සපරගමු දර්ශන - පැරණි සපරගමුව

Wikibooks වෙතින්
                                                                                                               සපරගමු දර්ශන
                                                                                                         න මො ත සස ත මො න

මහා සුමනගේ දේව රාජ්‍යය

ශ්‍රී ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේගේ පාපහසින් පවිත්‍ර වූ සපරගමුව දුරාතීතයේහි විසූ මහා සුමනගේ දේවරාජ්‍යයේ කේන්ද්‍රස්ථානයයි.එකල වඩුන්නාගල ඇතුළු උතුරු බටහිර බිම්තීරු නාග රාජ්‍යය ලෙසත්, මැද රට (බිම්තැන්නා රාක්ෂ රාජ්‍ය ලෙසත්, ඉතිරි ප්‍රදේශය මහා සුමනගේ දේවරාජ්‍යය ලෙසත් පැවති බැව් සිතිය හැක.

දේව රාජ්‍ය පළල් වීම

මැදරට මහානාග වනෝද්‍යානයෙහි දී සිදුවූ යක්ෂප්‍රලයෙන් පසු සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ අතින් ලත් කේසධාතු නිදන් කොට එතැන සත් රියන් උස දාගැබක් කරවීමෙන් හැඟෙන්නේ යකුන් සුන් කිරීමෙන් හදිසියේම හිස් වූ අරාජික යක් රජය සම්පූර්ණයෙන් හෝ එයින් කොටසක් මහා සුමනගේ දේව රාජ්‍යට එකතු වූ බවය. තම නමින් ස්මාරකයක් (සමන් දෙවොලක්) පූර්වොක්ත මහියංගන චෛත්‍යය අසල ඇතිවූයේ මේ නිසාය..

ලාංකිකයන් මුලාකිරීම

බුදුරදුන් පිරිනිවන දිනයේ දඹදිවින් මෙහි පැමිණි කාලිංග වංශික මංකොල්ල කාරයෝ වකට රක් රජය කළ කුවේණියට බොරු පොරොන්දු දී ඇය පහසුවෙන්ම රවටා ගෙන රටේ පාලන බලය සියතට ගත්හ. මෙම අවසරයෙහි සිය මවුබිම ඉන්දියානුවන් ගෙන් බේරා ගැණීමට අනෙක් දෙජාතීන් හවුල් නොවූයේ ගෝත්‍රික අසමඟිකම් බල පැවැත්වීම නිසා විය හැකියි.

මෙසේ මේ රටේ ස්වාමිත්වය හිමිකරගත් විදේශිකයෝ තම අයිතිවාසිකම් රැක ගැණීමට අවශ්‍ය හැමදෙයක්ම කළහ. ස්වදේශිකයන් නැසීම, ඔවුන් සතු අයිති වාසිකම් පැහැර ගැණීම, ඔවුන්ගේ තත්වය පහත හෙලීම, ඔවුනොවුන් හා සම්මිශ්‍රවීම හා රට නවීන තම ක්‍රමයට බෙදා පාලනය කිරීම ත් එයින් ්‍රධාන කරුණු ලෙස සැලකිය හැකිය.මේ නිසා ස්වදේශිකය හා ඔවුන් සතු හැම දෙයක්ම ජම්බුද්වීපිකයන් අතර ගිලීගිය බැව් කිව හැක.

සපරගමු නාමප්‍රභවය

මහා සුමනගේ දේව රාජ්‍යයට අයත් මේ ප්‍රදේශයෙහි බහුල වශයෙන් ඉන්ද්‍රනීල ඇතුළු අනිකුත් රත්න වර්ග සම්බවන නිසා මෙයට රත්නපුර යන නාමය මානව සමාජයේ දියුණුවත් සමග ඇති වූවකි. මෙය වඩාත් ප්‍රසිද්ධ වූයේ එවකට දියුණුව විසූ මැද පෙරදිග වැසියන් අතරය. රත්නපුරයෙහි තත්වය හා වටිනා කම ස්වකීය රට වාසීන්ට අවබෝධ කරදීමෙන් ලැබිය හැකි ප්‍රයෝජන තකා හීබ්‍රෑ Sapir-Sappire, ලැටින් Saapphirus, ඉංග්‍රීසි Sapphire යන ස්වභාෂා නාමයන්ගෙන් මේ ප්‍රදේශය හැඳින්වූ බව පෙනේ.

මේ නිසා රත්නපුර-සපරපුර (ගමු ) යන නම් දෙක සමානාර්ථවත් යුග්ම වචනයක් ලෙස සැලකීම වැරදි නැත. මේ පිළිබඳ විමර්ශනාත්මක විවේචන 1 . සපරගමුවේ පැරණි ලියවිලි 2. සපරගමු කවි පරපුර 3. සපරගමු සහිත්‍ය ධාරා යන ග්‍රන්ථයන් හි ඇත. ප්‍රාචීන ලේඛනයන්හි සපරගමු නාම ප්‍රභවය පොලොන්නරු සමයන් සමග උදාවූවකි. ඉන් මෑත කෝට්ටේ සමයෙහි ලියූ සපරගමු මහ සමන් දේවාලය හා පැපිලියාන සෙල්ලිපි-දෙල්ගමු විහාරය ගැන මහාවංශයෙහි ලියූ පාලි ගාථා හා උගතුන් විසින් ලියන ලද ලෙන්දොර-බුදුලෙන ආදී තඹ සන්නස් වලත්, පෘතුගීසි-ඕලන්ද-ජර්මන් ලිපිවලත්, පිළිවෙළින් සඵරග්ග්‍රාම - සඵරග්ගාම - සඵරගමු - සපර්ගම් - වශයෙන් යෙදී තිබේ.

ඉංග්‍රීසින්ගේ රාජ්‍යපාලන (පිළිබඳ ) ලේඛනවල මෙය සබරගමුව නමින් හැඳිවෙයි. එය ඔවුන්ට නොකියවෙන වචන කියවෙන විදියට වරදවා මට්ටම්කර භාවිත කිරීමේ න්‍යාය අනුව සිදුවූ වරදකි. දෙවුන්දර, කළුතර, කන්ද, ත්‍රිකුණාමලය, බදුල්ල, ගාල්ල, කොළඹ යන වචන ඩොන්ඩ්‍රා, කැල්වුරා, කැන්ඩි, ට්‍රින්කොමලී, බැජුල්ල, ගෝල්, කලම්බෝ ආදී වශයෙන් ඔවුන්ගේ හැඳිවීමෙන් හා ශිෂ්ටාචාරයෙන් දූසිත වූ තවත් කොතෙකුත් වචන ලක්දිව ඇත. නුගත්කම හා පළපුරුද්ද අනුව අපේ ඇතැම් ලාංකිකයෝ පවා සපරගොමුව, හබරගමුව, හබරගොමුව, හපරගොමුව, සඹරගොමුව වශයෙන් තාමත් ලියති. කියති. එහෙත් මහාවංශ සංස්කරණය හා පරිවර්තනය කළ මහාචාර්‍ය විහෙල්ම් ගෛගර් වැනි විදෙශීය දාර්ශනිකයන් පමණක් නොව රටේ සාරය උරාබීමට මෙම දිවයිනට පැමිණි පෘතුගීසි - ඕලන්ද දෙජාතිකයන් පවා සඵරග්ගාම - සප්‍රගම් වශයෙන් ඔවුන්ගේ ලියකියවිලි වල සපරගමු නාමය නිවැරදි ලෙස ලියා ිබෙන බව පෙනේ.

පෘතුගීසි පාලනයෙහි පැවති සපරගමුව

සපරගමුව පෘතුගීසි පාලනය යටතේ පැවති 53 වස තුල දැනට බස්නාහිර පළාතට අයත් හේවාගම් කෝරළය හා වර්තමාන කෑගලු දිස්ත්‍රික්කයට අයත් දෙහිගම්පල්-පනාවල්-අටුලුගම් යන තුන් කෝරළ තුනත්, කුරුවිටි - නවදුන් - අටකලන් - දික්ගම්පල්- එතරවා - මැද යන කෝරළ හයත් සපර්ගම් දිශාවනිය (සපරගමු දිසාව ) ලෙස සැලකූබව ඔවුන්ගේ ලිපිවලින් පෙනේ. වර්ත්මන සපරගමුවට අයත් කොළොන්නා කෝරළය එකල මාතර දිශාවනියට අයත් විය. කඩවතු නමින් කෝරළයක් තිබුනේ නැත.

විවිධ බෙදීම්

දඹදිවින් පැමිණි පාලකයන්ගේ පාලනය නිසා ක්‍රමයෙන් ගෙවීගිය මහා සුමනගේ දේවරාජ්‍යයවූ සපරගමුව නැවතත් පෘථුලවීම ආරම්භවූයේ ත්‍රිසිංහලය එකසේසත් කොට ලක් රජය කළ රාජාවලියේ අන්තිමයාවූ-තුන්වැනිවර ජයවර්ධනපුරයෙහිදී අභිෂේක ලත් සවැනි ශ්‍රී සංඝබොධි පරාක්‍රමබාහු රජු දවසය. එකල සපරගමුව ලෙස සැලකූයේ රත්නපුරය සිට දෙනවක හරහා බඹරබටුව දක්වා විසිරීගිය නවයොදුන් පමණ කුඩා බිම් පෙදෙසක් බැව් සපරගමු සමන් දේවාල - පැපිලියාන හා වේරගම සන්නස්වලින් පෙනේ.

මහනුවර රාජධානිය ආරම්භයෙහි ත්‍රිසිංහලය

1. සතර කෝරළය 2. සත්කෝරළය 3. ඌව 4. මාතලේ 5. සපරගමුව 6. කෝරළතුන 7. වලපනේ සහ වියලුව 8. උඩපලාත 9. නුවරකලාවිය 10. වෙල්ලස්ස 11. බින්තැන්න 12. තමන්කඩුව යයි දිසා දොළසකට බෙදා පිළිවෙළින් :-

1. ඉර හඳ 2. සිංහයා 3. හංසයා 4. සුදු රෙදි 5. කහ පට රෙදි 6. භෙරුණ්ඩ පක්ෂි 7. මයුර 8. නෙළුම් මල් 9. ගජසිංහ 10. කොටියා 11. ගිරවා 12. වලහා යයි සටහන් හා වණර්‍ ඇති කොඩි 12ක් ද දී දිසාපති වරු 12ක් ද පත්කර ගත්හ.

අවුරුදු පතා මේ ජාතික කොඩි පෙරටුකොට ගෙණ අගරජු බැහැ දැක රටේ තත්වය විස්තර කරදීමත්, රජතුමාගෙන් ලැබෙන උපදෙස් අනුව තමන්ගේ දිශාපාලනය කිරීමත් එකල පැවති සිරිත විය.

මෙයින් සපරගමුව ලක්දිව පස්වැනි මහදිශාවයි. කහපට කොඩිය මෙහි ජාතික කොඩියයි.

වර්තමාන කෝරළ හත හැදු හැටි.

1. කුරුවිට කෝරළය. සිංහරාජ අඩවියෙන් කොටසක් සහිත මහ හිමය මැද පිහිටි ශ්‍රී පාදපත්මයත් ඇතුලත් වන සේ සීමාකර ඇති මේ කෝරළයෙහි රණබටු - බටදැල්ල ආදියෙන් යුත් ඕවිටිවල විශාල කුරුන් (ඇතුන්) සමූහවශයෙන් සිටි නිසා මෙය කුරුවිට (කුරු+ඕවිට) කෝරළය යන ලැබී තිබේ. මෙහි අගනුවර කුරුවිට (කුරු+ඕවිට)යි. ‍මේ කෝරළය මැදින් ගලා බස්නා ගග කුරුගගයි.

2 . නවදුන් කෝරළය. මෙය නවයොදුන් ප්‍රමාණයේ පැතිර පැවති නිසා මේ නම ලැබී තිබේ. අනික් කෝරළ අනුව සලකනවිට මෙයට ද නවයොදුන් හෝ නව යොත්න නමින් අගනුවරක් තිබිය යුතුය. එහෙත් නව යොදුන් ප්‍රමාණ කෝරළයක එපමණ ම විශාල අගනුවරක් ඇතිවිය නොහැකි නිසා මෙම කෝරළයේ නම අනුව ගිය අගනුවරක් නැත.

3. අටකලන් කෝරළය. මේ කෝරළයෙහි ඉම්ගල්වල කලන්දක (ලෙහෙන) රූප අටක් කොටා තිබෙන නිසා මේ නම ලැබී තිබේ. මෙහි අගනුවර අටකලන්පන්නයි.

4 . දික්ගම් පත (කුකුළු) කෝරළය. සපරගමු දිශාවට අයත් කෝරළ බෙදා වෙන් කිරීමෙහිදී කුරුවිට, නවයොදුන්, අටකලන් කෝරළවලින් කැඩී ඉතිරි වූ දුනුකේ පතක් මෙන් දික් වූ බිම් තීරුවට දික්ගම්පත කෝරළය යන නම ලැබී තිබේ.

දෙවැනි රාජසිංහ රජුකල රජවාසල පැවති කුකුලන් පොර කෙටවීමේ උත්සවයක දී මේ කෝරළයෙන් පැමිණි මිනිසෙකුට අයත් කුකුලෙක් කුකුල් පොරයෙන් ප්‍රමුඛයා ලෙස ජයගත් නිසා කුකුලා අයිතිකරුට විජයසුන්දර යන පටබැදි නම සහිත කෝරාළ පදවියක් හා ඔහු විසූ ගම ත් පරිත්‍යාග වශයෙන් ලැබුනේය. කල්යාමෙන් ඔහුට විජයසුන්දර කුකුළු කෝරාළ යන නමත් ඔහුට ලැබුණ නින්දගමට කුකුලේගම යන නමත්, ඒ ගම පිහිටි දික්ගම්පත කෝරළයට කුකුල් (ළු) කෝරළය යන නමත් ව්‍යවහාර වූ බව පෙනේ.

5. එතරවා කෝරළය. සපරගමු-ඌව දෙවැසියන් අතර ඇති වූ සටනකින් පසු ඌව පළාතෙන් අල්වාගත් කදපල කෝරළයෙන් කොටසකුත් සපරගමුවේ කඩවතකුත් එකතුවී එතරවා නමින් කෝරළයක් ඇතිවිය. නාම ශේෂව ඇති මෙම කෝරළයට එතරවන මාඉම පිහිටි වලවේ ගගබඩ මහත් බෑවුමක් (වායක්=පාදයක්=ප්‍රාන්තයක්) තිබෙන නිසා මේ නම ලැබී තිබේ. මෙහි අගනුවර එතරවායයි. දැනට මේ කෝරළයේ හා ගමේ නමත් අප අතර ව්‍යවහාරයෙහි නැතත් ක්‍රි.ව. 1656 දෙවැනි රාජසිංහ රජතුමා විසින් කොළඹ කොටුව අරවනදා කළ දස්කම නිසා මොරහැල-මැල්ලව තඹසන්නසේ හා කුන්ස්තන්තීනු හටන-පරංගි හටන යන පොත්වලත් පෘතුගීසි ලිපිවලත් මේ කෝරළය හා එහි අගනුවර ගැණ පැහැදිලි විස්තර සදහන්ව ඇත. දැනට කඩවතු කෝරළයට අයත් මොරහැල නින්දගම් එක එතරවා‍ කෝරළයෙහි පිහිටි බැව් ඒ සන්නසෙහි කොටා තිබේ.

කඩවතු කෝරළය සැදුන හැටි. දෙවැනි රාජසිංහ රජු කල ඌව වැසියෝ ගිනිගත්ගල නම් ස්ථානයෙහි පිහිටි පෘතුගීසි බලකොටව හා සපරගමුවට අයත් එතරවා කෝරළයෙන් වැඩි කොටසකුත් අල්වා ගත්හ.ඉන්පසු එතරවා කෝරළයෙන් ඉතිරි වූ සුළුකොටසට ගුරු කදුර නමැති ගමේ පිහිටි කඩවත ත් එකතු කොට කඩවතු නමින් අළුත් කෝරළයක් සාසදා ගත්හ. මේ නිසා එතරවා කෝරළය නැති වීමෙන් සිදු වූ අඩුපාඩුව තරමක් දුරට පිරිමැසුනා සේ පෙනේ. ඌව-සපරගමුව මා ඉමෙහි වූ කඩවත මෙහි පිහිටි නිසා මෙයට කඩවතු කෝරළය යන නම ලැබී තිබේ. මෙහි අගනුවර කඩවතයි. මෙකල ගුරුකුදුර යන නම ව්‍යවහාරවන්නේ පැරණි කඩවත ගමට ය.

6. මැද කෝරළය. අටකලන්-කඩවතු කෝරළ දෙක මැද පිහිටි නිසා මෙයට මැද කෝරළය යන නම ව්‍යවහාර විය. මෙහි අගනුවර මැදගමයි. දෙවැනි මායාදුන්නේ රජුගේ.රාජධානිය වූ මේ නගරය කුන්ස්තන්තීනු ද සාගේ පෘතුගීසි යුද්ධ හමුදාව විසින් ගිනිලා විනාශ කරණ ලද බව පුරාවෘතයන්හි හා කුන්ස්තන්තීනු හටන නමැති පොතේ ද සඳහන් වී ඇත.

7. කෙලොන්නා කෝරළය .මෙම කෝරළයෙහි කොළොම්ගස් (කදම්බ වෘක්ෂ) බහුලව තිබෙන නිසා මේ නම ලැබී තිබේ. මෙහි අගනුවර කොලොන්නයි. පෘතුගීසි පාලනයෙහි සිට ක්‍රි:ව:1761 දක්වා මේ කෝරළය මාතර දිශාවට අයත්ව තිබුනේය.මේ අතර දිශාවනියෙහි පිහිටි කටුවන සහ මාතර යන ප්‍රබල බලකොටුදෙක රණකාමි වීර සපරගමු පුත්‍රයෝ බිඳහෙලා සම්පූර්‍ණයෙන්ම විනාශ කර දැමූහ. මේ සටනින් පසු කොලොන්නා කෝරළයත් සපරගමු දිශාවට එකතු කරගත හැකි විය. ක්‍රීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍යොදයෙන් තුදුස් වැන්නෙහි (ක්‍රි: ව: 1761) සිදුවූ මේ සටනෙහි දී සේනා මෙහෙයවූ සපරගමු දිශාවේ යුද්ධ නායකයන්ට පමණක් නොව හේවායන්ට පවා රාජවරප්‍රසාද ලැබී තිබේ. ඒ පිළිඹඳ විස්ථර ඉදිරියෙහි ඇත.

ක්‍රීර්ති ශ්‍රී රාජසිංහ රජු කල සපරගමුව

මේ සියල්ල සිදුවීමෙන් පසු මහනුවර සමයේ අවසාන භාගයෙහි සපරගමුව දිසාව වශයෙන් පැවතුනේ කුරුවිට-නදුවන්-අටකලන්-කුකුළු-කඩවතු-මැද-කොලොන්නා යන කෝරළ හත පමණකි. මේ බෙදීම් අද දක්වා ඉදිරියටත් තහවුරු වන ශාසනික පදවි දෙකක් අප ඉදිරියටත් තහවුරු වන ශාසනික පදවි දෙකක් අප ඉදිරියෙහි ඇත. ඒ වැලිවිට ශ්‍රී ශරණංකර සංඝරාජ මා හිමිගේ උපදෙස් පිට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් පත්කරණලද ශ්‍රීපාද - සපරගමු නායක පදවි දෙකයි.

දැනට මහනුවර මල්වතු මහාවිහාරය මගින් පත් කෙරෙන සපරගමු දිශාවේ සංඝනායක පදවියත්, ශ්‍රීපාදස්ථානයේ අයිතිවාසිකමත් මෙම කෝරළ හතට අයත් මල්වතු පාර්ශවයේ සඞඝයාට පමණක් හිමිව ඇත්තේ පැරණි සපරගමු දිශාවට මෙම කෝරළ හත මපණක් සීමා වීම නිසාය. මහනුවර සමයේ පැවති පස්වන මහදිශාව වූ සපරගමුව, රත්නපුර දිස්ත්‍රික්කය ලෙසත්, පළමුවැනි හා සයවැනි මහදිශාවන් වූ සතර කෝරළය හා කෝරළ තුන කෑගලු දිස්ත්‍රික්කය ලෙසත් බ්‍රතාන්‍ය පාලකයෝ බෙදා වෙන් කලහ.

ඇතුලත් දේ

මේ තාක් ලැබී ඇති ශාක්ෂි අනුව ලංකාවේ ඉතිහාසහාසය-ප්‍රාග් ඉතිහාසය හා පොසිල් (පාෂාණිභූත) යුගය යන ත්‍රිවිධ අවස්ථාවන්ට අයත් පුරාවස්තු ලැබෙන එකම ප්‍රදේශය

//07/

ප්‍රාග් ඉතිහාසය යුගය පිළිබඳ කරුණු ලංකාව හා භාරතය ඇතුළු වෙනත් විදේශීය රටවල ලියවී ඇති පැරණි ආගමික හා සාමායික ග්‍රන්ථවල සඳහන් ව ඇත. පොසිල් (පාෂාණීභූත වස්තු පිළිබඳ) යුගය ගැන විද්යන්යන්ගේ ශාස්ත්‍ර යානය හැර සහය කර ගත හැකි වෙන ලිපි ලේඛන ආදියන් නැත. මෙයින් මුලින් කියන ලද යුග දෙක පිළිබඳ ගවේෂණ හා පුරාවෘත්ත සීමා සහිත ජාතිවලට හා ආගම් වලට අයත් ජනකායන්ගේ පමණක් සැලකිල්ලට භාජනය වන අතර පොසිල් යුගයට අයත් ගවේෂණ හා පුරා වස්තු දියුණු වූ ශාස්ත්‍ර ඥානයක් ඇති හැම ජාතියකටම හා හැම ආගමකටම අයත් කාගේත් සැලකිල්ලට භාජනය වීම ධර්මතාවයකි. ඉදිරි ගමනෙහි යෙදී සිටින හැම ජාතියකටම අයත් විද්යන්නයෝ අප වාසය කරන සත්ව ලෝකය වර්තමාන තත්වය දක්වා පෙරලීමට කලින් පැවති සත්ව - ජීවිත වෘක්ෂලතා හා දේශගුණය යන මේ දේවල් පිළිබඳ වෙනස්වීම් අනාවරණය කරගැනීම සදහා පාෂාණභූත වස්තු සහය කරගනී.

සපරගමුවේ පොසිල්

ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම පොසිල් යුගයට අයත් ජලජ හා *ලජ ඉපැරණි පුරාවස්තු බහුල වශයෙන් සොයාගෙන තිබෙන්නේ සපරගමුවෙන්ය. අකුරු නිපදවීමට පෙර ගල්ගුහාවල ඇඳි ආදී කල්පිතයන්ගේ ලේඛන කලාව පිළිබඳ රූ සටහන් , අවුරුදු දහස් ගණන් පැරණි මිනිස් ඇට සැකිලි, ඇට කටුවලින් සහ ගල්වලින් සකස්කළ මෙවලම් පොලොව යට පිහිටි මැණික් ඉල්ලම් වල තිබී සම්බවන හිපපොටේමස් (මකරා), රයිනෝ සිරස් (කඟවේනා), වඳුරු මිනිස් ආදීම - ඇත් - සිංහ - ගවර ආදී ප්‍රාණීන්ගේ නානා වර්ග වලට අයත් නාමශේෂ වූ වෘක්ෂලතාවන්ගේ පොසිල් හා ලාංඡනත් ඉන් සමහරෙකි. පොසිල් යුගය(ජලජ) - පොසිල් වල සහයෙන් ලංකා ඉතිහාසය අවුරුදු දස ලක්ෂ ගණන් ඇතට ගෙන ගිය හැක. මේ කාලය තුල ජීවත් වූ දැනට වඳවී ඇති සත්ව වර්ග 25 ක තොරතුරු පොසිල් වල අධාරයෙන් ලැබී ඇත. ලංකාව හා ඉන්දියාව ඒකාබද්ධව පැවති සමයෙක මේ සතුන් ලංකාවේ ජීවත් වූ බැව් පිළිගත හැකි අතර ඔවුන්ගේ හිපපොටේමස් සහ රයිනෝ සිරස් යන සත්වයන් වඳවී යන්නට ඇත්තේ ආදියෙහි පැවති ස්වයංජාත විල් හා විශාල තණ බිම් ඍතු විපර්යාසය හා භුගර්භයේ ක්‍රම විකාසයන් අනුව වෙනස් වූ නිසාය. මේ සතුන්ගේ පාෂාණී භූත ඇටකටු බහුල වශයෙන් සම්භාවන පැල්මඩුල්ල ඇතුළු දෙනවක (දෙනීවක - වක්ව පිහිටි දෙනිය) ප්‍රදේශය එකල විශාල තණබිම් සහිත ස්වයංජාත විලක් බැව් සිතීමට ඉඩ තිබේ. සතුන්ගේ ඇටකටු හැර අද දක්නට ඇති විශාල වෘක්ෂලතාවන්ගේ පාෂාණී භූත කොටස්ද මේ ප්‍රදේශයේ භුගර්භය තුල තිබීමත් එයට තවත් සාධකයකි. //IMG9//

විහාර - දේවාලවල දොරටුවලට ඉහලින් තනා ඇති තොරන්වල දෙපස දැක්වෙන මකර රූප අවුරුදු ලක්ෂ ගණනකට පෙර සපරගමුවේ ජලාශ්‍රිත ගොඩබිමහි ජීවත් වූ හිපපොටේමස් ගැන අසා තිබුණු මුඛ පරම්පරා කතා අනුව සිතින් මවා ගත් සත්ව විකෘතියක් වීමට ඉඩ ඇත.

ගජේන්ද්‍ර හස්තං කෘතපාද සිංහං
වරාල දන්තං හනුමන්ත නෙත්‍රං
වරාග කණීං හෘද මත්ස්‍ය දෙහං
විචිත්‍ර පත්‍රං මිකරස්ස්වභාවං

ඇත් සොඬ, සිංහ පාද , කිඹුල් දත් ,වඳුරු ඇස්, ඌරු කන් හා මත්ස්‍ය ශරීරයක් මකර රුපයට තිබෙන බැව් මේ ශ්ලෝකයෙන් විස්තර වන්නේය. මකර ලක්ෂණ ඉදිරියටත් රැකගැනීම සදහා පෙර විසු යම් කිසිවෙකු විසින් මේ ශ්ලෝකය රචනා කළා විය හැක. සමහර විට 'මකර' යන්න හිපපොටෙමස්ට ආදීම ලාංකිකයන් ව්‍යවහාර කල නාමය......... //09// IMG



//10 IMG //

වෙන්ටත් බැරි නැත.

සපරගමුවේ මැණික් ඉල්ලමකින් සොයාගත් පාෂාණිභූත රිකිල්ලක ස්පර්ශ ලාංඤ්ඡනයක්

මකර රෑපය මැවීමේදි දිය-ගොඩ දෙකෙහිම ජීවත් වන සතුන්ගේ අවයව එකතු කළේ හිපොපොටෙමස් දිය-ගොඩ දෙකම ප්‍රිය කරණ සතෙකැයි ඌ ගැණ තොරතුරු පරම්පරා කථා වශයෙන් අසා තිබුන නිසා විය හැකිය. වේගයෙන් දුවන, ශක්තිමත් විශාල අඟක් ඇති මේ දැවැන්ත සත්වයා ද අවුරුදු ලක්ෂ ගණනකට පෙර සපරගමුවේ ජීවත්වුන බැව් නොයෙක් තැන් වලින් ලැබෙන පොසිල් යුගයට අයත් පාෂාණී භූත ඇටකටුවලින් පෙනේ. හිපොපොටෙමස් ඇට කටු මෙන්ම මේවා ද සම්බවන්නේ ක්‍රම විකාසයන් නිසා ගොඩබිම බවට පෙරලී ඇති පැරණි ජලාසයන්හි පිහිටි මැණික ඉල්ලම් සමඟය. මුද්‍රිත පොත්වලින් හා සත්වොද්‍යානවලින් මේ සතුන්ගේ හැඩහුරුකම දැකගන්ට ලැබෙන නිසා අමුතු හැඳින්වීමක් උවමනා නැතවෙන්ටත් බැරි නැත.

මකර රෑපය මැවීමේදි දිය-ගොඩ දෙකෙහිම ජීවත් වන සතුන්ගේ අවයව එකතු කළේ හිපොපොටෙමස් දිය-ගොඩ දෙකම ප්‍රිය කරණ සතෙකැයි ඌ ගැණ තොරතුරු පරම්පරා කථා වශයෙන් අසා තිබුන නිසා විය හැකිය.වේගයෙන් දුවන, ශක්තිමත් විශාල අඟක් ඇති මේ දැවැන්ත සත්වයා ද අවුරුදු ලක්ෂ ගණනකට පෙර සපරගමුවේ ජීවත්වුන බැව් නොයෙක් තැන් වලින් ලැබෙන පොසිල් යුගයට අයත් පාෂාණී භූත ඇටකටුවලින් පෙනේ. හිපොපොටෙමස් ඇට කටු මෙන්ම මේවා ද සම්බවන්නේ ක්‍රම විකාසයන් නිසා ගොඩබිම බවට පෙරලී ඇති පැරණි ජලාසයන්හි පිහිටි මැණික ඉල්ලම් සමඟය. මුද්‍රිත පොත්වලින් හා සත්වොද්‍යානවලින් මේ සතුන්ගේ හැඩහුරුකම දැකගන්ට ලැබෙන නිසා අමුතු හැඳින්වීමක් උවමනා නැත. බුදුරජාණන් බගගවිසාණ සුත්‍රය වඳාලේ කඟවේණකු උපමා කොට ගෙණ ය.

හිපොපොටේමස් ගැණ මෙන් ම රයිනෝසිරස් ගැණ ද නිර්‍මාණය කර ගත් රූපයක් තිබේ. ඒ නළලේ අඟක් ඇති අශ්ව රූපයකි. වේගයෙන් දිවීම, හිසෙහි අඟක් තිබීම හා එඩිතර බව යන මේ සතා සතු ප්‍රධාන ලක්ෂණ ගැන පරම්පරා කථා වශයෙන් අසා තිබුනු පරිදි වේගයෙන් දුවන, කලබලකාරි එඩිතර සතෙකුට (අශ්වයෙකුට) අඟක් දමා සාදාගත් විකට කඟවේණ රූපය යි ඒ. මේ අං ආ අශ්ව රූපයට අද ඇතැම් රට වලින් ඉහල ම තැන සපරගමුව ලැබී තිබේ. ක්‍රමයෙන් වද වෙවි අප්‍රිකාව දක්වා පසු බැසීමෙන් නාමශේෂවු මේ සතුන් ගැණ තොරතුරු වර්තමාන ජන සමාජයේ දියුණුව හා රටවල් සොයා ගැණීම දක්වා ගුප්තව පැවීම නිසා නොයෙක් සතුන්ගේ කෑලි දමා සාදාගතක් මකර රූපයක් හා අං ආ අශ්ව රූපයකුත් අපේ කළාවට එකතු වී තිබේ. සපරගමුවේ මැණික් ඉල්ලම්වල බහුල වශයෙන් සම්බවන්නේ වෘක්ෂ ලතාවන්ගේ පාෂාණීභූත කොටස්ය. කාලයත් සමග සටන් කිරීම නිසා අඩ්ගාර බවට පෙරලුන ලී කොට මේ ඉල්ලම් අතර බහුල වශයෙන් ඇත.

පස් තට්ටු මත වැටී තිබුන, දැනට වඳවී ඇති, නා නා වර්‍ගවලට අයත් ලක්ෂණ පත්‍ර-ශාඛා-රිකිලි ආදිය පස් තට්ටු ඝණවීමත් ඒ මත තුබු ශාඛා-පත්‍ර-ලතාදිය දිරායාමත් නිසා ශේෂ වු ස්පර්ෂ ලාඤ්ජන පමණක් අද දක්නට පුළුවන. ස්වභාව ධර්‍මය අනුව ඉබේටම සෑදී ඇති මේවා ප්‍රියංකරත්වයෙන් දක්ෂ ශිල්පියෙකුගේ නිර්‍මාණයකට දෙවැනි නොවේ.

ලක් දිව මුලින්ම වඳවු සිංහයා හා ගවරා සතා හිපොපොටේමස් ලෙසත්, සිංහය හා ගවරා අන්තිමට වඳ වු සතුන් ලෙසත් විශ්වාස කිරීමට සෑහෙන තරම් කරුණු අප අතර ශේෂව ඇත. සිංහ (සී) ගිරිය, සිංහරාජ අඩවිය, ගවරවිල, ගවරතැන්න, ගවර එලිය, ගවර ගිරිය, ගවර මඩින්න යන නම් අප අතර ව්‍යවහාරයෙහි

//12//


//13// IMG 13 පලිඟු - තිරිවානා - කහඳ ගලින් හා ඇටකටු වලින් කළ අවි ආයුධ ඇතුළු විවිධ උපකරණත් මිනිසා පටන් කොට ඇති විවිධ පාෂාණීභූත ඇට කටුත් මේ පොසිල් අතර ඇත.කුරුවිට අසල බටදොඹ ලෙනෙන් හා බලංගොඩ අසල තන්ජන් තැන්නෙන් සොයාගත් විසිරී ගිය මිනිස් ඇට සැකිළි අතර තිබී සම්බ වූ සම්පුර්ණ මිනිස් ඇට සැකිළි කිහිපයක් නිසා අවුරුදු බොහෝ ගණනකට පෙර සපරගමුවේ විසු එකිනෙකට වෙන් වූ මනුෂ්‍ය කොට්ඨාශ දෙකක් ගැන සෑහෙන අවබෝධයක් ලබා ගතහැක. පහත් වූ නළල්තලය , ඇසට උඩින් නෙරා තිබෙන බැමිකටුව හා නාස් සිදුරු , දත් ඇඳි අතර ඇති අධික දුර ප්‍රමාණය , උකුල , උරස් ථලය , පාද හා හකු දත් ආදිය ගැන සලකන විට මේ මිනිස් සිරුරු සාමාන්‍ය මනුශ්‍ය ශරීර වලට වඩා විශාල බව හා මුහුනුවල ලක්ෂණද වෙනස් බවත් සැලකීමට ඉඩ තිබේ. බලංගොඩ තන්ජන්තැන්නෙන් සොයාගත් සම්පුර්ණ ඇට සැකිළිවල පපුවමත දෙදන සිටින සේ කය දෙකට නමා තිබීමත් , නොවැටුන නොගෙවුන කදිම දත් ඇඳි තිබීම නිසා මොවුන්ගේ මරණය තරුණ වයසේදීම සිදු වූ බව සිතිය හැක. විද්‍යාඥයන් මේ ඇට සැකිළි බිලි පුජා සඳහා මරණයට පත් කරන ලද වුන්ගේ ය යි විශ්වාස කරති.මේ මිනිසුන් ජීවත්ව සිටියදී සිය සිරුරු රතු - ගුරු හා මැටි පාට වලින් වර්ණවත් කරණ ලද බවට ද ලකුණු තිබේ. මේ ඇට සැකිළි සමග තිබෙන මෙවලම් අතර ඇට කටුවලින් හා ලීවලින් ගොරෝසු ලෙස කළ අවි ආයුධ වර්ග ද ඇත. මොවුහු ආහාර වශයෙන් මිනිස්-ඇත්-මී-ගව ආදී ප්‍රාණීන්ගේ මස් හ වෘක්ෂ ලතාවන්ගෙන් ලැබෙන ඇට ජාති ත් ගත්හ.

//14 IMG// බටදොඹලෙන පාෂාණි භූත මිනිස් ඇට සැකිල්ල, s-z

කුරුවිට අසල වූ එක්නැලිගොඩ සිට දකුණට ඇදී යන පාරක් දිගේ සැතපුම් තුන හමාරක් පමණ නැග යන විට මේ ලෙන් පේළිය හමු වේ. අඩි 250ක් පමණ උස විශාල පර්වතයක අඩි 500ක් පමණ දිගට ම ගුහා පේළියක් වශයෙන් ඇති මේ පර්වතයේ දෙකොණ විශාල ගුහා දෙකකි. මෙයින් වඩාමත් විශාල මෙහි දකුණු පස ගුහාවයි. එහි ඇතුල හැඩහුරු කමින් සිවිලින් ගැසූ පළ දෙකක ගෙයකට සමානය. ගුහා ඇතුලත වූ මුදුන අඩි 30ක් පමණ උස්ව ඇති මෙහි පළල 50ක් පමණ වේ. ගුහාව තුලට ක්‍රමයෙන් මිටි වන නමුත් ගුහාකෙලවර දක්වා ම මිනිසෙකුට නැගී සිටිමින් යා හැක. මෙහි වම්පස ගුහා භික්තිය අසල කැනීමේදී පාෂාණී භූත (පොසිල්) වූ ස්ත්‍රියකගේ යැයි සිතිය හැකි ඇට සැකිල්ලක් හා පාෂාණ යුගයේ විසූ මින්සුන් පරිභොග කළ විවිධ වර්ග වලට අයත් මෙවලම් රාශියකුත් සොයාගත හැකි විය. දැනට මේ ගුහාවට වම්පසින් විහාරය, සඞඝාරාමය, ධම්ශාලාව, දන් ශාලාව ආදිය ගල්ගුහා තුලම පිහිටා තිබේ.අනික් කෙලවර තිබෙන ගල් ගුහාවේ ඇතුල් පැත්තේ උස අඩි 25ක් පමණ ඇත. මෙහි ඇතුල තිබෙන ගලක් තුන් පැත්තකට වාඩි වී සිටිය හැකි ලෙස කපා ඔප මට්ටම් කර තිබේ. පර්වතයේ දෙකොණ පිහිටි පිරිසිදු සුමිහිරි ජලයෙන් යුත් විශාල දිය ඇලි දෙක මෙහි වසන විවේක කෘමීන්ට සිහිල ලබා දෙමින් දිවා රෑ දෙක් හි කඩා හැලෙයි.ගුහා මුදුනෙන් වරින්වර ඇද හැලී ඇති පර්වත කොටස් දෙස බලන විට පාෂාණ යුගයේ සිට මනුෂ්‍ය පරිභොගයට පාත්‍ර වූ මෙම බටදොඹ ලෙන දැනට මනුෂ්‍ය වාසයට නුසුදුසු අවදානම් තත්වයක පවත්නා බැව් පෙනේ.

බටතොට ලෙන

මේ ස්ථානයට පැමිණීම සඳහා කුරුවිට සිට සිරිපා මාවත දිගේ සැතපුම් පහක් යා යුතුය. මෙහි ප්‍රධාන ලෙන ඇතුලත අඩි 20ක් පමණ උස්ය. එහි එක් පසකින් දහ අට රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමාවහන්සේ නමක් හා වැඩ සිටින බුද්ධ ප්‍රතිමාවහන්සේ නමකුත් තනා තිබේ. ඊට වම් පසින් ශ්‍රී විෂ්ණු දේවාලයයි. විහාරය ඉදිරිපිට ඇති කටාරම කොටා තිබෙන විශාල ගුහාව සංඝාවාසයයි. ගල මුදුන සිට කුහර වලින් මේ ගුහාව තුලට නිතරම වැටෙන පිරිසිදු ජලය විහාරයේ සංඝාවාසයේ හා දේවාලයේ ප්‍රයෝජනයට ගණිති.නිතරම ගුහාව තුලට කඩාහැලෙන ජලය නිසා රාත්‍රියෙහි මෙන්ම දිවා කාලයෙහිත් මෙ ගුහා තද ශීත ගතියකින් යුක්තය.මෙහි විහාර කර්මාන්තය ආරම්භ කෙළේ ක්‍රි.ව. 1908 දීය.

ස්ත්‍රී පුරය

බටතොට ලෙන පිහිටි පර්වතය දිගේ දම්වැල් දහයක් පමණ දකුණට ගමන් කරන විට මේ ස්ථානය හමුවෙයි. මෙහි වූ ගල් ගුහාවට ඇතුලුවන දොරටුව වඩා විශාල නැත. එහෙත් ඇතුලත ඉතා විශාල බවත්, කාමර වශයෙන් බෙදුන බොහෝ ගුහා ඇති බවත්, වෘධතරයෝ කියති. දැනට විහාරයක් - සංඝාවාසයක් හා දේවාලයක් තිබෙන බටතොට ලෙන තුල අතීතයෙහි විසූ යම්කිසි රජෙකුගේ අන්තඃපුරය වශයෙන් මේ පුදුම ගල් ගුහාව ක්‍රමානුකූක ලෙස සකස් කරවා ගෙණ ප්‍රයෝජනයට ගන්ට ඇත. ස්ත්‍රීපුරය යන නාමය මුඛපරම්පරා කථා වශයෙන් පවත්නේ මේ නිසා විය හැක. //16// //17// සපරගමු පොසිල්-එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය, ඇමෙරිකාව, ජපානය, චීනය හා ඉංදියාව යන රටවල විද්‍යාඥයන්ගේ ප්‍රශංසාවට භාජනය වී ඇත. එසේම මෙය දකුණු ආසියාවේ සිදුවූ ශ්‍රේෂ්ඨතම සොයා ගැණීම බැව් ඔවුන්ගේ හැඟීමයි.

ප්‍රාග් ඉතිහාසය

ලංකාවේ හා විදෙශයන්හි සාමයික- ආගමික ග්‍රන්ථ වල පමණක් සඳහන් වී ඇති, ඉතිහාසාරම්භය ට පෙර විසූ පුද්ගලයන් ගැණ හා පැවති ස්ථාන පිළිබඳ තොරතුරු මේ යුගයට අයත්ය. සපරගමුවේ බලංගොඩ දෙතනියගල කන්ද, සිංහරාජ අඩවියේ තොරන්ගල හා ලිහිණිහෙල, කුරුවිට බටතොට ලෙන හා ස්ත්‍රී පුරය, සමනල අඩවියේ අගස්ති යම දෙදෙනාගේ නිවාස, ධර්‍මරාජ ගල, බික්ගල්ගේ, රජරට මාවත අසල නිශ්ශඞක ලෙන සමනල අඩවියේ මහා සුමන හා බෑන සමනල භාගිනෙය්‍ය සුමන යන දෙදෙනා‍ගේ ගුහා, කල්තොට අසල බුදුගල හා කූරගල දත්ත-සමන්, ලක්ෂමණ තිදෙනාගේ ගුහා, පල්ලේබැද්දේ සඞ්ඛපාල ලෙන් හා ගල්පායේ ගුහා ත් සපර ගමුවේ ප්‍රාග් ඉතිහාස යුගයට අයත් ස්ථාන වශයෙන් සැලකිය හැක.

තාරක - ස්කන්ධකුමාර - අගස්ති - යම - පුලස්ති - විශ්‍රවස් - රාවණ - මන්දෝදරී - විභීෂණ - කුම්භකර්‍ණ - ඉන්ද්‍රජිත් - චූලොදර - මහොදර - මණි අක්ඛිත - මහාසුමන - භාගිනෙය්‍ය සුමන මහාකාලසේන - කුවේණී යන අය ලංකාවේ ප්‍රාග් ඉතිහාසයට අයත් පුද්ගලයන් වන අතර අගස්ති - යම - මහාසුමන - භාගිනෙය්‍ය සුමන යන සිවුදෙනා පමණක් සපරගමු ප්‍රාග් ඉතිහාසයට අයත් පුද්ගලයෝ වෙති.

ඉතිහාසාරම්භයෙහි සිට ක්‍රිස්තුවර්ෂයෙන් පස් වැනි ශතවර්ෂය දක්වා සපරගමු ශිලා ලිපිවල පමණක් සුළු වශයෙන් විස්තරකර ඇති, වංශකතා වලින් කවරහුදැ යි පැහැදිලි නිශ්චයක් දෙන්ට බැරි පුද්ගල නාම 24කි. මේ ඒ අයගේ නාම ලෙඛනය යි.

ක්‍රිස්තුවර්ෂයෙන් යට 1-2 ශතවර්ෂ වලට අයත් බ්‍රාහ්මී සෙල්ලිපි

කල්තොට අසල කූරගල 1 ලිපිය දත (දත්ත 1)
කල්තොට අසල කූරගල 2 ලිපිය පරුමක සුමන ( ප්‍රධාන සමන් 2 1)
කල්තොට අසල කූරගල 3 ලිපිය පරුමකලශම (ප්‍රධාන ලක්ෂමණ 3)
පල්ලෙ බැද්ද සඞඛපාල 1 පුශදෙව (පුස්ස දේව 4)
පල්ලෙ බැද්ද සඞඛපාල 2 ගුත (ගුප්ත5)
කූරගල පාමුල බුදුගල 1 පරුමක ශොණ (ප්‍රධාන ශෝණ 6)
කූරගල පාමුල බුදුගල 2 පරුමක ගුත (ප්‍රධාන ගුප්ත 7)
පොල්ලමුරේ 1 පරුමක පුශ (පුධාන පුස්ස 8)
පොල්ලමුරේ 2 පරුමකගුදෙව (ප්‍රධාන සුදේව 9)
පල්ලෙබැද්ද -ගල්පාය 1 ගමික ශොණ (ග්‍රාමික සෝණ 10)
පල්ලෙබැද්ද -ගල්පාය 1 දීගසුමන (දීර්ඝ සමන් 11)
පල්ලෙබැද්ද -ගල්පාය 1 දමරඛිත (ධම්ම රක්ඛිත 12)
පල්ලෙබැද්ද -ගල්පාය 2 ගමික ශොණ (ග්‍රාමික සෝන 13)
පල්ලෙබැද්ද -ගල්පාය 3 උපතිශ (උපතිස්ස 14)
පල්ලෙබැද්ද -ගල්පාය 4 මුලදෙව (මූලදේව 15)
පල්ලෙබැද්ද -ගල්පාය 4 ලඣක (ලජ්ජික ? 16)
පල්ලෙබැද්ද -ගල්පාය 5 ගමික වශබ (ග්‍රාමික වසභ 17)
පල්ලෙබැද්ද -ගල්පාය 6 තිශ (තිස්ස 18)
පියන්ගිරි ඔය ගල්ගේ 1 උතර ගුත (උත්තර ගුප්ත19)
පියන්ගිරි ඔය ගල්ගේ 1 චූල (චුල්ල 20)
පියන්ගිරි ඔය ගල්ගේ 1 බතකගබ (භාතෘකාශ්‍යප 21)

මේ ශිලාලිපි සොළසෙහි නම් සඳහන් ව ඇති පරිදි මීට අවුරුදු දෙදහසකට පෙර සපරගමුවේ විසූ මේ 21ක් දෙනාගෙන් පරුමක දත, ශුමණ, ලශම තිදෙනාට තණ්ඩුලෙය්‍යක පබ්බත නම් වූ කූරගලත්, පුශදෙව, ගුත දෙදෙනාහට සඞ්කපාල පර්වතයත්, ප රුමකසෝණ-ගුතදෙදෙනාහට බුදුගල පර්වතයත්, පරුමක පුශ-ශුදෙව දෙදෙනාහට පොල්ලමුරේ පර්වතයත්, ගමිකශොණ, දිගගුමණ, දමරඛිත, ගමිකශොණ, උපතිශ, මුලදෙව, ගමික ලඣක, ගමික වශබ හා තිශ යන නව දෙනාට ගල්පාය පර්වත ත්, පියන් ගිරිඔය ගල්ලෙන උතරගුත ගේ පුත්‍ර චූලට හා බතකගබට ත් අයිති ව තිබුන බව පෙනේ.

ක්‍රිස්තු වර්ෂ 4-5 අතර සෙල් ලිපි

වැලිගෙපල අසල මැදගන් ඔය ලෙන් ලිපි 1 ලිපිය, මතක (මාතෘක 1) ” ” එම 2 ලිපිය, ම(හ)තිශ (මහාතිස්ස 2) ” ” එම 3 ලිපිය, මටිගමතිස (මැටිගමතිස්ස 3) අවුරුදු එක් දහස් පන් සියයකට පෙර වැලිගෙපල අසල මැදගම විසූ මතක, ම(හ)තිශ, මටිගම තිශ යන තිදෙනෙකුන්ගේ නම් මැදගම් ඔය ශිලාලිපියෙහි සඳහන්ව ඇත ත් මේ ලිපිය බොහෝ දුරට ගෙවී තිබෙන නිසා ඔවුන්ගේ තත්වය ගැණ කිසිවක් කීමට ඉඩක් නැත.

වංශකථා ඉතිහාසය

මෙය මෙසේ වී යයි ලෙඛන ගතවී ඇති අතීත කාලීන තොරතුරු සඳහන් පුවත් ඉතිහාසය ලෙස සලකති. දීපවංශ - මහාවංශ - චූලවංශ ආදී වංශ කථාවන්හි මේ තොරතුරු වැඩි වශයෙන් ලියා තිබෙන නිසා ලක්දිව ඉතිහාසයට වංශකථා ඉතිහාසය යන නම වැරදි නැත.ඉතිහාසගතවී ඇති මෙ වැනි සිදුවීම් පිළිබඳ විශ්වාසය වඩාත් තහවුරුවන්නේ එම කරුණු හෝ එයට අදාළවන වෙනත් කරුණු ඇතුලත් ශිලා ලෙඛන හෝ අත්සන් සහිත තඹ-පුස්කොළ ආදියක නැතහොත් පිළිගත හැකි තත්කාලීන ලෙඛනයක සඳහන් වූ පමණටය.

මෙහි ලා සපරගමුවට අද්විතීය තැනක් ලැබී තිබේ.පාඨකයන්ගේ පහසුව තකා ඓතිහාසික සපරගමුව දර්ශනය කෙරෙන්නේ 1. කුරුවිට, 2. නවදුන්, 3. අටකලන්, 4. කුකුළු, 5. කඩවතු, 6. මැද, 7. කොලොන්නා කෝරළ පිළිවෙළිනි.