තෙ රුවන් මාලා - i කවි

Wikibooks වෙතින්

1. ඇරැඹුම[සංස්කරණය]

දිනිඳු කිරුළු බැව් මා ගේ මුදුන් හී කිරීමෙන් නිමල යසැති උන් සද්දම් නළල්හී දැරීමෙන් දුලබ නෙත දැකුම් උන් පුත් බරන් ගත් කිරීමෙන් කියනෙමි තෙ රුවන් මාලා සියක් මත් සොලෝ එක්.


2. බුදු රුවන් මාලාව[සංස්කරණය]

2. දන නඳන කළා වූ බෝ මුලස්නේ මරුන් සව් තම මනසිටීමෙන් සිව් අඟින් යුත් ඉටන් සව් නම මන සිනිටීමෙන් ඒ තුමන් ගේ සදා කල් දන නඳන කෙරෙත් නම් සව් කෙලෙස් සිත් වඳිම් උන්.


3. ස ත ර අසැකි හා කප් මත් සුවාහස් සුගත් වූ ස ත ර දිවකුරා නම් වූ තිලෝනා මුලේ පා ස ත ර සතර දම් යුත් වී වරම් ලත් එ බෝසත් ස ත ර ඇසතු රුක් මුල්හී මෙ කල් වී වඳිම් මම්.


4. දස දස දසයෙන් යුත් වූ පෙරුම් සව් පිරීමෙන් දස දස බලයෙන් යුත් වූ සුගත් බැව් ලැබීමෙන් දස විද මරසෙන් බුන් බෝමුලස්නේ හිඳීමෙන් දස ඇඳිලි බැඳීමෙන් ඒ සුගත් මම් වඳිම් නිත්


5. දියත පසිඳු කිත් ගොස් දම්රදා අත් සියල් දත් ඉසිපතන අරම්හී සුත් දෙසීමෙන් එ දම්සක් කෙළ’ටළොස බඹුන් හා පස්වගුන් සව් තුමන්ටත් අමත පැන පෙවූ ඒ දම්රදුන් පා වඳිම් නිත්


6. මුනිබල හැඟැවීමෙන් තුන් දහස් පන්සියක් වූ පෙළහර සොළොසක් දක්වා දෙසීමෙන් එ සිවුසස් උරුවෙල කසුබුන් ඈ ඒ දුළුල් ගේ තුබූ සව් කුදිටු බිඳුවමින් මොක් සෙත් සවන් දුන් වඳිම් නිත්


7. ඇසතු තුරු මුලස්නේ දී මරුන් බුන් තිලෝනා නුගඅරම ගුවන් දී ඉද්දී හා දම් දෙසීමෙන් පියරදු සුදොවුන් ඈ කෑත් රදුන් ගේ තුබූ මන් බිඳැ තම පද වැන්දු දම්රදුන් පා වඳිම් නිත්.


8. තිදස පුරවරේ සක්දෙව් රදුන් ගේ විසල් වූ පඬුඇඹුල අසුන්හී තුන් මසක් කල් හඳීමෙන් මුරු ගණ අබිදම් දෙස්නෙන් අසූ ඒ කෙළක් පත් කළ මඟපල පස්ඇස් ලෝතුමන් පා වඳිම් නිත්.


9. සුපිරිසුදු ගුණෙන් යුත් වූ සවන් ගොස් විසල් නම් එ පුර පැවති යක් රෝ දුක් දුබික් තුන් නමින් යුත් එ බය හරවමින් දෙස්නෙන් රුවන් සුත් දිනක් සත් එ මුන් මම වඳිම් මොක් දුන් සුවාසූ දහස් සත්.


10. පෙළහර දසයක් පෑමෙන් අළව් හක් විමන් දී බිලි ලද කුමරුන් උන් ඒ දිගායු කිරීමෙන් ඔහු පුළුවුසු පැන් සව් වීදමින් සුත් අළව් නම් දෙසුමෙහි තෙසරන් ගැන්වූ සුගත් ඒ වඳිම් නිත්.


11. මහ මුනිවර රන් ගැප් ගොස් මහත් මෙත් කුළුන් යුත් මහ සමය එ සුත් දෙස්නෙන් කඹූල්වත් පුරේ වූ මහ වන වෙහෙරේ රැස් වූ මහත් දෙව් පිරිස්හි මහ අසැකි සුරන් ලී නම් පුරේ සෙත් වඳිම් උන්


12. බවග ගැසි හිවී උන් සව් සතුන් ගේ සියල් සිත් වෙන වෙන හැඳිනීමෙන් නෙක් නයින් දම් දෙසීමෙන් මියුරු බඹ ගොසින් නෙක් දෙව් බඹුන් ඈ නිවන් ලූ වඳිමි බැති පෙමින් ඒ දම් රදුන් අත් මුදුන් දී

. 13. යමකු ‍ දෙසන කල් දම් දෙව් බ‌‌‌ඹුන් නා නරන්ඈ

      පසු ඉදිරි දෙපස් ඈ හී බවක් දක්වමින් හුන් 
      කුරු කුහුඹු කුඩා වූ සත් පටන්  ඒ සියල් සත්
      සිය සිය බස සේ  තේරි අසත් නම් වඳිම් උන්.


14. යමකු උපන කල් මේ ලෝ සියල් ඒකලූ වී

     බිහිරු නද ඇසූ නම්, පිල්හු සිත් සේ දිවූ නම්, 

තුනිවැ මැ කෙලෙසුන් සව් ලෙව් සතුන් ගේ ගියේ නමි, අවගිනි නිවුණේ නම් මම වඳිම් උන් බැතින් සිත්


15. බුදුනට පෙරටින් ගොස් වාතයෙක් මං පිසී නම්, පොදූ වීහිද රජස් සව් සන් සිඳි නම් වලාවෙක් , පැහැ පස කුසුමෙන් දිස්නා වියන්වත් කෙරෙත් නම්; පෙළහර මෙලෙසින් යුත් වී වඩුත් උන් වඳිම් නිත්.


16. පිරෙමිනි වළ තැන් යේ නම් සෙයින් කම්කරුන් සව් සම වැ බෙර ඇසක් සේ උස් සියල් තැන් මෑ යේ නම්, කනු කටු එ පහන් සව් ඈ මගින් පාවැ යේ නම් වැඩුමෙහි මුනිදාණන් ගේ සදා කල් වදිම් උන්.


17. අබ තුළ ඉරියවු සිව් දෙව්රම් සේ කෙරෙන් නම්, පියවර තුනෙකින් සක්දෙව් පුරේ පිටැ යෙත් නම්, සිය රුවෙනි දහස් නෙක් රූ මවාලා පවිත් නම්, ගුවනෙහි ද දිලෙත් නම් ඒ සවන් පා වඳිම් නිත්.


18. කුරිරු ගොර බිරම් වූ නා රදුන් යක් තවුස් විප් ගැහැවි බක බඹුන් තිත් වාදයෙන් යුත් අඟුල්මල් සුරිඳු අසුරිඳුන් ඈ නෙක් දැමීමෙන් ලෙසින් නෙක් සත වැඩ කළ තුන්ලෝනා වඳිම් නිත් පෙමින් සිත්.


19. කුලුණු මෙත සිතීමෙන් දම් දෙසීමෙන් සතුන් ගේ මොහඳුරු දුරැ ලීමෙන් ලෝ පබාවත් කිරීමෙන් අමත පැන පෙවීමෙන් සව් කෙලෙස් ගිම් නිව්මෙන් මෙ බඳු ලොවට සෙත් දුන් දම් රදුන් පා වඳිම් නිත්.


20. රුවනිති මැටියෙන් වත්‍ නෙක් සඳුන් ඈ හරෙන්වත් යමකු රුව කිරීමෙන් මල් පහන් ඈ පිදීමෙන් සත සිත පැහැදීමෙන් නිත් වතාවත් කිරීමෙන් අ ජ ර ම ර නි ව න් මොක් සෙත් ලබත්නම් වඳිම් උන්.


21. තම නම මුවැ කුව න් මල් මිටක් වත් පිදූවන් තම නම කනැ ලූවන් බස් සැබෑවයි ඇදූවන් තම නම විමැසූ ව න් සිත්හි ලා ඒ දෙසූවන් තම නම පැවසූ ව න් මොක් යවත් නම් වඳිම් උන්


22. තම රුව කැරැවූවන් ඒ පිදූවන් වැදූවන් තම ගුණ කියැවූවන් ඉන් මඳක් වත් ඇසූවන් තම සිත පැහැදුවන් ඉන් මඳක් වත් වැනූවන් තම ලද එ නිවන් සෙත් පත් කෙරෙත් නම් වඳිම් උන්.


23. දෙ සය යොදුනුසැත් වූ රන්ගබෙක් වන් බවග්හී සරණගිනි සිටීමෙන් ඒ තමන් ගේ බැලීමෙන් යමකු ගෙ නො දකී නම් මී තෙලේ හුන් මුදුන් හිස් ; මෙ වැනි අසිරිමත් යුත් වූ ඔවුන් පා වඳිම් නිත්.


24. දිවකුරු මුනිඳුන් හා බික්සභුන් දෙව් බඹුන් ඈ පැදකුණු කෙරෙමින් මල් දෑසමන් ඈ පිදීමෙන් ගිය කල එ කුසුම් මත් හී හිඳිමෙන් කෙනෙක් යම් දස විද පෙරුමන් සව් තුම් ඉටූ නම් වඳිම් උන්.


25. ස ත ර එ සිවටන් දෙස්නෙන් සවුන් හික්මැවීමෙන් ස ත ර අව දුකින් උන් මුත් කිරීමෙන් නිවන් දුන් ස ත ර පිළිසිඹින් හා සිවු මඟින් සිවු පෙලෙන් යුත් ස ත ර වෙසරදින් යුත් වූ සවන් මම වඳිම් නිත්.


26. ප ව ර සුර මීණක් වන් සව්කෙලෙස් ගිම් නිවීමෙන් ප ව ර සුර ගඟක් වන් දෙව් සව්කෙලෙස් ගිම් නිවීමෙන් ප ව ර සුර තුරක් වන් දෙව් බඹුන් නා නරන් වෙත් ප ව ර සුගත බැත් පෙම් යුත් සිතින් මම වඳිමි නිත්.


27. ප වු ලු පිඩු අවස් ‍ෙබ්සද් මෙ සිව් පස් කැපැය් ගත් ප වු ලු කොටැ කිමින් යුත් වූ සොහොන් ලූ පියල් ගත් ප වු ලු බැවිනි රාසින් වත් කිරීමෙක් පැවැය් නැත් ප වු ලු සහදහස් නෙක් ලත් තිලෝනෙත් වඳිම් නිත්.


28. අනඳ තෙරිඳු වන් සිත් දත් තමන් මේකරුන් ලත් තෙරිඳු බඳු රහල් එක් වන් රුවින් යුත් සුනන් ලත් ඉදු බල නැණයෙන් අග් පත් දෙ අග්සව් කෙනෙක් ලත් වඳිමි මුන් සුගත් බැව් සේ දෙයක් ලත් නොලද් හැක්.


29. ස ත ර උතුරු වූ විස්සක් සවන් පා මුලේ දී ස ත ර උතුරු වූ විස්සක් වරම් ලත් ගෛායුම් ගොත් ස ත ර උතුරු වූ විස්සක් සුගත් හා එ බිම් යුත් ස ත ර මෙ කල වූ උන් හා වඳිම් ඒ සියල් නිත්.


30. ස ව නි ය සිය පින් නම් වූ ලකුන් යුත් ගොයුම්ගොත් ව ර ද ය පෙරුමෙන් සව් ඒ පිරීමෙන් මරුන් බුන් නිදනයුරු කුලුන් මෙත් ඈ රුවන් සිත් කළා වු ය ස යු තු ගොසයෙන් තුන් ලෙව් පසිද් වූ වඳිම් උන්.


3. දමුරුවන් මාලාව[සංස්කරණය]

31. ගුණ යුතු තෙ රුවන් කිමක් නිසා ලෝතුමාණන් දිටු දෙසැට නිබුල් වීමෙන් එ රන් ගැප් ගොසින් තුම් දෙතුරුසැට වරක් මීකත් සැලීමෙන් දෙසූ ඒ නමදිමි බඹදැල් සුත් ඈ සියල් දික්නිකා යුත්


32. කෙළ සුවහස මත් වූ දෙව් නිකා ලෙස් කිරීමෙන් තෙ අසැකි සුර සෙන් මොක් පත් කිරීමෙන් මඟින් තුම් වෙසෙමිනි මුනිඳාණන් දෙව්රමේ දී දෙසූතුම් නමදිමි එ මහත් වූ තුම් මඟුල් යුත් මඟුල් සුත්.


33. නෙ බය දුරු කිරීමෙන් ඒ විසල් නම් පුරේ වූ දිය නද දින සත් සත් සෙත් වැඩීමෙන් දෙසු තුම් කෙළ සුවහස මත් වූ සක්වළේහි පවත්නා තෙද යුතු ඒ රුවන් සුත් සිත් පෙමින් මම් වඳිම් නිත්.


34. බව ගිනි දල වන් දෙව් ලෝ මහා පා හිණක් වන් බව යකු මතුරක් වන් සව් සතුන් දෙව් මිණක් වන් බව වන පොරොවක් වන් සව් කෙලෙස් ගිම් දලක් වන් බව සිලිලිඳු නැවැ වන් ලෝ තුමන් දම් වඳිමි සව්


35. දෙසිය ඒ සොළෙ‍ාසක් යුත් වු නිමල් පා මඟුල් නම් ලකුණු පිරිවැරූ තුන් ලෝ මුදුන් මල් කඩක් වන්‍ මුනිඳු බුදු වැ හුන් පන්සාළිසක් වස් මුලුල්ලේ වැඩැහිඳ දෙසූ දම් තැන් හා වඳිම් ඒ සියල් දම්.


4. සඟ රුවන් මාලාව[සංස්කරණය]

36. නොපමණ ගුණ යුත් වූ ලෝතුමන් ගේ වෙතේ දී නො මැ බිය යුතු වීමෙන් සිත් ගැනීමෙන් ඔවුන් ගේ දසතුරු සුතුරූ ඈ දම් දෙසීමේ සමත් වූ නමදිමි සැරියුත් සාමීන් දකුන් සව් නමින් යුත්.


37. නො නැවත වට වැස්සෙක් හී කපක් කල් මුළුල්ලේ පොද බිඳු මෙතෙකැයි හා පස්පොළෝවේ සියල් පස් ගුළි කොර උඳු මුන් සේ ලක් තබත් ඒ සමත් වූ නමදිමි සැරියුත් සාමීන්නැණින් යුත් උතුම් වූ.


38. උරඟිඳු දමමින් නන්දෝපනන්දැ යි නමින් යුත් සමණිඳු පදවැන්දු උන් ලවා සක්නවස් වූ සුවිපුල විජයෝත් නම් පා සැලීමේ සමත් වූ නමදිමි මුගලන් සාමීන් තොසින් අත් මුදුන් දී.


39. ගනිමිනි මෙර සත් දංඩක් සෙයින් ඊ මුදුන්හී තබමිනි එපළෝ සක්මන් කරත් ඊ සමත් වූ ඉදුමතුනට සව් අග් පත් වමත්සව් සුගත් පුත් නමදිමි සතොසින් අත් මත් කිරීමෙන් බැතින් සිත්.


40. බඹුනට කරනා සම්බාවනා සේ දෙඅග් සව් ඇදිහිලි කළ මුල් අග්දම් පිළිගත් තුමෝ යැයි නවගහස දනක් දීමෙන් පැරුම් සව් පුරාවුත් නමදිම් අගදම් පිල් ගත් එ කොණ්ඩඤ්ඤ සාමින්.


41. මෙ තෙමෙ ද සමවත් මා සේ යෙදීමෙන් වෙසේ යැයි මුනිවර පැසැසීමෙන් හා තමන් ගේ පවුල් දී තම සම කළ සක්දෙව් දුන් එ දම් වෙස් වළාවුත් එ මහ කසුබු නම් යුත් වූ සවන් පුත් වඳිම් නිත්.


42. බව සිඳු තෙරපත් පින්කෙත් සියල් සව් ගුණෙන් යුත් මුලිනුපුළ කෙලෙස් මුල් සිත් සතන් යුත් සදා කල් විනයෙහි අගතැන්පත් වූ උපාලි නමින් යුත් නමදිමි තෙරිඳුන් නිත් අත් මුදුන් දී තොසින් සිත්


43. පුඟුළු තුති සදා සව් නේ ගෙවා දම් දෙසීමෙන් නො ම මිනි කළ දම් දෙස්නා කෙරේ සව් තුලැත් වූ අප මුනි දිවැසත් සවුවන් කෙරේ සව් මුදුන් පත් නමදිමි අනුරුද් නම් වූ තෙරුන් අත් මුදුන් දී.


44. පුරමිනි පෙරුමන් වුත් කප් සුවාහස් මුළුල්ලේ ලබමිනි මුනිඳාණාන් ගෙන් වරාටක් නිමල් වු සතොසිනි විසිපස් වස් ලෝතුමන් මේ කළා වූ නමදිමි තෙරිඳුන් ආනන්ද නම් ඒ සුගත් මල්.


45. තෙ මද ගිජිඳු නාලා නම් ගිරී මෙයු කල්හී නො මඳ සිනෙහසින් යාමෙන් තිලෝනා නොපීමෙන් ඒ රනකකුඵද ඈ හී සෙයින් දිව් පිදූ තුම් එ අනඳ තෙරිඳුන් සිත්පෙම් වැඩීමෙන් වඳිම් නිත්.


46. නොමැ කොටැ ඉරියවුවෙන් සිව් එකක් වත් රහත් වී කබුසු තෙරිඳු ඈ රැස් වූ තැනේ සව් සඟා කල් දෙරණ කිමිදිමින් ගොස් පත් තමස්නේ පෙනී හුන් එ අනඳ තෙර සාමින් මම් වඳිම් අත් මුදුන් දී.


47. සි ලි ලෙ නි පුරමින් ගන්මින් තිලෝනා බුදුන් පා කෙ රෙ මි නි පැදැකුන් තුන්යම් වෙලේ තුන් බියෙන් යුත් බෙ ණෙ මි නි ඉසිමින් පැන් සුත් රුවන් සත් වැඩූ සෙත් ස තො සි නි නමදිම් ආනන්ද නම් ඒ සුගත් මල්.


48. බැවිමෙනි සිතුමෙන් දෙව් ලෝ කතුන් මම් ලබන්නෙම් ලැබුමෙනි පෙළ මං සිව් සිව් නමින් යුත් කෙලෙස් බුන් දසඹුලු සවනා සේ දම්දෙසීමේ සමත් වූ නඳ මහතෙරිඳුන් මම් අත් මුදුන් දී වඳිම් නිත්


49. මහ නැණ ජලසීමෙන් සව් කෙලෙස් ගිම් නිවු නිත් මුනි රුව අනුරූ වූ රූසිරින් ලෙව් පසිද් වූ සික පද පිළිගන්නා සව් මුදුන් පත් නමදිමි එ රහල් නම් යුත් තෙරුන් ලෝතුමන් පුත්.


50. නව නරසිහ සුත් ගැන්මෙන් තමන් මා බිසෝ ගෙන් පියකරු තෙපුලෙන් ගොස් දෙන්නැ දායාද කීමෙන් නිරතුරු ලද දම් දායාද පිත් ලෝතුමන් ගෙන් එ රහල් තෙරිඳුන් මම් සිත් පෙමින් නිත් වඳිම් තුම්.


51. කල් නො යවා ‍ෙතරිඳුන් උපනැයි’ සා කම් ගෙවමින් ම්නිඳු‍න් ගෙ සසුන් වන් කප් සුවහස් පෙරුමෙන් පුරමින් ආ කප්පින නම් තෙරිඳුන් නමදිම් මම්.


52. මිලිඳු ගිජිඳු සී වන් විල් සසුන් හස් රදෙ’ක් වන්, ගුණ දල සිලිඳු වන් මෙත් ගුණෙන් පුන්සඳෙක් වන්, බව සිදු පසුරක් වන්, සව් කෙලෙස් ගිම් දලක් වන්, පැනසර තෙරිඳුන් නාසෙන් මහාපනම් වඳිම් නිත්.


53. අඹතෙල හිඳිමින් ලක්දිව් අවුත් සෑගිරිහී දෙසීමෙනි සමතිස් සුත් ලෝතුමන් ගේ ඇවෑමෙන් මුරු ගණ අසැකී මොක් සෙත් පුරේ ලූ එ පින් කෙත් මහ මිහිඳු නමින් යුත් වූ තෙරුන් මම් වඳිම් නිත්.


54. මු නි යුරු පිළිගත් ලක්දිව් මහා මේවනූයන් මු නි පිරිනිව් කල් ලක්දිව් සසුන් පිටුවීමෙන් මු නි යුරු සිරිලක්දිව් මීඳු මා හිමි නමින් යුත් මු නි සුත නමදිම් අත් මත් බැඳීමෙන් තොසින් සිත්.


55. කළු තිඹිරි සුතනෙක් එක් මං එමින් වාරෙ වන් කල් කළු තිඹිරි මුලස්නේ කාලකාරාම නම් සුත් කළු වර පොහොහී දෙස්නෙන් මේ ලක්දිව් පිදුම් ලත් කළු බුදු එ රකිත් නම් වූ තෙරුන් මම් වඳිම් නිත්.


56. මුනිවර සුතනෙක් එක් මං එමින් වාරෙ වන් කල් තෙ මද ගිජිඳු ගේ පා සිව් තුරේහී හිඳීමෙන් අනෙ සතර සරිත් වූ සීවටන් සුත් බැවීමෙන් මෙ සසර ගිජිඳුන් ගෙන් මුත් වී නම් උන් වඳිම් නිත්.


57. මලයදෙව නමින් යුත් වු සුගත් පුත්තුමා නෙක් පැසුළු පිරිනමින් සව් නේ ගෙවා දත් තිලෝනෙත් එ සැට තැනෙකැ දී දෙස්නෙන් සසක් සුත් මෙ ලක්දිව

	සැට සැට මහණන් මොක් පත් කෙ‍ෙළ්  නම් වඳිම් උන්.


58. නත සුත තෙවළා සුල්නා දෙසීමෙන් සසක් සුත් වෙහෙරැ හිඳැ ඇඹුල්සල් ගවු එ සිව් තැන් පුරා හුන් මුරු ගණ පිරිසින් සව් සිව් දෙනෙක් දෙව් තබා අන් සසග දන දහස් මොක් පත් කෙළේ නම් වඳිම් උන්.


59. නිකෙලෙසි සිය පස් තැන් හා සවන්ගේ ඇවෑමෙන් කළ පළමු සඟාදම් ලෝතුමාණන් දෙසූ තුම් සියසත සුවහස් මත්නා සඟුන් සව් මුදුන් පත් එ කසුබු තෙරිඳුන් ඈ සව් සඟුන් ඒ වඳිම් නිත්.


60. මිසදිටු දස වත් බින්දා හැරීමෙන් සුගත් දම් නරනිඳු කලැ කාලාසෝ වැලි නම් අරම්හි කළ දෙවන සඟා ඒ සත් සියක් මත් සඟුන් හා යස මහතෙරිඳුන් ඈ ඒ සවන් පුත් වඳිම් සව්.


61. දඹදිව රජ පත් දම්සෝ රජුන් කල් තෙදැන් වූ එ තෙවන තෙවළා දම් තුම් සඟා සව් කළා වූ, දිනසුත නිකෙලේසී මොග්ගලී පුත් නමින් යුත් තෙරවර සමඟින් සව් ඒ දහස් මත් වඳිම් සවු.


62. සුනිමල තෙවළාරුත් සව් දැනීමෙන් මෙ ලක්දිව් දඹදිවිනි අවුත් ලක් පල් මහානාම නම් කල් තෙපිටක අටුවා ලිව් ලක් සඟුන් තොස් කිරීමෙන් නමදිමී බුදු‍ගොස් සාමින් සුගත් දත් අදාහස්.


63. සිරි දැරු වළගම්බා නම් රදුන් කල් සුගත් දම් සිරි නො මඳ පිනින් යුත් එක් දනවුනා අයද්මෙන් සිරි ලක අලුලෙන් හී පොත් සභා ඒ කළා වූ සිරි පද සිය පස් සවු සව් කෙලෙස් බුන් වඳිම් නිත්.


64. පිනි දියෙනි සතොස්නා වල්රදුන් මෙන් තොසින් තුම් නිති ස‍ෙතාස ‍වෙමින් සිල් ජීවිතේ මෙන් රැකීමෙන් කෙඅගැ සිරිය එල්වීමෙන් ලදි හෝනවුන් මෙන් නිති පවෙහි බියෙන් යුත් වු සඟුන් මම් වඳිම් නිත්.


65. සිකයෙහි අගපත් වූ තුන් වැදෑරුම් සුපිල්පන් බඹ සුර නර පින්කෙත් හස් රදුන් වන් සසුන් විල් සුවිමල මුනි දම් සීතෙල් පිරූ රන් බඳුන් වන් අග සවු අසුමා සවු ඈ සඟුන් සව් වඳිම් මම්.


5. දළදා හිමි වැඳුම[සංස්කරණය]

66. පෙරගිර මුදුනින් මායා බිසෝවුන් උදා වූ මුනිවර සියරස් තුන් ලෝ ගුවන්හී දිලී ගොස් මරු අවරගිරී පත් කල් දිලේමින් උදා වූ හිමකර දළදා මේ අත් මුදුන් දී වඳිම් නිත්.


67. සව් සත මෙත් කුලුණින් තම අත්පත් වූ සුනිමල් හරිමින් එ නිවන් සෙත් සව් පෙරුමන් පුරමින් මුනි බව ලත් මම් නමදිම් ඒ සුගත් දළදා නිත්.


68. සක් පල් විප් කල සිල් එ පල් කළ නිමල් - සද්දා සිඳූ පීනමින් සුල් දම් පල් කල පිත් රදුන් හට පිටින් - හෝමින් නිමල් මෙත් කළේ පිල්මල් වූ වසවත් මරුන් බිඳැ සුගත් - බව් ලත් මෙ කල් බෝ මුලේ ලක්පල් නිති පුදනා වඳිම් මෙ දළදා - උන් ගේ නිමල් වූ තොසින්


69. බෝසත් කල් නෙක දාහි පෙම්කර පිරූ - සිල් නම් පෙරුම් ගේ බෙලෙන්. බෝමුල් දී වසවත් ගෙනා දසනු වූ - බුන්මින් මරුන් බිමිබරත්. තුන් කල් අත් දතු ගේ නිමල් වත පියුම් - විල්හී සුවන් හස් බඳූ නිත්තෙන් මම් නමදිම් නිමල් මෙ දළදා -

                                                 සාමීන් මුදුන් දී දොහොත්.


70. සක්පල් නා කල සිල් එ පල් කළ තවුස් - කැත්වාද කල් කැත් කළේ දුන් දන් සක් පඬුපුල් අසුන් කැර උණු - කාලේ අසය්හී සිටා බෝමුල් හී හිඳිමින් අරා විදුරසුන් - සව් නේ ගෙවා දත් මෙ කල් උන් ගේ මේ දළදා උතුම් නිති වඳිම් - අත් මත් කිරීමෙන් තොසින්.


71. රන් වන් වූ සිරුරින් තමන් හැරැ රැසක් - නන් දික් කිරීමේ අලු පෝසත් වූ සුවිපල් නිමල් ගුණ සියල් - යුත් අත් තෙකල් දත් සියල්. සක් සෙල් සුන් පඬුපුල් අරා හිඳැ තෙමස් - කල් ඒ විජම් දම් දෙසූ සත්සෙන් දුන් ඔබ ගේ නිමල් මෙ දළදා - සිත් පෙම් වැඩීමෙන් වඳිම්.


72. රන් වන් රැස් හරිමින් ගතින් කිනිහිරි - මල්දම් ඉසින්නා සෙයින් රන් වන් බව් කිරීමේ සමත් දිගු සියල් - රන් ගබ් ගොසින් දම්දෙසා රන් වන් ගත් දරමින් දෙතිස් ලකුණු යුත් - හුන් වස් එ පන් සාළිසක් රන් වන් වූ සුමුගේ වැඩු මෙ දළදා - උන් ගේ නිමල් වූ වඳිම්.


73. සත් වස් කල් දඹදිව් සියල් නොදත පැන් - විදු කෙළීමෙන් වැලී මස් දන් දුන් සස කල් තමන් සිය අතින් - මෙන් දම් පෙරුම්හී පෙමින් ඇස් දන් දුන් සිවි කල් තමන් සිය අතින් - ඇස් ඉල්ව අ‍ා විප් එ සක් පස් ඇස් ලත් ඔබ ගේ මෙ කල් මෙ දළදා - සාමින් වඳිම් සිත් පෙමින්.


74. කොඳ කැකුළු බඳු වස් යම් නකත් රස් බඳු රැස් හරිමිනි අලු බව් සව් ලෙව් කිරීමේ සමත් වූ මුනි වදන පියුම් විල් තුම් නිමල් හස් රදෙ’ක් වන් නමදිමි දළදා මේ කප් තුරක් වන් සියල් සත්.


75. දන් දුන් ඇස් සිත් වෙමින් පෙම් සිය අතිනි ගුවන් - හි තරුන් සව් පරද්දා දුන් මස් පස් සව් පොළෝහි පරයමින් ගතින් - ලෝතුමන් බව් පැතීමෙන් ඇස් පස් යුත් සව් වෙමින් වූ තිලොවැදුරු මෙකල් බෝමුලස්නේ හිඳීමෙන් සිත් සව් යුත් පෙම් වෙමින් කල් ඔබ ගෙ මෙ දළදා - අත් මුදුන් දී වඳිම් මම්.


6. මහ සෑ හිමි වැඳුම[සංස්කරණය]

76. වැඩ නව වන මස් ලක්දිව් තිලෝනා සුගත් වූ වැඩැහිඳැ පලවා යක් සෙන් මහනාවනූයන් අයදමෙනි සමන් දෙව් දා මිටක් කෙස් දිනී නම් වඳිමි බැඳි එ දාගස් ඒ තබා හුන් එ බිමිහි.


77. සමිඳු සුමන නම් දෙව් නාගදිව් නා සටන් බිම් දියනද වඩනා කල් සත් කිරීමෙන් ගෙනාවුත් පිහිටු එ කිරිපල් නම් රුක් මුලස්නේ සමාවත් සුවෙනි මුනි එ හුන් තැන් වූ එ දාගප් වඳිම් නිත්.


78. කැලණියෙ මිණිඇස් නම් නා රදුන් ගේ අයද්මෙන් වැඩ මුනි මිණි මන්ඩප්පේ රහත් පන්සියයක් හා, වැඩහිඳැ වැළැඳීමෙන් හා සමාවත් සුවෙන් හුන් එ බිම බැඳි එ දාගප් මම් වඳිම් සිත් පෙමින් නිත්.


79. ගුවනිනි කැලණින් ගොස් ඒ සමන් දෙව් රදුන් ගේ ඇයැදමෙනි මුනින්දා සක් ලකුන් යුත් නිමල් වූ ලකඟන කිරුළක් වන් වූ සමන් පවු මුදුන් හී නමදිමි පදලැස් දැක්වූ තොසින් අත් මුදුන් දි.


80. මෙ සසර අවුලින් මුත් වූ රහත් පන්සියක් තැන් සමඟ මුනි වැඩීමෙන්යම් තෙනක්හී දිවා වස් කෙළෙ ද සුපිපි සල් රුක් යුත් සමන් පවු පෙදෙස් වූ වඳිමි මම දිවා වස් ලෙන් සිහිල් වූ තොසින් ඒ. 81. සිය පස රහතන් හා සව් කෙලෙස් බුන් තමන් සේ සැහැ මුනි වඩමින් යුත් වි සමාවන් දිගානක් හිඳි එ බිමෙහි පීටූ ලක් කතුන් මත් කිරුල් වන් රුහුණු පුර සෑදු දාගප් වඳිම් ඒ දිගානක්.


82. තුන් කල අත් අතැඹුල් සෙ දතුන් ගේ දා වඩමින් සුනිමල් බැඳි උස් වූ ලක් කත මත් සුසැදු කිරුළක් වන් මම් නමදිම් මුතියංගණ දා ගප්


83. පඬුඇඹුලැ අසුන් හුන් සේ රනින් ලෝතුමන් ගේ පිළිබිඹු කැරැවීමෙන් ඊ නළල් දා තබමිනි මුනිඳුන් ගේ බැන්දෙ යැයි ලෝ පසිද් වූ නමදිමි සතොසින් නිත් තිස්මහා නම් එ දාගප්.


84. ගුවනිනි සුනිමල් නිල් කප්තුරක් සේ සහස් ඇස් එවුණු දෙවෙනි පෑතිස් නම් නිරින්දාට ලක්දිව් , වැඩ මහමෙවුනා නම් වූ උයන්හී එ පීටු ජයසිරි මහ බෝරුක්හී දකුන් සා වඳිම් මම්.


85. සවනිය දැලවූ පස් පෑ සුදිස්නා තමන් ගේ නිලුපුලු දලදෙක් වන් වූ නුවන් දෙක් නොපීමෙන් පුරෙනුර පිහිටූ ලද්දා පිදූ රුක් රදුන් ගේ එ දකුණු මහ සා බෝ මම් වඳිම් කප්තුරක් වන්.


86. ගැමුණු රදු පසස්දා යුත් තමන් ගේ උතුම් වූ තබමිනි ජයකොන්තේ ලෝතුමන් උන් තෙන්හී; දනනෙක විසැඳීමෙන් බැන්දැවුසුරියන් උස් එමිරිසවැටි දාගප් මම් වඳිම් අත් මුදුන් දී.


87. කෙළකගන රිදි හස්නේ සුගත් දා වැඩු කල්‍ යමහල මුනි හොත් සේ හොත්ත නම් ලෝතුමන් රූ මැවෙමිනි දිනිඳාණන් ගේ ඉටන් ඒ ලෙසින් ඊ නමදිමි අසදිස් දාගප් මෙසේ දා නිදනි වූ.


88. දා කුස දා එ නිදන් වන දා යම් ‍ ඒ පිදු මල් පහනුත් විලෙවුන් සව් දැන් පිදු සේ හැම කල් පවතී නම් මම් නමදිම් එ රුවන්වැලි දාගප්.


89. කුඹුතෙලෙ ගිරිඳාණන් ගේ වැඩ කල් අකු දා පෙළහර කෙරෙමින් ගන්ඩම්බ නම් රුක් මුලේ සේ සිරි ලක තෙමි නන් දා කුස් නිදන් වන් දිනේ දි නමදිමි තුඹරුප් සෑ ඒ අකු’ දා නිමල් යුත්.


90. දන පින නිති ලොල් සිත් වූ අබා නම් රජෙක් යම් පුරමිනි රන ගොන් කුස්හී සුගත් දා තබා ඒ සියතුරු අසුහත් උස් බැන්දවීමෙන් පිදු නිත්‍ අබයගිරි එ දාගබ් මම් වඳිම් අත් මුදුන් දී.


91. සිරිබර මහසෙන් නම් වූ නිරින්දා සවන් ගේ නිමල සිරුරු දා කෙසේ දා පටී දා වැඩීමෙන් සියතුරු සතළිස් හත් යුත් උසින් බැන්දැවු ඒ නමදිමි දෙව්රම් දාගප් මෙ ලක් කත් කිරුල් වන්.


92. කුස රද කල සක් දෙව් දුන් ගෙනාවුත් නිමල් වූ මිණියෙහි අටවක් නම් දා උණු ලොම් වැඩීමෙන් පිලය කුළු තෙලේහී බැන්දෙයැයි ඒ තැබීමෙන් නිසිවකු කියනා වූ සේල සෑ ඒ වඳිම් මම්.


93. සිරි දැරු සිරි ලක් දිව්හි තෙදැන් මෝ රසුන් ගේ දෙවොල වෙතැ සුගත් දෑතින් එ හුන් තන්හි බැන් දූ වැඳිනිතිනි මහාසෙන් දෙව් තොසින් ඒ පිදීමෙන් එ කතරගම දාලප් මම් වඳිම් මුදුන් දී.


94. තුන්ලෝනා තෙ වරක් මෙ ලක්දිව් අවුත් - දෑනින් යෙදී හුන් තැනුත් උන්ගේ වූ පදලස් සහා පිළිමරූ - බෝරුක් සියල් දාගබුත් දාතුන් හා දළදාපෙතින් මෙ සිරිලක් - දිව්හී සියල් තන්හි වූ නිත්තෙන් මම් නමදිම් මුදුනැඳිලි දෙමින් - දක්නා නිසා මෙත් බුදුන්.


95. පැවිදි වියටි වූ මාසත් තමන් කෙස් සිඳීමෙන් මුහුළු සහ ගුවන්හී ලූ සඳේ ඒ සහස් ඇස් පිළිගෙනැ සුමුඟින් රන් ඒ පුරේ දෙව් තැබීමෙන් පුදන සිළුමිණි නම් සෑ බැඳීමෙන් වඳිම් ඒ.


96. එ මහබඹ මහාසත් සිව් දෙනෙක්මත් උතුම් වූ පිරිකර පිළිගැන්වීමෙන් ලදින් හන් සළුන් දුන් නිති වැඳ පුදනා වූ ඒ තමන් ලෙව් තැබීමෙන් නමදිමි සළුමින් නම් සෑ බැඳීමෙන් තොසින් ඒ.


97. බිඳිමිනි මරසෙන් බෝ මුල් හිඳීමෙන් සුගත් වූ මුනිවර බඹ යැද්මෙන් ගොස් සියල් දෙව් බඹුන් ඈ යුතු අටඟ නෙදෙන් දම්සක් පවත් සුත් දෙසූ ඒ ඉසිපතන අරම් තුන් සිත් පෙමින් මම් වඳිම් නිත්.


98. බඹ සුර නරනා ඈ දම් දෙසීමෙන් නිමල් තුම් බුදු කිස සැපයීමෙන් සව් සමාවත් යෙදීමෙන් දස නව හවුරුද්දෙක් හී විසූ ලෝතුමාණන් එ වෙහෙර දඹදිව් දෙව්රම් නමින් යුත් වඳිම් නිත්.


99. වඩමිනි මුනිඳාණන් කාළුදායී අයද්මෙන් බිඳිමිනි නිරිඳුන් මන් සව් තමන් පිත් වැඩූ තුම් පිළිගෙනැ වෙසෙමින් සව් නෑ රදුන් සිත් වැඩු තුම් නමදිමි නුගරම් නිත් ඒ කිඹුල්වත් පුරේ වූ.


100.නරනිඳු අයැදීමෙන් බිමිසරැයි නමි ලදු තුමි එ පුර රජගහා නමි වු ගොයුමි ගොත් වැඩිමෙන් දල දෙරණ වසත් වූ මි සැලිමෙන් පිළීගත් හුණ වන එ අරම් තුමි මම් වදම් සිත් පෙමින් නිත්.


101.බඹ ලොව සුර ලෙව්හී නාග ලොවේ සක්වළේ මේ හෙළදිව් දඹදිව් තුම් මංඩලේ නාග දිව්හි පද ලස ලද තන් හුන් තැන් බුදු තැන් වදම් නිත්.


7. කතු නිදෙස[සංස්කරණය]

102.සදසතු පෙළ දම් ඈ හා සදස් බෝ කලක් ලක්- දිව පවතින සේ දන්වා තමන් දත් සෙයින් සව් අතැවැසි හෙරණන් ඈ නෙක් සමත් බව් කිරීමෙන් පුද කර දිවි නෙක් සේ තැත් කිරීමෙන් සසුන් වැවු


103.කලුණු නැණ බෙලෙන් හා යුත් අපිස් සත් ගුණෙන් නෙක් අරණ නිති විසීමෙන් තුන් නොසින් සිත් සතොස් වු සසුන ඹරැ සුදිස්නා පුන්සදක් වන් නමල් වු සරණකර නමින් යුත් වූ සුගත් පුත් තුමන් ගේල්‍ ,


104.පද සෙවණැ වැඩි සද් සත් සදැස් දම් මදක් දත් අතැවැසි හෙරණෙක් මොක් සෙත් ලබම්වය් සිතින් යුත් සියබසිනි සියක් මත් වූ තෙරුවන් මෙ මාලා සොලොකය බැදිමෙන් ත, තුන්ලෙව් පසිද් වූ තෙරුවන්


105 ගුණ නෙක වැනුමෙන් සිත් පෙම් වැඩීමෙන් වැදීමෙන් පැතුම කෙළෙ අවන් සිව් පත් නොවීමෙන් මෙයින් මත් සසර සැරි සැරීමෙන් සත් වැඩේ සිත් බැදීමෙන් දිටු දෙසැට නො ගැන්මෙන් කල් මිතුන් නිත් සෙවීමෙන්,


106 පැණසර ගුණ තේජස් යුත් වෙමන් ලෙව් පසිද් වස් මුනිවර දැකුමෙන් මෙත් ඒ තිලොනා සසුන්හි පැවිදි වැ පිළිවෙත් දම් සව් පිරිමෙන් නිමල් සේ නො බ්දැ සිකපදත් සව් ජිවිතේ මෙන් රකිම්වය් ‍./

107 දෙගුරුන් ගුරුන් යුත් වත් තෙරුන් යුත් සියල් හිත අහිත අවන් සිව් සත් බඹුන් දෙව් නරන් යුත් සත හැම මෙ පිනින් මම් ලත් තෙරුවන් වැදීමෙන් සතර අව දුකින් මුත් වී දකිත්වා සුගත් මෙත්


නිමි.

"https://si.wikibooks.org/w/index.php?title=තෙ_රුවන්_මාලා_-_i_කවි&oldid=4805" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි