ශාසනාවතාරය - iii

Wikibooks වෙතින්

ගාථාවන්හි හා ශ්ලෝකයන්හි අදහස

1. සසුනෙහි පැවැත්මට කාරණා වශයෙන් සාධූකාර දෙන්නියක මෙන් මහපොළොව සංඝායනාව අවසානයෙහි කම්පිත විය. 2. අලජ්ජීන්ට බලය දී, මගේ විනය ප්ර ඥප්තිය පිරිහෙළයි නම් ජීවත් ව සිටිය දීම ගැඹුරු ලෝකුඹු නිරයෙහි උපදින්නෙහි ය. 3. මෙසේ දස දහසක් පාප භික්ෂූන් දුරු කොට. සසලා දුරු ක‍රන ලද දශ වස්තු නමැති කිලිටු ඇති ඒ භික්ෂූහු ඉතා නිර්මල වූ යශ තෙරුන් සමග යම් සංගායනාවක් කළාහු ද, හැර දමන ලද දොස් ඇති එය ද දක්වන ලදී. 4. සැට දහසක් තීර්ථකයන් නමැති රාත්රිලයට පැමිණි, ඒ දුර්ලබ්ධි නමැති ගනඳුර මැනවින් වනසා යම් මේ සඞ්ගීතිය නමැති නෙළුම් විලක් තිස්ස තෙරුන් නමැති හිරු විසින් පුබුදු වන ලද ද, ඒ සඞ්ගීතිය නමැති මනෝඥ නෙළුම් විල ද දක්වන ලදී. 5. හේ මෙහි කපිල නම් ඇමතියා ලවා වෛතුල්යි වාදය මර්දනය කරවා පාපීන්ට නිග්රහහ කරවා ශාසනය බැබළවීය. 6. පාපි වූ මහා සේන විසින් මහාවිහාරය වැනසූ කල්හි ධර්මරුචි නිකායික භික්ෂුහූ චේතිය පව්වෙහි විසූශ. 7. විහාරය පිළිගත් ඒ තිස්ස තෙරුන්ට අන්තිම වස්තුවෙන් කරන ලද සත්යක වූ ද, සංඝයා අතරට පැමිණියා වූ ද චෝදනාවක් විය. එකල්හි ඒ ධාර්මික නම් මහාමාත්යවයා එය විනිශ්චය කොට රජු නොකැමැති ව සිටිය දීත් දැහැමින් ඔහු සිවුරු හැර වීය. 8. එකල්හි එක් ජොතිපාල නම් මහ තෙර ‍නමක් විවාදයකින් දිවයිනෙහි වෛතුල්යුවාදීන් පරාජය කළහ. 9. ලෝකයේ සද්ධර්ම ප්ර්තිරූපයන්ගේ පැවැත්ම දැක, මුහුදුබඩ හාත්පසින් එසේ රැකවල් ගැන්වී ය. 10. වේශය රත්නය, සුරා රත්නය, අනංගයා යන මේ රතනත්රතය වඳිමි. මෙයින් අන්යග වූයේ කදා මිණි තුනකි. 11. මෝඩය, කුමක් නිසා නො ‍බොන්නෙහි ද? නරකයට යාමට කැමැත්තෙහි ද? ලුණු දිය හා මිශ්ර් වූ සුරාව ස්වර්ගයෙහි ද දුර්ලභ ය.





81 82 නිකාය සංග්ර්හය ගැටපදය

12. යහපතක් වේවා. ප්රනශස්ත වූ ජනතාවක් ඇති, ජනයාට ආරක්ෂා. ස්ථාන වූ රජුන් ඇති ලීලා සහිත රමණීන් හෙවත් ස්ත්රීරන් නිසා රමණීය දැකුම් ඇති, පර්වත ආකාරයෙන් උස් වූ ගෘහයන් ඇති ශ්රෙනෂ්ඨ අධීපතීන් ඇති, පුරයන් අතර උතුම් වූ පොළොන්නරු පුර සමෘද්ධ ය. 13. කැළණි නම් නගරය ප්රා්සාද, උතුම් බෝධී, සක්මන් මණ්ඩප යන මෙයින් ද, පවුරු ශාලා, පිළිම ගෙවල්, චෛත්ය ය යන මෙයින් ද, සිත්කලු වූ සල්පිල්වලින් ද, ඉතා මනෝඥ වූ දොරටු තොරණ යන මෙයින් ද බබළයි. 14. අනන්ත වූ කාන්ති ඇති වස්තූන්ට ආධාරය වූ, මහත් අලංකාර වූ ලංකා නමැති ස්වර්ණ පර්වතයෙහි වාසය ඇති, සතුරන් නමැති ඇතුන්ගේ කුම්බස්තල බිඳීමෙහි දක්ෂය වූ වීර අලකේශ්වර නම් සිංහයා විරාජමාන වෙයි. 15. සිත්කලු ගුණ නමැති මැණික්වලට ආකාර වූ, මහා මේරුව මෙන් සාර වූ, විපක්ෂ ජනයා නමැති මත් ඇතුන්ට දර්පිත වූ සිංහ රාජයෙක් වූ, කවි ජනයා නමැති නෙළුම්වලට සූර්යයා වූ, මහත් තේජස් ඇති වීරබාහු ඈපා තෙමේ මුළු ලක්දිව දිනයි. 16. නිර්මල වූ මහත් ශ්රයද්ධා ඇති, සාරවත් දානයෙහි ඉතා ඇලුණු, දැන ගත් ආගම තත්ත්ව ඇති දයාවෙන් උදාර වූ සිත් ඇති හෝ බුද්්ධ පුත්රහයන්ට (සංඝයාට) හා බමුණන්ට ද, සෙසු යදියන්හට ද උතුම් ගම් ද, ගව, ගජ, අශ්ව, ස්ත්රීව, දාස යන ‍ෙමාවුන් ද දන් දුන්නේ ය. 17. අනික් රජුන් හා අසමාන වූ මානය ඇති, මහත් වූ ධනය දීමෙහි වෙසවුණු හා සමාන වන ප්ර්ජාව සතුටු කිරීමෙන් ලද වර්ණනා ඇති රජතෙමේ දුරු කරන ලද සතුරන් ඇති ත්රිත සිංහලයට අනුශාසනා කරයි. 18. මත් ඇතකු කරා මෙන්, නිතර ආ යදියන් නමැති බිඟු කැල, ඒ රජ තෙමේ දාන නමැති රසයෙන් නොහොත් මද ජලයෙන් පිනවයි. තමා ද ඔවුන්ගේ ස්තුති ගීතිකා ක්රොණ කොට ගෙන පිනවෙයි. 19. ජීන ශාසනයෙහි උදාර වූ මනොඥ වූ නුවණ ඇති යමෙක් ඉදින් හට ගත් සසුන් මල (කිලුටු) සෝදන්නේ ද, හේ ඒ පිනෙන් දිව්යස ලෝකයන්හි බොහෝ කලක් හැසිර, ඒ පිනෙන් ම ඉතා රම්ය වූ උතුම් වූ ශාන්ති පුරයට (නිවනට) යෙයි. 20. අප විසින් නො අසන ලද, මේ ග්රයන්ථයෙන්ම දන්නා ලද, කුසක් තිබේ දැයි ද, සියල්ල දනිමු යි ද, මෙහි ලා නොසිතිය යුතු ය. මගේ මේ වචනය ආලෝක සහිත පහනක නැවත තෙල් වත් කිරීමක් වැන්න. නිතර නොයෙක් දිශාන්ත‍යන්හි පැතුරුණූ මහත් තේජස් නමැති දහක් රශ්මියෙන්, පතළ දුර්ජන නමැති සියලු දරුණු අඳුරු




නිකාය සංග්රනහය ගැටපදය 83

ඉතිරි නො කොට බිඳ සජ්ජනයා නමැති භෘඞ්ගයන් හා හංසයන් සහිත වූ සංඟ නමැති නෙළුම් විල සතුටු කොට, උතුම් රාජාදි වූ සූර්යයෝ ලංකා නමැති අහසෙහි බොහෝ කාලයක් සතුටු වෙත්වා. 21. මූනීන්ද්රකයාගේ ධර්මය බොහෝ කාලයක් පවතීවා. රජහු ධර්මයෙහි පිහිටියාහු වෙත්වා. මේඝය කලට වසීවා. සියලු ප්ර ජාවෝ ද අන්යො න්යන මෛත්රිය ප්රදතිලාභ සැපය ලබත්වා. 22. පෙර රම්ය‍ වූ ශඞ්ගාශ්රීහ පුරයෙහි භුවනෙකබාහු රජ රජය කරන කල්හි යම් ධර්මකීර්ති නම් යතීශ්වරයෙක්. 23. ගඩලාදෙණි ගමෙහි සද්ධර්මතිලක නම් විහාරය කරවා එහි බොහෝ කාලයක් විසී ද. 24. ඔහුගේ ශිෂ්යෙ පුත්රන වූ, නුවණැති, දේවරක්ඛිත ජයබාහු යන නමින් ප්රෝකට වූ ලෝ වැස්සන් විසින් පුදන ලද. 25. යමෙක් ධර්මකීර්ති මහාස්ථවීර ය යි ඒ නමින් බැබළුණෞ සඟරජ බවට පැමිණ බුදු සසුන බැබළවී ද. 26. හේ සියලු කල්හි සර්වලඥ ශාසනයෙහි අභිවෘද්ධිය සඳහා මේ නිකාය සිග්රුහය සිය බසින් සැකෙවින් කෙළේ ය.












සද්ධර්ම රත්නාවලිය

1-13- පිරිවෙන් භාවිතය සඳහා නියමිත සද්ධර්ම රත්නාවලිය 1-13 කොටස නව සංස්කරණය දැන් ලබාගත හැකිය.

• දීර්ඝැ ප්රකස්ථාවනාව • පිරිසිදු පෙළ • දීර්ඝැ ගැට පද විවරණය සහිතයි.

සංස්කාරක :- එල්. ගුණරත්න පොතක මිල රු. 30/- තැ.ගා. 5.00

ජාතක කථා සංග්රනහය

විචාර විවේචන හා රසවිඳීමු සහිත නව සංස්කරණය දැන් ලබාගත හැකිය.

සංස්කාරක :- නන්දසේන රත්නපාල පොතක මිල රු. 30/- තැ.ගා. 5.00

රත්නපොත් ප්ර්කාශකයෝ 513 මරදාන පාර කොළඹ 10.





වැලිවිටියේ ධම්මරතන ස්වාමීන් විසින් රචිත නිකාය සංග්රධහයේ පරිෂ්ට සංග්රමහය ශ්රී්ඝන සකලශාසනශ්රී භාරධාරි ශ්රීධ ලඞ්කාද්වීපොද්භූත පූර්වෝපචිත කුශලබලසමුද්භව විවිධ ගුණමණඩන මණ්ඩිත විබුධජන නිසේචිත සකල නිතිසාගරගත නෛක දිගන්තර‍ව්යාජප්ත කීර්තිප්රගතාප හා ශ්රචඬාශීලාදි ලෞකික ගුණගණාඞ්ගසඞ්ගත වූ පෘථීවීශෟවරයන්ගේ කුලපරම්පරාව ද ත්රෛතලොක්යීතිලක සකලඥෙය සාගරපාරගත අශෙෂජන වන්දනීය ගුණරත්න මන්දිරායමාන අප තථාගත අර්හත් සම්යඅක් සම්බුදුරජාණන් වහන්සේ‍ගේ ශාසනපරම්පරාව ද පස්වෙනි බුවනෙකබාහු නරේන්ද්රබයන්ගේ කාලය දක්වා දේවරක්ෂි්තාභිධාන පූර්වනාමොපලක්ෂිත ධර්මකීර්ති යන අර්ථාන්විත නාමයක් ඇති ජයබාහු මහාස්ථවීරපාදයන් වහන්සේ විසින් ලියන ලද්දේ ය.

එතැන් පටන් මෙවක් දක්වා පෙර පැවති නරදෙව වංශය හා සම්බුද්ධ ශෘසනය පිළිබඳ වූ ශ්රීවලංකාද්වීපප්රයවෘත්ත පුවෘත්තාවශේෂය අලිඛීත බැවින් ඒ ලෙඛාපනයෙහි අභිලාශීයෙන් නානාද්ග්දෙශගත සර්වජනාකීර්ණ ප්රා සාද මාලාසමලඞ්කෘත වීථිවිනපාසොප ශොභිත වූ කොළොම්පු කෞතුකාගාරය අයත් පුස්තකාලයෙහි දෙවෙනි තැන් පත් වික්ර මසිංහ මැතිහු විසින් අරියන ලද බැවින් විද්යොදය පරිවේනාධීපති සකලවිශිරොමණිභූත සුගතශාසනශ්රීනභාරධාරි ඉදංකාල ශාසනානුශාසක ශ්රී පාදස්ථානයෙහි හා ගාලුකෝරළයෙහි ද සියලු මායා රටට අයත් වන කෝරළයෙහි ස සඞ්ග නායකධුරන්දර හික්කඩුවේ ශ්රීය සුමඞ්ගලාභිධාන යතීන්ද්රොෝත්තමයාණන් වහන්සේගේ ශිෂ්යු වූ වැලිවි‍ටියේ ධම්මාරතනාභිධාන ස්වාමීන්වහන්සේ විසින් එම ජයබාහු මහාස්ථවීරයන් වහන්සේගේ නයනමුඛයෙහි එලුබ මහවස් රාජාවලී සසුන්වස් ඈ මොනවට අවලෝකනය තොට සැකෙවින් ලියන ලදී. හෙද වනාහි නිකාය සංග්රයහයේ පරිශිට සංග්රාහයක් වේ. එහෙයින් ශ්රලද්ධාවන්ත සකලසජ්ජනයන් විසින් සමාදරයෙන් ඇසිය යුතු, සමව ලොකනය කටයුතු.

ඉක්බිති යට කියන ලද ඒ වීරබාහු රජහුගේ ඇවෑමෙහි ශ්රීන පරාක්රරමබාහු නම් රජකේ ජයවර්ධනපු‍රයෙහි උත්තම රාජ්යව ශ්රීයයට පැමිණියේ ය. ඒ රජතුමාණෝ සැදැහැයෙන් පෙර රජුන් සේ තෙරුන් කෙරෙහි නෙක් පුද ඇරබ දළදාව උදෙසා දැකුම් කලු උතුම් තුන්බුමු පහයක් කරවා නවරුවන් ඔබා ලූ රුවන් කරඬුවක් හා ඒ වසා නන්රුවන් ඔබා ලූ රන්මුවා කරඬු තුනක් කරවා දළදාව වැඩූ සේක. තව ද ඒ මිහිපති තෙමේ පෙර රජුන් විසින් කරන ලද පුදසිරිත් අසා “මම ද එසේ ම අනලස් වූයෙම් රජයෙහි සියලු ලාභයෙන් තෙරුවන් පුදමි” යි සිතා, දළදා පුජා දී නොයෙක් පුද පවත්වා, විහාරාරාම පරිවෙණාදිය කරවා, ගම්වර දී දහම් පොත් පත් ලියවා, මහා සඟනට අඩු නොවන තරම් පස සැලැස්වුයේ ය.


86 නිකාය සංග්ර යහේ පරිශිෂ්ට සංග්රමහය

කියන ලදුයේ මැ යි මහාවංසයෙහි

“අනෙකෙසු ච චාරෙසු - කාරාපෙත්වා මහුස්සවං මහාපූජඤ්ච කාරෙත්වා - කාරෙසි උපසම්පදං” යි.

තවද ඒ නරදේව තෙමේ උදාරතර වූ පිංකම් කොට, දෙපනස් අවුරුද්දක් රජසිරි විඳ දෙව්ලොව ගියේය.

ඉක්බිති ඒ ශ්රීඳ පරාකුමබාහු රජු පටන් ජයබාකුමරු ය, පැසැලු භුවනෙකබාහු ය, පැරකුම්බා කුමරු ය, විරිය පැරකුම් කුමරු ය, දහම් පැරකුම් කුමරු ය, විජයබා කුමරු ය, කුඩා භුවනෙකබාහු ය යන මේ සත් රජුන් ඇවෑමෙහි බුදුන් පිරිනිවී දෙදහස් අනුපස් වසක් පසුවුණු කල්හි සෙංකඩගල ශ්රීු වර්ධන පුරයෙහි වීරවික්රහම කුමාර තෙම රජ විය. ඒ මිහිපල් තෙමේ සිවුසඟරාවතින් රජය කරනුයේ සැදැහයෙන් සසුන් කෙරෙහි නොයෙක් පුද පවත්වනුයේ සිය රජගේ අස උතුම් පා ද වඩා සෑයක් ස දෙබුමු පොහෝ ගෙයක් ද පුරය අවට සයාසූවක් සඞ්ඝාවාස ද කරවා, නිවෙස්වා සදහම් ඇසී ය. තව ද ඒ රජ තෙමේ ශ්රීන පාද චෛත්ය ස්ථානාදියෙහි සුවඳ මල් පහන් ආදියෙන් නොයෙක් පින්කම් කොට උපසම්පදාවකුදු කරවනු කැමැත්තේ මහවැලි ගංතොට බොහෝ ගෙවල් කරවා තුන්රට වැසි භික්ෂූන් එහි වඩා, දසදික් පතළ නොයෙක් කීර්ති ඇති දර්මකීර්ති මහාස්ථවීරයන් වහන්සේ ප්රිමුඛ පන්තිස්නමක් මහසඟ පවරා, මහපුද පවත්වමින් තුන්සිය පස් පණස් නමක් කුල පුත්රවයන් තෝරා උපසම්පදාව දෙවී.

කීයේ මැ නො: මහාවංසයෙහි:- “ධම්මකිත්තිමහාථෙර - පමුඛං පඤ්චතිංසතාං භික්ඛුසඞ්ඝං නිමන්තෙත්වා - කාරාපෙන්තො මහුස්සවං තිසතෙ පඤ්චපඤ්ඤාස - කුලපුත්තෙ ච සාධවො උච්චිනිත්වා ගාහෙත්වාන - දාපෙසි උපසම්පදාං” යි.

තව ද ඒ රජ තෙමේ පෙර පැළලුප්නුවර මහසෙන් රජ මහසඟනට තමා සියතින් උපයන ලද භොගයන් දෙන ලද ලවත් අසා, තෙමේ ද තදනුක්රිියා කරනු කැමතියෝ හැල් කෙතක් අස්වද්දා එයින් ලද ධාන්යහයෙන් මොනවාට දානයක් පැවැත්වී. මෙසේ ඒ නරශ්රෙ ෂෟඨයන් සග මග හෙලි කොට රාජ්යා කරන කල්හි මූදුබඩ රටවල තැනින් තැන සිටි හිරුගොත් කුල රජුන් අතුරෙන් මායාදුනු නම් නරේන්ද්රටයෙක් විය. ඔහු පිත් රාජසිංහ යයි ප්රුසිඬ අරිටු කුමරෙක් පියා මරා රජයට පැමිණ, සීතාවක්පුර වසනුයේ මද කලක් සසුන් කෙරෙහි පැහැද සිට, එක් දිනෙක දන් දී අවසානයෙහි පීතෘඝාතක කර්මයෙන් බිහිසුණු සිත් ඇත්තේ “පීතෘඝාතක කර්මය කෙසේ නසම් දැ” යි මහ තෙරුන් විචා‍ළේ ය. එවිට මහතෙරහු “මහරජ අනතිරියපා කළහු කම්වූ පරිද්දෙන් අනතුරු අත්බැව්හි මහනිරයෙහි දරුණූ දුක් විඳින්නාහු ය” යි එහි විශාල බැවි පල කොට කළ පව්කම් නසනට නිකාය සංග්රයයහේ පරිශිෂ්ට සංග්රවහය 87

අසමර්ථහ”යි වදාළ බස් කණ ලූ යවුලක් මෙන් වැටහී දණ්ඩෙන් ගසන ලද විෂ ඝොර සපෙකු සේ කිපී, ශිවභක්තියන් පිළිවිසී ය. එවිට ඔවුන් විසින් තමන් සිත් වූ පරිද්දෙන් කියන ලද වචනය අමා තෙපුලක් මෙන් අසා, මිසදිටු ගෙන භවය කෙලෙසු බව ලොවට පවසන්නා සේ ‍ඇඟ අලු ගා ශීවභක්තිකයෙක් විය. තව ද දුර්මති වූ ඒ රජ තෙමේ සසුන් වනසනු කැමැත්තේ භික්ෂුව සංඝයා මරවා, දහම් පොත් ගිනිලවා, දාගැබ් මහබෝ - පිළිමාදිය නටබුන් කරවා, දිවාකර විරහිත නහස්තලය සේ එක හෙලා අඳුරු කොට ලක් සසුන් වනසා අවිචීයෙහි උපන. මේ රජු දවස ලක්දිව බොහෝ කලක් පටන් පරම්පරානුගත ව පැවත ආ දර්මශාස්ත්රර සම්බන්ධ පොත්පත් ආදිය හා උපසම්පදාව ආදි ශාසනකෘත්යතයෝ ද විනාශොපගත වූහ. මෙසේ ඇති කල්හි සසර බිය ඇති ශාසනගත කුල පුතරශො යෝ තැනින් තැන ගොස් සිවුරු හුර ගියෝ ය.

ඉක්බිති ගඟසිරිපුර හිරුගොත් කුල උපන් කුමාරයෙක් කොළොම් තොටට පැමිණ ගෝව රටට ගොස් එහි මහබලැති ප්රකධානයා මරා සම්මාන ලැබ පෙරළා ලක්දිවට බැස කුරිරු රාජසිංහ ඇවෑමෙන් බුදුන් පිරිනිවී දෙදහස් එක්සිය පන්තිස් වන වර්ෂයෙහි ශ්රීරවර්ධන පුරයෙහි විමලධර්මසූය්ය්හස යයි ප්රකසිද්ධ නරපතියෙක් විය. හෙතෙම ශ්රහද්ධාතිශය පෙරටු කොට ශාසනොපස්තම්භක වූයේ සපරගමු රට දෙල්ගමු වෙහෙර වඩන දළදා වහන්සේ ගෙන්වා රජගේ අද දෙමහල් පහයක් කරවා එහි වඩා පුද පැවැත්වී ය. තව ද ඒ මහාරජාණෝ මුළු ලක්දිව උපසපන් මහණුන් නැති බැවින් අරකම් රටට ඇමැතියන් යවා නන්දුචක්රජය, චන්දජලාශය යන මහාස්ථවීර දෙදෙනා වහන්සේ ප්රමධාන කොට ඇති අතිරේක දශවර්ගික භික්ෂූන් ගෙන්වා ශ්රීවවර්ධනපුරයෙහි වස්වා උපස්ථාන කොට, බුදුන් පිරිනිවී දෙදහස් එක්සිය හතලිස්වන වර්ෂයෙහි මහා වැලිගඟ ගැටඹෙතොට උදකොත්ෂේප සීම‍ාවෙහි මාහැඟි මණ්ඩපයක් කොට, භික්ෂූන් එහි වඩා උන්වහන්සේලා කෙරෙහි ලක්දිව කුල පුත්ර්යන් ශාසනගත කරවා, උපසම්පදාව දෙවා, බුදුසසුන් සෙමෙහි තබාලූ සේක. තව ද සූය්ය්ඩා විරහිත අහස සේ කලක් අඳුරුව තුබූ ලක්දිව සසුන් ඇති කොට හෙළා කළ ාවූ විමලධර්මසූර්ය තෙමේ දොළොස් අවුරුද්දක් දැහැමෙන් රජය කොට පැවිදිව සිටි සොහොවුරාණන් ගෙන්වා උපපබ්බාජනය කොට රජය දී කම් වූ පරිද්දෙන් ගියේ ය.

ඉක්බිති ඒ සේනාරත්න නම් රජ පූර්වනරවීරයන් සේ දැහැමින් රජය කරන කල්හි මූදුබඩ සිටි මිසදිටු කුදිටු අරිටු ප්ර තිකාල්ලු ඒ ඒ රටට ගොස් ග්රාමම‍ක්ෂේතුදිය හා ආරාම බොධි චෛත්යමදිය නටබුන් කොට ලෝ සසුන් වැනසුවෝ ය. එකල ඒ රජතුමන් දන්තධාතූන් වහන්සේ නිර්භයස්ථානයෙක්හි පිහිටුවා මොනවට රැක එපුරයෙන් නික්ම මහියඞ්ගනයට ගොස් එහි වසන කල්හි මෙහෙසී තොමෝ පිනැති පුත් රුවනක් ප්රනසව කළා ය. එදවස ම රෑ වෛරී දෙටු පුත් බිහිසුණු සීනයක් දැක බියෙන් පෙරළා කොළොම් තොට සමීපයට ආයේ ය. යළිඳු නරපති තෙමේ තමන් සතු

88 නිකාය සංග්රළයහේ පරිශිෂ්ට සංග්ර හය

සියල්ල රැක ගෙන ශ්රී වර්ධන පුරයට පෙරළා අවුත් තුන් බූ පුතුන්ට තුන් රට රජය දී නොයෙක් පින්කම් කොට සත් හවුරුද්දක් රජය කොට කමු වූ පරිද්දෙන් ගියේ ය. 

ඉක්බිති ඒ සේනාරත්න රජහුගේ අනුජාත පුත්රජ වූ කුමාරසිංහය ය, විජයපාල කුමරු ය, රාජසිංහ කුමරු ය යන මේ තුන් රජුන් ඇවෑමෙන් බුදුන් පිරිනිවී දෙදහස් දෙසිය දෙවිසි වර්ෂයෙහි පැසුලු විමලදම්රිවි යයි ප්රවසිද්ධ නරපතියෙක් මෙසිරිලක රජ විය. හෙතෙමේ මෙත් කුළුණෙන් ආර් ද්රය වූ ලයැතියේ ශ්රයද්ධාතිශය පෙරටු කොට ලෝසසුන් වැඩ ඇරබ, දළදා පුද සඳහා සිත් කලු තුන්බුමු පහයක් කරවා විසි පන්දහසක් රන් අලෙව් ‍රිදීමුවා කරඬුවක් කොට එහි දළදා වඩා මහපුද පවත්වනුයේ ලක්දිව් උපසපන් මහණුන් නැති බැවින්, පන්සියය පන්සියය බැගින් ශ්රසමණ පරිෂ්කර සදවා වෙනත් පඬුරු සමග ඇමතියන් රක්ඛඞ්ග දේශයට යවා සන්තාන ස්ථවීර ය, ලොකරාග පුද්ගල ස්ථවීර ය යන දෙදෙනා වහන්සේ ප්ර ධාන කොට භික්ෂූන් පවරා, තෙතිස් නමක් භික්ෂූන් මෙහි ගෙන්වා, ශ්රීකවර්ධන පුරයෙහි වසවා, සිවුපසයෙන් උපස්ථාන කොට, මෙපරිද්දෙන් ගංතොට උදකොත්ෂේප සීමාවෙහි තිස්තුන් නමක් උපසපන් කරවා, නැවත එකසිය විස්සක් කුල පුත්රියන් පැවිදි කරවා, නිතර සිවුපසයෙන් උපස්ථාන කොට විනයනය පුරුදු කරවා, බුදුසසුන් බැබලවීය. එහෙයින් කියන ලදී. මහාවංසයෙහි - “දානාදිනෙකකුසලෙ සුදයො සුධීරො ලොකෙකනාථමුනිරාජ වරස්ස තස්ස සොහෙසි සාසනවරං ඉති සාදරො ව ජොතෙථ සාසනවරං සත්තප්පමත්තා” යි

ඒ රජ තෙමේ මෙසේ ලෝකශාසන සංග්රසහ කොට දෙවිසි වසක් විසුයේ මරුවා වසඟ විය.

ඉක්බිති එම රජහුගේ පුත්රස වූ ශ්රීට වීරපරාකුම කුමාර තෙම රජ විය. ප්රෙඥාවීර ගුණයන්ට මන්දිරායමාන වූ හෙතෙමේ පිය රජ සේ පින්කම් කරනුයේ දළදා පුජාද පිය රජහුගේ කාලයෙහි උපසපුව කාලයෙහි ලත් භික්ෂුන්ට මහොපකාර ද කොට අනත් කුල දරුවන් පැවිදි කරවා ශ්රයද්ධ‍ාවෙන් ශාසන සංග්රපහ කළේ ය.

තව ද ඒ රජ තෙමේ තමන්ගේ කාලයෙහි පැවිදි වූ හෙරණ තැන් අතුරෙන් යමෙක් අ‍ාත්මාර්ථයෙහි හා පරාර්ථයෙහි පරිත්යාඅග කරන ලද ජීවිත ඇත්තේ ද ලක්දිව පවත්නා සසුනඹර සඳ සේ පතළේ ද, ඒ සරණඞ්කර සාමණේරයන් වහන්සේට ධර්මාමිෂ දෙකින් සංග්රළහ කරන්නේ උන් වහන්සේ ලවා එකොළෙ‍ා‍ස් දහසක් ග්ර‍න්ථය‍න්ගෙන් යුක්ත ධර්මසංග්රතහය ද මහාබෝධිවංසයට හා භෙසජ්ජමඤ්ජුසාවට සිංහල විවරණයක් ද කරවා වෙනත් නොයෙකුත් පින්කම් කොට තිස් තුන් වසක් රජය කොට මරහු වසඟ විය.

නිකාය සංග්ර හයේ පරිශිෂ්ට සංග්ර හය 89

ඉක්බිති ඒ ශ්රීස වීරපාරක්රටම නරේන්ද්රොසිංහ නිරිඳට අනතුරු ව මෙසිරිලක රජ පැමිනි ශ්රී් විජයරාජසිංහ නම් රජෙක් බුදුන් පිරිනිවි දෙදහස් දෙයින එකොන්ය ශීති වර්ෂයෙහි රජයට පැමිණියේ ය.

හෙතෙමේ තෙරනුවන් කෙරෙහි පැහැද රසණඞ්කර නම් සාමණේරයන් වහන්ස් නිසා ශ්ර ද්ධාතිශය පෙරටු කොට පින්කම් කරනුයේ “පෙර රාජසිංහ රජහුගේ කාලයෙහි ශෙෂ වූ කුදිටු පරඞ්ගි නම් දුර්ජනයෝ ඒ ඒ තැන වැස ඔවුන් ගත් බල්ධිය මිල දීමාදියෙන් මිනිසුන් ගන්වත්” යයි අසා කෝප වී ඇමතියන් යවා, ඔවුන්ගේ ගෙවල් හා පත් පොත් ගිනි ලවා, තව ද ඒ දෘෂ්ටි නොහරින්නන් රටින් නෙරපා මිසදිටු අඳුර දුරලී ය. එකල මෙසිරිලක උපසපන් මහණුන්ගේ අභාවයෙන් ශාසනය ප්රුහීණ වූ බව් දැන කම්පිත වූ සිත් ඇත්තේ “බුදුසසුන් කොතැන පවතී දැ”යි ඕලන්දයින් විචාරා ‍පේගු, ඇරකන්, සියම් යන තෙරට පවත්නා බැව් දැන හසුන්පත් සමග ඇමතියන් යවා විචාරා එකලට සියම් රට අයොධ්ය පුරයෙහි බුද්ධශාසනය ඉතා නිර්මල ව පවත්නා බැව් අසා, ලක්දිවට ගෙනෙනු පිණිස මහත් වු පූජොප කරණ හා රාජ සන්දෙශ දී ඇමතියන් යැවී ය. එසේ හෙයින් කියන ලදි; මහාවංසයෙහි

                  “තං තං රට්ඨෙ විචාරෙතුං - පවත්තිං මුනිසාසනෙ

මුලහාසාය සන්දෙසෙ - ලිඛාපෙත්වාන සාධුකං

දත්වාමච්චාදයෝ රාජා - පෙසෙත්වාන විසුං විසුං අයොජ්ඣවිසයෙදානි - සාසනං සුවිනිම්මලං

සුට්ඨු සුන්දරභාවෙන - වත්තතීති කථං සුතො නරාධිපො තතො එව - ලඞ්කං නෙතුං ජිනත්රුජෙ

පණ්ණාකාරෙහි නෙකෙහි - පූජොපකරණාදිහි සන්දෙසම්පි ව දත්වාන - අමච්චෙ පෙසෙසි තදා” යි.

මෙසේ උදාරතර පින් කළා වූ ඒ රජ තෙමේ අට අවුරුද්දක් රජය කොට මරහු වසඟ විය. ඉක්බිති ඒ රජහු විසින් යවන ලද ඇමතියෝ ගෙන ගිය ප‍ඬුරු බෙතාවියේ තබා, අයොධ්යාජ පුරයට පැමිණ ධාර්මික රජු දැක, තමන් ගිය කරුණු සැලකොට එහි වසන කල ලක්දිව රජු ස්වර්ගස්තවු බව දැන ගන්නට ලැබී, කම්පිත සිත් ඇතියෝ පෙරළා ශ්රී වර්ධන පුරයට ම ආ‍වෝ ය.

ඉක්බිති ශ්රීඇ විජය රාජසිංහ රජු ඇවෑමෙහි බුදුන් පිරිනිවි දෙදහස් දෙසිය අසුහත් වන වර්ෂයෙහි මහිපල් කුල’ග සසුන් පිටිවහල් අපමණ ගුණදර වූ කීර්ති ශ්රීත රාජසිංහ නම් ක්ෂජත්රිවය තෙමේ මේ සිරිලක ජනයන් විසින් පෙර මොනවට කරන ලද පිනින් නරශ්රොෂ්ඨ විය. හෙතෙමේ ‍මහත් රාජර්ඬි යෙන් නුවර පැදකුණු කොට “අරාජක ලක්රජය සරාජකය” යි හඟවා ශ්රීම වර්ධනපුරයෙහි වෙසෙමින් අසරන සරණ සරණඞ්කර සමණේරයන් වහන්සේ නිසා ශ්රහද්ධාතිශය පෙරටු කොට ‍සසුන් වැඩිමට පතා ආ කෙනෙකු 90 නිකාය සංග්රාහයේ පරිශිෂ්ට සංග්රීහය

සෙයින් පින්කම් කරනුයේ දළදා පුද ඈ මොනවට පවන් ගත්තේ ය. මෙසේ ඒ රජ සිවුසහරාවතින් දනන් මන තොස්වා රජය කරන කල්හි ලක්වැසියන්ගේ පර කළ කමින් දෝ සසුන්පල් සුරන්ග් දොසින් දෝ රජසිහරජ සමයෙහි ලඞ්කාරක්ෂාේව පිණිස යොදන ලද මහ බලැති ඕලන්දයෝ කිපි ඒ ඒ ගම් නියම්ගම් වෙහෙර දෙව්මැඳුරු විසුම්හල් ඈ නොයෙක් ප්රපකාරයෙන් විනාශ කළාහු ය. එහෙයින් කියන ලදී. මහවංසයෙහි,

       “තං තං රට්ඨඤ්ච ගාමඤ්ච - විහාරෙ දෙවමන්දිරෙ

සෙතුවිස්සමසාලාදී - විනාසෙසි අනෙකධා”යි.

එකල්හි එපවත් ඇසූ නරශ්රෙටෂ්ඨ තෙමේ යුද්ධක්ෂ්ම මහඇමතියන් යවා, පරසතුරන්ගේ දරුණුකම් වළකනු නොහැකි වුයේ දලදාව හා මෙහෙසිය ද සාරධනය ද මොනවට රක්නා පිණිස උපරජුන්ට භාර කොට වනදුර්ග රටට යවා, මහබලැති සුරවීරයන් පෙරටු කොට බිහිසුණු යුද කොට, පරසතුරන් සාධා පෙර ලෙසින් නුවර සුද්ධ ‍කවෙී. තව ද දළදා මැඳුර ඈ මොනවට සරසා, දළදා වියොවුන් වූ දුක් නොඉවසන්නේ වනදුර්ගයට ගොස් ඒ වඩා ගෙනවුත් තබා සියලු පෙර පූජාවිධිය පැවැත්විය. මෙසේ සතුරු වියවුල් සන්සිඳුවා ලක් රජය සෙමෙහි තබා, රජසිරි විඳිනා කල්හි පෙර ලක්දිව භක්ෂූන් විද්යාලමාන කල හෙරණ පැවිදි වහන්දෑ අතුරෙන් පවට බානසුලු සමහරු සුසිල් ආජිව ඇතියෝ වූහ. සමහරු පවින් බර වූ දුස්සීල වූ පාප ස්වභාව ඇතියෝ ව අඹුදරුවන් රකිමින් ගිහිකිස ඇලුනාහු ය. නකත් දෙකම් ආදී අයුතු කටයුත්තෙහි යෙදුණාහු ය. එකල්හි මිහිපල් තෙමේ එබඳු අලජ්ජීන් පවත් අසා පිරිසිදු ආජීව ඇති සිල්වත්, බහුශ්රැජත වියරණ, බුදුදහම් ඈ මොනවට දැනුම් ඇති සරණඞ්කර නම් සාමණේරයන් වහන්සේ ඇසුරු කොට දහම් විචාරා “මෙතැන් පටන් නකත් වෙදකම් ඈ අකටයුතු හැර පැවදින්නන් විසින් කළ යුතු දෑ කෙරෙත්ව යි, බුදුවදන් රකිත්ව”යි මනා කොට අවවාද කරවී. තව ද ශාසනයෙහි වෘද්ධියෙහි ඇලුණා වූ ඒ රජ “මෙකල මුළු ලක්දිව උපසපන් මහණුන් අභාවොපගත බැවින් ලක්සසුන් නස්නේ ය”යි කම්පි සිත් ඇතියේ “පෙර රජු දවස ඇමතියන් යවා නො ලත් උපසපුව ලබවමි” යි සිතා බුදුන් පිරිනිවි දෙ දහස් දෙසිය අනූතුන් වන වර්ෂයෙහි කටක රවි දොළොස් භාග වූ විසේනිය ලත් ගුරු දින තාරකා වේලාවට ශ්රීනසන්හස හා පඬුරු පාක්කුඩම් ප්රවවේම් කර ගෙන යන හැටියට භාර කොට ශ්රීඬවර්ධනපුරයෙහි පට්ටපොල මෙහොට්ටාල ය, ඇල්ලේපොල මොහොට්ටාල ය, ඊරියගම රාල ය; පිල්බාගෙදර රාල ය, ආයිත්තලියද්දේ රාල ය යන මෙකී ඇමතියන් පස් දෙනා අයොධ්යයපුරවරයනට යැවී ය. එහෙයින් කියන ලදී. මහාවංසයෙහි -

       “මුනින්දපරිනිබ්බාණා - ද්විසහස්සසතද්දුවෙ

තෙනවුතිචච්ඡරෙ පත්තෙ - පණ්ණාකාරෙහි නෙකධා

පූජාවත්ථුහි නෙකෙහි - රාජසන්දෙසමුත්තමං දත්වා අමච්‍ේච පසෙසි - අයොජ්ඣපුරමුත්තමං” යි නිකාය සංග්රිහයේ රිශිෂ්ට සංග්රුහය 91

මෙසේ යවන ලද ඇමතියෝ මහ පෙරහරින් ගොස් ලඞ්කාරක්ෂරණ යෙහි නියුක්ත ඕලන්දයින් හා රුදුරු ගොර සයුර එතෙර කොට ස්යායම රාෂ්ට්රුයට පැමිණ අයොධ්යා පුරාධිපති ධාර්මික නම් රජු දැක ලක්දිවින් ගෙන යන ලද ශ්රීක සන්හය හ ප්රා්හෘතාදිය ප්රාදානය කළෝ ය. ඉක්බිති බෝසත් ගුණැති ඒ නරශ්රෙහෂ්ඨ තෙමේ සංඝරාජ මහාස්ථවිර ප්රයමුඛ සහසඟ මැදට පැමිණ ධර්මානුගත කථා කොට ලඞ්කාශාසන ප්රවතිෂ්ඨාපනයට සුදුසු තැන් පවරනුයේ ස්ථානාන්තරප්රාකප්ත මහාස්ථවිරයන් අතුරෙන් අල්පෙච්ඡතාදි ලෞකික ගුණගණොපෙත ධර්මවිනයානුකූල ශාසන කෘකත්යචය සාධනයට අමර්ත්ථ අප්රවමාණ ධෘති ස්මෘති ඇති ප්රයවර උපාලි මහාස්ථවිරයන් වහන්සේ ද, ශීලාචාර ශ්රිද්ධාගුණ සම්පන්න ආය්ය්්රයමුනි තෙරුන් වහන්සේ ද, විදර්ශනා මාර්ගානුශාසක මහානාම තෙරුන් වහන්සේ ද, හුස්ව දිර්ඝ ශීථිල ධ්වනිතාදි ක්රපම භාෂණ ප්රනවීණ සුශික්ෂිත බ්ර්හ්මජොති. මහපුඤ්ඤ, චන්දසාර, සාරවන්ද, මණිජොති යන ක්රමාචාර්ය පස් නම ද, ප්රිධාන කොට ඇති අතිරේක දශවර්ගික සංඝයා ආරාධනා කොට හෙරණ වහන්දැ සත් නමක් ද, මිසදිටු වියවුලින් ලක්දිව අභාවොපගත ධර්මපුස්තකයන් ද, රන් පිළිමයක් හා රන්පත්වල ලියන ලද කර්මවාක්යි පොතක් ද, රාජසන්දෙශ ද, අයොධ්යළයෙහි උපන් නොයෙක් පඬුරු පාක්කුඩම් ද ප්රොදානය කොට, අයොධ්යහපුර රජ ඇමතියන් සමග වෘශ්චික රවි පඞ්භාග ගුරු දින ලද්දිවට පටත් කර එවි ය.

මෙසේ එවන ලද්දාහු මකර රවි පස් භාග සඳු දින පස්වරු භාගයෙහි දී කොළොම් නම් ස්ථලයට ගොඩ බැස ශ්රීාවර්ධනපුරයට ගොස් මීට පසු කුමභ රවි අටභාග වු නවම් මස අවඅමාවසිය නම් තිථිය ලත් ගුරු දින භූපතිශ්වරයාණන් දැක මහාසඞ්ඝයා වාහන්සේ වඩනා බව ස්ථිරසාර ලෙස සැල කළෝ ය. මීට පසු ශකවර්ෂ එක්දහස් සසිය සැත්තෑ පහකට පැමිනි වර්ෂයෙහි වෙසක් මස පුර විසෙනිය නම් තිථිය ලත් සඳු දින ස්යාෑම දෙශික මහාස්තවිරයන් වහන්සේ ත්රිනකෝණමල වරායට සම්ප්රාාප්තව වැඩ සිටින බව නිවේදනය කරන්නෝ වෘෂභ රවී දශභාග වූ දියක් නම් තිථිය ලත් ශනි දින ශ්රීිවර්ධනපුරයට අවුත් රජහු දැක සැල කළෝ ය. මෙබස් ඇසූ නරශ්රේ ෂ්ඨ තෙමේ මහොත්සවයෙන් ඇහැල‍පොළේ අධිකාරම ආදි ඇමති යන් එහි යව උපාලි ය, අරියමුනි ය, මහානාම ය, මහාබ්රමහ්ම‍ජොති ය, මහාපුඤ්ඤ ය, මහාවන්දසාර ය, මහාසාරවන්ද ය, මහාමණිජොති ය, මහවන්දජොති ය, මහාඉන්දසුවණ්ණ ය, මහාබ්රවහ්මස්සර ය, මහායස දින්න ය, මහාසුවණ්ණය, මහාධම්මජොති ය, මහාමණීසාර ය. මහාමුනිය, මහාපුඤ්ඤජාත ය, මහාඉන්දජොති යන මෙකි මහාස්ථවිරයන් වහන්සේ හා හෙරණ වහන්දැ ආදීන් ද මහපෙරහරින් වැඩමවා ගෙන මහවැලි ගඟ වෙත පැමිනි කල ශ්රැද්ධාතිශය පෙරටු කොට මල්වතු වෙහෙරෙහි අභිනව කරන ලද ආරාමය පිළිගන්වා, එහි සතපා සිවුපසින් සඞ්ග්රහහ කිරීම විධාන කරවූයේ ය. මීට පසු කටක රවි දෙභාග වූ ඇසළ මස තුදුස් වක් නම් තිථිය ලත් කිවි දින පස්වරු භාගයෙහි දි උපාලි ස්තවිරයන් වහන්සේ තමන්


92 නිකාය සංග්රයහ‍යේ පරිශිෂ්ට සංග්ර්හට

කැටිව ආ සාමණේර නම මල්වතු වෙහෙර උපොසථාගාරයෙහි දි උප සපන් කරවු සේක. ඉක්බිති රජ තෙමේ කටක රවි තුන් භාග වූ ඇසළ මස පුර පසළොස්වක නම් තිථිය ලත් ශනි දින පෙරයම දී ප්රීතති ප්රමමොද කරුනා ධ්යාසශයෙන් වැඩ සිටි මහතෙරුන් වහන්සේලාට ආරාධනා කොට උපොසථාරාම මහවිහාරයෙහි නායකපදප්රාඩප්ත වූ කොබ්බෑකඩුවේ උන්වහන්සේද, වැලිවිට සරණඞ්කර උන්වහන්සේ ද, හුලංගමුවේ උන්වහන්සේ ද, බඹර දෙණියේ උන්වහන්සේ ද, තිබ්බොටුවාවේ උන්වහන්සේ ද, අස්ගිරි වෙහෙර නැයක තැන්පත් නාවින්නේ උන්වහන්සේ ද උපසපන් කරවීමෙන් මෙසේ අවුරුදු ගණනකින් ඔබ්බෙහි ලක්දිව අතුරුදහන් වූ උපසම්පදාව පිහිටුවි ය.

ඉක්බිති ඒ දහම්සල වැඩ සිටි මහාසංඝයා වහන්සේ ශ්රී ෂ් ඍතුවෙහි අටවෙනි පොහොය කොට කීර්ති ශ්රී් මහාරජාණන් විසින් අයදුම් ලදින්, එම කටක රවි සතරභාග වූ අවපෑළවිය ලත් රිවි දින පෙරවස් එළඹියහ. එවිට දිනකරවංශ මණිමන්දිර ප්රෑදීපායමාන වූ ඒ නරෝත්තමයන් ඇතුළු වූ මහා මාත්යාරදිහු ඒ මහසඟනට මහගඟ වතුරක් සේ මහදන් පවත්වා, බුද්ධසිමා කරවනු කැමැති‍යෝ පාෂණ නිමිති ශිලාස්තම්භාදිය මහොත්සාහයෙන් සම්පාදනය කොට පෙර විමලධර්මිසූය්ය්ද මහරජාණන් විසින් සාදවන ලද ඒ දහම්සැල ජරපත් වූ බැවින් එහිම උපොසථාගාරයක් කරුනු කැමැති බැවින් එහි භික්තිච්ඡදනාදිය විදහා තබා ඒ බිම් මහලට සුව සේ ගමනාගමනය කිරීම පිණිස බඳනා ලද පියගැට පහණ සිවුපෙළින් දකුණු දොරටුව තබා තෙසු දොරටුයෙහි පියගැට පහකොට ධර්මශාලාභූමි මාලය තුළ දිගින් සමපණස් රියන් හා පුළුලින් සුවිසි රියකන් භූමිප්රාදේශයෙහි අටකොණ පාෂාණ නිමිති පිහිටුවා ඒ මැදි කොට සිවුදෙසින් එකෙක් රියන බැගින් ගෙන, දෙපණස් රියන් දිග හා සවිසි රියන් පුළුල ඇති භූමිප්රිදේශය මඤ්ච ප්ර මාණ සතිසකට නොහොත් සතිස් මැඩිල්ලකට බෙදා මහසඟ පැවරුවෝ ය.

ඉක්බිති ගම්භීර ධිරවීර වික්රපමප්රසතාපාලඞ්කෘත ශ්රීි ලඞ්කේශ්වර වූ කීර්ති ශ්රීන මහරජාණෝ මහාමාත්යාරදීන් සමග ආතතවිතතාදි පඤ්චතූය්‍ර්යලභාණ්ඩ ගත් අත් ඇති නෘත්යහකාර සමුහයා විසින් පිරිවරන ලදුව, ශක්රරදෙවේන්ද්ර ලීලාවට අපහාස කරනුවන් සේ රාජානුභාවයෙන් දිලිසෙමින් මල්වතු වෙහෙරට පැමිණ ධාර්මික මහාරජොපනීත ස්වර්ණ පුස්තකය පෙරටු කොට ‍උපාලි මහාස්ථවිරයන් වහන්සේ හා තච්ඡි්ෂ්ය ස්යා්මදෙශික භික්ෂූන් වහන්සේ ද කොබ්බෑකඩුවේ භික්ෂූන් වහන්සේ ආදි හත් නම ද යන මේ අතිරේක විංශත්වර්ගික මහා සංඝයා මහත් ගෞරව පවත්වමින් පඤ්චාඞ්ගික තූය්ය්ිරේ නාදයෙන් මුළු නුවර එක පැහැර කම්පා කෙරෙමින් සිමාමාලකය තුන් යලක් පැදකුණු කොට දකුණු දිග පියගැට පෙළින් මාලකය තුළට ප්රලවිෂ්ට කරවූහ.

ඉක්බිති මහාසංඝයා වහන්සේ පෙරදිග බලා උතුරු අනුදිග නිමිත්ත මාදි කොට නවක භික්ෂූන් බස්වා අත්පස නොහැර සිට රන්පොත බලමින් සිටිය දී දෙවැදැරුම් සමූහනන කර්ම වාක්ය ය කර්මාතචාර්ය භික්ෂූන් ලවා

නිකාය සංග්ර හයේ පරිශිෂ්ට සංග්රාහය 93

කියවැ, අනතුරුව දක්ෂිපණාවෘත්තව සිවුවන මැඩිල්ල දක්වා ද, වමාවෘත්තව සිවු මැඬිල්ලදැයි පිවෙළින් සතිස් මැඬිල්ලෙහි සතිස් වරක් කර්මවාකයය කියා සමුහනනය කොට, පෙරදිග නිමිත්ත කරා එළඹ උපාලි මහතෙරුන් වහන්සේ විසින් පුරත්ථිමාය දිසාය කිං නිමිත්තං” යි විචාරණ ලද අනුප සම්පන්න නමක් ඊට බාහිර පාර්ශවයෙන් සිට දොහොත් මුදුන් දී “පාසාණො හන්තෙ”යි කී කල්හි “එසො පාසාණො නිමිත්තං” යි පෙර දිග නිමිති කීර්තනය කොට දක්ෂිණාවෘත්තව “පුරත්ථිමාය, අනුදිසාය, දක්ඛිණාය දිසාය” යනාදි වශයෙන් උත්තරානුදිසාව දක්වා නිමිති කීර්තිනය කොට, යළිඳු පෙරදිග නිමිත්ත කරා එළඹ, පෙර පරිද්දෙන් කීර්තනය කොට නිමිති ගටා, මාලක මධ්යයයට පැමිණ අත්පස නොවිහිදා හිඳ, පළමු පරිද්දෙන් සම්මත කර්මවාක්යියන් කියා ජල පොළොව අවසන් කොට ශාසනාන්තය දක්වා පවතින සේ බද්ධසීමා කළ සේක. එවිට ල‍ඞ්කේශ්වර ප්ර්මුඛ දහස් ගණන් මහසෙනඏ අහස් පොළෝ ගුගුරුවමින් සාධුනාද පවත්වා වෙඩි හඬින් හා පසතුරු ගොසින් මුළු නුවර කම්පා කරවා රන්පොත හා මහා සංඝයා වහන්සේ ආරාමයට ප්රොවිෂ්ට කොට ස්වානිවා‍සොපගත වූහ.

ඉක්බිති මහරජාණෝ ගල්ටැම් පිහිටුවා දක්ෂ වඩුවන් ලවා දැවදඬු ගොනැස් පේකඩාදිය කරවා ‍ විශ්වකර්ම නිර්මිතයක් සේ ද්වාරබාහ සහිත ඉට්ඨිකාච්ඡදනමය උපොසථාගාරය කරවා, එවක් පටන් නොයෙක් වර උපසම්පදා මඞ්ගලය පවත්වන සේ විධාන කොට, වස් අන්තයහි එකදා කපුවෙහි පටන් කරන ලද කඨිනචිවරාදි සර්වපරිකෂ්කාරයෙන් අෂ්ටපරිෂ්කාරයෙන් පිළිගැන්වූහ. තවද බුදුසසුන් කරුනු ඒ ලජ්ජි භික්ෂූන් අතුරෙන් ලක්දිව විනාශද්වාරයට පැමිණියා වූ බුදුසසුන් බැබලවීමට කරන ලද උත්සාහ ඇති අනලස්ව රෑ දෙවෙහි බුදුන් දහම් පිළිවෙත් නැණ පහණින් බැබල වූ සුසුල්වත් සුපිරිසිදු ආජීව ඇති වැලිවිට සරණඞ්කරාභිධාන ස්වාමිපාදයාණන් වහන්සේ ලක්දිව සංඝරාජ භාවයෙහි පිහිටවූහ. මෙසේ ශාසන ප්රවතිෂ්ඨාපනය කොට ශ්රීව වර්ධනපුරාදියෙහි දාගැප් බඳවා බද්ධසීමා ද කරවා භික්ෂූන් වැඩෙහි කැමැත්තෝ ශාසන ප්රාතිෂ්ඨාපනය කල තැන් පටන් තුන් අවුරුද්දක් තුළ උතුම් ඒ සංඝයා කෙරෙහි සත් සියයක් පමණ උපසපන් කරවා තුන් දහසක් පමණ කුලපුත්රුයන්ට හෙරණ පැවිදි දෙවූහ.

ඉක්බිති ලංකාශාසන ප්ර.තිෂ්ඨාපනයෙහි මහාත්සාහ ඇති ධර්මික රජ තෙමේ සුපෙසල සිල්වත් විශුද්ධාචාය්ය්තිෂ තෙරුන් හා චජ්රමඥාණමුනි නම් තෙරුන් වහන්සේ ප්ර්ධාන කොට ඇති අතිරේක දශවර්ගික භික්ෂුෙ සංඝයා නැවතත් අයොධ්ය පුරයෙන් මෙහි එවී ය. ලඞ්කාධිපති රජ තෙම් ඒ මහාස්ථවිරයන් වහන්සේලා ද පෙර ලෙසින් මල්වතු වෙහෙර වසවා මහත් සත්කාර සම්මාන කොට දහම් අසා ප්රෙථම උපසම්පදා ලද භික්ෂූන් විශුද්ධාචාය්ය්ද යන් වහන්සේ කෙරෙහි හික්මෙන්ට නියම කොට, වෙනත් බොහෝ කුල දරුවන් ඒ තෙරුන් කෙරෙහි යෙහෙන් උපසපන් කරවී. එකල්හි ලක්දිව වැඩි භික්ෂූන්ගෙන් කිසිවෙක් විශුද්ධාචාය්ය්ව ස්ථවිරයන්


94 නිකාය සංග්රයහයේ පරිශිෂ්ට සංග්රරහය

වහන්සේ වෙත නිවන් මංවු ඒ විදසුන් උගත්හ. කිසිවෙක් වරඤාණමුනි ණම් අනුතෙරුන් වෙත සදහම් විනය අරුත් හා සෑ සතර ද උගත්හු. එහෙයින් කියන ලදි:-

        “තෙසු ලඞ්කාය භික්ඛුසු - එකච්චේ ගුනභූසණා

මහාවිසුද්ධාචාරිය - සංඛාතත්ථෙරසන්තිකෙ නිබ්බාණමග්ගභූතං තං - වීපස්සනං සමුග්ගහුං

එකච්චෙ වරඤණමුනි - අනුථෙරස්ස සන්තිකෙ සද්ධම්මවිනයත්ථඤ්ච - සද්දසත්ථඤ්ච උග්ගහුං”යි.

මෙසේ ලඞ්කාධීශ්වර තෙමේ ලක්දිව වැසි භක්ෂූන් දහම්හි ද පිළිවෙත්හි ද යොදවා බුදුසසුන් රැක අනත් පින්කොට පන්තිස් වන වස කම් වූ පරිද්දෙන් ගියේ ය. ඉක්බිති ඒ රජු ඇවෑමෙහි ඔහු බාල සොහොවුරු ශ්රීර රාජාධිරාජසිංහ තෙමේ මෙසිරිලක රජ පැමිණි තෙරුවන් කෙරෙහි පැහැද, දෙටුබෑ රජහු විසින් සෙමෙහි තබන ලද ශාසනකෘත්යැයෙහි යෙදුණේ පෙර උපාලි මහතෙරුන් වහන්සේ ආදි ස්යාලමදෙශාගත භික්ෂූන් විසින් නුවරින් දකුණු දිග මල්වතු වෙහෙර ඤත්තිදුතිය කර්ම වාක්යනයෙන් බඳවා ලද සීමාවෙහි කීර්ති ශ්රීු මහරජ විසින් කරවන ලද දිරා ගිය පොහො ගෙය සීමාන්තයෙහි පටන් හාත්පසින් උස් කොට බොහෝ ගල් යෙදීමෙන් ඇතුළු සීමාවෙහි බිතු ඔසවා ගල්ටැම් හිඳුවා පොහෝ ගෙය කොට චාතුද්දිසික මහාසංඝයාට පිළිගැන්වී. මෙසේ දෙටුබෑ රජ විසින් රක්නා ලද ලෙව් සසුන් මොනවට නොපිරිහෙළා රැක අටළොස් වසක් රජය කොට කම් වූ පරිද්දෙන් ගියේ ය.

ඉක්බිති රාජාධිරාජසිංහ රජුගේ බෑණා වූ ශ්රීජ වික්රිම කුමාර තෙම ජනනායක විය. හෙතෙමේ තෙරුන් කෙරෙහි පැහැද ශ්රකද්ධාතිශය පෙරටු කොට මයිල් මහරජහු විසින් සඟන්නා ලද බුදුසසුන මොනවට රක්නේ ගම්කෙත් ආදිය පිදීමෙන් මහත් පින් රැස් කෙළේ ය. තව ද ඒ ශ්රීි වික්රරම රාජසිංහ රජ තෙමේ පසුව අසත්පුරුෂ සමාගමයට පැමිණ මෙරළුණු සිත් ඇත්තේ මහ ඇමතියන් ආදීන් ගෙන්වා රකුසකු සේ නසා ඒ ඒ තැන උල හිඳවිය. අනුන් අයත් ධනය චෞරයකු සෙයින් පැහැර ගත්තේ ය. මේ ආදි නොයෙක් අධර්මබහුලත්වය නිසා කිපියා වූ දෙරට වැසියෝ ඒ දුෂ්ට රජහු ජීවග්රාේහයෙන් ගෙන පරතෙර යැවුහ. බුද්ධ වර්ෂයෙන් දෙදහස් තුන් සිය හැට එකේ දී උතුම් සංග්රීගසි නම් ඇත්තහු මුලු ලක් රජය හස්තගත කළෝ ය.

තව ද ශ්රීත වික්ර ම රාජසිංහ මහරජාණන් සමයෙහි බුද්ධවර්ෂ දෙදාස් තුන්සිය සිවුසාලිස් වස අඹගහපිටියේ ඤාණවිමල තිස්ස සමාණේරයන් ප්රසධාන හෙරණ වහන්දැ පස් නමක් බුරුම රට අමරපුරයට ගොස් ඤාණාභි වංස සංඝරාජ මහාස්ථවිරයන් වහන්සේ දැක උපසම්පදා ලැබ පෙරළා



නිකාය සංග්ර්හයේ පරිශිෂ්ට සංග්රරහය 95

ලක්දිවට අවුත් ප්රසව්රශජ්යාාභිලාෂීන් මහලු පැවිජි කරමින් මරම්ම නිකාය ලක්දිව පිහිටුවා ගත් බව ද, ඉක්බිති එවක් පටන් දෙසැට වර්ෂයක් තුළ බුරුමරටින් ම හත් වතාවක් උපසම්පදාව ගෙන විත් ලක්දිව තැනින් තැන පිහිටුවාගත් බව ද ප්රැකට යි. ඉක්බිති බුද්ධවර්ෂ දෙදාස් සාරසිය දෙතිස් වර්ෂයෙහි ඤාණතිලක යතිහුගේ අයදුමෙන් චුළගණ්ඪි නිකාය පිහිට වී යයි කියති.

යට කියන ලද කීර්ති ශ්රීය මහරජාණන් කාලයෙහි සුප්ර්තිෂ්ඨිත උපාලි ස්යාිමනිකාය ද එකල් පටන් මුලු ලක්දිව ව්යාුප්ත ව නහොමධ්යාගත දහසක් රැසින් චොරජනා හිරමඬල සේ එකාලොක කොට අද දක්වා පවතී යයි දත යුතු.


නිකාය සංග්රඬහයේ පරිශිෂ්ට සග්රවහය නිමි.

_____________

"https://si.wikibooks.org/w/index.php?title=ශාසනාවතාරය_-_iii&oldid=5581" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි