ජෝන් ද සිල්වා නුර්ති නාට්‍ය එකතුව-III-‍මරණානුස්මෘති ප්‍රකරණය

Wikibooks වෙතින්

මරණානුස්මෘති ප්‍රකරණය

(ක්‍රි.ව. 1916)



ප්‍රස්තාවනා


මේ මරණානුස්මෘති ප්රාකරණය නමැති මධුර නාටකය මවිසින් ගෙ‍ාතන්ට හේතුවනම් ලංකාද්වීපයේ පෙර පටන් අද දක්වා බුද්ධාගම්කාරයන් අතරේ ව්යතවහාරවෙන උතුම් සතිපට්ඨානය නමැති මාහැඟි පුස්තකය දැන් ඇතිවෙන තරුණයන්ද තරුණියන්ද නොබලා මරණය ගැන කිසිත් නෙසලකා දවසරිණ බව පෙණීගොස් එම භාවනා පොත ඔවුන්ට අඳුන්වා දීමටද බුද්ධාගමේ පෙණෙන දිව්යඇලෝක ප්රේපතලෝක ආදිය ගැන සං‍ක්ෂදපයෙන් කරුණු පෙන්වීම‍ටත්ය - මෙහි කථාශරීරය ලුහුඬින් කියමි.


බුදුවෙන්ට පෙර ආත්මයේදී සියලුම බෝධිසත්වයෝ සදීවලෝක අතුරෙන් හතරෙවනි දිව්ය ලෝකයවූ තුෂිත භවනයේ උපදිති. මතු බුදුවෙන මෛත්රෙහය බුදුහාමුදුරුවෝ දැනට තුෂිත භවනයේ නාථදේව නමින් වැඩවසනසේක - එහි දැනට දුටු ගැමුණු, සැදැහතිස්ස, ක‍ාවන්තිස්ස විහාරමහාදේවි ආදි පිරිසක් සිටිති - නාථ දෙවියන්ගේ අණපරිදි විශ්වකර්මස දිව්ය පුත්රතයා උඩරට නිලමේ කෙනෙක් මෙන් ලංකාවට පැමිණ විහාර දාගැබ් ආදිය ගැන පරීක්ෂාභකර බලමින් මහණිගම උන්නැහේගේ දනව්වට පැමිණ - එහිදී උන්නැහේට සුදුසු දැනුමුතුකම්දී විශ්වකර්මණ දිව්යේපුත්රියා තුෂිත බවනයට වැඩ දැන් ලංකාවේ පවතින පිළිවල නාථදෙවි හාමුදුරුවන්ට දන්වන්නේය.


මෙම මහණිගම උන්නැහේ ඉතා මසුරුකමින් ධනය සපයාගෙණ පර්වටතමුත්තා යන නමින් තමාගේ ඉඩම කොල්ලකා ගත්තේය.


පළිගන්ට නොහැකි පර්වකතමුත්තා මේගැන ක්රොරධයෙන් මැරීගොස් මළයකෙක්වී උපන්නේය.


මෙම පර්වනතමුත්තාගේ නෑයෙක්වූ හෙලෙනා වීරරාම පුල්ලේ නමැති දෙමළ සත්පුරුෂයෙක් හා කසාදබැඳ පර්වහත මුත්තාගේ ලෙඩ බලන්ට යන ‍මාර්ගැයේදී වෙදෙක් සම්භවී පර්වපතමුත්තා මළබව ඔවුන්ට කීවේය. ඒ ගැන ඔවුන් ශෝකවී මුත්තාගේ ගෙදරට පැමිණ ආරංචිය සැබෑ බව ඔවුහු දැන ගත්තෝය.


මළයකෙක් වූ පර්ව ත මුත්තා වෙසමුණි රජුගෙන් අවසර ගෙණ මහණිගම උන්නැහේගේ බෙල්ල මිරිකා මැරුවේය.


මහණිගම උන්නැහේගේ සොඳුර වැඩකරුවෙක් ඇරලා අංජනම් එලියක් බැලෙව්වාය. පර්වැත මුත්තා මළයකෙක් වී බෙල්ල මිරිකන බව වැඩකරුවා ඇවිත් සොඳුරට දැන්නුවේය. එතැන්දී අංජනම් එලිය බලන ගුරුන්නාන්සේ සහ ඉඹුල්පේ යක්දෙස්සාද මළයකා බන්දවනු පිණිස සොඳුර කැ‍ඳෙව් නුමුත් ඔවුන් එන්ට මත්තෙන් මහණිගම උන්නැහේ මිය පරලොව ගියේය. මෙහි කථාශරීරය ලුහුඬින් මෙසේය.


අපේ සිංහලවංසේ ජනයින්ට හිතට ගන්ට යහපත් කරුණු රාශියක් මෙම නාටකයේ පෙණෙන බව කරුණාවෙන් සලකත්වා.


මේ වගට,

නීතිඥ ‍ජෝන් ද සිල්වා

වර්ෂඥ 1916 ක්වූ ජූනි මස 19 වෙනි දින

කොළඹ සංජෝශප් වීථියේ

අංක 28 දරණ ගෘහයේදීය.




නමොතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස


නාට්ය්කරුවෝ


සූත්ර්ධාරී - පුවත කියන්නා, නගරශොබනී - වෙශ්යාම ස්ත්රී , නාථදෙවියෝ - මෛත්ර්ය නමින් මතුවට බුදුවෙන තුෂිත භවනේ සිටින දෙවියෝ, දුටුගැමුණු - මෛත්රෙශය බුදුන්ගේ දකුණු සව්වන්වී උපදින සිංහල රජ, සැදැහතිස්ස - මෛත්රෙ‍ය බුදුන්ගේ වමත්සව්වන්වී උපදින සිංහල රජ, විහාරමහාදේවී - මෛත්රෙිය බුදුන්ගේ මාතා වී උපදින සිංහල බිසවුන්නාන්සේ, කාවන්තිස්ස - මෛත්රෙවය බුදුන්ගේ පියා වී උපදින සිංහල රජ, විශිවකර්මු - එනම් දිව්යතපුත්රදයෙක්, මහණිගම - එනම් සිංහල පෝසතෙක්, සොඳුර - මහණිගමගේ භාය්ය්ි ව, දුව - මහණිගමගේ දුව, පර්ව,ත මුත්තා - එනම් නාකියෙක්, මුනුබුරා - පර්වයත මහල්ලාගේ මුනුබුරා, වීරරාමපුල්ලේගේ සිංහල භාය්‍ර්‍යාව, වෙදරාල - සිංහල වෙදෙක්, වෙසමුණි - යක්ෂාසේනාධිපති, හතරවරම් දෙවිකෙනෙක්, තත්තලිය, තතොතලිය, ඩජසිය, තෙජසිය, තතොජසිය, සූරය, රාජ්යෙ, අරිට්ඨය, නෙමීය, අරිට්ඨනෙමීය යන මොව්හු‍ වෙසමුණි රජුගේ යක්ෂස පිරිසය, ගුරුන්නාන්සේ - අංජනන්එලිය බලන්නෙක්, ඉඹුල්පේ යක්දෙස්සා - එනම් යකදුරෙක්, කුම්භාණ්ඩයෝ - විරෑඪනම් දෙවියන්ට යටත් පිරිසක්, න‍ාගයෝ - විරූපාක්ෂනනම් දෙවියන්ට යටත් පිරිසත්, ගන්ධර්වායෝ - ධෘතරාෂ්ර්්්ර දෙවියන්ට යටත් පිරිසක්, සිංහල මිනිස්සු දෙදෙනෙක්, සුරංගනාවෝ හදෙනෙක්, වැඩකරුවෙක්.

පුවත.

සූත්රෙධාරී පැමින කියයි.

කල්යාෙන් - ත්රි.තාල

සූත්රෙධාරී - තිලොවග ධර්මාරාජ වැඳ මේ රෑ කාමක්රෝධ මදමෝහ ආදියෙනි යෙදෙන දෝෂ මම පාදා - දශ්යිකාව්‍ය සුන්වෙන්ට මෝහලකරවනා කරදෙමි තෝරා නමදිමි සත්යරධර්මශ සිතපෑදී ලෝකවාසි ජන මෝහ සින්දලන මුනිඳු ධර්මා ඇත දීපේ - සුද්ධශීල රැක්කාවූ ‍ශ්රේ ෂ්ඨ ජන සිටියෝ පෙර මෙම දීපේ -


කරනෙමි සංඝරත්න පිනිපා බෝ ශාක්යිසිංහ එසමන්තභද්රෝ දෙසූ පවර ධර්ම දෙන තෝරා - රම්යහ නාට්ය දක්වන්ට ආමි මම අදරෑ රඟමඬලේ මේ- (නගරශොබනී පැමිණ සූත්ර‍ධාරීට වැඳ කියයි)

නගරශොබනී - සූත්රනධාරි තුමානනි, මා මේනගරය අලංකාර කරණ ස්ත්රිේයක් බව ඔබතුමා දන්නේය - අපවැනි ලියන් නගරයක නැත්නම් එම නගරය අලංකාර නැත.

සූත්රඅධාරී - කොපමණකල් තොපට නගරය අලංකාර කර කර සිටින්ට පුළුවන්ද ?

නගරශොබනී - මගේ යෞවන වයස ගෙවෙනකල් පුළුවනි

සූත්රබධාරී - දැන් තිගේ වයස කොපමණද ?

නගරශොබනී - අවිරුදු දහ අටයි.

සූත්රබධාරී - ඉතින් යෞවන වයස ගෙවෙන්නේ කවදාද ?

නගරශොබනී - තව අවුරුදු 18 පමණ ගියාම යෞවන වයස ගෙවෙන්නේය.

සූත්රබධාරී - ඊටපසු තිට යනකල කොහොමද ?

නගරශොබනී - කිසිවෙක් ඊටපසු මා දිහා බලායයි නොසිතමි.

සූත්ර ධෘරී - ඒ මක්නිසාද ?

නගරශෙබනී - ජරාවට යන බැවින්ය.

සූත්රබධාරී - ජරාව ගාවට ඇත්තේ මොකක්ද ?

නගරශොබනී - මරණය තමා

සූත්රබධාරී - එහෙනම් මෙම කාමලෝකයේ කම්සැප අනුභව කරණ අතරම අපවිසින් මතකනැති නොකළයුතු වැදගත් කරුණ මොකක්ද.

නගරශොබනී - මට තේරෙණ හැටියට මරණයයි.

සූත්රබධාරී - සියලු දෙනාම හිතේ නිතරම තබාගතයුතු මරණය තමා - එසේම මරණය නිතරමපාහේ යමෙක් සිහිකරනවානම් ඔහු ලෝක මායා වලින් බේරී යහපත් මාර්ගියේ ගමන්කරනවා ඇත.


නගරශාබනී - ඔබතුමාගේ ප්ර ශ්නවලින් මගේහිත ප්ර බොධ වුනි.

සූත්රදධාරී - අප සිංහලවංසේ ජනයෝ පුරාණේදී වාගේ මරණය දැන් සිහිනොකරති - ඉන් නොයෙක් දුශ්චරිත රටේ බෝවී අප්රගමාණ අකුසල් අප ‍අතරේ කෙරෙති. ඒ නිසා අද රාත්රි‍යේ මේ පෙන්වන නාටකයෙන් මරණය අපේ ජනයන්ට සිහිවී යහපතක් වේයයි සිතමි. නුඹට පුරුදු අඟර දඟර පෙන්නා නටා සභාව ප්රීතතිකර නාටකය ප‍ටන්ගන්ට නික්මයමු - මම යහපත් සින්දුවක් කියන්නෙමි.

කාලිංගඩා - කහරවා - දාදරා

සූත්රගධාරී - නෙත්රඟ පිනීයාය දුටත් සිත් සංචල්වේ සිත් සංචල්වේ දිගැසී - රෑ දෙව්දූසේ - නෙත්රස පිනීයාය දු‍ටත් සිත් සංචල්වේ - රූපේහින්දා තොස්වී නගරාලංකාරී ඒ යන්නේ වැනසීලා - ලන්වෙන්නේ මරු බිල්ලා සංසාරේ දුක්බෝවේ - දුක්බෝවේ දුක්බෝවේ ඒ සින්දේ සීලෙන් -

(නික්මයති)

1 අංකය[සංස්කරණය]

I ජවනිකා - තුසිතභවන[සංස්කරණය]

නාථදෙවියෝ සිංහාසනේ වැඩසිටිනසේක දු‍ටුගැමුණු, සැදැහතිස්ස, විහාරමහදේවි සහ කාවන්තිස්ස සිටිත් (නාථදෙවියන්හැර ‍අනික් සියලුදෙනාම මෙසේ කියති)

සියලුදෙනා - නාථදෙවියන්වහන්සේ මෙලෝ මෙදා වෙසේය සන්තෝසේ - දෘෂ්ටි මිථ්යාම සිඳාය ධර්මමයෙන් - මොක්ෂ මාර්ගු පා ලෝකේ - නාථ දෙයියන් වහන්සේ බුද්ධවෛත්රෙසය නමින් අනාගතකාලෙ පෙණිලා යහපත් ධර්මෙ වදාරා - සිඳලය් මෝහ විකාරා - දුක්ඛ සංසාර නිවාය මනාසේ සාධුකාරදෙව් බෝසේ ෴


නාථදෙවියෝ - දිව්ය ලෝක හයක් ඇත - ඉන් මෙම තුසිත භවනය සතරවෙනි දෙව්ලොවයි - බුදුවෙන්නට පෙර ආත්මභාවයෙහි සියලුම බෝධිසත්වයෝ මෙහි උපදිති.

දුටුගැමුණු - දේව. මේ දිව්යහලෝකයේ උපදින්ට බොහෝ පින්කළයුතුබව පෙණීයයි - බුද්ධශාසනය ලක්දිව පාලනය කරණු පිණිස වෙහෙස ගතිමි - ඔබතුමාණන් වහන්සේ මින් චුතව මනුෂ්යල ලෝකයේ ඉපිද මෛත්රෙපය නමින් බුදුබව ලබනකොට ඔබවහන්සේ දකුණුසව්වන්ව මම උපදින්නෙමි - මාගේ මල්ලි සැදැහැතිස්ස වමත් සව්වන්ව උපදින්නේය - මාගේ මව් විහාරමහාදේවීද පිය කාවන්තිස්සද ඔබවහන්සේගේ දෙමව්පියෝව උපදින්නාහුය.

නාථදෙවියෝ - එය මම දනිමි - මේ දිව්ය ලෝකයෙන් චුතවී යන්ට කාලය තවම නොපැමිණියේ ය. පඤ්ච මහා විලොකනය හෙවත් කාලය දීපය දේශය දීපය කුලය මවුය යන මහත් පස්බැලුම් බලා මින් චුතව මනුෂ්යීලෝකයේ උපදින්නෙමි - ගෞතම බුදු හාමුදුරුවන්ගේ ශාසනය තවම මනුෂ්යයලෝකයේ පවතින්නේය. එය නැතිවී ගොස් මනුෂ්ය යන් නොයෙක් දුශ්චරිත පුරුදුවී පාපයේ ගැලී ලොව අධර්ම යෙන් පිරී යනකල බුදුවෙන්ට මම මනුෂ්යව ලෝකයට වඩින්නෙමි.

සැදැහතිස්ස - ගෞතම බුදුහාමුදුරුවන්ගේ ධාතු රාශියක් නිදන් කරගණුලැබූ රුවන්වැලිසෑය තවම සිංහලද්වීපයේ තිබේ - මාගේ සහෝදර මෙම දුටුගැමුනු ‍විසින් තැනූ එම දාගැබ් වහන්සේ මවිසින් නිමකරණලදී - දිනෙන් දින ඉන් ලැබෙන පින් වැඩිවී යන්නේය.

කාවන්තිස්ස - මේ විහාරමහාදේවී මට සම්බුවන ප්රවස්තාවේදී නොයෙක් විහාර දාගැබ් තනා බොහෝ පින් කරගතිමි. අද වෙනතුරු ඒ සියල්ලක්ම සිංහලද්වීපයේ දකින්ට තිබේ.

විහාරමහාදේවි - ඒ උතුම් විහාරස්ථාන කීපයක්ම ජරාවට ගොසින් තිබේ. එසේ වෙන්ට හේතුව බුද්ධ ශාසනයට ආරක්ෂා කරගැණීමට උපන් සිංහල වංසේ බුද්ධාගමෙන් පිට පැනලා පස් පවට වැටී ක්රිියා කරණ හෙයින්ය.


මාගේ පුත් දුටුගැමුණුගේ සමදරානම් බිසව දුටුගැමුණුගේ මරණයේදී කී කවිය මට තවම මතකයි.

නාථදෙවියෝ - ඒ කුමක්ද ?

කවිය - ජාතිජරාවිය මරණය යනු මෙම සියලු ‍සතට උරුමෙකි නිති නේ ජෝතිසතර බැලුකල සැම ගහයෝ පෙර කරුමය දක්වති සොඳි නේ නීතිය මේකම බව අප මුනිසඳ දෙසුව නිමල් දහමෙහි පෙනු නේ ජාති මෙසිංහල බුදුසමයෙන් පිට ගියදා පිරි හෙයි බූපති නේ

නාථදෙවියෝ - ඒක සත්ය යෙකි - සිංහල වංස නමැති ‍ලතාව බුද්ධාගම නමැති වෘක්ෂවයේ වෙලී සිටිනතුරු පවතී. ඉන් පිට ගියදාට පිරිහෙනබව නිසැකයි.

(සුරංගනාවෝ හදෙනෙක් ඕපපාතිකව ඉපිද නටා මෙසේ කියති)

සුරංගනාවෝ - හාය් නැතකම්පා සිත මෙමලෝ සන්තොසයෙන් - ඉන්ටහැකී දැන් නැතකම්පා සිත මෙමලෝ හාය් නැතකම්පා සිත මෙමලෝ බෝසේ පින් කෙරුවහින්දා මෙලෝ ඉපදුනේ පින්බලේ දැන්පෙණේ නාථදේවනේ සෑසිගෙ ආගමේ පාදලා මේ තිබේ - නැතකම්පා සිත මෙමලෝ හාය් නැතකම්පා සිත මෙමලෝ සන්තොෂයෙන් ඉන්ටහැකී දැන් නැතකම්පා සිත මෙමලෝ හාය් නැතකම්පා සිත මෙමලෝ බෝසත්මෙත් වසන මේලෝපතා බුදුබවා සිත්පිනීයය් උපන් මේ සැමා සැමා දේශනාවේ පෙණේ - වාසනාවේ ර‍ඟේ -

(සියලුදෙනාම නාථදෙවියන්ට වඳිති)

නාථදෙවියෝ - කිසි මව්කුසෙක නොපිළිසිඳ කර්ම-වේගයෙන් ඕපපාතිකව උපන් නුඹලාගේ ප්රනථම ආත්ම භාවය කුමක්ද ?


1,2,3 සුරඟනෝ - දේව. අපි සිංහලද්වී‍පයේ සිංහලවංසේ ඉපිද සතිපට්ඨානය මනාසේ පාඩම්කර එහි තිබෙන භාවනා පුරුදුව සිල් අරන් සිටියෙමු.

නාථදෙවියෝ - අනික් තිදෙනාගේ තොරතුරු කොහොමද

4,5 සුරඟනෝ - තිලෝගුරු බුදුන්ගේ සද්ධර්මය පවතින සියම් දේශයේ සියම්ජාතියේ ඉපිද සිල්රැක සිටියෙමු

නාථදෙවියෝ - අනික් තිදෙනාගේ තොරතුරු කොහොමද

4,5 සුරඟනෝ - තිලෝගුරු බුදුන්ගේ සද්ධර්මය පවතින සියම් ‍දේශයේ සියම් ජාතියේ ඉපිද සිල්රැක සිටියෙමු

නාථදෙවියෝ - අනික් සුරඟනගේ පෙර ආත්මභාවය කවරේද

6 සුරඟන - බුරුම දේශයේ බුරුම ජාතියේ ස්ත්රි යකි - බුද්ධ ධර්මය හොඳාකාර ඉගෙණ සිල්රක්ෂාි කළෙමි.

නාථදෙවියෝ - නුඹලාගේ පෙර ආත්මභාවයන් සම්යමක්දෘෂ්ටිය පවතින රටවල සිදුවු බැවින් මෙම ඉසුරට පැමිණෙන්ට ප්රාස්තා ලැබුනා - සිංහලවංසේ ජනයෝ බුද්ධාගම ගැන කුමක් කරන්නාහුද ?

1 සුරඟන - දේව. නොබෝදා අනුරාධපුර ශ්රීහමහාබෝධීන් වහන්සේගේ බටහිර ශාඛාව මළානිකවිය.

නාථදෙවියෝ - එසේවීමට හේතුව සිංහල බුද්ධාගම්කාරයන්ගේ පැවත්ම නරක බැවින්ය - නමින් බුද්ධාගම ක්රිසයාවෙන් මිථ්යා්දෘෂ්ටිය. ශීලයෙහි නොපිහිටා කාම සැප සොය සොයා නිතරම සිටින බැවින් ඔවුන්ගේ චරිතය යහපත් කරගැණීමට දඬුවම් සිඳ‍ුවෙන බවට පූර්වගලකුණක් වශයෙන් එම බෝධිශාඛාව මළානිකවිය.

2 සුරඟන - මාස ගණනකට පසු එම ශාඛා වහන්සේ ප්රාවණවත්විය.

නාථදෙවියෝ - ඉන් හැ‍ෙඟන්නේ ප්රීඛතියකි - සිංහල ජනයා යළිත් තමන්ගේ ආගම හොඳාකාර පිළිපදින බවයි. වස්තුව රැස්කරමින් ‍සිටි පෝසත් ජනයා මින්පසු ලෝක ශාසනදෙකේ වැඩගැන තමන් ගේ ධනයෙන් කොටසක් පරිත්යාකග කරන බවයි.

3 සුරඟන - බෞද්ධ ගෑනුදරුවන්ගේ ඉගණ ගැණීමට යහපත් පාඨශාලාවක් තැනීම පිණිස එක්තරා සීලවන්ත ස්ත්රි යක් රුපියල් ලක්ෂපයක් තෑගිකළාය.

නාථදෙවියෝ - ධනයෙන් ගන්නාඵල වෙන කුමක්ද? තමන්ගේ දූ


දරුවන්ට සෑහෙන්ට තබාගෙණ ඉතුරු කොටස දන්දිය යුතුයි.

1 සුරඟන - සිංහල ධනවතෙක් මේ ළඟදී රුවන්වැලිසෑය ප්ර කෘතිමත් කෙරීමට රුපියල් දෙලක්ෂුහමාරක් දුන්නේය

නාථදෙවියෝ - ඒ පුණ්යුක්රිකයාවෙන් දෙව්ලෝ සැප අත්වෙනවාට සැක නෑ.

(විශ්වකර්ම් දිව්යුපුත්ර්යා පැමිණේ)

කාලිංගඩා - දීප්චන්දි

විශ්වකර්මක - මේ දිව්ය්ලෝකේ දිව්යව සම්පත් ඉස්තරම්බෝ - ඉස්තරම් දැන් නාථදෙවිඳුන්ගේ පිණෙන් සිත්තොස්වඩය් සිත්තොස්වඩය් සීලේ නොබින්දා රැක්කාවූ නෙක්ජනනෝ මේ දෙව්ලොවේ - ඉන්නාහු තොස්වී බෝඋතුම් දෙව් සම්පතින් - දෙව් සම්පතින් -

නාථදෙවියෝ - නෙක් හස්ත කර්මා්න්තාදියේ බෝ දක්ෂයවූ බෝ දක්ෂ්වූ විස්කම්ගෙ යස දෙව්ලෝ පටන් යය් ලෝකතෙක් බූලෝකතෙක් සෑසී බුදුන්ගේ සද්ධර්මෙන දැන් පවත්නා ලක්දිවේ දාගැබ් විහාරත් ගොස්බලා පිළියම් කරන් පිළියම්කරන් -

දුටුගැමුණු - පින්වන්ත විස්කම් සිංහලුන්ගේ ශ්රෙගෂ්ඨයෙක් මම් ශ්රෙිෂ්ඨයෙක් සද්ධර්මෙ‍යෙහි පෑදෙන්ට උන් දාගැබ් කළෙම් - දාගැබි කළෙම් ඒවා උතුම් ලංකාදීපේ දැන් තිබේ පත්වී ජරා පින්සිඬවේ බෝ ඒ බලන් ගොස් ඉක්මණින් ගොස් ඉක්මණින් -

විශ්වකර්මග - දේව. මම ශ්රීේ ලංකාද්වීපයට ගොසින් එහි වැසි සිංහල ජනයෝ ගෞතම බුදුහාමුදුරුවන්ගේ ධර්මදය ලොකවාසින්ට අවබෝධ කෙරීම පිණිස කොපමණ දුරට වැඩකර සිටිත්දැයි පරීක්ෂාෙකර බලා එන්නෙමි.


නාථදෙවියෝ - එසේ යහපති. සිංහලජනයා පුණ්ය ක්රි යා කෙරීමට උනන්දුකර මෙහි පැමිණෙනවා සොඳයි.

(විශ්වකර්මා නික්මයයි)

විහාරමහාදේවි - අමෘත නම් අපේ ආහාරය ගැණීමට නිසි කාලය බැවින් නික්මයමු

(සියලුදෙනාම නික්මයති)

II ජවනිකා - ලංකාවේ වීථියක්[සංස්කරණය]

සිංහල මිනිස්සු දෙදෙනෙක් ගමන්කරති

1 සිංහල - මිතුර. මනුෂ්යනයෙක් වෙලා මේ ලෝකේ උපන්නාම ඔහු විසින් කටයුතු කුමක්ද ?

2 සිංහල - ඉන්ඩ සිටින්ඩ ගේදොර තනාගැණීම, ආහාරය සොයා ගන්නා උපක්රුම බලාගැණීම, පවුලක්කර ගැණීම, මේ ආදිය තමා.

1 සිංහල - ඒවා ඕනෑකරණ කටයුතු තමා - නුමුත් මේ ජීවිතය වියතක් පමණ දිග බැවින් මනුෂ්යාම විසින් කල්පනා කටයුතු තව වැදගත් කරුණත් තිබේ. මැරුණායින්පසු සත්වයාගේ පැවැත්ම මේ පො‍ළවේ එක එක වැලි ඇ‍ටය අවුරුද්දක් නම් පෘථුවියේ වැලි ඇට ගණනටත් වැඩි අවුරුදු ගණනක්බව දතයුතුයි. ඉතින් මැරුණායින්පසු පවතින ජීවිතවලදී අපට යනකල කොහොමද කියා දතයුතු නොවෙද?

1 සිංහල - ඒක තිරිසනාගේ ගතියකි. සංසාර දැනගත් මනුෂ්යයයා එසේ නොසිතිය යුතුයි.

2 සිංහල - එතකොට මනුෂ්ය යා සිතන්ට ඕනෑ මොකක්ද?

1 සිංහල - සංසාර සාගරයෙන් එගොඩට යෑමයි.

2 සිංහල - එගොඩනම් මොකක්ද?

1 සිංහල - නිර්වා්ණය තමා

2 සිංහල - නිර්වා්ණය ප්රායර්ථනා කරගෙණ බුදුන් වඳින ජනයෝ ලෝකේ සිටිති - පුරාණේදී මේ රටේ රහතුන් වහන්සේලා සිටියෝලු - දැන් නැත්තේ මන්ද?


1 සිංහල - රහතුන් වහන්සේලා සිටිබවට සාක්ෂිර තිබේ. දැන් නැත්තේ එබඳු වීය්ය්න් ඇති සංඝයා වහන්සේලා නැති බැවින්ය. රහතුන් වහන්සේලාගේ කාලයේදී තිබුන ධර්ම ය අදත් ලංකාවේ තිබේ - ඒනිසා වීය්ය්ාලය දැරුවොත් රහත් වෙන්ට බැරි කමක්නෑ - නුමුත් සෝවාන් ඵලයට පැමිණෙන්ට අදත් බැරි නැත.

2 සිංහල - දැන් සිටින සමහර සංඝයා වහන්සේලා නොයෙක් පලාත්වල ගෙවල් කුලියට අරන් අංජනම් එලි බල බලා යන්ත්රර බැඳබැඳ වෙදකම් ක‍ර කර මිල සොයති. මොවුන් නිසා ත්රිැවිධ රත්නයේ තුන්වෙනි සංඝ‍රත්නට සැලකීම අඩුවීගෙණ යන්නේය.

1 සිංහල - ඒක එහෙම තමා - සමහර සංඝයා වහන්සේලා පණ්ඩිත පාඩම් විභාගය ගැන වෙහෙසෙති. මේවා බුද්ධාගම පිරිහීමට පහලවෙන පුර්වයලකුණු තමා - සීලවන්ත භික්ෂුහයයි කියවාගන්ට වෑයම් කරනවා වෙනුවට පණ්ඩිත භික්ෂුසයයි කියවාගන්නට දඟලති

(විශ්වකර්මප දිව්යැපුත්රායා උඩරට නිලමේ කෙනෙක් මෙන් පැමිණේ)

විශ්වකර්මක - මොනවද ආරංචි දීපේ දැන් ලංකා අළුත් තාලේතමා - නෑ දන්නෙ පින්කමා ආගමවී පමා - මෝහේට බේත සෑසි ‍ආගමා - මොනවද ආරංචි දීපේ දැන් ලංකා.

1 සිංහල - බත් නොකාවි - මස් බුදීවි බීම පුරුදුවුනි සිංහලා

2 සිංහල - මුත්තෝ මෙලංකා ගියෝ සදා මගා

1 සිංහල - පිස්සුවී කොල්ලෝ බොන්නෝය රාමෙරා

2 සිංහල - බුදුන්ගේ දම්මා නොරැක කඩති මේවරා -

විශ්වකර්මි - සියබස පැගීමෙ දොසේ දැන් පෑදී උතුම් පොත් නෑ බලා


මත්පැන්හි වී ලොලා කාම සැප බලා දේවාති දේව සෑසි නෑ සොයා සියබස පෑගීමෙ දොස් දැන් පෑදී -

1 සිංහල - ස්වස්ති සිද්ධම් - දන්න කොල්ලන් බෝම හිඟය අද මේ රටේ

2 සිංහල - අප්පාට පප්පා ම‍මාය අම්මටා

1 සිංහල - අම්මගේ අයියා ඔම්පෝය මේ ලෙසා

2 සිංහල - දමන්නා සින්දා මධුර වචන මේ රටේ ෴

විශ්වකර්මි - මන්මුලාවීම මෝහයතමා. එය වලක්වා ගැණීමට බේත මිහිඳු මහතෙරුන්නාන්සේ සිංහලද්වීපයට ගෙණාවේය - ඒ බේතනම් බුද්ධ ධර්ම යයි - මන්ද එය නොබලා නොමග දුවන්නේ.

1 සිංහල - ස්වාමීනි. ඔබවහන්සේ දැන් කොහෙ වඩින්නෙහිද

විශ්වකර්මි - මම ලංකාවේ විහාර දාගැබ් වැඳ පුදාගෙණ ගම් නියම්ගම් ආදියෙහි තෙ‍ාරතුරු පරීක්ෂා කර බලා ගෙණ ආපහු ගමට යන්නෙමි.

2 සිංහල - මේ ‍ගමේ නිතරම පාහේ සණ්ඩු දබර පවතී - ඔය පෙරදිගින් තිබෙන මහණිගම උන්නැහේ තමා මේගමේ ප්ර ධාන පෝසතා. එහෙන්ගියොත් උන්නැහේ සහ්භවෙනවා ඇත.

විශ්වකර්මත - එහෙන් යන්නෙමි - ආයුබෝවන්

සිංහල මිනිස්සු - දෙවියෝ රක්ෂා කරත්වා

(විශ්වකර්මු නික්වයයි)

1 සිංහල - හොඳ ලක්ෂ)ණ පුරුෂයෙකි

2 සිංහල - අඟපත තැඹිලි පාටයි

1 සිංහල - උඩරට වැදගත් පවුලක නිලමේ කෙනෙක් වාගෙයි


2 සිංහල - වෙන්ට පුලුවනි - යහපත් කල්පනා ඇත්තෙකි.

1 සිංහල - මස්නොකන සුරානොබොන උත්තමයෙක් වාගෙයි

2 සිංහල - ඇඟපොතෙන් පෙනෙන්නේ එහෙමතමා. එලවලු කන සිංහල නිලමකෙනෙකුගේ රූප ශොභනාවයි.

1 සිංහල - අපිත් මින්පසු එලවලු කමු.

2 සිංහල - මටත් ඒක හිතුනා.

දෙදෙනා - රූපේ ඔපේ ගියා මස් කාලා නිතරා - මේජනා - මේජනා කිරි නෑ දැන් මව්ගෙන් කොල්ලන් කෙලේලන් හැදෙන්ට ලක්දිවි - රූපේ ඔපේ ගියා මස්කාලා නිතරා - මේජනා මේජනා - දැන් කවුරුත් පාහේ - මත්පැන්පානේ සෑසී ධර්මෙත - පෑගී පෑගී ගෝඩා රාබී - කෝලාහාලේ මුත්තන් කෑ බී - අන්දම් බංගේ ‍කේක් බූදර් - සැන්විච් පෝටර් බිස්කට් බේකන් - විස්කි සාඩින් කන්නා මෙවරේ බොන්නා නිතරේ සූපේ සිංහල - නැත්තේ දැන්පල කන්දෙන් පහලට - කුන්දන් දිරිකිට බුදුන්ගේ දහම්සේ - උන්නෝත් ලැබේමය නෙක්ශාන්තිදීපේ - ඒ සැබෑ - ඒ සැබෑ -

(නික්මයති)

III ජවනිකා - මහණිගම දනව්ව[සංස්කරණය]

මහණිගම උන්නැහේ කෙලින් පනාවක් සහ වකුටු පනාවක් ගසා දිග කබායක් සහ සෝමනක් ඇඳ තම සොඳුර කර ඇරපු- හැට්ටයක් සහ සායක් පැලඳ දුව ගවුන් බොනැට් පැලඳ කන්නාඩියක් දමාගෙණ සිටිති

මහණිගම - සොඳුර. මේ ගමේ අනික් මිනිසුන්ට අප සමග හරි හරියට ක්රිගයාකරන්ඩ ඉඩනොදී අපට බැල මෙහෙවර කම් කරගණ සිටින්ට වග බලාගත යුතුයි.

සොඳුර - එහෙම බැල මෙහෙවරකම් කරගණ සිටින්ට රාලහාමි කැමතිද?


මහණිගම - මම කැමතිනෑ

සොඳුර - ඉතින් තමුන් කැමති නැතිදෙය අනුන්ලවා කරවාගන්නේ ඇයි?

මහණිගම - ඔහොම හිතන්ට කාලේ නොවෙයි දැන්. පුළුවන්පමණ මිල සපයාගෙණ අනුන්ට ඔජ වඩපු තරමටයි ලෝකයා සලකන්නෙ - සෙ‍ාඳුර අහලානැද්ද මේ කවිය.

‍කලේ කලවික ලේ කලේ කම්නැත මෙක ලේ බලේ දැක මුද ලේ කුලේ රිංගා ගියයි අකු ලේ

දුව - මුදල් සපයන්නේ අනුන්ට ඔජවඩවන්ට නම් ඒ මුදලෙන් කිසි පලක්නෑ - දෙලෝ වැඩ පිණිස මුදල් පාවිච්චි කළයුතුයි.

මහණිගම - එලෝ බලන්නේ මෙලෝ බලාලයි. දැන් ඉන්න ලෝකේ දැන් ව්යිවහාරය අනුව ක්රිනයා නොකළොත් කවුරුවත් තුට්ටුවකට සලකන්නේ නෑ.

දුව - ලෝකයාගේ සැලකිල්ල වේවා අපහසය වේවා - අප සියලුදෙනාගේම පපුවේ ලගින මුත්තා සතුටු වෙන්ට ක්රිුයාක‍ළොත් ඇති.

මහණිගම - ඒ මුත්තා කවුද ?

දුව - හෘදයසාක්ෂිවය නමැති මුත්තාය. පියානනි ඒ මුත්තා අසතුටුවෙන ප්ර කාර මුදල් සපයන්ට යන්ට එපා.

සොඳුර - ඒ මුත්තා සතුටු වෙන්නේ හරිහම්බු කරන්ට ගියාම මිසක් ඔය රාළහාමි දැන් හම්බුකරන විධියට කිසිකලක සතුටු වෙන්නේ නැත.

මහණිගම - හරිහම්බු කළත් හම්බු කළත්‍ රොක් වෙන්නේ එක තැනටයි - ඒනිසා ම‍ෙග් දුව කිවූ පපුවේ ලගින මුත්තා සතුටු උනත් එකයි නූනත් එකයි මුදල් ඇත්නම් ඔය මුත්තාගෙත් කට වැහෙනවා.

සොඳුර - රාලහාමි ධර්මායෙන් හම්බු කෙරීම හරිහම්බු කෙරීමයි - ඒ නිසා යම් වස්තුවක් සම්භකර ගන්ට කැමැත්තක්



තිබෙනවානම් තම හෘදසාක්ෂි ය පිළිනොගන්න ප්ර කාර වස්තු සපයන්ට එපා - එබඳු වස්තුවෙන් අපේ දරුවන්ට පිරිමහින්නේ නෑ.

මහණිගම - පර්වඑත මුත්තාගේ ඉඩම් කෑල්ල ‍මගේ ඉඩමට යාකර ගත්තොත් මගේ ඉඩම රුපියල් ලක්ෂපයක් තරම වටිනවා ඇති.

සොඳුර - ඇයි දැන් යාවෙලා නොවෙද තිබෙන්නේ ?

මහණිගම - යාඋනාට ඒක මට අයිති නෑ - ඒ නිසා බොරුනඩුවක් දමා ඒ ඉඩම් කෑල්ල අයිතිකරගන්ට ඕනෑ.

දුව - අපොයි පියානනි එහෙම හිතන්ට එපා. මේ සින්දුව මීට ප්රදථම අහලා නැද්ද.

සරණා ලෝකජනා තන්හාවේ ඇතිදෝ සේ නෑ සිහියට ගන්නේ - රෑට ගෙදරවිත් පාන්දර යන්නෙවි - මේ ලොව නිවසීමා ගේදොර සාදා පවුල තබාලා ඉන්ට වෑයම් ගන්නා ඒ බිඳ යන්නා ශෝකය වෙන්නා අමනා සැපා සොයන්නා සක්වල පේනා දුක් බැරි වානා පින්කම් දෙයි සහනා ෴

(විශ්වකර්මස පැමිණේ)

මහණිගම - අයුබෝවන්ඩ නිලමේ - මේ කොහෙ යනගමන්ද.

විශ්වකර්මක - බ්රනහ්මාති බ්රිහ්ම දේවාති දේව වන්දනීයපූජනීය තිලෝගුරු ගෞතම බුදුහාමුදුරුන්ගේ ශාසනය කොපමණ දුරට සිංහල ජනයා ආරක්ෂාම කරගෙණ සිටිනවාදැයි පරීක්ෂාංකරබලා යන්ට ලංකාවේ නොයෙක් පලාත් වලට යමි - මෙහි රාළහාමි සිටින බව ආරංචි වී ආමි.

මහණිගම - දඟ ගෙවල් බුද්ධාගම් කාරයිගෙන් පිරිලා


විශ්වකර්ම - ඉන් පෙණෙන්නේ බුද්ධාගම්කාරයා ආගමානුකූලව ක්රි යා නොකරණ බවයි. ආගමානුකූලව ක්රිේයා ‍කරණ අයට කිසි උපද්රාබවක් නැත - කිසි හතුරෙක් නැත.

මහණිගම - එය මම විශ්වාස කරමි. නුමුත් රට අමුතු වීගෙණ යන මේකලේදී අ‍ාගමානුකූලව ක්රිියා කරන්ට අමාරුයි.

විශ්වකර්ම - ආගමට එකඟවන පරිද්දෙන් ර‍ට අමුතුකර ගත්තාට වැරැද්දක් නෑ.

සංකරාබරණ - දාදරා

සුගත ආගමානුකූල සිරිත් යොග්යූ බැවි කියම් චරිත බෝම දෝෂවේය පිටට පැන්නොතින් එයින් - සුගත අමුතු‍ වෙන්ට ද්වීප මේ කරුණ ඒක බැව් පෙණේය සිරිත ආගමානුකුල කබව දෝෂ යය් සිඳී -

(සියලුදෙනාම නික්මයති)

2 අංකය[සංස්කරණය]

I ජවනිකා - පර්ව ත මහල්ලාගේ නිවස[සංස්කරණය]

(පොල්අතු සෙවිලිකළ ගේක මහල්ලා සහ මුණුපුරා සිටිත්)

පර්වපතමහල්ලා - මුණුබුරෝ දුප්පත් අපේ ඉඩම අර පෝසත් මහණිගම උන්නැහේ අත්පත් කරගන්ට බොරු නඩුවක් දමා තිබේ.

මුණුබුරා - සීයා ඉඩ දෙන්ට එපා

මහල්ලා - නුදුන්නොත් අපට අන්තරාකර දඬුවම් පමුණනවා ඇත. මේරටේ පෝසතා දුප්පතාට අනුකම්පාවක් නැත.

මුණුබුරා - සදාකල් ජීවත් වෙනවානම් ඔහොම කොල්ල කෑවට කමක්නෑ. අද මට හෙට උඹට. ඔහොමතමා එක එකා ටත් සියලුම ජාතිවලටත් නියමවූ ලෝකධර්මඔ පිළිවල.



මහල්ලා - මට සැනසිල්ලේ නහින්ටනෑ. මේගැන ‍මගේ හිතේ පවතින් ක්රෞලධය නිවාගන්ට බෑ - මළොත් යකෙක් වෙලා ඉපිද ඔය මහණිගමයාගේ බෙල්ල කඩා දමනවා දමනවා මෙන්න කැට.

මුණුබුරා - එයින් උඹට ඇති සැප කුමක්ද - යකෙක් වෙලා උපන් ආත්මභා‍වයේදී බොහොම දුක්විඳින්ට වෙයි.

මහල්ලා - සසරේදුක එහෙමතමා - මේ ඉන්න ටිකදවසට ඉන්ට නොදෙනකොට මොකද දුප්පත් මම කරන්නේ - පලිගන්ටත් අතමිට නෑ - යකෙක්වෙලා ඕකාගේ බෙල්ල කඩනවා සත්තකයි.

මුණුබුරා - ඒකාගේ බෙල්ල කැඩුවාම උඹටම ඒක පලදෙනවා. දන්නේ නැද්ද. මෝඩසීයා. එහෙම හිතන්ට එපා - ක්රොභධය ජයගන්ට පුලුවන් මෛත්රිීයෙන් මිසක් ක්රෝධයෙන් බැරිබව අහලා නැද්ද.

මහල්ලා - ඔහොම මෛත්රිෙ කරන්ට ගියොත් මේ ලෝකේ ඉන්ටබෑ

මුණුබුරා - මෛත්රිොයෙන් විනා අන්කිසි විධියකින් මේ ලෝකේ ක්රිෑයාකරන්ට ගියොත් අන්තරාපිට අන්තරා පැමිණෙන බව සත්තකයි - ඒ නිසා සීයා ඔය ගැන වෛරකරන්ට එපා.

මහල්ලා - ඔයගැන වෛර නො‍කළොත් කුමක් ගැනද වෛර කරන්ට ඕනෑ. මේ ජීවිතයේදී පලිගන්ට බැරිනම් මැරිලා යකෙක් වෙලා ඉපිද පලිගැණීම සාධාරණ බව දැනගණින්.

මුණුබුරා - සීයාගේ මතය වැරැදී - අනුන්ට අන්තරා කරන්ට හිතූ පමණින් තමුන්ටම අන්තරා සිද්ධවෙන බව සීයා දන්නෙ නැද්ද- මේ ඉඩම් කෑල්ල සීයාට ල‍ැබෙන්ට පෙර තව කීදෙනෙකුට අයිතිව තිබෙන්ට ඇද්ද. කෝ ඒ සියලුදෙනාම ඉතින් සීයේ ඔය වස්තුව ගැන ආලයෙන් මළොත් බොහෝ කාලයක් දුක් විඳින්නේය. ඒ නිසා මරණය සිහිකර සතිපට්ඨානය හොඳාකාර කියවා බලා හිත සුද්ධකරගණින්

මහල්ලා - ඔය සතිප‍ට්ඨානය බලනකාලයක් නොවෙයි දැන්. මේ කොට ජීවිතයේදී කාලා බීලා නටාලා ප්රීඳතිවෙලා ඉන්නවා මිසක් සතිපට්ඨාන කරන්ට ගොසින් මරිමට්ටාන වෙන්ට බැරිනෑ.


මුණුබුරා - සතිපට්ඨානයෙන් මරිමට්ටාන වෙන බවක් නොදනිමි - ඒක සීයාගේ මහ මොට්ට මතයකි - ඒ උතුම් භාවනා පොතට දෙන්ට නිසි නම්බුව නොදත් නුඹ සමග වැඩි ව‍ාදයෙන් කම්නැත - උඹට ඕනෑ මල ඉලව්වක් කරගෙණ මකබෑවෙයන් කීදෙය නොඅසන ගුරු උඩින් ගියත් එකයි පහළින් ගියත් එකයි.

මහල්ලා - ඔය පහළින්යන ගුරෙක් නොවෙයි මම. උඩින් යන ගුරෙක් බව දැනගණින්.

මුණුබුරා - ඔව් ඔව් මට පෙණෙනවා උඹට ඉහළ පහළ දෙකම වැරදිලා බව.

මහල්ලා - බොල ජඩයා තොට වැරදුනාට මටත් වරදිනවාද - කළඑකාට නොකරණ එකා හරකා තෝමට කන්ට දුන්නොත් තොට කන්ටදීම මගේ යුතුකමනම් ‍තෝ මට ගැසුවාම තොට මගේ ගැසීම අයුතු වෙන්නේ කොහොමද ?

මුණුබුරා - ඔයදෙකේ වෙනස සීයාට පැහිලත් නොපෙණෙන එක පුදුමයි - පින් පව් දැන්වත් දැන ගණින් - පළමු ක්රිමයාවෙන් හිත පිරිසිදු වෙනවා - දෙවෙනි ක්රිනයාවෙන් හිත කිළුටු කරනවා - හිත කිළුටු කරණ සියල්ලක්ම පව් - හිත පිරිසිදු කරණ සියල්ලක්ම පින්. පි‍ෙණන් තමා සියලුම ඉසුරු මනුෂ්යසයාට ලැබෙන්නේ.

මහල්ලා - හිත පිරිසිදුකරගැන්මද පින් කියන්නේ ?

මුණුබුරා - වෙන මොකද? සියලුම පාප ක්රිලයා නොකර කුසල් කෙරීමෙන් හිත පිරිසිඳුවෙයි - ඒක තමා බුද්ධාගම

මහල්ලා - මුණුබුරෝ බුද්ධාගම සර්ව්සාධාරණ නුමුත් වැරැද්දට වැරැද්ද නොකළොත් මට එය කැපෙන්නේ නෑ

මුණුබුරා - ඔහොම කරන්ට ගොසින්තමා අර උසාවිවල උදේ පටන් සවස වෙනතුරු ගෑණු පිරිමි කඩල කකා වේලෙන්නේ - ඔයටික නොදන්න හින්දා තමා මෛත්රිකයේ බලය දන්නවානම් ඔය නඩු එකක්වත් උසාවියට යන්නේනෑ.

මහල්ලා - ඔය මෛත්රිේය ගැන වැඩිදුර කථාකරන්ට එපා මට අඩස්සිය හැදෙනවා.


(සීයාට අසනීපවේ)

මුණුබුරා - අපොයි අපොයි සීයා (පපුව අතගායි) ඉතින් කවදා ‍වත් මම ඔය ගැන කථානොකරමි - සිහි වෙයන් සීයා - සිහිවෙයන්

(මහල්ලා සිහිවෙයි)

පහඩි - ත්රි-තාල්

මහල්ලා - ඉතින් මුණුබුරාව මට්ටු වෙන්ට මට අඩස්සි සිද්ධවිය එකටෙක කෙරීම බෝම යොග්යවබව සිතන්ට සිද්ධවිය වස්තුගැන ආලය තිබේ. ක්රො‍ධ ගිනි මැලේකි මාහද උගෙ බෙල්ල කඩාලමි යක්ෂෙ වෙසක්ගෙණ ඉපිද බුදුන් කීවත් වරද -

මුණුබුරා - ආලේ දොස් පෙනේ මසීයා මහ ක්රොාධ ගින්නෙන් දැවීයා නිවාපාන් මෙත්පැන් දමාලා

මහල්ලා - මෝහේ තාගේ පාන්ට ආවේ මට ඇය් චණ්ඩාලයා මේ

(නික්මයති)

II ජවනිකා - වීථියක්[සංස්කරණය]

(වීරරාම පුල්ලේ සහ හෙලෙනාහාමි පර්වපත මහල්ලාගේ ලෙඩ බලන්ට යති)

වීරරාම - බැන්ද බැන්ද පෙම් දැන් වැඩුනිබෝ මධුරකථා පාන බිරිඳ - සිර්ත්විර්ත්සේ සිටින්ටා දනී බැන්ද බැන්ද පෙම්දැන් වැඩුනිබෝ නැත කිසිචණ්ඩිකම් මැහුම්ගෙතුම් සොඳින්දැන වසාය කන්ට බොන්ටදෙයි හිත නැති සංචල් හෙලෙනා හොඳයි නැත කිසිදොසක් තැනෙයි පවුල් මෙලෙස් - බැන්ද බැන්ද පෙම් දැන් වැඩුනි බෝ -

හෙලෙනා - කන්ට බොන්ට දෙය් දැන් මහිමියා - නොමැතද සුරාබීම ගෙදර ඇවිත් අඹුන්ටා නොදෙන්නා ‍ බැ‍ට - කන්ට බොන්ට දෙය් දැන් මහිමියා කණකර රත්තරන්


ඉඳුම් හිටුම් ඇඳුම් ඇත ලකල් ඉස්තරම් බොජුන් එලවලු වර්ගෙ ත් නිවසමි මෙමම් බුදුන් සොඳින් වඳිමි - කන්ට බොන්ට දෙය් දැන් මහිමියා -

වීරරාම - සොඳුර සිංහල වංසේ ස්ත්රිඳයකි - මම දෙමළ වංසේ පුරුෂයෙකි - අප දෙදෙනාගේ විවාහය සමහරුන්ට ඇදවෙලා පෙනෙන්ට පුළුවනි -

හෙලෙනා - දෙමළ වංසේ ජනයාට යහපත් ආය්ය්ක සිරිත් යහපත් ඇඳුම් පැලඳුම් යහපත් කෑම බීම යහපත් සිරිත් විරිත් යහපත් ශිල්පශාස්ත්රා්දිය තිබෙන කොට සිංහල ජනයාගෙත් දෙමළ ජනයාගෙත් ඇති වෙනස බොහොම ටිකයි. මෙබඳු මගුලි වලින් කිසි වැරැද්දක් මට ‍පෙණෙන්නේ නෑ. –

වීරරාම - ශ්රී වික්රවම රාජ සිංහගේ කාලේදී මෙබඳු මගුල් එමට කෙරුණෘ දැන්තමා මේවා අරුම පුදුම -

හෙලෙනා - එසේ අරුම පුදුමයකට ගන්නේ කාරණා නොදත් අයයි -

වීරරාම - අපට උපදින දරුවෝ යහපත් සංකර පරම් පරාවක් වෙති -

හෙලෙනා - ඒක එහෙම තමා - ඒ දරුවෝ බුද්ධාගමේ වැඩෙති

වීරරාම - බුද්ධාගම දෙමළජනයා වැළඳගත්තාට වැරැද්දක් නෑ

හෙලෙනා - අර මහණිගම උන්නැහේගේ අපේ පර්වැත මුත්තාට බොරු නඩුවක් දමලා දුප්පතාගේ ඉඩම අරගත්තා. මුත්තාට ඒ ශොකයෙන් අසනීප වෙලා බොහොම අමාරුයි -

වීරරාම - මහණිගම උන්නැහේගේ විශාල ඉඩමට මුත්තාගේ සුළු ඉඩම්කෑල්ලක් යාකරගත්තා ඒක හරි හම්බු කෙරිල්ලක් නොවේ.

හෙලෙනා - හරි හම්බුකරලා පෝසත් වෙන්ට බෑ හරි හම්බු කියන්නේ ධර්මනයෙන් හම්බ කෙරීමයි -

වීරරාම - හරි හම්බු කරලා පෝසත්වෙන්ට පුලුවනි - නුමුත් මහණිගම උන්නැහේගේ මේ ක්රිරයාව හරි හම්බු කෙරීමක් නොවෙයි.

(සිංහල වෙදෙක් බේත් කාරක අඩංගු හැරමිටියක් අතින් රැගෙන පැමිණෙයි)


වෙදරාල - අනේ අනුකම්පා මාසිත්හි බෝසේ තිබේ ඒ බෝසේ තිබේ දැන් මහල්ලා මළේ - ‍අනේ අනුකම්පා මාසිත්හි බෝසේ තිබේ කම්මුතුයි පර්වපත මුත්තාගේ ප්රා-ණේ දැන් හැංගී බේත්නෑ බීවෙ කිසිත් ක්රොමධයෙන් දිව් හානිවුනී බෝ කිපී කීවාවි යකා උපදිඤ්ඤාය කියා මුත්තා මැරෙද්දී හෘදය කම්පාවුනා -

හෙලෙනා - වෙදමහත්මයා බේතක් දුන්නේ නැද්ද

වෙදා - මේ හැරමිටියේ තිබෙන්නේ බේත්කාරක තමා. නොයෙක් කල්ක නොයෙක් ගුලි මෙහි තිබෙනවා. නුමුත් කිසිබේතක් නොවී ක්රොකධයෙන් දිලිහී දිලිහී මළේය.

හෙලෙනා - අහෝ ආලයෙන් මළොත් ගොසින් උපදින්නේ ප්රෙනත ලෝකේ තමා - අපි දැන් යන්නේ මුත්තාගේ සැප සනීප කොහොමද කියා දැනගන්ටයි.

දැන් ඉතින් මිනිමලගම් යන්ටඋනා -

වෙදා - මගෙන් එකබේතක් බීව නම් ඔය පණනල යන්ට දෙන්නේ නෑ - බේත් නොබොනකොට ලෙඩ සනීප කරන්නේ කොහොමද

වීරරාම - වෙදමහත්මයාලාගේ ඔය වටිකා අපේ වෙදුන් ගාවාත් තිබෙනවා

වෙදා - දකුණු ඉන්දියාවේ ජනයින්ට ශාස්ත්රවය දුන්නේ අගස්තිඍෂීන්වහන්සේය. උන්නාන්සේගේ පොත පතේ ඔය නැතිවෙන්ට බෑ. අපේ වෙදකම නොයෙක් විධියෙන් තිබේ - ගුලි, තෙල්, කල්ක, කසාය මොදක, අරිෂ්ට, ගිරිත යනාදී වශයෙන් කැමති ලෙඩකට නිසි ඖෂධ තිබේ.

වීරරාම - එය සාදා තබාගන්ට බොහොම මිල මුදල් ඕනෑ කරනවා නොවේද.

වෙදා - එහෙම තමා මේ හැරමිටියේ පමණක් රුපියල් පන්සීයක බේත් අහුරා තිබේ - යහපත් වෛද්යය ශාස්තු ය අටේ නැතිවෙන්නේ යහපත් බුද්ධ ධර්ම-ය අත්හැර දමන්නා වගේය.

වීරරාම - වෙදමහත්මයා දැන් ගෙදරද යන්නේ


වෙදා - නෑ මේගමන්ම තව ලෙඩෙක් බලන්ට යන්නෙමි

වීරරාම - හොඳයි අපි දැන් යන්ට ආ ගමන නොගොසින් බෑ. ආයුබෝවන්.

වෙදා - දෙයියෝ රක්ෂාන කරත්වා

(වෙදා නික්ම යයි)

හෙලෙනා - කෝපනොවී පෝසත්තු මේදීපා ලව් ‍තබා භෛෂජ්ය් ගාරයා

වීරරාම - ශරීරේ පුරාණේ නිරොගී උනා වෙද්දූ සිටියෝ ගමින් ගමා

හෙලෙනා - කෝපනොවී පෝසත්තු මේ දීපා ගව් තබා භෛෂජ්ය ගාරයා බෝම පින් සිද්ධවේ කල්නෑර තබාලා ශාලා ලක්දිවේ ඉන්නකාටත් දෙව් බේත් වන් කල් රෝගා

වීරරාම - කාබ්බී ලෝකසැපෙන් කාම ම‍ඩේහි ලැග්ගොත් පට්ටපල් මෝඩයෝවෙත් මේ ජනෝ ලංකාදිපා

හෙලෙනා - හා ශරීරේ පුරාණේ නිරෝගී උනා වෙද්දූ සිටියෝ ගමීන් ගමා

(නික්මයති)

III ජවනිකා තුසිතභවන[සංස්කරණය]

නාථදෙවියෝ, දුටුගැමුණු, සැදැහැතිස්ස, කාවන්තිස්ස, විහාරමහාදේවි සහ දිව්යංතගනාවෝ සිටිති. නාථදෙවියෝ උස් ආශනයක වාඩිවී සිටින සේක. දිව්යාංයගනාවෝ පරසතුමල් අතින් රැගෙණ ගී කියා නටති -

දිව්යාංයගනාවෝ - නාථදේව මෙත්බෝසතානෝ දෙව්සැප විඳ ඉන්නෝ - මෝහෙන් මුදාලති ලෙව්වන් - නාථදේව මෙත්බෝසතානෝ දෙව්සැපවිඳ ඉන්නේ මොක්පුර පෑමට ඉපිද මනුලෝ බුදුවන්නෝ මතුකාලේදී - ඒගැන තොස්වී - දැන්කියා ගී - පාමු රැඟුම් පේවී - මෝහෙන් මුදාලති ලෙව්වන් බූ ලෝ වඩිනා ඒ කාලේ මොක් සම්පත් තුම් ලබතෑකි - බුදුවෙන මේ දෙයියන්ගේ පිණේ - කාටත් දැන්දැන් තේරී - මොක්පුරු පෑමට ඉපිද මනුලෝ බුදුවන්නෝ‍ මතු ‍කාලේදී - ඒගැන තොස්වී - දැන් කියා ගී-පාමු රැඟුම් පේවී - මෝහෙන් මුදාලති ලෙව්වන් -


සාධු සාධූ මහා භද්ර කල්පේට බුදුවරයෝ පස්නමකි - කකුසඳා, කෝණාගම, කාශ්යකප, ගෞතම, මෛත්රෙ ය යන පසිනමයි - අපේ මේ නාථදේවයන්වහන්සේ මෛත්රෙකය නමින් බුදුවනකා‍ෙල්දී අපිත් මෙයින් චුතවී ගොස් මනුෂ්යටලෝකයේ ඉපිද උන්නාන්සේගේ ශ්රීව මුඛයෙන් දෙවා වදාරණ ධර්ම්ය ශ්ර්වණය කර නිවන් යන්ට පතමු.-

(විශ්වකර්ම පැමි‍ෙණ්)

විශ්වකර්මක - සම්පතින් මත්වී ජනෝ හෙළදිවේ මෙදා ඉන්නෝ වස්තුවෙන් ගන්නා පලේ කුමක්ද නෑ තේරී අනේ දාගැබ් උතුම් පැමිණී ජරා බෝම තිබේ ලංකාවේ සිල් ගන්නෝ බෝම හිඟයි බුද්ධ ධර්මා නෑ තේරී

නාථදෙවියෝ - පස්පවින් වන්නා දොසා නොපෙණෙදෝ මෙදා උන්ටා සීල නැත්නම් ඒ රටේ කුමක්ද දැන් ගන්නා ‍පලේ ලෝකේ ඉතින් අධම අතේ යාය සුරා බීමෙහි ලොල්වී බෝ ඉන්න ජනෝ මට්ටු වෙත් මැයි සංසංරේ -

දුටුගැමුණු - දම් සොඳින් දන්නා ‍ජනෝ හෙළදිවේ මෙදා නැද්දෝ කම්සැපේ ඉන්නේ ගැලී සුරා බි බී මස්කා මරා පන්සිල් ඉතින් නොරැක ජනා වංස නසී ලංකාවේ බුද්ධාගම්කාර ජනා මන්ද යන්නේ වල්පාරේ -

විහාරමහාදේවි - ලෝසසුන් සත් දත් ජනෝ රැකගණිත් දහම් තේරී


පින් මගේ යත්මැ යි සොඳින් අරක්කු රා මත්පැන්නොබී මේවා නොදත් අමනජනෝ බෝම දුකින් සංසාරේ ඉන්නාහු කල්ප ගණන් මොක්ෂහ සම්පත් කෝ උන්ටා -

කාවන්තිස්ස - පින්බලේ වාගෙ ‍අහෝ නැතබලේ තිලෝ තුල්ලේ ඒ නිසා පුණ්යත ක්රිනයා කෙරීම සෑහෙයි ලෝජනා මෛත්රීස ගුණෙන් සත‍ට අනේ ඉන්ට ජනා ලංකාවේ කාලේ දැන් දැන්ම තමා ධර්ම යය් ලෝ පෑදිලා -

විශ්වකර්මය - පින්කළ තරමට මෙම දිව්ය ලෝකවල සහ මනුෂ්ය ලෝකයෙහිද කාමසැප ලැබෙන බව පෙණේ.

නාථදේව - පින්කළොත් එය ලැබෙනවා නිසැකයි - කාමසැප විඳ විඳ ඉඳීමෙන් සසර කොට වෙන්නේ නෑ - එනි සා සීල භාවනාදිය ඕනෑ කරයි - සීලයෙන් සසර හෙවත් සංසාරය කොට වෙන්නේය.

විශ්වකර්මෙ - ලංකාවට ගියගමනේදී සිල්ගන්ට කීපදෙනකුටම අවවාද කලෙමි. කලිසන් තොප්පි අඳින සිංහල මහත්තුරුන්ද ගවුන් අඳින සිංහල නෝනාවරුද සිල්ගැණීමට ‍මැලිවෙති.

නාථදෙවියෝ - අහෝ ලාමක කල්පනාවකි - පු‍රාණේදී වාගේ ලක් වැසියා සීලයට බැස්සදාට ශ්රීා ලංකාද්වීපයට මිහිබට දිව්යිලෝකයක් වන්නේය. (නික්මයති) විවේක කාලය


3 අංකය[සංස්කරණය]

I ‍ජවනිකා - අලකපුර[සංස්කරණය]

වෙසමුනි රජ සිංහාසනේ වාඩිවී සිටී. තතෝලාය, තත්තලාය, තතෝලාය, ඔජසිය, තෙජසිය, තතෝජසිය, සුරය, රාජය, සුර රාජය, අරිට්ඨය, නෙමීය, අරිට්ඨනෙමීය යන යක් පිරිසක්ද සිටිත්. ‍

යක්පිරිස - පිරීය මේ පුරේ බෝසේ ඓශ්වය්ය් යෙන් මේ දෙය්යන්ගේ - බලේ පවත්නේ මේ ලෝකේ පිනී මන ශක්රර‍ දෙය්යන්ගේ - සැම යක්ෂපයෝ මෙම දෙයියන්ගේ පිරිසා - රකිවි ශක්ර යාගේ ලෝබලේ පෙන්නා යක්සේනා වේ - සිඳී අසුරන්ගේ දප් බෝසේ කිපී රජා මෙම යක්ෂය‍ සෙනාවේ - අසුරා ‍බලේ බිඳ දැම්මා මේ රජිදා -

වෙසමුණි - එලෝක ශක්ර් දෙයියන්ගේ රක්නාවූ එක් දෙයියෙක් ‍මම් - සිටිත් තව දෙයියෝ තුන්නමක් මෙදා රැක ශක්රර ලෝකේ තුම් -

අසුරා ඔදේ බිඳ දැම්මා මා පිරිසා -

තත්තලාය - චාතුම්භාරාජිකය, ත්ර යස්ත්රීංෙශත්ය, යාම, තුෂිත, නිර්මාදණරතිය, පරනිර්මිත වසවර්තිය යන දිව්යය ලෝක හයෙන් පළමුකී චාතුර්මහාරාජිකය සහ ත්රියස්ත්රීං්ශත්ය යන දෙදෙව්ලොවට අධිපති ශක්රජ දෙව් රජුගේ එම දිව්ය ලෝක අසුරයන්ගෙන් බෝරා ගැනීමට ඉදිරියට පැමිණි යක්ෂ සේනාධිපති වෙසමුනි හෙවත් වෛශ්රටවණ නම් ඔබවහන්සේ උතුරු දිගට අධිපතිය - දකුණු දිගට අධිපති විරූඨ නම් දෙවියෝ කුම්භාණ්ඩයන්ට අධිපතිය, පෙරදිගට අධිපති ධෘතරාෂ්ට්රි දෙවියෝ ගන්ධර්වියන්ට අධිපතිය, බටහිරට අධිපති විරුපාක්ෂ් දෙවියෝ නාගයන්ට අධිපතිය.

තතොලාය - ඔබවහන්සේලා හතර නමට හතර වරම් දෙවියෝයි කියා නමක් ව්යලවහාරවේ.

තතොතලාය - බුද්ධ ශාසනය ආරක්ෂා කරණ සතරවරම් දෙවියෝ නම් විෂ්ණු, කතරගම, විභීෂණ, සමන් යන දෙවියන් වහන්සේලාය.

වෙසමුණි - මහෙශාක්ය, යක්ෂයෝ සමහරෙක් බුද්ධ ධර්ම යට පුසන්නය - මහර නීච යක්ෂ-සයෝ අප්ර්සන්නය - මේ අප්‍රසන්න යක්ෂනයින්ගෙන් උවදුරු මනුෂ්ය්යාට පැමිණේ - ඒ වැලැක්වීම පිණිස සිව්වරම් දෙවියන් විසින් දෙන ලද ආටානාටිය භාග්ය වත් බුදුරජාණන් වහන්සේ වලංගුකළසේක.

ඔජසිය - ආටානාටිය පිරිත කියනකොට ස්වාමිනි අප‍ට ඉන්ට බැරිය. සියලුම යක්ෂවයෝ පස්ස නොබලා දුවති.


වෙසමුණි - අහසෙහි මවනලද මාගේ නුවරවල් කීපයක් ඇත - එනම් ආ‍ටානාටාය, කුසිනාටාය, පරකුසිනාටාය, නාටපුරියාය, අපර කුසිත නාටාය, කපීවත්ත, ජනොඝ, නවනවතිය, අම්බර අම්පරවතිය යන මේවාය. ආලකමන්දා නම් රාජධානියක්ද මට තිබේ. එසේම විෂාණා නම් රාජධානියක්ද තිබේ. එසේම ධරණී, භගලවතී යන විල්ද මාගේ රාජධානියේ තිබේ. එකානූවක් ඉන්ද යන විල්ද මාගේ රාජධානියේ තිබේ. එකානූවක් ඉන්ද යන නමින් මට පුත්රරයෝ සිටිති. මේ සියලුදෙනාම භාග්යමවත් බුදුරජානන් වහන්සේට නමස්කාර කළෝය.

තෙජසිය - භික්ෂු න්ගේද භික්ෂු ණින්ගේද උපාසකවරුන්ගේද උපාසික වරුන්ගේද උවදුරු වැලැකිවීම පිණිස ආ‍දටානාටිය පවතී - මෙම ආටානාටිය බුදුරජුන් විසින් වලංගු නොකළා නම් මනුෂ්යයයන්ට අපෙන් බොහෝ හිරිහැර ලැබෙනවාට සැකනැත.

තතොජසිය - සිව්වරම් මහ රජුන්ගේ වචන නොඅසන රෞද්ර වූ වේගවත්වූ අමනුෂ්ය යෝ සිටිති. ඔවුහුද ආටානාටිය සූත්රයයෙන් දමනය වෙති.

(යක් බෙරයක්ද නලාවක් රැගත් ගන්ධර්වුයෝ දෙදෙනෙක්ද කුම්භාණ්ඩයෝ දෙදෙනෙක් ද නාගයෝ දෙදෙනෙක්ද පැමිණ වෙසමුණි රජුට වැඳ පැත්තකින් සිටිති)

වෙසමුණි - ධෘතරාෂ්ට්රු දෙවියන්ගේ පිරිසට අයිති ගන්ධර්‍ම්යන්ද විරූඪ නම් දෙවියන්ගේ පිරිසට අයිති කුම්භාණ්ඩයන්ද විරූපාක්ෂර දෙවියන්ගේ පිරිසට අයිති නාගයන්ද මෙහි පැමුණුනාට සන්තෝෂ වෙමි - ඔය බෙර ගසා නලා පිඹ සියලු දෙනාම ගී කියා නටවි -

(යක්ෂයෝ පන්දම් අරන් නටති)


ගන්ධර්වෂයෝ - උතුරු දිග අදිප ති පිරිසට යකුන් අදිප ති වෙසමුණි රජ බැලැ ති රැඟුම් බැලුමට නොමැත අකැමැ ති

වරම්ගෙණ රජු වැ ඳ දක්වම් රැඟුම් සබමැ ඳ

අලකපුර ඇති සො ඳ දනින් කොටසක් ලැබෙයි මෙමස ඳ

ඩෙන්න ඩෙනා ඩෙන න‍ාඩෙන ඩෙන්නා

ගී තෙ ට තමපද තබමින් සබමැ ද දෝ ත ට ගෙණගිනිපන්දම් රජුවැ ඳ තා ලෙ ට නටන‍ට දුටුවන් බියවැ ඳ ලෝකෙට ලෙඩදෙන යක්සෙන් දුටුව ද

සි ර සෙ හි නා පෙන පොළ‍ඟෙකු මුවෙ නා ඩැ හැ ගෙ ණ යන රඟ බලමැන මෙදි නා වෙ ස මු ණි රජ අණ පිළිපැද සොඳි නා නි ව ස ති මෙපිරිස බුදුගුණ අස නා

වෙසමුණි - නු‍ටුම් නවතවි. කවුද මා සම්භවෙන්ට එනවා - (පර්ව ත මුත්තා මළයකෙක් වී පැමිණේ)

පර්වපතමුත්තා - ප‍ාපේ තදසාපේ පත්වී සිහල දීපේ අනේ උනේ කරුමේ දෙවියනේ උපන්රටේ මාප්‍ාේ ෙණ් එක්ෂ ණේ ක්රොපධෙන් ගියා කාලාබැටේ ආදීයේ මාගේ මුත්තා රන් දී මිලේට ගත්තා මා සිටී ගේද ‍වත්තා ඒ සල්ලෙන් චෞරා ගත්තා සිහල දීපේ ප‍ාපේ තද සිපේ පත්වී -

වෙසමුණි - කවුද තොපේ ගේදෝර කොල්ලකෑවේ.

පර්වුතමුත්තා - දේවයන් වහන්ස මහණිගම කියා පෝසතෙක් සිංහල ද්වීපයේ නිවසයි - ඔහුගේ ඉඩමට මාගේ ඉඩම යාකර ගන්ට එය කොල්ල කෑවේය එය කොල්ල කෑවේය - ඒ ක්රොමධයෙන් මගේ පණ හානිවී ප්රේලත ලෝකයේ උපන්නෙමි. මට ඔබවහන්සේ තුන් මාසකට වරමක් දුන මැනවි.

වෙසමුණි - කුමක් කරන්ටද?

පර්වුතමුත්තා - ඔහුගේ පවුලට අන්තරා කරන්ටයි.

වෙසමුණි - වැරැද්දට දඬුවම නීති ශාස්ත්රරයේදී නියමයි- නීතියේ හැටියටතමා මේ සියලුම ලෝකවල වැඩකෙරීගෙණ


යන්නේ - බලසම්පන්න ජනන් දුර්ව ල ජනයින්ට හිංසා කළාම මනුෂ්ය ලෝකයේදී පළිගන්ට බැරිඋනත් මාගේ වරම් ඇතුව මේ ආත්මයේදී පළිගන්ට ඔවුන්ට පුලුවන - ඒ නිසා තොපට කර තිබෙන අපරාධය එසේ මෙසේ එකක් නොවන බැවින් ලංකාද්වීපයට පැමිණ මහණිගමයාගේ පවුලට කරන්ට හැකි අන්තරාවක් තුන්මාසයක් ඇතුලදී කරදමා මෙහි මට දන්වන්ට වර.

පර්වරතමුත්තා - එසේ යහපති දේවයන්වහන්ස

(නික්මයති)

II ජවනිකා - වීථියක්[සංස්කරණය]

(විරරාමපුල්ලේ සහ හෙලෙනාහාමි ගමන්කරති)

පිලූබරවා - චල්ති

වීරරාමපුල්ලේ - වංස මෙසිංහල භංග කෙ‍රන්නට බීම බෝය ලංකාවේ - චී චී බීම බෝය ලංකාදීපේ පෑගීලා යනවා සද්ධර්මෙ ම බීලා මත්පැන් දීපේ චී චී බීලා මත්පැන් දීපේ මේ

හෙලෙනා - මත්වෙන බීමබොන්නේ ර‍ට නසනා වල්ජන කල්පනාවේ දොස බැවිනා දුප්පත්වී ලොවේ - කන්ඩත්වී හි‍ෙඟ් මධ්යාතපානයේ දොසේ - සෑසී කීය පංචසීලෙන් ස්වාමි -

වීරරාම - සොඳුර උගත් සිංහලයෝ තරමට බීම පාවිච්චිකළාම දෝෂයක් නැතකියා කතාකරති - බීම තරමට පාව්ච්චිකරන්ට හො‍ඳෙයි කියන මුන්නැහේලාගෙන් අනික් සිංහලයෝ බඩපුරාම බොන්ට පුරුදු වෙති.

හෙලෙනා - දෙමළ වංසේ ජනයාටත් වෙලාතිබෙන්නේ ඔය ටික තමා - නුමුත් දෙමළ වංසේ සමහර ප්ර ධාන ජනයෝ බීම මස්කෑම නීචක්රිදයාමෙන් තවම සලකති.

වීරරාම - අපේ රාම මෘති සොඳුර දැක්කා නොවෙද?


හෙලෙනා - ඔව් ඔව් දුවන මෝටර් කාර් පටන් අල්ලා නවත්වන්ට ඔහුට ශක්තිය ති‍බුණේය.

වීරරාම - එලවලු මිසක් ඔහු මස් කිසිකලක ‍කෑවේ නෑ. මත් පැන් පාවිච්චියක් කළේනෑ - අලියෙක් වාගේ ශරීර ශක්තියෙන් හිටියා

හෙලෙනා - පර්වඑත මුත්තා මැරිලා අදට පස්මාසයක් වෙනවා. අපොයි සිටලා මැරුණා පලාතේ බොහොම හොල්මන්

වීරරාම - මළයකෙක්වෙලා උපදිනවායයි කිය කියා පණගිය කොට එහෙමවෙලා ඇති.

හෙලෙනා - එහෙම තමා - මුත්තා මැරිලා තුන්මාසේ පසුවෙන කොටම මහණිගම උන්නැහේලාට වැඩිහොඳක් නෑ - ලොකුසතා කුඩා සතාව අල්ලාගෙණ කා සිය පණ රැක ගිණීම ස්වභාධර්මමයකි - ඔය තිරිසන්නුන් කරණ ස්වභාධර්මැය ප්රාඥාවන්ත මනුෂ්යතයා කරන්ට ගියාම මනුෂ්යසයාගේත් තිරිසනාගෙත් ඇති වෙනස මොකද?

වීරරාම - තිරිසන් පංතියට මනුෂ්යතයා පෙරළෙන්නේ ඔහොම තමා - අපට ඔය මස්කෑම මත්පැන්බීම ඔය දෙකම නැතුව සනීපය ආරක්ෂාකකරගතැකි. සොඳුර අද පාළොස්වක පෝය - යමු බුදුන් වඳින්ට

හෙලෙනා - ඉක්මන්කරයමු - අපේ මිදුලේ මල්වර්ග් කීපයක්ම හිටවා පැන්වක්කර එය ආරක්ෂාමකර ගන්නේ පෝයදාට මල් පූජාකෙරීවටයි - ගෙදර ගොසින් මල් කඩාගෙණ යමු.

වීරරාම - පෝය නෑර ගණිමු රම්ය් සීල සුන්දරී සීල බිම සදාපන් වපුරන්ට පුණ්යගබීජතුම් භාවනාකරපන් සොඳින්ම ධර්මෙු දැක්කූ ප්ර කාර පෝය නෑර නොකර ලෝක හොල්මන් පස්පවින් මිදී ඤානෙන් සිටිමු මෛත්රී පා නිතරා ගන්ට සොඳින් සම්පත් මෝක්ෂ ලොප්වෙය් මේලෙසටා අපේ සසරා දුක සත්තෙන් - මෙත්සිත් පාසිටු සෝබනී


ලෝකෙට බුද්ධ ධර්ම ඤානෙන් දැන -

හෙලෙනා - සත්ය‍ධර්මද දැනෙන වීරරාම පුල්ලෙතුම් - ප්රේනමගුණ මනාවන් - ඇතිවීය මා කෙරේ දැන් නෑ ප්ර මාද බුදුන් වඳින්ට - ගන්ටා සීලේ කියාපු - සත්ය් ධර්ම පතමු භාවනාවෙන් - නිවණ සිතාශාවෙන් ත්රි විධ රත්නයෙන් නිතරා ශාන්ති ලැබේ මේ සංසාර පින්වන්ත මාසැමියා කෙරේ පැවතී සිටියෝතින් - අත්පත්වේ සුරලෝසැප පුණ්යප කර්මත ඉන් වෙය් පල -

වීරරාම - සොඳුර ස්ත්රී-යෝ වනාහි පාදචාරිකා නමින් ප්ර කට වෙති - පුරුෂයා කෙරේහි නිසිපුතිකාර පවතින ස්ත්රීන තොමෝ මනාපකානිකා නම් දිව්යාංේලනාවී නිර්මාතණ රතිය නම් දිව්යෝලෝකයේ උපදිනවාය -

හෙලෙනා - ඒක මම අහලා නෑ.

වීරරාම - දැන්කාලේ සිංහල ස්ත්රීනයෝ, තම පුරුෂයන්ගේ නම කියා අඬගහති - ජිමී උඹ කොහෙද ගියේ කියා මේ විධියෙන් පුරුෂයාට කථාකරයි - මේ විධිය නොහොබිනා සිරිතකි - මනාපකායිකා නම් දිව්යාංමගනාවෝ තම පුරුෂයන්ට යහපත්සේ පැවතුන ඒ පිනෙන් නිර්මාමණරතියේ දිව්යයසැප විඳිති - ඔවුන්ගේ වර්ණු දේදුන්නේ වර්ණිමෙන් ඇතුව එක එක වෙලා වට එක එක පාටින් පෙණෙති - මාගේ සොඳුරද මරණින්පසු මනාපකායිකා නම් දිව්යාංතගනාවක්වී උපදිනවාට සැකනැත.

හෙලෙනා - අනේ සාධු සාධු. පුරුෂයාට පැවතීම මෙබඳු පුණ්ය ක්රිේයාවක් බව අද ඉගෙණ ගතිමි: ස්ත්රී්ට කරුණාවෙන් ක්රිමයාකරන පුරුෂයා කොහේ උපදීද.

වීරරාම - ඒකමාගේ සොඳුරට දැනගන්ට ඕනෑ නෑ - බොහෝ පින්කරලා අනික් අතට සොඳුර පෙරළුනාම එනම් පිරිමි භාවයක් ලැබූකලක එය දැනගන්ට පුළුවනි - දැන් ගෙදර ගොසින් මල් ටිකක් නෙලාගෙණ බුදුන් වඳින්ට යමු.


හෙලෙනා - හොඳයි ස්වාමිනි ඉක්මන්කර යමු (නික්මයති)

III ජවනිකා - ගෙයක්[සංස්කරණය]

(අංජනන් එලිය තබාගෙණ ගුරෙක් සිටි. වැඩකරුවෙක් බුලත් අතක් රැගෙණ පැමි‍ණේ.)

බහිරව - දීප්චන්දි

වැඩකරුවා - දැන්සැක බෝම මසිතේ ඇත්තෙ යෙදුනේ විනාසේ - මෙම තෑගි ගෙණබාර ගුරුණේ - දන්වනු කාරි සොඳිනේ - එලියක්වත් ඇරලා - කිම්දැයි උපද්රා - තෝරා කියන් මාසංකාව දුරලා - දැන්සැක බෝම මසිතේ -

ගුරු - සිත් සැකයන්ට දුරුවී ශාස්ත්රෙ- බලමි මෙරාත්රීු ම‍ාගෙ අංජනම බෝමහරිවේ - ඉන් එලිවේය රහසේ සැකසිත් දැන් දුරලා දී‍පන් බුලත් මේ තෝරා කියන්නෙම් ආලෝක ඇරලා සිත් සැකයන්ට දුරුවි -

(බුලත් දුන්කල ගුරු පාන ගාවාට ගොස් දුම්මල මතුරයි.)

ගුරු - කොතෙන්ටද එලිය අරින්නේ ?

වැඩකරු - මහණිගම දනව්වට අරිණු

ගුරු - එතන ඉන්න අයෙකුගේ නම කියනු

වැඩකරු - සෝමවතී

ගුරු - දැන් ඉතින් කියන්නේ මාර්ගු විස්තරයි - හොඳට අහගණින් - ඔන්න හතරමංහන්දිය පසුකර දකුණු දිගට යනවා - තාප්පෙන් වටකරනලද විශාල පොල් වත්තකට හැරුණා - උඩුමහල් ගෙයක් තිබේ. අවුරුදු 50ක් පමණ වයසැති දිග රැවුලෙක් ඇ‍ඳේ සැතපී සිටිනවා - තුන්ජා‍මට භයවී අපොයි මා මරන්ට බෙල්ල මිරිකනවා කියා කෑගසයි.

වැඩකරු - ඒ සියල්ලක්ම හරි - එහෙම වෙන්නේ මක්නිසාදැයි බලනුමැනව


ගුරු - අල්ලාපු ඉඩමේ සිටි මහල්ලෙක් ක්රො ධයෙන් මැරී මළ යකෙක්වෙලා මොහුව මැරීමට සූදානම්වෙනවා ඒ මළයකා නොබැන්දොත් ඉක්මණට ආතුරයා මැරෙනවා ඇති.

වැඩකරු - ගුරුන්නාන්සේ ට ඌව බඳින්ට පුළුවන්ද

ගුරු - පව් සිද්ධවෙන වැඩකි - නුමුත් රුපියල් සීයක් දෙනවා නම් එය කරඤ්ඤා -

වැඩකරු - ඒක මම දන්වාලා ගුරුන්නාන්සේව කැඳවන්ට ඉක්මණට එන්නෙමි.

ගුරු - හොඳයි දන්වාපන්

(නික්මයයි)

IV අංකය[සංස්කරණය]

I ජවනිකා - මහනිගම දනව්ව[සංස්කරණය]

(මහණිගම උන්නැහේ, සොඳුර, දුව සහ වෙදෙක් සිටිති.) මහනිගම ඇඳක සැතපෙන්නේය. වෙදරාල නාඩි අල්ලා බලයි.

වෙදා - නාඩියෙන් පෙණෙන්නේ නෑ කිසි අසනීපයක් ඇති බව - මේක මට හිතෙන හැටියට අමනුෂ්ය් දෝෂයෙකි. එබඳු දෝසවලට‍ බේත්දී සහනයක් ලබන්ට බෑ - ගොඩ පිළිවතක් කරවා එම දෝෂය මගඅරවාගන්ට හොඳා.

සොඳුර - එහෙමයි වෙදමහත්මයා - රෑ ජාමෙට භයවී දුවන්ට යනවා - මෙන්න මේ නාකියා මගේ බෙල්ල මිරිකා මා මරන්ට එනවාකියා කොච්චරවත් කෑගසනවා.

දුව - අර අල්ලාපු ඉඩම අයිත්කාර මහල්ලා මැරිලා තුන් මාසයක් ගියදා පටන් තාත්තාට මේ අසනීපය පැමුණුනා.

වෙදා - අංජනම් එලියක් ඇරලා මේ දෝෂය සිද්ධවුනේ කොහොමදැයි පරීක්ෂාටකර බලමු.

සොඳුර අපේ වැඩකාරයා ‍එලියක් බලවන්ට පිටත්කර ඇරිත්කර ඇරියෙමි - වෙදමහත්මයා ටිකක් නවතිනවා හොඳයි - ඌ දැන් එනවා ඇත.

වෙදා - පැයක් දෙකක් මට නවතින්ට පුළුවනි


දුව - මේ මනුෂ්ය ලෝකයේ කී දෙනෙකුගෙන් බේරී කල් අරින්ටද ? ජීවිතව ඉන්න අයින්ගෙන් බේරෙණ කොට මළ අයින්ගෙන් බේරී ඉන්ට නැත.

වෙදා - මෛත්රීෙ කරුණාවෙන් ක්රිීයා කළාම කාගෙන්වත් දෝෂයක්නෑ - ඔය නිසා තමා මෛත්රිෙ ධර්මාය බුද්ධාගමේ අත්තිවාරම

(වැඩකරුවා පැමිණේ)

වැඩකරුවා - කියාපි අංජනම් එලියෙන් සිදු දෝස පින්වත්නි මැරී මුත්තා යකෙක්වී දැන් ඇවිත් මිරිකූ බැවි බෙල්ලත් කී - විගස එදොස නෑර ලෙඩේ වැඩිවෙන බව කියාපි -

වෙදා - සම්පත අත්නෑරි - අන්වතු ගත්කාරි - පෙණීයාවි දොස් බෝවී - ඒකාරී දැන්තේරී - කාරිනැත වුනි වුනි ලොකු යකුදුරු මෙහි ගෙන්වන්ටා කාරී - සම්පත

සොඳුර මොකද එලිකාරයා කීවේ.

වැඩකරුවා - අනේ ස්වාමිදූ අල්ලාප් ඉඩමේ සිටි පර්වැතමුත්තා ක්රොුධයෙන් මැරී මළයකෙක්වී ඉපිද අපේ රාළහාමිව මරන්ට බෙල්ල මිරිකනවාය කිව්වා.

සොඳුර ඒක මග අරවන්ට පුළුවන්ද කියා ඇසුවේ නැද්ද ?

වැඩකරුවා - ඇසුවෙමි. බොහොම පව්ඇති වැඩක්ය කිවූ නුමුත් රුපියල් සීයක් දු‍න්නොත් එය දෝෂය මග ඇරෙන්ට මළයකා බැඳ දමනවයි කීවා.

සොඳුර රුපියල් සීයක් කාරියක්ද. උඹ ගෙ‍ාසින් විගස ඒ ගුරුන්නාන්සේ අඬගහගෙණ වරෙන්.

වැඩකරුවා - හොඳයි ස්වාමිදූ.

(සියලුදෙනාම නික්මයති)

II ජවනිකා - වීථියක්[සංස්කරණය]

ගුරුන්නාන්සේ සහ ඉඹුල්පේ යක්දෙස්සා ගමන්කරති.

ගුරු - කිසි පින්දම් නොකරන කුම්මැහි උන්නැහෙ. වැටුනා මේපොටෙ ලෙඩවී -


ලෝක කකා සම්පත් බෝ සෙව්වා රිස්ස යාවි මරණේදී උත්පත්තියවී ප්රේීත විමානේ ඉඩම් ගැනම බෝ ලත‍වේ අකුසල් කෙරුවා ඇවිත් මරුවා අරන් ප්රාරණේ යය් විගසේ බීවා විස්කි වටින බැරැණ්ඩි සැම්පින් වැයින් බෝ නොමිලේ ගොසින් අපිදැන් කරමු පිළිවෙන් අරන් මුදල් උන්දෑගෙන් හුඟක් -

ඉඹුල්පේ - මළයක් බන්ධන අකුසල් බැව් මට හැඟුනා බෝලෙස පෙරදී වාසිකලොත් මාසිත් තොස්වෙන්ටා ඒක ඉෂ්ට කරලාමි දුන්නොත් රුපියල් සීයක් මුදලින් යකාබඳිමි කිටි කිටියේ අකුසල් නොබලා ලබා මුදලා කරමි යක්ෂබ දොස් නැතිවේ ලෝබෙන් වස්තු මහණිගමුන්නෑ සෙව්වා ලෙඩින් දැන් වැලපේ ගොසින් අපි දැන් කරමු පිළිවෙත් අරන් මුදල් උන්දෑගෙන් හුඟක් -

ගුරු - සරි සරි - ලෝබයාගේ දේ කෝබයා කනවාලු අනුන්ගේ දේ නමුත් කඩා වඩා කන්ට ගියාම ඔහෝම තමා විපාක.

ඉඹුල්පේ - මේ මෝල් වහන්සේලා මැරෙණබව ටිකක් කල්පනා‍ නොකරන්නේ මන්ද?

ගුරු - මරණය මතක්කරණවාටත් කැමතිනෑ - ඒකතමා විපත.

(නික්මයති)

III ජවනිකා - මහණිගම දනව්ව[සංස්කරණය]

මහණිගම, සොඳුර, සහ දුව සිටිත්. මහනිගම බිම බාවා සිටි.

මහණිගම - අපොයි අම්මේ මා මරණවෝ - මගේ බෙල්ල මිරිකනවා - හුස්ම ගන්ට බෑ දෙයියනේ -


සොඳුර - ‍රාලහාමි රාලහාමි භයවෙන්ට එපා. දැන් ගුරුන්නාන්සේ මෙහි පැමිණෙයි.

මහණිගම - හුස්මගන්ට බෑ. හුස්මගන්ට බෑ - මිරිකනවා මිරිකනවා.

දුව - ඉතිබිසෝ ගාථාව සිහි කර ගන්ඩ පියානනි -

මහණිගම - අනේ ඉතින් බෑ -කම්මුතුයි.

(මහණිගම මැරේ)

බයිරවි - දෝරා

සොඳුර - මරාජි මාගේ ස්වාමින් යක්ෂකයා එක්ෂ ණේදී හා හා හා - බියරවි - දීප්චන්දි

දුව - මළයක්ෂපයා මිරිකා ගෙලේ පියාගෙ දැන් ප්රාමණේ ගියේ විනාසේ මින් යෙදී පෙණේ දෝසේ යකුන්ගෙන් මේ ලොවේ කර්ම විපාකේ සිද්ධවී නැත බේත මීට දම්විනා -

(ගුරුන්නාන්සේ සහ ඉඹුල්පේ යක්දෙස්සා පැමිණෙත්)

සොඳුර - නුඹලා එන්ට මත්තෙන් රාලහාමිගේ පණගියා

ගුරු - අපට පණිවිඩය ලැබුන හැටි‍යේම පිටත්වී ආවෙමු. කරන්ට දෙයක් නෑ - කළදේ පලදෙයි - මුන්නැහේ ගේ තන්හාවෙන් මේ අකාල මරණය සිද්ධවුනා.

සොඳුර - දැන් ඉතින් කරන්ට දෙයක් නෑ - ඉන්න අපවත් බේරෙන්ට යමක් කරගන්ට ඕනෑ.

ඉඹුල්පේ - ඒ කල්පනාව හරි - තුන්මාසේ දානේ දුන්න්යින් පසු අපි මෙහාට පැමිනෙන්නෙමු. සුදුසු ආරක්ෂාවක් කර ඔය දෝෂ අත් අරවන්නෙමු.

දුව - මාතා මේ දෙදෙනාට සුළු තෑග්ගකි දී යන්ට අරිනවා සොඳා

සොඳුර - ඔහු අපේ පනිවිඩයට ආනිසා මේ රුපියල් විස්ස අරගන්ට හොඳා.

ගුරු - කැමැත්තෙන් දෙන බැවින් එය පිළිගණිමි. අපෙන් කිසි


වැඩක් කෙරුණේ නැති බැවින් යමක් බලාපොරොත්තු නොවෙමි.

සොඳුර - කමක්නෑ එය පිළිගන්ට හොඳා.

ගුරු - තමුන්නාන්සේට බොහොම ස්තුතියි - කලට වේලාවට අපට මේ අන්තරාව දැන්නුවා නම් මළයකාට ඔහොම සෙල්ලම් කරනට අරින්නේ නෑ - අපට අවසර.

සොඳුර - හොඳයි - ‍ගොසින් එන්ට හොඳා.

(ගුරු සහ යක්දෙස්සා නික්ම යති)

දුව - මාතා අපේ පියාගේ මෘත දේහය අදාහන කරන්ට ඕනෑ - අපේ බුද්ධාගමේ දක්වා තිබෙන සිරිත් එකක්වත් නෑර කරන්ට ඕනෑ.

සොඳුර - ඒවා රහසින් කරමු. එලිපිට ක්රිාස්තියානි ආගමේ කටයුතු කරමු.

දුව - අපොයි මාතා ඒ නින්දිත වංකක්රි්යාව කරනට එපා. මැරුණ අයගේ ශුභසිද්ධියට තිලෝගුරු බුදුහාමුදුරුවන් නියමකර තිබෙන කටයුතු එලි පිටම ශ්ර ද්ධාවෙන් කරමු - කාටද බය ?

සොඳුර - ඔව් ඔව් ඒක හරි - කාටවත් භයේ අපායට මග කොටන්ට ඕනෑ නෑ.

(නික්මයති)

සියලුම නැට්ටුවෝ පැමිණ කියති.

ශාසන මේ ලංකාවේ රක්නා දෙයියෝ ඉග්රීණසීන් - බූපතිතුම් - දුක්සින්දා දැන් දේහේරෝගා සින්දා රැක්මා දෙත්වා දීසෙත් සාරා පෙන්නා ප්රේතමා - ලංකාදීපේ කෝලාහාලා - සින්දී සෑසී ධර්මෙප තේරී මෙත් සිත් කාටත් පාලා - වැස්සෝ වාස වෙත්වා ලංකා තොස්නෙන් - මෝහේ සුන්වී ධර්මෙරලෝකේ අත්පත් වේවා සව්ලෝව් වන්ටා -

සිද්ධිරස්තු ! ශුභමස්තු !

නිමි.