සියබස් ලකර විවරුව-දෙවැනි සග-උවම් කියමන
2. උවම් කියමන
81. කියත එක් පළඟක්
තැනෙක්හි වූ යම් සේ
උවම් නම් යැ; එහි විතර
නියර කියතෙම් හෙ මෙසේ.
දහම් ! උවම
82. “කමලෙවු රතත් තල තී” මෙ වියත් ඇති දහමුවම් දෙ වත්හි ඇති දහම් පළ කොටැ තිදිස්වීමෙන්.
වත් උවම
83. “පියුමෙවු තී වුවන් වී ඉඳුවරෙවු දෙනුවන්” වියත් වත් උවම් මේ පිළි හැඟෙනෙක් දහම් වේ.
පෙරැළුම් උවම
84. “වුවනෙව් තී පුබුදු පියුම් වී යැ” යි යත් ලෙව් පළටත් පෙරැළුමෙන් මේ පෙරැළුම් උවම් නම් වේ.
උනුන් උවම
86. “තී වුවත් කමලක් හා මෙ සුදුසු නො අත් හා” වීයතනුවම් වැළැක්මෙන් නියම් උවමැ වියත් මේ.
අනියම් උවම
87. “තී වුවත් පියුමෙක් වැනි; පිළි අනෙ ‘පළඟ වත් එ උවම් ද වේ වා” මේ වියත ‘නියම් උවමැ යෙත්.
සමුසු උවම
88. “පැහැයෙන් මතු වුවන් සිරි තී සඳ නො අනු වේ සැනැහීමෙනුදු අනු වේ.” වියත් සමුසු උවම් නම්.
අතිසය උවම
89. “තී කෙරෙ වේ වුවන් සිරි තී, නුබෙ සුපුන් සඳ දිටිම් මෙ තෙක් මෙ අතුරු.” වියත ‘ තිසය උවමැ යෙත්.
අයළ සිත් උවම
90. “ම-මෙ කෙරේ ඈ වත් සිරි වී දැපෙන් සඳු හට තො පත් හේ පියුමැ ද ඇත්’, වියත ‘යළ සිතුවම් වේ.
අසිරි අවම
91. “නැගි බැම සසල නෙත් යම් කමලක් වත් හොත් හේ වත් සිරි දෙරේ තී” වියත් අසිරි උවම් නම්.
මොහො උවම
92. “සුපුන් සිසි මඬලැයි මෙ තී වුවනත උපෙයිම්, පිළිපදිමියි එද වතෙවු” වියත් එ මොහො උවමැ යෙත්.
සැක උවම
93. අතුර බමන බමර කමලෙකැ හො සසල නුවන් වුවුනත හො තී ම-මෙනේ ලෙළෙ යත් සැක උවමැ යෙත්.
නිරන උවම
94. “සඳ නිගත් කමලහු කැල්මෝ සඳ නො වෙළපත් වුවුනත මෙ තී මෙ එයින්” වියත නිරන උවම් නම්.
එක් සෙලෙස් උවම
95. “මෙ තී වුවන් සසක් පිළිවක්, සුවඳ සිරිමත් සුපුල් කමලෙවු ලගනේ” වියතෙක් සෙලෙසුවම්, මේ.
පබඳ සෙලෙස් උවම්
96. “කළ හෝ පලු, මුහුලු වරලින් යුත් රුපු නුවර මෙ තා ඇතොරන් හා සෙයැ.” වියත් පබඳ සෙලෙසුවම්.
ගරහ උවම
97. “පියුම් රජ රැස් මුසු සසක් කිස අත් මෙ බෙජෙ මෙ දෙක සෙමෙදිතිරි ති-වත්” වියත් ගරහ උවමැ යෙත්.
පසස් උවම
98. “සිව් වතු ‘පත් කමල සඳිසුරු සිරෙනි දැරූ මෙ දෙක් සෙමෙ තී වත් හා” වියත් පසස් උවම් නම්.
පවස් උවම
99. සඳ සෙමෙ තී-වත් වී කියනු පවසී මා සිත්; හෙ වේ වා ගුණ ‘යුණු හෝ” වියත් කියනු පවසුම්.
විරුදු උවම
100. පුබුදු පියුම් සරා සිසි බිඹු සොමි වුවන් තී මෙ තුන් විරුදොවුනොවුනට වියත් විරුදු උවමැ යෙත්.
පිළිසෙවු උවම
101. “පොහොසත් බවෙක් නැත් සැහැසෙත් තී වුවන් හා, සහ කැඩුම පත් සිසි හට” වියත් පිළි සෙවුවම් නම්.
සෙවු වදන් උවම
102. මියුලැසිනි යුත් තී උවනත සඳ මුව සියෝ ඉති දු හොත නො වෙසෙස් වේ” වියත් මෙ සෙවු වදනුවම්.
තතු කියුම් උවම
103. උවන් මෙ නො පියුම් පිළි නො බමර යුග නුවන් වියතෙක් වැනි විලස්නෙන් තතු කියුමුවම් නම් වේ.
නො සම උවම
104. සඳ කමලෙක් වැනි විලසික්මැ තී මෙ වුවන් අත් මෙ සෙමෙ වී යත් නො අන් සුදුසු උවම් නම්.
අසිරි උවම
105. තැනෙක්හි වූ හැම පියුම් පැහැසර රස් මෙන් වොරජනේ තී වත් යත් නොවූවම් නම් වියත් මෙ.
දුහුදු උවම
106. වස සෙ සඳින් සඳුන් දෙලෙන් හුතැස් වෙන් තී මෙ වත්නි කැකුළු වදන් වියැ යත් දුහුදුවම් නම්.
බුහු උවම
107. සඳුන් දල, සඳ රස් සිසිකත, මරු, කපුරු හර හැලි හෙල්මැලි සිහිල් තී පහසැයි යත් බුහු උවම්.
විකර උවම
108. “කළ වන් සිසි බිඹුනි ගෙනැ උපුළ වත තිවුවන් තඹුරු ගැබැනි තුනුවඟිය” වියත් විකර උවම් යෙත්.
දම් උවම
109. “නුබැ දවසෙවු, දවසැ හිරෙවු හිරිහි රස් එවු සිය වික්ම ත-කෙරේ දිනි සිරි” යත් මල් උවම් නම්.
පබඳ උවම
110. වද පබඳක් සියො වැ වද පබඳරුත් සම වත වද පබඳුවම් නම් වූ හෙ එක් නො එක් එවු සදෑ.
111. සල නෙත් වොරජනා දසන් මෙ රජ වුවන් තී බුමූ බමරුදුල කෙසුරු පුබුදු පියුමෙවු හොබනේ.
112. සර වන් එ තුනුවහ කමල් සෙමේ වුවන්හි බමරෙවු බිබී කෙළෙනෙම් මුව මී මී සුදුසු වූ.
පිළිවත් උවම
113. කියා එක් වත් එක් දහමක්හු දක්වත් හොත් සම බව් පිළිවත්නු වී පිළිවත් උවම්; හෙ මෙසේ.
114. ත සේ නැත’න් රදෙක් උපදනා රදුනතුරේ දෙවනු වැ නැත් මැයි තුරෙක් පරසතු නම් තුරුවරට.
සමයෝ උවම
115. ඉතිරි යමක්හු හා මෙරමා එක් සෙ කම්හි සමයෝ කැරැ පවත්වත් සමයෝ උවම්; හෙ මෙසේ.
116. දෙවිඳු රකි සුර ලෝ; හිමිඳු රකී මුළු පොළෝ, වනසා හෙ අසුර සහස්; හිමි වතසා රුපු සහස්
හේ උවම
117. පැහැයෙන් මහ රජිඳ නිසයුරු, තෙදින් හිරු තෝ, ගැඹුරින් සයුරු වැන්නෙහි; යත් මේ හේ උවම් නම්
සමස් උවම
118. කමල තල; ඉඳුසැව් බැම ලේ; ලතු දල ලවන්; කන කතුරු මිටු කන් පට; කන කැට මිටු සුවට කට;
119. කිසලත; සඳ වුවන්; ඉඳුවර නෙතකුසු ගහන්; විදුරු මැද තුනු; තිසර පියවුරු, කොඳ, වැළ දසන්;
120. කඩ තඹර පා තල; රඹ යුග වටොර; බිඟු රජ වසා; සරා සිසි මෙරජ සිරි පත් සිතා යෝනන්.
121. සසක් වුවන්; මිණි නිල් නෙත්, ලිය කොමළගෑ කියු අරුත එටු සද හළ පිළි මේ සමසුවම් නම්.
122. එ අන් පදරුත් සර උතුරු පද’රුත් සර හා පෙර පද අරුත් සර හා දෙ පද අරුත් සර දු ඇත්.