සිංහල සැහැලි - x

Wikibooks වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

19 වෙනි පරිච්ජේදය.

සැහැලි (ජන) කවීන් ගේ පහළවීම. ____

ජාතික ආපදාවක් වනතුරුම කවීහු ඔවුන් සඳහාම සකස්වූ භාෂාවක් භාවිත කරමින් ඔවුන්ටම සීමාවූ ලෝකයක ජීවත් වන්නෝ ය. බාහිර ලෝකය ගැන කරදරවීමට ඔවුන්ට වුවමනාවක් නැතුවාක් මෙන්ම, පොදු ජනතාවද ඔවුන් වෙහෙස වීමට නොකැමැත්තෝ ය. සමාජයේ උපරීම කොටස උගත් කවීන් ආශ්රමයට පෙළඹීයන්නේ භාෂා ශාස්ත්රඋ ආශ්වාදයක් ලබනු සඳහා නොව, එය තම සත්ත්වාය සුරක්ෂිදත වීමට හේතුවන එක් කරුණක් බැවිනි. උගත් කවියා ප්රාභූන් සමග සම්බන්ධිකම් පවත්වන්නේ හැකි තරම් කුසීත කමින් කාලය ගත කිරීම පිණිස ජීවිත යාත්රා්වට අවශ්යනවන දෑ පහසුවෙන් ලබා ගත හැකි ‍ඉල්ලීමක් ලෙහෙසියෙන් පාදාගනු සඳහා ය. දෙපක්ෂ්යේම හිතවත්කම ව්යා්ජයක් නමුදු මේ ආශ්රදයෙන් ප්ර භූවරයා මෙන්ම ප්රහභූකවියා ද තම තමන්‍ ගේ සිතැගි ඉටුකර ගන්නෝ ය. භාෂා ශාස්ත්රර විෂයයෙහි ‍විශෙෂ දැනීමක් හෝ හැගීමක් හෝ නොමැති ප්රදභූන් විෂ්මය පත් කිරීම සඳහා කවියා බස් හරඹයට බසින්නේ ය. අපේ උගත් කවිපරපුරේ අවසාන කාලයේ මේ අංශයේ දැරූ උත්සාහයකි “බරනමගබසක” එකෙකු ගේ හරඹ දක්නා අනීත් ප්ර්වීණ කවීහුද ඔවුනොවුන්









(499)

පරයා, බස් හරඹ, හඩ හරඹ, පද හරඹ ආදිය අරඹත් මෙයින් වන්නේ පද්ය4ය එකම ඉලංගම් මඩුවක් බවට පත්වීම ය. මෙහි දැක්වෙන නානා හරඹ වලින්. අංගම් වලින්, පිනුම් වලින් විනෝදයක් ලබතොත් ලබන්නෝ ද ඔව්හු පමණක්ම වෙත්.

පද්යන ඉලංගම්වල තරඟයන් නිසා ඇතිවී තිබෙන චක්රව, අර්ධ භ්රදම, පක්ෂනපත්රග, ධ්වජ, සමුදිග, නිරොෂ්ඨ, ඒක ස්වර, කවාට, මුරජ, ගොමුත්රී‍කා චතුර්ශ්ර‍ජාල, සර්වතෝභද්රි, අනුලෝම, ප්ර්තිලෝම. යමක, දව්ය ක්ෂගර ආදී තුන් තේරවිලි වලින් අතලොස්සක් පමණ වන උගතුන්ට කෙසේ වතුදු පොදු මහජනකායට නම් වැඩක් නුවුවා නොඅනුමානය.

මේ විසිතුරු යෙදුම් වලින් භාෂාවේ එක්තරා දිලිසීමක් ඇතිවන බව සැබව. එහෙත් ප්රවමාණය ඉක්මවා ඔප දැමීම්වලට භාජනවූ පදයන් ගෙන් සැදෙන මේ පද්ය යන් ගෙන් හැඟීම් කුළුගන්වන සුළු ප්රලබල අදහස්දීම් උගහට ය. හතර පැත්තෙන් ම කපා කැටයම් කොට මල් බෝතලයක බැස්සූ ගරන්බඩ කෑල්ලක් මෙන් ඈතින් බලා අහිංසක ආස්වාදයක් විඳිනුවා විනා, උගතුන්ට පවා මේ විචිත්රව බැඳුම් වලින් ලැබිය හැකි අන් ප්රියෝජනයක් නොමැත්තේ ය.











(500)

පද්ය5යෙන් බලා‍පොරොත්තු විය යුත්තේ හුදු අහිංසක විනෝදය පමණක්ම නොවේ. ජනතාව ගේ හැඩ ගැසීම කියාපාන කථාන්තරයටද එය සීමා නොවිය යුතුය. විනෝදාස්වාදයත්, සංස්කෘතික ඉතිහාසයත් මෙන්ම ජාතික පුනරුද්දීප්තියක් ජනතාවකට දීමට තරම් කවිය ප්ර්බල විය යුතුය. අපේ උගත් කවීන් ගේ පෙර කී විසිතුරු බැඳුම් වලින් මෙය කෙතරම් දුරට ඉටුවී තිබේදැයි සොයා බැලීම වටී.

කාව්ය් බන්ධතනය සඳහා සුදුසුම කාලයක කරන ලදැයි කර්තෘ න් විසින්ම කියනු ලබන 1සසදාවද, අලංකාර වාදයට මුල්තැන දීම නිසා පෙර කී බලාපොරොත්තු වලින් වැඩි හරියක්ම සලසාලනු නොහැකි තත්ත්වියට පැමිණ තිබෙන බව, විචාරකයන් ගේ මතය වේ. ගතානු ගතික වර්ණැනයන් කෙරේ බැඳී යෑම නිසා මේ උගත් කවියන් ගෙන් ජාතියට ලැබිය යුතු සේවය සම්පූර්ණ වශයෙන් නොලැබී ගියා නම් එය කණගාටුවට කරුණකි.

සසදාව සඳහන් කරන ඉසුරු බර කාලය වැඩි වශයෙන්ම උගත් කවීන් විසින් යොදවාගන තිබෙන්නේ දුෂ්කර විචිත්රග බන්ධරනයන් සඳහා ය. ආපදාවකන් පසුව පැමිණෙන කාලය තුළ එසේ නොවේ. කවියෝ, විශෙෂයෙන්ම ජනතාව තුළින්

1. බැඳුම්ද එනියෙනෙ - සුවනෙද දෙසැදන සිරිත් එසිරි ගුණ නුවණ ඇති - මැති යුත් රජක්හු බෙලෙන්









(501)

මතුවන වාං කවියෝ සාමයික මෙන්ම සාමාජීකද හැගීම් පණ පෙවීමට යුහුසුළුවෙත්. ජාතිය භාෂාව, ආගම ආදිය ගැන මමත්වයෙන් පැසි පැසී ඉදිරිපත්වන ඔව්හු විසිතුරු බැඳුම් ගැන හෝ වියරණ විධීන් ගැන හෝ නොවෙහෙසෙන්නෝ ය. ඒවා ගැන සිතීමට පවා ඔවුනට විවේකයක් නැති. ඔවුන් ගේ එකම අරමුණ පොදු, ජනතාව ය. පොදු ජනයා ඔවුන් ගේ ව්යිවහාර‍යන් උගතුන් ගැන නොසලකා ගෙන යන්නෝය. මෙසේ කලක් ගතවන විට කළ හැකි අන් දෙයක් නොමැති වියත්හු පොදු ජන ව්යනවහාරයන් ගෙන ඒවාට ව්යා කරණ සූත්රො තැනුවෝ ය. ඒ සූත්රවවලටද අසූ නොවන නූගතුන් ගේ යෙදුම් විකල්ප වශයෙන් යෙදුවෝ ය. අපේ භාෂා සාහිත්යට ඉතිහාසය සැලකිල්ලෙන් පරීක්ෂාුකර බලනවිට මේ සත්යාය පැහැදිලි වනු ඇත.

දහතුන් වෙනි ශත වර්ෂතයේදී ගුරුළුගෝමී අමාවතුර ලියූ අළුත, එය මේ රටේ උගතුන් විසින් සාද‍රයෙන් නොපිළිගත් බව ප්රඅකට කරුණකි. එහි ඇති, එවකට පිළිගෙන තුබූ රචනාවිලාශයට අනුකූල නොවන යෙදුම් නිසා, එයට විකට නම් පවා පටබැඳි බව කියනු ලැබේ. එහෙත් උගතුන්ට කොතෙකුත් කාලයක්, පොදු ජනතාව ගේ බසින් බැඳුන අමාවතුර යටපත් කර සිටීමට නොහැකි විය. පොදු ජනතාව ගේ










(502)

බසින්ම ලියැවුන සඬර්ම රත්නාවලියද කවර තරමේ හෝ උගත්කම්වලට යටපත් කර දැමීමට නොහැකිවී තිබේ.

ඒ ඒ යුගවලදී ඇතිවූ ජාතික ආපදා අවස්ථා ඉක්මෙත්ම නැඟී සිටි සාහිත්යොතන්නතියත් සමගම භාෂා නීති රීති යළිදු සකස්වී “භාෂා ප්රිගමනය සිදුවූ බව සිතිය හැකි ය. අභාග්යකයකට මෙන් සිදත් සඟරාවෙන් පසු සිංහලය ගැන ව්යාිකරණ ග්රින්ථයක් සකස් නොවීම නිසාදෝ අවුරුදු සිය ගණනක් තුළ ජනතා කවීන් විසින් සපයන ලද නානාවිධ යෙදුම් වලින් පොෂණය වීමට සාහිත්ය යට අවස්ථාවක් නොලැබුනේ ය. එනිසාම සංස්කෘතික අංශයෙන් මෙන්ම සාහිත්ය් අංශයෙන්ද අගය කළහැකි විවිධ යෙදුම්, භාෂා සාහිත්යථ නගරවරයට ඇතුල් වීමට නොහැකිව පිටිනුවර සුසුම් ලමින් ලතවනුයේ, භාෂාව වැඩී ගිය අයුරු ගැන තැකීමක් නොකොට පැරණි භාෂාවෙන්ම ලිවීමට යත්න දරන්නන් අදද ඇත්තේ මෙනිසා ය.

සෑම සාහිත්යෙයකම ජනකවි නමින් පවත්නා වෙනම අංශයක් ඇති බව සැබව. එහෙත් වෙනත් ජාතීන් ගේ ජනකවිවලත් අපේ ජනකවිවලත් මහත් වෙනසක් ඇත්තේ ය. අපේ උගත් කවි අපේ යැ යි නොකිය හැකි තරම් විදේශීය ඌරුවට හැඩ ගැසී තිබේ. ජාතිය ශ්රෙයෂ්ඨභාවයට පත් කිරීමට හේතුවූ ආගම ධර්ම යක් භාරතයෙන්









(503)

ලැබීම නිසා දෝ සෑම දෙයින්ම භාරතය අනුගමනය කිරීම කෘතඥතාව දැක්වීමක් වශයෙන් මේ රටේ හැඟීමක් වූ බව පෙනේ. ජීවත්ව සිටින මුළු කාලය තුලම සිතින් භාරතයේ ජීවත් වූ සිංහල උගතා ප්රා.ර්ථභනා කරන ලද්දේ මරණින් මතුද එහි ඉපදීමට ය. එබඳු හැඟීම් ඇති කවීන් ගේ සිතුවිලි පරම්පරාව භාරතයෙහිම බැඳී පැවතීම ගැන දොස් දැක්විය නොහැක.

ජනකවියා භාරතීය විද්යාඳ ශාස්ත්ර් ගැන දැනුමක් ලැබුවෙක් නොවූ නිසා ඔහු ගේ චින්තන ශක්තියට නැඟී සිටීමට භාරතිය අත්වැලක් ලබා ගත නොහැකිවිය. එනිසා ඔහු ආටෝප රහිත සෛවරී අදහස් කියා පෑවේ ය. ජනතා සාහිත්ය.යෙහි දේශජ ලක්ෂරණ නොඅඩුව ඇත්තේ මෙබැවිනි.

ග්රාන්ථාරූඪ ජනතා සාහිත්ය්යක් අපට ලැබෙන්නේ එක් දහස් අටසිය ගණන්වල සිට ය. මෙය ඉංග්රීකසි පාලනයට ජාතිය පළ පදියම්වූ වකවානුවය. මෙකල ජාතිකාගමික සිරිත් විරිත් මෙන්ම හැඟීම්ද මහා ජනයා කෙරෙන් සීඝ්රයව තුරන් වෙමින් පැවතී අවධියකි. සිතූ පැතූ සියල්ලක් ඉටුකර දීමේ මහානුභාවයක් ඉංග්රී්සි භාෂාව පළකර සිටියෙන් සිංහලය එය උපන් දේශයෙන් පිටමන්වීමට සූදානම්ව තුබූ නිසා එය ඉගෙන කියා ගැණීමට ඇල්මක් දැක්වූවෝ සුලභ නො වී ය. සිංහල පණ්ඩිතවරු ඉංග්රී සි අධිපතීන් ගේ අනුග්රිහය අපෙක්ෂාත කරන්නන් වීම නිසා










(504)

ලියු ලියු සියලු දෙයම ඔවුන් යන්තමින් හෝ නොමනාප නොවන ලෙස සකස් කිරීමට විශෙෂයෙන්ම වගබලා ගත්තෝ ය. සිංහල සාහිත්යසයෙහි හෝ ගති සිරිත්වල හෝ හොඳක් කියා පෑම ඉංග්රීෙසි ස්වාමිවරුමෙන්ම ඔවුන් යටතේ නිලතල දැරූ කලුඉංග්රී සිකාර අධිපතිහුද නොරිස්සුවෝ ය. එනිසා කාරණා කාරණා දත් උගත්තු පොත පත කිරීමෙහි අසුභ ආදීනව දක්නෝ නිසොල්මන් වූහ. වඩාත් ධෛය්ය්මෙහ සම්පන්නවූවෝ ආගමික පොත පත ගැණ පමණක්ම ව්යාතවෘත වූවෝ ය. එහිදීද ඉංග්රීගසි නිලධරයෙකුට ස්තොත්රත පවත්වා තම ග්රින්ථය පිළිගැන්වීමට කළහැකි සෑම දෙයක්ම කිරීමෙහිලා නොපසුබට වූවෝ ය. මෙකල ග්රගන්ථ කරණයෙහි යෙදුන සෑම උගතෙකුම පාහේ සිය කෘතිය අවසන් කළේ “මහරජුට දිගාවේවා” යි යන්න ශ්ලොකයෙන්. ගාථාවෙන්. කවියෙන් හෝ වාසගමින් පැවසීමෙනි. මෙහි මහරජු යන්නෙන් අදහස් කරණ ලද්දේ සිංහල ජාතීයේ වහල් භාවය පිළිබඳ විලංගු ක‍ඳේ යතුර මිට මොළවා ගන සිටි ඉංග්රීේසි අධිරාජයා ය. මේ දෙශදොහී බැගෑ සිතුවිලි වලිය වියතුන් අතර පරම්පරාවෙන් පරම්පරාවට වැඩි දියුණු වෙමින් පැවත ආ බව පෙනේ. එයට හොඳම නිදර්ශනය නම් 1936 එවක ලංකාවේ සිටි කීර්තිති මත්ම පඩිවරයා විසින් මාගධී ගාථාවෙන් ලියන ලද මහාවංශයෙහි










(505)

තුන්වන කොටසෙහි ඉංග්රීගසි අධිපතියන්ට ආවඩන 2 ගමන් සදානුස්මරනීය සිංහල වීර වරයෙකු කාළකන්නි දොහියෙකු ලෙස දැක්වීමය.3

මහාකවීන් ගේ තත්ව්කාළය මෙබඳු වූවද සැහැලි කවියා විසින් අනුගමනය කරන ලද්දේ මෙයට හාත්පසින්ම වෙනස්වූ ක්රිබයා මාර්ගකයෙකි. උගත් කමින් අඩුවු ඔහු තුළ සුළං පැත්ත බලා රුවලය නංවන කපටිකම් නොවීය. ඔහුගේ ශාස්ත්ර ඥානයේ මද බවට ස්තුතිවේවා. ආත්ම විභුෂන යෙහිම නිරතවූ, බාහිර වශයෙන් මහත් ගරුකම් දැක්වූ නමුදු, සිතින් දීන නිවටයන් වූ බොහෝ මහා පණ්ඩිතයන්ට නොතිබු ධෛය්ය්ුකමයක්, රට ජාතිය සාහිත්යහ ගැන කැක්කුමක්, සුළු කවියාට ඇතිවිය.

2 දෙසපාලන ධම්මස්මිං - කොවිදො කරුණාකරො බ්රිවුන්රිග් නාමිකො එස පතිරාජො විචක්ඛණො

3 101 ඇහැලෙ පොළ නාමංතං මන්තිංන්දංච දුට්ඨමානසං රහස්සෙව ගහෙත්වාලන- කොලම්බ පුර මාහසුං

103 අලක්ඛි මකතඤන්දුඨන්තං රාජදොහ පරං ඛරං පාපයී මොරිසස් නාම දීපං සොථතිපු භූජො








(506)

මේ රටේ වායු මණ්ඩලයෙහි මුමුණන කෙඳිරීම් හඬ ඔහුගේ කන්හී රැව් පිළිරැව් දෙන්නට පටන් ගති. එයින් කිති කැවීගිය හේ තෙමේ තමා දන්නා බසින් ජාතියට සේවය කිරීමට ඉදිරිපත් විය. ඔහුට රැක ගැනීමට දෙයක් නොවීය. එනිසා බියවීමටද කරුණක් නොවුයේ ය. ඇතැම් උගත් කවි කෙනෙක් ජාතක කථාවන් ඇසුරු කොට ගෙන ඉන්දියාවේ තොරතුරු වන්ධාකක්ෂනර බන්දනවලින් ඉදිරිපත් කිරීමට තනනන විට ඔහු කළේ අමු හිංගලෙන් මේ ‍රටේ ජනයා ගේ අඩුපාඩු කම් ඉතා පහසුවෙන් කටට ගලා ආ ගොඩකවිවලින් පෙන්වා දීම ය. ඔවුන්ට තේරෙන බසින් ආගම ධර්මආය ලඟාකර දීම ය. එසේම ඔවුනගේ විවේකය විනෝදාත්මක ලෙස ගත කරනු සඳහා. ස්වදේශීය මෙන්ම විදේශීය ආදර්ශමත් කථා වස්තු පැවසීමය.

වළලා දමන ලද ජාතීක හැඟීම් මත ගොඩ නැඟූ උජාරු සොහොන් කොත් වැනි වියත් කවීන් ගැන මහ ජනකාය තුළ පැවැත්තේ බියහ මුසු හැඟීමකි. එනිසා ඔවුන් සමග කිසිද විටක කිට්ටු ආශ්ර්යක් නොවීය. තමන්ම මෙන් අඳින පළඳින, හිතන කියන, ජන කවීයා ගැන ඔව්හු ඉතා කුළුපහ කමක් දැක්වූවෝ ය. ජනකවියාද අද ජාතික මහා ප්රනශ්ණ බවට පත්වී තිබෙන සියල්ලම කෙරෙහි ස්වකීය හිත මිත්රද ගැමි ජනකාය යොමු කළා පමණක් නොව සුදුසු අවවාද උපදේශාදියද දුන්නේ ය.










(507)

වර්ත5මාන ජාතියට විසදීමට තිබෙන බරපතළම ප්රේශ්ණ නම් රැකී රක්ෂා0 හිඟකම සහ විදේශීය ජනගහනය ය. දැන් අතු දෙකකට බෙදී තිබෙන නමුදු මෙය එකම කරුණක් ලෙස සැළකීමටත්, සළකා එයට සුදුසු පිළියම් නොයෙදුනොත් එයින් ඇතිවන භයානක ප්රමතිඵල ගැන අවවාද කිරීමටත් මින් ශතවර්ෂය භාගයකට පමණ උඩදී ඉදිරිපත් වුනේ කවිකොළකාරයෙකි.

වී. බී. වත්තුහාමි නමින් දන්නා ඒ මහජන කවියා එදා මේ රටේ සෑම තරාතිරම්වලට රැකී රක්ෂාතවල දොර පිට රැටියනට විවෘතකොට තිබීම ගැන විරුඬ වුයේ ය. සුළුයැයි සළකා ඇතැම් රක්ෂානවන් විදේශීකයන්ට මුළු මනින්ම පවරාදී මහ මහ ව්යාෂපාර ගැන අහසේ මාලිගා තනමින් කාලය කා දමන සිය රැටියන්ට ඔහු බැන වැදුනේ ය. ඒ පිළිබඳව හම්බ ආදීන්ට විරුඬව ලියන ලද කවි කොළයක “ඉඟුරු වතුර විකිණීම” ගැන ඒ දුර දර්ශී මනුෂ්ය යා කීවේ මෙලෙසය.

“ගොළු මුහුදෙන් ඈත දේසෙ ඉන්දියාව නම් යු ත් හැති කරෙවිත් සිරිලක තුළ චුක්කුතන්නී විකුණ ත්” 3

ජාතිය පුබුදුවන මේ සැහැලි කව් පරපුර අවුරුද්දෙන් අවුරුද්ද දියුණුවී ගියේ ය. නවක

3 සුක්කු - තන්නී - ඉඟුරු වතුර







(508)

ජනතා කවියන්ට “ජාතියේ පරිහානීය” සරු මාතෘකාවක් වි ය. තොර තෝංචියක් නොමැතිව ඔව්හු ඒ ගැන කවි ලීවෝ ය. පහත දැක්වෙන්නේ එක්දහස් නවසිය තිස් හතරේදී ප්රකචාරයට පත් “අපේ විකාර4” නම් කව් පිංචෙන් උපුටා ගත් කොටසකි.

77. රටින් රට දනො ඇවි ත් පිරීලා සැම තැන ත් කඩවල් ද කොම්පැනි ත් ඇතිය ලක සැම තැන ත්

78 හම්බයොත් ගොඩ උ නා සෙට්ටි දන වැඩි උ නා නාටුවොත් වැඩි උ නා පරවරුත් වැඩි උ නා

79 කොච්චියොත් වැඩි උ නා බන්ගාලි වැඩි උ නා තුප්පායි වැඩි උ නා ලන්දේසි වැඩි උ නා

83 අප ලකට විත් පි නා අපව තද කර මි නා අපහාස කර මි නා අපේ මොළයත් ක නා

____

4 බේරුවල කරඳගොඩ පදිංචි කේ. ඩී. පබ්ලිස්

                                     සිංඤේඤා විසින් කවි කරන ලදි. 

කව් 95 සින්දු අඩි 1 යි.





(509)

ජාතියේ භාග්ය)යකට මෙන් මේ අවධියේ සැහැලි කවි පරපුර ඇති නොවුවානම්. සාමයික, මෙන්ම සාහිත්යඇයිකද හැඟීම් මේ රටේ අද ඇත්තේ වෙනස් හැඩ හුරුවකිනි. යුරෝපීය ජාතීන් ගේ ආගමනයෙන් පසු මේ රටේ ඇතිවුන මහත්ම මහජන උද්යෝවගය වන භාෂා ආන්දෝලනයක් ඇතිවීමට මග පෑදී ගියේ ඒ කවි පිරිස ක ගේ පහළවීම නිසාය.


_______














(510)

20 වෙනි පරිච්ඡේදය

ජන කවියාගේ අසීමිත නිදහස. ____

අපේ උගත් කවියන් විසින් ග්ර න්ථයන් කරන ලද්දේ උසස් පරමාර්ථ්යන් ඉලක්කකොට ගෙන ය. ඔවුන් එහි මෙහෙයවූ ප්ර ධාන බල වේගය නම් පරාර්ථ සාධනය ය. නොවියතුන්ට වැඩ සලස්වා ලීමය. කාව්යනය කුමක් සඳහා යෙදවිය යුතුදැයි යන්න ගැන ඔවුන් තුළ පැහැදිලි අවබෝධයක් විය. එනිසාම කවියත් කවිත්ව්යත් ඇතැම් නියමයන් ඇතුළත කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ රැඳවීමට සිදුවිය.

චතුර්වර්ගඵල, කලානෛපුණය්යට, කීර්තිය ආදිය මහගු කාව්යවයන් ගෙන් ලැබෙතැයි පණ්ඩිතයන් විසින් කියා තිබෙනුදු ඒ බවක් සැහැලි කවියා සිහිනෙන් හෝ නොදත්තේ ය. එයින් එකක් වත් ලබා ගැනීමට ඔහුගේ බලාපොරොත්තුවක්ද නොවී ය. ඔහු කවි කිවූයේ, කවියෙහි ආශ්රීයට පත්වූයේ අහම්බෙන් මෙනි. තම සිතෙහි බලවත් සේ ඇතිවූ යම් යම් හැගීම් තවත් සිත තුළ තද කොට ඔබා තබා ගැනීමට නොහැකිවූ කල ඔහු ඒවා වචනයෙන් කියා පෑවේය. හැඟීම් සිතෙහි ඇතිවූ අයුරින්ම වචන වලට නඟනවිට විශ්රාොමය වුවමනාවූ විට කියවීම් වේගය අවශ්යනවූ ප්රලමාණයට අඩු කරණ ලදි. සැහැලි කවියා ගේ වෘත්තයන් ගේ











(511)

ආරම්භය මෙය වියහැකි ය. කලින් සිතා මතා ගන්නා ලද වෘත්තයක රැඳීමට, එහි යති ගණන්. මාත්රාන ගණන්, සිත සිතා ඔහු කවි කිවුවා නොවේ. වෘත්ත ගැන ඔහු දැක්වූ එකම සැලකිල්ල නම් පද යන්ගේ ලාලිත්යදය ය.

මේ නිසා වෘත්තයන් ගැන හෝ, පරමාර්ථයන් ගැන හෝ ඔහුගේ බැඳීමෙක් නොවීය. බැඳීමෙක් නොමැති තැනක කවර නම් අවහිරයක්ද? බලා පොරොත්තුවක් නොමැති තැනක කවර නම් සීමා කිරීමක්ද? ආලංකාරිකයන් ගේ නීති රීතිවලට වහල්නොවූ, කව්සමයේ බලාපොරොත්තුවලට ගිජු නොවු, සැහැලි කාරයා වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම නිවහල් කවියෙක් විය. ඔහු ගේ සිතුවිලි තරමටම නිදහසද අසීමීත විය. තමා විසින් ගරු සම්මාන ලබා ගැනීමට ආශා කිරීමක් හෝ ආශ්රීසතයන් විසින් සම්මාන දැක්වීමට අර ඇදීමක් හෝ නොවු නිසා නිදහස සීමා සහිත නොකර තබා ගැනීමට ඔහුට පුළුවන්විය. බොහෝවිට කවියක් සැහැල්ලක් කියු කවියා‍ ගේ මතකින් එය එවලේම පාහේ ඈත්වී ගියේ ය. ගැමියෝ කවිය සිහි තබා ගත්තා මිස කවියා ගැන සිහියේ තබා ගැනීමට අදහස් නොකොළෝය. අපේ සැහැලි කාව්යිමාලාව පරම්පරාවෙන් පරම්පරාවට නොසිදී පැවතීඑද්දී සැහැලි කාව්යවක්කාරයන් ගේ නම්ගොත් ආරක්ෂාර නොවුයේ මේ හේතුවෙනි.









(512)

යමක් ඇති සැටියෙන් කීමෙහි ජනකවියාට පිහිටි හුරු බුහුටි කමෙහි අසලකට වත් ලඟා වීමට උගත් කවියන්ට නුපුළුවන. උගතා විශිෂ්ට උපමාලංකාරාදිය ගැන වෙහෙසෙන අතර ජන කවියා පියවී ඇසින් පෙණෙන දෙය ඒ හැටියටම කිසිදු පැකිලීමක් නැතුව කියන්නේය.

දෙපිලට බෙදී පන්දු ගසන හැම ක්රීදඩකයෙකුගේම අදහස තම පිලට දිනීම අත්කර ගැණීමය. අනිත් කෙළි සෙල්ලම් වලදීට වඩා පන්දු කෙළි යෙහිදී දිනීම ගැණ වඩාත් උනන්දුවක් දක්වන්නේ ජල්ලි නිසා ය. නොයෙක් ඇණුම් බැණුම්. ඇස් රතුවන කවට කම් ආදියෙන් යුත් ජල්ලි මග හරවා ගත හැක්කේ දිනුම් පිලටය. පැරදීමේ වන්දිය වශයෙන් මට්ටම වටා ඉඳගත් කට්ටිය වටකොට ජයග්රායහකයෝ ජයඝොෂා නංවමින් ඉඟි දක්වමින් කර කැවෙන්නෝ ය. එවිට පරාජිතයන් තුළ ඇතිවන්නේ වචන වලින් විස්තර කර කිය නොහැකිසේ එක තැන එක විට පහලව වෙළී ඇඹරී යන චිත්ත චෛතසික සමුදායකි. ජනකවියා එබඳු මුහුනක තත්ත්වනය කියා පාන්නේ :-

“චප්ප චපිරි සිරිබර’ බර මන්දැයි නුඹ අඩන්නේ”

යනුවෙනි. මෙහි එන චප්ප චපිරි යන වචන කෙසේ කවදා කවරෙකු ගෙන් සිංහලට වැදගත්තා දැයි ඔහු නොදිනියි. දැන ගැනීමටද වුවමනාවෙක් නැත.







(513)

එහෙත් තමාට පෙනෙන මුහුණේ ආකාරය ඒ හැටියටම පැවසීමට ඉතාම හොඳ පද ඒවා බව ඔහු දන්නේ ය. ඒ මුහුණ බෑගෑවෙන්. ද්වේෂයෙන්, අවාසනාවෙන්. චප්පවී තිබේ. එපමණක්ද? අවමානයෙන්. අධෛර්යෙයෙන් චපිරිද වී තිබෙන්නේ ය. මහත් උදාරම් කමින් තරඟයට එළඹුනු මුහුණ, බල කාමයෙන් ශ්රීෙමත් බවට පැමිණ එසවී තුබු, මුහුණ, දැන් ඇත්තේ විලියෙන් බිම බලා ගෙනය. හිසමත තූබු සිරි බරින් බර වීය. ජන කවියා ඒ තත්ත්වැය ඇදින්විමටය “සිරි බර බර” යනු යෙදුයේ. මෙහි ඇති “ර” යන්නේ ප්රාමසවලින් නැගෙන්නේ කොටි පෙත්තෙන් හෝ වද බෙර යෙන් හෝ නිකමෙන හඩ වැනි රෞද්ර් හඩකි. පරාජිතයන් බියපත් කිරීමට එය ඉතාම සුදුසුය. චප්පවූ, චපිරිවූ, එසේම සිරිබර බරවූ මුහුණේ විලාශය, නුපුළුවන් දෙයකට දත්මිටිකා ඉවසා ගත නොහී අඩන්න ඔන්න මෙන්න කියා තිබෙන්නාක් මෙනි. ඒ නිසාය “මන්දැයි නුඹ අඩන්නේ” යනු කියේ

මේ ජල්ලි පදයේ කෙතරම් නම් තාත්වික ස්වභාවය පවත්නේද? උගතුන්ට කෙසේ වෙතත් ගැමියනට නම් මින් කියැවෙන මුහුණත් ඒ මුහුණ අයිතිකරු ගේ සිතුවිලි වලියත් ඉදිරිපිට මැවී පෙනෙන්නේ ය.

බෝයර්ස් යුද්ධයේදී අල්වා ගනු ලැබූ සුදු හේවායන් සමූහයක් එකල ලංකාවට ගෙණ වුත්









(514)

කොස්ගොඩට නුදුරුවූ ඌරාගස්මන්හන්දියේ කඳවුරක නතර කරන ලදි. කඳවුරේ සුද්ධන් සමහර දිනවල සැන්දෑ ජාමයේ සුරා බී මත් වී අසල ගම්මන්ඩිවල සැරි සැරීම සිරිතක්මෙන් පැවතුනේ ය. ඇතැම් විටක මේ සුද්දෝ ගැමිලියන්ට කලකොලොප්පම්ද කළෝ ය. ඔවුන් ගේ අවිනීත හැසිරීම් ගැන ආරංචි ගම්ගොඩවල්වල පැතිරී යෑමට කලක් ගත නොවීය. කෙබඳු කරුණක් නිසා හෝ වුවද යන සුද්දන් දුටු විගසම අහල පහල ස්ත්රීකහු ගෙවල් වලට වැදී දොරවල් වසා ගන්නට පුරුදු වූවෝ ය. ඇතැම්විට වසනලද දොරවල්වලට සුද්දෝ නියපිටින් තට්ටු නොකොළෝ ද නොවෙති. මේ ප්රපවෘත්තිය සදාකාලයෙන් සදා කාලයට මුඛ පරම්පරාවෙන් නොනැසී පවතින පරිදි ජන කවියෙන් පද්යෘයකට නඟන ලදි. ඒ මෙසේය.

“රා රා රා බොම් බී යේ ඌරා ගස් මන් හන්දි යේ සුද්දො ආවා නංගි යේ දොර ඇරපන් බොම්බි යේ

මෙහි රා රා රා යනුවෙන් කියැවෙන්නේ බේබදු කමනිසා ගොත ගැසුනු දිවකින් යමක් කීමට පෙරාතුව පිටවන ශබ්දයන් ය. සිංහල වචන කිහිපයකට වඩා නොදන්නා බේබදු සුද්දන් හැඳින්වීමට මේ රා රා රා යන ශබ්ද අතිශයින්ම උචිත වන්නේ ය. පොහොසත්ද වේ. එපම -









(515)

ණක්ම නොව ඒ රා - රා - රා තුනින් ඔවුන් ගේ නියම තත්ත්වපය එනම් රා බී, රාගයෙන් රත්වී, රාවයන් නඟන බව ජන කවියා නොකිව්වේ යැයි කුමකට සිතමුද?

සැහැලි කවියා ගේ නිවහල් කම නොදැනුම් කම ලෙසටත්, උගත් කවියා ගේ නීති ගරුක නොවීම නිවහල් කම ලෙසටත් වියතුන් විසින් කියාපෑම කෙතරම් දුරට සාධාරනදැයි නොදනිමු. කව්සිළුමිණට ලියා ඇති කල්පලතා ව්යාෙඛ්යාාවෙහි 1මෙසේ සඳහන් වන්නේය.

“මහා කවීහු නිරඞ්කුශයෝයි, හෙවත් නීති නැමැති හෙණ්ඩුවෙන් පාලනය කළයුත්තෝ නොවෙති. කාව්යි නීති පණවන්නෝ ඔහුය. පුරාතන කාව්යව ප්රාවරම්භයන් බලා කාව්යා දර්ශ කර්තෘස ආර්ශේර්වා දාදී තුනින් එකක් කාව්ය මුඛය විය යුතුයයි කී නමුත් අනිකක් නොවිය යුතුයයි නොකිය. එහෙයින් මේ කවීශ්වරයෝ ස්වකීය නිරඞ්කුශ මහා කවිත්විය දක්වමින් අළුත් මඟක්ම ගෙණ මේ මහා කාව්යසය ආරම්භ කළහ යනුද කිය හැකිය.

කාව්යිනුශාසනයන්හී නොතිබුනද මහා කවීන් ප්රආතිභානයෙන් නිපදවා යෙදු දෙයද නිරවද්ය වේ.”

මෙය නම් බලවතුන්ට විශෙෂ වරප්ර‍සාද දී කවි ලෝකයේද පීඩිත පඞ්කතීයක් ඇති කරලීමය.

1. පණ්ඩිත වැලිවිටියේ සෝරත නා ස්වාමි.







(516)

හෙන්ඩු කවියන් යැයි කියනු ලබන සැහැලිකවීන් ගෙන් පමණ අළුත් සිතුම් පැතුම්, අකලංක හැඟීම් සිංහල සාහිත්යමයට අහෙණ්ඩු කවියන් ගෙන් නොලැබුන බව මැදහත් විවේචකයන්ට පෙනී යනවා ඇත.

වියතුන් ගෙන් සිදුවූ මෙවැනි අතෝරයන් නිසාදෝ ආරම්භයේදී සැහැලි කවියන් තුළ තුබූ අසීමිත නිවහල් භාවය ඇතැම් විටෙක මදවී ගියාක්මෙන් පෙනේ. මහාකවීන් ගැන අසන්නට ලැබීම නිසා දෝ සමහර සැහැලි කවි කෙනෙක් උගත් කවියන් අනුගමනය කිරීමට ආශාවක් දැක්වූහ. කාව්යායරම්භයේදී ‍ඉෂ්ට දේවතානුස් මරණය කිරීමට යොමුවූයේ මෙලෙස ය. ආයාසයෙන් ආරූඪ කරගත් උපාසකකම් දැක්වෙන නමස්කාර කව් සැහැලිකවීන් ගේ පද්යූයන්හී තිබෙන කෘත්රීාම මෙන්ම නීරසද කොටස ය. උගතුන් ගේ ගණයට වඩාත් කිට්ටු වීමට වැයම් කළ ඇතැම් කවියෙක් සම්භාවනීය ග්රුන්ථයක ඇති නමස්කාර කවිවල වචන එතැනින් මෙතැනින් මාරූ කර සිය කෘතීන්හි රුවා ගත්තේ ය. 2 විශිෂ්ට කවියන්යැයි පිළිගත් අය අතරද මේ පද හොරකම.

           තිත් නමැති ගනඳු         රූ 

මෙත් සිත දරා කළ දු රූ සත් සැමට වෙදැ දු රූ අත් නගා හිස වඳිමි මොකැදු රූ සඹුලා ජාතක කාව්ය ය කව් 153 - කර්තෘව අඥාතයි.









(517)

පුරාතනයේ සිටම පැවැත්තේ ය. දැනුදු පවතින්නේ ය. එහෙත් ඔවුන් ආරක්ෂායකර ගැනීමට වියත් කමේ තර්කන ඉදිරිපත් වන්නේ ය.

අසංකීර්ණ හැඟීම් ඇති සැහැලි කවියෝ මහ කවීන් කරන පළියට පටන් ගැන්මේදී නමස්කාර ආදියක් කිරීමට නොවෙහෙසෙන්නෝ ය. කවි සමය යෙහි තිබෙන පළියට තම කථාවට සම්බන්ධ කම් නොමැති දෙය ඇදදැක්වීම රුචි නොකරන්නෝය. ශ්රීටෂ්මයෙන් පීඩිතවූ මහා හස්තියෙකු වන විලකට බසින්නාක් මෙන් තම ඇතුළ පිට දැවෙමින් පවත්නා කවි කථන ආශාව, සංසිඳුවා ගැණීම සඳහා, සැහැලි ජලාශයට මග නොනැවත බසින්නෝ ය. පහත දැක්වෙන්නේ සැහැලි කවියන් ගේ ආරම්භ කව් කිහිපයකි.

අපෙ බෝසත් කපි න අසන් කෙයියක් ගෙවමි න මෙකපට පළමුව න අසන් වියතුනි නමා දෙසව න

සත්දන්ත හැල්ල

අසන් මගෙ නෑ නා පෙමින් අස මා නා නොවී සක ජා නා යමන් පන් උදුරන්ඩ නැ නා

                                                                පුරාණ පන්නන් කතුර







(518)

සි රි ම ත් මෙපුර ඉංග්රි සි රජ පළමු කො ට පෙරයු ත් ලෙසට සිරකරුවන් දමන්න ට බ ල ව ත් කමට සවිබල ඇතුව වට කො ට නු ව ර ත් කොළඹ සිරසැල් දෙක බල නෙත ට

                                                                                 සිපිරි මාලය

දවසක් ගෙණ යනකොට හැම වේ ලේ වයසත් සිදු උනි කල තම ලී ලේ ගියඅත් නොහැරම රැක දෙති බා ලේ පවසත් පද බැඳ කල ගෙඩි මා ලේ

කලගෙඩි මාලය

ප ර සි ඳු පත්තිනි සඳ සැත පෙන් නේ සැතපු න නින්දට සීන පෙනෙන් නේ පා ල ඟ කඩුවක් ගත්තා වැන් නේ ක ඩු ව නොවෙයි අඩුවයි දැන ගන් නේ

                                                                            පත්තිනි හෑල්ල 

පටන් ගැනීමේදී පමණක් නොව කථා ශරීරයේදීද උගත් කවියන් අනුගමනය කිරීමට ඇතැම් මෑත සැහැලි කවියෙක් උත්සාහ කළ බවක් පෙනේ. සම්භාවනීය කාව්යැ ග්ර්න්ථ යන්හි නගර වර්ණතනය අවශ්යෘ අංගයක් ලෙස දැක්වෙන්නේ ය.

කාව්යා චාය්ය්ේ ය වර‍යන් ගේ උපදෙශයද එයම වෙයි. 3 නිසියේ කෙරෙන නගර වර්ණචනාව කථා

                                                3. සියබස් ලකර 





(519)

වස්තුව පැහැදිලි වීමට රුකුලක් වන්නේය. එයින් ප්රිවෘත්තිය පිළිබඳ පරිසරය විස්තර වන බැවිනි. අවාසනාවකට අපේ නගර වර්ණනා එකම අච්චු වේ වත්කල ඒවා මෙන් පෙනේ. බොහෝ කථා වස්තුවල සඳහන් වන්නේ පැරණි ඉන්දියාවේ යම් කිසි අගනුවරකි. ඒ හැ‍ෙම‍කකම බොහෝ සමාන කම් වූවා නිසැක ය. එනිසා වර්ණනාවන් ගේ ද සමානත්වායක් තිබීම සාධාරණය. එහෙත් එකම දෙයක් කවි ඇස් කිහිපයකටම එකමසේ පෙනීම නම් සතුටුවිය හැකි තත්ත්වවයක් නොවේ. එයින් වැ‍ටහෙන්නේ පරම්පරා කිහිපයක් සඳහා එකෙකු පමණක්ම බැලු බවෙක. උගත් කවියන් ගෙන් පටන් ගත් මේ අන්ධාුනුකරණය අහිංසක සැහැලි කවියා කෙතරම් නම් ප්ර පාතයක හෙළා තිබේද යන බවය “මුතුකුමාරිගෙ කථාවේ” තිබෙන පුර වර්ණනාව හොඳ නිදසුනකි. එහි මෙසේ දැක් වෙන්නේය.

“පැරිස් නම් ලත් වූ නොරිස්සන දන නැත් වූ සතොස් සිරි මත් වූ පැරිස් පුරවර අසවතත් වූ

මුරුත රුක් නාම ල් සමන් සපු සමදර ම ල් සිවිය දුනු කේ ම ල් වලින් සුසැදුන උයන සිරි පු ල්








(520)

ඉපුල ඔළු එ ඇඹු ල් විපුල පඩෙරද ඇත ‍ලො ල් කැකුළු මානෙල් ම ල් පිපී පොකුනේ සුසැදු නිල් පු ල්

අ ඹ ද ඹ නෙරළු පල සඳ පලතුරු නොමි න ත ල් හිඳි කිතුල් පුවකුත් කදලි අපම න දෙ ලිසල් වනස් පති එනුවර නැත ‍පම න මල් රොන් ගන්න මී මැසි වැනි ජන ගහ න

පැ සී එපුර ඇල්කෙත් නිලි නිලා යා පැ සී එඅමු කුරහන් මුන් තලා යා දුටීය සත පිනාය සිත පිනා යා වටීය දෙව්පුරයේ රට වටි යා

කොස්, දෙල්, කෙසෙල්, තල්, කිතුල්, පොල්, පුවක්, අමු, කුරහන්, මුං, තල, මුරුත, නා, සමන්, සපු ආදිය පිරී පවත්නේ පැරිස් නුවර උයනේ ල.

කැළණිය අසබඩ ගං ඉවුරේ හිමාල වනයෙහි පමණක් ඇතැයි කියන රෑ රඟ කැලේට වැ වී තිබෙන බව ශ්රීණ රාහුල හාමුදුරුවන් වහන්සේ වදාරන සේක. 4 අවිද්යරමාන වස්තු විද්යාදමානසේ දැක්වීම ත්රිසවිධ කවි සම්ප්රසදායයෙන් එකකි. 4 ස ල් සපු කීණ දොඹ රැ රඟ නා මිදෙ ලී පු ල් එරහැදි හෝපලු මී අඹ පලො ලී පොල් පුවකිගු රඹ මල බුලත සලි ම ලී නි ල් ගණ සා සෙවණලු දෙතෙර මන ක ලී

                                                                       සැළලිහිණි සන්දේශය 






(521)

යන්තම් දියත්තක් කියැවෙන තැනක හංස යන් ගැන වර්ණනා කිරීම ශිෂ්ට ප්‍ෙනෙයාග වශයෙන් දක්වා තිබෙන්නකි. 5 හැබැයි මේ සියලුම නීතිවලින් නිදර්ශනවලින් පිහිට ලැබෙන්නේ කල්පලතා ව්යා්ඛ්යාිවෙහි සඳහන්කර ඇති නිරංකුශ මහා කවීන්ට පමණෙකි. කයිකොල කයියන්ට කාගෙන් නම් පිහිටද? එනිසා පැරිස්පුරේ දෙල්, පොල්, කෙසෙල්, සඳහන් කළ සැහැලි කවියාට සමාවක් නොලැබුනුයේ “විරොධී දොෂයට” අසූවීම නිසා නොව ස්වකීය පරම්පරාවේ අසංකීර්ණ අහිංසක ජනකවියන් අතර සිටගන ඊනියා මහා කවිත්වයක් ආරූඪකර ගැනීමට බඩ පුම්බා ජන කවි සම්ප්රඊදාය කෙළෙසාලීම ගැනය.

දේවත්වයට නැංවූ කවියෙහි අනුභාව සෑම ලෙසින්ම කව් ඇදුරන් විසින් වර්ණනාකොට තිබේ. එසේම කවි සම්ප්ර දායට අනුරූප වන පරිදි උපමා අලංකාර, පමණක්ම නොව, ගණ, යෝනි අක්ෂවර ආදිය නොයෙදීමෙන් වන අවැඩ ගැන දක්වා ඇත්තේ ඊටත් වැඩි තරමිනි.

මේ වැරදි වලින් වන ප්රනතිඵල ගැන සැහැලි කවියෝත් ඔවුන් ගේ පාඨක පිරිසක් අසා නැත්තෝ නොවෙත්. 6 එහෙත් මේ බව්වැද්දුම් වලින් 5. ජලමාත්රෙනන හංස 6. ‘මම් මෙම පද කෙරුවෙම් ලෙස සිටි තුටි නේ

     චන්දස් පද ලඟුන් තුරු යවහන් නොදැ       නේ
                                                                                   මුතුකුමාරි කථාව

6. යවශන් පදත් අගමුල නොදැනෙයි අප ට පදමානවක ජාතකය








(522)

ඔවුන්ට මුකවාඩම් බඳවනු නොහැකිවි ය. මේ සියලු වස් දොස් මඟහැරවීම සඳහා ජීවිතය පිළිබඳ සෑම අවස්ථාවකදීම පිහිට වන තෙරුවන් ප්ර්ධාන දේව ගණයා ඔව්හු ඉතා සමත් අන්දමින් යොදා ගත්තෝ ය. තමන්ට හුරු පුරුදු බසින් කාවියට පවසා එහි අවසානයේදී කව් දොස් වලින් නිදහස් වීමට ඔව්හු මුරුන් සිහිකළෝ ය. කව් තුන්සිය හතරකින් මුතුකුමාරි කථාව පවසන ජන කවියා එය අවසන් කරන්නේ පහත දැකවෙන පරිදිය.

“මෙලක් දිවයින අහස පො‍ලවෙහි වසන සම් දිටු දෙවි තුමෝ හැ ම සු ර ක් සිත දේවාල කෝවිල වලෙහි අධිපති සියලු මුරු සැ ම අ ර ක් බඳිමින් මෙමා වටකර මෙකවි වල දොස් දුර දමා සැ ම ස ර ස් වති ගන ගන මුකය පිහිටා මෙමා රැකදෙන් දෙවියනේ පෙ - ම

කිසිදු පැකිලීමක් නොමැතිව නිදහස් ලෙස “සෙලෙස්තිනා කථාව” කව් සාරසිය පනස් පහ කින් කියන කවියා ස්වකීය ආරක්ෂා ව පතන සැටි පහත දැක්වේ.










(523)

“ඉ ඳ සෙ සු දින නරණා රජකර එනුවර සහ වෙති නා වි ඳ සි රි සැප යසිනා නැසුනෙය සතහට කරු නා බැ ඳ මි න් නිම කරණ කිවියර මට දොස නැත මෙයි නා තෙ ද දෙ වි මුනි සරණ වැද අප ලබමුව මොක් සර ණා

කාපිරි කථා කවියා ගේ අරක් කව මෙසේ ය:-

“නිතර දෙවිඳුනේ ඔබ පිහිටයි මෙම ට

නිතර       දිනෙන් දින සෙත්දී රකිනු තු      ට
නිතර    මෙමගෙ කිවිදොස දුරු කරන්න        ට
පතර     කරමි ඔබගුණ සියලු සත හ   ට 

7වේදේහ කථාකරු වස්දොස් දුරලැවීම සඳහා කව් කිහිපයක්ම කියන්නේ ය.

වි ස් ත ර බණ දහම් අසා මෙපද දැන සොදි ම් රොස්කර එන නපුරු දෝස නැත දෙවි වරමි ම් රැ ස් ක ර පින් මෝරවන්ඩ මෙකව් පද කෙරු ම් ව ස් ඇ රි යෙමි සිරීපාද පත්මෙ අනුභසි ම්

කී මෙ න් පද හින් අස්සර නොදැන මහත් තේ දෙ වියන් තිස්තුන් කෝටිය ගණනක් නැත් තේ කොයියන් විට මන් දෙවියන් සිහිකර ගත් තේ ම යි ය න් ගන දාතු බලෙන් වස් මට තැන් තේ

     7.  වේදේහ කථාව සහ සින්දුව කවි 104 - සි න්දු 1 යි 
                                                                කර්තෘි ආඥාතයි. 



(524)

සි ට ගෙන අප මුනි බෝමැඩ දහම් දෙසන් නේ සැ ට කෙළ දහසක් දෙවියෝ රැස්ව සිටින් නේ තු ට වඩවන දහම් අසා මෙපද බදින් නේ අ ට මස්තානේ අණයෙන් වස්හැර යන් නේ

මෙතු න් ලොවට බුදුවන ගවුතම අපෙ මුනිඳු ම් ත ම න් රහත් පිරිවර හට දෙසුවේ සදහ ම් නි ව න් යන්ට සසර ගෙවා මෙකවි පදකෙරු ම් ඉ ති න් මෙකව් වස් අරියෙමි දළදා අණයෙ ම්

මි තු ර මෙපද දහම් අසා සිත සැන සෙන් නේ ක ව ර කලද දහම් නෑර අමුතු සොයන් නේ නි ත ර ම එන සිහිය නොවෙයි මෙමට ඉතින් නේ ස ත ර වරම් දෙවිඳු මෙකව් වස් ඇර දෙන් නේ

කවි සමය පිළිබඳ දැන උගත්කම් ඇති වුවද තම මෙහෙය යොමුවී ඇත්තේ නූගතුන් සඳහා නිසා ලිහිල්සේ කව් බැදීම කළ බව කියුවෝද නැත්තේ ‍නොවේ. ඇතැම්විට උගතුන් ගේ අකාරුණික විවේචනයන් ගැන බලාපොරොත්තු වූ ඔව්හු ඇද කුද වසා ගැනීම සඳහා මෙසේ කීවා විය හැකි ය. කෙසේ වතුදු දොස් දැක්වීමට බියෙන් නිහඬ නොවී සිය සගයන් සඳහා කාවියම් කිරීම ගැන ඔවුන්ට ප්රදශංසා කළ යුතු ය. එබඳු කිවි යකි බැලසන්ත කථාව කවියට නඟන ලද දොන් සිමන් අප්පුහාමි. මේ කාලයේදී සිංහල කිවියන් විසින් එළිවැට ගැන මහත් සැලකීමක්





.



(525)

දැක්වූ බව පෙනේ. මූල එළිය නොමැතිනම් එය කවියක් ලෙස නොසලකන තරමට එළියට තැන ලැබී තිබුනි. බැලසන්ත කථාවට ලියූ කවි සාරසිය සැත්තෑවේම දොන් සිමන් එළිවැට තැබුයේ එහෙයිනි. එළිවැට සඳහා පදයන් කැමතිසේ තලා පෙලා, නමා, කපා, කොටා, ගැනීමට ඔහු පසුබට නොවූ බවට පහත දැක්වෙන කවියම ප්රාමාණවත් ශාක්ෂි යකි.

සු න් ද්රහ බැල සන්න කුමරිගෙ රුව දිලෙ නා ඉ න් ද්රර නීල මැනිකසෙ ලොවට පැතුර නා එ ම් ප්රර දෝරු නිරිඳුට මෙවග සැලසු නා ගි න් ද්රහ දැකපු ඉටිලෙස රජුට සිදු උ නා

හේ සිය පොත අවශාන කරන්නේ අනාගත යෙහි ඇතිවන විවේචකයන්ට කල් ඇතුවම පිළිතුරු සපයා තැබීමෙනි. ඒ මෙසේය.

දන් නවා මම එළුව තරමක් යවහන්ද ගන අක්ස රේ බි න් න නොව සත නොදත් අයටත් තේරෙනා ලෙස කවි ක රේ ඉ න්නවා නම් මීට දොස් කියනා දනන් මේ පුර ව රේ ගන්නවා කියවන්ට ගුත්තිලෙ නොහොත් කාවිය සේක රේ








(526)

ඇතැම් විට මේ හොරාට ඉස්සර වෙලා කෙහෙල් කැන පැනීමේ සිරිත කවි කාරයන්ට ආරයෙන් ආ ගතියක් විය හැකි ය. කව්සිළුමිණි කර්තෘ වරයෝ :-

“සරසවිය බැලු ‍මැසෙක් හි වෙත්වා කිවි දෙ නෝ පෙදෙහි රසහව් විදුනා දෙනතා ඉතා දුලබෝ”

යනුවෙන් විවේචකයන් සඳහා ඉඟියෙන් පැවසූ දෙයම ඊට පසු යුගයකවූ සිදත්සඟරා කර්තෘඉන් වහන්සේ එළිපිටම කියා පා ගර්ජනා කළේ,

“මෑ පෙළ පමණ සිඹි - කිවිමන් දනන් පසසත ගරහත යලි දු කම් කිම් - පඬුවෝම මෙහි පමණෝ”

යනුවෙනි.

අපට සමීප තම යුගයෙහිවූ කවියාන වන අලගිය වන්නයෝ ස්වකීය සුභාෂිත කාව්යගයේදී විවේචකයන් සඳහා පතිරජ පිරුවන් හිමියනටත් වැඩි සෙයින් දැඩිවූ බව

කි වි ප ද බැඳුම් ගුණ දොස කිවිදුන්ම මි ස නැණමද කුකවි දැනගත හෙති කවර ලෙ ස ද රු ල ද අඟනෝම මිස පසවෙහි වෙහෙ ස ව ඳ ල ඳ ගනෝ දැනගත හෙති කවර ලෙ ස”







(527)

යනු පැවසීමෙන් පෙනේ. බැලසන්ත කථා කර්තෘප සැහැලි කවියන්ටද කල්තියා උත්තර දීමේ ගතිය කව් ආරයෙන් ආ බව මින් පැහැදිලි වේ.

බාගෙට තැම්බූ දෙයට වඩා නොතැම්බූ දෙය හොඳයයි ඇති ගැමි පිරුළ මෙන් උගතුන් ගේ කවී සම්ප්රදදාය ඇස් දිෂ්ටියේ ප්රිමාණයෙවත් නුදුටු සැහැලි කවියෝම යහපත් වේ. ආවේනික උරුමයක් වශයෙන් දෝ පැවත එන ගීතවත් පද මාලාවක් ඇති ගැමියන් ගෙන් රසවත් සැහැලි තිරායා සයෙන්ම කියැවේ. මහනුවර බලා යන දුම්රිය කඳුකරයේදී නඟන හඩ අනුව :-

“උඩ රට මැනිකෙට

 පටකුඩ දෙක දෙක” යන සැඟැලි පාදය කෙතරම් නම් චමත්කාරජනක ලෙස කියැවී තිබේද? ශත පනහේ රේස්ටිකට් විකිණීමට විදි ගානේ මොරදෙමින් කොලු පැංචන් විසින් කියනු ලබන - 

‘සතපනහේ විස්තරේ හෙට උදයේ පත්තරේ” - යන බැඳුමෙහි අඩු ප්රවතිභාව කුමක්ද?

උගත් කවීන් ගේ කෘතින්වල සුලභව දක්නට නොලැබෙන්නකි යථාර්වවවාදය හෙවත් යමක් ඇති සැටියෙන් කීම. කවි සම්ප්රනදායට අනුකූලවීමට උත්සාහ කිරීම නිසා බොහෝ කාව්යන පිරීපවත්නේ උපමාලංකාරයන් ගෙනි. ඇතැම් කව්වල යථාර්ථ ය








(528)

සොයා ගැනීමට මහ මුහුදක් හිස් කරන වැනි වෑයමක් දැරිය යුතු ය. ශුඩාර්ථනයන් සහ එළිවැට පේළි බිහි කිරීමට පද හරඹයෙහි යෙදුන කවියන් ගෙන් නිරවුල් ලෙස යාථාර්ථපයක් බලා පොරොත්තු විය නොහැකි ය.

කවීයෙන් බලාපොරොත්තු වන්නේ චමත්කාර ජනක චිත්ර්යක් මවාපෑම් පමණක්ම නම් මේ අලංකාර පින්තාරුව කොතෙක් කළද, වරදක් නැති. සමාජය හැඩ ගැසීමට අන්කිසිවකට වඩා බලයක් කවියට තිබේ. සමාජ දියුණුව සැලසීමට මහාජනයා සුමග යොමු කිරීම සඳහා ඔළුව වටේ අතයවා කන පෙන්නීමක් නොව ඇඟට අත තබා කථාකිරීම අවශ්යම ය. අපේ සමාජ ජීවිතය ඇති සැටියෙන්ම පෙන්වන යථාර්ථඅවාදය සැහැලිකව් පුරා පැතිරී තිබේ. මෙයට අවුරුදු තිහ හතලිහකට උඩදී තුබු සිංහල සමාජය ඒවූ සැටියෙන්ම ජන කවියෙක් විදහා පෙන්වන්නේ මෙසේ ය.

ස ම හ රු න් පෘතිගීසියන් විය සමහරුන් ලන්දෙසි වූ නා ස ම හ රු න් ඉංග්රිකසියන්විය කළු නුමුත් සුදු වෙස් ගෙ නා ඉ සු රු ව න් ලක සිහල ටික දෙන අමුඩයින් ගණනට ගෙ නා සි හ ල සි න් ‍ෙඤල නෝනලා දැන් කරණ විගඩම් මෙලෙසි නා 8. ආරිය සිංහල සිරිත හෙවත් පෙර සිරිත් සහ පර සිරිත් කවි 137 කි. කර්තෘ

   ජෙ රත්නායක.








(529)

ව ර ල කපා ඉසෙහි පිදුරු තොප්පි දමා ගත් තේ ඇ ඳ ල සිටිය සේල මුදා කලිසම ලා ගත් තේ සු දු ල උතුරු සළුවද ඇඟ වැස්ම මුදා ගත් තේ දෙ පි ල පැළුව කෝටි ජැකට් ඇඳුම පටන් ගත් තේ

දෙ ක ට බෙදා පීරා කොණ්ඩය පෙර කා ලේ දැ න ට ඩොන්කි පැෂන් කපති නියම වේස තා ලේ ක ර ට දැමුව ඔහොරිය සහ ඇඳපු දෙපට සේ ලේ ය කු ට ගියයි සාය ගවුම් බෝවෙල මෙම කා ලේ

මෙ ක ල හැදෙන තරුණ තරුණියන් දෙන්නා දෙන් නා කි සි ල යටින් අත්ලා ගෙන තනියම ඇවිදින් නා කොමල බසින් උනුනුන් අදහස් එලිකර ගන් නා පැ න ල යන්ට පෑල් දොරින් ඉඩ බලමින් ඉන් නා







(530)

වි ස් කි ද ජින බ්රැ න්ඩි වැයින් බොන්ට පටන් ගත් තා කැ ස් සද ජල උදර රෝග එයින් වැළඳ ගත් තා වි ස් ස නොපිරි කෙල්ලො කොල්ලො නාකි සිරිත් ගත් තා ඇ ස් වල කණ්ණාඩි දමයි ලෙසින ආත මුත් තා

ත ව සි රි ත ක් බහුලව පවතින්නෙය ලක අත රේ ලොකු මගුලක් බව ලෝකෙට පතල කරණ අයු රේ ව ට ග ණ න ක් දිග පුළු ලැති කේක් ගෙඩිය විත රේ වෙන කිසිවක් කෑමට නැත්තේය මගුල් ගෙද රේ

ම න මා ලිගෙ ගවුම වල්ගෙ බඹ ගණනක් බැවි නා ග වු මා උස්සන්ට සතර දෙනෙක් ඕනෑ කර නා මෙහෙමා අනුවන කෝළම් සිරිත් ඉසට රැගෙ නා බොහොමා සිංහල නෝනල සිං‍ෙඤාල දැන් සිටි නා







(531)

යථාර්ථ1වාදයත් උගත් කවියනුත් පිළිබඳව සළකා බැලීමේදී සිතීමට තුඩුදෙන කරුණක් නම් කවිසම්ප්රබදාය රැකීමට යෑමෙන් හැඟීම් කෘත්රී ම නොවන්නේද යන බව ය. සහජයෙන් පිහිටි ප්ර තිභාව ඇති අවංක සැහැලි කවියා මහා පොත් කොපි කර කවි සම්ප්ර‍දාය රකින කවිකේශරීන්ට වඩා උසස් ය. ප්රකයේජනවත් ය.

සැහැලි කවියා ගේ නිදහසෙහි විශෙෂාංගයක් නම් ඔහු ජනතාව ගේ සිත් තුළ මුමුන මුමුනා තිබෙන හැඟීම් ප්ර සිඞියේ ප්ර්කාශකරලීමය. මෙහිදී තත්ත්විය, බලය, වස්තුවය ආදී කිසිවක් ගැන ඔහු නොතකන්නේ ය. යටත් පිරිසෙයින් තමා විසින් ප්රඟකාශයට පත්කරන දෙයෙහි සත්යාන- සත්ය. තාවය ගැනවත් ඔහුගේ තැකීමක් නැති. තම කාවියම් තැනීමේ ශක්තිය මහාජන හැඟීම් වලට කැමතිසේ යොදා ගැනීමට ඉඩහැර නිසොල් මන් වීමය, ඔහුගේ සිරිත. මහා කවීහු තවමත් තත්ත්ව යට බලයට ගැතිකම් කරද්දී සැහැලි කවියා සම්පූර්ණර නිදහස විදින්නේ මේ නිසාය. ඔහුට දෙශපාලකයන් ළුහු බැඳීමේ පිස්සුවක් නැත. එහෙත් යහපත් පාලනයෙහි අයිතියක් ඇත්තේ ය. මහා බහුශ්රැිත කමක් - නොවුවද සමාජය පුබුදුවා ලිය හැක්කේ ය. විශිෂ්ඨ චින්තකයෙන් නොවු වද විචේචනයෙහි දක්ෂලතාවයක් ඇත්තේ ය. වත් පොහොසත් කම්වලින් ඈත් වුවද ආත්ම වංචන යෙන් යස ඉසුරු පැතුමක් නොමැත්තේ ය.










(532)

එනිසා 9 ආගමික මෙන්ම 10 පාලක පක්ෂචයේ ද කෙබඳු තත්ත්වජයේ ශ්රොෂ්ටයකු ගැන වුවද පැතිරී යන ආරංචි ප්රාචාරය කිරීමට පසුබට නොවන්නේය.

කවියෙන් කළ හැකි උසස්ම ප්රාුතිහාය්ය්ංච ය නම් සමාජ සංස්කරණයට පිටිවහල්වීම ය. ජන කවියා තමාට ලැබී ඇති අසීමිත නිදහස මේ සඳහා සීමා රහිතවම යොදන්නේ ය.

ජීවිකාව කරගැනීම සඳහා මුළු කාලයත් වෑයමත් යෙදවීමට සිදුවී තිබෙන ගැමි ජිවිතයට විනෝදාස්වාදයක් ලඟාකර දෙන එකම හිතවතා ජන කවියා ය. තමන් පිළිබඳ වැදගත් සිඞි කවියෙන් ලියවා ගැනීමට ඇතැම් ගැමි නායක වරු බෙහෙවින් ප්රිවය කළෝ ය. ඔවුනට ගමේ කවියා ගේ පිහිට නො අඩුවම ලැබේ. මීට අවුරුදු හැත්තෑ අටකට උඩදී (1878) ගැමි කවියකු විසින් කරන ලද එබඳ ප්රකබන්ධ යක් පහත දැක්වෙන්නේ ය. 11 එකල සමාජ තත්ත්වලය ගැණද විමසීමට තුඩු දෙන මේ කව්පෙළෙහි කතුවරයා ගේ නම දැන ගැනීමට නොමැත.



9. සිවුරු කලිසම් කවිකොළය 10. අසරප්පා නඩුවේ කවිකොළය 11. කේ.ජි. ද. ඇස්. විජය ශ්රීද වර්ධනන මොරගල්ල පේරුවේ රෙජිස්ටාර් රාළහාමි සතුව තිබෙන අත්පොතකින් ගන්නා ලදි.







(533)

සා ර ගුන සිල් රකින ආවිස් කළුව මෝදර පියසෙ පසුවෙ න පා ර දැන විත් රත්ගමට සිටි සොඳ පව්ල ගති පුතුට යහති න කා ර බඳිනට දින නියම කල එව් නැකත පිළි ගතිමි අටියෙ න සා ර මෙම පත එවමි සතුටින් පිලිගන්ට මම ලියා කවියෙ න

ක ළු ව මෝදර පියසේ පසුවන නාමයුත් පොඩි සිංඤෙඤා අප්පු ට ද ළු ව ලියලන ලෙසට තැනු නේරිස් හාමි සරන ගැනුම ට ර ළු ව නොව සිටි ගුණතිලක තුප්පහි පොලිස් ඔපිසරගෙ නිවස ට බැ ළු ව සත සිත පිනන රන්මාලාව ගෙන කරළුවා කදිම ට

එ ක ල යුතුකම සිතට පිළිගෙන ඊට එකඟව පොලිස් ඔපිස ර ස ක ල ලොව හෙළිදරව්වන ගෙන දුනිය රුපියල් දෙසීයෙ ක ර වි ක ල ‍නොව ආ මහත්වරු මෙත සිතීන් පිළිගෙන ගතිය තුති ක ර ස ක ල සම්පත් ඉසුරු බෝවී මතු වැඩේවා මෙම දෙදෙන තී ර







(534)

ව ගා වෙන මෙම සුභ මංගල ප්ර ස්තාව බෝ කලක ටා න ගා මෙත සිත පෙරටු කල මද නැනින් ගැලපිම් කවිය ටා ද ගා නොව මතු කරන ගනු දෙනු වාලිස්ත්රො එලිය ටා දි ගා කල් ඉසුරු පැමිනෙයි මෙකවි වල විදිය ටා

නා ම රත්ගම රාජ කරුනා කොස් තැපැල් ආරච්චි මැති තු ම කී ම සිත රුචී වුන නිසා මද නැතින් ගැල පිමි මෙකව් පද සැ ම පේ ම සිත් ගෙන අසන ලෙස ලිපි කලේ දැනි සතතයෙන් ම ම සෑ ම මහතුනි නොගෙන වරදට ආදරෙන් පිලී ගනුව ගරු ව ම

කාලයත් සමග වැඩි දියුණු වී ගිය මේ කවි පරපුර ව්යා්ප්තියට පත්වුයේ මැතිවරණයත් සමගය. ඡන්ද‍යෙන් මන්ත්රීින් තේරීම් පවත්නා කාලයන්හිදී ගැමියන් නම්මවා ගතහැකි කව් ප්රුබන්ධාකළ හැක්කේ උගත් කවියන්ට නොවේ. ඔවුන්ගේ භාෂාව මෙන්ම ඉඟිද ගැමියාට නොතේරෙන්නේ ය. එනිසා ගැමි කවියාට පමණක්මය ඔවුන් මෙච්චල් කළ හැක්කේ. ඡන්දඑපෙක්ෂයකයන් ගැන ජන කවියන් විසින් කරන ලද ප්රහබන්ධ යන් ගැමියෝ මහත් ආශාවෙන් කියවත් වනපොත්ද කරගනිත්.







(535)

පාර්ලිමේන්තුවේ සිට ගම්කාය්ය් ගැ සභාව දක්වා වන සෑම තරා තිරමක ඡන්දත විමසීම්වලට ඉදිරිපත් වන්නන් සඳහා ලියන ලද කවිකොළ ගම්බදව සුලභව ලැබෙන්නේ ය. මේවාහි වැණුම් මෙන්ම ඇනුම් බැනුම් වලින්ද අඩුවක් නොමැත. පහත දැක්වෙන්නේ රාජ්යන මන්ත්රබන සභා මැතිවරන කාලයේදී ප්රනචාරයට පත්කළ ඡන්දන කවි කොළයකින් උපුටාගත් කොටසකි.

12 රතුකොඩියයි කහ කොඩියයි තරඟෙ ට බැස් සා

    සුචාරිසා ආගම දා තපසට බැස්      සා
        සුංසු සුවාරිසා - කිරිකිත්තා අමාරි       සා

යුත් ලීග් කාරයෝ දැන් ඩයිවොස් ගන් නා මූත් ලීග් එකේ ඉඳන් පවුල් නසන් නා

මගේ හේව පන්නේ - බොල කොහොමද දන්නේ

කඩොල් ඇතා හොර කූපන් ගණන් බලන වා කස්තානේ කොපුව අරන් නෝන මදින වා

ඉදා උඹට බාබු - වැලිකඩ ඒ රාබු

2. “පානදුරේ චන්දදායකයන්ට වචනයක”








(536)

ගම් කාය්ය්බු සභා තරඟයක කව් කොළයකින් උපුටා ගත්තකි පහත පළවන්නේ :-

13එ බැ වි න් මපිය මහතුනි ගුණ නැණ පුන් න කරුණ ක් පවසමිය ඔබලට දැන් ගන් න බි ලි ඳු න් ඉගෙන ගන්නා පාසැල පුන් න සිත් ස න් තොසින් කවුරුද සැදුවේ යන් න

ප බ ඳ මෙ අසුනට හිස්වී තිබෙන අ ද ක වු ද සුදුස්සා තෝරා ගනිමු හ ද නි බ ඳ වැඩ කරණ මහජනගේ මහ ද ස බ ඳ සුදුස්සා මේ මැති නොම වේ ද

සමාජයට වැඩවන අයුරු කාව්ය විප්ලවයක් අවශ්යිවී තිබෙන මෙකල උගත් කවියන් විසින් සැහැලි කවියන් ගෙන් ගතයුතු දේ බොහෝ ය. මෑතකදී පද්ය යේ බෝවි ගිය අංශය නම් ව්ය ක්තී වාදය ප්රේ මාලාපයන් ය.

ව්යලක්ති වාදයට මුල් තැනම ලැබෙන අපේ පද්යය සාහිත්යකයේ ඕඩිම තැන ලැබෙන්නේ දුඃඛවාද යටය. එනම් දුඃඛාන්ත රචනාවලට ය. දුක් කම් කටොලු පිළිබඳ දේ කාව්ය යට වැද්ද ගැනීම නුසුදුසු සේ පැරැන්නන් විසින් සැලකූ ලෙස පෙනේ. සුඛිත මුදිතවූ සමාජයකට දුඃඛවාදයට නැඹුරුවූ පද්යනයන් එතරම් අවශ්යූ නොවුවද අගහිඟකම් වලින් මෙන්ම නොදැනුම්කම්වලින්ද පීඩිතවූ සමාජයක්

13 කළුවාමෝදර දක්ෂිමණභාගයේ ඡන්දදායක මහතුන්ට සරසවියගෙන් පණිවුඩයක්.







(537)

පුබුදුවා ගැණීමට එබදු රචනා අවශ්යකම ය. සමාජ ප්රගතිසංස්කරණයකට එය මුල්වන බැවිනි. පොදු ජනතාවට ඔවුන් ගේ දූගී නියාලු ජීවිතවල තිබෙන පුහුබව, අලංකාරයෙන්. ශ්ර්ඩාවෙන්, මෙන්ම මරණින් මතු ලොවක ඇති යස ඉසුරු මවා පෑමෙන් අමතක කරවීම ජාතික අපරාධයකි. කවියෙන් කළ යුත්තේ නියම තත්ත්වමය පෙන්වාදී ඔවුන්ට මෙන්ම උසස් අයටද හැඟීම් ඇතිකරවා ලීමය. අපේ ජන කවියන් විසින් මේ අංශයෙන් කර තිබෙන සේවය ප්ර ශංසාර්භ ය.

සිරගෙවල තත්ත්ව ය වැඩිදියුණුකර ලීමට උගතුන් විසින් කල්පනා කරණ ලද්දේ මේ නොබෝදා ය. එහෙත් මෙයට පරම්පරාවකටත් කලින් සමාජ බන්ධු ජනකවියා ස්වකීය අසීමිත නිදහස උස්තාප්පවලින් හා මුරකරුවන් අරක්ගත් දොරටුවලින් යුත් සිපිරි ගෙයැතුළට ඇතුළු කෙළේ ය. ඇතුළ් කොට එහි පවත්නා අමානුෂික තත්ත්වළය 14 “සිපිරිමාලය” මගින් සිය සගයන්ට කියා පෑවේ මේ අයුරිනි.

“ හ ප ලා කන්ඩබැරි බත්ටික ගල් එක්ක

  උ ය ලා           ලබු හොද්ද දියකල කහ      එක්ක
  අ න ලා                ගම්මිරිස් ලුනු කුඩුකර   එක්ක
  කා    ලා              ඉන්ට බැරි දනවා මගෙ      බොක්ක

14. කවි 95 යි. ඒ. ආර්. පී. ජේමිස් අප්පුහාමි විසින් කවිකරණ ලදි.








(538)

කලිසම පල්ල දඟලන ඉනිකුනු ගොල් ල ඇඟ ඇතිරිල්ල ඇඳ මකුණන් ගැල තිල් ල අපෙ මැසිවිල්ල නොදනිති නෑසියෝ ගොල් ල සකි නුඹ පල්ල නිදි නැත රැ දැඟලිල් ල

උගත් කවියන් ගේ සැලකිල්ල යොමු නොවු තවත් අංශයක් ගැනද සැහැලි කවියෝ උනන්දුවී තිබෙත්. ජීවත්වන භාෂාවක මූලික ලක්ෂ ණය නම් පරිසරය අනුව වැඩිදියුණුවීම ය. මේ රටේ ගැමි පරිසරය සාමාන්යහ වශයෙන් වෙනස්වූවා නම් එසේවූයේ ඉතාමත් හෙමිනි. මෙසේ පැවැති තත්ත්වණය හදිසියේ මෙන්ම විසිවෙනි ශත වර්ෂය අග භාගයේදී මහත් වෙනස්කම් වලට භාජන වි ය. එයට ප්ර්ධාන හේතුවක්වූයේ බස්රථ ආක්රතමණය ය. බස් රථයෙන් ගම්බද ගමන් බිමන් කරදරය දුරළුවාක් මෙන්ම ශාන්ත වටාපිටාවද ඈත් කෙළේය. සමාජයට පමණක්ම නොව භාෂාවටද බසයේ බලපෑම් ඇතිවිය. බස් ගමන් සඳහා පිළියෙලවූ අමුතුම පද මාලාවක් ව්යලවහාර යට විරෝධයක් නොමැතිවම වැද ගත්තේ ය. තේරුම් නොදන්නා නමුදු ගැමි ජනතාවට පාවිච්චි නොකර බැරිවූ ඒ අළුත් පද සමූහය තේරුම් කරදීම සඳහා ඔවුන් ගේ හිතවත් කවියෙකු විසින් 15 ‘බස්රිය හෝඩිය” ලියන ලදි.

15 කොස්ගොඩ නාපේ. ඒ. අමාරිස්ද සොයිසා විසින් 1938 දි ලියා ප්රඅසිඬ කරන ලදි.









(539)

කවි මෙන්ම වාසගම්ද ඇති මෙයින් අනාගතයේදී වචනයන් ගේ නිරුක්ති සොයන උගතුන්ට උපකාර නොසැලසේයයි කෙසේ කියමුද?

පහත දැක්වෙන්නේ “බස්රිය හෝඩියේ” පසළොස්වන කවය.

“ බ ඩ ට ගහයි, හුප්පේ පල්, පලේ පල්ද ටාර් යනු ද දි ර පු වැටක් අල්ලාගන් ලැල්ලට පාගපන්යනු ද ඉ බ් බෝ රයි රයිට් ආදී බස් බාසෙන් කියන මෙ ප ද තෝ රා සුදි ලෙස ඇත බස් හෝඩියෙ දැන් බලනු සබ ඳ

යුඬ ප්රනවෘත්ති, ආගමික සිද්ධී ආදිය පිළිබඳව අඩු වැඩිකොට ලියු කවිපොත් මහා කාව්යවයන් වීමටත් ඒවා ගැණ මෙන්ම ආර්ථික සහ සමාජයීය දුෂ්කර තාවයන් පිළිබඳව, සර්ව සම්පූර්ණහයේ අවංකව සඳහන්වන කාවියම් නිසරු සැහැලි ලෙස සැලකීමටත් හේතුවී තිබෙන්නේ සමාජයට උගතුන් විසින් පුරුදු පුහුණු කරවන ලද කුහකකම නිසා විය යුතු ය.

____









(540)

21 වෙනි පරිච්ඡේදය සැහැලි සමාජය

ආහාර පාන

ගැමිජනතාව ගේ ආහාර වට්ටෝරුවෙහි බත්වලට වඩා සඳහන්වන්නේ අල බතල කටුසර බෝග වර්ගයන් ය. වී සහල් ටික ප්රනවේශම්කර තබාගෙන වෙනත් කිසිවකින් වේල පිරිමසා ගැණීමට ආර්ථික කරුණු අනුව ඔවුනට සිදුවී තිබීම මෙහි හේතුව ය. සාමාන්යි වශයෙන් වැඩි දෙනා 1 කුරහන් වලින් සාදාගනු ලබන රොටි 2 තලප හෝ පිට්ටු එදිනෙදා ආහාර පිණිස ගත්තෝ ය. මේ සඳහා වැඩි වශයෙන්ම පිළියෙල වූයේ 3 අලකොළ මාලුවය. ව්යංමජන පිණිස ගන්නා අලකොළ දෙවර්‍ල යකි. කළු අලකොළ සහ වෙල් අලකොළය, වෙල් අලකොළ මාලු පිණිස පිළියෙල කරගැණීමට පෙර මැලවී, තව් මැරී යෑම පිණිස දුමේ දමනු ලබත් 4

1. තලප සහ පිට්ටුද - හේන් යාදින්න රොටී පෙත්තවත්දෝ කයියට දෙන්නේ - නෙළුම් කවි 2. අමර කුරක්කන් කළුවේ - රොටී එකක් උය කළුවේ නැලවිලි. 2. තලප කාන්ඩ බැරුව පුතේ - තලප පිසූ කල හැන්ද කැඩෙන්නේ - ජල්ලි 3. කළු අලකොල ලිපේලු - නැලවිලි

   4       වෙල් අලකොළ දුමේලු 







(541)

හේන් කනතුවල ඉබේ වැවෙන බටු වර්ග ව්යංිජන සඳහා යෙදුනේ ය. කෙතරම් තිත්ත, වුවද, තිත්ත තිබ්බටු ගැන ප්රි ය මනාප ගතියක් දක්වන්නේ ලබා ගැනීමේ පහසු කම නිසාම නොව, එහි මහත් ගුණයක්ද ඇතැයි සළකන බැවිනි. තිබ්බොටු තෙලෙන් බැද හෝ කිරෙන් බැද හෝ පිළියෙල කර ගැනීම සිරිති. එලබටු ගෝන බටු ආදියද ඇඹුලට උයනු ලැබේ. දික් හොද්දට වැඩි වශයෙන්ම ගනු ලබන්නේ පුහුල්ය. 6බතල සහ 7වට්ටක්කා පිරිමහින ව්යංටජනයෝ ය. කැකිරි අමුවෙන් මෙන්ම උයාද ප්රේයෝජනයට ගනු ලැබෙත්. පිපාසාව සංසිඳවා ගැනීම සඳහා අමුවෙන් කෑමට ගන්නේ මිහිරි කැකිරි ය. ගැමියෝ එය හඳුන්වන්නේ රණ කැකිරි නමිනි.

5. තෙලෙන් බැද්දත් - කිරෙන් බැද්දත් තිත්ත තිබ්බොටු තිත්තමයි --

    සහැලි

5. බටු ඇඹුලෙන් යුත - සැහැලි - අළුත ගෙනා මනමාලි බටු කොරහන් කපාපි -- සැහැලි

6 අපට පුහුල් හොඳි බතලත් සමගිනි - සැහැලි පත්තිනියේ ‘බොරු නොනියන් - පුහුල් හොද්ද රත්වෙන කුන් - සැහැලි

7 ගාල්ලෙ පලගත් දික්වට්ටක්කා - පන්දු කවි සදා අපට නිසිදේ ගෙන කෑමට - යොදා ගෙනෙව් වට්ටක්කා මුං ඇට - ගුරුහටන








(542)

8 උයන කැකිරිවලට තිත්ත කැකිරියයි කියනු ලැබේ. ඇඹුලට පිසූවිට එහි තිත්ත නැති. 9

ගැමි ආහාරයේ ප්රිධාන කොටස පලාකොළ ය. 10කොළ වර්ග වලින් 11 තෝර සහ 12තුඹ බෙහෙවින්ම ප්ර යෝජනයට ගත්සේ පෙනේ. ඇතැම් තැනෙක තෝර කොළ තම්බා කා වේල පසුකර ගැනීම නොවන්නක් නොවේ. කැඳද ඔව්හු අගේ කොට සළකත්.

ගැමියාට කොස් වාරයට බත, හෙරලිය, එවිට ඇති නැති කාටත් හෙරලි වලින් අඩුවක් නොවේ. ගැමි ගැහැනුන් ගේ නිතඹ ප්රනදේශය කොස් වාරයට බරවේ ය යි යන ගැමිවහර ඇති වූයේ ද, වාරයේදී බඩකට පිරෙන්නට හෙරලි කෑමට ලැබෙන බැවිනි. 13 හෙරලි තැම්බීම සඳහාම බොහෝ ගෙවල්වල කුණ්ඩහැලි තිබේ.




______________________________________________________8 රණ කැකිරක් කාපු ලෙසට කටට මිහිර වන්නේ -- නෙළුම් කවි 8 රණ කැකිරට ඇඩු මන්ම අඩන්නා - නැලවිලි 9 තිත්ත කැකිරි දෙකක් ගන්ඩ - රබන් පද 10 ඉනට පලා නෙලාගෙනේ - නැලවිලි 11 තෝර කොළයි කන්නේ - හොදට උයා පන්නේ - සැහැලි 12 තුංතුළු මල් තුනක් ගන්ඩ - රබන් පද 13 හෙරලි තැම්බු හැලිය පල්ල - සැහැලි

      13 අටු ඇට මල්ලක් පුරවා දෙඤ්ඤයි - සැහැලි 







(543)

අවාරයට ප්රරයෝජන ගැනීම සඳහා කොස්ඇට තම්බා වේලා තබා ගනු ලැබේ. ඇති අය බත් වෙනුවට මුංඇට කන්නේ ය. 14 තැම්බීමට, මාලුවට මෙන්ම, 15 බැදීමටද මුංඇට ගනු ලැබෙත්.

එක එක ව්යංරජනය වෙන මෙනම පිළියෙල කිරීමට වඩා එළවලු වර්ගක කිහිපයක් එකට දා එක මාලුවක් සේ සදා ගැනීම සිරිතක් ලෙස පැවැති බව පෙනේ. මෙය කාලයත්. වියදමත්. වෙහෙසත් අඩුකිරීම සඳහාම කරන්නක් නොවේ. ඒ සියල්ලම නිරායාසයෙන්ම සිදුවෙන අතර එහි ශරීරයට අවශ්ය. පොෂන ගුණයද නොඅඩුවම ඇති වන්නේ ය. එසේ මාලුවක් පිළියෙල කරගැනීම සඳහා එක් එක් එළවලුවෙන් වුවමනා වන්නේද මද ප්රරමාණයක්ම ය. මේ මිශ්ර් ව්යංලජන වලින් “හත්මාලුව” ඉතාම ප්රනසිඬවූවකි. නිසිසේ පිළියෙල කරගත්විට එය රසයෙන් අනූනවේ. පළපුරුදු ගෘහිනිවරු කජු ආදි මද වර්ගසත්, කෙසෙල් බඩ ආදී බඩ වර්ග ත් ලබු පතෝල වැනි ගෙඩි වර්ගකත්, කොහිල, කැබෙල්ල ආදි දලු වර්ග‍ත්, කිරි අගුණ ආදී කොළ වර්ගවත්. උඳු මුං ආදී ඇට වර්ගෙත්, ගෙන සැම අංශයේම ජීව පදාර්ථඅ අඩංගුවනසේ හත්මාලුව පිළියෙල කර ගැනීමට දන්නෝ ය. මාලු (එළවලු)

14. කන්වදේ නිසිකොට - ගන්ට කීවේ මුංඇට සොකරිකථාව 15. ආච්චිලාට කරන උදව් - මුංඇට බැද කටේ දමවු - සැහැලි








(544)

වර්ග5 හතක් අඩංගුවූ නිසා හත්මාලුව යයි කියනු ලබන මෙය දොල පිදේනී දීමෙදී අවශ්යගමවූවකි. 16

අවුරුද්දක් ගෙවී අළුත් අවුරුද්දංක් ලැබුදා නැකතට ගන්නා ගන්නා කෑම වේලට නොවරදවාම හත් මාලුවක් පිළියෙල කිරීම ගම්බද බොහෝ පළාත්වල සිදුවන්නකි.

බඳින ලද ධාන්යස වර්ග්ද, ආහාර පිණිස ගනු ලැබෙත්. මේද. දොල පිදේනි වලදී අවශ්යවම වුවකි. උදු. මුං, තල, මෑ සහ කඩල, බැදීම සඳහා ගනු ලබන ධාන්යදයෝ ය. ඊට 17 ඇට ඇටි පස් වර්ග යයි ව්ය,වහාර වන්නේ ය.

හොඳට පැහැ ශුඬ කරගන්නා ලද කැකුළු සහල විශෙෂ අවස්ථා. සඳහා තබා එදිනෙදා ආහාරය සඳහා 18 නිවුඩු හාල ගැනීම බොහෝවිට සිදු වන්නේ ය. සහල්වලින් උතුම් සහල් සුවඳ රත්හැල් ය. කිරිබත් පිසනු ලබන්නේ කැකුළු සහලෙනි. සෑම මංගලෝත්සව අවස්ථාවකදීම

16 හත් මාලුවක් ඇතුව - යාදිනි

තුං තුඹ මල් තුනක් ගන්න. තිත්ත කැකිරි දෙකක් ගන්න පස්කුළු බඩු මිටක් ගන්න - රබන් පද

17 ඇට ඇටි පස් වර්ගවයක් ඇතුව - යාදිනි 18 සිරි වත සිරිවත නිවුඩු හාලෙ බත - සැහැලි








(545)

කිරිබත ප්රරමුඛ ස්ථානය ගන්නේ ය. ගුරුන්, 19 දෙවියන් පිදීම සඳහාත්, 19 වෙලේ පිටියේ කයිවලදී හීල සඳහාත්, කිරිබත් ගනු ලැබේ. කිරිබත් සමග සකුරු හෝ රඹකැන් හෝ කැවුම් ගැනීම සිරිති. කිතුල් හකුරු මෙන්ම උක් හකුරුද කිරිබත් කැමට ගන්නෝ ය. කයි සඳහා බොහෝවිට සාදනු ලබන්නේ ඉඹුල් කිරිබත් ය. මැදට පැනිපොල් හෝ ලුණුමිරිස් හෝ දමා පුවක් කොළවල අඹරවා මහ ඉඹුල් ගෙඩි හැඩයට වඩා ගත් කිරිබත 21 ඉඹුල් කිරිබත නමින් දන්නේ ය. සෑමවිටම කිරිබත් කෑලි කපන්නේ ආයත චතුරශ්රි හැඩය සිටීමට ය. මෙය කොතරම් භාවිතයට පැමිණ තිබේදයත් ආයත චතුරශ්රත ස්වරූපය සිංහල ගැමිජනතාව හඳුන්වන්නේ කිරිබත් හැඩය යනුවෙනි. කයි සඳහා කපන කිරිබත් කැටි කුඩා නොවිය යුතුම ය. 22

 19          පුදා විළද අතිරස කිරිබත් සකුරු - වදන් කවිපොත

19 කිරිබත් කවා දෙවනුව ඇසුවා සීනේ - යසෝදරා වන 20 උක් සකුරු රස තනා - ගණ‍ දෙව් හෑල්ල 21 පැණිපොල් ‍රහ වැඩි ඉඹුල් වඩන්නේ - නෙළුම් කවි 22 වඩා කැවුම් සහ කිරිබත් කැටිකොට කුඩා නොකරවව් එක දෙක දෙන්නට - ගලකැප්පු සැහැල්ල











(546)

ගැමි ආහාර වට්ටෝරුවට දියමස් මෙන්ම ගොඩමස්ද ඇතුළත් ය. එහෙත් මස් මාංස සපයා ගැනීම පිළිබඳව විශෙෂ මහන්සියක් දරණු නොපෙනේ. දිය ගොඩ මස් නොමැතිවූ විට 23 පිදේනි තටුව නම් අසම්පූර්ණක ය. මිරිදිය මසුන් ගෙන් ප්රමධාන තැන ලැබෙන්නේ ලූලාටය. 24

25 ආඳ මාළුද රසවත් ආහාරයක් ලෙස සැලකෙන්නේ ය. මාළු තෙල්මන්ද බොහෝ ආශා කරණු ලබන්නෙකි. වෙනම උයා පිළියෙල කරගත හැකි ප්ර මාණයේ 26 තෙල්මන්ද ලැබෙන්නේ විශාල මත්ස්ය්යන් ගේ ය. 26 මොදා මේ ගැන ‍නම් දැරුවෙකි.

රසවත් ලෙසත් නරක් නොවී කලක් තබා ගැනීමට හැකි ලෙසත් මත්ස්යලමාංශ පිසීමේ සූප ක්රැමය ගැමි ගැහැණු දන්නෝ ය. ඒ සඳහා ඔව්හු සුදුරු, 30 මාදුරු ගම්මිරිස් හා රට මිරිස්ද ගනිත්. 27 තෙලිමසඳ රසවත්සේ සැළකූ බව පෙනේ.

23 දිය ගොඩ මස් ඇතුව - යාමනි 24 ලුලා නැතිවලට කනයා පන්ඩිතයා - පිරුළු 25 ආඳ මාළු ඉරටෙන් කන්තා වගේ - පිරුළු 26 මොදා මරා ගත් ‍සන්දා - කාපි පුතේ තෙල් මන්දා - සැහැලි 30 සූදුරු මාදුරු ගම්මිරිසුත්ලා

  රටමිරිසෙන් එදුවයි තෙලියා - නෙළුම් කවි

27 කොළඹසිටන් කළු ග‍ඟේ ගෙනාවයි

  ගෝමර මල්පෙති රන් තෙලියා - නෙළුම් කවි 








(547)

කකුළුවන් ලුණුමිරිසට පිළියෙල කර ගැනීමද රස අවුස්සන සුප ක්රළමයකි. 28 කකුළු සලාදය කලාතුරකින් ලැබෙන ප්ර නීත භෝජනයකි. මුදු කරයේ අය කරදිය මසුන් කෑමෙහි රුසියෝ ය. 29 30 එලුමස් හා කුකුළු මස්ද යථාලාභ පරිදි බුදින නමුත් කිසිද විටක හරක් මස් කෑමක් නොමැත. දඩමස් වශයෙන් ගෝන, මුව සහ වල් ඌරු මස් සඳහන් කළ හැක. එද ලැබෙන්නේ කලාතුර කිනි. 31

32 පස්ගෝරස පිළිබඳ දැනීමක් ඇති නමුත් සාමාන්ය් ගැමියාට එහි රස නිතර විඳීමට ලැබෙන්නේ නොවේ. විශෙෂ අවස්ථාවන්හිදී කිරි පැනී කෑම කෙරෙන්නේය. 33 ගම්බදව සැපයෙන දීකිරි සහ වෙඩරු ප්රීයෝජනයට ගැනෙන්නේ නගර බද ගෙවල ය. ගැමියා ඒවා සිය ගෙදර රඳවා ගන්නේ පිදවිල්ලක් ඇතිවිටකදීය. 34

____________________________________________________

28 කක්කුටු ස චල් කායියන ගමනා

          උත්තම දානෙට හොඳ ලුණු මිරිසා - සැහැල

29 දැල් සැහැල්ල 30 එලුව කපා අපේ ගෙටයි “එළුවන් ගැනීම”

 රට මිරිසෙන් එදුවය තෙලියා  එකෙව්

31 උගුල් අදින්නෙ සමයෙ ගෝනුන් සිව්පද 32 තනා පස් රස මියුරු - ගණදෙව්සැහැල්ල 33 තොට කිරි හැන්දයි...... තොට පැනි හැන්දැයි -

                                                 කුචි කුචයි සැහැල්ල 
     34       දී කිරිද වෙඩරෙනා - ගණදෙවිහැල්ල 










(548)

රස කැවිලි වර්ගවලින් බෙහෙවින්ම සඳහන් වන්නේ 35 හැලප ය. ඇතැම් විට එය පහසුවෙන්ම සාදා ගත හැකි නිසා විය හැකි ය. පෙරදී භාවිත වුන ඇතැම් රස කැවිලි වර්ග දැන් නොමැතිසේ පෙනේ. කොමලි, කොමලවට, අක්සුණු, මල් කැවුම්, සහ කිරි උංඩ මින් සමහරෙකි. 36 අග්ගලා - තල කැරලි - උඳු කැරලි - මුංකැරලි - මෑකැරලි කැවුම් වෙල්ලවැහුම් සහ අතිරසද ජනතා උත්සවයන් රසවත් කළ මිහිරි කැවිලි ජාතිවෙත්.

37 සකුරු සහ කෙසෙල් ගෙඩි කොතනින් හෝ කෑමට ගතහැකි “ඉඳුල්” නැති කෑමකි.

කලක් තබා‍ගත හැකි රස කැවිලි වර්ගද වෙත්. ඒවා විශෙෂයෙන්ම දුර බැහැර ගමන් යෑමේදී ප්ර යෝජනයට ගැනීම සඳහා තනා ගනු ලැබේ. ගමන් මාර්ගයෙහිදී කෑම සඳහා කැවිලි පිළියෙල කර ගැනීමේ සිරිත ඈත පුරාතනයේ සිට පැවතෙන බවට කාව්යෑශෙඛෙරයෙහි එන බමුණා ගේ පසුම්බියට නාගයා වැදීමේ පුවත සාධකයෙකි. සිංහල මගී රස කැවිලි ලෙස අක්සුණු, මුංසුණු, විළඳ සහ අග්ගලා දැක්විය හැකි ය. 38

35 හැලප කන්ට ගොසින් පුතේ - නැලවිලි 36 ගණ දෙවි හෑල්ල 37 නොයිඳුල් සැටියේ මේ වඩවන්නේ - සකුරුත් රඹකැන් වද

         අපි කන්නේ - පත්තිනි හෑල්ල

38 අක්සුණු මුන්සුණු විළඳ සදා ගතී - සද්දන්ත හෑල්ල අග්ගලාද

         ........................ ගන්නේ - පත්තිනි හෑල්ල 





(549)

කුරුම්බාව ගැමියාට කෑම මෙන්ම බීමද සපයන්නකි. මලගියවුන් යකුන්, පෙරේතයන් පිදීමේදී තැඹිලි කුරුම්බායක් තටුවෙහි තැබිය යුතුම ය. කසපැන් සඳහා වැඩියෙන්ම ගනු ලබන්නේ 39 තැඹිලි, නවසි සහ බෝදිලි යන වර්ගමයන් ය. ගැමියන් ගේ පලතුරු අතර මුල් තැන ගන්නේ වැල වරකා ය. මොර, දම්, අඹ, පලු, වීර, කෙසෙල් සහ උක් ඔවුන් පිනවන පලතුරුය. 40

පොල්, කිතුල් රා බීම ගැමිජනතාව අතර බැවහැරවී පවත්නේ බේබදු තත්ත්වපයේ නොවෙන බව පෙනේ. වයස් සම්පූර්ණේවූ වැඩිහිටි පුරුෂයෝ මිස ස්ත්රීතහු හෝ ලමා ලපටි රා බීම නොකරන්. ඇතැම් තැනෙක අමුත්තෙකුට රා වලින් සංග්රීහ කිරීමද නොකරන්නේ නොවේ. 41 ගැමි ගැහැණු රා බිව් බවක් අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. 42 ගිරා සන් දේශ කාලයේ සිට අබිං සහ කංසා පාවිච්චිය මේ රටේ තිබුන බව පෙනෙතත්

   39   .................... නවසිද තැඹිලිද ගන්නේ - පත්තිනි හෑල්ල 
   40 තැඹිලි තඹුනෙල් නවසි බෝදීලි, .........    .......... වදන්  කවිපොත 
   40   පත්තිනි හෑල්ල
   41නියාම පුටුවක් ඉන්ට තියාලා උගේ අඹුව දුනි රා කැටයක් - වෙදහටන 
   42ගෑනු තටයී රා බිලා - සැහැලි 












(550)

43 ගැමි ජනතාවට එය පුරුදුවී නොමැත. පිදේනි. තටුවලට රා අබිං කංසා ගැනීමෙන් පැහැදිලි වන්නේ මේවා එක්තරා ප්රැමාණයකින් පැතිරී ඇති බව ය. ගැමියා ගේ දුම් ඉරීමක් ගැන සැහැලි වල දක්නට නොලැබේ. එහෙත්44 ගඩු ගුඩාව ඇදීම ගැන ගැමියෝ දන්නේ ය. කංසා බී මත්ව මැත දෙඩවූ ඉන්දියානුවන් ගැන ගුරුහටනේ සඳහන් වන්නේ ය. 45

සෑම ගෙදරකම පාහේ පුවක් ගස් කීපයක් සහ බුලත් කොවුලක් හදාගැනීමට ගැමියා උත්සාහ වත්වූයේ පෙනෙන්නේ ය. 45 මගුලෙහිදී මෙන්ම අවමගුලෙහිදී ද බුලත අවශ්යේම වූ බැවිනි. කෙබඳු කරුණක් සඳහා වුවද කෙනෙකු දැකීමේදී පිළිගන්වන්නේ බුලත් හුරුල්ල ය. උසස්ම කුලවතාට වූවද කවරෙකු ගෙන් හෝ බුලත්විටක් කෑමෙන් කුලයක් නොසිදු වන්නේ ය. ගැමි ගෙදරකට ගොඩවූ විට පළමුවෙන්ම ලැබෙන සංග්රුහය නම් බුලත්විටය. 46 අවාරයෙහි ප්රලයෝ

43 රා අබිං කසා ඇතුව යාදින්න 44 සිරිත ලෙසට ගඩු ගුඩාව අරගන ගුරුහටන 45 “ඉඳ තැන තැන හට දොඩවයි කංසා බීලා” රත්තින් රා කංසා බී ඔදසෙන් වඩනා සසිරි අවිදමන 45 දොකඩ ගහේ පුවක් පුවක් - බට පඳුරේ බුලත් බුලත් නැලවීලී 46 ගියාට ගත්තෙන් ලත් විටක්කා - වෙදහටන







(551)

ජන ගැනීම සඳහා පුවක් දියේ දමා ආරක්ෂාිකර ගනු ලැබේ. 47 ඇතැම් අය මඩ පුවක් නමින් හැඳින්වෙන මේ පුවක් සමග බුලත් හැපීමට වඩාත් කැමැතිවෙත්. බුලත්විටට 48 කපුරු ඇතුළු සරක්කු යෙදීමෙන් එහි රසය මෙන්ම ගුණයද වැඩිවන්නේය. භෝජන ගැනීමෙන් අනතුරුව බුලත් සැපීම සිරිතක් වශයෙන් පවතින් නේ ය. 49

බුලත් සහිතව හෝ රහිතව දුංකල සැපීමද ගැමි සිරිතකි. 50

_____










47. මල බුලත්ද මඩ පුවක්ද ගන්නේ - පත්තිනිහෑල්ල 48. කපුරු බුලතුන් - ගණදෙවි හෑල්ල 49. මුව සුද්දකර එවිට - වළඳවා සතුටු‍කොට - කපුරු බුලතුත් සොඳට -

     ගනදෙවි හෑල්ල 

50. දුංකළ නැට්ටට රංඩු කරන්නේ - රබන්පද




(552)

ඇඳුම් පැළඳුම් _____

කාන්තා ඇඳුම් පැළඳුම් සැරසිලි ආදිය ගැන සරු බවක් දක්වන සැහැලි සාහිත්යැය පිරිමි ඇඳුම් කැඩුම් ගැන යහමින් යමක් නොකියන්නේ පිරිමි ඇඳුම එතරම් වෙනස් වීමකට භාජන නොවුවා නිසා විය හැකි ය.

නුදුරු අතීතයේ ගම්බද වැඩි හිටියන්ගේ ඇදුමවූයේ සරමක් ඇඳ උරමාලයක් (ලේන්සුවක්) කරේ ලෑමය. බැහැරක් යනවිට සරමක් ඇඳ තවත් සරමක් කරේ දමා අතින් ලේන්සුවක්ද ගැනීම සිරිතය. ඔව්හු වඩාත් ප්රි ය කරණුයේ බොර1 රතුපාට සරොම් සහ ලේන්සුවලට බව පෙනේ. ඇතැම් විට මේ පාටෙහි කිළුටුවීමක් ඉස්මතුවී නොපෙනෙන නිසා විය හැකිය.

සෑම පිරිමියෙකුම විසින් කොන්ඩේ බැඳිමත් උඩු රැවුල තැබීමත් කරනලදි. මුහුණ පුරා රැවුල් වැඩුවෝද බොහෝ ය. කවිකොළ කවි පරපුර විකාශනයට පත්වමින් තුබු අවධියේම2 කොණ්ඩයේ සහ රැවුලේ පරිවර්තපන යුගයද ආරම්භවී ය.

1. “එයින්ම රතු සරමක් අරගන මම කරට දමා ලේන්සුවක් අතීන්” - වෙදහටන 2. “කාත්තු කපා හිස කෙස් කපා පටලේන්සුව ‍ෙබල්ලෙන් කුපාඩි හටන









(553)

ඉනුත් රැවුල් විලාසිතා ප්රාගමනය වඩාත් සීඝ්ර වි ය. ගැමි ජනතාව පින් දහම්කොට අවශානයේදී මතු ආත්මභාව වලදී ලබා ගැනීමට ආශාවෙන් ප්රාකර්ථ නා කළ දේවල් වලින් එකක් නම් මුහුණ පුරා වැඩීගිය හොඳ දැලි රැවුලය. 3 මෙතරම් උසස් ලෙස සැලකූ රැවුල නවීන විලාසිතා (පැෂන්) ඉදිරියේ හැකි ලීමට, කොටවීමට, කොඩවීමට පටන්ගෙන ක්රදම ක්රමමයෙන් අභාවය කරාද ලඟාවිය. දැලි රොදටද (උඩුරවුල) වූයේ මේ සයිදැන්සියමය4

පිරිසුදු ලෙස සිටීමේත් ප්රිායංකර ලෙස හැඳ පැළඳ ගැනීමේත් පුරුද්ද ගැමි කතුන් හට ආවේනිකව ලැබී තිබෙන්නකි. ඔවුන් ගේ දින චරියාවේ පළමුවෙනිම කටයුත්ත නම් මුහුන කට සෝදා හිස පීරා ගැනීම ය. ගැහැනියකට තිබිය යුතු පංචකල්යා ණ සම්පත්තියෙන් එකක් කේස කල්යා ණය බව දන්නා ස්ත්රී හු කෙස් කළඹ ගැණ සැලකිලි දැක්වීම විය යුත්තෙක්ම ය. කේස කලාපය සැරසීමෙහිලා අනුගමනය කරන නොයෙක් විධි තිබේ. පීරන ලද කෙස් කළඹ පිට දිගට උනා හැරීමේ සිරිත එතරම් ගන සැරේට නොමැති වුවද දිඟු සුනිල් කේසකලාප ඇති තරුණියෝ එසේ කිරීමට ප්රිිය නොකරන්නෝ

3. “ වටාපතක්සේ රැවුල ලැබෙන්නයි’ - ගැමි ප්රා ර්ථයනා කවි 4. “තරුණ වයසෙ පිරිමින්ගේ ලක්ෂ්ණ බබලයි මුනේ උඩු රැවුලෙන්

    දෙකොන කපා මැද මුට් යෙ තියලා නාසේ ඇබගැසුවාය බොලන් - 
    කුපාඩි හටන 








(554)

නොවෙති. 5 කොන්ඩේ ගොතලෑමද එක් විලාසිතාවකි. 6 ගෙතූ කොන්ඩේ මෙන්ම නොගෙතු කොන්ඩේද මල්ගැසීම කෙරෙත්. හිස මැදින් දෙකට බෙදා පීරා කොන්ඩය බැඳීම ඇතැම් කෙනෙකුන් විසින් පැරණි සිරිතමෙන් සලකනු ලැබේ. 7 යහමින් ඉස කෙස් තුබූ අය එයින්ම 8 කොණ්ඩය බැඳි අතර එතරම් වාසනාව නොමැති ගැහැණු හවරි දමා කොන්ඩා සකස්කර ගන්නෝය. 9 කොන්ඩය විසාලවූ තරමටම 5 “අතක් දිගට නිල් වරලස මීදීලා - ගුරුහටන උනාවරල රන් සිකිපිලසේම බැබලියේ” - රන් තෙළඹු වර්ණරනාව 6. මල්ගවසන්නී - කොන්ඩේ ගොතා හෙලන්නී” - සොකරි කථාව මල්ගවසාලා කොන්ඩය බැඳලා හින තද කර සළු පැළද ගෙනේ” ගොයම් කවි

රත්ගම නැන්දට පිපච්ච රතුමල් - රබන්පද නෝන දෙපලපිල ඉඳගෙන - පිලෙන් දෙපිල මල් අරගන රසකිඳ මල්තෙල් හිඳගන ආනග මල් කොන්ඩේ - රබන්පද 7. දොට බෙදාලා කොන්ඩේ පීරා බැන්දේ පෙර අපෙ අම්මාලා - කවිකොළ 8 සවරි නොලා මල් වරල බඳින්නේ - ගල කැප්පු සැහැල්ල 9. පාරට්ටුළ‍ඳේ තඹෙ හවරි නැට්ට පෙනෙපිට්ටු කොන්ඩෙ බැඳපන් - ගැමි සැහැලි 9 බාලේ පෙම්බර කොන්ඩා බැන්දත් තපසට නො ගනිති වන්නා - වෙස්සන්තර ජාතකය










(555)

අලංකාරය වැඩිවන බවද සලකන ලදි. බෙල්ලෙහි වැදෙන නොවැදෙන තරමට කොන්ඩය එල්වා ගැණීම සාමාන්යප සිරිත ය. බර වැඩ පලවල යෙදෙන්නියෝ උස්කොට 10 කොන්ඩා බදිත්. කොන්ඩය නොලිහීම සඳහා මෙන්ම අලංකාරවත් වීම සඳහාද කුරුද ගැසීම කෙරෙත්. ඇතැම්විට කූරු කිහිපයක් සමග පනාවක්ද ගසනු ලැබේ. තම තමන්ගේ වත්කම්වල හැටියට මේ පනා රන් රිදී ආදියෙන් තනා ගන්නෝ ය. කූරු සමඟ පනා පැලදීමට “පලන්තය” හෝ ‘කූරු හතර හෝ යයි කියති. මෙය පරංගින්ගෙන් බෝවූ ආභරණයක් මෙන් සළකනු ලැබේ.

දන්ත කල්යා්ණයද ඉතා උසස්කොට සැළකුම් ලැබුවකි. දත් පැහැපත්ව තබා ගැනීමට ගැමි කාන්තාවෝ සැලකිලිමත් වූවෝ ය. සමපෙලට පිහිටි දිලිසෙන කු‍ඩා දත් මුහුනේ ශොභාව වැඩි කිරීමට හේතුවන බව පිළිගත් මතයයි. එබඳු දත් කැකිරි ඇටවලට ගැමියෝ උපමා කරත්. දත් ඔප ගැන්වීම සඳහා, ලුණුවැලි අඟුරු කළු

10 උස්කොන්ඩා කාරියෝ - ධීවර සැහැලි

වට්ටි පෙට්ටි ගෙන වැල්ලට බසින්නේ - මුට්ටි සේම උස් කොන්ඩා බඳින්නේ - .................. ළඳුන්නේ - ගැමි සිව්පද

11 “තෙල් ගා ඉස පීරාගන - කූරු සතර ගවසාගන” කාලගෝල අස්න









(556)

සිහින් වැලි ආදියෙන් දිනපතා ‍මදිණු ලැබේ. 12 ඇස් දීප්තිමත් වීමට මෙන්ම අලංකාරවත් වීමටද අඳුන් ගාන්නෝ ය. 13 තොලට කරන හැඩ ගැන්වීම 14 රතු පැහැකිරීම ය. ඒ සඳහා බොහෝවිට උපකාරවූයේ 15 බුලත් විඩ ය.

වත්කමේ හැටියට කන්හී නොයෙක් වර්ග වල තෝඩු 17 කරාබු 18 කූරු 16 පැලඳීම කරත්.

12    “කාවි දමාලා දත් මැදලා ඔප කරලා” - සොකරි කථාව 
         “ඩිංගිරි මැණිකේ දත්පොඩි මැදලා පුන්සඳ පානට දෙවන නිගා - වන්නම් 

13. “අඳුන් ගාන්තී නෙත් දෙක ඔමරී කරන්නී” - සොකරි කථාව

14. ‘සිරියල් දීලා කට රතුකරලා නාදලුමෙන් තොල් දිලිසෙන්නේ” - නෙළුම් කවි

15. “මූනේ එලියට දත්පොඩි මැදලා ඉස පීරා බුලතුන් කන්නේ” - නෙළුම් කවි.

16. “කනට කූරු තනවා කනලායේ” - කන්දෙක මේවර ලාගෙන - කාලගෝල අස්න

17. “තෝඩු දමන්නී පවලන් මාල බඳින්නී” - සොකරි කථාව

18. “දෙකන දෙමික්කන් මේවර ලූවත් තපසට නොගනිති වන්නා” - වෙස්සන්තර ජාතකය








(557)

පුස්කොළ 19 තෝඩු 20 අතිශයින්ම සුලභවූ බව පෙනේ. කරෙහි 21 රන්රිදී මාල මෙන්ම පබලු වැල්ද බඳිති. මාලද, හැඩය, ප්රථමාණය, සැරසීම අනුව වෙනත් වෙනත් වර්ගවලට අයත් වන්නේ ය. අත් වළල්ලෙන් හොබනේ වේ. අතකට එක් වළල්ල බැගින පැළඳීම සාමාන්ය් සිරිත නමුදු ඇතැම් විලාසිතා අනුව වළලු කිහිපයක් දැමීමද කරති. විශෙෂයෙන්ම බංගලි වළලු නමින් දන්නා ලද සිහින් වලළු ජෝඩු කිහිපයක් පැළදීම සිරිත ය.

19. “අකුලා පුස්කොළ තෝඩු කනේයා” - නෙළුම් කවි 19. “දෙකනේ පුස්කොළ ‍තෝඩු දැමුවත් තපසට නොගනිති වන්නා” - වෙස්සන්තර ජාතකය 20. “තෝඩු දමන්නී - පවලන් ‍මාල බඳින්නී” සොකරි කථාව 21. “රන්මාල කරලවා” - ගැමි සැහැල් 22 කරට පදක්කම් තැලි පැලදුවත් තපසට නොගනිතී වන්නා” - වෙස්සන්තර ජාතකය 22 ‘බැදලා ඔලියල් දිලසෙන අන්දම්” - කලගෙඩි මාලය

       කරට මාල පවලත් ගෙන බඳිනේ” පත්තිනි හෑල්ල

23 “රන්වලළු අතලවා - ගැමි සැහැලි - අතට ගිගීරි බැඳි වලලුත් දෙඤඤයි” - පත්තිනි හෑල්ල “මාල සමග පවලන් බඳිමින්නේ” - තෙළුම්කවි 24 වළලු සතක් ගෙන දැත දමාගෙන සිලින් බිලි බිලින් - ගැමි සැහැලි










(558)

අත් 25 ඇගිලිවල මෙන්ම පා ඇඟිලි වලද 26 මුදු පැළඳීම කුළබව පෙනේ. ඉනෙහි සවඩි පලදින්නෝ ය. 27 උඩුකය තන පටින් මෙන්ම හැට්ට 29 යෙන්ද වසා සරසනු ලබන්නේ ය.

කාලයත් සමගම හැට්ටේ මෝස්තරයද වෙනස් වූවා ය. 30 31 පොලොයි දමා හැට්ටය සැරසීම එක් කාලයකදී විලාසිතාව වි ය. විදේශ

25 “දැතේ සුළැගිලි රන්මුදු ලූවත් තපසට නොගනිතී ‍වන්නා ‘- වෙස්සන්තර ජාතකය රන් මුදු ලන්ට නරකද නුඹෙ ඇගීල්ලේ” - සිව්පද මුදු වළලුත් අත ලාගෙන” - කාලගෝල අස්න

26. “පසට පදක්කම් පා මුදු දෙඤ්ඤයි” - පත්තිනි හෑල්ල

27. “ඉනට හවඩි තනවා ඉන බඳිනේ - සොකරි - කථාව - රන්සවඩි ඉන ලවා - සැහැලි

28 “ වංගි දෙවංගි තනපට බැන්දත් තපසට නො ගනිතී වන්නා” - වෙස්සන්තර කාව්යලය

29. “ඇඟට රනෙත් සැට්ටේ පොර වඤ්ඤයි” - පත්තිනි හෑල්ල - හැට්ට පොඩියකුත් ලාගෙන - කාලගෝල අස්න

30 “අම්මල ඇන්දේ හැට්ටේ මැනික් කට්ටු දෙක වහල අනේ” – තරුණියන්ට අවවාද

    “ දැන්කල තරුණියො අඳිනා හැට්ටේ කිහිල්ල ලඟ තටු දෙක ලෙසීනේ - තරුණියන්ට අවවාද 

31 “හැට්ටෙ පොලෙයි මදි ........... ගැමි සැහැලි






(559)

පන්නක්කාරියෝ බ්රොෙස්තරෙක්කද 32 ඇන්දෝ ය. ගැමි කාන්තාවෝ රතු 33 ආදී පාට හැට්ට වලට ප්රි.ය කළ බව පෙනේ. ඇතැම් පෙදෙසක හැට්ටය වෙනුවට රෙදි පටක් 34 පමණක් පාවිච්චි කරන බවක් ද දැක්වෙයි.

නෙරිය 35තබා සේලය ඇදීම ආදියෙහි සිට පැවත එන ක්ර මය වේ. රැලි36 තැබූ තරමටම නෙරිපට අලංකාර වන්නේ ය. සෑම කල්හිම රටමැද ඇඳුම ඔහොරියම වුවද මුහුදු කරයේ කාන්තා ඇඳුම නොයෙක් විධියේ වෙනස්වීම් වලට භාජනවි ය. සාමාන්ය පඞ්කතියේ අය කරට පට නොදමා අඳින කම්බායෙන් 37මල් රෙද්දෙන් සැරසුන අතර වඩාත් වත් පොහොසත්

32 “ බොස්තෙරෙක්ක තද කරයි” - තරුණියන්ට අවවාද 33 “රතුහැට්ටාකාරයාත්” - ධීවර සැහැලි 34 “පියයුරු නිමලා එන ලැම උදුලා සළුපටකින් වසමින් යසනේ” –

      නෙළුම්කවි

35 “ඇඳලා සේලය නෙරිය අතේයා” - නෙළුම් කවි

      “නෙරිය තියාලා සේලේ ඇන්දත් තපසට නොගනිති
       වන්නා” - වෙස්සන්තර ජාතකය 

36 “අල්ලා නෙරි රැලි විසිරීයන්නට කවුද ලදේ නුඹ සැරනුවේ” -

       කාමාච්චි කවී  

37 “හැට්ටෙ පොළොයිමදි කම්බයෙ වෝලිය උස්සල පස්ස ටිකක්

      ඇදපන්” - ගැමි සැහැලි 









(560)

කම් ගවුම 38 හා සාය 39 ඇබ්බෑසියට පත්කෙළේ ය. මුදුකරයට නැවතත් ඔහොරිය පුරුදු කරවීම සඳහා ජාති හිතෛෂීහු වෙර වැඩුවෝ ය. 40 ඔහොරිය ආපසු ඒමේදී වෙනත් වෙනත් විලාශ ගත්තේ ය. ඉන් එකකි හිස වැසෙන සේ පොට දමා ඇඳීම, 41 තවත් ක්රෑමයකි ඉතාමත්ම දිගට සිටිනසේ උරයට උඩින් යොදන පොට දැමීම. 42 කල්යත් යත් ජපන් ජාතික ඇඳුම වන කිමෝනාවද 43 මෙරටෙහි ප්ර්චාරයට පත්විය.

ශරීරය සුවඳවත්වීම පිණිස සඳුන් කල්ක ඇඟ ගල්වන ලදි” 44

______

38 “කොට ගවුමෙන් සැරසෙන්නේ” තරුණියන්ට අවවාද - උඩුමාලේ

      සිටියත් ඔය ගවුම් කාරියෝ - බයිලා 

39 “අනේ කෙල්ලනේ සාය අනුන්ගේ නාදිල්ලා විලිබිය ඇතතන්” -

     තරුණියන්ට අවවාද 

40 “ අනේ කෙල්ලනේ ඔහොරිය ඇන්දම දිවකුමරියො “සේමයි

      සැබවින්”  - තරුණියන්ට අවවාද 

41 “අනේ කෙල්ලනේ මොට්ටක් කිලියක් සිංහලයට ආවේ කොතනින්”

      - තරුණියන්ට අවවාද 

42 ‘සාරිපොටේ පැටලුනාලු රික්ෂොකාරයා” - බයිලා 43 “අපේ ලමය සීමෝනා - දැන් අඳින්නෙ කිමෝනා” - බයිල 44 “පැළඳි බරණ සඳුනුත් ඇඟ ගෑමට” - කළගෙඩි මාලය









(561)

ඇදහිලි සහ විස්වාස

ගැමි ජනතාව පාරම්පරික බෞඬයෝ ය. ආගමය සිහිපත් නොකොට ඔවුන් කරන කිසිද කුදු මහත් කටයුත්තෙක් නැති. පරම්පරාවෙන් පරම්පරා‍වට එක්වූ නොයෙක් විශ්වාසයන් ගෙන් ඔවුන් ගේ ඇදහීම් සරුබවට පත්ව තිබේ. කෙබඳු හෝ දෙවීයෙකු ගෙන් ‍‍යකෙකු ගෙන් පිහිට පැතීමට ඔව්හු මැලි නොවන්නේ ඒ සියල්ලෝම බුදුන් වහන්සේලා ගේ අණසක යටතේ සිටින්නවුන් නිසා ය. තිස් තුන් කෝටියක් පමණ දෙවිවරු ශාසනය රැකිය යුත්තෝ ය. 1 ඔවුනට අවනතව වෙසෙන යක්ෂණ ප්රෙසත පිශාච කුම්භාණ්ඩාදීහු බුදු ගුණට කීකරුවිය යුත්තෝ ය. 2

කෙළි සෙල්ලම් නැටුම් ආදියේදී ගායනය කරන කව්. බුදුගුන හෝ බෝසත් චරිතය කියා පාන ඒවා වෙති. 3 ග්ර හයින් ගැන ඇති විශ්වාසය 1 “ත්රිිවිධ රත්නයේ ගුණානුභාවය මුදුන්පත් කොට ශාසනාධාරවූ තිස් තුන් කෝටියක් තලාටු භූමාටු දේවි දේවතාවුන් වහන්සේලා ගේ” - මන්ත්රත සැහැලි

2 “සක් වෙසක් මවා ගති - දුතමල මිනිය ගති - දෙපය මල මිනිය ගතී. මල මිනිය අතීන් ගෙන - උලා කන තැනේදි ලොවුතුරු ස්වාමීනි - දිවස් ලා බලමිනේ - තොපි කව්ද ඇසු තැනේ” - කළුයක් සැහැල්ල.

3. “දසාව බුදුහුගෙ ලැබූවම ගෝමර එනවලු ලැපැත්තේ” - රබන් කවි








(562)

අති මහත් ය. 4 සිදුවීමට තිබෙන හොඳ හෝ නරක ගැන කලින් කරන දැන්වීමක් වශයෙන් සීන ගැන විශ්වාස කරති. පේන, ඇසීමට කවුරුත් පාහේ ප්රි ය කරන්නෝ ය. කපුවා හෝ යක්දෙස්සා හෝ ආවේශවී දේවාරූඪයෙන් කියන පේන ගැන වඩාත් ගරු කරති. 5 කොඩිවින ගැන බිය නොවන්නෙක් නැති තරමි. නොයෙක් නොයෙක් ක්රෙමවල කොඩිවින තිබේ. අදහස් කරන අය‍ ගේ රූපය ඉටියෙන් තනා එහි කටු ගැසීම භයානක කොඩිවින වලින් එකකි. 6 රෝගාබාධායන් නැති කිරීම සඳහා සෑම තොවිලය කදීම පාහේ 7 දෙහි කැපීම කරනු ලැබේ. යමක් ආරම්භ කිරීමේදී හූනෙක් ඇඩීම යම් කිසිවක පය පැකිලීම, අසුභ පෙර නිමිති හෙවත් බාධාවෝ වෙත්. 8 ඇතැම් අයගෙන් ඇස්වහ වැදෙතැයි විශ්වාස කරති. 9 ගමනක් පිටත්වන විට පෙරමග නිමිති බැලීම කරණුලැබෙත්. 20

4. “පරසිදු පත්තිනි සඳ සැතපෙන්නේ - සැතපුහු නින්දට සීන පෙනෙන්නේ පාළඟි කඩුවක් ගත්තා වැන්නේ - කඩුව නොවේයි අඩුවයි දැන ගන්නේ” - පත්තීනි හෑල්ල 5. “එවිට ගොසින් කපුවා කෝවිලට වැදීලා - හොඳට තමා පේන කියයි එලියට බැසලා” - සොකරි 6. “රූපෙට නව නැකත අසු කරවමින් ගෙනේපේකොට ගැසුවින කටු උගුලුවා ගෙනේ” - අලව් සැහැල්ල 7. “ දෙහි කැපුමක් අද කරමු කියන්නේ” - ගුරු හටන 8. “උඩ හූනෙක් ඇඩුවෙ නැද්ද - කඩොල්ලෙ පස හැපුනෙ නැද්ද - බාදාවක් උනේ නැද්ද” - ජල්ලි සැහැලි 9. ඇස්වහ නැත කාමාච්චිගෙ නැටුමට - කාමාච්චි කවි 10. පාලන සැහැල්ල








(563)

වස්දොස් පහකර ගැනීම සඳහා10 බලි ඇරීම්, 11 ගරව් නැටීම් සහවෙස් පෑම් කරනු ලැබේ. 12 කිරි ඉතිරිවීම සහ අංකෙළි 13 පොල් කෙළි 14 පැවැත්වීම සෙත් සඳහා කරණු ලබන තවත් ශාන්ති කර්ම යෝ ය.

15 වරද කළවුන්ට දඩුවම් ලබාදීම සඳහා දෙවියන් ඉදිරියේ පළිගැසීම ගැමි ජනතාවට හුරු පුරුදු නඩු කීම ය. සිත් නම්මා ගැනීම සඳහා බෙහෙත් කැවීම, මැතුරු තෙල් 17 ඇහට ඉසීම, ආදිය නොවරදින උපක්ර්මයන් බව විශ්වාස කරති.

10. “බලියක් අඹාලා තිබුනයි නියර පිට” - සිව්පද 11. “ගරව් නටා වෙස්ප. නා කොට ගසායෑම ඉන්මට වැලකී” - වෙද

       හටන 

12. ඉර සඳ දෙදෙනා වහන්සේ කිරි මෙතෙක් පාවා ගන්නවයි” –

     දේවයාදිනි 

13 “උඩුපිල අග අද කඩවා දෙන්නේ” - අං කෙළිකවි 14 “පොල් පිටියක් පවත්වා ........” - දේව යාදිනි 15 “හැත්ත උගේ නැතී වෙන්ඩ යදින්නේ” - සොකරි 16 ඉනා ගුලිය අඹරාලා මතුර ගෙන” - මරඟන යැහැල්ල 17 “තෙල් මැතුරුන් කර කැන්දන් යන්නේ” - ‍ෙසාකරි











(564)

පොළොව මෙන්ම ඉර සහ හඳ ද දේවත්ත්වන යෙහිලා සළකනු ලැබේ. මිනිසා විසින් තනාගනු ලැබූ ආදිම දෙවිවරුන් යැයි සිතීය හැකි මේ වස්තුවලට මහත් ගෞරවයක් මෙන්ම භයක්ද දක්වත් 18. මහපොළොව සහ ඉර හඳ දෙස් කොට දිව්රීම අනාදීමත් කාලයක සිට පැවතෙන්නකි. අකුරු කරවීමේදි ගණදෙවීයන් පිදීම සම්භාවනීය චාරිත්රියක් වශයෙන් පැවැත්තේ ය. 19

_________




18 “පොළොව මිහිකත අතින්, ඉර සඳ දෙවි නෙත් මෙවෙනි ආතුරන්නේ පැමිණි ලෙඩ මුදන්නේ” - මලයක් යාදින්න 19. ගණ දෙවි හෑල්ල










(565)

ජීවිකා වෘත්තිය සහ සමාජධර්මල

මුළු මනින්ම පාහේ පොදු ජනතාව ගේ ජීවිකා වෘත්තිය සැලසුනේ ගොවිතැනෙනි. ඔව්හු මඩ ගොවි තැනෙහි මෙන්ම ගොඩ ගොවි තැනෙහිද යෙදෙන්නෝ ය. වඩාත් පිටිසර බද අය රැකෙන්නේ හේන් ගොවි තැනෙන් ය. කුඹුරක හෝ හේනක වැඩ පටන් ගන්නා ගොවියාට අස්වැන්න කපා පාගා ගන්නා තුරු වෙන කිසිද වැඩක යෙදීමට අවකාශයක් නැති. අස්වැන්න රැස්කර ගැනීමෙන් පසුවද වැඩි කලක් විවේක ගත නොහැක. අනික් යලට සූදානම් විය යුතු බැවිනි. ඔහුගේ ජීවිතය මෙන්ම ජීවිකා වෘත්තියද එකම සටනකි. මේ යුඬයෙන් ජයගත හැකිව තිබෙන්නේ භාය්යාෘත් ව ප්රේධාන පවුලේ ලොකු කුඩා සියලු දෙනාගේම එක්වන් ආධාරයත් අසල් වැසියන් ගේ හිතවත් සහයෝගයත් සෑමවිටම නොඅඩුව ලැබීම නිසා ය. එමෙන්ම ගොවිතැන පිළිබඳ සෑම අවස්ථාවක්ම උත්සව ශ්රීීයෙන් පැවැත්වීමේ චාරිත්රවයද ගොවි පවුලට විනෝදය ලබාදීමේ මර්ගවයවී තිබේ.

ගොවි ජීවිතයේ කටුකම අවස්ථාව සත සතුන් ගෙන් කුඹුර හෝ හේන ‍හෝ බේරා ගැනීම










(566)

සඳහා පැල් රකින අවධි ය. 1 ගොවියාට පැලට යා නොහෙන පරිදි රෝග පීඩාදි ඇබැද්දියක් වූ විට ගෙවිලියට 2පැල්රැකීම පැවරෙන්නේ ය. වල් නෙලීම, පැල ‍ඉන්දීම සහ ධාන්යි රැස්කිරීම ගෙවිලය විසින් අනිවාර්ය යෙන්ම කළ යුතු කටයුතු කොටස ය. මේ සියල්ලෙහිදීම අසල්වැසි කාන්තාවන් ගේ සහයෝගය ඇයට ලැබෙන්නේ ය. වල්නෙලීමේදි මෙන්ම කුරහන් කැපීමේ දීද වැඩි සමත්කම් දක්වන කාන්තාව ගමේ ප්ර්සිඬියට පත්වන්නී ය. යහමින් නෙළුම් කවි කට පාඩම් ඇති ගෙවිලියද අනිත් ගැහැනුන් ගේ ගෞරවයට පාත්රමවන්නී ය. කුරුල්ලන් ‍එලවීම



1 මුත්තේ උඹ කොයි යනව ද හුළු අතු මිටියක් අරග න මුනුබුරො මම පැලට යන ව පොල්පැල දෙක හරක් කන ව

හෝ හපුටුවො මැසි මදුරු වො ලේ ටික උරනවා නොවෙ ද කහට කොටන් මිල්ල කඳ න් ගිනි මැලයට බයයි ඔවු න්

තනි තන්ඩලෙ රෑ ජා මේ කාන්සියට කවුද අ නේ සීපද යයි එහි ඕසෙ යි තනියට මට ඇති නෑයො යි ගැමි සැහැල

2 පැලක මහිම බල බට කොල සෙවි ලා ලියක මහිම බල ගෝමර ඉසී ලා රැක්මෙන දෙවියනේ මෙලෙබත් බුදින් නේ දුප්පත්කම නිසයි මම පැල් රකින් නේ

                                                                                   සිව්පද 





(567)

සාමාන්යක වශයෙන් කුඩා දරු දැරියන් ගේ වැඩ කොටසය. ගොවි ගෙදරට ප්රීනතිමත්ම වකවනුව නම් අස්වැන්න රැස්කරණු ලබන කාලයවේ. විශෙෂයෙන් එය ලමා ලපටින්ට සැණකෙළි අවධියකි. අනිකක් තබා ගෙරි සරකුන්ටද සැනසිල්ල ලඟාවන්නේ කොළදින් කාලයේදී ය. කය වෙහෙසවන බර වැඩවල නොයෙදී බඩකට පුරා කෑමට ඉපනැල්ල බැලූතෙක් මානයේ පිරී පැතිරී තිබෙන්නේ එවිටය. ආහාර වශයෙන් වගා කරන ප්ර්ධාන ධාන්ය දෙවර්ගය වී සහ කුරක්කන් වන අතර, කාලයක් භූමියත් අනුව කොල්ලු, තණ, මාරටු, ඉරිඟු සහ මෙනේරිද වපුරා ගනිත්. එසේම එලවලු සඳහා ලබූ පුසුල් වම්බටු කැකිරි තියඹරා මෑ ආදියද වවා ගන්නෝ ය. මිරිස්. අබ සහ දුරු වර්ගදද ප්රසමාණවත් වන පරිදි කෙරෙන බෝගයන්ය.

ජීවිකාව සඳහා වෙළඳාමෙහි යෙදෙන්නෝ පොදු ජනතාව අතර බොහෝ නොවෙත්. ඔව්හුද වෙළෙඳාමට වඩා බඩු හුවමාරුවෙහි යෙදෙන්නෝ ය. ඇතැම්දෙනා ඒ ඒ පළාත්වලට අවශ්යාව ඇති ආහාර ද්රෙව්යා දිය3 කත්වලින් ගෙන ගොස් මුදලට විකුණත්. බඩුවලට හෝ හුවමාරු කර ගනිත්. වඩාත් මිල මුදල් ඇති අය බඩු ගෙනයන්නේ බර කරත්තවලිනි. 3 3 ඒ කෙන් තත් මලු ඇද වෙළදම් කර පතාග දහසක් සපය ගනිත් - වෙද හටන 3 කරත්ත සිවුපද









(568)

කර්මාන්ත මඟින් ජීවනෝපාය සලසා ගන්නා ජනතා කොටසක්ද ඇත. ඇතැම් කර්මාන්තයන් ඒ ඒ කුලයන්ටම පමණක් සීමාවී තිබේ. ඔව්හු තුමුම තමන් නිපදවන භාණ්ඩ අලෙවි කර ගනිති.

උදලු කැති නගුල් ආදිය තනවා ගැනීමෙහිදී කම්මල් කරුට කුලිය ගෙවන්නේ මුදලින් නොව ආහාර ද්රමව්ය 4 වලිනි. 5 අස්වැන්න කපා පාගාගත් විගසම දෙවියන්ට වී වෙන්කරනු ලැබේ. එසේම ඒ ඒ කටයුතුවල යෙදෙනවුන්ට දිවෙල් දීමද කෙරෙන්නේ වියෙනි. 6

කුඹුරු ගොවිතැනට වඩා හේන් ගොවිතැන සෑම අතින්ම කරදර සහිතය. වරක් අස්වද්දා ගත්විට කුඹුරක් යලක් පාසා වැපිරීමට සකස් කරගත හැකිවන අතර හේන් ගොවිතැන සඳහා එසේ නොව වාරයෙන් වාරයට අමුතු අමුතු කැලෑ කපා කොටා ගිනිතබා ගත යුතුය. හේන්වල ඉහතකී ධාන්ය වර්ග වලින් කිහිපයක් සහ එළවලුද එකට මිශ්රඉකොට වවනු ලැබේ. 4. මන්දැයි ආවේ යකඩ, තලන්නට - මක්කගෙනාවේ - හාල්කූර මල්ලයි

    - ලුණු කූර මල්ලයි - ගැමි සැහැලි 

5 හේන් යාදින්න 6 ඔලී ගුරුන්නැහෙ ආවොත් හෙට මෙහි ඌට දෙන්ට වී අමුණු දෙකක්

    මේද හවන










(569)

ගොවියා ගේ වස්තුව හරකා ය. වී ගොවිතැනට හරකා ගේ උපකාරය අවශ්ය්ම ය. කළගුණ සැළකීම ආවේනික ධර්මරකාවයක් වශයෙන් පුරුදු පුහුණු කරන ගැමි ජනතාව තම ඉෂ්ට මිත්රමයා වන හරකා ගැන සොයා බලා සලකන්නේ ඉතාම හිතවත් කමිනි. ගොවීතැන් වැඩවලදී, ඉනුත් විශෙෂයෙන්ම කොළ මැඩුවුමේදී හරකාට කථාකරන්නේ පවා ගරු සරු සාදර බසිනි.7

8 මළු පැදුරු විවීම, 9 ලනු ඇඹරීම, 10 කපු කැටීම ගෘහිනීන්ටම වෙනුවුන වැඩ පලමෙන් පෙනේ. 11 කුඹල් කර්මාන්තයෙහිද ස්ත්රී හුද යෙදෙන්නෝ ය. ඇතැම් පළාතක ධීවර කර්මයෙහි පවා කාන්තාවෝ නිරත වන බව සැහැලි කියත්.12


7 තිසරණ සරණයි බුදුන් දැකපන් මගෙ හුරතල් මමෝ - මගෙ වහු දරුවෝ - පින් අයිතිවෙයි උඹලට අප්පේදුවෝ - වෝ - වෝ - අප්පච්චියා - මගෙ කිරි පැංචා - වෝ - වෝ - අපේ බත්පත සලසා දෙන කිරිදුවෝ - අඬහැර පෑම

8 පන්ගන් බැරි ගෑනු කොසමද රැකෙන්නේ - පන්නන් කතුර 9 ඉඳ කාසි ලෙලි අරගන ලනු අඹරාගන් - යොත අඹරා ගත් සින්දා - සැහැලි. 10 කපුයන්තරෙ කවි 11 සකපෝරුවේ කවි 12 මීගමුවේ ගෑනු - දැල් අදිනා සීරූ - සැහැලි.









(570)

13 සන්දේශ යුගයෙහිදී පවා වෙළහෙළඳාමෙහි යෙදුන ගැමි ගැහැණු පරපුර 14 කවිකොළ අවධිය දක්වාම පැවත එන බව පෙනේ.

නිවහල් ගැමි ජනතාව කුලියට වැඩ කිරීම ගැන එතරම් රුචියක් නොදක්වන්නෝ ය. ඔවුනට සමූපකාර ක්රරමයට වැඩ කටයුතු කර කියා ගැණීම කලාන්තරයක සිට පළ පුරුදුවී ඇති බැවිනි. බොහෝවිට කුලි වැඩ සොයා ගෙන් පිටත්වී යන්නෝ එසේ කරන්නේ ගමේ ආර්ථික පීඩනයන්ම නිසා නොව යම් යම් හේතු නිසා කලකටවත් ගම් වලින් ඈත්වීමට සිදුවී තිබෙන නිසා ය. ඔවුන් ගෙන් වැඩි දෙනා ගේ තිප්පල මිණිරන් පතලය ය. ටික දෙනෙක් පාරු රස්සාවද සොයා යන්නෝ ය. පතලයේ මෙන්ම 16 පාරුවේද ජීවිතය එකසේ කටුකය. ගෙවීම් නමට පමණක්ම ය. වැඩ බෙහෙවින්ම වෙහෙස කර ය. 13 වටින මිලට නොවිකොට කොට වෙළඳාම - සිටින ලියත් දැක

               සිහිකර බණදාම් - ගිරා සන්දේශය 

14 වට්ටි අම්මාගේ වාසනාව - කවිකොළය

    15 අම්මලා පෙව්ව රන් කිරි සිහිවෙනවා - පතල් සිව්පද 
    16 පූරුවේ කරපු අකුසල් ගෙවන්නට - පාරුවේ ඇවිත් දුක් විඳිනව 
          දැතට - පාරුකවි 










(571)

තමන් ගේ ශ්රටම ශක්තියෙන් ප්රකයෝජන ලබන්නේ බලවතා බව ඔව්හු දන්නෝ ය. එහෙත් ආගම විසින් හික්මවනු ලැබූ කම්කරුවෝ “පැමිණි දුක් පැණිරසයි” සිතා සතුටුවෙත්. 17

කුලී වැඩ කිරීම ගැන සාමාන්යෙ ගැමියා ගේ තුබු අකමැත්ත නිසා විශෙෂ යෙන්ම බරවැඩ සඳහා ඉන්දියා කරයෙන් කම්කරුවන් ලබා ගැනීමේ සිරිතක් පැවති බව පෙනේ. එදාද අද මෙන්ම විදේශීය කම්කරුවෝ මෙහි නතරවීමට අශා කළෝ ය. තම පදිංචිය ස්ථීර කර ගැනීමේ පරමාර්ථනයෙන් ඔව්හු සිංහල ගැහැණුන් බිරියන් වශයෙන් පාවා ගැනීමටද ලොල් කළෝ ය. එහෙත් දුර දර්ශී පාලකයන් නිසා මේ රටේ රැකී රක්ෂාලවන් විදේශීකයන් සතුවීමත්, සංකර සිංහල පරම්පරාවක් බෝවීමත්. වැළකී ගියේ ය. මේ පිළිබඳව හොඳම නිදර්ශනයක් ඉදිරිපත් කිරීමට තරම් සැහැල්ලක් ලබාගත හැකිවීම වාසනාවකි. ඒ ඓතිහාසීය කාව්‍යය නම් ගලකැප්පු සැහැල්ලය. එහි සඳහන්වන පුවත පහත දැක්වෙන්නේය. “ගනරන් තුම්මල්පායක්” ප්ර ධාන කොට ඇති නොයෙක් මන්දිරයන් තනා මනහර ලෙස ගොඩ නඟනු ලැබූ අළුත්නුවර මහමළුවෙහි ශොභාවට බාධකයක්වූ සුවිසාල ගල්පොත්තක් වී ය. එය බිඳ ඉවත් කර දැමීමට දරණ ලද ප්රසයත්තයන් ව්යවර්ථහවූ නිසා

17 තන්ඩලේට රුපියල් වාසනාවන් - දුප්පත් අපට බත් ටික වාසනාවන් - පාරුකවි.



.






(572)

“බසින තැන මළු ව ට ගලක් සරිලිය හර හ ට බිඳිනට බැරි අප ට සැලකළේ දේවතා සුරිඳු ට”

යනුවෙන් ඇමතීවරු දේවතා බණ්ඩාරයන්ට සැළකළෝ ය. එතුමා

“බන්ගල ගවුඩිය මලය රටේ ය ක් කොන්ගනි ජාවක වඩිග රටේ ය ක් කන්නඩි කවුඩි වඩිග ‍රටේ ය ක් සිංහල දේසෙට ගෙන්නා සැම යක්

මෙකී රටවලින් කම්කරුවන් ගෙන්වා ගල බිඳ දැමීමට ඔවුන් යෙදෙවුවෝ ය.

කන්ඩ සුදුසු දේ රිසි ලැබගල් ලා කොන්ත කඩුත් යවුළුත් අරගල් ලා ගන්ඩ සුදුසු ආයුද අරගල් ලා තුන්ඩ වාසිකර ගල බිඳ පල් ලා

නොබෝ දවසකින් ගල බිඳ ඉවත්කර දැමූ විදේශීය කම්කරු රංචුව දේවතා බණ්ඩාරයන් හමුවට පැමිණ මේ රටෙහි ස්ථීර ලෙස පදිංචිවීමට අවසර ඉල්වා අඩා වැලපුනේ මෙසෙස ය.

සිටින්ඩ අවසර ලැබුනොත් මේ ර ට කරන්ඩ කී වැඩ කරදෙමි නිරි ඳු ට දකින්ඩ නොලැබෙයි දෙවියන් හනි ක ට දු කි න් අඩා වැටුනෝ සිරි පා පි ට






(573)

සපීරි නුරා රන් රුවසෙ ලඳුන් නේ මිහිරි කතා රන ගිරවියො වැන් නේ සවරි නොලා මල් වරල බදින් නේ ඔමරි ලියන් ඇර කෙලෙසද යන් නේ

මේ පොරොන්දුවලින්, ඇඬුම් දෙඬුම් වලින්, ඒ ප්රනතාපවත් ප්රපදේශාධිපතියාව දේශ ද්රොදහී ජාතිද්රොවහි ආත්මාර්ථ්කාමියෙකු කිරීමට නොහැකි විය එතුමාගේ නියමයවුයේ :-

සිංහල මායම් යකු තොපි නොදනි ති මන්ත්රාාවෙන් බැඳ සිර කර ගනි ති යන්ත්රාා පිට සිටුවා තද බැට දෙ ති අංජන නස්නය දුම්ගෙයි ලව තී

ලෙඩක් නොකරවව් දුටු දුටු ලිය හ ට දු ක ක් සිතින් නොසිතා යවු යන්න ට වැ ව ක් බිදී වතුරක් යන විලස ට එකෙක් නොසිට යව් තම තම දේසෙ ට

යනුවෙනි. මෙහි රැඳිමෙන් අත්පා බැඳ දැමීම්. දඬුකඳේ ගැසීම්, විලංගු දැමීම්, ඇස්වල මිරිස් කුඩු දැමීම්, ගෙවල් තුලට දමා දුම්ගැස්සීම් ආදි නොයෙක් වද බන්ධවන වලට ‍භාජන විය හැකි බැව් දැන්වූ නමුදු, ඒ හැම බන්ධනයකටම වඩා ප්රේ ම බන්ධනය බලවත්වූ බැවින්දෝ ඔවුන් ගෙන් බොහෝ දෙනෙක් මෙහි නතරවූවෝ ය. රටේ රැකී රක්ෂා ත්. අනාගත පරම්පරාවත් හමුයේ.







(574)

ප්රේ5ම බන්ධන නොගන්නා සතයක් පමණකටවත් නොසැළකූ දේවතා බණ්ඩාරයෝ ඒ විදේශිකයන් සහ ඔවුන් ගේ අඹුවන් මහ මළුවට ගෙන්වා මහ ජනයා හමුවේ ස්ත්රී්න්ට නිග්ර්හකොට පුරුෂයන් ගේ හිස්මත ගල් පටවා අව්වේ සිටවා යලි ගස්වල බන්දවා වේවැල් පොඩිවනතුරු කෝටුමස් කරවා නැවතත් මේ රටට නොඑන බවට සහතික කොට දිවුරුවා ගෙන එලවා දමන ලදී. කීයේ මැනෝ:-

ය කු න් වැසුනු අඟනන් කැඳවා එ තී ය ටි න් කුසේ ගිනි ඇවිලී ගනි ති ගොසින් එතන මළුවේ සිට නට තී දෙ ව න් යන්ඩ යකු අවසර ඉල්ල තී

බැ ට දී වේවැල් පොඩිකර බැඳ ග ස සි ට ගති අව්වේ ගල් තබමින් ඉ ස කැට අල්ලා යවු නොකියා බොරුබ ස ර ට මතු නොබලා යන්නෙමි මේ දෙ ස

බර වැඩ සඳහා වැඩි වශයෙන් දකුණු ඉන්දියානු කම්කරුවන් යොදාගත් බවට “අම්බාවේ” එන ද්රවවිඩ වචන රාශියද සාක්ෂිලයකි.

යම් කිසිවක් කරවා ගැනීමට කෙනෙකු මුන ගැසීමට යනවිට කැවිලි පෙවිලි කිසිවක් ගෙන යෑමද ජනතා සමාජ ධර්මියකි. 18 තෑගි වශයෙන්

18 කෑම පිඟානක් රැගෙන ගොසින් - වෙද හටන 







(575)

කිරි දෙනෙකු දීම උසස්කොට සළකනු ලබන්නේ ය. 19 උපකාරයකට කෘතඥතාව දැක්වීම් වශයෙන් මෙන්ම නෑදෑ මිත්ර-යන් ගේ ගෙවල්වල එළඹෙන උත්සව අවස්ථාවලදිද හාල් මාලු හෝ එලවලු පලතුරු හෝ කදක් බැඳගන යෑමද කරනු ලැබේ. 20

සාමුහික කටයුතුවල යෙදී පෞද්ගලිකව ආත්මාර්ථප සාධනයෙහි යෙදෙන්නෝ ගැමියන් ගේ පිළිකුළට භාජනවන්නෝ ය.21

සෘතු ගුණ ගැන දැනීමක් නිරායාසයෙන්ම ගැමියන්ට ලැබී ඇත්තේ ගොවිතැන ප්රමධාන ජීවිකා වෘත්තිය වූ බැවිනි. 22 ගම්බද අය ගේ යල සහ මහ වශයෙන් සැළකෙන වගා කාලය බඳුම අස්වනු ලබන කාලයක් මුදුකරයේ ජනතාව පිළිබඳවද ඇත. ඔවුන් අස්වනු ලබනුයේ මුහුදිනි. කාලය හැඳින් වෙන්නේ වළාල සහ වාරකන් යනුවෙනි. මසුන් යහමින් අල්වාගත හැකි කාලය ලඟාවන ලකුණු දක්නා විට ඔවුන්ගේ සිත් ප්රීනතියෙන් උදම්වන්නේය.22

19 කිරි දෙව කන්නට තමුසෙට වස්සත් මී දෙනෙකුත් වෙදහටන 20 කදක් එක්ක මම ගෙනැත් දෙමි - වෙදහටන 21 ආඩිගොල්ල එක එකටයි - කොක්නම් පසිය වෙන වෙන වෙනමයි -

      ගැමි සැහැලි 

22 කල් බලා නොවෙද ගොවිතැන් කරන්නේ ගැමි සිව්පද 22 ගොඩ ගොරවන්නන් - විදුලි කොටන්නන් - මන්ඩඩි මගගෙගෙ

      ඇහැනැටවෙන්නන් - ධීවර සැහැලි 







(576)

අමුත්තනට සංග්‍රහ කරන විට තම වත්කම ගැන හෝ නොසළකා කටයුතු කිරීමට ගැමියා වෙහෙසෙන්නේ ය. නවාතැන් දීමක්. සිදු වුවොත් ඇඳට වියන් බැඳීමත් ඇතිරිලි එලීමත් කරනු ලැබේ. 23 භොජන සංග්ර්හයන් පවත්වන ගෙහි ගොම පිරිබඩ හා සඳුන් දියර ඉස මල් එල්වා වටතිර ඇද සරසනු ලැබේ. ආහාරාදිය බෙඳීමෙහි යෙදෙන්නේ රූමත් පිරිසිදු කාන්තාවෝ ය. 24

සාමාන්යි අයට ඉඳ ගැනීම සඳහා ගෙවල්වල පිල් බැඳ තිබේ. 25 පුටුවක හිඳුවන්නේ සැලකිය යුත්තන් පමණකි.

පුරුෂයා තම භාය්යාසැල වට හෝ, භාය්යාමල ව සිය සැමියාට හෝ, නම කියා කථා කිරීම නොසිරිති. අනිකෙක් සමග සැමියා ගැන හෝ. බිරිය ගැන හෝ සඳහන් කරනකළ බොහෝ විට අපේ එක්කෙනා හෝ, 26 අපේ අරුන්දෑ යනුවෙන්

23 ඇදට වියන්. පට පිලි අතුරඤ්ඤා - පත්තිනි හෑල්ල

24 ඉරා සදුන් ගොම පිරිබඩ ගාවා ඉරා පුළුක් මල් වට තිර අදවා නුරා අනගි රුව අගනන් ලව්වා පුරා එතන කිරි බත් ගොඩ කරවා

                                                                            ගල කැප්පු හැල්ල

25 “නැතිවිට ‍මම ගොස් පිලේ වාඩිවී වෙනදානම් දෙන්නේ පුටුවක්” - වෙදහටන 26 “අරුන්දට කිලි මාලේ” - වෙදහටන









(577)

කියනු ලැබේ. භාය්යා ග ව සෑම විටම පුරුෂයාට කීකරු වියයුතු ය. සැළකියයුතු ය. ඇයට කරගත හැකි මහත්ම පින් කමක් නම් කෙබඳු කරදර අඩුපාඩු මැද්දේ හෝ වුවද සැමියා ගේ සිත නොරිදවීම ය. පොදු ජනතා සමාජයේ යහපත් පැවැත්මට හේතුවී තිබෙන ප්රොධාන ගුණ ධර්මොයද මෙය වන්නේ ය. ගැහැනියක්ව උපදින්නේ පව් කිරීමෙනි. 30 ගැහැනියකට පිරිමි ආත්ම භාවයක් ලබාගත හැකිවන්නේ ස්වාමි පුරුෂයාගෙන් වරම් ලැබුනොත්ම පමණකි. 27මහලු අඹු සැමියන් අතර සුළු නොරිස්සුම්කම් ඇති වෙතුදු, ඒවා විනාඩි කීපයකට වඩා පවත්නේ නොවේ.

ඈත පුරාතනයේදී 28 වාලට ගියවුන් නිදහස් කර ගැනීම ගැනත් 29 පුරුෂයා විසින් බිරිය ගේ භාර කාරාදීන්ට දායාද දීමේ සිරිත පිළිබඳවත් බින්දු මාත්රස ආලෝකයක් ඇතැම් සැහැල්ලකින් වැටෙන්නේ ය.


27. “කවුදැයි කවුදැයි සන්ඩු කරන්නේ - නැන්දයි මාමයි රන්ඩු

       කරන්නෝ” - රබන්පද 

28. “දෙපන් දහක් මිල දීලයි මුන් එලියට ගත්තේ - ජල්ලී 29. “ දෙවෙනි බුස්ස දිනා දෙන්න අක්ක දියත් සින්නේ” ජල්ලි 30. “ එනිසා තොප ගොසින් හිමියා ඇති නිවස -

        සතොසා නොයෙක් වැඩපල කර සිට නිදොස - 
        නොලසා හිමි සතුටුකර තොප නමා හිස - 
        නීදොසා පිරිමි බවකට වරය ගනු යස.” 
                                                     ඉති කුමාරි කථාව 








(578)

ආපදාවකදී රන් රිදී ආභරණ පමණක්ම නොව, රෙදි පෙරෙදිද උකසට තබා කාසි ලබාගනු සිරිත ය. 31 මිල මුදල් ගනු දෙනු වලදී රුපියල් සතවලට වඩා තුට්ටු පණම් රිදී පතාග 33 සහ පවොම් ගැන සඳහන් වන්නේ ය.

34 බුදුන් සතුදේ කෑම මහත් පාපයක් මෙන්ම නින්දාවක් ලෙසද ගැමි ජනතාව විසින් සලකනු ලැබේ.

දුර බැහැර ගමන් යනවිට මගදී කෑම සඳහා පිසන ලද ආහාර ගෙන යෑම සිරිත වීය. ආහාර බැඳ අඩුක්කරගෙන ගියේ පුවක් කොළ මුල්වල හෝ කුඩා මලු වල ය. එයට කියන ලද්දේ35 බත්ගෙඩිය යනුවෙනි. මගීන් සඳහා මහා මාර්ගලයේ තැන් තැන්වල තැනූ 36අම්බලම් සහ 37 මඩම් විය. එක්තරා ප්රකදේශයකින් තවත් ප්රවදේශයකට ඇතුල්වන මාඉම කඩවත නම්විය. එහි මුර කාවල් තබා වෙළඳ ද්ර ව්ය3 වලින් 38 සුංගම්. අයකරන ලදී.

31. කාසි නැතුව මගෙ සරම තියාලා රිදී පහක් ගත්තෙමි දෙනකල් - වෙදහටන 33. පතාග දහයක් සොද කෙරුවම දෙන්නේ ගැනලා - වෙදහටන 34. මූට නමක් දාමු මැලේ - දන් උදීයයි කියමු මැලේ - ජල්ලි 35. “පාරට කන්නට බත්ගෙඩි බැඳලා” - සොකරි කථාව 36. “ගොසින් බැසපු වෙල්ලිය අම්බලමට” - පත්තිනිහැල්ල 37. “මහමඩමට යන පාර අසන්නේ” ගුරුහටන 38. “කඩවත සුංගමි දීලයි යන්නේ - නැත්නම් කඩවත නැතිළු අරින්නේ” ගුරහටන








(579)

පිටිසර බද ජනයා සොර සතුරන්ට හා යක්රකුසන්ට මෙන්ම වලසුන්ටද බෙහෙවින්ම භය වූවෝ ය. හරක බාන ඈදා ගැනීමට මෙන්ම, වැටක් බැඳ ගැනීම සඳහා වැලක් ඇද ගැනීමටද එසේම කෙවිටකට, ඉන්නකට, කෝටුවක් ලීයක් කපා ගැනීමට සහ ආහාර පිනිස අල දලු කොල ගෙඩි ආදිය සපයා ගැනීමටද, ඔවුනට නිබඳවම කැලයට යෑමට සිදුවන්නේ ය. එහිදී කොයි වේලාවකදී කොතැනින් වලහා කඩා පනීදැයි කිව නොහැක. එනිසා ඔව්හු නිරන්තරයෙන්ම ඒ නපුරා ගැන බියෙන් පසු වන්නෝ ය. ඔහු ගෙන් ගලවා දෙන මෙන් දෙවියන් ගෙන්ද ඉල්වන්නෝ ය. අහිංසක ගැමි ජනතාව ගේ පැතුම පත්තිනි හෑල්ලෙහි දැක්වෙන්නේ මෙසේ ය.

සතුරන් සොරුන් ගෙ න් රකුසන් සහ යකුන් ගෙ න් රුදුරු වලසුන් ගෙ න් ලැබෙන උවදුරු හැර රකින් ම න්

සිංහල ගැමි සිත්තුළ ප්ර මුඛව බලපවත්නේ දයානු කම්පා‍ව බව සැහැලි වලින් පෙනේ. ඉතාම ජන ප්රිනයව පවත්නා කවි කථාවල ප්රාකණ නාඩිය සානුකම්පිත වර්ණ නාවන්ය. වෙස්සන්තර ජාතකයේ මද්රිප බිසව ගේ වැලපීම, මුව ජාතකයේ බඩ දරු මුවැත්තීය ගේ විලාපය. දෙවිදත් කථාවේ දෙව්









(580)

දතුන් ගේ අදෝනාව, පාළඟ සැහැල්ලේ පත්තිනි ය ගේ රෝදනය සහ සඳ කිඳුරු ජාතක කවියේ කිඳුරිය ගේ හැවිලි හැවීමද මෙබඳු තැන් ය. අසත් පුරුෂයාට සුදුසු විපාක ලැබීම ගැන ප්රීහති වීමද ජනතා ගතියක් සේ පෙනේ. දෙවිදතු පණ පිටින්ම තිරයට ඇදගන යෑම, පතිනිය පඬිපුර ගිණිලෑම ආදිය ඔව්හු මහත් රුචියෙන් කියවත්. ගුත්තිල කතුවරයා‍නන් වහන්සේ මූසිලයා ගැන “යවයි නෙරපුය යම පුරයට” යන්න වදාලේ සමාජයේ මුල් බැස තිබෙන මේ චිත්ත ස්වභාවය ගැන සිතා යැයි නොකියමුද?

____

"http://si.wikibooks.org/w/index.php?title=සිංහල_සැහැලි_-_x&oldid=5718" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි