මහා බිනික්මන්කාව්‍ය-ප්‍රස්තාවනා

Wikibooks වෙතින්

මහබිනික්මන් කාව්යාය බිහිවුයේ පොදු ජනයාගේ ධර්මු රුචිකත්වනය නිසා ඇති වූ ප්ර්තිඵලයක් හේතු කොට ගෙන ගැමි කවියෙකු අතිනි. පෙර ජනයා බුදුගුණ ගායනා කිරීමටත් එසේ ගායනා කරන්නෙකු වටා රැස්ව කන් නමා සිත් නමා අසා සිටීමටත් මහත් ආශාවක් දැක්වූහ.

අපේ පැරැණි සිංහල සාහිත්යස ග්ර්න්ථ පරීක්ෂා කිරීමේ දී එක් කලෙක ඒවා ධර්මණදේශකයන් ගේ තත්ව් ග්ය ගත් සැටි පූජාවලී සඬර්මානලංකාර යනාදි ග්ර න්ථයන්ගෙන් පෙනී යේ. මේ අයුරින් ලියැවුණු අපේ ආගමික සිංහල පද්යධ හා ගද්යන ග්ර න්ථයෝ පොදු ජනයාගේ ධර්ම රසයත් භක්ති රසයත් නංවා ලීමට සමත් වූවා පමණක් නොව ඒ මඟින් ගුණ නුවණින් යුත් ජනකායක් බිහි කිරීමට ද උපකාරී වූහ.

ගැමියාගේ නොමියන ආගමික ‍භක්තිය එදා සිංහලයාත්, සිංහල බසත්, සංස්කෘතියත්, නොරැකෙන තැනට පැමිණි මහනුවර යුගයේදී පවා ආරක්ෂා කර ගත් සැටි උසස් සාහිත්ය් ග්රෙන්ථ බිහි නොවූවත් ගැමි වහරේ මිහිරෙන් පෝෂණය වී අප අතට පත් එකල ග්ර‍න්ථයන් ගෙන් පෙනී යයි. පුස්කොළ පොතක බහාලන ලද බුදුගුණ හෝ දහම් ගුණ වෘත්තයක් අනුව ඇද මියුරු සරින් කියවන විට එය අසා සිටි ගැමියා වින්දේ කිසිම රසයකට නොදෙවෙනි උසස් ආස්වාදයකි.


2


මහබිනික්මන් කාව්යයය ද මෙපරිදි සිදුහත් කුමරු ගිහිගෙයින් නික්ම තපසට වන් සැටි විස්තර කිරීම් වස් ගැමියෙකු විසින් තමනට හුරු බසින් ‘කවි කොට ලියුයකි. මහනුවර සමයේ කෙරුණු මෙහි ඇත්තේ ගැමි කවියෙක සියලු ලක්ෂණයන්ය. ගැමි ගීයේ රසය සාහිත්යත දියුණුවත් සමඟ ම විචාරකයන්ගේ බුද්ධියට අසුවිය. මේ අනුව ගැමි කවියේ උපත ගැන විවිධ අදහස් පළ කළෝ ද ඉංග්රී සි පඬුවෝ ය. මේ නිසා ජනගිය ගැමියාගේ නර්තයට එක්වූ වාදනයකින් පටන් ගත් සාමුහික ව්යාේයාමයක ප්ර තිඵලයක් බව ඒ. ඩබ්ලිව්. ෂෙජල්ස් හා මහාචාර්ය එ‍‍fප්. බී. ගමරේ ආදීහු කියා සිටියෝය. එහෙත් මහාචාය්ය්ු වයිල්ඩ් හා කිටර්ජි ආදීහුගේ මතය වූයේ මෙය පුද්ගලයෙකුගේ නිර්මාණයක් බවත් එය මුවින් මුවට යාමේදි ජනප්රිදය ලක්ෂණ ඇති වූ බවත් ය. 1 මේ පර්යේෂණයන්ගෙන් පසුව කාගේත් නෙත සිත ආදී ගිය ගැමි කවිය උසස් සාහිත්යව අංගයක් බව රසිකයෝ පිළිගත්හ. ගැමි කවියෝ යම් දෙයක් වස්තුකොට ගෙන රචනයක් කිරීමේදී වෘත්තයට මුල් තැන දී දෙවැනි තැන වස්තුවට හිමි කොට දීමට සැලකිලිමත් වූහ. ගැමි කවියේ අදහස් නිවහල්ය ; සෘජුය. අව්යායප්ත්වාය වූ කලී සාහිත්යවයේ පදනමකි. අව්යාිජත්ව්යෙන් පිරි සාහිත්ය් උසස් සංඛ්යාමවෙහි ලා ගැනේ. ගැමි කවියේ දක්නට ලැබෙන්නේ උසස් කවීන්ට පවා පළ කළ නොහැකි තරම් අව්යාදජ හැඟීම්ය. ගැමි කවි‍යාගේ මුවඟින් නික්මෙන වදන් සැමෙකක්ම ලෝකයත් ගැමි ජිවිතයක් දෙස බලා එහි රසය හා කටුක බව විඳ ලැබූ උගෙනීම ඇතිව භාවයන්ගෙන් පිරූ ඒවාය. එදිනෙදා ජිවිතයේ සිදුවීම් හා ඔවුන්ගේ සිතුම් පැතුම් ඒවාහි දක්නට ඇත. මොවුන්ගේ නිබන්ධනයන්හී නිතොර මුල් තැන දී ඇත්තේ හැඟීමටය. ඒ හැඟීම් යම් වෘත්තයක් අනුව මිහිරි තාලයකට ගැයීමට ඔවුහු වදන් හසුරුවා ගත්හ. “උගත් කම් බරින් 1. Encyclopaedia Britanica. (Ballad)

                                                                                                  3


වියරණ දැනුම් බරින් ජන කවීන් ලෝකයෙහි මනුෂ්ය ජීවිතයන් දෙස බැලූවේ පහන් සිතිනි. “1 එහෙත් මේ සැමෙකක් සඳහාම ඔහුට පිටුවහල වූයේ තමාගේ ආගමික චින්තායි. ආගමික භක්තිය නිසා ඇතිවූ සිතුවිලි ඔහු කවට නැඟුවේ එලෙසිනි. වෙස්සන්තර ජාතක කාව්යාය මෙයට උසස් නිදසුනකි. මෙසේ තම නිබන්ධනයට වස්තුකොට ගත් කතා පුවත ඔහුට ඉදිරිපත් කිරීමට සිදුවූයේ ගැමි ජීවිතයේ තොරතුරු සමගය. එය පරිසරය විසින් ගැමියාගේ අදහස් හික්මවූ විලාසයයි. තමාගේ වස්තුව රමණියත්වැයෙන් සුන්දරත්වයයෙන් කියවන්නාගේ සිත ඇඳගන්නා ස්වභාවයකින් ඉදිරිපත් කිරීමට ඔවුහු නිතොර වෙහෙස ගත්තාහ. වස්තුව පිළිවෙළින් වර්ණිනා කිරීම ජන කවියේ ස්වභාවය නොවේ. එහෙත් පිළිවෙළින් වර්ණණනා නොවූ ඔහුගේ වස්තුව අලංකාර රසයෙන් හා ආගමික වස්තුවක් නම් භක්ති රසයෙන්ද අනූන වූයේය. ජන කවිය මේ නිසා ජාතිය නියම අන්දමින් කියාපාන සංකේතයකි. සිංහල ජන කවි සංඛ්යාඅවෙහි ලා ගැනෙන කෘති බොහෝ ගණනක් අපට ඇත. මේවා දහ නව වන සියවසේ අග භාගය දක්වා රචිත ඒවාය. මහබිනික්මන් කාව්යේය මහනුවර යුගයේ කෘති‍යක් බව මුලින් පැවසුවෙමි. මහනුවර යුගය බොහෝදෙනා ගේ අදහස අනුව සාහිත්යැය අතින් අඳුරු යුගයකි. එහෙත් ඉහත මා සඳහන් කළ පරිදි ගැමි වදන්වල මිහිර ලබමින් පොෂණය වී අප අතට පත් ග්ර්න්ථ බොහොමයක් ඇති බැවින් මෙය “ ලංකාවේ වෙන කවදාටත් වඩා සාහිත්යය කෘතීන් සමූහයක් බිහිවූ අවදි‍යක් ලෙස ගණන් ගැනීමට කරුණු ඇත” 2 මෙදා විසූ කවියෝ විරුදාවලි, වන්දනා හෑලි, (නොහොත් සැහැලි) සටන්, මාල, චරිත, ජාතක හා වන්නම්, අවදානම්, සවුදම් සහ 1. සාහිත්යෂ කලාව - මාර්ටින් වික්රැමසිංහ, 97 පිට 2. Sinhalese Litcratnre C.E. Godakumbure, p p. 22-24


4


සින්දු වැනි අභිනව වෘත්ත අනුව ද පද්යo රචනා කළහ. හැම විටම ජනප්රි ය වස්තුවක් සැහැල්ල හෝ හෑල්ල යනුවෙන් ඔවුහු නම් කළෝය. වෙස්සන්තර හෑල්ල, සද්දන්ත හෑල්ල, දහම්සොඬ හෑල්ල, පිරිනිවන් සැහැල්ල අලව් හෑල්ල. ගණදෙවි හෑල්ල යනාදි වශයෙනි. මෙයට මහබිනික්මන් හෑල්ලක්ද එකතුවී ඇත. ශතවර්ෂ තුනකට ඉහතදී කෙරුණු ගී අනූපහත් පමණ ඇති මෙහි සිදුහත් කුමරුගේ උපත සිට බුදු බව ලැබීම දක්වා කතා පුවත දික් සඟී අටුවාවේ හා අනෙකුත් අටුවාවන්හි විස්තර වන පරිදි කාව්යුයට නගා ඇත.

බෝ මුළු සෙවනත වඩිමින වජ්රාළසන පැන නැගෙමින ආසන පිට වැඩ සිට ගන දෙසුවයි පන්සිල් මෙලෙසි න

ඉහත දැක්වූ කව මහබිනික්මන් හෑල්ලෙනි. කව් හොඳින් රචනා කොට ඇති අතර අදහස් සරලය. වන්දනා කාව්යකයට තුන්සරණය ද හටන් කාව්යතයට ඇහැළේපොළ හටන හා පරංගි හටනද ‘මාල’ අංගයට ජනප්රිඅය කලගෙඩි මාලය, පැදුරු මාලය, රණහංස මාලය, වියොවග මාලය, කුරහන් මාලය, හා අනුරාග මාලයද චරිත කථාවන්ට යශෝදරාවත, දෙව්දත් කථාව හා අලව් කථාවද එකතු විය. මේ යුගයේ දී බුදුගුණ ගයමින් ලියන ලද කවි පොත් වැඩි ගණනක් ශාන්ති කර්මාවලදී භාවිත කිරීම ‍සඳහා යොදාගත් අතර මේ ශාන්ති පොත් වලින් එකල ගැමියාට ජාතක කථා මෙන්ම බුදුගුණ ද අසන්නට ලැබුණි 2 පාරමිතා ශාන්තිය එවැන්නකි. වෙස්සන්තර, සඳකිඳුරු, තේමිය, ධර්ම2පාල, සේරිවානිජ, මුව, විදුර ආදි ජාතක, කාව්යියට නැගිණි. මහබිනික්මනද එසේ ජාතකයක් වශයෙන් කාව්ය,යට නැඟුණු කතා වස්තුවකි. මෙය අතිත 1. R.A.S.Journal Vol. XXI, No. 61. 2. සංඝරාජ සමය - කොටගම වාවිස්සර ස්ථවිර, 75 පිට


                                                                                                   5


පොදු ජනයා අතර බෙහෙවින් ජන ප්රි ය වූවකි. කටින් කටට යෑමේ දී හෝ අතින් අතට යෑමේ දී පවා මෙතරම් පැහැදිලි ලෙස වර්ණ නා වන කාව්යටයන් තවත් නොදකිමියයි මේ පිළිබඳ විස්තරයක් කරන පී.ඊ.පී. දැරැණියගල මහතා පවසයි. 1 මෙය හෙට්ටිපොළ පණ්ඩිත මැතිඳු ගේ යයි සඳහන් වුවද එය පැරැණි පිටපතක සංශොධනයක් බව ද ඒ මහතා විශ්වාස කරයි. මේ පිළිබඳ කරන විස්තරයේ ඒ මහතා තව දුරටත් කරුණු පරීක්ෂා කරමින් වල්මෝරුවේ මොහොට්ටාලගේ මහබිනික්මන් පූජාවලී කාව්ය්යේත් මෙහිත් වෙනස විභාගයට පමුණුවා ඇත. යමාමහ පෙළහර, බුද්ධ වංශය, අනාගත වංශය, රාහුල කුමරු පැවිදි කිරීම නන්ද කුමරුගේ ප්රුව්ර ජ්ජාව සහ යශෝදරාපුවත ද මෙහි එක් කොට ඇත. හෙට්ටිපොළ පණ්ඩිත මැතිඳුගේ කෘතියේ කවක් මෙසේ ය:

අද කල් බෝසත් තනිව වසන්නේ සිටිමින් අස් රජු දුකින් තැවෙන්නේ අඩමින් නෙත් කොනකින්ද බලන්නේ අස් කඳ පැලෙමින් දෙවිව උපන්නේ

මහබිනික්මන පිළිබඳව ලියවී ඇති මේ සමයේ ග්ර න්ථ අතුරින් මහබිනික්මන් සැහැල්ල හා ජාතක කවිය ද පාඨකයාගේ කල්පනාවට භාජන විය යුතුය. නිදාන කථාව අනුව පබැඳුණු මහබිනික්මන් පූජාවලියෙහි සිදුහත් කුමරුගේ උපතේ සිට බුද්ධත්වබය දක්වා වර්ණූනාවේ. මෙය පූජාවලියේ දැක්වෙන විස්තර අනුව කෙරුණක් බැවින් මහබිනික්මන් පූජාවලිය යයි නම් කරන්නට ඇති බව සිතමි. බෝධිසත්ව චරිතය, පාලි රාජාවලිය, මහාවංශය, බුද්ධවංශය, අනාගත වංශය හා යශෝදරාවත ද සිය පැබැඳීමේදී ඇසුරු කොටගත් බව කර්තෘිම පවසා ඇති මේ 1. Sinhala Verso Vol. 11, by P.E.P. Deraniyagala Page 130.


6


පූජාවලි කාව්යiයෙහි කවි සංඛ්යාyව 1565 කි. කර්තෘ වූ වල්මෝරවේ කිවිඳු මාතලේ උඩුගොඩ විසුවෙකි. මේ කෘතිය ක්රිා:ව: 1747 කෙරුණකි. එහි දැක්වෙන කවක් මෙසේය :-

ද කු ණේ ඇස් සඟලින් ඇර ගිනි කන්ද ව මි නේ ඇස් සඟලින් ඇර දිය කන්ද සැ දු නේ එක තැන් දිය ගිනි කන්ද‍ අ රි නේ සියලඟ ලොමින් මෙම ලෙද

මේ හැරුණ විට මහබිනික්මන් වර්ණෙනය ද මේ යුගයේ කෙරුණු බව සැලකිය යුතුය. දහඅට වන්නම් හා සව්දම්, අවදානම් ද, ‘සින්දු’ සාහිත්ය යට වේදෙහ සින්දුව, මහ බිනික්මන් සින්දුව යනාදියද එක්වුණි. මහබිනික්මන් සින්දුව ගෞතම බුදුරජාණන් වහන්සේගේ ජීවිත පුවත, දීපංකර බුදුන්ගෙන් වරම් ලැබීම හා වෙස්සන්තර ජාතකය ද ඇතුළත් කොට කෙ‍රු‍ණකි. සියවස් දෙකක් පමණ පැරැණි මෙහි ගී දහයක් දක්නට ඇත.

“මහණ වෙන්ට යමු අසුගෙන ඡන්නයා කීවේ එවිට මැති කන්තක නම් අසු සරසා ගෙනෙමින් පෑවේ, අසු පිට අරා ගොසින් සත් පවුරෙන් පිටට පැනලා එකල් එම තිස් යොදුනක් දුරු කතර ගෙවා ගංගා දැකලා”

මහබිනික්මන් සින්දුවේ මේ සියවසේ කෙරුණු තවත් පිටපතක් ද දක්නට ඇත 2 එහි දක්නට ලැබෙන ගද්යි ස්වරූපමය ගී මෙ පරිදිය. ගී ඇත්තේ අටකි.

දීපංකර මුනිඳු නොහැරා සියලු වස්තු ගෙන නොමහැරා සියලු සතුන්හට දන්දී මතු බුදු බව ගෙනා 1. Sinhala Verse – Vol, 111 P.E.P. Deraniyagala page 78, 2. Page 85


                                                                                                     7


අප අතින් සංස්කරණය වූ මේ මහබිනික්මන් කාව්ය යෙහි කවි රසවත් ය. අදහස් පිරිසුදුය. ගැළපීම මනහරය. එහෙම එළිසම රැකීම සඳහා අදහස් කෙළසූ සමහර යෙදුම් දුබල පක්ෂය විදහා පාන්නේ වුවද අරුත හෝ වර්ණෙනා එයින් ඵල ගැන්වී නැතැයි කිව නොහැක. මහ බිනක්මන් කාව්ය්යෙහි කර්තෘන යවහන් ආදි කාව්ය ලක්ෂණ දත් උගතෙක් නොවේ. ඔහු සාමාන්යෙ ගැමි කවියෙකි අග එළිවැට රැකෙන පරිදි යන්තම් පද හසුරුවා ගැනීමට පමණක් දත්තෙකි. “යවහන් පද අගමුල නොදැනෙයි මට ඉවසන් වියතුනි එවන් වරද දුට”

යයි ඔහු කාව්යත අරඹා එය අවසන් කරන්නේ ‘මෙමා නොදැන බණ කවි කීවා ඇති’ යනුවෙනි. ඔහු ගේ අහිංසකත්වය මෙසේ කියා පෑවත් කෘතියේ කවි එකක් නෑර කියවා රස විඳිය හැකි බව කිව යුතුය. උසස් සාහිත්ය කෘතියකින් කෙරෙනුයේ ජීවිත විවරණයකි. විශේෂයෙන් ගැමි කවියේ පිළිබිඹු වන්නේ සාහිත්යවයේ උසස් ලක්ෂණයක් වූ අව්යා්ජත්වයෙන් පිරි හර බර වදන් වැළකි. ඒ සෑම වදනකින්ම පිළිබිඹු වන්නේ ගැමියාගේ ජීවිතයේ කිසියම් අවස්ථාවකි. වෙස්සන්තර ජාතක කාව්ය ය, මහබිනික්මන් කාව්ය ය වැනි උසස් ගැමි කෘතීන් විභාගයට භාජන කළහොත් ඒවාහි දක්නට ලැබෙන ගැමියාගේ අදහස් සිතුවිලි හා සාමාජික පැවැත්ම හොඳින් පාඨකයාට අවබෝධ කරගත හැක. ජන කව් වැළක් විවේචනයට ලක් කිරීම එහි උසස් ලක්ෂණම විස්තර කිරීමටම හේතු වෙනවා ඇත. කාව්යණ නීති රීති නොදත් ගැමි කවියාගේ කවිය කිසි විටෙකත් එවැනි කාව්යස ලක්ෂණයන්ගෙන් මිනිය නොහැක. ‍”මෙරට වැසියන්ගේ ජිවන සුවඳ වහනය වන ස්වදේශිකයාගේ දෛනික ජීවිතය හා සම්බන්ධතාවයක් දක්වන දේශීය ඌරුවක් පළ කරන සිංහල සාහිත්යහයේ අංගයක් ලෙසම ගැණෙන ජන කවිය අලංකාර ශාස්ත්රාහනූකූලව


8


තැනූවකැයි සිතිය නොහැකිය. ජන කවියා තමා තුළ හටගත් හැඟුම් අවංක පරිදි තමාගේ හැකියාව අනුව එයට ගැළපෙතියි සිතෙන වෘත්තයක් හා රිද්මයක් අනුව තාත්වික ස්වරූපයෙන් කවියට නගන්නට ඇතැයි සිතිය හැක. ඔහු දන්නා අලංකාරයක් නැත. එහෙත් ඔහු නිමවූ කවියේ රසයට එයින් බාධා වූ බවක් නො පෙනේ. ජන කවියෙන් ආස්වාදයක් ලබන ගැමියා නො අඩුව රසවත් වෙයි. එහෙත් ගැමියා ද ඡන්දොලංකාර ගැන අවබෝධ ඇතියකු ලෙස සැලැකිය හැකි නොවෙයි. මෙසේ ජන කවියාත් ඔහුගේ කවියෙන් ආස්වාදය ලබන ගැමියාත් යන දෙදෙනාට ඡන්දස් අලංකාර පිළිබඳ දැනුමෙන් තොරවීම කවියේ රසයටවත් රස විඳීමටවත් බාධාවක් වූ බවක් ජන කවිය අනුව සලකන විට නොපෙනේ” 1 උදේ සිට හවස්වන තුරු ඉර අව්වේ පීඩා විඳීමින් වෙහෙසී වැඩ කොට ගෙදර එන ගැමියා බොහෝ විට අසල්වැසියන් හා එක්ව පිළිසඳරේ සිට ශ්ර ද්ධා භක්තියෙන් බුදුගුණ ගැයීමටත් ඇසීමටත් රුචියක් දැක්වීය. පෙහෙවස් සමාදන් වන දිනයක ‍නම් ගැමියන් එක් වී ගමේ පන්සලේදී මෙවැනි බුදුගුණ ගායනයකට කන් නමා සිත් නමා අසා සිටිනු දක්නට පුළුවන. විවේක සුවය ලැබූ ගැමියෙකු ශ්ර ද්ධාවත්, බෞද්ධ ගැමි ජනයාගේ භක්ති රසය තීව්රය කරනු පිණිස ලියා නිම කළ මහබිනික්මන් කවද ගැමියන් අතර වෙස්සන්තර ජාතකය මෙන් ජනප්රිසය බවට පත්වූ සාහිතය කෘතියකි. වෙස්සන්තර ජාතකය දාන පාරමිතාව පමණක් නොව දරු ස්නෙහයද පිළිබිඹු කිරීම නිසා ගැමි ජනයා අතර ජනප්රිරය වූවාක් මෙන් ම මහාබිනික්මන් කාව්යාය ද බුදු බව පතා ගිහිගෙයින් නික්මුණු බෝසතුන්ගේ පුවත විස්තර කරන බැවින් වෙස්සන්තර ජාතක කාව්යියට නොදෙවෙනි තරමින් ගැමියාගේ ප්රෙසාදයට පාත්රය වූයේය.

1. සාහිත්ය විචේචනය -ව අශෝක කරුණාරත්න 179 පිට.


                                                                                                       9

“නැසුණු අතීතය නැවත උපදවන්නට නුපුළුවන් වූවන් එය යුගයක් පාසා ප්රා ණවත් ලෙස පැවැතෙන්නට සැලැස්වීම අපහසු නැත. කළ යුත්තේ මළ දෙයට පණදීම නොව පැරැණි දේ ජන සම්මත දේ අමතක නො වන සේ නැවත ප්රදකෘතිමත් කිරීමයි. 1 මහබිනික්මන් කව මෙසේ පුස්කොළ අත් පිටපත් කිහිපයක් හා සසඳමින් සංස්කරණය කොට සිංහල සාහිත්ය රසිකයන් අත තැබීමට මට හැකිවූයේ ගැමි කවියේ මිහිර විඳීමට දක්වූ උනන්දුව හා ලැදියාව හේතු කොට ගෙනය.

මෙතැන් සිට සැකෙවින් මහා බිනික්මන් කාව්යහය විභාගයට පමුණුවමු. කවියා තම පබඳ ඇරැඹීමට පෙර පුරුදු පරිදි තුනු රුවන් ගුණ සිහි කරයි.

“බින් ලියගේ මුඳුනේ සිටියෙමි අහස සෙවනේ දෙවියන් වරමිනේ කියන් අට විසි මුනිඳු සරනේ ‍(1)

බින්ලිය යනු මිහි කතයි. අහසේ සෙවණ ලබමින් මිහිකත මුඳුන සිට දෙවියන් වරමින් අට විසි මුනිඳුගේ සරණ පවසමි යනු එහි අරුතයි. මීට අනතුරුව බුදු ගුණ දහම් ගුණ සඟ ගුණ ගයමින් කව් දහනවයක් නිම කළ පසු තම පබඳ කුමක්දැයි ඔහු හෙළි කරයි.

“අ නි ක් කළු ගල් බැඳපුවාමෙන් නොගෙන වනවැල් පද ගොතා

අ නි ක් වියතුනි මදක් නෑසු ද නොකටයුතු 

දෙතිසක් කතා මැණික් බැඳි ලෙස උතුම් මුතුහර පබළු ර ව මෙන් ගොත ගොතා සු නි ක් කිතවූ මහබිනික්මන් කළා පවසම් බෝසතා” (20) 1. සිව්පද හා සමාජය - නන්ද දේව විජේසේකර. 1 පිට


10

මහ බෝසත් (සිදුහත් කුමරු) මහබිනික්මන් කළ වග, මැනික් බැඳි උතුම් මුතුහරකට රුවැති පබළු එකතු කරන්නාක් මෙන් රසැති කව් පද බැඳ වර්ණහනා කරන බවයි ඔහු පවසන්නේ. තමාගේ කවියෙහි අනර්ඝත්වය විස්තර කරනු වස් ඔහු යොදා ගත් උපමා උචිත වූවා පමණක් නොව රසයෙන් ද පිරුණු බවක් නොපෙනේද? තමා පවසන්නට යන ඒ මහා සම්බුදු ගුණ වැනුම හොඳින් අසා සිට මොක් සිරි සැප ලබාගන්නට කවියා අසන්නාට අවවාද කරන්නේ ‍ගමේ පන්සලේ හාමුදුරුවන් දහම් අසා නිවන් සිරි ප්රාරර්ථනා කරන මෙන් සැදැහැවතුන්ගෙන් ඉල්ලන්නාක් මෙනි. බණ කීමත් බණ ඇසීමත් දස කුසල් අඞ්ග බැවින් කවීයාගේ දැහැමි බව මෙයින් පැවැසේ. “දෙසූ ස ද හ ම් මුනිඳු වැඩහිඳ සුවාසු දහසක් රැසින් ඇ සූ මෙදහම් අහස ඉදිකටු මලෙන් බැලුවා මෙන් මෙලෙසින් වැසූ ස ද හ ම් නියම නැතුවම තිබුණි බඹ ලොවටත් උසින් ඇසූ මෙදහම් කෙනෙක් ඇත්නම් ලබති නෙර්වානේතොසින්” (25)

මින් අනතුරුව කවියා විස්තර කරන්නේ සූවිසි විවරණ යයි. සූවිසි විවරණයේ දී මොහු ඒ ඒ බුදුවරුන්ට තම නමස්කාරය පුද කරන සැටි දැක්වෙන කවකි මේ:- “හැම සඳ දිලි රන් රුවනක් වැන්නේ හැම සඳ මෝරන පුන් සඳ වැන්නේ කකු සඳ මුනි බුදු වෙති වර දුන්නේ හැම සඳ සිරිපා වඳිමි බුදුන්නේ” (59)

මින් අනතුරුව පස් මහ බැලුම් බැලූ සැටි කවියා කවි පසකින් විස්තර කරයි. පස්මහ බැලුම් විස්තර කිරීමත් සමගම මායා බිසවගේ සිහිනය ගැන ද ඔහු සඳහන් කරයි.


                                                                                                 11


“කපිල වස්තු පුර සාක්ය කුලයට අදිපති සුද්දෝදන මහ නිරිඳුට අගමෙහෙසුන් කල මායා බිසවට පෙන්නා සීනය උපදින විලසට” (77)

මහමායා දේවිය සිහිනය දුටුවායින් පසුව සුද්දෝදන මහ නිරිඳුන් බමුණන් ගෙන්වා සිහිනය විස්තර කරවා ගත් සැටි වර්ණ්නා කිරීම කදිම ලෙසට කර තිබෙන සැටි 86 – 98 දක්වා ඇති කවි වලින් පෙනී යයි. තැනට උචිත උපමා රසවත් ලෙස යොදා ඇත්තේ ගැමි බසේ ඇති මිහිර උකහා ගනිමිනි. මහ මායා දේවිය උයන් කෙළියට යෑම බමුණන්ගේ පැමිණීමෙන් පසුව සිදු වන්නකි. දේවිය වඩිනා මග දෙපස රන්, රිදී, මිණි තොරණින් හා රන් රිදී කොඩියෙන් අලංකාර කොට පුන් කලස් දෙපයේ සිටුවා සුදු වැලි ඉස ගමන් මඟ අලංකාර කළ සැටි විස්තර කොට ඇති කව් කිහිපයකින් මෙය ද එකකි.

“රන් රසු දම් මිනි මුතු දැල් බන්දා රන් නිල් දජ කොඩි අහස පලන්දා රන් කුඹු පුන් කුඹු දෙපසේ ඉන්දා රන් මුතු සුදු වැලි අතුට සුකුමන්දා” (103)

මෙය අනුප්රාුසයෙන් රසවත් වූ උසස් කවියකි. ජන කවියේ දැක්වෙන අන්රඅප්රාාසය අන් කවියට වඩා අමුතු මුහුණක් ගනියි. මෙවැනි කවි උම්මග්ග ජාතක කාව්යායේ ද හිඟ නැත. ශබ්ද රසය තියුණු කිරීම පිණිස අනුප්රාවසය කවියන් අතර ජනප්රියය වූවා පමණක් නොව ඒ මගින් කටට රසැති සවනට මිහිරැති කවි කියන්නටත්, අසන්නටත් අවස්ථාවක් ද ලද්දේය.

මාර්ගැ වර්ණනනයත් සමඟ එන උයන් සිරි වැනුම ශ්රෙලෂ්ඨ එකකි. ගමේ පිපෙන මල් ගැමියා දනියි. එහෙයින් ඔහු මෙහි නොපිපෙන පුෂ්පයන් සොයා ගියේ නැත. එය තමනට හුරු නැති බැවිනි.


12


සපු දුනුකේ සිහිනිද්ද බොලිද්දා සේපාලිකා කිනිහිරි වතු සුද්දා සිරි මුඛ මහනෙල් බදුවද ඇද්දා උයනේ මේ මල් පිපෙයි නොයෙද්දා

සිහින් කෙන්ද බිම පිපිසවු කෙන්දා කොබෝ නීල රොඩු පිච්ච මලින්දා සඳුන් කපුරු මල් සුවඳ කුමුන්දා මෙකි මලින් උයනේ මනනන්දා

ඇඹුල උපුල මල් මහනෙල් ඇත්තේ පරසතු මල් සපු නාමල් ඇත්තේ සියලු දෙසින් බිඟු රොත්තෙන් රොත්තේ කැමැති ලෙසට රොන් ගෙන යති නිරතේ (105. 106. 107)

සපු, දුනුකේ, ඉද්ද, සිහිනිඉද්ද, බෝලිද්ද, සේපාලිකා, කිනිහිරි, වතුසුද්ද, මහනෙල්, කොබෝලිළ, පිච්ච, සඳුන්, කපුරු, ඇඹුල ආදිය කවියාට පෙනුණු මල් වර්ග ය, මෙහි සපු දුනුකේ, ඉද්ද කිණිහිරි, වතු සුද්ද, පිච්ච, සඳුන්, කපුරු ආදි මල් සඳහන් වීම නිසා ගැමි කවියාගේ මේ උයන් සිරි වැනුම ස්වාභාවික විය. මෙය ගැමි කවියේ අව්යාිජ බවෙහි උසස් සලකුණකි. සල් උයනේ සිදුහත් උපත සිදු වූ වග ඉන් අනතුරුව වර්ණඋනාවේ. මෙහිදී කවි‍යාගේ වෘත්තයේ අමුතු බවක් දක්නට පුළුවන. එහෙත් මෙයට වඩා මෙහි වැදගත් වන්නේ සල් උයනේදී සිදු වූ දේ පිළිබඳව කෙරෙන විස්තරය කැටි කොට පබදා එක් කවකින් ඉදිරිපත් කිරීමය.

ගොස් උයනට වැදා සල් දෙරුකට වැදා පැනවූ යහන නිදා වට කළ තිර සදා සුර නර එවිට දා කළ රැකවල් සෙදා පින් බලයෙන් එදා නැමුනේ හල් කදා (115)


                                                                                                   13


සල් මල් නෙළා ගනු කැමැතිව සල් අත්ත වෙත අත යොමුකළ විට අත්ත ඉබේ පාත්වූ සැටි කවියා මෙහිදී විස්තර කරයි. “ගිරිලෙන් නික්මුණු කෙසරිඳු විලසට” (119) මහ බඹු දෝතට සිදුහත් කුමරු (මව් කුසින්) වැඩි සැටි අන්තිම කවෙන් කියවේ. සිදුහත් උපත වැනු සැටි කදිම බව මින් පැහැදිලි වේ.

සිදුහත් කුමරුගේ උපතින් පසුව සත් පියුම් පිට වැඩීම කවියා මිළඟට විස්තර කරයි. සත්වන පියුමේ වැඩ හිඳිමින් ප්රීඟති වාක්ය පළ කිරීම තමා දන්නා ඇසූ පාලි වදන් එලෙසින් ම තම කටට හුරු පරිදි බහා ලීමට කවියා අමතක නොකළේය. පින්වත් කුමරු ගේ උපත ඇසූ විගස ජනයා ප්රීාතියෙන් පිනායෙමින් සැණ කෙළි පැවැත්වූහ. සැණකෙළි මැද කුමරා වඩා. ගෙන මාළිගයට යන පෙරහැර ද අවට ජනකායගේ තුති ගී ද එක් විමෙන් ඇති වූයේ ජය ඝොෂාවකි. සිදුහත් කුමරුගේ උපත පිළිබඳ පුවත දෙව්ලොව ද පතළ විය. කාලදේවල තවුසා ද වහා මනුලොව අවුත් සුදොවුන් රජුගේ මාලිගයට පිවිසියේ ය. සිදුහත් කුමරු දෑතට වැඩුවේය. සිදු‍වුයේ ආශ්චය්ය්ගයටයකි.

වි ල ස අසා පින් කළ කුමරුන්නේ මෙලෙස මමයි සුබ ලකුණු කියන්නේ නො ලස කාල දෙවල පවසන්නේ සි ර ස මුදුනෙ සිරිපා පිහිටන්නේ (146)

සිදුහත් කුමරුගේ දෙපා තවුසාගේ නළල් තෙලෙහි වැඳිණ. කුමරුගේ අනාගතය දුටු ඔහු වැන්දේ ය. ඒ අනුව සෙමින් පිය රජ තෙමේ ද තම සිඟිති පුතුට පළමු වැඳීම කෙළේය. පුරාණ චාරිත්ර අනුව කුමරුට නිසි වයසේදී රන්කිරි කට ගෑම සිදුවූ වගයි. මේ. සු ව ඳ දියෙන් ඉස් සෝදා නාවා සු ව ඳ නෙළුන් ගෙන කොමළඟ ගාවා නොබඳ ලෙසින් ආයුත් බෝ වේවා එ ස ඳ මොහොත් ලා රන් කිරි නිමවා (152)


14


සිදුහත් කුමරුගේ උපතින් සතියක් ඉක්මුණු සඳ මහ මායා බිසවගේ මරණය සිදුවූයෙන් කුමරා හදා වඩා ගැනීමට කිරි මවුන් අවශ්ය විය.

මෙලෙසින් කිරි මවුනුත් ගෙන සොඳටා දහසක් බැදී රන් දී උන් අතටා සුර රන් කුමරුන් වඩවව් සොඳටා වෙනසක් නොකරම වඩවව් සොඳටා (164)

කුමරාට නම් තැබීමේ මංගල්ය ය සිදුවුයේ මින් අනතුරුවයි. නැකත් විචාරා බමුණන්ගෙන් දැන ‘සිදුහත්’ නම තැබීය. බුදුවන තෙක් තමන්ට හිඳීමට නොහැකි බව දුටු මහලු බමුණෝ දුක් කඳුළු හෙළූහ.

“වප් මඟුල” රජවරුන් අතර පවා පුරාතනයේ සිට උසස් ලෙස පැවත එන මහා මංගල උත්සවයකි. සුදොවුන් රජද කිරි මවුන්ගේ ආරක්ෂාව ඇතිව තම ළදරු කුමරුන් සමඟ වප් මඟුල සඳහා ගියේය. උත්සවය ඇරැඹිණි. කාගේත් නෙත් සිත් ඇදී ගියේ ඒ දෙසය. මේ අතර කුමරු අතුරුදහන් විය. පෙළ පෙළ සානා ඇලි ගොන් නිරලා ර ළ ර ළ කිරි මුහුදක් සේ බබලා බ ළ බ ළ කිරි මව් ඒවා දැකලා පෙළ හැ ර කුමරුන් කොයිදැයි තෙපලා (178)

සතර අත බැලීය. පලසක් බැඳ අහසේ වැඩ සිටින ළදරු කුමරු දෙනෙතට ලක්විණ. කවුරුත් සාදුකාර දුන්හ. රජ තුමාගේ දෙවන වැඳීම සිදු වූයේ මෙතැනදීය.

පෙළහැර දුටු මඟ පිය නර නින්දා පෙළහැර දුටු සෙනඟට දිලි බන්දා පෙළහැර සැණකෙළි දැක ඉසු රෙන්දා දෙවනුව දඹ රුක මුලදී වැන්දා (182)


                                                                                                   15


කිරි මවුනට සැනසීමක් ඇති වූයේ එවිටය. බිමට වඩින ලෙස කුමරුට ආරාධනා කළ පසු කිරිමවුවරු ඔහු වඩාගෙන මාළිගෙයට පෙරහැරින් ගෙන ගියාහ.

පින්වත් කුමරා කෙමෙන් කෙමෙන් වැඩෙයි. සොළොස් හැවිරිදි විය. දැන් විවාහ මඟුලට කාලයයි. යශෝදරා කුමරියගේ පෙර පිනෙන් කුමරා සමඟ අතිනත ගැනීමේ භාග්යඟ ඇයට සැලසිණ. සිදුහත් කුමරු සොළොස් හැවිරිදි කල විවාහ මඟුල මහොත්සවාකාරයෙන් සිදුවින.

පොරණ මලවිය ලෙස පර සිද්දේ පෙ ර ම පැවැත එන පිරිවර මැද්දේ කි ර ණ දිලෙන සඳමෙන් තරු මැද්දේ ස ර ණ මඟුල් විය සොළොසැවි රිද්දේ (192)

යශෝදරා දේවිය රූ සපුවෙන් අගතැන් පත් වූවාය. එය කවියා දුටුවේ මෙලෙසය.

මැතිසපුරා වැඳ සිට ගෙන සැල කරා රුව වෙන වෙන ප යෝ ද රා රණ තිස රුන යශෝදරා ගෙනෙමු සරන (196)

සරණ මංගල්යෙය අවසන් විය. කුමරා මහා තේජසින් මුළු දඹදිව බැබළෙන්නට වන. කුමරෙකුට අවශ්ය සියලු ශිල්ප‍ශාස්ත්රා දිය ඔහු හැදෑරීය. මහ ජනයා ඉදිරියේදී දැක්වූ කඩු හරඹ එදා කාගේත් නෙත් සිත් ගත්තේය. මෙසේ මහ ජනයාගේ ප්රදසාදය දිනාගත් සිදුහත් කුමරු ගෙබැඳුම් ජීවිතය ගත කරන්නේ සතර පෙර නිමිති දුටුවේය. තම පුතා දකින අශුභ නිමිතිවලින් වළක්වාලනු පිණිස පිය රජ තුමා නුවර තැබූ මුරකාවලින්ද වැඩක් නොවීය. රෝගී පුරුෂයෙකු මහල්ලෙකු මළ කඳක් හා ශාන්ත ගමනින් පියවර නගන පැවිද්දෙකුද යන සතර පෙර නිමිති දුටු සිදුහත් තෙමේ ගිහිගෙයි ආශාව හැර දැමීය.


16 යෙදි සමඟ ආ පාරමිතාවයි. සෑ දී සමඟ ආ පිරිවර දුටුවයි. වි ඳී සමඟ යන මොක් පුර දුටුවයි. මි ඳී සමඟ බුදුවෙනවා දුටුවයි. (235)

මෙවැනි අවස්ථාවක සිටි සිදුහත් කුමරුට පුතකු ලැබූ බවද සැලවිය. කුමරාගේ රූපශ්රී ය අපේ ගැමි කවියා දුටුවේ රන්රුවක් මෙනි. උයනේ සිටිද්දි ලද මේ ප්රටවෘත්තියෙන් පසු සැදෑවෙත්ම රාජ මාළිගය වෙත පියවර තැබූ සිදුහත් කුමරුට රාත්රිෘයේ දක්නට ලැබුණේ මුළු ලොවම එපා කරවන දර්ශ නයකි. පිළිකුල් බවක් හඟවන අවස්ථාවකට පාඨකයා පමුණුවන පිණිස අපේ ජන කවියා ගත් මඟ මෙසේය :-

පනවා යහනෙන් බසිමින් එමවිට යනවා බෝසත් දොර ඇර වැඩසිට බනවා වන්නේ යාළුව නොවී මට යනවා නියමයි අද රැ මහනට (252)

කන්තක අසු සරසවා ගත් සිදුහත් කුමරා ඡන්න ඇමැතියාත් සමඟ මහබිනික්මන් කිරීමට සැරසෙයි. උපන් කුමරාගේ මුහුණ දැක කුමරියටත් නොදන්වා සංසාර සත්වයාගේ සුවය පිණිස එදා කුමරු ගිහිගෙයින් නික්මුණේ දෙවියන්ගේ සාදුකාර මැදය. නිදිගත් නාටිකාවන්ගේ විකාර දැකීමෙන් වඩාත් කළකිරුණු බෝසතාණන් යශෝදරාවන්ගේත් හා තම පුත් රාහුල කුමරුගේත් මුහුණ බලා මහාබිනික්මන් කලතෙක් ඒ පුවත කව් තිහකින් වර්ණනා කරනකවියා එය කරන්නේ බුදු බව පතා සාරා සංඛ්යත කල්පලක්ෂයක් අවුරුදු පෙරුම්පුරාගෙන අවුත් මේ ජාතියේදී බුදුබව පතා කරන අන්තිම මංගල ගමනේ අනුසස් කියා අසන්නා භක්ති රසයෙන් බැඳ ගන්වමිනි. මෙවැනි වර්ණානයකට අවශ්ය් හද කම්පා කරවන වදන් ඔහුගේ මුවගින් නික්ම ආයේ මහා ඇල්ලකින් ඇද හැලෙන දිය දහරාවක් ලෙසිනි. අසරණ ලෝවැස්සන් දුකින් මුදා ගනු වස් ගිය මේ ගමන


                                                                                                    17


දුටු වසවත් තෙමේ බෝසතා‍ණන් කෙරෙහි කෝපයෙන් දැවෙයි. එහෙත් කුමක් කළ හැකිද? කන්ථක අසු නිල්වන් නේරංජරා නදිය පනිමින් සුදුවන් වැලිතලාවට මහ බෝසතාණන් තම කර තියාගෙන වැඩමවයි ඒ වර්ණවනය සැබැවින්ම උසස් සංදේශ කාව්යවයක එන වර්ණ නයකට වඩා හොඳින් කිරීමට කවියා සමත් වූයේ තමනට හුරු වාග්මාලාවෙන් අසන්නා භක්ති සයුරෙහි ගිල්වාලීමට සමත් වීම නිසයි.

නන් සොඳ නේරංජන ගඟු ලැල්ලේ ඉ න් සොඳ සමුදුර එන සිහි ලැල්ලේ පි න් සොඳ බෝසත් මහණට ලොල්ලේ පු න් ස ඳ මෙන් අසූපිට යයි වැල්ලේ

තිස් යොදුනක් දුර කතර ගෙවායේ අ ට ඉ ස් බ ක් පුළුලැති ගංගායේ එතරට පැනපිය කන්තක යායේ සිදුහත් සිරි පා වැඳ සනසායේ. (291, 292)

සුදු වැලිතලාවට පැමිණි මහ බෝසතාණෝ තම රාජාභරණ හා වස්ත්රඅ ගළවා සිවුරු හැඳ ගැනීමට පෙර කේශ‍ෙච්ඡදනය කළහ. මහ බඹහු ඒ කේශ ධාතුන් ගෙන ගොස් දෙව්ලොවෙහි සැයක් කොට මහත් පුදපුජා කළහ. මහබඹුහුගේ අටපිරිකර ලද බෝසතා‍ණන් ඒවා පිළිගෙන සිවුරු පොරවා ගත් සැටි විස්තර වන්නේ මෙලෙසිනි.

ප ටි ය සමඟ පිරිකර දී ඉක්බි ති ගැටිය දරාගත් සඟලා සිවු රැතී දු ටි ය මහණ රුව වැඩ සිටිනා ගති සි ටි ය මහ බඹු වැඳ අවසර ගති. (303)

බෝසත් තමා මහණ වූ බව පියරජහුට දන්වන ලෙස අමාත්ය යා මඟින් පණිවුඩ යැවිය. තම ස්වාමියාගෙන් වෙන් වන අසුට මේ මොහොතේ ඇති වූයේ හද කම්පා කරන


18


තරම් ශෝකයකි. තිරිසනා වුවද එය කෙසේ නම් දරා ගන්නේද? හදවත පළාගෙන ආ ශෝකාග්නියෙන් දැවෙමින් අසුද අවසන් හුස්ම හෙළීය. මේ මොහොත ලඟාවත්ම අසන්නාගේ දෙනෙතින් වුවද කඳුළු කඩා හැළීම නම් වළක්වාලනු බැරිය. ගැමියා නිතර ශෝකය කවියෙන් ගැයුමට සමත් වූ හෙයිනි.

සය අවුරුදු දුෂ්කර ක්රි යාව ඇරඹුණේ මෙතැන්හිදීය. මේ කව් තුන කියවන පාඨකයාට ඇතිවන්නේ බලවත් ශෝකී හැඟීමකි. ඒ හැඟීම පළකිරීමට යොදාගත් වාග්මාලාව පළකිරීමට කොතරම් උචිතද?

නානු වනේ ගොස් ඇවිදින තැනින් ‍තැනේ කිරි දෙතනේ බී මුව සුවඳ මට දැනේ රිවි ද අනේ රූ නොකළොත් හොඳ‍යි අනේ කවු ද අනේ බුදු වෙනතෙක් තනිව වනේ

වනේ ඇවිද රුකමුල සෙවනැ ල්ලේ වනේ විවර ඇති අවුරුදු සිය ල්ලේ සනේ වතුර ඇති අවුරුදු සය එ ල්ලේ අනේ මෙවැනි දුක්විඳ බුදු බව ලො ල්ලේ

සොඳුරු වනේ සැප විඳගෙන සැදි ගමනේ ම දු රු වනේ ලේ බොනවා ගත නොදැනේ අ ඳු රු වනේ රෑදාවා දෙක නොදැනේ ක වු රු අනේ හිටියේ විඳ දුක් පිනිනේ (313. 314. 315)

ආහාර නොගෙන ශරීරයට දුක්දීමෙන් කිසි දිනෙකත් තම අදහස් මුදුන්පත් කරගත නොහැකි බව දුටු බෝසතාණන් ශරීර පෝෂණය සඳහා ආහාර ලබා ගනුවස් එදා රජගහ නුවර වඩිද්දි වූවද පින් බෙලෙන් ශරීරය ප්රරභාවත් බැවින් මුළු නුවරම ඒකාලෝක විය.


19


මන් රද එළි බැදි යන මෙන් රුසිරේ දු න් බඹ සිවුරෙන් ගත දිලි පැතිරේ පින් බැද වඩවන බෝසත් එපුරේ පින් පිණිසා බැද රජගහ නුවරේ

පායන පුන් සඳ මෙන් බැස එපුර ට ආසන මොහොතක් දොර දොර වැඩ සි ට වෑයන් නැති පිඬු සිඳවා සහතු ට මායන්දෝ නොදැනෙයි නිරුඳුනි ම ට (318, 319)

බෝසතුන්ගේ රූපශ්රි ය දුටු නුවර ජනයා විස්මයෙන් මුව අයා ගත්හ. (බිම්සර) රජතුමා බෝසතුන් පසු පස ගොස් තොරතුරු අසා දැන සතුටුව බුදුබව ලැබුවායින් පසු පළමු දනට වඩින සේ උන්වහන්සේට ආරාධනා කෙළේය. ආරාධනය සාදරයෙන් පිළිගත් බෝසතාණෝ එතැනින් නික්ම වෙසක් මස පුර පසළොස්වක් දින අජපල් නුගරුක බලා වැඩි සේක.

තපස් කෙළේ සය අවුරුදු හිම යේ වෙසක් මසේ පුර පසළොස් දින යේ එසක් වළේ මඟ සැරැසුණු එළි යේ වැඩම කළේ අජපල් නුග මුල යේ (343)

සය අවුරුද්දක් දුෂ්කර ක්රි යා කළ සැටි පළමු පදයෙන්ද වෙසක් මස පුර පසළොස්වක් දිනයේ නුගරුක බලා වැඩී සැටි දෙවන පදයෙන්ද තෙවන පදයෙන් සක්වල දෙවියන් මංගල ගමනට මග සැරැසූ සැටිද සිව් වැන්නෙන් ඒ සියළු පුජෝපහාර ලබමින් නුගසෙවණට වැඩි සැටිද විස්තර කරන ගැමිකවියා තම අදහස් කෙතෙරම් නිදහස්ව විසිතුරුව පවසයිද? සුජාතාවගේ කිරිපිඬු දානය පිළිගැන්වීම කවියාගේ නෙතට ලක්වූ මීළඟ සිද්ධියයි. කිරිපිඬු සකස් කිරීම දීර්ඝෙ ලෙස විස්තර කොට අනතුරුව කිරිපිඬු දන අජපල් නුගරුක සෙවණේ වැඩ සිටිනා බෝසතුන්ට පිළිගැන්වූ සැටි විස්තර කෙළේ මෙසේය.

20

 		පු ර ගොස කරවන මින් එක	නාදේ

බෙරගොස සෙණහඬ මෙන් එක නාදේ සු ර ගොස සක් රජු වඩිනා නාදේ දුර ගොස සමුදුර මෙන් එක නාදේ

විසිතුරු කොඩි කුඩ- චාමර දෙප සේ පසතුරු ගොසකර සමුදුර රැළි සේ නිරතුරු සැරසී සිටි දෙවඟන සේ රසකුරු පිඬ පිළිගන්වා සතො සේ (352. 353)

මෙහි මුලත් අගත් යොදා ඇති එළිවැට කවියේ චමත්කාර භාවය තවත් උද්දීපනය කිරීමට හේතුවූ අතර කාව්ය යේ වූ අර්ථ රසයට එයින් කිසිදු හානියක් නොවූ බව පෙනී යයි. නොයෙක් අලංකාරයෙන් සැදුණු මාර්ගුයෙහි පැමිණි සුජාතාවන් දෙවඟනකට උපමාකොට ඈ රසකුරු පිඬ සතොසින් බෝසතාණන්ට පිළිගැන්වූ සැටි පවසන්නේ ප්රිටය ජනක අන්දමකිනි. බෝසතා‍ණන් සුජාතාවන්ගේ කිරිපිඬු දන පිළිගෙන අනතුරුව එය පිඬු ගුලි හතලිස් නවයක් කොට වළඳා තමන්ගේ අභිප්රාිය සාර්ථක වන්නේදැයි දැන ගැනීම පිණිස තළිය ගඟට දමා එය උඩු ගං බලා යනු දැක ප්රිේතියෙන් උදම් වූ සැටි විස්තර කරන්නේ මෙලෙසිනි.

ගඟ බැස ගඟ පැන් සැනසූ යෙන්දා පැන් සනසා සිට සිවුරු පැලන්දා සිවුරු පැලඳ පටි ධාතුව බැන්දා රන්ගිරි වටගිය විදුලිය මෙන්දා

ගන්තෙර වැඩ ඉඳරන් රුව විලසේ ලන් කර කිරි පිඬු තළියද එමසේ ඉ ස් ක ර සතලිස් නව පිඩු එකසේ මෙත් සත් සතියට වළඳා දවසේ.


                                                                                                    21


වළඳා ගඟ බැස පැන් සන හාලා සෝ දා තළියද උඩු ගං ඇරැලා පො දා සල් උයනේ වැඩ ඉඳලා එ ම දා බෝමුල වඩිමි සිතාලා

කතක් දුන්නු බොජුනක් මුනිඳුහට තොසින් එකත එකුත් පසක් පිඬු කර මෙලෙසින් පිනක මහිම බලනට බුදු වන්ඩ තොසින් පිනට පිරු තළිය උඩු ගං බලා ගොසින්

                                                           (357, 358, 359, 360)

බෝමුලටවැඩි බොසතා‍ණන් සත්වයන් දුකින් මුදවා ගනු වස් බුදු බව ලැබූ සැටි විස්තර කිරීමය, මීළඟට දක්නට ලැබෙනේ. ඒ වර්ණ නයට අසන්නාගේ දෙනෙතින් භක්ති කඳුළු කඩා හැළෙන පරිදි යොදා ගෙන ඇති වදන් වැළ කොතරම් අගේද? බුදුවන්නේ හෙටයි. තමාට වන්නට යන විපත ගැන සිතූ මාරයා බෝසතුන් හා යුද එළඹෙයි. ඒ වර්ණ නය වීර රසයෙන් හා රෞද්රා රසයෙන් අනූනය. මහබිනික්මන් කාව්යීයේ දීර්ඝනතම වර්ණනනය වූ මාර යුද්ධය සඳහා කවියා බෝසතාන්ණගේ පාරමී විස්තරද ඇතුළුකොට කවි 116 ක් රචනා කොට ඇත. බුදුවන්නට යන මොහොතේ කළ මේ මහා සටන ගැමියාගේ නෙත් සිත් ඇදගත් වීර ක්රි්යාවක් ලෙස සැලකූ හෙයිනි. එදා මාරයා සමඟ කළ සටනින් බෝසතාණන් නොදිනන්නට බුදු කෙනෙකුන් කෙලෙස පහළ වන්නේද? අසරණ සතුන් මුදවාලිමට කෙනෙකු නැතුව ඔවුන් දුක් සයුරෙහි ගිලී නැසෙන්නට ඉඩ තිබුණි. මාරයා හා කළ ඒ මහා සටන ගැමියා සිතු ලෙසම බුද්ධ චරිතයේ ශ්රෙණෂ්ඨම සිද්ධියයි. ගැමියා පවසන තම ජීවිතයේ අත්දැකීම් ව්යාණජත්වයෙන් තොර බව මුලින් පැවසුවෙමි. මාරයා යුද එළඹීමේදි ගෙනා යුද්ධායුධ ගැමියාගේ පරිහරණයට ගන්නා කැති, පොරෝ, උදලු යනාදියයි. මහනුවර අවදියේ පැවැති යුද


22


කෝලාහලවලදී පාවිච්චියට ගත් කඩු, ලංස, හෙල්ල අ‍ඩයටි, කොන්ත, දුනු, ආදිය කවියාගේ දෙනෙතට ඉබේම අසුවූ සැටි මාර යුද වණ්ණයේදි කියවිය හැකිය. මාරයා යුදයෙන් පරාජය විය. බෝසතාණෝ බුදු වූහ, අනතුරුව මරඟනෝ පැමිණියහ. ඔව්හුද නොයෙක් ලෙසින් රඟ දක්වා බුදුන්ගේ සිල් බිඳීමට තැත් කළාහුය. එහෙත් එය කිසිසේත් කළ නොහැකි වූ සැටි කවියා විස්තර කරන්නේ මෙලෙසය.

‍නැමේ කොමළ පය ඇදි සළුව රැළි ය ට බැමේ ඉඟි කරන ලිය බලන බැල් ම ට නැමේ කැරැකවී අත රැගෙන මුඳුන ට නැමේ දෝ සිතක් කොයි කලක මුනිඳු ට (499)

අනතුරුව සත්සතිය ගත කළ සැටි කවියා වර්ණ නා කරයි. පළමුවන සතිය බෝමුල සෙවණේද දෙවැනි සතිය තමන්ට බුදුබව ලැබීමට උපකාරී වූ බෝරුකට අනිමිෂලෝචන පූජෝපාහාර දැක්වීමෙන්ද, තුන්වැනි සතිය සක්මනින්ද සිව්වැනි සතිය රුවන් විමනේද පස්වැන්න අජපල් නුගරුක සෙවනේද සයවැන්න මුචලින්ද නාග දරණය යට වැඩ සිටිමින්ද සත්වැන්න කිරීපලු සෙවණේ සමාධියෙන් වැඩ සිටිමින්ද ගතකළ සැටිද විස්තර වේ. මේ සත්සතිය සඳහා ඔහු යෙදුවේ කව් දෙකකි. එක් සතියක් විස්තර කිරීම එක් පදයකින් කොට සත් සතිය ඉක්මවූ පසු “සත් සති පසුකර අපෙ මුනි රුවනේ” කීමෙන් විස්තරය අවසන් කරයි.

තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන්ගේ මී විළඳ පිළි‍ගැනීම මීළඟට විස්තර කරයි. තමන්ගේ යානා මඩ වගුරේ එරුණෙන් මුදවා ගත නොහැකිව දුක් වෙමින් සිටි ඔවුන් දේවතාවන්ගේ පුවතින් බුදුන් දැක උන්වහන්සේට මී විළඳ පිළිගන්වා දහම් අසා පසුව නික්මුණු සැටි විස්තර වෙයි. අනතුරුව බුදුන්වහන්සේගේ මංගල ධර්මු දේශනය සඳහා සහම්පති බ්රිහ්මයා කළ ආරාධනය කවි සතරකින්


                                                                                                    23


දැක්වේ. ඉසිපතනේ පස්වග මහණුන් වැඩ සිටිනා සැටිත් ඔවුනට පළමු දහම් දෙසුම කරන සැටිත් රසකොට පවසන්නේ ගොවි ජීවිතයද නිදසුන් කොට ගෙනය.

එබස ට මහ බඹු කුල්මත් සිතිනේ සත හට වෙන පිහිටක් නැති ඉතිනේ නිවනට ගත් සිරි ඇර බඹ අතිනේ මුනිඳු ට ආරාධන කළ බැතිනේ

කෙ ත ක් වපුල ගොවියෝ කොතනත් ඇති සි ත ක් තනවා ගෙන මාසේ වෙන නැති කෙ ත ක් ලෙසට වැඩවනු තැන් වෙන නැති ප ස ක් මහනු ඉසිපතනේ ඉඳ ගති

                                                                           (517, 518)

රජගහ නුවර බිම්සර රජතුමාට දුන් පොරොන්දුව පරිදි බුදුරජාණන් වහන්සේ දනට වැඩම කළහ. බුදුන් රජගහ නුවර දනට වැඩි බව ඇසූ සුදොවුන් (පිය) රජ තෙමේ කිඹුල්වත් පුරටද වඩිනා ලෙස අමාත්ය යන් ලවා ආරාධනා යැවුයේය. කිඹුල්වත් පුර වඩිති. කිඹුල්වත් පුර වැඩි මඟ දෙපස අලංකාර විස්තරය වෑත්තෑවේ හිමියන්ගේ ගුත්තිල කාව්ය.යේ එන උදේනි නුවර හා උදේනි නුවර සැණකෙළියත් සිහිගන්වයි. කවියාට ගුත්තිල කාව්ය ය කටට හුරු වූවක් බව ඒ ලක්ෂණම ඇති කව් ගෙතීමෙන් පෙනී යයි. විශේෂයෙන් ජාතක කතාවන් වටා ගෙතුණු පද්ය කීමටත් ඇසීමටත් ගැමියා ඉමහත් සතුටක් දැක්වූයෙන් ‘ජාතක පොත’ ගැමි සාහිතට ඇතුළත් විණ. අද පවා ගැමියන් මේ කතා හා කවි ඇසීමට දක්වන ලැදියාව ගම්මානයන්හිදී පෙනි යයි. මහත් උත්සවශ්රීසයෙන් කිඹුල්වත් පුරට වැඩමවා ගෙන ආ බුදුහිමියන් හා ශ්රාවවක භික්ෂු සංඝයාද නගර වාසීන් පිළිගත්තේ සාදුකාර නදින් නුවර ගිගුම් දෙමිණ. එදා දේවතාවකු පැමිණ පුතු ‍මළේ යයි කී බස් අදහා නො ගෙන අපගේ පුතු බුදු බව ලබා


24


මිස නොමියන්නේය, යන විශ්වාසයෙන් සිට සැටි සුදොවුන් රජතුමාහට සිහිවන අයුරු කවියා විස්තර කරයි. තම කුලයේ වුන්ගේ මන් බිඳලීම් වස් කළ යමා මහ පෙළහැර කාගේත් නෙත් සිත් ‍ඇද ගන්නා එකකි. අනතුරුව සියල්ලන්ගේ ගෞරවාදරය ලබමින් බුදු පියා දම් සභාවට වැඩි සැටි අවසානයේදී විස්තර වේ. ඒ විස්තරයෙන් පසු මහා බෝසත් මහබිනික්මන් කළා පින් දෙවයි පවසමින් තම කාව්යබය අවසන් කරයි.

ව සා තිබු මුනි දහම් ඒ මඳක් පැවසුවයි සිතින් අ සා සැදෙමින් රැගෙන දුන් තරු සෙනග වඩින්දා ඉතින් ම හා බඹු සුර නොයෙක් හැමදෙවි අදහගෙන කීවයි ඉතින් ම හා බෝසත් මහ බිනික්මන් කලා පින් දෙව සැම සිතින් (573)

බුදුන් වහන්සේගේ අපරිමිත ගුණ සමුදායයෙන් යුත් චරිත යෙන් බිඳක් විස්තර කරමින් ලියූ මේ කව සසර දුකින් මිදීමට කරන ප්රා්ර්ථනයෙන්ද අසා සිටියවුන්ගේ ආයුෂ වර්ධනය සඳහා කෙරෙන ප්රා්ර්ථනයෙන්ද අවසන් වෙයි. ජනකවි සම්ප්රරදායට අයිති ඕනෑම කවි‍යක් හෝ සිව් පදයක් ගෙන බැලුවොත් එය බිහිවී ඇත්තේ ජීවිතය හා සම්බන්ධවූ අත් දැකීම් මතු කරවමින් බව පෙනී යනු නිසැකය. සිංහල ජනකවිය සිංහලයාගෙන් වෙන් කළ නොහැක්කේ එහි ඇති මේ උසස් ගුණය නිසාය. මහබිනික්මන් කාව්යහයද මෙපරිදි අපේ සිංහල සාහිත්යියට එක්වූ උසස් කෘතියක් බැවින් අපගේ මේ සංස්කරණය සිංහල ගැමි කවියගැන විශේෂ උනන්දුවක් ඇති මෙවැනි අස්ථාවක පාඨකයන් අත තැබීමලැබීම වාසනාවක් කොට සලකමු.


                                                                                                 25


මේ මහබිනික්මන් කාව්ය ය සංස්කරණය කිරීමේදී පිටපත් තුනක් ආධාර කර ගතිමි. පිටපත් තුනෙහි සමහර කව් එකිනෙකට වෙනස් ලෙසින් දක්නට ලැබුණද එයින් ගතට හානියක් නොවන සේ සකස් කෙළෙමි. A පිටපතෙහි අන් පිටපත් දෙකෙහිම නො දක්නා කව් බොහොමයක්ම වූ නුමුත් ඒවා පිටපත්කරුගේ රචනා බව පෙනී ගියෙන් අත් හැරිමි. B සහ O යන පිටපත්හි සමානකම් බොහෝ වූයෙන් ඒ පිටපත් දෙක විශේෂයෙන් ආධාරකර ගතිමි. අක්ෂර අඩු බවක් පෙනෙන නිසා සමහර කව් වෘත්තයක් අනුව ගැයීමට අපහසු බවක් දැනෙතත් පිටපත්වලට එකඟ වෙමින් වෙනස්කම් හෝ අමුතුවෙන් අක්ෂර එකතුකිරීමක් හෝ නොකෙළෙමි.

මහබිනික්මන් කාව්යකයෙහි කවි දෙදහස් ගණනකින් යුත් පිටපතක් පිළිබඳව ආචාය්ය්් පුංචි බණ්ඩාර සන්නස්ගල මහතා තම ‘සිංහල සාහිත්යද වංශය’ නමැති මහඟු ග්රකන්ථයේ සඳහන් කරයි. 1 මෙ කියන අත් පිටපත මම ද පරික්ෂා කර බැලීමි. එහි වූ කාව්යඳ සංඛ්යා ව හේතුකොට ගෙනම එය නියම කෘතියේ පිටපතකැයි සිතිය නොහැකි බව පෙනී ගියේය. පසු කාලයේ දී මේ කව පිටපත් කළවුන් විසින් ගොතා එහි බහාලන ලද කවි රාශියක් නිසා එය මෙසේ දිග්ගැස්සුණේ ය. ආචාය්ය්ා සන්නස්ගල මහතා සඳහන් කරන දැනට දෙගල්දොරුව රජමහා විහාරයේ ඇති මහබිනික්මන් කවෙහි අත් පිටපතින් ම ඊට සාධක ඉදිරිපත් කල හැකිය. “මෙලියූ පින්පුරා” ආදී වශයෙන් කාව්ය්යෙහි අග දක්නට ලැබෙන කව මෙ කියන අත් පිටපතෙහි තුන් පළකම සඳහන් වෙයි. “ලංකාවේ පැරණි සිද්ධස්ථාන නම් ගමින් හඳුන්වා ඒව සිහිපත් කරමින් කළ වන්දනා කව් ගණනාව2 අමුතුවෙන් බහාලන ලද ඒවා බව පැහැදිලි ය. මෙහි අවසානයේ සමනළ ගිර වර්ණ්නා කිරීමට කව් 48 ක් යොදා ඇත්තේය. භේද අමුතුවෙන් එකතු කරන ලද බව

1. සිංහල සාහිත්යි වංශය - පුංචි බණ්ඩාර සන්නස්ගල (1961)

                                       360 පිටේ 2 වැනි අධෝ ලිපිය 

2. එම - 360 පිට


26

කිව යුතු‍ නොවේ. මෙ නයින් බලන කල මෙ කියන අත් පිටපතෙහි මහත් කවි සංඛ්යා වක් අතිරික්ත වශයෙන් යෙදී ඇති බව පෙනීයෙයි. අපගේ සංස්කරණයෙහිලා උපයෝගි කොට ගන්නා ලද C. අත්පිටපතෙහි ද අති රික්ත කවි සෑහෙන සංඛ්ය වක් වෙයි. එහෙත් එය මේ අත් පිටපත පමණ දිග්ගැස්සුණේ නැත. දෙගල්දොරුවේ ඇති අත් පිටපත ඉතා අළුත් එකක් බවද කිව යුතු යි.




මගේ ස්තුතිය

සිංහල සාහිත්යයය ඉතිහාසය පිළිබඳව යටගිය අඳුරු යුගයෙක ලියැවුණු මහබිණික්මන් කව සංස්කරණය කොට මුද්රිණය කරවා ප්රැකාශයට පත් කිරීමට ලැබීම මහත් සතුට කි. ම විසින් ප්රයථමයෙන් මහබිනික්මන් කාව්යටයේ පුස්කොළ පිටපතක් (A පිටපත) සොයා ගන්නා ලද්දේ හඟුරන්කෙතිනි. එහෙත් එය සංස්කරණය කොට ප්ර කාශයට පත් කිරීම. එක පිටපතක් පමණක් ආශ්රකයෙන් කළ නොහැකි. බැවින් ලතවුණු මට ලංකා විශ්ව විද්යාකයේ උපපුස්තකාලයාධිපති කේ.ඩී. සෝමදාස මහතා සකස් කළ පුස්කොළ පොත් නාමාවලියෙන් මේ කාව්යියේ තවත් අත්පිටපත්දෙකක් (B.C) ඇති ස්ථානයක් සොයාගත හැකි විය. ඒ මාතලේ කයිකාවල විහාරය යි. මේ පොත් දෙක පිටපත් කර ගැනීම සඳහා ටික කලකට මා අතට පැවැරූ එම විහාරාධිපති හිමියන්ට මගේ ස්තුතිය හිමිවෙයි. සෝමදාස මහතාගේ පුස්කොළ පොත් නාමාවලිය නිසාම මේ ග්රදන්ථය ප්ර කාශයට පැමිණවිය හැකි විය. මෙහිලා ඒ මහතාගෙන් සිදු වූ සේවය උතුම් කොට සලකමි. සෝදු පත් බැලීමේදී ආධාර කළ සිංහල විශ්වකෝෂයේ සහාය සංස්කාරක ඇස්. ඩබ්ලිව්. ඈපා සෙනෙවිරත්න මහතාට මගේ ස්තුතිය පිරිනැමේ. කාව්ය යේ නිදොස් වියයුතු තැන් බොහොමයක් පෙන්වා දීමෙන් අනුග්රමහ කළ මහාචාය්ය්ු ඩී.ඊ. හෙට්ටිආරච්චි මහතාටත් මගේ ආදර ගෞරවය පුද කරමි. මේ ග්ර්න්ථය මුද්ර ණය කර ප්රආකාශයට පමුණුවාලු සිමාසහිත ඇම්.ඩී. ගුණසේන සමාගමයටද මගේ ස්තුතිය හිමිවේ.

මීට, සී.ඒ. දොන් සෙනෙවිරත්න.

ඊරියගම පේරාදෙණිය. 1962, පෙබරවාරි. 23 වැනිදාය.