Jump to content

ම හා වං ශ ය - iv

Wikibooks වෙතින්

36 වෙනි පරි‍ච්ජේදය

[සංස්කරණය]
     මහළුනා රජු ඇවෑමෙන් උහු පිත් භාතියතිස් රජ සූවිසි වසක් ලක්රජය කරවි. මහාවිහාරය සිසාරා ප්රාතකාරය කර විය. ඒ මිහිපල්තෙමේ ගවරතිස්ස විහාරය කරවා, මේ විහාරයට. මහගැමුණු වැවත් දුන්නේය.  භාතියතිස් නම් විහාරයද කරවිය.  මිහිපල්තෙමේ මනරම ථූපාරාමයෙහි පොහෝගෙයද වන්නිරට එක්වැවද කරවිය. සසුන් කෙරෙහි මොලොක් සිත්ඇති,  සඞ්ඝයා කෙරෙහි දැඩි ගෞරව ඇති, ඒ මිහිපල් භක්ෂුල භික්ෂුතණි සඞ්ඝයා විෂයෙහි මහදන් පැවැත්විය.
    භාතියතිස් රජු ඇවෑමෙන් උහු මල් කණිටුතිස් රජ අටවිසි හවුරුද්දක් ලක්දිව්හි රජය කරවි. ඒ රජ භූතාරාම මහා  නාග තෙරුන් කෙරෙහි පැහැද අභයගිරි විහාරයෙහි රත්න ප්රානසාද නම් ගෙයක් යහපත්කොට කරවිය.  අබාගිරි පව්වද මහපිරිවෙනද මණිසෝම විහාරයෙහි මහපිරිවෙනද එහිම


මහාවංශය--පළමුවෙනි කාණ්ඩය

දාගෙයද, එසේම අම්බත්ථ්ල සෑගෙයද, නාගදිවයින ගෙයි ප්රාති සංස්කාරයද කරවිය. මිහිපල්තෙමේ මහාවිහාර සිමාන්තය මැඩ එහි කුක්කුටිගිරි පිරිවෙන් පනතිය සකස්කොට කරවිය. මනුෂ්යකශෙරරි ෂඨතෙමේ මහ වෙහර දර්ශවනිය මනරම් මහත්වු සතරැස් පහ දො‍ළොසක් කරවිය. දකුණු වෙහෙර සෑයෙහි සෑගෙයද කරවිය. මහාමෙඝවන මහාසිමාව මිරිකා දකුණු වෙහෙර බත්හලද (කරවිය) ඒ තෙමේ මහාවෙහෙර පව්ර පාර්ශ චයකින් පහකොට දකුණු වෙහෙර බලා යන මාර්ග.යද කරවිය. භූතාරාම විහාරයද රාමවිහාර සමිපයෙහි රාම ගොණක විහාරයද එසේම නන්තිස් අරමද කරවිය. නැගෙණ හිරිදිග ගගරාජියෙහි අනුලතිස්ස පර්වඅත විහාරයද නියෙල්තිස් අරමද පිලපිටි වෙහෙරද එ‍ෙස්ම මනුෂ්යඅ ශ්රොෂ්ඨතෙමේ රජමහ වෙහෙරද කරවිය. ඒ තෙමේම කැලණි වෙහෙර මඩෙ‍ාල් ගිරිය දුර්ව්ලවාපිතිස්ස යනු මේ විහාර තුන් තන්හි පොහෝ ගෙවල් කරවිය.

    කණිටුතිස් රජු ඇවෑමෙන් උහු පිත් සුළුනායයි ප්රගසිඬ කුමර දෙවසක්ම රජය කරවි෴සුළුනා රජු මල්වු කුඬ්ඩනාගරජ සො‍හොවුරු රජු මරා එක් වසක් මෙහි රජය කරවිය. මිහිපල් තෙමේ මහාපාළි නම් බත්හලද වැඩුයේය.  එක්නැළිසෑයෙහි පන්සියයක් භික්ෂුහන්ට නිතොර (දන් දුන්නේය.)
   එකල කුඬ්ඩනාග රජහු බිසව් සොහොයුරු සිරිනා සෙනෙවි තෙමේ රජහට දැමරිකව, බලවාහනයෙන් යුක්තව නුවර වෙත අවුත් රජසෙන් හා යුදකෙරෙමින් කුඬ්ඩනාග මිහිපල්හු පලවා ලබල ලද ජය ඇත්තේ ශ්රොෂ්ඨ අනුරාපුරෙහි  (වෙසෙමින්)  එකුන් විසිහවුරුද්දක් ලක්රජය කරවි  මිහිපල්තෙමේ ප්ර්වර මාහචෛත්ය යෙහි ජත්රුය කරවා මනරම් දැකුම් කටයුතු රන්කම් කරවිය. පස්මහල් කොට ‍ෙලාහොපායද කරවිය. මහබෝ සතර දොරටුයෙහි හිණි (පන්තිය) නැවත කරවිය. ඡත්ර  ප්රාමසාදය කරවා පෙළහරෙහි (මහා)  පූජා කෙ‍ළේය. දයා පරමකොට ඇත්තේ ලක්දිව්හි කුලඹුවර්ගහයාත්  (රාජකෘත්ය‍ යෙන්)   තොරකෙළේය.
  සිරිනා රජු ඇවෑමෙන් ඔහු පිත් තිස්ස කුමරු ධර්ම‍ව්යනවහාර යෙහි පණිඩිතවුයේ දෙවිසි හවුරුද්දක් රජය කරවි.  ඒ තෙමේ යම්හෛයකින් හිංසාවෙන් තොරවු නිති කමය මෙහි පිහිටවියද එහෙයින් ව්යහවහාරතිස් රජයයි කරණලද නම් ඇති විය. කම්බුග්රාදම වාසි දෙවස්ථවිරයන් වෙත දහම් අසා පච මහාවාසයෙහි (රොගාතුරයන්ට) පිළියම්ද කරවිය අනුරා


36 වෙනි පරි‍ච්ජේදය 153

  අරම් වැසි මහිතිස්ස තෙරුන් කෙරෙහි ප්ර සන්නවුයේ මුවෙහි පටුන්හි දානවෘත්තිය කරවිය. ඒ තිස්ස රජ මහාවිහාර දෙක්හිම මණ්ඩපයද, මහබෝගෙයි නැගෙණහිරි ‍ලොහොරු දෙකද (කරවිය.)  සුවඅවස්වන  පරිද්දෙන් සත්පන් පහය කරවා මසෙක් මසෙක්හි දහස බැගින් මහ.විහාරයට  (දන්) දෙවිය. අභයගිරි  විහාරය දක්ෂිුණමුල විහාරය මිරිසවැටි විහාරය කුලතිස්ස විහ.රය මියුගුණ විහාරය මාගම්හි මහානාග විහාරය නාගදිවයින තිස්ස නම් විහරය එසේම කැළණි විහාරය යන අටතැන පිහිටි චෛත්යියන්හි ජත්රේයකර්ම ම කරවිය.  නොළුනා සෙනෙවියා වෙහෙරද එසේම දකුණු වෙහෙ‍රද මිරිසවැටි වෙහෙරද එසේම පුත්තගාග වෙහෙරද ඉසුරුමුනි වෙහෙරද නාගදිවයින තිස්ස වෙහෙරද යන විහාර සයෙහි පවුරුත් කරවිය. අනුරා රාමයෙහි  පොහෝ ගෙයද කරවිය. ඒ තෙමේ සඬර්මුම ගෞරවයෙන් මුළු ලක්දිව ආය්ය්  පවංශ දෙශනා තන්හි දන්වැට තැබ්බවිය. ශාසනප්රිදය ජනාධිනාථතෙමේ තුන්ලක්ෂදයක් දී, නය සහිත භික්ෂුබන් නයින් මිදුයේය. ඒ තෙමේ මහවෙසක් පුජාව කරවා ලක්දිව වැසි සියලු භික්ෂුුන්ටම, තුන්සිවුරු දෙවිය. ඒ තෙමේ කපිල ඇමතියා ලවා චෛතුල්යයවාදය මිරිකා පාපනිග්ර ය කරවා බුදුසස්නද බැබල විය.
   ඒ රජු මලු අභයනාගයයි ප්රපසිඬවු කුමර රජහු දේවිය හා සංසහි ඇත්තේ සියබෑ රජු විසින් දන්නාලදුයේ භයව සේවක යන් සමඟ භල්ලතිත්ථිවයට පලාගොස් මයිලාහට කිපියාසේ අත්පා සිඳවිය. රජහු රට භෙද පිණිස ඔහු මෙහිම හිඳුවා බලුඋපමා දක්වා තමා කෙරෙකහි සිනිදුවුවන් ගෙණ එහිදිම නැවනැගි තෙමේ පරතෙර ගියේය.  මයිල් සුභදේව තෙමේ මිහිපල්  වෙත එළඹ, සුහෘදයෙකුසේ වෙසෙමින් රජු කෙරෙහි රටවැසි ජනයා බෙද කෙළේය.  අභය කුමර එය දන්නා පිණිස මෙහි දුතයෙක් එවිය දුතයා දැක ඒ තෙමේ පුවක් ගසෙක වට කරකැවෙමින් කුන්ත මිටුයේන පෙළා මුල් දුර්වේල කොට බාහුයෙන්ම (ගස) හෙලා  ඔහු තර්ජානයකොට පැලවිය. දූතතෙමේ දැන අභය කුමරහට එපවත් දැන්විය.  අභය කුමර ඒ දැන ඒ රටින් බොහෝ  දෙමළුන් ගෙණ බෑයා හා යුද පිණිස නුවර වෙත ආය.  රජතෙමේ ඒ දැන අයෙකු නැගි දේවිය සමඟ පලාගොස් මලයරටට ගියේය.  ඔහු මල් තෙමේ ලුහුබැද ගොස් මලයරටදි රජු මරා බිසව් ගෙණ නුවරට ආයේ මිහිපල්ව අට හවුරුද්දක් නුවර රජකම් කරවිය.



මහාවංශය--පළමුවෙනි කාණ්ඩය

ඒ රජතෙමේ මහබෝ සිසාරා ගල් පිළිකඩද ලොහොපා මිදුල්හි මණඩපයද කරවිය. දෙලක්ෂනයකින් නොයෙක් වසත්ර යන්ද ගන්වා ලක්දිව්හි භික්ෂුමසඞ්ඝයාට වස්ත්ර‍ දන්දුන්නේය෴අභය රජු ඇවෑමෙන් උහුබැ වොහාරතිස්ස රජු පිත් සිරිනාග කුමර දෙහවුරුද්දක් ලඞ්කාරාජ්ය ය කරවි. ඒ රජුතෙමේ මහ බෝ හාත්පස පවුර පෙරලා සකස්කොට මහබෝ ගෙහි වැලි තලායෙහිම මිදෙල්තුරින් ඔබ හංසවාත්තයද සිත්කළු මහා මණ්ඩපයද කරවි.සිරිනා රජු පිත් විජය කුමාරක නම් තැනැත්තේ පියරජු ඇවෑමෙන් එක්හවුරුද්දක් රජය කරවි.

       මියුගුණ වෙහෙර සමිප රට උනුන් යහළුව‍ු සගතිස්සය සහ බෝය තුන්වෙනිවු ගොළුඅබායයි යන ලම්බකණි‍ගොත්ර‍ ඇති තුන්දෙනෙක් වුහ. රා‍ජොපස්ථානයට එන ඒ තුන්දෙනා තිස වැව් හේගෙහි උන් පණිඩිතවු එක් අන්ධ‍යෙක් පදශබ්දයෙන් හැඳින  “මේ පොළෝහිමියන් තුන්දෙනා පෘථි‍විතොමෝ උසු ලන්නීය”යි කියේය.  පසුව එන්නාවු අභය කුමර ඒ අසා කවරක්හුගේ වංශය පවත්නේදැ”යි පෙරලා ගොස් අභය කුමර ඔහුම විචාළේය.  ඒ තෙමේ “පශ්විමයාගේය”යි කිය.  ඒ  අසා අභය කුමර සෙස්සන් දෙන්නා සමඟ  ගියේය. ඒ තුන් දෙනා නුවරට වැද රජහට ඉතා ඇළුම්ව රජකෘත්ය යන් සිඬ කෙරෙමින් විජය රජු වෙත (විසුය)  
     ඒ තුන්දෙනා එක්ව විජයරජු රජගෙහිදිම මරා සෙනෙවි සහතිස් කුමරු ඉතිරි දෙදෙනා රාජ්යදයෙහි අභිෂෙක කළෝය.  මෙසේ අභිෂෙක කරණලද්දාවු ඒ සඟතිස් රජ නගරොත්තම අනුරාපුරෙහි සතර හවුරුද්දක් රජය කරවිය.  මහාසෑයෙහි ජත්රමයද රන්කම්ද කරවිය. මිහිපල්තෙමේ වෙන් වෙන්ව ලක්ෂ යක් ලක්ෂයයක් අගනා මිණිරුවන් සතරක්ද සතර රිවිබිඹු මැද තැබ්බවිය.  එසේම සෑ මුදුන්හි අනර්ගම විදුරු සුඹුළුවක් හෝ කොත්කැරැල්ල තැබ්බවිය. ඒ නරශ්රෙමෂ්ඨතෙමේ ජත්රොිත්සව පූජායෙහි සතළිස් දහසක් සඞඝයාට ෂට් විවරයන් දෙවිය. දම්ගල් වැසි මඝාදෙව තෙරුන් විසින් දෙසනලද යාගුයෙහි අනුසස් දක්වන්නාවු බන්ධ්කපාලියෙහි සූත්ර්ය අසා, පහන්වුයේ සඞ්ඝයාට සකස්කළාවු කැදදානය නුවර සතර දොරටුයෙහි යහපත්කොට දෙවිය෴ඇතොවුන් ඇමැති යන් සහිත ඒ රජ පැසුනාවු දඹ අනුභවය පිණිස අතුරෙන් අතර නැගෙණහිරි දිවයිනට යෙයි.  නැගෙණහිරි වැසි මිනිස්සු මොහුගේ ගමනින් උපද්රැ තවුවෝ රාජභොගයට සුදුසු දඹ ඵලයන්හි වස යෙදුය.  ඒ ජම්බුඵලයන් කා ඒ තෙ‍මේ එහිම මෙළේය.


36 වෙනි පරිච්ජේදය 155

  ගොළුඅබා කුමර සඟබෝ සෙනෙවි රජු රාජ්ය යෙහි අභිෂෙක කෙළේය. පන්සිල් රක්නා ඒ රජතෙමේ ශ්රීර සඞ්ඝබොධියයි ප්ර සිඬවිය.  අනුරාපුරෙහි වෙසෙමින් දෙහවුරුද්දක් රජය කරවි. මහවෙහෙර මනරම් ලහබත් ගෙයක් කරවිය.෴එකල්හි ඒ රජ ලක්දිව මිනිසුන් නියංසායෙන් බැගෑබැව් දැන කරුණාවෙන් කම්පිත හෘදය ඇත්තේ ඒ තෙමේ මහසෑ මිදුල බිම මෙසේ නිශ්චයකොට ගෙණ  “වැසි වැස දියෙහි මා නොඉල්පුකල මෙහි මැරෙන්නාවුද මම නොනැගිටින්නෙමි”යි හොත්තේය. රජු මෙසේ හොත් කෙණෙහිම සියලු ලක්දිව පිනවමින් වැසි වැස්සේය. එසේද ඒතෙමේ දියෙහි නොයිල් පෙන්නෙන්  නොනැගිටි. ඉක්බිත්තෙන් ඇමැතියෝ දිය බැස්යන ‍ සොරොවු ඇවුරුහ. ඉක්බිති දැහැමි රජතෙමේ දියෙහි ඉල්පෙමින් නැගිටිටේය. මෙසේ ලඞ්කාවිපයෙහි නියංසාය කරුණාවෙන් බැහැරලිය෴ඒ ඒ තැන  සොරු වුහයි මිහිපල්තෙමේ අසා සොරුන් ගෙන්වා රහසින් පෙලවා‍, රහසින් මළවුන්ගේ සිරුරු ගෙන්වා ගින්නෙන් පුලුස්සා සොර උවදුරද නසනලදි.
   රක්තෘක්ෂිරයයි ප්රපසිඬවු එක් යකෙක් මෙහි අවුත් ඒ ඒ තැන මිනිසුන්ගේ ඇස් රතු කෙරෙයි.  උනුත් රත්ඇස් බලා බිසවැද *මනුෂ්ය යෝ නසිති.  යක්ෂරතෙමේ ඒ මිනිසුන් සැක නැතිව කයි.  රජතෙමේ උන් උවදුරු අසා තැතිගත් සිත් ඇත්ේතේ හුදකලාව අටහ පෙහෙවස් ඇතිව උපවස් ගෙයැතුළ  “ඒ යකු නොදැක නොනැගිටින්නේමි”යි හොත්තේය.  යක් තෙමේ රජහු දහම් තෙදින් රජහුවෙත ආය. රජු විසින් කවරෙක්දැයි පුලුවස්නා ලද්දාවු යක්තෙමේ මම (අසවලැයි)   දැන්විය.  “කවරහෙයින් මාගේ ප්රදජාව කයිද  නොකව”යි කියේය.  “යක්තෙමේ මට එක් දනව්වෙක මිනිසුන් දෙව”යි කිය. නොහැක්කැයි කිකල යක්තෙමේ ක්ර මයෙන් ඉල්වා  “එක් මිනිසෙක් දුනවැනවි”යි කිය.  රජතෙමේ ‘අනිකෙක් දෙන්ට මම නොපිළිවන මා  (මස්)  කයි” කියේය.  යක්තෙමේ නොහැක්කැයි කියා “ගමක් ගමක් පාසා බිලි දුනමැනව”යි රජුගෙන් ඉල්විය. භූමිශ්වර තෙමේ මැනවයි කියා සියලු දිව්හිම ගම්දොර තබ්බවා ඔහුට බලි  (බත්)  දෙවිය. සියලු සතුන් කෙරෙහි අනුකම්පා ඇති ලක්දිව් පහන්බදු ඒ මහ සත්හු විසින් හටගත් මහාරොගභය මේ උපායෙන් නසනලදි.
 *සොසිත්වාන රතන නෙතතතං යන්නෙහි ඇස් රතුබැව් උනුන්ට කියායි අත්ථික යි




මහාවංහය - පළමුවෙනි කාණ්ඩය

  රජහු‍ගේ ඇමැතිවු භාණ්ඩාගාර නායක ගොළුඅබා කුමර දාමරිකව උතුරුදිගින් නුවරට එළඹියේය. ඒ රජතෙමේ පරහංසා නොකැමැත්තේ පෙරහනකඩ ගෙණ දකුණුදොරින් හුදකලාව පලාගියේය෴බත්මුළක් ගෙණ මග යන්නාවු මිනිසෙක් බත් අනුභවය පිණිස නැවත නැවත රජහට යාච්ඤ කෙළේය.  කරුණා බහුල රජතෙමේ දිය පරාහාගෙණ  (බත්)   අනුභවකොට ඔහුට මේ උපායෙන් අනුග්රහහයක් කරන්ට “පින්වත්! මම සඞඝබොධි රජයෙමි.  මා හිස ගෙණ ගොස් ගොළුඅබා රජුට දක්විම, තට බොහෝ වස්තු දෙන්නේය”යි  මේ බස කියේය. ඒ තෙමේ එසේ කරන්ට නොකැමැති විය.  මිහිපල්තෙමේ ඔහු පිණිස හුන්නේම මෙළේය. මිනිසුතෙමේ රජු හිස ගෙණ (ගොස්)  ගො‍ළුඅබා රජුට දැක්විය ඒ තෙමේ විස්මිත සිත් ඇත්තේ, ඔහුට වසතු දී (මළ)  රජුට මැනවින් සත්කාර කරවිය.
  මෙසේ මේ ගොඨාභය තෙමේ මෙඝවර්ණා භයයි ප්රමසිඬවුයේ තෙළෙස් හවුරුද්දක් ලක්රජය කරවිය.  රාජොද්යාණනය කරවා උයන් දොරටුයෙහි මණ්ඩපයක් තනනා අලඞ්කාරකරවා සඟින් භික්ෂුජන් අටතුරා දහසක් ලැබගෙණ එහි වඩා හිඳුවා මිහිරිවු නන්වැදැරුම් කැද අවුළු හා භොජනයෙන් සිවුරු සහිතකොට දවස්පතා මහදන් පැවැත්විය.  මෙසේ එක්විසි දිනක් නොවළහා කරවුයේයි.  මහාවිහාරයෙහි මහත් ශෛල මණ්ඩයෙක් කරවිය.  ලොහොපාය ටැම්ද පෙරලා තැබ්බවිය. ජයමහාබොධියෙහි ගල්පිළිකඩද උතුරු දොරටුයෙහි තොරනද, සතර කොණ චක්රි සහිත ටැම්ද පිහිටවිය. දොරටු තුනෙහි ‍සෙල්මුවා පිළිම තුනක් කරවා දකුණු දොරටුයෙහි සෙල්මුවා පලඟක් තැබ්බවිය. මහාවිහාරයට බටහිරින් පදන් බිම කරවිය. ලක්දිව්හි ජිර්ණටණාවාස සියල්ලම අළුත්කොට කරවිය. ඒ තෙමේ ථූපාරාම විහාරයෙහි දාගෙය හා එසේම අඹතලා දාගෙයද මිණිසොම් නම් අමර දාගෙයද පිළිසකර කරවිය. ථූපාරාමය මණිසොමාරාමය මිරිසවැටිය දක්ෂිපණ විහාරය යන මෙතෙක් තැන පොහෝ ගෙවල්ද (පිළිසකර කරවි) මෙඝවර්ණයණාභය නම් අළුත් විහාරයක්ද කරවිය.  විහාර පුජා පෙළහරෙහි ලක්දිව් වැසි තිස්දහසක් භික්ෂු න් රැස් කරවා ෂට් සිවුරු දෙවිය.  එකල මහවෙසක් පුජාවද එ‍සේම කරවිය. වසක් පාසා සඞ්ඝයාට ෂට්චිවර දෙවිය.
   ඒ තෙමේ පවිටුන්ගේ නිග්රිහය කරවා, බුදුසස්න ශූඬකර වමින්, අභයගිරිවාසි චෛතුල්යුවාදිවු බුදුසසුන්හි කටුබඳු, සැටක් පමන භික්ෂු න් ගන්වා, ඔවුන්ට නිග්රයහකරවා පරතෙර,   

36 වෙනි පරිච්ජේදය 157

  දැම්බවිය. එහි දමනලද තෙරහුගේ ආශ්ර ය ඇති යක්ෂමවිද්යාගදි ‍යෙහි දක්ෂකවු සඞ්ඝමිත්රැ නම් සොළි භික්ෂුම කෙනෙක් මහාවිහාර යෙහි භික්ෂු න්ට කිපි මෙහි ආයේය෴සිලාදිසංයම නැති ඒ තෙමේ ථූපාරාමයෙහි සඞ්ඝයන් නිපාතයට වැද එහිදි පිරි වෙන් වැසි මහාස්ථවිරවු සඞ්ඝපාල නම් මේ ගොළුඅබා රජු  මයිල් මහළු තෙරුන් රජහුගේ නමින් කථාකරන්නහුගේ බස ප්රුති‍ෙක්ෂටප  කොට,  රජහුගේ කුලෝපග විය රජතෙමේ ඔහු කෙරෙහි පැහැද දෙටුපිත් දෙටුතිස් කුමරද  (උහු)  මල් මහසෙන් කුමරද, ඒ භික්ෂුෙහට භාර කෙළේය. ඒ තෙමේ දෙවෙනි කුමර සතුටු කොට ගත්තේය. දෙටුතිස් කුමර වනාහි ඒ මහණහු කෙරෙහි වෛර බැන්දේය.
   පිය රජු ඇවෑමෙන් ඒ දෙටුතිස් කුමර රජවිය. පියරජු ශරීර සත්කාරයෙහි පැමිණෙනු නොකැමැති, දුෂ්ට ඇමැතියන් නිග්රයහපිණිස රජතෙමේම නික්මගොස් මල්කුමර පෙරතු‍ කොට යවා පියහු සිරුරත් ඉක්බිති කොට යවා, ඉන් ඉක්බිති කොට ඇමැතියනුදු මෙහෙයා තෙමේ පසුව මල්හුද පියහු සිරුරද පිටත්වු කල ඊට ඉක්බිතිව දොර වස්වා දුෂටාමාත්යපයන් මරවා පියහු දරසෑය සිසාරා දිවස්හුල හිදවි෴රජහුගේ ඒ ක්රිායාව කරණකොටගෙණ දෙටුතිස් යන ඔහුගේ නාමය කකඛල යනු උපපදකොට ඇතිවිය.  සඞ්ඝමිත්රක ඒ භික්ෂුද තෙමේ ඒ නරනාථයා කෙරෙන් බිසව ඔහු අභිෂෙකයට සම කාලවම මහසෙන් කුමරු හා මන්ත්රහණයකොටගෙණ ඒ මහ සෙන්හුගේ අභිෂෙකය අපෙක්ෂාක කෙරෙමින් මෙයින් පරතෙර ගියේය෴ඒ දෙටුතිස් රජ පියරජු විසින් කොට අඩාල උතුම් ලොහොපහය සත්බුමුකොට කෙළක් අගණාසේ කරවිය. එම දෙටුතිස් රජ සැටලක්ෂ්යක් අගණා මිණිරුවනක් පුදා එහි  (ලොහොපහයෙහි)  උතුම් මිණිපහයක්කරවිය.  මහගු මැණික් දෙකක් මහසෑයෙහි පිදිය මහබෝගෙහි තොරන් තුණද කරවිය.  ඒ පෘථිවිශ්වරතෙමේ පැදුම්තිස් පව්ව විහාරයක් කරවා පචාවාසයෙහි සඞ්ඝයාට දුන්නේය.  ඒ දෙටුතිස් රජ දෙවනපෑතිස් රජු විසින් පෙර ථුප රාමයෙහි පිහිටුවනලද  මනා දැකුම් ඇති මහගල් පිළිමය ථුප රාමයෙන් ගෙණගොස් පැදුම්තිස් පව් අරම්භි පිහිට විය. ඒ දෙටුතිස් තෙමේ කළු මැටි වැව සෑගිරියට පිදිය.  වෙහෙර පහ පෙළහර මහ වෙසක් පූජාය (යන මෙතෙක්)  පූජා කොට දහසක් සඞ්ඝයාට ෂට්විවර දානය දුන්නේය. ඒ රජතෙමේ ආලම්බගාමි



මහාවංශය - පළමුවෙනි කාණ්ඩය.

වැවද කරවිය. ඒ රජතෙමේ මේ ආකාරයෙන් ප්රා සද කරණාදිවු නන්වැදැරුම් පින්කම් කරවමින් දසහවුරුද්දක් රජය කරවි.

   මේ ආකාරයෙන් නන්වැදැරුම් පින්කමට හේතුවු නරපල් බව නොයෙක් පාපයන්ටද  හේතුයයි (දැන) විෂයෙන් මිශ්ර් මධුරාගාරයක් සෙයින් එය  කිසිකලෙකත් සත්පුරුෂයන්ගේ මහස භජනය නොකරන්නේය.
         මෙතෙකින් හුදිජනයා පහන් සංවේග පිණිස කළ මහවස තයොදඝරාජක නම්වු සතිස්වන අදියර නිමි.


37 වෙනි පරිච්ජේයද.

[සංස්කරණය]
                                                    (පූ ර්වො භා ග ය)
   දෙටුතිස් රජු ඇවැමෙන් උහු මල් මහසෙන් රජ සත්විසි හවුරුද්දක් රජය කරවිය. ඔහුගේ රාජ්ය්භිෂෙකය කර වන්ට සඞ්ගමිත්ර් ස්ථවිරතෙමෙ කල් දැන පරතෙර සිට මෙහි ආයේය.  උහුගේ අභිෂෙකයද නොයෙක් පරිද්දෙන් අනික් කිසද කරවා සිලාදි සංයම නැති හේතෙමේ මහාවිහාර විධවාං ඝනය කරණු කැමැත්තේ “මහරජාණෙනි! මහාවිහාරවාසි මොව්හු අවිනයවාදිහ, අපි වින යවාදියම්හ‍”යි  රජහු මෙසේ  (දෘෂ්ටි ගන්වා “යමෙක් තෙමේ මහවෙහෙරවැසි මහණෙකුට  ආහාරයක් දෙයිනම් ඒ තෙමේ සියයක් දඩට සුදුසුය”යි රජු ලවා දණ්ඩනය තැබ්බවි. මහාවිහාරවාසි ඒ භික්ෂුුහු ඔවුන් විසින් උපද්රැබතවුවාහු මහාවිහාරය දමා මලයරට රුහුණුරට (බලා)   ගියෝය.  එහෙයින් මේ මහා විහාරය තෙමේ නව හවුරුද්දක් හරණලද්දේ මහාවිහාරවාසි භික්ෂුින්ගෙන් ශුන්යඑ වි හිස්විය෴දුර්ම මතිවු. ඒ ස්ථවිර  “අසවිමික වස්තුව පෘථීවිශ්වරයාට වන්නේය”යි  දුර්මුමති රජහට හගවා මහාවිහාරය නස්වන්ට රජහුගෙන් ලැබු අනුමති ඇති දුෂ්ට මනසින් යුක්ත ඒ තෙමේ මහාවිහාරය නසන්ට නියමකෙ‍ළේය.  සගමිත්තෙරහුගේ මෙහෙකරු රාජවල්ලභ දරුණුවු සොණ ඇමැතිද අලජ්ජි භික්ෂුයහුද සත්බුමු උතුම් ලොහොපායද නානා ප්රණකාර ගෙවල්ද බිද මෙයින් අභයගිරියට ගෙණගියෝය.  තවද මහවෙහෙරින් ගෙණියන ලද්දාවු බොහෝ ප්රරසාදොපකරණයෙන් ඒ අභයගිරි විහාරය බොහෝ ප්රා්සාද ඇත්තේ විය.  පාපමිත්රිවු සඞ්ඝමිත්රණ නම් තෙරුන්ද සොණ නම් සේවකය ද 


37 වෙනි පරිච්ජේදය 159

  ලැබ ඒ මිහිපල්තෙම බොහෝ පවුකෙළේය. ඒ මිහිපල්තෙම පැදුම්තිස් පව්වෙන් මහගල් පිළිරුව ගෙන්වා අභයගිරියෙහි පිහිටවි.  පිළිමගෙය බෝගෙය මනරම් ‍ධාතුශාලාව සතරැස් ශාලාව යන මෙයද කරවිය. කුක්කුටගිරි පිරිවෙන් පෙළ ජිණි  ප්රපතිසංස්කරණයෙන් සැරසිය. දරුණු ක්රිකයා ඇති ඒ සඟමින් තෙරුන් කරණ‍ෙකාටගෙණ එකල ඒ අභයගිරි විහාරයතෙම දැකුම් කටයුතු විය. 
     රජහුගේ සර්වාවත්ථිර සාධකවු මෙඝවර්ණාඅභය නම් යහළු ඇමැතිතෙමේ මහවෙහෙර නැස්ම නිමිත්තකොටගෙණ කිපි (රජහට)  දාමරිකව මලයරටට ගොස් ලැබු මහබලසෙන් ඇත්තේ දුරතිස් වැව්හි කදයුරු ලා ගත්තේය. ඒ මිහිපල්තෙමේ  යහළුවා එහි ආ බැව් අසා යුද පිණිස පෙරට ගොස් කඳයුරු පිහිටිවිය.  මලයරටින් ‘ගෙණෙනලද මිහිර පානයක් හා මාංසයක් ලැබ ‘සහාය රජු විනා නොකන්නෙමි’ සිතා ඒය තෙමේම ගෙණ රාත්රි යෙහි හුදකලාවනික්ම රජු වෙත අවුත් එපවත් දැක්විය.  ඔහු විසින් ගෙණෙනලද්ද ඔහු හා විස්වස් ඇත්තේ අනුභවකොට රජතෙමේ  “කවර හෙයකින් තෝමා කෙරෙහි දාමරික වුයෙහිදැ”යි ඇමැතියා.  පිළිවිසිසේය  “තොප විසින් මහවිහාරය නැසු බැවිනැ”යි කීයේය.  රජ තෙමේ “විහාරය පිහිටුවන්නෙමි මාගේ වරද ක්ෂසමා කරව්”යි මෙසේ ‍කියේය.  ඒ ඇමැතිතෙමේ රජු කමා කරවිය. ඔහු විසින් හඟනවලද රජතෙමේ පෙරලා නුවරටම ආයේය. ඒ මෙඝවර්ණමණාභයතෙමේ රජුට හඟවා (විහාරකරණයට)  ද්ර්ව්යය සම්හාර හේතුව්න් රජු සමඟ නොආයේය.
  රජහුගේ වල්ලභවු ලේනාමෙව්හිදැ එක් බිරින්දක් තො‍මෝ මහාවිහාරනාසනයෙහි දුක්වුවා එසේම කිපියා, වඩුවාට සංග්රමහ කොට ඒ විනාසක තෙරහු මැරවිය.  ථූපාරාමය නසන්ට පැමි‍ණියාවු දුෂ්ට කල්පනා හා දරුණු ක්රි.යා ඇති සඟමින් තෙරහු මරවා නොසන්හුත් දරුණු සොණ ඇමැතියාද ම‍ැරුහු ඒ මෙඝවර්ණපණාභය තෙමේ ද්රතව්යනසම්භාරය ගෙණ අවුත් මහවෙහෙර නොයෙක් පිරිවෙන් කරවිය.  අභයමහ ඇමැතියා විසින් ඒ භය සංසිඳවුකල භික්ෂුිහු ඒ ඒ දිගින් අවුත් මහාවිහාරයෙහි විසුහ. රජතෙමේ මහබෝගෙහි බටහිරිදිග ලොහොරු දෙකක් කරවා තැබ්බවිය.
 දකුණු අරම් වැසි කුහකවු වඩක සිත් ඇති පාපමිත්ර වු නොසන්හුන් තිස්සතෙරුන් කෙරෙහි පැහැද මහා විහාර සිමා පෙදෙසක්වු ජොතිවන උයන්හි වලකනු ලබන්නාහුද


මහාවංහය - පළමුවෙනි කාණ්ඩය

  ඒ තෙමේ ජෙතවන විහාරය කරවිය.  ඉක්බිති ඒ තෙමේ සිමාව උදුරන්ට භික්ෂුය සඞ්ඝයාගෙන් ඉල්විය.  භික්ෂුමහු  නොදෙනු කැමැත්තෝ විහාරයෙන් පලාගියෝය. මේ සතුරන් විසින් කරණු ලබන්නාවු සිමාසමුහනය කෙ  කරන්නට ඒ ඒ තැන කිසි භික්ෂුව කෙනෙක් සැගිවි හුන්නෝ  මෙසේ නවමසක් මහාවිහාරය මුළුල්ලෙහි භික්ෂුවන්ගෙ තොරවිය. අන්ය  භික්ෂුහහු ‘සිමාසමුහනය කරම්හ”යි සිතුහ. ඉක්බිති සිමාසමුහන ව්යා පාරය නිමිකල. භික්ෂුමහු අවුදින් මේ මහාවිහාරයෙහි විසූහ෴විහාර ප්රාතිග්රාාහක ඒ තිස්සතෙරුන්ට අන්තිම වස්තුවෙහි සත්යාහත්ථිි චොදනාවක් සඟමැද පැමිණියාය. ධාර්මිකයයි ලොකසම්මතවු විනිශ්චය මහඇමැතියෙක් තෙමේ වු පරිද්දෙන් දැහැමෙන්  විනිශ්චය කොට රජහු නොකැමැති කලම ඒ තෙරහු සිවුරු හැරවිය.
    ඒ  රජතෙමේම මින්නේරි විහාරය කරවිය.  ඒ තෙමේම දෙවොල් නටබුන්කොට ගොකර්ණත විහාරය එකකාපිල්ල විහාරය බමුණුගම කලන්දලක විහාරය යන විහාරත්රරය කර විය.  මාගගම් විහාරය ගගසෙන්කල වැලි බටහිරදිග දාසෙන් ගල යන විහාරද කරවි. තවද රජතෙ‍මේ කොක්වා ජනපදයෙහි මහාවිහාරයක් කරවි රූපාරම්ම විහාරයද සුළුපිටි  විහාරයද උතුරු අබාගෙබ මෙහෙණවිර දෙකක් ද කරවිය.  කාලවේළක යක්ෂ‍යාගේ දෙවොලෙහි සැයකුදු බැදවි ලක් දිව්හි දිරු බොහෝ ආවාසයන් අළුත්වැඩියා කෙළේය. ඒ තෙමේ සඞ්ඝස්ථවිර දහසකට දහසක් අගණා ස්ථවිර දානයද සියල්ලන්ටම වසක්පාසා සිවුරුද දුන්නේය.  ආහාර පානාදි දානයාගේ පිරිච්ජේදය නොපැණේ.
   ඒ රජ තෙමේම රට සුභික්ෂකය පිණිස සොළොස් වැවක් කරවි.  ඒනම්: මින්නේරි මහවැව, ජල්ලුරවැව, බානු නම් වැව, මාමිණියා වැව, කෝකවාත වැව, මොනරා වැව, පරක වැව, කුම්බාලක වැව, වාහන වැව, රත්මල්කඩවැව, තිහව නම් වැව, වෙලංවිටිවැව, මාගල්වැව,  සිරුවැව, මහාදාරගල්ලක වැව, කළුපහන්වැව යන මොව්හු සොළොස් වැව්හුයි. ඒ තෙමේ ගඟාවෙන් පර්ව ත නම් මහමොවු ඇලක් කැනවි. මේ ආකාරයෙන් ඒ රජතෙ‍මේ ඉතා බොහෝවු පින් හා පවුන් රැස් කෙළේය.


පුර්වර භාගය නිමි.

"https://si.wikibooks.org/w/index.php?title=ම_හා_වං_ශ_ය_-_iv&oldid=5646" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි