොසි න් සතර දහම් සඟ වඳිමින් අමර පිරිය වැඩූ සතතින් රජුගෙ සිරිත ‍මම ගොතමින් සිහළ බසි න් මෙවර පුදමි නළුකරමින් සිහළ සෙනඟ කන් දෝතින් බොව් මෙම ගී කව් අමවන් නොයිද ඉසි න් ගීත කදලි හුව ගණිමින් අමුනන අප නළු කුසුමන් පලඳිනු මැන ගෙල බඳිමින් සිහළ ජ නා රාජ සිරිත රොන් සොබමන් සුසිරි සුගඳ නිති විඳිමින් දුසිරි දුගඳ පහකරමින් වසනු මැ නා මෑත කලක සිට නළුවෙන් පිබුදුම වනු දුටු මවිසින් ගොතන මෙගත් අප සිහළෙන් වැඩැති ම නා ගීත රසය විඳ ගනිමින් ආදි තිබුණ මෙහි සුසිරිත් සමග පොරණ සියරජ වත් අසනු මැ නා නිමල සමය සොඳ මුනිඳුන් රකින මෙලක මහසුර වෙන් විජය රඟය සබ සතතින් රකිනු මැ නා සිහල බසිනි නළු බැඳදුන් ලකරදනිය දැනමන මෙන් සිටින පසිඳු අප කිවිඳුන් රකිනු මැ නා විකල කරන සියජන මන් තිදොස වඩන නෙක පබඳන් කරන ජනට ර‍ියට නසමින් බණ නොදැ නා ලකල මෙනළු ගුරු පොත මෙන් ගැනුමට සිත රිසි කරදෙන් දෙපද මෙඔබ වැඳ යදිනෙම් සිත තොසි නා

(බහුබූතයා පැමිණේ)

සූත්රහධාරී - මාමා බොහොම කලකින් නුදුටිමි.

බහුබුතයා - අප දකින්ට ලැබෙන්නේ දැන් කලාතුරකින්ය.

සූත්රතධාරී - ඒ මන්ද?

බහුබුතයා - අප සිංහල වංසේ නෝනාවරු මහත්වරු සිංහල සෙල්ලම් සිංහල ශිල්පශාස්ත්ර- සිංහල භාෂා සිංහල ආගම යනාදිය


බොහොම ඉක්මනින් යටපත්කර දමති. ඒ හෙයින් අප දකින්නට ලැබෙන්නේ කලාතුරකින්ය.

සූත්ර්ධාරි - ඒක නොදනිමි. සිංහල කවුරුත් දැන් සියරටේ දියුණුව සිංහල අතින්ම ගෙන යන්ට වීය්ය් ද කරති.

බහුබුතයා - ඒක මට ශුභාරංචියකි. අන්න ඒ ටික සිංහලයා හිතට ගත්තොත් ලංකාද්වීපයට යළිත් ශ්රීශ යන්න පටබඳින්ට පුළුවන්වේ.

සූත්ර්ධාරි - ලංකා කවදාටත් ශ්රීව ලංකා තමා. ලෝකේ තිබෙන වෙන කිසියම් රටකට ඔය ශ්රීර යන්න යෙදී නැත.

බහුබුතයා - ලංකාවට පමණක් ඔය ශ්රි යන්න යෙදුනේ මන්ද?

සූත්රතධාරි - ලෝකේ නොයෙක් රටවල් ඇත. චීන ජපාන් එංගලන්තය ඉන්දියා ප්රංරස ජර්මන් යනාදියයි. ඔය කිසිවකට ශ්රී යන්න යෙදිලා නැත. අපේ ලංකාද්වීපයට ශ්රීය යන්න යෙදුනේ සාරාසංඛ්යන කල්පලක්‍ෂයක් මුළුල්ලේ පාරමිතා ධර්ම්යන් පුරමින් බුදුබව ලබාගත් තිලෝගුරු සර්ව ඥයන්වහන්සේගේ උතුම් නිර්ම ල ධර්මිය මුළු ලෝක වාසීන්ට දැනගිනීම පිණිස ලංකාද්වීපයෙහි නිවාස සිංහල ජනයාගේ භාරේ සුරක්‍ෂිතවූ බැවින්ය.

බහුබුතයා - එහෙනම් සිංහල අපි මෝඩයෝ නොවම්හ.

සූත්රතධාරි - හිංගලයා මෝඩයා තමා කැවුම් කන්ඩ යෝදයාලු. නුමුත් සිංහලයා මෝඩයා නොවෙයි.

බහුබුතයා - හිංගල කියන්නේ කවුද?

සූත්රතධාරි - නරිවාචකවූ සිගල් ශබ්දයෙන් හිංගල කියා සෑදේ - ජනභාෂාව ඉතිහාසය ආගම යන මේවා නොදත් ජනයෝ එමට සිට්ති. එබඳු අයට සිංහල නම උරුම නැත. ඔවුහු හිංගලයෝ වෙති.

බහුබුතයා - ඔහෝ දැන් මට තේරුණා. සිංහල වෙලා සිටීම කොතරම් නම්බුවක්ද ?

සූත්රවධාරි - ඊට වඩා නම්බුවක් තවත් නෑ. අහසේ ඍධියෙන් අපේ ජනයා ගියේ සිංහලවෙලා සිටි කාලෙයි.


බහුබුතයා - එහෙනම් සූත්ර ධාරිතුමා අපි සිංහලවෙලා සිටිමු. එසේ සිටගෙණ අප උතුම් බුද්ධ ධර්මනය ලංකාද්වීපයෙහි පදිංචි වුණු හැටි ලෝකයාට දන්වමු.

සූත්රටධාරි - ඒ කල්පනාව කදිමයි. අපේ දේවානං පියතිස්ස මහ රජුගේ කථාන්තරය අප කිවියර නීතිඥ ජෝන් ද සිල්වාම මහතුන් විසින් නාටක කරදී තිබෙන හෙයින් එම නාටකය අද මෙම රංගසභාවේ දක්වමු. ඉන් බුද්ධාගම ලංකාවට ආ හැටි පෙණීයයි.

බහුබුතයා - අප සිංහල ජනයා විසින් දතයුතු වැදගත් කථාන්තරයකි. ඒක පටන්ගණිමු.

සූත්රණධාරි - එය පටන්ගන්ට ප්රගථමයෙන් සින්දුවක් කියා නටන්ට හොඳා.

(සූත්ර ධාරී සින්දුවක් කියයි. බහුබූතයා සින්දුවට නටයි)

කාලිංගඩා - දීප්චන්දි

සි රි ලක සිංහල සේ නා-අප සි රි ගණ දෙසු සදහම් මෙහි තිබෙන නා සදහම් මෙහි තිබෙ නා සි රි ජය අපහට නිති නා-මෙම සි රි ලක ඇතිවිය සදහම් මගි නා විය සදහම් මගි නා සිං හ ල කොඩිය තිබෙන් නා-ලොව පි න් ක ළ සහ එය මෙකල දරන් නා එය මෙකල දරන් නා තු න් ක ල තතු දැන දුන් නා-මුනි සිං හ ල යට එම උරුමව එන් නා එම උරැමව එන් නා සිවුර තමා සිය වං සේ-ධජ පැහැර අරිව් කළු කොඩි මැරුවං සේ කළු කොඩි මැරු වං සේ නි ත ර බලව් ඉතිහා සේ-මෙම ලො ත ර සිහළ ගති වුනි පරකා සේ ගති වුනි පරකා සේ


ස ම් මා සම්බුදු වඳි මු-අපි අ ම් මා දෙන කිරි බීමෙනි වැඩෙ මු කිරි බීමෙනි වැඩෙ මු ජ ම් මා ආරිය දනි මු ද ම් මා ආගිය හැටි දැන් අස මු ආ හැටි දැන් අස මු

(දෙදෙනාම නික්මයති.)

1 අංකය[සංස්කරණය]

I ජවනිකා - ධර්මාශෝක රජුගේ මාලිගාව.[සංස්කරණය]

මොග්ගලීපුත්තතිස්ස මහතෙරුන්වහන්සේ භද්රිපීඨාරූඪව සිටින සේක. ධර්‍ා ශෝක රජ, මිහිඳු කුමාරයා, සංඝමිත්රා් කුමරිය යන තිදෙන සිටිති. ධර්මායශෝක රජ සංඝයාවහන්සේට වැඳ මෙසේ කියයි.

ධර්මායශෝක - ස්වාමිනී සුවාසූදහසක් දාගැබ් කරවා මහ තෙරුන් වැන්දෙමි. දැන් ඉතින් මම බුද්ධ ශාසනයට හිමියෙම්ද?

මොග්ගලිපුත්තතිස්ස - මහරජ ශාසනයට තව පිටතය.

ධර්මාලශෝක - ස්වාමින්වහන්ස ! සයානූකෙළක් ධන වියදම් කොට සුවාසූ දහසක් විහාර දාගැබ් කරවූ මා වැනි රජෙකු ශාසනයට හිමි නොවන කල හිමියෝ කවුරුද?

මොග්ගලිපුත්තතිස්ස - මහරජ තෙපි පුත්යමයදායකය. යමෙක් තමන්ට ජාතක පුතෙකුවත් දුවෙකුවත් මහණ කරවාලීනම් ශාසනයට හිමියෝය.

ධර්මාුශෝක - ශාසනයට හිමිවන්ට කැමැත්තෙමි. මෙහි සිටින ම‍ාගේ දූ පුත් දෙදෙනා මහණවනු කැමැත්තාහුනම් මට බුදුසස්නෙහි ඇතුළත් වෙන්ට හැකිය. මොවුන්ගේ කැමැත්ත කෙසේදැයි අසමි.


හරිගීත චන්‍දස්.

මා පුත්රන ‍දූ දෙදෙනා උතුම් බුදුසස්නෙ පැවිදි වෙන්නටා ඇත්නම් කැමැත්තක් දැන්ම දන්වව් සිත්පින් මට ඉන්නටා - දාගැබ් විහාරත් බොහොම සැදුමුත් ශාසනෙන් ඉන්නෙම් පිටා-දුක ඒ නිසා දැන් බෝය මාගේදුරුකරව් ඒ අත්පිටා.

මිහිඳුකුමාරයා - ප්රිමයරාජ ශෝක වෙන්ටෙපා. මම් භික්‍ෂුවෙන්නෙම් සන්තොසේ -බුදුශාසනේ ඇතුළත්වෙලා ඉන්ටැකි ඔබේ සිතසේ දෙසේ.

සංඝමිත්රාු - මම භික්‍ෂුණීවෙම් මෙහෙණි සස්නේ පැවිදිවී සීලේ යෙදී -ඔබගේ සිතේ ශෝකා සිඳිලා බුදුසසුන් වෙන්නා හිමි.

මොග්ගලිපුත්තතිස්ස - මහරජ. තොපගේ දරුදෙදෙනාම මහණවීමට කැමැත්ත දුන් බැවින් මිහිඳු කුමාරයාගේ උපාධ්යාජය මෙන් මම පත්වෙමි. මහාදේව තෙරුන්වහන්සේ‍ ආචාය්ය් කොට කුමරා මහණ කරවමි. සංඝමිත්රාප කුමරිය මෙහෙණිසස්සට ගණිමි. ආයුපාලි රහත් භික්‍ෂුණිය උපාධ්යාකය කොට ධර්මටපාලී නම් භික්‍ෂුණියත් ආචාය්ය්ක කොට කුම‍රි මහණ කරවමි.

ධර්මාභශෝක - සාධු සාධු. මහණවීමට වඩා උතුම් වැඩක් මේ මුළුලොවෙහිම නැත. මාගේ දරුදෙදෙනා බුද්ධශාසනේට පූජාකළෙමි. මමද ශාසනයට ඇතුළත් වන්නෙමි.

මොග්ගලිපුත්තතිස්ස - මහරජ ඔබගේ දරුදෙදෙනාගේ මහණවීම අන් රජපවුල්වල කුමාර කුමාරියන්ට යහපත් ආදර්ශමයකි. මෙම උතුම් ශාසනයේ පැවිදි වෙන්ට ඕනෑ උත්තමයන්මයි.

ධර්මාිශෝක - ස්වාමිනි මේ දෙදෙනා වහාම මහණකිරීමට කටයුතු බලාගණු මැනවි.

මොග්ගලිපුත්තතිස්ස - එය කල්නෑර කරවන්නෙමි.

(නික්මයති)



II ජවනිකා - වීථියක්[සංස්කරණය]

වැසියෝ මිහිඳු කුමාරයාගේ සහ සංඝමිත්රා කුමරියගේ සිවුරු පෙරවීමේ උත්සවය බලන්ට යති.

1 වැසියා - රාජ කුලේ තේජ බලේ තෑජ ‍කළේ ඒ පුත රජිඳුන් ගේ සීල බලේ ගන්ට ලොලේ දේසතුළේ සව් සැප හළ රං ගේ

2 වැසියා - කාම සැපා වීය එපා රාජ පුතා වී පුත මුනිඳුන් ගේ සෑම සැපා ලාපි ලොපා සංගමිතා නම් දුව රජිඳුන් ගේ

1 වැසියා - මුනිඳු සසුන අඹර දිලෙන මිහිඳු තුරුණ යද රැස විහිදෙ න් නා

2 වැසියා - රුවින් දිලෙන කුමරි සොබන සිවුරු ‍දරණ හැටි අද සුපස න් නා

1 වැසියා - පැවිදි කරන මගුල බලන සකල සුදන මන පොබවී ය න් නා

2 වැසියා - දුලද බිඳින දහම ඉගෙණ නදනි නදන බල මොක් මග ය න් නා

1 වැසියා - මිත්රබය සංසාර යනු තේරී ගියාම මේ ලෝක සැප ඉසකෙස් ගහක් තරමටවත් සලකන්ට එපාවේ.

2 වැසියා - ඒ මන්ද?

1 වැසියා - මනුෂ්යි සත්‍වයා උපන් වාරවල තමාගේ නෑබන්‍ධුවරුන් මළ කල දුක ප්රනකාශ කෙරීමට වගුරණ ලද කඳුළු එකතු කළොත් මේ පෘථුවියේ තිබෙන මහා සාගරය පුරවා ‍තවත් ඉතුරුවේ. සංසාරය එසේ දිග එකකි. එසේ විශාල සංසාර සාගරයේ වැටී දඟලන අයට ඉන් ගොඩයෑමට වඩා ලොකු සැපක් ලොව නැත. ඉන් ගොඩගියාම ලැබෙන ඇප නම් නිර්වාලණය.

2 වැසියා - ඒ නිවන් සැප ලබන එකම විධිය අප මහරජ පිළිගෙණ තම දරුවන් මහණ කරන්ට අවසර දී තිබේ.

1 වැසියා - සාධු සාධු. මෙලොව මහණකමට වඩා ගරුකටයුතු දෙලොවට වැඩැති දෙයක් තවත් නැත.

(නිත්මයති)


III ජවනිකා - වෙඨියවිහාර[සංස්කරණය]

මිහිඳු මහතෙරුන්වහන්සේ ඍද්ධිය උත්තිය භද්දසාල සම්පල සුමනසාමණේර සහ හණ්ඩුක උපාසක සිටිති.

මිහිඳු - මොග්ගලිපුත්ත තිස්ස තෙරුන්නාන්සේ ප්රතත්යඩන්තයෙහි බුදුසස්න පිහිටන නියාව දැන මජ්ක්ධන්තික තෙරුන්නාන්සේ ගන්‍ධාර ර‍ටටද ධම්මරක්ඛිත තෙරුන්නාන්සේ අපරන්ත රටටද මහාදේව තෙරුන්නාන්සේ මගධ රටටද මහාරක්ඛිත තෙරුන්නාන්සේ යොන්රටටද මජ්ක්ධන්තික තෙරුන්න්න්සේ හිමාලයේ වනප්ර්දෙශ භාගයටද සොණ තෙරුන්නාන්සේ හා උත්තර තෙරුන්නාන්සේ ශ්වර්ණ භූමියටද මාද මා සමග ලංකාද්වීපයට යනු පිණිස මේ සිටින තෙරුන්නාන්සේලා ද පත්කළ සේක. ලංකාද්වීපයේ රජකම් කරණ මුටසීව නම් රජ මහලු බැවින් ඔහුව හැර දෙවන පෑතිස්ස රජ රාජ්යසයට පැමිණිකල ලංකාද්වීපයට වඩිමු.

උපතිස්ස - ස්වාමිනි. එම කල්පනාව කදිමයි. එතකල් ඔබවහන්සේගේ නෑයන් බලා කල්යවනු හැකිය.

මිහිඳු - අපගේ පිය ධර්මාටශෝක රජ සිංහල රජුට ධවලච්ඡත්රතය මගුල් කඩුව රන්පට රන්මිරිවැඩි සඟල වල්විදුනා යන පඤ්වරාජ කකුධ භාණ්ඩයන් තෑගිකොට ඇරියේය. ඒවා පිළිගෙණ තිසරණ ගුණද සිංහල රජ අසා සෑගිරිපව්වට නැගේවා. එහිදී මා දකීවා.

(ශක්ර යා පැමිණ පා වැඳ මෙසේ කියයි.)

අමිර්කල්යාසන්-ලාවනි

ශක්ර්යා - ලක්දිව උන් සිංහලුන්ගේ මළේ රජින්දා මුටසි‍ව නම් - තෙර-මළේ රජින්දා මුටසීව නම් රජුගෙ පුතා ලක්රාජ්යන කරන්නා යන්ට සෑහෙ දැන්-දීපේ ශාසන ඇතිකරලන්ටා කාලේ දැන් පත්වී. තිලෝගුරු අපේ බුදුන්ගේ ප්රදසන්න සසුනා තබවා දෙන් එහි-ප්රදසන්න සසුනා තබවාදෙන්, මිහිඳු - මම් අහසින් ඍඬියෙන් දැන් සුරින්ද යන්නෙම් තෙරිඳුන් හා - මෙම-සුරින්ද යන්නෙම් තෙරිඳුන් හා.


දෙසමි බුදුන්ගේ ධර්ම එදීපේ බූපතීන්ට මම් - පන්දාසක් බුදුසසුන තිබෙන්ටා ‍ලෝකේ දීප්ති වී. තබාලමි දහම් නිමල්වූ එදීප බසිනා ලියලා මම් - සුර - එදීප බසිනා ලියලා මම්.

ශක්රායා - ස්වාමිනී ලක්දිව මුටසීව රජ කාලක්රිනයා කළේය. දැන් ඔහුගේ පුත්රන දෙවන පෑතිස්ස රජ රජයට පැමිණියේය. නුඹවහන්සේගේ පියවූ ධර්මාපශෝක රජ්ජුරුවන් ඕහට යැවූ මගුල් පෙරහැර ලබනතැන් දෙවෙනි අභිෂේක විය. තිසරණ ගුණද අසා සතුටුවූහ. තිලෝගුරු බුදුරජානන් වහන්සේ ජීවමාන කල මතු මිහිඳු නම් තෙර ලක්දිවැ මිනිසුන් පහදවා පස්පව් හරවා පස්වාන්දහසක් පවත්නා ශාසනය ඒ ඒ ස්ථානයෙහි පිහිටුවන්නේයයි වදාළසේක. එහෙයින් නුඹවහන්සේ ලක්දිවට වැඩිය මැනව. මමත් නුඹවහන්සේට සහය වෙමි.

මිහිඳු - සක්දෙව්රං තොප විසින් දැන් කරණලද ආරාධනාව සතුටින් පිළිගනිමි. මම ශ්රීප ලංකාද්වීපයට දැන්ම වඩිමි.

ශක්රගයා - සාධු සාධු

(නික්මයති)

2 අංකය[සංස්කරණය]

I ජවනිකා - සෑගිරිපව්ව.[සංස්කරණය]

මිහිඳු මහතෙරුන් වහන්සේද ඍඬිය උත්තිය භද්දසාල සම්බල සුමනසාමණෙර සහ භණ්ඩුක උපාසක සිටිති

(සෑගිරිපව්වේ එක් උණපඳුරක තුන් උණයටෙක් තිබේ. එනම් ලතා යෂ්ටිය පුෂ්ප යෂටි සහ සකුණ යෂ්ටිය. ලතායෂ්ටි රිදීපාටවී රන්ලිය මෙන් දිලිසෙන ලතාවකින් වෙලී තිබේ. පුෂ්ප යෂ්ටියෙහි නිල් රත් කළු සුදු මල්වල නැටි පෙතිද රෙහෙණුද පෙණෙති. සකුණ යෂ්ටියෙහි හංසයෝද කුකුළෝද ජීවං ජීවකයෝද යනමේ පක්‍ෂීහු පණපිටින් ඉන්නා හුමෙන් පෙණෙති. සෑගිරිපව්වෙහි අධිගෘහිත දේවතාවා රෝහිත නම් මුවවෙස් මවාගෙණ සෑගිරිපව්ව අසල තණකොල කමින් හැසිරේ.)


පිලූ - චල්ති.

මිහිඳු - මෙදීපෙ දේවානන් පියතිස්ස රාජා එය් යෙදි ක්රී ඩාවේ මකැටුව සපැමිණි තෙරිඳුහු නොපෙණෙත - මෙදීප දේවානන් පියතිස්ස රාජා එයි යෙදි ක්රීොඩාවේ. සාර අටමුතු නෙක මිණි මකුට බබළවන - ගොඩට ගෙණෙති සුර සිහල රජුට දෙන පිණිස සයුර වැද - පණනැති හංසයෝද කුකුළෝ සිටිති උණපඳුර යටග - කළු සුදු රතු නිල කුසුම පිපුන උණ දැක්ක ජන ප්රීපති වෙති.

භද්දසාල - ස්වාමින් පොසොන් මැදි පොහෝ දවස මුලනැකතට තිස්ස රජ පුරස්ත්රිුන් පිරිවරා අනුරාධපුරෙන් නික්ම මේ සෑගිරිපව්ව කරා පැමිනේ.

මිහිඳු - මේ පර්ව්තයේ අධිගෘහිත දේවතාවා රජුට මා දක්වනු කැමැත්තෙන් රෝහිත නම් මුව වෙස් අරන් මේ සමීපයේ තණකොළ කමින් හැසිරෙන්නේය. තණකොළ කන මුවා විදීම යුක්ති නොවන බව දන්නා සිංහල රජ මුවා එලවා ඌ පස්සෙහි ලුහුබැඳ ගොස් මා සමග පැමිණි සෙසු තෙරුන්වහන්සේලා නොපෙණෙත්වායි අධිෂ්ඨාන කරමි.

භද්දසාල - එසේ අධිෂ්ඨාන කරනු මැනවි. ඔන්න රජ්ජුරුවෝ මුවා පස්සේ දුන්න රැගෙණ එති.

(රොහිත නම් මුවා පාරේ තිස්ස රජ දුන්න රැගෙණ ස්ත්රීරන් පිරිවරා ගෙණ පැමිණේ - පුරස්ත්රි යෝ රජුට පස්සෙන් මෙසේ කියා නට නටා එති.)

පුරස්ත්රි-යෝ - දුටුවන්ගෙ නෙත් ආනන්‍දවෙන්ට මෘගයා පෙණී - තණ කෑමෙ යෙදුන ඌට - තණ කෑමෙ යෙදුන ඌට නොවිදිය බූපති. නරදේව දැන් විද්දාම මෘගයා නහී මෙහි - සුදුපුල්ලි වැටුන චර්මා - සොඳ පුල්ලි වැටුන චර්මී - දි‍ටුවාද සුන්‍දරී. දුවයය් මුවා දුන්නෙන් විදින්ට බෑ හෙලේ නගී - අප තිස්ස නිරිඳු බෝම - අප තිස්ස නිරිඳු බෝම වෙයි මාන්සි දැන් කිපී.

(රජ මුවා පසුපස්සේ ගොස් පර්වුතයට නගී, මුවා මිහිඳු මහතෙරුන් වහන්සේ ලඟට ගොස් අන්තර්ධාුන වෙයි.)

මිහිඳු - තිස්ස මෙහි එව.


තිස්සරජ - මේ ලක්දිව උපන්නාවූ මාගේ නම කියා කැඳවන්ට සමතෙක් න‍ැත. ඡින්නභින්න පටධරවූ කාෂාය වස්තුයන් පෙරවි මොහු මා තිස්සයයි කැඳවයි. මේ මිනිසෙක්ද අමනුෂ්යවයෙක්දැයි නොදනිමි.

මිහිඳු - ‘සමණාමයං මහාරාජ, ධම්මරාජස්ස සාවකා තවෙව අනුකම්පාය, ජම්බුදීපා ඉධාගතා’

තිස්සරජ - (අතේ තිබුන දුන්න බිමදමා තෙරුන්වහන්සේ වැඳ එකත්පස්ව සිටී) බුදුහාමුදුරුවන්ගේ ශ්රානවකයෙක් වූ ඔබ වහන්සේ අප කෙරෙහි අනුකම්පා කොට දඔදිව සිට මෙහි වැඩියාට ඉතා සතුටුවෙමි. ඔබවහන්සේගේ පියාවූ ධර්මාඉශෝක රජ මට එවා තිබෙන පංචරාජ කුකුධ භාණ්ඩයන් හා අභිෂේක පිණිස එවූ පඬුරැ සමගම ධර්මර නමැති පඬුරුද එවා ඇත. එනම් ‘මම බුදුන්ගේ දහම් අසා තිසරණ සරණ යෙමි. මාසේ ම තෙපිත් තිසරණ සරණ ගෙණ උපාසකවෙව.’

(මිහිඳු මහතෙරුන් වහන්සේ කැටුව ආ ඉතිරි තෙරුන් වහන්සේලා රජුට පෙණෙති.) මේ තෙරුන්වහන්සේලා කවදා වැඩි සේක්ද?

මිහිඳු - මා සමග අව්ය.

තිස්සරජ - කිමෙක්ද ස්වාමිනි දඹදිව මෙබඳු ශ්රසමණයෝ තය ඇද්ද?

මිහිඳු - දේවයෙනි දඹසිව කාසායවස්ත්රබයෙන් බබලාය.

තිස්සරජ - සිවාමින් සෙට උදැසන රථයක් එවාලමි. ඒ රථයට නැගී ඔබවහන්සේද ඉතිරි තෙරුන්වහන්සේලාද අනුරාධපුරයට වැඩිය මැනව.

(තිස්ස රජ සංඝයා වැඳ පුරස්ත්රීඅන් සමග නික්මයයි. පුරස්ත්රි යෝ මෙසේ කියා නට නටා යති)

ජිල්ලා - හිංචි (රාඝඩෝ)

පුරස්ත්රි යෝ - තිලෝගුරුගෙ ශ්රාමවක දැක්ක අප සිත්වී ලොල්ලේ ඒ මුවාගෙ මායමයෙන් තෙරුන් දිටි බූපල්ලේ අපේ රජුගෙ චාපය අන්න වැටුනා බිම්මත්තේ ඒ මුවාගෙ ප්රායණය බේරුනා නොමැරී සත්තේ ධර්මව ගෙණා මේ දීපෙටා මිහිඳු තෙරුන් වහන්සේට පින්


අත්වේ සදා කලා සුරෝ ප්රාසන්නවී බෝ සාධුකාර දෙති මේලෝකේ අපේ බුදුන්ගෙ සුනිමල ධර්මබ අද ලංකාදීපේ ෴ (නික්මයති)

මිහිඳු - සුමන සාමණේර, බණ ඇසුවමනා කල් පැමිණි බණ ඇසීමට හඬගාලව.

සුමනසාමණේර - එසේ යහපති ස්වාමිනි - මම අභිඥාපාදක චතුර්ථහඬ්යා නයට සමවැද එයින් නැගී අධිෂ්ඨාන කොට එක්වූ සිතින් මුළු දඹදිවට ඇසෙන් සේ කාල ‍ෙඝාෂා කරමි. ඒ හඬ අසා බූමාටුදෙවියෝ හඬ ගසාලති. මෙම ක්රවවයෙන් බඹලොව දක්වා ශබ්දය නැගේ. ඒ ශබ්දයෙන්වූ මහාදේව සමාගමය දැක මහාසමය සූත්ර ය දේශනාකරන්නෙමි. ඒ දේශනාව කෙළවර අසංඛ්ය්යක් දෙවියෝ නිවන් දකින්නාහු. බොහෝ නා ගුරුළෝ සරණසීලයෙහි යෙදෙන්නාහුය.

මිහිඳු - එසේ කරන්ට සිතටගත යුතුයි. (නික්මයති)

II ජවනිකා - අනුරාධපුර කුඹුරක්[සංස්කරණය]

(වැසියෝ කීපදෙනෙක් ගොයම් කපති)

වැසියෝ - බ ත බුලතින් අද හිඟ නැත අපහ ට කෙත වපුරණ අය කති බත මොනව ට (මෙසේ කියා සරාස් සරාස් සරාස් සරාස් යන අනුකරණයෙන් දෑකැත්තෙන් ගොයම් කපති.)

අ ත ප ය සවිඇත එලවළු කනකො ට සි ත ක ය දෙකටම සැප ඇත සැමවි ට (සරාස් සරාස් සරාස් සරාස්)

ප ර පණ නොනසමු සිය පණ රැකුම ට ප ර පුර දැනගෙන කමු බොමු සියර ට (සරාස් සරාස් සරාස් සරාස්)

සු ර ගණ සැමදෙන තුටුවෙති මෙවැඩ ට පු ර වැසි දන වපුරති කෙත වී ඇ ට (සරාස් සරාස් සරාස් සරාස්) (නික්මයති)


III ජවනිකා - දෙවන පෑතිස්රජුගේ මාලිගාව[සංස්කරණය]

රජ සිංහාසනයේ වැඩසිටිනසේක. අනුලා බිසව පාර්ශටවයකින් සිටින්නීය. මහා අරිට්ඨ කුමාරයා ප්ර ධානව මන්ත්රීසවරුන් තුන් දෙනෙක් සිටිති. කවට ධූරන්ධර පියදාස සහ කලගෙඩි රැගත් නාටිකාංගනාවෝ හතර දෙනෙක් සිටිති. රජ බිසෝ දෙදෙනා හැර අනික් සියලු දෙනාම මෙසේ කියති.

කමාජ් - පංජාබ්.

සියලුදෙනා - සිරිනි මෙලක අද බබලන මහිමා, සයුර පැන නැගී වෙරළට මිණි මුතු පුදුමා - පිණෙනා, සොබනා, නරනිඳු වසනා, මෙදීපේ සුරලොව සිරිනා, බෝමදෙනා ප්රී,තිපත්ව තුතිදෙති තුඩ තුඩ සුරලොව සිරිනා, බෝමදෙනා ප්රී,තිපත්ව තුති‍දෙති තුඩතුඩ නිතරම නරනා. සිරිනි මෙලක අද බබලන මහිමා - පිපුනා, කුසුමා, උණරුක මුදුනා, ප්රාමාණා නැති ධන ලැබුනා - සාර වුනා සෑම කෙත් වතුපිටි අද නැත හිඟ සතහට නරණා.

තිස්සරජ - මගේ මන්ත්රී වරුනි. ජම්බුද්වීපයේ ධර්‍ාෑමශෝක රජු විසින් මට එවනලද සියලුම පඩුරු අතුරෙන් ධර්ම පඬුර ශ්රේාෂ්ඨය. එම රජුගේ පුත් මිහිඳු මහතෙරුන් වහන්සේ දැන් මිහින්තලේ වැඩවසන සේක. උන්වහන්සේ සමග මෙහි පැමිණීමට ම‍ගේ රථය අරිණ ලදී. උන්වහන්සේ කැටුව ලංකාද්වීපයට වැ‍ඩ සිටින තෙරුන්වහන්සේලාත් දැන් මෙහි පැමි‍ෙණනවා ඇත.

පියදාස - මහරජ. මෙපමණ කල් වැලඳගෙණන සිටිය දේවාගම අත්හැර බුඬාගම වැලඳගන්ට යන්නෙහිද?

තිස්සරජ - සත්ය ය දි‍ටුතැන භාරගත යුතුයි. කර්මශනියමයට යටහත් නැති මනුෂ්ය යෙක් දෙවියෙක් බ්ර්හ්මයෙක් නැත. තිලෝගුරු බුදුන්ගේ සඬර්මයය ප්රදඥාගෝචරයි.

පියදාස - අප දේවාගමේ දක්වන නිර්වා්ණය බුඬාගමෙත් තිබෙනවාද?

තිස්සරජ - ආකාශධාතුව පිරිවරා සිටින පරමාත්මයට මනුෂ්යතයාගේ ආත්මය ශුඬවීගොස් යම්කලක එකතු‍වුනොත් දේවාගමේ විධියට නිර්වාොණය සිඬවේ. බුඬාගමේ නිර්වානණය එසේ නොවේ. තන්හා නැතිකර සියලුම කෙලෙස් දුරුකළ කල උත්පත්තියක් නොවන්නේය. එසේ උපතක් නොවූ කල නිර්වාොණය සිඬවේ.


        පියදාස - 				මහරජ ඕවා අපට පෙණෙන්නේ නැත. මනුෂ්ය  ජීවිතය වියතක් පමණ දිගය. මේ කොට ජීවිතයේදී පුළුවන් පමණ කාබී පංචකාම සැප නොවිඳ ක්රියයා කරණ එක නුවනට හුරුනැත.

තිස්සරජ - අඥානයෝ එහෙම කල්පනා කරති. ප්රා ඥයෝ සත්ය ය සොයාගෙණ ඒ අනුව ක්රිනයාකරති. ඔය ගම්භීර කරුණු ගැන දෙවනු කථාකරමු දැන් තොපේ සෙල්ලම් දක්වනු.

පියදාස - මහරජ මේ නාටිකාංගනාවෝ කළගෙඩි පිඹිමින් ගීකියා නටන්ට සමර්ථයෝයි. ඒ නැටුම් දක්වමි.

තිස්සරජ - එය බලන්ට කැමැත්තෙමි. (නාටිකාංගනාවෝ මෙසේ කියා නටති.)

නාටිකාංගනාවෝ - මි හි ක ත අද අප රජිඳුට පුදපි නෙමිණිමුතු අටව ඟ සි රි ක ත වෙන් උරවිමනත හැර රජ උර සිටි රගර ඟ මෙදි ය ත දිගුලිය ගෙලවට යස හර බැඳ බැඳ මනහර ඟ ක රසෙ ත සිරිලක වැසියට වැජඹේ රුපුනොද කරබ ඟ

ද ඹ දිවි සිට නොයෙක් පඬුරු අසෝක රජ එ ව් වා ලැ බ ගෙණ එය සිහල නිරිඳු මහමුනි දම් සෙ ව් වා පි ඹ කළගෙඩි නටමු නටමු දලද අඳුර දි ව් වා සු බ ලකුණකි අපට මෙරට සදහම් වැට දැ ව් වා (රථාචාය්ය්පට පැමිණේ)

රථාචාය්ය්ය්ය - දේව. මිහින්තලය‍ට රථය අරන් ගොස් තෙරිඳුන් වහන්සේලාට එහි නැග මෙහි වඩින්ට කීමි. උන්වහන්සේලා මට රථය අරන් එන්ටෙයි කියා විධාන කළෝය. රථය අරන් අනුරාධපුරයට මා එන්ට මත්තෙන් උන්වහන්සේලා මෙහි පැමිණ සිටියෝය.

තිස්සරජ - දැන් මෙහි පමිණියෝද?

රථාචාය්ය්න් - එහෙයි දේව.

තිස්සරජ - රථයෙන් නාබැවින් ඒ තෙරුන්නාන්සේලා බිම අසුන් පණවව්.

(රජ තෙරුන්නාන්සේලා බලන්ට පෙරමගට ගොස් තෙරිඳුන් දැක වැඳ මෙසේ කියයි.)


තිස්සරජ - ඉල්ලුසේ දැන් පින්වතානන් ආහෙයින් තොස්වෙම් නොමින් -ආහෙයින් තොස් වෙම් නොමින් දීප ලංකා සිහලුන්ගෙ යාය දීප්තිවී ඉතින්-මාලිගාවෙත් ස්වාමිනේ මාදැන් වඩීවා දී බඳුන් ෴

(පාත්රමය රජ අතට ඉල්ලාගණී)

මිහිඳු - ලක්දිවේ සිංහාසනේ දැන් ඉන්න දෙව් තොස් දුන් තිසා - ඉන්න දෙව් තොස් දුන් තිසා සෑසිගේ දම් දේශනාවෙන් ලෝනැගේ මෝහේ නසා - ඒ අසා දැන් ශක්ති පෑමෙන් ශාසනේ පේවීවසා ෴

තිස්සරජ - ස්වාමිනි. මගේ මාලිගාවට වැඩ හිඳිනසේක්වා.

(රජ්ජුරුවෝ පාත්රාය අරන්යති. මිහිඳුමහ තෙරුන්වහන්සේ ප්ර්ධානකොට ඇති තෙරුන්නාන්සේලා මාලිගාවට වඩිනසේක. සියලු දෙනාම එකත්පස්ව සිට උන්නාන්සේලාට නමස්කාර කරති. තෙරුන්වහන්සේලා එහි තිබෙන ආසනවල ව‍ාඩිවෙති.)

මිහිඳු - මහරජ. ප්රෙ තවත් විමන්වත් සත්ය.ය සංයුක්ත බණ වදාරමි. ඒ බණ අසා සෝවාන් ඵලයට මෙහි සිටින ස්ත්රීපහු පැමිණෙති. (නුවර වැසියෝ පැමිණ මිහිඳු මහතෙරුන්න්න්සේ දැකීමට ඔල්වරහඬ දෙති.)

තිස්සරජ - සාධූ සාධූ ස්වාමිනි. නුවරවාසීහු ඔබවහන්සේගේ ගුණ අසා ඔබවහන්සේ දකින්ට බැරි බැවින් මාලිගාවට පැමිණ ඔල්වරහඬ දෙති. එබැවින් මාගේ අමාත්යායෝ ඇත්හල සූදානම්කොට එහි සුදුවියන් බදවා ආසන පණවති. එහි වැඩහිඳ බණ දේශනාකළ මැනව.

මිහිඳු - මහ රජ මම එහි ගොස් දේවදූත සූත්ර ය දේශනාකරමි. නදුනුයනට ගොස් ආශිර්විෂොපම සූත්ර යද අනවතග්ගිය සූත්ර යද අග්ගික්ඛන්ධොපම සූත්ර්යද දේශනාකරමි. ඊට පසුව මහ රජුට අප්රිමාද සූත්ර යෙන් බණවදාරන්නෙමි. මෙකී බණ අසා අටදාස් පන්සීයක් දෙනා අමාමහනිවන් දකින්නාහුය.

(තෙරුන්නාන්සේලා නික්මයති)


අමිරකල්යාලන් - දීප්චන්දි

අනුලා - තෙරින්දගේ බණ දැන් මට තේරී - භික්‍ෂුනි වී ලොවේ ඉන්ට සිතක්වී - මා හා මගේ මෙම පිරිස රජින්දේ - භික්‍ෂුනී මෙන් සසුනේහි තබන්නේ ෴

තිස්සරජ - මිහින්තලා ගිය ඒ තෙරිඳුන්ගෙන් - මම් අසාලා සොඳින් ඉෂ්ටකරන්නෙම් - ඇත්නම් ලොවේ අද මෙහෙණි සසුන් තුම් -භික්‍ෂුනී වෙන්ටැකි සුන්දරියන්ටත් ෴ (නික්මයති)

IV ජවනිකා - වීථියක්[සංස්කරණය]

(වැසියෝ දෙවන පෑතිස්ස රජුගේ අණපිට මිහින්තල දාගැබ බැඳ අටසැටලෙනක් කටාර කොටන්ට අනුරාධපුරෙන් පිටත්වයති)

පහඩ් - දාදරා

1 වැසියා - බුදුන්ගෙ දම් සොඳින් බූපල් අසා සිත් සතුටි න් බඳින්ට කීය දාගැබ් දැන් මිහින්තලේහි උතු ම්

2 වැසියා - එසම්මා සම්බුදුන්ගේ පුත් භික්ෂු මෙලංකා තු ළේ වදාළ ධර්මැයෙන් දේවාගමත් ගියාය කැ ලේ

3 වැසියා - ඉතින් මෙම දීපේ බුද්ධාගමේ සංඝයා ගේ උතුම් ජම්ම භූමිවේ ලොව්තුරා සැපවී අ ගේ සියුම්වූ ධර්මමයෙන් දුල්විය සිංහ‍ලද්වී පේ ගියා සුන්වී රටේ මෝහාන්ධකාර පව්වී ලො පේ ෴

1 වැසියා - බඳින්ට කිය දාගැබ් දැන් මිහින්තලේහි උතු ම් බුදුන්ගෙ දම් සොඳින් බූපල් අසා සිත් සතුටි න් ෴ (නික්මයති)

V ජවනිකා -[සංස්කරණය]

(මිහින්තලේ මිහිඳුමහතෙරුන්නාන්සේ සුමන සාමණේර යන දෙනම වස්වසා සිටිත්)

මිහිඳු - සුමන. අප විසින් මෙම සිංහල ද්වීපයේ තිලෝගුරු මුනිරජුන්ගේ ශාසනය දැන් පිහිටවන ලදී. රජු විසින් මෙහි අටසැට ලෙනක් කටාර කොටවා දාගැබක් බැඳ තිබේ.



සුමන - ස්වාමීනි. දඹදිව ධර්මා ශෝකරජු භාරේ අප බුදුහාමුදුරුවන්ගේ ධාතු රාශියක් ඇත. ඉන් කොටසක් මෙහි ගෙන්වාගෙණ නිදන් කළොත් සිංහල වැසියාට වැඳපුදා ගන්ට හැකිවන්නේය.

(දෙවන පෑතිස්ස රජ අනුලා රජ අනුලා සිහාලි යන බිසවුන්නාන්සේලා සමග පැමිණ තෙරුන්වහන්සේලා වැඳ මෙසේ කියයි.)

තිස්ස රජ - ස්වාමිනි.මෙම අනුලා බිසව මෙහෙණි සස්නෙහි පැවිදි වීමට කැමතිව ඔබවහන්සේට එය සැලකර සිටින්ට ආමි.

මිහිඳු - මහරජ. ගෑනු මහණ කරවන්නට අපට නොවටනේය . පැළලුප්නුවර අපගේ නැගනියෝ සම්මිත්තනම් තෙරණි කෙනෙක් ඇත. උන් කැඳවාගෙණ බිසවුන් මහණකරව. තවද මහරජ. ලංකාද්වීපයෙහි පෙර බුදුවු සම්ය.ක් සම්බුදු වරයන්ගේ බෝධීන්වහන්සේලා පිහිටිසේක. අපගේ බුදුරජානන් වහන්සේගේ බෝධීන්වහන්සේ මේ ලංකාද්වීපයෙහි පිහිටවිය යුත්තේය. එසේ හෙයින් සම්මිත්ත ස්ථවිරීන් බෝධීන් වහන්සේ වඩාගෙණ එන නියායෙන් හසුන් දී පණිවිඩකාරයෙක් අපේ පියරජවු ධර්මාුශෝක රජු කරා අරිණු.

තිස්සරජ - ස්වාමිනි. තිලෝගුරු බුදුහාමුදුරු‍වන් ආදිම පිරිනිවන්පෑ බව ඔබවහන්සේ වදාළේය.

මිහිඳු - මහරජ. සම්ය ක් සම්බුදු රජානන්වහන්සේ අප බොහෝ කාලයක් නොදක්නා ලද සේක. වැඳපුදාගන්නා තෙනක් නැති හෙයින් උකටලීයම්හ.

තිස්සරජ - බුදුන් පිරිවන් පෑවත් බුදුන්ගේ ධාතූන් වැඩසිටිසේක්වේ. ස්වාමිනි දාගැබ් බන්ධවමි. ධාතූන්වහන්සේලා කොයින් ලබාගණිම්ද?

මිහිඳු - මහරජ. මේ සුමන සමාණේරයන් සමග කථාකරව. (රජ සුමන සාම‍ණේරට කථාකරයි.)

සුමන සාමණේර - මහරජ තෙපි නිරුත්සාහ වෙව. අනුරාධපුර වීථිය යහපත් කොට කැලිකසළ හරවා කළුවැලි පියා සුදුවැල්ලෙන් තවරා ධජ පතාක නංවා කෙහෙල් තොරණ පූර්ණිඝට ආදියෙන් වීථිය සරහා සේනාව හා සමග පේව සියලු



පංචාංගි හෙරි තූය්ය්ර යන් පවත්වා හස්ත්යා ලංකාරයෙන් මගුලැතු සරසා ඇතුපිටට නගනලද සේසත්ඇතිව අද සවස් වේලෙහි මහමෙවුනා උයනට ‍අභිමුඛව ගිය කල්හි ධාතූන්වහන්සේ ලබන්නාහ.

තිස්සරජ - ස්වාමිනි. එසේ යහපති. (තෙරුන් වහන්සේලා වැඳ රජ සහ බිසවුන් වහන්සේලා නිකමයති.)

කාෆි - ලාවනි.

මිහිඳු - ජම්බුද්වීපේහී මුත්තනු ඇත ධාතුන් භාරේ- ලක්දිව සිංහල රාජාගේ ඉල්ලීම දන්වා - ගෙන්වනු ඒවා - ජම්බුද්වීපේහි මුත්තනු ඇත ධාතුන් භාරේ.

සුමන සාමණේර - මාහද නන්දා වී ඇසී මෙකී නියෝග සමි‍ඳේ - ජම්බුද්වීපා මම් ගොසින් බුදුරජා දා ගෙණෙමි - ධාතුතැබුව කල දීප දීප්තිවෙය් බෝසේ.

මිහිඳු - ශක්රණභවනයේ ඇත අකුධාතු - සුන්දර ශක්රු - දෙය් නොව වක්ර ජම්බුද්වීපේහී මුත්තනු ඇත ධාතුන් ‍භාරේ - ලක්දිව සිංහල රාජාගේ ඉල්ලීම දන්වා ගෙන්වනු ඒවා - ජම්බුද්වීපේහී මුත්තනු ඇත ධාතුන් භාරේ. (සුමන සාමණේර අහසට පැනනැගී ඍඬියෙන් දඹදිවට ගමන් කරයි.) (නික්මයති.)

3 අංකය[සංස්කරණය]

I ජවනිකා - ශක්රයභවන.[සංස්කරණය]

සක්දෙව්රජ ආසනයේ වාඩිවී සිටිනසේක. උරුවිසි තිලෝතිමා රම්බා මේනක නම් නාටිකාංගනාවෝ ගීකියා නටති. එක පාර්ශනවයක මැණික් දාගැබ ඇත.

උරුවිසි - දාසක් සක් වින්දා බෝ වීනා නදේ දාසක් සක් වින්දා බෝ වීනා නදේ දැන්-දාසක් සක් සක් වින්දා බෝ වීනා නදේ-දැන් ප්රී්තියෙන් දෙව්තුමන් ගී සවන් දෙනවා දැන් කාමය බෝමය සුරභවනා-හා වින්දා බෝ වීනා නදේ.

තිලෝතිමා - දාගැබ් සක්දෙව් සාදලා ධාතුන් වඳී දාගැබ් සක්දෙව් සාදලා ධාතුන් වඳී තුම්-දාගැබ් සක්දෙව් සාදලා ධාතුන් වඳී


දම් රජුන් දන්ත තුම් හා උතුම් අකුධාතුන් සක්සුර පෙම්කර වැඳපුදනා-දෙව් සාදලා ධාතුන් වඳී.

රම්බා - යන්තම් සෑසි බේරාපී දීර්ඝාතයු දී යන්තම් සෑසි බේරාපී දීර්ඝා්යු දී සක් - යන්තම් සෑසී බේරාපී දීර්ඝාරයු දී දම් රදුන් දුන් හෙයින් ආයු දැන් මුනි ධාතුන් සක්සුර පෙම්කර වැඳපුදනා - හා බේරාපි දීර්ඝා යු දී.

මේනක - සක්දෙවි නිත්තෙන් සෑසිගේ ධාතුන් වඳී සක්දෙවි නිත්තෙන් සෑසිගේ ධාතුන් වඳී මේ- සක්දෙව් නිත්තෙන් සෑසිගේ ධාතුන් වඳි දෙව් බඹුන් දුන් මුදුන් පා පියුම් මුනිඳානන් මොක්පුර අත්කර දුනි මුනිදා - ඒ සෑසිගේ ධාතුන් වඳී.

ශක්රපයා - වරසුර ලඳුන් දුන් රැඟුම් බලා ‍මගේ ඇස් දහසම පිනි ගියෝය.

(සුමන සාමණේර පැමිණේ. ශක්රදයා හුනස්නෙන් නැගිට සාමණේරට වඳී.)

එමන්කල්යාසන් - ත්රිශතාල.

සුමනසාමණේර - දේව සිත පෑදී සෑසි සදහම්හි දේව සිත පෑදී සෑසි සදහම්හි දේව සිත පෑදී සෑසි සදහම්හි වඳී ශ්රී දන්ත අකුධාතු විමන්හී පාප සිඳී යනවා පින් බෝවී හෙළදිව සිට ආමි මෙහි සිත පෑදි සෑසි සදහම්හි

ශක්රපයා - ස්වාමිනි. මෙහි කුමක් පිණිය පැමිණියෙහිද?

සුමනසාමණේර - දේව. මිහිඳු මහතෙරුන්නාන්සේ තොපගේ ආරාධනාව පිළිගෙණ ලංකාද්වීපයට පැමිණ බුදු සසුන් එහි පිහිටෙවුසේක. ඒනිසා ලක්දිව් වැසියාට වැඳපුදා ගැණීම පිණිස තොපලග තිබෙන දන්තධාතු අකුධාතු යන ධාතුන්වහන්සේලා අතුරෙන් අකුධාතුන්වහන්සේ ඉල්ලාලගෙණ යන්ට මිහිඳු මහතෙරුන්නාන්සේ මා පිටත්කර එවූසේක.



ශක්ර යා - අප තිලෝගුරු මුනිරජුන්ගේ මේ උතුම් ධාතුන් වැඳ පුදාගෙණ පින්කරගන්නෙමි. ඉන් අකුධාතුන්වහන්සේ අප මිහිඳු මහ තෙරුන්වහන්සේ ඉල්ලා එවා තිබෙන බැවින් නොදී බැරිය. ස්වාමිනි. ඔය පේන මැණි‍ක් දාගැබට ගොසින් ගෙණත් දෙනකල් ටිකක් පුමාදවුව මැනව.

(ශක්රමයා දාගැබට නැග අකුධාතුන්වහන්සේ අරන් හිසේ තබාගෙණ එයි) මෙන්න ස්වාමිනි. මෙහි අකුධාතුන්වහන්සේ වැඩ සිටිනසේක.

සුමනසාමණේර - යහපති. මම දැන් පැළලුප් නුවර වසන මගේ මුත්තනුවන් වෙත පැමිණ පාත්රියක් පුරවා ධාතුන් ලබාගෙණ මෙහි පැමිණියෙමි. දැන් ඉතින් මේ සියල්ලක්ව අරන් මිහින්තලයට නික්මයමි.

(සියලුදෙනාම අකුධාතුන්වහන්සේ වඳිති. සුමන සාමණේර නික්මයයි.)

ශක්රසයා - ඉතින් අපට වැඳපුදා ගන්ට තිබෙන්නේ දකුණු දන්තධාතුන්වහන්සේ පමණයි. එය කාටවත් නොදී මෙහි තබාගන්නෙමි.

නාටිකාංගනාවෝ - එහෙයි දේව.

(නික්මයති)

II ජවනිකා - දඹදිව වීථියක්.[සංස්කරණය]

අරිට්ඨ කුමාරයා සහ පිරිස අශෝක මහරජු කරා ගමන්කරති.

කල්යාඨන් - හිංචි.

අරිට්ඨ - අපේ බුද්ධාගම්කාරයා වාසවෙනා දැන් ජම්ද්වීපයා - බෝධි පිටදී සෑසී ලද්දේ බුද්ධත්වයා - ඒක ගෙණයන්ටා කී ලක් බූපල් තිස්සයා. අපේ බුද්ධාගම්කාරයා වාසවෙනා දැන් ජම්බුද්වීපයා

සංඝමිත්රාේ මෙහෙණිත් - සංඝමිත්රාා මෙහෙණීද බෝධිඅත්ත ගයාවෙන් - ගන්නෙම් අශෝකගෙන් ඉල්ලලා - ඉල්ලගෙණ ගොස් යන්නෙම් ලංකා බූපල් කරා අපේ බුද්ධාගම්කාරයා වාසවෙනා දැන් ජම්බුද්වීපයා.

(නික්මයයි)


III ජවනිකා - අශෝක රජුගේ මාලිගාව.[සංස්කරණය]

රජ සිංහාසනේ වාඩිවී සිටී. ඇමතියෝ තිදෙනෙක් මෙසේ කියති

නැට්ටු‍වෝ - දඹදිව දේවපාලන මෙදේශ - මනරම් සදහම් සෑසිගෙ දේශනා දීමෙන් ලබාගණි පින් - වෙසේ ලොවේ සඳාසේ නුබේ.

ඇමතියෝ - තේරී ගොදුරක් සංසාරේ - නිරිඳුන් සොබමන් - සිහිකර නිතරම සුගුණ බුදුන්ගේ කළපින් නෙක්වාරේ - තේරී ගොදුරක් සංසාරේ කියනු වනනු බැරි ථූප විහාරා - සාදාලන්නා මහරජ මේ දැන් පින්කම් මිස නැත වෙනකම් - තුණ්ඩ සැදි නර නාරි තුති ‍ගොස - ලෝකකුස - ගොරදුක් සංසාරේ.

ධර්මාසශෝක - ඇමතිවරුනි. මවිසින් නොයෙක් දේශවලට පිටත්කර අරිනලද සංඝයා විසින් බුද්ධාගම දේශනාකර එහි ජනයන් සුදිටු එලියෙහි ගමන් කරවන බව අසන්ට ලැබී ප්රීරතියෙන් සිටිමි.

ඇමතිවරු - දේව. මිථ්යානදෘෂ්ටිය හේතුකොටගෙණ නොයෙක් රජ දරුවෝ ලොවට අපරාධ කරති. තණ්හා මුල්කරගෙණ කාමසැප අනුභව කෙරීම පමණක් මෙම ජීවිතයේ පරමාර්ථය යයි සිතා මිනිමරණ අවිආවුධ යන්ත්ර් සපයාගෙණ රටවල් නසති. ධර්මි නමැති යන්ත්රධයට වඩා බලසම්පන්න ආයුධයක් තුන්ලොවම නැත. එම ආයුධය ඔබ වහන්සේගේ අතේ දැන් දිලිසෙන්නේය.

ධර්මා ශෝක - මිථ්යාතදෘෂ්ටිය නමැති අන්ධකාරයෙන් පිටවී සම්යවක්ද‍ෘෂ්ටිය නැමැති ‍ආලෝකයේ ගමන්කරණ රජ දරුවන්ගේ කඩුව ධර්මය නමැති කඩුවයි. ඒ සියුම් කඩුව අපේ රජවරු පැලඳ ගන්නාතුරු මනුෂ්යකයා අතරේ ශාන්ත දාන්ත ගතියක් පවතින්ට බැරිය.

ඇමතිවරු - දේව. ඒක එහෙමයි. (අරිට්ඨ කුමාරයා සහ පිරිස පැමිණ ආචාර කරති.)

ජිංජෝටි - ත්රිරතාල්.

අරි‍ට්ඨ - රජ සිංහලේ බුද්ධ ධර්ම යෙහි යෙදී - බුද්ධ ධර්මෙඝහි යෙදී හසුනා මටදී සුවාමිනේ ඔබට දෙනා සේකී බෝධිශාකාවත් ‍අරන් දෝනි හා එනු කී - දෝනි හා එනු කී.


(ලියුම දුන් කල අශෝකරජ එය කියවයි.)

ධර්මාිශෝක - ‘දේවයන් වහන්ස නුඹවහන්සේගේ පුත්ර වූ මිහිඳු මහතෙරුන්වහන්සේ මෙසේ වදාළසේක. නුඹවහන්සේ ගේ යහළුවූ දෙවන පෑතිස්ස රජ්ජුරුවන්ගේ මලණුවන්ගේ අඹුවෝ අනුලාදේවී මහණවනු කැමැත්තෝය. උන් මහණ කරවනු පිණිස ආය්ය්දේවවූ සංඝමිත්රාව නම් ස්ථවීරීන්වහන්සේත් එව්ව මැනව. ඒ එනකොට ශ්රීමමහා බෝධීන්වයන්සේත් එව්ව මැන්වන’

අරිට්ඨ කුමාරයෙනි, මෙම ඉල්ලීම සන්තෝෂයෙන් ඉෂ්ට කරමි. සුවන සාමනේර මෙහි පැමිණ පාත්රමයක් පුරවා අප තිලෝගුරු බුදුහාමුදුරුවන්ගේ ධාතූන් අරන් සිංහල ද්වීපයට ගියේය. ඉතින් ලක්දිව් වැසියාට පින් කරගන්ට පහසු ලැබේ. (නික්මයති)

4 අංකය[සංස්කරණය]

I ජවනිකා - මහාමෙඝ උයන.[සංස්කරණය]

තිස්සරජ ලොකු පිරිසක් සමග මගුල් ඇතා පිට නංවන ලද සේසතක් ඇතුව පැමිණේ. බෙරගසන්නෝ තූය්ය් ගනාද පවත්වති.

මාඩ් - ලාවනී.

තිස්සරජ - ඒ දසබලධාරි ත්රෛගලෝකාචාය්ය්ර් සෑසි - ලොව ධාතු තබා නිර්වා න ගියා සතෙ‍ාසා වී - සෑ ‍සදමු මෙදීපේ ධාතු නිදන් කර පෑසි - නෙක පුෂ්ප පුදා ධාතුන්ව නමව් මෙදිව් වාසී

(සුමන සාවණේර දකුණු අකුධාතුන්වහන්සේ හිසේ තබාගෙන පැම්ණේ.)

සුමනසාමණේර - මම් සුරිඳු බවන ගොස් මේ අකුධාතුන්වහන්සේ - බූපතිට දෙනා සේ අරාගණ ආයෙම් දෙසේ - සොඳ ථූප සාදවා ධාතු බුදුන්ගේ දීපේ - පෙම්කර තබවනු මේදීප ඉහළ නගී ලෝකේ. (රජ ධාතූන්වහන්සේ ඇතා පිට තබවයි)

තිස්සරජ - මේ සම්ය ක් සම්බුදුරජානන් වහන්සේගේ ධාතු වී නම් නගනලද මේ ධවලච්ඡත්ර-ය ඇලව යේව. මේ



මගුලැතු දකුණු දන බිම ඇනපියව. මේ ධාතු කරඬුව මා හිස්මුදුනේ පිහිටාව. මේ සියල්ලක්ම සිද්ධවේ) ඉතින් කුමක් කරම්ද

සුමනසාමණේර - මහරජ. ධාතු කරඬුව ඇත්රජ පිට තිබෙන්ට අරිණු. බටහිරෙන් ප්රනභෙදවස්තු නම් තැනක් ඇත. එතනට ගොස් ථූපාරාම ස්ථානයට මූණලා නවතිනු. ඒ බිමෙහි කකුසඳ බුදුන්ගේ ඩබරා ධාතුවද කෝණාගම බුදුන්ගේ පටීධාතුවද කාශ්යිප බුදුන්ගේ ජලඝාටිකාවද පිහිටියෝය. ඇත්රජ ඒ ස්ථානයට ගොස් නවත්වනු.

තිස්සරජ - එසේ යහපති ස්වාමිනි.

(නොයෙක් හෙරිනාදයෙන් ධාතුන්වහන්සේ වැඩමවා ගෙණයයි.)

(නික්මයයි)

II ජවනිකා - අනුරාධපුර සිට ජම්බුකොළ නම් තොට දක්වා තිබෙන වීථීය.[සංස්කරණය]

සංඝමිත්රාව නම් භික්‍ෂුණී ශ්රීබමහාබෝධියේ දකුණු ශාඛාව අරන් ජම්බුකොළ නම් තොටට පැමිණි බව ඇසු වැසියෝ එය බලන්ට පිටත්ව යති. මොවුන් අතුරෙන් රජුගේ කවට ධූරන්ධර පියදාසද ඔහුගේ ප්රියයම්වද නම් ස්ත්රීලද ගමන්කරති.

පියදාස - සිත මවිත කරන කරුණු ලක්දිව දැන් තිබේ. පොළව ගුගුරා කීපදවසකට ප්ර-ථම ලොකු ඝොෂාවක් පැවතුණේය.

ප්රිවයම්වද - ඒ තිලෝගුරු බුදුන්ගේ ධාතු මෙහි ගෙණා ප්රළස්තාවේදීය.

පියදාස - මිහිඳු මහතෙරුන්වහන්සේගේ නැගනියෝ වූ සංඝමිත්රාර නම් භික්‍ෂුණී ජම්බුකොළ නම් තොටට ශ්රී් මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාව අරන් පැමිණ සිටිති. සොඳුර යමු බලන්ට

ප්රිවයම්වද - අද නොයෙක් ස්ත්රීන පුරුෂයෝ එහි යති. අපි දෙදෙනත් එහි යමු.

පියදාස - අප දෙදෙනා පාරේ බැස යනවිට සොඳුර මට වඩා තරුණ බැවින් දෙදෙනා තකයතක නොවෙති කියා මිනිස්සු සිනාසෙත්ද?



ප්රි යම්වද - ඒක නම් එහෙම තමා. මගේ ඇස් නොපෙනී මේ ලොම්බෙක් බැඳගත්තෙම්යයි කියා ඔවුන්ට හිතන්ට පුළුවනි.

පියදාස - එහෙම කියන්ට එපා. සංසාරේ ගමන්කරන සත්වයාගෙන් කවුද තරුණ කවුද නාකි කියා කිසිවෙකුට කියන්ට බෑ. පැහිච්ච පොල් ‍ගහේ තිබෙද්දී ඇටි වැටෙන බව දන්නේ නැද්ද?

ප්රිගයම්වද - ඒක එහෙම තමා. නාකි තරුණ යන මෙම දෙකම දැන ගන්නේ රූපෙන්ය.

පියදාස - රූපය කියා නම වැටෙන්නෙ නැතිවී යන අර්ථයෙන්ය. නැතිවී යන රූපය ගැන මනුෂ්යටයා ආලය බඳින්නේ ය. මගේ සොඳුරගේ රූපය ගැන මගේ සිතේ තිබෙන ආදරය ඔන්න අසන්ට හොඳා.

මගෙ රන්ක‍ඳේ - අස - මගෙ රන්ක‍ඳේ ම බැන්ද නුරා තී කෙරේ තිරා නාකි වුණත් ගෑනු මටත් ආදරෙන් කතා දෙන බව දැන් අසා ඔලොක්කු එපා යෞවනයේ සිතා ෴

ප්රිබයම්වද - පොතුමල්ලසේ - කට -පොතුමල්ලසේ දසන්ද වැටී ලොම්බ වී දිසේ නාකිබඹා මාගෙ හිසේ මේ කෙටු නිසා සිදුවුනි මේ මගුල් ඔලොක්කුවකි සිත් නොවේ තොසා ෴

පියදාස - මගෙ රන්ක‍ඳේ - අස - මගෙ රන්ක‍ඳේ ම බැන්ද නුරා තී කෙරේ තිරා පීරු වරල් රෑණ කිතුල් සේම ලක්‍ෂණා සුවඳැති මල්රැඳි එ දැක්ක ජනා මන් පිනී යනා ෴

ප්රිැයම්වද - පියදාසගේ - මගෙ පියදාසගේ සාරාගි කතා කාටමුත් කැතා කේශ පැහී දෑස පෙණීමත් අඩුය් නොමින් මොනමද දැන් ඉතින් ජරාව තමා නාකි තුඃ ඉතින්෴

පියදාස - මගෙ රන්ක‍ඳේ - අස - මගෙ රන්ක‍ඳේ ම බැන්ද නුරා ති කෙරේ තිරා දන්ත ලකල් කුන්ද කැකුල් සේම සෝබනා පෙර කළ පින්බලෙන් ලබාපු මගේ යෝදි වාසනා ෴


ප්රි යම්වද - ප්රි ය ස්වාමි මා - සොඳ - ප්රි ය ස්වාමි මා මෙ බැන්ද දයා පාය පෙම් කියා නාකියගේ ආදර බෝවෙයි අඹුන් කෙරේ තරුණගෙ නෑ එසේ බඳින්ට හොඳා නාකි දොම්බරේ ෴

පියදාස - මගෙ රන්ක‍ඳේ - අස - මගෙ රන්ක‍ඳේ ම බැන්ද නුරා තී කෙරේ තිරා හංසවැටව් වාගෙ සුපුන්වන් පයෝධරා නෙතු ඉඳුනිල් මිණා බඳින්ට දයා නෑ වෙනත් ලියා ෴

ප්රි යම්වද - නාකින්ට තරුණ ගෑනු වහ තමා. මගේ ලොම්බා නාකි උනත් තවම ඉලන්දාරිකම් හිතෙන් ගියනැති බව පෙණේ

පියදාස - ඇඟපත රැළි වැටුනත් හිත නාකිද - පැහෙන්ඩ පැහෙන්ඩ පොල්ගෙඩියේ තෙල් වැඩිවා වාගේම නාකිවෙන්ට වෙන්ට රාගේ අධික වන්නේය වීකි නසේ උටත් ගෙසේ කීවේ ඔය හින්දා තමා (දෙදෙනාම නික්මයති)

III ජවනිකා - ථූපාරාම දාගැබ.[සංස්කරණය]

(දෙවන පෑතිස්ස රජ්ජු‍රුවෝ බුදුහාමුදුරුවන්ගේ අකුධාතුන් වහන්සේ නිදන්කරන සේක. මිහිඳු මහතෙරුන්වහන්සේද සුමන සාමණේර ආදි සංඝයාවහන්සේලාද ලොකු පිරිසක්ද සිටිති. පංචතූය්ය්ාමණනාද පවත්වනු ලබයි. දාගැබ මුදුනේ ජලය පැනනැගී බුදුරුස් විහිදේ. පොළව ගුගුරා ඝෝෂාව පවතී. දෙවි දේවතාවෝ පරසතුමල් රැගෙණ පූජාකරන්ට පැමිණෙති. නාගයෝ නාගභවනින් පැමිණෙති.)

බිහාග් - පුස්තෝ.

දෙවනපෑතිස්ස - සව්නේ දත් ලොකාග්රපවූ මායාපුතුන්ගේ අකුදා සර්ධාදවෙන් ථූපාරාමේ තැන්පත් කරම් මම් මෙසඳා - අහා තැන්පත්කරම් මම් මෙසඳා ලාංකිකවාසීහු ශාක්යර මුනින්දාගේ උතුම් - දේශනා සාදරෙන් අසා සංසාර ලොපායත් - මෙම සංසාර ලොපායත් නිවනා.

මිහිඳු - බුද්ධධර්මාන නිමල් ලංකාද්වීපයේ දීප්තිවේ - අන්තර්ධාන නොවේ. දම් පන්දහස් වස් යනතෙක් - ලොව පන් දහස් වස් යනතෙක්.


සුමනසාමණේර - මේරටේ සිංහලයා ඉන්නතුරා බුද්ධාගමේ - අත්පත් වේ සැපා සැදී නමදිව් අකුදා - සැපා සැදී නමදිව් අකුදා

(දෙවි දෙවිතාවෝ පරසතුමල් අරන් පැමිණෙති)

මිහිඳු - මහරජ මෙහි දැන් පැමිණ සිටින දේව සමූහයාට අකුධාතුන්වහන්සේ නමස්කාරකර ගැණීමට ඉඩ දෙනු මැනව.

දෙවන පෑතිස්ස - ස්වාමිනි මනුෂ්යුයන්ට පමණක් බුදුහාමුදුරුවෝ ගුරු නොවෙති. ත්රෛ ලෝකාචාය්ය්ස්ව බැවින් බඹ සුර නාග ආදි සියලුම සත්වයෝ උන්වහන්සේව වැඳ පුදා පින්කර ගණිති. ඔවුන්ටද අපට වාගේම බුඬධාතුන් වැඳීමට උරුම ඇති හෙයින් එසේ කරගැණීමට ඉඩදෙමි.

(දෙවි දේවත‍ාවෝ 3 දෙනෙක් පැමිණෙති.)

අකුදා නමව් මුනිඳුන්ගේ තිලෝවගා අකුදා නමව් මුනිඳුන්ගේ තිලෝවගා අකුදා නමව් මුනිඳුන්ගේ තිලෝවගා මෙ පාරිජාත පුෂ්ප බෝ පුදා ශ්රීව ධාතුන්වහන්සේ මේ - නමා සිත සර්ධාවෙන් බෝසේ නිවන් පතමු බුදුන් කී සේ.

(මල් පුදති)

හෙළදිව් ලොවේ බබළන්නා දම් පැතිරා හෙළදිව් ලොවේ බබළන්නා දම් පැතිරා හෙළදිව් ලොවේ බබළන්නා දම් පැතිරා බුදුන්ගේ ධර්මබයෙන් ලෝකේ පෙණීයන්නා මායා පෑදී - නිවන් ලැබගන්ටා සද්ධර්මේ සොයව් භගවත් බුදුන්ගේ ලෝ. ෴

මිහිඳු - මහරජ නාගභවනයෙන් නාග සමූහයක්ද මෙම අකුධාතුන්වහන්සේ වැඳපුදා ගන්ට දැන් පැමිණෙති.

තිස්සරජ - ස්වාමිනි සසර වසන සියලු සත්වයන්ට එකහෙලා මෙමත්රීහ කරුණාවෙන් ක්රිපයාකළ අප තිලෝගුරු බුදුහාමුදුරුවන්ගේ ධාතුන් වැඳ ඔවුන්ද පින් රුස්කර ගන්නවාට කැමැත්තෙමි.



(නාගයෝ සිව්දෙනෙක් මල්රැගෙණ අකුධාතුන් වහන්සේ වැඳීමට පැමිණෙති.)

පිලූ - දීප්චන්දි.

නාගයෝ - පාදා නිර්වාකන මාර්ගේය ක්ලෙශා සිඳා - දුන්නේය සව්නේ දැන දම්රදා - පාදා නිර්වාතන මාර්ගඳය. ශ්රීද ශාක්ය සිංහවූ පින් තේජසින් ‍සාරා - වන්දේ තිලෝනා සර්ධාමපුරා - දුන්නේය සව්නේ දැන දම්රදා. පාදා නිර්වාිණ මාග්රාය ක්ලෙශා සිඳා - දුන්නේය සව්නේ දැන දම්රදා - පාදා නිර්වාකන මාර්ග ය. ත්රෛදලෝක අග්ර වූ සෑසි බුදුන්ගේ ශ්රීර - ධර්මෙේ මෙලෝකේ යන්නාදිලී - නාලෝ නිවාසී අපටත් පෙණී. පාදා නිර්වාිණ මාර්ගාය ක්ලෙශා සිඳා - දුන්නේය සව්නේ දැන දම්රදා - පාදා නිර්වා න මාර්ගාය. මේධාතු වන්දනා දෙම්මෝ තිලෝනාගේ - නිර්වා න සම්පත් වේවා මෙසේ - නාලෝ නිවාසී අපටත් අනේ. (මල් පූජාකර සියලුදෙනාම නික්මයති)

5 අංකය[සංස්කරණය]

I ජවනිකා - මිහින්තලේ.[සංස්කරණය]

මිහිඳු මහ තෙරුන්නාන්සේ සහ සාමණේර සිටිත් හින්ඩෝල්-ත්රිනතාල් මිහිඳු - ලියමු මේ සිංහල භාෂාවෙන් අටුවා ඒ බුදුන්ගේ ධර්මුතෝරා බුද්ධධර්මෙ හි ගුඪාර්ථ ඇත්තේමැය් - ඊට දක්වමු පොත්පත් සදා දීපේ.

සුමන - සඬර්මග තෝරාදී මේදීප ලංකා - බුද්ධාගමේහි තබාලා - ලෝකේට දම්කෙතක් කරමු ස්වාමිනේ - තැන්පත් කරම්මෝ දැන් සිත්සේ - අටුවා ඒ බුදුන්ගෙ ධර්මග තෝරා. ෴

මිහිඳු - මුඛ පරම්පරාවෙන් රහතුන් අතරේ පවතින ත්රි්පිටක ධර්මහය සහ එහි අටුවා කල්යෑමෙන් නැතිමෙන්ට හැකිය. එබැවින් පාලි භාෂාවෙන් තිබෙන අටුවා සිංහල භාෂාවෙන් ලියා තබමු.

සුමන - එහෙයි ස්වාමිනි. බුද්ධධර්මාය පළවුවෙනි වරට සිංහලයන්ගේ භාෂාවෙන් ලියා තබමු.


කාලිංගඩා - දාදරා මිහිඳු - දීපේ තිබෙන්ට සෑසි දම් තෝරා තබම් ලියාටුවා මේලොවේ ලංක‍ායයි නැගී - විද්යා්ව හින්දා පින්සරා දීපේ තිබෙන්ට සෑසි දම් තෝරා තබම් ලියාටුවා

සුමන - පාපේ නසා ලෝසත් නිවන් දැක්කූ මුනිඳුන් දහම් ලියා මෙදිව් තබවම්මෝ ස්වාමිනේ බෝ පින් පිරේ සදම් නිසා දීපේ තිබෙන්ට සෑසී දම් තෝරා තබම් ලියාටුවා. (නික්මයති)

II ජවනිකා - ජම්බුකොල තොට සිට අනුරාධපුරයට යන වීථියක්.[සංස්කරණය]

(දේවානංපියතිස්ස රජ සංඝමිත්රාො නම් භික්‍ෂුණිද සොළොස් ජාති සම්බන්න කුලවාසින්ද කැටුව බෝධින්වහන්සේ හිස්මුදුනේ තබාගෙණ අනන්ත හෙරිජාති ගස්වා මහත්වූ පූජායෙන් මහමෙව්නා උයනට පෙරහරින් වැඩම‍වා ගෙණයයි.) (බෙර ගසාගෙණ පළමුවෙන් පිරිසක් ගමන් කරති.)

හින්ඩෝල් - දුර්පත්. දෙවනපෑතිස්ස - සාදු බොධිශාඛා - රෝපන වේවා ලක්දිව සාරා - සව්සත් වඳිත් බෝධී රෝපන වේවා - මේ පුර බෝධී පුණ්යවකර්මම කරතෑකි - වැඳ පුද පුද හෙරිනදින් රැගෙණාමි සාධූ බෝධි ශාක්යද සිංහලදි - බුදුබව රුකමුළ ඒක අසව් ජන දීපේ

සාරංග - කැමිටා. 1 කාණ්ඩය - පිරි සිරි ලංකාදිලී බුඬධර්ම නිසා නිසා ඍඬිමත් අර්හත් ලොවේ තිලෝනා දහම් ලියා සිංහලුන්ගෙ රටේ තබා සෙත් සැදූහ පපා දයා සාධූ සාධූ සාධූ නටව් නටව් නටව් දොම් තක තක දොම් තක තක-බ්රෑ


ගෙනයමු බොධිධ්රැ මා සිංහලුන්ට සෙතා උනා වන්දනා පූජා කරව් මෙබෝධි තබා පුරේ වාසනාව තමා අපේ මොක්‍ෂ මාර්ගර පෙණීගියේ සාධු සාධු සාධු සබාස් සබාස් සබාස් දොම් තක තක දොම් තක තක-බ්රෑ‍

කල්යාතන් - හිංචි

2 කාණ්ඩය - දැන් මෙරටේ සත්ය වු බුඬාගමේ ධර්මා ධර්මග බෝදීප්තිවෙය් මනා ශාක්යතසිංහ බෝමුල මේ වාඩි වී රාග ද්වේෂ මෝහාදි දොස් සිඳී පාවපී මොක්‍ෂමාගේමුනිරාජ ලොවුතුරා බෝධිමූලයේ වාඩිවී වැසියාට දීපේ ඔන්න ශාන්තිවේ බෝම මේ වෘක්‍ෂ ලත් නිසා දැන්

3 කාණ්ඩය - සම්පත නිර්වා න පෙන්නපු මුනිඳාන මෙම බෝධිමුලේහි ලත්බුද්ධි බෝශුද්ධි සාධූ - හෙළදිව බල - බබලන රඟ මෙම බෝ නිසා - සාධූ සම්පත නිර්වා න මුළාවී මේලොවේ ජනයෝ ගැළී රුදු පාප කර්මලයන්හි සිටිත් බින්දා බුදුන්ගේ දම් නිමල් සසරේ වැටී දුක්වී - වඳිමු බෝධිද්රැධම සිරිලක අද සෙතාවී,

උඩැක්කි කණ්ඩායම. දොමිකිට තත් තක්කිට තක් දොම්

දස බල අප මුනිඳු පොරණේ පිටදී බුදුබව ලැබූ සො ඳ මන කල සිරිමහ බෝදුමේ දකුණුසාව ගෙණයමු අ ද


මෙසි හල රට වසන ජනටා එම බෝරුක වැඳ පුද පු ද හැම කල පින් කරගණිතැකි මුනිගුණ සිහිකර කර ඉ ඳ

තිලොවෙහි කොද පසිඳු පුරක් මෙම අනුරාධපුර සමා න ඇත මෙහි සිරි බුදුදා පො‍ළවෙහි පෙර ජන කළ නිදා න මල් වැහි අද වහිති අඹර සුර පිරිසද වෙති නදා න මුල් බහි සිරිලක සුනිමල සසුන ලොවග මුනිරදා න

5 කාණ්ඩය - මහමෙවුනා උද්යාාන දරාය බෝධිශාඛාව මේ - මෙදීප සිංහලයන්ගේ නිවාසි භූමි දිලේ අනර්ඝ වස්තු තිබේ කර නිධාන ලංකාතුළේ වැඳ පින් ගම්මු බෝධිශාඛාව පෑදි බුද්ධාගමේ. (සියලුදෙනාම නික්මයති)

(සියලුව නැට්ටුවෝ පැමිණ කියත්)

දනාසරිකාෆි - ලාවනී. නළු මෙම බැලුවට ආ ජනා අපහා මනා පිනවී යනා ලෙස මේ තනා ඇත පාදනා ඉතිහාසෙනා මෙත්කර වරදැත ඒ දුරලන් සියරට ඉතිහස ආසාවෙන් සර්ධා වෙන් කන්දී අසපන් ඉංග්රීඉසින් රාජාණන් සෙත්පාමින් - රකිවා නෑරා මෙදීප අපමුනි සසුනය සුරකින පතන එබුදුබව වෙන් සුර කුළුණෙනි සාරා ෴

අප සුනිමල බුදුසාසනේ ලොව දෝසනේ සිඳලාමිනේ විදුපාමිනේ මිස සින්දනේ කරදෙන් අනේ මේරට කරවන ශ්රීද ලකිඳුන් ගරුතර පවුලද සෙත් පාමින් බෝවා කල් වෙන් දෙව් රැකදෙන් රෝ සින්දා දුක් බින්දා දම් රන්දා මෙනෙහී නෑරා විශේෂ කළු සුදු මෙදියත නොතකන පවර මුනිඳු බණ ලෝතුළ සැමතැන පාලා ෴

නිමි.

සිඬිරස්තු ශුභමස්තු