තිසර සන්දේශය-පෙළ

Wikibooks වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න


1. සැරද තිසරිඳුසඳ - සඳ වන් සරා සිරිනද

නඳ නෙත් සොඳුරු විලසින් - විලසින් සිත් පිනවමින


2. සතත ගත පැහැයෙන - තරමැණ මනැති මමිතුර

සරා වෙලක සිරි පානෙව් පවනිනෙන

සරා අහස සහතොසිනෙන තදකිමින

තම සිය සෙමෙර යයි - ළඟ නොම වූ ද සරසවි

දෙව් ලොවිනෙන අම පි‍ඬෙකැයි සත පිනිනි

දෙව් තොප දැක වට නොකොළෝ ද ස‍ඳෙකිනි

උයනින් නඳුන් ගිලි මල් කැනෙක වී හැඳ

සොබමන් තදැක නුවූ ද සිදඹුවෝ ළඟ

ගමනින් දුකෙක් නොවී ද කිසි අතර මඟ

නුවනින් ලබන ලබ නම් දැකුම් මයි තඟ


3. මෙයිදු සවනතෙයි සඳ


4. උදේ පටන් දිවයුරු සහ නොපසු බැසේ

තදේ වෙයින් දිව දිය රැගෙන ලෝ කුසේ

බ‍ේඳේ පසිඳු විය සිය කුලතුමෙක් මෙසේ

යෙදේ තොප ද පුවතර වුව හොතින් එසේ


5. පිනූ මිස සයුර පෙර වඳුරකු බෙලෙනි

පිනූ කෙනෙකැද්ද අන් එකුලෙන් දෙවැනි

දිනූ එසත්සරහූ නොකියා එයිනි

දැනූ හස කළැකි දෙය කියව සබඳිනි


6. තවෙස් පමණ ගත් ලිය පියවුරුහු පවා

කෙලෙස් වසඟ සත තම නතු බවට එවා

සතොස් කෙරෙති නිති දුටු මෙන් ම අමුතුවා

වෙසෙස් තොපට බැරි දෙයකැද්ද මේ ලොවා


7. සතුටු කළ මන තඹුරු මිතුරුයුරු මිතුරුසඳ

සසඳ ලෙස සසඳව ම මෙසඳ මා කරනු කිම යත්


8. තුඟු මනරම් බා බෙලෙනදහස ලෙස්න

රැක දෙරණම්බා දැතිගම්පුර දිස්න

හිමි පරකුම්බා නරනිඳුහට තොස්න

මමිතුර එම්බා දන්වව මේ අස්න


9. රස නුසුන් හසුන් මතු කියමි මමිතුර තොප නිකුත් වන

සව් ඉසුරු නමුත් වන පුර පවර පසස්නා වදන්

දැන් තා සවන් මිණි බරණ සඳ


10. බැ ඳි මිණි කිකිණි දැල් මුතුලැල් පා රැසිනි

රැ ඳි රන් රුවන් සල්පිල් කෙළි තුරු ගොසිනි

ඉ දි ගුණ නුවණ කුලඟන සුදනන් විසිනි

සැ දි දෙව්නුවර සිරිසර බල සහතොසිනි


11 එමතු ද


12. ලෙළෙනා ගුරුළු මුළු දද වෙත ඇති අගළ

දියෙනා පෙනෙන සේවුරු සේයා සලෙළ

නුබිනා ගුරුළු මුළු දුර දැක බියෙනිගිළ

නතනා ගමන ඇර යන වැනි සයුර තුළ


13. පුරඟන සරන වර මිණි නිල් සඳලු තෙලේ

වැකි ලත පතලසින් රැවටුණු බමර වැලේ

දැක දැක තඹරන ම මේ පුර ගෙදිගු විලේ

තම තුඩ නොලත් එහි මිහි ලොලිනි කිසි කලේ


14. පැහැසර පැපෑ සියුමැලි තුනුව‍ගඟේයා

රඟ දෙන නළඟනන් මිණි බිතු ළ‍ඟේයා

පිළිබිඹු ලෙසින් එහි සැදි සිට ර‍ඟේ යා

අඩු වැඩි සුරඟනන් උගනිති හැ‍ඟේයා


15. රනලිය බඳ බඳ පුර යෝනත් වතිනි

පැරදම සඳ සඳ මතු දිනනුව තැතිනි

පහ අග බඳ දද දද ගෙන පවනතිනි

ලප පිරිමැද මැද හරනෙව් සිය ගතිනි


16. නිල් මිණි මැඳුරෙහි සී මැඳුරත සැපත

කල් බඳ සොඳ වත දකිමින් මතඟ මත

පුල් පියුමෙක කුහුලින් දිගු කරන අත

තුල් රහු වැනි සිසි ගැනුමට ගමන් ගත


17. ම හ ත රසො ත පැනසර කිවි දනා බස

නු මු ත ස ත ත නන් දෙසිනා දනා රැස

බ ල ත ව න ත මෙනුවර සිරි මනා ලෙස

කෙව ත දි ය ත සුරනත අනත නා මිස


18. වි සේස වන් විකුමෙනි බාසුරු කෙසර

ලෙසේ අසුර ගජ දප් බිඳුමෙහි ළතර

තොසේ උපුල්වන් සුරනිඳුතුම මෙපුර

වෙසේ නිතොර පුරඳුරැ මෙන් තිදසපුර


19. මිතුර, මේ සුරිඳුගෙ වෙ‍සෙස අස


20. මෙරජ තෙදග රුපු රද හද තුළේ වැද

දිලි සිළුමිණි සේ සෙද පෙනුණේ මතු ද

ඇවිළ ගොසින් උනඹුව හද තුළේ වැද

පෙනිණි නුවන් රත්තර ලෙසිනි විනිවිද


21. මොහු යස දසත පැතිරෙන ලොව වතිනි ඇමා

තම පැහැ නොහැර පැවතියෙ නම් නියමව මා

රුපඹුව නුවන රත තර හා සුරිඳු මෙමා

ගත නිල් පැහැය මිස නොපෙරළියෙ නම් කිමා


22. කළයෙන් උපන් අගතිසි නම් එකතු පෙර

එකැඳිලිනි ගත් වර වියැළිණි සත් සයුර

ඇම සුර නරන් ගත නෙතැදිලියෙන් නිතොර

නොනිමා වැඩෙනු මිස මොහු රූ එක සයුර


23. සතොසි න් වසත සිරි සරසවිය මොහු කෙරේ

වියොවි න් පැමිණි දුක් නොම විඳ එඅවසරේ

රැකියෙ න් මිසක බඹ බඹසර ම අරතරේ

සොවගි න් තැවී කළු නොම වේ ද වෙන්යුරේ


24. ලොබැර තිදසපුර සිරි සරිනි ලෝ මුදුන්

ඇසෙන විගඳ යුත් අඟ සිය විතර යොදුන්

නරන් රකින ලෙස සපැමිණි මෙසුරරදුන්

කුලුණු වනනු කිම අමුතුව මිතුර නඳුන්


25. නඳ කළ සියලු සත සෙත දීමෙන් නිබඳ

බඳ යස කෙහෙලි දිගු දිගු යටගෙහි නොමඳ

මදයුරු සොඳුරු රූ යුතු මේ දෙවිඳුසඳ

සඳ ලෙස අයද වැඳ සමු ගන් මිතුරුසඳ


26. වැජඹීමෙන් උදම් - ලත් මේ දෙවිඳු නිසයුරු

 සයුරු අයුරු මෙවෙහෙර බබළන  රුසිරු

රුසිරු සරින් යුතු තුන් දියටෙක ඉසුරු

ඉසුරු නිවනුදු දෙන - මුනි රූ ද ලකුණෙනි සරු

නිසරු බව ගිමට සෙවණොත එක මිතුරු

මිතුරුයුරු සිරින් අයන ළ පව් අඳුරු

අඳුරු රැසෙව් දුම රදුනුදු සෙත් කතුරු

කතුරු වන් සිඳින මිසදිටැඹුල පතුරු

පතුරුවන තෙදැති දිව විමනෙක මිතුරු

මිතුරුසඳ මෙසඟ ගණ වැඳ කර යතුරු


27. සො‍‍ ඳේ තුඩින් සිය පිය යුවළ පිරිමැදේ

මැ දේ කිවින් පුවතර මේ අසුන් ස‍ඳේ

ස‍‍ ඳේ අම සෙ තබමිනි මිතුරු මන න‍ඳේ

න‍ ඳේ වඩන මේ පුරවරිනි ඉරි උදේ


28. දි ගා වඩන මෙන් ගුගුරති ගජ තුරඟා

ර ඟා පැපෑ යෙති එති බොළඳ කොමලඟා

ළ ඟා පවති මඳ නල සුවඳ පෙර මඟා

ම ඟා සතොස ලබ සුබ නිමිති මනහරා


29. එත සලෙළුන් කොපමණ පානා ඉඩ ම

පුර වෙසඟන සැදි මා වේ මුතු වඩම

මැද බැඳි මිණෙක වන් ලෙව් නඳනා මඩම

බලමින් මඟුල් වැලි තෙලෙහි ම කර වැඩම


30. සියුමැලි තගෙ තෙලෙ සපල්ලේ තුඩ ම

පෑයේ සිරිනි එත කිරණැල්ලේ සැඩ ම

නොම සිට නෙරළු තුරු සෙවණැල්ලේ වැඩම

කෙරෙමින් ගණිඳු දැක යව වැල්ලේමඩම


31. කොහොන් ගස පොකුණේ - සැනහෙම්නි බඳ පවනේ

යා ගන්න මඟ දකුණේ - විසිතුරු රුකන් සෙවණේ


32. යන එන දිගැසියන් අඳි සළු මිණිමෙවුල

ලිහිලුදු කෙරෙයි නිල් වරලුදු මිලිනවුල

ඩා බිඳු ද දනවයි ගමනුදු කර අවුල

එසෙයින් සලෙළු ගුණ ගති උග්ගල්බැවුල


33. ඉ න් ගිය කල තගෙ මෙයතුරට රවටන‍

මෙ න් අඟනෝ ඇවිදිති සුරඟන වටන

උ න් පියවුරු දුර දැක හසුනැයි නටන

ම න් තුටු කර නොලගව මාපාපටන


34. පු ල් වලා කුසුම මෙන් කොක වැල නිසල

ලො ල් වලා දියැර ගැනුමට බිමට බැස

නි ල් වලා රැඳි සෙ සැදි මාරුකු දෙපස

නි ල් වලා ගඟිනෙතර යා ගන් සතොස


35. සූ සැ ට කරණ නව රසය ද දැනීමට‍

මේ රට තමන් අර නැත්තා සෙ පාසෙට

කී ම ට සපන් දළ අඟනන් දැකීමට

මාතොට වැළිත් නොරඳව මිතුර බෝ කොට


36. යනෙ න දනා ලැසි කර තම සිතංගම

පු ර න ලෙසේ නොම හැර කරන අංගම

බ ල න පිණිස නොම සිට එතෙර සුංගම

ව ඩ න මැනවි තර කර මිතුරු සංගම


37. තැන තැන කෙළන මියුලඟනන්ගෙ උදුළිය

දිගු නෙත් කැලුම් දෙන වර තගෙ ගත රැළිය

පුන් සඳ විලස පෑ සස ලපිනි බැබළිය

ගෙවමින් යතුරු කර පඟුරන් වෙල් එළිය


38. අවට සැදි රුප්පා - අම්බලම කසරුප්පා

දැක තනෙතු සිතු සිප්පා - යා ගන් පා සතප්පා


39. තඹුරු හමුව සිහිලඹ පිරි ගෙදිගු විලා

තඹුරු සෙමුව පෑ පෑ කෙළිති පියො පුලා

තඹුරු තමුව මුවරඳ ලොලිනි එහි නොලා

      කඹුරු   ගමුව දැක යා ගන්න මග  බලා             


40. එමඟ යුග පස දිසි තුරු පතර වෙසෙස අස


41. ප ත ඹ කි ර ඹ මී අඹ නන් දොඹායා

කොස ඹ කොස ඹ දිය දඹ මහ දඹායා

කොළ ඹ සෙ ල ඹ ඇටරඹ වටරඹායා

න ර ඹ කි ර ඹ වියලඹ වන ගැබායා


42. ක ල් සිතු සේ ය දිසි එහි තුරු සියල්ලේ

ම ල් ව තු සේ ය තොසිනිඳ වඩිමිනෙල්ලේ

ග ල් යුතු මේ ය විසිතුරු බැලුම ලොල්ලේ

පො ල් ව තු ඒ ය ලැසි නොව වඩන වැල්ලේ


43. දු න් මනහර රුදුගිරි කරඬුවේ රුදු

ර න් පියනෙක සිරි නොලබන තුරු දිනිඳු

ම න් පිනවන සත සිතුමිණි සුරතුරුදු

ව න් සිරිබර මහවැලිගම් පටුන් වදු


44. පැ හැ ස ර විදු විදුම රන් මිණි මුතු නිතොර

ම න හ ර එහි මහ වේ සල්පිල් පතර

නොමහැ ර ඇති සිලිල් කුඹුයොනු රැගත් වර

පු ව ත ර මිණි අකර සිරි කියලිය මිතුර


45. ම න් ලෙස යනෙන එහි අබිසරුව සිය ගත

න න් මිණි බරණ නුලුව ද අලු බියෙන් පත

උ න් තුනු කැලුම් උන්ට ම බිය කෙළෙ නැවත

ඉ න් තම අයති නොම වනු නියති සිය ගත


46. සොබම න් රි ය පබල ලිය නන් විමන් ගිරි

ස රු ව න් කි වි රුවන් නන් තුරු ගොසිනිතිරි

දද මින් හ ය තරඟ ගජ මේ කුළු සපිරි

එ ප ටු න් ම හ සයුර මුවෙකින් වනත බැරි


47. කු සු ම වි යා එන කල් කියනුව සෙ සෙද

ස ර ස වි යා ගොස කර නිවෙසගත සඳ

ම හ නැ වි යා පොකුණෙහි පොකුරු සිරි නඳ

තො සැනැවි යා ගොස් එපටුන් සිරි නෙතැද


48. සුසැදි සිරි මා බෝ - අක්බෝ වෙහෙර මනහර

පානා සිව් උපා සිරිලක රැකුම් නිසා

සේනාලකදියර අගමැති සිතැඟි ලෙසා

පුරමින් දස පෙරුම් - පතමින් පසිඳු බුදු සිරි

පෙර වූ අයම් විතරින් මඳකුත් නොහැර

කර වූ පිළිම ගෙට වැඳ ඉන් ගොස් එවර

අ මා නිවන් පුරයට මහවතක් බඳ

ස මානයෙන් යුතු මුනි රූ දැක එසඳ

පෙ මා බරින් නැමෙනුව මෙන් නැමී වැඳ

ස මා සිතින් ලගු රෑ එහි තැනෙක සොඳ


49. ස ඳ හිමි නිසි නිසා කත රසතින් වැලඳ

වි ඳ පාසේ රස වියොවට පැමිණි සඳ

ම ද සැවු දිය පොළහන ගිගුමෙන් පිබිද

සෙ ද යා ගන් ඉන් මඟ බැස මිතුරැසඳ


50. දුටු දුටු දනා වන ලෙස පාසේ අටිය

කර මුල් පැපෑ පිරිමදිනෙව් කෙස් වැටිය

ලිය ගී කියා යන ගැමි ලියගේ සැටිය

බලමින් වඩන ගෙවමින් පෝකරපිටිය


51. නොහළුවෙ න් සොඳුරු සුර අඟන එකළුව

හ ස ළු වෙ න් පාස නව රසය ඇතුළුව

බැ ම ළු වෙ න් විදින නෙත් සැර ලිය මුළුව

ක ත ළු වෙ න් එවන් යා ගන්න යහළුව


52. දු ර ම ඇසෙන සමුදුර ගිගුමේ තරම

බි ර ම නොවී අසමින් එම සමුදුර ම

තෙර ම ගොසින් දැක ලණුමෝදර අරම

වි ර ම කර වඩින් නොම සිඳ වෙර උරම


53. කු සු ම දු න් න රඟ දෙන රඟ බිම වැන්න පු ලි න තැන් න සිරි සර නෙත සලසන්න ස තු ටු ව න් න මඟිනිවතට නොවදින්න මි හි රි පැ න් න දැක සැතපී යා ගන්න 54. රුකුලේනන් සාමුව කැන් පිනීමෙනී නැඟී බසින තුරු පෙද දුර පෙනීමෙනී තොප කැඳවතී යන බව සිතු දැනීමෙනී ගොස් නොරැවට මඟ බැස යා තැනී වැනී 36 තිසර සන්දේශ‍ය 55. අසුව පියබඳුන් පියරැව් ඇකිල්ලේ පයැද යා නොහී මහ වේ මුළුල්ලේ සිටිති සලෙළු මුළු රති කෙළිය ලොල්ලේ බලනුව ඔවුන් කල් නොයවන් ගාල්ලේ 56. රඳනා මනා මා වේ සල්පිලුඩුවල නොම වන බොළඳ වෙළඳ දනන්ගෙ තුඩුවල ඇතියේ නම් කරන කොලහලය බඩු මිල රැඳුමට සිතක් නොසිතන්න උඩුතෙල 57. මාවතිනිවත සැදි ගම නම් එදඩහලු සැරසු කුසුමවිය දෙවියාට ඉඩමලු ගියවුන් ලබනු නම් ඔහු කුසුම කඩ මලු එයිනොබ නොගොස් මඟ වඩු මිතුර වැඩකලු 58. ම හ රු සමන්ගිරි කිරුළෙන් සැදි වෙසෙස සො ඳු රු මෙසිරිලකඟන වලඳිනු පිණිස ස යු රු රජහු දිගු කළ දිගු අතෙක හස මි තු රු සඳ වඩින් ගිං ගඟිනෙතර බැස 59. පිවිතුරු සිරින් සරහන රත්ගම් ගණය මහ සඟ නම් සෙත් පුරයට හෙම් ඉණය එම සඟ ගණ පවසන මනරම් බණය අසමින් වඩන නිවමින් තුනු ගිම් ගණය 60. වැ ටි ය සුනිල් කෙස් බැඳ කුසුම දැවටිය සැ ටි ය පැපෑ යන එන ලිය තුනු අටිය සි ටි ය නරඹමින් තන රන් හස පැටිය අ ටි ය වමින් නොලගව උඩුගල්පිටිය

61. දෙළෙ බර ඉසුරු වන් - ගන සා බර පුලුපුයෙන සෙවණත ම‍.ඟොත නොගොසින් - එතෙරව යා මොලපුයෙන

62. උ තු ම් රිවි පිය වියොව විලඹුව සොඳුරු පි යු ම් දඟ බිඟු රැව්නි රැව් නොදෙන තුරු ලැගු ම් නොව ගොසින් ගෙවමින් මඟ අතුරු ලැගු ම් වනු කැමත තොටගමු වදු මිතුරු

පෙළ 37 63. ය නෙ නා දනාහට නදනෙව් එහි වෙහෙර සො බ නා සුදු වැලිතුළ මළුවේ නිතොර ර ඳ නා සඟ වැළ දුටු වර කිරි සයුර ලෙළෙ නා පබළ ලිය සඳහන් වේ මිතුර 64. එසෙයි න් උදුල සඟ වැළ සහ දුමිඳුසඳු ස ම ඟි න් තිලෝගුරු මුනිවිරු නතිඳුනුදු ව ඳි මි න් සිතැති අදහස වන ලෙසට සිදු ය දි මි න් ලැගුම කර තැනෙකෙහි සුපිරිසුදු 65. ගහන අඳුරු ගජ ඉස රස් නිය පඳුර බහන ස‍ ඳෙහි රිවි කෙසරිඳු විකුම් සර වහන සිහිල් බොල් පවනින් නිඳි දුරැර පහන එයින් මඟ බැස යා ගන් මිතුර

66. ලිය ගුම් පා පතර බලමින් ගොස් සෙදය ම න ර ම් පා පෙළැති අම්බලමේ ඉඳය තු නු ගි ම් පා කර එන මඳ නල විඳය ම හ ද ම් පා මොදරින් වැඩියොත් සොඳය 67. මු තු පට සේය වැලිතල අතුළ මුවදොර දි ය පිට සේය දිසි වර තගෙ ම මනහර ස හ තු ට ඒය සිය ලය යන සැකිනෙවර වැලිතො ට ඒය ඉන් ලැසි නොව යව මිතුර 68. උ සා බොනුව පරසතු කුසුම පියකරු ල සා නොවී දිව් දිගු කෙරෙමින් සොඳුරු ර සා තෙලෙන් නඟිනා නයි කැළ අයුරු තො සා තොමඟ මඟ යා දුල නොරළු තුරු 69. විමල් පෙණ පිඬුවෙන් වලාකුළෙව් නුබ සුසැදි වැලි තුඩුවෙන් යනෙනා ඔබින් ඔබ ලියන් නෙත් කඩුවෙන් පහර තෝ නොම ලැබ අසුන් ගල් කඩුවෙන් යා ගන් මිතුරු සුබ 70. නි ර තුර තම වෙත පත සත සතපමින වෙ ර සර තස නිවනුව සොඳ සිහිල් දෙන ත ර සර බැව් යුතු සුදනන් ගුණග වන ප ර තර කය පොල් උයනේ ඉඳ වඩන

38 තිසර සන්දේශ‍ය 71. රු දු අවරගිරි රජ කුළු කිරුළගට යෙ දූ මිණෙක සිරි ගත් වර දිනිඳු බට න ඳූ සිතින් ‍ගොස් රෑ දවස ලැගුමට ව දු මිතුරු බෙන්තොට වනවාසයට 72. වේස ය ඇත උනා වැද විලඹු පාසය පා ස ය නොවඳ දැහැ මුවරඳිනි ආසය ආ ස ය ලෙසේ දකිමින් එවනවාසය වා ස ය කර මිතුරනි මුනි නිවාසය

73. ළ හි රු පියහු වස වසනත කරත දෙත කෙස රු දසන් මඳ මඳ පෑ එපෑපත ත ඹු රු මුවෙන් සෙන සෙන ස‍පඳෙහි විල් කත සොඳු රු සබඳ ඉන් යා ගන්න මාවත 74. ර න් තැටි අයුරු පියයුරු දැරු තුනු යටිනි ම න් පැටි කරන සුර ලිය ලිය එත වටිනි උ න් සැටි නෙතැඳ ගමනොත බිඳ තගෙ අටිනි බෙ න් තොටිනෙතෙර බැස යා ගන් සහතුටිනි 75. තඹරෙව් පැපෑ සිවුමැලි අත් අලුත් තම ලාලී කෙළින තුනු කැලුමෙන් අලුත්ව ම ළද සොඳ ලියන් බලනුව ගොස් අලුත්ව ම සකි ලැසි නොවන් සව් සිරි පිරි අලුත්ගම 76. සැදී සිටින මද යුදයට සේ රුවල නිසි අඟනන් යුත් සුරඟන සේ රුවල රැඳි වෙළඳුන් වන් නිසලින් මේරුවල දැක යා ගන් සව් සිරි බර බේරුවල 77. සුරඟනයුරු තුනු තුනු සිරිනි මත් ගොන රුසිරෙන යුත් පිනවන දැකුම මත් ගොන

   ගොස කර නිතර උනුනස සරන මත්       ගොන

මමිතුර ගොස් වදන සිරිනුදුල මත්ගොන 78. පයියා ගල නොයිඳ - සැදි සිරි බලන ලොල්ලේ වයියා ගන්න විසිතුරු - නෙරළු තුරු සෙවණැල්ලේ 79. මුනි සසව ම උපන් සමයෙහි ගිනි මැදට වැද වැඩ උන් ලෙස පානෙව් දැන් ලොවට දිනිඳු සැඳෑ වෙල අතුරට පැමිණි විට වදු මමිතුරුසඳ සිරිබර කළුතොටට

පෙළ 39 80. නුවනි න් නිල් උපුල් රතදරිනි නා ලිය දසනි න් කොඳ කැකුළු සිරුරෙන් කනා ලිය දිනමි න් නිතොර එහි රඳනා මනා ලිය දැක ගන් එගොස් හැකි නෙත් සිත් පිනා ලිය 81. රං ගා දහන් නළු මුළු උර ර‍ඟෙහි මනා සං ගා නොයෙක පව් විරිදුන් නිබඳයෙනා නං ගා යසස් ද මහ සඟන වැජඹෙනා ගං ගා තිලක වෙහෙර ද දකු මිතුරු පිනා 82. උ සි න් යුත් අඳුන් ගිරි කුළු එක ලෙසට ර සි න් උදුල සා බර දුමිඳුන් ළඟට තොසි න් අයද අදහස සිදු වන ලෙසට තොසි න් ලැගුම කර වැද එහි පිළිම ගෙට 83. පැළ දිගු දිගැස නිසාය ගොස් ඇසිරි පතා සිසි පිය නරඹමින් අප වැන්නවුන් පතා නොනවත ගියා යේ පල ලදුවහයි සිතා පෙර දිගු දිගැස හස ගත ලෙසිනි අලු වතා 84. කෙරෙමි න් නෙත් පුබුදු දැහැ සිතැති නිඳි ලොබා තු ඩ ගි න් අවුල් හැර පිය යුගෙහි මැළි අඹා වැ ඩ උන් එමුනි අළ සුදු රැස් පි‍ඬෙක සුබා ප හ මි න් පිළිම ගෙන් යා ගන් මිතුර සුබා 85. ලෙළ රළ පිරිලි දිලි වෙරළත වෙතේයා පෙණ මුතුලැලින් සැදි දලනිදු සතේයා රැඳි රුදු නිල් යටෙක සිරිසර ගතේයා කළු ගඟිනෙතර යව දිගු පුළුලතේයා 86. පැ හැප ත අහස් ගඟ කලිඳුනි මැදේයා ගමනො ත එසිරිසර පානෙව් න‍ඟඳේයා වන පෙත සුනිල් මුදුනෙන් එක බ‍ඳේයා පය පත පතරමින් ගිය හොත් යෙදේයා 87. නෙකාල යේ ඇසිරූ කළ ලොවැස්සන උ දා ල යේ කුළු දී තොස සලස්සන ලොපාල යේ බැඳ සිතු නොපසු බස්සන දෙ වා ල යේ ඉඳ යා ගන් සුදස්සන

40 තිසර සන්දේශ‍ය 88. සොඳුරු තෙනෙන් රැඳි ගන රන් පාණ යුරේ සමඟ වරඟනන් මිණි වැනි පාණතුරේ සරන කුසුම් සර සරහා බාණ කරේ වඩන මඳක් ඉඳ සැතපී පාණදුරේ 89. ලෙළවමිනි තනබර පුවළ අළ ගන රන් තැඹිලියේ දුහුලැඳ උඩු දණ මඬල ද සිරිසර පාමිනෙළියේ ගෙරි නවතමින් යනෙන ගොපලු අඟනන් තුනු එළියේ නෙතු සිතු සනසමින් සබඳ නොලසව මොරටුව එළියේ 90. නේ පා පෙළින් සුලකුළු මැඳුරැති නොමඳ මි පා ලෙසින් බිඟු රැඳි ලිය නිල පබඳ මා පා පටන් වැද තුරු රැව් සවන් නඳ තා පා සනසමින් යා ගන් මඳක් ඉඳ 91. ම න ක ල් නිස දිගැස පත රිවි මෙණ ගෙනැර සු නි ම ල් පැළ සයුරු කරඬුවෙ නිදන් කර ගන බොල් තම පියන නොම ලන තුරු පවර පි ටු උ ලේ ගමු වදන සව් ඉසුරෙන් නිතොර

92 අ ද හ ස් ලෙසේ ගමනොත බිසරුවන්හට සිසි රැස් දො හොයි යන සැක උපදින ලෙසට තුනු රැස් පතුරුවා වැද ඒ ගම් මැදට ගෙ ස ර ස් විලෙයි පිය ලෙන සිය කුලන්හට 93. ව රා ගිමන් ගමනිනි බඳ නිබඳයෙනා ස රා වලා යුග ළඟ වනු සෙ පවනිනා නු රා සිතැඟි තිසරඟනක ළඟ වෙමිනා පු රා තමන දොළ ලගු එහි තැනෙක මනා 94. නි සා උරග ලිය පලවමිනි දුරු දෙසේ ර සා පිලිදු විදමින් පෙර ගිරිඳු හිසේ තො සා දිනිඳු මොනරිඳු සදිසි එවිගසේ ල සා නොවී ඉන් යා ගන්න මඟ බැසේ 95. කෙරෙමි න් තුඩව අතු පත් සල සලාය බු දි මි න් සොඳුරු නව පලු පුල පුලාය මුව කැන් යනෙන වන පෙත බල බලාය යා ගන් මිතුර මඟ බැස දුල දුලාය

පෙළ 41 96. ඔ ල ඹ න තුනුවඟන් තුඟු පුන් පියවුරෙන පොලඹ න දුටු මතින් දන මන නුවන් ගෙන වි ස ඹ රස හසළ අඟනන් නිතොර වන කො ළ ඹ ද දැක යන් නන් සිරි නිවෙස් වන 97. තවසරව ර ඇර සෙසු දන වන සුමුව දි ව ස ර අයුරු ලිය රතදර ළපලුමුව අ ව ස ර නොව ඇවිදින නිති සලෙළු මුව මු වදො ර දැක යව ගෙවමින් වන ගොමුව 98. සම ත් සටන බළ මුළු රැඳි පෙර පටන නිව ත් රටන රැකුමට සුර තුරු වටන නුමු ත් තුටන ළද සොඳ ලිය නරඟටන අලු ත් පටන දැක යව සිරි සුපිහිටන 99. මුනි සරණග මිණින් - සොබමන් සමන් ගිරිරද තමනට නඳුන් දූ තනතුරට එළඹුණු වැලි පට මෙවුල් දම මින් බරණින් සැදුණු කලණ බැවිනපමණ - කලණ නමිනුදු පුවතර රසවත් ඇළ කඳුරු පිරිවර ලියන් ඇති දන නෙත් දඟ කරන ගඟ වරඟනගෙ ඉති ර ළ ත ගෙන කොමළ සයුරිඳුගෙ රළ අත ත බ ත සසඟ සිරිලක් ඔකඳින් මහත ත හ ත කෙළින කෙළි නව නොහැර උනුනත බ ල ත නිසිය ඉන් ලැසි නොවව ඒ වෙත 100. නෙතු නිල් උපුල් ගහණත කුසුම වත් තල වරඟන වොරැඳි සරහන නළල වත් තල නන් දෙසිනොසළ සතහට සෙතට වත්තල බල සහතොසින් සව් සිරිනුදුල වත්තල 101. යෝ න ත් නුව න් පැහැසර දිය හය තරඟ නේසෙ න් සිසි ල් සර පතරැති වීදි ගඟ පා මි න් ගම න් ගත් කලදෝ නැවක රඟ යා ගන් එයි න් මමිතුර සිරි මඟා මඟ

42 තිසර සන්දේශ‍ය 102. පැ දු ම් නිසල් සල් තුරගහි රැඳි මහරු කු සු ම් කැනෙක සිරි සිසි නොම ලබන තුරු උ ව ම් කරත නිසි පුරවරට පුරඳුරු උ තු ම් කැලණිපුර වදු හසරද මිතුරු 103. දිමුතු මුතුලැලින් සොබමන් විමන් වට ලෙළෙන කෙහෙලි රසු ගොස ලෙසිනි සුළඟට කැලණි එපුර සිරි පිළිවිසි සුරන්හට වෙසෙස නොහැර තෙපලන වැනි ගොස් වෙතට 104. ගො ස් තම පුරවරට කෙළ ඇවිදිතී පෙර රො ස් පුරඳුරු ලොව ගිරි පිය සිඳින වර රැ ස් ගතයුරු ගිරි තැනකෙහි බියෙනි තර උ ස් පහ මුළු බල සුලකුළු එපුවර 105. තර සර නිය නැවින් ගත සයුරු තෙර පත ම න හ ර ගැඹුරු ගුණෙනද නියවතුන් යුත පැ හැ ස රුවැති වර අඟනන්ගෙන් නුමුත ම මි තු ර එපුරවර සිරි වනත නොසමත 106. ඉ සේ ගජන් වැජඹුණු බිහිසුණු මිගිඳු ලෙ සේ විරිඳු දප බිඳ තද තෙදින් රුදු ය සේ වැජඹි විබිසණ නම් සුරිඳුසඳු වෙ සේ එපුර සුරිඳුතුමෙක් ලක පසිඳු 107. ම න ර ම් මෙඅප සුරරදහට පටන් පෙර බැතිපෙ ම් දියුණු කර දවසළ එසුරවර රිසි යම් ලෙසක වැඳ එසඳින් මන් නොකර සි ති ය ම් ලකළ එහි මැඳුරක ලැගුම කර 108. පියවුරු බර දිගැසිය අඹර කොළතුර සිය කර දිගු කර රසවත් සුගත වර ලිය සැව් සෙන් ගිගුමෙන් නෙත නිඳි දුරැර ගිය මැනවිය මඟ බැස ලැසි නොව එපුර 109. රඟන හූරු රළනගෙ විල් අස තිළිය නොදැන යුවළ දළන් කොපුල් පිටු දුළිය නොලා පොකුරුකුරුයි විමල් තුඩු යළිය වඩන සබඳ ගෙවා ලුහුල් මස්කෙළිය

පෙළ 43 110. පිපි සල් තුරු ගැවසි දිසි කර වැළාන දකිමින් ලකුළු මාදලු මූකළාන කොක වැල සුරවි දුළ මා මේ කුළාන යන සදි නෙසඳ යව මඟ නොව මුළාන 111. වෙ නේ එසිරි දැක ගිය සඳ මඟ බඩය පෙ නේ රුසිරු ඉසුරෙන් සැදි වෑබඩය ග නේ ලියෝ පැලඹෙති හස දප මැඩය ඉ නේ නොවැද මඟ ගමනොත හොත් වැඩය 112. මඟ දෙපස අරණේ සිරි නෙතැඳ ගොස් එකණේ වැඩ ඉඳ වඩන කලණේ පිසඹිය තුරෙයි සෙවණේ 113. ලබා දුහුල් පට වසමින් තනනුදුළ තබා පයින් පය පියනක් ගෙන සලෙළ බබා යනෙන රුසිරඟනන්ගෙ සුලකළ සබා නෙතැඳ යව ඒයෙන් ඌරුවළ 114. මි දෙ ල් මිදි ලමහ නුග රෑරඟ කරඳ කි තු ල් පොල් පුවක් පුවඟුගු සිඳුවර ද වි ස ල් ළසල් සහයුරු තුරු කැන් නිබඳ කෙහෙ ල් වේරුල බලමින් යව සබඳ 115. පිරි කුසුමැල්ල රැඳි සහඟුම් බිඟු දැල්ල තුරු සෙවණැල්ල සැර දෙන ළඳ සිවුමැල්ල දැක එසියල්ල යොමු කර නෙත් මිණි නිල්ල‍ සිතු නොම ඇල්ල රැඳුමෙහි හිස්පන් ඇල්ල 116. සත් මිණි අබරණ සිලිලාර දුහුලින සැදි මහවැලි ගඟ මුතුහරිනි බබළන සිරි ලකඟන මත කිරුළෙක අයුරු වන එහි වටදා ගෙය වැඳියොත් වැඩෙයි පින 117. අටස් ගොවිඳු හර සුර නරෙක සරණය අටස් සතර වෙහෙරින් යුතු සඟ ගණය අටස් නොලා වැඳ බැති පෙමිනපමණය අටස් පිළිම ගෙයි තොප ලගුතු කලණය

44 තිසර සන්දේශ‍ය 118. ත ඹු රු සසිය පියයුරු වන ලෙස එක් ම අ ඳු රු වත පැහැර හැර රසතින් දික් ම ඉ ඳු රු දිගඹ වැලඳිය ලෙස කර දැක්ම මි තු රු සඳ වඩින් ලැගි නිවෙසින් නික්ම 119. විඳිනා සුනිල් කැලුමොත වනඹර ගැබට පුන් සිසි බිඹුහට කරනුව මෙන් ගහට වැද පෙර මඟ සැදි සා බර වන ගැබට බල එහි සිරිසර මමිතුර සිතු ලෙසට 120. ස ර න මල් අතරතුර බිඟුවැල බරින ලෙළෙ න ලිය විලස එහි තුරු වැලඳ ගෙන ම ලි න රැඳි සොඳුරු වරලස විදා ගෙන කෙළෙ න වැනි වැලඳ හිමි වන දෙවඹුවන 121. බට ගඟුලැලි පෙළාන පැහැ දුළාන දිගු තුඟු ගිරි කුළාන විලසාළන බබළන දළ දළාන මද ගළාන දකු මත ගජ රළාන වන ගළාන 122. ගිරි හිස පිලඹළාන සිකි නළාන පිපි මාරුකු පෙළාන බිඟු දුළාන රැව් දෙන වලිකුළාන විළිකුළාන බල මියුරඹ දොළාන මුව රළාන 123. ගි ජි ඳු දිමුතු මුතු වැල උරබිතේයා සුසැ දු මොනර පිල් නිල් වරලතේයා සි නි ඳු බොළඳ රස තෙපලෙන් යුතේයා ම ල දු කතුන් බල ඇත වනපෙතේයා 124. ගිරවු න් තුඩින් මතු වන වෙහෙස සිතමිනේ ඉසිමි න් කඳුළු සිටි තැන සිට තැවෙනු මෙනේ පවනි න් ලෙළන ඉස පිනි බිඳු ගණනේ පිඟුව න් කරල් තුඩු වැමි ඇල් කෙතුදු පෙනේ 125. අ ඹා සරල් වරලස මල් කැනති ඔබා ත බා විළිදු දිව දිව ඔවුනොවුන් අඹා නො බා සරන එහි ඇල් ගෙවිලියන් සුබා ස බා සබඳ දැක ලැසි නොව එවන ගැබා

පෙළ 45 126. කෙ සා පුළුල් දුහුල ද ඇඳ දණිනුඩ ම සි සා රමින් ඇද ඇද තනමින් නරු ම තො සා යනෙන ගම් වැසි අඟනන් දැකුම නි සා නොයිඳ යා ගත මැනවි අල්ගම 127. සුර නා ලිය ලෙසින් - සරනාඟන පෙරටුයේ යා දසන යා දසනින් - ලැසි නොව යව නිවටුයේ 128. පසස්න දා නදදෙව් තුන් දියටෙකය සවන නුවන් පුද කළ දුමිඳුන් දැකය නැමද තොසින් වන පින් පල නොව සැකය බලග වෙහෙර සැදි සිරිසර දොරවකය 129. එරවණ ගිජිඳු මුදුනත පුරඳුරු ලෙසිනි පුරඳුරු මුදුන සහතර කිරුළක් ලෙසිනි කිරුළග ලකළ මාහැඟි රුවනක් ලෙසිනි මැඳුරෙහි බැබළි මුනිඳුතුමා වඳු තොසිනි 130. විදුලග මේ කුළක් - වැනි රුවනුදුල දළ හිස පෑපත් වැටුපු ළං ඉඳු මිණි පෑ දිනිය සේ ඇත් සොඬක් වන් යුවළත් කුම් වැනිය ප‍ ඬෙර ගිරි පස හුණු - ගඟුලැලි යුවළ විලසළ ලඹ දෙන ලකල් අකපට අම පි‍ඬෙව් ගත නුබ ගඟ සුනිල් හස වැල ඇත එසිරි ගත ප ද නියෙනි රසුදුල වතළ තරු වැල සඳබ පබළේ ස ඳ රැ සි නි ඇකිළෙන තුසර රැඳි තඹර මන් පහළේ සො ඳ රු වි නි යුතු ඉති නතිඳු එම මුනි නිවෙස බැබළේ වැ ඳ තොසිනි ඕනුදු අයදු කුළු දෙන ලෙස මන දොළේ 131. බෝ රා යස වියන මහරු සිරි ලක් මැඳුර වෙසෙසී තෝ රා හැර දුසිරි සුසිරි ලකරින් ලකළ එකසී වා රා නොව රුසිරු ඉසුරු දෙන සුරබි දෙන් සදිසී තා රා බිසොවුනුදු නැමද යා ගන් එයින් නොලැසී 132. බැස එයිනේ ගිය සඳිනේ නිල් ගුවනේ තරු ලෙසිනේ වන මුදුනේ කුසුම් කැනේ වෙසෙස පෙනේ නුදුරු තැනේ

46 තිසර සන්දේශ‍ය 133. මු ව ර ඳි නේ ගැවසෙමිනේ වන හිසිනේ එන පවනේ සි හි ල සි නේ දැහැ ගිමනේ දකු තොසිනේ සිරි එවනේ 134. මුව පොවනා ළපලු රැසා බුදින සෙමෙහි මුවන් තොසා ළපලු ලෙළෙන ලෙස තුරු සා බිය ගෙන වෙවුලන විලසා 135. නිල් කටරොළු මලිනවුලා ගන සා බර තුරු සියලා විදා සඳැස් පිල් සුනිලා රඟන මොනර සිරිනුදුලා 136. සේපාලිය මලින් ගිළී සැදි පිළිමිණි ගිරි අතළී පබළ අකරනෙන් උදුලී කිරි සමුදුර විලස් හළී 137. නිමලි ය සුදු වැලීය සසලි ය රල මලීය සුපුලි ය පියුමැලීය විපුලි ය වන විලීය 138. මුතේය ලඹ අතේය සතේය සිරි ගතේය මුතේය කුසුමතේය යුතේය තුරු පෙතේය 139. ප තේ ය පවනතේය වෙ තේ ය නොනැවතේය ය තේ ය මාවතේය ග තේ ය ගිම් මුතේය 140. තුරුවල නා ලිය සොඳුරාහා බිඳ රඳනා ලිය වඳුරාහා සහ යනෙනා ලිය කිඳුරාහා දද කෙළනා ලිය මැඳුරාහා

පෙළ 47 141. නඳුනුයනා සිරිනඳනා තුරු එවනා ඔවුනොවුනා අතු අතිනා පහරමිනා මල් රැසිනා ගතෙව් සිනා 142. පිපි සපු නා තුරු පඳුරාහා වග ලගනා ගිරි කඳුරාහා ඇත සරනා සඳකිඳුරාහා බල තොසිනා හැම ඉඳුරාහා 143. වෙනෙමා රුකුමා එ ඇ මා නහමා සැදි මාන ඇමා ලැබ මා ඔදමා වෙනෙමා ලු නු මා ලසුමා නොව මා න ත මා නු ව මා යව මාවත මා 144. නෙතුපුල් ලා පුද කළ ස‍ඳෙහි මුනිඳුන රැඳි නිල්ලා පැහැ කිඳු තව නොගිය මෙන ගන නිල්ලා හිවි දග පතරැති සොබන යන ඇල්ලා කොළ හිමි ඳුමිඳු වඳිමින 145. ප‍ ඬෙ ර ඟ රඟ දෙමින් සිය ගිරි හිසේයා සිය ලඟ අඹළ වෙන් අදහස ලෙසේයා දෙළෙල ග ගඟිනි හුණු දිය බිඳු ලෙසේයා සුර මඟ තරඟ තුරු දිසි එවිගසේයා 146. ඇති යම් සිරි තැනෙක වූ ලෙසිනි බබළනා සි ති ය ම් ඇති නොයෙක රුදු සොඳුරු විමනිනා බැති පෙම් තුනුරුවන ඇති සත නිතොර වනා දැ ති ග ම් පුරවරට වදු මිතුර සිතු මෙනා 147. මිතුරු සඳ, එපුර සිරි පසස්නා වදන් පස්කැන් තා සවන් සද 148. ගැඹර අගල මෙවුලෙන් පුන් කුඹු තෙනෙනි නිතොර සොබන මහ වේ සීමන් ඉරිනි එපුර අඟන නළලත දුන් තලා වැනි පවර ගොපුර සිරි දකු මමිතුර නඳිනි 149. පහ ළදඟන දුන් දුන් සේ අත් පහර බිම වැද වැද පෙද උඩ යන ලෙස ඇඹර උනතිනි ගෙල් ලැබ ලැබ දළ ලොබ නිතොර පසු බැස බැස සලෙළුන් වෙර වදිනයුර

48 තිසර සන්දේශ‍ය 150. බඳ තැන තැන දද ලෙළ දෙන නෙලේයා පත පිළිබිඹු පිළිමිණි කැට තෙලේයා බැස සුර ගඟ සිලිලෙහි සුවිමලේයා තොස කෙළනා වැනි සුරසිදු කැළේයා 151. සමත ඇදුරු රස පිරි සඳ සක් සුසිරු අනත බුජඟ ඉසිමින් දිය ගොසිනිතුරු මහත ගුරුළු දද වේ මුතු මිණි සපිරු සතත එපුරවර දලනිදු එක අයුරු 152. දම් සෙනෙවි සැරියුත් - මුගලන් දෙඅග සව්වන පිළිවෙළිනි පැවතෙන සදහම් කඳ ඉගෙන යළි එළි කරන මොක්පුර නැණ වැටුපු ගෙන සිහි යොතිනැද ඉඳුරු - දුවසුන් යොදන සුබ මඟ තුන් දොස් රෙදෙස දුර ලන සියලඟ රැඳුණු සතළිස් සමත බවුනඹයෙන් නොකැළඹුණු ස ස ර පියුම් වන බට ගිජිඳුන් අයුර අ ද ර කරන සතහට දෙන වත ඉසුර ප ව ර මෙවන් ගුණ යුතු සඟ ගණ නිතොර වෙහෙ ර පතර සැදුණෙය වෙත එපුරවර 153. පිවිතුරු තුනුරුවන් - ගුණ සිය මුදුන් මිණි කළ තෙ ති ස් විදි අදිකරණ අතැඹුල සෙ දත සතො ස් සතඟ යුතු රජ රැකුමෙහි සමත සොබමන් තුන් බෙලෙන් - සිරිලක ඉසුරු උසුලන විකුමෙ න් යුතු උතුම් තෙවිකුම් සෙ එඩි වැඩි සම දන් දඬු බෙයින් රුදු විදුරු මන් මැඩි ලෙව න් රැකුම පොහොසත් සගුණෙන් නිතොර රු වි න් ඉසුරු පන්සර දෙවිසෙනෙවියුර සි රි න් වෙසෙස් වෙසවුණු සිරි ගත නොහැර මෙව න් නමැති මැති ගණ වැජඹෙත් එපුර

පෙළ 49

   154.    විසි නිය කොපොල් බොල් සත් තැන් බිම       පිහිටි

උස් කුඹු දකුණු දළ දෙඅසුන් සමව සිටි මද මත නොමඳ යුද බෙර ගිගුමට නොපැටි බල මේ ලකුණු ඇති එහි මඟුලැතුන් සැටි

    155.   විම     ල්      හිදල් වල් බර බර දසන්    යුත

තුලු ල් ලුහුඬු සවනුදු දස දුව නුමුත ලක ල් මෙඈ පස් කලණින් රැඳි සතත විස ල් එපුර තුරඟුන් මැනවිය දකුත 156. එහි සැරදෙන සියුරඟ සෙන් පද ගසිනි නැඟි රෙදෙ කඳ සිය සියලඟ වැකි විසිනි දින දින රිවි අත් ගිරි පත් වන ලෙසිනි සැනහෙති සිතෙනුය පැළ සයුරට ගොසිනි 157. පත එපුරෙහි සිරිසර වෙන වෙන වනත සතනතුරෙන් කිවි පොහොසත යෙති අනත වත දහසක් තව සියුමුව මැවුව මුත නත නොසමත සිත ඇති මුවෙනි පවසත 158. පවර යස සතින් දෙරණම්බා සුසැදූ ගතවි දෙලෙනවල රුපුරම්බා ගිජිඳූ පුළුලු උරැති වන කුසුමම්බා පුරුදූ වැජඹි එපුරවර පැරකුම්බා නිරිඳූ 159. එරජ තෙදග වැජඹෙත ලොව දසනුදිග පබළ ග‍ඟෙහි සිරි කියලිය අහස් ගඟ එගඟ මුදුන රැඳි යළි ඔහු යසෙහි රඟ සුරත් යටග ලග සේ කෙහෙළි කෙළෙ දඟ 160. වැජඹෙත එරජ කෙසරිඳු ලක ගිරි අරණ ඔදැතිව කෙලෙස ඇවිදිත් රුපු රජ වරණ සැලසෙත උදා ගිරි සිරසට සැඩ කිරණ තිබියෙයි අඳුරු නම් සකි කිය මුළු දෙරණ 161. ත ර ස ර ගුණැති එනිරිඳු ගිරිනිඳු සබඳ ම න හ ර කුලුණු සිලිලොත වන් වලා රොද නො ම හැර මෙලක ඇල් කෙත ඔද කෙළේ මෙද ම මි තු ර සතන් සිත් මියුරනුදු කෙළෙ නඳ

50 තිසර සන්දේශ‍ය 162. ගැඹර ගුණ තියුණු නැණ තිළිණ අදහසා කුලුණු මෙත් රුසිරු විරුසිරි සුසිරි රැසා දිගා බල මෙඈ රැස් කර බඹහු තොසා මැවූ වැනි එරජ සිරිලක රැකුම නිසා 163. අ තැ ම් කිවිඳු තුනු සිරිසරට මල්සරු උ ව ම් කෙරෙති නොම දැන පැවති තොරතුරු උ තු ම් රුවැති එනිරිඳු කර ඔහු අයුරු නොවෙ ම් මම ද ඒ මහලෑනහට ගුරු 164. පෙ මා මැවූ ඔහු දකිනුව ලොව ඇදුරු ත මා නුවන් තව දියුණනුව නිරතුරු ස මා සිතින් ඉඳ පියුමස්නේ සොඳුරු ප මා නොවී දපනුව මෙන් විය මතුරු 165. බැතිසි ත නුමු ත තෙරුවන මෙත ගුණ පුරුදු සව්ස ත දනු ත සු ර ගු රු ව ත ලොව පසිදු රුපුස ත සත ත බි ඳු ව න න ත තෙදින් රුදු කෙසම ත වන ත මුළු දෙරණත එනරනිඳු 166. නි ල ඹ ර උසුලමින් නිසලව සිටි සතත දෙළෙබ ර ඉසුරු සිය ඇත ඔවුනෙසිරි ගත සැ දි ව ර කොතුරු පේකඩ සේ ටැඹින් යුත ම න හ ර සබා මඩුයෙහි පැමිණි සිරිවත 167. සහසෙන් ඇමති ගණ මන කුමුදු කර නඳ පැහැපත් යුගත් පියුමිළු කර මුහුළු සෙද සිහසන උදය ගිරි මුදුනතෙහි සිරිනද සහතොස මෙඅප නරනිඳුසඳ වැජඹි සඳ 168. කැ ලු මි න් යුතු මුතුලැල් ලඹ දෙන මල් දමිනවුලේ වි ය නි න් පට නවහම් කළ තිරයෙන් දිගු පුළුලේ ගන රන් වැ‍ට පහනින් තුඟු කලසින් මලිනුදුලේ මෙ ඇ මි න් සැදි අබියෙස් ඔහු මනරම් රඟ මඬලේ 169. තහලම් තල බෙර තම්මැ‍ට පට තන්තිරි ඩමරු

  නඩමේ ඩැක බෙර බොම්බිලි වීණා මිණි  සුසිරු
  බෙර මද්දල කහළම් රසු නිගළම් බඳ සොඳුරු
  මෙසියල් මහ ගිගුමෙන් පළ කෙරෙමින් සිඳු  අයුරු


පෙළ 51 170. කැලුමි න් යු තු ලකරින් සොඳ සුවඳින් නන වෙසිනී සැදෙමි න් ති ර අතුරෙන් එළි බසිමින් ඉඟි ලෙසිනී කි ය මි න් හි මි නිරිඳුන් සොමි තියු ගී රස බසිනී ර ඟ මි න් ලි ය සමඟින් සිටි නළු කැන් දකු තොසිනී 171. නි යෙන ග බරතැදුරන් කී ලෙසටා බැස රඟ තමනතු පදයෙහි පිහිටා නු ව න ග බැලුමෙන් ලා සුබ දිගටා ප‍ ඬෙ ර ඟ රඟ සිරි පෑ වැනි එවිටා 172. නඳනා ගණිඳුට පුද කළ නිමලි මලිගිය මල් සැදි රඟ බිම සුනිලී කිරි සයුරලළන සෙමෙ රසිනුදුලි දිය බිඳු රැඳි වෙන් උර සිරි කියලී 173. පිඹි නා වස්දඬු ගොස කාළමටා වය නා මද්දල බෙර තාලමටා රඟ නා නොහැර ම එම තාලමටා ලිය නා දුට තොස වේ තා ළමටා 174. මි ටු ගත හැකි තුනු වළඟින් නිමලේ ප ටු නළලැති ළඳ සොඳ මුව කමලේ දු ටු සඳ දිගු බැම බිඟුවැල සසලේ තු ටු නළ රඟ දෙයි මන රඟ මඬලේ 175. ල කු ළු ව රඟ දෙන ලිය රුවිනුදුලා බැ ම ළු ව නෙතු සැර සරහා මුව ලා සලෙළු ව නළලත් විද විද නොවලා ම ද ළු ව සැතපිණි සිය කැමිනොබලා 176. රැ න් දු වරලස පිපි මල් පන්දු ප න් දූ කෙළ යළි කියමින් සින්දූ සි න් දු මන ගිම් දැක ඒ සොන්දු සොන් දු තොප දිවි ලත් පල වින්දු 177. සදමින් වරලස මලිගිය මලිනා සුදඹර ගෙන රඟ දෙන ලිය ලෙසිනා එනිරිඳු යස වෙන වෙන පිඬු වෙමිනා පැලඹෙන වැනි ඒ ර‍ඟෙහි ම සොබනා

52 තිසර සන්දේශ‍ය 178. පැහැසර රන් මිණි බරණින් ලකුළු අඟනන් රඟ බැස නොව කිසි කෝළු ගතඹල වෙන් වට විහිදුණු සෙ සළු මදහුගෙ සේසත් සිරි පැයි යහළු 179. කී කී බසටා කියමින් කවටා සබඳ ද නොගටා නඟමින් ගියටා රඟ දෙති සතුටා ලිය මේ ලෙසටා ඒ දුටු නෙතටා රසඳුන් කුමටා 180. නිලුපුල් දිගැසී තන රන් කලසී විදුලිය සදිසී සියුමැලි දිගැසී රඟ බැස නොලසී රඟ දෙන විලසී දුටු එම විගසී මඳ තෙමෙ ඇවිසී 181. වන් නෙත සව් සත සිත් තොස රැන්දූ රන් ලිය වන් ලෙළ සියුමැලි ළන්දූ මන් ලෙස දෙත් රඟ රැවු දෙමිනන්දූ උන් දැක නෙත් තොප ලත් පල වින්දූ 182. සොබ නා රුවි නා ම ද නා දිනනා ද කි නා මති නා ලි ය නා පතනා සු ර නා නළ නා ලෙසි නා රඟනා න ර නා නත නා ම විනා කෙවනා 183. සි රි ව ත් එරඟ කෙළි නළු දැක්මෙන් නොමඳ තොසව ත් එනරනිඳුසඳ බැති පෙමින් වැඳ මෙ පව ත් පෙරටු කර කියමින් වෙමින් ඔද ද න් ව ත් මැනවි මෙඅසුන් මමිතුර එසඳ 184. කෙපවත් පෙරටු කර කියමිනොහු සතුටු වන ලෙසේ මා කෙසේ වූ රස නුසුන් අසුන් යළි දන්වනු ද යත් 185. තවසරවරකු හා දෙරණිසුරකු කැමති සමඟ මිතුරු වනු ලොව පැවතෙන සිරිති මම ද එයින් දෙව්නුවරෙහි වැජඹි නිති මිතුරු වීමි යතිඳකු සමඟව ගුණැති

පෙළ 53 186. ර ස නු බ සේ යුතු එමිතුරු යතිඳුතුමා ද ස නු දෙ සේ සැදි යස තෙදැති ඔබට මා දෙසනු ලෙසේ එවිය මේ අස්න මෙමා අසනු තොසේ මැනවිය හිමි සවන් යොමා 187. සව් ඉසුරෙන් සුසැදි - කිහිරැලිපුල් සුරිඳුසඳ සුරිඳුන් අතිනෙවර වර ලදුවත් සුදුසු නිරිඳුන් අතෝතිනි ලක රැකුමට පාසු එබැවින් දැන් වැජඹි - පැරකුම්බා නිරිඳුසඳ සත රැක ලක එකසත් කරනුව වෙසෙස වෙත යොමු කර නිති වන තම කුලුණු ඇස ලස නොව විරිදු සෙන් මන් බිඳිමින් නැවත යස තෙද දිගා රෑ සිරි දෙවමින් සමත ලෙස සිතු රකුතු මැනැවැයි එසුරිඳුගෙ වෙත වැස මෙම ලෙසට අයදිය දියුණමින් සිත 188. සුර නර බිඟු සරන - පද තඹරැති සුරුඳුසඳ රිවි කුල විල සරන රන හස ලියෙක බඳ සුවිපුල සොමි ගුණෙන් පැරයු සුපුන් සඳ රජ මිණි වැජඹමෙන් - මිණි අකර සිරි සපැමිණි සැදි දෙරණම්බා මුදුනත ලකයුරු මෙම පැරකුම්බා නරනිඳුතුමට ගුරු සුමිතුරු බිසෝසඳ දැක කුලුණැසින් උදු වෙමිනොද නිතොර සැරදෙන ලෙස ලක පසිඳු දෙමිනැම ඉසුරු රකිනුය කර සිරි පුරුදු මමිතුරු යතිඳුසඳ අයදිය එසුරනිඳු

54 තිසර සන්දේශ‍ය 189. සිරිසඳ රැඳි සොඳුරු - උර මැඳුරැති සුරිඳුසඳ තෙරුවන් රුවන් වැල සලසා සිය මුදුන නුවණින් යෙදී ලක රකිමින් නිසැකයෙන සුලකළ යස සෙමෙර - දිගු තුඟු ගජන් සවනත සැදු රුපඹුවන් නෙතු රතුපුල් විලස රැඳු තෙදැති මැති උතුමන් වෙත වෙසෙස යො ම මි න් කුලුණු නෙත යස තෙද කර දියුණ දෙ ව මි න් දිගා විරුසිරි නොමඳ ගුණ නැණ සිය සෙන් සමඟ රකිනුය මෙරජ මැති ගණ මෙ‍ ලෙසි න් තොසින් අයදිය හිමි එසරමණ 190. ඉති මේ තතු සැළ කර රහසව් නුමුතු මෙතිනිදුව ම වෙතවුත් කියමිනෙහි තතු රුති ලෙස වැස සිය නෑ සමඟ පෙම යුතු නිති තොස සිරි විඳ තිසරිඳුසඳ පවතු

"http://si.wikibooks.org/w/index.php?title=තිසර_සන්දේශය-පෙළ&oldid=4401" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි