ශාසනාවතාරය - i

Wikibooks වෙතින්

නිකාය සංග්ර්හය

හෙවත්

ශාසනාවතාරය


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස


ස්වස්ති ශ්රී්ඝන සකල හාසන ශ්රීට භාරධාරි ශ්රීහ ලඞකා ද්වීපය ප්ර දීපායමාන ලෝක ශාසනානුරක්ෂි‍ණයෙහි දක්ෂි ගුණ නීති මාර්ගානුවර්තක මධ්යයස්ථාහිජාත කීර්ති ප්රුබන්ධ ශුද්ධ බෞද්ධ ශ්ර්ද්ධාවන්ත රාජරාජ මහාමාත්යාතදින්ට ආරාරෝග්යාරදි වූ සකලාභිවෘද්ධි වර්ධන ය පිණිස සදරාර්ජිත පුණ්යත සම්භාර ප්රරධාන පූර්වඞගම ව අනුනය ප්රවතිග පරිත්යරක්ත මහාස්ථවිරවරයන්ගේ පූර්ව ලිඛිත හා ඇසූ දුටු ප්රරත්යයක්ෂර කාර්ය මාර්ග ආශ්රහය කොට ගෙන ජිවන පරිනිර්වාණයෙහි පටන් පස් වැනි1 භුවවෙනබාහු පසළොස් වනු මෙවක් පෙරවා2 පැවති ශාසන ප්ර්වෘත්තිය සැකෙවින් හඟවනු පිණිස දේවරක්ෂිකත ස්ථවිරාභිධාන පූර්ව නාම ප්ර්කාශිත ජයබාහු මහාස්ථවිරපාදයෝ ‘නිකාය සංග්රවහ’ නම් වූ ශාසනාවතාර චරිතයක් ගෙන ‍ හැර දක්වත්. එද වනාහි ධර්මානුගත කථා ප්ර බන්ධයෙක් ම ය. එ‍සේ හෙයින් ආදර සහිත ව සිත්හි ලා ඇසිය යුතු.

අප මහාගෞතම බුදුරජාණන් වහන්සේ පෙර කරුණා පුරස්සර ප්රධඥාගති ඇති සුමේධ නම් මහ තවුසක් ව දිවුකුරු බුදුන් හමු ව, හස්තගත වු නිවන් සැපත් හැර, මුළු තුන් ‍ලොවට3 හිත පිණිස බුදු බැව්4 පතා ලබන ලද විවරණ ඇති ව, බුද්ධ කාරක ධර්මයන් පුරන අභිප්රාුයෙන් සසර වැඳ, මෑත භාගයෙහි දු උපනුපන් බුදුන් නො වරදවා දැක විවරණ ශ්රීර ලදින්, සාරා සඞඛ්යත කල්ප ලක්ෂඋයක් මුළුල්ලෙහි නිරතුරු ව වඩනා ලද ඒකාකාර වීර්ය ඇති ව දශ ප්රවකාර පාරමි ධර්මයන් මුහුකුරුවා, තුසී පුර පැමිණ. දස සහශ්රීෑ ලෝක ධාතුව දෙව් බඹුන්ගේ අයජැ මෙන්5 පස් මහ බැලුම් බලා ප්රණථම කල්පෝද්භූත මහාසම්මත


1. වෙනි 2. පෙරව 3. මුළු ලොවට 4. බුදු බව 5. අයැ‍දමෙන්



10 නිකාය සංග්ර හය හෙවත් ශාසනාවතාරය

රජහු පටන් අසම්හින්න ව, පැවති එක වංශ ප්රවසූත සත් ලක්ෂබ සත් දහස් සත් සිය සතානූවක් පමණ රජුන් අතුරෙන් අභිෂේක ප්ර ප්ත තුන් ලක්ෂර සුතිස් දෘස් පන් සිය එකානූවක් පමණ හිරු ගොත් රජුන් කෙරෙහි අන්තර්ගත ව -

- එකල කපිල වාස්තු1 පු‍රයෙහි රජ පැමිනි උභය කුල පරිශුද්ධ ශුද්ධෝදන නරපතිහු නිසා මහාමායා දේවින් කුස පිලිසිඳ දශ මාසාවසනයෙහි වෙසඟ පුණු පොහෝ ලත් අඟහරුවා දින පසළොස් පෑ පිරුණු සඳ විසා නැකතින් ලුම්බිණි නම් මඟුලුයන් හි මවු කුසින් බිහි ව අනුක්ර මයෙන් වැඩී යෞවන ප්රාොප්ත ව යශෝධරා දේවින් ‍ප්රබමුඛ සතලිස් දහසක් පමණ පුරාඞගානාවන් පිරිවරා, රම්ම ය. සුරම්ම ය සුභ ය යන තුන ‍පායෙහි වෙසෙමින් ශක්රර දේවේන්ද්ර් ලීලාවෙන් රාජ්ය. ශ්රී් විඳ, සතර පූර්ව නිමිත්ත දැක, කන්ථක නම් අශ්ව රාජයා පිටට පැන නැඟී මහබිනික්මන් නික්ම -

- එකුන් තිස් අවුරුද්දෙහි මහණ ව, සාවුරුද්දක් මහාවීර්ය කොට ඉක්බිති සුජාතා නම් සිටු දුව දුන් මිහිරි කිරි බත වැළ ඳා සල් වෙනෙහි දිවා විහාර කොට, සවස් වේලෙහි සොත්ථිය නම් බමුණකු විසින් එළවන ලද, කුස තණ අට මිටක් ගෙන බෝ මැඬ කරා එළඹ, ඇසතු බෝ මුල්හි කුස තණ සලා වගුරුවා තුදුස්රියන් විදුරසුන් පැන නැඟී 2 බෝ කඳට පිට ලා, චතුරඞ්ග වීර්යාදිෂ්ඨානයෙන් පලක් බැඳ වැඩ හිඳ සපිරිවාර මරා පරාජය කොට, මගධෙහ්වර වූ බිම්සර රජහට සෙළොස් වැන්නෙහි වෙසෙඟ පුණු පෙහෝ ලද විසා නකතින්, පන්තිස් වන වයසැ, සර්වඥ පද ප්රාහප්ත ව සත් සති ගෙවා, බ්රවහ්මාරාධානා පිළිගෙන ඉසිපතන අයන්හි ධම්සක් පවත්වා, පන්සාලිස් අවුරුද්දක් මුළුල්ලෙහි ලෝ වැඩ වඩා වැඩ සිට, මගධාධිපති වූ අජාසත් රජහට අට වැන්නෙහි වෙසහ පුණු පෙහෝ ලද අඟරුවා දින විසා නැකැතින් කුසිනාරා නුවර මල්ල රජුන්‍ේග උපවත්තක නම් ශාල වනෝද්යාවනයෙහි යුග්ම ශාලාභ්යරන්තර යෙහි ප‍නවන ලද යහන්හි වැඩ හෙව, අලුයම් රාත්රි යෙහි නිරුපධිශේෂ නිර්වාන ධාතුවේන නිවන් පුර පරයාණ වූ සත් වන අවස් එපවත් අසා ශෝකයෙන් වහස්නා අධුනක් මහණ ගණයා3 දැක -


1. කපලවස්තු 2. පැන නැඟි පද 3. ගණා






නිකාය සංග්ර හය හෙවත් ශාසනාවතරය 11

- මහලු කල මහණ වු සුභද්ර න්ම අභද්ර මහණෙක් මහත් වු සන්තොෂයට පැමිණ කියනුයේ “ඇවැත්නි, ‍ශෝක නො කරව. නො හඬව. යහපත නපුර කියා අපට වෙහෙස දෙන මහමහණු මළ පසු මෙවිට අප කැමැත්තක් ම ය. මෙසේ හෙයින් සොම්නස් වුවමනා තන්හි කුම්ක පිණිස දොම්නස් ව හඩව් ද? මෙතැන් පටන් අප කැමැත්ක් කරම්හ. නො කැමැත්තක් නො කරම්හ” යි කී ය.

එකල බුදුන්ගේ තාතීය මහා ශ්රා වක ව සිටි මහසුප් මහ තෙරුන් වහන්සේ එතෙපුල් අසා, මතු එබඳු පාපි මහණුන්ට අවසර නොවන සේ ධර්ම සඞගායනා කරුන කැමැති ව, පන් සීයක් පමණ මහාක්ෂීමණාශ්රොවයන් වහන්සේ පිරිවරා රජගහා නුවරට වැඩ, අජාසත් රජහට එපවත් දන්වා යවූහ. 1

එකල අජාසත් මහරජාණෝ රජගහ නුවර වේහාර පර්වත ප්රා න්තයෙහි සප්තපර්ණි නම් වූ ගල්ගුහා දේවා‍රයෙහි, අනේක ප්රපකාර විචිත්රර චිත්රි කර්මාන්ත විශේෂයෙන් යුක්ත දිව්යු සභාවක් හා සදෘශ්යද වූ මණ්ඩපයක් කරවා, නානාවිධ පුස්පෝපහාර සමලඞකෘත භූමි බාග ඇති කරන රජත මණි තාරකාදීන් විචිත්රප ශ්වේත විතාන බඳවා, ඒ මන්ඩප මධ්යමයෙහි විසිතුරු කෙට, සරහා පනවන ලද ද්වලාතපත්රනයෙන් විරාජමාන වූ ධර්මාසනය පිරිවරා හාත්පස්හි පන්හියක් ආසන පනවා එකල සත් ලක්ෂයක් පමණ ගණ ප්රවධාන මහාක්ෂීාණාශ්රහවයන් වහන්සේට නායක ව සිටි එම මහසුප් මහ තෙරුන් වහන්සේ ඇතුළු වූ ත්රිාපිටක ප්යාප්ති ‍ප්රසභේද ධර ත්රිුවිද්යාු අෂ්ටවිධයායෙහි කෙළ පැමිනි සිවු පිලිසිඹියා පත් පන්සියයක් රහතුන් වහන්සේ එහි වඩා හිඳුවා, හස්ත්ය ශ්ව රථපදාති2 සඞඛ්යාිත චතුරඞ්ගිනි සේනාව මෙහි අතුරු නො හැර සිසාරා රැකවල් ලවා -

ඉක්බිති බුදුන් ජිවමාන කාලයෙහි ම ඒ ඒ ව්යාාතික්රඅම වස්තූත්පත්ති නිමිත්ත කොට ගෙන, ශාසන ස්ථිතිය සඳහා පනවන ලද, පන්සිය පස් විස්සක් පමණ ශික්ෂා, පදයෙන් ප්ර ති මන්ඩිත වූ පරිජි පවිති දෙ පොත හා මහවග ය, සුළුවග ය, පරිවාර ය, ධම්සඟුණු ය, විහඞග පවුරුණු ය, කථාවස්තු ය, පුද්කල ප්රළඥප්ති , ධාතු කථා ය, ඉන්ද්රිසයමක ය. මුල යමක ය,


1. හඟවා වදාළ සේක 2. රථපත්ති





12 නිකාය සංග්රාහය හෙවත් ශාසනාවතාරය

ද්වික පට්ඨාන ය, තික පට්ඨාන ය, ද්වික තික පට්ඨාන ය, දීඝ නිකාය ය, මධ්යතම නිකාය ය, සියුක්ත නිකාය ය, අඞගුත්තර නිකාය ය, ඛුද්දක නිකායෙහි ඛුද්දක පාඨ ය, ධම්මපද ය, උදාන ය, ඉතිරිවුත්තක ය, සූත්රක නිපාත ය, විමාන වස්තු ය, ප්රේධත වස්තු ය, ථෙර ගාථා ය, ජාතක ය, නිර්දේශ ය, ප්රාතිසම්භිදා ය, අපදාන ය, බුද්ධ වංශ ය, වරියා පිටක ය යනාදි වූ ප්රවකරණ විභාගයන් හා දෙ ලක්ෂන පන්සැත්තෑ දහස් දෙ සිය පනස් ග්ර්න්ථ සඞ්ඛ්යා්වක් ඇතුළු වූ සුවාසු දහසක් ධර්ම ස්කන්ධයෙන් යුක්ත වූ පාලි ධර්මය, විනායාභිධර්ම සූත්රු සඞඛ්යාවත පිටක ත්ර යෙහි සඞ්ග්රයහ කරවීමෙන් දිව සුවඳ වර්ෂා වස්වමින්, මහ පොළොව ගුගුරුවමින්, සත්කුල පව් බමවමින් නොයෙක් ලෝකෝත්සව පවත්වමින් . සත් සමයෙකින් ධර්ම සඞගායනාව සාන කරවා, හාරිපුත්රව මෞද්ගල්යාතයන මහාකාශ්ය්පාදි මහාස්ථ විර පරම්පරාවෙන් අසම්හින්න ව පැවැත එන, ථෙරිය නිකාය නම් ලද මේ මහාභික්ෂු සන්නතිය පස් වා දහසක් නොපිරිහි පවත්නා පරද්දෙන් බුද්ධ ශාසනය තන්පත් කරවූහ.

එසේ හෙයින් කියන ලදි .

         “සාධුකාරං දදන්තීව සාසනට්ඨිති කාරණා

සඞ්ගීති පරියෝසානෙ අකම්පිත්ථ මහාමහී” යි

__________











2

ඉක්බිති ඒ අජාසත් රජහු පටන් උදහභද්දය, අනුරාධ ය, මහාමුණ්ඩ ය, නාගදාස ය, සුසුනාග ය යන මේ මගධ රජුන් ස දෙනා ඇවෑමෙහි සත් වැනි ව පැළැලුප්1 නුවර රජ පැමිණි කාලාශෝක රජහු දස වැන්නට අප බුදුන් පිරිනිවී සියක් අවුරුදු සම්පූර්ණ විය.

එකල විශිාලා නුවර මහාවන විහාරයෙහි වසන වජ්ජි භික්ෂූහු “කප්පති සිඞ්ගිලෝණපකප්පෝ, කස්පති ද්වඞගුල කප්පෝ, කප්පති අවිණ්න කප්පෝ, කප්පති ජාතරූපරජතං” යානාින් අභූත පූර්ව වූ අභිප්රාවයානූකූල වූ, දශ වස්තුවක් උපදවා විනය ප්රජඥාප්ති පෙරළා ගෙන, රන් රිදී ආදිය පිළි ගනිමින් ශාසනය භේද කළහ.

එකල්හි යස නම් මහතෙරකුන් වහන්සේ එපවත් අසා විමසා ගොස්, දොලෝස් ලක්ෂයක් පමණ මහරහත්න් රැස් කරවා, ආර්ය ගණ මධ්යසයෙහි ‍රේවත නම් මහතෙර කෙනකුන් වහන්සේ ලවා ඒ දශ වස්තුව පිළිවිස්වා, සබ්බකාමී නම් මහ තෙර කෙනකුන් වහන්සේ ලවා ‍ඒ දශ වස්තුව විසර්ජනය කරවා, විනයාන්විත නොවන බව ප්ර කාශ කොට, ඉක්බිති “ඒ අධර්මවාදින් මර්දනය කරවා2 ධර්මය බුබුළුවමි3” යි මහසඟ පිරිවරින් විශාලා ‍නුවර මහාවන විහාරය බලා නික්මුණු සේක.

එකල ඒ අලජ්ජි වූ වජ්ජි භික්ෂූශු කාලාශෝක රජු කරා ගොස්4 නොයෙක් ලොස කාරණා කියා “මහරජ, අප වසන මහාවන විහාරය නිසා යස නම් මහතෙර කෙනෙක් බෙහෝ සඟ පිරිස්5 හිර ගෙන6 එමින් සිටියහ. ඔවුන් ඇම නවත්වා පියව” යි කීහ.

ඒ තෙපුල් අසා රජ තමා සුශිල දුශ්ශීලයන්ගේ සමාචිර විභාග නොදන්නා හෙයින්. ඔවුන්ගේ මැසිවිලි මුසු අ‍ිරදෝනා බස් ගිවිස, යස මහාස්ථවිරාදි වූ ඒ මහණ ගණයා මාගේ විජිත යට බට නො දෙව” යි, විධාන කොට පිරිස් යැවි. පිරිස් මං වරැද දේවාතානුභාවයෙන් අන් දිසාවක ගියහ.


1. අවෑමෙහි පැළලුප් නුවර 2. කරවා ගෙන 3. බබළවමි 4. වැඩ. 5. පිරිවර 6. අරගෙන


13


14 නිකාය සංග්ර හය හෙවත් හාසනාවතාරය

එම දවස් රාත්රිස භාගයෙහි යහන් මස්තකෙයෙහි1 නිදනුයේ තමා එම මනුෂ්යස ශරීරයෙන් ම ගොස් ලෝකුඹු නරකයෙහි පැසෙන සේ සිහිනේන දැක පිබිඳ, නොනිදා ම හිඳ පහන් කොට දෙවන දවස් තමාගේ සහේදර ජ්යෙනස්ඨ හගිනී වූ රහත් මෙහෙණින්නන්2 දැක එපවත් කීය.

ඉක්බිති ඒ මෙහෙ‍ණින්න 3 විසින් :

“ අල්ලජ්ජීනං බලං දත්වා හාපේති විනයං මම ජිවන්තෝයේව ජාතෝසි ගම්භීරා ලෝහකුම්භියා”

යනාදීන් ‘ මේ ලොකයෙහි ගෘහස්ථ ප්රභව්ර ජිතාදි යම් කිසිවෙක් අලජ්ජි වූ පාපී මහණුනට බලය දී. මා විසින් පනවන ලද වියන ප්රැඥාප්ති පිරිහෙළා සුවහසක් සක්වළ පැතිර පවත්නා වූ මාගේ අඥාව මර්දනය කලේ වි නම්, එතෙම1 ඒකාන්තයෙන් අපායෙහි ම උපදනේ ය. ජිවත්වේ නමුදු නොමීයන තුරු ඒ මනුෂ්යය ශරීරයෙන් ම ගොස්. ගිනි ගෙන දිලියෙන ලොහො දියෙන් පිරී‍ තිබෙන, ඇතිගම්බීර වූ ලොහොකුමු නරකයෙහි උපන්නාහු වැනි වෙයි” යනු බුදුන් විසින් වදාරන ලදී. එසේ හෙයින් මහරජ, ඒ අලජ්ජි වජ්ජින් හැර, ලජ්ජීන් වහන්සේට බලය දී, පස් වා දහසක් පවත්නා බුද්ධ ශාසනයට පිටිවහල් ව, කල්පයක් දවස් දිව්යී මනුෂ්යප සම්පත් විඳිනා සේ කුසල් රාහි වර්ධනය කරව” යි අවවාද කොට ගිය කල්හි එදින ම විශාලා මහනුවරට ගොස් ඒ දස වස්තු ඉපද වූ පාපි මහණුන් පිටත් කරවා එතැන්හි රැස් වූ දොළොස් ලක්ෂයක් පමණ රහතන් වහන්සේ අතුරෙන්. සබ්බකාමී ස්ථවිරයන් වහන්හසේ හා යස නම් තෙරුන් වහනසේ ඇතුළු වූ සත් සියයක් පමණ රහතන් වහන්සේ විශාලා මහනුවර වාලුකාරාම නම් විහාරයෙහි අරස් කරව එම කාලාශෝක මහරජාණෝ ස්ථවිර වාද නම් ලද සියලු ධර්ම විනය දෙක නැවත පිටක නිකායාදි වශයෙන් විභාග කරවමින් අට මසකින් ධර්ම සඞගායනාවසාන කරවා බුදු සසුන් පැවැත්වුහ.

එසේ හෙයින් කියන ලදී :

        “එත්තාවතා දසසහ්සසපාපභික්ඛු

නිද්ධූය ධූතදසවත්ථුමලා අකංපු; යං තේ සුන්ම්මලයසේන යසේන සද්ධිං සඞ්ගඃති මුජ්ඣලිතමලා අපි දස්සිතා සා” යි.


1. යහන් පත්ව 2. මෙහෙණන් 3. හේ තෙමේ.


3

එකල ඒ ද්වීති සංගීති කාරක මහාස්ථවිරවරයන් විසින් තෝරා හරනා ලද, දහදහසක් පමණ පාපි භික්ෂූහු ශාසන ප්රවතිෂ්ඨා නෙලදින් පක්ෂ බල සොයා ප්රහත්ය න්ත දේශයකට ගොස් ධර්මාධර්ම විචාරයට අසමර්ථ වූ මණ්ඩලික රජකුමහු ලදින්” ස්ථවිර වාද බිද අපි ද මෙවිට ධර්ම සංගායනාවක්1 කරම්භ “ යි ඔවුනොවුන් හා මන්ත්රවණය කොට අභූත පූර්ව වූ අපූර්ව පාඨ බහා පුර්වා පාඨ බහා පූර්වාපර විරෝද නො බලා අබිප්රාණයානුකූල වූ අර්ථ කථා උපදවා ධර්මය පෙරළා ගෙන මහාසංඝික නම් ආචාර්ය නිකායක් ව, ජයමහා බෝධියෙන් බට ලහටු කැටියක් සේ එතැන් පටන් ක්රිමයෙන් අවුරුදු සියයක් ඇතුළත මහාස ඝික ය, ගෝකුලික ය, ඒකබ්බෝහාරික ය, ප්රසඥප්තිවාද ය. බහුලික ය, වේචික වාදී ය,2 මහිංසාසක ය, වජ්ජිපුත්තක ය, ධර්මෝත්තරික ය, භද්රයයානිකය ය3 ඡන්නාගරික ය, සම්මිති්තික ය, සර්වාර්ථ වාදී ය, ධර්ම ගුප්තික ය, කාශ්යූපීය, 4 සූත්රග වාදි යැයි කියා සතළොස් නිකායෙක් වුහ. එතෙකුදු වුවත් දෙ වන ධර්ම සඞගායනාවෙහි පටන් ත්රියපිටක ධර්මය එක් සිය අටළොස් අවුරුද්දක් නිර්මල ව පැවැත්තේ ම ය.

ඉක්බිති ඒ කාලාශෝක රජු කෙරෙහි පටන් භද්‍රසේන ය, කෝරණ්ඩ ය, මඞගුර ය, සර්වඤ්ජහ ය. ජාලිකා ය, උසහක ය, සඤ්ජය ය, කොරව්යීය ය, නන්දිවර්ධන ය, පඤ්චමක ය යන දස බෑ රජුන් හා උග්ගසේන නන්ද ය. රට්ඨපාල නන්ද ය, ගෝවිස්නා නන්ද ය, දසසිද්දක නන්ද ය, කේවට්ට නන්ද ය, ධනපාල නන්ද ය යන නව නන්ද රජුන් හා චන්දගුප්ත ය, බින්දුසාර ය යන මේ එක් විසි රජුන් අවෑමේන පැළලුප් නුවර මහත් වු කුශල බල වික්රිම ඇති. අඥා චක්රකවර්ති වූ ධර්මාශෝක නම් මහරජෙක් සිතුමිණි රුවනක් සේ පැන නැඟී අප බුදුන් පිරිනිවී දෙ සිය අටළොස් වන අවුරුදු දස දහසක් යෙ දුන් දඹදිව් තෙලෙහි එකචඡත්රප නංවා රජාභිෂේක ප්රාරප්ත ව දහසින් යොන්නෙක. පොළෙවින් යොන්නෙක, අවටින් සාගර පර් -


1. සඟඞගායනා 2. වෛතුල්ය පාදය 3. භද්රප නිකාය 4. කස්සපිය.


15





16 නිකාය සංග්රාහය හෙවත් ශාසනාවතාරය

යන්ත ව යශස් තේජස් පතුරුවා සුවාසු දහසක් මහරජුන් හා සමග මහ සෙනඟ පිරිවරා අමර ගණානුබද්ධ දේවේන්ද්රා විභ්රනමයේන රාජ්යර ශ්රීන විදුනේ -

මුළු දඹදිව ඒ ඒ රාජධානිවල චෛත්යාාඞගණ, බොධ්යසඞගණ, ප්ර්තිමා ගෘහ, ධර්ම ශාලා. ප්රා සාද, වඞක්රොමණ, ප්රාපකජර, ගෝපුර , පුෂ්කරණි, පුෂ්පාරා, එලාරාමාදින් ප්රරතිමණ්ඩිත වූ සුවා‍සු දහසක් රජ මහ විහාර කරවා, ධාතු කොත් පිහිටුවන දිනයෙහ අහෝකාරාමයට රැස්වූ අනු ලක්ෂයක් ක්සීණාශ්රජව1 භික්ෂූණින් හා අසූ කෙළක් මහ රහත්න්2 වහන්සේගේ3 මධ්ය‍යෙහි සිට ඒ මහර රහත්න්ගේ ලෝක විවරණ මහාප්රාහතියාර්යානු භාවයෙන් සාගර පර්යන්ත වූ මුළු දඹදිව් තලය අයත්නයෙන් බලා සියලු විහාරවල පවත්වන ලද උදාරතර වූ පූජා සත්කාර දැක, මහත් වූ ප්රීාති ප්රපමේද රසාස්වාද කොට ශාසන දායාද සඳහා ප්රතධාන පුත්රග වූ විසි හැවිරිදි මිහිඳු කුමාරයන් හා අටලෝස හැරවිරිදි සඞඝමිත්රා නම් කුමාරිකාවන් දෙ දෙනා මහණ කරවා දවස පස ලක්ෂයක් ධනය වියදසමින්4 බුද්ධ ශාසනයෙහි මහත් වූ ලාභ සත්කාර පැවැත් වී ය.

එකල තීර්ථකයෝ ලාභ සත්කාර සඳහා සසුන් වන්නාහු තමන්ගේ මිථ්යා දෘෂ්ටි ය ම “ධර්ම විනය නම් වේ ය” යි උසස් කොට දක්වමින් ඇවිදිනාහ. පැවිදි නොලබන තීර්ථකයෝ තුමූ වැ හිස කේ කපා කසා පැ පෙරව ඒ ඒ විහාරයට වැද වෙසෙමින් පොහෝ පැවුරුණු කරන සඟ මැදට වැදුනාහු භික්ෂූන් විසින් ධර්ම විනයාදින් නිග්රැහ කළ ද ශාසනානුකූල ප්රනතිපත්තියෙහි නො පිහිටා අනේක ප්රතකාර දුර්ලබ්දි උද්බාවනා කෙරෙමින් ඇවිදුනාහු ම යත එසේ හෙයින් සත් අවුරුද්දක් මුළුල්ලෙහි සිල්වතුන් වහන්සේ ගේ සඞ්ඝ සාමග්රී විශුද්ධියට කාරණා වු පෙහෝ පැවුරුණු නැති ව බොහෝ සේ හාසනය පසු පස්නට වන.

එකල ධර්මාශෝක මහා රජානෝ එපවත් අසා බ්ර හ්ම ලෝකාගත මොග්ගලීපුත්ත තිස්ස මහ තෙර්න් වහන්‍ේස කරා එළඹ සත් දවසක් විහාරයෙහි ම රඳා සියලු සාමායාන්තර


1. ක්ෂිණාශ්ර වාදි 2. මහරහත් ආදි 3. භික්ෂූන් වහන්සේගේ 4. ධන වියදමින්.





නිකාය සංග්රාහය හෙව්ත ශාසනාවතරාය 17

ඉගෙන, එම සත් දවස ඇතුළත යකුන් දෙ දෙනකු ලවා‍ මුළු දඹදිව මහාසඞඝයා ගෙන්වා තමන් නමින් කර වූ පැළලුප් නුවර අශෝකාරාම නම් විහාරයෙහි රැස් කරවා සමාන ලබ්ධික යන් වෙන වෙන ම සිටුවා, ලාබ්ධි භේද විචාරා, සස්සත වාදය, එකච්ච සස්සත වාද ය, අන්තාන්තික ය, අමරා වික්ඛෙපික ය, අදිච්ච සමුප්පන්තික ය, සඤ්ඤිවාද ය, අසඤ්ඤි වාද ය, නේවසඤ්ඤි නාසඤ්ඤි වාද ය, උච්ඡේද වාද ය, දිට්ඨධම්ම නිබ්බාණ වාද ය යනාදි වූ වාද ගෙන මහණ වෙසින් වාසන, ශඨ කූට කෛරාටික ලුබ්ධ මායාවී සැට දහසක් පමණ තීර්ථකයන් සස්නෙන් පහ කරවා ශාසනය ශුද්ධ කොට, වෙහෙර සිසාරා රකවල් ලවා විහජ්ජ වාදි වූ සිල්වතුන් වහන්්සේ ලවා සමගි පෙහොය කරවා, එතැන්හි රැස් වූ සැට ලක්ෂායක් පමන රහතන් වහන්ධසේ අතුරෙන් මොග්ගලී පුත්ත තිස්ස මහ තෙරුන් වහනසේ ප්රයධාන කොට ඇති දහසක් පමණ රහතන් වහන්සේ ලවා නව මසකින් ධර්ම සඞගායනා කරවා ලජ්ජි බලය පරදැරි කරවා බුදු සසුන් පැවැත්වූහ.

        “ යා සට්ඨිතිත්ථිය සහස්සනිසාගන්තං

දුල්ලද්ධිඝෝරතිමිරං විනිහව්ව සම්මා සා තිස්සථෙරරවිනා ගමිතා විකාසං සඞගීතිවාරුනලනී අපි දස්සිතා මෙ’ යයි

_________











4 එකල්හි ශාසනයෙන් පහ කරන ලද තීර්ථකයෝ ශාසන ප්ර තිෂ්ඨා නොලදින් නික්මුනාහු‍ ක්රෝාධයෙන් දිලිහී රජගහා නුවර සමීපයෙහි වූ නාලන්දාවෙහි රැස් ව “ජනයන් ශාසනාවගාහ නොකරන පරිදිදෙන් ශාක්යහ භික්ෂුන්ගේ ධර්ම විනය දෙක බිඳා වුව මැනැව. එ ද වනාහි ඔවුන්ගේ සමය භේද නො දැන නො පිළින. එබැවින් කිසියම් උපායකින් යලි දු මහණ වුව මැනැව” යි ඔවුනොවුන් හා මන්ත්රයණය කොට, පෙරළා අවුත ථෙරිය නිකාය වාසීන් කරා වැද්ද නො හි එයින් හළ මහාසඞඝිකාදි වූ සතළොස් නිකාය වාසින් කරා එළඹ තම්න තීර්ථක බව නො හඟවා මහණ ව, තුමූ ද පිටකත්ර්ය අසා විපර්යාස කොට පෙරළා ගෙන, ඉක්බිති කොසඹෑ නුවරට ගොස් දර්ම විනය බිඳිනා ක්රාම බැණ ගෙන බුදුන් පිරිනිවි දෙ සිය පන්තිස් අවුරුද්දක් ගිය කලස රැසක් ව බෙදී, ස තෙනෙක වෙසෙමින් හේමවත ය, රාජගිරි ය, සිද්දාර්ථක ය, පුර්ව ශෛලි ය, අපර ශෛලි ය, වාජිරිය ය, වෛතුල්යද ය, අන්ධක ය. අන්ය් මහාසඞඝික යැයි නව නිකායෙක් වූහ.

එයින් හේමවන්තයෝ බුදුන් වදාළ තාක් මෙන් සද්ධර්ම ප්ර්තිරූප කොට වර්ණ පිටකය කළහ. රාජගිරිහු අඞ්ගුලිමාල පිටකය කළහ. සිද්ධාර්ථක‍යෝ ශුඨ වෙස්සන්තරය කළහ. පූර්ව ශෛලීහු රට්ඨපාල ගර්ජිතය කළහ. අපර ශෛලීහු ආලවක ගර්ජිත කළහ. වජුපර්වත වාසීහු ගූඪ විනය කළ හ. තව ද ඔහු හැම මායා ජාල තන්ත්රත ය. සමාජ තන්ත්ර ය, මහා සමය තත්තව ය, තත්ත්ව සඞග්රයහ ය, භූත චාමර ය, රජුමෘතය, චත්රග සංවර ය, ද්වාදශ චක්රය ය, හේරුකාද්බුද ය, මහාමායා ය, පදනිඃක්ෂේප ය, චතුෂ්ෂිෂ්ට ය, පරාමර්ද ය, සර්ව බද්ධ ය, ගුභ්යත ය, සමුච්ඡය ය යනාදි වූ තන්ත්ර ද, වරිවි කල්ප ය, භේරම්බ කල්ප ය, ත්රියසමය කල්ප ය, රාජ කල්ප ය. වජු ගන්ධාර කල්ප ය, මරිවි ගුහ්යය කල්ප ය යනාදි වූ කල්ප ද ඉපැද වූහ.

චෛතුල්යූ වාදීහු වෛතුල්යල පිටකය කළහ. අන්ධකාරයෝ රත්න කූටා‍දි වූ ශාස්ත්රා.න්තර රචනා කළහ. අන්යක මහාසාඞගිකයෝ

18







නිකාය සංග්රාහය හෙවත් හාසනාවතාරය 19

අක්ෂයරසාරියාදි වූ සූත්රා්න්ත රචනා කළහ. ඔවුන් ඒ ප්රකකරණ රචනා කළ ක්ර ම වෙන වෙන දක්වත් ඉතා බෙහෙව. මෙසේ නොයෙක් ශාසන භේද ඉපද වුව ද, සර්වඥ ශාසනය තුන් වන ධර්ම සඞගායනාවෙහි පටන් දෙ සිය එකුන් විසි අවුරුද්දක් නිර්මල ව පැවැත්තේ ම ය.

එකල්හි ඒ භික්ෂුත ප්රවතිරූපක තීර්ථකයන් විසින් උපදවන ලද සද්ධර්ම ප්ර්තිරූපයන් අතුරෙන්, වර්ණා පිටකාදි වූ සද්ධර්ම ප්රපතිරූප ජම්බු ද්විපයෙහි ම නිවෘත්ත විය. වෛතුල්යප වාද ය, වාජිරිය වාද ය, රත්න කූටාදි හාස්ත්රම ය යන මේ තුන් ශ්රීි ලඞකා ද්වීපයට ද උපගත විය.

හේ කෙසේ ද යත් :

මෙරට රජ කළ රජුන්ගේන පළමු වන විජය රජ ය, උපතිස්ස ය, පණ්ඩුවාස ය, අහා රජ ය, පණ්ඩුකාභය ය, මුට සීව ය යන රජුන් ස දෙන අවෑමෙහි සත් වැනි ව උපන් දෙ වන පෑතිස්ස නම් රජෙක් බුදුන් පිරිනිවි දෙයිය සතිස් වන අවුරුදු, දඹදිව ධර්මාහෝක රජහට අටලොස් වන්නෙහි මෙලක රජ විය. එකල ධර්මාශෝක මහා රජා‍ණන්1 පුත් මිහිඳු මා හිමියන් වහන්සේ උපසම්පන්න වූ දොළෝස් මස් පිරි පොසොන් මස මැදි පෙහෝ දවස මුල් කැකතින් සිරි ලක වැඩ එම දෙවන පෑ තිස්ස රජහට පළමු වන්නෙහි මේ සිරි ලක සසුන පිහිට ව සේක.

‍ඉක්බිති ඒ දෙවන පෑ තිස්ස රජු පටන් උත්තිය රජ ය, මහාසිව ය, සූරතිස්ස ය, අස්සරියෝ2 ය, අසේල ය, එළාර ය, මහානාග ය, යටාල තිස්ස , ගොළුඅබා ය, කාවන්තිස්ස ය, දුටුගැමුණු ය, සැදෑ තිස්ස ය, තුල්තන3 රජ ය, ලැමැනි තිස්ස ය,4 කලුන්නා රජ ය.5 පඤ්ච ද්රා විඩ ය යන මේ සතලෝස් රජුන් ඇවෑමෙහි වළගම් අභා නම් මහ රජෙක් බුදුන් පිරිනිවී සාර සිය එකුන් සාලිස් හවුරුදු නව රජෙක් බුදුන් පිරිනිවී සාර සිය එකුන් සාලිස් අවුරුදු නව මන් දස දවසක් ගිය කල සිරිලක රජ පැමිනි පස් වැනි මස පර දෙසින් බට සෙ‍බළ දෙමළුන් සත් දෙනකු හා යුද්ධ කොට බිඳි වල් වන.

එකල බුදුන් බෝ මැඩ විදුරසුන් නැඟී මර සෙනඟ බිඳ බුදු වු දවස්. එම විගස ප්රී්ති වේගයෙන් උදන් අනා වදාළ ‘අනේක ජාති ස සාරං” යනාදී ප්රෑථම බුද්ධ වචනය ආදි කොට.6


1. රජාණන් 2. අස්ස රියයෝය , අසවැවේ ය., 3. තුලුන 4. ලැමන්තිස්ස ලද තිස්ස්ය. 5. කලුදුනාරජය, කලුනා රජය 6. අවසන් කොට


20 නිකාය සංග්රරහය හෙවත් හාසනාවතාරය

කෙළවර පරිනිර්වාණ කාලයෙහි වදාළ “වයධම්මා භික්ඛවෙ සඞඛාරා අප්පමාදෙන සම්පාදෙථ”යන පශ්චිම බුද්ධ වචනය අවසන් කොට මේ දෙ අතුර පන් සාලිස් අවුරුද්දක්මුළුල්ලෙහි දිව්ය්, නාග, සුපර්ණ, මනුෂ්යම, යක්ෂල, රාක්ෂ , සිද්ධ විද්යාවධරාදීනට අනුශාසන පිණිස, වදාළ පරිද්දෙන් ම අක්ෂදර වශයෙන්, පද වශයෙන්, ග්රරන්ථ වශයෙන්, බණවර වශයෙන් පරිච්ඡින්ත සඞඝ්යා සහිත ව, අනූන ව අනධික ව, සර්ව දුර්ලබ්ධිය හා අසම්මිශ්රප ව, ත්රිහ විද සඞගායනාරූඪ ව ගගන ගඞ්ගා ප්රනවාහයක් සේ සුපුරිසුද්ධ ව දෑ රඟ මිණි රුවනක් සේ නිර්මල ව, අමෘත මහාමේඝයක් සේ මුළු ලෝ සනහමින්, ත්රිර විධ බෝධී සම්පාදනයට ඍජු රාජ පථයක් ව, සකල න කාමිනී සර්ව සම්පත්ති ලාභයට ඒ කාන්ත කාරණ ව, -

- උපාලි ය, දාසයක ය, සෝනක ය, සිග්ගව ය, මොග්ගලී පුත්ත් තිස්ස ය, මහින්ද ය ඉට්ඨීය, උත්ති ය, සම්බල ය, භද්දසාල ය, අරිට්ඨ ය තිස්සදත්ත ය, කාලසුමන ය. දීඝනාම ය, දීඝසුමන ය, කාලසුමනා ය, මහානාග ය, බුද්ධරක්ඛිත ය, තිස්ස ය, දේව ය, සුමන ය, චූළනාග ය, ධම්මපාලිත ය, ඛේමය, උපතිස්ස ය. ඵුස්සදේව යථ, සුමන ය, පුප්පනාම ය, මහාසීව ය, උපාලිය මහානාග ය, අභය ය, තිස්ස ය, ඵුස්සනාම ය, චූළාභය ය, තිස්ස ය, චූළදේව ය, සිව ස්ථවිර ය යන මේ මහා ස්ථවිර පරම්පරාවෙන් මුඛ පාළි වශයෙන් පැවත ආවා වූ ත්රිඅපිටක ධර්මය එක්තරා ජනපදාධිපයක්හුගේ ආරක්ෂා වෙන් පන්සියයක් රහතන් වහන්සේ මාතුල නම් දනව්වේහි අලු ලෙන වැඩ හිඳ පොත් සඞගායනා කොට ලියැ වූ සේක.

_________











5


ධර්මරුචි නිකාය කථා

ඉක්බිති වළගම් අබා මහ රජ තුදුස් අවුරුදු සත් මසක් ගිය කල සිංහ බළ සෙනඟ ගෙන, දෙමළුන් මරා රාජ්යුය එක්සත් කොට ගිරි නම් නුවටකු විසූ තීර්ථකාරාමයක් විධවා තමා‍ගේ අභය නාමය හා ඔහුගේ ගිරි නාමය හා එක් කොට අභයගිරි නම් විහාරයක් කරවා පූර්වෝපකාරි වූ තිස්ස නම් මහ තෙර කෙනකුන් වහන්සේට පිළිගැන්වි ය.

එකලට ලක් සසුන් පිටිහි දෙ සිය සතළොස් හවුරුදු දස මස් දවසද් අතික්රා්න්ත වීය.

ඉක්බිති ඒ බගිරි වෙහෙර පිළිගත් කෙම්ගලු තිස්ස මහ තෙරුහු කුල සංසට්ඨ ව වෙසෙති යි මහ වෙහෙර වසන සුශීල සංඝයා එක් ව, ඔව්නට පබ්බාජනීය කර්මය කරන කල්හි , එම සඟ පිරිසැ හුන්, ඔවුන් ඇතැවැසි මහදැළියා තිස්ස නම් ශිෂ්ය යෙක් “අප මහ තෙරුන් වහන්සේට එසේ නොකළ මැනැවැ”යි වැළකී ය. ඔකල “මොහු අශුද්ධාවර්තකයහ” යි භික්ෂූන් වහන්සේ ඕහට උත්ක්ෂේපණීය කර්මය කළ සේක.

එකල එතෙම කෝපයෙන් දිලිහී, පන්සීයක් පමණ භික්ෂූන් බේද කොට හැර ගෙන ථෙරිය නිකායෙන් භින්න ව, අභයගිරි වෙහෙර ගොස් වසනුයේ යට කී වර්ජි පුත්රන නිකායයෙහි ධර්මරුචි නම් ආචාර්යන්ගේ ශිෂ්ය්යන් දඹදිව පල්ලරාම නම් විහාරයෙන් මෙරට අවුත් තමා කරා වන් කල්හි ඔවුන‍ගේ සමය කැමැති ව ඔවුන් හා එක්ව ධර්මරුචි නම් ආචාර්ය ව වසී ය.

එතැන් පටන් අභයගිරි වාසීහු ධර්මරුචි නිකාය නම් වූහ. මෙ‍සේ ධර්මරුචී නම් නිකායෙන් බුදුන් පිරිනිවී සාර සිය සිවු පනස් හමුරුද්දක් ගිය පසු වළගම් අබා නම් මහ රජහු දවස, ඔහුට පසළොස් වැන්නෙහි‍ ථෙරිය නිකායෙන් භින්න ව බගිරි වෙහෙර ව්යාුප්ත වී.


1. ආචාරිව,

21

22 නිකාය සංග්ර හය හෙවත් ශාසනාවතාරය

ඉක්බිති ඒ වළගම් අබා මහ රජහු පටන් මහැදැලියා තිස්ස ය, චෝරනාග ය, කුඩා තිස්ස ය, බලත් සිව ය, වටුක ය, බැළ තිස්ස ය, නිලී ය, පුරෝහිත ය, වාසුකි ය, අනුලා ය, මකලන් තිස්ස ය, භාතිය ය මහදැලියා ය, අමඬ ගැමුනු ය, කිනි හිරිදළ ය, කුඩා අබා ය, සිවලි ය එළුන්නා ය, සඳ මුහුණු ය, යස සිළු ය, සුභ බලතා ය, වැහැප් රජ ය, වැක්නැහැ තිස්ස ය, ගජබාහු ය, මහලු නා රජ ය, භාතිය තිස්ස ය, චූළතිස්ස ය, කුහුන්ණා ය, කුඩා නා ය, කුඩා සිරි නා ය යන මේ එකුන් තිස් රජුන් අවෑමෙහි බුදුන් පිරිනිවී සත් සිය දෙ පනස් හවුරුදු සාර මස් දස දවසක් ගිය පසු ධර්ම ව්යහවහාරයෙහි දක්ෂ වූ ව්ය වහාර තිස්ස නම් රජෙක් මෙරට රජ විය.

ඒ රජ දවස දර්මරුචි නම් වූ අභයගිරි වාසීහු යට කී ධර්මා ශෝක මහ රජහු දවස, ශාසනයනසනු පිණිස මහණ වෙස් ගත් වෛතුල්ය නම් තීර්ථ,ක බ්රා හ්මණයන් විසින් උපදවන ලද වෛතුල්යත පිටකය ගෙන “බුදුන් වදාළ ධර්මය මේ ය” යි දැක්වූහ.

එකල ථෙරිය නිකාය වාසීහු ධර්ම විනය හා සසඳ බල ඒ වෛතුල්යය වාදය “අධර්ම වාදය” යි දුරු කොට පීහ.

එපවත් අසා ව්යායවහාර තිස්ස රජ සර්ව ශාස්ත්ර.යෙහි කෙළ පැමණියා වූ කපිල නම් අමාත්ය යකු ගෙන විනිශ්චය කොට බලා බුද්ධ භාෂිත නොවන බව දැන් වෛතුල්යත වාද ගෙන්වා ගෙන දවා. ඒ ගත් පාපී භික්ෂූනට නිග්රැහ කොට බුදුන්ගේ පර්යාප්ති ශාසනය බැබළවීය.

කියන ලදුයේ මැිය මහාවංසයෙහි :

          “ වේතුල්ලවාදං මද්දිත්වා කාරෙත්වා පාපා නිග්ගහං 

කපිලේන අමච්චෙන සාසනං ‍‍ජෝතයිධිසො”

______________









6

ඉක්බිති ව්යංහාර තිස්ස රජු පටන් අබා තිස්ස ය, සිරි නාග ය, විජසිඳ ය, සඞඝ තිස්ස ය, දැහැමි සිරි සඟ බෝ ය යි රජ ස පරම්පරාවක් ගිය පසු සත් වැනි ව, සිරි ලක රජ පැමිණි ගෝඨාභය නම් මහරජහට සතර වන්නෙරහි එම නර්ලජ්ජි වූ ධර්මරුචි නම් අභයගිරි වාසිහු යළි දු වෛතුල්යෙ වාද ගෙන “බුද්ධ භාෂිතය” යි දැක්වුහ.

එකලට එයින් උස්සිලියා තිස්ස නම් මහතෙර කෙනකුන් වහන්සේ ව්යටවහාර තිස්ස රජු දවස වෛතුල්යන වාද ගත් භික්ෂූන්ට නිග්ර හ කළ පරිදි අසා “යළිදු විචාරවත් ‍රජකු දවස එලෙන වුව යහපත් නො වෙයි. අපි ඔවුන් හා එක් නො වසම් හ” යි සඟ තුන් සියයක් දෙනා හැර ගෙන දකුණුගිරි වෙහෙරට ගොස් ධර්මරුචි නිකායෙන් වෙන් ව විසූහ. ඔහුන් කෙරෙන් සාගල නම් මහ මහ තෙරෙ කෙනෙක් එහි ම හිඳ ආගම ව්යාවඛ්යාදත කළහ. එතැන් පටන් ඔවුන් අතවැසි එහි වසන භික්ෂුහු එම නමින් සාගලිය නම් වූහ. මෙසේ සාගලිය නම් නිකායෙන් බුදුන් පිරිනිවී සත් ිසය පස් අවුරුද්දක් ගිය පසු ගොළු අබා රජහු දවස ධර්මරුචි නිකායෙන් භින්න ව දකුණු ගිරි වෙහෙර සඤ්ජාත විය. පසු ව මහසෙන් රජු දවස දෙනනානක වෙහෙර වයාප්තවිය.

ඉක්බිති ගොළු අබා මහරජ පඤ්ච මහාආවාසයෙහි මහා සඞඝයා රැස් කරවා එපවත් විචාරා වෛතුල්යච වාදය බුද්ධ භාෂිත නොවන බව දැන ඒ ගත් පාපි භික්ෂූන් සැට දෙනකු තෝරා වෙර ලකුණු ඔබ්බවා දේශ ත්යාතග කරවා වෛතුල්යි වාද ගෙන්වා දවා බුදු සසුන් බැබළ විය.

එකල දේශ ත්යාවග කළ මහාණ සැට දෙන අතුරෙන් සමහරු ගොස් කාවීර පටුනෙහි වෙසෙති. එකල්හි එක් තීර්ථක මාණවකයෙක් දේශාන්තරයෙහි සිට ‍කාවේරියට අවුත් පටුන් ගම් වැස්සන් ඔවුන්ට කරන උපචාර දැක ලාභ සත්කාර සඳහා



23


24 නිකාය සංග්ර හය හෙව්ත ශාසනාවතරය

ඔවුන්‍ කෙරෙහි මහණ ව, සඞඝමිත්ර යන1 නමින් ප්රාසිද්ධ ව වසනුයේ දවසක වත් තෙරුන් පැන් සනහන්නට බට ‍දී සිවුරු අතින් ගෙන සිටියේ. ඔවුන් පිට එබූ ලකුණු දැක “මේ කිමෙක් දැයි” විචාරා “ලක්දිව ගොළු අබා නම් රජෙන් මහා විහාර වාසීන්ගේ බස් ගෙන අ‍ප වෛතුල්යී වාද ගත් අභයගිරි වාසීන් සැට දෙනකු වෙර ලකුණු ඔබ්බවා දේශ ත්යාමග කරවා පි ය” යි කී කල්හි “ඊට මා විසින් කුමක්2 කළ මනා දැ”යි විචාරා “තා සමර්ත වුව හොත් සතුරන්ට නොකළ මනා දෙයක් ඇද්දැ” යි කී කල්හි “යහපතැ” යි ගිවිස “මහ වෙහෙර වැස්සන් වෛතුල්ය් වාද හෝ ගන්වමි. ඔවුන්ගේ විහාර මුලිනුදුරුවා හෝ නස්වා පියමහි” යි සැහැසි ව සිංහලයට බැස ගොළු අබා රජු සිත් ගෙන, ඔහු පුත් දෙටතිස් කුමරු හා මහසෙන් කුමරු හා දෙ දෙනා “ශාස්ත්රෙ උගන්වමි” යි පටන් ගෙන, නවමනව3 දෙටතිස් කුරමු හැර බාල වූ මහසෙන් කුරු ගෙන, මතු දන්නා තමා සිත කටයුත්තට කිවා කරවා ග්නාන් පිණිස ශාස්ත්රර ඉගැන්වී ය.

ගොළු අබා රජ තෙමේ තුදුස් හවුරුද්දක දැහැමින් රාජ්ය ය කොට ජන්මාන්තරගත වී ය

එකල සඞඝමිත්රතයා දෙටතිස් කුමරහු කෙරෙහි බියෙන් සොළී රටට ගොස් කාවීර පටුනෙහි වසනුයේ දෙටතිස් කුමරු රජ වී දස අවුරුද්දක් දැහැමින් රාජ්යනය කොට පරලෝ ගිය කල්හි, එපවත් අසා නැවත ලක්දිව් බැස, බගිරි වෙහෙර වෙසෙමින් නොයෙක් ලෙස උත්සාහ ‍කොට පඤ්ච මහාවිහාර වාසින් වෛතුල්යන වාද ගැන්විය නො හී බුදුන් පිරිනිවී අට සිය අටළොස් වන හවුරුදු සිරි ලක රජ පැමිණි, තම ශිෂ්යි වූ මහසෙන් රජු කරා එළඹ නොයේක ලෙස කාරණ කියා සිතට නංවා. මහ වෙහෙර වැසි මහණක්හට අහරක් දුන් කෙනෙක් ඇත්නම් සියක් දඩ ය” යි රජුගේ විදානයෙන් නුවර බෙර ලැවී ය.

එකල මහාවිහාර වාසීහු නුවර බැස තුන් දවසක් සිඟා අහර නොලදින් මහ පායට රැස් ව “අපි ඉදින් සයින් වි නමුත් අධර්මය ධර්මය”යි ගතුමෝ නම්, බොහෝ දෙන එම ගෙන


1. යයි යන 2. කිමෙක් 3. නවම නවම, තම මත දන්නා.




නිකාය සංග්ර හය ‍හෙවත් ශාසනවතරය 25

අපාය ගත වෙති, අපි හාම ද සාපාරාධ වම්හ. ඔබැවින් අපගේ ජිවිතයට අන්තරාය වේ නමුදු වෛතුල්ය, වාද නො ගනුම්හ” යි කථා කොට මහාවිහාරය මිරිසවැටි විහරය, සෑගිරිය ඇතුළු වූ හාත් පස හාම විහාරවල ම සිල්වත් භික්ෂූහු විහාර හැර රුහුණු ජනපදයට හා මලය දේශයට වැඩියාහ.

එකල පාප මිත්රහ වූ සඞඝමිත්රහයා, සෝණ නම් අමාත්යුයකු උපස්තම්භක කරවා ගෙ‍න රජහට කියා ලෝවා මහ පාය ඇතුළු වූ තුන් සිය සිවු සැටක් පමණ වූ පිරිවේන මහ පා මුලිනුදුරුවා නස්වා, විහාර භූමිය සාවා, උදු වපුරුවා පී ය.

එකල බගිරි වෙහෙර වැසි ධර්මරුවිහු ගොස් සෑගිරියෙහි විසූහ. කියන ලදුයේ මැ යි මහාවංසයෙහි-

“මහාවිහාරේ පා‍පේන මහාසේනේන නාසිතේ වසිංසු ධම්මරුචිකා භික්ඛු චේතියපබ්බතේ” - යි.

පසු ව ඒ මහසෙන් රජ රෙම්ඝවර්ණ අභය නම් වූ කල්යා ණ මිත්රි අමාත්යඒයකුගේ සත්පුරුෂ සමා‍ග‍මයෙන් නැවත මහාවිහැරය කරවා ඒ ඒ දිග වැඩි භික්ෂූ සඞඝයා ගෙන්වා ගෙන, සිවු පසයෙන් උපස්ථාන කළේ ය. ඒ රජහුගේ අග බිසෝ තනතුර සිටි රාජ වල්ලභ ලමැණි දුවක් ථූපාරාපය කරවන්නී, වඩුවකු ලවා සඞ්ඝමිත්රතයා‍ෙග් හිස සිඳුවා උල තබඉබ්බවා වෛතුල්යය වාද ගෙන්වා ගෙන දවා පුච. නුවර වාසීහු කිපී සඞඝමිත්රායාහට උපස්තම්භක ව සිටි සෝණ නම් අමාත්යචයාගේ ගෙය බිඳගෙන වැද ඔහු මැඬ මරා, මළ ද, පාප මිත්ර් සංසර්ගය නිසා සුශිල දූශීලයන් නොහැඳින දකුණුගිරි වෙහෙර වසන වඞ්ක සිත් ඇති කොහොන් තිස්ස නම් මහතෙරුන් කෙරෙහි භක්ති උපදවා, ඔවුනට ‍මහවෙහෙර සිමින් ඇතුළත ජෝතිවන උයන්හි දෙන වෙහෙර කරවන්නට පටන් ගත.

රකල්හි මහවෙහෙර වසන භික්ෂූහු “ඇතුළු සිමැ1 නා ාන සංවාසකයන්ට විහිර කළ2 නො හැක්කැ”යි වළක්වා දීත්, බාල රජහු බගිරි විහාර වාසින්ගේ3 බස් ගිවිස “එසේ වුව සීමා

1. සීමා 2. කරවන්නට 3. බගිරි‍යන්ගේ




26 නිකාය සංග්ර හය හෙවත් ශාසනාවතාරය

ඉඟුළුව මැනැවැ”යි නියෝක කළ කල්හි ශාසනාන්තය දක්වා පවත්නා සීමාව අපි නුගුළුවම්හ”යි රහසින් සඟ සත් නමක් බිම් ‍ ගෙයක් රඳවා විහාරය හැර ගියහ.

එකල දෙනා නකයෙහි භික්ෂූහු “සීමා උගුළුවම්හ”යි පටන් ගත්හ. එපවත් අසා, සිතුල්පවු වෙහෙර වසන අභිඥාලාභි වූ හෙරණ කෙනෙකුන් වහන්සේ රාක්ෂස වේශයක් මවා ගෙන, යගදාවක් අතින් ගෙන අමෝරා පිරිස් මැදට වැද දෙනා නකයෙහි භික්ෂූන් ඒ ඒ අත ලුහු බඳවා, නුවර බලා නික්මුණු සේක.

මහසෙන් රජ එපවත් අසා “දැන් ඕහට කිමෙක් කළ මනා දැ”යි විචාරා මහාවිහාර වාසී වූ භික්ෂූ සංඝයා දැක මිස මෙතනින් නො නවත්නේ යැ”යි කී කල්හි “එයින් භික්ෂූන් වහන්සේ බලා වහා ගෙනෙව”යි නියෝග කෙළේ ය.

එකල්හි රජුගෙන නියෝග ලත් අමාත්ය යෝ භූ මි ගෘහයෙහි පළමු ව1 රහස් ව වැඩ හුන් රහත් සත්‍ දෙනා වහන්සේ ගෙන ඇර දැක්වූහ. එ කෙණෙහි රාක්ෂස වේශයෙන් ආවා වූ සාමණේරයන් වහන්සේ අතුරුදහන් ව සිතුල්පවු වෙහෙරට ම වැඩි සේක.

එකල රජ සිම් ඉහිළවිය නො හී, සීමාව ඇතුළත දෙනා වෙහෙර කරවා කොහොන් තිස්ස මහතෙරුන් වහන්සේට ම දින.

ඉක්බිති ඒ තිස්ස තෙරුන් වහන්සේට අන්තිම වස්තුයෙන් සඟ මැද චෝදනා උපන් කල්හි රජහුගේ ධාර්මික නම් වූ අධි කරණ අමාත්යනයෙක් විනිශ්චය කොට බලා විද්යා මාන චෝදනා වන හෙයින්, රජහු නොකැමැති වූව ද මහතෙරුන් දැහැමින් ම සිවුරු හැර වී.

කියන ලදුයේ මැ යි මහා වංසයෙහි :

        “තස්ස විහාරගායිස්ස තිස්සත්ථෙරස්ස චෝදනා

අන්තිමවත්ථුනා ආසි භූතත්ථා සඞඝමජ්ඣගා. විනිච්ඡිය මහාමච්චෝ තදා ධම්මිකසම්මතෝ උප්පබ්බාජේසි ධම්මෙන තං අනිච්ඡාය රාජිනෝ” යි.

1. ම.




නිකාය සංග්රිහය හෙවත් ශාසනාවතාරය 27

එකල්හි සාගලීහු1 දකුණුගිරි වෙහෙරින් අවුත් දෙනා වෙහෙර වැස පසු ව අඹහෙරණ සලවෙන් රජු දවස වෛචුල්යක ප්රාරප්ත වූහ.

කෙසේ ද යත්:

මෙකී මහනේ රජු පටන් කිත්සිරි මෙවන් රජ ය, දෙට තිස්ස ය, බුජස් රජ ය, උපතිස්ස ය යන මේ රජුන් ඇවෑමෙහි මහානාම නම් රජෙක් මෙරට රජ විය. එකල විශුද්ධ බුද්ධීන් මෙරට වැඩි සේක්, බුදුන් වදාළ දෙ ලක්ෂව පන්සැත්තෑ දහස් දෙ සිය පනස් ග්ර්න්ථ සඞ්ඛ්යාෑවක් ඇති ත්රිකපිටක පාලි ධර්මයට තුන් ලක්ෂ එක් සැට දහස් සත් සිය පනස් ග්රමන්ථ සඞ්ඛ්යා‍වක් පමණ අටුවා ලියා පාලි ධර්මයට බැබැළ වූ සේක.

ඉක්බිති සෙන් ගොත් රජ ය, ලමැණි තිස්ස ය, මිත්සෙන් කරල් සොර ය, ෂඞ්ද්රා විඩ ය, දාසෙන්කැලී ය, සීගිරි කසුබු ය, මුගලය්න රජ ය, කුමාරදාස ය, කීර්තිසසේන ය, පැදිසිව් රජ ය, ලමැණි උපතිස්ස ය යන මේ සොළොස් රජුන් ඇවෑමෙහි බුදුන් පිරිනිවී ද්විතීය වර්ෂය සහස්ර්යෙහි අඹහෙරණ සලමෙවන් නම් රජෙක් මෙරට රජ විය. ඒ රජහට දොළොස් වන්නෙහි මෙරටින් කසීරට ගිය පූර්ණ නම් වෙළෙඳ පුත්ර යෙක් වෛතුල්ය වාද ලියූ පොතක් ලැබ, “සැබෑ ධර්මයෙකැ” යි සිතා, මෙරට ගෙනවුත් රජහුට පඬුරු කොට දින.

එකල ඒ රජ පෙර රජුන් සේ ධර්මාධර්ම විභාග දක්නට අසමර්ථ ව, අභයගිරි විහාරවාසීන් හා මන්ත්රනණය කොට, දෙනා වෙහෙර වෛතුල්යබ වාද පොත ගෙන තබා භික්ෂූන් ඊට සත්කාර කරන සේ විධාන කෙළේ ය.

එකල දකුණුගිරි වෙහෙරි්න් අවුත් දෙනා වෙහෙර වසන සාගලීහු “පෙර රජහු වෛතුල්යි වාද ගත් භික්ෂූන්ට නිග්රසහ ‍ොකට දේශ ත්යාරග කරවූහ” යනු අසා වෛතුල්යය වාද පුදයට මන්දෝත්සාහී වූහ.

එකල අභයගිරි වාසිහු ද කාරණා කියා ගිවිස්වා පැහැයෙන් එක් වැනි හෙයින් “දඹ යැ” යි දක්වා බාල දරුවන් කුරුවණුවන්

1. දකුණු සාගලීහු




28 නිකාය සංග්රහහය හෙවත් ශාසනනාවතාරය

කවන අධමයන් සේ දෙනා වෙහෙර වැසී අඥාන මහණුන් ලවා සත්කාර කරවූහ. එතෙකුදු වුවත්, මහාවිහාර වාසීන් හා අනුරාධ පුර වාසීන්ගෙන් නුවණැති බොහෝ දෙන සත්කාර නොකළාහු ම ය.

ඉක්බිති දඹදිවින් බට ජෝතිපාල නම් ආචාර්ය මහාස්ිථවිර කෙනෙක් වෛතුල්ය වාදීන් මර්දනය කොට තමන් දවස ලක් දිව් තෙලෙහි වෛතුල්යණ වාද නොපවත්නා සේ නිශ්ශෝක කළහ.

කියන ලදුයේ මැයි චූළවංසයෙහයි:

        “තද ඒකෝ මහා ථෙරෝ ජෝතිපාලකනාමකෝ

පරාජේසි විවාදේන දීපේ වේතුල්ලවාදීනෝ” - යි.

ඉක්බිති අභයගිරි නිකාය වාසීහු වෛතුල්යක වාද ගන්නවුන් නැති හෙයින්, රජ ගෙයි වසන පුරුෂයකු සිත් ගෙන අසන තැන් කියන මැතියක්හට වියත්නා තනතුරු ගෙන දී, ඔහු මළ පසු1 දෙනා නකයෙහි භික්ෂූහු නිහතමානී ව මහාවිහාර වාසීනට අවනත ව විසූහ.

මෙසේ වෛතුල්යව වාද තුන වරෙක ලක්දිවට පැමිණ පරම බෞද්ධ රජුන් විසින් විසින් ව්යරවහිත වූයේ,2 මෙරට ශාසනය පිහිටි අට සි දෙ පනස් හවුරුද්දක් ගිය පසු. බුදුන් පිරිනිවී එක් දහස් අට අසූ හවුරුද්දක් පිරුනු සඳ, සතර වන වර ඒ පූර්ණ නම් වෙළඳ පුත්රබයා විසින් ගෙනෙන ලදු ව, අඹ‍හෙරණ සලමෙවන් රජු දවස පටන් මෙරට බාල ජනයන් කෙරෙහි පැවැත්තේ ය.

ඉක්බිති අඹහෙරණ සලමෙවන් රජු පටන් දාපුලුසෙන් රජ ය, දළ මුගලන් ය, කුඩා කිත්සිරි මෙවන් ය, සෙනෙවි මහනා රජ ය, ලැමැණි සිඟානා ය යන මේ ස රජුන් ඇවෑමෙහි අග්ර්බෝධි නම් රජෙක් විය. ඔහු දවසක සක්දාමලය, අසක්දාමල ය, දැමී ය, බෑබිරි ය, දළබිසෝ ය, ඇනුරුත් කුමරු ය, දළගොත් කුමරු ය, දළසල කුමරු ය, කිත්සිරි කුමරු ය, පුරවඩු කුමරු ය, සූරිය්බාහු ය, කසුප්තොට ඈපා ය යන මේ දොළොස් මහා කවීහු ඇති වූහ.


1. පසු ව. 2. හස්මී භූත වූයේ




7

ඉක්බිති අක්බෝ රජු පටන් කුඩා අක්බෝ රජ ය, සඞඝ තිස්ස ය, ලමැණි බෝනා ය, අසිග්ගාහක ය, සිරිසඟ‍බෝ ය, ලමැණි කටසර ය, දළුපතිස්ස ය, පැසුළු කසුබු ය, දාපුලු රජ ය, ලමැණි දළුපතිස්ස ය, පැසුළු දළුපතිස්ස ය, පැසුළු සිරිසඟබෝ ය, වල්පිට වසුදත්ත ය, හුනන්නරු රියන්දළ ය, මහලෑපාණෝ ය, අග්රසබෝධි ය, සුව කසුබු ය, පැසුළු අක්බෝ ය, කුඩා අක්බෝය, සලමෙවන් මිහිඳු ය, අදය රජ ය, සෝමිහිඳු ය, මැදි අක්බෝ ය, කුඩා දාපුලු ය, පැසුව අක්බෝ යයි මෙසේ පස් විසි රජ කෙනෙකුන් රජය කළ ඉක්බිති ලක සසුන් පිහිටි එක් දහස් එක් සිය සවිසි අවුරුද්දක් ගිය කල බුදුන් පිරිනිවී එක් දහස් තුන් සිය දෙ සැට හවුරුද්දක් පිරිණු සඳ යුත් වියතුන්1 නො හසළ මත්වළ සෙන් නම් රජෙකත් මෙරට රජ විය.

එරජු දවස වජ්රරපර්වත නිකාය වාසී වූ භික්ෂූ ප්රමතිරූප තීර්ථකයෙක්, දඹදිවින් මෙරඑ අවුත් වි‍රාඞ්කුර නම් අරම්හි වසනුයේ, තමා ගෙනා රත්රන් පසළොස් කලඳක් රජ ගෙයි වසන ගිරිවස ගෙනා රත්රන් පසළොස් කලඳක් රජ ගෙයි වසන ගිරිවස සෙන් නම් අරක්කැමියාට දී, ඔහු ලවා තමා‍ගේ ගුණ රජහට කිය විය.

එකල රජ ඔහුගේ2 ගුණ අසා “රත්රනැ”යි සිතා ගිනි වදනා පළඟක්හු සෙයින් ඒ නුවටහු කරා එළඹ “රහස් බණ යැ” යි සඟවා ඔහු විසින් කියන ලද අධම වූ වාජිරිය වාද ගෙන කෙළෙ සුවහසක් සක්වළ ආඥා පැතිර දිලියෙමින් සිටි රත්න සූත්රාාදි ධර්ම දුරු කොට, එම අධර්ම සමාදානය නිසා, උන් තැනින් ඉගිළ, දෙමළුන්ට නුවර දීළ පොළොන්නරු ගොස් ජන්මාන්තරගත වි. රත්නකූටාදි වූ ශාස්ත්රන ද එසමයෙහි ලක්දිවට බට.

ඉක්බිති මත්වළ සෙන් රජු ඇවෑමෙහි සිරිලක රජ පැමිණි මුගයින් සෙන් නම් මහ රජෙක් බළ පිරිස් ගෙන දඹදිව ගොස් පාඬි රජය පැහැර දමළුන් මරා ‍ලුහුබැඳ මත්වළ සෙන් රජු දවස ගෙන ගිය රජ බෙර, මිණිපා හැර ගෙන ලක්දිව බැස ලෝවාමහාපාය ‍කටුකොහොල් පෙරළා කරවා එහි ම


1. වියතුන් කෙරෙහි 2. රජ ද


29




30 නිකාය සංග්ර හය හෙවත් ශාසනාවතාරය

සුන්බුන් කරවා, තුන් නකය දහම් ගන්වා ලෝ සසුන් සෙමෙහි තබා සද්ධර්ම ප්ර්තිරූප ලක්දිව් වැද්ද නොදෙන සේ කරය වටා රකවල් ලවා දැහැමින් රජය කෙ‍ෙළ් ය.

කියන ලදුයේ මැයි, චූළවංසයෙහි,

       “සද්ධම්ම පතිරූපානං දිස්වා ලෝකේ පවත්තනං

ගණ්හාපේසි තථා රක්ඛං සාගරන්තේ සමන්තතෝ” යැයි

එතෙකුදු වුවත්, වාජිරීය වාදය “රහස් බණ යැ” යි සඟවා පරිහරණය කොට, රක්නා හෙයින් ම්තවළ සෙන් රජුහු පටන් මෙරට ලාමක වූ අඥානයන් කෙරෙහි පැවැත්තේ ය.

_____













8

නීලපට දර්ශනය වනාහි ප්ර්කාශ ව ගිය හෙයින් ශේෂ වී ය. කෙසේ ද යත් :

මෙරට යට කී කුමාරදාස රජු දවස දඹදිව දක්ෂිහණ මධුරායෙහි ශ්රී් හර්ෂ නම් රජෙක් වී ය. එකල සම්මිතිය නිකාය වාසී වූ නුවණැති, සැදැහැ නැති දුෂ්ට මහණෙක් රාත්රිම භාගයෙහි නිල් වස්ත්ර යක් පෙරව වේශ්යාැ වාසයකට ගොස් එහි ලැග, පහන් ව ගිය කල විහාරයට ආයේ ය.1

ඔහුගේ හිෂ්යරයෝ ඒ බව දැක “මේ වේශය යහපත් දැ”යි විචාළහ. එකල ඒ තමා ගත් වේශය බො‍ොහ් දෙනා දුටු හෙයින් එම ප්ර ශංසා කොට, එහි නුහස් කී ය. එතෙපුල් අසා ඔහුගේ වචනකර භික්ෂූහු සිවුරු හැර නිල් පිළී පෙ‍රෙවියහ.

ඉක්බිති හේ තෙමේ “විදග්ධ වේශ්යාාඞ්ගනාවන් හා අනවස්ථිත සුරා‍ පානය හා කාම දේවායා හා තුන භූවන ත්රධයෙහි අසාධාරණ රත්නයැ”යි තබා ගෙන ඊට නමන්සකාර කෙරෙමින්. සෙසු රත්නයන් කදා පහණ සේ නිසරු කොට දක්වා නීලපයට දර්ශන බනම් වූ ග්රනන්ථ රචනාවක් කෙළේ ය.

කීයේ මැ නෝ

        “වේශ්යා් රත්නං සුරා රත්නං රත්නං දේවෝ මනෝභවඃ

ඒතද්ර ත්න ත්රයයං වන්දේ භ්ය න්යංත්කාචමණිත්රීයම්” යැයි

මෙසේ නීලපට දර්ශන ව්යායප්ත වන්නට පයටන් ගත් කල්හි ශ්රීම හර්ෂ දේවයෝ ගෙන්වා ‍ ගෙන කියවා බලා ඉ-

         “න කිං පිබසි දුර්මේධ නරකං ගන්තුමිච්ඡසි

ලවණෝ දකසංයුක්තාස්සුරාස්ස්වර්ගේ‍පි දුරුලභඃ”

යන මේ අව්යසස්ථිත ග්ර්න්ථය දැක” මේ වනාහි ධර්මයෙක් නො වෙයි. ශාසන භේදයෙකැ”යි දැන “මා වැනි ආඥා චක්ර”වර්තියක්හු මීට උදාසීන වුව හෝත් බුදු සස්න නස්සේ ය” බොහෝ සත්හු අපාය භාග් වෙති. පස් වා දහසක් පවත්නා


1. ගියේ ය.


31


32 නිකාය සංග්රවහය හෙවත් ශාසනාවතාරය


බුද්ධ ශාසනයට මා පිටිවහල් වුව මැනැවැ”යි සිතා, දර්ශනයෙහි පහන් එකක්හු මෙන් නීලපටධරයන් හා ඔවුන්ගේ පොත් පත් හා ගෙන්වා ගෙන, පත් පොත් හා සමඟ ඔවුන් පායෙක ඇතුළු කොට අග්නි පූජා කළහ. එකල එයින් වැරද ගිය ශේෂය මුල් නුසුන් ව්යා ධියක් මෙන් මෙවක් පෙරවා පැවැත්තේ ම ය.

ඉක්බිති යට අවසන්හි කී මුඟයින් සෙන් රජු කෙරෙහි පටන් සිරිලක රජ කල උදා රජ ය, කසුප් රජය, පැසුළු කසුබු ය, දාපුලු රජ ය, කුඩා දාපුලු රජය, උදය රජ ය, සෙන් රජ ය, උදා මහ රජ ය, පැසුළු සෙන් රජ ය, මැදි සෙන් රජ ය, කුඩා මිදෙල් රජ ය, සල මෙවන් රජ ය, මිහිඳු රජ ය, වික්රජම බාහු රජ ය, මහලේ රජ ය, වික්ර්ම පාඩි රජ ය, ජගත්පාල ය, පරාක්රුම පාඬි ය, ලෝකේහ්වර සෙනෙවි ය යන මේ එකුන් විසි රජුන් ඇවෑමෙහි සිරිලක රජ පැමිණි මහලු විජයබාහු නම් හරජාණෝ සයාසු හවුරුද්දක් මුළුල්ලෙහි ලක්දිව ගම් නිගම්ගම් රාජාධානි පුරා උන් දෙමළ මහසෙනඟ සාදා, සිරිලක එක්සත් කොට ශසන ප්රාතිෂ්ඨාව පිණිස “මඑකම් කරවමි” යි පටන් ගෙන ගණ පුරණයට යටත් පිරි‍සෙයින් සිල්වත් සඟ පස් නමක් පමණ නොලදින් කලකිරුණා වු සිත් ඇති ව ලක්ෂ ගණන් මුතු මැණික් දේශාන්තරයට යවා, අරමණ රට වැසි ස්ථවිර පද ප්රාවප්ත සිල්වත් සඟ පස් විසි නමක් හා පත් පොත් ගෙන්වා ගෙන මළුකම් කරවා ලක්දිව නොයෙක් දහසක් ගණන් මහා සඞඝයා ඇති කරවා ශාසන වර්ධන කරවූහ. __________










39



9

ඉක්බිති ඒ මහලු විජයබාහු රජහු පටන් ජයබාහු ය වික්රකමබාහු ය, ගජබාහු ය යන මේ තුන් රජුන් ඇවෑමෙහි අප බුදුන් පිරිනිවී එක් දහස් සසිය සයානු අවුරුද්දක් ගිය පසු සිරිලක රජ පැමිණි මහාසම්මත පරම්පරාසනුයාත රජ වංශෝද් භූත රාජාදිරාජ නෛක දිගන්ත ව්යා ප්ත යහෝමරිවි මාලාවෙන් විරාජමාන වූ. ශ්රී සඞඝබෝධි ශ්රී පරාක්රයමබාහු නම් වූ මහලු මහ‍රජාණේ රාජ්ය් ශ්රී පුරුදු ව උදාරතර කුසලානුභාවයෙන් යුක්ත ව, තුන් සිය සිවු සැටක් පමණ වන්නි පත්තු සාධා, ද්වීප චක්රාවර්ති ව පළමු අන්නොන්ය විවාදයෙන් නැසුණු ලක්දිව ඇති විවර සිංහල චිවර සිංහල සෙනඟ රැස් කරවා, සූ විසි ලක්ෂ පස් විසි දහසක් පමණ රන් සිරි බන් අගම් පඬි සෙනඟ හා එසේ ම ජය විරුදු ලා සිටින නව ලක්ෂ පස් අනු දහසක් පමණ නැවැණි මහසෙනඟ හා සමඟ කොට මහ බළ සෙනඟ අතුරෙන් දහසක් පමණ සිංහල යෝධ‍ෙය‍න් දේශාන්තරයට යවා සොළී පාඬි රජයෙහි පටන් අරමණය දක්වා යුද්ධයෙන් සාධා ස්වදේශ දේශාන්තර දෙක්හි එක පැහර අණ සක පතුරුවා “ශ්රීෙ ලඞකා ද්වීපයෙහි බහු නායකත්වය නොකැරෙන සේ රාජ්යක සූත්ර්ය පවත්වමි” යි සිතා -

අධිකාර , සෙනෙවිරත්, ඈපා, මාපා, මහලෑන, මහරැටි නා ඇනුනා, සභාපති නා, සිටු නා, සිරිත් ලේ නා, දුලේ නා, වියත් නා, මහනෙද නා, මහනැකති නා, දහම්පසක් ‍ නා යන මෙකි ප්රෑධාන ප්රැවෘත්තිය ද, වියත් පත් අට ගණය ද, අට මඩිගය ද, සතර මුදලය ද නියම කොට “අටකුරුව ද දෙ නව දහසක් ගත්තර ඉවර ද යන මෙකී සියල්ල අඛණ්ඩ ව පැවැත්ත මැනැවැ”යි ව්යාදවස්ථා කරවා මහත් රජ සිරි විඳිනාහු

          “සොත්ථිප්පසත්ථජනතා ජනතානභූත

භූපා සලිලරමණි රමණීයරූපා ඵිතා පුලත්ථිනගරී නගරීතිතුඞග- ගේහා ම7හාධිපවරා පවරා පුරානං”


33



34 නිකාය සංග්රවහය හෙවත් ශාසනාවතාරය

යනාදීන් වර්ණණීය වූ පොළොන්නරු නුවර සිසාරා පූර්වාරාම ය, දක්ෂිණාරාම ය, පශ්විමාරාම ය, උත්තරාරාම ය, කපිල වාස්තු ය, ඉසිපතන ය, කිසිනාරාරාමය වේළුවනාරාම ය, ජේතවනාරාම ය, ලඞ්කාතිලක ය, ත්රි්වඞ්ක ය, ඇතුබද ලෙන ය. යනාදි වූ විසිතු විහාර කරවා එහි නොයෙක් දහස් ගණන් මහාසඞඝයා වස්වා -

- “ශත්රැ රාජ චෝලකුලාන්තක” “උද්ධෘත රාජ නිර්මූල” “දුරුලබ්ධි මථන” “දුර්නීති වාරණ” “පරම කෘතඥ” “සකල දිග්විජය” “අන්තශ්වර ශත්රැ්විජය” “සරණාගත වජු පඤ්ජර” “පරමන්ත්ර” භේද වික්රදම ප්රයතාප” “අකලඞ්ක” “සර්ව ශාස්ත්රීග1 ශිරොමණී” “කෘත්යාරනුකෘත්යර නිශ්චය” පරරාජගෝධුර්ජටී, නෘහර කෛරවරාජහංස, පරනාරි සහොදර, අරිරාජජ වේශ්යාර භූජඞ්ග” යනාදි තමන්ගේ අභිනය වීරවිරුද නාමයෙන් තුන් සිය සැටක් පිරිවෙන් කරවා, තුන් දහස් හත් සියයක් මාලුවරුන් වහන්සේට නිරන්තර ව උපස්ථාන කෙරෙමින් ස්වස්ථයෙන් වසන්නාහු -

- පූර්වෝක්ත ක්රසමයෙන් ශාසනය භින්න කරනු සඳහා අන්ය් තීර්ථකයන් විසින් උපදවන ලදුව, නින්දිත ව, පැවත එන වෛතුල්යව පාදි වූ අධරුමය “ධර්ම ය” යි පවත්වා ගෙන වසන පාපි මහණුන් නිසා යට කී වළගම් අබා මහරජහු පසළොස් වන්නෙහ පටන් තමනගේ සතර වන්නට, එක් දහස් දෙ සිය සිවු පනස් අවුරුද්දක මුළුල්ලෙහි හින්න නිකාය ව. ශාසනය පිරිහෙන පවත් ආස -

“සුප්රි ශුද්ධ බුද්ධ ශාසනයෙහ් මෙවැනි කිලුටක් අස අසා මා වැනි ආඥා චක්රසවර්තියක්හු උදාසීන වුව හොත් බුදු සස්න නස්සී. බොහෝ සත්හු දු අපාය හාක් වෙති. පස් වා දහසක් පවත්නා බුද්ධ හාසනයට මා වහල් වුව මානැව”යි ප්ර්ඥා පුරස්සර කරුණායෙන් සඤ්චෝදිත හෘදය ඇති ව” මෙසේ නස්නා ශාසනය කවර කෙනෙකුන් වහන්සේ පිටු වහල් කොට ගෙන, නිර්මල ව පවත්නා පරිද්දෙන් ශුද් ධ කෙරෙමින් දෝ හො”යි සිතා -


1. ශත්රැ්





නිකාය සංග්රරහය හෙවත් ශාසනාවතාරය 35

- එකල්හි ත්රිරවිධ හාසනයට ආධාර ව සිටි, අඛණ්ඩාච්ඡිද්ර තාදි විවිධ ගුණ නගණෝපලක්ෂිත, ඖදුම්බරගිරි අරණ්ය වාසී මහා කාශ්යඩප ස්ථවිර ප්ර මුඛ, මහා විහාර වාසී මහාසඞඝයා වහන්සේ කරා, එළඹ එපවත් දන්වා, -

- ඉක්බිති නිර්මල වූ සර්වඥ ශාසනය දුෂ්ප්රළතිපත්තීන් කෙලෙසන ධරුමරුචි ය, සාගලික ය, වෛතුල්යු වාදි ය යන නිකාය1 වාසී වූ නොයෙක් සිය ගණන් දුශ්ශීල පාපා භික්ෂූන් ගෙන්වා ලතා මණ්ඩපයෙහි සන්නිහිත කරවා තුන්යම් රාත්රිලයෙහි සිටි පියෙහි සිට, ඔවුන් හැම දෙන ම ශාසනාපගත කරවා, එම කුශාලානුභාවයෙන් ඔවුන් අවසන්හි සුවාසු දහසක් රන්ගිරි කුළින් විරාජමාන වූ හිමාලය වන ප්රනදේශයෙහි ස්වර්ණ ගිරි ශිඛරයෙක කල්පස්ථායි වූ නරදේව නම් දිව්යය රාජ ව උපන්හ.

මෙ‍ෙස් එකල පවත්වන ලද ශාසන ශුද්ධිය ඒ රජහු ස්වර්ගස්ථ වූ සංවත්සරයෙහි පටන් සතිස් අවුරුද්දක් නිර්මල ව පැවැත නැවත පෙර පරිද්දෙන් ම පිරිහෙන්නට වන් කල්හි එම මහලු පැරකුම් රජහු පටන් පණ්ඩිත විජයබාහු ය, කිලිං කෙසේ දා මිහිඳු ය, කීර්ති නිශ්ශඞ්ක ය, වීරාබාහු ය, වික්රමමබාහු ය, වෝඩගඞ්ග ය, ලීලාවතී ය, පරාක්ර්මපාඬි ය, යන මේ පසළොස් රජුන් ඇවෑමෙන් සිරි ලක රජ පැමිණි මාඝ නම් ලද පුර්වාභිධාන ඇති කලිඞ්ග විජයබාහු නම් මහරජහුගේ පූර්වාභාග ප්රලවෘත්ත මහවියවුලින් පුලස්තිපුරාදි පුරාතන ස්ථානයෙන් ඉගිළ පත්පොත් ආදි පිරිකර තුබූ තුබූ තෙන හැර ශරණාන්වේෂී ව, මායා රජයට පැමිණි මාහාසඞ්ඝයාට චීවරාදි චතුර්විධ ප්රනත්යේය ප්රනදානයෙන් උපස්ථාන කොට වෙසෙමින් ශාරිපුත්ර මහාස්වාමීන්ගේ2 ශිෂ්යා තත්කාල ශාසනානුශාසක සඞ්ඝරක්ෂිත මහා ස්වාමීන් හා දිඹුලාගල වනවාසී මේධඞ්කර මහාස්ථවිර ප්රයමුක මහාසඞ්ඝයා වහන්සේ ජම්බුද්රෝ ණි නම් පුරවරාසන්නයෙහි තමන්ගේ නමින් කරවූ විජය සුන්දරාරාම නම් මහාවිහාරයෙහි රැස් කරවා -


1. නිකාය ත්රාය 2. මහා ස්වාමින්







36 නිකාය සංග්රමහය හෙවත් හාසනාවතාරය

මහාසඞඝයා වහන්සේ කෙරෙහි උපන් නොයෙක් විවාද මහෝත්සාහයෙන් සන්සිඳුවා, අමුතු කතිකාවතකුදු කරවා බොහෝ ශාසනෝපකාර කළ විජයබාහු වත්හිමි නම් මහාරාජාණන්ගේ අතිජාත පුත්රෝ වූ ශත්රැපපඞ්ක1 විශෝෂණ ශරත් මාර්තණ්ඩ මණ්ඩලායමාන වූ, ජම්බුද්රෝිනි පුර නිවාසී වු කලිකාල සාහිත්ය1 සර්වඥ පණ්ඩිත පරාක්ර්මබාහු නම් මහ රජාණෝ සිරිලක රජ පැමිණ අධිකතර රාජාභිමාන උපදවා, පොළොන්නරු, පුලච්චේරි, කොටසර, ගංතළා, කවුඩාපුලු, කුරුඳු, පදීමානා, මතුගොන, ඩෙබර පටුන්2 ඌරාතෝ, ගොමුඬු, මීපාතොට, මණ්ඩලී, මන්නාරම් ආදි වූ ඒ ඒ ස්ථාන යෙහි කඳවුරු බැඳ උන් දෙමළ මළල, ජාවකාදි වූ සතුරු වියවුල් සංසිඳවා සකල ලඞ්කා තලය, හස්ත ගත කොට රාජ්යව ශ්රී විඳිමින් -

- ශ්රීනවර්ධනපුරාදි නානා ස්ථානයෙහි විසිතුරු විහාර කරවා, මහාසඞඝයා වහන්සේ එහි වස්වා, චීවර පින්ඩපාත ශයනාසන ගිලාන ප්ර ත්ය ය යන සිවුපස දානයෙන් උපස්ථාන කොට වසන්නාහු ඒ ඒ තන්හි ප්රශමාද විහාරි ව වසන හාසනාවවර කුල පුත්රටයන්ගේ ශසන පරිහානිකර වූ අනාචාර බහුලත්වය අසා, ශ්රනද්ධාවත් පූර්ව රා‍ජෝත්තමයන් විසින් මහෝත්සාහයෙන් සෙමෙහි තබා ලූ ශාසනය මා දවස මෙලෙස වීම අනුචිත වේ දැ” යි සිතා දිඹුලාගල පරම්පරාවෙන් පැවත එන බුද්ධවංස වනරතනාභිධාන මහාස්ථවිර පාදයෙන්ගේ3 ප්රුදාන ශිෂ්යන වූ ආරණ්යඑක මේධඞ්කර මහාස්වාමී ප්රිමුඛ උභයාවාසයෙහි කාරක මහාසඞඝයා වහන්සේ සන්නිහිත කරවා, සාදර සිතින් සඟ මැදට වැද ශාසන ස්වරූප දක්වා භික්ෂූ භාවයට අයෝග්යා වූ දුශ්ශීල ශීල විපන්නයන් පහ කදරවා ශාසනය ශුද්ධ කොට ප්රභමාද විහාරින්ට අවසර නොහරන4 ලෙස අවවාදඅනුහාසනා කොට ග්ර න්ථධුර විදර්ශනාධුර යෙදී වසන සේ විනයානුකූල ව පැවැත එන ශාසන සිරිත පස්වා දහසක් පවත්නා පරිද්දෙන් කතිකා කරවා -

උභයාවාස අඛණ්ඩව ව පැවැත්ත මැනවැයි සිතා පුටහත්ත සේලාභිධාන පළාබත්ගල බ්රඩහ්ම විමානෝපම වූ ප්රාිසාදයක්


1. පඞ්ක, ශත්රෑ පඞ්ක වි‍ශේෂ 2. දෙබර පටන. 3. ස්ථවිරයන් වහන්සේ 4. නොහරින





නිකාය සංග්රහහය හෙවත් ශාසනාවතාරය 37

කරවා, රූක්ෂ ප්රෙතිපත්ති පූරණයට ආත්මක්ෂම වූ අල්පේච්ඡතාදි ගු‍ණෝපේත ප්රාතිපත්ති සාර වනවාසි භික්ෂූන් එහි වස්වා, දහස් ගණන් මහාසඞ්ඝයා උපසම්පන්න කරවා තමන්ගේ සහෝදර මල් වූ භුවනෙකබාහු නම් ඈපාණන් ලබා බොහෝ මහණ ගණයාට අසන තැන් කියවා අපමණ ශාසනාභිවෘද්ධි කරවා බුදු සසුන් බැබළවූහ.

එකලට අප බුදුන් පි රිනිවී එක් දහස් අට සිය නව අවුරුද්දක් අතික්රා න්ත විය.

යට කී මහානාම රජු දවස බුද්ධඝෝෂ නම් අටුවාචාර්ය මහාස්ථකවිර පාදයන් පටන් මේ අතුරෙහි බුද්ධදත්ත ය, ධරුමපාල ය, ජෝතිපාල ය, ක්ෂේම ය, ධර්මශ්රීහ ය’ නන්ද ය, ආනන්ද ය, අනුරුද්ධ ය, උපතිෂ්යන ය, බුද්ධරක්ෂිත යථ, මෞද්ගල්යාදනය ය යනාදි වූ ආචාර්ය මහාස්ථවිරයන් හා එසේ ම ඒක ශ්රැ,තීන් නෛක සහශ්ර‍ ග්‍රන්ථ ධාරණයට සමර්ථ වූ වජු ඥාන ඇති ශාරිපුත්ර් මහා ස්වාමින් පාදයන් පටන් සඞ්ඝරක්ෂිත ය, සුමඞ්ගල ය, වාගිහ්වර ය, අධර්මකීර්ති ය, නාගසේන ය, ආනන්ද ය, වේදේහ ය, බුද්ධප්රියය ය, අනවමදරශී ය යනාදි මාහාස්ථවිරවරයෝ නොයෙක් ටීකාර්ථ කථා හා තත්ර්දි වේශෝපාය වූ අනේක ප්රාකාර ධර්ම ප්රාබන්ධ හා සන්න ගැටපද පිටපත් ආදිය උපදවා බුදුන්ගේ පර්යාප්ති ශාසනය බැබැළවූහ.

එසේ ම ශ්ලෝක සිද්ධාර්ථ ය, සාහිත්ය් විල්ගම්මුළ ය, ඇනුරුද්ධ ය, දීපඞ්කර ය, මයූරාපාද ය, ධර්මසේන ය යනාදි ස්ථවිරයන් හා ශුරපාද ය, ධර්මකීර්ති පාද ය, ධීරනාගපාල ය, රාජමුරාරි ය, කිවිරාජශේඛර ය, අග්රදපණ්ඩිත ය යනාදි වූ ගෘහ්ස්ත පණ්ඩිත ජනයෝ ධර්මානුගත ‍ශ්ලෝක ප්රරබන්ධන මහා විචිත්රාවර්ථ ප්ර කාශ වූ සන්න ගැටපද හා නොයෙක් ධර්ම ව්යා ඛ්යාාන ඉපදවූහ. ව්යාතඛ්යාරන උපදවමින් ප්රානඥවරයෝ බුදුන්ගේ පර්යාප්ති ශාසනය බබුළුවමින් සිටියාහු ම ය.

"https://si.wikibooks.org/w/index.php?title=ශාසනාවතාරය_-_i&oldid=5579" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි