නූතන මාධ්‍ය වගකීම කවරාකාරද?

Wikibooks වෙතින්
                                                                                                                                                                             ඡනමාධ්‍ය පිළිබදව කතා කිරීමේදී ඡනමාධ්‍ය සංස්කෘතිය ඉතා වැදගත් මාතාකාවක් වන්නේය.එහිදී ඡනමාධ්‍යකරුවා යනු විශේෂිතම පුදගලයාය. ඔහුට පැවරුණාවූ විශේෂිත භූමිකාවක් ඇත.එය නියමිතව ඉටුකිරීම ඔහුගේ කාර්යය වේ.එම කාර්යයන් අතර ආචාර ධර්ම සමුදායක් ඒක රාශී වී ඇත.
             ඔබ දන්නවාද පුවත් පත් මාධ්‍යය පිළිබදව කතා කරන්නට යෙදුනු වි‍‍ශේෂිත ගවේශකයතු වන මාර්ක් ටේවින් විසින් ඉතා අපූරු ප්‍රකාශයක් කර ඇත.ඔහු මාධ්‍ය වගකීම පිළිබදව දක්වන්නේ,


               ඔබට නිවැරදි යැයි සිතෙන දේ කරන්න. 
              මාධ්‍යවේදියා යනු රටේ මහඡනයා වෙනුවෙන් පොදු මතයක්  ප්‍රකාශ කල හැකි,අසාධාරණයත් සත්‍යයත් වෙනුවෙන් මේ සමාඡය ඉදිරියේ පෙනී සිටිය හැකි පුද්ගලයෙකි.ඒ අනුව ඡනමාධ්‍යය මේ මුළුමහත් සමාඡය වෙනුවෙනම පෙනීසිටිනවාය යන්න අපට හැගී යන්නේය.මෙවන් පෙරමුණක ඉදිරියේ සිටින ඡනමාධ්‍යය තුළ මාධ්‍ය වගකීම සුරක්ෂිත වීම අනිවාර්ය කරුණකි.නමුත් වර්තමාන මාධ්‍ය්‍ය දෙස බැලී‍මේ දී ඔවුනට පැවරුණු කාර්යය ඒ අයුරින්ම සාර්ථකව ඉටු කරන්නේද යන්න අපට කිව නොහැකි තත්වයකට පත්ව ඇත.
              ඉහත දාර්ශනිකයා විසින් "ඔබ නිවැරදි යයි සිතන දේ කරන්න." යැය සදහන් කලද තමාට නිවැරදි යැයි හැගුනද යම් යම් දේවල් මේ සමාජය හමුවේ නිවැරදි ‍නොවිය හැක එබැවින් පාඨකයා ගේ පැතිකඩ ඔස්සේ සිතීම විශේෂිතය.නැතහොත් ඔහු ගැන සාර්ථකත්වයක් සිතීම අපහසුය.
              සාර්ථකත්වය පිළිබදව කතා කිරීමේදී, නිවැරදි බව (ACCURACY)සමබර බව(BALANCE)නිරවුල් බව(CLARITY)පැවතිය යුතු අතර එහි ඒකරාශී විම තුළ අවසානයේ විශ්වසනීයත්වය (CREDIBILITY)ගොඩ නැගීම අනිවාර්ය වේ. නමුත් එය මාධ්‍යවේදියා සිතන තරම් සූකර කාර්යයක් නොවන්නේය.මේ තත්වය මාධ්‍ය සදාචාරය සාරධර්ම යටතේ ලිවිමේ හැකියාව තිබිය යුතු බැවින් මේ අපහසුතා ගාඩනැගෙන්නේය.
               මාධ්‍යවේදීන් යනු මිනිසුන් තුළ මහත් ලෙස හැගීම් සිතිවිලි වෙනස් කළ හැකි පුද්ගලයෙකි.ඔහුට සිත් පිරිසිදු කළ හැකිය,සෞභාග්‍යය කරා ගෙන යා හැකිය,විනාශකාරී ප්‍රතිඵල ඇති වන ලෙස සමාජය තුළ අසාමාන්‍ය තත්වයේ අසහනකාරී තත්වයන් වර්ධනය කළහැකිය.
               මේ අනුව ඔවුන් හැම කල්හිම වගකීමෙන්,කැපවීමෙන් යුතුව කටයුතු කිරීම වඩා වැදගත් වන්නේය .පුවත්පත් කලාවේදීන් විසින් අවධාරනය කර ගත යුතු කරුණක් වන්නේ මහජනතාව පොදු ස්ථාන සහ පොදු සිදුවිම් අවිනීතව හෝ තමා දකින ආකාරයෙන් විවේචන වලින් වළකීමයි. ඒ තුළින් යම් යම් පුද්ගලයන්ට ආයතනයන්ට යම් ආකාර අවාසි සහගත බලපෑමක් එල්ල වීමේ අවධානම වැඩි විය හැකිය. සමහර අවස්ථාවලදී පුද්ගලයන්ගේ මුහුණ ආවරණය කොට පෙන්වන අවස්ථා ඇත.එවැනි දේ සිදු කරනු ලබනනේ මානව අයිතිවාසිකම් පිළිබදව සිතාද? තවද නම් ගම් පිළිබදව සදහන් කිරීමේදීත් මේ තත්වය ඇත. අදාළ අය සදහන් නොකරන්නේ යැයි කිව හොත් නොදැක්විය යතුය.මන්ද එය වගකීමක් වන බැවිනි.නමුත් අද මේ තත්වය තරමක් දුරට ඈත් වී යන බවක් පෙනෙන්නට ඇත.බොහෝ විට අතවරයන්ට ලක් වූ කුඩා ළමුන්ගේ නම් ගම් දැක්වීමත් කෙරේ.එහි අපරාධයක් කළ පුද්ගලයා වයස අවුරුදු දහසයට වඩා අඩුද ඒ පිළිබද කිසිදු සැළකිල්ලකින් තොරව පළකිරීම් සිදු වේ.මෙහිදී බාලවයස්කරු නොදැනුවත් කමකින් මේ දේ කල ද මෙසේ නම ගම සහිතව පළවීමෙන් පසුව මෙවැනි ක්‍රියා සදහා ඔහු යොමු විමට ඇති සම්භාවිතාව තවතවත් වැඩි වේ.මේ තත්වය හේතු කොට ගෙන එනම් මාධ්‍ය ක්‍රියාව හේතුවෙන් පුද්ගලයෙකු මෙවැනි අගාධයකට වැටුන හොත් එය මොන තරම් අපරාදයක්  වන්නේද?
               ඒ වාගේම පොදු ඡනරුචියට හෝ සදාචාරයට හානි විය හැකි දේ පළකිරීමෙන් මේ දෙඅංශයම පහළ මට්ටමකට ඇද දමන බව කිව හැකි වේ. සෑම  පුද්ගලයෙකුගේම ගරුත්වය පිළිබදව වාර්තාකරු සැළකිළිමත් විය යුතුය.යම් කිසි පුද්ගලයකු‍ගේ පුද්ගලික ජීවිතය පිළිබදව මහජන යහපත පිණිස වන්නේ නම් මිස විවේචනය නොකළ යුතුය.තවද මහජන යහපතට නොවේනම් එවැනි වාර්තා සැපයීමෙන්ද වැළකිය යුතුය.
               විශේෂයෙන්ම අද පවතින වාතාවරණය අනුව ජාතිවාදය,වර්ගවාදය,කුළ හා ආගම සම්භන්ධවද අසහනකාරීත්වයක් හා අපරාද වර්ධනය වීමට හේතු වන ආකාරයේ තොරතුරු ලිපි පළකිරීමෙන් සැළකිළිමත් විය යුතය.එහිදී මේ මාධ්‍යකරුවා කළ යුත්තේ සමස්ත මාධ්‍ය තුළම වාර්ගික සමානත්වය සුහදතාවය හා සාමය ප්‍රවර්ධනය කිරීම සදහා ක්‍රියා කිරීමයි. 
               මාධ්‍යවේදීන් අපරාධ පිළිබදව වාර්තා කිරීමේදී ඒ තරම් වූ සැළකිල්ලක් දක්වන බවක් පෙනෙන්නට නැත්තේය.එහිදී අපරාධකරුවකුත් තවත් නෑදෑ හෝ මිත්‍ර සබදතා සමහර වාර්තා වලට ඇතුළත් වීමයි.ලිංගික අපරාධයකට සම්භන්ධ වාර්තාවකදී නම් තවත් බරපතළ වේ.තවද ලිංගික අපරාධ වලට භාජනය වූවන් පිළිබදව නම් ගම් සහිතව රූප රාමු දැක්වීම තුළ ඔවුන් තව දුරටත් දූෂණය වීමක් සිදු වේ.ඒ මතු නොව ලිංගික අතවරයක් නම් අමු අමුවේ ඒ සියලුම දේ පිළිබදවම විස්තර කිරීමටත් රූප රාමු දක්වන්නටත් මාධ්‍යවේදීන් පැකිලෙන්නේ නැත.අද බොහෝ ලෙස මේ තත්වය හදුනා ගත හැක.එය ඔවුන් සතු පටු ආකල්ප හේතුවෙන් විය හැකිය.තම පුවත් පත ප්‍රසිද්ධියට පත් කර ගැනීම යථාර්ථය වූවද එය අපට තවත් දෙයක් හිතන්නට ඉඩ ඉතුරු කර හැරීමකි.පුවතක් කියවීම අද ලොකු කුඩා භේදයකින් තොරව සිදු වේ.ඒ අනුව මෙවැනි පුවතත් වූවද කියවනු ඇත.එය එවැනි දේට පොළබවාලීමකි.එය මාධ්‍යකරැවාගේ වගකීම ‍‍නොවන්නේය.මේ තත්වයන් පිළිබදව මීට වඩා සැළකිළිමත් වූයේ නම්,සිතන්නේ නම් මීට වඩා යෝග්‍යය.
                සියලු පුවත් මාධ්‍ය සංස්කාරකවරයෙක් වෙතට,සංස්කාරක මඩුල්ලක් වෙතට ගොස් පුවත් පළවීම සිදු වේ.ඒ තැන්හිදීද මාධ්‍ය සදාචාර යට පටහැනි යැයි ඔවුනටද නොසිතේ.ඔවුනටද ඇත්තේ පටු ආකල්පයන්ය.එය පුදුම සහග කරුණකි.මාධ්‍ය වගකීමෙහි ස්වරූපය කවරාකාරද යන්න ඒ අනුවම ඔබට මට  පැහැදිළි වනු ඇත.‍
                බොහෝ පුවත් පත් විසින් "මහජන යහපත පිණිස" යන නාමය ආරූඪ නම යොදා ගනිමින් මහජනයාට පාඨකයාට කැප නොවන්නා වූ දේ ලබා දීමට ක්‍රියා කරන බව පෙනී ගොස් ඇත.දික්කසාද පවුල් ප්‍රශ්න වලදී මේ තත්වය දැකගත හැකිය.මේ පළවීම් දෙස බලන කල්හි පෙනී යන්නේ ආචාර ධර්ම අගයන මාධ්‍යවේදයකින් කිසි විටෙකත් සිදු නොවිය යුතු බවයි.නමුත් අද සිදු වන්නේ මෙයයි.මේ පළකිරීම් තුළින් මානසික හෝ චිත්ත පීඩනයකට ලක්වන්නට අදාළ  පුද්ගලයාට සිදුවන්නේය.එවැන්නකට ප්‍රසිද්ධියක් දීම  තුලින් සිදුවන්නාවූ යහපත නම් කිම.
                 අද මාධ්‍යවේදය තුළ සත්‍යය සොයන, සත්‍යය පළකරන මාධ්‍යවේදීන් සිටින්නේ නම් එය ඍණාත්මක යැයි කිව හැක.ජනමාධ්‍යය යන මාතෘකාව තුළට මුදල් දේශපාලනය යන සියල්ලම ගොඩ වී ඇත.එබැවින් අපට අතීතයේ මෙන් ආවස්ථික පිරිවැයකින් ක්‍රියා කරන්නාවූ මාධ්‍යවේදයක් සොයා ගැනීම අතිශ ය දුෂ්කරය.
                 වරක් ටේවින් ප්‍රකාශ කළේ නිවැරදි යන්නෙන් අදහස් කලේ තමා "නිවැරදි" යැයි සිතන ද් නොව "යථාර්ථවාදී සත්‍යය" බව මාධ්‍යකරුවා අවබෝධ කර ගත යුතුය.
                 1973 දී ශ්‍රී ලංකා පුවත් පත් මණ්ඩල නීතිය හදුන්වා දුන්නද අසත්‍ය අනිසි විකෘති පළකිරීම් වලදී නීති ක්‍රියාත්මක වන බවක් පෙනී නොයන්නේ වගකීමෙන් බැහැරව මාධ්‍ය පන්හිද තව දුරටත් ක්‍රියාකරන අයුරු දැකීමෙනි.



කේ.ඒ සුපුන්සරා තරංගනී වි.අංක.3905 AR/54592 භාෂා සන්නිවේදනය හා තොරතුරු තාක්ෂණය