සිය බස් මල් දම-අන්වය, අර්ථය හා විස්තර iii

Wikibooks වෙතින්

101. මෙ යු රු දොලදුක් ලකුණු දැක එම මිගිඳු තැන තැන ඇවිද වන මැ ද මි යු රු පල වැල ගෙනැත් කවමින් වෙනත් උවටැන් කරන එම ස ඳ එ ද රු ගැබ මොහොරමින් දසෙකඩමස් පිරීමෙන් පැහැර විළි ර ද කු ම රු කුමරිය යන දෙ බින්නක් පසුත කළෙ එම බිසව මන න ඳ

අන්වයඃ එම මිගිඳු මෙඅයුරු දොළ දුක් ලකුණු දැක, වන මැද තැන තැන ඇවිද, මියුරු පලවැල ගෙනැති කවමින්, වෙනත් උවටැන් කරන එම සඳ ,එ දරු ගැබ මොහොර- මින් දස එකඩ මස් පිරීමෙන් විලි රද පැහැර, එම බිසව මනනඳ කුමරු කුමරිය යන දෙබින්නක් පසුත කළා. අර්ථයඃ ඒ සිංහයා මෙ බඳු දොළ දුක් ලකුණු දැක, වනය පුරා ඇවිද මිහිරි ගෙඩි වර්ග ගෙනැවිත් කවමින් ද, වෙනත් උපස්ථාන කරමින් ද සිටිද්දී, ඒ දරු ගැබ වැඩී මාස නවය හමාරක් ගත වීමෙන් පසු ව ප්රරසව වේදනා ඇති වී, එම බිසව පියකරු කුමරුවක හා කුමරියක යන සෙ‍ාහායුරකු හා සොහොයුරියක ප්රරසූත කළා. විස්තරඃ දෙ බින්නක්ඃ සහෝදර සහෝදරියක් දෙ දෙනකු, පල වැලඃ පලා ළුල යන්නෙන් බිඳී ආයේ ය. ලොකු කුඩාගෙඩි

102. එ ස ඳ දෙ ගුරු වර සොඳි නා-සෙද පැ හැ ද තරිඳු රැස් වන් මෙන් කිර ණා සු හ ද කුමරුනට සෙ‍ාබ නා-යළි පෙ ම ද ව බත් දී ලා සත් මසි නා

අන්වයඃ තරිඳු රැස් කිර’ණ වන් මෙන්, එ සඳ දෙ ගුරු වර සෙද සොඳිනා පැහැද, සුහද සොබනා කුමරුනට යළි පෙමද ව සත් මසිනා බත් දීලා. අර්ථයඃ සඳ රැස් කිරි මුහුදට වැටුනාක් මෙන්, එ වේලෙහි දෙ මව් පියෝ වහා පැහැදී, යහපත්, රූ බර කුමරුවාට නැවතත් ප්රේාමයෙන් තෙත් ව, සත් මසින් බත් දී, 86 සිය බස් මල් දම

විස්තරඃ කිරණඃ කිරි+අණ, ක්ෂීරාර්ණවය, කිරි මුහුද. පෙමදඃ ප්රේේමාදු යන්නෙන් බිඳිණි. ප්රේ,මයෙන් තෙත් වී

103. කු ම රු ට සිහබා නමි නා - න කු ම රි ට සිහවල්ලිය යන නමි නා මෙලෙසට නම් ලත් දෙ දෙ නා-පුර, ත රි ඳු ට සම වී වැඩුණහ කෙමෙ නා

අන්වයඃ කුමරුට සිහ බා නමිනා, නං කුමරිට සිහ වල්ලිය යන නමිනා මෙ ලෙසට නම් ලත් දෙ දෙනා, පුර තරිඳුට සම වී කෙමෙනා වැඩුණාහ. අර්ථයඃ කුමාරයා සිංහබා යනුවෙන් ද, ඔහුගේ නැඟනිය වූ කුමරිය සිංහ වල්ලි යනුවෙන් ද, නම් ලැබූහ. මෙ සේ නම් ලද ඒ දෙනා පුර පක්ෂයෙහි චන්ද්ර යා මෙන් ක්රහම- යෙන් වැඩුණෝ ය. විස්තරඃ නං කුමරිටඃ නැඟනිය වූ කුමරියට. 104. සක්විති මිහි පති සදි සා-සක් රුවන ලැබූ සිත තුටු කර විග සා දුක් නො ව මව් පිය සතො සා-සක් දෙක මෙන් කුමරුන් රැකිහු ය වෙසෙ සා

අන්වයඃ සිත තුටු කර විගසා සක් රුවන ලැබූ සක්විති මිහිපති සදිසා මව් පිය දුක් ‍නො ව සතොසා සක් දෙක මෙන් වෙසෙසා කුමරුන් රැකිහු ය. අර්ථයඃ සිත සතුටු කරමින්, වහා චක්රස රත්නය ලද චක්රේවර්ති රජු මෙන්, මව් පිය දෙ දෙන දුකක් නැති ව සතුටින් ඇස් දෙක මෙන් විශේෂයෙන් දරුවන් දෙ දෙන රක්ෂා කළහ. විස්තරඃ සක් රුවනඃ චක්රන වර්තී රජ කෙනෙකුට ලැබෙන රත්න- හතකි. හස්ති, අශ්ව, පරිනායක, ගෘහපති, මාණික්යන, ස්ත්රී්, හා චක්රන රත්න යනුවෙනි. සක් දෙකඃ මෙහි සක් යනු ඇස් ය. මෙය සකු චක්ෂු පාලි චක්ඛු ශබ්දයන්ගෙන් බිඳී ආයේ ය. 105. සිහබා කුමරිඳු සඳු ටා-වස්, සොළස සපිරි සඳ ගොස් මවු වෙත ටා සුරතල් තෙපුලෙන් එවි ටා-තම, වෙනස අසයි මවගෙන් මේ ලෙස ටා


සිය බස් මල් දම 87

අන්වයඃ සිහ බා කුමරිඳු සඳුටා වස් සොළස සපිරි සඳ, මව් වෙතටා ගොස්, හ විටා සුරතල් තෙපුලෙන් මවගෙන් මේ ලෙසටා තම වෙනස අසයි. අර්ථයඃ සිංහ බාහු කුමාරයාට දහසය විය සම්පූර්ණ වූ විට, ඔහු මව සමීපයට ගොස්, සුරතල් වචනයෙන් තම මවගෙන් මෙ සේ තමාගේ (හා පියාගේ) වෙනස අසයි.

106. සො ඳු රු මෑණියනි නද නා-මෙම, න පු රු වෙණෙහි නිරතු රු ව ම වස නා කෙ ස රු ට දා අපි දෙදෙන නා-පිය, අ යු රු නො වන්නට කාරණ කුම නා

අන්වයඃ සුගම යි. අර්ථයඃ ප්රි ය වචන සුන්දර වූ මෑණියෙනි, මේ නපුරු කැලෑවෙහි නිතර ම ජීවත් වෙන කේසර සිංහයාට ජාතක ව උපන් අපි දෙ දෙන පියා මෙන් නො ව ස්වරුප දරන්නේ කුමන හේතුවක් නිසා ද? 107. මෙලෙස ඇසූ විට කුම රූ-යළි, එ බ ස ට එ බිසව පවසයි මෙ යු රූ- දි යැ ස කුලග තිලක යු රූ-දස, දි යැ ස සදිසි වගු නිරිඳුට මහ රූ

අන්වයඃ කුමරූ මෙ ලෙස ඇසූ විට, එ බසට යළි බිසව මෙයුරූ පවසයි. 108. දා ව නොයෙක් සැපතින් වැඩි ලා-මම, බෝව කරපු පවකින් පෙර මෙ ක ලා මේ ව න මැදට ම වැදි ලා-විත්, සී ර ද හට අසු වීමෙන් මෙ ක ලා

අන්වයඃ දිසැස කුල අග තිලක අයුරු දස දිය ඇස සදිසි මහරද වගු නිරිඳුට දා ව, නොයෙක් සැපතින් වැඩී ලාමම පෙර බෝව කරපු පවකින් මෙ කලා, මේ වන මැදට ම වැඳිලා වීත් මෙ කලා සී රද හට අසුවීමෙන්. අර්ථ යඃ කුමාරයා මෙ සේ ඇසූ විට, ඊට බිසව නැවතත් මෙ- ලෙසින් පිළිතුරු දෙන්නී ය. සූය්ය් වැ වංශයට තිලකයක් බඳු ලෝක දහයට ඇසක් වැනි, ශ්රෙ‍ෂ්ඨ වගු රජතුමාට ජාතකව, බොහෝ සැපතින් යුතු ව වැඩී, එ හෙත් පෙර කරන ලද දරුණු පවකින් දැන් මෙ සේ වනයට වැද, සිංහ රාජයාටඅසු වී. 88 සිය බස් මල් දම

විස්තරඃ දියැස, කුල ලෝකයෙහි ඇස ලෙස සූය්ය්ඨ වයා සැලකේ- දියැසකුල යනු සූය්ය් - වංශය යි. 109. දැ න් විඳුනා දුක් නොම ‍ෙඳ්-හැම, අ න් තිම කර කියනට බැරි මෙ ‍ස ‍ෙඳ් ‍ වෙ න් ව උපන් බව මෙ ලෙ දේ-පුත, ‍මෙ න් න මෙ කාරණ ය යි කී එ ස ‍ ‍ෙඳ්

අන්වයඃ දැන් විඳිනා නොම ‍ෙඳ් දුක් හැම මෙ ස‍ෙඳ් අන්තිම කර- කියන්නට බැරි. පුත, වෙන් ව උපන් බව ‍ෙල‍ෙඳ් මෙන්න මෙ කාරණය යි එ ස‍ෙඳ් කී, අර්ථයඃ දැන් මා විඳිනා බොහෝ දුක් සියල්ල සීමාවක් කර කිය නොහැකි ය. මෙන්න මේ හේතුව නිසාය ඔබ සිංහයාට වෙනස් ව ඉපදීම යනුවෙන් බිසව කීවා ය.

110. මෙලෙස බිසෝවර කී බ සා-ඇසූ, නි දො ස සිංහබා කුමරි‍ඳු වීම සා දි ගැ ස කෙනෙක් පෙර දව සා-මෙම, වි ල ස මිගෙක් සහ විසුවෙද කෙ දෙ සා

අන්වයඃ සුගම යි. අර්ථයඃ මෙ සේ උතුම් බිසව කී වදන් ඇසූ නිර්දෝෂී සිංහ බාහු කුමාරයා කල්පනා කර බලා, පෙර මේ අයුරු කො තැනක ගැහැනියක් සිංහයකු හා ජීවත් වී දැ යි. විස්තරඃ මිගෙක් සහ විසුවෙද යනු සදොස් ය. මිගකු සහ විසුවෙ ද යනු වෙන් මෙය ශුද්ධ විය යුතු ය. 111. ය න බස කියමින් එක ලා-ගුණ, නැණ බල ඇති කුමරි‍ඳු ස‍ඳ ලක ලා ව න යෙන් යන මෙන් සිත ලා-ගෑල, වෙන උවමක් කළෙ මෙ ලෙසින් නුමු ලා

අන්වයඃ යන බස එ කලා කියමින් , ලකළ, ගුණ නැණ ඇති කුමරිඳු සඳ වනයෙන් යන මෙන් සිත ලා මෙ ලෙසින් නුමුළා ගැලවෙන උවමක් කළෙ. අර්ථයඃ යන වචන කියමින් ගුණ නැණ ඇති ඒ උදාර කුමාරයා වනයෙන් පැන යාමට සිතා ගැලවීමට මෙ ලෙස ඥාන- වන්ත උපායක් කළේ ය.


සිය බස් මල් දම 89

විස්තරඃ නු මුළාඃ මෝඩ නො වූ, නො රැවටෙන, ඥානවන්ත. උවමක් : උවම යනු උපමාව යන්නේන් බිදී ආ වචනයයි. මෙහි උවම යනු යෙදී ඇත්තේ උපාය වෙනුවට ය. 112. මි ග ප ති ගොදුරට ගිය විට වල ටා, ර ති ප ති සම වන් කුම‍රි‍ඳු රුව ටා, බල ඇති බව දැන ගැණුමට ඔහු ටා, බර ඇ ති මහ ගල් දොර හැර පිට ටා.

අන්වයඃ මිග පති වටලා ගොදුරට ගිය විට, රුවටා රති පති සම වන් කුමරිඳු ඔහුටා බල ඇති බව දැන ගැනුමට , බර ඇති මහ ගල් දොර පිටටා හැර. අර්ථයඃ සිංහයා කැලයට ආහාර සොයා ගිය අතර, රූපයෙන් අනංගයා හා සම වූ කුමාරයා, ඔහුට ශක්තිය ඇති තරම දැන ගැනීම සදහා බර ඇති ඒ ගල් ලෙන් දොර පිටට ඇර. 113. දු ර ට පනස් යොදුනක් ගොස් නො ලසි න- පෙ ර වරු අවුදින් ගල් දොර වස මි න. පෙ ර සිටි විලසට හුන් ස‍ඳ ගිරි ලෙ න - ගොර සී රද සපැමිණි ඒ තො ම දැ ණ.

අන්වයඃ නො ලසින පනස් යොදුනක් දුරට ගොස්, පෙර වරු අවුදින් ගල් දොර වසමින පෙර සිටි විලසට ගිරි ලෙන හුන් සඳ , ඒ නොම දැන ගොර සී රද සපැමිණි. අර්ථයඃ වහා පනස් යොදුනක් දුරට ගොස්, දහවල් වීමට පෙර, පෙර වරුවෙහි ම ආ පසු විත්, ගල් දොර වසා පෙර සිටි පරිදි ලෙනෙහි සිටි විට පැමිණි සිංහ රාජයා, ඒ කිසිත් නො දැක්කේ ය. විස්තරඃ යොදුන සැතපුම් 16 ක දුර සලකනු ලැබේ. 114. මෙම ලෙද තම බල විමසා එ දි නා, පෙර ලෙද සී රද ගොදුරට ලොබි නා. ගිය ස‍ඳ වන මැද දිනයක සෙ‍ඳි නා. ම වු ල ‍ඳ නැ‍ඟණිය යන එම දෙ දෙ නා.

අන්වයඃ එ දිනා මෙම ලෙද තම බල විමසා, පෙර ලෙද සී රද ගොදුරට ලොබිනා වන මැද ගිය සඳ , එක දිනෙක සෙදිනා මවු ළඳ , නැගණිය යන එම දෙ දෙනා.


90 සිය බස් මල් දම

අර්ථනයඃ එ දා මෙසේ තමාගේ හක්තිය පරීක්ෂා කර බලා, පෙර පරිදි සිංහ රාජයා කෑම සොයා වනයට ගිය අතර, එක් දිනෙක වහා තම මව හා නැඟණිය යන දෙ දෙ‍න (රැගෙන) 115. ත ම දෙ කරත හි‍ඳුවා නික් මෙමි නා, හැ ම බිය ඇති එම වන පෙත මැදි නා. නොම ‍ම‍ෙඟකින් දිවගෙන ගොසි නා ග ම කට සපැමිණි මිනිසුන් වස නා.

අන්වයඃ තම දෙ කරත හිඳුවා නික්මෙමිනා, හැම බිය ඇති එම වන පෙත මැදිනා, නොම මගෙකින් දිව ගෙන ගොසිනා, මිනිසුන් වසනා ගමකට ස පැමිණි. අර්ථනයඃ තමාගේ කරෙහි හිඳුවාගෙන පිටත් ව ඒ බිහිසුණු වනය මැදින් කෙටි පාරක් දිගේ ගොස් ජනයා වසන ගමකට පැමිණියේ ය.

116. නොම තුරු සෙවනෙහි දන ගණ හැසිරෙ න. වි සි තු රු මහ නුගයක් දැක බබල න. එ කු ම රු එම රුක් සෙවනෙහි උන් තැ න. තො ර තුරු අසමින් ගම් වැසි හැම දෙ න.

අන්වයඃ දන ගණ නොම හැසිරෙන තුරු සෙව‍ෙණහි බබළන විසිතුරු මහ නුගයක් දැක එ කුමරු එම රුක සෙවණෙහි උන් තැන, ගම් වැසි හැම ‍ෙදන තොරතුරු අසමින්. අර්ථතයඃ ජන සමූහයා නො ගැවසෙන රුක් සෙවන‍ෙණහි බබළමින් තිබුණු ලස්සණ නුග ගසක් දැක, කුමාරයා එහි සෙවණෙහි සිටි විට, ගම් වැසියෝ කවුරුත් එහි විත් විස්තර අසන්නට වූහ. 117. එ ක ල බිසව මයිල් රජුගේ පුත් වන කුමරෙක් ගරු ත ර. ප බ ල සෙනෙවිරත් තනතුරු ලබා වැජඹි එ ම පුරව ර. ල කල බිසව කී ‍‍‍ තොරතුරු නො වදරවා ඇසූ එ ම ව ර. සෙබල කෙනෙක් ගොස් එ පුරට සෙනෙවි රදුට සැලකළ වර. අන්වයඃ සුමග යි. අර්ථයයඃ ඒ කාලයෙහි එම බිසවගේ මාමා කෙනෙකු වන රජකුගේ, පුත් කුමරෙක් උසස් බල බල වත් සෙනෙවිරත් තනතුරු ලබා, එම පෙදෙසෙහි විසී ය. රූමත් බිසව කී තොරතුරු හරි හැටියට අසා ගත් එක් භටයෙක්, ඒ පුවත එම සෙ‍නෙවි රත් තුමා ‍හට දැන්වීය. විස්තරඃ සෙනෙවි රත්ඃ රජුගේ සේනාවන්හි නායක පදවිය දැරූ වේ සෙනෙවි රත් තුමා ය. පුරාණයේ රජුගේ පුරෝහිතයා හා සෙනෙවි රත් තුමා ඉතා බලවත් නිලධාරි දෙ දෙන ය. සිය බස් මල් දම 91

118. එ බ ස අසා ඉතා සතුටු සෙනෙවි රදහු එ පුර සම ත බෙරැස විලස සම කරවා ලද පස් මල් ඉසැ මහව ත කි යැ ස මිතුරු නුවර විලස සැරසිලි කර නිමවි අන ත එලෙස වෙනෙන් ආ තුන් දෙන ම‍ඟුලෙන් කැඳවා තම වෙත

අන්වයඃ එ බස අසා ඉතා සතුටු සෙනෙවි රදහු, එ පුර සමත බෙර ඇස විලස සම කරවා, මහවත ලද පස් මල් ඉසැ, තියැස මිතුරු නුවර විලස අනත සැරසිලි කර නිම වී. එ ලෙස වෙනෙන් ආ තුන් දෙන මඟුගෙන් තම වෙත කැඳවා. අර්ථයඃ ඒ පුවත අසා බොහෝ සතුටට පත් සෙනෙවිරත් තුමා, ඒ නගරය පුරා බෙර ඇසක් මෙන් සම තලා කරවා, මාර්ගයෙහි පස් මල් ඉස, කුවේරයාගේ පුරය මෙන් නොයෙකුත් සැරසිලි කර වි ය. එ මෙන් ම, වනයෙන් ආ තුන් දෙන උත්සවාකාරයෙන් තමා සමීපයට කැඳවී ය. විස්තරඃ සමතඃ සම්ස්ත ශබ්දයෙන් බිඳ ගන්නා ලද්දකි. මුලු, සම්පූර්ණ යන අරුත් ඇත. ලද පස් මල්:ලාජා සහිත පස් මල්. එනම්, පොරි, අබ, සමන් පිච්ච, ඊ තණ, හා සුන් සාල්. තියැස මිතුරුඃ තියැස යනු ඊශ්වරයා ය. ඔහුට ඇස් තුනකි. ඔහුගේ මිත්රියා කුවේරයා ය. අලකා පුරය ඔහුගේ නුවර යි. 119. සරිවන සුර‍ඟණ එ බිසිව රුවන් රැසෙක සිටුවා සෙ ද සි රි ත විලස සෙනවි රදුට අබිසෙස් කරමින් මනන ද පිරි යත කර තිරිසන් හට අසුව පළමු වි‍ඳි දුක් ත ද සිරිකත සිරිපත් විලසින් එ ‍දෙදෙන සැප වි‍ඳිනා ස‍ ඳ

අන්වයඃ සුරඟන සරි වන එ බිසව සෙද රුවන් රැසෙක සිටුවා, සිරිත විලස මනනඳ සෙනෙවි රදුට අබිසෙස් කරමින්, තිරිසන්හට අසු ව පළමු විඳි තද දුක් පිරියත කර, සිරි පති, සිරි කත විලසින් එ දෙ දෙන සැප විඳිනා සඳ. අර්ථසයඃ දෙවඟන සමාන වූ ඒ බිසව වහා මැණික් මණ්ඩපයක සිටුවා චාරිත්රා නුකූල ව, ඒ ශෝභන සෙනෙවි රත් තුමා හට අභිෂේක කරවා, තිරිසන් සතකුට අසු වී පළමුවෙන් වින්ද මහත් දුක් කෙළවර කර, ඒ දෙ දෙන විෂ්ණු හා ශ්රීු කාන්තාව මෙන් සැප විඳිමින් පසුවෙද් දී.


92 සිය බස් මල් දම

විස්තරඃ රුවන් රැසෙකඃ රත්න රාශියක. මේ මැණික් ඔබ්බවන ලද මණ්ඩපයක් විය යුතු ය. අබිසෙස් කරඃ අභිෂේක කර. රජ වරුන් ඔටුනු පැළඳී- මේදී අභිෂේක කිරීම සිරිත ය. තෙල් වගයක් හිසෙහි ගා කරන ලද උත්සවයකි. පිරියත කරඃ පය්ය්ත්සන්ත කරඃ කෙළවර කර. 120. ගොදුරු පිණිස ගිය සී රද නද කර පැන අතුන් මැද ට රු දු රු නියෙන් ඔවුන් සිරස පළමින් මොල කමින් සො‍ඳට ගැඹුරු කෙසර නද කරමින් සතුටින් පිණ පිණා එවි ට සො‍ඳුරු තමන් බිසවුන් සහ පස්කම් සැප වි‍ඳින ලෙස ට

අන්වයඃ ගොදුරු පිණිස ගිය සී රද නද කර ඇතුන් මැදට පැන, රුදුරු නියෙන් ඔවුන් සිරස පළමින් සොඳට මොළ කමින්, එ විට ගැඹුරු‍ කෙසර නද කරමින් සතුටින් පින පිනා සොඳුරු තමන් බිසවුන් සහ පස් කම් සැප විඳින ලෙසට. අර්ථයඃ ආහාර පිණිස ගිය සිංහ රාජයා නාද කරමින් ඇතුන් මැදට පැන, රෞදුනිය වලින් ඔවුන්ගේ හිස් පළා, මොළ කා, ගැඹුරු ලෙස සිංහ නාද කරමින් ප්රීපතියෙන් පින පිනා, තම සුන්දර බිසව සමග කම් සැප විඳීම සදහා. විස්තරඃ පස් කම් සැප විඳින ලෙස යනු මෙය ‘කම් සැප විඳින ලෙස’ යනු විය යුතු. 121. විග සට ගිරි ලෙණට අවුත් බලා දෙ දරු සහ බිස ව ද එම විට නො ම දැක බලවත් සෝ ගිනි ඇවිලි තම හ ද ද ස ත ට වැනි වැනි බලා නෙත් ක‍ඳුලැලි ගලා නොම ද තමහට ඉවසිය නොහැකි ව විලාප බස් කියයි මෙ ලෙ ද

අන්වයඃ විගසට ගිරි ලෙනට අවුත් දෙ දරු සහ බිසව බලා, එම විට නොම දැක, තම හද බලවත් සෝ ගිනි ඇවිලී, දස අතට වැනි වැනී බලා, නො මඳ නෙත් කඳුලැලි ගලා- තමහට ඉවසිය නොහැකි ව මෙ ලෙද විලාප බස් කියයි. අර්ථයඃ වහා ගල් ලෙනට විත් , දරු දෙ දෙන හා බිසව ඇද්දැ යි බලා නො දැක, හදවත මහත් සෝ ගිනි ඇවිලී, දස අතට වැනෙමින් බලා හිඳ ‍බොහෝ සෙයින් කඳුලු වගුරුවා, ඉවසිය නො හැකි ව මෙ සේ විලාප කියන්නට විය.


සිය බස් මල් දම 93

122. එ ක, දිවි ලෙස විසු ම බිසෝ ද ‍ඳා නෙක, සුරතල් බස් දෙන හැම ස ‍ඳා ස ක, යුරු මගෙ දරු දෙදෙනා සො ‍ඳා කි ක, ලක දකිනෙම් මම සිත ලෙ දා

අන්වයඃ එක දිවි ලෙස විසූ ම බිසෝ සඳා, හැම සඳා නෙක සුර- තල් බස් දෙන සක අයුරු මගෙ සොඳා දරු දෙ දෙන මම සිත ලෙදා කිකලක දකිනෙමි. අර්ථියඃ මා හා එක පණ වැනි ව විසූ මගේ බිසවත්, කවදත් නොයෙකුත් සුරතල් වදන් පවසන මගෙ ඇස් වැනි යහපත් දරු දෙදෙනාත්, සිත් පරිදි මට කවදා දකින්නට- ලැබෙත් ද? විස්තරඃ සකු.චක්ෂුඃ ශබ්දයෙන් බිඳුණු පදයකි. ඇස් යන අරුතියි. 123. අන්, තිරිසන් සත් ලොව නො කළ දේ දැන්, කළ මට ළට දුක් විය ත දේ සුන්, කළ හොත් නියමය මෙම ලෙ දේ ඉන්, කාටත් දුක් පැමිණෙයි ත දේ

අන්වයඃ අන් තිරිසන් සත් ලොවැ නො කළ දේ කළ මට දැන් ළය තදේ දුක් විය. මෙම ලෙදේ නියමය සුන් කළහොත් ඉන් කාටත් තදේ දුක් පැමිණෙයි. අර්ථකයඃ අනෙක් තිරිසන් සතුන් ලෝකයෙහි නො කරන ලද වැඩ කළා වූ මගේ සිතට දැන් බොහෝ සේ දුක් වැදේ. මෙ සේ නියම චාරිත්රටයන් කඩ කළහොත් ඉන් කාටත් බෙ‍ාහෝ දුක් පැමිණේ. විස්තරඃ නියමය සුන් කළහොත්, යනතැන නියමය යනුවෙන් දැක් වෙන්නේ ඒ ඒ සත්නයන්හට නියම ජීවිතය යි. තිරිසනුත් මනුෂ්යය ස්ත්රීනන් හා විසීම එ සේ නියමය සුන් කිරීමකි. 124. අ ර, නෙහි පවිටෙක් නැත මා තු ලා පෙ ර, පවකිනි’පිද තිරිසන් කු ලා සු ර,‍ඟන වන් බිසවට ලොබ වෙ ලා ගොර, තර දුක් විය මට දැන් ක ලා

අන්වයඃ අරණෙහි මා තුලා පවිටක් නැත. පෙර පවකින් තිරිසන් කුලා ඉපිද, සුරඟන වන් බිසවට ලොබ වෙලා මට දැන් කලා ගොර තර දුක් විය.


94 සිය බස් මල් දම

අර්ථයඃ වනයෙහි මා හා සමාන පව් කාරයෙක් නැත. පෙර පවකින් තිරිසන් යෝනියෙහි ඉපදුණු මා, දෙවඟනක වැනි බිසවට ආලය කළ නිසා, මට දැන් මහත් දුක් පැමිණියේ ය. විස්තරඃ සුරඟන යනු මේ කවෙහි සෑම තැන ම යෙදී ඇත්තේ සුරගණ කියා සදොස් ව ය. 125. ම ත්, වුණ මම කම් සැපතෙහි අටි න් කත්, සම‍ඟවැ වැසලා මන තුටි න් ලත්, සැප දැන් නැති වියෙහෙම් පිටි න් අ ත්, පිට’පව පලදුන් සැටි දුටි න්

අන්වයඃ කම් සැපතෙහි අටින් මත් වුණ මම, මන තුටින් කත් සමග වැ වැසලා ලත් සැප දැන් එහෙම පිටින් නැති විය. අත් පිට පව පල දුන් සැටි දුටින්. අර්ථයඃ කාම සම්පත්තිය විඳීමේ අදහසින් මත් වූ මා ප්රීවතියෙන් බිසව හා වැස ලද සැපත දැන් සම්පූර්ණයෙන් ම නැති විය. මේ ආත්මයේ දී ම පව පල දුන් සැටි දුටිමි. විස්තරඃ මම යනු මෙහි උක්ත වී නැති හෙයින් එය සදොස් ය. එය මා විය යුතු ය. නැති වී යෙහෙම පිටින්. මෙය ද ඉතා දුබල යෙදුමකි. දුටින් යනු දුටිමි වෙනුවට යෙදුණකි. 126. වෙළ, ‍ඳක- සහ යන බිසවක් දැ කා දු ල, රෑ දැලට අසුවී නො වල කා ඵ ල, ‍ඳුන් ‍‍ලෙගන’වුත් කම් සැප ත කා බ ල, ගිරිලෙණ ලා’හර දී රැ කා

අන්වයඃ වෙළඳකු සහ බිසවක දැකා, දුල රූ දැලට අසු වී නො වළකා කම් සැප තකා එ ළඳුන් ගෙන අවුත් බල, ගිරි ලෙන ලා අහර දී රැකා, අර්ථයඃ වෙළෙන්දකු හා බිසවක දැක, ඇගේ බබළන රූපය නමැති දැලට අසු වී ඉන් නො වැළකී, කම් සැප විඳින පරිදි ඒ ස්ත්රි ය ගෙන අවුත්, ගල් ගුහාව තුළ දමා කෑම දී ආරක්ෂා කර, විස්තරඃ බිසවක් යනු පෙර විබත් හෙයින් එය ‘බිසවක’ යනු විය යුතු ය. රූ දැල. මේ රූ දැල යනු මාත්රා’ හානියෙන් සැදූ වචනයකි.


සිය බස් මල් දම 95

127. උන්, සම‍ඟින් කම් පැප වි‍ඳිමි නා. අන්, අප කුල සි දෙනුන් හරිමි නා. මන්, කළ එම නො දැනුම් කම් ගැ ණා දැන්, මට පැමුණුණි දුක් අපම ණා.

අන්වයඃ අන් අප කුලසි දෙනුන් හරිමිනා, උන් සමඟින් කම් සැප විඳිමිනා මන් කළ එම නො දැනුම් කම ගැනා දැන් මට අපමණ දුක් පැමුණුණි. අර්ථයඃ අප ජාතියේ වූ සිංහ ධේනුවන් අත් හැර, ඒ ස්ත්රිඟය හා කම් සැප විඳීමෙන් මා කළ නො තරම් කම නිසා දැන් මට බොහෝ දුක් විඳීමට සිදු විය. විස්තරඃ මන් කළඃ මේ ග්රා්ම්යි ව්යාවහාරයකි. 128. ඉන්, අප කුල සි දෙනුන් දුටු තැ නේ උන්, වත කෙසෙ බලනෙමි දෙවිය නේ පින්, නැණ මඳ, තිරිසන් ගැ නේ දැන්, ලියො තිර නැති වග නො දැනු නේ

අන්වයඃ සුගම යි. අර්ථයඃ එ හෙයින් අප තිරිසන් ජාතියෙහි වූ සිංහ ධෙනුවන් දුටු විට, දෙවියනි, ඔවුන්ගේ මුහුණ කෙ සේ බැලිය හැකි ද? පිනෙන් හා නුවණින් අඩු තිරිසන් ජාතියෙහි උපන් නිසා දැන් කාලයෙහි ස්ත්රී න්ගේ ස්ථිර පිළවෙතක් නැති බව මට නො දැනිණි. විස්තරඃ ලියො යනු ප්රොථමා විභක්ති රූපයක් වුව ද මෙහි එය උක්ත වන ක්රිොයාවක් නැති හෙයින් ඒ වැරදි යෙදුමකි. 129. පිය, සුතනඹුවන්වත් නැත මෙ දා පිය, යුරු සිඹි නෙමි මම කවර දා ගිය, කල අඹු දරු මා හැර සෙ දා විය, මට මේ දුක් සිහබා ස’ දා

අන්වයඃ පිය සුතන් අඹුවන් වත් මෙ දා නැත. අඹු දරු මා හැර සෙදා ගිය කල මම කවර දා පියයරු සිඹිනෙමි. සිහ බා සඳා මට මේ දුක් විය. අර්ථයඃ ආදරණීය දරුවෝ වත් බිරිඳ වත් දැන් නැත. බිරිඳ හා දරුවන් මා හැර ගිය විට මම කව දා බිරිඳගේ පයෝධර සිඹින්නෙම් ද? සිංහබාහු නිසා මට මේ දුක් පැමිණියේ ය.


96 සිය බස් මල් දම

130. තුරු, පති සස ලප ලෙස සමගි නේ ද රු, දෙදෙනෙක් වන තුරු වසමි නේ දු රු, කර ම වෙතට තුබූ තද සෙ නේ කරු, මය ම යි මගෙ උන් සැඟ වූ නේ

අන්වයඃ තුරු පති, සහ ලප ලෙස සමගිනේ දරු දෙ දෙනකු වන තුරු වසමිනේ ම වෙතට තුබූ තද සෙනේ දුරු කර උන් සැඟවුණේ මගෙ කරුමය ම යි. අර්ථ යඃ චන්ද්ර යා හා සස ලපය මෙන වෙන් නො ව, දරුවන් දෙ දෙනකු වන තුරුත් මා හා ජීවත් ව, ඈ මා කෙරෙහි තුබූ සෙනෙහස අත් හැර සැඟ වී ගියේ මගේ පූර්ව කර්මය නිසා ම යි. විස්තරඃ උන්: මෙහි උන් යනුවෙන් හැඳින් වූයේ බිසව ය. කරුමයඃ පූර්ව කර්මය පල දීම.

දරු දෙ දෙනෙක් වන තුරු යනු වියරණ දොසකි. ‘දෙ දෙනකු’ විය යුතු. 131. සැ ම, සැප දෙන හිමි හට කර ම දා ස ම, දරු දසයක් ඇති වත් ම දා ක ම, නැති හොර හිමියෙක් දුටු ස දා පෙම, වෙති කත් ඔහුට ම වැඩි ත දා

අන්වයඃ සැම සැප දෙන හිමිහය ම දා කර, සම දරු දහයක් වදා ඇතිවත් කම නැති හොර හිමියකු දුටු සඳා කත් ඔහුට ම වැඩි තදා පෙම වෙති. අර්ථ යඃ සියලු සැප දෙන ස්වාමියාට ම ජාතක කර දරුවන් දස දෙනෙකු වදා සිටියත්, කිසි ප්රයයෝජනයක් නැති හොර හිමියකු දුටු විට, ගැහැනු ඔහුට ම වැඩියෙන් ප්රේ්ම කරති. විස්තරඃ හොර හිමියෙක් දුටු සඳා, යන තැන හිමියෙක් යනු වියරණ දොසකි. එය පෙර විබතින් නො සිට හිමියකු යි අනුක්ත විය යුතු යි. 132. අ ප, සිය කුල සි දෙනුන් සිටිය දී කැ ප, ගෙන බිසවක් සමඟින් යෙ දී අ ප, කළ නො තරම් කම් මෙ ලොව දී ස ප, ලව අත් පිට දුක් වන ල දි


සිය බස් මල් දම 97

අන්වයඃ අප සිය කුල කැප සි දෙනුන් සිටියදී බිසවක සමඟින් යෙදී ගෙන, අප කළ නො තරම් කම මෙ ලොව දී සපල ව, අත් පිට දුක් වන ලදී. අර්ථවයඃ අපට කැප (නියම) තිරිසන් ජාතියෙහි සිංහ ධෙනුවන් සිටිද්දී බිසවක සමග වැස අප කළ අශික්ෂිත ක්රිවයාව මේ ලෝකයේ දී ම පල දී පෙනි පෙනී ම දුක් පැමිණුණි. විස්තරඃ බිසවක් යනු, බිසවක විය යුතු 133. මෙ ලෙස එම සීර ද වියෝ දුක් කියා ඇති ලෙ ද ඇවිද මුළු වන මැ ද නො දැකැ දරැවන් සමග බිස ව ද

අන්වයඃ එම සී රද මෙ ලෙස ඇති ලෙද වියො දුක් කියා මුලු වන මැද ඇවිද, දරුවන් සමග බිසව ද නො දැකැ, අර්ථඇයඃ ඒ සිංහ රාජයා මෙ සේ ඇති තාක් වියෝග දුක කියමින් වනය පුරා ඇවිද, දරුවන් හා බිසව නො දුටුවේ ය. 134. යලිදු ඒ ඒ තැ න තුරු ලිය ලැහැබ් බලමි න ල සොවින් වෙවුලමි න කියයි දුක් මුසු තෙපුල් මෙලෙසි න

අන්වයඃ යළි දු ඒ ඒ තැන තුරු ලිය ලැහැප් බලමින, ළ සොවින් වෙවුලමින මෙ ලෙසින දුක් මුසු තෙපුල් කියයි. අර්ථලයඃ නැවතත් ඒ ඒ තැන් වල ගස් වැල් හා ලිය ගොමු අතර බලා, සිත සෝකයෙන් වෙවුලමින් මෙ සේ දුක් මුසු වචන කියන්නට විය.

135. තුරා හිමි වලඳමිනා, ලිය ලිය, ලෙල දෙන අතු අති නා සා මුව දරු රැගෙනා, බිඟු රැවු, සුරතල් පිය බසි නා මුව රඳ මුදු දසනා, පුල් මල්, මනහර දුල් වති නා අම පල යුග තෙනෙනා, දිඟු නිල්, දල නෙත’ ගින් වැහෙනා අන්වයඃ ලෙල දෙන අතු අතිනා ලිය ලිය තුරු හිමි වළඳමිනා, සා මුව දරු රැගෙනා, බිඟු රැව් සුරතල් පිය බසිනා, මුවරඳ මුදු දසනා, පුල් මල් මනහර දුල් වතිනා, අම පල යුග තෙනෙනා, දිගු නිල් දල නෙත් අගින් වැහෙනා.


98 සිය බස් මල් දම


136. පිණි බිඳු නෙත් දලිනා, පරපුටු, නඳ හඬයෙන් හඬ නා තුරු ලිය දැක නොමිනා, සිත් පිත් නැති තොප දුක ගැනා මෙ ලෙසට හඬන තැනා, මම දැන් බිසවුන් දරු දෙදෙ නා නොම දැක මගෙ නෙතිනා, කෙලෙසක,වෑවෙමි දිවි ලදිනා

අන්වයඃ පිණි බිඳු නෙත් දලිනා, පර පුටු නද හඬයෙන් හඬනා නොමිනා තුරු ලිය දැක, සිත් පිත් නැති තොප ම දුක ගැනා, මෙ ලෙසට හඩන තැනා, බිසවුන්, දරු දෙ දෙනා, මගෙ නෙතිනා නොම දැක මම දැන් දිවි ලදිනා කෙ ලෙසක වෑවෙමි. අර්ථෙයඃ සෙලවෙන අතු නැමැති අතින් වැල් නමැති ස්ත්රීදන් ගස නැමැති හිමියන් වැළඳ ගෙන, දරුවන් වැනි වඳුරන් ගෙන, ප්රිසය වචන වැනි මී මැසි රාවයෙන්, යුතු ව මෘදු දත් වැනි මල් රේණු වලින් ද, පියයුරු යුග වැනි මිහිරි ගෙඩි වලින් ද, ඇස් වැනි දිගු නිල් පැහැති කොළ අගින් වෑහෙන

කඳුලු වැනි පිණි බිඳු වලින්ද‍, හැඬීම් නමැති පරපුටු නාදයෙන් ද යුතු බොහෝ ගස් වැල් දැක, සිංහයා මෙ සේ කීය.

“ සිත් සතන් නැති තොප මගේ දුක ගැන මෙ සේ හඬන විට බිසව හා දරු දෙ දෙන දෑසින් නො දැක, පණ ඇති සතකු වූ මම කෙසේ සැනසෙම් ද?” විස්තරඃ මෙහි එන වර්ණනාව බොහෝ සෙයින් අලගියවන්න යන්ගේ කුසජාතකයෙහි එන උයන් වැනුමෙහි

“එවුයන ලිය ලිවන් තුරු හිමි වැළඳ ගෙ න ලෙලදෙන අතු අතින් සා මුව සුතන් ගෙ න සුපිපෙන පත් ලවන් යුත් කුසුමන් වති න නලවන වැන්න බිඟු සන් සුරතල් බසි න” යන කවට සමාන ය.




සිය බස් මල් දම 99

137. මෙම හිම’තුරු නොමිනේ, සුදු වෙල, තුරු සළු හැර ලමි නේ දුල කොක වැළ සොබනේ, මුතු හර, කඩකර ඉසනෙ තැනේ රඟ දෙන සල සලනේ, සිකි පිල්, වරල උනා ලමි නේ ගඟුලැලි කඳුළු මෙනේ ඉස ඉස, වලපින ගිරි ලිය නේ

අන්වයඃ මෙම හිම අතුරු නො මිනේ සුදු වෙල උතුරු සළු හැර ලමිනේ දුල කොක වැල සොබනේ මුතු හර කඩ කර නෙ තැනේ ඉස, නේ සල අසල රඟ දෙන සිකී පිල් වරල උනා ලමිනේ, කදුළු මෙනේ ගඟුලැලි ඉස ඉස වලජින නේ ගිරි ලිය,

අථීයඃ මෙම හිම වනය ඇතුළෙහි බොහෝ සේ සුදු ‍වලා කුළු නැමති උතුරු සළු මුදා හරිමින්, බබළන කොක් වැල නමැති ශෝභමාන මුතු වැල කඩා තැන තැන විසි කර, නොයෙකුත් ගල් අසළ නටන මොනරුන්ගේ පිල් නමැති කෙස් කලප් විහිදා, කඳුළු මෙන් දිය පහරවල් විහිදුවමින් වැලපෙන නොයෙක් පර්වත නමැති කාන්තාවෙනි,

විස්තරඃ ගඟුලැලි ගඟුල්+ඇලි. පර්වතයන්ගෙන් ඇද හැලෙන දිය ඇලි

138. තොපි මගෙ දුක දැකලා, සිත් නැති මෙලෙසට හඩනක ලා එක දිවි ලෙස වැසැලා, සතතින්, පස් කම් සැප විඳ ලා මට වියෝ ගිනි දීලා, අඹු දරු, සැඟවී මා හැර ලා ගිය බව සිතෙන කලා, එකතින්, නො තිබෙයි ම පණ න ලා

අන්වයඃ සිත් පිත් නැති තොප මගේ දුක දැකලා මෙ ලෙසට හඬන කලා, එක දිවි ලෙස වැසලා, සතතින් පස් කම් සැප විඳැලා, මට වියො ගිනි දීලා අඹු දරු මා හැර ලා සැඟ වී ගිය බව සිතෙන කලා එකතින් ම පණ නලා නො තිබෙයි.

අර්ථියඃ අප්රා ණි වූ ‍ තොප, මගෙ දුක දැක මෙ සේ හඬද්දී, එක පණ මෙන් සිට නො කබවා, (පස්) කම් සැප විඳ මට වියෝග ගින්න දී මගේ බිරිඳ දරුවන් හා මා අත් හැර පැන ගිය බව සිතෙන විට, ඒකාන්තයෙන් මගේ ජීව හුස්ම නැත වේ.

100 සිය බස් මල් දම

විස්තරඃ සතතින් . නිරතුරු, නො කඩවා. මේ තත්සම පදයකි. එකතින්. සකු එකාන්ත ශබ්දයෙන් හින්න යි. ‘තොපි මගෙ දුක දැකලා’ යන තැන ‍තොපි යනු වැරදි ය. එය අනුක්ත ව තොප විය යුතු.

139. නි ල් දිගු සිනිඳු කෙසා, සෙව’ලැති බිඟු පෙල සුනිල වසා ලොල් වන නිලිපුලැසි සරණන මුව රද දසන රැ සා දු ල් වැළු කුල සරසා, තනහස, රළ සළු පටිනි වසා වි ල් කත මෙවන නිසා, සිටි ‍තොපි ම සුතඹු නුදුටු දැ සා

අන්වයඃ සෙවල නිල් දිගු සිනිදු කෙසා ඇති, බිඟු පෙළ සුනිල වසා ලොල් වන නිල් උපුල් ඇසා, සර ආනන, මුවරඳ දසන රැසා දුල් වැලි සරසා උකුල, තන හස, රළ සළු පයිනි වසා, මෙවන නිසා සිටි විල්කත, තොපි ම සුතඹු ඇසා නු දුටු ද?

අර්ථනයඃ දිය සෙවෙල් නැමති නිල් දිඟු, සිනිඳු කෙසින්ද, මී මැසි සමූහයා නමැති තද නිල් වසා රොදින් ද, සිත් ‍ලොබ කරවන නිල් මහනෙල් නමැති ඇසින් ද, නෙළුම් මල් නමැති මුහුණින්ද, මල් රේණු නමැති දත් පෙළින් ද බබළන වැලි තලා නමැති උකුළෙන් ද, යුතු ව හංස යින් නමැති පියවුරු දිය රළ නමැති සළු පටින් වසා මේ වනය ඇසුරු කර සිටින කාන්තාවෙනි, තොපි මගේ බිරිඳ හා දරුවන් නො දුටුවහු ද?

විස්තරඃ මෙ වන නිසා මේ වනය ඇසුරු කර, සමීප ව. සැවැත් නුවර නිසා ජේතවනාරාමයෙහි වැඩ, ඈ යෙදුම් සමාන ය මේ යෙදුම

140. මෙ වෙනෙහි විසූ නිතිනේ, බලකර තද තෙද නෙදෙවිය නේ වියො දුක් ගිනි කදිනේ මට වන් හදවත දයි තදි නේ නිදි මත නැත එයිනේ, ටිකකුත්, බඩගිනි මට නොදැ නේ නොකිහැකි තද දුකිනේ, මගෙ දිවි නොරැකෙයි අද මෙයිනේ

අන්වයඃ මේ වෙනෙහි නිතර වාසය කළා වූ බලවත්, තද තේජසින් යුත් නොයෙකුත් දෙවියනි, මට ඇති වී


සිය බස් මල් දම 101

තිබෙන වියෝග දුක නමැති ගිනි කඳ නිසා හෘදය වස්තුව තදින් දැවේ. එ හෙයින් මට නිදි මත නැත. මඳක් වත් බඩගිනි නො දැනෙයි. මෙ සේ කිව නො හැකි තරම් තද දුක නිසා මගේ ජීවිතය නො පවතියි.

විස්තරඃ මෙ කවෙහි බස ඉතා ග්රා ම්යෙ බව පෙනේ.

141. උර පිය පලු සමඟා, පුල් මල්, වැද එන මඳ සුළ ඟා ගොර ගිනි සිළුසෙ ඇඟා, වැද දයි, සඳ ගිම දුනින ර ඟා මයු’රඬ ඇත විහඟා, නද වනි, දෙකනට යවුල් ර ඟා මගෙ අඹු දරු, නො ලඟා, විය ඉන් මට වනි මෙ දුක් සු ඟා

අන්වයඃ උර පිය පලු සමගා පුල් මල් වැද එන මඳ සුළඟා, ගොර ගිනි සිළු සෙ ඇඟා වැද දයි. සඳ නරඟා ගිම දුනි. මියුරු අඩ ඇති විහඟා නද දෙ කණට යවුල් රඟා වනි. මගෙ අඹු දරු ළඟා නො වීය. ඉන් මට මෙ දුක් සුඟා විය.

අර්ථඅයඃ හදවතට ප්රි ය වූ, කොළ පිපිණු මල් ආදිය හා ගැටී එන මන්ද මාරුතය කුරිරු ගිනි දලු මෙන් සිරුරෙහි විදී දවයි. චන්ද්රියා නිසා අනංගයා හෙවත් කාමුක හැඟීම් පිළිබඳ ග්රී්ස්මය ඇති විය. මිහිරි හඬින් යුත් කුරුල් ලන්ගේ නාදය කන් දෙකට උල් අනින්නාක් වැන්න. මගේ බිරිඳ හා දරුවන් මගෙන් වෙන් වූයෙන් මට මේ සා දුක් ඇති විය.

විස්තරඃ නරඟා ගිම. නරඟ යනු අනංගයා ය. කාව්යර ශේඛරයෙහි ද, මෙය

නරඟ බිම් පසු කොට - පසු ව ද පැමිණි සොළොස් වසර ට’ යනුවෙන් දැක් වේ.

මේ කවෙහි එන විලාප වැනුම, කුවේණි අස්නෙහි

“සුපුන් සඳ උදය’ගින් දිලි යවට සේ පෙනේ හමන මඳ නල සඳුන් සිහිල් ගිනිසේ දැනේ සුවඳ මල් පෙති අතුළ යහන කටු සේ දැනේ මෙ සඳ මෙ වියෝ දුකින් කෙ ලෙස වැවෙමි අනේ” හා 102 සිය බස් මල් දම

අලගියවන්නයන්ගේ කුසජාතකයෙහි

“ සිහිල් සොමි තරිඳු රිවි මෙන් දිසේ යා කොවුල් නද ඇසෙයි යකු හඬ ලෙසේ යා ලකල් පබ‍ාවති සහ නොමවැසේ යා මෙකල් මෙ මා සිතු නළවමි කෙ සේ යා”

යන වැනුම් හා සමාන ය.

142. සී ර ද මෙ බඳු වන සෝ දුක් තෙපලමි න බෝලෙද මහ හිමය මැද ඇවිද තැන තැ න කෑ ම ද නො ලැ‍බ සිය ගත දුබලව ගොසි න ඒ ල ඳ නිසා පිටිසර ගමකට පැමි න

අන්වයඃ සී රද මෙ බඳු වන සෝ දුක් තෙපලමින, මහ හිමය මැද තැන තැන බෝ ලෙද ඇවිද, කෑම ද නො ලැබ, සිය ගත දු බල ව ගොසින, ඒ ළඳ නිසා පිටිසර ගමකට පැමිණ. අර්ථණයඃ සිංහ රාජයා මෙසේ තාමාට වූ වියෝග ශෝකයෙන් නැඟුණ දුක ගැන කියමින්, මහ වනය මැද තැනින් තැන බොහෝ සේ ඇවිද, ආහාර ද නොලබා, ශරීරය ද වැහැරී ගොස්, ඒ කාන්තාව සොයමින් එක් ගමකට පැමිණියේ ය. විස්තරඃ වන සෝ දුක්. මෙහි වන යනු විරහ, වියෝග, ප්රේ ම යන අරුත්හි වැටේ. හංස සන්දේශයෙහි ද “ලොලව වන දනන් ලේ බීමෙන් නො ම ඳ රතුව ගියේදෝ සත සැක කරන ල ද” යන තැන්හි ත් මේ වචනය මෙ සේ යෙදී ඇත. 143. සි ටි ස ඳ එ ගම් වැසියෙක් දැක එ සී ර ද බි ය වැ ද සිතට එ බිසව තතු පැවසි සෙ ද ම න න ද වෙමිනෙ’විට ඔහු හැර ගොස් නො ම ද සි රි ල ද එ පුර වට සැදි ගම්වලට වැ ද

අන්වයඃ එ ගම් වැසියෙක් එ සී රද දැක සිටි සඳ, සිතට බිය වැද, සෙද එ බිසව තතු පැවසි. එ විට මනනඳ වෙමින් ඔහු හැර ගොස්, නො මඳ සිරි ලද එ පුර වට සැදි ගම් වලට වැද. අර්ථයඃ ගම් වැසියෙක් ඒ සිංහ රාජයා දැක බිය පත් ව වහා ම ඒ බිසව‍ෙග් තොරතුරු ඔහුට කීවේ ය. එයින් සතුටට පත් සිය බස් මල් දම 103

සිංහයා ඔහු අත හැර ඒ නගරය අවට වූ බොහෝ සැප- තින් පිරුණු ගම් වලට වැදී. 144. සෙ න හඬ සිය ගණන් එක විට ගසන මෙ න පැ න පැන ගැනින් තැන ගොස් නද කරණ දි න ද න ගන කන් පැලී ලෙහෙනු’තුරා ගොසි න තැ න තැන මළ හ ඒ ඒ ගම්වල නොමි න

අන්වයඃ සු ගම යි. අර්ථයඃ එක විට සෙණ හඬ සිය ගණනක් ගසන්නාක් මෙන් තැනින් තැන පනිමින් සිංහයා නාද කරන විට ඒ ඒ ගම් වල බොහෝ ජනයා කන් පැලී ලේ උතුරා යාමෙන් මිය ගියහ. විස්තරඃ ලෙහෙනුතුරා. මේ ලෙහෙ උතුරා විය යුතු. 145. ප ටු න ගම් නියම් ගම් එ දනව් වල ට වැ ටු නු සෙනෙ’ව් බහු වැදැ ලොව නසන වි ට ගැ ටු නු දනෝ එකතුව ගොස් එ නුවර ට සි ටි නු බැරිය මහ කොළහළ කල ට

අන්වයඃ පටුනු ගම්, නියම් ගම්, එ දනට වලට වැටුණු සෙන එව් ඔහු වැදැ ලොව නසන විට, ගැටුණු දනන් එකතු ව එ නුවරට ගොස් සිටිනු බැරිය යි මහ කොලහල කළ කලට. අර්ථයඃ මුහුදු බඩ ගම්, නගර බද ගම් හා ජන පද වලට වැටුණා වූ හෙණයක් මෙන් සිංහයා පැන රට විනාස කරන විට කැළඹීමට පත් ජනයා එහි ප්රනධාන නගරයට ගොස් විසීමට පිළිවලක් නැතැ යි කැලඹීම ඇති කළ විට.

විස්තරඃ ගැටුණුඃ කැලඹුණු යන අරුත් ඇත. සකු-ඝටින ශබ්දයි. දනෝඃ යනු වියරණ දොසකි. එය දනන් යනු විය යුතු.

146. යු ග ඳු රු මුදුන බබලන සරකර අයු ර පි වි තු ‍රැ තෙදින් හැම දන තඹර නද ක ර වි සි තු රු සිහිසුනෙහි වැඩ හිඳ ගෙන පව ර බු වි සු රු තුමා මෙ ලෙසින් ඇසිය පෙම ක ර අන්වයඃ සු ගම යි. අර්ථයඃ යුගන්ධර පර්වතය මුදුනෙහි බබළන්නා වූ සූය්ය්යුටයා මෙන්, නො කැලැල් තේජසින් සියලු ජනයා නමැති නෙළුම් මල් සතුටු කරවමින්, අලංකාර සිංහාසනයෙහි වැඩ හිඳ, උතුම් රජ තුමා ආදරයෙන් මෙ සේ ඇසී ය. 104 සිය බස් මල් දම

විස්තරඃ බුවිසුරුඃ බු+ඉසුරු සකු. භුවෙන්ෂ්වර ශබ්ද යි. සර කරඃ සර හෙවත් නෙළුම් මල් පුබුදු කරවන හෙයින් සුය්ය්නෙ ය සර කර නමි. 147. ග ම ගම වැසි දනෝ මෙ පුරට ඇවිත් සෙ ද නි ම නො ව හඬා වැලපීමෙන් දුකින් ත ද කි ම කොලහල කළේ මගේ කිසි ‍දොසකට ද ම ම එ ම අසමි ඇති සැටි කියව කී ස ඳ

අන්වයඃ සු ගම යි. අර්ථයඃ “ ඒ ඒ ගම්වල ජනයා මේ නුවරට වහා ඇවිත්, බොහෝ සේ හඬා වැලපී තද දුකින් යුතු ව මහත් කැළඹීම් ඇති කරන ලද්දේ මාගේ කිසියම් වරදක් නිසා ද? ඇති සැටි මට විස්තර කරව්. මම එය ඇසීමට කැමැත්තෙමි” යි රජ තුමා කී විට. 148. හි මි ස ඳ නුඹ දොසෙක් කිසි කලෙක වත් කො ද මි ග ර ද තුමෙක් හිමයෙන් අවුදින් මෙ ස ඳ ත ද න ද කර අප අටවල සත් නොම ද එ ක ලෙ ද වැනසූ බව බැරි කියනු මහ ර ද

අන්වයඃ හිමි සඳ , කිසි කලක වත් නුඹ දොසක් කොද? මෙ සඳ මිග රද තුමකු හිමියෙන් අවුදින් තද නද කර මෙ අප රටවල නො මඳ සත් එක ලෙද වැනසූ බව මහ රද, කියනු බැරි. අර්ථයඃ ස්වාමීනි, කිසි ම කලෙක ඔබගෙන් අපට කිසි දොසක් නො වීය. දැන් සිංහ රාජයකු කැලයෙන් අවුත් මහා නද කරමින්, අපගේ මේ ගම් පෙදෙස්හි බොහෝ සත්වයින් සම්පූර්ණයෙන් විනාශ කළ අයුරු විස්තර කිරීම අපහසු ය. විස්තරඃ මෙ අප රටවලඃ මින් අදහස් වන්නේ අපගේ ගම් පෙදෙස්හි යනු ය. කියනු බැරි. කීම දුක් සහගත ය. 149. අ ප දෙ ගු රු න් අප මයිලන් මුතුන් හු ද අ ප අ ඹු ව න් අප දරුවන් සොහොයුරු ද අ ප මි තු ර න් වැඩකරුවන් හැම දෙන ද නැ සු සැ ටි දැ න් කොයි ලෙසකින් කියනෙමු ද

අන්වයඃ සු ගම යි. අර්ථයඃ අපගේ දෙ මව්පියන්, මාමා වරුන්, ආතාමුතුන්, භාය්යා නනි වන්, දරුවන්, සහෝදර සහෝදරයන්, මිත්රතයන්, වැඩ සිය බස් මල් දම 105

කාරයින් ආදී සියලු දෙන විනාස කරන ලද සැටි දැන් කෙ සේ කිය හැකි ද?

150. අ ප ම ණ ඉසුරු ඇති දද වෙළඳ ගොවි කු ල හැ ම ද න වනසමින් අප ගම අගම් ක ළ වි ද ස න කර නෙරපු බල මහ බල සෙබ ළ දු ටු තැ න මැරිය පෙන්වාලා තමා බ ල

අන්වයඃ අපමණ ඉසුරු ඇති දද, වෙළෙඳ, ගොවි කුල හැම දන වනසමින්, අප ගම් අගම් කළවුන් විදසන කර නෙරපු බල මහ බල සෙබළ, දුටු තැන තමා බල පෙන්වාලා මැරීය. අර්ථයඃ බොහෝ සම්පත් ඇති, බමුණු, වෙළඳ හා ගොවි කුල- යන්හි නොයෙකුත් ජනයා විනාශ කරමින් අපගේ ගම් නැති කළ සතුරන් මුලිනුපුටා පලවා හළ මහත් බලයෙන් යුත් සෙබළෝ දුටු දුටු තැන සිංහයා විසින් ඔහුගේ බලය පෙන්වා මරා දමන ලදහ. විස්තරඃ දද-බමුණෝ දද හෙවත් විජ‍යයෝ වෙති. පළමුවෙන් මව් කුසින් බිහිවීමෙනුත්, දෙ වනු ව පුන නූල කර ලෑමෙනුත් ඔවුහු දෙ වරක් උපන් අය ලෙස සලකනු ලැබෙති. බමුණන් විජ (දද) හෙවත් දෙවරක් උපන් අය වන්නේ එ හෙයිනි. විදසන කරඃ විධවංසනය කර . සමූලඝාතනය කර. අගම් කළ යනු අගම් කළවුන් කියා ගත යුතු ය.