සව් සත් දම් වාදය - හැඳින්වීම

Wikibooks වෙතින්

පෙර වදන[සංස්කරණය]

දෙස- රැස- බස ඉතා දුඹුල් ව පැවැතෙද්දී, දුඹුල් බවෙනුදු දුඹුල් බවට ම ඇද වැටෙත් දී, පර ගැතියායෙන් මි‍ඳෙන ලෙසක් සිහිනෙනුදු සිතීම පවා මහ පව් විසින් සැලැකෙත් දී, උසසුන් හ ලි පට දරුවන් හ යි තිල දරුවන් හ යි වැජැඹුණවුන්ට යට ගියාව යත්තමකකටවත් සිහියට නො නැගෙද්දී, “විදුහුරු සෙවිම, පර්යේෂණ, සියත් බව” යන වදන් පවා අමතක වී පවතිදු දී, පැන නැඟි ‘සව් සත් දම් වාදය’ නිසා ගියනුගියායෙහි ම - ගතානුගතිකත්ථසයෙහි ම -වෙළී පර ගැති ගොහොරුයෙන් ගොඩ නැඟෙමියි සිත-සිතා එහිම තව-තවත් ගැළෙමින් සිටි හෙඝයා ගේ ඇස් ඇරුණේය. සොයන්නවත සිතන්නවත් කරුණු ඇති ලෙසක්ම පෙනෙන්නට පටන් ගත්තේය.

එ ද්ර් සිට අද වන තෙක් මතු වි ආ කරුණු වල පල තමා මේ සියලු වෙනස් කම්වලට මුල් වුයේ. එ හෙයින් ම ‘සව් සත් දම් වාසය’ අගය නො කරන කෙනෙක් මේ හෙළ දිවෙහි නම් නැති.

1904 දී එව්.ජේ.එල්. පෙරෙරයන් විසින් එ පොතට හැදින්විමකුදු එකතු කර පළ කරන ලදී. එහෙත් අද එ පිටපත සොයා- ගැනිමට නැති තරම්ය. එහෙයින් ඒ අඩුව පිරිමසා- ලීම සඳහා මේ ගත පළකිරීමට හවුල් වුමු.

මේ පොත පළකිරීමෙහිලා අප ගෙන් සිදුවුයේ මේ “පෙර වදනත්, හැදින්විමත්” සපයා දිම පමණකි. සෙසු සියල්ලෙහි පැසසුම් හිමි වියැ යුත්තේ ඇම්. ඩී. ගුණසේන සහ සමාගමවත් ගලිගමුයේ ජාතික පඩිරුවටත්ය.


ජයසේකර අබේරුවන්.


1948.2.20

හැඳින්වීම[සංස්කරණය]

ගැදි කව් සකුවට බර වනු සමාගම - දිරවා - ගත නො හැකි තරම් බර සකු වදන් ගැදි පොග්හි යෙසෙන්නටත් පටන් ගනු සමගම - ගැදි පැබැඳුමට නරක දිසාවෙක් උද්ර වුයේය. ඒ සමඟ ම හතු පිපෙන්නාක් මෙන් පැදි පොත් බිහිවන්නට වුයේය. කුමක් පැවසීම සඳහා වුවද පැදි ම ය! පැදි ම ය! පිපුණු සල් මල් ගැන ද මඟ බැස යන රූමතියන් ගැනද පැදි ම ය!

‘කව්’යන නම පැදියටම හිමි වු එ වැනි යුගයෙක දී - මෙයින් අවුරුදු 143 ට පෙර දී මාතර ද්ර විත් ද සරම් විජයසේකර මුදලි තුමන් ‘නිල්වලා’ නදියෙහි කළ පින් කමෙකි. ඒ පින් කම් වැනුම, ‘ගංගාරෝහණ වර්ණනාව’ නමින් තෝමිස් සමරසේකර දිසානායක මුහන්දිරම්හු පැදි කවක් ගොතා සරම් විජයසේකරයන් වෙත පිළිගැන්නුහ.

මාතර කවීන් ගෙන් පැසසුම් ලත් ඒ පැදි පොත ගාලු කොරලයෙහි අබේසිංහ මුදලි තුමුන් වෙත යවමින් ගාලු පුර කවීන් හට ඒ ගත පෙන්නා එහි ‘ද්රේතෂාංශුවක්’ පමණ වත් ඇතහොත් දන්වා එවන ලෙස සරම් විජයසේකරයෝ ඇරියුම් කළහ.

අබේසිංහයෝ ඒ පැදි කව - ගංගාරෝඑණ වර්ණනාව මිහිරිපැන්නේ අරියාකර විහාරයෙහි වැඩ-සිටි කවිතිලක ධම්මරතන හිමියන් වෙත පිළිගන්වා එහි ද්රෙිසැතොත් දක්වන ලෙස අයැද සිටියාහ. ධම්මරතන හිමියෝ එයට මැළි කම් දක්වා “මෙය මුදලි තුමන්ටද මටද කිසි සෙත් නුවුම -මනා වැඩෙකැ”යි පවසා ඒ ඉල්ලීම පිළිකෙව් කළහ. මුදලි තුමුන් නැවත-නැවතත් එහි දොස් දක්වන ලෙස තරයේ ම ඉල්ලා සිටියෙන් ගංගාරෝහණයෙහි සිව් වැනි සොලෝවෙහි ද්රෙලස් දක්වා පහත දැක්වෙන සොලෝවෙහි තුති ලියා දුන්නා හ, ධම්මරතන හිමියෝ.


“කාගේවත් වරදක් කියන්නට කමක් ඇත්තේ නැතැයි මා විසින් පින්වත් වු මැතිදුන්ට මට එම පවත් දන්වා එවුවා තමයි . ඒ ආකාර ලියා එවු සඳ යලිත් මේ කවිහි යන්තම් නමුත් ඇත්නම් යම් කිසි ද්රෝ සයක් මෙහි ලියා එවුවොත් හොඳයි කි නිසා


සසර සරණ සව් සත් දම් කිවු තුන් ගොණේහි අගකුර තරකයි කිව්වා තමයි ඒ මිසක්වා සඳ වියරණ ලක්නෙන් ද්රෙයස් පෙනෙනනේ නොමැග්මැයි මෙම පොත පද බැන්ද්ර් ඒ ඉතාමත් කදිමයි.


එක ගුර දෙ මෙතෙක් වෙයි තුන් ගුරෙක් මත් සයෙක් වෙයි එතකොට දෙ ගණෙක් වෙයි තුන් ගෙණේ කී තැනේහි නියමය වැරදිලා සිව් ගෙණෙක් වී තිබෙන්නා හොඳ හැටී සිහියෙන් යුත් වී බැලුවාට මන්දා”


අබේසිංහයෝ ද ඒ පැදි තුන ද්රබවිත ද සරම විජයසේකරයන් වෙත යැවු. විජයසේකර ඒ පැදි තුන තෝමිස් සමරසේකර දිසානායකයන් දැක්කුහ. දිසානායකයෝද ඊට පිළිතුරු විසින් පහත දැක්වෙන සෙලෝදෙක ලියා මිහිරිපැන්නේ ධම්මරතන හිමියන් අතට පත් කළහ.


“කව් සත් සිත් මෙන දත් පසස් නදන සව් සත් දම් වීසුවධ ගෙණේ දක්නා තුන් ගුරු මත් නමින් වණ සයෙක් වේ ඉන් කිවෙහි අක්වණැය්’ දන්නෝ බේ වත හල් මයන්න ම ගනිත් කීවා පිනා මේ යලිත් කී තන්හි යවනත් නයන්න ද වණෙක් වී නම් නිද්රෙ ස් වේ ම බස


ඉන් ඒ කී නිද්රෙයසින් වදන ගෙන ඉසින් ද්රෙකස් මෙන් සිතා කී නමුත් කව් ද්රෙ ස් එක්ව පෙනි තිබෙයි ඔබ වහන්සේ කී නොයෙක් තැන් වලත් ඒ දේවල් විමසා බලා සිතු ලෙසින් නාසා අනුන් කී තෙපුල් එක්වී සිත් සැක අත් හරින්නට ද්රොඩා ආවොත් ඓාඳයි මා කරා”


එයට පිළිතුරු විසින් මිහිරිපැන්නේ ධම්මරතන හිමියෝද සොලෝ කීපයක් ලියා යවා වාදය සැකෙවාන් කෙළවර කළහ.

වාදය අවසන් වී අවුරුදු 67 කින් පසු, ජේමිස් ද අල්විස් හු සිදත් සඟරාවට ඔවුන් ලියු ඉංගිරිසි විවරණයෙන් මිහිරිපැන්නේ හිමියන් ගංගාරෝහණ වර්ණනාවෙහි සිව් වැනි සොලෝව ගැන කළ විවරණයෙහි ද්රොස් දැක්කුහ.

ජේමිස් ද අල්විස්න් කළ විවේචනය ගැන කොග්ගල ධම්මතිලක හිමියෝ 1872 ‘ශාස්ත්රා ලංකාරය’ සඟරාවෙහි ලිපියක් පළ කළහ. ඊට පිළිතුරු විසින් ද්රේ.කො.ප්රි.උභයශේඛරයෝ ද ‘යතලබ’ සඟරාවෙහි ලියුමක් පළ කළහ. වාදය ඇරැඹිණි.