විල්ගම්මුළ පබඳ-සිංහල බෝධි වංශයiii

Wikibooks වෙතින්

4. බුද්ධකාරක ධර්ම කථාව[සංස්කරණය]

සියලු දසදහසක් සක්වළැ දෙවියන් විසින්..[සංස්කරණය]

සියලු දසදහසක් සක්වළැ දෙවියන් විසින් දෙතිස් මහා පූර්වනිමිත්ත දැකැ සාධුකාර දෙමින් වීර්ය්න් උපදවමින් සමීපයට අවුත් විශේසයෙන් ස්තුති කරනු ලබන්නාහු, දශබලධාරී වූ බුදු රජාණන් වහන්සේ ගේ වචනය රසා උපන්නා වූ අතිශය වීර්ය්ර් ඇති වැ, බුදුධත්වය සිද්ධකරන්නා වූ ධර්මයෙන් පරීක්ෂා කරන්නෝ සතරදිග යැ උඩ යැ යට යැ යි සියලු දස දික්හි බුද්ධකාරක ධර්මයන් නො දැකැ සන්නානය බලන්නෝ සියලු බෝධිසත්ත්ව වරයන් විසින් නැවත නැවතැ සෙවුනා ලද්දා වූ කරුණෝපාය-කෞශල්යැයෙන් පරිගෘහිත වූ ආත්මෝපකරණ පරිත්යා ග කඅන චේතනා සංඛ්යාකත වූ පළමු දාන පාරමිතාව දැකැ’ තුමූ මැ තමන් හට අවවාද කරන්නා වූ මහා බොධිසත්වයෝ “ සුමේද පණ්ඩිතයෙනි! තෙපි මෙ තැන් පටන් කොටැ කිබිසිනි කොටැ තබනලද පැන් කලයක් පරිද්දෙන් නිරවශේෂ කොටැ ප්රීෙතින් ප්රිබුද්ධ වූ මුඛ පද්ම ඇති වැ, කරුණා පෙරදැරි කොටැ දන් දෙමින් දානපාරමිතාව පුරව” යි තර කොටැ සිත්හි පිහිටුවා චණ්ඩ මාරුතයෙකින් වජූ පර්වතයක් සොල්වාලිය නොහැකි කලක් පරිද්දෙන් මාරයන් සිය ගණනක් විසිනුදු කම්පා කොටැ ලිය නොහැකි කොටැ ඉටා ;


“මේ දාන පාරමිතාව පමනෙකින් මැ සම්ය ක්සම්බෝධි ඥානයට පැමිණෙන්නට නොපිළිවන් වන්නේ යැ” යි පරීක්ෂා කොටැ කරණෝපාය කෞශල්යනයෙන් පරිගෘහිත වූ කාය වාක් සුචරිත හා අකර්තව්යර වීරති කර්තව්යව කරන චේතනාද සඞ්ඛ්යාපත වූ දෙවෙනි වූ ශීල පාරමිතාව දැකැ, “වාලදිය රක්නා වූ සෙමෙර ධේනුවක මෙන් ශීල පාරමිතාව පුරව” යි තර කොටැ ඉටා ;

ඉක්බිත්තෙන් ආදීනව පූර්වාඞ්ඛ්යාතත වූ තුන් වැනි වූ නෛෂ්ක්ර ම්ය; පාරමිතාව දැකැ, “නිරන්තරයෙන් උත්කණ්ඨා බලවත් වූ දභ ගෙයෙක්හි නොඇලෙන කලක් මෙන් සියලු භවයෙහි නො ඇලි නෛෂ්ක්රණම්යූ පාරමිතාව පුරව” යි ඉටා ;

ඉක්බිත්තෙන් ධර්මයන් ගේ සාමාන්යන විශේෂ ලක්ෂණාවබෝධ සඞ්ඛ්යාතත වූ සතර වැනි වූ ප්රලඥා පාරමිතාව දැකැ, “පිඬු සිඟාන්නා වූ සපදන චාරිකාඞ්ගය පුරන්නා වූ භික්ෂුවක්හු මෙන් තම හට උත්තම වූ ද මධ්ය,ම වූ අධම වූ ද නුවණැත්තන් කරා එළඹැ :--

“කිං හන්තේ කුසලං ? කිං අකුසලං ? කිං සාවජ්ජං ? කිං අනවජ්වං ? කිංසේවිතබ්බං ? කිං න සේවිතබ්බං ? කීම්මෙ කයිරමානං දීඝරත්තං අහිතා දුක්ඛාය අස්ස ? කිං චා පන මේ කයිරමානං දීඝ රත්තං හිතාය සුඛාය අස්ස ?” යි--

මෙ සේ කුශලාකුශලාදි වූ පිළිවෙත් විචාරමින් ප්රංඥා පාරමිතාව පුව” යි ඉටා ; ඉක්බිත්තෙන් කාය චිත්තයෙන් පරහිතාරම්හ සඞ්ඛ්යාිත වූ පස් වන විර්ය්කු පාරමිතාව දැකැ, ස්ථාන ගමන ශයනාසනලක්ශණ සලර ඊර්යා්ාර පථයෙහි ඒකාකාරයෙන් පවත්නා වූ දෘඨ වීර්ය්තා ඇති කේශර සිංහ රාජයක්හු පරිද්දෙන් හැම කල්හි මැ ඒකාකාරයෙන් පවත්නා වූ,

“අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදය වායාමෝ, උප්පන්නානං අකුසලානං ධම්මානං පභාණාය වායාමෝ රනුප්පාන්නානං කුසලානං ධම්මානං උප්පාදය වායාමෝ උප්පන්නානං කුසලානං ධම්මානං ඊර්යානං පථයෙහි වායාමෝ” යි---

කියනලද සතර සම්යංක් ප්යාඋප්පන ලක්ෂණ වීර්ය්ශර ඇති වැ වීර්ය් පාරමිතාව පුරව” යි ඉටා ; ඉක්බිත්තෙන් සත්ත්ව සංස්කාරයන් ගේ අපරාධසහනය කරන්නා වූ ද්වේෂ ප්රඉධාන වූ තදාකාර ප්ර්වෘත්ත චිත්තෝත්පාද සඞ්ඛ්යා්ත වූ ස වැනි වූ ක්ෂාන්ති පාරමිතාව දැකැ “ගන්ධමාලාදී වූ පවිත්ර් හා මල මුත්රා්දි වූ අපවිත්ර යන්ගේ ද පැහුමෙහි ඉවැසීම කරන්න‍ා වු භූමිය පරිද්දෙන් ඉෂ්ටානිෂ්ට සත්වයන් විසින් දක්වනලද බහුමාන අවමාන ඉවසා ක්ෂාන්ති පාරමිතාව පුරව” යි ඉටා ; ඉක්බිත්තෙන් විරති චේතනාදි භේද වූ අවිසංවාද ලක්ෂණ වූ සත්වැනි සත්ය පාරමිතාව දැකැ, ‘හිමත් ගිමත් ආදී වූ සියලු සමයෙහි තමා යන්නාවූ වීථිය නොයික්මැ පවත්නා වූ ඹෂධි තාරකාවක් අරිද්දෙන් බස්මුදුනෙහි සණ සිර ගණනක් හෙන කල්හිත් මෘෂාවාදය නො කෙරෙමි’ යි සත්යුපාරමිතාව පුරව” යි ඉටා ; ඉක්බිත්තෙන් අවලාධිෂ්ධාන තදාකර ප්රවවෘත්ත චිත්තෝත්පාද ලක්ෂණ වූ අට වැනි අධිෂ්ඨාන පාරමිතාව දැකැ, “සියලු දිශා භාගයෙන් හමන්නා වූත් පවනින් නිශ්තල වැ මොනවට පිහිටියා වූ පර්වතයක් මෙන් ආත්මාධීෂ්ඨානයෙහි නිශ්චල වැ අධිෂ්ඨාන පාරමිතාව පුරව” යි ඉටා ; ඉක්බිත්තෙන් ලෝකයාහට හිත සැපැ එළැවීම හා අද්වේෂ ලක්ෂණ වූ නව වැනි වූ මෛත්රිඨ පාරමිතාව දැකැ, පිනැත්තනට ද පවැත්තනට ද ඒකාකාර වූ සිහිල් ගුණය දෙන්නා වූ ජලයක් මෙන් සියලු හිතාහිත වූ සත්ත්වයන්ට සම මෙත් පවත්ව මෛත්රීා පාරමිතාව පුරව” යි ඉටා ; මත්තෙහිත් පරීක්ෂා කරන්නේ මධ්යමස්ථාකාර ලක්ෂණ වූ දස වැනි වූ උපේක්ෂා පාරමිතාව දැකැ, “යම් සේ තොප ගේ එක් ශරීරාවයවයක් කිසිවෙක් සුවඳින් ගල්වා ද, එක් ශරීරාවයවයක් කිසිවෙක් වෑයෙන් සසී ද, ඹවුන් දෙදෙනා කෙරේ ප්ර භීත වූ අනූනය ප්රකතිඝ ඇති වැ සුව දුක් දෙකෙහි මැදහත් වැ උපේක්ෂා පාරමිතාව පුරව. ඒ දශපාරමී ධර්මයන් පුරා බෝමැඩ හිඳැ දසදහසක් සක්වළ ඒකනින්නාද කොටැ බුදු වන්නෙහි” යැයි තර කොටැ සිත්හි පිහිටුවා මෙසේ රනේක ප්රදකාර උපමාවෙන් යුක්ත කොටැ දශ පාරමී ධර්මයන් ලක්ෂණ රසාදී විසින් නිශ්චය කොටැ, “මෙයින් මත්තෙහි භූත භවිෂ්යෂද් වර්ථමාන ලක්ෂණ කාලත්ර යවර්ති වූ රන්ය බුද්ධකාරක ධර්ම කෙනෙක් නැතැ” යි නිශ්චය කොටැ “අඞ්ග පරිත්යා්ගය පාරමි නමී වෙයි” සලකා මහ මෙර නැමැති මත ගෙනැ මහා සාගරය අළලන කලක් මෙන් ආදිය පටන් ගෙනැ අන්තය දක්වා ලක්ෂණ රස ප්රරත්යුෙපස්ථාන වශයෙන් සම්මර්ශනය කරන්නා වූ අනුලෝම නය වශයෙන් ද අන්තයෙහි පටන් ආදිය දක්වා සම්මර්ශනය කරන්නා වූ ප්ර තිලෝම නය වශයෙන් ද, මධයෙහි පටන් ගෙනැ ආද්ය න්ත දෙ කෙළවර දක්වා සම්මර්ශනය කරන්නා වූ උත්තෝවර්ධන නය වශයෙන් ද, දෙ කෙළවර පටන් ගෙනැ මධ්යනය දක්වා සම්මර්ශනය කරන්නා වු මධ්යෙසංක්ෂේපය නයින් ද, පළමු වන පාරමිතාව සම්මර්ශනය කොටැ දෙවන පාරමිතාවට බැසැ ක්රකමක් ක්රිමයෙන් දසවන පාරමිතාව දක්වා නැගී පළමු වන පාරමිතාව දක්වා බැසැබැසැ සම්මර්ශනය කරන්නා වූ ගත ප්රළත්යාිගත නයින් දැයි මේ මහා පඤ්චනය වශයෙන් ඒ මහා පුරුෂයා පාරමී ධර්මයෙන් සම්මර්ශනය කොටැ, මතැතක්හු විසින් මඬනා ලද බට කැලයක් මෙන් දිය පොළොව අවසන් කොටැ ඇති මහිය තම්පා කොටැ කුඹල් සකක් මෙන් දසදහසක් සක්වල සිසාරවා උනස්නෙන් නැඟි දිව්යල අසුරයන්ගේ හා නාග සුපර්ණාදීන් ගේ ද කිරීට මාණික්ය් නැමැති ශෛලාසනයෙහි ඇවිදුනා ලද පාපියුම් සෙවණ ඇති මහ බෝසතාණෝ තමන් වසන පන්සලට මැ ගියාහු යැ.


දීපඞ්කර නම් සර්වඥයන් වහන්සේ..[සංස්කරණය]

දීපඞ්කර නම් සර්වඥයන් වහන්සේ ද සාර ලක්ෂයක් ක්ෂීණාශ්රයවයන් වහන්සේ විසින් පිරිවරන ලදු වැ රඹගම් නුවර වාසීන් පුදනු ලබන සේක්, දේවියන් විසන් සුතුති කරනු ලබන සේක්, සරහා පිළියෙළ කරන ලද්දා වූ මාර්ගයෙන් රඹගම් නම් පුරයට වැදැ පණ වන ලද උතුම් වූ බුද්ධාසන මස්තකයෙහි වැඩ වුන් සේකැ. භික්ෂු සඞ්ඝයා වහන්සේ ද තමතමන් වහන්සේට පැමිණියා වූ අසුන්වලැ වැඩහුන් සේකැ. රඹගම් නුවරවාසී වූ උපාසක වරු ද බුදුන් ප්රුධාන කොටැ ඇති භික්ෂූ සඞ්ඝයා වහන්සේට මහ දන් දී භාග්ය වත් වූ සර්වඥයන් වහන්සේ වළඳා නිමවා පාත්රඝයෙන් පහ කරන ලද අතී ඇති නියාව දැනැ ගඳ දුම් මල් පහන් ආදීන් පූජා කොටැ දන්දීමෙහි අනුසස් අසනු කැමැති වැ උන්නාහු යැ. බුදුරජාණන් වහන්සේ ද ඔවුනට අනුමෙ වෙනි ධර්ම දේශනා කරන සේක් :

“දානං තාණං මනුස්සානං දානං බන්ධු පරායණං, දානං ද්ක්ඛාධිපන්නානං සත්තානං පරමා ගති.

යනාදීන් දානාතිසංස කථා ද, “සිලං කිරේස කල්යාාණං සීලං ලෝකේ අනුත්තරං, අරියවුත්ති සමාචාරෝ තේන වුච්චති සීලවා”

යනාදීන් සීලනිසංස කථා ද,

“අයං සග්ගෝ නාම බට්ඨෝ කන්තෝ මනාපෝ ඒකන්ත සුඛෝ” යනාදීන් ශිලයන් ලැබියැ යුතු වූ ස්වර්ගසම්පත්ති කථා ද, ස්වර්ග කථා ශ්රදවණයෙන් කාමයෙහි ලුබ්ධ වූ සත්ත්වයන් හට “අයම්පි සග්ගෝ අනිච්චෝ අද්ධවෝ න එත්ථ ඡන්ර් රාගෝ කාතබ්බෝ” යි කාමයෙහි ආදීනව ද, හීනයන් විසින් සෙවියැ යුතු බැවින් කාමයන්ගේ ලාමක බව ද, ඒ කාමයන් විසින් සත්ත්වයන් කිලුටු වන බැවින් කාමයන් ගේ කිලුටු බව ද, කාමාදීන් හට ප්රතතිපක්ෂ බැවින් හා අනේකානිසංස සිද්ධ නව බැවින් හා ප්රාව්ර්ජ්යා්යෙහි අනුසස් දැයි මේ පිළීවෙළ කථාව ප්රනකාශ කොටැ අමෘත මහා නිර්වාණය කෙළවර කොටැ ඇති ධර්මය දේශනා කොටැ වදාළ සේකැ. මෙසේ ඒ මහා ජනයාට ධරිමදෙශනා කොටැ සමහර සත්ත්ව කෙනෙකුන් ශරීර ශීලයෙහි ද, සමහර සත්ත්ව කෙනෙකුන් පඤ්ච ශීලයෙහි ද, සමහර සත්ත්ව කෙනෙකුන් ස්රෝ තාපත්ති ඵලයෙහි ද, සමහර සත්ත්ව කෙනෙකුන් සකෘදාගාමි ඵලයෙන් ද, සමහර සත්ත්ව කෙනෙකුන් රනාගාමී ඵලයෙහි ද, සමහර සත්ත්ව කෙනෙකුන් සතර මඟ සතර ඵලයෙහි ද, සමහර සත්ත්ව කෙනෙකුන් ත්රිකවිද්යාඵයෙහි ද, සමහර සත්ත්ව කෙනෙකුන්

ෂඬ් අභිඥයෙහි. ද, සමහර සත්ත්ව කෙනකුන් අෂ්ට සමාපත් තියෙහිද පිහිටුවා උන්ස්නෙන් නැඟි රම්ය නම් පුරයෙන් නික්මැ සුදර්ශන මහා වීහාරයට මැ වන්සේකැ .

එහෙයින් කීයන ලද :-

තදා තේ භොජයිත්වාන සසඬිඝං ලෝකතායකං උපගඤ්ඡුං සරණං තස්ස දිපඬිකස්ස සත්ථුනෝ

සරණාගමනේ කිඤ්චි නිවේසේති තථාගනෝ කීඤ්චි පඤ්චසු සීලේසු සීලේ දසවීධේ පරං

කස්සවි දේති සාමඤ්ඤං ව‍තුරෝ එලමුත්තමේ. කස්සවි අසමේ ධම්මෙ දේති සෝ ෂටිසම්හිදා.

කස්සවි වරසමාපත්තියෝ අට්ඨ දෙති නරාසහෝ. තිස්සෝ කස්සවි විජ්ජායෝ ජළහිඤ්ඤා පවෙව්ඡති.

තේන යෝගේන ජනකායං ඕවදේති මහාමුනි. තේන වීත්ථාරිකං ආසි ලෝකතාථස්ස සාසතං

මහාභනුයහක් ඛන්ධෝ දීපඬ්කර සනාමකෝ. බහුජනේ තාරයති පරිමෝවේති දුග්ගතිං.

බෝධනෙය්යංර ජනං දිස්වා සතසහස්සේපි යෝජනේ , ඛණේන උපගන්ත්වාන ඛෝධේති තං මහාමුනි යි.

මෙසේ පුළිල රුක් මුල්හි වැඞහිඳැ බුදු වු ඒ දිඬිකර සර්වඥයන් වහන්සේ අවුරුදු ලක්ෂයක් මුළුල්ලෙහි වැඩ සිටැ සත් යන්සංසාර බන්ධනයෙන් මුදමීන් සියලු බුද්ධ කෘත්යඩයන් කොටැ නිමවා සුනන්දා රාමයෙ හි දි නිරුපධිශේෂයක් නිර්වාණ ධාතුයෙන් පරිනිවන් පෑ සේක.


5 .අවශේෂ වීවරණ කථාව[සංස්කරණය]

ඉක්බීත්තෙන් සමස්ත ලෝකය ආලොක කිරීමට ප්රනධාන ප්රෑදිපයක් බඳුවු දීපඬ්කර නම් සර්වඥයන් වහන්සේට මෑත භගයෙහි එක් අසඞ්ඛ්යදයක් කප් ඉක්මැගිය කල්හි කොණ්ඩඤ්ඤ නම් සර්වඥ කෙනෙකුන් වහන්සේ ලෝකයෙහි පහළ වුසේකැ. එසමයෙහි පුරන


'අභිසම්බෝධි කථා"[සංස්කරණය]

ලද බෝධිසම්භාර ඇති අප මහ බෝසතාණෝ විජිතාවී නම් චක්රෙවර්ත්ති රජ වැ කෙළ ලක්ෂයක් පමණ බුදුපාමෙ‍ාක් මහා සඬඝයා වහන්සේට මහදන් දුන්නාහු යැ. ඒ කොණ්ඬඤ්ඤ නම් සර්වඥයන් වහන්සේ ‘‘බොධිසත්ත්වයන් බුදුවෙති’’යි වීවරණ දී ධර්මදේශනා කළ සේකැ . ඒ බොධිසත්ත්වයෝ බුදුන් ගෙන් ධර්ම දේශනාව අසා රාජ්යණය පාවා දි මහණ වැ තුන් පිටකය ඉගෙනැ පඤ්වාහිඥා අෂ්ටසමාපත්ති උපදවා නොපිරිහුණා ධ්යාටන ඇතිවැ බ්රඥහ්ම ලෝකයෙහි උපන්නාහු යැ. සල්කලණ බෝරුක් මුල්හි වැඬහිඳැ බුදු වු ඒ කොණ්ඩඤ්ඤ නම් සර්වඥයන් වහන්සේ ද අවුරුදු ලක්ෂයක් මුළුල්ලෙහි වැඩසිටැ සියලු බුද්ධ කෘත්ය ය කොටැ චන්ද්රාවරාමයෙහි දි පිරිනිවන් පෑ සේකැ.


ඉක්බිත්තෙන් ඒ සර්වඥයන් වහන්සේට මෑත භාගයෙහි එක් අසංඛ්ය්යක් කප් ඉක්මැ ගිය පසු එක මැ කල්පයෙක්හි මඬිගල යැ , සුමන යැ, රේවත යැ , සෝහිත යැයි බුද්ධ දිවාකරයෝ සතර දෙනෙක් ලෝකයෙහි පහළ වු හ. ඔවුහන් අතු රින් මඩ්ගල නම් බුදුන් සමයෙහි කරුණ නිධාන වු අපමහ බෝසතාණෝ සුරුවි නම් බ්රාමහ්මණ වැ බුදුන් පවරමින් සමිපයට එළඹැ මියුරු වු ධර්ම දේශනා අසා දෙවෙනි දවසට පවරා , කෙළ ලක්ෂයක් බුදු පාමොක් මහ සඟ පිරිසට සතියක් මුළුල්ලෙහි ගවපාන නම් දානයක් දුන්නාවු යැ. බුදුහු අනුමෙවෙති ධර්ම දේශනා කරන සේක් ‘ මේ මහා පුරුෂයා දෙයසංඛ්යද කල්ප ලක්ෂයෙකින් මත්තෙහි ගෞතම නම් බුදු වන්නේ යැ’’ යි වීවරණ දී වදළ සේකැ . මහා පුරුෂ තෙම් විවරණ අසා ‘ ‘මම වු කලි බුදු වෙම් ල. එහෙයින් මට ගිහිගෙහි විසිමෙන් ප්රවයෝජන නැත . මහණ වෙමි’’ යි සිතා එඳු වු සම්පත්තිය අලුයලම දැමු කෙළ පිඩක් මෙන් හැරැ බුදුන් සමිපයෙහි මහනණ වැ බුඬ වචනය ඉගෙනැ පඤ්චාහිඥ අෂ්ටසමාපත්ති උපදවා ආයු කෙළවර බ්ර හ්ම ලෝකයෙහි උපන්නේයැ.නාගශ්රීව බෝමුල්හි වැඩගිදැැ බුදු වු ඒ් මඬගල නම් සර්වඥයන් වහන් මෑත භාගයෙහි සුමන නම් සවර්ඥ කෙනකුන් වහන්සේ ලෝකයෙහි පහළ වු සේකැ - ථසමයෙහි තුත් ලොවට තිලකාභරණ යක් බඳු වු මහා බොධිසත්ත්වයෝ මහත් වු සෘඬ්ය නුභාව ඇති අතුල නම් නාග රාජ වැ ඉපිදැ ‘ ‘ බුදුහු ලෝකයෙහි පහළ වු සේකැ’’ යනු අසා බන්ධු සමුහයා විසින් පිරිවරන ලදු වැ. නාග භවයෙන් නික්මැ කෙළ ලක්ෂයක් භික්ෂුන් වහන්සේ පිරිවර කොටැ ඇති සර්වඥයන් වහන්සේට දිව්ය පඤ්චාඞ්ගික තූර්ය්න්ස නාදයෙන් පුජා කරනවා මහ දන්දි බුදු පාමොක් මහ සඟ පිරිසට වෙන වෙන මැ දිවසළු සහළ බැගිත් දන් දි ශරණ . ශීලයෙහි පිහිටියාහු යැ. ඒ සර්වඥයන් වහන්සේ ද ‘ ‘අනාගතයෙහි බුදු වෙති’’යි වීවරණ දුන් සේකැ.

නාගශ්රී බෝමුල්හි මැ වැඩහිඳැ බුදු වු ඒ සර්වඥියන් වහන්සේට මැත භාගයෙහි රේවත නම් සර්වඥයන් කෙනෙකුන් වහසේට ලෝකයෙහි ප හළ වු ෙස්කැ. ඒසමෙයහි ෙබා්ධි ස්ත්ත්වෙයෝ අතිදේව නම් මෑත භාගයෙහි රේවත නම් සර්වඥ කෙනෙකුන් වහන්සේ ලෝකයෙහි පහළ වු සේකැ . එසමයේ බොධි ස්ත්ත්වයෝ අති දේව නම් බ්රාමහ්මණ වැ බුදුන් ගෙන් බණ අසා ශරණ ශලයෙහි පිහිටා දොහොත් මුදුනෙහි බැඳැ බුදුන් ගෙන් කෙලෙසුන් පැහිමෙහි ගුණ අසා උතුරු සළුයෙන් පුජා කළාහු යැ. ඒ සර්වඥයන් වහන්සේ ද ‘ ‘අනාගත යෙහි බුදු වෙති’’ යි විවරණ දුන් සේකැ.

නාගශ්රිඥ බෝමුහි මැ වැඩහිඳැ බුදු වු ඒ බුදුනට මෑත භගයෙහි සෝහිත නම් සර්වඥ කෙනෙකුන් වහන්සේ ලෝකයෙහි පහළ වු සේකැ. එසමයෙහි බෝධිසත්ත්වයෝ සුජාත නම් බ්රාහහ්මණ වැ බුදුන්ගේන් බණ අසා ශරණ ශිලයෙහි පිහිටා බුදු පාමොක් මහ සඟපිරිසට මහ දන් දුන්නාහු යැ’. යි විවරණ දුන් සේක.

නාගශ්රි බෝමුල්හි මැ වැඬහිඳැ බුදු වු ඒ සෝහිත නම් බුදුන් හට මෑත භාගයෙහි එක් අසංඛ්යලයක් කප් ඉක්මැ එක මැ කල්පයෙක්හි අනෝමදස්සි යැ , පමුම යැ, නාරද යැ යන සර්වඥවරයෝ තුන් දෙනෙක් උපන්නාහු යැ. අනොමදස්සි නම් බුදුන් සමයෙහි අප මහ බොසතාණෝ මහත්වු සෘද්ධානු භාව ඇති යක්ෂ සේනාධිපති වැ ඉපිදැ කෙළ ලක්ෂයක් යක්ෂයනට නායක වැ ‘ ‘ බුදුහු ලෙකයෙහි උපන් සේකැ’’ යනු අසා අවුත් බුදුන් ප්ර ධාන කොටැ ඇති භික්ෂු සංඝයා වහන් සේට මහ දන් දුන්නාහු යැ . ඒ සර්වඥයන් වහන්සේ ද ‘ ‘අනාගතයෙහි බුදු වන්නේ යැ’’ යි ව්වරණ දුන් සේකැ.

කුඹුක් බෝරුක් මුල්හි වැඩහිඳැ බුදු වු ඒ අනෝමදස්සි නම් බුදුනට මෑත භාගයෙහි පදුම නම් සර්වඥ කෙනකුන් වහන්සේ ලොව පහළ වු සේකැ . ඒ. සර්වඥයන් වහන්සේ අග්රාපමකාරණ්යමයෙවහි වසන කල්හි බොධිසත්ත්ව තෙම් සිංහරාජ වැ ඉපිදැ නිරෝධ සමාප්තියට සමවන්නා වු බුදුන් දැකැ ප්ර සන්න වු සිත් ඇති වැ වැඳැ පැදකුණූ කොටැ හට ගත්තා වු ප්රි්ති සොම්නසින් තුන්යළක් සිංහ නාද කොටැ , සතියක් මුළුල්ලෙහි බුද්ධාලම්බන ප්රිොති නො හැර ප්රිනති සැපයෙන් මැ ගොදුරු පිණිසැ ද නො ගොස් ජිවිත පරිත්යා‍ග කොටැ උපසථන කෙරෙමින් සිටියේ යැ .සර්වඥයන් වහන්සේ සතියක් ඇවෑමෙන්නිරෝධ සමාපත්තියෙන් නැගි සිංහයා බලා ‘භික්ෂුසංඝයා කෙරෙහිත් සිත පහදවා සංඟයා බලා ‘භික්ෂු සංඝ තෙමේ ඒවා’ යි සිතු සේකැ. භික්ෂුන් වහන්සේත් එකෙණෙහි මැ ආ සේකැ.සිංහ රාජයා සංඝයා කෙරෙහින් සිත පැහැද වුයේ යැ . සර්වඥයන් වහන්සේ ඔහු ගේ අභිප්රාආය බලා ‘ ‘අනගතයෙහි බුදු වන්නේයැ’’ යි විවරණ දුන් සේකැ.

හුණ බෝරුක් මුල්හි වැඩහිඳැ බුදු වු ඒ පදුම නම් බුදුනට මෑත භාගෙභාගයෙහි නාරද නම් බුදු කෙනතුන් වහන්සේ ලොව පහළ වු සේකැ , එසමයෙහි බෝධි සත්ත්වයෝ සෘෂි ප්ර වුජ්යාළවෙන් පැවිදි වැ පංචාහිඥ අෂ්ටසමාප්තියෙහි පුරුදු කරනලද සත් ඇති වැ බුදු පාමොක් මහසඟ පිරිසට මහ දන් දි රන් සඳුනෙකින් පුජා කළහු යැ. ඒ සර්වඥයන් වහන්සේ ද ‘ ‘අනාගතයෙහි බුදු වෙති’’ යි විවරණ දුන් සේකැ.


හුණ බෝරුක්හි මැ වඩහිදැ බුදු වු ඒ නාරද නම් බුදුනට මැත භාගයෙහි එක් අසංබ්යවයක් කප් ඉක්මැ මෙයින් කප් ලක්ෂ්යභ යෙකින් මත්තෙහි එක් කල්පයෙකැ එක මැ පියමතුරා නම් සර්වඥ කෙනකුන් වහන්සේ ලෝකයෙහි පහළ වු සේකැ . එසමයෙහි අප මහ බෝසතාණෝ ජටිල නම් මහරැටි වැ බුදු පාමොක් මහා සංඝයා වහන්සේට සිවුරු සහිත වු මහ දන් දුන්නාහු යැ . ඒ සර්වඥයන් වහන්සේ ‘ ‘අනාගතයෙහි බුදු වන්නේයැ’’ යි විවරණ දුන් සේකැ.


සල් බෝරුක් මුල්හි.[සංස්කරණය]

සල් බෝරුක් මුල්හි වැඩහිඳැ බුදු වු ඒ පියුමතුරා නම් සර්වඥයන් වහන්සේට මෑන භාගයෙහි තිස් දහසක් කප් ඉක්මැ එක් කල්පයෙක්හි සුමෙධ යැ, සුජාත යැයි බුද්ධ දිවකරයෝ දෙදෙනෙක් ලෝකයෙහි පහළ වු හ. සුමෙධ ගනම් බුදුන් සමයෙහි මහ බෝධි සත්ත්ව තෙම උත්තර නම් මානවක වැ නිධාන කොටැ තබන ලද්දා වු අසුකෙළක් ධන වියදම් කොටැ බුද පාමොක් මහසඟ පිරිසට මහ දන් දි බණඅසා ශරණ ශිලයෙහි පිහිටා ගිහි ගෙන් නික්මැ මහණ වි යෑ. ඒ සර්වඥයන් වහන්සේ ද ‘ ‘අනාගතයෙහි බුදු වන්නේ යැ’’ යි විවරණදුන් සේක.


බක්මි බෝරුක් මුල්හි වැඩහිඳැ බුදු වු ඒ සුමේධ නම් බුදුනට මෑත භාගයෙහි සුජාන නම් සර්වඥ කෙනකුන් වහන්සේ ලෝකයෙහි . පහළ වු සේකැ , එසමයෙහි බෝධි සත්ත්වයෝ සක්විති රජ වැ ‘ ‘බුදුහු ලෝකයෙහි උපන් සේකැ’’ යනු අසා සමිපයට එළැඹැබණ අසා බුදුන් ප්රයධාන කොටැ ඇති භික්ෂු සංඝයා වහන්සේට සත්රුවන් හා සමඟ සතර මහාද්විපයෙහි රාජ්යොය ද දි මහණ වු හ. සියලු රාජ්යස වාසිහු රටින් උපන් අය ගෙනැ ආරම්ක කෘත්යැය සිද්ධ කෙරෙමින් බුදු පාමොක් මහ සහ පිරිසට නිරතරයෙන් මහදන් දුන්නාහු යැ. ඒ සර්වඥයන් වහන්සේත් ‘ අනාගතයෙහි බුදුවන්නේ යැ’’ යි විවරණ දුන් සේක.

උණ බෝරුක් මුල්හි වැඩහිඳැ බුදු වු ඒ සුජාත නම් සර්වඥයන් වහන්සේට මෑත භාගයෙහි මෙයින් එක්සිය අටළොස් කපෙකින් මත්තෙහි එක් කල්පයෙක්හි පියදස්සි යැ. අත්ථදස්සි යැ .ධම්මදස්සි යැයි සර්වඥවරයෝ තුන් දෙනෙක් උපන්නාහු යැ. පියදස්සි යැයි සර්වඥවරයෝ තුන් දෙනෙක් උපනාහු යැ. පියදස්සි නම් බුදුන් සමයෙහි මහ බෝසතාණෝ කාශ්යනප නම් මාණවක වැ වෙද ත්‍රයයෙහි පර නෙරට පැමිණැ , බුදුන් ගෙන් බණ අසා කෙළ ලක්ෂයක් ධන වියදම් කොටැ සංඝාරාමයක් කරනවා බුදුනට පිළිගන්වා සරණ ශිලයෙහි පිහිටියාහු යැ. ඉක්බිත්තෙන් සර්වඥයන් වහන්සේ ‘ ‘මෙතෙම එක්සිය අටළොස් කපෙකින් මත්නෙහි බුදු වන්නේයැ’’ යි විවරණ දුන්


පුවඟු බෝරුක් මුල්හි වැඩහිඳැ බුදු වු ඒ පියදස්සි නම් සර්වඥයන් වහන්සේට මෑත භාගයෙහි අත්ථදස්සි නම් සර්වඥ කෙනකුන් වහන්සේ ලෝකයෙහි පහළ වු සේකැ . එසමයෙහි බෝධිසත්ත්ව යෝ මහත් වු සෘඬ්යහනුභාව ඇති සුසිම නම් තාපස වැ බුදුන් ගෙන් බණ අසා පැහැදැ දිව මඳාරා මල් හා පියුම් පරසතු කොබලිල ආදි වු මල් ද ගෙනවුත් සතර මහද්වීපයෙහි එක පැහැරැ වස්නා වු මහා මේඝයක් මෙන් මල් වර්ෂා වස්වා හාත්පසින් මල් මණ්ඩප, මල් ඇගැ , මල් තොරණ , ආදිය කොටැ මදාරා මල් කුඩයෙකින් බුදුරජාණන් වහන්සේට පුජා කළාහු යැග. ඒ සර්වඥයන් වහන්සේ ද ‘ ‘අනාගතයෙහි ගෞතම නම් බුදුවෙති’.යි විවරණ දුන් සේකැ.


සපු බෝරුක් මුල්හි වැඩහිඳැ බුදු වු ඒ අත්ථදස්සි නම් සර්වඥයන් වහන්සේට මෑත භාගයෙහි ධම්මදස්සි නම් බුදු රජණ කෙනෙකුන් වහන්සේ ලෝකයෙහි පහළ වු සේකැ . එසමයෙහි බෝධිසත්ත්ව යෝ සක්දෙව් රජ වැ දිව සුවද, දිවමල් , දිවදුම්, දිව පහන් ආදියෙන් ද. දිව්යීමය වු පංචාංගික තූය්ය නාදයෙන් ද පුජා කළාහු යැ. ඒ සර්වඥයන් වහන්සේත් ;; අනගතයෙහි බුදුවන්නේ යැ’ යි විවරණ දුන් සේකැ.


රන්කරවු බෝරුක් මුල්හි වැඬැහිදැ බුදු වු ඒ ධම්මදස්සි නම් බුදුනට මෑත භාගයෙහි සුවානු කපෙකින් මත්තෙහි එක් කල්පයෙකැ එක මැ සිද්ධාර්ත්ථ නම් සර්වඥකෙනකුන් වහන්සේ ලෝකයෙහි පහළ වු සේකැ. එසමයෙහි බෝධිසත්ත්වයෝ උග්රු තේජස් ඇති අභිඥාබලයෙන් යුක්ත වු මංගල නම් තාපසවැ මහ දඹ දිවට සලකුණවු සියක් යොදුන් උස ඇති මහ දඹ ගයින් දඹගෙනවුන් සර්වඥයන් වහන්සේට පිළිගැන්වු හ . බුදුරජාණන් වහන්සේ ඒ දඹ වළදා ‘ ‘මෙයින් සුවානු කපෙකින් මත්තෙවහි බුදු වන්නේ යැ’’යි විවරණ දුන් සේකැ.

කිණිහිරි බෝරුක් මුල්හි වැඩහිඳැ බුදු වු ඒ සිද්ධාර්ථ නම් සර්වඥයන් වහන්සේට මෑත භාගයෙහි මිට දෙයානු කාපෙකින් මත්තෙහි එක් කල්ප‍යෙකැ තිස්ස යැ එස්ස යැයි සර්වඥ වරයෝ දෙදෙනෙක් උපන්නාහු යැ. තිස්ස නම් බුදුන් සමයෙහි මහ බෝසතාණෝ මහත් වු සම්පත් හා මහත්වු යස පිරිවර ද ඇති සුජාත නම් රජ වැසෘෂි ප්රතවුජ්යා වෙන් පැවැදි වැ මහත් වු සෘධ්යාරනුභාවයට පැමීණැ ‘ ‘බුදුහු ලෝකයෙහි පහළ වුසේකැ’’ යනු අසා දිව මඳාරාමල් හා දිවපියුම් පරසතු කොබලිල ආදිවුමල් ගෙනවුන් සිවුවණක් පර්ෂද් මධ්ය්යෙහිවඩනා සර්වඥයන් මහන්සේට පුජා කළාහු යැ. ඒ පුජාවට දැමු මල් ආකාශයෙහි මල්වියනක් මෙන් සිටියේ යැ. ඒ සර්වඥයන් වහන්සේත් ‘ ‘මෙයින් දෙයානු කපෙකින් මත්තෙහි බුදු වන්නේ යැ’’යි විවරණ දුන් සේකැ.

පියා බෝරුක්මුලුල්හි වැඩහිඳැ බුදු වු ඒ තිස්ස නම් සර්වඥයන් වහන්සේට මෑතැ භාගයෙහි ඵුස්ස නම් සර්වඥ කෙනකුන් වහන්සේ ලෝකයෙහි පහළ වු සේකැ . එසමයෙහි බෝධිසත්ත්වයෝ විජිතාවි නම් රජ වැ මහත් වු රාජ්යැය හැරැ බුදුන් සමීපයෙහි මහණ වැ තුන් පිටකය ඉගෙනැ මහා ජනයාට ධර්ම දෙශනා කොටැ ශීල පාරමිතාවන් පිරුවාහු යැ .ඒ සර්වඥයන් වහන්සේ ‘ ‘ අනාගතයෙහි බුදුවන්නේයැ’’යි විවරණ දුන් සේකැ.

නෙල්ලි බෝරුක් මුල්හි වැඩහිඳැ බුදු වු තිස්ස නම් ඒ සර්වඥයන් වහන්සේට මෑත භාගයෙහි , මෙයින් ඒකානු වන කපැ විදර්ශී නම් සර්වඥ කෙනකුන් වහන්සේ ලෝකයෙහි පහළ වු සේකැ. එසම යෙහි බෝධිසත්ත්වයෝ මහත් වු සෘද්ධ්යුනුභාව ඇති අතුල නම් නාග රාජ වැ සත්රුවන් කර්මන්ත කළ සවර්ණ මහා පීඨයක් බුදු රජාණන් වහන්සේට පිළිගැන්වුවාහුයැ. ඒ සර්වඥයන් වහන්සේන් ‘ ‘මෙයින් ඒකානු කපෙකින් මත්තෙහි බුදු වන්නේ’’ යැයි වීවරණ දුන් සේකැ.


පළොල් බෝරුක් මුල්හි වැඩහිඳැ බුදු වු ඒ වීදර්ශ නම් සර්වඥයන් වහන්සේට මෑත භාගයෙහි මිට එක්තිස් වන කපැ සිඛි යැ වෙස්සභු යැයි බුද්ධ දිවාකරයෝ දෙදෙනෙක් ලෝකයෙහි පහළ වු හ. සිබි නම් බුදුන් සමයෙහි බෝධිසත්ත්වයෝ අරින්දම නම් රජ වැ බුදු පාමොක් මහ සඟ පිරිසට සිවුරු සහිත වු මහ දන් පවත්වා , සත් රුවනින් හෙබියා වු ඇත් රුවන දන් දී ඇතු උසට කප්පිය භාණ්ඩ දුන්නාහු යැ. ඒ සර්වඥයන් වහන්සේ ද ‘ ‘මෙයින් එක් තිස් කපෙකිත් මත්තෙහි බුදු වන්නේ යැ’’යි විවරණ දුන් සේකැ.

ඇටඹ බෝරුක්මුල්හි වැඩහිඳැ බුදු වු ඒ සිබි නම් සර්වඥයන් වහන්සේට මෑත භාගයෙහි වෙස්සභු නම් සර්වඥ කෙනකුන්වහන් සේ ලෝකයෙහි පහළ වු සේකැ . එසමයෙහි බෝධිසත්ව තෙමෙ සුදර්ශන නම් රජ වැ බුදුපාමොක් මහ සඟ පිරිසට මහ දන් දි බුදුන් සමිපයෙහි මහණ වැ ආවාර ගුණයෙන් යුක්ත වැ බුද්ධශාසනයෙහි ආදර ප්රිනති බහුල වුයේ යැ . ඒ සර්වඥයන් වහන්සේ ද ‘ ‘මෙයින් එක් තිස් කපෙකින් මත්තෙහි බුද වන්නේ යැ’’ යි විවරණ දුන් සේකැ.


සල් බෝරුක්මුල්හි වැඩහිඳැ බුදු වු ඒ වෙස්සභු නම් සර්වඥයන් වහන්සේට මෑත භාගයෙහි - එක් බුදු කෙනකුන් උපදනා කප සාර කල්ප නම් වෙයි . දෙදෙනකුන් උපදනා කප මණ්ඩ කල්ප නම් වෙයි . තුන් දෙනකුන් උපදනා කපවර කල්ප නම් වෙයි . සතර දෙනෙකුන් උපදනා කප සාරමණ්ඩ කල්ප නම් වෙයි . සතර දෙනකුන් උපදනා කප භද්රසකල්ප නම් වේ. දැන් මේ කපැ මෛත්රෙ ය තථාගතයන් ඇතුළු වු බුදුහු පස් දෙනෙක් වෙති . එහෙයින් මේ භද්රෙකල්ප නම් වියැ.-පස් බුදු කෙනකුන් ගෙන් උතුම් වු මේ භද්රැකල්පයෙහි කකුසඳ යැ . කෝනාගමන යැ , කාශ්යුප යැයි සර්වඥවරයෝ තුන් දෙනෙක් ලෝකයෙහි පහළ වු හ. ක කුසඳ නම් බුදුන් සමයෙහි මහබෝසතා ණෝ ඛෙම නම් රජ වැ බුදුන් ප්රහධාන කොටැ ඇති භික්ෂු සංඝයා වහන්සේට පාත්ර් සිවුරු සහිත වු මහ දන් හා අඳුන් ආදි වු බෙහෙත් බඩු දන් දී බුදුන් ගේන් බණ අසා මහණ වුවාහු යැ . ඒ සර්වඥයන් වහන්සේත් ‘ ‘අනාගතයෙහ‍ි බුදුවන්නේ යැ’’ යි වීවරණ දුන් සේකැ.


මහරි බෝරුක්මුල්හි වැඩහිඳැ බුදු වු ඒ කකුසඳ නම් සර්වඥයන් වහන්සේට මෑත භාගයෙහි කෝනාගමන නම් සර්වඥ කෙනකුන් වහන්සේ ලෝකයෙහි පහළ වු සේකැ . එසමයෙහි බෝධිසත්ත්ව යෝ පර්වත නම් රජ වැ අමාත්යු සමුහයා වීසින් පිරිවරන ලදු වැ බුදුන් සමිපයට ගොස් බණ අසා බුදුන් ප්රකධාන කොටැ ඇති භික්ෂුසංඝයාට ආරධනා කොටැ මහ දැන් පවන්වා ,පත්තුණණ දේශයෙහි පිළි ද චීනදේශයෙහි වු පිළි ද තිහිරි පිළි ද පලස් හා දුහුල් පිළි ද රන් කම් කළ පට පිළි ද දන් දි බුදුන් සමිපයෙහි මහණ වුවාහු යැ .ඒ සර්වඥයන් වහන්සේ ද ‘ ‘අනාගතයෙහි බුදු වන්නේ යැ’’ යි විවරණ දුන් සේකැ .

දිඹුල් බෝරුක් මුල්හි වැඩ හිඳැ බුදු වු කෝනාගමන නම් ඒ සර්වඥයන් වහන්සේට මෑත භාගයෙහි කාශ්යුප නම් සර්වඥ කෙනකුන් වහන්සේ .ලෝකයෙහි පහළ වු සේකැ . එසමයෙහි බෝධිසත්ත්වයෝ ජෝතිපාල නම් මාණවක වැ වෙද ත්රවයයෙහි පරතෙරට පැමිණැ භුමීයෙහි හා ආකාශයෙහි ද ප්ර සිද්ධ වැ ඝටිකාර නම් කුම්භකාරයාට මිත්රහ වුවාහු යැ; ඒ බෝධිසත්ත්වයෝ ඝටිකාර නම් කුම්භකාරයා හා සමඟ බුදුන් කරා එළඹැ බණ අසා මහණ වැ වඩනාලද වීය්ය ඇති වැ තුන් පිටකය ඉගෙනැ , වතාවන් සමෘද්ධියෙන් බුදු සසුන් බැබැළැ වුවාහු යැ. ඒසර්වඥයන් වහන්සේ ද ‘ ‘අනාගතයෙහි ගෞතම නම් බුදුවන්නේ යැ’’යි විවරණ දුන් සේකැ.

මෙසේ දිපංකරාදි වු සුවීස්සක් පමණ සර්වඥවරයන් ගෙන්..[සංස්කරණය]

මෙසේ දිපංකරාදි වු සුවීස්සක් පමණ සර්වඥවරයන් ගෙන් ලබන ලද විවරණ ඇති ඒ මහා බෝධිසත්ත්වයෝ අවීවිය යැ. ලෝකාත්තරි කය යැ, තිඬ්යාිමතාෂ්ණිකා නම් ප්රේවතයෝනිය යැ , කාලකඤ් ජක අසුරයෝනිය යැ, වටුකුරුල්ලනට කුඬා තිරිසන් යෝනි යැ, අසඥසත්න්ව යැ, ශුද්ධාවාසයෙහි උත්පත්ති යැ, ජාත්යනන්ධතා යැ, ජාති බධිරතා යැ, ජාතිමුගතා යැ, ස්ත්රීතභාව යැ, උභතෝබ්යධඤ් ජනකභාව යැ. පණ්ඩකභාව යැ සෝවාන් ආදි නොවන බැවින් වර්තමානයෙහි ප්ර ය්යාැපත්න නොවන බව යැ , පංචානන්තරියකර්ම යැ , හැමනැන්හි අශුඬ ගෝචරතා ය, මිථ්යාැදෘෂ්ටි යැ, කර්ම ක්රීියාවන් ගේ අදර්ශනයැ , යන මේ අටළොස් අභව්යම සථානයන් කරා නො පැමීණැ සස ජාතකය, සංණඛපාල ජානකය, වුලසුතසෝම ජාතකය, සන්තුහස්ත්රස ජාතකය , මහජනක ජාතකය, ක්ෂාත්තිවාද ජාතකය, මහා සුතසෝම ජානකය, මුගපක්බ ජාතකය, එකරාජ ජාතකය. ලෝමහංස ජාතකය යන මේ ආදි වු ජාති ජාති කෝටි ශතසහශ්ර,යෙහි අංග පරිත්යාතගය , ධන පරිත්යා ගය , ජිවිත පරිත්යාතගය කරන්නෝ ; දාන පාරමීතා යැ, දාන උපපාරමී තා යැ , දාන පරමාර්ථ පාරමීතා යැ , ශිල පාරමිතා යැ ශිල උපපාරමී තායැ , ශිල පරමාර්ථ පාරමිතා යැ, නෛෂ්ක්රෝම්යය පාරමිතා යැ නෛෂ්ක්ර ම්ය උපපාරමිතා යැ , තෛෂ්ක්ර්ට්යර පරමාර්ථ පාරමිතා යැ , ප්ර්ඥපාරමීතා යැ , ප්රයඥ උපපාරමීතා යැ, ප්රපඥ පර්මාර්ථ පාරමිතා යැ, වීය්ය්පාරමීතා යැ. වීය්ය උපපාරමිතා යැ, වීය්යැ පාරමාර්ථ පාරමිතා යැ , ක්ෂාන්ති පාරමීතා යැ, ක්ෂාන්නි උපපාරමිතා යැ, ක්ෂාන්ති පර්මාර්ථ පාරමිතා යැ , සන්ය. පාරමීතා යැ , සත්යන උපපාරමීතා යැ. සත්යය පර්මාථ අධිෂ්ඨ පරමිථ පාරමීතා යැ . මෛත්රීී පාරමිතා යැ . මෛත්රිර උප පාරමීතායැ , මෛත්රී පරමාර්ථ පාරමීතා යැ, උපේක්ෂා පාරමීතා යැ,උපේක්ෂා උපපාරමීතා යැ , උපේක්ෂා පරමාර්ථ පාරමීතා යැ යන මේ සමත්රිං ශත් පාරමී ධර්මයන් පුරා ධජවීහෙට්ඨ ජාතකාදි අනේක ජන්ම කෝටි ශතසහශ්රරයෙහි ලෝකාර්ථවය්යාාව පිරුවෝයැ, භද්රර සාල ජාතකාදි අනේක ජන්ම කොටි ශතසහශ්රෙයෙහි ඥත්යාර්ථවය්යාිව පිරුවෝ යැ. මහා උම්මග්ග ජාතකාදි අනේක ජන්ම කෝටි ශතසහශ්රඥයෙහි බුද්ධි චය්යාහව පිරුවෝ යැ ‘ ‘ යි මේ ත්රිකවිධ වු චය්යාරවන් ද පුරා ‘ ‘සිව් ජාතකාදි අනේක ජන්ම කෝටිශතසහශ්රකයෙහි අඬගපරිත්යායග කළහ. සස ජාතකාදි අනෙකාදි අනේක ජන්ම කෝටි ශතසහශ්රවයෙහි වර ධන පරිත්යාදග කළහ. වෙස්සන්නර ජාතකාදි අනේක ජන්ම ෙකා්ටි ශතසහශ්රෙෙයහි පුත්රදදාර පරිත්යාසග කළහ’’ යි ෙම් පංච මහා පරිත්යාටගයන් ද පරිත්යා ග ෙකාටැ ෙවස්සන්තරාන්මහාවෙයහි සිටැ:


"අවේතනායං පඨවි අවීඤ්ඤාප සුබං දුක් බං,

සාපි දානබලා මස්භං සත්තක් බන්තුං පකම්පර" යි .


මෙසේ දක්වන ලද සත් ඉඩෙකැ මහි කම්පාව කිරිම පෙරදැරි කොටැ ඇති මහ දන් දි, ශ්රපද්ධා නැමැති පෘථිවියෙහි පිහිටියා වු ‘ ‘බුද්ධෝ බෝධෙය්යංි’’ යනාදි ප්‍රති ඥ නැමති බිජුවට ඇති . ප්රමඥ නැමති නෝතැනි ඇති, කරුණා නැමැති නෝතැනි ඇති, කරුණා නැමති ජල පරිෂේකයෙන් වඩනා ලද මෛත්රීන නැමැති කඳැ හටගත්තා වු ත්රිනවිධි බෝධිසත්ත්ව චය්යාලනැමති ශාඛායෙන් වීශාල වු, පංච මහා පරිත්යා්ග නැමති පල්ලව පත්රායන් ඇති, සමත්ංිු්ශන් පාරමීතා නැමැති විකසිත පුෂ්පයන් ඇති , බෝධි සම්භාර නැමති උතුම් වු කල්ප වෘක්ෂයෙහි සර්වඥතාඥන නැමැති අමෘත ඵලය ගන්වනු කැමැති වැ ඒ වෙස්සන්තරත්මහාව යෙන් වුත වැ ගොස් තුෂිත දිව්ය ලෝකයෙහි සේතකේතු නම් දිව්ය පුත්ර යකු වැ උපන්නාහු යැ.