මයුර සන්දේශය

Wikibooks වෙතින්

1. ආසී[සංස්කරණය]

1. සැරද මියුරිඳු සඳ - මියුරස නදින් නඳනා

සඳැස් පිල් කැල කැල්මෙන් - පිනවන සඳැස් දුටවුන්2


2. පැසැසුම්[සංස්කරණය]

2. සඳ යුරු මිතුරු සඳ - සිය සඳ කුමුදු නඳ දෙන

මුළු ලෝ සනසමින් එන ගන රදහු වෙත

තුටු රැවු මඟුල් ගී නගමින් රැගුම් ‍ ගත

සිරි ගිසි අසුන් පත්3 - සිරිමත් කෙළි මතින් වව


සොඳ ගුණකඳ කඳ දෙවි4 කඳිනි උසුලනා

නුඹ තෙ දියතැ දිව විකුමැති කුලෙකි මනා

සොබමන් මෙ වන් සිරිතැතියන් ගේ දැකුම

දෙව‍ියන් යැදැත්5 හැකි වෙ ද6 නො දැනේ නියම

අමුතු වැ අප පණෙව් ලත් සැප කියනු කිම

අප සිරි අනා අත් පත් වූ වැනි දැනුම


1.කැලුමින්. 2.දුටුවන්. 3.හිරි ගිරි දසුන් වත් (ගු.) 4. දෙව්. 5. සඳන් (ගු) 6.වෙයි. 7.දැන්ම. ‘ගු’ යනුයෙන් හැගැවෙනුයේ ගුණවර්ධින සංස්කරණයෙහි පමණක් ලැබෙන බව යි.


3. කට යුතු ‍නිදෙස[සංස්කරණය]

3. ය ස ඟ පොරණැ ගුණ මිතුරනට කළ තමා

ස ස ඟ1 වුවත් උන් අත් පත් වේ යැ ඇමා

නි ස ඟ පුරුදු තම හට ඉන් කියනු කිමා

අ ස ඟ මඳක් ව-තෙපල තා සවන් නමා


4. ස ව් දිගු බිතැ කිරණව්2 යස උදුල් වන

සැ ව් බල පෑ එ දිනෙව්3 බුදු මඟුල් වන

දෙ ව් නුවරෙහි හට දෙව් රජ4 උපුල් වන

දෙ ව් මේ හසුන් මතු සව් සිරි5 විපුල් වන


4. ගඟසිරි පුර වැනුම්[සංස්කරණය]

5. මියුරු සඳ, මියුරු රස බස් නුමුතු අස්නැ තතු මතු

පවසමි. දැන් මෙ තොප නිකුත් වන පුර වර

වෙසෙස අස.


6. තුගු සුලකුළු පහ පැහැ සර තර පවර

සැදි දොරැ දොරැ බිහි දොරැ දද අඹළ’ඹර

සෙන් සිවුරඟ6 වේ මඟ මඟුලින්7 නිතොර

දනු සිරි පිරි ගඟසිරි පුර වර මොනර


7. දැවැ8 ගත් හයන් කුර රොන් නැගෙන නුබ වසා

සි ය ප ත් පොබයවන රිවි කැලුම එන නිසා

ම හ ව න් අරන මෙන් සෙද අතපයින් ගසා

පැ හැ ප ත් පහ’ගැ දද එහි වැනෙත වන9 උසා


8. දිසි10 මිණි නිල් සැඳැලියැ ලිය වන කමල

දැකැ නොමලන පුල් පියුමැ යි කැරැ කුහුල

සඳ11 පිළිබිඹු තුරු සෙන් සමගින් සකල

උදුරන ලොබින් බට වැනි බට පියුම් අල


1.එ සග. 2.කිරණෙව්. 3.එ දිනෙහි. 4.දෙවි රජහට. 5.සව් සිරි මතු. 6.සිව්රන. 7.මඟුලෙන්. 8. දව. 9.වැනෙනු වැනි, පෙනෙන වන. 10.සඳ (ගු) 11. දිසි (ගු)


9. එ පුරෙහි සරන අබිසරු ලිය සොර බැ‍විනි

සොබමන් විමන් දොරැ මිණි පහන වසමිනි

මල් දමි සුඹුළු1 කැරැ-ගත සල ගත් අතිනි

ගල3 මිණි පණිඳකු4 ගත් එ කග වැනි


10. රි‍වි රිය හයන් ගෙන්වති5 යන සැක සිතිනි

සඳ සිය රැසෙවි පහ සියනෙකිනෙකැ රැසිනි6

පඬුරට යුව රදුට දුන් කැලුමන් ලෙසිනි

රන් කොත් දිලිණි රෑ දාවල් සෙ කෙරෙමිනි


11. ස තර දිගතැ සල පා රන8 සක සකස

ප තර තර10 මහල් කුළු ගේ සඳලු උස

මෙතර මැ කළ11 පායෙකැ සුර ලොවේ මිස

අතර නර ලොවේ12 කො නැනැත මේ වෙසෙස


12. ලි යා ලකළ පබළු යැ ටැම් පෙළැ13 මහල්

යොයා14 පතර පල15 බිතු පිරියමිනුදුල

      අ යා නයන16 දැකැ දැකැ සිරි නොයන	කල

කි යා පහයැ සිරි අඟවනු කෙලෙස බල

5. බුවනෙකබා රජ වැනුම්[සංස්කරණය]

13. සබඳ ඒ පුරෙශ්වැර නරෙශ්‍වරයාගේ කීර්ති ප්ර තාප වි‍ෙශෂ ශ්රලවණය කර


14. සිරි සිත17 බා තරැ18 පොලඹා රැදි නිතොර

රුපු ගජ බා මුල් නො තබා ගත කෙසර

ලක ඔලඹා සිරි සුලබා කළ මෙ පුර

දින මහ බා බු ‍ව නෙ ක බා රජ පවර


1.සුමුළු (ගු) 2.නිල ගත සල අතිනි 3.ගෙල (ගු)-සිළු 4.පණ දෙව්, හිරිඳකු 5.ගෙන්වත 6.සද සිය රැසින් සිය නෙකිනෙකි රඳවමිනි.සඳ සිය රැස් රැසි තෙනිනෙක තොරණ මිනි.7.කරමිනි 8.සැදි වාරණ (ගු) සලසා රන් 9.දුල 10.සතර පෙර,පතර සත් 11.ළකල්(ගු) මෙ කල් 12.අතර’තර ලොවෙකැ 13.පෙර 14.සෙනා (ගු) 15.පිළි 16.නුවන්(ගු) 17.සිය 18.තෙලෙ.


15. ස ව න් මිණි1 දහම සදනා සවන් මිණි

ලෙවන් රිසිය වන් දෙවනා දෙවන් මිණි

ගු ව න් මිණි කුලග ගුවනා ගුවන් මිණි

වෙ ව න් රජ මිණි වැ දුළ නා2 මු ඳු න් මිණි


16. ‍සොබමන් යොවුන් මන් යොන් සැටි අඳුන් වන

දෙනමන් රුවන් වන් දන මන3 නඳුන් වන

ඉ සු රි න්4 දැමින් අන්5 දස සත නුවන් වන

නි රි ඳු න් මෙ වන් දන් දැන්6 ලෝ මුඳුන් වන


6.බි‍සෝ වැනුම්[සංස්කරණය]

17. නු බ මිණි කුල කිරුළු අගැ රඟ මිණෙවි යෙදු

න ව මිණි දෙරණිසුරු රජ කුමරුවන් ලදු

ගුන මිණි අනැගි අබරණ පැළැඳි පිරිසුදු

ලි ය මිණි බිසෝ හිමි රජ කුල සිරිත් සැදු


18. වැඩැ සිරි තැන්7 ඇති වන්නේන් මන් ලෙසට

රිසි සිරි දන්8 දෙනුයෙන් කප ලිය වැ තුට

ජය ‘සිරි දැන් වඩනෙන්10 මේ පුර වරට

ජය සිරි නම් මෙ බිසෝ මැ යි මෙ සමයට


19. ලෙවන් බැලුම් කිඳු දිගු නිල් යොත් ලුව ද

නු වන් යුවළ මින් යුවළෙකි11 එහි නොබද

මෙ වන් ගුණෙන් රැදි එ බිසෝ ළඳුන් සොද

වු වන් සහස යුත නත12 නො වැ වනනු කො ද


7. යුව රද වැනුම්-1[සංස්කරණය]

20. තව ද, ඒ පුර ප්ර1වරයෙහි විරාජමාන වු යුව රාජ පද ප්රානප්ත ධරර්ණ0ශ්‍වරයා ගේ ප්රවතාප ශ්ර,වණය කර.


1.ගුණ 2.දිලෙනා(ගු) 3.සත මන් 4.ඉසුරෙන් 5.දැන්,දුන් 6.අඳුනව 7.වැඩි සිරිතන් 8. සිරි රිසි දන යැදි සිරි ඇම (ගු) 9.ලියෙව් තුට, ලිය රඟට 10. වඩිනෙත් 11.යුවලය 12.මිස


21. ද ස ස ත පා අළ සතපා තෙද දිමුත

පෙරැ කඳපා මෙන් සදප‍ා යොවුන් ගත

නව පිනිපා වන් පිනිපා කරන සත

දින ඈපා හිමි සිරි පා තඹර පත


22. ලොවට උතුම් කුල සිරි නුවණ ගුණ රැස1

අ ව ට පැතිරි යස තෙද අණ සක සකස

රු වට මෙ ඇම ගෙනැ මවමින් උවිඳු ලෙස2

ති වට මෙ හිමි කෙළෙ ලකැ රජ සිරි පිණිස


23. කොකුම් වැකුම් වන් තෙද දිගඹුවන් ගත

වි කුම් එ කුම් යැ යි තෙවිකුම් වනන සත

දැ කුම් ඇකුම් කළ රු රස’ඟනන්3 නෙත

රැ කුම් තැකුම් ලොව ඔහු බැම ලියෙන් පත


24. උ දා වෙමින් නිති වැඩ පබ සරින්4 රදා

ර දා ලමින්5 සිය සෙන් තඹුරු කැත් සෙදා

යොදා6 ඉවතැ රුපඳුරු තෙද රසින් සදා

ස දා දියත නුබ මිණි මෙන් මෙ හිමි සදා


8. මඟ වැනුම්[සංස්කරණය]

25. ග හ න් වියතැ වියැකෙත සිටි සිටි තැනිනි

ව හ න් කරත මල් මුවරඳ සල් හිසිනි

ප හ න් ස‍ඳෙහි රිවි කැන් 8 උදය’ග උඩිනි9

ප හ න් සඳින් වඩු අමුබුලුවා කඩිනි


26. ස ල ත් තලින් සත් කැරැ10 රන් වළලු ලන

ලොලත් වඩන වර’ඟන නිලුපුල් නුවන

බ ල ත් මෙ තොප කබ පිල්11 ඇස් අඳන මෙන

බ ල ත් ගමුවැ12 බල නව යෝනන් කෙළන


1.’සා’ (සතර පෙළෙහි මැ.) 2.උදු වෙසෙස 3.රැසගනත් 4. සරත් 5.රදා දෙමින්රදා පෙම්න්,නදා දෙමින් 6.සෙදා 7.කරන 8.රිවි රැස්ල මෙ පුමෙන්(ගු) 9.වැඩ අදහසිනි(ගු) 10.සලත් සනිනි පියකර(ගු) 11.කප් පිල් 12. බුලත් ගමුව.


27. සැටියෙන් නඳුනුයන - තුරු යටි සැදී සිටි‍ෙයන්

අවියෙන් එහි නො සිටැ නුඹ1 - යා ගන්නැ දික්පිටියෙන්


28. උදු සුනිලා පැහැ ගන1 ගන වලා පෙළ3

විදු ලියලා සහ බට තැන් තුලා කළ

තුනු උදුලා යන එන මන කලා ලෙළ4

මගැ විපුලා වෙල බල අල පලා වළ5


29. ගෙ උයන්6 ස‍ි රි න් සැදි උයනෙව් පුරන්දර

ඉ සු රි න්7 ද න න් රැඳි ගුණයෙන් තිරන්දර8

අ ඟ නන් තෙනෙන් කළ රන් හසුනසුන්දර

ය ව ස න්9 තො සි න් දැකැ ගුරුගොඩ අරන්දර


30. එකිනෙකින් මිණි නිදනේ නිදන මෙන

අද අදනේ පිය වදනේ පිය වදන

ඉටු සකිනේ තුටු සකිනේ නරඹමින

දොර වකිනේ නො වළකිනේ යන ගමන


31. නෙත් සන හමින් බලමින් බුදු රුවන් වෙස

අත් වන පිණිස10 මොක් බවැ දුක් නොවන ලෙස

සි ත් තන මින්11 පතමින් පින් පල වෙසෙස

අ ත් තන ගල්ල නමඳුව නමමින් සිරස


32. රැවු කළ මී12 ලො ල් ලේ මී13 ලොල්ලේ ය

පුල් දොඹ නා ගො ල් ලේ සෙවැණැල්ලේ ය

මගැ ආරැලි එ ල් ලේ සුදු ‍වැල්ලේ ය

යව ඕපත් ඇල්ලේ සිතු ඇල්ලේ ය



1.මෙ නුඔ 2.‍ෙගන 3.’ලා’(සතර පෙළහි මැ) 4.ලොලා 5.වෙළ 6.ගෙවුයන් 7.ඉසුරෙන් 8.නිරන්තර 9.යා ගත් 10.තුරු ම 11.තනවමින් 12.වී



9. කැලණි පුර වැනුම්[සංස්කරණය]

33. ලිය ලිය ගී කියන අඩින්

මඳ මඳ විඳැ එ මං කඩින්1

පිපි විසිතුමු යටන් බඩින්

වඩු මොනරිඳුනි වෑබඩින්2


34. කිරණ විහිදි පහ කුළු තුගු කොතින් සැදු

නරණ ලියෙව් පිය ලන3 පිය ලියන් රුදු

දෙරණ නුසුලන මෙන් සව් සිරින් යෙදු

නරණ4 සිරින් සිරි5 මහ කැලණි පුර වදු


35. කියඹු වතළ දළ6 කැළැලොත ළ සේකර

පැළැඳි ඔරැදි මලිගිය මලිති සේකර

ලියෙව් ලියන් කැලුවළු ළ පලු සේකර

තො දැකැ7 නොපටු සිතිවිලි සිතැ තොසේකර


36. රුවැ සැක වෙමින් සුර’ගන යැ යි කළ8 මාන

දන සක රඳන නව යෝනන් සොබමාන

දැක මෙ පුර වරැ ස‍ිරි සර අසමාන

බස රැක ම්සක් නොකියමි9 සුර පුර මාන


37. සඳ කැන් පෙර ගිරගිනෙන්ට10

කොඳ වන වත පුබුදුවන්ට

බමරුන් මුවරඳැරැ යන්ට

මද රද දුනු කමට එන්ට


38. නො ලැ ගී ලොබින් බලමින් එ පුරෙහි වෙසෙස

අ නැ ගී නළ’ඟනන් සහ රජ ගෙට පිවිස

කළ11 ගී රැගුම් පුද අනතුරු වැ එ12 විගස

යස ගී කෙකා සන් කැරැ සබ මැදට බැස


1.එ වෑබඩින්(ගු) 2.තුරු මොනරිඳු සඳිනි වඩින්(ගු) යව මොනරිඳු එ වෑබඩින් 3.දෙන(ගු) 4.කලණ 5.පිරි 6.වන උදුල 7.තො දකු 8.කර 9.කියමු 10.කැලුමන් ගිරි හිසිනිසින්ට.කැලුමන් වෙර වෙර ඉසින්ට 11.කළ 12.අනතුරු වූ


39. විබිසණ සුර වරණ - සිරි සරණ වැඳැ දන්වත්1

සි රි න් මු දු න් නිරිඳුන් සහ බිසෝ ළඳුන්

ත රි න් බෙලෙන් දිසි තුන් බෑ මෙ හිමි සඳුන්

තෙසු රජ රජ ඇමැත් - ඈ සෙනඟ ඇම සමඟින්

දස වතැ රැ රම්3 නිරිඳුට ජය දුන් ලෙසිනි

දස අතැ ත රම් වැඩි අණ සක සලසමිනි


සග සකතෑ4 මෙ දෙවි ඇමට

වැඩි සිරි දී රුති විලසට

සෙත කැරැ රැකියැ කජ හිමට5

යුත මෙ පවත කිය ‍ දෙවිඳුට


40. දිලි විදු ලිය නුවනින් බලමින් සොඳින

නතු සුව සැප පිළිවිසිනෙව්6 ගුම් බසින

වෙතැ සැපැමිණි ත-සබඳ ගන කුළක් මෙන

ලගු තුරු රැවු රැඳි ඉඳු මිණි පා මුඳුන


41. බියෙන් බිසරුවන් වේ මඟැ බැසැ සරත

වසන් සියනැ7 රසිනලු කළ රුවන් කොත

ලමින් එදැකැ අද සීකර නුඹේ ගත

පහන් වෙති උන් නොපහන් නො කර පත8


10. මඟ වැනුම්-2[සංස්කරණය]

42. පාන නැගී ගොස් වැදැ මුනි විමන් තොසේ

යැන සෙයින් යන පුරඳර පුරය ‍ දෙසේ

පාන වෙමින් වැදැ වඩමින් කුසල් රැසේ

මාන ඔයින් යා ගන් පින් පිඬක් ලෙසේ


1.දම් වන්(ගු) දන්වන් 2.රජ මැති ඇමැති 3.දසරත එ රම් 4.සක සක අත 5.සෙත කරනුව මෙ ලක් දිවට(ගු) 6.පිළිවිසිනුව(ගු) 7.පියෙන්(ගු) පියන් 8.යත, සත


43. මුනි දිය නා පෙරැ දිය නා කළ දුළිය

ඉන් දිව නා තොස දිව නා පුද කෙළිය

ගහැබැසැ නා මඟැ බැසැ නා කැරැ1 ගිළිය

තො ද විසිනා බල විසිනා මස්කෙළිය


44. කි ත් සිරි මේ වෙහෙරෙහි සෙත් පොද ‍වතළ

ස ත් ගන කුළු වන් දුමිඳුන් වැඳැ උදුළ

ප ත් සා කප්පිල්2 කලබින්3 ඇමැඳැ ලෙ‍ළ

අ ත් පත් කර පන්4 සිය පල නියම කළ


45. තගෙ සබඳහු වියොවට පත් කෙත් කතට5

ගබ පිහිටන් ලෙස වැසැ ගැම නිවුම6 කොට

නඟමින් කෙකා සව් ඔහු කැඳවන ලෙසට

ඇල් ගෙවි සිගා දෙත යන7 දිග මඟ දෙ පිට


11. ජයවද්දන පුර වැනුම්[සංස්කරණය]

46. ලෙස ලද්දන සිය කුල සිය ගුණෙන් සර

රැඳි සද්දන සැදි මහ විදි මනහර

ජය වද්දන ගජ හය රිය සෙන්8 නිතොර

ජ ය වද්දන පුර සිරි සර බල ‍ මොනර


47. කුල ගිරි තුමුල සහ9 මෙර ගල එන කලය

ඇල නො වැ ඉපිල ජයැ ලොබ ලන දිරි නිලය

නිල පැහැ නොවුල කළ10 අසි තල අත්11 තලය

බ ල දෙවි දුබල කළ යෝ බල12 බල බලය


48. ම දු තු ළ වි පු ල දො ළ13 බිඟු වැළ කෙළැ වතළ

ක න ත ළ ස ස ල ක ළ14 සන් කළ ඉගිළිගිළ

යුග කෙළ ඉ පි ල ස ළ15 ගිරි පෙළ පහළ කළ

ද ළ ද ළ උ දු ළ මො ළ ගජ රළ බල පුවළ


1.දි(ගු) 2.කබ පිල්(ගු) 3.කලඹින් 4.පින් 5.කතක් හට(ගු) 6.ගිම් නිවුම්(ගු) 7.දෙන යන්(ගු) 8.ගජ හය සෙන් රැඳි 9.යම්(ගු) මේ 10.පැහැනවල ලෙළ(ගු) 11.ගත් 12.ගත් 12.බල බල දෙවිඳු බල තුල යෝ 13.මද තුළ කොපුල දොළ(ගු)ත සුවඳ ලොළ 14.කන් තළ පබල වෙළ(ගු);කන් තල පහල කළ 15.ලෙළ (ගු);පළ ගිය.


49. අණ සක් පතළ හිමි සඳ කළ නියෝ මෙනි

දන සක් සහඟ ලකැ2 සුලකළ ගන ගලිනි

පුර සක් වළට3 ගල් හිම් පවුරු පෑයෙනි

පර සක් වළෙකැ වැනි පර සතුරෝ ඉතිනි


12. මඟ වැනුම්-3[සංස්කරණය]

50. වැසැ4 පිය රම් රජ සීතාවන් ලෙසිනි

බස කොතරම් නො ඇසූ තම දි‍වි හිමනි

ගුණ මනරම් ලිය රැඳි රන් ලිය සිරිනි5

යව සඟරම් සල්පිටි වෙල් පිට මඟිනි


13. රයිගම් පුර වැනුම්[සංස්කරණය]

51. ලෙස තෙවිකුම් රුපු නොතුකුම් විකුම් ‍ කොට

තුගු තුරු6 ගුම් බල සැලැසුම් සෙන් පිහිට

ලොවැ සිරි තුම් ඇම පැවැතුම් කළ දිගට

නිති මනරම් වදු රයිගම් පුර වරට


52. එ පු ර හි පිළි මණි පවුර සෙ පිරි දියෙනි

ඉ ති ර සපිරි8 පිරි ලෙස9 ඒ මිණි බිතිනි10

පැතිර ඔබින් ඔබැ11 දිසි සේයා කෙ වැනි

ගැඹර තර උනුන් එ දෙ දෙන12 බලන වැනි


53. තුඟු පා ලකළ කළ සල්පිල් වෙළෙඳ දනා

නිති පා නො කැරැ රඳනා රනි රුවන් තනා

පිළි පා පහන් කිඳු උදු ඉදි වැ වොරදනා

පි නි පා සියල් ලු වැනි සිය කිරණ වනා


1.නියෝමිනි 2.කළ(ගු) 3.සක්වළ ද 4.වැඩි 5.ලෙසිනි 6.තර,තුර 7.එ පුර වොරැදි පිළිමිණි උර පිරි දියෙනි(ගු); එ පුරෙහි පිළි මිණි පවුරස පිරි දියෙනි 8.පිරි 9.ලෙම(ගු) 10.බිතෙනි 11.ඔබින්නොබ (ගු) 12.එ දෙක උනුනුන්


54. රු ව න් බඳ පොරොදු බැඳැ කඳ සැරැහුවෙති

ලෙවන් තුටට යන එන2 ගජ වේ මැදිනි

ගු ව න් මිණි උවම් මේ හිමි තෙද බෙලෙනි

රු ව න් අකර පැතිරි ගිරි සරන වැනි


55. උ සේ සරන නුබසර යුවළ නුබ කුසේ

තොසේ බලා පුර සිරි වන් නුවන් රසේ3

මෙ සේ විමන් ස සගින් කො තැන කැරැ සිසේ

කෙ සේ ගෙනා4 දෝ සැක නො කරනු යැ කෙසේ


56. එ පුර වරේ වර ඟන වේ මඟ’ස සරා5

සරන වරේ පිළිබිඹු වෙසෙහි තොර තුරා

නොදැනැතරේ පිළි මිණි6 බිතට පන් සරා

අ ත ර තු රේ විදැ රැවැටෙනු යැ පන් සරා


14. අලගක්කෝනාර වැනුම්[සංස්කරණය]

57. සබඳ, මේ පුරවරාධශ්වර මහෙශ්වර මිත්ර අලකේශ්වර නම් ප්රිභූ රාජයා ගේ වි‍ෙශ්ෂ ශ්ර,වණය කර.


58. ජය සක් බෝ වා ර ගොස තුඟු නාද7 කැර

රු පු සක් නා පෑ ර ගත් ගජ කෙසර යුර

මුළු සක් ලෝ8 නෑර යස තෙද පිරි ඉතිර

අ ල ග ක් කෝ නා ර හිමි සද දින මේ පුර


59. ම ත ර9 ව මි න් රඳනා සරසව්ය වත

වි ත ර වි සි න්10 කරවන11 මුළු ලෝ මවිතර

ස ත ර ව ති න් නිති නඳ දුන් සතර අත12

ස ත ර ව කි න් තෙවුනේ යැ මේ හිමි සතත


1.සැරහුමෙනි 2.තුට ව යන එන: තු වඩන එන 3.රැසේ 4.ගෙනවු දෝ(ගු) ගෙනෙව් දෝ 5.මඟ’ත සරා(ගු); මඟ හසරා 6.නිල් මිණි 7.තුහු ජය නාද 8.සක්වළ 9.මෙතර 10.වෙසින් 11.කෙරෙමින්(ගු) කළ මන් 12.නෙ දනන් සරණ පත


60. තු න් කුළු වැනි තුන් රජයේ තර වැ1 ගති

මෙන් අසුරිඳු2 පුර නර ලෝ මුඳුන් පති

ම න් තුඟු බල යැති කුල කුල ගිරිත් ඇති3

දැ න් මේ හිමි රන් ගිරි සරි සිරින් යුති


61. ව ත දෙත සමත මේ හිමි පත් තැන් පටනි

කෙත වත සතන පෑ පල4 බලවත් බැමිනි

ස ත් සි ත ලෙසට වැඩි සිරි5 කත රිසිනි6

ස ත කි ත යුගය වන අමුතු වැ වැවෙන වැනි7


62. ගුණෙන් අමිත මන් කළ අමතකිරණට

තෙදින් සැහැසි8 සහස මැ සහසකිරණට

ඔ දි න් විකුම් පෑ නව රතන9 දෙරණට

ක ගි න් ප හ ර10 රුපු නො තිබි යැ දරණට


63. හිමි සිය පත් සි ය ප ත් මෙන් වත11 තෙදිනි

සිය සිය පත් සි ය ප ත් යුත් වු12 සිරිනි

රුපුගන13 පත් ග න ප ත් පළ වැදැ ගොසිනි

මෙන් මහ වත් ම හ ව ත් නො පතත් බියෙනි


64. ඔහු තෙද යුත යුද පත සිපත ලෙළ දෙත

විහිදි සුළඟ වැදැ14 මෙන් රුපු රුක්15 සැලෙත

අද වත් ළ පලු පත් එව් වෙව්ලුම් ගනුත

විලිකුන් පතෙව් අවි ගිලිහිණි16 අතින් අත


65. රිවි තෙද දිමුත හිමි17 හිමකර විලස මෙනි18

සොමි ගුණ සෙවණැ19 සොමි සඳ කර වනු කෙ වැනි

විළි බිය දෙකින් ගැලැවියැ හැකි දොයි සිතිනි

එ දෙ දෙන තවන් සැටි ඇරැ වෙස් වළන වැනි


1. රජ සෙන් ඉ‍ටන්(ගු); තර ව තුන් රජය සෙන්(දීපංකර) 2.සුරනිඳු 3.ගිරින් ඇති(ගු),ගිරින් යුති 4.පෑ බල(ගු); පා බල 5.සිත සිත අතක සිරි පත(ගු) 6.සිරි කත විසිනි; සිරි සර විසිනි 7.සත වෙත නැවත වත කිත යුග පැමිණි වැනි(ගු); සත කිත යුග පටන අමුතු ව මැවෙන වැනි 8.සහසි 9.නවරත ම(ගු); නර වර තෙ(දී)10.පැහැර 11.වන(ගු) 12.හිමි යුත්(ගු) 13.වන (ගු) 14.එ විදි කැලුම් ඇදි(ගු); එ මැද ඇදා කමල (දි) 15.සක් (ගු); නො ය(දි) 16.ගිලි උන්(ගු) 17.හිමි තෙද දිමුත රිවි(ගු) 18.වනි 19.රැසට.


15. දෙව් හිමි වැනුම්[සංස්කරණය]

66. හිමි සඳ සොහොයුරු ගුණ සයුරු මන්ත්රීතශ්වරයා ගේ ප්රිකාශ ප්ර;තාප ශ්රුවණය කර.


67. තුනු රුවන් නිති පුදන බැති පෙමින් ලැදි

මසු රුවන් සිතු සතුරු මෙන් මැ ලුහු බැඳි

සිතු රුවන් සෙයින් වත දෙවන යැදි යැඳි1

මැති රුවන් ‍මෙ දෙව් හිමි දෙව් තුරෙව් සැඳි


68. ලෝ ස ත් සතන් කොඳ නඳකර වමින් වත2

යා ප ත් සොඳුරු3 සෙන් තුරු පිරිවරින් යුත

බෝ ස ත් විලස උසුලන ලෝ මුඳුන් පත

පෑ ප ත් සඳෙව් මේ හිමි පිරි සිරින් සත


69. සි ව් වන වන් ස ව් සත ඇති කරවන්ට

හ ව් නෙත5 වන් හ ව් රුපු දිරි සිඳුවන්ට

ලෙව් සිතු6 වන් සිව් සඟරා වත දෙන්ට

දෙව් හිමි දන් දෙව් තුර පුර සරහන්ට



16.මඟ වැනුම්-4.[සංස්කරණය]

70. සිතුමින් සෙයින් සිරි දු න් එ හිමින් වඳිනේ

කියමින් ග ම න් සමුගන් මින් මන් නඳිනේ

නුබමින් යෙ ම් න් අවරන් ගිරි වන් සඳිනේ

නුඹමින් ගොසින් ගෙ උයන් වදි මින් ලඟිනේ


71. උ දේ ගිරින් රි‍වි එත තම කඳේ බිඳේ

සෙදේ9 බිඟුන් මුව මල් මුව ර‍ඳේ රැදේ

ළැ දේ10 විමන්11 ත සබඳ අනුබ‍ඳේ සදේ

යෙදේ ගමන් එ පුරින් රිසිනු දේ සදේ


1.යදි යැදි(ගු); යදියදි 2.වෙත 3.පහන්(ගු); පතර (දි) 4.වත(ගු); යුත 5.වෙත(ගු); වෙණු (දි); වෙන 6.සත මන්(ගු); සිතුම්න්(දී); සිතු මෙන් 7.දැන්(ගු); 8.බැත්නේ(ගු); ලෙදිනේ 9.සඳේ 10.උදේ(ගු); ලැදේ 11.වෙම්න් 12.සොඳේ (ගු)


72. සිතු පාදා සත නොමඳා න ඳා දෙන1

නොවැබාදා වත2 සමුදා යොඳා ගෙන

කළ පූදා පින් පල දා උ දා වන

වඳු වී දා ගමැ මුනිදා උ දා සන


73. නො පහන් වියත නො පැමිණියෙන් සරා කල

නොද3 වන් තව මැ පියොවුරු තිසර උර විල

දෙ නු ව න් මියුර තට4 නො මා අළ ළඳුන් පිල

මි ලි ඳු න් මෙ කල් වන්5 බොල්ගොඩ ගොසින් බල


74. සුනිල් පිල් පැහැ පත් - තඹ පත් පතර විදමින්6


සුබ අඹ පිරි කල කළපුව මුඳුනතිනි

නුඹ නුබ ගබ නැහෙමින් ගමනොත් සදිනි


නො කලේ සඳ වෙලේ - උදුලේ ද මේ අසලේ


රත මිණි සමඟ සිඳු සිලිල ද7 නැගී යන

සැපැමිණි මෙ තැන මේ වෙලෙකැ යි නො මැ ඇඳින8


මෙ වන් සැකය9 කෙරෙමින් වන දෙවියනට10

ප වන් මඟින් යැ කෙරෙමින් සෙමෙන් සිට

ප වන් සිහිල් විඳැ විඳැ බසිමින් ගොඩට

නි වන් මං ගිමන්11 සැතැපි යටන් යට


75. ස ලා සෙයන් රස’ඳන12 ළඳ දුටු මතින

නො ලා නුවන් පියැ බලමින් මන් මතින

ව ලා යෙමන් ලොබ නො වැ13 දෙන තුරු සදින

‍වෙ ලා පු රි න්14 කළු තොටිනෙතෙර වැ වඩන


76. ම න ක ල් තෙපුල් වනවුල් කැරැ ලිය කෙළන

බිඟු ලොල් විමල් මල් තුරු ගෙ උයන් සෙවුන15

ඇම කල් විසල් සල්පිල් ‍ වෙළෙඳුන් රඳන

සැදි හල් බේරුහල් ගමැ සැතැපි වඩන


1.වන 2.වන 3.නො ම 4.මියුරු නළ(ගු); මියුරු තල 5.බිළිඳුන් ලකල් වන(දි) 6.තඹ වන් පත් පතරමින් (ගු); සුනිල් කප් පිල් කැල පැහැපත් පතර විදමින්(දි) 7.සිදු පිල ලද 8.මේ වෙල දෝ නය නදන (ගු); මේ කුළෙකැ යි නො ම ඇදිත 9. සැකක්(ගු); 10.දෙවියන්ට 11. ගියන් මං(ගු) 12.පුලා සෙයින් රස දෙන(ගු); කලා තෙතින් රස නදන දුල දර වනින (දි) 13. වලා වෙමින් ලොබ නො ම (ගු); වලා වෙමින් නො ම ලොබ (දි) 14. පුරව් (දි) 15. සෙවන(ගු); තෙවුන(දි)


77. වෙන්1 කොට වනත ගේ උයන් සිරි නො දත හැකි

ම න් තු ට වඩන යැදි2 සිරි දෙත දෙව් තුරෙකි

පින් කො ට නො ගොස් ඔබ මෙ ලොවැ මැ පැමිණි සකි

බෙන් තොට දෙ ගොඩැ දෙ නුවර දෙව් ලෝ දෙකෙකි


78. ප ර තෙ ර පැමිණි අවි සිප් සමුදුරේ දුර

ව ර ත ර සරම ඇම ලෙස ගෙනැ4 ගත් පවර

වැර ස ර සමරැ5 සෙබළුන් රඳනා6 නිතොර

ප ර ත ර කයේ කය පතපා යන් මිතුර


79. නෙ ත තට වතට වලහට පිය පියොවුරට

සරි කොට උවම් මේ ලොවැ’ම නො සිතෙන සිතට

තොප දුට වෙතට එත9 අඟනන් සතුටු කොට

වැලිතොට ගමට වැදැ රඟ කොටැ යන් එ පිට


80. දෙව් ලිය වෙන් නොදැනෙනුවෙන් සැක වැ තර

සිය නෙතුවෙන් ලිය දුටුවෙන් නුදුටු පෙර

ස යි නි ඳු වෙන් දිගු දනුවෙන් කෙකා කැර

තොටගටමවෙන් වැලි තුඩු වෙන් වඩු මොනර


81. බා ල් ලේ පුරුදු කව් නළු සියල්ලේ

ඊ ල් ලේ වදන් දුන්10 ළඳුනු’දුල්ලේ

නෑල් ලේ කො කැනෙකැත් ලොව මුළුල්ලේ

ගාල් ලේ සිරි දතු නො වැ පැකිලිල්ලේ


82. න ඳ ව සයුරු ලෙළ රල සළු සලන් නේ

සොඳව සුපිපි තුරු සේ සත් සෙ වන් නේ

ර ද ව ලබන සැප එ තෙකින්12 ලබන් නේ

ර ඳ ව මියුර සයුරසැ මිරිපැන් නේ


1.මින්(ගු); ඉන්(දි)2.යදි 3.පැමිණියැකි(ගු); මෙ ලොව ම සත පැමිණි සකි(දි) 4.ඇම දැන ගත්(ගැ); සැම ලෙස දැන 5.සරම 6.සරණා(දි) 7.දෙනෙතට 8.උවමට ලොවටවත් තොටියන් යුත් සිතට(ගු); සරි කොට සිතට උවමට නො සිතෙන ලොවට(දි)9.එන 10.දෙන 11.සිර ද දකු නොව පැකිල්ලේ12.එ තනින්(ගු);එතකින්.


83. ව න් සඳැ සඳ1 රි‍වි බිඹු සමුදුරේ දුරේ

ර න් කිරුළගැ බඳ ඉඳු මිණි වරේ යුරේ

කැන් ලඹ දුන් මල් පුල් කිණිහිරේ තුරේ

ම න් පිනමන ලගු ලනුමෝදරේ කරේ


84. ගු වන් මණිහු කර නො පැවියැ දුන් බිමට

නු වන් පිනන පුල් වැටකේ පහන් වැට

ගෙවන් සුනිල වන සැප වන පැමිණි2 හට

ගෙවන් සෙමෙන්3 සිටැ මා වතැ යටත් යට

"https://si.wikibooks.org/w/index.php?title=මයුර_සන්දේශය&oldid=11687" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි