මාර්ග වර්ණනා i

Wikibooks වෙතින්

මාර්ග වර්ණනා 1[සංස්කරණය]

59. නොමඳ තෙදැ’ති සිරි පැරකුම් නරපාය

පැ හැ ද සඟන ගෙන හිම් බැඳ ගළපාය

නි බ ඳ පොහොය කරවන ලෙස කළ පාය

ස බ ඳ වඩන දැක නෙත සිත සතපාය


60. වටින නොයෙක් බඩු ඇර ගෙන ඇම දාම

වටින ‍මිලට නොවිකෙට කොට වෙළඳාම

සිටින ලියන් දැක සිහි කර බණ දාම

වඩින කෝම් ගස සෙවණේ නොරඳාම


61. ග ව සා සුනිල් වරලස කුසුම පටියෙන

වෙහෙසා තනන තන රන තිසර පැටියෙන

ස හ සා දිවෙන ලිය දැක තගනු අටියෙන

නොලසා මිතුර යා-ගන් නොසිට යටියන


පැපිලියානේ සුනේත්රාදේවී පිරිවෙන[සංස්කරණය]

62. රිවි නුබ ගැබින් බැස - හෙත සිඳු බැබලියානේ

සකිනුබ ඔ බින් ගොස් වැද - වෙහෙරට පැපිලියානේ


63 පු න් ස ඳ කිරණ එත නුබ ගඟ වතුරු ලෙස

නන්කොඳ කුමුදු සමගව දිලෙත තුරු රැස

දු න් ස ඳ මුනිඳු පුදයට පසඟ තුරු ගොස

ම න් බැ ඳ ලගින් පවුර’ස මියඹ තුරු හිස


64. රඳා මුහුද රත් මිණි කිරණින් වෙසෙස

උදා දිනිඳු රතු කර සිය රැස් සහස

උදා ගිරග වැනුවා මෙන් ඉඳුරු දෙස

එදා අරුණු දිසි සඳ නුඹ ගසින් බැස


65. දිනිතිය දිවයුරුට - අදිතිය අයුරු රිවි කුල

ලෙවු වැ සි ම න් තුටු කර රැඳි සුපිරිසුඳු

ම වු බිසො වුන් උදෙසා අප නිරිඳු සඳු


කරවූ තුනුරුවන - සතු සොඳුරු වන වෙහෙරෙහි


මතු සග මොක් සිදු වන ලෙස මිතුර තට

සිතු සතොසින් සපැමිණ මුනි මැඳුරතට


සු ග ත් පසිඳු ගුණ වැකි මතිනි තුඬ’ගය

ම හ ත් සසර සයුරින් නැඟුණු නිස ගය

කු සි ත් තබා කියමින් මුනිඳු ගුන’ගය

පි නත් බඳුව වැඳ පෙති පිළිම මහ ගය


66. බි තු සිතුවමට ඇඳි පෙලෙන’ දුල අඹ තුරු

අ තු අත රැඳි ගිරවුන් සැටි දැක සොඳුරු

ත තු නොම දැන ලොබ බැඳ වැද නොව නිසරු

සි තු තුටු කර දැක එහි නොයෙක විසිතුරු


67. වසවතු දප් බිඳ බුදු වූ ගුණ නදන

අප දිය බප් මුනි දා ගැබ කර නදන

කල මුළුකප් පවතින ලෙස කළ නඳන

වඳු දහ ගැප් වඳිනා සඳ ‍දින නදන


68. නි ස ග පවග දෙන මුනි උපදිනා දිනේ

ස ම ග ඉපිද පිහිටව පැවත නොමඳිනේ

ලොව’ග පුදද ලද දුම රදුට සබඳිනේ

ස ස ග සැපත් සිදු වන ලෙසට නමඳිනේ


69. එවෙහෙර’තුර රඳන - මනහර මහරු සඟ ගුණ


මෙතින් සොඳුරු පිරිසුදු හිය මගෙහි යොදා

නි ති න් ති-ලෝගුරු හට පිළිවෙතින් පුදා


හර දළ නෙත’ග වන් - හිවි තව තෙදින් බබලන


අ මා කර සුතුරු විනය බිදහම් පෙළ

ත මා නැණ තරිඳු කිරණින් උදම් කළ


නොමඳ වි ය ත් ගඟ රළ වැළ සේ පුබුදූ

නි බ ඳ දි මු ත් සිවු පිරිසුදු සිල් පුරුදු

පැ හැ ද ම හත් මුනි බණ දෙසුමෙහි පසිඳු

නැ ම ඳ සුනෙත් මහදෙව් පිරුවන් තෙරිඳු

"https://si.wikibooks.org/w/index.php?title=මාර්ග_වර්ණනා_i&oldid=4169" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි