දන්කොගෙ දැවෙන හදවත

Wikibooks වෙතින්

කතෘ - මැක්සිම් ගෝර්කි; රුසියන් බසින් ඉංග්‍රීසියට:මාග්‍රට් වෙට්ලින්
ඉංග්‍රීසියෙන් සිංහලට:ප්‍රභාත් සී.අබේසිරිවර්ධන (සිංහල කෘතියෙ අයිතීන් ඇවිරිණි.)විද්්‍යුත් තැපෑල: abeysiriwardana@yahoo.com
2007.06.28 පළමු විකිපීඩියා පළකිරීම

තරුණ කියවන්නන් උදෙසා මැක්සිම් ගෝර්කි (1868 - 1936) විසින් සිත් ගන්නා කතා කිහිපයක්ම ලියා ඇත.
මේ අතුරින් දන්කෝගේ පුරාවෘතය ආදරණීයතම කතා පුවත වේ.

ඉතාමත්ම ඈත අතීතයේ තුන් පැත්තකින් ඝන වනාන්තරයෙන් ද සිව්වන පැත්තෙන් තෘණ භූමියකින් ද මායිම් වූ ප්‍රදේශයක මිනිසුන් කොට්ඨාශයක් වාසය කළහ. ඔවුන් නිර්භීත, ශක්තිමත් සහ ප්‍රීතිමත් මිනිසුන් වුව ද නරක කාලයකට මුහුණ දීමට ඔවුන්ට සිදු විය. අනෙකුත් ගෝත්‍රික කණ්ඩායම් ඔවුන්ට එරෙහිව යුධ වැදුණු අතර ඔවුන්ව වනාන්තරයේ ගැඹුරටම පළවා හැරියහ.

වනාන්තරය අතිශයින්ම පැරණි එකක් වූයෙන් අදුරෙන් වැසුනු අතර මඩ ගොහුරු වලින් බහුල වූයේ; රූක්ෂ වෘක්ෂයන්ගේ අතු පතර කෙතරම් එකට බැදී ගියේ ද යත් මඩ ගොහුරු වල ජලය සිඹ ගනු වස් සූර්්‍යයා කිරණයන්ට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදු විය. එසේම ඒවා මුණ ගැසුණු කළ ජලයෙන් විෂ සහිත වාෂ්පයන් නිකුත් වූයේ, මිනිසුන් රෝගී වී මිය යන්නට පටන් ගත්තේය.

මෙම කෙටිකතාව තවදුරටත් ඇත. කරුණාකර මෙය සංස්කරණය කිරීමෙන් වළකින්න.
"https://si.wikibooks.org/w/index.php?title=දන්කොගෙ_දැවෙන_හදවත&oldid=3290" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි