දහම් සොඬ කව-විවරණය iii

Wikibooks වෙතින්

81

ප:- මැතින් - අමාත්යලයන් ගේ, වත් තඹරට - මුහුණ නමැති පියුමට, නෙත් කැන් බිඟුන් - නෙත්රග කාන්ති නමැති භෘංගයන්, හැර - විසර්ජනය කොට, තුට - තුෂ්ටියෙන්, මදහස පෙරටුකොට - මඳ සිනා පූර්වජඬගම කොට, රස බසින් - මිහිරි වචනයෙන්, මෙ ලෙසට - මේ ආකාරයෙන්, වදාරයි - ප්ර්කාශ කරයි.

වි:- මැතින් - ‘ඇමති’ යන්නෙහි ආදිය ලොප් වීමෙනි. වත් තඹරට - අදර අරුත්හි සපදන්, කැන - (පා.සං) ‘කාන්ති’ ශබ්දයෙනි. බිඟු - (පා) ‘භිඬග’ (සං) ‘භෘංග’ බමරා යි, මුහුණ නමැති පියුම කෙරෙහි ‘නෙත් කැන් බිඟුන් හැරීම’ නම් මුහුණ දෙස බැලීම යි. තුට-කරණ විබත්, පෙරටු - ‘පෙරට’ යනු මෙසේ සිටියේ ය. වදාරයි - වර්තමාන ප්රතථම පුරුෂ එකවචන යි. ‘මහසත්’ කර්තෘ ගත යුතුයි.

82

අ:- තිලොවට ගුරු මුනිඳු බඹ සුර නරන් තුටු කොට මොක් පල පසක් කොට දෙසූ සදහම් මට කියාලව්.

ප:- මුනිඳු - මුනිද්රරයා විසින්, මොක් පල - මොක්ෂ ඵලය, පසක් - ප්ර්ත්යඳක්ෂ, දෙසූ - දෙශනා කරන ලද, කියා ලව් - ප්ර කාශ කරව්.

වි:- දෙසූ ‘දෙස’ (දෙසීමෙහි) දයින් සිදු කර්මලකාරක කෘදන්ත යි. ලව් - ‘ල’ (ලීමෙහි) දයින් සිදු වර්තමාන මද්ධ්ය්ම පුරුෂ බහු වචන යි. ‘කියා’ කිව්, කිවද කියව් කිවද තේරුම එකමයි, ‘කියා’ යනු පෙරකිරිය යි. ‘කියාලව්’ යන්නෙහි කරතෘ ‘තෙපි’ යි ගත යුතුයි. ‘සදහම’ යනු කර්මක යි.


108 දහම්සොඬ කව් වැනුම

83

අ:- මහට බණ කිවහොත් අපමණ රජ සිරි සරද සමගින් මුළු දෙරණ පුදම්, මෙ කරුණ සැක නොම කරව්.

ප:- රජ සිරි සරද - රාජ්ය ශ්රීු සාරයද, මෙ කරුණ - මේ කාරණයෙහි ලා, සැක - සඬකාවක්.

වි:- කිව - ‘කිය’ දයින් සිදු අසම්භාවන කෘදන්තයි. රජ සිරි සර - ‘සිරි සර’ නම් සරු වූ සම්පත යි. ‘රජ’ යනු (සං) ‘රාජ්යර’ ශබ්දයෙනි. සමඟින් - ‘සමඟ’ යන නිපාතය ‘ඉන්’ පස ගත් තැනි. මුළුදෙරන - ‘මුළු’ සද සකලාර්ථස වාචිය. සම්පූර්ණය පෘථිවිය දීමට නම් රජතුමා පොහොසත් නොවේ. එහෙත් තමාට අයත් මුළු පොළොව සලකා මෙසේ කියන ලදී. ‘මුළු’ සද ප්ර දේශ වාචීය යි ද කියති. මුළු ‘දෙරණ’ නම් ‘ධරණී’ ප්ර දශය’යි. අනුව අර්ථ ය ගත යුතුයි. මෙ කරුණ - අදර විබත්

84

ප:- මෙලෙසින් - මේ ආකාරයෙන්, එරජ - ඒ රජයා විසින්, වරින්වර - වාරයෙන් වාරය, තිරබස - ස්ථිර වචනය, කියතුදු - කියන කල්හිත්, පෙර - පූර්ව යෙහි, නොමදත් බැවින්- (ධර්මුය) දැන නොසිටිය හෙයින්, මැතිවර - අමාත්යෙ වරයෝ, නොහැකි බව - නුපුළුවන් බව, පළ කළෝ - ප්රයකාශ කළහ.

වි:- කියතුදු - ‘කියත+දු’ ‘අ’ හට පරස්වරාදෙශයෙන් ‘කියතුදු’ යි වේ. තිරබස - කලින් කී වචන යි. පෙර - මෙසේ යෙදුනේ ඔවුන් පළමු ධර්මනය නොදත් හෙයිනි.

85 අ:- උන් දහම නොම දත් බව පැවසූ වර; පුවතර මඟුලැතු සදමින් ගෙන්වා, දහසින් බැඳි සර පියලිද, තබමින්, මෙ ලෙසින් පුරතුර‍ බෙර පියෙවි කෙළෙ-



                                                  දහම්සොඬ කව් වැනුම                                            109

ප:- උන් - එ ඇමතියන්, පුවතර - ප්රුසිඬ වූ, මඟුලැතු-මඬගල හස්තියා, සදමින්-සරසා, දහසින් බැඳි - (කහවණු) සහස්ර යෙන් බඳනා ලද, සර-සාර වූ, පියැලි ද-පොට්ටනිය ද, පියෙවි-හැසිරවීම.

භා:- ඔවුන් බණ නො දන්නා බව කී විට මඟුල් ඇතා සරසා ගෙන්වා කහවණු දහසින් බැඳි පොට්ටනිය තබා මෙ ලෙස නුවර තුළ බෙර හඬ හැසිර විය.

වි:- දහමුන් - ‘දහම්+උන්’ යනු විසන්ධි යි. ‘උන්’ යනු ‘එ’ ශබ්දයේ කතු විබත් බුහුබසි. වර - (පා.සං) ‘වාර’ ශබ්දයෙනි.

මඟුලැතු - රජු ගේ ප්ර ධාන හස්තියට මේ නමි. බැඳි ‘බඳ’ (බැඳුම්) දයිනි. කෘදන්ත යි. පියැලි-දිරූ රෙද්දට ද මේ නමි. එහෙත් වස්ත්ර යෙන් කළ පොට්ටනිය මෙහි ගැනේ. පියෙවි - ‘පියෙවි+ය’ යනු ‘ය’ ලොපයෙන් හා දීර්ඝ යෙන් මෙසේ සිටියේ ය. ‘පියොව’ දයින් ‘පියෙවි’ යනු කෘදන්ත නාමය නිෂ්පන්නය යි කියති. ‘හැසිර වීම’ යන අර්ථය. ‘බෙර’ යන්නෙන් ගැනෙන්නේ ‘බෙර හඬ’යි. මේ කව පටන් 113 වැනි කව තෙක් ඇති පද්ය ‘පෙද’නමි විරිතින් යුක්ත යි.

86

අ:- මුනිඳුන් වදහළ අම යුත් දහමින් ගයෙකින්වත් ඉන් අඩින් අ‍ෙඩකින් වත් මට දැන් කිසිවකු බණ කිව, සිත් තුටු වඩමින් ඕ හට නෙක සම්පත් දෙමි.

ප:- මුනිඳුන් - මුනීද්රෙයන් විසින්, අමයුත් - අමෘතය වැනි වූ, දහමින් - ධර්ම-යෙන්, ගයෙකින්වත් - ගාථාවෙකින් හෝ, ඉන් - එයින්, අඩින් අඩෙකින් වත් - අර්ධයෙන් අර්ධයෙකින් හෝ, කිව - පැවසුවහොත්, සිත්තුටු - සිතෙහි තුෂ්ටිය, වඩමින් - වර්ධනය කරමින්,

වි:- දහමින් - නිර්ධාරණාර්ථයෙහි අවදි විබත්, ගයෙකින් - ප්රසකෘතිය ‘ගා’ යනු යි. ‘ගාථා’ යි. ගාථා නම් ඡන්දස්

110 දහම්සොඬ කව් වැනුම

ශාස්ත්රා නුකූලව බඳනා ලද පද්ය යනට සාමාන්යද පාළි නාමය යි. එක් පාදයකට අකුරු අටක් ඇති, පාද සතරෙකින් යුත්. පද්ය‍යනට ද ‘ගාථා’ යි කියනු ලැබේ. ඡන්දස් ශාස්ත්රර යෙහි එන සාමාන්යද ලක්ෂණ, විශෙෂ ලක්ෂණයෙන් වෙනස් වූ ඡන්දස ‘ගාථා’ නමැ යි ද. එය පාද තුනෙකින් ද පාද සතෙකින් ද යුක්තය යි ද වෘත්තය රත්නාකරයෙහි කථිත යි. මෙහි කියන ලද්දේ සාමාන්යත පාළි ගාථාවෙකි. වත් - නිපාත යි. අඩි‍නඩෙකින් - අර්ධය නම් ගාථා පද දෙක යි, ඉන් අර්ධය නම් එක් ගාථා පදය යි.

ඕ හට - ‘ඔහු+හට’ යනු විසන්ධි යි. දෙමි ‘දා’ (දීමෙහි) දයින් පරව ‘ම’ ප්ර ත්යහයව ධාතුවට ‘දෙ’ යනු ආදෙශ වීමෙන් සිඬ ය යි ද ධාතුව ‘දෙ’ යනුම ය යි ද මත දෙකකි.

87

අ:- දහස් පටන් කෙළ සුවහස් හිම්කොට, වෙසෙස් අනගි මුතු මිණි සහ රට තොට, සතොස් වඩන රජ සිරි දී හිමි කොට, මම ඕ හට දහස් බවට පැමිණෙමි.

ප:- දහස් - සහස්ර යේ, කෙළ සුවහස් - කොටි ලක්ෂය, හිම් සීමා, ‍වෙසෙස් - විශෙෂයෙන් අනගි - අනර්ඝ, හිමි - ස්වාමියා, ඕහට - ඔහුගේ, දහස් - දාස.

වි:- දහස් - (පා) කොටි ශබ්දයෙන් ‘සහස්’ යි එයි. ‘ස’ හට ‘ද’ ආදෙශ වී ය යි සැලකිය හැකි ය.

කෙළ සුවහස් - (පා) කොටි ශබ්දයෙන් ‘කෙළ’ යි ද ‘සත සහස්ස’ ශබ්දයෙන් ‘සුවහස’ යි ද එයි. ලක්ෂ සියය කෝටියයි කෙළ සුවහස් නම් කෝටි ලක්ෂය යි. එහෙත් හරියටම එය නොව ‘කෙළ සුවහස් ගණන්’ යන අර්ථය ගත යුතුයි. රසවාහිනියෙහි කියන්නේ ‘කොටිප්පකොටිය’ තෙක් දෙමැ යි ප්රයසිඬ කළ බව යි. සුවහස් යන්නෙන් ප්රපකෝටිය’ නො ගැනේ. අනගි - (පා) අනර්ඝ ශබ්දයෙනි. ‘අගි’ (වටිනාකම) රහිත වූයේ ‘අනගි’ යි.


                                                  දහම්සොඬ කව් වැනුම                                            111

රටතෙ‍ාට - ‘රාෂ්ට්ර තීර්ථ’ යන අර්ථය ලැබෙතත් හෙළු වහරෙහි මෙ සේ යෙදෙනුයේ ඒ සඳහා නො වේ. (‍ ‘තොට’ නම් තොටු පලවල් ය) ‘රට’ යන්නෙන් ‘ජනපද’ ද, ‍ ‘තොට’ යන්නෙන් ගම් නියම් ගම්, ද ගත යුතු යි. හිමි (පා) සාමි, ශබ්දයෙනි. දහස - (පා,සං) ‘දාස’ යනු ‘දස්’ යි එයි. හකාරාගම යි. පැමිණෙමි - අනාගතාර්ථයෙහි වර්තලමාන ආඛ්යාවත යි. දහසේ සිට කෝටි ලක්ෂ ගණන් මුදලුත් මුතු මැණික් හා ගම් නියම් ගම් ජන පදත්, රජ සැපතත් බණ කියන්නෙකුට දී ස්වාමි කොට තමා ඔහු ගේ දාස භාවයට පැමිණෙන බව කී සැටි යි.

88

අ:- මෙ ලෙසින් කියමින් හැම තැන විමසා බණ දන්නෙකු නොලදින් කලකිරෙමින් රජ සිරි හරිමින් වෙනින් එක වෙසෙකින වනයට යන මෙන නො ලසින් නික්මිණි.

ප:- විමසා- පරීක්ෂ කොට, නොලදින්- නොලැබුණු හෙයින්, වෙනින්- අන්ය වූ, එක වෙසකින් - එක් වෙශයකින්, නොලසින් - වහා,

වි:- විමසා - ‘විමස’ (විමසීමෙහි) දයිනි, ලදින් ‘ලද’ යනකෘදන්තයෙන් පර ව ‘ඉන්’ පස යි. හෙත්වර්ථයෙහි කතු විබති. දන්නකු - ප්රණකෘත්තිය ‘දනු’ යනු යි දනු අක් හු’ යනු සන්ධි වීමෙන් දන්නකු යි විය. කලකිරෙමින් - කලකුරු’ ධාතුයෙනි. පූර්ව ක්රිවයාථි මිශ්ර ක්රිකයා යි. වෙනින් නිපාත යි. නොලසින් - ලස්නොවී, (වහා) නිපාත යි. මෙහි ‘නික්මිණ’ - යන ආඛ්යානතයට විශෙෂණ යි. නික්මිණි ‘නිකුම්’ දයින් සිදු අතිතාඛ්යා ත යි.

89

ප:- දළ දළ පහරින් - දෘඪ වූ දංෂ්ට්රාා ප්රවහාරයෙන්, ගිනිරොන් - ගිනි පුපුරු, ඉසිමින් - විකිරණය කරමින්, පැන - ජලයෙහි, ලොබ - ආශාව, වඩමින් - වර්ධනය කරමින්, දොළ දොළ - නිර්ක්ධරයක් පාසා, බසිමින් - අවතීර්ණමව,


112 දහම්සොඬ කව් වැනුම

කෙනෙරුන් - ඇතින්නන් ද, පොව්වන් - පැටවුන් ද, සමගින් - සමග, කෙළ කෙළ - ක්රී්ඩා කෙරෙමින්, පළපළ-තන්හි තන්හි, සිටි - සිටියා වූ, මත ගිජිඳුන් - මත්ත හස්තීන්, දකිමින් - දර්ශිනය කරමින්- (ම.ස.)

භා:- මහත් වූ දළ පහරින් ගිනි පුපුරු විසුරුවමින් දියෙහි ආසා වඩා දොළක් පාසා බැස ඇතින්නන්ද පැටවුන් ද සමග ක්රීුඩා කරමින් තැන තැන සිටි මත් ඇතුන් දැක දැක-

වි:- ඉසිමින් - ‘ඉස්’ දයිනි. ගිනිරොන් - ‘රොන්’ සද පුපුරු යන අර්ථයෙහි ය. බසිමින් - ‘බස්’ දයිනි. පැන - (පා.සං) පානීය ශබ්දයෙන් ‘පැනැ’ යි එයි. ‘පා’ දයින් ‘ඇන්’ ප්ර්ත්ය.යව ද සිදුවේ. පිය යුතු පැන් යනු සිදත් සඟරා පාඨ යි. දොළ දොළ - විජසායෙහි ද්විත්ව යි. විබත ආධාර යි. දොළෙහි දොළෙහි යනු අර්ථප යි. කෙණෙරුන් - (පා) කනෙරුකා ශබ්දයෙන් ආයේ ය. (සං) ‘කරෙණු ශබ්දයෙනි. කෙරෙණ, යි ආ පසු වණර්‍ විපර්ය්යාළසයෙන් කෙණෙර යි සිටී. පොව්වන් - ප්රිකෘතිය ‘පොවු’ යනු යි. පොතක ශබ්දයෙන්, කෙළ කෙළ - ‘කෙළිමින්’ යන මිශ්රිර්ථපය සඳහා පූර්වය ක්රිතයා දෙකෙන් යෙදිණ. පළපළ - ‘පළ’ සද ස්ථාන වාචියි.

90

ප:- දිලෙමින් - බබලමින්, ලඹදෙන - එල්බෙන්නා වූ, නව තඹපල්ලන් - අලුත් තඹවන් දලු කෙරෙහි, ලො‍ලයෙන් - ආශායෙන්, තොලු දී සිටි - තොල් බහා සිටියා වූ, මුව පොල්ලන් - මෘග පොතකයන් ද, ඉඳුනිල් විලසින් - ඉන්ද්රවනීල විලාසයෙන්, සුනිල්ලන් - අති නීලවූ, පැහැති - ප්ර භාවයෙන් යුක්ත වූ, රඟදෙන - නටන්නා වූ, පිල්වල්ලන් - පිච්චාහාරය ඇති, සිකි - මයුරයන් ද, දකිමින් - දර්ශූනය කරමින්, (ම.සං)

වි:- ලඹ දෙන - එල්බීම දෙන්නා වූ, ‘ලඹ’ යනු ලම්බ ශබ්දයෙනි. නව තඹ පල්ලන් - ‘න-ත-පලු’ යනු ප්ර කෘති යි. ‘පල්ලව’ ශබ්දයෙන් ආ හෙයින් ‘පලු’ යන්නෙහි තේරුම


                                                  දහම්සොඬ කව් වැනුම                                            113

‘දලු’ යනු යි. ලොලයෙන්-ප්ර්කෘතිය ‘ලොල’ යනු යි. (පා) ‘ලොල’ යි. ප්ර කෘතිය ගත් කළ සිටිනුයේ ‘ලොලින්’ යනුයෙනි. තොලු දී - තොල් දීම නම් තොල් දැමීම යි, පොල්ලන්-පොලු යනු ප්ර’කීති යි. (පා) පිල්ලක යනු යි. ඉඳුනිල් විලසින් - මොනරුන්ගේ ග්රීීවයේ වර්ණ ය ඉන්ද්ර නීල: මණිය බඳුය. ඉඳුනිල කෙරෙහි ලූ කල කිරි නිල්වන් වෙතැ යි කියති. පිල්වල්ලන් - ‘පිල්වලු’ යනු ප්රතකෘති යි. ‘වලු’ සද රාශිය යන අර්ථපයෙන් යුක්ත ය.

91

ප:- පිපිමල්- පුෂ්පිත පුෂ්පයන්ගේ, මුවරද - මකරන්දයෙන් ද, පලරසයෙන් - ඵලයන් ගේ රසයෙන් ද, මත්-මත්ත වූ, මිහිලොල් පරපුටු සුවසැළ - බමර කොවුල් ගිරා සැළලිහිණි යන පක්ෂීන් විසින්, නදගත් - නාද කළා වූ, ඉමහත් - ඉතා මහත් වූ, ගන නිල් - ඝන නීල වූ, ගනකුළු විලසින් - මෙඝකූටයෙක විලාසයෙන්, තුඟු-උස් වූ, තුල්- මහත් වූ, තුරු සෙවනළු යුත් - වෘක්ෂච්ඡායෙන් යුක්ත වූ, වන - වනයට, පත් - පැමිණියේ ය.

භා:- දහම් සොඬ රජතුමා වනයට පැමි‍ණියේ ය. කෙබඳු වනයකට ද? පිපුණා වූ මල් වල පැණියෙනුත් පල රසයෙනුන් මත් වූ බමර කොවුල් ගිරා සැළළිහිණි යන පක්ෂීන් විසින් නාද කරන ඉතා මහත් තද නිල්පාට වලාකුළක් මෙන් උස් වූ ද මහත් වූ ද වෘක්ෂයන් ගේ සෙවණැල්ලෙන් යුක්ත වූ වනයට ය.

වි:- පිපි- ‘පුප්’ දයින් සිදු කෘදන්ත යි. මත් - (පා. සං) ‘මත්ත’ ශබ්දයෙනි, මිහිලොල් - මිහියට (මධුවට) ලොල් වූයේ මෙනමි, පරපුටු - පරා විසින් පුටුයේ යන අර්ථි යි, කොවුලන් වඩනු ලබන්නේ කවුඩන් විසිනි. සුව-පාළි සංස්කෘත දෙකට සම යි. මිනිස් හඬ අසානු යි, හො මනා සිතක් ඇතිනු යි මේ නමි. සැල - (පා) ‘සාළික’ ශබ්දයෙනි. නදගත්-‘නාදය’ ගත්තා වූ’ යනු වචනාර්ථ යි, නාද කළා වූ යන අදහස යි. ගන නිල් - තද නිල යි. ගන - (පා. සං) ‘ඝන’ ශබ්දයෙනි. ඉමහත් - ‘ඉ’ යනු



114 දහම්සොඬ කව් වැනුම

අතිශයාර්ථ අව්ය යෙකි. පත් ‘පමුණ’ දයින් සිදු අතීත කර්තෘ කාරක ප්ර ථම පුරුෂ එක වචන යි, ධාතුවට පත් යනු ආදෙශ යි. කර්තෘ ‘දහම්සොඬ රජ’ යි ගත යුතු යි. සෙවණළු සෙවණ ම සෙවණලු, අග යෙදුණ ‘අලු’ යන්න ස්වාර්ථ ප්රයත්යසය යි. ‘සෙවණැලි’යි සිටිනුයේ ‘සෙවණලු ම’ සෙවණැලි යන ස්වාර්ථ තද්ධිත විධියෙනි.

92

ප:- මොනරගණ - මයුර සමූහයා විසින්, රඟන- නටන්නා වූ, මුවකැල - මෘග සමූහයා විසින්, කෙලනා- ක්රීිඩා කරන්නා වූ, මනකල සුරඟන රැඳි - මනොඥ දිව්යානඬගනාවන් විසින් රඤ්ජිත වූ, සොබන එවන-ශොභන වූ ඒ වනයෙහි, අහස් ගඟ නැ‍ෙඟන - ආකාශ ගඬගායෙහි උද්ගත වන, රළ පෙළ මෙන් - තරඬග මාලාව මෙන්, දුල-ජ්වලිත වූ, නඳන - නන්දන වූ, සුනිමල - ඉතා පිරිසිදු වූ, පුලිනතල - වැලිතලායෙහි, සැතපී - සන්තර්පිතව - (ම.සං)

වි:- කෙලනා ‘කෙළ’ දයිනි. ප්රමකෘතිය ‘කෙළන’ ය. අහස් ගඟ 46 වැනි කව බලනු. නඳන - (පා. සං) ‘නන්දන’ ශබ්දයෙනි. පුලිනතල ‘පුලින’ නම් වැලි යි. ‘තල’ යනු ‘මතුපිට’ යන අරුත්හි ය. වැලිතලාව ආකාශ ගඬ්ගායෙහි නැගෙන රළ පෙළ මෙන් බැබළෙන බව කීයේ ඉතා පිරිසිදු බැවිනි.

93

ප:- ලමඟ - කරාබු නොහොත කූරුය, සබර-ලොත් ය, සිදුවර - නිකය, කර - කාර වෘක්ෂය, කළුහර-කළුවර ය, පෙතග - පෙතං ය, ඩෙබර - බදරය, සොර- සරල ය. මොර - පිලු ය, පර - එනම් ගස් ය, සහකර- සහකාර ය, වෙලග - වෙලං ය, වරණ - ලුණු වරණය, රෑ රඟ - එනම් වෘක්ෂය, බෙලි - බිල්වය, බිජුපුර - නත්නාරං ය, සිතඟ - හෙළ ඉඹුල් ය, යන තුඟුතුරු - උස් වූ වෘක්ෂ යන්ගෙන්, සැදි - සජ්ජිත වූ, වනතුර - වනාන්ත‍රයට පිවිස - ප්ර්විෂ්ටව - (ම. ස.)


                                                  දහම්සොඬ කව් වැනුම                                            115

වි:- ලමඟ - (පා. සං) ‘ලවඬ්ග’ ශබ්දයෙන් ‘ලවග’ යි. එයි. ‘ව’ හට ම ආදෙශ යි. සබර - සංස්කෘත නාමය. ‘සාවර’ යනු යි. කළුහර - කළු වූ හරයක් අරටුවක් ඇති හෙයිනි. පෙතඟ - දැන් ‘පෙතං’ යි කියති. ඩෙබර - මසන් යයි කියති. සහකර - සහකාර සියලු අඹගසට ම මේ නමි. මී අඹ ගසට විශෙෂයෙන් ව්ය වහෘත යි. රෑ රඟ- රාත්රිමයෙහි එළිය දෙන ගසක් බව නමින් හැ‍ෙඟ්. එ හෙත් පොත් හි අර්ථ දෙනුයේ ඖෂධී යනුයෙනි. ‘ඔෂධි’නම කිමෙක් දැයි නිඝණ්ඩු කාරයෝ මෙසේ දක්වති.

ඵලපාකාවසානේ යො’ මරත්යොණ’ ෂධි සා භවෙ’

පල පැසීම් අවදානයෙහි මැරෙන ගස් වැල් ‘සධී’ නම් වේ. එබඳු ගස් වැල් බොහෝ යි. එ හෙයින් ‘රෑ රඟ’ නමින් ම වෘක්ෂයෙක් ඇත යනු අපගේ කල්පනාව යි. සිතඟ - මෙයට සිතේ අදහස් පරිදියි ද අර්ථ කිය හැකි යි. හෙළ ඉඹුලට කියන සිතඟ සද ආයේ සිතාඬග ශබ්දයෙනි. එනම් වනයේ ඇතුල යි. පිවිස - පිවිස දයිනි.

94

අ:- විසදර නා තෙලිසප් පොළොඟුන්ගෙන් බියකර සී ගජ වග වලසුන්කගෙන් ගොරතර යක් බූ පියස් සොරුන්ගෙන් උවදුරකට පින් මහිමෙන් නො පැමිණ (ම. ස.)

ප:- විසදර- විසධාරි වූ, නා - නාග ය, තෙලිසප් - එනම් සර්පයා, පොළොඟුන්ගෙන් - ගෝනසයන් ගෙන් ද, බියකර - භයඬකාර වූ, සී - සිංහ, ගජ - ඇත්, වග - ව්යා-ඝ්රර, ගොරතර - ඉතා ඝොර වූ, බූ - භූත, පිසස් - පිසාච, උවදුරකට - උපද්රවවයකට, පින්මහිමෙන - පුණ්යො මහිමෙන් ය.

වි:- නා - තෙලිසප් - තෙල් පාට සර්පයා, පොළොං වෙසෙසකි, පොළොං තෙලිස්සායි ද කියති. පොළොඟුන් ප්ර කෘතිය පොළොං යනු යි. සී - (පා) ‘සීහ’ ශබ්දයෙනි. වග-(පා) ‘ව්යහග්ඝ’ (ඝං) ‘ව්ය්ඝ්රප’ මොවුහු කොටිනට සමාන ය. එහෙත් උනට වඩා විශාලය. කොටින්ගේ මෙන් ශරීරයේ


116 දහම්සොඬ කව් වැනුම

-ඉරි කැඩුණෙ නො වෙයි. දිගට ම ඇත්තේය. ගොරතර- ඉතා ‘ඝොර’ යන අර්ථ යි. ‘තර’ යනු අතිශයාර්ථ ප්රොත්ය යෙකි. බූ - ‘භූත’ ශබ්දයෙනි. අමනුෂ්ය විශෙෂයකි. පිසස් - (පා. සං) ‘පිසාච’ ශබ්දයෙනි. ප්රෙයත විශෙෂයෙකි. මොවුහු මස් අනුභව කරති. උවදුරකට - ප්ර කෘතිය ‘උවදුර (සං) ‘උපද්‍රව’ ශබ්දයෙනි. එනම්, විපත්ය. පින් මහිමෙන-‘මහිම’ යන්නෙහි අර්ථය ‘මහත්කම’ යනු යි.

95

අ:- මහසත් එ වනෙහි ළතැවි උන් සඳ, ඉමහත් තෙද ගුණ බලයෙන් සතැවී විදුරත් සලසුන් සිහිලස නොමවී, දිලි රත් යවටක් විලසින් හුණු වී.

ප:- ළතැවී - චිත්තතාපයට පැමිණ (සිත තැවී), සතැවි-සන්තාපයට (තැවීමට) පැමිණ, විදුරත් - ශක්රියා ගේ, සලසුන් - ශෛලාසනය, (ගල් අසුන) සිසිලස - ශීතල ය, රත් යවටක් - රත් වූ යකඩ ගුලියක්, හුනුවී - උෂ්ණ විය.

වි:- ළතැවි - ‘තැවි’ යනු ‘තව’ (තැවීමිහි) දයින් සිදු පෙර කිරිය යි. සතැවි - ‘ස’ පූර්වැ ‘තව’ දයිනි. විදුරත් - වීදුරු, (වජ්රාතයුධ) ය අත්හි ඇත්තේ ශක්රියි යි, ‘වජු’ නම් දියමන්ති යි. සලසුන් - පාණුඩුකම්බල ශෛලාසනය යි. එය සැට යොදුනක් දිග ද පනස් යොදුනක් පලල ද වෙයි. ඝනකම පසළොස් යොදුනෙකි. බඳු වදමල් පාට ය, ශක්රඝයා එහි වාඩි වූ විට නාභිය දක්වා ගැලෙයි. එය එතරම් මෙ ලකය එසේම සිහිල් ය. ගුණ වතුනට විපත්ති පැමිණිවිට එය උණුවෙතැයි කියති. දහම් සොඬ රජතුමා සිත් තැවුල්ව වසනවිට, එ තුමාගේ තෙද ගුණ බලයෙන් එම අසුන සීතල ගුණය නැතිවී උණු වි ය. රත් (පා) ‘රස්ත’ ශබ්දයෙනි. යවට ‘අයවට’ යනු ප්රිකෘති යි. මුලකුරු ලොප්විය, (යකඩින්) කළ ‘වටය’ යි හුණු (පා) ‘උණ්හ’ ශබ්දය ‘උණු’ යි එයි. ‘හ’ යන්න ආගම යි.



                                                දහම්සොඬ කව් වැනුම                                            117

96

අ:- සතොස් පහස් දෙන එ අසුන් මෙලෙසින් රත් යවටක් මෙන් නොලස්ව හුණුවත දහස් දිවැස් ලා මුලු ලොව බලමින කුකුස් වෙමින උන් මහසතු දකිමින-(ම. ස.)

ප:- සතොස් - සන්තෝෂ වූ, පහස් - ස්පර්ශ ය, නො ලස්ව - වහා, හුණුවත - උණුවන කල්හි, දහස් දිවැස් - දිව්යා ක්ෂි දහස, ලා - යොදා (මෙහෙයා), කුකුස් - තැවීම් සහිත.

වි:- පහස් - (පා) ‘ඵස්ස’ ශබ්දයෙනි වත - කාලාර්ථ කෘදන්ත යි. කුකුස් - (පා) ‘කුක්කුච්ඡ’ ශබ්දයෙන් කුකුස් එයි. කුකුස් ඇතියේ ‘කුකුස්’ තද්ධිත නාමයක් වශයෙන් මෙහිදී සැලකිය යුතු ය. කුකුස නොව කුකුස ඇති තැනැත්තා අදහස් කරන බැවිනි. ‘කුකුස් වෙමින්’ යන්නට ‘කුකුසට පැමිණ’ යන අර්ථහයද ගත හැකි යි ‘ව’ හෝ ‘වූ’ ධාතුව ‘පැමිණිම’ යන අර්ථහයද වැටිණැ යි සැලකීමෙනි. සංස්කෘතයෙහි මෙයට සමාන වූ ‘භූ’ ධාතුව ‘වීමෙහි’ මෙන්ම ‘පැමිණීම’ යන අර්ථයෙහි ද වැටේ. ‘වෙමින්’ යන්නට පැමිණැයි අරුත් ගතහොත් ‘කුකුස්’ යනු තද්ධිත නාමයක් ලෙස නො සැලකිය යුතු යි. කුක්කුච්ඡ යන්නෙන් ආ ‘කුකුස්’ යනු ම යයි ගත යුතු යි. ‘කුකුස’ යනු කළ නරක දේත් නො කළ හොඳ දේත් සිහිපත් වන විට සිතේ පහළ වන පසුතැවිල්ලට නමි. එහෙත් මෙහි ‘කුකුස’ යනු යෙදුණේ ඒ අරුතෙහි නොව ‘තැවීම’ අර්ථයෙහි ය.

97

අ:- ගුණ සුවිපුල දහම්සොඬ මහ බෝසත් දම් වියොවින් රජසිරි හැර වල වැද, මෙකල යම්කිසි වෙහෙසක් වී නම් මම් වැනි සුරිඳකු ඉඳ වන පල කිම.

ප:- ගුණ සුවිපුල - මහත් ගුණ ඇති. දම් වියොවින් - ධර්මන වියොගයෙන්, වල- වනයට, වැද - පිවිසීමෙන්, වෙහෙසක් - පීඩාවෙක්, මම් වැනි - මා සමාන වූ, ඉඳ - හිඳීමෙන් වන - වන්නා වූ, පල - ප්ර යෝජනය, කිම - කවරේ ද?


118 දහම්සොඬ කව් වැනුම

වි:- මහබෝසත් - කතුවිබත් ලෙස සැලකිය යුතු. ගුණ සුවිපුල - සුවිපුල් ගුණය යෙදිය යුත්ත මෙසේ යෙදුනේ ය. මෙබඳු පෙරළි හෙළු පොත්හි බොහෝ යි. ඉතා විපුල් සුවිපුල්, ‘වියෝ’ යනු යි. (පා. සං) වියොග ශබ්දයෙනි. වැද - වැදීම හේතුකොටගෙන යන අර්ථය ලැබෙන බැවින් මෙය හෙත්වර්ථ පූර්වු ක්රිදයා යි. වෙහෙසක් - ප්ර කෘතිය ‘වෙහෙස්’ යනු ය, (පා) වෙහෙස ශබ්දයෙනි. වී- මෙය ‘පැමිණීම’යනු අර්ථය ඇති ‘ව’ හෝ ‘වූ’ දයින් සිඬ යයි සමහරු සලකා ‘පැමිණියේ’ යි අර්ථ කියති. ඔහු වෙහෙසක් යනු එයට කර්ම‘ යයි ගනිති. කම් විබත් නම් ‘වෙහෙසක්’ යි සිටිය යුතු ය. ‘වෙහෙසක්’ වී යි ක්රි යාකාරක සම්බන්ධය ගැනීම වැරදි නැත. මම් වැනි - ‘මා යි යෙදිය යුත්ත ‘මම්’ යි යෙදීම වැරැදිය. ‘මම්’ යනු පළු විබති. වැනි බඳු යනාදිය සමග යෙදෙන පදම කම් විබතින් සිටිය යුතු යි. එළිසමය පිණිස වුවත් ‘මම්’ යි යෙදීම ඉතාම දොස්ය. අලගියවන්නයෝ කුස ජාතක කාව්යියෙහි ද ‘මම එනතුරු සිටුව යි පවසමිනේ’ යි මෙ බඳු දුෂ්ට ප්ර යෝගයක් කළහ. ඉඳ-හෙත්වර්ථ පූර්වන ක්රිියා යි ‘හිඳ’ දයිනි. ‘හ’ ලොප යි. ‘ඉඳීම’ හේතුකොටගෙන යනු අර්ථ යි. අවසාන ක්රිබයාව ‘මම්’ යි ගත යුතු යි. ‘පල’ යනු ප්රිකෘති කර්තෘ ද ‘කිම’ යනු විකෘති ද වේ. වැද යන කිරියට ‘මහ බෝසත්’ යනු ද ‘ඉඳ’ යන්නට ‘සුරිඳකු’ යන්න ද කර්තෘි යි. අවසාන ක්රියයාවට කර්තෘඉ වන පදය පෙර කිරිය පදයනට ද කර්තෘව විය යුතු නමුත් හෙත්වර්ථ පූර්ව. ක්රිකයා හින්න කර්තෘඉක බැවින් වෙනම කතු පද සිටියේ ය.

98

අ:- මෙලෙස් සකස් කොට සිතමින් එ විගස තොස වඩා වන වෙසෙස් සුරඹ සමගින්, සුරසිරි රැස සහ තිදස් පුරය හැර, සෙද සහතොස මිනිස් ලොවට බසිමින්-(ම. ස.)

ප:- සකස් කොට - සකසා (මනාසේ පිළියෙළ කොට) වෙසෙස්-විශිෂ්ට වූ, සුර සිරි රැස සහ - දිව්ය සම්පත් සමූහය සමග, සෙද - වහා, සහතොස -සන්තොෂයෙන්.



                                               දහම්සොඬ කව් වැනුම                                            119

වි:- සකස් - (පා) සක්කච්ච ශබ්දමයෙනි, සහ සුර සිරි රැස - සහ යන්න වෙන පදයක් වශයෙන් ගත් කළ මෙහි දෙ පදයෙකි. සුර සිරි රැසිනේ සහ වූයේ ‘සහ සුරසිරි රැස යි ගත හොත් එක ම සමාද පදයෙකි. සෙද-නිපාත යි.

99

ප:- සහසැස් - ශක්රරයා, අඳුන් කුලක් මෙන් - අංජන කූටයක් මෙන්, වෙසස්-විශෙෂයෙන්, උසස් - ඉතා උස් වූ, ගත්-ශරීර‍යකින් ද, සරස් - ශිර්ෂහයෙහි, යබළිස විලසින - යකඩ බිළිමෙන්, කොරොස්-කර්කශ වූ, කෙස්-කෙශයෙන්ද, යුග කෙල රිවි මෙන් - යුගාන්ත සූර්ය්යා මෙන්, සරොස් - රොෂ සහිත වූ, රතැස් යුග - රතු ඇස් දෙකින් ද යුක්ත වූ, රකුස් විලස් - රාක්ෂස විලාසය, මෙලෙසින්-මේ මතු කියන පරිද්දෙන්, ගති-ගත්තේ ය.

භා:- ශක්රගයා විසින් ගත් රාක්ෂස වේශය මෙයින් වැනිණ. එය අඳුන්ගිරි කූටයක් මෙන් ඉතා උස්ය, යකඩ බිළිමෙන් කර්කශ වූ හිස කෙසින් යුක්ත ය. කල්ප විනාශ කාලයෙහි පහළ හිරු වැනි ක්රෝ ධ සහිත රතු දෙ ඇසින් යුක්ත ය.

වි:- අඳුන්කුල - (අංජනකූටය) කාල වර්ණරයෙන් යුක්ත උස පර්වකත කූටයකි. ගත්- (ප) ‘ගත්ත’ ශබ්දයෙනි. සිරස් (සං) ‘ශීර්ෂත’ ශබ්දයෙනි, කොරොස්(සං) ‘කර්කශ’ ශබ්දයෙනි. දැන් ‘‍ෙගාරෝසු’ යි වහරෙහි එයි. යබළිස - (පා) අය බළිස ශබ්දයෙනි. යකඩින් කළ බිලි කටු යි. සරොස් - රොස් සහිත වූයේ සරොස්, ‘රොස්’ නම් ක්රෝිධය යි යුගකෙළ - (යුගාන්තය) මහා යුගටදහසක් හුගේ අසබ්ධය, මහා යුගය. අතුරු යුග සතරකට බෙදේ. කෘත, සත්යය, ත්රෙ,තාපර කලියුග යනුවෙනි. කල්පයකට මහායුග දහසෙකි. එය නිමි කල ලොව වැනසෙන්නේ ය. එකල හිරුගේ රශ්මිය ඉතා ක්රෑාර ය. විලස් - (පා. සං) ‘විලාස’ ආකාරය හෙවත් වේශ ය යි. ගති - ‘ගත්’ දයින් සිදු අතීත ආඛ්යාේත යි. ‘සහසැස්’ යනු කර්තෘ යි. රකුස් විලස් යනු කර්මර යි.



120 දහම්සොඬ කව් වැනුම

ප:- දියවක් සඳමෙන් (පුර පක්ෂයේ) දෙ වැනි දිනයෙහි වූ චන්ර් යා මෙන්, නැවි - නම්න වූ, දළ යුවලැති - දාඨා දෙකක් ඇත්තා වූ, රියසක් ලෙස - රථචක්ර වැනි, කන්තෝඩු දෙකක් ඇති - කණිතාඩඩ්කවයයක් ඇත්තා වූ, මිටි - උස්නුවූ, දික් - දීර්ඝ් වූ, පුන් - පිරුණා වූ, මැදිබුන්- මද්ධ්යවයෙන් බිඳුනා වූ, නාසක් ඇති - නාසයක් ඇත්තා වූ, කොරසක් පමණට - ‘කොරස’ නම් භාජනයක ප්ර්මාණයෙන් යුත්, ලොකු මුහුණක් ඇති-විශාල වක්ත්රකයක් ඇති.

වි:- දියවක් සඳ - පක්ෂයේ දෙ වැනි දිනය දියවක් නමි. මෙහි ගැනෙන්නේ පුර පක්ෂයේ දියවක යි. එදින සඳ දළයක් වැනි ය. රියසක් - (රථ චක්ර ) කරත්ත රෝද, කන්තෝඩු-කනෙහි පළඳින ආභරණ විශෙෂයයකට නමි.

මිටි නාසක් - ඔහුගේ නාසය මිටි ය. දිග ය. සම්පූර්ණි ය. මැදින් බිඳිලා ය. ‘නාසක්’-යන්නෙහි ප්රකකෘතිය ‘නාස්’ ය. කොරසක් - ප්රවකෘතිය ‘කොර’ යනු යි. පමණට - කරණාර්ථක-යෙහි සපදන්.

101

ප:- හැසුණු - ඝන වූ, හූරුකර වන් - ශූකරයකු ‍ෙග් කර වැනි, බද කරින් - බද්ධ වූ කරින් ද, සලතලලෙසින් - ගල්තලාවක් මෙන්, මසින් පිරුණු - මාංශයෙන් පූර්ණර වූ, උර - වක්ෂසින් ද, බරින - භාරය හෙතු කොට ගෙන, නෙරුණු- පිටතට නික්මුණු, සැළක්වත් -සැළියක් වැනි වූ, ඉදිරිට ගිය, තෙවුණා - බබළන්නා වූ, දනයුවළින්-ජානු යුග්මයෙන් ද (ම. ස.)

ප:- හැසුණු- ‘හැස’ දයින් සිද්ධයි. හූරු- (පා) ‘සූකර’ ශබ්දයෙනි. කර - බෙල්ල හෙවත් ‘උරහිස’ඌරාගේ කර මෙනැ යි ඝන වූ දැයක් වැනීමේ දී ව්යැවහාර කරති. වන-නිපාත යි. බඳ - (පා. සං) ‘බඬ ශබ්දයෙනි. ‘කරිනා’ යනාදින් දීර්ඝ වූයේ ඡන්දස රැකීම පිණිස යි. අග ‘ආ’ යනු අර්ථ රහිත යි. උර-හෘදයට නමි. සලතල - (පා) ‘සිලාතල


                                               දහම්සොඬ කව් වැනුම                                            121

ශබ්දයෙනි. නෙරුණු-(‘නෙරු’ (නෙරුම්හි) දයිනි, සැලක්-(පා) ‘වාටි’ ශබ්දයෙන් ආ ‘සැළ’ යනු ප්ර කෘති යි. තෙවුන - ‘තවු’ දයිනි. සෙවු දයෙහි ස කාරයට හකාර ආදෙශ වීමෙන් ‘තෙවු යි සිඬයයි ද, අර්ථය ‘යුක්ත’ යයි ද ඇතැම්හු කියති. ‘තෙවු’ ධාතුවේ ප්ර්කාටාර්ථය ‘බැබැළීම’ යනුයි. එහෙත් ධාතූන් අනෙකාර්ථ බැවින් එයට වෙනස් තේරුම් ද ගත හැකියි.

102

අ:- එක් අතෙකින් නැබුළු යගදා ගෙන එක් අතෙකින් දැළි රැවුළු ඇද ඇද, සියල‍ෙඟහිම විසුළු දක්වමින් රළු පරළු බස් බැණ වික්ම පමින් - (ම. ස.)

ප:- නැබුළු - මහත් වූ, යගදා-අයොමය ගදායුධය, දැළි රැවුළු-දාඨිකා ස්මශ්රැ‍න්, ඇද ඇද-ආකර්ෂුණය කරමින්, සියල‍ෙඟහි ම-සකල ශරීරයෙහි ම, විසුළු-විකාර, දක්වමින්-දර්ශනනය කරව‍මින්, රළු පරළු-කර්කශ ඉතා කර්කශ, වික්ම - වික්ර මය, පමින් - ප්රයකාශ කරමින්-


වි:- යගදා-‘අයගදා යන්නෙහි මුලකුර ‍ලොප් වීමෙනි. ‘ගදා’ නම් මුගුරු වෙසෙසෙකි. දැළි රැවුළ-මේ ශබ්ද දෙක එකාර්ථ බව රුවන්මලෙන් පෙනේ. එහෙත්, ‘දැළි, යන්නෙන් උඩ රැවුළත් රැවුළු සදින් නිකටෙහි වූ ලොමුත් ගත යුතු ය යි කල්පනා කරනු ලැබේ. සියල‍ෙඟහි-සියල්+අඟ සිය ‘ලඟ’ ‘අඟ’ සද ශරීර වාචි ය. (පා) ‘අඬ්ග’ ශබ්දයෙනි. විසුළු-(පා) ‘විසූක’ යනුයි. දක්කවමින්-දක්වමින් යන්නට වැඩිපුර ‘ක’ යන්නක් යනු ‘ව’ හට පූර්වකරූප වූ කල ‘දක්කමින්’ යි සිටී. එහෙත්, ‘දක්කවමින්’ යි කිසිසේත් නොලැබේ. වික්ම-‘විකුම්’ සදේ කර්ම් විභක්ති එක වචන රූප යයි. විකුම්+අ ‘කු’ යන්නේ ‘උ’ කාරය ලොප් වීමෙන් ‘වික්ම’ පමින් - පා දයිනි. ආකාරය හ්ර සවයි. බැණ-‘බණ’ දයිනි. රළු පරළු - පරළු යන්නෙහි අර්ථය අතිශයින් ‘රළු’ යනු යි. ‘ප’ යන්න අතිශයාර්ථූ යි.




122 දහම්සොඬ කව් වැනුම

ප:- ගතින් - ශරී‍රයෙන්, විහිදි - විසර්ජිත වූ, රුදුරු ගිනි දැල් යුතුව - රෞද්ර අග්නි ජ්වාලායෙන් යුක්තව, කටින්-මුඛයෙන්, නොමද- බොහෝ, ගිනි පුපුරු-අග්නි කණිකයන්, ඉස ඉස -විකිරණය කරමින්, කුරිරු-නපුරු වූ, අඬ ඇන- ශබ්ද නඟා, දිඟුන්-දිශාවන්, බිහිරිකර-බධිර කොට, පියෙන් පියට - අඩියෙන් අඩියට, සහළ ඟුරු - ගිනි සහිත අඟුරු, මැඬ මැඬ - පාග පාගා (ම. ස.)

වි:- විහිද-‘විහිද’ දයින් සිදු කෘදන්ත යි. යුතු-මෙයට ‘ව’ යන පෙර කිරියක් ගැළැපීම මැනවි. ඇතැම්හු ‘රුදුරු’ යන්නට රෞද්රි භාවයෙන් යි අර්ථ කියමින් ‘විහිදී’ යනු ‘විහිද’ යි පෙර කිරිය පදයක් ලෙස ගනිති. කටින් - ‘කට’ යනු ප්රයකෘතියි. (පා, සං) කණ්ඨ ශබ්දයෙන් එන ‘කට සහ ‘උගුර’ යන අර්ථ ඇත්තේ ය. සංස්කෘතයෙහි කපොලාර්ථ ‘කට’ ශබ්දයකුදු වෙයි. මුඛාර්ථ කට සදෙක් පාලි සංස්කෘත දෙකින් නො ලැබේ. එ හෙයින් පූර්වොාක්ත දෙසදින් එකෙක් මුඛාර්ථයෙහි රූඪිවී යි. හැ‍ෙඟ්. වෙන බසෙකින් එන ඇතැම් ශබ්දයන් ගේ අර්ථය හෙළුයෙහි දී වෙනස් වෙයි. ඉස ඉස ධාතුව ‘ඉස්’ යනුයි. දිගුන්- දිසාවන්හි විසි සත්ව්යෝ උපචාර වශයෙන් ගැනෙති. අඬ ඇන-මෙහි ‘ඇන’ යනු පෙර කිරිය පද යි. ධාතුව ‘අන’ යනු යි. ‘ඇනීමෙහි වැටෙන අන ධාතුවෙක් ද සඬ්ඝාතර්ථෝ ‘අන’ ධාතුවෙක් ද ඇත්තේ ය. සඬ්ඝාතර්ථඅ (හැප්පීම යන අර්ථක ඇති) ‘අන ධාතුව’ ආයේ (පා) හන ධාතුයෙනි. මේ දෙ දයින් ම සිදුවිය හැකියි. අඬ ඇනීම නම් ශබ්ද නැඟීම හෝශබ්දය කන්හි හැප්පීම යි.

පියෙන් - ප්ර කෘතිය ‘පිය’ යනු යි. ‘පද’ ශබ්දයෙනි. සහළඟුරු - සහළ යන්නේ ‘පෙණෙලි සහිත’යන අර්ථ ඇතැයි හැ‍ෙඟ්. ස+අළ යනු ‘හ’ ආගමයෙන් ‘සහළ’ අළ යනු අලාත ශබ්දයෙන් ආයේ ය යි සිතිය හැකි ය.




123 දහම්සොඬ කව් වැනුම 104

අ:- දුටුවන් බිය වැද මුස පත් වන ලෙස, තෙද යුතු රුදුරු රකුස් වෙස් ගනිමින්, එහි උන් මනනඳ මහ බෝසතු හට පෙනෙමින්, සහසැස් නුදුරුව සිටි සඳ-(ම. ස.)

ප:- බියවැද-භයට පැමිණ, මුසපත් වනලෙස-මූරුඡාවට පැමිණෙන පරිද්දෙන්, මනනඳ - සිත තුටු කරන, නුදුරුව-ළංව,

වි:- මුස - (පා) ‘මුච්ඡා’ (සං) මුර්ඡා පෙනෙමින් ධාතුව ‘පෙ‍න්’ යනුයි; සහසැස් - කතු විබත්, නුදුරු - දුරු නො වූයේ නුදුරු,

100 වැනි කවේ පටන් ඇති විශෙෂණ පද රකුස් වෙස් යන්න හා සම්බන්ධයි.

105

අ:- කලෙකින් දුටු ඉටු මිතු‍රකු වෙත යන, අදරින් යුතු මිතුරකු ලෙස සතොසින් කිසි සැකයක් නොවමින් දම් ලොබයෙන් නොලසින් ගොස් රකුසා වෙත සිට ගෙන-(ම. ස.)

ප:- ඉටු මිතුරකු - ක්ය ලණ මිත්ර)යක්හු, දම් ලොබයෙන් - ධර්ම ය කෙරෙහි ආශායෙන්,

වි:- දුටු - ‘දිස්’ දයින් සිදු අතීත කෘදන්තයි. ඉටු මිතුරක් - ඉටු යනු (සං) ‘ඉෂ්ට’ ශබ්දයෙනි. කල්යාුණ, යහපත් යන අර්ථ ඇත්තේ ය. නොලසින් - නිපාතයි.

106

අ:- නො වැරද දෙලොවින් වැඩ සිදුකරනා, බව දුක් පිරිසඳ මුනිඳුන් වදහළ බණ පදයක් ත විසින් අද කිවහොත් රජ සිරි සමඟින් මදිවි පුද කෙරෙම්.



124 දහම්සොඬ කව් වැනුම

ප:- නිවැරදි - වරදින්නේ නැතිව, දෙ ලොවින් - ලෝක දෙකින්, වැඩ - වෘඬිය (යහපත), පිරිසිඳ - විභාග කොට, ම දිවි - මාගේ ජීවිතය.

වි:- වැරද - ‘වරද’ (වැරදීමෙහි) දයිනි. දෙලොවින්-මෙ ලොව පරලොව යන දෙකිනි. වඩ - (පා) ‘වුඩ්ඪි’ ශබ්ද යෙනි. ත විසින් - ත යි හ්රොස්ව වූයේ ඡන්ද ස රැකීමටය. බව දුක් පිරි සිඳ-බුදුන් විසින් බණ දෙසන ලද්දේ සංසාර දුඃඛය විභාග කිරීමෙනි. නොහොත් චතුරාර්ය්යම සත්යභය ප්රදකාශ කිරීමෙනි, එක් ඒ බුදු වදනෙහි චතුරාර්ය්යය සත්යභය ඇතුළති.

බණපදයක් - ‘බණ’ සද ධර්මහවාචි යි. ‘පද’ නම් වචනයි. බණෙහි පදය බණ පදය යි. ධර්ම‘යට ඇතුළත් වචනය යි. මදිවි - දිවි යනු ජීවිත ශබ්දයෙනි. කෙරෙම් - කර්තෘි මමයි ගත යුතුයි. ම දිවි යනු ප්ර කෘති කර්මබ යි. පුද යනු විකෘති කර්මර යි.

107

අ:- මෙලෙසා අප බෝසතු පැවසූ බස අසමින් රකුසා මේ ලෙස පැවසී, බඩ සා ඉවසිය නො හෙමි එයින් මිස තොප තොස කර මුණි බණ පවසා ලමි.

ප:- බඩසා - බඩෙහි ක්ෂුධා ගින්න, නොහෙමි-නොහැක්කෙමි. එයින් - ඒ බඩගින්නෙන්, මිසි - මිදී.

වි:- බඩසා - සායනු (සං) ක්ෂුධා යන්නෙනි, පාළියෙන් බුධා යනුයි. ඉවසිය - ඉවස දයින් ‘ඉය’ ප්රයත්ය,යව සිදු අසම්භාවන කෘදන්ත යි. හෙමි- ‘හෙ’ (සමත් බව්හි) දයිනි. මිස- ‘මූස්’ (මිදුම්හි) දයින් සිදු පෙර කිරි යයි.

108

අ:- එ බැවින් මනනඳ දම්සොඬ රජතුම තොප ඇඟ රුහිරු ද සහ මස් බුදිමිනි බඩ සා ගිනි නිවමින් සැතපී ඉඳ, සතොසින් බණ පද පවසා ලමි කී.



 දහම්සොඬ කව් වැනුම                                            125

ප:- දම්සොඬ රජ තුම - ධර්ම ශෞණ්ඩ රාජොත්තමය, උරිරු සහ - ලේ සමග, බුදිමින් - අනුභවකරමින්, නිවමින් - නිවා ගෙන - සැතපී - පිනාගොස්.

වි:- උරිරු - (පා. සං) ‘රුධිර’ ශබ්දයෙන් ‘රුහිරු’ යි එයි පසුව පෙරැළියෙන් ‘හුරිරු’ වෙයි. හලොපයෙන් ‘උරිරු’ බුදිමින් - ‘බුදු’ (බුදීමෙහි) දයිනි. නිවමින් - ‘නිව්’ දයිනි. සැතපී - ‘සතප්’ දයිනි. තෘප්තියට පැමිණ යන අර්ථ යි. විඩා හැරුම් අරුත්හි වැටෙන සතප් දයින් සිදු; කිරියෙක් ද වේ. ‘නිදා ගෙන’ යන අරුත්හි එය වහරනු ලැබේ. කී - ‘කිය’ සිදු ආඛ්යාරත යි. ‘රකුසා’ යි කර්තෘර ගත යුතුයි.

109 අ:- මහ සත් මන මෙන් එ පවත් අසමින් , අණ ඇත්තේ පණ ඇත් නම් වෙද යන, පෙර නුවණැත්තන් පැවසු බස-මෙන් , මම නැත්තම් තගෙ බණ අසන කවුරු (‍ෙවත් ද)

ප:- එ පවත් - ඒ ප්රදවෘත්තිය, මනමෙන් - සිත් පරිදි, අණ ඇත්තේ - ආඥාව ඇත්තේ, පණ ඇත්නම් වෙද- ප්රා,ණය පවතීනම් වේද, මම නැත්නම් - මා අවිද්යණමාන නම්, අසන - ශ්රයවණය කරන්නා වූ,

වි:- පණ ඇත්නම් වෙද අණ ඇත්තේ - ආඥාවක් පැවැත්විය හැක්කේ ප්රාවණය ඇති කල්හිය. මෙය පැරණි නුවණැත්තන්ගේ වචනයෙකි. මා නැත්නම් තාගේ බණ අසන්නෙක් ද නැත යන අදහස යි. ‘වේ’ යන්නට කර්තෘත ‘අණ ඇත්තේ’ යනු යි ‘වදයි’ සිටිනුයේ ත් මේ වේ ද යන්නම ය, ඇත් - යනු (පා) ‘අත්ථිැ’ යන්නෙන් ආ ‘ඇති’ යන්නෙහි අන්ත්යමය ලොප් වීමෙනි, ‘පණ’ යනු කර්තෘත යි. මම නැත්නම් - ‘මා’ යි යෙදිය යුත්ත ‘මම’ යි යෙදිණ; වරදකි. ‘මම’ යනු නැත් යන්නේ උක්තයයි සමහරු කියති. නැත්, යනු (පා) ‘නත්ථිි’ යන්නෙන් ආ ‘නැති’ යන්නේහි අන්ත්යමලොපය වීමෙන් සිටියේ ය. නැත් යන්නෙහි අර්ථය-




126 දහම්සොඬ කව් වැනුම

අවිද්ය මාන යි ගතහොත් ‘වේය’ ක්රි(යාව ගතයුතු යි. ‘නැත්’ යනු කර්තෘ වේ. මා, යනු සම්බන්ධාර්ත්ථ යි. කවුරු - මෙහි ක්රි යාව ‘වෙත්’ යි ගත යුතු යි.

110

අ:- තෙදසා යුතු ඉදුමත් රකුසාණෙනි, තොප සාගිනි සහ මගෙ දම් දොළයත් නොලසා එකවිට පසිඳන විලස අත් විමසා කියව යි අප බෝසත් කී.

ප:- තෙදසා - තේජසින්, ඉදුමත් - සෘඬි ඇති, දම් දොලයත් - ධර්ම:ය පිළිබඳ ආසාවත්, පසිඳන විලස - නැති කරන ආකාරය, අත් - අර්ත්ථ, විමසා - විමර්ශුනය කොට.

වි:- තෙදසා - කරණ විබත්, ප්රිකෘතිය, ‘තෙජස්’ ය. ‘තෙදස්’ ශබ්දයෙනි, ඉදුමත් - ඉදු ඇතියේ ඉදුමත්, සෘඬි නම් අදහස සමෘද්ධකර ගැනීමේ බලය යි, දම්දොළ-‘දොළ’ යනු (පා) දොළහ ශබ්දයෙනි, හෘදය දෙක යන අර්ත්ථ යි. මවු ගේ හෘදය ය ගැබෙහි වසන දරුවාගේ හෘදය ය යන දෙක සම්බන්ධවීමෙන් ඇතිවන ආශාවට ව්යෘවහෘත මෙය දැන් සියලු ආශාවනට ව්යධවහාර කරනු ලැබේ. පසිඳන - ‘ප’ පූර්වද ‘සිඳු’ දයිනි. විලසත් - ‘විලස+අත්’ යි විසන්ධි වේ. ‘අත්’ යනු (පා) ‘අත්ථ ’ ශබ්දයෙනි. දෙදෙදනාගේ බඩගිනි ධර්මවශා යන දෙක එක විට නැති කරන සැටි කරුණු විමසා කියවයි කීයේ ය. යන අදහස ගත යුතුයි. විමසා - ‘විමස’ දයිනි.

111

අ:- එ බසට තෙද යුතු එ රකුසු, හිමිසඳ, මෙ තොපට සදහම් ලාබද, අප හට වන මස් ලාබ ද එකවිට පසිඳමි, (ම. ස.)

ප:- එබසට - ඒ වචනයෙන්, මිහිසඳ - ස්වාමීන්ද්රායාණෙනි, මෙ තොපට - මේ තොපගේ, පසිඳමි - විනිශ්චය කරමි.



                                               දහම්සොඬ කව් වැනුම                                            127

වි:- පසිඳමි - මෙහි ‘ප’ ‘සිඳු’ ධාතුව විනිශ්චයාර්ථ යෙහි ය. මෙතොපට-මෙහි ‍ ‘මෙ’ යනු නිරර්ථ්ක යි. මේ කව පටන් 126 වැනි කව තෙක් පද්ය ‘වසත්’ නම් විරිතිනි.

112

අ:- කියා රකුසු එ විදුරවි දැවි කුළුසියෙන් අහස ගැටී බබළන අඳුන් ගිරෙව් තුන් ගවු උස ගිරක් මැවී.

ප:- රකුසු - රාක්ෂස වෙශධාරි වූ, දැවී-දග්ධ වූ, කුළුසියෙන්-සිය ගණන් කූටයෙන්, අහස-‘ආකාශයෙහි’ ගැවී-ඝට්ටිත වා, අඳුන් ගිරෙව්-අඤ්ජනගිරි නම් පර්වගතය වැනි, ගිරක්-පර්වගතයක්.

වි:- දැවි- ‘ඳා’ (දෑමෙහි) දයිනි. (කුළුසියෙන්)- මෙහි; ‘සි’ සදින් ‘සිය ගණන්’ යන අර්ථිය ගත යුතු යි. ‘කුළු’ නම් - මුඳුන් ය. ‘කූට’ ශබ්දයෙනි. ගැවි - ‘ගා’ ‘ගෑමෙහි දයිනි. අඳුන් ගිර-යට කියන ලදී. ‘ගිර එව්’ යනු විසන්ධි යි. තුන් ගවු- (ගවු) යනු (ගාවුත) ශබ්දයෙනි. ඉසුබු 80’ ගවුව යි. (රියන් 7 යෂ්ඨි එක යි. යෂ්ටි 20 ඉසුබු එක යි.) ගවු 4 යොදුන යි. යොදුනෙක ප්ර මාණය ඉංග්රි සි සැතපුම් 8ක් ප්ර මාණය යි. සලකන බැවින් ගවුවෙක ප්රොමාණය සැතැපුම් දෙකක් පමණ වේ. මැවී-‘මව’ දයිනි.

113

අ:- සමතිස් පෙරුමන් සපුරා, බඹ සුර නර තොස් කෙරෙමින්. මතු නිදොස් බුදු බව ලබන වෙසෙස් බුදුකුරු හිමි සඳිනි.-(ම. ස.)

ප:- සපුරා - සම්පූර්ණද කොට, නිදොස් - දොස් නැති, වෙසෙස්-විශිෂ්ට වූ, බුදුකුරු-බුද්ධාංකුර වූ.

වි:- සපුරා- ‘සපුර’ දයිනි. ‘වෙසෙස්’ යි කීයේ බෝසතුන් සාමාන්ය මනුෂ්ය-යන් හා සම නොවන හෙයිනි.


128 දහම්සොඬ කව් වැනුම

114 අ:- සහතුට මෙ ගිරට නැගෙමින් හ කටට පනිනා අතරට තොප හට ඇසුමට දම් දෙසම්, විගසට නැ‍ෙඟවයි. කී විට - (ම.ස.)

ප:- සහතුට - සන්තුෂ්ටියෙන්, ම කටට- මගේ මුඛයට, අතරට-අතරදී.

වි:- නැගෙමින් - 'නග' දයිනි. අතරට- ආධාරාත්ථිෝ සම්ප්ර දානය යි. දෙසුමැසුමට-දෙසම්+ඇසුමට යනු විසන්ධි යි දෙසම් යනු 'දෙස්' (දෙසුම්හි) ‍දයිනි. විගසට-නිපාතයි. ක්රිමයා විශේෂණයි.

115

අ:- ගොරතර බව දුක් වැලකි. මොක් සැප නිසැක ලබනුව මොකැදුරු මුනිවරැන් කී උවදෙස් බෝසත් සැලකි.

ප:- ගොරතර - ඉතා නපුරු වූ, වැලකි - නිවාරණය වී, නිසැක-සැක නැතිව, මොකැදුරු - මොක්ෂාචායාර්ය වූ, මුනිවරයන්- මුනිතුමන් විසින්, උවදෙස්-උපදේශයන්, සැලකිකල්පනා කෙළේය.

වි:- ගොරතර - 'ඉතා' ගොර යනු අර්ථ-යි. වැළකි- 'වළක' නිසැක - නිසැක+වී' යනු විසන්ධියි. කකාරසර්ථ ආකාර ලෝපයෙන් 'නිසැක්+වී' 'ව' ලොපයෙන් හා 'ක්' ඊ සංයෝගයෙන් 'නිසැකී' වී සිද්ධයි. 'ලබනුය' යන්නට විශේෂ වශයෙන් හෝ සැලකිය හැකියි. මොකැදුරු නිවනට මග පෙන්වන හෙයින් බුදුවරු 'මොකැදුරු' නම් වෙති. උවදෙස් - උපදෙස් (පා) ශබ්ද‍යෙනි. ගුරුකම්ය. සැලකකි - 'සලක' දයිනි.

116

අ:- සමහර සුදනන් කී පස් පෑරා, දද බස් නෑරා, ගෙන, පරදාරා කර ගෝරා වද විඳ වැනසෙත්.




දහම්සොඬ කව් වැනුම 129

ප:- බස් - වචනයට, පෑරා - පහරදී, දද දන - මෝඩ ජනයන් ගේ, නෑරා - නොහැරා, පරදාරා - පරදාර කර්මපය, වද - දුක්.

වී:- පෑරා- 'පැහැරා' යන්නනෙහි 'හ' ලොපයෙන් හා දීඝවීමෙනි, දද - ආඥානයට නමි. (සං) 'දග්ධ' යනුයි. නෑරා - 'නොහැරා' යනු විසන්ධියි. පරදාරා - පරදාර කර්ම ය ගනු ලැබේ. එනම් පර ස්ත්රී් සෙවනයයි අනුන් අයත් ස්ත්රී න්, වද - (පා. සං) 'වධ' යනු යි. වැනසෙත් වනස දයිනි.

117

අ:- සමහරු කුරිරු - මිගබස් පවසමින් සුරු නොව මින් රණ මැද වැද රුදුරු අවිපහර ලැබ ගෙන නොමඳව වැන‍සෙත්.

ප:- කුරිරු - ක්රෑසර වු, මිගබස් - ආඩම්බර සහිත වචන (සමත් කම් කීම්) සුරු - ශූරයන්, රණමැද - යුද්ධ මද්ධ්ය යට, රුදුරු - රෞද්රර වූ, අවිපහර - ආයුධ ප්රසහාරය, නොමඳව - බොහෝ සේ.

වි:- නොමඳව යනු 'වැනසෙත්' යන ක්රිවයාවේ විශේෂණ යයි. 'මිගබස්' යනු පුරසාරම් කතා යි ද කියති.

118

අ:- සුදනන් බස් සිතට නොගෙන, තැන තැන ගොස් සොරකම් කොට, රුදුරු ගැහැට විඳ නැසෙමින් සමහරු නිරයට පැමිණෙත්.

ප:- සුදනන් - සත්පුරුෂයන් ගේ, ගැහැට - නපුරු පීඩා,

වි:- නැසෙමිනි 'නස්' දයිනි. නිරයට 'නිරය යනු සතර අපායෙන් එකෙකි. 'අය' සංඛ්යා්ත සැපය නැති නුයි. 'නිරය' නිමි. සංජීව ය. කාලසූත්රරය. මහා රෞරව ය. රෞරව ය, ප්රයතාප ය, අවිචි ය, සඬ්ඝාත ය, තපන යයි මහා නරක අටෙකි. ඒ එකකට ඔසුපත් නරක සොළොස බැගින් ඇති බැවින් මුළු ගනන 136 කි.



130 දහම්සොඬ කම් වැනුම

119 අ:- මෙ කලා සමහරු ගං හෝ සිලිලා වැටෙමින් බිය කරැ වලාදාලා වැද, තුඟුතුල් ගිරගින් පැනලා, වැනසෙත්

ප:- ගං හෝ සිලිලා - ගංඟා ශ්රොැතස ජලයෙහි ද, වලාදලා - සෙණ, වැද - වැදීමෙන් ද, ගිරාගින් - පර්වෙත මුදුනින්.

වි:- ගං හෝ - හෝ යනු 'ශ්රෙ තස' හෙවත් 'සැඩ පහර යනු අරුත් ඇත්තේය. සැඩ පහරින් යුත් දිය 'හෝ සිලිලය. ඔයට 'හෝ' යි කියනු ලැබේ. ගංගාවල සහ ඕවල ජලයෙහි කියාත් අරුත් ලැබේ. වලා දාලා - වලාවෙන් එන ද 'වලා‍දාලා' යි. දලා යනු ගින්නයි. වලාකුලෙන් එන ගින්න නම් 'සෙණ' යි.

120

අ:- සමහරු වස විස කෑමෙන් ගෙළෙ වැල් ලා ගෙන සමහරු තම දිව ඇදකමින, සමහරු සියතින් ඇනගෙන (‍වැනසෙත්)

ප:- ගෙළෙ - ග්රී වයෙහි, වල් රැ‍හැන්, සියතින් - තමා ගේ අතින්, ඇන ගෙන - හනනය කොට ගෙන ද,

වි:- වසවිස 'වස' යනු ද විසයට නමි. එකා,ර්‍ ශබ්ද දෙකක්හුගේ යෙදීමන් අධිකාර්ථ යෙක් ලැබේ. 'නපුරු විස' යන අර්ථ ය ගත යුතු. කෑමෙන් - 'කා' දයිනි. ගෙළෙ ප්රයකෘතිය 'ගළ' යනුයි. ආඛ්යාෑතය 'වැනසෙත්' යි අද්ධ්යා හාර්ය්දයි යි.

"https://si.wikibooks.org/w/index.php?title=දහම්_සොඬ_කව-විවරණය_iii&oldid=5396" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි