සිරි රහල් පබඳ-කව් සේකරය iv

Wikibooks වෙතින්

සුවු වන සග[සංස්කරණය]

1 ගජ මද දිය විපුල් තෙමෙමින් වැඩුණු සුහුඹුල් තුඟු තැරගැ පිපි මල් අසල් නුබ තුරු කැලෙව්5 මනකල්

2 ඇක්ම ඇත පැටවුන සුවඳැති නිල් තමලු වන වැදැ කොරවකුන්6 කන මිරිස් ලිය දළු පෙළින් සොබමන

3 සරන සුරඟන කැල ලා රස වැකි සරණ තල සොඳුරු පිළි මිණි තල තඹුරු පිපි සුර ගහෙව් මනකල

4 විලිකුන් දෙළුම් පළ පළමින් තුඩින් පැහැ දුළ කෙළිනෙන් ගිරා පෙළ දැඟුම් දෙව් දුනු සිරින් සුලකළ

5 පළත ගජ කුඹු පිළ නිය පඳුරැලුණු1 මුතු පෙළ දැකැ ලොබිනි සිග රළ විදින වැදි සෙන් සරන ඔළ මොළ

6 මිණි ගිරි බෙයද තැන ගිඟුල් සිරියෙල් අඳුනින නිති සිතියම් කරන පසිදු විදු දර ගණන් වැජැඹෙන

7 දෙව්රද තුරු නො මඳ ගජතුන්2 කොපුල් වන් සඳ වැගිරෙන කිරි සුවඳ රැගෙනැ එන මඳ නෙලෙන් මන නඳ

8 මිණි කුළු සියෙන්3 පත් සිහිලඹ හැලි දහර4 යුත් මද ගජ විලස් ගත්5 ගොවඩමන් ගිර6 දිටි බෝසත්

9 අගරු තිලකින් යුත් මුව මද මුහුළු සිරිමත් බුජ කග ලිය විසින් එ ගිරි රජ රජ විලස් ඇරැගත්

10 එහි පැ කි ලී දුවන හැලි පිපි වි පු ‍ ලි කරඬු මලී තුරු ම ඩ ලී1 සෙවණ බලී වන එ ක ලී කුමරු බැලී

11 ලි ය ගො මු ව න් මලින් සැදී සොඳ සෙ ම රු න් වලින් සැදී සි කි න ළු ව න් පිලින් සැදී දි ටි ත ව සු න්2 සිලින්3 සැදී

12 කනත වතළ දිගු නුවනී මඳ හස ලෙළ රත ලවනී මඳාර මල් යැදි4 සවනී ළඳ5 සිදඹුව දිටි එ වනි

13 ග න ක නා ඊලෙහි කෙළුම් ව න ව නා දෙව් ලිය උතුම් වෙන වෙනා අබරණ දිලුම් මෙන ම නා දෙව් දුනු කැලුම්

14 කෙළනා මුව පොල්ලා හා තොලු දුන් නව පල්ලා හා සුහුඹුල් ගිරිනිල්ලා හා පිලඹළ පිල්වල්ලා හා


15 පිපි මල් සැති පඟුරන බිඟු ගුගුරන රත හෝ පලු පඳුරන දිය කඳුරන ලිය ගි දනු මදුරන ලිය කිඳුරන ඇතිනිය වෙතැ සිඳුරන යන සොඳුරන

16 පැනැ පැනැ යන වඳුරන පල වගුරන ගුමු ගුමු නද බමරන පිපි තඹරන බිය1 කර ගිරි දැදුරන සිටි ගවරන පිය රැවු ලන සියුරන මත මියුරන

17 ලෙළ ගන නිල් පතුරන අතු පතුරන එන නව තඹ වතුරන තුරු වතුරන වෙතැ වනැ පස මිතුරන වන මිතුරන රැඳි තවසර2 මතුරන නිති මතුරන

18 පැලැඹෙන මොළවලඟන සහ වලඟන දැකැ ගිරි හිසැ සරගන තුටු සරඟන විලවුන් මද මතගන කළ මතගන තවසුන් පල ලමඟන වැදැ ලමඟන

19 සබරන දිය සැවුලන වන සැවුලන අඹ දොඹ තුරු අවුලන නො වැ3 අවුලන ‍මනහර දනු කොවුලන4 මතැ කොවුලන සුරඟන මිණි මෙවුලන ගිරි මෙවුලන

20 මලිතිය බොන මීමන පුප් මීවන පිපි තුඟු වන මීවන වන5 මීවන හඟිනුදුරන මීවන බිල මීවන රන6 සුනු වැනි7 මීවන බිල මීවන


21 මො ර සි ය ඹ ර ස ලි ය සලිමලි ය ක ර ක ළු හ ර බෙලි ය පලු දෙලි ය සො ර ස ම ද ර ත ලී ය කොබළලී ය ව ර එ කු ම ර බැ ලී ය සිතු ඇලී ය

22 දිව ඉසිවර පැලැඹෙන තව බිම් හා සුර සිදු කිඳුරහනන් රඟ බිම් හා තුන් මද ගල වලැතුන් පොර බිම් හා ඔල මොළ සි බළ සැතැපෙන බිම් හා

23 තමලු වරලස නිලුපුලුන් නෙත් සුරත් බිඹු වැළ1 ලවනතේ තඹර වත කොඳ දසන් මඳ නල සුසුම් තඹ පලු කොමළතේ තිසර පියොවුරු2 බිඟු වසා රොද කනා රඹ වටොරින් යුතේ මත කොවුල් සර පිය තෙපුල් දෙන එ වන දිටි3 වන් දිගුනෙතේ

24 අඳිමින් රිටි සුඹුළන් ඉසැ බඳිමින් පිල් මියුරූ යොදමින් තර සරසුන් අගැ මොනරුන් කර සොඳුරූ හිඟුලින්4 ඇඳි තිලකින් රැඳි නළලින් හෙබි සබරූ බලමින් තිළි ගිජිඳුන් මුතු ලබමින් දුන් පඬුරූ

25 ව න ප ස කුසුම් රොනවල5 සිලිල කෙළවරේ ර න හ ස කෙළන මියුරස බී තඹරතුරේ සි හි ල ස ගෙනෙන නල විඳැ වැදැ6 සරින් සරේ ස ර ත ස7 මුදා පසු කෙළෙ හිමි ගොපලු ගිරේ



පස් වන සග[සංස්කරණය]

1 එඑක් පුරුකින් මුත් මුතු යෙන් දෙරණ පිලිමුත් ඉරිවේ රියෙන් යුත් කසා ඉඟුරබ1 ලූනු පැළ පත්

2 විලසින් තන විලසි දෙසියෙන් ලකළ නොමැලැසි ලප් නාරඟින්3 නිසි ගැවැසි නාරං දොඩම් තුරු රැසි

3 වැලැඳි තුරු දෝතලු බුලත් ලිය මෙන් සිත්කලු සලමඟ ලියෙලවලු යොනිඳි මිදි වැල් සමඩු සෙවණලු

4 සුහුඹුල් අල කෙසෙල් අඹ දොඹ4 පනා පොල් තල් වම්බටු බටු විපුල් කොමඬු තුඹ තියඹරා ලබු වැල්

5 උඳු මුං තල කලත් විසිතුරු නොයෙක් වතු පෙත් ගම් බිම් රට මහත් බලා කුරිඳු නො මඳ තොස පත්


6 ගසමින් කාල් වැටි තැවැරූ ඇඟැ කසා මැටි5 ගම් වැසි ලියන් සැටි බැලී මහ සත් මඟැ යමින් සිටි6


7 කිර බර නෑඹි පෙළ කුරදන මහත් ගොන් රළ කෙළනා තෙලුන් මොළ බලා ගොපලුන් කරන1 මත්වළ

8 සුවඳ මුවරඳවල් වෙල සිලිල නලුපුල පුල් ඉඹිනුව නැමුණු තුල් පැසුණු රන් වන් කරල් මන කල්

9 පියුමැල් ගිරා හැල් මොනර කලමඩු2 රත් හැල් සැට දා සුවඳ හැල් බලා නික්මිණි කුමරු පැහැ දුල්

10 මෙනේරිය කඩලත් යව ගෝදුම තුවරත් උළුවා අමු තනත් දිටී අස් වැදැ සිටින3 කෙත් වත්

11 ඇල් ගෙවි4 ලියන් ළද ලිය ගි දනු අසා විඳ නො කන ඇල් කෙත් වැද නිසොල්මන් මුව කැලන් දිටි සොඳ

12 දිය කෙළනා නිබඳ මාලව5 ළඳුන් මනනඳ පියොවුරු6 සඳුන් වැද සුසු වැ බැබැළි7 ගසන රළ කඳ


13 විසිතුරු වැලි1 නො මඳ තිසර විලිකුළු දෙන නද මලිනවල පිය ගඳ සිපා ගහ දිටි2 කුමරු දියබඳ

14 හෙල්මැලි ඇඹුලුපුල පියුම් මුවරඳ බඳ ලොල ඇඳුරු කළ මිහිලොල නදින් නිරතුරු එ ගඟ කොලහල

15 පහර දී ගජ කැල3 විසුරුණු මැණික් වැලි තල එ ගඟ වර මනකල නිතඹ මිණි මෙවුල වැනි පැහැ දුල

16 නිලුපුල් වෙනෙහි බැස පැලැඹෙත පාහැය එක ලෙස එහි විල් ළිහිණි රැස වෙනස නො දැනේ අඪන්නේන් මිස

17 හෙළ නෙළුඹු සේ සත් වැලුක් මල් සෙමෙරින් යුත් පුලින පියවිළි4 පත් එ ගඟ රජ හසන මැ යි සිරි ලත්

18 නැති වරද සැක කැර5 වන දෙව් ලියන් හිමි6 හැර සැඟවී සිටි දෙ තෙර තමලු ලිය ගොමු පෙළින් මන හර


19 එ ගඟ වෙතැ ලකළා තුරු ලිය මලින් තරළා මුවරඳිනි වගළා වැන්නැ නව තඹ වතුරු පතළා

20 පහසින් යුතු සිහිල් විමල් පැහැ‍යෙන් නෙත් කල් ඇති සුවඳ මහනෙල් මියුරු රසයෙන් දිවට මනකල්

21 රන හස දනු නහන ඇසුවන් සවන් පිනවන මෙයින් මන් රිසියෙන එ ගඟ දැකැ දැකැ1 කුමට සැප වෙන

22 පුබුදු වන එ විගස මහනෙල් රත් පියුම් රැස සුවඳ විඳවී දැ තොස එ ගඟිනෙතර වැ කුමරු නො වැ ලස

23 පිරිසුදු2 එ ගං තෙර බැසැ යුවළත විමල් කැර කැරැ සිහිලඹ අහර නොළුඹු දැලි රසය විඳැ මනහර

24 පිරිමැදැ කුමුදු කැල ලැබැ දීය තරඟ මඳ නල ගෙනැ පුල් රත කමල ගඟින් ගොඩ නැඟි කුමරු පැහැදුල


25 සිහිලස පොකුරු කුරු නොළුම්පත තුට පිවිතුරු නිල් මිනි තල සොඳුරු මඳක් සැතැපී කැර1 විඩා දුරු

26 නුබ තරු පිල් සඳැස් ගෙ උයන් පියා යුග පස් ‍ගල වේ ගොපුර සිස්2 සුසැදි පහ පෙළ මියුරු නළ ලෙස්

27 සැපත පිරි සියලා සතගින් නුමුතු විපුලා නුවරට තක්සලා එ බෝසත් වනි ගොසින් නො වලා

28 පිළි පිළවලැ නුදුරු ඉඳැගෙනැ ලෙසින් රනකුරු පිරුවන නිති අකුරු බමුණු පැටියන් විසින් විසිතුරු

29 පැන පිළිවිස කියන බමුණු සගයන් ගැවැසෙන මහලු විය සිටියන උගත් විදු තන්3 සුවෙන් සැතපෙන

30 උසුරුවන ඇම කල ඉරු වේ නදින් මන කල කියමින් දෙ තුන් යල දරන යදු වේ ගොසින් කොලහල


31 සාම ගී ළ මුවා යා නි සිටින ගෙ මුවා පෙදෙන් පෙද යොමුවා කියන තරවන් නතුරු සෙ මුවා1

32 හික් සඳස සඳ හළ නිරුත් කප් දෝ සතසළ තකු වියරණ පුවළ උගතුවන් රැදි ගදෙව් දම් පෙළ

33 දෙමිනිසි වර සතර ගැට පද දැනුම් තත්පර වෙදත් සත2 සිකදර දහන් සැපයෙන්3 රඳන තවසර

34 නෑය වෙසේසික ඉතිහස පොරණ දේසක4 සකු ඈ බස නිසැක5 මහත්6 වියතුන් සෙවුන නායක

35 පස්රෑ ඉසුරු මත සපණ7 සකි මත8 ගුරු සත දනු9 වේ අරතු සත අගම් වෙද සිප් යම නියමවත10

36 සිහි ඇති වැ මැ අසන කී දේ යුහු වැ දැනැ ගෙන සිතින් තතු විමසන මෙ බව සරි දැ යි කියා දන්වන11


37 වනපොත් කරන නිති පිළිවිසින තැන් සැක ඇති නිරණරුතැ1 දනුමැති උතුරු පිළිතුරු බසින් ඉඩ නැති

38 සරණ2 රුත් වියකන සරි නොසරි බව ‍ තෙපලන3 සත් කව් නළු බඳින4 නොයෙක් අතැවැසි දනා පැලැඹෙන

39 සපුරිස්5 රුවන් රැස් සපිරුනු සුමුඟු එක ලෙස් විදු ලිය මඬු විලස් ගුරුන් සරසවි මඬුව දිටි ගොස්

40 කසුනෙන් කරන ලද සුදතුළ එහි අසුන් මැද6 පියුමාසනය බැඳ උදා ගුරු7 මෙන් තෙවුණ වැඩැ හිඳ

41 එ දහන්8 හු බැඳී කස මල් සමන් පැළැදී හෙළ සඳනෙන් සැඳී එකස් කළ තුරු පටින් වොරැඳී9

42 මුව සඳු ගෙන් මුළුලු මෙරජෙව් නිකුත් දැළි වලු එ ගුරුන් වැඩි මහලු ගොසින් දුටුයේ10 කුමරු සිත්කලු


43 පියැලි බඳ දහසින් පා මුලැ තිබා සතොසින්1 අදර බැති වෙසෙසින් එ ගුරු සරණත නැමැඳි2 සිරසින්3

44 ඔවුන් ආ කටයුතු පිළිවිසැ අඳුරු දැනැ තතු ඇති වන4 ලෙසට මතු පටන් ගැන්වී අකුරු බෝසතු

45 එ දවස පටන් කොට5 ඔහු ගෙයි පළමු නැඟි සිට මිසක් කී තැනකට නො යේ නො සිටී නො රිසි6 ලෙසකට

46 අත් පා මෙහෙවරන් දවසැරැ ගුරුන් හසරින් දුන් උන් අවසරන් පසු වැ සැතැපේ ඇමට7 අදරින්

47 ගුරු දරු නෑ සියන් යළි දූ ඔහු විස්වැසියන් පළමු අතවැසියන් හැඳැනැ අනදර නො කැරැ8 කසි යන්

48 ගුරු සිත නො රිදවා වේලාව නො වරදවා බැති පෙම් උපදවා අකුරු උගනී කුමරු9 සොඳවා


49 කෙළෙහි ගුණ දන්නා කී දෙය යුහු වැ ගන්නා1 නුවණැති වැ ඉන්නා කුමරු ලත් දෙය2 ගුරුට පෙන්නා

50 කා විසි සිතින් නැති වැඩ කැමැති වැ වෙනස් නැති ගුරු සිත් ලොසැ පැවැති කුමරු සව් සත ගෙවා3 දැනැගති

51 පැහැයෙන් සුවඳිනුදු මොහොරන සපු කැකුළ බඳු රුවින් ගුණ නැණිනුදු වැඩිණි මහ සත් වෙමින් පරසිදු

52 සිවු වේ විදු දසට සව් සිප් කලා සිවු සැට සත් ආගම ඇමට ඉතා නැපුණ යැ කුමරු කීමට

53 පෙ‍ණහෙල්ලෙන් ඇවුළු පහනෙව් වතුන් අලු කළු ගුරුනුදු නො මැ හසළු කුමරු සත දැනැ යසින් සුලකුළු


54 ම හ ත් මා ඒ ගුරුන් ගේ පා පියුම් යුග දී මුදුනතා ම හ ත් බැතියෙන් සිටත් ගෙවැ වැඳැ ඇවිදැ ඇතුළත කැර අතා ඇ තොත් වරදක් මෙ තෙක් කල් හිඳැ කමා4 කරව යි කැරැ කතා ගෙ න ත් අවසර නෙතත් කඳළාලියෙන් පුරා බැසැ මහ වතා


55 සෙ මෙ න් සිටැ ගොස් තමා පුරවර දෙ මාපිය දුටු සඳැ එදා නු ව න් කඳුළින් නො දතුවෝ සිපි සිහි කළෝ සිහිනිල්1 බදා පහන් නෑ යිය මිතුරු සත් ඇම

                                         කිරණවේව පත් පුන්                                 සදා

ත ම න් දද ගොත්2 පිහිට ලදුව යි සිතූ පහළ වැ හිමි සඳ

සවන සග[සංස්කරණය]

1 නුබ මෙන් තුරු පෙළිනි මොනරෙව් සඳැස් පිල්නෙනි3 තුරු මෙන් පලු මලිනි කුමරු පළ වී යොවුන් ලකුණිනි

2 මහ බෝසත් සඳා ගහන් තුඟු යටියැ බදා බැම පය මනනඳ කවර‍ නෙත් ළිහිණි‍යන් නො බඳා

3 කුලුණු තරහින් යුත් සවනත වතළ පැහැ පත් පුළුල් නිල් යුග නෙත් රුසිරු ගඟ පුල්4 උපුල් සිරි ගත්

4 දසනග කෙසුරු5 රැඳි ලවනත් පත් පෙළින් සැදි ගහනත් කෙමි වොරැඳි6 එ හිමි වුවනත තඹර සිරි ලදි

5 යොවුන් සිරි සිරි සඳ දැවැටී සිඹින සඳැ සෙඳ වැකි නුවනඳුන් බඳ කොපොල1 තල ඔහු පෙනිණි දැළි රොද

6 පැන කුලුණු කිරහන බඳනා රනලු විලසින ඔහු යුවළත සොබන කවර කිවියර වනා වෙසෙසින?

7 පියුමතැ2 උන් දුකින සිරියට’වසර මෙන් දෙන ඔහු උර තල සොබන වතළ රන් ගල් අතළ3 විලසින

8 වියොවග මන රගා මද මත් යොවුන් සණ ගා තුනී කළ සසගා4 මිටන් ගත හැකි සිහින් වලහා

9 තම ගහනත සුබා පැරැයු වටොර මහබා සහළා වන රඹා ගජහු වෙරිනෙව්5 බිඳිති නරඹා

10 මුව මුවෙනි දුක් පත් පවනින් නිබද සල පත් ළ තඹ හෝ පලු පත් උ පා ඇසිරූ කෙළෙව් සිරිමත්

11 සොඳ දිගැසියන් ඇස් අඳනා1 රස අඳුන් ලෙස් දැකැ ඔහු යොවුන් වෙස් එ කලැ පිය වූ බමුණු සහ තොස්

12 සව් සිරි පිරි නදුන් කුලයෙන් දදුන් පසිදුන් දෙන ලෙසැ දූ ළඳුන් නියම කැරැවි යවා සබඳුන්

13 එ ළඳ බප ඉක්බිති සත් වන තැනැ ගහන් නැති මො‍ෙහාතැ සඳු බල ඇති විවා මඟුලට සෙද පටන් ගති

14 මුවලඹ රඹ දිමුත් රන් කළස පොල් මල් යුත් රන් දද තොරණ පෙත් රුවන් වැල්ලෙන් සැදු මහ වත්

15 මුතු වියනින් මහරු නව මල් සියෙන් විසිතුරු රන් කළ සපිවිතුරු සුසැදු2 රන් පාලිකා පිවිතුරු

16 අසේනිය මලවල අතුටැ පට පිළි පිලිවල මිණි පහණින් උදුල සුරන් විමනෙව් සැදි මඟුල්3 ගල


17 යෙහෙළිය අවුත් සිට ගා සිරසැ තෙල් මුරුවට සිහිල් පැන් වත්කොට එළඳ නැහැවු සුපිරිසුදු කොට

18 වඩවන දනන් අටි එළඳ සුදු සළු ඇඳැ සිටි කිරි සිඳු රළ දැවටි රැපැයි සිරි කත පහළ වන සැටි

19 දුම් දි තුවරලා මල් බර නැමුණු සුනිලා එ ළඳ දිගු වරලා බැඳැපු ඊ තණ මිප් දමලා

20 නිලඳුන් ගෑ ඇගේ දිගුනෙත් කැලුම් තරගේ සරය මල්සරු ගේ හලාහල විස පෙවූ ල‍ාගේ

21 කොපොලැ පිළිබිඹු පත් දියුණු වැ පෙනෙන පැහැපත් රන් තෝඩු සවනත් මදන රිය සක් සතර සිරි ගත්

22 රුවන් හර මනනඳ පියොවුරු1 යුවළ පියබඳ වට පට හුයින් බඳ බිසෙව් මිණි කළ වැනි මුවරදද


23 වෙරළු මිණි රසඹුස් ඉසිනෙව් වටොර රඹ ගස් මෙවුල් දම එ විලස් ලකළ කෙළෙ ලෙළ පුළුලුකුළු දෙස්

24 අලතා වැකි අලුත් එ පමා පතුල් යුග රත් නව රිවි කිරණ පත් විලස පෑයේ1 සුපුල් සියපත්

25 අනත කැරැ සමරූ හූ වන පටින් ඇඹරූ දපා බැඳි මතුරූ එ ළඳ අතැ කවුතුකය ඇඳරූ

26 තම දුව එ දද විරු සරහා2 මෙ සේ අනතුරු පවර වර එන තුරු බලා සිටියේ ‍සෙබෙහි විසිතුරු

27 සිරස මල්දම සැදි සවනත මිනි කොඩොල රැදි ගෙලෙ රන් මිණි පැළැදි වමතැ මන හර බදර මිණි බැඳි

28 නුවනැ නිලඳුන් ඇඳි පිවිතුරු උතුරු සළු සැදි මිණි දපණින් වොරැඳි බලා පිළිබිඹු නුවන් පල විදි


29 තුනු සිරිනි1 දිය වැඩ දඬු වැට පහන් පැහැ මැඩ විලසින් කුමුම්කඩ මයිල් දදවර මඟුල් හලැ2 වැඩ

30 පැනැවූ අස්නැ හිඳ රන් තලි ගි තෙල් මී බද දුහුල් යුග මනනඳ එ හිමි පිළිගත් දුන් මයිල් දද

31 හැඳි සුවිමල් දුහුල් සැපැමිණි එ හිමි වෙතැ කල් දැකැ රුසිරු මනකල් සියල් ගත් නෙත් වනුව වි ලොල්

32 මුතු වන් නියෙනුදුල දිගැඟිලි කොමළ රතුපුල හිමි සඳ එ මනකල මයිල් දද දුන් රැගත් කර තල

33 ළඳ බොළඳ එ බැමිණි රතතැ ඩා දිය සෙලැවිණි හිමි පළඹත ගිහිණි පැමිනි ලොමුදහ‍3නුරා සරි විණි

34 පැදකුණු වන පැසුළු විලසින් ලෙළ හුතුස් සිළු රුව හිමිනඹු යහළු4 බලා සලනෙව් සිරස සුලකුළු


35 පවනින් ලියෙන් සොඳ මල් වන් සැලෙන පලු මැද ගුරු නියොවින් එ ළඳ විලඳ ගෙනැ ලූ දිලෙන ගිනි මැද

36 සඳවත වතින් වර ඉන් නැඟි දුමන් ගත් වර පුල් සියපත් අතර බමර පෙළ වැනි බමන මන හර

37 මෙ ඈ විදි වූ ලෙද විවා පවා දුන් සඳ ලිය ගී සද සබඳ බලා වරඟන රැඟුම් හිමි සඳ

38 සැනැහිමෙන් විමල් දුම් සුවද දුන් කළුවැල් ඇතුළත නිල් වරල් බැහු නව මල් දමින් මන කල්

39 කපුරු බුලතින් රත් ලවනත වතළ1 පැහැ පත් පියුම්රා මිණි වත් දසන් අග මඳ හසින් සිත් ගත්

40 කස්තුරු කොපොල් පත් කනුපුල්2 සුසැදි සිරිමත් කොකුමෙන් තිලක ලත් සඳුන් විලවුන් සිහිල් තුනු යුත්


41 අන්1 තුලුලින් පෙනෙන රන් ටැම් අයුරු වටොරින ලකළ මිණි බරණින එ ළඳ සමගින් එ හිමි බැබැළෙන

42 හළ කවුළුවෙන් පත් මඳ මඳ2 පවන් සඳකත් නිල් මිණි බිම දිමුත් සඳුන් කස්තුරු3 තොයින් කළ තෙත්

43 මී කපුරු දුම් රැදි උරුලෑ තෙල් පහන් සැදි4 වැහෙන පිනි දිය බිඳි මලෝලඹු දුන් සෙල් වියන් බැඳි

44 සිරි බර මතු මහල ඇතුළ මහනෙල් පෙති කැල අමු කපුරු සුනු දුල පැමිණැ පුස් ඔත් තිළි යහන් තල

45 යහනින් ඇකට ගෙන පුළුලුරට ගත්5 ඇකයෙන ගැන්නුම් පට පිලෙන තර වැ ගත් කර තඹර යුවළෙන

46 ඩා දිය බිඳු විපුල් විළියෙන් පියු නෙතුපුල් තුනුවඟ මුව කමල් නො හැරැ සිඹැ රත ලවන මනකල්


47 සියුමැලි1 ගත කොමළ වදිනෙව් විරඟ ඇඟැ තුළ ඇදැ වැලඳැ මන දොළ පිරී සිතු ලෙසැ අවල කෙළි කෙළ

48 පැසුළු හිමි සොමි සඳ සමඟින් තමා පියබඳ නැදිමයිලන් නැමැඳ ගියේ සිය පුර වරට මන නඳ

49 බඹ රතයෙන් දි‍යැ‍ස2 පැදකුණු කරත බරණැස ලියො ඔහු රූ වෙසෙස දකින ලෙසැ අවු මෙ සේ එ දවස

50 මනහර පුළුලුකුළ කැරැ මිණි මෙවුල් අරගළ රන් හිණිනි සුලකළ තුමුටු බටුවෝ ලියො පැහැ දුළ

51 මිණි නිල් කවුළුවල පෙනෙන අඟනන් නෙත් කැල ගැවැසුණු නිල් සෙවෙල සසල මින් කැල සිරින් මන කල


52 හිමි දැකුමැ යුහුසුලු අඟනක් මෙවුල3 මිණිනලු බැඳැ තනපට4 පුළුලු නිතඹ හර බැඳෑ ගියා සිත්කලු


53 අත මිණි බරණ දුල් පැහැයෙන් වසා නැබ මුල්1 ගෙන සළු පට ලිහිල් ලියක් සිටියා බලා මනකල්

54 ගිය සඳ එ දිය නා නිසල වැ ලියො සිටුනා ඔහු පසු ගිය මනා බලා එන තෙක් වැන්නැ සිටුනා

55 විලඳ ඉසි කොමළඟ සුවඳ දුම් රැඳි මනරඟ බඳ2 දද තොරණ ළඟ ගෙවා ගොස් හිම් ලකළ වේ මඟ

56 ලෙ ව් සිත් සතොස් ‍වන සුමඟුල් පිළිවෙළිනි දෙ ව් විමනෙව් සුලකළ නොයෙක විලසිනි දි ව් කැලුමන් පෑ3 බෝසත් සිය විමන් රැසිනි ස ව් සිරි සපිරි4 බෝසත් සිය විමන් වනි

57 කුල රූනුරූ සිය සර සමඟ වැ එ ළඳ ගල තල අයන් ලිය මඩු පුල් විලට වැද කිවි නළු ග‍ඳෙව් දූ සැණ කෙළි කෙළැ නො මඳ රුවිනග සපල කෙළෙ5 තම ළඳ වයස ලද


හත්වන සග[සංස්කරණය]

1 ගිහි වැසි වැ මෙ ලෙසේ වසන බෝසත් ‍සැප සේ සරා පුන් සඳ සේ යසින් පතළේ දියතැ නො ලසේ


2 කසී රට එක සත් කැරැ රජ කරන පින්වත් සක් දෙවිඳු සිරි ගත් රජුන් ගොස් දැකැ එ කල බෝසත්

3 වැහෙන හිම ගිරි කුළ සුපුල් මහනෙල් සුවඳළ ගඟ රළ පෙළ සහළ බසින් පැවසී තමා සත’සළ

4 එකී සත තොරතුරු අසා දැනැ තුටු නරවිරු දෙවමින් සව් ඉසුරු සැලැසි ගරුතර ඇමැති තනතුරු

5 මතුරතු මතුරු පල පැමිණෙනු බලනු එන කල දැනුමයවැය සියල නො බා වලකනු සතුරු වියවුල

6 කරනු1 කටයුතු කම් වැසනට කරනු පිළියම් නීති සත සැලැකුම් ඇති වැ රජ රට රකී හිමි තුම්

7 ගුරු අටගත් අකුරු සිකුරු ලිය කොළ විසිතුරු පරසතු කුසුම් සරු හිමිහු නිය ලිය අමා පල දැරු


8 “මනා ගුණ මිණි බිම් මහ සතු සෙත් පඬිහු නම් සිදු මතුරෙව් උතුම්” රටෝ නුවරෝ දැපු නැති හිම්

9 පළ1 විසිතුරු මහත් පියකුරු2 මියුරු සරරුත් සැබැ පමණින් යුත් තොපුල් කිමේ එ හිමි පෝසත්

10 දස දම් කුසල් දස කරවා පොහොය3 පෙහෙවස පන් සිල් රකින ලෙස යෙදී වැ‍ඩට වැ තිරිඳු අදහස


11 අලළත කිරි සයුර බෙයදින් වන් මරඳ4 ගිර නරණ රළු පුළුලුර රැඳුණු සිරිකත ගනුත් පැනසර

12 නැණ එක් වැ මැ උපනි සව් සත දැනැ සනිටුහනි වන් සබයට සපනි එ පඬි5 නර ලොවැ දෙ වැනි බඹ වැනි

13 පැහැ සර දපණ මතු පිළිබිඹු සෙයින් බෝ සතු කට යුතු නො කට යුතු සිතට වැටැහේ සියල් ලොවැ තතු

14 වසිටෙව් දිනිඳු කුල අගතිසි සෙයින් සොමි කුල මහසත් නැණ විපුල අදර පුද ලැබැ වෙසේ රජ කුල

15 යළි තිසර තන බර නිලුපුල් නුවන් පැහැ සර සරා සිරි මන හර දකින රිසනෙව් පැමිණි පඬිවර

16 ගුණයෙන් එ බෝ සත් පහන් විලසින් බෝ සත් අගතිසිනුදා වත් වී යැ මුළු දියැ දිය පහන් පත්

17 ගන සිලිල නො පෙර හස වැළ සඳුන් ගා වෙර සෙ වලා උතුරු කැර දිගඹු දැරු තුරු1 දිමුතු මුතු හර

18 ගිජිඳුන් සත් මදේ සත් පත් කුසුම් සුවදේ නො මැ හැඳිනැ ඇවිදේ බමර ‍මුළු විදි වෙහෙස නො මදේ

19 ලේ වන් පුල් කෙසුර2 රන් වන් මල් පිය තුර මැඟි3 හට මහතුර පැවැසි ගෙට යන නකත් වැඩකර


20 බැබැළෙන සඳැල්ලේ කොකුම් වැදැ නල හැල්ලේ පිළිමිණි සැඳැල්ලේ අනඟ ගොස් වනි ලියන් ගොල්ලේ

21 සරා කලැ මේ ලෙස උයන් දිය කෙළනා ලෙස පුරඟන සමඟ තොස ලොල්වි දහවල්1 නිරිඳු බරණැස

22 සල කන් සෙමෙර බඳ පිටු පසඟුල් සිරින් සොඳ නැ‍ඟෙමින් ගිජිඳු කඳ නිකුත් සහ පිරිවරින් මන නඳ

23 ඇ ල් නල විඳැ එව වැඳැ සමනින්දේ ක ල් බිඟු රැව් රැඳි මල් තුරු මැද්දේ තු ල් ඇතු ගෙන් බැස නිරිඳු පසිද්දේ ලො ල් කැරැ නරඹා උයනැ ඇවිද්දේ

24 ගමනොත අහනක පය ලූ ‍ කොමළේ මිණි සලඹින් මෙවුලින් පුළුකුළේ අතැ ලු ගන රන් වළලුයෙනුදුළේ නැඟි හඬ2 සලෙළුන් සවනත පහළේ

25 කො ල හල බිඟු කැල ලිය ගි සකසේ ක ල කොවුලන් රැවු තුරු ගොස වෙසෙසේ න ල සල ලිය ලිය රැඟුමැති එ දෙසේ සැ ල කි රජ වියොවග රඟ හල සේ


26 අ තු ලේ පෑ තම නව තඹ පලු වැනි අ ස ලේ කැරැ ළද මුවඟන එ සඳිනි සු නි ලේ දිගු නෙත් යෙහෙළිය සමඟිනි එ ක ලේ මැන බැලු අඟනෝ වෙසෙසිනි

27 මිහිපලු සවනත පුල්මල් කැනිතී1 සරහන2 ලෙසිනඟනක් දළ පෙමැතී කොමළතිනැදැ සිපැගෙනැ ගෙලෙ රැවැතී සිඹියා වූවනත සොමි සඳ පැහැතී

28 මල් ඉල්වන තුඟු අතු අගැ ඇති වූ අඟනක ඇදැ වලඳින ලෙස රිසි වු දෑතින් සිප ගෙනැ ‍සලෙළුවො සුරු වූ තො මැ ගනුව යි වයි කියමින් එසැ වූ

29 ය න ඵ න ලැසි ගමනි නිතඹ3 දෙ තන බරින් පලඟ සැලේ4 තැ න තැ න මල්5 කෙළිය වහළ වන දෙව් ලිය ලෙසින් දුලේ පි න ව න දන මන වරඟන දැකැ ඩා බිඳු නළල් තෙලේ ස න ස න අදහසින් නිරිඳු ගොස් විනි පුල් කමල් විලේ


30 සො ඳ දිය විත් ගවර හහින් යුත් අත් රතු දුහුල් හැඳි ඔ ද වඩවන මිදි රස මී බොමින් උනුන් අතට දිදී බැ ඳ දිගු නිල් සරල් වරල නඳ කැරැ මල් සුවඳ රැඳි ළ ද පුරඟන සමඟ නිරිඳු දිය කෙළියට බට සුසැදි


31 ග තිනි සඳුන් පැහැ ය හරන හෙළන කනත උපුල් පතර රු ති කැරැ කොපොලත සනහන පියොවුරු1 පිරිමදින පවර ර ති නුදුලන2 ලවනත සුදු කැරැ ගල රැවු දෙවන නිතර ර ති කෙළි ලොල් හිමි වැනි ලියනුනුනට3 ඉසි4 සිලිල් දහර

32 දු ර සිටැ ඉත පුරුදු සොඳුරු අන් අඟනක5 කෙරේ පෙමා කැ ර5 නුවනග බැලුම් ගෙහිමි තෙමත අතින් සිලිල් දමා උ ර ණවැ පියොබඳක්7 තැවුණු ඉවසියැ නි සිතින් තමා පෙ ර මැ කියනු දියෙන් නැඟුණු ගිනි යැ යි මීට දෝ තමා8

33 සු සු ල් කමල් උපුල් ඇඹුල හෙල්මැලි මල් තැළි විතත සි සි ල් ඇතුළැ ගැලී කලුන් දැකැ ඉණ සැඳි මිණි පැහැපත එ ක ල් ඉපිලි නරනිඳු සඳ මන නඳ කරවත වූවනත වි ම ල් සයුර මැදින් නැ‍ඟෙන සරා සුපුන් සඳ සිරි ගත

34 දි ය කෙළි දෙළින් පහරත සිලිල් ලි ය තන තෙළින් ලැඟි තුඟු තුමුල් දි ය බිඳු ර ළි න් නිවුණෙව් තැවුල් වි ය පි ළි වෙ ළින් දිවයුරු සිහිල්


35 එකලැ කිසල රැදී හැදැ තිසරුන් සනී හමන පවන් විදී මෙන් සරතස ඉනී මුතු බරණින් සැදී හිම සඳනෙන්1 හැනී සහ පිරිවර ‍ යෙදී රජ රජ ගෙට2 වනී

36 මුවහ වත රිවි පැළගිනෙදිනා අවර සමුදුර වළහි2 ලෙළෙනා පබළ ලිය යුරු රසිනි ලෙවනා සැදැහැ වෙල4 පෙළ පෙනිණි ගුවනා

37 උදුළ5 තරු වැළ වතළ සොඳුරු සැඳැහැ6 කැලු7 මොත’ නුබ ද අඳුරු පැළැදි නිලඹර නිසඹ බිසරු මලපු රතුපුල නිලිපුලයුරු8

38 සසර දද රද විලෙහි පෙනුණු කිරණ පිවිතුරු සිලිල ‍පිරුණු බොනුව ලප සස9 ගොසින් වැටුණු සදිසි වි යැ අම කළලැ ගැලුණු