තිසර සන්දේශය-සංඥාපනය

Wikibooks වෙතින්

වාස්තු විශය

සන්දේශ කාව්ය[සංස්කරණය]

ඉන්දියාවේත් ශ්රී‍ ලංකාවේත් විවිධ භාෂාවන්ගෙන් ලියවුණු සන්දේශ කාව්යය සඳහා ආදර්ශ ග්රවන්ථය වූයේ මහාකවි කාලිදාසයන්ගේ මේඝදූත නම් සංස්කෘත දූත කාව්යතය බව සාමාන්යියෙන් පිළිගනු ලැබූ මතයයි. සංස්කෘත, කේරළ, මලයාල,තෙලිඟු,දෙමළ, සිංහල ආදී භාෂාවන්ගෙන් සන්දේශ කාව්යව ලියවුණේ ඉනික්බිතිවය. කාලිදාසයන් විසින් අචේතනික වස්තුවක් වූ මේඝය හෙවත් වැසි වලාව දූත මෙහෙවරෙහි යොදාගනු ලැබූවත් පශ්චාත්කාලීන කවීහු ඒ සඳහා අචේතනික වස්තු මෙන් ම පක්ෂීන් ද යොදා ගත්හ. සංස්කෘත සන්දේශ කාව්ය ප්රුචලිත වීමෙන් පසුව භාරතීය අලංකාරිකයන් විසින් එහි ලක්ෂණ ද සම්මත කරනු ලැබිණ.


ප්රෂසිද්ධං නායකී කෘත්ය

පුරුෂං වාථ යොෂිතම්

සන්දෙශං ප්රෙරෂයෙද්විද්වාන්

දුතෛර්වංශාදිහි: ශුහෛ:

ඉතිහාස කථා පූර්ව-

මාශී: පූර්වමථාපි වා

දූතන්තු වර්ණයෙදා දෞ

කුශල ප්රවශ්න පූර්වකම්


යන මේ සංස්කෘත ශ්ලෝක අනුව සන්දේශ කාව්ය ලක්ෂණ මෙසේය:

1. කථා නායකයා හෝ නායිකාව හෝ ප්රයසිද්ධ පුද්ගලයෙකු වීම.

2. කාව්යා මුඛය ඉතිහාස කථාවක් හෝ ආශිර්වාදයක් හෝ වීම.

3. ආරෝග්යය ප්රිශ්න පෙරටු කොට දූතයා වර්ණනා කිරීම.

4. යා යුතු තැන කීම.

5. නායක - නායිකාදීන් ට ස්තුති කරමින් මාර්ග වර්ණනා කිරීම.

6. සන්දේශය හෙවත් වෘතාන්තය දැක්වීම.

7. දූතාශිර්වාදය.

පූර්වෝක්ත මේඝදූතය මෙරට පණ්ඩිත ජනයා අතර ප්ර චලිත වී පැවති බවට සාධක තිබේ. මහාබෝධිවංස ගැටපදයෙහි මේඝදුත ශ්ලෝකයක් උපුටා දැක්වීමෙන් ද පොලොන්නරු හෝ දඹදෙණි හෝ සමයේ දී මේඝදූත සන්නයක් සම්පාදනය කරනු ලැබීමෙන් එකරුණ සනාථ වෙයි.

වන්දිතමි හිමි වලා තො ගොසින් අය ‍ෙනවෙස්නට

පිරිබුන් පගා මලයුන දිවොට තො හදහව කිය කියයි. (134)


යනුවෙන් දිගලවාණ වැසි සිරින හිමි විසින් රචිත සීගිරි කැටපත් පවුරු ගීය අනුව ද අටවැනි ශතවර්ෂයේ පමණ විසූ ඇතැම් කවීන් මේඝදූතය දැන හෝ අසා හෝ සිටි බව අනුමාන කළ හැකිය. එසේ ම, සිදත් සඟරාවෙහි එන “මොනරිඳු එකල්හි පුල් සලඟ_නවා ගනි” යනාදී උද්ධෘත පාඨයන්ගෙන් පෙනෙනුයේ පැරණි මයුර (මියුරු) සංදේශ කාව්යතයක් පැවති බවය. මේ කෘතිය කවර දා සම්පාදනය වී දැයි පැහැදිලි නැතත් සිදත් සඟරාව ලියූ අවධියට පෙර, එනම් දහතුන් වැනි සියවසට හෝ ඊටත් පෙර කාලයකට අයත් බව නම් නිගමනය වේ. සිංහලයෙන් ලියවුණු ප්රඟථම සන්දේශ කාව්යටය ලෙස හැඳින්විය යුතු මේ කෘතිය අද නෂ්ටප්රාිය වී ඇත්තේය. සිංහල සාහිත්ය්යේ අද විද්යයමාන පැරණිතම කාව්ය කෘති නම් මුවදෙව්දාවත, සසදාවත යන ඛණ්ඩ කාව්යප දෙක සහ කව්සිළුමිණ නම් මහා කාව්යවයයි. මේ එක් එක් කාව්යයයේ විශේෂ ලක්ෂණය වන්නේ පුරාණ භාරතය පසුබිම් කරගත් බෞද්ධ කථාවක් වස්තු කර ගැනීම සහ වස්තු වර්ණනය සඳහා සංස්කෘත අලංකාර මාර්ගය අනුගමනය කිරීම ද වේ. ඒ මගින් බැහැර වී ‍දේශීය පසුබිමක් තුළ ජීවමාන ශ්රේ ෂ්ඨ පුද්ගලයන් සහ දේශීය වර්ණනා ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් සිංහල කවීන් ලබා ගත්තේ සන්දේශ කාව්ය මාර්ගයෙන් බව කිව හැකිය. අද අප අතර නොමැති, පෙර කී ගී මියුරැ ස‍ර්ඳෙස හැරුණ විට සිංහලයෙන් ලියවුණු මුල් ම සන්දේශ කාව්යී දෙක නම් තිසර, මයුර සන්දේශයයි. තිසර, මයුර ආදී පක්ෂීන් දූත මෙහෙවරෙහි යොදා ලියනු ලැබූ සිංහල සන්දේශ කාව්යය වලට සමානව, එම පක්ෂීන් යොදා ලියූ සංස්කෘත දූත කාව්ය් මාලාවක් භාරතයෙහි දක්නට ලැබේ. වර්ෂ 1500 දී පමණ රූපගෝස්වාමි රචනා කළ හංසදූතයත් විශේෂයෙන් සඳහන් කරනු වටී. මේ හංසදූත කාව්යකයේ අරමුණ වූයේ මධුරාපුරයට ගිය ශ්රී1 කෘෂ්ණ වෙත රාධා ප්රමමුඛ ගෝපීන් හංසයකු අත ප්රේයම පණිවිඩයක් යැවීමය. එහෙත් මේ හංසදූතය හා සිංහල තිසර සන්දේශය අතර අන්යෝේන්ය බලපෑමක් හෝ අභාසයක් හෝ ඇති බවක් නම් නොපෙනේ. පූර්වෝක්ත සංස්කෘත හංසදූතය සිංහල කෘතියට වඩා සියක් වසරක් තරම් බාල වන බැවිනි.


ග්ර න්ථ නාමය[සංස්කරණය]

මෙම කාව්ය යෙහි සන්දේශ භාරක පක්ෂියා තිසරා වන හෙයින් මෙයට තිසර සන්දේශය යන නාමය භාවිත කෙරේ. එහෙත් මේ නාමය කෘතියේ කොතනකවත් සඳහන් නොවන බව කිව මනාය.

1. හංසදූත හෙවත් හංස සන්දේශ මඤ්ජුමතී ව්යාහඛ්යාක, සී. ඒ. ශිලස්කන්ධ නායක ස්ථවිර 1980. තවද බලන්න: “Original and Development of Duta Kavya Literature in Sanskrit” Indian Historical Quarterly Vol. III, pp. 273 ff.

හිමි පැරකුම්බා නිරනිඳුහට තොස්න මමිතුර එම්බා දන්වව මේ අස්න (8) “රස නුසුන් හසුන් මතු කියමි...” (9) යන යෙදුම් අනුව මෙය හසුන් (සන්දේශ) කවක් බව ගම්යකමානය. එසේම, සැරද තිසරිඳුසඳ - සඳ වන් සරා සිරිනද (1) රුති ලෙස වැස සිය නෑ සමඟ පෙම යුතු නිති තොස සිරි විඳ තිසරිඳුසඳ පවතු (190)

  යන ග්රවන්ථාරම්භක සහ අවසාන පද්යන අනුව තිසර නාමය ද තහවුරු කෙරේ. මෙම කෘතියේ ඇතැම් පුස්කොළ අත් පිටපත්වල ද “තිසර සන්දේශය” යන නාමය යොදා ඇත්තේය. මේ කරුණු සළකා වර්තමාන ව්යසවහාරය අනුව මෙම කෘතිය තිසර සන්දේශය යි නම් කිරීම යුක්ති යුක්ත බව නිගමනය කළ හැකිය.

සිංහල සාහිත්යතයෙහි තිසර සන්දේශ නමින් හැඳිනවෙන කෘති තුනක් ඇති බව මෙහි ලා සඳහන් කල යුතුවේ. ඉන් පළමුවැන්න නම් දැතිගම්පුර පැරකුම්බා නම් රජකු දවස රචිත මේ කෘතියයි. දෙවැන්න නම් ශ්රීැ ජයවර්ධනපුර කොට්ටේ යුගයේ දී මෙන් මහනෙත්පාමුල තෙරිඳුන් අතින් ලියවුණ, වර්තමානයේ හංස සන්දේශය නමින් ප්ර කට කෘතියයි. එහි සමාප්ත පද්යුයෙන් ඒ කෘතිය නම්කර ඇත්තේ “හංස සන්දේශය” නමින් නොව, “තිසර සන්දේශය” යනුවෙනි.

පසිඳු වනරතන යතිඳුට දෙවන ලෙස මෙබඳු නමින් සැලසි තිසර සන්දෙස (හංස.204) එහෙත් ග්රනන්ථාරම්භයෙහි එන “සැරදෙ හසරදසඳ” යනාදී ගී බලා ගෙන මේ කෘතිය හංස සන්දේශය නමින් ව්යැවහාර කෙරේ. තෙවැන්න මහනුවර යුගයේ (1856) දී මිදෙල්ලව කොරළ නම් කවියා විසින් රචිත තිසර සන්දේශයයි.

“එසේ හෙයින් වංශ වූ හංස මිත්රොදත්තමයෙක් අරමුණු කොට ගෙන මේ තිසර සන්දේශය නම් වූ ප්රවකරණයක් කථනය කෙරෙමි, හෙවත් රචනා කෙරෙමි...” “එක්වා දහස් සත් සිය පනස් අට තිස පත්වා තැනෙක තිසරෙක් ගියෙය මන ලෙස යුත් වා මිදෙල්ලව මැති‍ඳෙක් විසිනි බස සිත්වා ලෙසට අස වියතුනි වඩා තොස

“තිසර සන්දේශය නිමි”2

යන මේ ග්රයන්ථාරම්භක සහ සමාප්ත පාඨ අනුව එයද තිසර සන්දේශයක් බව පැහැදිලිය. 2. Catalogue of Palm Leaf Manuscripts, Vol. I, W. A. de Silva, 1938 pp.370-71


කාව්යි නිමිත්ත[සංස්කරණය]

තිසරා දූත මෙහෙවරෙහි යොදාගත් කාව්යs කර්තෘවරයා “දැතිගම්පුර...පැරකුම්බා නරනිඳුහට” දන්වන ලෙස හස්නක් යවයි. ඒ බව කාව්යාතරම්භයෙහි සඳහන් කෙරේ.


තුඟු මනරම් බා බෙලෙනදහස ලෙස්න රැක දෙරණම්බා දැතිගම්පුර දිස්න හිමි පැරකුම්බා නරනිඳුහට තොස්න මමිතුර එම්බා දන්වව මෙ අස්න (8) කාව්යා වසානයෙහි දැක්වෙන පරිදි ඒ හස්න මෙසේය.


සව් ඉසුරෙන් සුසැදි - කිහිරැලිපුල් සුරිඳුසඳ සුරිඳුන් අතිනෙවර වර ලදුවන් සුදුසු නිරිඳුන් ඇතෝතිනි ලක රැකුමට පාසු එබැවින් දැන් වැජඹි - පැරකුම්බා නිරිඳුසඳ සත රැක ලක එකසත් කරනුව වෙසෙස වෙත යොමු කර නිති වන තම කුලුණු ඇස ලස නොව විරිදු සෙන් මන් බිඳිමින් නැවත යස තෙද දිගා රූ සිරි දෙවමින් සමත ලෙස සිතු රකුතු මැනවැයි එසුරිඳුගෙ වෙත වැස මෙම ලෙසට අයදිය දියුණමින් සිත (187) සුර නර බිඟු සරන - පද තඹරැති සුරිඳුසඳ රිවි කුල විල සරන රන හස ලියෙක බඳ සුවිපුල සොමි ගුණෙන් පැරයූ සුපුන් සඳ රජ මිණි වැජඹමෙන් - මිනි අකර සිරි සපැමිණි සැදි දෙරණම්බා මුදුනත ලකයුරු මෙම පැරකුම්බා නරනිඳුතුමට ගුරැ සුමිතුරැ බිසෝසඳ දැක කුලුණැසින් උදු වෙමිනොද නිතොර සැරදෙන ලෙස ලක පසිඳු දෙමිනැම ඉසුරු රකිනුය කර සිරි පුරුදු මමිතුරු යතිඳුසඳ අයදිය එසුරනිඳු (188) සිරිසඳ රැඳි සොඳුරැ - උර මැදුරැති සුරිඳුසඳ තෙරුවන් රුවන් වැල සලසා සිය මුදුන නුවණින් යෙදී ලක රකිමින් නිසැකයෙන සුලකළ යස සෙමෙර - දිගු තුඟු ගජන් සවනත සැදු රුපඹුවන් නෙතු රතුපුල් විලස රැඳු තෙදැති මැති උතුමන් වෙත වෙසෙස යොමමින් කුලුණු නෙත යස තෙද කර දියුණ දෙවමින් දිගා විරුසිරි නොමඳ ගුණ ණැන සිය සෙන් සමග රකිනුය මෙරජ මැති ගණ මෙලෙසින් තොසින් අයදිමි හිමි එසරමණ (189) මේ අනුව දැතිගම්පුර පැරකුම්බා නරනිඳුන් වෙතත ගෙන යනු ලැබූ හස්න නම්.


(අ) දැතිගම්පුර පැරකුම්බා නිරිඳුහට ලක එක්සත් කරනු පිණිස විරිදු සෙන් මන් බිඳ යස තෙද දිගා රෑසිරැ දෙවමින් එනිරිඳුන් රක්නා ලෙසද, (ආ) මෙම පැරකුම්බා නිරිඳුන්ගේ මවු වන සුමිතුරු (සුමිත්රාි) බිසොව රක්නා ලෙසද (ඇ) මේ රජුන්ගේ ඇමති සමූහයා සහ සේනාව රක්නා ලෙසද

දෙවිනුවර උපුල්වන් සුරිඳුන් අයාචනා කෙරෙන බවය. උපුල්වන් සුරිඳුන් වෙත මේ ආයාචනය කරනු ලැබූයේ දෙව්නුවරෙහි වැජඹි යතිඳකු විසින් බව 185, 186 යන පද්ය් අනුව පැහැදිලි වේ. තිසර සන්දේශයේ මුඛ්යි නිමිත්ත මේ වුව ද සන්දේශ කාව්යර මාර්ගය අනුගමනය කරමින් මාර්ග වර්ණනාදියෙන් යුක්ත රසාලිප්ත කාව්ය්යක් කිරීම කතුවරයාගේ සාහිත්යනමය අරමුණ ලෙසින් දැක්විය හැකිය. “මැදේ කිවින් පුවතර මේ අසුන්” (කවීන් මධ්යණයෙහි ප්රැසිද්ධ වන්නා වූ මේ හස්න 27) යන පාඨයෙන් ද ඒ බව සනාථ වේ.


කර්තෘ[සංස්කරණය]

තිසර සන්දේශ කර්තෘවරයා ගැන පැහැදිලි සඳහනක් ග්රතන්ථාභ්ය න්තරයෙහි හෝ අනෙක් තැනෙක හෝ වාර්තා නොවේ. කාව්යාලවසානයෙහි දැක්වෙන පරිදි දැතිගම්පුර පැරකුම්බා නිරිඳුන් වෙත ගෙන යනු ලැබූ සන්දේශයට (187 – 189 දසපද සැහැලි) පෙරාතුව යෙදෙන පද්යම තුන සහ ගද්ය් පාඨය විභාග කිරීමෙන් කාව්යත කර්තෘ ගැන යම් එළියක් ලැබේ. සිරිවත් එරඟ කෙළි නළු දැක්මෙන් නොමද තොසවත් එනරනිඳුසඳ බැති පෙමින් වැඳ මෙපවත් පෙරටු කර කියමින් වෙමින් ඔද දන්වත් මැනවි මෙඅසුන් මමිතුර එසඳ (183) කෙපවත් පෙරටු කර කියමිනොහු සතුටු වන ලෙසේ මා කෙසේ වූ රස නුසුන් අසුන් යළි දන්වනු ද යත් (184)

තවසරවරකු හා දෙරණිසුරකු කැමති සමග මිතුරු වනු ලොව පැවතෙන සිරිති මම ද එයින් දෙව්නුවරෙහි වැජඹී නිති මිතුරැ වීමි යතිඳකු සමගව ගුණැතී (185) 6 තිසර සන්දේශය

රසනුබසේ යුතු එමිතුරැ යතිඳුතුමා දසනුදෙසේ සැදි යස තෙදැති ඔබට මා දෙසනු ලෙසේ එවිය මේ අස්න මෙමා අසනු තොසේ මැනවිය හිමි සවන් යොමා (186) පූර්වෝක්ත 183 වැනි පද්යායෙන් “එනරනිඳුසඳ බැති පෙමින් වැඳ ඔද ‍වෙමින් මෙපවත් පෙරටු කර කියමින් එසඳ මමිතුර මෙඅසුන් දන්වත් මැනවි” යි කියවේ. මේ අනුව කතුවරයා දූතයා අමතා කරුණු දෙකක් සපුරා ලන ලෙස අයදියි. ඒ දෙක නම් : (1) මෙපවත් පෙරටු කර කීම සහ (2) මෙඅසුන් දැන්වීම ද වේ. ඉනික්බිති එන ගද්ය පාඨයෙන් ද ඔහු (රජතුමා) සතුටු වන ලෙසේ පැවසුව මනා පුවතක් සහ අස්න ද ගැන කියවේ. මෙහි “කෙපවත් පෙරටු කර කියමින්” යි සඳහන් වූයේ මීට ඉහත පද්ය යෙහි “මෙපවත් පෙරටු කර කියමින්” යන පාඨයට අනුකූල වන පරිදිය. රජතුමා සතුටු වන ඒ පුවත කුමක් ද? එය ඊ ළඟට එන 185 සහ 186 යන පද්යස දෙකින් දැක්වේ. ඒ මෙසේය “අභිමත තවසරවරකු හා දෙරණිසුරකු සමග මිත්රු වීම ලෝක චාරිත්ර යකි. මම ද දෙව්නුවර ගුණවත් යතිඳුතුමකු හා මිත්රම වීමි. රසාන්විත වචන ඇති ඒ මිතුරු යතිඳුතුමා දෙසනු දෙසේ යස තෙදැති ඔබට මේ අස්න දෙසනු ලෙසේ මෙමා එවූයේය. රජතුමනි, එය සවන් යොමා අසනු මැනවි.”


මේ අනුව, තිසර සන්දේශ කතුවරයා දෙව්නුවර වාසී ගුණවත් යතින්ද්රවයකු බව පැහැදිලිය. තව ද, අපේක්ෂිත සන්දේශය පැවසෙන දස පද සැහැලි තුනේ අවසන් දෙපෙළින් යළිඳු කතුවරයා ගැන කියැවේ. සිය සෙන් සමග රකිනුය මෙරජ මැති ගණ මෙලෙසින් තොසින් අයදිමි හිමි එසරමණ (189) මේ “එසරමණ” නම් පෙර කී දෙව්නුවර යතිඳුතුමාය. තිසර සන්දේශ කර්තෘවරයා ගැන ලැබී ඇති තොරතුරැ මෙපණය.


ග්රතන්ථ කාලය[සංස්කරණය]

තිසර සන්දේශය දැතිගම්පුර පැරකුම්බා නරනිඳුන් සමයෙහි රචිත බව එම කෘතියෙහි සඳහන් වේ. උගතුන්ගේ මත භේදයට ලක් වී ඇත්තේ මේ දැතිගම්පුර පැරකුම්බා නිරිඳුන් කවුරුන් ද, ඔහු පැරකුම්බා නමින් ලක් රජය දැරූ කී වැන්නා ද යන ප්ර්ශ්නයි. තිසරයේ කාලය තීරණය වන්නේ මේ ප්රාශ්න වලට ලැබෙන පිළිතුරු අනුවය. ඩී. බී. ජයතිලක සංස්කරණයට ලියනු ලැබූ දීර්ඝ ප්රනස්තාවනාවකින් මේ ප්රවශ්නය සාකච්ඡා කෙරේ. ජයතිලක මහතාගේ නිගමනය නම් තිසරයේ සඳහන් දැතිගම්පුර පැරකුම්බා නිරිඳුන් වර්තමාන ව්යසවහාරය අනුව පස් වන පරාක්රඳමබාහු (1348 – 1360) බවය. මේ නිගමනයට එළඹිම සඳහා උපයෝගී කරගනු ලැබූ විවිධ සාධක අතර වුත්තමාලා හෙවත් වුත්තමාලා සන්දේස සතක නම් පාලි කාව්යඅයෙන් ඉදිරිපත් කෙරෙන කරුණු වලට

මුල් තැනක් දී ඇති බව පෙනේ. වුත්තමාලාවේ කර්තෘ “සරසිගාමමූළ මහාසාමිනෝ භාගිනෙය්යෙ න ගතාරාභිධාන උපතපස්සිනා රචිතං වුත්තමාලා සන්දේස සත්කං සමන්තං” වන සමාප්ත වාක්යසය අනුව සරසිගාමමූළ (=විල්ගමමුල) මහා ස්වාමීන්ගේ බෑනණුවන් වූ ගතාරා උපතපස්වීන් බව කියවේ. දැතිගම්පුර පරාක්රවමබාහු රජු සහ සුමිත්රාව නම් රාජ මාතාව ද ආරක්ෂා කරදෙන ලෙස අයදිමින් මේ පාලි සංදේශය යැවෙනුයේ කැලණියේ විබීසණ දෙවියන් වෙතය. වුත්තමාලා, තිසර යන කෘති දෙකෙහි ම සඳහන් වන රාජ මාතාව සුමිත්රාය නමි. වෘත්තරත්නාකර පංචිකාව, පැරකුම්බා සිරිත ආදී කෘතීන් හි සුනේත්රා නම් බිසවක ගැන සඳහන් වේ. ඕ ශ්රීස ජයවර්ධනපුර කොට්ටේ රජකම කළ සවැනි පරාක්රරමබාහු රජුගේ මවය. සුමිත්රාු, සුනේත්රා‍ යනු බිසෝවරුන් දෙදෙනකගේ නම්ය. මේ අනුව තිසර, වුත්තමාලා යන කෘති සවැනි පැරකුම්බා රජ සමයට පෙරාතුව සම්පාදනය වූ බව නිගමනය කරනු යෙදේ. මයුර සංදේශ විවරණ සංඥාපනයෙහි දී කුමාරතුංග මුනිදාස පඬිතුමා තිසර සන්දේශය රචනා වූයේ කෝට්ටේ සවැනි පැරකුම්බා රජුට පෙරාතුව විසූ පරාක්රයමබාහු ඈපාණන් දවස බව නිගමනය කරයි.3 කුමාතුංග නිගමනය මෙසේය “එ හෙයින් පස්වැනි පරාක්රසමබාහූනට පසු වැ, ස වැනි පරාක්රයමබාහූනට පෙර වැ, පරාක්රසමබාහු නාමයෙන් රජ කෙනෙක් වූවාහු මැ යි. මහා වීදාගම ස්ථවිරාදි බලවත් සතුරන් වූ හෙයින්, ඔවුන් ගේ නාමය රජ පෙළට නො වැටිණ. ඔවුන් ගේ රාජධානිය දැතිගම්පුරය යි. ඔවුන් දැති ගම රාජධානිය කොටැ ගෙනැ රාජ්යඔය කළ බවට යැ, තිසරයත් වුත්තමාලාවත් සාක්ෂ්යය දරනුයේ...”4 සද්ධර්ම රත්නාකරයෙහි පරාක්ර.මබාහු ඈපාණ කෙ‍නකු ගැන සඳහන් වෙයි. එහෙත් ඔහු දැතිගම්පුර සිට ලක් රජය දැරූ බව පූර්වෝක්ත පාඨයෙන් හෝ එම සංඥාපනයෙහි දැක්වෙන අනෙක් සාධකවලින් හෝ සනාථ වන බවක් නම් නොපෙනේ. මෙකියන පරාක්රවමබාහු ඈපාණන් දැතිගම්පුර රජ කළ පැරකුම්බා නිරිඳුන් බව තිසරයේත් වුත්තමාලාවේත් කියුම් වලින් සනාථ වෙති යි කුමාරතුංගයෝ පවසත්. එහෙත් ප්රකශ්නය නම් මේ කෘති දෙක්හි සඳහන් දැතිගම්පුර පැරකුම්බා, පරාක්රිමබාහු ඈපාණන් ම ද යන්නය.


         මෙම යුගයේ දේශපාලන ඉතිහාසය ව්යාිකූල වුවත් දැනට ලැබී ඇති තොරතුරු අනුව පැහැදිලි අවබෝධයක් ඇතිකර ගැනීම අපහසු නොවේ. තිසර සංදේශය රචිත කාලය තීරණය කිරීමේ දී ද ඒ අවබෝධය අවශ්යව වේ. මෙකල පෙර දවස මෙන් අභිෂේක ලත් එක් රජකු ඇවෑමෙන් තවත් රජකු අභිෂේක ලැබ, එක් අගනුවරක සිට මුළු රට පාලනය කිරීමක් හැම කල්හි සිදු නොවූ බව සිහිපත් කරනු වටී.


3. මයුර සංදේශ විවරණය, (බු.ව. 2477/ක්රිඑ.ව. 1935) කුමාරතුංග මුනිදාස, දෙ වන සැකැස්ම, කොළඹ, ඇම්. ඩී. ගුණසේන සහ සමාගමය, 1959, 17 පිටුව. 4. එම 17 පිටුව.


කුරුණෑගල්පුර සතරවැනි පරාක්රුමබාහු සහ රජවරුන් සත් දෙනකුට පසුව සතර වැනි භුවනෙකබාහු නරපති තෙමේ රාජ වාසස්ථානය ගංගාශ්රීදපුරට (ගම්පොළට) මාරු කළේය. ලංකාතිලක5 හා ගඩලාදෙණි6 පර්වත ලිපි අනුව ඔහුගේ රාජාභිෂේකය සිද්ධ වූයේ ක්රි ස්තු වර්ෂ 1341 දී බව නිගමනය කළ හැකිය.7 වේගිරි දේවාල ලිපියෙහි8 මේ භුවනෙකබාහු නිරිඳුන්ගේ දස වැනි වර්ෂය සඳහන් වන හෙයින් ද, ඉනික්බිති ලේඛනයක ඔහු ගැන සඳහනක් නොපෙනෙන හෙයින් ද සතරවැනි භුවනෙකබාහුගේ රාජ්යි කාලය ක්රික.ව. 1351 න් පමණ අවසන් වූ බව සිතිය හැකිය.


මේ සතරවැනි භුවනෙකබාහු රජු ගම්පල සිට රජකම් කරද්දී ම පරාක්රවමබාහු නමැත්තකු සිහසුනට පැමිණි බව වාර්තාගතයි. මොහු පරාක්රවමබාහු නමින් රජ වූ පස් වැන්නා විය යුතුය. හපුගස්තැන්න ලිපියේ9 මෙකියන පැරකුම්බාවන්ගේ පසලොස් වන රාජ වර්ෂය ලෙස ශක වර්ෂ 1281 (ක්රිේ.ව. 1359) වාර්තා කෙරේ. මේ සඳහන අනුව නම්, පස්වන පරාක්ර මබාහුගේ රාජ්යරපදප්රාකප්තිය ක්රිහ.ව. 1344 දී සිදු වූ බව පෙනේ. මේ වූ කලි ක්රි්.ව.1341 දී රජ පැමිණි භුවනෙකබාහු (iv) ගේ තුන් වන රාජ වර්ෂය බව ඉහත සාකච්ඡාවෙන් පැහැදිලි විය. මේ කරුණු අනුව භුවනෙකබාහු ගම්පොළ සිට ද පරාක්රෙමබාහු (v) දැදිගම සිට ද රජකම් කළ බව පැහැදිලිය. මේ තත්ත්වය ඇති වීමට පසුබිම් වූ කරුණු රුහුණු මඟුල් මහා විහාර සෙල් ලිපියෙන් අනාවරණය වේ. “සොළී සේනාව මැඩ රැහුණු රට රජ ක(රන) පැරකුම්බා දෙබෑ රජදරුවන් දෙදෙනාට අගමෙහෙසුන් වූ විහාර මහාදේවී නම් මා විසින්... “පරාක්රදමබාහු නම් දෙබෑ රජ දෙදෙනාට අගමෙහෙසුන්ව සිටි විහාර මහාදේවීන් විසින් බිම් පිසැ කරවූ රැහුණු මහ වෙහෙරයි”10

මේ ලිපියේ සඳහන් වන්නේ ඒ දෙබෑ රජ දෙදෙනා අතුරෙන් පරාක්රිමබාහුගේ නම පමණය. මේ රජුන් දෙදෙනට විහාර මහා දේවී නමින් එක් අග විසවක සිටි බව ද ලිපිය කියයි. මේ අනුව එක් අග බිසවක තබාගෙන සිටි මේ සෝයුරන් දෙදෙනා රාජ්ය ය ද දෙකට බෙදාගෙන පාලනය කළ බව සිතාගත හැකිය. ක්රි .ව. 1351 දී භුවනෙකබාහු අභාවප්රා්ප්ත වීමෙන් පසුව දැතිගම්පුර සිට රජයෙන් කොටසක් පාලනය කළ පස්වන පැරකුම්බාවන් ට මුළු රාජ්ය ය ම අයත් වූ බව නිකාය සංග්ර හය අනුව නිගමනය කළ හැකිය.


5. University of Ceylon Review, Jan. – Apr. 1960 pp. 4 – 6 6. Epigraphia Zeylanica, Vil. Iv, No.12, P. 90 7. නිකාය සංග්රZහයෙහි එන “...ගංගාශ්රී පුර නම් රාජධානියෙහි රජ පැමිණි සතර වන භුවනෙකබාහු මහරජාණන් සතර වන්නට අප බුදුන් පිරිනිවී එක්දහස් අටසිය සුවානූ හවුරැද්දක් අතික්රානන්ත විය.” යන පාඨය අනුව මේ රජුගේ අභිෂේකය ක්රිය.ව. 1347 දී සිදු වූ බව පෙනෙතත් මීට වඩා ශිලා ලේඛන සාධකය පිළිගත යුතු වේ. 8. Journal of the Ceylon Branch of the Royal Static Society (JRAS(CB), Vol. xxii, No. 65 P.366. 9. (JRAS(CB), Vol. xxii, No. 65 P.362. 10. Epigraphia Zeylanica, Vol. iv, No.19, PP. 161 – 169


වීගුළවත්ත ශිලා ලේඛනය11 අනුව වික්ර1මබාහුගේ රාජ්යෝ දය ක්රි..ව. 1356/57 වර්ෂයේ දී සිදු වූ බව අනාවරණය වේ. ශක වර්ෂ 1282 (ක්රි්.ව. 1360) දී පිහිටුවනු ලැබූ මේ ලිපියෙහි සඳහන් වන්නේ වික්රවමබාහුගේ රාජ්යෝ දය ඊට සතර අවුරැද්දකට පෙර සිද්ධ වූ බවය. මේ තුන් වන වික්ර5මබාහු රජු යට කී පස්වන පරාක්රරමබාහු රජුන් ජීවත් ව සිටියදී ම ගම්පොළ අභිෂේක ලබන්නට ඇත. තුදුස් වැනි සියවස මෙරට පැවති වියවුල් සහිත දේශපාලන තත්ත්වය අනුව ප්රටදේශාධිපතීන් බලය ලබා ගැනීම පුදුමයට කරුණක් නොවේ. සෙල් ලිපිය විනෂ්ටව පුස්කොළ ලේඛනයට පමණක් ඇතුලත් වී ඇති නියම්ගම්පාය ලිපිය12 සහ විමුක්ති සංග්රාහය යන කෘතීන්ගේ කාලය මේ වික්රයමබාහුගේ සතලොස් වැනි හා අටළොස් වැනි රාජ වර්ෂ බව සඳහන් වන හෙයින් ඔහු ක්රි .ව. 1373/74 තෙක් රජකම් කළ බව පිළිගත යුතු වේ. මේ ලේඛනවලින් අනාවරණය වූ කරැණු සහ පිළිගත් ඉතිහාස ප්රවවෘත්ති අනුව ගම්පොළ - කෝට්ටේ යුග අතර රාජ අනුක්රපමිකතාව මෙසේය.


 1.   සතරවැනි භුවනෙකබාහු	   ක්රි‍.ව. 1341 – 1351 (ගම්පළ)
 2.   පස්වැනි පරාක්රබමබාහු	   ක්රිර.ව. 1344 – 1359 (දැදිගම)
 3.   තුන්වැනි වික්රබමබාහු	   ක්රිර.ව. 1356/57 – 1373/74 (ගම්පළ)
 4.   පස්වැනි භුවනෙකබාහු	    ක්රිර.ව. 1372 –1408 (ගම්පළ සහ කෝට්ටේ)
 5.   සවැනි පරාක්ර මබාහු	   ක්රිර.ව. 1412 – 1467 (කෝට්ටේ) 


මේ රාජානුක්රවමිකතාව අනුව පස් වැනි භුවනෙකබාහුට පසුව සවැනි පරාක්රමමබාහු සිහසුනට පත්වන තෙක් අවුරුදු කීපයක හිඩැසක් පෙනේ. නිකාය සංග්ර හය, සද්ධර්ම රත්නාකරය යන කෘතීන් හි සඳහන් ප්ර දේශ පාලකයන්ගෙන් මේ හිඩැස පිරවිය හැකිය. පස්වැනි භුවනෙකබාහුට පසුව “මෙහෙණවර වීරබාහු නම් ඈපාණෝ රජ තන් පත්” වූ බව නිකාය සංග්රහහය වාර්තා කරයි. සද්ධර්ම රත්නාකර වාර්තාව මෙසේය. “වීර අලකේශ්වරය, ඔහු පුත් වීරබාහු ඈපාණෝය, ඔහුගේ පුත්රහ විජය ඈපාණෝය, ඔහුගේ මල් වූ කුතයෙය, ඔහුගේ මහලු පිතෘ වූ පළමු කී වීර අලකේශ්වරයන් රයිගම් පුරයෙහි දී මල් වූ වීරබාහු ඈපාණන් හා යුධයෙන් පැරද දේශාන්තරගතව නැවත අවුත් මෙහි දොළොස් අවුරුද්දක් රාජ්යු කළ ඉක්බිති පුරාකෘත කර්මයෙන් චින මායමට අසුව ගිය සඳ පළමු කී ‍සෙනෙවිදුරන්ගේ මුණුබුරු වූ පරාක්රයම ඈපාණෝය යි යන මේ සදෙනා ඇවෑමෙන් අප බුදුන් පිරිනිවී එක්වා දහස් නවසිය අටපනස් වනු පොසොන් මසට ලකැ සසුන් පිහිටි එක්දහස් සත්සිය දෙවිසි අවුරුද්දක් පිරැණේය. එකල්හි ශාක්ය් කුල පරම්පරානුගත අමිත ශ්රීඅ වික්රොමාන්විත පරාක්ර්මබාහු මහරජතෙමේ ශ්රී ලංකාද්වීපයෙහි රාජශ්රීීයට පැමිණියේය.”

11. Report of the Kegalla District, H.C.P. Bell, 1904, P. 79 12. The All and Architectwe of the Gampola Period, pp. 175 – 180


පූර්වෝක්ත සද්ධර්ම රත්නාකර පාඨය ප්රGධාන සාධකය ලෙස ගන්නා කුමාරතුංග මුනිදාස මහතාගේ නිගමනය වන්නේ තිසරයේ සහ වුත්තමාලාවේ සඳහන් දැතිගම්පුර පැරකුම්බා නරනිඳුන් නම් යට කී පරාක්රාමබාහු ඈපාණන් බවත්, ඒ අනුව තිසරය, මයුර සංදේශයට පසුව මේ පරාක්රාමබාහු ඈපාණන් දවස, එනම් සවැනි පරාක්රමමබාහු රාජ්යෝශදයට වර්ෂ කිහිපයකට පෙරාතුව රචනා කරනු ලැබූ බවත්ය. කෙසේ වෙතත් මේ පරාක්රකමබාහු ඈපාණන්ට දැතිගම්පුර සිට ලක් රජය ඉසිලූ බව ඔහු ඉදිරිපත් කරන කරුණු වලින් සනාථ වන බවක් නොපෙනේ.

තිසර සන්දේශය රචිත කාලය නිගමනය කිරීමේ දී, ඉහත සාකච්ඡා කළ කරුණුවලටත් වඩා ප්රකබල සාධකයක් මේ කෘතිය තුළින් ම සොයා ගත හැකිය. එනම්, සේනාලකදියර අගමැති ගැන සඳහන් වීමය.

සුසැදි සිරිමා බො - අක්බෝ වෙහෙර මනහර පානා සිවු උපා සිරිලක රැකුම් නිසා සේනාලකදියර අගමැති සිතැඟි ලෙසා පුරමින් දස පෙරුම් - පතමින් පසිඳු බුදුසිරි පෙර වූ අයම් විතරින් මඳකුත් නොහැර කර වූ පිළිම ගෙට වැද ඉන් ගොස් එවර අ මා නිවන් පුරයට මහවතක් බඳ ස මා නයෙන් යුතු මුනි රූ දැක එසඳ පෙමා බරින් නැමෙනුව මෙන් නැමි වැඳ ය මා සිතින් ලගු රෑ එහි තැනෙක සොඳ (48)

මේ දසපද සැහැල්ල මතු දැක්වෙන නිකාය සංග්රුහ පාඨය සමග සලකනු වටී.

“... ගඩ්ගාශ්රීැපුර නම් රාජධානියෙහි රජ පැමිණි සතර වන භුවනෙකබාහු මහරජාණන් සතර වන්නට අප බුදුන් පිරිනිවී එක්දහස් අටසිය සුවානූ අවුරුද්දක් අතික්රා න්ත විය. එකල මෙහෙණවර වංශාභිජාත සේනාධිලංකාර සෙනෙවිරත් නම් මන්ත්රීණශ්වරයාණ කෙනෙක් මුතු මැණික් ආදී බොහෝ වස්තු යවා කාඤ්චිපුරයෙහි සලපිළිම ගෙයක් කරවා දෙව්නුවර තුන් මහල් මහ පිළිම ගෙයක් කරවා. තවද තමන්ගේ ජන්ම ප්රවවේණි සිඳුරුවාණ නුවර පර්ණශෛල නම් පර්වතය මුදුනෙහි... අභිනව ලංකාතිලක නම් රජ මහා විහාරයක් කරවා... අමරගිරිවාස වාසි වනරතන මහාස්වාමී ප්රංමුඛ උභය වාසයෙහි කාරක මහා සංඬ්ඝයා වහන්සේට එපවත් දන්වා රාජ බලය පෙරදැරි කරවා ගෙන ශාසනය විචාරා ශුද්ධ කො‍ට කල්ක බුදු සසුන් පැවැත්වූහ. ඉනික්බිති ඒ භුවනෙකබාහු මහරජාණන්ගේ ඇවෑමෙහි රජය ලත් පැරකුම් රජහු අවසන එම පුරයෙහි රජ පැමිණි වික්රවමබාහු මහරජාණන්...”13 තිසර සන්දේශයේ ද නිකාය සංග්රමහයේ ද එන මේ උද්ධාත අනුව සේනාධිලංකාර තෙමේ සතර වන භුවනෙකබාහු, පස්වන පරාක්රාමබාහු යන 13. නිකාය සංග්රනහය, සංස්. ඩී. පී. ආර්. සමරනායක, කොළඹ. සීමාසහිත ඇම්. ඩී. ගුණසේන සහ සමාගමය, 1960, 90 පිටුව.


රජුන් දවස අග්රාේමාත්යන තනතුර දරමින් මහාබල සම්පන්නව විසූ බව සනාථ වේ. මේ අග්රාතමාත්යනවරයාගේ නාමය ශක වර්ෂ 1266 (ක්රි .ව. 1344) වැන්නේ දී සම්පාදනය කෙරුණු ගඩලාදෙණි සහ ලංකාතිලක ශිලා ලේඛනවල ද තුන් වන වික්ර මබාහුගේ සතර වන අවුරුද්දේ එනම්, ශක වර්ෂ 1282 (ක්රි .ව. 1360/61) දී පිහිටුවනු ලැබූ විගුළවත්ත සෙල් ලිපියේ ද සඳහන් වන්නේය. විගුළවත්ත ලිපිය සහතික කළ නිලධරයන් ලෙස සිවල්කොළු ලක්දිව අධිකාර, සේනාධිලංකාර, පරාක්රොම අධිකාර, ජයසිංහ පතිරාජ, වීරසිංහ පතිරාජ යන අයගේ නම් පිළිවෙලින් සඳහන් කිරීමෙන් පෙනී යනුයේ මේ වන විට සේනාධිලංකාරයන්ට දෙවන තැන හිමි වූ බවය. කෙසේ වෙතත් මොහු සතර වන භුවනෙකබාහු, පස්වන දැතිගම්පුර පරාක්රේමබාහු යන දෙරජුන්ට ම අගමැතිකම් කළ බව ද ඉහත සාකච්ඡා කළ කරුණු වලින් සනාථ වෙයි. තිසර සංදේශයේ සඳහන් වන සේනාලකදියර අගමැති යට කී සේනාධිලංකාර බව පිළිගත හැකි බැවින් මෙම කෘතිය දැතිගම්පුර පැරකුම්බා රජුන් දවස සම්පාදදනය වූ බව ද සැකයෙන් තොරව නිගමනය කළ හැකිය.

මයුර සන්දේශයෙහි බුවනෙකබා රජු ද (පස් වන භුවනෙකබාහු: ක්රිැ.ව. 1372 – 1408) ජයවර්ධන පුරය ද වර්ණනා කෙරෙන අතර රයිගම්පුර අලකේශ්වර ප්ර භූරාජයා හෙවත් අලගක්කෝනාරහිමි ගැන වඩාත් උත්කර්ෂයෙන් වර්ණනා කෙරේ. මේ අනුව මයුර සන්දේශය මේ වකවානුවේදී, එනම් පස්වන පැරකුම්බා රජුගේ කාලයට පසුව රචිත බව නිගමනය වන්නේය.

ශ්රීන ජයවර්ධනපුර කෝට්ටේ සවැනි පරාක්රරමබාහු රජතුමා ලක එක සේසත් කරන තෙක් ශතවර්ෂ පහකට ආසන්න කාලපරිච්ඡේදයේ සාමාන්යබ ලක්ෂණය වූයේ ප්රශදේශ රාජයන්ගේ බල තරඟයයි. පස්වන පරාක්ර මබාහුගේ රාජ්යය කාලයේ අවසාන භාගයේ දී තුන් වන වික්රාමබාහු ගම්පළ රජ වීමෙන් පසු, එනම්, ක්රිු.ව. 1356/57 පටන් මේ දෙරජුන් අතර රාජ්යි නායකත්වය සඳහා ගැටුම් ඇති වූ බව එකල දේශපාලන ඉතිහාසය විභාග කිරීමේ දී පැහැදිලි වන්නේය. සේනා ශක්තිය සහ යුධෝපක්රීම ආදියට අමතරව දේවාශිර්වාදය ද අපේක්ෂා කෙරිණ. පරාක්රෝමබාහු නිරිඳුන් ද මවු බිසව ද යුද සේනා ද රැක දෙන ලෙස උපුල්වන් දෙවිඳුන් යදිමින් තිසර සංදේශය රචනා වූයේ මේ පසුබිමෙහි බව නිගමනය කළ හැකිය.


උපුල්වන් (උත්පලවර්ණ) සුරනිඳු[සංස්කරණය]

තිසර සන්දේශයෙහි දැතිගම්පුර පැකුම්බා නරනිඳුන් ද, රජ මාතාවද, මන්ත්රී සමූහයා සහ සේනාව ද ආරක්ෂා කර දෙන ලෙස ආයාචනා කරනු ලැබූයේ උපුල්වන් සුරිඳුන් වෙතය.


මොහු පුරාණ හින්දු සමයාගත දෙවියෙක් නොවේ. චිරාගත සම්මතය අනුව ධෘතරාෂ්ට්ර , විරුළ්හක (විරූඪ), විරූපාක්ෂ, වෛශ්රෙවණ යන සතර වරම් දෙවිවරැන්ට ලෝකාරක්ෂාව පැවරේ. අමාවතුර, බුත්සරණ ආදී සම්භාව්යව සිංහල සාහිත්යන ග්ර න්ථයන්හි ද ඒ තත්ත්වය ම වාර්තා කෙරිණ. එහෙත් දසසතර වන ශතවර්ශයේ පටන් ලංකාරක්ෂාව උත්පලවර්ණ,


ස්කන්ද කුමාර, සුමන විභීෂණ යන සිවු වරම් දෙවිවරුන් ට පැවරී ඇති බව සාහිත්යකමය සහ ශිලා ලේඛනගත සාධක අනුව නිගමනය වෙයි. මේ වරම් දෙවිවරුන්ගේ කාර්යභාර්ය තිබියදී වුව උපුල්වන් වෙත මුළු රටේ ම ආරක්ෂාව පැවරුණ බව “ලංකාවට අරක් ගත් කිහිරෙළි උපුල්වන් දෙවි රජ්ජුරුවන් වහන්සේ” යන ලාංකාතිලක ශිලා ලේඛනයෙන් සනාථ වෙයි. උපුල්වන් දෙවිදුන් ගැන මුලින් ම සඳහන් වන්නේ දීපවංස, මහාවංස යන කෘතිවලය. බුදුන් වහන්සේ වදාළ මෙහෙවරින් සක් දෙවිඳුන් විසින් සිරිලක රැකුම උපුල්වන් වෙත පවරන ලදී. මේ අනුව විජය කුමරුන් මෙහි පැමිණි කල්හි උත්පලවර්ණ ඒ පිරිසට සියලු ආරක්ෂාව සලසා දුන් බව වංස කථා වාර්තා කරයි. ඉක්බිති, දීර්ඝ නිශ්ශබ්දතාවකින් පසු ඔවුන් ගැන සඳහන් වන්නේ සත් වන සියවස මැද භාගයේ දාපුලු සෙන් (පස්වන දප්පුල) රජු දවසය. උපුල්වන් දෙවි කිහිරි කඳක වෙසින් දෙවිනුවර වෙරළට ගොඩ බට බව පැරකුම්බා සිරිතේ ද ජනප්රනවාදයේ ද වාර්තා වෙයි. දාපුලු රජු දේව රූපයක් කරවා බදිරාලි විහාරයෙහි දෙව් රුව තැන්පත් කළ බව මහාවංශය කියයි. උපුල්වන් නමට කිහිරැළි යන කොටසක් එකතු වූයේ කිහිරි කඳක වෙසින් මුහුදු තරණය කළ නිසාද, ඒ කිහිරි කඳින් ඔහුගේ රූපය සාදා ඇති බව පැවසෙන නිසා ද වියහැකිය. කිහිරැළි යන්න කිහිරෙළි, කිරැළි, කිරොළ යන රූපවලින් ද යෙදේ. පූර්වෝක්ත දාපුලු සෙන් රජුගෙන් පසු දඹදෙණි පරාක්රිමබාහු, යාපහු භුවනෙකබාහු, කුරුණෑගල පරාක්රිමබාහු යනාදි රජුන් සම්බන්ධයෙන් උපුල්වන් දෙවිඳුන්ගේ කටයුතු සඳහන් වී ඇත්තේය. උපුල්වන් දෙවියන්ගේ බලමහිමය වර්ධනය වූයේ ගම්පළ - දැතිගම - කෝට්ටේ රජුන් දවසය. මේ බව ඒ දෙවිඳුන්ගේ පිහිට පැතූ තිසර, මයුර, පරෙවි, කෝකිල යන සන්දේශ වලින් සනාථ වෙයි. කෝට්ටේ යුගයේ දී උපුල්වන් දෙවියන්ගේ බලය තරමක් හීන වී විභිෂණ දෙවිඳුන් ඉස්මතු වූ සැටි ද මේ යුගයට අයත් ඇතැම් සන්දේශ කාව්ය යන්ගෙන් පැහැදිලි වන්නේය. දෙව්නුවර වාසභූමි කර ගත්, එසේ ම, අලුත්නුවර, මහනුවර ආදී දේවාලයවලට ද සංක්රකමණය වූ මේ උත්පලවර්ණ දෙවිඳුන් පිළිබඳව විද්වත්හු විවිධ මත පළ කරති. ශ්රීධ ජයවර්ධනපුර කෝට්ටේ සමයේ දී බෞද්ධ - හින්දු ආගමික මත සංකලනය ප්රළබල වෙත් ම හින්දු භක්තිකයන්ගේ ගෞරව සම්මානයට පාත්රුව සිටින විෂ්ණු දෙවියාත්, බෞද්ධ උත්පලවර්ණ දෙවියාත් එක් අයකු ලෙස සැලකෙන්නට පටන් ගැනුණ බව පෙනෙන නමුත් වර්ණයෙන් සමානකම් තිබෙතත් ඒ දෙනමින් දෙවිවරුන් දෙදෙනකු ම වූ බවට සාධක එමටය. තිසර සන්දේශයෙහි ම “සතොසින් වසන සිරි සරසවිය මොහු කෙරේ” (23) යනාදි පද්යදයෙන් ද කියවෙනුයේ උත්පලවර්ණ සහ විෂ්ණු දෙදෙනකු බවය. “සුයාම සන්තුෂිත ශක්ර බ්රනහ්ම විෂ්ණු මහේශ්වරාදී වූ දිව්ය්රෑපත්... ලංකාවට අරක්ගත් කිහිරෙළි උපුල්වන් දෙවිරජ්ජුරැවන්වහන්සෙත්...” යනාදි සංඥාපනය 13 ලංකාතිලක පර්වත ලිපිය විෂ්ණු කිහිරෙළි උපුල්වන් දෙදෙන ගැන පැහැදිලි ලෙස ම සඳහන් කරයි. උපුල්වන් දෙවි සහ අවලෝකිතේශ්වරනාථ නම් මහායාන බොධිසත්ව තෙමේ ද එක ම අයකු බව සෙනරත් පරණවිතාන මහතා මුල දී අදහස් කළ නමුත්, ඉනික්බිති, 1953 දී The Shrine of Upulavan at Devundara නමින් දීර්ඝ නිබන්ධනයක් සම්පාදනය කරමින් උපුල්වන් නමින් මෙරට වැසියන් විසින් හඳුන්වනු ලැබුවේ වරුණ නම් වෛදික දෙවියා බව නිගමනය කරයි. උපුල්වන් දෙවියන් හඳුනා ගැනීම පිළිබඳව විවිධ මත ඉදිරිපත් වී ඇතත් තිසර, මයුර ආදී සන්දේශ ලියවුණ ගම්පොළ - කෝට්ටේ යුගවල දී කවීන්ට මෙන් ම රාජමහාමාත්යාරදීන්ට ද මේ දෙවියන්ගේ ආරක්ෂාව හා අශිර්වාදය අවශ්යග වූ බව පැහැදිලිය.


ග්රබන්ථ ස්වරූපය සහ කාව්ය තත්ත්වය[සංස්කරණය]

භාරතය පසුබිම් කර ගත් බෞද්ධ කථාවක් වස්තු කර ගෙන භාරතීය අලංකාර මාර්ගයෙහි පිහිටා වස්තු වර්ණනා ඉදිරිපත් කිරීම දඹදෙණි යුගයේ අවසානය තෙක් ම සිංහල කවීන් අනුගමනය කළ කාව්යප මාර්ගය වූ බව කිය යුතුය. මේ මාර්ගයෙන් බැහැර වී දේශීය රාජමහාමාත්යාබදීන් සහ මහාස්ථවිරවරුන් වැනි ප්රැභූන් ද නගර ගම්බිම් වනපෙත් ආදිය ද වර්ණනා කිරීමේ අවස්ථාව සිංහල කවීන් විසින් පාදා ගනු ලැබූයේ සන්දේශ කාව්යබ රචනයෙන් බව පෙනේ වස්තු විෂය අතින් මේ පරිවර්තනය සිද්ධ වීමේ දී සමකාලීන දේශපාලන තත්ත්වය ද ඊට හේතුභූත වන්නට ඇත. විවිධ දේශපාලන අර්බුද හේතු කොට ගෙන ප්ර දේශ පාලකයන්ගේ බලය හා තත්ත්වය දුර්වල වෙත් ම, එදා පැවති ආගමික විශ්වාසය අනුව, දෙවිවරුන්ගේ ආශීර්වාදය සහ ආරක්ෂාව ලබා ගැනීම අවශ්ය වූයේය. අපේ කිවියෝ ඒ සමාජ වගකීම ඉෂ්ට කිරීමට පසුබට නුවූවෝය. ගම්පොළ යුගයේ පටන් සන්දේශ කාව්‍ය රචනය ජනප්රි ය වූයේ මේ පසුබිම ඇතිව බව සිතිය හැකිය. තිසර සන්දේශය රචිත කාලය අනුව එය, නාමාවශිෂ්ට පුරාණ ගී මයුර සන්දේශය හැරුණ විට සිංහල සන්දේශාවලියේ පළමුවැන්න බව පෙනේ. ඉනික්බිති රචිත සන්දේශ කාව්යනයන්ට අඩු වැඩි තරමින් ආදර්ශ ගෙන දුන් එහි ස්වරූපය විභාග කරනු වටී. එහි සාරය නම් දැතිගම්පුර පැරකුම්බා නිරිඳුන් ද, සුමිත්රාව දේවී නම් රාජ මාතාව ද, ඇමති සමූහයා හා සේනාව ද රක්නා ලෙස දෙව්නුවර යතිඳුතුමකු විසින් එනුවර ම වෙසෙන උපුල්වන් දෙවිඳුන් අයදි බව දැතිගම්පුර පැරකුම් රජුට දැන්වීමය. තිසර දූතයා ගමන අරඹන්නේ එකියන ආයාචනය කළ ගත් කතුවර යතිඳුතුමන් මෙන් ම උපුල්වන් සුරිඳුන් ද වෙසෙන දෙව්නුවර සිටය කාව්යතය ආරම්භ වන්නේ දූතාශිර්වාද ගීයකින් සහ දූත ප්රනශංසා දස පද සැහැල්ලකිනි. ඉක්බිති තවත් පද්යි තුනකින් දූතයා වර්ණනා කෙරේ. කාර්ය නිර්දේශය සඳහා ගද්යි පාඨයක් ද පද්යුයක් ද යොදාගෙන ඇත. දැතිගම්පුර පැරකුම්බා නිරිඳුන් වෙත මේ හස්න යැවෙන බව මෙයින් පැවසේ. ඉනික්බිති දෙව්නුවර වැනුම සහ උපුල්වන් දෙවි වැනුමය. උපුල්වන්


දෙවිඳුන් වැඳ සමු ගැනීමෙන් පසු එහි වෙහෙරට ගොස් බුද්ධ ප්රුතිමාවත්, බොධි රාජයාත්, සංඝ සමූහයාත් නැමද ගමන ආරම්භ කෙරේ. වන්දනාමාන කිරීමේ දී මෙහි අනුගමනය කර ඇති අනුපිළිවෙළ කෙරෙහි අවධානය යොමු කරනු වටී. පළමුව දෙව් මැදුරේ දී දෙවියන් හමුව, විහාරයට පිවිස බුදු පිළිමයත්, බෝධියත්, සඟ පිරිසත් වැඳීම සාමාන්යව සිරිත නම් නොවේ. “වඳනෙහි තෝ දාගප් මහ බෝ පිළිම” යනුවෙන් සැලළිහිණි සන්දේශයෙහි දැක්වෙන්නේ චිරාගත සම්ප්රළධායයි. දෙව්නුවර සිට දැතිගම්පුරයට යෑම සඳහා දින අටක් ගත කරන තිසරා රෑ හතක් කතුවරයා නියම කරන තැන්වල නවතී. පළමු දින සවස් වෙත් ම වැලිගම මහනැවියා පොකුණෙහි ගිලී ස්නානය කොට ගොස් අක්බෝ වෙහෙර පිළිම ගෙට වැඳ එහි සුදුසු තැනෙක ලගී (47-48). දෙවනි රැය තොටගමු විහාරයේ ද (62), තුන් වෙනි රැය බෙන්තොට වන වාසයේ ද (71-72), සිව් වැනි රැය කළුතොට ගංගාතිලක විහාරයේ පිළිම ගෙයි ද (82) ලැගීමට නියම කෙරේ. රාත්රීක සතරක් ම විහාර ගෙවල ලැගුම් ගත් තිසරා පස් වන රැයේ දී පිටඋල්ගමුව නම් ගමට වැද නුරා සිතැති තිසරඟනක සමග වැස මන‍දොළ පුරා විඩා දුර කර ගනී (91-93) එතනින් පිටත් වන පක්ෂියා කැළණියේ විභීෂණ දේවාලයේ සවැනි රැය ගත කරයි. (107). සත් වැනි රාත්රිේය ගෙවීමට නියම කෙරෙනුයේ හිස්පත්ඇල්ල අටැස් පිළිම ගෙහිය (117) එදා දෙව්නුවර සිට දැදිගමට පා ගමනින් යන මගියෙකුට වුව දින අටක් පමණ ගත විය හැකි බව සිතිය හැකි හෙයින් දූත පක්ෂියා සාමාන්යම මගියෙකු ලෙස ම සලකනු ලැබූ බවක් පෙනී යයි. සෙසු සන්දේශ කවීන් ද අනුගමනය කර ඇත්තේ මේ ක්රපමය ම බව සිහිපත් කරනු වටී. එහෙත් අතරමග දී තිසරඟනක හා යහළු වී රැයක් ගත කිරීමට අවසර දී ඇත්තේ නම් මේ කෘතියෙහි පමණකි. මේ ගමන් මගෙහි සඳහන් ස්ථානවල ඓතිහාසික වටිනාකමක් ද පවතී. ඒ අතර දොරවක විහාර වර්ණනාව (128-131) විශේෂයෙන් වැදගත් වන්නේ ඒ ප්රඒතිමා මන්දිරයෙහි නාථ දේව රූපය සහ තාරා බිසෝ පිළිරුව ගැන කෙරෙන සඳහන නිසාය. ගමන අවසාන කරන පක්ෂියා දැතිගම්පුරයට පැමිණේ. පද්ය විශාල සංඛ්යාසවකින් කෙරෙන දැතිගම්පුර වැනුම, පැරකුම් නිරිඳු වැනුම, නළඟන රැඟුම් වැනුම් යන වර්ණනාවලින් පසු රජතුමන් වෙත සන්දේශය ඉදිරිපත් කෙරේ. අනෙක් සන්දේශ කාව්යජයන්හි සාමාන්යදයෙන් අනුගමනය කර අති පිළිවෙළ නම්, රජු, රජ පවුල, මැති ඇමතියන්, යුද සෙන් ආදී පිරිස් රැක දෙන සේ දෙවියෙකු වෙත කෙළින් ම ආයාචනයක් කිරීමය. හංස සංදේශයේ දී සුළු වෙනසක් පෙනෙතත් එහි ද මුල් ආකෘතියෙන් බැහැර වීමක් නොමැත. එහෙත් තිසරා ගමන් අරඹන්නේ ප්රලධදාන කාර්යය, එනම් රජතුමාත්, රජ මාතාවත්, මැති සෙන් සමගින් රැක දෙන ලෙස උපුල්වන් සුරිඳුන් වෙත ආයාචනා කිරීම සම්පූර්ණ වීමෙන් පසුවය. දූතයා මේ දුර මග ගෙවා යන්නේ මෙපුවත රජු වෙත සැළ කිරීම සඳහාය. සන්දේශය ඉදිරිපත් කරන දූතයාට තවත් කාර්යයක් පැවරේ. එනම් ආපසු පැමිණ කතුවරයා වෙත එහි තතු වාර්තා කිරිමය.කාව්යදය අවසන් වන්නේ දුතාශිර්වාදයකිනි.

තිසර සන්දේශයට විවිධ වෘත්තයන්ගෙන් බැඳි පද්යෙ 183 ක් ද, ගද්යම පාඨ 7 ක් ද අයත් වේ. ගද්ය‍ පාඨ ගැන සලකන කල පද්ය දෙකක් අතර “මෙයිදු සවනතෙහි සද” “එමතු ද” වැනි ඉතා කෙටි ගද්යස පාඨ මෙන් ම වෘත්තගන්ධි ශෛලියෙන් රචිත දීර්ඝ වාක්ය් ද ඇති බව කිව හැකිය. තිසරයෙහි පෙනෙන වෘත්ත බාහුල්ය යටත්, ශබ්දානුප්රා ස රුචිකත්වයටත් හේතු වී ඇත්තේ ද මේ කරුණු ම බව අනුමාන කළ හැකිය. එළිසම පද්ය රචනයෙහි පුරෝගාමියෙකු වූ තිසර කතුවරයාගේ අත්හදාබැලීම් තුළින් බොහෝ අවස්ථාවන්හි ඔහුගේ භාෂා ප්රාතගුණ්යාය ප්රබකට වන්නේය.


වැටිය සුනිල් කෙස් බැඳ කුසුම දැවටිය සැටිය පැපෑ යන එන ලිය තුනු අටිය සිටිය නරඹමින් තන රන් හස පැටිය අටිය වමින් නොලගව උඩුගල්පිටිය (60)


ශබ්දානුප්රානස සහිතව මුල හා අග එළි වැට සහිත පද්යය රචනයෙහි ලා දක්වන සාමාර්ථ්යරයට මෙවැනි පද්යා උදාහරණයි. මේ මගෙහි ම තවත් පියවරක් පෙරට යන ඔවුහු සන්දෂ්ට ලක්ෂණයෙන් යුකත ගී සිව්පද සහ දසපද සැහැලි ද රචනායෙහි ප්රිනයයෝය. කාව්යදය ආරම්භ කෙරෙන්නේ ද සන්දෂ්ට ගීයකිනි.


වැජඹිමෙන් උදම් - ලත් මේ දෙවිඳු නිසයුරු සයුරු අයුරු මෙහෙවර බබළන රුසිරු රුසිරු සරින් යුතු තුන් දියටෙක ඉසුරු ඉසුරු නිවනුදු දෙන - මුනි රූ ද ලකුණෙනි සරු නිසරු බව ගිමට සෙවණොත එක මිතුරු මිතුරුයුරු සිරින් අයන ළ පව් අඳුරැ අඳුරු රැසෙව් දුම රදුනුදු සෙත් කතුරු කතුරු වන් සිඳින මිසදිටැඹුල පතුරු පතුරුවන තෙදැති දිව විමනෙක මිතුරු මිතුරුසඳ මෙසඟ ගණ වැඳ කර යතුරු (26)

අර්ථ ව්යාමකූලත්වය ලක්ෂණය කර ගත් මෙවැනි පද්ය් තිසරකරුවාගේ කවීත්වයට සාධක නුවුව ද එළිසම පද්ය බන්ධනයෙහි ස්වකීය සාමාර්ථ්යුය ප්රතකට කරන අවස්ථාවක් ලෙස ඔවුන් විසින් සලකනු ලැබූ බව පෙනේ. තිසර, මයුර යන සන්දේශ රචිත කාල පරතරය විශාල නොවේ. සම කාලීන ලේඛකයන් දෙදෙනෙකු අතින් සමාන අරමුණු ඇතිව සම්පාදනය වන කාව්යන දෙකක සමාන අදහස්, භාෂා ව්යතවහාර, කාව්යෝදක්ති ආදිය දක්නට ලැබීම පුදුමයට හේතුවක් නොවිය යුතුය. සිංහල සන්දේශාවලියට මතු නොව සකලවිධ සම්භාව්යක පද්යව සාහිත්ය යට ම වුව මේ තත්ත්වය පොදුය. මේ අනුව එක් ලේඛකයකු අනෙක් ලේඛකයන්ගෙන් අදහස්, උපමාලංකාර

ආදිය සොරා ගත් බව නිගමනය කළ යුත්තේ සුපරික්ෂ්ය කාරිව ඒවා විභාග කිරිමෙන් පසුවය. තිසර සන්දේශය මයුරයට පසුව රචිත කෘතියකැයි යන මතයෙහි පිහිටන කුමාරතුංග මුනිදාස මහතා තිසර කවියා මයුර සන්දේශය ගුරු තන්හි තබා ගෙන ඉන් පෝෂණය ලත් බව සනාථ කිරීමට සාධක ද ඉදිරිපත් කරයි.14 සෙත යදි සක් හට දෙන දිගු බිතෙයි සැරි පිරි මුළු සක් වළැ පුල් සුරිඳු යස සිරි ලෙස වෙසෙසක් කැරැ නත නාහටත් සරි වත දහසක් තව ලදුවත් වනනු බැරි (මයුර, 151) යන මයුර පද්යනය මතු දැක්වෙන තිසර සහ කෝකිල සන්දේශ පද්යකවලට මුල් වූ බව කුමාරතුංග මහතා සලකයි.15 පත එපුරෙහි සිරිසර වෙන වෙන වනත සතනතුරින් කිවි පොහොසැතැ යෙති අනත වත දහසක් තව සිවුවත මැවුව මුත නැති නොසමතැ සිත ඇති මුවිනි පවසත (තිසර, 157) පත මුළු සක්වළැ සිරි එක තැනෙකැ සිරි ගත විලසක් පානා එපුරවරැ සිරි සිත වෙනසක් නො වැ පවසත අනත සරි වත දහසක් තව ලදුවොත් මිසක බැර (කෝකිල, 133)

අනන්ත නම් නාගයාට වත දහසක් ඇති බව කවිසමයාගතයි. ඒ බව තිසර කවියා මයුරයෙන් ම දැන ගත යුතු නොවේ. තිසර, මයුර පද්යශ දෙකේ සමාන යෙදුමක් ඇත්තේ “වත දහසක් තව” යන තන්හි පමණි. කෝකිල කතුවරයාගේ පද්යතය නම් මයුරය බලා ගෙන රචිත බව බැලූ බැල්මට ම පෙනේ. තිසර, මයුර පද්යර අතර සාම්යටය පෙන්වීම සඳහා කුමාරතුංග මුනිදාසයන් ඉදිරිපත් කර ඇති අනෙක් සාධක ද මෙබඳු මය. පුංචිබණ්ඩාර සන්නස්ගල මහතා ද කුමාරතුංග මත ධ්වනිත කරමින් ඒ කරුණු ම ඉදිරිපත් කරයි.16

තිසර, මයුර යන සන්දේශ දෙක සංසන්දනය කිරීමේ දී තිසරකරුවාට වඩා උසස් කවීත්වයක් මෙන් ම වර්ණනා චාතූර්යයක් ද මයුර කවියා සතු වූ බව පෙනෙතත් තිසරකරුවා මයුරය ගරු තන්හි තබා ගත් බවට නම් සාධක නොපෙනේ. තිසර කවියාගේ කාලය වන විට “අලංකාරවාදයේ අග්රව ඵලය” නම් විරුදාවලී පටබැඳි කව්සිළුමිණ නම් මහාකාව්යදය ද ලියවී තිබිණ. එළු සඳස් ලකුණ, සිදත් සඟරාව යන කෘති ද සම්පාදනය වී තිබිණ. මේ හැම කෘතියක් ම අභිනව කවියෙකුට අභියෝග ලෙසින් සිටි බව අනුමාන 14. මයුර සන්දේශ විවරණය 18 – 23 පිටු 15. එම, 20 පිටුව 16. සිංහල සන්දේශ සාහිත්යඅය, පුංචිබණ්ඩාර සන්නස්ගල, තුන්වන සංස්කරණය, කොළඹ ලේක් හවුස් මුද්ර ණාලය, 1962. 75 පිටුව.

කළ හැකිය. මේ පසුබිම් යටතේ තිසර කවියා‍ට සිදු වූයේ වස්තු විෂය කාව්ය, ආකෘතිය, පද්යස ස්වරූපය ආදී විවිධ අංශවලින් නව මං එළිපෙහෙළි කර ගනිමින් කාව්ය කරණයෙහි යෙදීමටය. මේ එක් එක් අභියෝගයට මුහුණ දුන් ඔහු සාර්ථක ප්රරතිඵල ලබා ගැනීමට සමත් වූයේය. අනෙක් බොහෝ සන්දේශකරුවන් මෙන් කෙළින් ම අනුග්රාතහක දෙවියා වෙත දූතයා නොයැවීම, එළිසම පද්යග රචනයේ දී දක්වන ප්රවමාද යනාදී වශයෙන් තිසර සන්දේශයේ දුබලකම් සේ ඇතැම් විචාරකයන් විසින් දක්වනු ලබන දෑ විද්යශමාන වීම පුදුමයක් නොවේ.


වෙනෙමා රුකුමා එඇමා නහමා සැදි මා න ඇමා ලැබ මා ඔදමා වෙනෙමා ලුනුමා ලසුමා නොව මා නත මා නුව මා යව මාවත මා (143)


සිව් තැනක එළිවැට තැබීමට යත්න දැරීම නිසා පද විකෘත වීමෙන් අර්ථය අපැහැදිලි වූ පද්ය යකට උදාහරණයකි මේ. සිංහල පද්යන කාව්ය යේ ඉතිහාසය පරීක්ෂා කිරීමේ දී තිසර කවියා අතින් මෙවැනි පද්යම රචනා වීම තේරුම්ගත හැකි වනු ඇත. එළිසම පද්ය රචනය සිංහලයට නුහුරු මාර්ගයක් නුවූවත් දඹදෙණි යුගයේ අවසානය තෙක් ම ප්රපචලිත වූයේ ගී කාව්යර සම්ප්ර්දායයි. ඉනික්බිති එළිසම සිව්පද කාව්යයය ප්රගමුඛත්වයට පැමිණියේ කුමක් නිසා ද, කවරාකාරයෙන් ද යන කරුණු නිශ්චය කිරීම පහසු නොවෙතත් දසසතර වන සියවස මුල් භාගයට අයත් දළදා සිරිත නම් කෘතියේ වෘත්තගන්ධි ශෛලිය එහි ලා යම් බලපෑමක් සිදුකර ඇති බව නම් පැහැදිලිය. “ඉසිවරා පිරිවරා යා කරා රන් මෙරා එකයුරා තමකරා සපත්වත් ඉටන් මං උපයත් දැන් අයුත් වෙයි සිතා දත් එ මහත්මා සදුල් සම් වල්කලා එහි ලලා පින ලොලා පුල පුලා මුනි බලා...”17 ශබ්ද අනුප්රා සයට මුල් තැන දෙන මේ වෘත්තගන්ධි ශෛලියෙන් ග්රලන්ථ සම්පාදනය කෙරුණ අවධියක, ඒ මාර්ගය අසාර්ථක වුවත්, ගම්පොළ යුගයේ එළිසම පද්යෙ රචනයට යොමු වූ ලේඛකයන් ඉන් යම් ආභාසයක් ලැබීම පුදුමයට කරුණක් නොවේ. තිසර සන්දේශයේ එන වෘත්තගන්ධි ගද්යස පාඨ මෙන් ම ඉහත උපුටා දක්වන ලද පද්යූය වැනි විවිධ වෘත්තගන්ධි එළිසම සිව්පද රචනා වූයේත් මේ පසුබිමෙහි බව අමතක නොකළ මනාය. එහෙත් එවැනි පද්යු ඇත්තේ කීපයක් පමණි. පූර්ව කවීන් පිළිපන් අලංකාර මාර්ගයෙහි ම පිහිටා රසවත් කාව්යෝකක්ති ගළපමින් රමණීය චිත්ර මැවීම අතින් තිසර කවියා සමත්කම් පෑ අවස්ථා බොහෝයි. 17. දළදා සිරිත, සංස්. වැලිවිටියේ සෝරත, කොළඹ, සී/ස ඇම්. ඩී. ගුණසේන සහ සමාගමය, 1995, 2 පිටුව


ළහි රු පියහු වස වසනත කරත දෙත කෙසරු දසන් මඳ මඳ පෑ එපෑපත තඹු රු මුවෙන් සෙන සෙන ස‍ඳෙහි විල් කත සොඳුරු සබඳ ඉන් යා ගන්න මාවත (73)

උදා වන හිරු ස්වාමියාය. රශ්මිය ඔහුගේ අතය. විල කාන්තාවකි. ඇය ඇඳි වත නම් විල් දියය. සූර්යයා රස් නමැති අතින් ඇගේ දිව නමැති වස්ත්රඇය අදියි. එනම් හිරැ රැස් දිය මත වැටීමය. ප්රි යයා තම ඇඳි වත අල්ලා ගන්නා විට කාන්තාවට මද සිනා පහළ වේ. විලේ නෙලුම් ය. මේ පියුම විල් කතගේ මුවය. හිරු රැස් වැටෙන කල පියුම් පිපේ. මේ පියුම් පිපීම නම් විල් කත සිනා සීමය. ඒ නිකම් සිනාවක් නොවේ. මල් රේණු නම් දසන් පෙන්වා සිනා සීමකි. මේ ළහිරු රැස් විල් ජලය මත පතිත වන සැටි කාව්යෝේක්තියට නැගූ අයුරුය. තිසර කවියාගේ ප්රලතිභාපූර්ණ කවීත්වයට මේ හොඳ උදාහරණයකි. විරිත නොබිඳ, සුලලිත පද ගළපා, උපමා රූපාලංකාර සහිත මනහර කවි ගෙතීමෙන් තිසර කවියා වඩාත් සමත්කම් පානුයේ ස්වභාව වර්ණනයෙහි බව පෙනේ.


ලෙළ රළ පිරිලි දිලි වෙරළත වෙතේයා පෙණ මුතුලැලින් සැදි දලනිදු සතේයා රැඳි රුදු නිල් යටෙක සිරිසර ගතේයා කළු ගඟිනෙතර යව දිගු පුළුලතේයා (85)

මහ සයුර කුඩයකි. මුහුදු රළ එහි හැඩ රැළිය. වෙරළ කුඩයේ වාටියයි. වෙරළේ ඇති පෙණ පිඬු කුඩයේ මුතු වැල්ය. මේ කුඩයෙහි යෂ්ටිය (මිට) නම් කළු ගඟයි. රසවත් උපමාලංකාරයකි. අලංකාරෝක්ති මැවීමෙහි ලා කවියා දක්වන සාමර්ථ්යපය උසස්ය. රජ සබය ඉදිරියේ පැවැත්වෙන නළඟන රැඟුම් වැනුම මේ කවියා ඉදිරිපත් කරන්නේ මහත් අශාවෙනි. එහි පද්යි පසළොසකි. මාත්රාද දෙවිස්සේ දීර්ඝ විරිතකින් අරඹන ඒ රැඟුම අවසන් වන්නේ සොළොස් මත් පද්යක කීපයකිනි. විරිත වෙනස් කිරීම තුළින් රැඟුම් ලීලාව වේගවත් වන සැටි පෙන්වීමට කවියා සමත් වෙයි.

කී කී බසටා කියමින් කවටා සබඳ ද නොගටා නඟමින් ගියටා රඟ දෙති සතුටා ලිය මේ ලෙසටා ඒ දුටු නෙතටා රසඳුන් කුමටා (179)

නිලුපුල් දිගැසී තන රන් කලසී විදු ලිය සදිසී සියුමැලි දිගැසී රඟ බැස නොලසී රඟ දෙන විලසී දුටු එම විගසී මද තෙම ඇවිසී (180)


තැනට ගැළපෙන විරිත සහ සරල සුගම පද මාලාව නිසා කියවන්නා ඉදිරියේ ඒ රැඟුම මැවී යයි. එහෙත් මේ රැඟුම් වැනුම මයුරයේ හෝ සැලළිහිණියේ හෝ රැඟුම් වැනුම හා තරග වැදීමට නම් සමත් නොවෙයි. සිංහල සන්දේශ කාව්යාීවලියේ විශේෂත්වයක් වන්නේ සමකාලීන ‍ඓතිහාසික - සමාජීය තොරතතුරු අන්තර්ගත වීමය. තිසර සන්දේශයෙන් මෙවැනි වැදගත් තොරතුරු රාශියක් අනාවරණය වේ. උපුල්වන් දෙවි, දැතිගම්පුර පරාක්රතමබාහු නිරිඳු, සුමිත්රා් නම් රජ මාතාව සහ සේනාධිලංකාර අග්රාමමාත්යර යන අය පිළිබඳ තතු ඉහත සාකච්ඡා කෙරිණ. එසේ ම දැතිගම්පුර රජුට හිතවත් සඟ පිරිසක් දෙවිනුවර විසූ බවට ද මෙම කෘතිය සාක්ෂ්යෙ දරයි. දෙවිනුවර සිට දැතිගම්පුරය තෙක් මාර්ගයෙහි එදා පැවති වැදගත් ස්ථාන පිළිබඳ ‍තොරතුරු අතර ‍දොරවක විහාර විස්තරය (128-131පද්යා) විශේෂ වේ. එහි දී නාථ දෙවියන්ගේ මෙන් ම තාරා බිසොවුනගේ ද රූප නමදින ලෙස දූතයාට නියම කෙරේ. මේ අනුව එදා මහායාන ඇදහිලි මෙරට පැතිර තිබූ බව ගම්යාමාන වේ. නාථ දෙවිඳුන් ගැන සාහිත්යර ග්ර න්ථයන්හි මෙන් ම ශිලා ලේඛනවල ද සඳහන් වෙතත් තාරා දේවිය සඳහන් වන්නේ විරල වශයෙනි.


වෘත්ත භාවිතය[සංස්කරණය]

තිසර සන්දේශ කතුවරයා විවිධ වෘත්තයන්ගෙන් යුක්ත පද්ය. බන්ධනයෙහි අභිරුචියක් දැක් වූ කිවියෙකි. එහි එන විවිධ වෘත්ත පිළිබඳ කරුණු මතු දැක්වේ.

1. සඳහට (සන්දෂ්ට) ගී/සිවුපද[සංස්කරණය]

සැරද තිසරිඳුසඳ - සඳ වන් සරා සිරිනද නඳ නෙත් සොඳුරු විලසින් - විලසින් සිත් පිනවමින (1) මෙය ගීයකි. එහි ලක්ෂණ නම් පළමු වන සහ තෙවන පාදවල පිළිවෙළින් මාත්රාල 9 ක් සහ 11 ක් බැගින් මාත්රාම 20 ක් ද, දෙවන සහ සිව්වන පාද වල මාත්රාත 11 බැගින් මාත්රා1 22 ක් දැයි මාත්රාි 42 ක් තිබීමය. ඊට අමතරව එය සන්දෂ්ට ගීයක් ද වේ. එළු සඳස් ලකුණ සන්දෂ්ට ගීයේ ලක්ෂණ මෙසේ දක්වයි. පෙදෙන් පෙද පිරියත - අකුරු ඩැහැ පද නැ‍‍‍ඟෙ නම් බහල් මත් පෙර ලකුණු - දනු සඳහට හෙ මෙසේ (19) (පාදයෙන් පාදය අවසානයෙහි වූ අකුරු ඩැහැ ගෙන ඊ ළඟ එක් එක් පාදයෙහි මුල එය ම මතු වේ නම්, එසේ ම පෙර යා ගීයට කියූ පරිදි දෙසාළිස් මාත්රහයෙන් යෙදේ නම් ඒ ගීය සදහට ගී නමි.) සමුද්රදඝෝෂ වෘත්තයේ සන්දෂ්ට සිවුපදයකට උදාහරණ මෙසේය නඳ කළ සියළු සත සෙත දීමෙන් නිබඳ බඳ යස කෙහෙලි දිගු දිගු යටගෙහි නොමඳ මදයුරු සොඳුරු රූ යුතු මේ දෙවිඳුසඳ සඳ ලෙස අයද වැඳ සමු ගන් මිතුරුසඳ (25) සන්දෂ්ට දස පද සැහැල්ලකට උදාහණ ඉහත දක්වන ලදී (15 පිටුව)


2. සමුදුරුගොස (සමුද්රනගෝෂ)[සංස්කරණය]

තිසර සන්දේශයෙහි මෙන් ම අනෙක් එලිසම කාව්යලන්හි ද හුලව දක්නට ලැබෙන්නේ සමුද්රසඝෝෂ වෘත්තයෙන් බැඳි පද්ය‍ වේ. එහි ලක්ෂණ එළු සඳස් ලකුණ දක්වා ඇත්තේ මෙසේය. දෙසෙන් අටෙන් යති - අටළොස් මතින් බඳහොත් මේ සමුදුරුගොස නම් - නිදසුන් ද දනු මෙලෙසේ (62) මේ අනුව එක් එක් පාදයෙහි මාත්රාද දසයෙන් ද අටෙන් ද යති පිහිටුවිය යුතු අතර එහි සම්පූර්ණ මාත්රා ගණන අටළොසක් විය යුතුය. සමුද්රවඝෝෂ වෘත්තයේ ලක්ෂන එසේ වුව, මාත්රාො දසයෙන් හා අටෙන් යතිය තැබීම හැම විට අත්යලවශය බව නොසැලකුණු සෙයක් පෙනේ. මේ විරිතේ මූලික අවශ්යතතාව වී ඇත්තේ පාදයක මාත්රාස සොළසක් තිබීමය. ඒ අතර සතළොස් මත් පාද සහිත පද්යව ද සමුද්රතඝෝෂ සේ සලකනු ලැබේ.

3. උවදෑ (උපජාති) දසපද සැහැලි[සංස්කරණය]

පාද හෙවත් පේළි දසයක් ඇත්තේ දස පද සැහැල්ලයි. (තුදුස්, සොළොස්, අටළොස් ආදී පාද ගණනින් යුත් සැහැලි ඇතත් තිසරයෙහි නොයෙදේ) උපජාති දසපද සැහැල්ලේ ලක්ෂණ නම්: එක් කළ හොත් සිතිලි - ගී යුවලක් දන්නේ කඩවක් නම් ලකුණ මේ - සිවු පද සෙයින් දන්නේ (92) පේළි 3 ක් බැගින් වූ සිතිලි නම් ගී දෙකක් (හෙවත් පාද 6 ක්) එක් වූ විට ඒ කඩවක් නමි. එයට තව ද සිවුපදයක් (සාමාන්යතයෙන් සමුද්ර්ඝෝෂ සිවුපදයක්) එකතු වීමෙන් උපජාති දසපද සැහැල්ල සෑදේ. තිසරයේ 26, 48, 99 යනාදී පද්යජ උදාහරණයි. මෙයින් ඇතැම් දස පද සැහැල්ලක සන්දෂ්ට ලක්ෂණ ද පෙනේ. 130 වන උපජාති දස පද සැහැල්ලේ අවසාන සිවුපදය දිගෝවිලි විරිත ගෙන ඇති සැටි බලන්න.

4. එළිසම ගී[සංස්කරණය]

කොහොන් ගස පොකුණේ - සැනහෙම්නි බඳ පවනේ යා ගන්න මඟ දකුණේ - විසිතුරු රුකන් සෙවණේ (තිසර, 31) මෙහි ලක්ෂණ නම් එළිසම සහිත ගීයක් වීමය. පාදාන්ත එළිය සතර පාදයෙහි ම එයි. අංක 38, 112 ආදිය උදාහරණයි. ඇතැම් විට මීට වෙනස් ලෙස දෙවන සහ සිවු වන පාද අන්තයෙහි පමණක් එළිසම කර ඇති පද්යආ ද දක්නට ලැබේ. 78, 127 පද්යආ උදාහරණයි.

5. දිගෝවිලි[සංස්කරණය]

පාදයක මාත්රාස 22 බැගිනි. නැත නියම් ලුහු ගුරු - දෙවිසි මතින් බඳ හොත් දිගෝවිලි ය යි දන්නේ - එයට නිදසුන් මේ වේ (71) යනුවෙන් එළු සඳස් ලකුණෙහි දිගෝවිලි විරිතේ ලක්ෂණය දැක්වේ. තිසරයේ 130 (දස පද සැහැල්ලේ අවසාන සිවු පදය). 131, 169, 170 යන පද්ය මේ විරිතින් බැඳුණේය. මේ ඇතැම් පද්යකයක මාත්රා් 23 බැගින්

පෙනෙතත් පාදාන්ත ගුර ලුහු ලෙස සැලකීමට බාධා නැත. “ලෙලවමිනි තන බර...” යනාදී 89 වන පද්ය්යේ මුල් තුන් පාදයේ මාත්රා9 23 බැගින් ඇති අතර සිවු වැන්නේ මාත්රාර 24 කි. ශුද්ධ පාඨය “මොරටු එළියේ” යි ගත හොත් ඒ අවුල ලිහෙතත් අත් පිටපත් අනුව ඊට අවසර නැත. එබැවින් එහි විරිත අපැහැදිලිය.

6. සක්වා (වක්ර වාක)[සංස්කරණය]

 “බට ගඟුලැලි පෙලාන පැහැ	දුලාන”

යනාදි 121 වන පද්යහය සක්වා විරිතයි. සත් මතෙකින් මතු - ලුහු ගුරු දෙකින් යති වත් පුන තුන් මතින් ලුහු ගුරු - සක්වා නම් විරිත් වේ (54) යන එළු සඳස් ලකුණ ගීය අනුව පාදද සතරෙහි මාත්රාි සතක් හා ගුරක් ද ලඝුවක් ද යෙදෙමින් යතිය පිහිටයි ද නැවත මාත්රාර තුනක් සහ ගුරක් ද ලඝුවක් ද යෙදෙමින් යතිය පිහිටයි ද නැවත මාත්රා තුනක් සහ ගුරක් ද ලඝුවක් ද යෙදෙමින් යතිය පිහිටයි ද ඒ සක්වා විරිත වේ. 122 හා 123 පද්යර ද සක්වා විරිතය.

7. වසත් (වසන්ත)[සංස්කරණය]

“බැස එයිනේ ගිය සඳිනේ” යනාදි 132 ගීය වසත් විරිතය. එහි ලක්ෂණය

නම් මාත්රාග සයෙන් විරාම සහිත දොළොස් මාත්රා  පාද වීමය. 132, 133, 135 ගී වසත් විරිතින් බැඳුණේය.

8. වෙහෙලුලැහි (වෙහෙල් උලැහි)[සංස්කරණය]

මෙහි ලක්ෂණය නම් සතර පාදයෙහි ම දොළොස් මාත්රාි බැගින් තිබීමය. වෙහෙලුලැහි, වසත් යන විරිත් අතර වෙනස නම් වසත් විරිතෙහි මෙන් සමතින් විරම් පිහිටුවීමක් වෙහෙලුලැහි විරිතර අවශ්යන නොවීමය. එහෙයින් පුළුල් ලෙස සලකා වසත් ගී ද වෙහෙලුලැහි යි නම් කළ හැකිය. 134, 136 මීට උදාහරණයි.

9. තිරියත්සර[සංස්කරණය]

නිමලිය සුදු වැලිය සසලිය රල මලිය සුපුලිය පියුමැලිය විපුලිය වන විලිය (137) යන පද්ය ය තිරියත්සර විරිතින් බැඳියේය. “නනද තෙගෙණෙන් බඳ - තිරියත්සර නම් වේ” (41) යන එළු සඳස් ලකුණු ගීය අනුව මෙහි ලක්ෂණ නම් එක් එක් පාදයෙහි පිළිවෙලින් න ගණ (---), න ගණ, ජ ගණ (---) යන ආකාරයෙන් සිවු පදයේ ම ගණ පිහිටීමය. මේ පද්යහයේ සෑම පාදයේ ම මුල පදය “නිමලිය”, “සසලිය” යනාදි වශයෙන් දීර්ඝත්වයට පත් කරන කුමාරතුංග එය භුජංගප්රියාත විරිත යි නම් කරයි. අත් පිටපත් අනුව නම් එවැනි දීර්ඝයක් නොපෙනේ.


10.සෙවියත්සර[සංස්කරණය]

මුතේය ලඹ අතේය සතේය සිරි ගතේය මුතේය කුසුමතේය යුතේය තුරු පෙතේය (138) පද්යයය සෙවියත්සර විරිතින් බැඳියේය. ජන දෙගණ ගුරු මත් - සිවු සය විරම් වේ නම් විරිත් නම් සෙවියත්සර - දනු නිදසුන් මෙසේ වේ (40) වන එළු සඳස් ලකුණ ගීය අනුව ජ ගණ (---) න ගණ (---) යන දෙකත් ගුරක් සහ ලඝු මාත්රාුවක්කුත් වේ ද මාත්රාෙ සතරින් හා සයින් යති වේ ඒ සෙවියත්සර විරිතයි. 139 වැනි පද්යණය මේ විරිතය.

11. නළුගාහ[සංස්කරණය]

තුරුවල නා ලිය සොඳුරාහා බිඳ රඳනා ලිය වඳුරාහා සහ යනෙනා ලිය කිඳුරාහා දද කෙළනා ලිය මැදුරාහා (140) පද්යවය නළුගාහ විරිතින් බැඳියේය. එළු සඳස් ලකුණේ එන සිවු මත් ගුරෙන් විරම් - පුන සිවු මත් ගුරෙන් විරම් කොටින් බඳ හොත් - නළුගාහ නම් හෙ මෙසේ (47) මේ අනුව ලඝු සතරක් හා ගුරක් ද සමග යතියත්, ලඝු සතරක් හා ගුරු දෙකක් ද සමග යතිය එක් පාදයකත් බැගින් ඇත්තේ නළුගාහ විරිතෙහිය. 142 පද්ය ද මේ විරිතිනි.

12. තෝටක[සංස්කරණය]

වෙනෙමා රුකුමා එඇමා නහමා සැදි මාන ඇමා ලැබ මා ඔදමා වෙනෙ මා ලුනු මා ලසු මා නොව මා නත මා නුව මා යව මාවත මා (143) පද්යා තෝටකය. “ සතර සගණින් බඳුයේ - තොටක නමැයි දන්නේ” (51) යන එළු සඳස් ලකුණු ගීය අනුව ස ගණ (---) සතරකින් පාදය බැඳුණේ තෝටක විරිතය.

13. කමලා[සංස්කරණය]

“කැලුමෙන් යුතු මුතුලැල් ලඹ දෙන මල් දමිනවුලේ” (168) යනාදි පද්යනය කමලා විරිතයි. එළු සඳස් ලකුණ අනුව එහි ලක්ෂණ මෙසේය. ස න ජ න බ ස මේ - ස ගණින් සයින් සය යති කමල් නම් විරිත් වේ - නිදසුන් මෙසේ දන්නේ (69)


ස ගණ (---), න ගණ (---), ජ ගණ (---), න ගණ, (---), බ ගණ (----), ස (---), යන මේ සය යොදා මාත්රාම සයෙන් සයට යති පිහිටුවූ කල්හි කමලා විරිතය. තිසරයේ 169, 170 පද්ය කමලා විරිත ගනී.


14. පෙද[සංස්කරණය]

“නියෙනග බරතැදුරන් කී ලෙසටා” (171) යනාදි පද්ය ය පෙද විරිතය. එළු සඳස් ලකුණෙහි සතර සතර මතින් - යති සතරක් දුට හොත් සොළොස් මතින් රැඳියේ - පෙද නම් විරිත් හෙ මෙසේ (56) කී හෙයින් සතරෙන් සතරට යතිය සහිතව සොළොස් මතින් යුතු වන්නේ පෙද විරිතය. “නඳනා ගණිඳුට පුද කළ නිමලි” (172) සහ 173 – 182 තෙක් පද්ය පෙද විරිතින් බැඳියේය.


වෙනත් තිසර සන්දේශ සංස්කරණ[සංස්කරණය]

තිසර සන්දේශය මුලින් ම මුද්ර ණය වූයේ 1923 වර්ෂයේ දී බව පෙනේ. එතැන් පටන් වරින් වර මෙම කෘතියේ සංස්කරණ රාශියක් පළ වී ඇත්තේය. අප අවධානය යොමු වූ කෘති මෙසේය: 1. තිසර සන්දේශ ලීලසේන ව්යාකඛ්යා , ඇල්. ඇම්. ලීලසේන, 1923 2. තිසර විවරණය, මුනිදාස කුමාරණතුංග, බු.ව. 2475 (ක්රි,.ව. 1932) 3. තිසර සන්දේශය, ඩී. බී. ජයතිලක, 1935 4. සාරදීපිකා තිසර සන්දේශ ව්යා.ඛ්යාය,පලන්නොරුවේ විමලධම්ම ස්ථවිර 1936 5. තිසර සන්දේශ දීපනිය, මුනිදාස කුමාරතුංග, බු.ව. 2480 (ක්රි‍.ව.1937). 6. තිසර සන්දේශ බොධිනී, කිරම සරණපාල ස්ථවිර, 1948. 7. බාහිර උපාධි පරීක්ෂණයට නියමිත තිසර සන්දේශය, කුලතිලක කුමාරසිංහ, 1985. 8. තිසර සන්දේශය, බන්දුසේන ගුණසේකර, 1986. කුමාරතුංග මුනිදාස මහතාගේ සංස්කරණ දෙකක් ඇති බව මේ ලේඛනය අනුව පෙනී යයි. මේ කෘති දෙක අතර ද යම් යම් වෙනස්කම් තිබෙන බව ඒවා සංසන්දනය කිරීමේ දී පැහැදිලි වේ. පූර්වෝක්ත කෘති සම්පාදනය කිරීමේ දී තිසර සන්දේශයේ අත් පිටපත් අඩු වැඩි ප්රපමාණයක් ඒ ඒ විද්වතුන් විසින් ආශ්ර ය කරනු ලැබූ බව නිගමනය කළ හැක්කේ ඒ හැම කෘතියක ම පාහේ ඇතැම් පද්යසවලට පාඨාන්තර දක්වා තිබීමෙනි. එහෙත් ශාස්ත්රී ය ග්රයන්ථ සංස්කරණයක දී අපේක්ෂා කෙරෙන පරිදි එක් එක් අත්


පිටපතෙහි යෙදී ඇති සැටියෙන් පාඨාන්තර සංසන්දනයෙන් යොග්ය තම පදය ශුද්ධ පාඨය වශයෙන් සලකා සෙස පාඨ අධෝ ලිපි වශයෙන් දැක්වීමක් ඒ එක ද සංස්කරණයක හෝ නොපෙනේ.


මෙම සංස්කරණය[සංස්කරණය]

මෙම සංස්කරණය සම්පාදනය කිරීමේ දී පුස්කොළ අත් පිටපත් දහයක් ද, මුද්රි ත පිටපත් දෙකක් ද ආශ්රපය කරන ලදී. ඒ පිටපත් පිළිබඳ විස්තර සහ අප විසින් යොදනු ලැබූ සංකේත මෙසේය: 1. අ ඩී.බී. ජයතිලක මැතිතුමන් විසින් දිවයිනේ නොයෙක් පළාත් 2. ඉ වලින් එක්රැස් කරනු ලැබූ බව සඳහන් වන මේ පිටපත් දැනට 3. උ කොළඹ තරුණ බෞද්ධ සමිති පුස්තකාලයේ තැන්පත් කර 4. එ ඇත. එක් එක් පිටපතට අංක යොදා ඇත්තේ අ-056; ඉ-038 උ-065; එ-43 යනුවෙනි. 5. ක කොළඹ කටුගෙයි පුස්තකාලයේ තැන්පත් කර ඇති A.M.16 දරණ පුස්කොළ පොත. 6. ග කොළඹ කටුගෙයි පුස්තකාලයේ ඇති අංක 0043/2908 දරණ පුස්කොළ පොත. 7. ර කොළඹ කටුගෙයි පුස්තකාලයේ ඇති අංක 0045/5295 දරණ පුස්කොළ පොත. 8. ප පානදුරේ වල්පොළ විහාරස්ථ පුස්තකාලයට අයත් පුස්කොළ පොත. 9. බ බළපිටියේ සුභද්රාිරාම පුරාණ මහා විහාර පුස්තකාලය සතු පුස්කොළ පොත. 10. ව කැලණියේ විද්යාාලංකාර පිරිවෙන් පුස්තකාලයේ ඇති පුස්කොළ පොත. 11. ජ ඩී. බී. ජයතිලක සංස්කරණය, 1935 12. කු මුනිදාස කුමාරතුංග සංස්කරණය (තිසර සන්දේශ දීපනිය, බු.ව.2480) ඉහත සඳහන් පුස්කොළ පිටපත් අතුරෙන් ඉ අංකිත පිටපත අවසන දැක්වෙන “සිඬිරස්තු-සුභමස්තු-තිසර සන්දෙසශෙය නිමි-ලියා නිමකලේ වර්ෂ 1800 අවුරුද්දේදීය” යන පාඨය අනුව එය ක්රිද.ව.1800 දී පිටපත් කරන ලද බව සිතිය හැකිය. එසේ ම බ පුස්කොළ පිටපතේ එන “සිඬිරස්තු සුභමස්තු”. තිසර සන්දෙේසය ලියා අන්තිම කලේ වරුස 1890.6.3 දිනදීය. මේ බවට (අපැහැදිලි ඉංගිරිසි අත්සනකි)” යන පාඨය අනුව එහි කාලය වාර්තා වෙයි. අනෙක් එක ද පිටපතක හෝ වර්ෂයක් සඳහන් නොවේ. අප පරීක්ෂා කළ සෑම පුස්කොළ පිටපතක ම “රංගා දහන් නළු මුළු උර ර‍ ඟෙහි මනා” යනාදි 81 වන පද්යනය සහ “රසින් යුත් අඳුන් ගිරි කුළු එක ලෙසට” යන 82 වන පද්යතය අතරට “ලෙළ රළ පිරිලි දිලි වෙරළත


වෙතේයා” යනාදි 85 වන පද්යනය යොදා තිබිණ. ගමන් මග අනුව එය වැරදීමක් බව පෙනීගිය හෙයින් මුද්රි5ත පිටපත් අනුව ම පද්යා අනුපිළිවෙළ යොදන ලදී. ජයතිලක, කුමාරතුංග යන සංස්කාරකයන් දෙදෙනා ද මේ අවුල වාර්තා කර අනුපිළිවෙළ සකාසා ඇත. තව ද, අප පරීක්ෂා කළ පුස්කොළ පිටපත් අතුරින් එ පිටපත පද්යර අනුපිළිවෙළ අතින් එක් ක්රපමයක් ද සෙසු සියලු පිටපත් අනෙක් ක්රිමයක් ද අනුගමනය කර ඇති බව පෙන්වා දිය හැකිය. එ පිටපත පමණක් පද්යි අනුපිළිවෙළ අතින් මුද්රි ත සංස්කරණ හා සමාන වන අතර ඉතිරි පිටපත් නවයේ ම පද්යු අනුපිළිවෙළ අතින් එක සමාන අවුලක් දක්නට ලැබේ. මේ අවුල සිදු වී ඇත්තේ 110 වැනි පද්යනයේ පටන්ය* සන්දේශයේ වැනුම් මග හා ගමන් මග අනුව එ පිටපතෙහි හා මුද්රිනත සංස්කරණයන්හි එන පද්යා අනුපිළිවෙළ නිවැරදි බව පෙනී ගිය හෙයින් මේ අනුව සෙසු පිටපත් හි අනුපිළිවෙළ ද සකස් කිරීමට සිදුවිය. මේ පිටපත් නවයේ පද්ය අනුපිළිවෙළ මෙසේය. • “පිපි සල් තුරු ගැවසි...” යනාදි 110 පද්යයයෙන් පසු 121 – “බට ගඟුලැලි පෙළාන...” - සිට 127 – “සුර නා ලිය ලෙසින්” - තෙක් පද්යන හත. • 127 පද්යුයට පසු 113- “ලබා දුහුල් පට...” - සිට 120 – “සරන මල් අතුරතුර...” - තෙක් පද්යස අට. • 120 පද්ය”යට පසු 130 දස පද සැහැල්ලේ “ලඹ දෙන ලකල් අක පට අම පි‍ඬෙව් ගත නුබ ගඟ සුනිල් හස වැල ඇත එසිරි ගත” යන පද්යාුර්ධය. • “ලඹ දෙන ලකල්...” යන පද්යා ර්ධයෙන් පසු 188 අංකිත දස පද සැහැල්ලේ “සැදි දෙරණම්බා මුදුනත ලකයුරු මෙම පැරකුම්බා නරනිඳුතුමට ගරු” යන පද්යාුර්ධයෙන් අවසන් වන තෙක් පද්යද සංඛ්යාලව ගිලිහි ගොසිනි. මේ අඩුපාඩුව, මුද්රිඅත හංස සන්දේශයේ පද්ය කීපයකින් සම්පූර්ණ කර ඇත. මේ අනුව 111 සහ 112 අංකිත පද්‍ය එ පිටපතෙන් හැර අනෙක් පිටපත් නවයෙන් ම ගිලිහී ඇති බව කිව හැකිය. ඉහත විස්තරය අනුව එ පිටපත එක් පරම්පරාවකටත් අ, ඉ,උ, ක, ග, ප, බ, ර, ව, යන පිටපත් අන්යකතර පරම්පරාවකටත් අයත් සේ නිගමනය කළ හැකිය. මෙකී පුස්කොළ පොත් නවයට ම එක් මුල් පිටපතක් ආශ්රකය වන්නට ඇති බව පෙනේ. යම් ප්රතමාදයකින් ඒ මුල් පිටපතට ද තිසර සන්දේශ පද්යට වෙනුවට හංස සන්දේශ පද්යම ඇතුළු වී ඇති බව සිතිය හැකිය. මේ කරුණු අනුව, පද්යය අනුපිළිවෙළ අතින් නම් පූර්වෝක්ත පිටපත් නවය නොව එ පිටපත සහ මුද්රි ත සංස්කරණ කෙරෙහි විශ්වාසය තබන ලදී. • අංක යොදා ඇත්තේ මෙම සංස්කරණය අනුවය


ඩී. බී. ජයතිලක සංස්කරණය (1935) සඳහා පුස්කොළ පිටපත් අසුරු කරන ලද බව සඳහන් වී ඇතත් ඒවා නම් වශයෙන් දක්වා නැත. ජයතිලක මහතුන් සතුව තිබී දැනට කොළඹ තරුණ බෞද්ධ සමිති පුස්තකාලයේ ඇති එ පිටපත ද එම සංස්කරණය සඳහා ආශ්රෞය කරනු ලැබූ බව අනුමාන කළ හැකිය. මුනිදාස කුමාරණතුංග (පසුව කුමාරතුංග) සූරීන්ගේ තිසර සන්දේශ සංස්කරණ දෙකක් ඇති බව ඉහත දැක්විණි. මෙයින් තිසර විවරණයේ පෙළ සකස් කිරීමේ දී පාඨාන්තර දැක්වීමක් නොකෙරේ. එහි දී එක් පුස්කොළ පිටපතක් හෝ පිටපත් කීපයක් හෝ ආශ්ර්ය කරන්නට ඇති බව අනුමාන කළ හැකිය. තිසර සන්දේශ දීපනියේ දී පාඨාන්තර දක්වා ඇතත් ඒ ඒ පාඨාන්තර කවර නම් පිටපත්හි යෙදෙන්නේ දැයි දක්වා නැත. තව ද, සඳහන් කළ මනා කරුණක් නම් තිසර විවරණයේ සහ තිසර සන්දේශ දීපනියේ පද්යන සහ අර්ථ විවරණ සම්බන්ධයෙන් ද සැලකිය යුතු වෙනසක් දක්නට ලැබීමය. එම සංස්කරණ වල එන පළමු වැන ආසි ගී දෙක සැසඳීමෙන් ම එකරුණ පැහැදිලි වනු ඇත.

සැරද තිසරිඳුසඳ සඳ වන් සරා සිරිනද නඳ තන සොඳුරු විලසින් විලසින් ලොව පිනවමින - තිසර විවරණය

සැරද තිසරිඳු සඳ සඳ වන් සරා සිරි නඳ නඳ නෙත් සොඳුරු විලසින් විලසින් සිත් පිනවමින - තිසර සන්දේශ දීපනිය


මේ සංස්කරණ දෙක සසඳන කල, තිසර සන්දේශ දීපනිය අත් පිටපත් ආශ්රදයෙන් සම්පාදනය කර ඇති බව පෙනෙන හෙයින් ද අත්තනෝමතික ශුද්ධි සංඛ්යා්ව අඩු හෙයින් ද කලින් කරනු ලැබු තිසර විවරණයට වඩා විශ්වාස කට යුතු බව නිගමනය කළ හැකිය.එහෙත්, අත් පිටපත්හි නැතත් ලේඛකයාගේ අභිමතය පරිදි ඇ කාර භාවිතය නම් මෙහිදු දක්නට ලැබේ. අත්තනෝමතතික ශුද්ධි ද විරල නොවේ. මෙම සංස්කරණයෙහි ලා අපගේ අරමුණ වූයේ තිසර සන්දේශ කර්තෘ වරයාගේ මුල් කෘතියට හැකි තාක් ආසන්න වන පරිදි, අත් පිටපත් ම මුල් කර ගෙන ශාස්ත්රෘ යුක්තියෙහි පිහිටා පෙළ සකස් කිරීම මිස භාෂාව, කාව්යෝරක්ති ආදිය තව දුර ශුද්ධ කිරීම නොවේ. අත් පිටපත් වල යෙදෙන හැම පාඨාන්තරයක් ම දක්වා ඇති හෙයින් අභිමත පරිදි පෙළ තව දුර සකස් කර ගැනීමට බැධාවක් නොමැත. ඇතැම් පද්ය ග්ර න්ථ වලට මෙන් තිසර සන්දේශයට පැරණි සන්නයක් හෝ විවරණයක් සම්පාදනය වී නොතිබිණ. මේ හේතුව නිසා ම ඇතැම් පද්යස සඳහා අප දැක්වූ අර්ථ


විවරණ ද අනෙක් තිසර සන්දේශ ව්යාකඛ්යානනවලට වඩා වෙනස් වන බව කිව යුතුය. වෙනත් අර්ථ දී ඇති සෑම විටකම, එසේ කර ඇත්තේ හේතු යුක්ති සහිතව බව පැහැදිලි වනු ඇත. එහෙත් තිසරයේ එන ඇතැම් පද්ය වලට අන්යා කාරයෙන් අර්ථ විවරණ කිරීමට බාධාවක් නැත. මේ කෘතිය කොටස් පහකින් යුක්තය. ඉන් පළමු වැන්න සංඥාපනයයි. එය සම්පාදනය කර ඇත්තේ තිසර සන්දේශය හදාරණ විද්යායර්ථීන්ට අවශ්යා මූලික දැනුම ලබා දීමේ අපේක්ෂාවෙනි. දෙවන කොටස නම් අත් පිටපත්හි හා මුද්රියත පිටපත්හි එන පාඨ සන්සන්දනයෙන් සකස් කෙරුණු ශාස්ත්රීමය සංස්කරණයයි. එක් එක් පද්යශයට හෝ ගද්යේ ඛණ්ඩයට අදාළ පාඨාන්තර අධෝ ලිපි වශයෙන් දැක්වීම මෙහි දී ම අපේකෂා කෙරෙතත් ඒ විස්තර තුන්වන කොටසේ දී දක්වා ඇති බව සැලකුව මනාය. ඊට අමතරව පදගතාර්ථ, විවරණ ආදී සියලු කරුණු මේ කොටසින් ඉදිරිපත් කෙරේ. සිව් වනුව තිසර සන්දේශයෙහි යෙදෙන වචන පිළිවෙළින් කෝෂගත කර ඇති අතර අවසාන වශයෙන් සවිස්තර සූචියක් ද අන්තර්ගතය.


ඇතැම් තිසර සන්දේශ පොත්වල පද්යවවල‍ට පමණක් අංක යොදා ඇති බව පෙනෙතත් මෙම කෘතිය පරිහරණය කිරීමේ පහසුව තකා පද්යය වලට මෙන් ම ගද්යත ඛණ්ඩවලට ද අනුපිළිවෙළින් අංක යොදා ඇති බව සැලකුව මනාය.

"https://si.wikibooks.org/w/index.php?title=තිසර_සන්දේශය-සංඥාපනය&oldid=14759" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි