සියබස් ලකර විවරුව-දෙවැනි සග-වත්කියමන

Wikibooks වෙතින්

1. වත් කියමන

75. පදත් නන් නියරිනි සිටුනා රූ දක්වත්, වත් කියමන් නම් යැ ඒ පිළි දෑ කියුම් හෙ මෙසේ.


දෑ වත් කියමන

76. තුඩින් වක් සුරත් මරා පැහැ කොමළ පියෙන් ගෙලෙන් මොහු තිවණ රජ මියුරු වදන් සුවො සියල්.


පැවැතුම් වත් කියමන

77. කල රැවු ගබ ගෙලෙන් පරැවි පිය සසල නෙතින් පිරිවත්මින’ ඟන තමා සිඹී විසඹ රිසි සියෝ.


සොබා වත් කියමන

78. ලොමු දැහැඟු බදමින් සිතුහි ද නිවුම් කෙරෙමින් පියවම්නි නුවන් යුග ද පියන් පහස් පවතිනේ.


දැව් වත් කියමන

79. නිල් ගෙලෙනත්ලෙ ලූ කබල්ලෙන් සිනිඳු තඹ දෙළෙන් ගවයාන් පළ වී සිසි කඩ කඩා මල්කඩ.

80. දෑ කිරිය ගුණ වත් සතර කියුම් මෙ තියර මුළු ගත්හි ඉසුරු බෙජේ පිළි කව්හි දු පළට වේ.