සැළලිහිණි සන්දේශය
ආසී
01. |
සැරදෙ සුලකළකුරු – මියුරු තෙපලෙන් රඳනා |
|
රජකුල රහසැ මැතිනිය – සියනිහි සැළලිහිණි සඳ |
සැපදුක් විමසුම්
02. |
පුල් මල් කෙසරු මෙන් – රන්වනි තෙලෙ සරණ |
යුග |
සපුමල් කැලෙව් තුඬ මඳ රතිනි |
මනහර |
|
නිලුපුල් දෙලෙව් සම්වනි පිය පිය |
පතර |
|
මලින් කළ රූවෙව් – එබැවින් නුබින් එන |
වර |
|
නිලූ ද ළද සිදඹුවො දිගු වරල |
නිලූ |
|
නිලූ ද වට බිඟු පෙළ අද තඹර |
නිලූ |
|
වනදෙව් ලියෝ නොකොළොද සවන |
අබරණ? |
|
එනමග දුකෙක් නොවී ද සබඳිනි |
කලණ |
|
සෙනහස බැඳුණු තැනැ නොහරින කැරැ |
දියුණ |
|
වෙන සැප කුමට තොප දකිනා එම |
පමණ? |
03. |
ලප නොම වන් සඳ වන් සොමි ගුණ |
ගිහිණි |
ඔප වැඩි ගත හෙල්මැලි සියුමැලි |
පැමිණි |
|
සැප රිසි දෙන වැනි රස බසැති |
සිතුමිණි |
|
තොප දැකුමෙන් අප පින් කළ බව |
දැනිණි |
කටයුතු නිදෙස
04. |
මිතුරු තුමෝ දුක් සැප දෙකෙහි ම |
පැවති |
බිතු සිතුවම් රූ මෙන් පිටු |
නොපාවිති |
|
යුතු මතු වැඩම තෙපළ එවැනි ගුණ |
ඇති |
|
සිතු නතු කර අස යහළුව වඩන |
රුති |
05. |
පව් රද කඳ නා ලෝ මුල් දිගතු බර |
බර |
ලෙව් තුරු සුසැදු යස මිණිමුතු මල් |
පතර |
|
සව් සිරි පිරි සුරපුර වන් කැලණි |
පුර |
|
දෙව් මෙහසුන් විබිසණ සුරිඳුට |
පවර |
ජයවද්දන පුර වැනුම්
06. |
ගනවන් මියුරු නද දෙන ගුවන වන් |
විට |
විලසින් මෙමා කරවන මිතුර මන් |
තුට |
|
එහසුන් පැසුළු පවසමි රස නුසුන් |
කොට |
|
අසදැන් ත යන මග සලකුණු මෙතැන් |
සිට |
07. |
පොහොසද්දන ඇති තුනුරුවන බැති |
පෙමා |
මුළුවද්දන සුරපුර පිරි සිරින් |
හැමා |
|
ජයවද්දන කැරුමෙන් සුසැදු තම |
නමා |
|
ජයවද්දන පුරවර දනු මිතුරු |
තුමා |
08. |
සැදි රත තඹර පෙළ රන තිසරුන් |
රුවැති |
විදි දිය දහර ලෙළ දෙන දිගු නරු |
පටැති |
|
රැඳි රළ රළැති හොය දියවන්නා |
නමැති |
|
ඇඳි පුර අඟන පටසළු සිරි රැපැයි |
නිති |
09. |
සමනොළ මුහුළ මහ සමුදුර මෙවුල් |
බර |
සුලකළ පුවල ලකඟන සිරි යොවුන් |
වර |
|
තරකළ විසල් වාසල් යතුරු මෙ |
නුවර |
|
බැඳහළ රුවන් තනපට කියලි ය |
පවුර |
10. |
දුවන බඳ කිකිණි හය කුර පහර |
නද |
සවන තල නිනද ගිජිඳුන් සෙමෙර |
බඳ |
|
රවන නොයෙක තුරු ජය සක් හඬ |
නොමඳ |
|
දෙවන මුහුද මෙන් ගුම් ගනි පුර |
නිබඳ |
ගමන් පිරුම
දළදා වැනුම
රජ දැක්ම
නිසා වැනුම්
උදා වැනුම්
මග වැනුම්
|