සියබස් ලකර විවරුව-දෙවැනි සග

Wikibooks වෙතින්

දෙ වැනි සග

68. කව් සිරි අරන ‘ත්හු ලකරු ඔහු අද දක්වා විකැපෙත් කෙ ඔවුන සියල් කියත පොහොසත්හු දියේ?

69. ඉතිදු හොත එ වියත් පෙරැ ඇදුරත් කළ වීකප් වහරෙන් එක් දෙක් බිඳක් කියතැත් පවස් මෙ තමා.

70. වත් කියමන්, උවම්, රූපක, දීපක නමුදු ඇවැතුම්, අකෙව් නම් හා පිළි අතතුරුනැසුදු ඇත්.

71. වැතිරෙක, විබහවුන්, සමස්, අතිසය හා නම්, අයළ සිතැවිලි, හේ නම් සියුම්, ලව, පිළිවෙළ නම්;

72. පිය, රසවත්, හිවි පරියා, සමාහිත නම් උදැත්තා නම් පිළිකෙවූ සෙලෙසැත් වෙසෙස් සමයෝ.

73. විරුදත්, නොපත් වැනුම්, වැජ වැනුමුදු නිදසුන් සහ කියමන් පෙරැළුමුදු පිළි ආසී මුසු හැඟුම්;

74. මෙ බස් ලකුණු ලකුළු ලකර මුළු රුවන් රැස් කළ හොත් සිත් ම‍ඳොස්හි සිරිමත් නොවන්නො කවුරු ?