තොටගමුව

Wikibooks වෙතින්

තොටගමුව[සංස්කරණය]

197. වි දි විහිඟුම් සමුදුර වෙරළත හමුව

සු ර පු ර බිම් බට මෙන් වඩවන ළමුව

සැදි පල ‘රම් විසිතුරු ගෙ උයන් සුමුව

දකු මනරම් සව් සිරි පිරි තොටගමුව


198. උ දු ළ ත ර ළ මිණි වෙන් හැර ගතැයි තමා

පු ව ළ න තිඳු හට පමුණන ලෙසින් බමා

ත ර ළ නැබළ රළ ගොස පහළ කර දමා

වෙරළ වතළ සිඳු රඟ බලග නෙත් යොමා


199. සුනිල් නෙරළු වන පිය පතර වොරඳනා

ළකල් වෙහෙර පැහැසර ගුරුළිඳුහු පිනා

වි සල් සයුර’තින් ගත් නා රදකු මෙනා

නිමල් පුලින දුල පෙත් මගට බසිමිනා


200. වෙහෙර’ තුරට සෙද නොගොසින් පළමු කොට

ප ව ර සුරිඳු නඳුනු ‘යනෙ’ව් දිසි අවට

නිතොර සුසැදි මල් පල’රම් වන පෙතට

මි තු ර පිවිස නරඹව සිත් සතුටු කොට


201. වෙන වෙන රඟට බඳ තෝ තැනි දිය කෙළය

ය න එ න සියොත් කැල රැවු පිළිරැව් කළය

ද න ම න සතුටු වන රස පල වැල දුළය

තැන තැන අවට බබලන නන් තුරු පෙළය


202. රැ ළි න් රැ ළ බිඟුන් කෙළ වතළ දිමුතුය

කෙළින් කෙළ පොකුණුවල තඹර නුමුතුය

පෙළින් පෙළ සුරත් නිල් මල් මිණි මුතුය

ප ළි න් ප ළ විහිදි සුසැදුණු මල් වතුය


203. නොයෙක සුවඳ මුවරඳ හෙන පිවිතුරුය

ප සෙ ක සුපුල් සල් කොළොඹි’ළු විසිතුරුය

ස ස ක සහසකර කිරණෙ’ව් නොව’තුරුය

දෙසෙ ක සුපිපි සපු නා කිණිහිරි තුරුය


204. පළොල් සිහින් ගෙඳීය එරහැඳීය

දැසමන් සව් ගෙඳීය හුල් ගෙඳීය

නිලුපුල් අඹ ගෙඳීය සිහිනිඳීය

සුවඳ දසත විදීය ‘තුරු නොදීය


205. මල් රොන් තුරු සිරේය නිරතුරේය

පවන් වැදී සිරේය මළු’තුරේය

බිඟු ලොබ කර තරේය නොවිතරේය

දම් පිළිරැව් යුරේය නද කෙරේය


206. නොමඳ බමර’කුරු මල් රෙහෙණු පට

පැ හැ ද නිතොර ඇර ගෙන සිය අතු අතට

ස බ ඳ කොවුල් රැවු තෙපලෙන් මිහිරි කොට

තු රු ද දහම් පවසන වැනි වෙහෙර වට


207. ම හ රු මහ සඟන එවෙහෙර’තුරු රඳන

සි වු රු පැහැ දියුණු කර නිරතුරු රඳන

සොඳුරු පිපි නිමල් මල් කැන් සැදි නඳන

රු සි රු ඇසළ තුරු බබලයි නොයෙක තැන


208. තුරු ය ටි යෙ න් හුණු පැටි ලෙහෙණුන් රැගෙන

සිතු අ ටියෙ න් පිඹ ඇඟ පිරිමැද සෙමෙන

මල ගෙටියෙන් පැන් පොවමින් අතින’තින

සිටි පැටියෙන් හෙරණුන්ගෙන් වෙයි සොබන


209. තු රු ය ට සුපිපි නිල් කටරොළු මල් කුලය

පැ ටි කොට විදා දිගු නිල් ඇස් පිල් කැලය

න ද කොට රඟන ගෙ-මොනර ගණ මන කලය

මු තු ප ට සුදුසු පිරිසිදු සුදු වැලි තලය

"https://si.wikibooks.org/w/index.php?title=තොටගමුව&oldid=4180" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි