බුත්සරණ - vii

Wikibooks වෙතින්

) බුත්සරණ. 315 ඒ අසා සෙනාපති සතුටු වැ යමයන් ‍ෙස් වටා ගත් කීන බල්ලන් ගසැ බඳැ පුජකබමුණා ගසින් බහාගෙණැ පැලැහු1 මස් හා අළ මි හා මියුරු ආහාර කවා ගමනශ්ර මදාහ නිවා සතප්වා ගෙණ බමුණා නික්මුනු කලැ මඟට මිලබුවක් පුරා දී මස් පිඬියක් ද දී පසු ගමන්කොට දකුණත ඔසොවා බෝසතානන් වසන දීශාවට මඟ කියන්නේ “බමුණ, තෙල දියවලාකඩක් සේ දුරින් පැණෙන්නේ ගඳමඳන්2 පව්ව යැ. එගල්පයත3 කීරි කුබුක් නුග ඇසැටු කෙළිඳ ගිවුළු බෙලි අඹ දඹ බක්මි එල්කෙහෙල් කටුඑරමිණිය නඳුන් සඳුන් සපු දුනුකේ නා පනා මේ ආදී මල් පල්ලෙන් සැදුනේ යැ. හැලි ගසා දිවන මනහර ගංහෝ ආදීයෙන් සැදුම් ලද්දේ යැ. මල්පල්ලෙන් ගැවසීගත් ලියකිඳුරන්ට ගේ වු සිත් කලු වු ගල්තෙල්ලෙන් රමණිය යැ. ඒ වනයෙන් නො එක් ඵලාඵල කමින් හඬා වැගිරෙණ නොඑක් හැලි සියයෙන් නහමින් පැන් බොමින් ගිය කලැ ඔබ්බෙහි පොකුණෙක් පඤ්චපදුමයෙන් සැදුනේ යැ. නෙළුම්පත්පිට වගුළ මල් රෙහෙණු වැල්මී ශකීරා සෙයින් කමින් ගොස් මඟ ලැගැ රාක්ෂයන් විසින් ගහන වු වනාන්තරයෙහි විපුලපර්වතයෙහි අව්වුත නම් තපස්වීන් වසන පන්සලට වැදැ සැතැපී උන් අතින් මඟ පිළිවිස්වා ගණ”යි කියා සුලුවනය විස්තර කොට මඟ කියා නැවැත්තේ.

      බමුණු   ඌ   කී   පරිද්දෙන්   මැ  ගොස් විපුල නම් පර්වතය 

සමීපයෙහි4 පන්සලට වැද තපස්වීන් දැකැ සුවදුක් පිළිවිස්නේ5 “කරුණු මඳ ද? මැසිමදුරුවන් විසින් දුක් නැද්ද? දිවියන් වඟුන් වලසුන් සිංහයන් විසින් උපද්රමව නැද්ද? ඵලාඵල ලැබේ ද?” යි කියා විචාරා සිටියේ. තපස් වී කියනනාහු “තා කී තාක් දෙයින් දුක් නැත. ඵලාඵල ලැබෙ” යි කියා ඔහුගේ ගමන් ශ්රිමදාන නිවා ඵලාඵල දෙවා, සැතපී හුන් කල්හි, කියන්නාහු “රාජ්යදය හැරැ තපස් කොට වල අවුත් හුන්නන් කරා වස්තු ඇත්තෙන් අයි ද?” යි කීහ.

           බමුණු    කියන්නේ  “තාපසයෙනි, වස්තු සඳහා ආයෙමි

නො වෙමි . ඒ වෙසතුරුරජුන් බලාපියන සඳහා ආමී” කී යැ. මෙසේ කිය එහි ලගැ පහන් වු කලැ තපස් වී තමන් බොරු නො දන්නෙන් මු කී බස් සබා දෝ හො යි සිතා මඟ පානාහු

1. පැලවු 3. පයැත 5.පිළිස්වන්න 2. ගඳමහන් 4. ස්වමිපයෙහි



316 අමෘතාවහ (වෙස්සන්තර


“බමුණ,1 මෙසේ ගියකලැ දකුණත හසරින් ගොස් වංකපර්වතය ආසන්නයට ගිය කලැ චතුරස්සර පොකුණෙක් ඇත. එ විල පස්පියුමෙන් සැදුනේ යැ. එ පොකුණ සිසාරා අඹ දඹ කීන කුඹුකින් සජ්ජිත යැ. නිල්මහමේ නැගි කළුවලාකඩක් බබලන්නා වැන්න. ඒ ඒ තැන සුළඟින් පැහැරැ කඳු බැඳී තිබෙන මල් රැසැ. බමරුන් පියාපහරින් නිති වැගිරෙණ මල් මුවරඳ යැ. මල් කෙසරු කඩා පුරා කා මත් වැ කුල්නා කෙවිල්ලෝ ඇති. ඒ ඒ පර්වතශිඛරයෙහි ලියහී නඟා නටන ලියකිඳුරෝ ඇති. ඒ ඒ දොළනැ ලියමඩුයෙහි රිසි සේ කෙළනා විද්යායධරයෝ යැ. බමුණ, රන්ගිරිකුළුමුදුනෙහි මුළු බැඳ නටන මොනරකැළ යැ. තොල් ලෙහි තොලු තබා ඔවුනොවුන් සනහසනහා යන නො එක් මුවරැළ යැ. බමුණ, ඒ දොළනැ විලික්සැ2 තිබෙන ඇත්දළ පමණ පක් ඇති කෙහෙල්කැන ය. මහදියකළ සා පක් ඇති කොස්වනය යැ. විලික්සී හිස වැගිරෙණ මී අඹකැනැත පුවක්කඳ යා මහත් දඬුඇති උක්වනය යැ. බමුණ,තෝ මේ වනයට වැදැ තා කැමැති කැමැති ඵලාඵල අනුභව කෙරෙමින් සැතැපෙමින් වංකපර්වතතය සමීපයට ගොස් පන්සලට වැදැ වෙස්සන්තර රජ්ජුරුවන් දැකැ”යි කීහැ.

බමුණු ඒ අසා සතුටු වැ තුන්විටක් කොට සෘෂීන් වැඳැ සමු ලෙණැ කී සලකුණෙන් ගොස් සතරැස් පොකුණ ද වනස ද දැකැ ඒ වන්යෙහි එක් ගිරිගුහාවක්3 දැකැ සිතන්නේ “මේවේලෙහි වෙසතුරුරජ්ජුරුවන් හුන් තැනට ගියෙම් නම් , වනමුල් වනඵල ගෙණැ ඇර වේලාවට වළඳති.ස්ත්රී හු නම් දානවාරණයහ දනට බාධා කරන්නාහු ය’යි සිතා “මේ ගුහාවෙහි අද ලැගැ ගෙණැ සෙට උදාසන මද්රිවදේවීන් ඵලාඵල සොයා යා දී ගොස් දරුවන් දන් ගන්මි” සිතා ඒ ගුහායෙහි ලැගගන.එදවස් මැ මද්රිවදේවීන් පාන් වන වේලෙහි නපුරු ස්වජනයක් දැක භය පත් වැ හිඳ4 “මේ මුළු පොළොවැ වෙස්සන්තරරජ්ජුරුවන් සමාන ස්වප්ත දන්නාහු නැතැ”යි සිතා බොධිසත්ව්යන්ගේ දොරැ සිටියෝ කවුරු දැ?” යි විචාළාහ.

1.බමුණු. 2.ගුහාවක්. 3.විලික්සව. 4.භයානකව හිඳ සිතන්නේ





ජාතකය) බුත්සරණ. 317


මද්රිසදේවී “ස්වාමීනී, මම යැ”යි කීහ. “දේවීනී, නොවේලෙහි මා කරා තොප නො එන්ට යර ලද්දෙම්”?යි කී ය. දෙවී කියන්නාහු “සිවාමීනී, අන්ය”තර1 සිතෙකින් ආයෙමි නො වෙමි. මා දුටු ස්වප්නයක් කියන්නට ආමි” කීහ. බෝසතානෝ ‘කියව’යි වදාළහ. මද්රිනදේවී කියන්නාහු “ස්වාමීනී, එක් කළුමිනිසෙක් එක්රතක් හැඳැගෙණැ රතක් කරැ ලා ගෙණැ දෙකණැ රත්මල් පැලැඳැගෙණැ කඩුවක් හිස සිසාරමින් මා කරා අවුත් මට නො එක් අඩුවැඩි බැණැ පියා මා හිස ජටාව අල්වා ගෙණැ ඇද බිමැ හෙළාගෙණැ මා හඬවහඬවා මා දැසක් උදුරා ගෙණැ ලේ පරහපරහා ඇරැගෙණැ ගියේ නම් “යි කීහ.

බෝසතා‍නෝ සීනය අසා සිතන්නාහු “මාගේ සත්මසක් පිරිහී ගිය දානපාරමිතාවෝ පරිර්පාණ වෙති. සතුටු වැ “දරුවන් දෙන්නා ගෙණැයන්නට වනයට බමු‍ණෙක් ආ වනැ”යි සිතා බිසවුන්ට කියන්නාහු”දේවීයනි, පෙර2 මියුරුආහාර කා සුව යහන්හි හෝනා වූ තොපට දැන් වලැ ඵලාඵල වළඳා සුව යහන් නො ලදින් දඬුමැස්සෙහි හෝතෙන් පණෙන ගිහින යැ”යි කියා සන්හිඳුවා බැණැ යැවූ දැ යැ.

පහන් වූ කල්හි මද්රි දේවී මළුව හැමැදැ දැහැවිපැන් තබා පන්සල් හැමැදැ මල් දා දරුව්න් දෙදෙනා කැඳවා මුහුණ තබා සිඹැ පියා “දරුවෙනි, මා රෑ දුටු ස්වපන්යැ නපුරැ. තලබිජුවක්3 සා යහපතක් නැත. තොප පියානන් ඇළයෙන් බැහැරට නොයව .කෙළනාතැනැ බියපත් වව”යි දරුවන්ට ඔවා දී බෝසතානන් කරා ගොස් වැඳැ ‘සිවාමීනී මේ වනවලැ මට නෑයෝ නම් සියෝ නම් නුඹ හා මාගේ දරුවෝ දෙබිහින්න මැයැ. ස්වාමීනී,මම වලට පලවැළ සොය‍ා යෙමි. මා එන තෙක් නුඹගේ දරුවන් දෙදෙනා කෙරෙහි බියපත් වූව මැනැව. නුඹවහන්සේත් සිහි ඇති වැ වැඩැහුන මැනව. ස්වාමීනී, මා යනබව මුත් මාගේ ලය නුඹබව දැනැ වදාළ මැනැවැ”යි කියා දරුවන් පාවාදී මල්කරුව හා පෙට්ටිය හා ැරගෙළුැ වනමුල් වනඵල සොයා යන්නාහු හඩමින් වලපමින් “මේ වලැ දෙවියනි, මාගේ දරුවන් කෙරෙහි බියපත් වව. මා ක්කිළියගේ එකළාකම් බලව”යි දෙවියන්4 යදිමින් ගියහ.


1.අහස. 2.තලබින්දුවක්. 3.පෙර තොප. 4.දෙවියන්ට.



318 අමෘතාවහ (වෙස්සන්තර

බොදිසත්වසයෝ බිසොවුන් වලට යා දී සක්මන්මළුකෙළවරැ බමුණා එන පෙරමඟ බලබලා වැඩැහුන්හ. දරුවෝ දෙදෙන බොධිසත්වයන් පෙරට වැලි කෙළැ කෙළැ හුන්නාහ ඉක්බිති බමුණු ද ‘මද්රිවදේවීන් වනමුල්වනඵලයට මේ යන වේලා යැ. උන් වලැ සිට නො එනතුරු දරුවන් ගොස් ඉල්වා ගණිමි”යි සිතා පන්සලට ගියේ .බොධිසත්වසයන් බමුණා එන්නාහු දුර දී මැ දැකැ “සත්මසක් අප නුදුන් දානපාරමිතාවන් ඇති කරන්නට එන කළ්යා“ණමිතුයෙකැ. සුලුවනය තිස්යොදනක් මහවනය තිස්යොදනක් තැන් නිකම් නො එයි. දරුවන් ඉල්ලා එන වනැ”යි සතුටු වූ නියාව දරුවන් කෙරෙහි කළ ප්රෙ මයට වඩා සිටියේ යැ. බෝසතානෝ ලොකු අනැ කෙඞිපිරිකර ගෙණැ කැඳවා ගෙණැ එ”යි යැවූහ. ජාලියකනුමාරයෝ සතුටු වැ ගොස් කෙඬි පිරිකරට ැත දික් කලහ.

බමුණු සිතන්නේ ‘වෙස්සන්තරයන් මට දුන් දෙන දරුවෝ මූ යැ”යි සිතා “දැන් මා මොළොක් වුව හොත් ,මතු මට මෙහෙ නො කෙරෙති” සිතා “දැන් මැ මුක් භය ගන්වා උරණ වුව මැනැවැ”යි සිතා කුමාරයන්ට උරණ වීයැ. ජාලියකුමාරයෝ භය ගෙණැ පලා අවුත් බෝදිසත්වමයන් දැකැ ස්තුති කොට සිටැ කියන්නේ ‘ශ්රීදමත්ති2 කොප ශරීරයට කරුණු නැද්ද? මැසි මදුරුවන් විසින් ව්යාදඝ්රයසිංහයන් විසින් යක්ෂයප්රෙදතයන් විසින් දුකු නැද්ද? වනමුල් වනඵල ලැබේ ද? තපසට අන්තරාය නැද්ද? දනට බාධා නැද් ද”යි කියැ. ඒ අසා බොධිසත්ව යෝ කිය්නාහු “තා කී මෙතෙක් දෙයින් මැ දුක් නැත. තපසට අන්තරාය නැත. දනට බාධා නැත. පින්වන, තාගේ ගමන් ශ්රතමදාන නිවා තිලින් -අඹදඹඑල්කෙහෙල් කටුඑරමිණිය වියේ රස වන්නැ.- ඒ ඵලාපල කා පැන් බී සැතපී හිඳුව”යි වදාළහ.

බමුණාද එසේ හෙයින් මැ තා බී සැතැපී හුන් කල්හි බොසතානෝ කියන්නාහු “තා ආ කාරිය කිමෙක් දැ?”යි සුළු වුන්හ. බමුණු කියන්නේ “මහාපුරුෂය, සතර මහාගංගායෙහි පැන් යම කෙනෙක් බොද් ද. ඒ පැන් උනු නොවන්නා‍ සේ, සියලු යාචකයන්ගේ සිත් මනදොළ පුරණ උත්තමය, අනික් වැඩ කටයුත්තකට ආයෙමි”කී යැ. මේ කපැ බුදු වන්නා වූ මුළුපොවට


1.එන්නා වූ. 2.ශ්රීමවනනය.





ජාතකය) බුත්සරණ. 319


වැඩක් මැ සිතන්නා වූ එ මහතානන්වහන්සේ බමුණා කී බස් අසා දෙ‍දරුවන් මුහුණ හා බමුණා මුහුණ හා බලාපියා වලට ගිය බිසවුන් සිහි කොට ලා සිත උපන් දළසෝගිනි “බමුණාට දන්දෙමි”යන සිත් නැමැති විලැ ධාරාහිෂෙකජලයෙන් නිවා වදාරා දන් දිමෙන් මැ එක්සිත් වූ සේත.

එසේ නො සිතුව හොත් බෝමැඩ පිට දී වජ්රාැසනයෙහි වැඩැ හිඳැ මරසෙන ප්රොලය කොට කෙසේ නම් බුදු වන සේක් ද? මේ සසර අවුලෙහි බැඳුනු සත්ව යෝ කා මුහුණ බලත් ද? මෙ මැ සත්වසයා නිවන්පුරයට ගෙණැ යන්නෝ1කවුරු ද? එදා දරුවන් දන් දීමෙහි පසු බට හොත් බුදු වූ ඒ මහතානන් කරා මෙහෙයූ නාලාගිරි නම් පරුෂ ඇත් ශ්රීබපාදය කුමට වැදැගෙණැ හොවි ද? තව ද, සොර වූ මරහු වැනි වූ ආලවක නම් යක්ෂණයා මින් බිඳ2 කුමට ශ්රී පාදය පුදා ද? එදා දන් දීමෙහි මසුරු වූව, මිනීමරු වූ අංගුලිමාලයා දැන් තමන් සස්නෙහි කුමට කුලගැති වෙ ද? එදා ‘දරුවන් නො දෙමි’ සිතුව දැන් දෙවදත්තයා හිසට පෙරළූ ගල් එත නො දී පොළොමින් ගල් දෙකක් නැගි කුමට පිළගණී ද? තව ද, මහමෙර සත්දරණපටෙකින් වෙළා ගෙණැ තමන්වහන්සේට කිපී විෂතෙජසින් දිලිසෙන්නා වූ නන්දාණප නඥයා දැන් නම් හික්මවනසේක් ද? එදා දරුවන් සිනෙ හැති වැ බමුණාට දන් නො දෙමි කිව හොත්, බ්ර හ්මතෙජසින් දිලිසෙන්නා වූ යහම්පති මහාබ්රෙහ්මයා දැන් ඒ ස්වාමිදරුවන්ගේ සිරසට තමන්ගේ ධවලචත්රිය ධරා කුමට සරස්මේතැන්හි3 සිටී ද? එදා දර්වන් දන් නො දෙමියි එ දරුණු බමුණා යැවව හොත් දෙදෙව්ලොවැ දෙවියන්ට අධිපති වූ යක්රවපදවේන්ර්්ගේයා දැන් තමාගේ එක්සියවිසිරියන් ජයතුරාසක්රුවන තමා තුඩ පොපියන්නේ4 පිඹි ද? එදා ‘ඒ ලදබොලඳ දරුවන් නො දෙමි’සිතුව දැන් පස්වාදඑසක් මුළුල්ලෙහි නිවන්පුරයෙහි දොර ඇරැ තබා තමන් පිරිනිවිය ද, ශ්රීුශරීරයෙන් දාගිය ඇට ද, වැළඳැ පාත්ර ය ද, තමන් වදාළ දහම් ද ,වැඳැ පිදූ සියලු මිනිස්‍ දෙවි බඹුන් කෙසේ නම් නිවන්හි පියිටුවන සේක් ද?

මෙසේ එ බමුණු ‘දර්වන් ඉල්වා ආමි’කී බස් අසා බොසතානෝ තමන්ට ‘රාජ්ය්යෙන් වොටුනු පලඳුව’යි කී බසක් සෙයින් සතුටු වැ කියන්නාහු”බමුණ,තෝ මට පරලොවින්


1..ගන්නේය. 2.තැන්. 3.බිඳි. 4.පොපියන්නෝය.



320 අමෘතාවහ නම් වූ [වෙස්සන්තර


අමුත්තෙහි. තා සේ මට මිත්රතයෝ නැත. සෙසු යාචකයෝ ඉල්වත් නම් , ඇතකු හෝ ඉල්වති. අසකු හෝ ඉලුවති. රන්රුවන් හෝ ඉල්වති. මෙවැනි මහලෙකැ අවුත් අනිකක් නො ඉල්වා අපගේ දරුවන් ඉල්වුබව ඉතා යහපතැ. ඒට මරුවැලක් සිහිනෙනුත් නො කියම්හ. දරුවන් වන්නා තට සමසිතින් පාවා දෙම්හ. බල එකක් කියමි. බමුණ, මේ ලඳ බොලඳ කුමාරයෝ කිසි දුකක් නොදුටුවිරූහ. දැත් මැදරුවන් දෙබිහින්නන් ගෙණැ ගියෙහි නම්, මේ දරුබිලිඳු සාවිඩා වෙති. එසේ හෙයින් බිසොවුන් වල් ගොසින් අවුදින් දරුවන් දෙදෙනා නහවා මල් පලඳවා වනමුල්වනඵල කවා දරුවන් ඇදවැලඳැ සිපගෙණැ ලඳබොලඳ සුරතල් බස් අසඅසා ඇය ලය නිවී සැනසුනු කලැ, අද රෑ ලැගැ පහන් වූ කලැ, දරුවන් දෙදෙනා ගෙණැ යව. කව ද මේ දරුවන්ගේ එකළා මෑනියෝ දරුවන් අපට පාවාදීලා වලට ගියෝ යැ. ඵලාඵල ගෙණැ අවුදින් දරුවන් දෙදෙනා නුදුටුවෝ නම්, උන් ලය පැළී යෙති සිතීමී. මාගේ ඉපවමිත්රෝ වූ බමුණ, තට ගැති වන මේ දරුවෝ දෙදෙන ඉතා මැ සියුමැලි රජකුමරුවෝ යැ. නැති මෙහෙයෙහි නො හසළ විරූහ. තදින් මොළොකින් මෙහෙ උගන්වා ‍ ගෙණැ ගැති මෙහෙකම් ගෙණැ අද මෙලොවට හැමමේ”යි වදාළහ.

එබස් අසූ බමුණු තෙම ‘රජ්ජුරුවෙනි, ස්ත්රී හු නම් දනෙයට බාධා කරණ සුල්ලභ. ගුහකර්මාරන්ත නො දනිති. මම මී ලගිනට නො පොහොසත්මි. දරුවන් දෙවි නම් , මට කල් නො යවා දෙව.1 නො දෙව නම්, මම ආ සේ නැගි යෙමි. තෙල තන්වැසිකම්, හිමි තෙපි කෙසේ උගතු දැ”යි බිණීයැ.

බොසතානෝ එබස් අසා “ බමුණ, දරුවන් දෙමියි කියාලා නැවැත නො දෙමි යි බොරුවක් නො කියමි. දනට පසු බස්නා එකෙකිම් නො වෙමි. බිසොවුන් එනතුරු නො හැම්මෙයි නම්, මේ සියුමැලි දරුවන් මහ නළවනවා සතප්වමින් අස්වසමින් කැඳවාගෙණැ දරුවන් මුතුන් මිත්තන්ගේ රටට ගෙණැ ගොස් සඳමහරජානන්ට මෙපවත් කී කලැ මපියානන්වහන්සේ අප කෙරෙහි කළ ස්නේහයෙන් මුනුබුරන් දුටු සතුටෙන් ඔවුන් මිහිරිබස් අසමින් තට කෙලිකොල්ලන් හා බොහෝ වස්තු දෙති” කීහ. බමුණු එබස් අසා ඉස සලමින් ‘යහපතැ, මා දිවි ගනනට සිතූ නියා! හිමි, තෙපි මේ උපාය කොයින් උගතු ද? මුනුබුරන් දුටු සඳමහරජ්ජුරුවෝ මට කීයැටියක් කෙරෙති.

1.දෙවව.



ජාතකය] බුත්සරණ 321.

බමුණ, තෝ අප දරුවන් ගැති කොට ගෙණෙයි1 ද ? යි කියමින් මා කන්නාසා කපා මදිවි ගණිති. වහල් තබා තමා දිවි රැකැ ගණුත් යහපතැ. දරුවන් දෙවු නම් , දෙව. නො දෙව් නම්, නො දෙව. තෙල බස් අප රකුත් හොත් , නො කියව”යි කී ය.2

දරුවෝ දෙදෙන3 බමුණා කියන බස් ද පියරජු හිඳැ ‘ගැති කොට දෙ මි’ යි කියන බස් ද අසමින් භයපත් වැ සිටැ ගත නො හී, දිවියා දැකැ මරණභයින් දිවන මුවපැටවුන් දෙදෙනෙකු සේ, ඉගිලෙමින් ‘ බමුණා ලුහුබැඳ එකී’ පසු බලමින් දිවන්නාහු පන්සල්පිටිපසට වැද, භයින් එතැනැ ද සිටැ ගත නො හී, වන ලැහැබකට වැදැ සැඟවුනාහ. බැලුබැලු දිශාවෙන් බමුණා දිවෙන්නා සේ පෙණෙන්නෙන් එතැන ද භයින් සිටැ ගත නො හී “අනේ, නහඬ 4 කුම් කරමො දැ?යි කියමින් වෙවුලමින් හඬා ගෙණැ දිවන්නාහු සතරැස්පොකුනට වැදැ ‘ඇපි ඔවුනොවුන් නො පාම්හ’යි දෙදෙන බැණැ ගෙණැ උනුන් අත එලී ගෙණැ පොකුණෙහි කර පමණක් දියට බැසැ නෙළුම්පත් හිස ලා ගෙණැ සැඟැවී සිටැ කන් දී සොල්මන් අසඅසා “අද අමඩී ‘දුටු සිහින නපුරැ’ යි කිවූ යැ. බැහැර ට නො යන්ට කිවූ යැ. බිය පත් වවයි කියා පියානන්ට5 අප බලන්නට පාවා දී ගියෝ යැ . අමඩ, අප හා සිහි කරව. අමඩි වැලි කෙළිනි සිතද් දෝ හෝ! මෙවෙනි දුකක් වූ බව නො දනිද් දෝ හෝ! අප හා පුරුදු දෙවියනි, තෙපි දිවැ ගොස් අප දෙදෙනා රැකැ අමඩින්ට කියා වහා ඇරැගෙණ එව. ඇපි උන් දැකැ පියා පාවිට හී හඹාපියා උනුදැ කීවක් කරම්හ” යි මෙසේ බැගෑපත් හඬින් හඬා වෙවුලමින් කර පමණක් දියෙහි සැඟැවී සිටියහ.

බොධිසත්ත්වහයෝ දරුවන් සැඟවුනු බව නො දැනැ බමුණාට දන් දෙන්නට යැයි දරුවන් කැඳවූහ. දරුවන් නොබිඳුණු හෙයින් බමුණු සිට කියන්නේ “විශ්වන්තරයෙනි, තොප සේ වූ බොරුවෝ මෙමුළුරටැ නැත. තෙපි ගිඟි ලාලා දරුවන් සගවාපියා නොදත් වැනි වැ හිඳැ දරුවන් කැඳවවු ද? මෙසේ තන්වැසිදන් දෙන තොප සේ වූ කෙනෙකුන් නුදුටු පිරිමි” යි බිණී යැ. ඉක්බිති බොධිසත්වේයෝ “‍බෙරු කීහ” යන බසට ලජ්ජා වැ හිඳැ කියන්- නාහු ‘බමුණ මං දන්සොඬ හෙයින් දැඩි වන්නා, මෑනියන් දැ6 නැති‍වන්නා තාගේ රළුකම් සිතා යහපත් වැ පැල7 වන්හ.

1.ගෙණෘයි. 4.නගාය. 7.පලා. 2.කියා. 5.අමමන්ට. 3.දෙදෙ‍නකුසේ ඉගිලෙමින්. 6.මෑනියන්ගේ. ‍


322 අමෘතාවහ නම් වූ [වෙස්සන්තර

තෝ මඳක් හැම්මෙයි” කියමින් නැඟී සිටැ පන්සල්පිටිපසට ගොස් වල්ලැහැබට වැදැ එහි නො දැකැ , දර්වන්ගේ පියකුණින්1 ගොස් පොකුණට ගියබව දැනැ, මේ කප බුදු වැ මුළු ලොවට ශාන්ති එළවන එ මහතානෝ ලය වහවා ගෙණැ හඬ ගසන්නාහු “මපුතනුවෙනි, ජාලියකුමාරයෙනි” හඬ ලූහ . බුදු වන ජාතියෙහි රහල් කුමරු වන මහපිණැති වූ එ රජ කුමර තෙම පියානන් හඬ ගෑ එක එ හඬ අසමින් මැ “බමුණූ මදිවි ගණිවයි. මා ගැති කෙරේවයි. මපියානන් වහන්සේ ලූ හඬ අසඅසා නො සිටිමි” යි සිතා “එමි , අපචිචැ” කියමින් දෙඅතින් නොළුඹූපත් පිහිරා ගෙණැ පොකුණෙන් නැගී අවුදු පියානන් දකුණුපය වැලැඳැ ගෙණැ හඬන්නට වන්හ. බොධිසත්ව යෝ පුතනුවන්ගේ හඬ අසා2 ල කම්පා වැ නැවැතැ සිත් සන්හිඳුවාගෙණැ කියන්නාහු “පුත, තොපගේ නැගනියෝ කොයි දැ?” යි විචාළහ. ජාලිය කුමාරයෝ පළමු මැ “නො කියම්හ ” යි දෙන්නා බැණගත් හෙයින් “මපියානන්වහන්ස, මරහයින් පලන මෘගජාතීහු උනුන්ට කියාලා පලද් ද? අපට දවූ දැ එබන්දක් මැ යැ” යි කීය

         බෝධිසත්වයෝ     ඒ         අසා “    මාගේ     දියනියෙනි. කෘෂ්ණජීනා

වෙනි” හඬ ලූහ. මතු බුදු වූ කලැ තමන් සස්නෙහි “උපුලුවන් මහාථෙරී යැ” ප්ර්සිද්ධ වන ඒ මහපිණැති දියනියෝ පියානන් හඬ ලූ හඬ අසා “බමුණා මා දිවි ගණිවයි. මපියානන්වහන්සේ ලූ හඬ අසා සිටිමි දැ” යි හිස ලූ නෙළුම්පත් හැරැපියා දෙව්දුවක නැංගාක් මෙන් අවුදු බොධිසත්ව”යන් වම්පස වැලැඳැ ගෙණැ හඬන්නට වන්හ.

දරුවන් දෙදෙනා හඞා වගුළ කඳුළු බොධිසත්ව යන්ගේ නෙළුම් පියුම් වැනි දෙපත්ලේ වැගිරෙයි. බොසතානන් දරුවන්ගේ දුක් බලා හඩන්නා වූ කඳුළු රන්පිටාටු වැනි දරුවන් පිට වැගිරෙයි. මෙසේ හඬා වැලැපැ සිතන්නාහු “මා හැඬූ සෙයින් බුදුබව නො සෑධෙයි. දරුවන් දන් දෙමි” යි සිතා හඬමින් හොත් දෙදරුවන් වඩා ලෙහි හොවාගෙණැ සිඹැ සනහාපියා “මනහර වූ මාගේ දරුවෙනි, මා දන් සොඬබව නො දනු ද? මේ සංසාර නැමැති සාගරයට තොප පසුරක් කොට ගෙණැ ගොඩ දක්මි. මම ගොඩැ දැකැ තොප ඇතුළු වූ සියලු දෙවිබඹමිනිසුන් ගොඩ දක්වමි” යි කියා, දෙදෙනනා වටනා මිල නියම කොට ලා පන්සලට කැඳවා ගෙණැ අවුත් කෙණ්ඩිකායෙන් බමුණා අතැ පැන් එවැ2 “සිත්කලු වූ මේ දරුවන් දන් දුන් පිණීන් ලොවුතුරා සම්මා

1. පියෙන් පියෙන්. 2.දැක. 3.හෙව.


ජාතකය] බුත්සරණ 323.

සම්බොධියට පැමිණෙම්” යි කියා දරුවන් අත් බමුණා අත පිටැ තබා දන් දුනහ.

මෙසේ දරුවන් දෙත් මැ, ල කකියවා හඬන පක්ෂාපාත මිඬියක සේ, මහපොළොව හඬන්නට වන මෙරුමන්දාරාදි පර්වයතයෝ ද, දරුවන් දුන් ශොකයෙන් හඬා වැනෙන්නා සේ, සැලෙන්නට වන්හ. දෙවියෝ සතුටු වැ මල්වැසි වස්වමින් සාධුකාර දෙන්නට වන්හ.

මෙසේ දරුවන් දන් ගෙණැ නික්මැ යමින් සිටි බමුණූ සෙලෙකින් බස්නේ පැකිලැ මුණින් වැටී හින. බමුණා නැගී නො සිටිනා තෙක් දරුවෝ දෙදෙන දිවැගෙණැ අවුත් පන්සලට වැදැ බොධිසත්වනයන් දෙපත්ලෙහි වැටී හී හඬහඬා කියන්නාහු “ස්වාමීනී, අම්මා නපුරු සිහින දැකැ නුඹවහන්සේට අප පාවා දී එකළා වැ වල් යන්නවුන් කී බසට නුඹ මැ දෙස් නොවේ ද? අපැච්ච, දැන් එ සිහි නැද්ද? අප නුදුටු අමඬින්ගේ ල කෙසේ නම් තිබී යේ ද? අමඬින් ආ කලැ උන් වැඳැ ගෙණැ හඬ‍ා පියා අපගේ දුක් පෑපියන තුරු අප රැක ගන්න. නුඹ හැරැ පියා කොයි ගොස් හැලී යමෝ ද? මඳක් හැම්මෙන්නට දන්වමි. මේ අවලක්ෂකණ බමුණාට අප නො දී අනිකක්හට දෙන්නේ. ඌ හිසකේ තඹවණැ. ඇස් පිගැ . වමරැසි යැ.2 බුන්නාසා යැ කන් රොඹු යැ. පිටින් වකැ. බඩින් උසැ. බඩ මහතැ. පා බකලයැ නිය පිරීති යැ. මෙසේ අවලක්ෂ ණ වූ යකුට අප නො නැඟැනියෝ ඉතා සියුමැලියො ය. තමන් මොළකැටි සෙයින් මිඩි මෙහෙ නො කට3 හෙති. මා නඟට වැඩිමාලු විසින් මම දුක් ගතහෙමි. උන් කරණ මෙහෙ ද මම මැ කෙරෙවි- කෘෂ්ණජිනාව මිඩි වූ කලැ සිව්මහරජවංසයට පරිභව යැ- ම නඟුන් රැකැ මැ ඌට ගැති කොට දුන මැනවැ. අමඬින්ට මා දුන් බව කියා මා නැගනියන් පෑලා බැණැ අසවසා අමඬින් රැකැ පියන්නැ” යි 4 කියා හැඬූහ. බොධිසත්වබයෝ මෙතෙක් දැ කියතුත් නො බැණැ මැ හුන්නාහ.

ජාලියකුමාරයෝ කියන්නාහු “මපියානන්වහන්ස, මා මෙතෙක් දැ කියතුත් නොබණනදැ යැ. නුඹවහන්සේ ලය ගල කෙළේද? යහපතෙකින් මැසුයේ ද? මේ කුමන නම් දැඩිකමෙක් දෝ හෝ නුඹ මියෙන් නො බැණැ හිඳිනට කුමන වරදක් කෙළෙම්දැ”යි


1.බස්. 2.නො කොට 2.සියමමරැසිය. 3.රැකපියම්හයි.



324 අමෘතාවහ නම් වූ [වෙස්සන්තර

කියා හැඬූහ.1 මෙසේ හඬමින් සිටිතැනට නිෂ්කරුණ වූ2 එබමුණු රොද්දා තමා හුනු තැනින් සෙමෙන් නැගි සිටැ, දෙදණ වැලි පිසැ පිසැ ලේ හුනු තැන් බලමින් දෙවැළමිට නලළ ලේ පිස්මින් පිටිතොල් කමින්, වැලක් දතින් කඩා හිපලක් හැරැ ගෙණැ යමයකු සේ අවුත් වැදැ ගියේ. දරුවෝ ඌ දැකැ භයපත් වැ වෙවුලන්නට වන්හ. මෙසේ සිටි දරුවන් හසු කරණ කලැ ජාලියකුමාරයන් ගත දී නැගනියෝ අසු නො වෙති. නැගනියන් හසු වුව, ජාලියකුමාරයෝ හසු නො වෙති, හසු කොට ගත නො හී රැහැණි ව බොධිසත්ව යන් බලබලා හින්ද දී දෙබිහින්නන් හසු කොට ගෙණැ වැලෙකින් බඳින්නේ කුමාරයන් දකුණත හා එ ලඳ කුමරිය වමත හා දෑත එක් කොට බැඳැ ගෙණැ හිපලින් මරමරා කර අල්වා දමමින් යමපල්ලකු සේ ගෙණැ යන්නට වන. නැගැනියන් පිටැ ගිපල ගැසුව බෑනෝ තමන් ලවා ගණිති.

රාහු විසින් ගිලුව ද නො වැළැකැ යන හිරසඳ සෙයින් යෙමින් යෙමින් සිට දරුවන් පෙරැළී පියානන් බලමින් පියුම් පෙති වැනි අත්සුඟින් ව ඳිමින් “ අප පිටින් වැගිරෙණ ලෙහෙ බලන්නේ. අතැ බැඳි තැනැ හළු බලන්නේ. මියෙන් නො බැණැ හිඳිනේ මෙ යකු අප මරා කා පියන තුරු ද? අමඬීන්ට අප වැඳැ සමු ගත්බව කියන්න. අප සුවපත්බව ද නැවැතැ දැක්මක් නොවනබව ද කියන්නැ” යි මෙසේ කයා හඬමින් යෙමින් සිටි සඳැ බොධිසත්ව්යෝ දරුවන් දෙදෙනාගේ දුක් බලා ල කකියවා “අනේ බමුණකු ල දැඩිනියා යැ. මා ඇස්හමුවෙහි මෙ සේ දැඩි වැ මරන්නේ ඔබ්බෙහි කුමක් නම් නො කෙරේ ද ? එනකලැ අප දෙදෙනා ඔරින් ආ දරුවෝ දැන් කටු බොරලුයෙ කෙසේ නම් යෙත් දෝ හෝ? සයින් විඩා වූ දරුවන් කවුරු නහවා කිරි පොවද් දෝ හෝ  ? පතුල් ඉදිමුනු දරුවන් කවුරු සතපා වඩා ගණිද් දෝ හො? සුළංහැල් කා වෙවුලන දරුවන් කවුරු සනහා නළවා ලද් දෝ හො? මෑනියන් තන මැද සැතැපුනු දරුවෝ අද රෑ කොතැනෙකැ හෙවැ නිදන් දෝ හෝ ? දරුසනායෙන් ම පාවිටැ හී හඬා පෙරළෙන බිසවුන් කෙසේ නම් කියා අස්වසම් දෝ හො” යි මෙසේ මහත් වූ ශොකයෙන් සිතන්නාහු “බමුණා බැඳැ හොවා පියා3 දරුවන් ගෙණව4 මැනැවැ ” යි සිතා නැවැතැ සිතන්නාහු “ මනා කොට දන් දී තපස් කරන්නාහු සිත් කළකිරුවද් ද? පෙරැ බුදු වූ

1.කියා. 3.බමුණායවාපියා. 2.නිෂ්කරුණා වූ 4.ගෙණෙව.


ජාතකය] බුත්සරණ 325.

උත්තමයෝ ද පළමු කොට ‘දසපැරුම, දසඋපපැරුමැ, දස පරමත්තපැරුම යන සමතිස් පැරුම් පුරා පුරා පඤ්චමහාපරිත්යා,ග කොට බුදු වූහ . මම ද එසේ මැ බුදු වෙම්” යි මහත් වූ ප්ර ඥා උපයා “මාසිතූ සේ ඉතා නපුරැ. බුදුබවට හෙතු වූ පාරමිතා නැමැති සාගරය පිහිනා ගොඩ දක්නා සඳහා පොකුණෙකැ දියෙහි ගැලුනු සෙයින් මා සිත් වියවුල් කෙරෙම් දැ?’ යි සිතා එයින් දුරු කොට “මුළුලොව සතකුට නො පිළිවන් වූ මිනිසා දරුවන් දන් දින්මි. එකාන්තයෙන් මේ දානය බුදුබවට හෙතු වේව” යි සිතසිතා සතුටු වැ ගස්සෙවනෙකැ වැඩැ හුන්හ.

දරුවන් දෙදෙනා1 යෙමින් සිටැ තමන් කෙළැ ඇවිදි වෘක්ෂ්සෙවනලු බලා කෙළිවලන් බලා ගල්ගුහා බලා මැටියෙන් ඇඹු ඇතුන් අසුන් රථ ගොන් පෙතැල්ලන් ගිරවුන් වනමෘගයන් සතරැස් පොකුණු දැකැ “මනහර වූ මල් පිපෙන වෘක්ෂ යෙනි, තොප හා පුරුදු වැ තොප මුල්හි වැලි කෙළැ අදින් වියෝ වූ දෙබිහින්න තොප වැඳැ සමු ගණුම්හ. පැහැයෙනුදුල වැලිතලා වෙනි, අප දිය මනහර ගඟුල්හැල්ලෙනි, තොප අතින් සමු ගෙණැ ගැතිමෙහෙයට යම්හ. මිහිරිහඬ නඟන පුරවිකෙවිල්ලෙනි, අත්තල ගසා අප ඉදිරියෙහි නටා බස්නා ලියකින්නරාවෙනි, අපගේ අමඬින්ට අප දෙන්නා වැඳැ සමු ගත් බව කියව. අනේ! වනදෙවියෙනි, අප හා පුරුද්දෙනි, අමඬින්ට අප අතුල් පතුල් ඉදිමැ නො යා හෙන බව කියව . අප විඳිනා සුව කියා අඬමින් එතොත් වහා මේ මඟ හොස්සේ හඹා දිවන්නට කියව” යි මෙසේ හඬමින් වැලැපෙමින් “ කැටු වැ කෙළනා වන මෘගයෙනි, කෙළිවලදිනි සතරැස් පොකුණෙනි, අදින් තොප කෙරෙන් වියෝ වූම්හ” යි කියා සමූ දෙමින් යෙමින් සිටි සඳැ, අකුරුබොරලු මිශ්රා වූ මඟැ ගොස් දරුවන් මිරිකුනු සේ බලා මහැ දෙපාර්ශවයෙහි පිනිගත් වෘක්ෂි වලප්නා වැනි යැ. වනවෘක්ෂෙයෙහි බමරරව, පිපෙන මල්මුව විවෘත කොට, මද්රි්දේවීන් දරුවන් ගියබව කියන්නා වැන්න. එවනයෙහි පක්ෂි් මෘගයෝ දෙබිහින්නන් කෙරෙන් වියෝ වූ ශොකයෙන් මහහඬින් හැඬූහ.

ඉක්බිති වලට ගිය මද්රිිදේවි සිතන්නාහු “රෑ මම නපුරු ස්වප්ත දිටිමි . මා දරුවෝ වහන් සේ කෙරෙන් පන්සලින් පිට වූ දෝ හො?” යි ල කකියවමින් වනඵල ගෙණෙන සඳ “අතැ යහුල වැටී හෙයි. පෙට්ටිය වැටී හෙයි. දෙහෙතිල්ල2


1.දරුවෝ දෙදෙන. 2.දැවටිල්ල.



326 අමෘතාවහ නම් වූ [වෙස්සන්තර

වැටී හෙයි. දකුණැස මස් සැලිත. මා දෙපය වෙවුලයි. හෘදය කකියයි. එන කලැ සුහුණු වැළැකී යැ. මේ පර්වනතයේ දෙවතාවෙනි, මට කීමෙක් වේ දෝ හෝ? මෙවෙනි නපුරු සිහින පැණෙන්නේ කිමෙක් දෝ හො?” යි සිතමින් පන්සලට එමින් සිටියාහ. එ සඳැ ශක්ර දෙවෙන්ර්ැලි දිව්යනපුත්ර යන් දෙදෙනෙකුන් කැඳවා කියන්නේ “බෝධිසත්වයෝ දරුවන් දන් දෙමින් සි‍ටියහ. එතැනට බිසවු ගියෝ නම් නපුරැ. තෙපි ගොස් සිංහ ව්‍ි.ාඝ්රට වලස් වෙස් මවා ගෙණැ මඟ අවුරා වැදහොව”යි සම්මත කෙළේ . දෙවායෝ එසේ මැ වෙස් මවා ගෙණැ මඟ අවුරා වැදහොත්හ. බිසවු එන්නාහු මඟැ හොත් භ‍යංකර රූ දැකැ කියන්නාහු. ‘මම යම් දවසෙකැ මේ මඟැ එන කලැ මෙසේ වූ සතුන් නුදුටුවිරිමි. මම දක්නේ මුවන් මොනරුන් වැලිකුකුළන්1 වඳුරන් ඈ සතුන මුත් , මෙසේ වූ සත්කෙනෙකුන් නුදුටුවිරීමි. මේ වනයෙහි වෘක්ෂ දෙවතාවෙනි, පර්ව තශිඛරයෙහි දෙවායනි, මොවුන් යවව. රාමයන්ට සීතාවන් සේ මාගේ ස්වාමීන්ට පතිව්රවතා වීම් නම්, වහන්ස, කඩාවරිනි, මඟින් ඇළ වැ යව” යි මහත් කොට හඬා ද නොයන හෙයින්, අනික් යන මඟක් නැත්තෙන් “පෙරමඟට දරුවෝ අවු නම්, නපුරු. මම මේ මඟැ හොත් සතුන් විසින් නො යා හෙමි” යි ල කකියවා “තුමූ මැ නැගී යෙත් දෝ හො?” යි සිතා සිට කියන්නාහු “දරුවෙනි, නැගී යෙත් දෝ හො?” යි සිතා සිට කියන්නාහු “දරුවෙනි, තොප මැ නෑසිය කොට වනාන්තර ආ විශ්වාන්තර රජ්ජුරුවන් අඹු වෙමි. තොපගේ මවුමි. තොප මුත් මාගේ නෑයෝ නැත. මා නුදුටු දරුවෝ නො හැම්මෙති. රෑ නොවනතුරු මා නැගී යා දෙව” යි කීහ.

එසේ කිව ද නොයන හෙයින් වැලැපැ මහත් කොට හඬා අත්පොළසන් දී “තොපට කුමන වරදක් කෙළෙම් ද? මග වෙය” යි කීහ. පතිව්රමතාවන් එසේ කියත් මැ මෘගජාතීහු භය ඇති වැ නිදා පුබුද්දන් සේ පිටට හැඹී හිර බටබව දැන නො පැණි නැගී ගියහ.

ඉක්බිති මද්රිැදේවි වනමුල් වනඵල ගෙණෙමින් ‘මා දරුවන් මඟ මෙතැනැ දකිම් දො හෝ ? මෙ තැනැ දකිම් දෝ හො ?”යි සිතසිතා මඟැ නො දැකැ ඔබ්බට ගොස් “මා දරුවන්ට කිමෙක් වී දෝ හෝ?” යි කියමින් ‘මිහිරිබස් මා කණැ නො හෙයි. ලසඳක් වැනි මුහුණ නුදුටුයෙමි. පෙර කෙළනා වූ වෘක්ෂ් මූලයන්හි නො දක්මි. ජාලියකුමාරයෝ පෙර මඟට අවුදු “අම්ම, පකාපැකි ඇත් ද? නැද්දැ?” යි හිණ බලති. කෘෂ්ණජිනාවෝ

 				1.ගන්නි.


ජාතකය] බුත්සරණ 327.


අවුදු තනය ගණිති. මේ නුගරුක වැලි කැටි කොට කෙළනා තැනැ” යි හඬමින් ගොස් පන්සලට වැදැ තෙනෙහි කිරි ඉස්මින්1 සියලඟ වෙවුල්වමින් මුව වියලී ල කකියවා “වහන්සේ කෙරේ තැත් නු? කොතැනැ නිදී ගැන්නූදැ දෝ හෝ! යම් රුක්මුලෙකැ හෙවැ නිදද් දෝ හො! ඇත්ගිජුලිහිණියෝ ගෙණැ ගියෝ දෝ හෝ! මුතුන් මිත්තන්ගේ රටින් අවුදු ගෙණැ ගියෝ දෝ හෝ! යකුඛූ ප්රෙ තයෝ ගෙණැ ගියෝ දෝ හෝ! ලඳ බොලඳ මියුරු බස් කවරවිටෙකැ අස්වත් දෝ2 හෝ! බොලඳ සිනාවක් හා ඇසියැ හෙම් දෝ හෝ? ‘ඇපැච්ච, අමඬැ’යි යන බසක් හා ඇසියැ හෙම් දෝ හෝ! ලසඳක් වැනි මුහුණක් දැකැ පියැ හෙම් දෝ හො” යි කියා හඬා වැලැපැ බොධිසත්ව යන් විචාරන්නාහු “ස්වාමීනී, දරුවන් හිඟන්නන්ට දනු දුනු දැ දැ?”යි විචාළහ. බෝසතානන් මියෙන් නො බැණ හිඳීනෙන් කියන්නාහු “වහන්ස, මා දරුවන් නො දක්නා ශොක තබා නුඹවහන්සේ නො බණන ශොක මැ මට ඉතා බෙහෙවැ”යි හැඬූහ. මෙසේ හඬතුදු එක බසකුත් නෙ කියා වැඩැහුන්හ. ඉක්බිති බිසවු කියන්නාහු “වහන්ස, පෙරැ ගිනිදරපැන් ඇති කොට හිඳිනාදැ යැ. අද මියෙන් නො බැණැ මැ හුන්දෑ යැ. මා එනතුරු දරුවන් රකිමියි මට වර දුනුදැ වේ ද? දරුසනායෙන්2 මා හඬා විචාරතුදු නො බැණැ මැ වැඩැ හිඳිනා දැ නු? මා දරුවන් කැඳවා ඵලාඵල වැළඳුව මැනව. නුඹ නො බණනදැ නම් නුඹ කෙරෙන් මාගේ ප්‍ වාණය දුරු කෙරෙමි”යි කීහ.

එසඳ බෝධිසත්වැයෝ සිතන්නාහු “මොවුන් දරුවන්ට සෙනඟ ඉතා බෙහෙව. දැන් මා දරුවන් දුන්බව කීම් නම් ලය පැළී මළහොත් නපුරැ” යි සිතා කාල‍ෙක්පෙ කොට කියන්නාහු “තෙපි වනමුල්වනඵලයට3 එවේලේ ගොස් මෙවේලේ සඳපහනැ ආව. අද මැ දරුවන්ට සනා බෝ වී ද? තෙපි පඤ්චකල්යාමණයෙන් යුක්ත වූ රූපසම්පන්නය ව. මේ වලැ මලදරුවෝ ද සෘෂීවරයෝ ද තපස් වී ද ඇත. මේ වනයෙහි මා අසපුයෙහි වනබැව් තෙපි මතු දන්ව” වදාළහ.

එබස් අසා මද්රිිදේවි “මා ලස් වූවයි නො බණනදැ වනැ”යි සිතා කියන්නාහු “ස්වාමීනී, මම වේලේ මැ ආමි. මෙවෙනෙහි සතුන් මහත් කොට හැඬු හඬ අසා ‘මා දරුවන්ට කිම හො?” යි ලය කකියවා එමින් සිටිසඳැ වලස්වගසිංහයෝ තුන්දෙනෙක්

1.රැස්මින්. 2.අසත්. 3.සන්නව.

328 අමෘතාවහ නම් වූ [වෙස්සන්තර

මා එත නො දී මග අවුරා හොත්හ. එයින් ලස් වීමි” යි කීහ. මෙසේ කියතුදු නො බණන විසින් ල කකියවා වෙවුලමින් හඬාගෙණැ පන්සල්පිටිපසට ගොස් හඬ ගහන්නාහු “මාගේ ලයක් වැනි ජාලියකුමාරයෙනි, සිවුමැලි වූ කෘෂ්ණජිනාවෙනි” යි මහත් කොට හඬ ගහා “තොප නහන්නට වලින් කසා ගෙණාමි. මාගේ කනකමය , ලය වැනි කුමාරයෙනි, මා කම්කිළිය කරා නො එවු ද?” යි හඬ ලා මෙවන් බසක් නො ලදින් “මාගේ දරුවන්ට නැස්මෙක් වී වනැ”යි නිසැක කොට සිතා රාත්රිොයෙහි මහත් ශොක දුකින් හඬා ඇවිදිනාහු ‘මා දරුවන් කෙළනා පොකුණු යැ’ යි මූවන් බලා ‘මා දරුවන් කෙළනා රුක්මුලැ’ යි රුක්මුල් බලා නෙ දැකැ. මහත් කොට හැඬූහ. එ හඬ අසා වල පක්ෂි්මෘගජාතීහු මහ හඬින් හඬා නැංගහ.

ඉන් ඔබ්බට ගොසින් ‘මාගේ දරුවන්ට නටන මොනරු යැ’යි මොනරුන් බලමින් ‘මා පැවැත්තිය ලද දියනියන් බස් වැනි (බස් ඇති) පුරවිකෙවිල්ලෝ යැ’ යි පුරවිකෙවිල්ලන් බලමින් ‘මාගේ දියනියන්ගේ ඇස් වැනි යහපත් වූ ඇස් ඇති මෘගාංග නාවෝ යැ’ යි රළ හී යන මුවන් හා මුවදෙනුන් බලමින් ‘මා දරුවන් හා එක් වැ ඇවිදින්නවුන් දක්මි. මාගේ දරුවන් නො දක්මි ’යි බිසවු මහහඬින් හඬා හී සීසන්න නැති වැ මඳ විගසෙකින් සීසන්න ලදින් ‘මා දියනියන් කෙළනා කෙළි වලඳැ’ යි කෙළිවලන් බලමින් ‘මපුතනුවන් කෙළනා මැටියෙන් කළ හස්ත්ය ශ්වයෝ යැ’ යි ඇතුන් අසුන් බලමින්, ‘මා දියනියන් කෙළනා මැටිගිරවු යැ’ යි ගිරවුන් බලමින්, හලාහල වැ බඩ අත් සපා හඬා ගෙණැ බිමැ හී නොයෙක්වාරයෙහි හඬා හී රාත්රි යෙහි ගල වට වංකලර්වයතයෙහි පසළොස් ගව්වක් මානය සඳපහනැ තුන් විටක් වට කොට ඇවිද්දා යැ. බිසවුන් දරුවන් සොයා යා දී බෝසතානෝ ඇසිපිය නො බහා නිදිවියෝ වැ හුන්නාහ. පහන් වැ හිරු අබස් පාමින් සිටි වේලෙහි බෝසතානන් පාපිට බළලකු ගත් කිකිළියක සෙයින් වෙවුලා හඬා සීසන්න නැති වැ හොත්තාහ.

බොධිසත්ව්යෝ මද්රි දේවීන් හොත් විලස් දැකැ ලය කකියවා “මේ වෙනෙහි මා නෑ කෙනෙක් නැත. තොප නෑ කෙනෙක් නැත. තෙපි මේ වනාන්තරයෙහි මළා දැ?” යි කිය කියා සිතූ කැලැඹී මහාශොක පත් වැ ජාතිවිශෙෂයෙන් ශොක දුරු කොට නෙළුම්පොකුණට ‍ගොස් දිය ගෙණඇරැ සත්මසක් රැකී


ජාතකය]                         බුත්සරණ        			 329.


බ්ර හ්මචය්ය් යෙහි ඇලුම් නො කොට මද්රි දේවීන් ඔරැ හොවා ගෙණැ නෙළුම්පියුමක් වැනි අත්ලෙන් ලය අත ගඟා මුහුණැ දිය ඉසැ අතින් ලෙහි දිය ගහා පිටැ පිසැ පියා සිතන්නාහු “සිව්රට හෙවැ මළා නම්, චේ තියරට හෙවැ මළා නම්, මහරජපෙරහරින් දවන්නාහ. මා හුදකළා වුව, මේ වෙනෙහි කුම් කෙරෙම් දෝ හො?” යි මෙසේ මහත් වූ ශොකයෙන් තැවී තැවී හුන්හ. එකල්හි බිසවු කල් යාමෙකින් සීසන්න ලදින් කියන්නාහු ‘වහන්ස, මා දරුවෝ කොයි දැ?” යි කීහ.

එසඳ බොධිසත්වයෝ කියන්නාහු “දේවීනී, ඉතා මැ වෘඩ වූ මහලු බමුණෙක් තිස්යොදනක් තැන් ගෙවා දන් පිණිස ආයේ යැ. ඔහුට දරුවන් දන් දින්මි” යි වදාළහ. “එවේලෙහි මහාලොළොව හඬා ගුගුළේ. සියලු දෙවියෝ සාධුක‍ාර දුන්හ. මහාමේරුලර්ව තය ද සප්තකුල ලර්වයතයො ද රැව්පිළිරැව් දී නටන්නට වන්හ. දේවීනි , දානපාරමිතාවට යම් සිතක් නො සිතා පින් අනුමෝ ව’ යි කීහ. බිසවු කියන්නාහු “ස්වාමීනී, මෙසේ නො කියා, මා හඬා ඇවිද්ද දී නො බිණු දැ නු!”යි කියමින් දොහොත් මුදුනෙහි තබා ගෙණැ සාධු! සාධ! පින් අනුමෝ වීමි” යි කියා අනුමෝ වැ ගෙණැ කියන්නාහු “ස්වාමීනී, දරුවන්ට වැඩි දසයෙන් සියෙන් දහසින් ලක්ෂැයෙන් බුදුබව වේද උත්තම යැ” යි කියා සතුටු වැ බිසවු සිත් සන්හිඳුවා ගෙණැ කියන්නාහු “ස්වාමීනී, මට මතු පින්කම් දෙනදැ ද? මුළුතුන්ලොවැ සියලු සතුන්ට ද පින්තකම් දුන මැනැවැ”යි පින් දෙවා, සිත් ප්රතසන්න කොට දානපාරමිතා මුදුන් පත් කළහ. සියලු දෙවියෝ සතුටු වැ සාධුකාර දී පින් ගෙණැ මල්වැසි වැස්වූහ.

ඉක්බිති ශක්ර දෙවෙන්ර්ුකායා සිතන්නේ “බොධිසත්වයෝ තමන්ගේ දරුවන් දෙදෙනා බමුණාට දන් දුන්හ. බිසවුන් යමෙකුහට දුන හොත් , නපුරැ ” යි සිතා දිව්ය ශරීරය හැරැපියා මහලු බ්රාුහ්මණ වෙශයක් මවා ගෙණැ සැරයටියෙකැ එල්බැ ගෙණැ අවුදු “ගමනින් මිරිකුනෙමි රජ්ජුරුවෙනි, කොයි හුන්නා දැ” යි කිය කියා ලඟ ටැ ගොස් බෝසතානන් දැකැ කියන්නනේ “කරුණු මඳ ද? වනමුල් වනඵල ලැබේ ද? වෙනෙහි සතුන් විසින් උපද්රරව නැද්දැ?” යි කියා පුළුවුන. බොධිසත්වයෝ කියන්නාහු “තා කී මේ හැමයෙන් මැ ගහට නැත. තා ආ කිය්ය්ාහ ය කීමෙක් දැ” යි විචාළහ. බමුණු කියන්නේ “රජ්ජුරුවෙනි, ඉතා වෘඬයෙමි. ගමනින් මිරිකිනිමි. තොප අතින් රන් රිදී


330 අමෘතාවහ නම් වූ [වෙස්සන්තර

මුතු මැණික් ඉල්වා නො ආයෙමි. මාගේ ගෙහි මෙහෙ කරණ වහලක් නැත්තෙමි. බිසවුන් මට මෙහෙ කරන්නට පාවා දෙව”යි කීයැ.

බොසතානෝ ‘කළ මනා කිම් දෝ හෝ’ යි සිතා බිසවුන් මුහුණ බැලූහ. බිසවු බොධිසත්වයන් සිතැ අභිප්රාුය දැන කියන්නාහු “ස්වාමීනි, මවුපායෝ ස්ත්රීුන්ට දෙස් වැස්සහ. නෑයෝ නම් තමාගේ ස්වාමි යැ. පින් සඳහා දන් දෙත් මනා මැ යැ . වස්තු සඳහා විකුණත් මනා මැ යැ. සැමියන්ට ඉන් වන දෝෂ‍ෙයකනැත. නුඹවහන්සේ අභිමතයක් කළ මැනැවැ” යි කීහ. එසේ කියත් මැ බෝසතානෝ සතුටු වැ අතැ පැන් එවැ නෙළුම්පියුමක් වැනි වූ බිසවුන් අත ගෙණැ “ඒකාන්තයෙන් සම්යනක්සම්බොධියට පැමිණැ සියලු ලෝවැස්සන් නිවන්පුරයෙහි පිහිටුවා ලියැ හෙම ව” යි පතා ගෙණැ බමුණාට දන් දුන්හ.

මෙසේ බිසොවුන් දන් දෙත් මැ මහපොළොවට සතුටු වැ ගුගුළේ සප්තකුලපර්ව තයෝ ද සතුටු වැ නටන්නට වන්හ. සදෙව්ලොව දෙවියෝ සාධුකාර දුන්හ. බමුණූ කියන්නේ “රජ්ජුරුවෙනි, තොප දන් දුන් බැවින් බිසවු මා සන්තකයෝ යැ. තොප සන්තක දෙයක් මුත් අනුන් සතු දෙයක් දන් දියැ නො හැක්කේ වේ ද? මා එනතුරු බිසවුන් තොප ට පාවා දින්මි. තෙපි මුන්ට සුදුස්ස ව. තොපට මූ සුදුස්සහ.”යි කියා බිසොවුන් බෝසතානන්ට පාවාදී තමා ශක්ර.දෙවෙන්ර් බව හඟවා ශක්රවවිල‍ාශයෙන් සිට කියන්නේ “රජ්ජුරුවෙනි, තොප දරුවන් දන් දුන් විට දෙලක්ෂයසතළිස්දහසක් යොදුන් ඝනකඩ ‍ බොල් මහපොළොව මහහඬින් හඬා ගුගුළේ. එක්ලක්ෂනඅටසැටදහසක් යොදුන් උස ඇති මහාමේරුපර්වුතය ද සප්තකුලපව්රසතයෝ ද සතුටු වැ නැටූහ. තලාටුබූමාටුදේවතාවෝ ද සදෙව්ලොව දෙවියෝ ද සොළොස් බඹතළෙහි දෙවියෝ ද සාධුකාර දුන්හ. තෙපට එකාන්තයෙන් බුධත්වළය සිඞ වෙයි. තොපගේ දරුවන් දෙදෙනා මුතුන් මිත්තන් කරා බමුණු ගෙණ ගියේ යැ. අන් සත්දවසෙකින් තොප කරා එති. මාගෙන් අට1 වරයක් ගණුව”යි කී යැ.

බොධිසත්ව”යෝ ද අට2 වරයක් ගන්නාහු “දෙවේන්ර්් ය, එසේ වී නම් , මම රාජ්යමයෙහි පදස්ථ වෙමිවයි, දශරාජධර්ම යෙන් වියෝ නො වන පුතකු ලබම්වයි. සියලු සත්ව යන්ට උනු

1.දස. 2.වෙම්හයි.


ජාතකය] බුත්සරණ 331.


නො වන කරුණා ඇති වෙමිවයි. දන් දී කසී නො වෙම්වයි. මිච්ඡාදිට්ඨි ගත්තවුන් සම්ය.ග්දෘෂ්ටියෙහි පිහිටුවමියි. කෙළවර නිවන් දකිම්ව” යි කියා වර ගත්හ. මේ අට වර දී ශක්රළදෙවෙන්ර්හි් තෙමේ දෙව්ලොවට ගියේ.

පූජක නම් බමුණු දරුවන් දෙබිහින්න ගෙණැ යන්නේ හිරු අස්තයට යන වේලෙහි දෙවියන්ගේ ආනුභාවයෙන් එ මැ දවස් සැටයොදුන් තැන් ගොස් අඳුරු වූ කල්හි දරුවන් ගෙණැ රුක්මුලකට වැද දරුවන් දෙදෙනා බන් වන මැ ගසමුලැ හොවා පියා වගුන් වලසුන්ගේ භයින් තෙමේ ගසට නැගී ගසපිටැ හෙවා නිදී යැ. දෙවතාවෝ දෙදෙනෙක් අවුදින් මවුපියන් දෙදෙනා සෙයින් දරුවෙනි බැඳුමෙන් උනා සුවඳ දියෙන් නහවා පලඳනා පලඳවා බත් කවා මල්යහන්හි හොවා බඩ දී ගෙණැ නිදි ගන්වා පහන් වූ කලැ පළමු බැඳිවනමැ හොවා නො පැණි නැගී ගියහ. බමුණු පිබිදැ පහන් වූ බව දැනැ ගසින් බැසැපියා දරුවන් ගෙණැ තමාගේ රටට ගෙණැ යෙමිය‍ි සිතා යන්නේ දෙවියන්ගේ ආනුභාවයෙන් සිව්රට මැ ගෙණැ ගියේ.

එ මැ දවසට සඳමහරජානෝ ස්වප්නයක් දක්නාහු මිනිසෙකු අවුත් රත්මල් දෙකක් තමන් අතට දුන්නා දැකැ පිබිදැ පියා චතුර්වෙ දයෙහි නිපුණයන් ගෙන්වාගෙණැ තමන් දුටු ස්වප්නය විචාළහ. බමුණෝ කියන්නාහු. ‘ස්වාමීනී, තොප සිත් පිණවන දරුවෝ දෙදෙනෙක් එන වන්හ.” යි කීහ. මෙසේ බැණැ හුන් තැනට “ජාලියකුමාරයන් හා කෘෂණජිනාවන් හා ගෙණැ බමුණක් ආ යැ” යනු අසා බමුණා ගෙන්වාගෙණැ දරුවන් දෙදෙනා දැකැ සතුටු වැ” බමුණ. මේ දරුවන් දෙදෙනා කොයි සිටැ ගෙණෙයි දැ?” යි කීහ. බමුණා ‘බොරුවක් කියා ගැලවුන මැනැවැ’ යි සිතා ‘අනික් රජකු නම් කියම් සිතුසඳැ දෙවතාවෝ එ නො කියැ දී “විශ්වාන්තර රජ්ජුරුවෝ යැ මට මුන් දුන්නෝ යැ”යි කියවූහ. ඉක්බිති බමුණා ‘මේ කවර රටෙක් දෝ හො’යි සිතා සඳමහ රජානන්ගේ රටබව දැන “එතෙකින් මා දිවි නැතැයි, කුම් කෙරෙම් දෝ හො?” යි සිත‍ා වෙවුලන්නට වන. සඳමහරජ්ජුරුවෝ පුතනුවන් වෙනෙහි හිඳැ දරුවන් දන් දුන්බව සිතා මහත් කොට හඬා කඳුළු පිසැ දරුවන් දන් දුන් බව නගරවාසීන්ට කීහ.

මෙහි දක්වන ලද විස්තරය ජාතක අටුවාව හා අසම ව ද න්යු ත ව ද පෙණේ.

1.හෙව. 2.යන්නාහු දෙවියෝ තමන්ගේ . 3.ගියහ.


332 අමෘතාවහ නම් වූ [වෙස්සන්තර


නගරවාසී අසා කියන්නාහු “ස්වාමීනී, ඒ උත්තමයා ලය හල කෙළේ දෝ හෝ! බමුණුමහල්ලකුට මෙවෙනි දරවන දීපියා එ ලය කෙසෙ වැහැව දො හො ඔවුන් ඇලිඇතු දන් දුන් සේ නපුරැයි රැහැණි වැ වංකපර්වොතයට යැවුම්හ. දැන් මෙවෙනි මනහර ගුණ නො දැනැ නොගුණ කළම්හ. පෙරැ අප කළ නුගුණ පහ කොට ගොස් ගෙණෙම්හ”යි කීහ.

නුවර වාසීන් බස් අසා ජාලියකුමාරයෝ කියන්නාහු “අප දන් දෙන ස්වාමි බමුණා කෙරෙහි කළ කරුණායෙන් දුන්දැ යැ. මපියානන්වහන්සේ දැඩි යැ යි කුමට කියා දැ?” යි කීහ. එබස් අසා නුවරවාසීන් සතුටු සොම්නස් වැ “ස්වාමිදරුවෙනි, තොප පියානන් වහන්සේගේ නුගුණ නො කීම්හ. ඒ උත්තමයා යමකු විසින් නො කොට ගත හැකි තොප නියා දරුවන් දන් දුන් සේ ඉතා බැරි යැ යි ඔවුන්ට ස්තුති කළ බව මුත් නුගුණයකට නො කීම්හ. ස්වාමීනී, ඒ ක්ෂවමා කරවා” යි කියා සිටි සඳැ සඳමහ රජානෝ ඇසින් කඳුළු ගෙණැ කියන්නාහු “මා පුතුන්ගේ මනහර වූ දරුවෙනි, සිවුමැලි මාගේ මුනුබුරෙනි, මෙසේ අවුත් මා කළවෙහි හිඳුව” යි කීහ. ජාලියකුමාරයෝ මුත්තනුවන්ගේ බස් අසා කියන්නාහු “බමුණන්ගේ ගැත්තොත් රජදරුවන් ඔරැහිදිද් ද? මෙසේ සිටුම්හ’ යි කීහ. එසඳ නගරවාසීහු මහා ශොක පත් වූහ.


රජ්ජුරුවෝ ද වැලැපැ හිඳැ කියන්නාහු “ජාලියකමාරයෙනි, තොප දෙනන කලැ තොපගේ පියානෝ කෙතෙක් මිල කොට දුන්නු ද?” යි කීහ. ජාලියකුමාරයෝ කියන්නාහු “මට දාසක් දෙන්නට කී දැ යැ. මා නැගනියන්ට මිල උන් භාරයේ වස්තු දෙන්නට කීදැ අසා යැ” යි කීහ. සඳමහරජානෝ කුමාරයන්ගේ මිහිරි තෙපුල් අසා සතුටු වැ ජාලියකුමාරයන්ට දහසක් දී කෘෂ්ණජිනාවෝ උන් භාරයේ රන් හා දාසදාසීන් හා බොහෝ වස්තු බමුණාට දී දෙබිහින්නන් ගලවා ගෙණැ ඉස් සෝධා නහවා බත් කවා ජාලියකුමාරයන් දකුණුකළවෙහි හිඳුවා කෘෂ්ණාජිනාවන් වම්කළවෙහි හිඳුවාගෙණැ සතුටු වැ සිඹැ සනහා කියන්නාහු “ඒ උත්තමයා දන් දුන් ශ්රීරමත්

1.නුවර වාසීහු. 3.කීවම්හ. 2.ඔවුන්. 4.කුමාරයා 5.ශ්රී්මත්ත.

ජාතකය] බුත්සරණ 333.

වාසීන්ගේ හා මාගේ හා දෛව යැ” යි කියා සතුටු වැ හිඳැ බමුණා ද ඉස් සොධා නහවා තමන කන පරදදෙනි රස භොජනයෙන් බත් කැවූහ.

බමුණු තමා නො කැවිරූ ආහාරය බොහෝ කොට කා දිරවා ගත නොහී රෑ මියැ ගියේ. ඔහු නො එක් පෙරහරින් දවා “බමුණාගේ නෑකෙනෙක් ඇත් නම් මේ වස්තු ගණින්ව” යි නුවරැ බෙර පි‍ෙයවකෙරවා නෑකෙනෙකුන් නො දැකැ එ වස්තු භාණ්ඩාගාරයට මැ ගෙණැ කියන්නාහු “ජාලියකුමාරයෙනි, තොපගේ මෑනියන් හා පි යානෝ සුවයෙන් වෙසෙද්ද?” යි පුළුවුත්හ . කුමාරයෝ කියන්නාහු “මුත්තනුවන් වහන්ස, අප ආ මේ ඇතුරෙහි අමඬින් යමක්හට දන් නුදුන්හයි නො සිතමි. මපියානන්වහන්සේ නුඹ කෙරෙන් වියෝ වූ දුකින් හා තපස් කිරීමෙන් හා වහළ දැය. අමඩි අවු පෑරැ මලාගිය නෙළුම් මලක් සේ මලානික වැ ගිය දැ යැ’ යි කීහ. එ ලඳබොලඳ බස් අසමින් රජ්ජුරුවන් හා නුවර වැස්සෝ මහත් වූ ශොකයට පැමිණියාහ.

ඉක්බිති ජාලියකුමාරයෝ කියන්නාහු “සියලු සත්ත්වකයන් තමන් තමන්ගේ දරුවන්ට ප්රේම් ඇතැයි යෙති. නුඹවහන්සේ දරුවන්ට ප්රෙ ම් මදදැ වනැ” යි .කීහ.” සැබව, කුඩෙනි ; කිසි වරදක් නැති මපුතනුවන් නුවර වාසීන්ගේ බස් ගෙණැ නෙරපීමි” යි හඬා වැලැපැ අමෘත්යුයන් කැඳවා කියන්නාහු “වංකගිරිපර්වවතයට යන්නට සැරහෙව. සත්දවසෙකින් ලමනැ’ යි කියා නුවර බෙර ලැබූහ. යෝධයෝ පන්දහසක් දෙන රත්පිළි සුදුපිළි ආදි නොයෙක් පිළී හැඳ පලඳනායෙන් සැදී පඤ්චායුධ ගෙණැ සැරහී නො එක් ඇතුන් අසුන් පිට හිඳුනා සිවුරක සෙනඟ පිරිවරා මහත් වූ යශශ්ශ්රීනන් දිලිදෙමින් නික්මුනාහ. අමාත්යයයෝ මග සදන්නාහු කළු වැලි පියා සුදුවැල්ලෙන් තවරා කෙහෙල් තැඹිලි පුන්කලස ධජපතාකයෙන් මඟ සරසා ක්ර්මයෙන් චේතියරටට ගෙණැ ගොස් වන්හ. චේතියරජ්ජුරුවෝ දැකැ සතුටු වැ උපස්ථාන කොට සැටදහසක් රජදරුවන් ගෙණැ සඳමහ රජනානන් හා එක් වැ නික්මුනාහ. ජාලියකුමාරයන් හා කෘෂ්ණජිනාවන් හා දෙදෙනා ඇත්පිටට නගා ගෙණැ මහත් වූ රාජශ්රීනන් දිලිසෙමින්, දරුවන් පළමු කොට තුමූ පසු වැ ගෙණැ ගොස් වංකගිරිලර්ව තයට ආසන්න වූහ.

ඉක්බිති බොධිසත්ව යෝ ගෙරිසංඛනාද හා තූය්ය්ුම ඝොෂ හා ඇතුන්ගේ කුඤ්චනාද හා අසුන්ගේ හේෂාරව හා රථනාද හා


			1.පියානන් හා.		2.දුක්

334 අමෘතාවහ නම් වූ [වෙස්සන්තර


මෙසේ මහත් ඝොෂ අසමින් කියන්නාහු “දේවිනි, මපියානන් වහන්ස මහලු විසින් අප මෙහි වසන බව දැනැ අප කරා එන සතුරු කෙනෙක් දෝ හෝ! වංකපර්ව තයට නැගී පරීක්ෂා කරව”යි කීහ. දේවි පර්ව තයට නැගී මහත් වූ ඝොෂ අසා “ස්වාමීනී, නුඹට කවර සතුරු කෙනෙක් ඇද්ද? නුඹගේ පියවර මැඩැ පියන සතුරු කෙනෙක් ඇදුද? ස්වාමීනී, ඒ දවස් ශක්රනදෙවෙන්ර්ුඹටයා කියන්නේ අපගේ දරුවන් දෙදෙන මුතුන් මිත්තන් කරා ගොස් වන්හයි කී ය. අන් සත් දවසෙකින් නුඹ වහන්සේ කරා එති කියේ වේ ද? නුඹ පියානන් වහන්සේ එන ගමනක් වන්නැ”යි කියා දෙදෙන අවුත් පන්සලැ හුන්නාහ.

සඳමහරජ්ජුරුවෝ තන්හි තන්හි ඇතුන් අසුන් විහිදුවා වංකපර්වජතය ආසන්නයට ගොස් තමන් ඇඹෙනියක් ඵුසති දේවීන්ට කියන්නාහු “දේවීනී, දරුවන් හා අප හා එකවිටැ දක්නා කලැ ශොක බොහෝ වෙයි. මා ගොස් පළමු උන් දැකැ ශොක සන්හිඳවූ කල්හි තෙපි එව”යි කියා දහසක් රථ පොළොවැ රඳවා තුමූ ගොස් බෝසතානන් පන්සලැ කෙසරසිංහයකු සේ

වැඩැහුන්නන්    දුටහ.   බෝසතානෝ  පියානන්    දැකැ    හුනස්නේන්

නැගී පෙරගමින් ‍කොට බැසැ ගෙවැ වැඳැ හිඳිනා ආසන පණවා වඩා හිඳුවූහ. මද්රිබදේවි ද මයිලනුවන් දැකැ බැසැ හෙවැ වැඳැ සිටැ “ස්වාමීනී, මා දරුවන් ගෙණැ ගිය බමුණා කොහි දී දුටු දැ?” යි කීහ. සඳමහරජා‍නන් “යෙහෙළනියෙනි, මාගේ රටැ දී දැකැ බමුණාට රන් දී ගලවා ගතුමහ” යි කියත් මැ බිසවුන්ට මහත් සොම්නස් උපන.

ඉක්බිති බොධිසත්ත්වවයන්ගේ මෑනියෝ මහත් පෙරහරින් පන්සල් වන්හ. බොධිසත්වයො ද මද්රිමදේවි ද වැඳැ ආසන පන්වා දී හුන්හ. එකල්හි ජාලිය කුමාරයන් හා කැෂ්ණජිණාවන් හා ඇත් පිටට නංවා ගෙණැ දෙදෙනා පෙරටු කොටාලා චේතිය රජ්ජුරුවන් ඇතුළු වූ සැටදහසක් රජදරුවන් පන් දහසක් මහායොධයන් හා මහසෙනඟ හා පිටත්ව ගෙණ හෙරිසංඛ නාදයෙන් එනු දැකැ මද්රිඟදේවි හඬා පෙරමියට ගියහ. මෑනියන් දැකැ දෙබිහින්න ඇත්පිටින් බැසැ මෑනියන් දෙපත්ලෙහි හිස් තබා ගෙණැ හඬන්නට වන්හ. බිසවුන් කෙනෙක් කිරිධාරා විහිදී දෙබිහින්නන් හිස් තෙමා ගියේ යැ. දෙබිහින්නන් නඟා සිටුවා සිපගෙණැ මහත් වූ ශොකයෙන් හඬා හුන්හ.

ඒ අසා සඳමහරජ්ජුරුවෝ ද ඇඹෙනියෝ ද මහහඬින් හඬා හුන්හ. චේතියරජ්ජුරුවන් ඇතුළු වූ සැටදහසක් රජදරුවෝ ද

ජාතකය] බුත්සරණ 335.


මහහඬින් හඬා හුන්හ. ඒ දැකැ පන්දහසක් යොධයන් හා මහසෙනඟ එක හෙළා මහපවනින් වැගිර ගිය සල්වනයක් සේ මහහඬින් හඬා හුන්හ. ඒ වෙසතුරු මහරජානන්ගේ හා අඹුදරු- වන්ගේ හා දුක්පත් කම් සිතා හඬන ජනයා සීසන්න නැති වැ හොත් සඳ ශක්රකදේවෙන්ර්ිතායා අවුත් ඔවුන් හැම සීසන්න නැති ව හොත් සේ බලා පොකුරුවැසි වෑත්වියැ. ඒ වැස්සෙහි තෙමෙනු කැමැත්තෝ තෙමෙති. නො තෙමෙනු කැමැති කෙනෙක් නො තෙමෙති.


මෙසේ පොකුරුවැස්සෙහි තෙමී සියලු ජනයා සීසන්න ලදින් විස්මයට පැමිණ කියන්නාහු “සිවාමීනී, නුඹගේ ගුණ නො දැනැ නුවරින් නගාපූම්හ. ඒට ක්ෂමමා කොට අපගේ නුවරට අවුත් වොටුනු පැලැඳැ අප රක්ෂා කළ මැනය”යි කීහ. එ අසා බොධිසත්වවයෝ “රටවැස්සෙනි, තව ද මා වොටුනු පලඳවන්නට තෙපි අදහස් නො කරවු ය” යි කියා නො ගිවිස්සාහ. එසඳ නගර වාසීහු සඳමහරජ්ජුරුවන්ට කියන්නාහු “ස්වාමීනී, අප කිව ද නො ගිවිස්නාදැ යැ. නුඹවහන්සේ වදාළ මැනැවැ” යි ආරාධනා කළාහ. සඳමහරජානෝ බොධිසත්ත්ව යන්ට කියන්නාහු “පෙරැ ද මා කියමන් ගෙණැ මේ වලට ආවා වද? දැනුදු මා කියමන් ගෙණැ වොටුනු පැලැඳැ රාජ්යවය කරව. ගුරුන් කීවත් කරණ බව සතුපුරුෂ පුතුන්ට සුදුසු වේ ද?” යි කීහ. බොධිසත්ත්ව්යෝ “දෙමව්පියන්ගේ බස් මැඩපිම් මට සුදුසු නොවන්නේ වෙ ද”යි සිතා වල්කාලා හැරැ නහා සළු හැඳැ සූසැට ආභරණයන් සැදී වොටුනු පැලැඳ දෙවෙන්ර් විලාසයෙන් සිටියහ. සියලුජනයා මහත් වූ සන්තේෂයෙන් මද්රි‍දේවි ද හිස් සෝධා නහවා දිව්යා ඞගනාවක මෙන් සරසා වොටුනු පැලැඳැවූහ. එසඳැ වෙනෙහි මල් හා පර්ව තයො මහත් ඝොෂා පැවැත්වූහ. අමාත්යයයෝ හෙරිසංඛතුය්ය් නාදයෙන් එකකොලාහල කෙරෙමින් පණඩර වම් හැලි ඇතු සදා ගෙණාහ. බෝසතානෝ ඇතු දැකැ රැහැණි වැ සිතන්නාහු ‘මපියානන් වහන්සේ මා දන් දුන් ඇතු ගෙන්වා ගත්දැ වනැ’ යි ලජ්ජා ඇති වූහ. ඒ බව දත් නගරවාසීහු “ස්වාමීනී කාලිධනයේ රජ්ජුරුවෝ තමන්ගේ රටැ වැසි වැසැ බත්මුලත් සුභික්ෂි වුයෙන් තුමු මැ ඇතු එවාපූ යැ. ඇතු පිටට නැගි වදා ළ මැනැවැ” යි කීහ. පේධසත්ත්ව යෝ ඇතු පිටට පැනනැගී වංකපර්වැතයෙහි තපස් කළ සත්මසින් නුවරට වන්හ.


		1.පලදවාදසී.			2.නොගිවිස්නෙන්.



336. බුත්සරන

සියලු නුවර වාසිහු සතුටු වැ කෙළිමින් නටමින් පිළි හිසැ සිසාරමින් නොඑක් කුහුලින් රජගෙට වඩා ගියහ. බෝධි- සත්ත්වියෝ ද ශ්රී සම්පත් අනුභව කරන්නාහු ය දන්හල් කරවා දන් දෙමින් සියලු ජනයා කුසල්හි පිහිටුවා දශරාජධර්ම යෙන් රාජ්ය ‍ කොට ජීවිතයාගේ කෙළවරැ සහ පිරිවිරින් ගොස් තුසිතපුරයෙහි උපන්නහ. මෙසේ දෙව්ලො ව ගිය ඒ මහතානන් සර්න යෙමියි බුත්සරණ යා යුතු.


විද්යාෙචක්රණවර්තීන් විසින් කළ අමෘතාවහ නම් බුධචරිතය නිමි.

"https://si.wikibooks.org/w/index.php?title=බුත්සරණ_-_vii&oldid=5726" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි