සන්ධ්යා වර්ණනා

Wikibooks වෙතින්

සන්ධ්යාව වර්ණනා[සංස්කරණය]

92. ප බ ඳ දිලෙන දිනමිණි මැද මිණිනි බඳ

නොමඳ වොරැඳි සඳ වෙල අබරණ පැළඳ

පැ හැ ද සොබන පැළ දිග’ඟන දුට සබඳ

එ ස ඳ සිතෙයි තුඬු රසිනු’දුල තගෙ ළඳ


93. අ ව ර ඇදුරු මෙහෙසුරු රිවි දළ නෙතින

නොහැර දිනත දින මින්දදහු වෙසෙසින

පැ ති ර නැඟුණු නල සිළු ගිනි රොන් ලෙසින

එ ත ර පෙනේ සඳ වෙල තුරු මඳ-මඳින


94. වි දා සිනිඳු සුදු රැස් දිගු පිය පතර

නඳා සුපුන් හිමකර පියකර තිසර

ස ඳා සිත’බ සියපත් නුබ තඹර’කර

උ දා දෙසෙන් වැද එන රඟ බල මිතුර


95. වි ය ත උදුල කිරණ’ව රළ පැහැ පැහැස

දි ග ත විසුළ සුර ගඟුලැලි දිසි විලස

දි ය ත පතළ පිරිසුදු සඳ රැස් වෙසෙස

තනෙත පුරා දැක දැහැ ගතෙහි සරතස


96. පලඟ ගහණ කළ සඳ විහිදුණු විස ද

සමග කලා වැද නොහැසුණු මැද හිර ද

මතඟ ඉසිහු බට මග තව නොමැකුණෙ ද

බලග මෙබඳු සැක බඳ සඳලප සබ ඳ


97. තුරු වැළ උදුල සඳරැස් පිරි නුබ ගැබ ද

බිඟු රැළ මුමන පිරි පුල් මල් වන හිස ද

ලෙළ රළ වතළ පෙණ පිඬු සැදි සමුදුර ද

වන දොළ වඩා දැක දැක උන් සඳ සබ ඳ

"https://si.wikibooks.org/w/index.php?title=සන්ධ්යා_වර්ණනා&oldid=4172" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි