දහම් සොඬ කව-විවරණය iv

Wikibooks වෙතින්

121

අ:- දෙලොවින් තමහට වන අසෙත නො දැන මෙලෙ‍සින් නැසී නිරයට පත අනුවණ ලෝසත විමසුව මෙතෙකැයි හිම් නැත.




දහම්සොඬ කව් වැනුම 131

ප:- අසෙත් - අශාන්තිය, (නො සැනසීම) පත - පැමිණියා වු, අනූවන ලෝසත - අඥාන ලෝක සත්ත්වයන්, විමසුව - විමර්ශනය කළහොත්, මෙතැකැයි - මෙ පමණයයි, හිම් - සීමාවෙක්.

වි:- වනසෙත - වන + අසෙත යනු විසන්ධියි 'අසෙත' යනු 'අශාන්ති' (සං) ශබ්දයෙනි. විමසුව 'විමස' දයින් සිදු අසම්භාවන කාදන්තයි. මෙයට කර්තෘං කතු විබතින් (මා විසින් යනාදීන්) සිටී. මෙතැකැයි - මෙ‍තෙක් + යැ යනු ලොපයෙන් 'මෙතෙකැ' යි සිටියේය. නිපාත යි. 'යි' යනුද නිපාත යි. කියා යනු අර්ථ යි. හිම් - 'සීමා' (පා) ශබ්දය සිම් යි එයි. 'හ' ආදේශයෙන් 'හිම්' මෙය 'නැත' යන්නට කර්තෘියි.

122

අ:- සසරෙහි සැරි සරන මාද සිහ දිවි වලසුන්ගෙන් තද අනිකුත් නො මඳ උවදුරින් නැසුණු ජාති මෙතෙකැයි කොද,

ප:- දිවි - දිවි, (කොටි) තද - ස්තබ්ධ වූ, කොද - කවරේද?

වි:- මා - කතු 'විබත්' නැසුණු යන්නට කර්තෘය යි. අනිකුත් -අනික් + දු පරරූප විධියෙන් 'අනිකුදු' අනිත්ය් ලොපයෙන් හා තකාරාදෙශයෙන් 'අනිකුත්' (සං) අන්ය්ක ශබ්දනයෙන් 'අනික්' යි එයි. අනෙක් සද මෙයින් අන්යඅයි. කො - 'කොහි' යන අරුත් ඇති නිපාතයෙකි. 'කොද' යන්නෙහි අර්ථඅය 'කොහි' වේ ද යනුයි. 'කො' ශබ්ද ප්ර්ථමා එකවචන රූපය ද 'කො' යනුයි. එය මෙ තැනට යෙදේ යයි නො හැගේ. අවසාන ක්රිහයාව 'වේ' යි. ගත යුතුයි. ජාති මෙතෙකැයි යි යන දෙක කර්තෘ වේ.

123

අ:- අදර සිතින් ඇසූ සතන් අජර අමර මොක් සිරි දෙන මුනිඳුන් පවර සදහමට මෙ වර බැතින් මදිවි පුදම්.




132 දහම්සොඬ කව් වැනුම

ප:- අදර සිතින් - ආදර චිත්තයෙන්, සතන් - සත්ත්වනයට, අජර - ජරා නැති, අමර - මරණ නැති, මොක්පුර - නිවන් සැපත, මුනිඳුන් - මුනීන්ද්රහයන් වහන්සේගේ, මෙවර මෙකල්හි, බැතින් - භුක්තියෙන්.

වි:- සතන් - සත් සදෙහි කම් විබත් බුහු බස් රූපයයි. මෙහි සම්ප්රදද්රායනාත්ථි-යෙහි ය. අග 'අ' යන්න එළිසමය පිණිසය.

අජර අමර මොක් සිරි - නිවන අවබොධ වීමෙන් ජරා මරණ නැතිවේ. සසර ඉපැදීම නැතිවන බැවිනි. ජරා මරණ ඇතිවනුයේ ඉපැදීම නිසාය. ඉපැදීම දුකෙකැටි වැටහුණු විට නිවන සැප යයි වැටහේ.

මුනිඳුන් - සබඳ විබත් අරුත්හි ය.

124

අ:- සුනිමල මෙ පවත් සිතමින් තුමුල ගිරි සිරට නැගෙමින් අබිමන් කෙසරකු සෙ උදුල සතොසින් ගිරගෙහි සිටි කල (ම.ස)

ප:- සුනිමල - ඉතා පිරිසිදු, අබිමන් - අභිමානයෙන් යුක්ත වූ, උදුල සතොසින් - උජ්වලිත සන්තෝෂයෙන්.

වි:- අබිමන් කෙසරකු සේ - අභිමාන ශබ්දයෙන් අබිමන් යි එයි. අබිමනින් යුත් කෙසර, අබිමන් කෙසර, කෙසර, සද සාමාන්යඑයෙන් සියලු සිංහයනට ම අයත් වුව ද මෙහි 'කෙශර සිංහයා' ගැනීම සුදුසු යි. හේ ඉතා අබිමානයෙන් යුක්තය. අභිමානය නම් අහංකාර බවයි. කේශර සිංහයා නින්දය යන කල අත්පා ආදිය මැනවින් තබගෙන නිදා පිබිද අවයව පළමු තුබූ තන්හිම තිබිණි නම් සතුටුව ගොදුරට‍ යෙයි. එසේ නොතිබියේ නම් තමාගේ ජාතියටත් ශූරතාවයටත් සුදුසු නොවේ යයි දොම්නසට පැමිණ නිදයි. ඇතුන්ගේ කුඹු පළා මොළ කෑම ඔහුගේ සිරිති. අන් සතුන් නො මරයි.





දහම්සොඬ වැනුම් 133

ගජකුම් බිඳින එකසර කෙසරිඳු බලැති කෙතරම් සාවුවත් තණ කබල නුබුදිති' යි

අලගියනන්යෝම සුභාෂිතයෙහි කීහ. කෙශර සිංහයා හෙණ සිංහයා හෙණ පහරට ද බිය නැතැයි කියති.


උදුල සතොසින් - ඉතාම බැබළුන සන්තෝෂයෙන් යන අර්ථං‍ යි. තමාගේ අදහස සඵල වන්නට යන බැවිනි.

125

ප:- කරතර - ඉතා ක්‍රෑර වූ, සක් රකුසු - ශක්රසරාක්ෂසයා, පුවල - මහත් වූ, ගිනිවල - අග්න්යායවාටයා ගේ, දෙ පසෙහි - දෙපැත්තෙහි, සිටුවූ - ස්ථාපනය, කළා වූ, යහුල්දෙකක - යකඩ උල් දෙකක්හු ගේ, සිරි - ශෝභාව, පළකල - ප්රලකාශ කළා වූ, යුගදළ - දංෂ්ට්රා යුග්මය, උඩුකුරු කරමින් - ඌර්ධව මුඛ කරමින් (ම.ස.)

හා :- රකුසා ගේ දළ දෙක ගිනිවලේ දෙපැත්තේ සිටුවූ යකඩ ‍උල්දෙකක ශෝභාව පල කළ බවත් එය උඩට හරවා ගෙන සිටි බවත් පැවසිණ.

වි:- කරතර (පා) 'බරතර' පුවළ - (සං) 'ප්රෞුඪ' සිටුවූ 'සිට' දයින් සිදු ප්රසයෝජ්යප කෘදන්ත යි. ගිනිවල - වල යනු (පා) ආවාට ශබ්දයෙනි.

යහුල් - (පා) 'අය සුල' ශබ්දයෙන් අය සුල් යි එයි ආදි ලොපයෙන් ද හකාරාදෙශයෙන් ද 'යහුල්' විය. උඩුකුරු - උඩ කරවූයේ උඩුකුරු යි.

126

අ:- සුරත් යවට විලසින් දිසි නෙත් වට බමවා බලමින්, ගිරිලෙනක් ලෙසට තෙවුනා මහ කට දල්වා සිටගෙන (ම.ස.)


134 දහම්සොඬ කම් වැනුම

ප:- සුරත් යවට - ඉතා රත් වූ යකඩ ගුළි, දිසි -‍ පෙනුණ, වට - හාත්පස්හි, බමවා - කරකවා, ගිරිලෙනක් - පර්ව ත, ගුහාවක්, තෙවුනා - බබළන්නා වූ, දල්වා - විවෘත කරගෙන,

වි:- වට - 'අවට' යන්න ආදී ලොපයෙනි බමවා - 'බම' දයින් සිදු ප්රනයෝජ්ය් පූර්ව- ක්රිටයා යි. 127

ප:- මහත - මහත් වූ; සසරගත - සංසාර ගතවූ; සත - සත්වයන්, මොක්පුර - නිවන් පුරයට, ලවත - පැමිණ වීමෙහි, සමත - සමර්ථ වූ, තිලෝනෙත - තුන්ලොවට ඇසක් වැනි වූ, මුනිවරන් - බුදු රජුන් විසින්, වදහළ - ප්රාකාශ කරන ලද, අමායුත - අමෘත රසයෙන් යුක්ත වූ, අනිත වත සකර යන ගය - 'අනිච්චාවත් සංඛාරාං' යන ගාථාව දිලි තද තෙදින යුත - ජ්වලිත වූ, ස්තබ්ධ තේජසින් යුක්ත වූ, සක් රකුසු - ශක්රන රාක්ෂයා, කියත - කියන කල්හි, (ම.ස.)

වි:- සසරගත - සසර පැමිණි යන අර්ථ් යි. ලවත - 'ල' (ලීමෙහි) දයින් සිදු හෙත්වත්ථිෝ අසම්භාවනා කෘදන්තයි. ආධාර විභක්ත්ය ර්ථයෙහි යෙදිණ. සමත් - (පා) 'සමත්ථ' ශබ්දයෙනි.

අනිවත වත සකර යන ගය - 'අනිච්චා වත සංඛාරා' යන ගාථාවේ ප්රවථම පාදයයි. සම්පූර්ණ ගාථාව මෙසේයි.

"අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම්මිනො

  	උජ්පජ්ජිත්වා නිරැජ්ඣන්ති - තෙසං වූ පසමො සුඛො" 

(සියලු සංස්කාරයෝ හෙවත් හේතුයෙන් උපන් ඵල ධර්මපයෝ ඒකාන්තයෙන් අනිත්යයය හ. ඉපදීම හා විනාශය සවභාව කොට ඇත්තාහ. ඉපිද නැතිවෙත්, ඔවුන් ගේ සන් සිඳීම සැපයි) 'අනිතයි' එනුයේ (සං) 'අනිත්යෙ' ශබ්දයෙනි. 'අනිච්ච' යනුවෙන් එන්නේ 'අනිස' කියා යි. එළිසමයට ඒ නුසුදුසු බැවින් 'අනිත්යන' යන්නෙන් ගත් බව හැගේ.




දහම්සොඬ කම් වැනුම 135

අමායුත - බුදුරජාණන් වහන්සේ විසින් වදාළ සියලුම වචන එකම විමුක්ති රසයෙන් යුක්තය. එහෙයින් මුළු බුද්ධ වචනය රස වශයෙන් එක් ආකාරය යි කියනු ලැබේ. කියත - 'කිය' දයින් සිදු කලාර්ථ අසම්භාවන ක්රිළයා යි. 'කියද්දී' යනු අර්ත යි. (මේ කව පටන් 143 වැනි කව තෙක් 'සමුද්රි ඝෝෂ' වෘත්තයෙනි)

128

අ:- අබිමන් යුතු එකසර කෙසරකු සිරින්, සදහම් ලොබින් මඳක්වත් බිය නොවමින් මෙ අප ගුණනදන සොබමන් මහ බෝසත් සත වෙත මෙතින් මෙ ලෙසින් බුදුබව පත යි.

ප:- එකසර - එකචාරි, කෙසරකු - කෙශර සිංහයෙකුගේ. සිරිත් - ශෝබායෙන්, ගුණ නදන - ගුණ නිධාන වූ, සොබමන් - ශොභමාන වූ,

වි:- එකසර - තනිවම හැසිරීම කෙශර සිංහයා ගේ ස්වභාවය යි. නොවමින් - නො පැමිණ 'ව' (වූ) ධාතුව මෙ තන්හි පැමිණීම අර්ථයෙහි ය. ගුණ නදන - 'නදන්' යනු 'නිධාන' ශබ්දයෙනි. 'නිධාන' නම් තැන්පත් කළ ස්ථානයයි. බෝසත් තුමා ගුණයන් තැන්පත් කළ තැනක් වැන්න.

පතයි :- 'පත' දයිනි. 'පතා' යි යනු විසන්ධි යි. 'යි' නිපාතයි. පතා, යන ආඛ්යා:තයේ උක්තය මහ‍බෝසත්ය

129

අ:- සිය සුතඹ සමගින් ඇස් ඉස් මස් ලෙස ද, සිතු පැහැද දන් දී යදි මන් සතුටු කොට මර සෙනඟ බිඳ විද - සුන් නැණින් කෙළෙසුන් පසුන් කරමින් සව්නේ පබඳ ගෙවමින් - (ම.ස.)

ප:- සිය - තමාගේ, සුතඹ - දරුවන් හා භාය්යාධවන්, සිතු පැහැද - චිත්ත ප්ර්සාදයෙන්, යදිමන් - යාචකයන් ගේ




136 දහම්සොඬ කව් වැනුම

සිත, මාරසෙනඟ - මාරසේනාව, බිඳ - හග්න කොය, විදසුන් නැණින් - විදර්ශිනා ඥානයෙන්, පසුන් - ප්රනච්ඡින්න, සවුනේ පබඳ - සකලඥෙය සමූහය. ගෙවමින් - අවසාන කොට,

වි:- දන් දී - 'දා' හෝ 'දෙ' ‍දයින් 'දී' යන පෙර කිරිය සැදෙයි. මෙතන්හි එය 'කොට යන අරුත් ඇත්තේය. 'දීම කොට' යනු අර්ථයි. සිතු - 'සික්' සදක් මෙන් ම 'සිතු' සදෙක් ද වෙයි. පැහැද - 'පහද' දයිනි.

මර සෙනඟ - මාරයා ගේ සේනාවයි. මාරයෝ පස් දෙනෙකි. එනම්:- දේව පුත්ර මාරය, (කුසලා කුසල සංඛ්යා ත) අභිසංස්කාර මාරය (මරණය නැමැති) මෘත්යුේ මාරය (පඤ්චස්කන්ධ නමැති) ස්කන්ධ මාරය, ක්ලේශ මාරය යනුයි. 'මර සෙනග' නම් වසවත් නමැති දිව්යඛ පුත්රන මාරයාගේ සේනාව යයි ද බුදුවන දවසේ එම සෙනග සමග පැමිණි හෙතෙමේ පැරැද ගියේය යි ද පොත්හි එයි. ප්ර ධාන සූත්රමයෙහි - දස විධ මාරසේනාවක් බුදුන් විසින්ම දෙශිතය. එනම්:- (1) ක්ලේහශ කාමයෝ, (2) අධි කුශලයෙහි නො ඇල්ම, (3) සාපිපාසව, (4) පර්යෙ‍ෂණ තෘෂ්ණාව, (5) ථින මිද්ධය, (6) බය, (7) විචිකිච්ඡාව, (8) මක්ඛතම්භ දෙක, (9) ලාභ සත්කාර කීර්ති හා මිථ්යාමවෙන් ලද යසස, (10) අත්තුක් කංසනය හා පරවම්භනය යනු යි. මේ සියල්ලම කෙලෙස් ය. බුදුවරු පස් මරුන් ම දිනූ හෙයින් 'ජින' නම් ද වෙත්.

බිඳ - 'බිඳ' දයිනි. විදසුන් නැණින් - විශේෂයෙන් දිකින ඥානය 'විදර්ශලන ඥානය' යි. සංස්කාර ධර්මසයන් අනිත්යන දුක්ඛ, අනාත්ම වශයෙන් දක්නේ එම නැණිනි. කෙළෙස් නැසෙන්නේත් එ නුවණින්මය.

සවුනේ පබඳ - 'නේ' යනු ඤෙය' ශබ්දයෙනි. සියලු දත යුතු දේ සව්නේ නමි. 'පබඳ' නම් සමූහය යි. ගෙවමින් - 'ගෙ' දයිනි. සර්වවඥතාඥානය අර්හත් මාර්ග. ඥානය සමගම පහළ වන ලෞකික නුවණෙකි.






දහම්සොඬ කව් වැනුම 137

130

අ:- තලැටක් පමණ, පැහැසර සිරුරෙන් නික්ම, පමණ නැති සියලු සක්වළ, ගැබ පැතිර, බව අක් දකින තුරු විහිදී යන පතර මනහර සවනක් ගන රැසින් දිලිසෙමිනි (ම.ස.)

ප:- තලැටක් පමණ - තිල බීජයක් ප්රීමාණ වූ, පැහැසර - ප්රවභාස්වර වූ, සක්වල ගැබ - චක්රතවාටය තුළ, බවඅක්භවාගය, පතර - මහත් වූ, මනහර - මනොඥ වූ, සවනක් ගන රැසින් - සය ආකාර ඝන රශ්මියෙන්, දිලිසෙමිනි - බබළමින්.

වි:- තලැටක් පමණ - බුදුන්ගේ තලඇටයක් පමණ ශරීර ප්රිදේශයෙන් නික්මෙන රශ්මිය පවා අප්ර මාණ සක් වළෙහි පැතිර යාම ස්වභාවයෙකි. පැහැසර - 'බබළන' යන අර්ථ යි. සක්වළ - (පා) 'චක්කවාල' (සං) 'වක්රසවාට' සඳ හිරු දෙදෙනාගේ එළිය පැතිරෙන තාක් ප්රනදේශය එක් සක්වළෙකි. එබඳු සක්ව‍ළයන්ගේ ගණන නියමයෙක් නැත. එහෙයින් 'පමණ නැත' යි යෙදිණ.

බව අක් දකින තුරු - 'භවාග්ර ය' නම් නෙවසඤ්ඤා නාසඤ්ඤායතන බ්රඅහ්ම ලොකය යි. කාමභව, රූපභව, අරූපභව යි භවය තුන් ආකාර යි. පිළිවෙළින් යන විට නෙවසඤ්ඤා නාසඤ්ඤායතනය භවයේ අග හෙවත් මුදුන බව පෙනේ. 'අක්' යි සිටියේ 'අග්' යන්නෙහි 'ග' හට කකාරාදෙශයෙනි, දිග දිග් දික් යන්න මෙනි. බුදු සිරුරින් නික්මෙන රශ්මිය භවග්රදය දකින තුරුම හෙවත් භවග්ර ය තෙක්ම විහිදී යන්නේය. සවනක් - වර්ණර සයක් ඇති යන අර්ථය යි.

දිලිසෙමිනි - 'දිලි‍ස' දයිනි, 'ස' හට 'ය' ආදෙශ යි.






138 දහම්සොඬ කව් වැනුම

131

සසර සයුර සරනා සව් සතා (යා) අජර අමර මොක් පුර ලමි සිතා (යා) ගැඹුර ගුණැති අප මහ බෝසතා අසිරිමත් බුදුබව පතා (යා) - (ම.ස.)

ප:- සව්සත - සියලු සත්වයන්, ලමි - ලන්නෙමැයි, ගැඹුර - ගම්භීර වූ, අසිරිමත් - ආශ්චර්ය්ත්ව ඇති.

වි:- ලමි - අනාගතාර්ථයෙහි වර්තබමානාඛ්යාාත 'ල' දයිනි. 129 වැනි කවෙන් පටන්ගත් වාක්යරය. අවසාන වූයේ මෙයිනි. ගැඹුර - 'ගැඹුර' යි 'ගාම්භීර' ශබ්දයෙන් එයි. එය ‍මෙසේද සිටී. 'නැබුළු' යනු 'නැබළ' යි සිතන්නාක් මෙනි.

අසිරිමත්:- 'මත්' යනු ප්රමත්යටය යි. සංස්කෘතයෙහි 'ආශ්චර්ය්නැ9මත්' යි නොසිටී. බුදුබව - උතුම් ය. එසේම ආශ්චර්ය්ය ය ය, ලෝකයෙහි එකම ආශ්චර්්යමය පුද්ගයා බුදුන් වහන්සේය. අසුරු ගැසීමට (ඇගිලි දෙක එකටි තඉා හඬ නැගීමට) සුදුසු නු යි ආශ්චයර්ය නමි. 'පුදුම' යනු අදහසයි. බුදුන්ගේ රූපවිලාස වාක් විලා ඥාන විලාසද ආශ්චර්යයි. බුත් සරණ, බුදුගුණ අලංකාර ආදී පොත් වලමේ බව විස්තර වන්නේය. පදාන්ත 'යා' යන්න ඡන්දස රැකීම පිණිස යි.

132

අ:- සහස් රැස්බරින් හුණු දිනකර ලෙස ද, තමස් මුවෙන්,ගිලිහුණු පුන්සඳ ලෙස ද, වෙසෙස් දහම් අසමින් දිවි පුදන ලෙද, සෙද ගිරි හිසින් රකුස් මුවට පිනුනවේ.

ප:- සහස් රැස් බරින් - දහස්ගණන් රශ්මීන්ගේ භාරයෙන්, හුණු - වැටුණා වූ, දිනකර - හිරු, තමස් මුවෙන් රාහුගේ මුඛයෙන්, ගිලිහුණු - ගැලයුණා වූ, ගිරිහිසින් - පර්වතත මුදුනින්, පිනුවේ - පැන්නේය.




දහම්සොඩ කම් වැනුම 139

වි:- සහස් රැස් බරින් හුණු දිනකර ලෙසද - දිනකර නම් හිරු යි, දිනය කරනුයෙන් මේ නමි. හිරුට දහස් ගණන් රශ්මි ඇත්තේය. එහි බරින් සූර්යයා වැටුණාක් මෙණැ යි කීයේ රකුසු මුවට පැන්න දහම්සොඬ රජතුමාගේ විලාශය දැක්වීමට. හුණු - ‍'හෙ' දයින් සිදු කෘදන්තයි.

තමස් මුවෙන් - 'තමස්' යනු රාහුට නමි, රාහු සඳ හිරු ගිලින්නේය යනු ලොක ව්යලවහාර කථායි. 'රාහු' යනු පොළොවේ ඡායාව යයිද, පෘථිවියේ චන්ද්රක සූර්යයා යන්ගේ ත් කරකැවීම හේතුකොට ගෙන චන්ද්ර ග්රවහණ සූර්යග්ර‍හණ සිදු වෙතැයි ද ජ්යෙණතිශ්ශාස්ත්රනඥයෝ කියති. පුරාණ කතාවන්හි එන පරිදි 'රාහු' නම් වූයේ '‍ෛසංහිකෙය' නම් අසුරයෙකි. දෙවියන් කිරි මුහුද කළඹා අමෘතය ලබාගෙන එය බෙදා ගන්නා අවස්ථාවෙහි අසුරයා වෙස් පෙරළා ගෙන පැමිණ අමෘතය සොරා බීවේය. සඳ හිරු දෙදෙන ඒ දැක විෂ්ණු හට දැන්වීය. විෂ්ණුහු විසින් ඔහුගේ හිස සිඳින ලදී. අමාවේ බලයෙන් සෛංහිකෙයයාගේ හිස 'රාහු' විය. අනික් කොටජස කෙතු නම් විය. තමාට සතුරු කම් කළ හෙයින් සඳ හිරු දෙදෙනා එතැන් පටන් ගිලිම රාහුගේ ස්ළුබාවය ල! මෙහි කීයේ ව්යසවහාරය අනුවය. රාහුගේ මුඛයෙන් ගැලවුණු පුන්ස යම් සේ ශෝභමාන ද? රකුසු මුවට පනින රජතුමාත් එසේ ම කාන්තිමත් වීය.

ගිලිහුණු - 'ගිලි' යනු පෙර කිරිය පදයි. 'ගල' (මිදුම්හි) දයිනි. එ සෙහි භ්රාස්වව සිටියේය. 'හුණු' යන්න යට දැක් විණ. 'ගැලවි වැටුණු' යනු අර්ථ යි. 'ගුලු' යන නාම පදය ධාතුව 'හ' විකරණය සහිතව වරනැගීමේදී ගිළී හුනු යන නාම පදය සැදිනැයි ද මතයෙකි. පිනුවේ 'පන්' (පැනුම් හි) දයින් සිදු කෘදන්තය. 'පිනු' යනුයි. එහි ප්රසථමා එක වචන‍යයි මේ ආඛ්යානතය 'වි' යි අඬ්යාතහාර කටයුතුයි. 'මහාබෝසතා' යනු ප්රාකෘති කර්තෘ ද







140 දහම්සොඩ කව් වැනුම

'පිනුවේ' යනු විකෘති කර්තෘය ද වේ. 'රකුස්මුවට' යනු පිනුවේ' යන කෘදන්තයට කර්මප යි. 'ගිරිහිසින්' අවදි විබත්, සෙද - ක්රි'යා විශේෂ යි.

133

අ:- මෙ අප සොඳුරු බෝසතු ‍මේ ලෙස පනිත, ගත් රකුසු වෙස අතුරු දහන් කරමින්, සිරුරු රැසින් දසනුදෙස හෙළි කරමින්, නොලස මහරු එ සක් රජ වෙස් ගනිමින් - (ම.ස.)

ප:- පනිත - පනිත කල්හි, අතුරු දහන් කරමින් - අන්තර්ධාන කොට, සිරුරු රැසින් - ශරීර රශ්මියෙන්, දසනු දෙස - දිශානු දිශාවන්, හෙළි -ආලොක,මහරු - මහාර්භ.

වි:- අතුරු දහන් - 'අන්තර්ධාන' (සං) ශබ්දයෙනි. නො පෙනෙන්නට සැලැස්වීම 'අන්තර්ධාන' කිරීමයි. දසනු දෙස - (දස් අනුදෙස්) ප්රපධාන දිශා සරත, නැගෙනහිර බටහිර, දකුණ, උතුර යනුයි. අනුදිශා නම් ඊශාන, ගිනිකොණ, නිරිත, වයඹ යන සතරයි. දශ දිශාව නම් ගන්නේ උඩ, යට යන දෙක ද සමගිනි. මහරු - මහත් වටිනා, (උතුම්) එ - ප්රාසිද්ධාත්ථි යෙහිය.

බෝසතුන් පර්ව,තයෙන් පනින විට ශක්රමයා රාක්ෂය වේශය දුරුකොට ශරීරාලොකයෙන් දිසානුදිසාවන් එළිය කොට වහාම ශක්රශ වේසය ගත්තේය.

134

අ:- තමන් පියකරු හිමියකු බැති සිතින් ගත් වැඩකරු දසකු මෙන්, බෝසතු වඩා ගෙන, සිත පිරූ තොසින් සුරපුර ගෙන යන සිතින් දිවයුරු මඟට නැගෙමින් සෙදින නික්මිණ.





දහම්සොඬ කව් වැනුම 141

ප:- පියකර - ප්රි යංකර වූ, වැඩකරු - හිත වැඩ කරන්නාවූ, දසකු - දාසයකු, සිත පිරු - සිතෙහි පිරුණා වූ, දිවයුරු මගට - අහසට, සෙදින - වහා,

වි:- වැඩකරු - වෘද්ධිය කරනුයේ මේ නමි. වඩා 'වඩ' දයින් සිදු පෙරකරිය යි. 'වඩා ගැනීම' නම් ආදරයෙන් ඔසවා ගැනීමයි. පිරු - 'පුර' දයින් සිදු කෘදන්තයි. දිවයුරු මගට - දිවයුරු නම් හිරුයි. හිරුගේ මාර්ගරය අහස යි. නික්මිණ - 'නික්මිණ' යන ක්රිුයාව අන්ත්යහයට අකාරාදෙශ වීමෙනි. සෙදින - නිපාතයි. ක්රි'යා විශේෂණ යි.

135

ප:- රළ ‍පෙළ පහළ - තරංග සමූහයෙන් පතළා වූ, නිල් - නිල වර්ණා වූ, ලෙළ - කම්පිත වූ, මහ සමුදුර ද - මහා සමුද්ර්යද, පැහැදුල - ප්රභභායෙන් ජ්වලිත වූ. හිමවූ පව් රැඳි - හිමාලය පර්ව තයෙන් යුක්ත වූ, හිම වන පෙත ද - හිම වන පංක්තිද, සිරිදුල - සම්පත්තියෙන් බැබළි, කොදිවු සහ - කුඩා චිප සහිත, සිවු මහ දිවයින් ද - සතර මහා ද්වීපය ද, මනදොල - චිත්තාසාව, වඩා - වැඩිකොට, දැක දැක - දර්ශමනය කරමින්, සිතු පැහැද - චිත්ත ප්ර සන්නව, ගොස් - ගමනය කොට - (ම.ස.)

වි:- හිමව්පවු - හිමාලය පර්වූතය යි. (ප) 'හිමවන්ත' යනු 'හිමවු' යි ආවේය. මේ වනාහි පන්සිය යොදුනක් උසැති පර්ව තයෙකි. තුන් දහස් යොදුනක් තැන් වසා පිහිටියේය. දිගින් ද පළලින්ද තුන් දහස් යොදුනි. සුදර්ශ්න කූටාදි කූට අසූසාර දහසෙකින් ප්රළතිමණ්ඩිත ය. රැ‍ඳි - (රංජිත) යුක්තාථි යි. හිමවනපෙත - පෙත යනු (පා) පන්ති







142 දහම්සොඬ කව් වැනුම

ශබ්දයෙනි. හිමාලයෙහි වූ වන ‍පංක්තියයි. කල්හාර වනය, 'නීලොත්පල වනාදිය'යි. හිමයෙන් ගැවසුණු බැවින් හිමාලය නම් විය. විස්තරය බුත්සරණ ආදියෙන් බලාගත හැකියි. කොදිව් - (පා) 'බුද්දකදීප' ශබ්දයෙනි, ‍'කො' යනු 'කුඩා' යන අරුතින් යුක්තයි. එක් මහා දිවයිනකට කොදිව් පන්සිය බැගින් ඇත්තේය. සිවු මහ දිවයින් - පූර්වු විදෙහ ය, අපර ගොයාන ය, උතුරුකුරු ය. දඹදිවය යන සතරයි. පළමු දෙවැනි දිවයින් වල ප්රාමාණය යොදුන් සත් දහසය, උතුරුකුරු දිවයින අට දහසය. දඹදිව යොදුන් දස දහසය. (විස්තරය බුත් සරණින් බලනු)

136

ප:- මෙරගිරසර - මේරු පර්වඹතය නැමැති පද්මය. ළකල කළ - අලංකෘත කලාවූ, දලවිලස් - පත්රවයන් ගේ විලාසය, ලද - ලැබුවා වූ, යුගඳුර පටන් - යුගන්ධර පර්ව තය පටන්, දිසි - පෙනෙන, සත්කුළගිරි පෙළද - සප්තකූට පර්ව-ත පංක්තියද, එහි අතර අතර - ඒ සප්තකූට පර්වනතයන් ගේ අතරතුරෙහි, සුසැදි - 'සුසජ්ජිත' වූ, සීදන් සමුදුරු ද - සීදන්ත සමුද්ර යන් ද, පුරඳර සමග ගොස්, ශක්ර යා සමග ගමනය කොට, එතම - ඒ තමාගේ, සිතු ලෙද සිත් පරිද්දෙන්, දැක - බලා (ම.ස.)

වි:- මෙරගිරසර - මහාමේරු පර්ව(තය පියුමකට සම කරන ලදී. මෙර පිළිබඳව 24 කවට ලියූ විස්තරය හා බුත්සරණ බලනු, දල - පත්රදයනට නමි. පාළි සංස්කෘත දෙකට සමයි. ලකළ - 'ලකුර' දයින් සිදු කර්මම කාරක කෘදන්තයි. සත්කුල ගිරිපෙළ - මහමෙර වටා පිහිටි යුගන්ධර, ඊශධර, කරවික, සුදර්ශ්න, නෙමින්ධර, විනතක, අශ්වකර්ණ, යන







දහම්සොඬ කව් වැනුම 143

සතයි. යුගන්ධරය යොදුන් අසූසාර දහසෙකි. ඊශධරය ඉන් අඩෙකි. ක්රිමයෙන් ඉතිරි පර්වනතයන්ගේ උසද අර්ධයෙන් අර්ධයෙන් අඩුවෙයි. මේ සත 'මෙර' නමැති පියුමේ පෙති' වැනිය.

සුසැදි - 'සු' පූර්වස 'සද' දයිනි. සීදන් සමුදුර - සීදන්ත සමුද්ර (සං) ශබ්දයෙනි. මෙරු යුගන්ධරාදී පර්වපතයන් අතර පිහිටි සමුද්රයයි. ඒ සතෙකි. මහමෙරටත් යුගන්ධරයටත් අතර වූ මුහුද සුවාසූ දහසක් යොදුනි - ඊ ළඟ මුහුද ඉන් අඩෙකි. අනික්වා ද මෙසේ අඩින් අඩින් පලළ අඩුවූවාහු වෙති. මේ මුහුදුවල දියට සියුම් මොනර පිලක් නමුත් බහාලුවොත් පිහිටන්නට අසමත්ථිදවෙයි. සීදනය (ගැලීම) වෙයි. එහෙයින් 'සීදන්ත' නම් වී යයි කියති. පුරඳර - (සං) පුරන්දර ශබ්දයෙනි. සතුරන්ගේ නගරයන් දාරණය (විනාශ කෙරේනු යි ශක්රවයාට මේ නමි. එ තම 'එ' යන්න නිරර්ථරක යි.

137

ප:- දුටුවන් - දර්ශඑනය කළවුන් ගේ, මන නුවන් - සිත් ඇස්වලට, නදදෙන - සතුට දෙන්නා වූ, රුසිරි‍සර - රූප ශ්රී යෙන් සාර වූ, සුරඹුන් - දිව්යු ස්ත්රීසන් විසින්, කෙළින - ක්රී-ඩා කරනු ලබන, ගෙවුයන් - ගෘහොද්යා‍නයන් ගේ, සිරිනි ශෝභායෙන්, මනහර - සිත් පැහැර ගන්නා වූ, නිතියෙන් - නිරන්තරයෙන්, සිවුවරම් දෙවියන් සැදි - සතර වරම් දෙවියන් විසින් සජ්ජිත වූ, පවර - උතුම් වූ, සිව් මහ රද දෙව් නුවර - චාතුම්මභාරාජික දෙව පුරය, දකිමින් ගොසින් - දැක ගොස් - (ම.ස)

වි:- සිවුවරම් - ධෘතරාෂ්ර්රම්, වීරූඪ, විරූපාක්ෂ, වෛශ්රුවණ යන සතර දෙනයි. චාතුර්මහාරාජික දිව්ය-







144 දහම්සොඬ කව් වැනුම

ලෝකයේ පූර්ව්, දක්ෂිණ, පශ්වීම, උත්තර යන සතර දිශාව රකින්නෝ මොහුයට. වරණාත්‍ජිියෙන් හෙවත් සතුරන් වළක් වන්නෝ යන අර්ථයෙන් 'වරන්නමු' 'න්' හට 'ම්' ආදෙශ යි. ධෘතරාෂ්ට්ර ගන්ධර්ව යනට ද විරූඪ, කුම්භාණ්ඩයනට ද විරූපාක්ෂ නාගයනටද වෛශ්රිවණ, යක්ෂනයට ද අධිපතිය. සිව් මහ අද දෙව් නුවර චාතුර්මහා රාජික දෙව්ලොව හෙවත් එහි අගනුවරයි.

138

ප:- හරගිරසිරි - කෛලාශ කූටයා ගේ ශෝභාව, වෙළපා - විඩම්බනය කොට, දිමුතු - දීප්තිමත්ව, බබලන - භ්රාවජමානවූ, තරසර විසල් වාසල් - ස්ථිර සාර මහත් දොරටු ඇති, මිණි පවුර යුත - මණිප්රාාකාරයෙන් යුක්ත වූ, මෙරසිරි - මේරුව මුඳුනෙහි, සූසැදි - මනාසේ පිහිටි, දස දහසක් යොදුන් යුත - දස දහස්ර යොජනයෙකින්, යුක්ත වූ, වර සුරපුරට - උතුම් වූ, තව්තිසා දිව්ය නගරයට, මෙ අප බෝසත - මේ අපගේ බෝධි සත්වයා, වදිමින් - ප්රදවිෂ්ටව, - (ම.ස.)


වි:- හර ගිර - ඊශ්වරයාගේ පර්වනතයයි. (කෛලාශය) වෙළපා - වෙඵල දයිනි, මැඩ පවත්වා යන අත්ථිවයි. දිමුත - 'දීප්තිමත්' යන අර්ථය බැවින් 'ව' යි පෙර කිරිය ගත යුතුයි. 'දීප්තියෙන්' යි අර්තය නොගත හැකියි. තර 'මහත්' යන අර්තයද ලැබේ. එහෙත් විසල් යි යෙදුන. බැවින් ස්ථිරාර්ත‍යම සුදුසුය. වාසල් - ගේට්ටු, කෛලාශය ඉතා සුදුය. තව්තිසාවේ ප්රාරකාරය. එයට ද වඩා සුදු බව කියවිණ. සුරපුරට - තව්තිසා දෙව්ලොවට (දෙවැනි දෙව් ලොවට) චාතුම්මහාරාජික තාවතිංස යන දෙකටම අධිපති ශක්රදයා යි. වදිමින් - වද දයිනි.






දහම්සොඬ කව් වැනුම 145

139

අ:- දෙව්රුක් පසින් හෙබි පබඳ නඳුනුයන ද, සියයක් යොදුන් නන්දා නමැති පොකුණ ද, තෙතිසක්, කුඹින් උදුල එරවණ වරණිඳු ද සිතු පැහැද සිය සක් පුරා දැක දැක ගොස් - (ම.ස.)

ප:- දෙව්රුක් පසින් - දිව්ය් ‍වෘක්ෂ පඤ්චකයෙන්, හෙබි - ශොභිත වූ. පබඳ - ප්රහභායෙන් ආර්ද්රර වූ, (‍කාන්තිමත් වූ) නඳුනුයනද - නන්දනොද්යාපනයද, තෙතිසක් - තිස්තුන්, කුඹින් - කුම්භයෙන්, උදුල - උජ්වලිත වූ. එරවණ වරණිඳු ද - ඓරාවණ හසිත් රාජයා ද, සියයක් - තමාගේ ඇස්.

වි:- දෙව්රුක් පස - 53 වැනි කවේ විස්තරය බලනු හෙබි - හෙබ දයිනි. පබඳ - පබින් (කාන්තියෙන්) අද (ආර්ද්රන) වූයේ පබඳ යි. රශ්මියෙන් තෙත් වූ යන අර්ථ යි. නඳුනු‍යන - දෙවියන් සතුටු කරන උයන 'නන්දන' යි. මේ කීයේ තව්තිසා දෙව් ලොව පිහිටි උයනයි. හැම දෙව් ලොවම 'නන්දන' නමින් උයනෙක් ඇතැයි කියති.

'න තෙ සුඛං පජානන්ති - යෙන පස්සන්ත නන්දනං - යමෙක් නඳුන් උයන නො දකිත්ද? ඔහු සැපය නො දනිතියි තව්තිසාවේ නන්දනය වර්නිතයි.

එරවණ - ශක්රියා ගේ ඇතා යි. දෙව්ලොව තිරිසන්නු නැත. දිව්ය පුත්රසයෙක් මෙ නමින් ඇත් වෙසක් මවා ගනියි. හේ ගව් 600කි. උස 360 ගවුවෙකි. කුම්භස්තල තුනකි. හැමට මැද පිහිටි 'සුදර්ශර' නම් කුම්භයෙහි ශක්රෙයා හිඳියි. (විස්තරය බුත්සරණින් බලනු) වරණිඳු - (සං) 'වාරණෙන්ද්රම' ශබ්දයෙනි. සියයක් - 'සක්' යනු (පා) 'චක්ඛු' ශබ්දයෙනි. පුරා - 'පුර' දයින් සිදු පූර්වන ක්රියයා යි. හොඳ හැටියට දැකීම ඇස් පුරා දැකීමයි.






146 දහම්සොඬ කව් වැනුම

140

අ:- කෙලෙසුන් පසුන් කළ පබඳ තවුසන් මිස, දුටුවන් විසිකරවන නොම‍ඳ රුසිරි ඇති, සුවඳින් මලින් දිව බරණින් සුසැදි සොඳ දිවසරන් දකිමින් මන නෙත් දෙමින් නඳ - (ම.ස)

ප:- පසුන් කළ - වැනසූ, පබඳ - ප්ර සිද්ධ වූ, තවසුන් මිස - තාපසයන් හැර, දුටුවන් - (අන්ය)) දර්ශ‍කයන්, විසිකරවන - වසග කරවන්නා වූ, දිවසරන් - දිව්යාවප්සරාවන්, මනනෙත් - සිත්වලට හා ඇස්වලට, නඳ - සතුට

හා:- දෙවඟනන් ගේ සැටි මෙයින් පැවසිණ. ඔව්හු කෙබඳු ද යත්? කෙලෙස් නැසූ ප්ර සිද්ධ තාප‍සයන් හැර දර්ශ නය කළ අන් සියල්ලන් ම වසඟ කරවන රූපශ්රීපයෙන් යුක්තය. සුවඳින් ද මලින් ද දිව්යාකභරණයෙන් ද මොනවට සැරසුනාහු වෙති.

වි:- තවුසන් - ප්රඳකෘතිය 'තවස්' ය. 'තාපස' ශබ්දයෙනි. මෙහි ගැනෙන්නෝ සාමාන්ය තාපසයන් නොව අනාගාමි වුද රහත් වුද උතුමෝය. කාම රාගය නැසුවෝ නම් ඔවුහුය. එතුමෝ කෙබඳු රූපයක් දුටු ද ඇලුම් නො කරති. වසඟ නො වෙති. ධ්යාබනලාභි සාමාන්ය තාපසයෝ ඇතැම් විට ඉෂ්ට වූ රූපාලම්බනයන් දැක වසඟ වෙති. කෙලෙස් තවන ගුණ ඇත්තෝ තාපසයෝ යි. මිස - නිපාතයි. පබඳ - ප්රාසිද්ධාර්ථයෙහිය.


දිවසර - 'දිව්+අසර' 'අසර' (පා) 'අව්ජරා' (සං) 'අප්සරස්' සංස්කෘතයෙහිය. 'අප්සරස්' නාමය යෙදෙනුයේ දෙව් වෙසඟනන් කෙරෙහිය. ඔහු නම් ඝාතාවි, මෙනකා, රම්භා, උර්වපශි, තිලොත්තමා, සුකෙශී, මංජුඝොෂා යනාදීහුයි. 'අසර' සද සාමාන්ය් ස්ත්රීඔ අර්ථයෙහි ද වැටේ. මෙහි ඒ අරුත්හිය. නඳ - (නන්ද) තුෂ්ටාර්ත යි.





දහම්සොඬ කව් වැනුම 147

141

ප:- මන් පිනවන - සිත් සතුටු කරවන, උරුවිසි සමග - උර්ව‍ශිය සහිත වූ, නළඟන - නාටිකාංගනාවන් විසින්, දුන් - දෙන ලද, මන ‍නුවන පිනවන - සිත් හා ඇස් සතුටු කරවන, රඟ - නැටුම්, නරඹමින් - බලමින්, පන්සිළු ඈ - පඤ්චශිඛ ආදී, චරසුර ගඳඹුන් - උතුම් දිව්යී ගන්ධර්වසයන් විසින්, වයන - වාදනය කරනු ලබන, කන්කලු - කණට රසවත්, මියුරු - මධුර වූ, වෙනනද - වීණා නාදයෙන්, සවන - කණිය, සදමින් - සජ්ජිත කරමින් - (ම.ස)

වි:- පිනවන - 'පිනවන' (ප්රීලතියෙහි) දයින් සිදු ප්‍යුෙයාජ්යාකර්ථ කෘදන්තයි. උරුවසි - (සං) 'උර්ව‍ශි' ශබ්දයෙනි. ශ්රෙ‍ෂ්ඨයන් නමුත් වසඟ කරවන රුසිරින් යුතුයෙන් මෙනම් වූවාය. ඍග්වේදයෙහි මෑ පිළිබඳ වර්ණුනා කරන ලදී. මො මනු ලොව දී 'පුරූ රවස' නැමැත්තහු ගේ බිරියව සිට පසුව දෙව් ලොවට ගොස් ශක්රෙයා ගේ අප්සරාවක් වූවාය. රඟ - රඟ දයිනි.

මන් පිනවන, මනනුවන - පිනවන - ප්රිථමය නළඟනන් සඳහා යැ. දෙවැන්න 'රඟ' යන්න සඳහා ය. සිත් ප්රීඟති කරවන නළඟනන් විසින් කරන ලද සිත් හා ඇස් ප්රීෙති කරවන නැටුම් යන අදහස ලැබේ. නළඟනන් ප්රිියංකර වුවත් ඇතැම් විට නැටුම් පියකරු නොවේ. දෙව් ලොව නළඟන රඟ යන දෙනම මනහරය.

පන්සිළු - (පා) පඤ්චසිඛ' 'ශිඛ' (කොණ්ඩා) පසෙක් හෙවත් පිටදිග වැටෙන කේශ කලාප පසෙක් මොහුට ඇත්තේය. චාතුම්මභාරාජික දෙව් ලොව වෙසේ. ශ්රෙුෂ්ඨ දිව්ය ගායකයා යි. මොහුගේ බෙරය 'සුසයර' නමි. ‍'බෙලුව පණ්ඩු' නම් වීණාව තුන් ගව්වක් දිගය.








148 දහම්සොඬ කව් වැනුම

සුරගදඹුන් - 'ගදඹුන්' යනු (පා) 'ගන්ධබ්බ' ශබ්දයෙනි. නැටුම් වැයුම් කරන දෙවියනට 'සුරගන්ධර්වඹ' යන නාමය යෙදේ. වයන - වය (වැයුම්හි) දයිනි. කන්කළු - 'කලු' යනු 'කල්ය ශබ්දයෙනි. ප්රිනයාර්තයි. මියුරු - 'මධුර' ශබ්දයෙනි. මෙයින්ම මිහිරියි ද, එයි. වෙණ නද - කරණ විබත්, සදමින - කර්මයය 'සවන්' යනු යි. වෙණ නදින් කන සැරසීම නම් එය ඇසීමයි.

142

අ:- දිනකර සඳ සහස් එකවිට පහළ යුරු ගනඳුර පැහැර දිව රෑ නිරතුරු දිලෙන පැහැර විසිතුරු නව රුවන්කොත් පැලැඳි සොඳුරු තුඟුතර සුර විමන් සැදි දෙපසෙහි - (ම.ස.)

ප:- දිනකර සඳසහස් - ඉර සඳ දහස් ගණනක් පහළ - ප්රානදුර්භූත වූ, පැහැර - දුරුකොට, නිරතුරු - අතරක් නැතිව, නව රුවන් කොත් - නවරත්නයෙන් කළ ගෘංගයන්, තුඟුතර - ඉතා උස් වූ, හෙවත්, තුඟු - උස් වූ, තර - මහත් වූ, සුරවිමන් - දිව්ය විමාන‍යන් ගෙන්, සැදි සජ්ජිත වූ. දෙපසෙහි - දෙපැත්තෙහි

හා:- දෙව් ලොව මඟ දෙපස සුරවිමනින් සැදුණේ වෙයි. ඒ විමන්හි කොත් නවරුවන් වූවාය. ඔවුන්ගේ රශ්මිය හිර සඳ දහස් ගණනක් පෑ කලක් මෙන් අතරක් නැතිව රෑ දවස් දෙකේ අඳුරු දුරලයි.

වි:- පැහැර - 'පහර' ‍දයිනි. නවරුවන් - මුතු, රතු මිණි, වෙරළුමිනි, (වෛරෝඩි) ගොමේද, දියමන්ති, පබළු පද්ම රාග, පච්ච, නිල්මිනි යන නවයයි. තුඟුතර - 'තර' යනු අතිශයාර්ථප ප්ර ත්ය යයි ගතහොතේ එකම ශබ්දයෙකි.




දහම්සොඬ කව් වැනුම 149

143

අ:- මුනිඳුන් විසින් වදහළ නොගෙවන පබඳ සූපසන් සුර ඉසුරු නරඹා සිතු පැහැද සුරරද සමග සුදසුන් වේ. මැදින් ගොස් සතොසින් සුදම් සබ අබතුරට වන් සඳ (ම.ස.)

ප:- වදහළ - ප්රුකාශ කළත්, නොගෙවන - ඉවර නොවන්නා වූ, පබඳ - මහත් වූ, සූපසන් - ඉතා පිරිසිදු, සුද සුන් වේ - සුදර්ශයන වීර්ථ-ය, සුදම් සබ අබතුරට - සුධර්මා නම් සභාවේ ඇතුළට, වන්සඳ - පැමිණි කල්හි.

වි:- වදහල - 'වදහර' දයින් සිදු අසම්භාවන කෘදන්තයි. සුපසන් - (පා) 'සුප්පසන්න' ශබ්දයෙනි. සුදසුන් වේ තව්තිසා දෙව්ලොවේ ප්රකධාන වීථියයි. සුදම් සබ යට දැක්වින. අබතුරට - ප්රිකෘතිය 'අබතුරු (පා) 'අබ්භන්තරවන්' - 'පැමිණීම' යන අර්ත ඇති ව 'දයින්' සිදු වනු යනු කෘදන්තයේ අන්ත්යහය ‍ලොප් වීමෙනි. සඳ - නිපාතයයි.

144

අ:- එහි නෙක සුරන් හා මනහර සුරසරන් හා දෙතිසක් සුරන් හා දෙදෙව්ලොව හිමි සුරනිඳුන් හා - (ම.ස.)

පා:- සුරන් හා දෙවියන් ද, (පාද සතරෙහිම 'හා' යනු ද යන අර්ථවත් ය) සුරසැන් - දිව්යදප්සරාවන්, සුරනිඳුන් ශක්රප දිව්යත රාජයන්.

වි:- දෙතිසක් සුරන් - ‍බෝසතුන් 'මඝ' මානවකව පින් කළ කාලයේ ඔහුට යහළුව සිටි දෙතින් දෙන මැරී ශක්රයයාට පඹනක් දෙ වැනිව ඉපිද උසස් තනතුරු ලැබූහ යි ද මේ ඔවුහු යයි ද කියති. වෛදික මතය වෙනයි. 25 ‍වැනි කවේ විස්තරය බලනු.




150 දහම්සොඬ වැනුම

දෙදෙව්ලොව - චාතුම්මහාරාජික, තාවතිංස යන දෙක යි. සුරනිඳුන් - විබත් 'ලොප්' නොවූ සමාසයි. ලොප් වූ විට 'සුරිඳු' යි සිටී. හා - පාද සතරෙහි ම සිටි මෙය නිපාතයි. සමග යන අර්තයෙහි නොවේ. 'ද' යන අරුත්හි ය.


145

අ:- නොමඳ තුටු පහටුව මනනඳ මහ බෝසතුන් දිව ‍පහස් දෙන ‍සොඳ විසල් පඬුපුල් සලස්නේ සෙද - (ම.ස.)

ප:- තුටුපහටුව - තුෂ්ට ව ඉතා තුෂ්ටව, දිවපහස් - දිව්යකමය ස්පර්ශය, පඬුපුල් සලස්නේ - පණ්ඩුකම්බල ශෛලාසනයෙහි.

වි:- පහටු (පා) පහට්ඨ 'පහස්' දයින් සිදු කෘදන්ත යි. ප්රිබෂර්යි ඇතිව යන අර්ථ යි. ප්රසභර්ෂල නම් අධික සතුටයි. දිවප‍හස් - දෙවියන් අයත් ස්පර්ශ ය (පා) 'ඵස්ස' යනු පස්යි එහි 'හ' ආගමයි. පඬුපුල් - 'පාණ්ඩුකම්බල' (පා) යනු පඬු 'ඇඹුල්' යි එයි. සන්ධි වූ විට 'පඬැපුල්' විය. සිදත් සඟරාවෙහි අවිදුමන් විදියට දැක් වූ නිදසුනෙන් 'පඬුඇල්' යනු ද එකෙකි. මේ දෙස ද සන්දි නො වෙතැයි සිදත් සඟරා ‍පාඨය තොරන ඇතැමුන් කියතුදු සිදතට ද පෙර පොතක් වන සසදාවතෙහි 'පඬැඹුල්' යි සන්ධි කොට යෙදිණි. සලස්නේ - 'සලසු‍න්' යනු ප්රතකෘතියි. සලසුනේ යන්නෙහි සුකාරස්ථ උකාර ලොපයෙන් සලස්නේ යි. සිටී. 95 වැනි කවේ විසතරය බලනු.

146

අ:- ඉඳුවා අදර කර ගඳ දුම්මලින් පුදකර මහසතුගෙන් පවර දහම් අසනුව සුරවු දැන් වූ.






දහම්සොඬ කව් වැනුම 151

ප:- ගඳදුම්මලින් - සුවඳැති ධුපයෙන් හා පුෂ්පයෙන්, අසනුව - ඇසීම පිණිස, දැන්වූ - නිවේදනය කළහ.


වි:- ඉඳුවා - හිඳ දයින් සිදු ප්රහයෝජ්යන පූර්වස ක්රිොයායි. ගඳ දුම්මලින් - කරණ විබත් 'ගඳ' යන්නෙන් 'සුගන්ද' යන අර්ථූය ගත යුතුයි. දැන්වූ - 'දැන්' දයින් සිදු අතීත කර්තෘඳ කාරක ප්රනථම පුරුෂ බහු ‍වචන ආඛ්යා්තය 'දැන් වූ' යනු යි. මෙහි අග 'ඌ' යන්න භ්රපස්ව විය. ඡන්ද‍ස රැකීමටය. සුරවර - යනු කතර්‍ෘ යි.

147

ප:- ගුණ රුවන සාගර - ගුණ නමැති රත්නයනට සාගරය වූ, දනමන කොඳ - ජනයාගේ සිත් නැමැති කුන්ද පුෂ්පයනට, නිසාචර - චන්ද්රසයා වූ, සදහම්අමාකර - සද්ධර්මු නමැති අමෘතයට උත්පත්තිස්ථාන වූ, පවර - උතුම් වූ, මුලුතුන්ලොව - සියලු ත්රිිවිධ ලෝකයට, එකසේ කර - එකම මුදුන් මල් කඩක් වූ, හෙවත් එකම කිරීටයක් වූ, (ම.ස.)

වි:- සේකර - (පා) 'සෙබර' (ස') ‍'ශෙඛර' හිසෙහි බඳින මාලාවට මේ නමි. ඔටුන්නට ද නමි. අර්ථප දෙකම ගැ‍ළපේ. තුන්ලොව - යට කියන ලදී.

148

ප:- මෙ අප‍ බෝසත් සඳ - මේ අපගේ ‍බෝධිමත්ව නමැති චන්ද්ර යා, අසුන් නුබමැද - ආසන නමැති ආකාශ මධ්යියට, සපැමිණි - සම්ප්රානප්තව, සුර සබ කිරි මුහුද - දිව්ය් සභාව නැමැති ක්ෂිර සමුද්ර ය, සදහම් අමාරැසින් - සද්ධර්මු නමැති අමෘත රශ්මියෙන්, ඔද වැඩි - ඕජාධික ‍කෙළේය.







152 දහම්සොඬ කව් වැනුම

හා:- බෝසත්, සඳට ද ආසන ය, අහසට ද සුරසබ කිරි මුහුදට ද සද්ධර්මුය සඳරැස‍ට ද සම කරන ලදී.

වි:- වැඩි - මෙයට සුරසබ කිරි මුහුද - යනු ප්රටකෘති කර්මහයි. 'ඔද' යනු විකෘති කර්ම්යි. 'කිරි මුහුද' යට විස්තර කරන ලදී.

149

ප:- සුර ගඟ තරඟ ලෙසින් - අහස් ග‍ෙඟ් රළමෙන් ද, අම වැසි වසින් විලසින් - අමෘත වර්ෂාුව වසින් අකාර යෙන් ද නිසි යොග්ය. වු, සුබැසි තෙපුලෙන් - සුභාෂිත වචනයෙන්, මෙ අප බෝසත් - මේ අ‍පගේ බෝධිසත්වයා, දහම් පැවසී - බණ කීය.

වි:- සුර ගඟ තරඟ ලෙසි - ආකාශ ගඬ්ගාවේ රළ නගින්නේ යම් සේද? එසේ වචන මාලාව නැගූ බව කියැවිණ. 'ලෙසි' යනු 'ලෙස' යන්න එළිසමය පිණිස විකෘති කළ නැති. 'සුර ගඟ' යට දැක්විණ. අම වැසි වසින විලසින් - අමෘතය නම් දිව්යි බෝජුන යි. ඉතා මිහිරිය, එය වසින්නේ නම් තෙමෙන හැම දෙනටම මිහිරි රසය (සැපය) ලැබේ. බෝසත්හු බණ කීයේ ද එසේය. එතරම් එය මිහිරි විය. සුබැසි (පා) 'සුභාසිත' යහපත් වචනයට නමි. යහපත් වචනය වුවද තැනට නොගැ‍ළ‍පේ නම් අමනොඥය. බෝසත්හු ගේ වචනය තැනට ද සුදුසු වූ බැවින් 'නිසි' යි යෙදිණ.


150

අ:- සදහම් අමා රස සවන් සන් ගොටුයෙන් තොස ඉතිර ගිය ලෙස බි සක් මහසතුට තුති ගොස කෙළේ.




දහම්සොඬ කව් වැනුම 153

ප:- අමාරස - අමෘත රසය, සවන් රන් ගොටුයෙන් - කන් නැමැති ස්වර්ණඬ වෂකයෙන්, තොස - සන්තෝෂයෙන්, සක් - ශක්ර්යා,

හා:- ශක්ර,යා සද්ධර්මය නමැති අමාරසය කන් නැමැති ගොටුයෙන් ඉතිරී ගිය ලෙසට බී මහසතුට ස්තූති ඝෝෂා කෙළේය.

වි:- රන්ගොටුයෙන් ‍'ගොටු' සද පැන් බඳුනට නමි. වත්මන් ව‍හරෙහි 'කෝප්පය' යි. රන්ගොටු නම් 'රන් කෝපපයයි' බී 'පා' (පීමෙහි) දයින් සිදු පෙර කිරිය 'පි' යනුයි. 'ප' හට 'බ' ආදේශ වීමෙන් මෙසේ සිටී. ඉතිර උතුර දයින් පෙර කිරියයි.

151

අ:- පුරඳර නොවිතර තුතිගොස ද පෙරදැරි කර මහ සතුට පියකර බසින් මේ ලෙසට අවවාද කෙළෙ.

ප,- නොවිතර - අප්රරමාන පෙරදැරි පූර්වාං ගම, පියකර - ප්රි.යංකර,

වි:- පෙරදැරි - (පා) පුරෙචාරි' යන්නෙන් ආයේයයි කියති. කෙළෙ - කෙළේ' යනු භ්රදස්ව වීමෙනි.


152

අ:- සිවු සඟරාවතින් මහරු දසරජ දහමින් සව් සතුන් සිත් ගෙන පෙර නරනිඳුන් විලසින් පවතු.

ප:- පෙර නරනිඳුන් - පූර්වන කාලීන රජුන්.

වි:- පවතු - 'පවත' දයින් සිදු විධි ක්රිමයා යි ඔබ' යනු කතර්‍ෘ යි: සිවුසඟරාවත්, දසරාජ දම් - යට දක්වන ලදී.



154 දහම්සොඬ කව් වැනුම

153

අ:- බුදුකුරු දම් පුරා සව් සතුන් වෙත නොවහිම් සුතපෙම් වඩමිනි පොරණ රජ දම් විලසින් පවතු.

ප:- බුදුකුරු දම් - බුද්දකාරක ධර්ම් (පාරමිතා) , නොව හිම් - සීමා රහිතව , සුතපෙම් - පුත්රප ප්රේදමය, (දරුවන් කෙරෙහි ඇති ආදරය) රජදම් - රාජ නීතියි.

වි:- හිම්නොව - මෙහි 'ව' යනු ප්රකකාර‍ාර්ථනයෙහි පූර්ව් ක්රිඋයායි. සීමා රහිත සේ යන අදහසයි.

154

අ:- මහ රද සව් කෙළෙස් මුල් සිඳ බුදු බව ලබන ලද පබඳ දස පෙරුමන් නිති සපුරමින් පවතු.

ප:- මුල්සිඳ මුලොච්ඡින්න කොට, පබඳ - ප්රතසිද්ධ වූ, නිති - නිරන්තරයෙන්.

වි:- ද‍සපෙරුමන් - යට දැක්විණ

155

අ:- මහතා, අනිත දුක් අනතා යන තිලකුණු නිති පතා මෙනෙහිකර පැවතා සසර සයුරෙන් මි‍ෙඳව.

ප:- මහතා - මහත්මයා, අනිත දුක් අනතා යන - අනිත්ය් දුක්ඛ අනාත්ම යන, තිලකුණු - ත්රි-ලක්ෂණය, නිති පතා - නිරන්තරයෙන්, පැවතා - ප්රනවෘත්තව, මි‍ෙඳව - මුක්තවව

වි:- අනිත - (සං) 'අනිත්ය ' ශබ්දයෙනි. අනත් - (පා) 'අනන්ත' හෝ 9සං) අනාත්ම ශබ්දයෙනි. තිලකුණු - (ස්වභාව තුන) 'ලක්ෂණ' නම් ස්වභාවයයි. හේතුන්ගෙන් ඇති වුණ ඵල ධර්මව වන සියලු සංස්කාරයන්ගේ ඉපිද



දහම්සොඬ කව් වැනුම 155

නැති වන ස්වභාවය 'අනිත්යස ලක්ෂණයයි. අනිත්යර හෙයින් දුක් සහිත වීම දුක්ඛ 'ලක්ෂණය' යි. තමාගේ යයි කිය හැකි බවක් නැති හෙයින් සියලු සංස්කාර 'අනාත්ම' යි. මේ සංස්කාරයන්ගේ සාමාන්යැ ලක්ෂණයි. මෙ තුන මෙනෙහි කිරීම, 'විදර්ශනා භාවනා' නමි. නිවණට පැමිණිය හැක්කේ මේ භාවනයෙනි. නිතිපතා - නිපාත යි. මෙනෙහි - 'මන' සදේ අදර විබත් පදයි. 'සිතෙයි' යනු අර්ථයි. සිහෙහි කිරීම නම් කල්පනා කිරීමයි. පැවත - 'පවත්' දයින් සිදු පූර්ව' ක්රි්යායි. අග දීර්ඝ ය, එළිසමය පිණිසයි. මි‍්ෙඳව - 'මද' දයින් සිදු විධි ක්රිුයායි. මහතා - 'මහත' යි සිටිය යුක්ති එළිසමය පිණිස දීර්ඝේ විය. මහත් යනු ප්රරකෘතියි. මහතා, මහත්හු සමතා, මහතුන් යනාදීන් වරනැගේ. 'ආමන්ත්රපණ'යෙහි මහත, මහතුනි, යනුයි. මේ අරුත්හි 'මහත්මා' මහත්ම' ශබ්ද දෙකක්ද වෙයි.

156

අ:- සක්රද මහසතුට මෙලෙසින් අවවාද කොට නර ලොවට එන ලෙස නොවිතර අදර කොට සමු දිනිය.

ප:- සමු - අවසර, දිනිය - දුන්නේය.

වි:- 'දිනි' - යන්නෙහි කර්තෘස 'සක්රද' යි. කර්මතය 'සමු' යන්නයි.

157

අ:- නරලොවට බසිමින් තම රජ සැපතට පැමිණ මතු බුදුවන ලෙසට සදහම සතන් තුටු කොට දෙසී.

ප:- දෙසී - දේශනා කෙළේය.

වි:- බසිමින් - 'බස්' දයිනි. මනුෂ්යද ලෝකයට බැස්සේ ශක්ර්යා‍ගේ උදව්වෙනි.




156 දහම්සොඬ කව් වැනුම

පැමිණ තම රජ සැපතට - රජතුමා රාජ්ය'ය ඇමැතියන්ට බාරදී වනගත විය. යළිත් එය භාර ගත්තේය. දෙසී - දෙස් දයින් සිදු ආඛ්යාේතයි. කර්තෘ් 'මහ‍සත්' යි ගත යුතුයි.

158

අ:- මනනඳ බෝසත්තුමා නොමඳ රජසිරි විඳ පසක් සක් රද මෙන් සොඳ රජ දහම නොවැරද විසී.

ප:- පසක් - පත්‍ ප්ර ත්යදක්ෂ, නොවැරද - නොවරදවා

වි:- වීසි - 'වස්' දයිනි.

159

අ:- කළකම් වූ විලස උපනුපන් තැන අලස නොව දස පෙරුමන් පුරා සිවු අසෙකි කප් සුවහස ගෙවා

ප:- කළකම් වූ විලස - කළා වූ කර්මරය වූ පරිදි, උප නූපන් - උපන් උපන්, අලස නොව - කම්මැලි නොවී, සිව් අසෙකි කප්සුවහස - සාරසංඛ්ය, කල්ප ලක්ෂය.

වි:- කළකම් - බෝසතුන් ගෙන් කුශලාකුශල යන දෙ ආකාර කර්මය ම සිදු වෙයි. අකුශල කර්මඋයකින් තිරිසන් ආදී ජාතියෙක උපනත් පෙරුම් පිරීම එතුමන්ගේ ස්වභාවයයි. 'කර්මන' යනු හොඳ නරක චේතනාවකට නමි. ඒ ඒ තන්හි ඉපිද සැප දුක් විඳින්නේ රැස් කළ කම්වල විපාක වශයෙනි. නොවලස - නොව අලස, දසපෙරුමන් - යට කියන ලදී. සිවු අසෙකි කප් සුවහස - අසංඛ්යස සතරකුත් කල්ප ලක්ෂය. සතර තැනෙක වූ සංඛ්යාි රහිත බව සැලකීමෙන් අසංඛ්යල සතර යයි කියනු ලැබේ. දීපංකර, කොන්ඩඤ්ඤ යන බුදුවරුන් දෙනම අතර




දහම්සොඬ කව් වැනුම 157

කාලය එක් අසඬ්ඛ්යංයෙකි. ඒ අතර ගතවූ මහා කල්පයෝ සංඛ්යාං පථය ඉක්ම ගියහ. කොණ්ඩඤ්ඤ,මංගල යන දෙනමගේ අතර කාලයද මෙසේම ය. ඒ එක් අසංඛ්යඩයෙකි. නාරද, පදුමුත්තර දෙනම අතර කාලය එක් අසංඛ‍යයෙකි. එක් එක් කාල පරිච්ඡේදය තුළ ඉක්ම ගිය මහා කල්පයන්ගේ ගණන සංඛ්යාන රහිතය. වර්ෂ් ගණනකින් තබා කල්ප ගණනිදු නො දැකිවිය හැකි පරිදි දීර්ඝය කාලයෙකි.

160

අ:- පුවතර දහම්සොඬ නිරිඳු මේ බදුරු කපතුරු කසුප් මුනිවර පැසුළුව පවර ගෝතම නම් බුදු වී.

ප:- පුවතර - ප්ර සිද්ධ වූ, බදුරු කපතුර - භද්ර‍කල්පය තුළ, කසුප් මුනිවර - කාශ්ය ප මුනිතුමාගෙන්, පැසුලුව - පසුව, ගෝතම නම් - ‍'ගෞතම' යන නාමයෙන් යුක්තව

වි:- බදුරු කප - මේ කල්පය බුදුවරුන් පස් නමකගෙන් ප්රරතිමණ්ඩිත හෙයින්, මේ නම් විය. 'යහපත් කල්ය' යන අත්ථි‍යි. මුනිවර - අවිදි විබත්, 'වි' යන ක්රි යාවට දහම් සොඬ නිරිඳු - යනු ප්රපකෘති කර්තෘක යි. 'බුදු' යනු විකෘති කර්තෘරයි. ගෝතම - මේ අප බුදුදරජාණන් වහන්සේයි. 'ගෞතම ' ගෝත්රනයෙහි උපන් හෙයින් මේ නම් වූ සේක. මවු පියන් තැබූ නාමය 'සිද්ධාර්ථ' යි. ශුද්ධෝදන රජුට දාව 'මහමායා' බිසොව කුස පිළිසිඳ දස මසක් අවෑමෙන් 'ලුම්බිණි' උයනෙහි දි බිහිව විසිනව වසක් ගිහිගෙයි වැස අනොමා ගං ඉවුරෙහි දී මහණව ස වසක් දුෂ්කර ක්රිබයා කොට බුදු වූ සේක.







158 දහම්සොඬ කව් වැනුම

161

අ:- මහබෝසත් සිරිත අදරව ඇසූ සව්සත දෑ ජරා මර මුත නිවන් සම්බත ලැබ වෙසෙත්වා.

ප:- මහබෝසත් - මහා බෝදි සත්වයා ‍ගේ සිරිත - චරිතය, අදරව - ආදර කොට, දෑ ජරාමරා - ජාති ජරා මරණයෙන්, මුත - මිදුණා වූ.

වි:- දෑ ජරා මර මුත - නිවණ ජාති ජරා මරණයෙන් මිදුණේ වෙයි. 'මුත' යනු මුද, දයින් සිදු කෘදන්ත යි. (පා) 'මුත්ත' යනුයි. නිවන් යනු (පා) 'නිබ්බාණ' ශබ්දයෙනි. 'වාන' නම් තණ්හාව යි. එයින් මිදුණේ 'නිවන්' නමි. මෙය විඳින සැපයෙක් නොවේ. කෙලෙස් සන්සිඳීමේ සැපයයි. වෙසෙත්වා - මෙයට කර්තෘබ 'සව්සත' යන්නය.

162

ප:- සව් සතර සමුදුර - සියලු ශාස්ත්ර නමැති සමුද්රවයා ගේ, පරතෙර - පරතීරය, නැණ නැවින් - ප්රලඥා නමැති නෞකාව කරණ කොට ගෙන, දුටු - දර්ශනය කළා වූ, දහම් දජ පඬිවර - ධර්මඥධ්වජ නම් පඬිතුමා ගේ, නදන වූ - පුත්රා වූ, මෙ දිය තුර - මේ ලෝකය තුළ, පරසිදු - ප්රරසිද්ධ වූ (ම.ස.)

හා:- දහම් රජ පඬිතුමා නුවණ නමැති නැවේ උප කාරයෙන් සියලු ශාස්ත්රි නමැති සාගරයේ පරතෙරට පැමිණි බවත් අලගියවන්නයන් එ තුමාගේ පුත්ර‍ බවත් ප්ර කාශිතයි.

වි:- නැණ නැවින් - කරණ විබත්, දහම්රජ පඬිවර සිය නෑ කොරණයේ 'හිස්සැල්ල' නම් ග්රා මයෙහි විසූවෙකි. නදන - 'නන්දන' ශබ්දයෙනි. සවු සත සමුදුර - පරතෙර





දහම්සොඬ කව් වැනුම 159

දුටු - 'යන්න' හා 'මෙදිය තුර පරසිඳු' යන්න අතිශයොක්තියි. ධර්මනවජ පඩිතුමාගේ උගත් කමත් අලගියනන්යන් ගේ ප්ර සිද්ධියත් විශාල බව මෙයින් හැගේ.


163

අ:- අලගියවන්න නම් ගුණැති නැණතුම් මුකවෙටි. සසර හිම් දකිනුව මනරම් හෙළු බසින් මේ කව කෙළෙ.

ප:- ගුණැති - ගුණයෙන් යුක්ත වූ, නැණතුම් - ඥානයෙන් උතුම් වූ, සසරහිම් - සංසාරයේ සීමාව, මනරම් - සිත්කලු.

වී:- සසරහිම් - සංසාර සීමාව නම් නිවණයි. මෙහි 'හිම්' සද ‍'කෙළවර' යන අරුතින් යුතුය.



නිමි.

"https://si.wikibooks.org/w/index.php?title=දහම්_සොඬ_කව-විවරණය_iv&oldid=5397" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි