වේදේහ කථාව සහ වේදේහ සින්දුව

Wikibooks වෙතින්

වේදේහ කථාව

සහ

වේදේහ සින්දුව


වේදේහ කථාව[සංස්කරණය]

1. නමෝ තස්ස නමස්කාර සූවිසි විවිර ණ භගවත් ගවුතම සරණින් පද වෙන් කරමි න අරහත් යන සතර වරම් දෙවිදු පිහිට වෙ න සම්මා සම් දහම් මෙපද කවිකර බදිමි න

2. වී ස් තර බණ දහම් අසා මෙපද දැන සොදි ම් රොස් කර එන නපුරු දෝස නැත දෙව් වරමි ම් රැ ස් කර පින් මෝර චන්ඩ මෙකවි පද කෙරෙ ම් ව ස් ඇරියෙමි සිරිපාද පත්මෙ අනුහසි ම්

3. කි වෙ න් පද හින් අක්සර නොදැනම ග ත් තේ දෙවියන් තිස් තුන් කෝටිය ගණනක් නැ ත් තේ කොයියම් විට වත් දෙවියන් සිහිකර ග ත් තේ ම යි යං ගණ දාතු බෙලෙන් වස් මව නැ ත් තේ

4. සි ට ගන අපෙ මුනි බෝමැඩ දහම් සෙ න් නේ සැට කෙළ දහසක් දෙවියෝ රැස්ව සිටි න් නේ තු ට වඩවන දම් අසා මෙපද බැඳි න් නේ අ ට මස් තානේ අණයෙන් වස්හැර ය න්‍ නේ

5. මෙතුන් ලොවට බුදුවුණු ගවුනම් අපෙ මිනිඳු ම් තමන් රහත් පිරිවරහට දෙසූ මේ දහ ම් නිවන් යන්ට සසර ගෙවා මෙ කවි පද කෙරෙ ම් ඉතින් මෙකවි වස් ඇරියෙමි දළදා අණායෙ ම්

6. මි තු ර මෙපද දහම් අසා සිත ‍සැන සෙ න් නේ ක ව ර කලද දහම් නෑර අමුතු සොය න් නේ නි ත ර ම එන සිහිය නොවෙයි මෙමට ඉති න් නේ ස ත ර වරම් දෙවිඳු මෙකවි වස්හැර දෙ න් නේ

7. ප ළ මු කපට බුදුවුණු දීපංකර මුනි ඳු න් වි පු ල සාර ලක්ස ගණන් පිරිවර රහ තු න් එ ක ල සුමෙද නම් තාපස වී අපෙ මිනි ඳු න් ප ළ මු විවරණය ගත්තේ එතනදි මුනි ඳු න්


2 වේදේහ කථාව


8. වා ර ගණන් සසර ඇවිද බුදුබව පත මි න් නෑ ර ම ඉස් මස් ඉල්ලුව දන දි පත මි න් මෝර වමින් පින් රැස් කර සසර ඇවිදි මි න් සා ර නැමති අනාගතේ බුදුවෙති මෙතු ම න්

9. රුවැති කුසල් රැස් කරමින් තපස් රකි න් නේ ලබති විවරණේ සූවිසි බුදුන් අති න් නේ සිටිති එක්ව පිරිවර පන්සියයක් එ න් නේ දිගැති සසර ඇවිද මයුලු නුවර උප න් නේ

10. සි රි ව ද් දන සිටානන්ට දාව එම දි න ක ම ලත් පිරිවර සමගිව ඉපදුන සතොසි න එ ම ල ත් කුමරුන් හට සත් අවුරුදු පසුව න පැ හැ පත් ලෙස කෙළියට එක්තැනකට එක් වෙ න

11. උ ප න් ලකුණු වේදෙහි රජ සොප්නෙන් දනිමි න මෙපන් දහස් බුදුවෙන්නට පතාන ඇවිදි න ත ම න් පිරිස ලක්ස ගණන් නෑරම ඇවිදි න ස ප න් කෙනෙකි වේදෙහි නිරිඳුට පණ්ඩිත වෙ න

12. ඤා ණේ ඇති පණ්ඩිතවරු ගෙන්නා රජගෙ ට දකි නේ මෙනුවර සිවුදිග ඇව්ලුණි ගිනි වැ ට සොඳිනේ සොප්නේ සිහිකර කියව්ව හනික ට ඉති නේ නිරිඳුනි අවසර කියන්ට අපහ ට

13. සොයමැයි තව සාස්තරේ විහිද බල න් නේ දු ටුමයි පණ්ඩිතවරු සිනය තෝර න් නේ කිය මැයි මහරජුන් වෙතට ගොස් තෙපල න් නේ උප නැයි පණ්ඩිත කුමරෙක් ඔබට සොදි න් නේ

14. ම යු රු බසට වේදෙහි රජ මෙ‍හෙම කිය න් නේ කු ම රු එවිට ඉන්නාරට සොයමු කිය න් නේ ස ත ර දිසාවට පණිවුඩ යොමු කර ව න් නේ නැගෙන හිරට ගිය මැතිදා කුමරු දකි න් නේ

15. ඇවිදින් මැතිදා රජගෙට ගොස් තෙපල න් නේ සොයමින් යව මැඳුන් ගමේ කුමරු සිටි න් නේ සොබමන් සිරිවර්ධනන සිටුහට දාවෙ න් නේ තබමින් නම් මහවුදය කුමරු කිය න් නේ


වේදේහ කථාව 3


16. එ බ ස් අසා වේදෙහි රජු සිත සන්තෝ ‍සේ ද හ ස් ගණන් තනතුරු දී අරමින් බෝ සේ නොලස් ව වැඩෙමින් මෝරන පුන්සඳ විල සේ මි නි ස් ලොවට සිරි ගවුතම බුදුවුණු විල සේ

17. මෙලෙස කුමරු කෙළීමින් සත් අවුරු පිරෙ මි න ද හ ස කුමරු කෙළිපල සිට වැසි වැස දුව මි න වෙහෙස වෙලා අව් සුළඟට වැස්සෙන් තෙමෙ මි න නි මි ස තෙනක් නොලත් නිසා දුවලා වැටෙ මි න

18. ඇ වි දි න් තම පිරිවර ළඟ සිටිති සොදි න් නේ කි ය මි න් සැම දෙනාට ඔහු සඳ පවස න් නේ සු ළ ඟි න් එන වැස්සට අපි කෙසෙද දුව න් නේ සතොසින් කෙළියට මඩුවක් තනමු කිය න් නේ

19. අ ඬ ගසමින් තම පිරි වර ‍ගෙන්නා අම තී කඩ නැතිවම අපට මෙතන ඉන්නට කැම තී වැඩ කරුවන් හට මිළදි තමනට රුවැ තී ඉ ඩ ඇතුවම මාලබෙදා වාසල තන තී

20. ඉ ති න් මිතුර මම කියනා වචනය ග න් නේ තොපෙන් මුදල් විස්ස බැගින් අර‍ෙගන එ න් නේ සො ඳි න් මෙවැඩ ක‍රන අයට දෙමුය කිය න් නේ දෙ තු න් දොහට සාලාවේ වැඩ නිමව න් නේ

21. උ තු ම් පිනැති ඒ මවුසද කුමරුන් සිතමි න මෙතැන් අපට තව කරුණක් ඇත පින්සිදු න සොඳින් තැනෙව්වොත් පොකුණක් සැමවිට සැප දෙ න උ තු ම් නිවන් සැපත අපට පරලොව අත්වෙ න

22. සි තා මෙලෙස දහස කුමරු ළඟට කැන්ද ලා ක තා කළයි පොකුණ සදන්නට මිළදී ලා ඉ තා සතුටු වෙලා පිරිස මිළගෙන දී ලා ඉ තා අපූරු පිරිසිදු ඇති පොකුණ නිම ක ලා

23. පි රි සි දු පොකුණට සරිලන උයන් පලතු රූ ප ර සි දු සාලාවෙ කුමරු සැවොම පිරිවැ රූ වි ස ඳු නඩු ප්රාඥාවෙන් පණ්ඩිත කුම රූ ප ර සි දු වුණි වේදෙහි රට කුමරු බලග රූ

24. ම ගි න් යනෙන අය සැම දෙන එහි නැවති ගෙ න මෙවන් පොකුණ බැසලා ඉස්නානය කර ගෙ න උ තු ම් මියුලු පුර තැනු සාලාවේ ඉඳ ‍ ගෙ න ගි ම න් නිවා යන්නේ කුමරුට පින් දී ගෙ න


4 වේදේහ කථාව


25. ස ත ට බොහොම කරුණා ඇති පණ්ඩිත කුමරු න් පි න ට ලුබුණූ තම පිරිවර කුමරුන් සමගි න් ස ත ට යෙදෙන අවනඩු සැම තෝරති නැණයෙ න් එ වි ට සැලව ගිය වේදෙහි රජුට එක ලෙසි න්

26. ඉ න් ද්රජ නීල මැණිකක් වෙති මව්සද කුමරු න් සු න් ද්රව ගුනැති තම පිරිවර නෑරම ඉඳිමි න් ගි න් ද්රව ලෙසින් එන අව නඩු තෝරති සැනකි න් ච න් ද්රග මඬල මෝරන ලෙස මහුසද කුමරු න්

27. එ ම වි ට කුමරුට අවුරුදු සොළොස පිරී ලා ලොබකොට වේදෙහි නිරිඳුට මේ වග දැනි ලා ළ ග සි ට කැන්දා සේනක අතින් විචා ලා වි ග ස ට මහුසද කුමරුන් ගෙන්නමු කිය ලා

28. එ ම වි ට සේනක පණ්ඩිත සිතට සෝක ගෙ න කු ම ක ට රජ ළදරු බිලින්දෝ කැන්දා එ න ඔ බ හ ට පණ්ඩිත සිව්දෙන අපි මෙහෙ සිටිම න ලොබකොට තව නුවණ බලමු මහරජ කියමි න

29. ග න් ඩ වෙන උදුම්බරා දේවි කිය න් නේ උ න් ඩ වඩා පණ්ඩිතයෙක් නැතැයි කිය න් නේ ච න් ඩ රුදුරු අවගුණ සේනක පවස න් නේ එ න් ඩ කියා මහරජ මහුසද කැන්ද න් නේ

30. සොඳ ලෙස වේදෙහි රජුගෙන් පණිවුඩ ඇරි යයි බැ ඳ රතවල් අසුන් යොදා පිරිවර සිටි යයි කැ ඳ වා තම පිය නිරිඳුට යන්නට කී වයි ස ඳ මඩලක් සේ මහුසද නුවරට වැඩි යයි

31. උ දු ම් බරා දේවි රජුට මෙපවත් කි ය ති එ ප න් සියක් මේ දරුවට පිරිවර සි ටි ති පැතු ම් බලෙන් නුඹට ලැබුණූ දරුවෙක් කි ය ති උ තු ම් පිනැති මහවිසදය කුමරුන් කි ය ති

32. අ වු රු දු ගණනක් වේදෙහි නුවර සිටි න් නේ මි යු රු බසට වේදෙහි රජ මෙහෙම කිය න් නේ කු ම රු න් මහුසද වැඩි වයසට පැමිණෙ න් නේ සොඳුරු ව බිසවක් සොයලා දෙමුය කිය න් නේ

33. පු ත මහුසද නුඹට සරණ සොයා අපි එ මි සි ත නුඹගේ කොහොම ඇද්ද කියා විමස මි ග ත සිව්සැට බරණින්පළඳවා අපි දෙ මි නැත මහරජ සරණ මෙමනට සොයා මම එ මි


වේදේහ කථාව 5


34. සා ර මසක් අවසර දෙව් වේදෙහි රජු නේ බා ර දෙමින් තම පිරිවර රජ හට සොඳි නේ නෑ ර ඇවිද සොයාම් එමි බිසවක් ඉති නේ වා ර ගණන් පතාම එන බිසවුන් ඉති නේ

35. නු ව ර සිටන් ගොස් මහුසද රුප්පෙක ඉදි නා ක ර පුවැඩක් මෙන් තම සිත අඟනක් දකී නා සොඳුර තොපේ ගන ගම කිමදැයි මට කිය නා අ ම ර වති ගොවි වංසය සාමිනි කිය නා

36. පි පා සයට අගන්තියට කැඳ ගෙන ය න් නේ අ පේ පියා සි සානා තැනට කිය න් නේ තොපේ ගමට පාර කියව සොඳුර බොල න් නේ උ පා යෙන්ම අමරාවති පාර කිය න් නේ

37. බි ස වු න් ගෙනගිය එකැඳ වළඳා බැතියෙ න ලකු නෙන් බෝසත් තුමාට තුනකින් පවස න දකු නෙන් හැරිලා අමර කි සලකුණු දැ න නැණයෙන් සලකුණූ පසු කර නිවසට සපැමි න

38. පා ර සොයා බිසවුන්ගේ ගෙදරටම වඩිමි න් සා ර මසක් බිසවුන්ගේ ලීලා බලමි න් නෑ ර ලබති අවසර මව්පිය දෙන්නාගෙ න් නුවර ට ගියදැයි මහුසද කැන්දා බිසවු න්

39. ඇවි දින් තම නිරිඳුන් වෙත බැහැදැකම න් දා කිය මින් බිසවුන් ආවෙමි නිරිඳුන් කැ න් දා පුත දැන් තොප සාර සමක් කල් කුමකි න් දා විග සින් නුවනැති බිසවක් නොලබුණු ස න් දා

40. බොරුව කියා අවසරගෙන වේදෙහි රජු ගෙ න් ස රු ව නොවි උදුම්බරා දේවිට කියමි න් සො ඳුර නොපමා කැන්දා ආවද පුත අසමි න් අ ම ර වතිට පළදින්නට අබරණ එවමි න්

41. ගු ණේ උතුම් පුත මහුසද අපහැර නොයමි න් දැ නේ නුඹට නුවණ ඇති ජාති පින් බලෙ න් සෙ නේ සිතින් නුඹෙ පිරිවර නෑරම සිටිමි න් අ නේ මියුලු නුවර කලක් මහුසද සිටිමි න්


6 වේදේහ කථාව


42. බ්රල හ් ම දත්ත නුවර නපුරු බමුණෙක් සිටි ති දෘ ෂ් ටි අධමෙන් සිහියක් තමහට සිතෙ ති ද ක්ෂල කමට මගෙ නුවණේ බොහොම බල ඇ ති බ්ර හ් ම දත් නම් නිරිඳුට මේවග කිය ති

43. ප සු ව උදෑසන රජගෙට ‍ෙගාස් තෙපල න් නේ ඇ සු ව රජුනි මගෙ වචනය සිත පැහැදෙ න් නේ බැ රි ද අපට සේනාබල බොහොම සිටි න් නේ මි යු ලු නුවර අල්ලමු අපි රජුනි තිය න් නේ

44. බ්රල හ් ම දත්ත රජ බමුණට මෙපවත් කිය නා ද ක් ස කමට පණ්ඩිත වරු පස්දෙන සිටි නා ල ක් ස ගණන් තව එනුවර පිරිවර සිටි නා රොස්ව ගොසින් ලජ්ජා වෙයි බමුණති කිය නා

45. එ වි ට කියන්නා බමුණා රජුට රොස් වෙමි න් කු ම ට ඔහොම බස් කීවද රජුනි මව ඉති න් මෙමට වඩා නුවණැති අය නැද්ද මුලු ලොවි න් ක ව ට කමට වේදෙහිරජ ගඤ්ඤම් කියමි න්

46. එ න් ට සෙනග සැම නුවරට අණබෙර හැර ලා උ න් ට සුදුසු අවි ආයුද ඇරගෙන දී ලා ක න් ට කෑම බීම අපෙන් වියදම් දී ලා ග න් ට යුදෙන් මියුලු නුවර යමුව සැදී ලා

47. ලි ය ලා ලියුමක් වේදෙහි නුවරට ඇර ලා රජකළ තොපෙ මියුලු නුවර ගනිමැයි කිය ලා දැ ක ලා ලියුමේ ඇති වග රජ බිය වෙවු ලා එ ක ලා මහ පණ්ඩිත පස්දෙන ‍ගෙන්නා ලා

48. කි ය මි න් තොරතුරු පණ්ඩිත වරුන්ට නොව ලා අ පි දැ න් ගැලවෙන උපමා කෙසෙද අසා ලා සොයමින් ගුණ මහරජ සැක නොවෙමු කියා ලා අ පි න ම් යුදයට සැරසි ඉදිමු එක හෙ ලා

49. ස ත් යොදුනක් මියුලු නුවර පවුරු පදන මි න් ල ත් නැණයෙන් මහ විශාල අගලුත් කනි මි න් ප ත් යුදයෙන් ජය ගන්නාට නෙක වැඩ කර මි න් බ ත් පැන්ෙ මතු ලැබගන්නට උපමා යොද මි න්

50. සොඳින් කැපූ අගල් වතුර පිරී තිබෙ න් නේ උඩින් බැම්ම වටකර ගල් පවුරු සොදි න් නේ සොරෙන් නුවර තුලට ‍යනෙන දොරටු සද න් නේ සැනෙන් යුදට එන විලයට ලියුම්යව න් නේ


වේදේහ කථාව 7


51. හොල්ල බොහොම සියයක් රජ කුමරුන් ඇ ත් තේ හෙ ල්ල පලිස් තුවක්කු සහ කඩු අරග ත් තේ අල් ල කියා මියුලු නුවර වටකර ග ත් තේ ලොල්ල වඩන මහුසඳ සිත වංචල නැ ත් තේ

52. කවට කමට මහුසද පන්ඩිත පවස න් නේ කුමටද බමුණනි නුඹලා රැකලා ඉ න් නේ තොපට කෑම බීම කුමක් හිඟ ද අස න් නේ එවිට සෙනග ලජ්ජාවේ නොසිට දුව න් නේ

53. ස්වණ රුවැති ඒ මහුසද කුමරුන් දැක ලා ව ර්ණජ එකලු කපුටන් මෙන් දුවපි පැරදි ලා ක ර්මජ බලෙන් කේවට්ටය කරති කොලහ ලා ද ර්මජ යුදෙන් ජය ගනිමැයි කියා නවත ලා

54. දහස ගණන් සෙනග අසති බමුනගේ වච න වෙහෙස වෙමට ලජ්ජා වෙයි ආපසු ගම න වයස බලා හමුසද මට ඇවිදින් වදි න මෙලෙස ධර්මු යුදයෙන් ජය ගෙන එමි සොඳි න

55. අ ර ගල නොව ධර්මඑ යුදට මහුසද එ න් නේ සු ර තට මාණික්ක රත්නෙ අරගෙන එ න් නේ ති ර කොට ගනුවයි කියමින් අතල එල න් නේ පෙ ර ළි මානික්ක රත්නෙ බිමට වැටෙ න් නේ

56. නල්ල කියා කේවට්ටක බමුණු සිත න් නේ ලොල් වඩන මැණික කන්ඩ බිමට නැමෙ න් නේ බෙල්ල අල්ල මින් බමුණා බිම හප්ප න් නේ සල්ල බමුණ තෝ නාකිය නොදුව කිය න් නේ

57. දස්ස කමට සෙනග බයින් දුව න් නේ රිස්ස ගියා තමයි නාකි බමුණු වදි න් නේ ලස්ස නොවී මහුසද පණ්ඩිත වැඩ ඉ න් නේ පස්ස නොබලමින් බමුනා දුවපි බොල න් නේ

58. නු ව ර ට ගොස් ලජ්ජාවේ බමුණු තැවෙ න් නේ ක ව ර කලද මහුසද සහ රජු අල්ල න් නේ නි ත ර වංච නුවණ ඇද්ද කියා සොය න් නේ කු ම රි සරණ දෙන්ට කියා උන් රවට න් නේ

59. කිය මින් මේ වග රජහ‍ට රහසින් බමු ණා අරි මි න් ගමනෙක් වේදෙහි නිරිඳුට එදි නා අ පි න ම් තිබු අව කොරෝද නැත දැන් ඇරු නා ඇවි දින් කුමරිය කැඳවා යනු සන්තොසි නා


8 වේදේහ කථාව


60. පොරණ ගුණැති පණ්ඩිත පස්දෙන ගෙන්න න් නේ ක ර න කතා බ්රවහ්මදත්ත රජු සතුටි න් නේ ප ර ණ තිබුණු අවගුණ බස් ඇරුණි කිය න් නේ ස ර ණ අපට කුමරි දෙමැයි යන්ට කිය න් නේ

61. කු ම ට ද රජ ඔය බොරුවට ඔබ දඟල න් නේ ර ව ට වන්ට කුමරිය සරණ දෙමැයි කිය න් නේ අ ව ට රැක්වලා මරවති සිතු ලෙස උ න් නේ එ වි ට එ මහ රජු මහුසද හට රොස් වෙ න් නේ

62. කොයි සැටි කරමුද සේනක පණ්ඩිත අස ති ගොයි යා පුතු කුමක් දති ද මහරජ කිය ති කි ව් ව පොරණ අවගුණ බස් මතුවට ඇරෙ ති ය ව් ව ඔබව කුමරි සරණ ගෙනෙන්ට කැම ති

63. ම ව් සද පණ්ඩිත ඇතිකළ ගිරවෙක් සිටි නා කැ ව් ව විලඳ මී පැණි සහ බඩ පුරවමි නා ය ව් ව බ්ර හ්මදත්ත නුවර ගිරවුනි ඉති නා එ ව් ව රහස් උන්ගේ බස් අසා විම ස නා

64. නු රා වකට බ්රගහ්මදත්ත නුවරට ඉගිලෙ න ගි රා පොත සැළලිහිණිය අතින් අසා ගෙ න සොරා වචන සැළලිහිනිය රවටති සැනෙකි න ගි රා පෝත ඇවිදින් මවුසද ලග වසමි න

65. ස ත් ත වචන බස් කියමින් නුවණින් අස ති ඇ ත්ත මෙමට සැළලිහිණිය සොදින්ම කිය ති රොත්ත පිටින් එම නුවරට කැන්දා මර ති ම ත් ත ට ගැල වෙන උපමා පණ්ඩිත කිය ති

66. ගොසින් එපණ්ඩිත වේදෙහි රජු හට කිය ති ඉ ති න් බ්ර හ්මදත්ත නුවර මම යනු කැම ති ගොසින් ඔබට තනවා මැදුරක් යස රුවැ ති එ තු න් මසින් දැන්වූ කළ එන්ට යහ ති

67. සොඳින් පිරිස දහස් ගණන් කැන්දා ග න් නේ ග ම න් මාලිගා රජහට ඉන්ට තන න් නේ ත ම න් පිරිස පමණක් මග සිටුවා ය න් නේ ගොසින් බ්රනහ්ම දත්ත රජුට මෙහෙම කිය න් නේ

68. එ න් ට කියා පළමුව මට කිවු අපෙ නිරිඳු න් ඉ න් ට වාසලක් තනවා අරිමින් ලියම න් දෙන්ට ඉතින් අවසර මට මහරජ ඔබගෙ න් ග න් ව බිමක් සොයා නුවර නෑරම බලමි න්


වේදේහ කථාව 9


69. ප ළ මුව තලතා දේවිගේ ගේ බිඳුව න් නේ බ ල කර ගොස් බ්රහහ්මදත්ත රජුට කිය න් නේ ක ළ වැඩ මට නවතන්නට බැරිය කිය න් නේ මි ල දීලාවත් නුඹ ගොස් එපා කිය න් නේ

70. එ න් නේ තලතා දේවී රජුට රොස් වෙමි න් ඉ න් නේ පුත මහුසද මගෙ වචනේ අරග න් ග න් නේ මසුරන ලක්සය මගෙ ගේ නොකඩ න් ය න් නේ මහුසද පිරිවර කැන්දා එතනි න්

71. එ ක ලා තම යෝද පිරිස හට බස් කිය නා බි ඳ ලා මේ ගේ වාසල මෙතන තනමි නා වැ ඳ ලා කේවට්ටක මහුසදහට කිය නා බැ ඳ ලා තිබු මසුරන් පොදියක් ගෙනදෙමි නා

72. ද ක් ස කමට නුවර මුළුල්ලේ ඇවිදි න් නේ බ්රේ හ් ම දත්ත න්වර සෙනග බියවේවල න් නේ ල ක් ස ගණන් දවසට මසුරන් එක්වෙ න් නේ තොස්ව උමග මතුවෙනතැන් සොයා බල න් නේ

73. ම ග සිටුවා ගිය පිරිසට මෙහෙම කිය න් නේ ග ඟ ඉවුරේ සිට තුන්ගවු උමග කප න් නේ ද ග ඇණ සහ දොරකඩවල් වෙන් කරව න් නේ උමග මෙලෙස සිතියම් වැඩ නිම කර ව න් නේ

74. බි න් ගේ මැද මහමලුවක් තනවා රුවැ ති මි න් ගව්වක් සුළු උමගේ නුවරට කප ති පි න් බලයෙන් සෑම වැඩම ඉබේට සැදෙ ති තු න් මස ගිය තැන නිරිඳුට ලියුමක් එව ති

75. ලොල්ල වඩන මහුසද මව ලියුම එව න් නේ ක ල් ල කමට වෙදෙහ රජුවද දගල න් නේ ගොල්ල බොහොම මහ පෙරහැර පිටත් කර න් නේ සෙ ල් ල මෙන්ම කුමරි සරන ගෙනෙමු කිය න් නේ

76. නුවණ ගුණෑති පණ්ඩිත සිව්දෙන දගල න් නේ බ ඳි න අසුන් රතවාහන ගෙන නික්මෙ න් නේ ස ර ණ නිසා බ්ර්හ්මදත්ත නුවරට ය න් නේ දකි න එ මහුසද පණ්ඩිත රජු සැනසෙ න් නේ

77. ආදර කර බ්රපහ්මදත්ත රජ පවස න් නේ පෙර නුඹලගෙ පැතුම් බලෙන වද පලදු න් නේ සුර ගන පනවාල චන්ඩි කුමරි බොල න් නේ නර නිඳුහට දෝලියද දෙමුව කිය න් නේ


10 වේදේහ කථාව


78. ම නා පයව වේදෙහිරජ බොරුව අස න් නේ ත නා තිබුණු රජවාසල ගොස් වැඩ ඉ න් නේ සි නා සිසී සේනක හට බස් තෙපල න් නේ ‍ෙග නා සෙනග සැම නුවරට රජු සැරසෙ න් නේ

79. තු ට වඩවන වචන කියා බමුණා ඇවිදි න ර ජ හැමතැන සෙනග ඇවිත් වටකර බලමි න ව ට කරපුව සෙනග රජුනි ඔවුන් කීපදෙ න හෙට උදැහණ මරා දමමු අල්ල‍ා සතොසි න

80. සි ටි න පමණ සත්වලල්ල වටකර ගනි ති ක ර න කතා අවගුණ බස් නිරිඳුට ඇසෙ ති ස ර ණ නිසා ඇවිදින් අප අල්ලා මර ති දෙරණ රත්වෙලා වේදෙහ රජ කෑගස ති

81. බොහොම බයේ වේදෙහි රජ මොරගාමි න් නේ කොහොම ද මහුසද පුත මගෙ දිවි ගැලවෙ න් නේ ඔ හොම වචන සේනකයා අතින් අස න් නේ මෙ හෙම දේට ගොවියා පුතු නුවණ නොද න් නේ

82. ලොල්ල වඩන සේනක පණ්ඩිත පවස න් නේ බෙ ල්ල ට වැල්දමා රජුනි නසිමු කිය න් නේ එ ල් ල පාඩු නැති පුක්කුස මොකද කර න් නේ සෙ ල්ල මකට මේ වාසන ගිනි දීග න් නේ

83. අ ස ත් පුරුස නපුරු කිම දෙන්නම කිය තී තොපිත් තොපෙ අඹු දරුවන් මේ සැටි මැරෙ තී ම හ ත් නුවණ මහුසද පුතු මගෙ දිවි රකි තී දු ක ත් බොහොම මහුසද හට එනිරිඳු කිය තී

84. උන්නේ මේ අවගුණ බස් කුමට අස න් නේ උන්නේ වරිගෙට ඔය අවගුණ පවස න් නේ දන්නේ මම ජාති පිනෙන් නුවණ මෙතැ න් නේ යන්නේ ගැලවී උමගින් සැරහී ග න් නේ

85. කැ න් දා තම පිරිවර ඇර රහසින් ගෙ න් නා යෙ න් දා රජවාසල මැතියෙනි සැරසෙ න් නා න න් දා දේවිය සමගින් කුමරුන් දෙ න් නා කැන් දා සුළු උමගින් ගොස් මලුවෙහි උ න් නා

86. කු ම ටද සේනක තොපි කඩමලු පටල න් නේ උ මගි න් යන්නට සාමිනි මම සැරසෙ න් නේ නි ම නැති මෝඩය ඇයි තෝ මැත දොඩ ව න් නේ ත ම මනාප වාහනයක් ගෙන නික්මෙ න් නේ


වේදේහ කථාව 11


87. ය න් ට උමග දොර අරවා මහුසද කිය තී ග න් ට තමුන් මනාප වාහන පිට නැගෙ තී ක න් ට කෑමබීම උමග රැස්කර තබ තී ඉ න් ට කියති මහ විසාල මලුවේ නැව තී

88. වැ න් දා නිරිඳුට මහුසද මෙහෙම කිය න් නේ කැ න් දා නිරිඳුට කුමරිය පාවා දු න් නේ න න් දා දේවිය තලතා මව්ය බොල න් නේ කැ න්දා කුමරිය සහ නුවරට වඩිමි න් නේ

89. එම වි ට මහුසද ආපසු නුවරට එ න් නේ කු ම ට ද නිරිඳුනි ඔබ දැන් රැකලා ඉ න් නේ ඔ බ හ ට මහ මොඩකමක්වද පලදු න් නේ වි ග ස ට ගොස් තම වාසල බලව කිය න් නේ

90. ක ර න කතාවට බමුණා මෙහෙ කිය න් නේ ම ර ණ බයින් මහුසද පණ්ඩිත දොඩව න් නේ ස ර ණ දෝලි නිසා ඇවිත් උන් රැවටෙ න් නේ ක ර න වදය දැන් තොපහට බලව කිය න් නේ

91. බ්රාහ්ම දත්ත මහරජ මගෙ වචනේ ග න් නේ ල ත් නුඹගේ වාසල ගොස් බලනු කිය න් නේ දක්ෂ කමට මගෙ වැඩ ඔබ දනුද කිය න් නේ රොස් ද නොවි මහරජ තම වාසල ය න් නේ

92. අ ර කලනොව රජවාසල ඇවිද බලා ලා පි රි වර ‍වේදෙහි රජ කොයිද අසා ලා ඇ ර පිමි වේදෙහි නුවරට දෝලි සදා ලා න ර නිරිඳු එබසට හදගිනි ගති බිසවෙවු ලා

93. න ර නිඳු හමුසද පඩිහට වැඳලා අස නා සු ර ගන නන්දා දේවිය කොයි පුත අස නා ඇර පිමි වේදේහි රට කුමරිය මහ කිය නා ක ර පු නුවණ උමගේ දොර ඇර පෙන්නමි නා

94. උමග බලන්නට රජු සහ බමුණා යෙමි නා ලගම වඩිති මහුසද පණ්ඩිත එම සදි නා ම ඟ ගෙවමින් මහවාසල් මලුවට යෙමි නා ද ග ඇණයක් මිරිකුව සැම දොරවල් වැසු නා

95. කු ම ට ද රජ ඔය බොරුවට ඔබ දඟල න් නේ ර ව ට වන්ට කුමරි සරණ දෙමුව කිය න් නේ එ ම ට නුවණ මගෙ වැඩපොල කොහොම දැනෙ න් නේ තොපට මරණ මෙන්න කියා කග ඔසව න් නේ


12 වේදේහ කථාව


96. ඉ ඳි නේ රජු සහ බමුණා බියවි වෙවුල න සොඳිනේ අපෙරට ගනුවයි පඬිදුනි නෙමෙ න ව ඳි නේ මහුසද සමිඳුනි නොමරව කියමි න දු කි නේ දෙන්නම කැන්දා නුවරට වඩිමි න

97. මිතුරු ඉතින් වේදේහි රට ගොසින් වරෙ න් නේ කුමරු සමග නන්දා දේවිය ගෙන එ න් නේ සොඳුරු බිසව් බ්රිහ්මදත්ත නිරිඳුට දු න් නේ නපුරු ව තිබු අවගුණ බස් ඇරුණි කිය න් නේ

98. වි ස් ම වගේ කේවට්ටක බමුණූ බල න් නේ ද ක් ස නුවණ මහුසදහට ඇතැයි කිය න් නේ ල ස් ස නොවී නිරිඳුට පණ්ඩිතව සිටි න් නේ බ්රර හ් ම දත්ත නුවරට මහුසද වැඩ ඉ න් නේ

99. කියන අමුතු නුවණ නොවෙයි දහමෙන් බැලු වේ තියෙන පමණ දහම් ඇතැයි පද වෙන් කෙරු වේ අරින මෙපද වස් දොස් නැත බුදුගුණ දැරු වේ සොඳින මෙකවි බැඳි කිවිඳුන් මානෙල් ඔළු වේ

100. ස ස ර ගෙවා තොපි නපුරට යන සැටි බැලු වා ස ත ර අප‍ායෙන් ගැලවෙන පිනිරැස් කෙරු වා නි ත ර ම එන සිහිය නුවණ වැඩියෙන් දැරු වා නි ත ර මගෙ දෙගුරුන්හට පින් සිදුවේ වා

101. ලියූ පිනෙන් බුදුබවම ලැ බේ වා සතරවරම් දෙවි පිහිට ලැ බේ වා නිතර ගුරුන් හට පින්සිදු වේ වා සතර අපා නොව නිවන් ලැ බේ වා

102. පා ත මෙනර ලොව උපන් වාරයෙ න් ඈ ත නොගොස් නිවනට පැමිණීය න් දෝත පුරා බුදුනට මල් පුදමි න් කේ තු මති පුර රජ සිරි විඳිමි න්

103. උ ම න් දාව මම පදකර කී වා මෙපන් දහස් මතු නිවන ලැබේ වා උ ප න් ජාති මම රජ සැප විඳි වා එ න මෙත්තේ බුදුබවම ලැබේ වා

104. බු දු න් දහම් සඟ තෙරුවන් නිතරම වැඳගෙ න උ තු න් නිවන් සැපත ලබයි සීලේ රැකග න සු ර න් නරන් බඹුන් සැමට මේ පින් දීග න උ මං ගමන් ගිය කිවි පොත නිමකරමි න


(නිමි)


වේදේහ සින්දුව[සංස්කරණය]

- /// -

තන තන තම්දන තාන තනම්දන තානා, තන තම්දන

ත නා, නා තන තම්දන තනන තනම්දන තානා,

තන තම්දන තානා.


සමයක මහුසද පඬිවර ගෞතම මුනිඳු, වේදෙහි රට පුරුදු; නිරිඳුට පණ්ඩිත වෙමින් උපනි අපෙ මුනිඳු, එතුමන් පද නමදු, බ්රරහ්මදත්ත නම් නිරිඳුගෙ සේවක බමුණා, නැණ නුවණින් නිපුණා, වේදෙහි නම් රට අල්ලමු නිරිඳුනි කියනා, ළඟ පැවැඳ සිටිනා, - ත - සේනක පුක්කුස කාවින්ද යන නමිනා දේවින්දුය කියනා, මේ සිව්දෙන සහ තවත් වැඩියෙ යුද දැනෙනා, මහුසද යන නමිනා - ත - මාරසෙනඟ මෙන් බලවත් පිරිවර සිටිනා අල්ලනු බැරි කියනා, ඒ සියයක් රට රජ සමඟින් අල්ලමිනා, අයබදු ගෙන සිටිනා - ත - මේ නුවරත් අල්ලන්නට පුළුවනි කියනා, නුවණින් බල රැගෙනා මේලෙස පවසා නිරිඳුගෙ සිත තටුකරනා, යුදයට යනලෙසිනා - ත - රටවල් අල්ලාගෙන බල පාලා, වේදෙහිනුවරට පණිවුඩ ඇරලා, වනට යන ලෙස ගිවිසුම් කරලා, නික්මුණි වේදෙහි පුරය බලාලා - ත - ධර්මලයුදෙන් ජයගනිමි කියා මං බසිනා, රජයෙන් පිරිවරිනා, ලියමින් ලියමින් ග‍මනෙක් යොමු කර හරිනා, වේදෙහි පුර තුටිනා, සැමසෙන් සමගින් පණ්ඩිතවරු ගෙන්වමිනා, සරුනොකරමු කියනා - ත - කපමින් වටකර අගල් වතුර පුරවමිනා, අන්දායමි බඳිනා, අරිමින් ලියමන් අරදිකියාගන සිටිනා රට ඔට්ටුයි කියන :- ත - ඇවිදින් පළමුව වැටුණෙන් පය ලිස්සමිනා, ඒ පැරුදුණූ ලකුණා, දිවිහිම්කොට ලජ්ජාකරමින් එම සදිනා එළවා බැට දෙමිනා, - ත- කලකින්වත් අවෝතින් වරදයි කියනා, පිටවාහල් කරනා, කියමින් උදෙස් ඇති සැටියෙන් දක්වමිනා රවටන උපදෙසිනා - ත - ගනිමින් නිරිඳුගෙ සිතුමිණි රුවනය එදිනා, සුරතින් ගෙන දරනා. ගෙනෙමින් පඬුරට කොමලත ඉස්සර කරනා රවටන උපදෙසිනා - ත - මන්බිඳ යුද ජයගත් මගේ තෙදබල අසනා මට දෙන්නට ගෙන්නා, දකුම් පඬුරු මම ගනිමි කියා අදහමිනා, මිටිකර අත නැමුණා


14 වේදේහ කථාව


- ත - තමා නමා හිස අල්ලා ළඟ මිටිකරනා, පාපිට ගස්සමිනා පෙමා අසුර යුද ජයගත් සුරැපති ලෙසිනා, සිහරජ මෙන් සිටිනා - ත - සැමායුදයෙන් ‍ජයගත් කේවට්ටක බමුණා, පැරදුණු සැටි දැනුනා, නිමනැති අය තැන් තැන්වල ඉද මග කියනා, සමහර අය නටනා - ත - ගසමින් මද්දිලි තැනතැන කොතනද කරනා, උපමා විමසමිනා, වේදෙහි නිරිඳුට සරණ දෙමැයි යන වචනා, කියමින් රවටමිනා - ත - කුරිරු නපුරු වේදෙහි රජ අල්ලමි කියනා, සැළලිහිණිට ඇසුනා, ඒ මිස වෙන අය නොදනිති මේ කිවු වචනා, රජසට යොමුකරනා - ත - කුමරිගෙ රූසිරු නිරිඳට සැලකර හරිනා, සැටි අසනුව තුටිනා, වරලස සිකිපිල් විලන නිලින් දිලිසෙමිනා, නෙත නිලුපුල් ලෙසිනා - ත - ලවනත බඳුවද මල්පැහැයෙන් බබළමිනා, ලෙලෙනා යැටිගහනා දෙවුරද රන්බඳ දැත එරන්දඬු ලෙසිනා, විසිනිය බබළමිනා - ත - කෙන්ඩද දුනුකේ කැකුළු ලෙසින් දිලිසෙමිනාථ දෙවඟන මෙන් රුවිනා, මෙලෙසින් කුමරිගෙ රුව පවසනු කොයි ලෙසිනා පුරසඳමෙන් දිලෙනා - ත - නිරිඳුට මෙකුමරි දෙනබව හසුනක ලියනා, රවටන අදහසිනා, ගමනෙක් යොමුකර එසුනත් සමඟින් හරිනා, නිරිඳුට දුන් සඳිනා - ත - හසුන බලා රජ පන්ඩිත්වකරු ගෙන්නමිනා, සෙනගද රැස්කරනා, යෙදෙන විපත නොම දැන පවසති සුබගමනා, යන අදහස් එදිනා - ත - සේනක පන්ඩිත යහපති නිරිඳුනි කියනා, රජ සන්තෝස වෙමිනා, ඔහුටද පඬිවර සිතයව විපරම් කරනා, අගනිරිඳුනි ඔබිනා, අනුවන සේනක බස් ඇසුවොන් වෙයි හටනා, මරණයට මුල එතනා - ත - කියමින් තම ඇතිකළ ගිරවාවෙත ගෙන්නා, නැණනුවණ උගන්නා අසමින් සලකුණු දිසා බලා නික්මෙමිනා ඇසුවද කල නුවණා - ත - නික්ම සැනෙන් ගොස් ගිරවා එපුරට වන්නේ සැළලිහිණියව පෙනුණේ, ව්ස්මපත්ව නුබෙ රුසිරු ගුණ අසමින්නේ, මම ආමි : කියන්නේ - ත - වගිදෙකක් අප දෙගොල්ල කෙසෙද කියන්නේ , නොහොබිය බොලන්නේ, වගීවංස අපි බැව් හර දේය කරන්නේ, කම්නැත යි කියන්නේ - ත - තගීකියා දිවිඇතිතෙක් සිටිමි කියන්නේ, එකතැනම සොඳින්නේ - ත - අග්ර- උතුම් මෙපුරෙහි අදිපති නිරිඳුන්නේ, කුමරියෙක් බොලන්නේ, වේදේහි නිරිඳුට සරන දෙනෙයි පවසන්නේ, ඒ මොකද බොලන්නේ - ත - අවුලට ආව, නොදැන කියාදුන් සන්නේ මා අතින් අසන්නේ, මගුලක්වත් නොවෙයි අපට තේරෙන්නේ මිස අවුලක් වැන්නේ - ත - සිනාසහිත කියකයා ඉදමි සතු


වේදේහ කථාව 15


ටින්නේ; මම යෙමිය කියන්නේ, ඔන්න ඉතින් නුඹ නොදැක කෙසෙද වෑවෙන්නේ, මම නසිමි කියන්නේ - ත - මේ සැටියේ මම සිටියොත් ඔබට බොලන්නේ, නින්දාවයි වෙන්නේ, සත් දවසට නැගිදා මම එමිය කියන්නේ, නෑසිය සමගින්නේ - ත - බින්න කියා සැම තොරතුරු දැනගනිමින්නේ, සිතතුල තබමින්නේ, ඔන්න කියා පියඅඹ්මිමන් ගොස් සතුටින්නේ පඬිවෙත පවසන්නේ, වෑයම්කර මරවන්ඩ තමයි ඇවිදින්නේ කුමටද රැවටෙන්නේ - ත - දක්නා පමණට කිමයි ඇසු පදයන්නේ විපරම් කරගන්නේ - ත - සරණක් දෙනබවකින් රවටාලා, මරණට අල්ලාගන්ඩ සිතාලා, තිරකොට යුද ජයගනිමි සිතාලා කරතුට කිව් පඬිවෙත බැහැදැකලා - ත - එයසා බඹදත් නුවරට මම ගොස් සිටලා, බූමියක් බලාලා, ගියදා වැඩසිටිනට මැලිගයක් කරලා, වඩුවැඩ නිමකරලා, සෙනග සිටින්නට ගිමන් මාලිගා කරලා මාවත් එළිකරලා, ලියමන් එනතෙක් සිටිනා බව සැක හැරලා, වැඩහිඳුවයි කියලා - ත - වඩු වැඩ පතනේ දහස දහස රැස්කරලා, දඬු කැපුමට ඇරලා, වඩුවන් සිත්කරු වෙළෙඳුන් සහ මෙසියල්ලා, සැදි පිරිවර ගොල්ලා පිරිවර සමගින් පමණක් මග සිටුවාලා, වීදිය මගබැසලා, බ්රේහ්මදත්ත නිරිඳුන් වෙත ගොස් බැහැදැකලා අවසර ඉල්ලාලා - ත - නවතා තොරතුරු නිරිඳුට පවසන, මැලිග තැනුමට බිමක් බලාගන, මාලිග කඩවනතෙක් එහි සිටගෙන, නේනා සැටියට අවසර ගනිමින - ත - තවත් වගක් ඇති කෙලෙසද නොකියා හිටලා, වැරදේය සිතාලා, ඇතුන් අසුන් දිය කෙළියට එහි දක්කාලා නාවන කල බැසලා - ත - ගඟ බොරවෙනකල අවගුණවේය සිතාලා, අවසර ඉල්ලාලා, සාරමසට මාලිගවැඩ නිමකරලා, බිංගෙවල් කපාලා - ත - උළුවහු කණූ සැම සිත්තරවැඩ නිමකරලා,දෙපියන් දොර සදලා වෙළ දුන්කඩපිල් පහනුත් එහි සරසාලා; බිම්ගේ නිමකරලා - ත - ලියමන් ලියමින් වේදෙහි නිරිඳුට අරිනා වඩිනට සැරසෙමිනා, ස්වර්ණන හංසරජමෙන් වඩිනට සැරසෙමිනා, කඩුබැඳ සොඳලෙසිනා - ත - දෙරන ගුගුරමින් ගර්ජනාව හඬදීලා, දුරුකතර ගෙවාලා බ්රනහ්මදත්ත රජ සමගින් පිරිවරගොල්ලා, සැම සෙනග සියල්ලා - ත - කඩ්ග පලිස් දුනු හෙල්ල කුන්ත අවි අල්ලා, කස්තානාද එල්ලා, නික්ම ඇවිත් සිට මාලිගයට මෙසියල්ලා, හොඳහැටි රැකපල්ලා - ත - වේදෙහි රජු සහ පණ්ඩිතවරු හිස අල්ලා, බැට දෙවව් කියාලා, කොයි අන්දම් වත්කර අද මග ඇරපල්ලා, කීවයි අඬගහලා - ත - ඒ හඬ නිරිඳු‍ෙග


16 වේදේහ කථාව


සවනට සොඳලෙස ඇසිලා, බය බූතව වෙ‍වුලා, මීට උපායක් යොදා මගේ සැක හැරලා, දෙනු දිවි ගලවාලා - ත - මරනට නියමයි අනුවණ බස් අදහාලා, කියමින් සිට වෙවුලා - ත - සතරදෙනාම සතරක් විමසන්නේ, වස විස කාලා නසිමු කියන්නේ, පිස පිස කඳුලැලි සිට අඬමින්නේ, දෙස නොබලා දිව් හරිමු කියන්නේ - ත - මහුසද පඬිවර නිරිඳුට කිවු සැක හැරලා, වැඩහිඳුවයි කියලා, දිවි ගලවන ලෙස ඇති මම උපමා කරලා, සැකනොවෙයි කියාලා, බිංගෙයි දොර ඇර සෙනගට යන්නට කියලා, බිංගෙයි සිටුවාලා - ත - බ්ර හ්මදත්ත රජ මවුවන තලතා දේවි සහ නිරිඳුගෙ දේවී නිරිඳුට දාවුණ කුමරිය අල්ලා‍වී, ඇසු කුමාරිකාවි සතර දෙනා අල්ලාගෙන එන්නට ඒවී, උන් කරපු උස වි - ත - කනුන් කොරුන්බැඳලා ගස්වල එල්ලාවී, බිං ගෙට පැන ඒවී. උතුම් නිරිඳුවෙත ගෙන් නාගන ඒ දේවී, කීබස්ම අසාවි - ත - තොසින්ම ඔබහට ........ බාපු ඒ දේවී, ඇර දෙන්නෙක් ඒවී අහිතක් හිතු‍වොත් ඉරසඳ මැකුලෙස වේවී, පවතී මතුබෝවී - ත - නැණගුණ කියමින් සිට අවසර ඉල්ලාවි, නිරිඳුට තද දුක්වී අඬා දොඩා පවුඇර අවසර ඉල්ලාවි, ආපසු කැරකේවී - ත - ඇවිදින් මාලිග වැඩසිට ගන පවසාවි තෝ කුමාරිකාවී, බවනට ගිය කල මම වැඩ කළ වැඩ තේරේවි, මෙලහට හිස්වේවි - ත - මට වදකෙරුවොත් මේ වද එතනට වේවි, අහ් අයියෝ පාවී, මා දිවි නැසුවොත් සතර දෙනම වැනසේවී .පඩිතුම පවසාවි එයසා නරනිදු සියලුසටන් නවතාවි; පඬිතුමහට බයවි - ත - ගුණ නොදැන කළ අනුවණ කමකින්. එදිනේ, වූ විපතය තදිනේ, ගුණෙන් උතුම් පඬිතුමන් නැණින් ගැලවෙමිනේ, නැණ උතුම්ම වන්නේ, උතුම් මුනිඳු ගුණ වරුණෙ පසින්දු, ලසිත් අමුතු කවිකර පදසින්දු නමින් වරකොඩියානෙ මැතින්දු, රකින් නිතර සිරිදී සුරනින්දු - තන තන තම්දන -


  • වේදේහ සින්දුව නිමි. *