මහා බිනික්මන්කාව්‍ය-කාව්‍ය i

Wikibooks වෙතින්

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස. _________________

තෙරුවන් ගුණ ගැයුමයි.

1. බින්ලියගෙ මු දුනේ සිටියෙමි අහස සෙ වනේ දෙවියන් වර මිනේ කියන් අටවිසි මුනිඳු ස රනේ

2. සුගතිඳු ගුණ සයුර දහම් කඳ ලොව පල කර එදහම් මුදුන් කර කියන් පමණක් දහම් කවි කර

3. සුවාසු දහ සෙකි දෙසූ සදහම් ගණනෙකි මහ සයුර ගැඹුරෙ කි එමෙන් මෙ දහම් කියා නොකළැකි1

4. එමෙනි මහ සයුරෙ න2 අබලුවට ගත් ජල මෙ න කියන බුදුගුණ3 පම න කියා නොකළැකි එගුණ අපමන4

1. පමණ කළතැන් ඇද්ද කළකි B 2. නා යන්නෙන් අවසන්වේ. B 3. අපමණ B 4. කියා නොකළැකි එ අපමණ A


30 මහබිනික්මන් කාව්ය ය

5. මුනි රජුගෙ සරණි න වෙස්සන්තරව උපදි න ඇලි ඇතු දන් දෙමි න තපස් රැක දෙව් ලොවෙහි ඉපදි න

6. දිව සැප විඳපු ක ලා දෙවියෝ සමඟ එක් වෙ ලා බුදුවෙන කල් බ ලා කියති ආරාධනා එක් වෙ ලා

7. දෙවියන් කී බසේ දිව සැප ඇරැපු විගසේ නදුනුයනට තො සේ සැතපි රන්රුව සේම විල සේ1

8. මඟුලුයන3 වැඩ සිට පස් බැලුන් බැලු විලසට කපිල පුර නුව රට ඇවිල පානක් නිවුන විල සට2

9. නැණ පමණින් කළ තිලතුරු පදටා වියතුනි පිළිකර නොකියවු රවටා පෙර ඇඳුරන් කී බස් ‍ගෙන සිතටා මදකින් පැවසුවයි තතු ලෙසටා3

1. එමසේ B. 2. ‘B’ පිටපතෙහි දක්නට නොමැත. 3. ‘B’ පිටපතෙහි අග ‘යා’ යනුවෙන් අවසන් වේ.




                                 මහබිනික්මන් කාව්යනය                              31

10. පි න් සරණේ අදහා උන් දන හට දැ න් සරණේ ගුණ පවසන් හැම විට දැ න් සරණේ සඟ පිළිවෙල සහ තුට තු න් සරණේ මම නමදිමි හැම විට

11. සෙත් දෙන මුණි ගුණ දැන ගෙන පව තිමු සි ත් සතොසින් වදහළ දම් පව තිමු එ ත් මෙන් මුනි ගුණ සඟ ගුණ දැන එමු මෙ ත් දැනගෙන අපි තිසරණ නම දිමු

12. ල ත් සි රි තුන් ලොව දැන එන ම තු මා සෙත් සිරි සත රකිනා දම් දෙස මා1 මොක් සිරි සැප නිවනට දෙන පැතු මා මෙත් සිරි දැන නමදිම් මුනි උතු මා

13. ගෝර සයුර මැද දුක්දී තම හට නෑ ර තම අඹුදරු බැඳ දී තුට මා ර යුදෙන් දිනු මෙදහම් සිහි කොට නෑ ර වඳිම් ඒ සදහම් හැම විට

14. සරුව උතුන් සැරියුත් මුගලන් තෙරු එරු ව පැවත එයි ලොව තව වන තුරු පිරු ව දහම් අටුවෙකි ලොව වැඩ කරු දරු ව සිවුරු නමදින් සඟ ගන ගරු

15. අ ත අත සිව් අත සක්වල සුරනා ග ත ගත රූසිරු සිරිලක සුරනා සෙත සෙත රැකි සිල් ගුණ දම් පුරනා දෙ න සෙත දී රැක දෙන් හැම සුරනා

1. දෙසු උතුමා A


32 මහබිනික්මන් කාව්යනය

පිවිසුම 16. යවහම් පද අඟ මුල නොදැනෙයි මට ඉව සම් වියතුනි එවන් වරද දුට දිව සම් පත්වෙයි ඇසූ දනන් හට පව සම් ගුණ අවුරුදු පන් දහ සට

17. සු ද් ද තිලෝගුරු මුනිඳු දහම් ගුණ ල ද් ද කිරණ සමුදුර මෙන් දැනෙගෙණ වි ද් ද සිනිඳු අඹළුවකින් මැන ගෙණ නැ ද් ද එකක් ‍ගත්තායෙන් කිරු මෙණ

18. බල මින් තුන් මුණි ගුණ අම සයු රෙන බල මින්1 තුන් ලොව පිරි ඉතිරි එන2 ගල මින් උනු පුළු කුස රෝමය ගෙන3 සළ මින් ගත් මෙන් මඳක් කියමි දැන4

19. අ මා මියුරු දම් රස ගුණ දැන ගති මෙමා නොදැන බණ කවි කීවා ඇති ස මා කළොත් මට මුනි රජ යහ පති න මා වඳිම් ජය සිරිපා දෙක නිති

20. අනි ක් කළුගල් බැඳපුවා මෙන් නොගෙන වන වැල්පද ගොතා අනි ක් වියතුනි මඳක් නෑසුද නොකටයුතු දෙතිසක් කතා මැනික් බැඳිලෙස උතුම් මුතුහර පබළු රුව මෙන් ගොත ගොතා සුනි ක් කිතවු මහබිනික්මන් කලා පවසම් බෝසතා

1. රැළමෙන් (A,B) 2. ඉතිර ගෙන B 3. කින B 4. ගන්නා මඳක් කියමි දැන A

                                   මහබිනික්මන් කාව්ය ය                               33

21. කළු පොතේ රැ තිස් පැයක් ගියඑළිය දුටු විදුලිය ගති කළු පොතේ උපමාව දත්තො මහබිනික්මන් කවි කලා ඇති මුනි වෙතේ කරුණාව දන්නො තිසරණේ ගුණ ඇඳින නොකියති නෙළු පතේ විද ඇකිල රියෙන් මහ මෙරත් වුව පිරුණු2 තැන් නැති

22. සා ර සාගර සේම මුනිගුණ පිරුණු ගබඩාවක් ලෙසින් සා ර ඒ ගුණ බැරිකියන්නට

                අනික් බුදු කෙනෙකුන් 	විසින්

නෑ ර තුන් විට බලා ගන්නැයි

                පිරුණු දස පෙරුමන් 	විසින්

සා ර ඒ ගුණ මදක් පවසමි

                අදහගෙන සිත සන් 	තොසින්

23. සාර මුනිගුණ සාර සාගර සේම නිසලව බබලවා ගති සාර ඒ ගුණ නෑර කීවත් තුන් ලොවෙන් පවසන්ට අය නැති

  	සාර තුන්පිට නෑර වදහල තෙපුල්

ගුණ අසුවන්ඩ යහපති සාර ඒ ගුණ සාර ඇසුවොත්මොක් සිරිපාර දැනගති

24. සිඳි න කෙළෙසුන් බුදුව මුනි රජ ලොවම සරුදම් කෙත ලෙසේ ඇඳින තුන්ලොව සතුන් ගොඩලන වපුල බිජුවට3 මෙන් ‍ මෙසේ බ ඳි න4 පුළුලෙන් දහම් අටුවක්සුවාසු දහසක් උසේ වි ඳි න මොක් සිරි නිවන්දකිනාතුරා අහතත් සොඳ රසේ

1. රුති තිස් A 2. පිළුණු B 3. ගෙන්නා වපුල බිජුවට (A, B) 2 34 මහබිනික්මන් කාව්ය ය

25. දෙසූ සදහම් මුනිදු වැඩහිඳ සුවාසු දහසක් රැසින් ඇ සු මෙදහම් අහස ඉදිකටු මලෙන් බැලුවා මෙන් ලෙසින් වැ සූ සඳහම් නියම නැතුවම තිබුණි බඹලොවටත් උසින් ඇ සූ මෙදහම් කෙනෙක් ඇත්නම් ලබති නෙර්වානෙ තොසින්

විවරණ ලත් වගයි

26. පෙරුන් දසබලයෙන් එදාමුනි ආ මරුන් දස අතට බින්දා දීපංකර මුනි ලොවට බුදුවී දිවසුරාසේ එළික ලෙන්දා එගන් පුරඹ1 වාසි දනයෝ වැඩම ආරාධනා යෙන්දා සවන් රැස්ගෙන දිලිහි සඟ පිරිවරින් වඩිනා ඒ රුවින්දා2

27. අමර වති නම් රාජධානිය එකළ අප මුනි පිළි සිඳා පවර සත් මුතු රජුන් වස්තුව එදා දන් දී වන වැදා එපුර වරමින් දෙවිඳු විස්කම් මැවූ පන්සල් නොම ඉඳා අසුර බවනින් බැසපු දෙවිඳකු3 සේම ‍වැඩියයි ගන් මැද

1. පුර බද A පුරරඹ B 2. මුනි සහ පිරි වරිනේ වඩිනා රුවිනා A 3. දෙවියකු A


                        මහබිනික්මන් කාව්යිය                                             35

28. එ දා දීපංකරද මුනිසඳ වඩින මඟ සර සති ගොසින් බෙදා දුන්නා ඉතා වළගොඩ තෙරුක්කම් නොබලා ඇසින් පොදා තරු1 වැරු සඳසෙ වඩිනා මුනිරජුන් දැකලා තොසින් පු දා උන්නයි රුවන් පෝරුව සේම පිට අදහා ලසින්

29. හොඳින් දීපංකරද මුනිසඳ වඩිනවා දැක ඒ රුවේ අ ඳු න් දිවිසම් අතුට ගන්නයි පළමුවෙන් මඩ ගෝරුවේ මැ දි න් සසරට නොදැක අගමුල ඇදපුවා මෙන්2 පෝරුවේ සොදින් සූවිසි අසංඛය සත ගොඩලමැයි බැඳි පාරුවේ

30. නැළු දෙරණත නොකට සොල්මන් සේම අදහා ගත් නිසා බැළු මුනිරජ ඇඳින ගත්තැයි සුමේද නම් තාපස ගතා සැළුව මල්ගොඩ ඉතිර පිරුනේ ගැඹුරු කඳුරැලියක් ඉතා බැළු මුනිරජ නැගිටු කීවයි ඉදිරි බුදුවන බෝ සතා

1. තරුපිරි 2. සේ A



36 මහබිනික්මන් කාව්ය ය

31. ගත් වරම්ගුණ මඳක් පවසමි පළමුවෙන් වීය්යා කතා ඉස්සරම ගොස් වැටී උන්නයි මුනිඳු ජය සිරිපා වෙතා අත් කරණ උන් නිවන් ඇරියා1 හැම සතුන් ගොඩලමි සිතා ඉස්සරම පුද ලබමි දීපංකර බුදුන් නෙන් බෝ සතා

32. ඒ තමන් කය මඳක් නොවමින් පුදමි පරසතු මල් ඉතින් ඒ තමන් කය අදහා ගන්නැයි ඇදපු පෝරුව මෙන් වෙතින් ඒ තමන් බල සුමේද නම් තපස්වර වීය්යාන්ග සිතින් දැසමන් මල්2 අටමිටක් ලද පළමුවෙන් මුනිඳුන් අතින්

33. ග ත ට පත්වූ ගුණය ඇරියේ මහත් ගුණ අගවන්ඩ මේ වෙතට පත්වූ මුනිඳු පාමුල පෙර‍ලනේ ජය ගන්ඩ මේ අතට ප ත්වු නිවන් ඇරියේ හැම සතුන් ගොඩලන්ඩ මේ දුකට පත් වූ කළේ විය්යාඩ මමත් මතු බුදු වන්ඩ මේ

1. ඇරියේ B ඇරි යයි A 2. ජයමල් B



                                              මහබිනික්මන් කාව්යළය                   37

34. ඔන් න දීපංකරද පාමුල ගන්න විවරණ සතොසිනේ අන් න මොක් සිරි නිවන් ඇරියේ සතත කරුණා වූ තැනේ1 ඔන් න සුවිසි බුදුන් කෙළවර මමත් බුදුවෙමි සතොසිනේ සැන්න දරුවන් වැදූ මව් මෙන් පත්වූ ගොර සයුරට සෙනේ

35. දිපන්කර මුනි උතුමා මේ කවුරුදු බැලු උතුමා මතු බුදුවෙන බෝසතුමා විවරණ දී වැඩ උතුමා

36. දු න් නා මොක්සිරි2 මුනි දීපන්කර ග ත් තා දුක්මෙන් ඒ හැම අත්හැර පෙන්නා වීය්යාඒ හ බුදු බව මෙත්කර ව න් නා ගොර සයුරට අසවිස්තර

37. යෙ දි කුසල් සිත් සග තුට3 දි දි කපා ඉස් සහ තුට4 දි දී එතෙක් තරු ගණ නට5 වි දී මෙදුක් එබුදු බව ට

1. පැතුරුනාසේ A 2. සැප A 3. සිත් සතුටා A 4. ඉන් සතුටා A 5. ගන නටා A 6. බව නටා A වෙන්නට B


38 ‍මහබිනික්මන් කාව්යටය

38 වැඩහිමි සසර සයුරෙන් සත් ගොඩ ලන්ඩ වැදා සයුරට බිය නොවදුක් ඉව සන්ඩ කොණ්ඩ මුනිඳු වැඳ විවරණ ලදු වන්ඩ මුදුනත් බැඳ වඳිමි ‍මොක් දෙන මුනි ඳුන්ඩ

39 සිතුවයි සත් අසංඛය කප් බුදු වන්ඩ පැතුවයි සව් සතුන් සසරින් මුද වන්ඩ මංගල මුනිඳු වැඳ විවරණ ලදු වන්ඩ වඳිමි වෙතේ මොක්1 දෙන මහ මුනි දුන්ඩ

40 බෝසත් වෙතට යදි දන් ගන්ට ආදා දී පුතු මවුන් බැඳ දී බුදුබවට එදා පදුම මුනිඳු වැඳ විවරණ ලදුව එදා මෙලොව සතට සෙත් දෙන මුනිඳු වඳු අදා

41 කියමින් නව අසාකය බුදු බවට පතා වැදගින් නැති සසර පරතෙර දකිමි සිතා සුමන මුනිඳු වැඳ විවරණ ලදු ස මතා2 වඳින් බැති සිතින් මොක්හිදන මුනිඳු මතා

42 සතහට නිවන් දෙමි වැඳ සසර දුක් විදන් අසා දුකින් යදිහට මස් ලිහා දුනින් වැඳ රේවත මුනිඳු පදකමල වර දුන් මුදුනත් බැඳ වඳිමී වීර්ය්යාඳ කළ මුනි දුන්

43 දිඟුබින් සකළ දස දෙස එළිකළ ‍මුනිඳුන් දෙමි සතහට අමරස වු නිවා බොජුන් සෝබිත මුනිඳු වැඳ විවරණ ලදුව මුදුන් මේ සිත මෙකය පුදකර වදිමි ඒ බුදුන්

_________________________________________________ 1. මෙතෙක් A 2. ‍‍ලදුවපතා

                                  මහබිනික්මන් කාව්යිය                             39

44 යදිනට නොකල් නොයවාම දුක් මිඳුන් දිවනෙත් පතාදී ඇස් උපුටා සිය තින් විවරණ ගත් අනෝම දස්ස මුනිඳු අතින් ඒ බෝසතා සිරිපා වඳිමි බැඳි සිතින්

45 ස ක ල ලෝක දනයින් ලමි අබය පුරෙ ස ක ළ සයුර මැඩ ලේ දී ගෙන නි තොරෙ ලෝ ක පදුම මුනිඳුන් වර ලදු එ වරෙ ලෝ ක සදිසි මුනිරජ වඳිමු නිර තුරෙ

46 මෙරඟ ඉස් කපාදී බුදු බවට පෙර මෙරඟ මිටිය දුන්නා ඉස් වරින් වර නා රඳ මුනිඳු වැඳ විවරණ ලදුව පෙර මෙරඟ වඳිමි මුනි රජ ‍නිතොර හැම වර

47 නමා දනන් සිත් තම වෙත බෝසත් අමා ලෙසින් දහමෙන් සිත සන සත් සුමේද නම් මුනි වැඳ විවරණ ගත් මෙමා සිතින් නමඳින් මුනි බෝසත්

48 පුරාතනේ පෙරු මන් කළ බූ පා සුජාත නම් මුනි වියරණ ලදී පා එබිණි මුවෙන්1 එළිකළ මුළු දී පා ලැබී සිතින් නමදින් මුනි සිරි පා

49 පිය තිස්සෙ පැතුවා පෙර දව සේ පිය දස්සෙ මුනිපද වැඳ සතො සේ පිය දස්සෙ බුදු වෙන විවරණ සේ මම නිස්සෙ නමදිමි පද එම සේ

1 එබිනයෙන් (B) එබිනවුනෙව් (A)


40 මහබිනික්මන් කාව්ය ය

50 සත හට තුන් ලොව මතුවැඩ පිණි සද අම්මා සේ සව්සත වෙත කරු ණුද අතකළ මොක් සිරි ඇර සසරට වැද1 සිත් ලෙස නමදින් ඒ මුනි සිරි පද

51 දැ ම් මා දස අකුසල් දුරු කරණා අ ම් මා සේ ලොව සත වෙත කරුණා ද ම් මා දස්මුනි2 වැඳ වර රැගෙණා ද ම් මා නමදින් තිලොගුරු සරණා

52 සිත් ලෙස පින් නම් දහම් අමා ලද සත් බව තුන් ලොව මතු වැඩ පිණි සද අත්තදස්සි මුනි වැඳ විවරණ ලද සිත් ලෙස නමදින් ඒ මුනි සිරි පද

53 සිත් ලෙස පෙන්නා දහම් අමා ලත්4 දස් සේ විය්යාන් පෑ බුදු බව ලත් තිස්ස මුනිඳු වැඳ විවරණ ලැබ ගත් සිත් ලෙස මම නමදින් දී මුදුනත්

54 දොස්ම එවිට5 කෙලෙසුන් මුල් උපුරන6 රැස්කොට පින් බිජු හැම තැන වපුරන වෙස්ස මුනිඳු වැඳ විවරණ ලදුවන7 සිත් ලෙස නමදින් ඒ මුනි බැති යෙන

1. ඇර නිවනටවුද B 2. දම්ම දස්සී B 3. දැන් මම (B) 4. සිත් ලෙස මුනිඳුන් වැඳ විවරණ ගත් B 5. දොස් අප සිටු (A) 6. උපුටන (A) 7. ලැබගෙන (B)


                                     මහනිබික්මන් කාව්යනය                               41

55 සැපත් දුකත් සමයේ විඳ නිතොරා සැපත් නිවන් සැප දැනගෙන ඉඳුරා විපස්සි මුනි වැඳ වර ලැබ එවරා මෙපස් බුදුන් නමදින් මම නිතොරා

56 මැකී නොදැන අකුසල් පින් රැස් කොට අකීකරුව සිටි පස් නම දුරු කොට සිකී මුනිඳු වැඳ විවරණ ලත් විට මෙකී දහම් උතුමා වඳු හැම විට

57 බෝ ස ත් පෙර පෙරුමන් පුරමින් වර සේ ස ත් කුඩ කොඩි දී පැතුවා පෙර සි දු හ ත් මුනි වැඳ විවරණ ලත් වර මෙ මහත් සිරිපා නමදින් හැම වර

58 හිස්වූ කප් බුදු කෙනෙකුන් නැති වර ඉස් ඇස් මස් ලේ යදිහට දි පෙර පුස්ස මුනිඳු හට දන් දී පුව තර විස්ම ලෙසින් විවරණ ලත් මුනි වර

59 හැම සඳ දිලි රන් රුවනක් වැන්නේ හැම සඳ මෝරන පුන්සඳ වැන්නේ කකු සඳ මුනි බුදු වෙති වර දුන්නේ හැම සඳ සිරිපා වඳිමි බුදුන්නේ

60 දෝනා සක කිරි1 මෙන් කුල සුද්දා පතා නිවනට මග නොව රද්දා කෝනාගම මුනි වැඳ වර ලද්දා පීනා ඒ මුනි වඳිමි නිසු ද්දා

1 කිරියක (B)


42 මහබිනික්මන් කාව්ය ය

61 ලක්ෂණ ගුණ නැත රුසිරෙන් සොබනා1 මෙත් සිරි සතහට කරුණා කෙරෙණා කක්ෂප මුනි වැඳ විවරණ රැගෙණා සිත් ලෙස නමදින් තිලොගුරු සරණා

62 පමණක් නැත ගුණ වැඳ මුනි දුන්නේ පමණක් දැන කෙලෙසද පව සන්නේ පමණක් රැස් හැම විට විහි දෙන්නේ2 පමණක් සිරිපා වඳිමි බුදුන්නේ

63 මනෝ නිදානය කප්සත දාසෙකි වයො නිදානය කප්තව දාසෙකි පෙරුන් නිදානය කප් සිව් දාසෙකි මෙතුන් නිදානය කප් විසි දාසෙකි

64 මෙතුන් නිදානය කිමිඳ බලා යේ උ තු න් නිවන් මඟ නොදැක මුලා යේ ස තු න් නැමැති තෙක් වපුල බලා යේ උ තු න් නිවන් මඟ දුටු මුනිඳා යේ

65 වෙස්සන්තර මහරජ කර එකලා සත සතු මහ දන්දී ලොබ හැරලා තපසට ගොස් සුතනඹු දන්3 දීලා තොසිත පුරෙ සිරි විඳිමින් එකලා

66 සාර අසංකය පෙරුම් පුරා ගෙන මෝරාගෙන පින් බුදුවන්නට එන නෑරා4 එන පිරිවර ගෙන සම ගින පීරා ගොස් උපදිති සුර ආ සන

1. දිලෙනා (A) 2. දැඩි ඉරු දෙවියන්ගේ (B) 3. වන් A. B. 4. නෑරම B.

                            මහබිනික්මන් කාව්යෙය                                      43

67 එසුර විමන උන් බෝසත් දුටු කල එසුර නොයෙක් දෙවියෝ පිරිවර කල එසුර සැපත් විඳ බෝසත් උන් කල එපුර නොයෙක් හැම බඹ සුර කි කල

68 දුන් ඉස් මස්‍ ලේ සතොසී ගත් බුදු බව සිට නොලසි ගෙන්නා ලොව ඇවැම ගොසී උන් බෝසතු දැක මෙ ලෙසි

69 වටින් එසක්වල දහස මා ගොසින් තොසිත පුර වර හැමා බැතින් නැමි වැඳ1 සිට පෙමා ඉතින් පළය මව් කුසට මා2

70 බුදු කෙනෙකුන් හිස් ලොව නැතා දැක දෙව් බඹ සුරන් සම තා බෝසත් දැක දී මුදු න තා3 බුදුවන්නට ආරාධනා කර තා4

71 සාර සංඛය පෙරුම න් පාර මිතා සිහි කරමි න් නෑර එක් වෙලා බැළු මෙ න් ආරාධනා ඉවසී මෙ න්5

1. වැඳපෙමා 2. A පිටපතෙහි සිව් වෙනි අග අකුර ‘ම’ යනුවෙන් සඳහන්වේ. 3. සැල කළ මත A A පිටපත්හි සිව් පදෙහි අග අකුර ‘ත’ යනුවෙන් සඳහන්වේ. 4. නැරම එක්වෙලා B නෑර එසක්වල් බැම්මෙන් A


44 මහබිනික්මන් කාව්ය ය

පස්වග බැලුම් බැලූවගයි.

72 බලා එබෝසත් එම විට බලා මනුස් කුස වදි නට බලා කව්ද අම්මා මට බලා පුවයි උයනේ සිට

73 බලා තුසිත බවනේ ඉපිද ගත්තේ බලා නොයෙක් සක්වල දෙවිඳු ගත්තේ බලා පස් බැලුම් පූරුව නිමි ත්තේ බලා මව් කුසය උපදින්ඩ ඔත්තේ

74 බලා පස1 එගිය ජාතිය ඇඳින කෙසේ බලා නෙල්ලි ගෙඩියක් අතට ගත් ලෙසේ2 බලා තිලෝගුරු මතු බුදුවන්ඩ නිසේ4 බලා පුවයි නරලොව උපදින්ඩ කුසේ

75 සක් වල සුර ඉසුරු බඹ දෙව් උඩ අහසේ සහ පිරිවරින් පස් බැලුමක් බැලූ නිසේ කිමෙක බලා බුදු වන්නේ ඇසල මසේ දස මස පිරි බිහිවන්නේ වෙසක් මසේ

76 ල ද් ද වරන් හැම දෙවියන්නේ බස3 මැද් ද තොසිත පුරයෙන් එන්නට බැස4 සි ද් ද කරමි කී බුදු බව අද හස5 සු ද් ද කරති දෙව් මායා මව් කුස6


¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬ 1. පසුව A. B. 2. තුසේ (B) 3. බසේ A 4. බැසේ A 5. හසේ A 6. කුසේ A

                               මහබිනික්මන් කාව්යෙය                                     45

මායා බිසව සිහිනය දුටුවගයි.

77 කපිල වස්තු පුර සාක්ය. කුල යට අදිපති සුද්දෝ දන මහ නිරිඳු හට අග මෙහෙසුන් කල මායා බිස වට පෙන්නා සීනය උපදින විල සට

78 සතර වරම් දෙවී ඇවිදින් සිනේ නිතර බිසවු සැතපෙන යහ නේ සිරස නමාගෙන ගොස් පිළි වෙළි නේ රිදී තලෙක සැතපෙනවා පෙනු නේ

79 අනොතත්ත විලදිය සිහි ලැල් ලේ නාවා බිසවුන් කර සිතු ලොල් ලේ පීනුවලා රන් පර්වසත නිල් ලේ යනවා දෙවියන් දැක සිව් වැල් ලේ

80 උන්නා බිසවුන් යහනෙක පිළි විස ගෙන්නා ගෙන ගොස් දෙවියො කළ කිස ඉස්නානය පිරිසිදු කර එක1 ලෙස ගෙන්නා කඩුපුල් පරසතු මල් රැස

81 සිහිනේ දැක බිය ගෙන එබිසෝ ලඳ යහනේ සැතපි ගෙන වැඩ හිඳ2 යහනේ ඔත් නිරිඳුට බිය වැඳ සීනේ දුටු3 සැටි කිව් නිරි4 ඳුට සොඳ

82 ඇ න් නා දකුණු දලින් ඇන බිය දෙස ව න් නා අලි ඇතු බියමෙන් මගෙ කුස ද න් නා පමණක් පවසමි මේ බස ගෙන්නා මානෙල් මල් නටුවෙන් බඩ පිස

1. සත A 2. ගන නිවරද (B) 3. ලෙස A 4. නිරිඳුන් (A) 5 පවසති B 6. දෙවියො ගෙනයති තොයිනේ. 46 මහබිනික්මන් කාව්ය ය

83 සී නේ අසමින් මනෝ පසන් කරැ යා නේ මල් කුල සමඟ රතිඳු හැර ඤානේ සීනේ තෝරා විස් තර යා නේ නින්දක් නොලැබ පහන් කර

84 වේදස් ශිල්පය දැන ගත් නෑරා වේදය බමුණන් ගෙන්නා තෝරා වේදළුකිරි බත් කවමින් මීරා වේද එකිය සීනේ දැන් තෝරා

85 යෙදී මෙමා සැතපෙන තනි යහ නේ1 දිදී ඉසුරු දෙවියො යෙති තොසි නේ රිදී පර්වුතක් තිබුන2 යි යහ නේ යෙදී අතෙක් බඩ පිරි මැද සී නේ

86 පැහැද සිතින් බමුණෝ ඉඳ ගනි තී වේද කියන්නට බොළුපඩි ගනි තී රූප වර්ණ්ණා බෝසත් දෙස බල තී වේද දෙකක් දැක තිබුනෝ ති*

87 උන්නා රජ සිරි යහ නේ ගෙන්නා බමුණන් සතර දෙ නේ පෙන්නා රැ දුටු සීන තු නේ දන්නා පමණක් කියව් දැ නේ*

88 උන් කුසා අලි ඇතු වැදු නා තුන් ලොව දන එලි කර නා පින් ඇති කුමරෙ ක් උප නා ඉන් බොරු නැත3 නිරිඳු මෙ නා4

1 දෙවියො ගෙනයති තොසිනේ B 2 තිබුය A

  තිබුනෙ   B             3  සැක නැත B

4 A. B. පිටපත්හි අග අකුර දීර්ඝක නොවෙයි (ණ)

  • ‘C’ පිටපතෙහි දක්නට නොමැති මේ කව් ‘B’ සහ ‘A’ පිටපත්හි
         එක්නෙකට වෙනස් පිළිවෙලින් දක්නා ලැබේ. 
                              මහබිනික්මන් කාව්ය ය                                      47

89 තොප වෙති අග බිසවුන් නේ සැපයෙනි සීනි පෙනෙන් නේ අප වෙති සත ගොඩ ලන් නේ උපතකි පින් කළ උන් නේ

90 තුන් ලොව සතහට කප්රුක වැන් නේ තුන් ලොව සතහට මවුපිය වැන් නේ තුන් ලොව සත සසරින් ගොඩලන් නේ තුන් ලොවටම උතුමෝය කියන් නේ

91 සීනේ තෝරා කී බමුණන් ‍හට දනේ වස්තුව දී උන් තුටු කොට සීලේ රකිනා කෙනෙකුන් විල සට නොයෙදී පරදාරය පව් දුරු කොට1

92 කල්2 දෙස බල බලා දඹදිව වැඩි කලා මව් පිය කුල බලා යසසින් එළි කලා පින් කළ උන් බලා කැටුව එක් වෙලා අ‍ාවෙන් තුටු වෙලා උපනිය මව් තුලා

93 මැණික් ගැබේ3 රන් රුවසේ පෙ නෙන්නේ වකින් වකට මෝරණ සඳ වැන්නේ අනික් දෙයක් බල සිරි නොම වන්නේ උදක් එරවිමඩල සේ බබ ලන්නේ4

94 රිවි සඳ කුමටද ඔප සරි ලන්නේ විහිදෙන රැස් දැඩි ඉරුදෙවි යන්නේ සඳ ලප හැම කල් නොහැර තිබෙ න්නේ සොමි ගුණ යෙන් මවු කුස වැඩ උන්නේ

1. සතහට B. C 2. කල A. 3. ගැබෙක A. B 4. උදාගිරෙන් රිවිමඩලක් සේ බබලන්නේ A ‍ උදාගරි මඩලක් සේ පෙනෙන්නේ B 48 මහබිනික්මන් කාව්ය ය

95 අනික් උපත නම් වන්නේ සොමි පිට දනින් එබෝසත් වැදුනා කුස යට මැණික් කරඩුවේ1 රන්රුව විල සට පෙනෙත් කුමරු ‍තම අම්මා දෑ සට

96 ගොසින් සාර සංඛය පිරි දෑස මස ග ති න් කනක රූසිරු සැදි එවි ගස මෙ තුන් ලොවට පරසිදු බෝසත් හස ලොවට පෙනෙයි කැඩපතකින් බැලු ලෙස

97 බාර වූවෙන් බලා විදුරු සිදුරු කලා මායා මව් බලා කිවු තොප මා වෙලා සුදසුන් තුටුවෙලා සැණකෙළියක් කලා දෙවියෝ එක්වෙලා බුදු මඟුලක් ‍කලා

98 සඳ වැඩුමෙන් කලැ වැඩිය දවස් බලා දස මස පිරි කලා දරු ගැබ මෝරලා මස් වෙස‍ඟෙ බලා බැඳි පෝය බාල බිහි වන්නට කලා යමුව උයන් බලා2

1. කරඩුවක B 2. බිහිවන්නට බලා සල් උයනේ කලා B බිහිවන්නට කලා සල් උයනේ කලා B






                                        මහබිනික්මන් කාව්යාය 	49

උයන් කෙළියට ගිය වගයි.

99 වැ ඩ ඉතින් සාර අසංඛ්ය දස මසක් පසු කලා වැන්නේ බ ඩ ඉතින් දන්වා කරඬුවක රූපය සැදු වැන්නේ1 වැ ඩ ඉතින් තුන් ලොවට බුදුවු එබෝසත් කුස තුල උපන්නේ කැ ඩ පතින් තම මූණ බැළුවාසේම හැම සතහට ‍ ‍පෙනෙන්නේ

100 මැවු එසක් රජ නදුනුයනක් දුට එ වූ ලෙසම තිබූ පර සතු මල් තුට දෙවු පඬුරු නම් සුවඳ කුසුම් පිට එ වූ සාළ රජ බිඟු පිරිවර කොට

101 මාලිග වාසල් දෙර සිට උයනට උයනේ වාසල් සිට උ‍යනේ සිට විස්කම් දෙව්පුත් සැරසූ විලසට සැරසුන දුනුයනටා නින්දාර කොට

102 දෙපසේ රන් රිදියෙන්‍ තොර නින්දා ඔ ප සේ දිලිසෙන මිණි තොර නින්දා එ ප සේ වට කර රන් තොර නින්දා අ හ සේ රන් රිදියෙන් දජ බැන්දා

1. බඩ ඉතින් මායාව කරඬුව තනන රූපෙ සැදු වැන්නේ A

‍3. මැ වු එ සක් රජ තූරිය පහන් සිස එ වූ ලෙස තිබුණේ පරසතු ගස දෙ වූ පඬුරු නම් සුවඳ කොසොම් දෙස එ වූ සාර රජ බිඟුවර ගොස A .


50 මහබිනික්මන් කාව්යයය

103 රන් රසු දම් මිණි මුතු දැල් බන්දා රන් නිල් දජ කොඩි අහස පලන්දා රන් කුඹු පුන් කඹු දෙපසේ ඉන්දා රන් මු තු සුදු වැලි අතුට සුමුන්දා

104 රන් කලයෙන් රිදි කලයෙන් සඳනේ රන් කන් කල වියනුත් බැදු මුදුනේ රන් තැබිලිද දොතුළු වලු බදනේ රන් රිදියෙන් කරවා නිති තොරනේ

උයන් සිරි

105 සපු දුනුකේ සිහිනිද්ද බොලි ද්දා1 සේපාලිකා කිණිහිරි වතු සුද්දා සිරි මුඛ මහනෙල් බදුවද ඇද්දා උයනේ මෙ‍ මල් පිපෙයි නොයෙද්දා

106 සිහින් කෙන්ද බිම පිපි සවු කෙන්දා කොබෝ ලීල රොඩු2 පිච්ච මලින්දා සඳුන් කපුරු මල් සුවඳ කුමුන්දා මෙකී මලින් උයනේ මන නන්දා

107 ඇඹුල උපුල මල් මානෙල් ඇත්තේ පරසතු මල් සපු නාමල් ඇත්තේ සියලු දෙසින් බීඟු රොත්තෙන් රොත්තේ කැමැති ලෙසට රොන් ගෙනයති නිත්තේ

108 මෙලෙසින් සරසා උයන සකස් කොට මැතිදෝ ඇවිදින් පවසත් නිරිඳුට බිසවුන් උයනට වඩිනා විලසට නොලසින් බෙරලා කිවු පුරයේ වට

1. මලින් බර A 2. රොඩු B

                                  මහබිනික්මන් කාව්යහය                                  51

109 මෙලෙසින් සැනකෙළියට සෙන් රැස් කොට මැතියෙන් තම පිරිවර ගෙන්නා සිට සු ර සෙ න් සැණකෙළි සැරසූ විලසට මෙලෙසින් සැරැසී සිටියෝ පුර වට

110 සුවඳ දියෙන් ‍ඉස්සෝද නාවා සුවඳ කැවුම් භෝජන මේ වඩවා සුවඳ හඳුන් පිණිදිය ගෙන ගාවා සුවඳ සැදූ යහනක වැඩ හිඳුවා

111 සුද්දෝදන මහ නරනිඳු එවිටා සිව් සට බරණින් සැරසී සොඳටා මඟුලැතු ගෙන්වා සරහා පිටටා ආරූඩව ඉඳ දෙව් රජ1 ලෙසටා

112 රැස් කල තූය්ය්රස නාදේ සමුදුර ගොස කරණ ලෙදේ ගජතුරඟුන් කළ නාදේ සමව තිබෙයි තුති නාදේ

113 තොස කරමින් නරනිඳු පිරිවර සමගින් වඩිනු තොසේ ‍ගොස කර සමුදුර රළ පෙළ තුරඟ එන විලසේ තොස කර දෙවි බඹ සුරසෙන් බලා සිටිති ගුවන් කුසේ සි රි හැර දොළ කෙළිති බිසව් ලදුන් සමඟ උයන් මෙසේ

1. දෙවියකු A



52 මහබිනික්මන් කාව්ය ය

114 වැඩට වැ ඩ ලා තොසින බවනේ අවදි කල් එන තුරා උන්නේ බ ඩ ට වැ ඩ ලා මහා මායා මව් කුසේ කොයි ලෙසින් උන්නේ සැඩට ස ඩ ලා බැඳපු අසරණ බණව උන් සඟරුවක් වැන්නේ ම ලට වැ ඩ ලා විසුනු බිඟුරජ නෑර රොන් නික්මුණා වැන්නේ

සල් උයනේ සිදුහත් උපත සිදුවූ වගයි.

115 ගොස් උයනට වැදා සල් දෙරු‍කට වැදා පැනවූ යහනෙ නිදා වට කළ තිර සදා1 සුර නර එවි ටදා කළ රැකවල් සොඳා පින් බලයෙන් එදා නැමුනේ හල් කඳා

116 ලොල් වූ බිසවු සුවඳට චිත්තේ මල් වූ එ බිසවු සුවඳ කැමැත්තේ සෙ ල් වූ සුවදැති මල් මඟු රොත්තේ ඇල් වූ හිමියකු මෙන් සල් ඇත්තේ

117 සිරි හැර එබිසවු විලිවැද ගත්තේ පිරි වර සුරඟන වට රැක ගත්තේ සුර බඹ ඇවිදින් ළඟ සිට ගත්තේ වැරකර අල්වා එමහල් ඇත්තේ2

118 වලා නුමුසු සඳ‍ මෙන් සිව් මැල්ලේ බලා ඇවිද කෙළ උයන මුලුල්ලේ ලොලා සුවඳ විහිදෙන සිහි ලැල්ලේ විලිද පටන් ගති එමද ඇසිල්ලේ

1. ඇදා B 2. පිත්තේ B

                                     මහබිනික්මන් කාව්යනය                              53

119 දෙවි යන් සිව් පිරිවර ගෙන රැක සිට ස ම ඟි න් සක්රජ සිඹ ජය සත් තුට ගිරි ලෙන් නික්මුණු කෙසරිඳු විලසට කුසයෙන් නික්මුණු මහ බඹු දෝතට

සත් පියුම් පිට වැඩීම.

120. සු නි ක් කිත කුමරු ඔත් බව අසන් සුබා අ නි ක් දෙයක් නම් සක් රජුනේ ති නොබා ග නි න් දිවි දැලට මහ බඹු රැගෙන ලොබා මැණික් බැඳපු පට කඩ විතර ඇත ගැබා

121 ක ල් දැනුනේ දසකඩ මස පිරුණු තැනේ රැ ල් පුළුනේ බරකුත් ගැබට නොදැ නුනේ ම ල් පව නේ එන මද නල සිහිල් වුනේ ස ල් උයනේ දි වෙද කුමරු බිහි වුනේ

122 අ නි ක් අතට ගෙන සිවුවර අතින් එදා බැතින් නැමි සිට ගිය රජ මැති එ සඳා ඉ ති න් කුමරු බසිමැයි යන සිතින් අදා ස ති න් පියුම් පිපුනේ දෙරණතින් වෙදා

123 උනා සතර ගෙවුනා දැක එ බෝ සතා පිනා තමන් මව් මිස වෙනසක් නො පතා සිනා සතර දැනගෙන එන ලොව ස ත්තා දි නා කුමරු සත් පියුමට පැණ සිටි තා

124 ලහිරු මඩල ලෙසින් බිමට වැඩි ලෙසේ සත් බු පියුම් පිට පියුමක් තබන ලෙසේ සිරිපද පත්මය තබ තබා මෙසේ උතුරු දිගට සත් අඩියක් ගොස්1 නොලසේ

1 වැඩ A

54 මහාබිනික්මන් කාව්යවය

ප්රී ති වාක්ය පහළ කළ වගයි.

125 දුකින් උන් කුමරු බිහිවුනු කළ විගසින් සකින් වැටුණු මැණිකක් සේ පියුම පිට ගොසින් එකින් එක අඩිය සත් අඩිය පැන1 ගොසින් මුකින් සිහ නාද කළ කුමරු සන් තොසින්

126 අ ග් ගො හමස්මින් ලොකස්ස සතණ මින් ජෙෂ්ඨො හමස්මින් ලොකස්ස පිළි විසින් සෙෂ්ඨො හමස්මින් ලොකස්ස කී බසින් ඉ ෂ් ඨො තමන් බුදු බව අදහා මෙලෙසින්2

127 මෙ තු න් ලොවේ මට වඩා කෙනෙක් නැතී සි ති න් තුටුව ලොව පුද කරවා එති පි යු න් පිටට සිව් දිගසක් පැණ යෙති ගොසි න් වඩා ගෙන සිව් රජ සෙන් මැති3

ජනයා සැණකෙළි පැවැත් වූ වගයි.

128 සුර පුර දෙපසෙහි සදමින් රුවටා වර වර කියමින් වාසිද පොරටා පෙරපුර නුදුටු රුව දැක සතුටා පුර අර ගල සමුදුර වෙති දුරටා

129 කින්දෝ මෙනුවර මැවුනු රුවින්දෝ බන් දෝ දොරදොර රන් තොරණි න්දෝ පින්දෝ සුර පුර මීට වැඩි මින්දෝ ඉ න්දෝ මෙනුවර රුසිරු කොයින්දෝ

1. පියුම් පැන B පියුම් පිට A 2. කි මෙලෙසින් A සතබසින් B 3. සිටි මැති යධි මහ මැති B

   සිටි රජ මහ මැති A
                                    මහබිනික්මන් කාව්යිය                              55

130 සැදි සොඳ වීදිස බැඳ ධජ පතඟින් වැදි උන්නට රොසවෙයි දන වාසින් බැදි ධජ අරගල මිණි ගොස කෙරෙමින් සැදි සුර පුර වෙති එනුවර මෙලෙසින්

131 අදිති නොයෙක් සිතුවන් ලොව අංගා බඳිති නොයෙක් මිණිමුතු දැල් ගංගා සදති නොයෙක් දෙපසට සිතු රංගා බඳිති නොයෙක් ධජ කුඩ උඩ නංගා

13‍2 පෙර හැර එන කුමරුන් දැක විකලා ව ර වර යෙති සුර නර ගන් මඬලා දොර දොර බැඳි ධජ පවනින් උපුලා සු ර එපුරෙහි යෙති එනුවර දැකලා

133 ඇද්දෝ කුමරෙක් මේ සැටියෙන් වෙන සි ද්දෝ මතුවෙන ලකුණු බැළු නැන ඇ ද්දෝ මහබඹු වැඩුවා වෙන තැන සු ද්දෝ දන නිරිඳුට කිවු මැති ජන

134 දෙදෙව් ලොවේ දිව සෙනඟක් විලසට දෙනුවර සෙනඟක් රැස්කර උයනට සුරන් සමඟ කෙළිනා කෙළි විලසට වඩා මඟුල් පෙරහැරිනුත් රජු ගෙට

135 ලවා මොහොත් සුබ සිහිනෙ විලසට ලවා එරුවැට පානුත් එළි ‍ කොට වඩ වඩා ආසිරි දී කුමරු හට වඩා එ බෝසත් මඟුලෙන් රජ ගෙට1

136 ගොසින් කුමරු වඩිමින් මාළිග යට තොසින් බලා නිරිඳුන්ගේ වෙත සිට ඇ සි න් කඳුළු ඉසිමින් නව ලැම පිට ල සි න් වඩා ගත්තයි වැඳලා සිට

1 ‘B’ පිටපතෙහි පමණක් මෙය දක්නට ඇත. 56 මහබිනික්මන් කාව්ය ය

137 නෑරම සුදසුන් මහ නිරිඳුන් නේ ගු රු ව ර තාපස කෙනෙකි ඔවුන් නේ පෙරවරු රජගෙහිදී වළ ඳන් නේ ප ස් ව රු සක්පුරයේ ගොස් උන් නේ

138 මෙසේ එ බෝසත් කුමරු උපන් දින අසා සදෙව් ලොව දෙවියෝ වෙන නෙන ගොසා කරන රඟ මඬුලු තැනින් තැන මෙසේ නටති සැණකෙළිති මඟුල් දන

දෙවියෝ රැස්වූ වගයි.

139 ගොස්උන් දෙව්ලොව තාපස එකලා දෙ වි ය න් කෙළිනා සැණකෙලි දැකලා ම යි ය න් බලකින් අසමින් සිටලා දෙ වි ය න් සැණකෙළියෙන් නවතාලා

140 සතුරු අසුරු සෙන් බිඳ ජය ගත්තුද මිතුරු යකෙක් තොපෙ සුර පුර පත්තුද නොහොත් පහළ ලොව රුවණක් ලත්තුද පවත් කියවු මට නොවී පමා සොඳ

141 සුද්ද වංශ සුදසුන් නිරිඳුන්නේ සුද්ද ලෙසින් කුමරෙක්ද උපන්නේ යුද්ද එමරුවන් බිඳ ජයගන්නේ සුද්ද එ බෝ මුලදී බුදු වන්නේ

142 මෙ ලෙ ස අසා දෙවියන් කී අස්නේ නො ල ස වමින් බැස නොයිද එ අස්නේ වි ල ස දකින ලෙස ගොස් ඒ අස්නේ නො ල ස ගොසින් වැඩ උන්නයි අස්නේ


                                       මහබිනික්මන් කාව්යනය                      57

143 මම්ම තමයි සුබ පවසන ඉඳුරා පේම කුමරු තුන් ලොවටම මිතුරා යාම කියන සුරපුර මග කතරා ආ ම මකුළු දැල දැන කළු අතරා

144 ව ඩ වඩා කුමරුට මම් පෙම් බැන්දෙමි අඩා විඩා ඇර සොරතල් වින්දෙමි ව ඩ වඩා සවු සිරි සැප වින්දෙමි වඩා ගොසින් මගෙ ගුරුහට වැන්දෙමි

145 දෙවි බඹ දැකවත් නොබසින බිමටා කුමරු වඩා එනවා දැක වෙනටා සතුටු සිතින් ගුරුවරසේ සරටා දෙගතු අසන්නෙන් බැසලා බිමටා

කාලදේවල තවුසා බෝසත් වැදි වගයි.

146 වි ල ස අසා පින්කළ කුමරුන් නේ මෙලෙස මමයි සුබ ලකුණු කියන් නේ නොලස කාල දෙවල පවසන් නේ සි ර ස මුදුනේ සිරිපා පිහිටන් නේ

147 අල්වාගෙන සිරිපා දෙක අතිනේ බැලුවයි ලක්ෂණ දිවගුරු නෙතිනේ බුදු පෙන්වා දැකලා සන්තොසි නේ මඳක් සිනාසී ඇඩුවයි දුකිනේ

148 මෙ පවත් සිමින් මහ නර නින්දා සැකයක් සිතමින් විය දුක් කන්දා අපලත් කුමරුට වෙත අඩුවෙ න්දා මඳක් සිනාසී ඇඬුවේ කින්දා

149 බුදුවෙනවා නියමයි කුමරින්දා සිනාසුනෙමි එම සන්තොස යෙන්දා බුදු සිරි දකිනට මට බැරි සන්දා මඳක් ඇඬාපිමි මෙලෙස දුකින්දා 58 මහබිනික්මන් කාව්යයය

සුදොවුන් මහ රජුගේ පළමු වැඳීම සිදුවු වගයි.

150 නරඟන මවු කුස සිඳ බටු ඒපය මෙරඟ දෙකින් ලකුණෙන් සැඳි ඒපය මුරඟ සමඟ ආසිරි දී ඒපය ගුරුවර තාපස වැන්දො ඒපය

151 සු ද් දෝ දන මහ පිය නර නින්දා ල ද් දෝ සිතුමිණි රුවනක් මෙන්දා එ ද් දෝ සෙනෙහස දිවුනු කලෙන්දා එ ද් දෝ පළමුව සිරිපා වැන්දා

රන් කිරි කට ගෑ වගයි.

152 සු ව ඳ දියෙන් ඉස් සෝදා නාවා සු ව ඳ නෙළුන් ගෙන කොමළඟ ගාවා නොමඳ ලෙසින් ආයුත් බෝ වේවා එ ස ඳ මොහොත් ලා රන් කිරි නිමවා

කිරිමවුන් තෝරා ගත් වගයි.

153 ද න් නා ශිල්පය බමුණන් ආ විට පෙන්නා ඒ පය ලකුණු කියන් නට ද න් නා පමණක් කියවවු දැන් මට ව න් නා බුදු බව දීපය එළි කොට

154 ග ති ය ක් දැනගෙන පසු උතුමන් නේ රු ති ය ක් බුදු බව අදහා ගන් නේ1 ස ති ය ක් නෙර්වානේ ලැබ ගන් නේ2 ස ති ය ක් ගිය තැන මව් චුතවන් නේ

155 උ න් නා මායා මවු නැති විලසා ග න් නා කුමරුට කිරිමවු අලෙසා ගෙන්නා පුර මැතියන් රජු නොලසා ග න් නා කිරි මවු තතු දැන පවසා

1 උන්නේ A ඉන්නේ B 2 එන්නේ A, B

                                     මහබිනික්මන් කාව්යනය                             59

156 උ ස ට මිටිද ගත යවටන රතු ‍වණ ග ත ට නැමි පියවුරු පසු එළ බෙණ කි ර ට සිහිල් දිය දැන ඒ බෝ වෙණ1 නි ල ට පෑය ඇති කිරි මවු තෝ රණ

157 සා ර ති ඉසුරෙන් සිරි සැප වින්දා මෝරති පියයුරු සලෙළුන් කැන්දා පී ර ති වරලස කුසුමෙන් බැන්දා තෝරති ගිය මැති කිරි මව් කැන්දා

158 සා රා යස කුල ලොව අදි පත්තු වා රා මද තුන් නැති අය නෙත්තු මෝරා පියයුරු රන්තැටි පත්තු තෝරා ලක්ෂණ කිරි මවු ගත්තු

159 වැහැර තිබෙන කය සිහිනිඟ කෙන්ඩා ආර පිහිසි ඇස් ලොකුනම් සොන්ඩා සාර උතුම් ලිය තෝරා ගන්ඩා තෝරා ඇර මැතිබා ගුණ යන්ඩා

160 කු ලට උපන් කුමරුන් දන ගත්තේ බ ලට විකුම් තුන්ලොව වෙත නැත්තේ කු ලට උතුන් කල පානෙන් යුත්තේ නි ලඩ පෑය ඇති කිරි මව් ගත්තේ

161 සා ර සුද්ද කළ ඉසුරෙන් ඇති යවු වා ර නොකොට උනුනට සිත් ඇති ‍යවු මෝරා පියයුරු රන් තැටියට පවු තෝරා ලක්ෂණ කිරි මව් ඇර ගවු2

1. කිරට සිහිල්දී නද දෙන එළබෙන A

    2. තෝරා පන්සියයක් ගති	කිරිමවු A

තොරා පන්සියයක් ගත්තූ කිරිමවූ B

60 මහබිනික්මන් කාව්ය ය

162 ර හ ස ගොසින් සැළ කළයි මැතින්දා සතොස වෙමින් රජු වෙතටම කැන්දා වෙහෙස නොයෙක් කළ මිණි බරනින්දා ද හ ස දහස කල දුන්නයි බන්දා

163 එ ල් ල කරණ මැති තතු පවසන්නේ දු ල් ල බරණ ඔලි සල් ගෙන දුන්නේ තැ ල් ල සමඟ අබරණ පලඳින්නේ බෙල්ල නමන්ටත් බැරි අඟනන්ගේ

164 මෙලෙසින් කිරි මව්නුත් ගෙන සොඳවා දසයක් බැඳි රන් දී උන් අතටා සුරරන් කුමරුන් වඩවව් සොඳටා වෙනසක් නොකරම වඩවව් සොඳටා

නම් තැබූ වගයි.

165 එක්ක බමුණු අට දෙන ඇවිදින් සිට චක්රතවේද කරපුව ඒ කුමරුට එක්ක බොජුන් රන්තලි දිලා අට චක්ර වර්ති වි බුදු වෙති කිවු සිට

166 දු සා නොකියයි තොපි අට දෙන පිට නොවසා ‍බුද බව අවදි නියම කොට ප ව ස‍ොා තතු ගැටයා ඉදිරිව සිට එ ය සා බුදු වෙති කිවු විසි නවයට

167 සුදත්ත බමුණා වේද කියන්නේ නලල මැදින් උනු රෝම දකින්නේ ඇද පියනක් අත දිගට දුවන්නේ දකුණු දිගට කර කැවී සිටින්නේ

1 නැතුවට B.

                                   මහබිනික්මන් කාව්යනය                                61

168 එ නිසා බමුණා දැන විමසන්නේ මනකල් තිලකා සෙසු බබලන්නේ ඌර්ණ ලෝමය දැන විමසන්නේ බුදුවෙන මැදහත් කුමරු උපන්නේ

169 ගොසින් මහළු බමුණා තම ගෙදර ට පු තු න් කිවු සිරිපාද ලකුණු දු ට බු දු න් එ බුදුවෙන පන්තිස් වයස ට ඉ ති න් අපේ පණ නොතිබෙයි එකල ට

170 අ සා මහළු බමුණාගේ බසිනේ ක සා පිළිගෙන මලදී රැගෙනේ කොසා එසිදුහත් කුමරුන් නම්නේ නි සා මහණ වෙති පස්දින එදිනේ

171 බලා කුමරුවන් බමුණෝ පස්දෙන ආලය හැරයෙති තපසට පස්දෙන ඉසිපතනාරාමෙය ගිය පස්දෙන බුදුවෙන කල් දැන දුක්ගෙන පස්දෙන

වජ මඟුල් සිදුවු වගයි.

172 සත්වැස බෝසත් මේ වඩ වන්නේ එරන් සවඩි වලලුන් පළ දින්නේ ඔපලු රන් රුවනක් සෙ වැනෙ න්නේ1 වප් මඟුලක් කළ පනත අ සන්නේ

173 එ ක ල ම වපුරණ රජ වප්මඟුල ට අ ක ල ට වැසිදිය නැත දඹදිව ර ට මෙකලට වපුරන මා වී කෙත ක ට ම ඟු ල ට සැර සිය නා රජ විලස ට ______________________________________________________ 1 පළ දින්නේ B,

62 මහබිනික්මන් කාව්යාය

174 ගොසින් එරජ සහ පිරිවර සහතු ට ම සි න් එවප් මස අවදිනි යට කො ට ගොසින් උතුම් වප් මාවී කෙතක ට ල සි න් බඳිති ගොන් සානා නැකත ට

175 දොඩා මිවුරු සුරතල් දැන සහතු ට ව ඩා තිබුණු සිරිපාද ලකුණු කො ට කු ඩා මවුන් කිරිමේ වඩවා සි ට ව ඩා ගියේ කුමරුන් වප් මඟුල ට

176 කැ න්දා ගෙන ගොස් වප්මන් ගල්ලේ ඉ න් දා දඹරුක මුල සෙව නැ ල්ලේ බ න් දා වට තිර ඇදපු ඇසි ල්ලේ ඉ න් දා කිරි මවු වටකර ගොල්ලේ

177 යෙ දී එරජ හා පිරිවර මත්තේ සැ දී රුචින් එන ඇලි1 ගොන් රොත්තේ යෙ දී සාන කළ රුව එක රොත්තේ රි දී නඟුල අට සියයක් ගත්තේ

178 පෙළ පෙළ සානා ඇලි ගොන් නුරලා ර ළ රළ කිරි මුහුදක් මෙන් බබලා බ ළ බළ කිරිමවු ඒවා දැකලා පෙ ළ හැර කුමරුන් කොයිදැයි තෙපලා

179 සා නා අස දඹ රුකමුල වැඩ හිඳ පා නා පෙළහැර ගමනක් වැඩි සඳ මා තා දුක් උසුලා ගත හී සොඳ සා නා නිරිඳුට කිව් කිරි මවු වැඳ

180 ප මා නොවි රජ එබස් අසා ලා ත මා සාන නඟුලන් අතහැර ලා න මා සිරස උඩ අහස බල ලා ත මා කුමරුවන් පෙළහැර දැක ලා

1 ඇලි යනු සුදු යන්නයි

                                 මහබිනික්මන් කාව්යාය                                   63

181 නේනා ගමනක් වැඩි මෙන් අහස ට නු නා පළබැඳ වැඩ උන් විලස ට වා නා දුක් උසුලා ගෙනෙති සි ට නේනා දුක් ඇසුවයි වැඳලා සි ට

182 පෙළහැර දුටු මහ පිය නර නි න්දා පෙළහැර දුටු සෙනඟට දිලි බ න්දා පෙළහැර සැණකෙළි දැක ඉසුරෙ න්දා දෙවනුව දඹරුක මුලදී වැ න්දා

183 ක ර ණ පිනෙන් මහ දුර සිට ආවයි ක ර ණ නොයෙක් බුද පෙළහැර පෑවයි දෙරණ නොසිට උස අහසට වැඩියයි ස ර ණ දෙතොත් මිස නොබසිමි කිවයි


184 අහහ පලක් බැඳ වැඩ උන් විලසින පාත වැඩින කළ පියරජු වඳි මින දෝත මුදුන් බැඳ වඳිති දනෝ දෙන1 එසඳ ‍එබෝසත් නමදින් සතොසි න

185 සම්මා සම්බුදුවු අපෙ මුණි ගුණ ඇන්දා සේ ලප ගත් රන් රුව මෙණ පෙන්නා යස සිරි පාමින් ඒ ගුණ අම්මා ඇත්නම් ජීවිත පුද මිණ

186 ජාතක කුමරුන් වැඳ සනසා ගෙණ ජාතක නුඹ අද බුදුවුද අස ‍මිණ ඉතා සෙනෙහස ගුණ අඟවා ගෙණ නොවඩා ගෙන රජ ගෙට වැඩමා ‍මිණ

187 අ ඬා දොඩා උන් කිරිමවු එම විට ව ඩා වඩා ආසිරි දී කුම රුට අ ඩා විඩා අර කිරිපොමින් සිට ව ඩා ගියෝ කුමරුන් මාලිග යට

1.මුදුන්දී B. 54 මහබිනික්මන් කාව්යාය

සිදුහතුන්ගේ සරණ මඟුල් සිදුවු වගයි.

188 මෙවඩවා සුබ මොහො‍ත් බලලා අවඩවමින් රන් සවඩි ලවාලා මෙවඩම්මා පස් මසිනුත් එකලා තොස් වඩමින් සිදුහත් නම් ලාලා

189 පින් ම පුරුදු කුමරුන්ගේ උස ගත තුන් අවුරුදු පිරුනා විවරට ඇත ඉන් අවුරුදා දහසක් ගිය මෙන් සිත පින්ම පුරුදුවී වෙන කාරණ2 නැත

190 පෙළහර කුමරුන් වඩිනා සේ දිය සුර පුර මෙන් සරසා පුව වී දිය කරදර නොකියවු තැන තැන සෑ දිය ඇර දොර බලමින් ඉදිති සමා දිය