සිරි රහල් පබඳ-පරෙවි අස්න iii

Wikibooks වෙතින්

වැඳුම්[සංස්කරණය]

147

වඩුතු’ පුල් සුර රද -

සයුර‍තිතෙ’දිනැ මිහිකත

ලු පියවිළිය සිරි ගත් -

යා ගන් මඟුල් වැල්ලෙන්


148

සඳන ‍ෙවනේ කිසලකැනේ සසල කොට

ම ල ය’ගිනේ ම ඳ ප ව නේ එත වෙතට

සිහිලසිනේ දැගැ ගිමනේ සෙමෙන් සිට

නුඔ වද නේ1 පළමු වෙනේ ‍වෙහෙරතට


149 ඇ ම දා සි තු පහදා1 වඳන2 ලොවැදුරු

මු නි දා පෙර සළුදා වැඩු සෑ අයුරු

සු බ දා ලෙසැ සූසදා ඇඳි සිතුරුතුරු

ව ට දා ගෙය තුළැ දාගබ වඳු මිතුරු


150 ගු ණ බෝ මුනි රජුට මුළු තුන් ලෝ කිරුළු

පෙ රැ ලෝ ඇඳුරු පුදනුව බැරැම ලොවින’ළු

ක ල දෝ යටැගැ බඳ නිල් මිණි සත ඵකඵ

         වැදැබෝ දුමිදු මොක් පුර සිරි  ලබ                                           යහඵ


151 සු වි සි අසෙකි සත ලා අම නිවන් පුරා සෑ සි සි මුනිඳු සැප සේ සැතැපුණු අයුරා

	පෑ	දි		සි	රිවි කිරණ ගෑ විසල 			මනහරා

තෝනි සි2 ලෙසින් වඳු ඔත් පිළිම හිමිවරා


152 සැඬ ළටි4 මරු පැරැයු ඉඳැ බෝ තුරු ළ‍ඟෙහි දි ඩ දි ටි ’රුවෙල් කසුබුත්5 ලු අට ම‍ඟෙහි මැඬ පැටි කරත6 දිව්7 පව’ ඳුරු8 සතන ගෙහි වැඩ සි ටි පිළිම හිමි වඳු සිටි පිළිම ගෙහි


153 ස ල තුරු ටැමින් සුලකළ තුන් මහල් යෙදූ9 න ල තුරු10 කිකිණි බඳ රන් දද පෙළ සූසැදු දු ල තුරු වැළෙව් පලගෙහි මුතු ලැල් සිනිඳු ග ල තුරු මුල පායෙහි මහ සඟන වඳු


154 දු ල සක් වන් පිරිසුදා සිවු සිල් සොඳුරු න ල සක් වන් බිදි මිසදිටු තුරු පඳුරු ස ල සක් මන් තර කැරැ විසූ තෙරුනැදුරු බ ල සක් ‍මන් රත්පත් සුළු පා මැඳුරු


155 හ ර ස ර පෙතැලි රූ කැටයම්1 කළ පිඩුව ත ර ස ර ලකළ නිල් මිණි ටැඹිනි සමුඩුව පු ර ඳ ර සබා යුරු දැකැ මහවත් මඩුව පු ර ව ර බලා එන ලෙසැ පරෙවිඳු වඩුව


දෙව් නුවර වැනුම්[සංස්කරණය]

156 සිරි වස් ලකුණු රැඳි - දොරවන්පුරෙව් හොබනා එ සුරිඳු පුර වැනුම් නව - පඬුරු කර පත් තා’තට


157 සතකුම් යුතු පහ මතු කැරැලි කෙළවර පිහිටි පියුම්රා රුවින්න කැලුම් බර රත් පැහැ ගත් සිසි වුවනට ලි‍යනෙපුර පැරැදැ අර රිවි වෙස් ගත් එව එ වර


158 එ පුරඹ දද අතින් සන් කැරැ නො වි ලස බඳ රසු නද වහසී බැණැ ඇසෙන ලෙස තොප රිසියක් ඇරැගනුවයි සුරන් රැස වෙත කැඳවා රවටන වැනි ඇම දවස


159 ප හ මි ණි බිතු තුළැ මත මතඟ සේය ස පැ මි ණි බිගු නො තැළෙනු නම් කෙ සේයා පි රි හි ණි මල්දුනු දුනු දිය රැසේයා සැ රැ හි ණි ඉන් නෙතගිනි2 මියුලැසේයා


160 වෙ සෙ ස ක් එක මැ ගෙනැ අහසින් යන විතර අ ප ස ක් හමු වැ යවු දැයි මතුයෙන් නිතොර ස හ ස ක් වෙමින් එහි අස් පෙළ කුර රොනැර දි ය ස ක් තුරඟ නො පෙනෙන ලෙසැ වැසූ යුර


161 එ පු ර ලිය සරල් දිගු නිල් වරල් වලේ ත ඹ ර වූවන් මඳ හස පනැදැ මනකලේ ස ම ර සබර1 සළෙළුන් සිත් මියුල් කැලේ නො හැ ර විදැවිදි සර පසිනි ඇම කලේ


162 අ කු සු පහර බි‍යනෙව් ගජ කුඹු රුවැති එ පු ර කතුන් තුඟු පියොවුරු විලස් ගති එ හි ද දුතහු නිති නිය’කුසු පහර දෙති උ ඩ ඟු තද ගුණන් හට සැප කො තැනැ ඇති


163 ම න් ස න් තොස වඩන එ නුවරෙහි වෙහැ මැද3 තැ න් තැ න් සුසැ දි සල්පිලැ නව මිණි මෙරද අ න්3 බ න් සේ වතෙහි වෙතැ පත් දනන් වැද න න් ව න් ගුජර පට සළු සිරි රැපැයි සොඳ


164 දෙ ප ස එ පුරැ සුසැදුනු සැපතින් ‍ සො මඳ නි වෙ ස තුරින් නික්මුණු සුවඳ දුම් කඳ ස ව ස නැඟු පහන් පැහැ තෙදින් බිය වැඳ නොල ස දිවෙනු වැනි වියැ නිසඳුරු බපඳ


165 නු දු රු වැ නුබට සිටි වහල් බිහිදොරිනි අ ඳු රු වැ නො දිසි සුර රද මහ මිණි රැසිනි සොඳුරු වැ සැදුණු එ නුවර දෙව්පුර නමිනි අ දු රු වැ වනත අනත යැ දහසක් වතිනි


166 මු නි ව ර නරවරන් නිවෙසෙහි නිබඳ වැස පු ව ත ර බැවින් තොප නො මැ බනු පසඟ ගොස ද ව සැ ර නුවර දැක්මෙන් තුරු පෙනෙත’හස ම මි තු ර වැඩම කර දෙව් රජ ගෙට සතොස


167 ම ල වල මුහුළු බැඳැ ගෙනැ විලෙවුන් සරඟ වැලඳැ1 මිණි බරණ මල් වැල් සහ සරඟ සුලකුළු මෙ වන් නළු නළඟන කැන් සරඟ බ ල රඟ මඬලැ පරෙවිඳු සඳ පැහැ සරඟ


නළඟන රැඟුම්[සංස්කරණය]

168 තු රු නා අබරණ දිනයෙහි රගනා ගු ව නා තලැ හස පුද කළ2 ලෙසිනා මි ණි නා බඳ බිම ඉසි පුල් මලිනා ය මු නා ගඟැ පෙණ සිරිසිලි සොබනා


169 මු තු වැ ළ මුලකළ තන යුග එකලා හ ස වැ ළ වැනි බිසකුරු ගත් නිමලා නු රු වැ ළ නිල් මිණි දුල යුග පතුලා බි ඟු වැ ළ වට කළ වැනි’ රත කමලා


170 පියොවුරු කිණිහිරි කැකැළෙක අන්දම් දසන’ගැ රස් වැනි ගෙලෙ දැසමන්දම් ලෙළවන කොමළත් පැහැ සර රන්දම් අහනන් දුට නො තිබේ තවසුන්දම්


171 සි ත් කලු විලසින් මඳ ලස ගමනිනි යු ත් සෙවණලු තැනැ, වැඩි මියුරන් වැනි ග ත් පැහැ’ තුලෙනැ’ දැ3 ළා අඹ දළුයෙනි සි ත් තුටු වෙයි අඟනන් රඟ දැකුමෙනි


172 ලෙළ දු න් නව තඹ පලු වන් පාදේ ත බ මි න් නො වැරැදැ මද්දල නාදේ ග ය මි න් පානා ගීතෙත් කීදේ අ ඟ න න් රඟ දුටුවන් සිතු පෑදේ


173 ල සි ත ලලිත විදුලි සේය දි සි ත ලියන් නො කමසේය වි සි ත කියත1 ගී රසේය ත සි ත2 නො පටු ‍වේ තොසේය


174 ත ර ඟ අයුරු කොමළ3 අතේ උ ර ඟන වන් රුසිරු යුතේ ව ර ඟන රඟ දෙත දිමුතේ න ර ඟ අවෙස වුව යි සිතේ


175 මු දු නි න්4 බැම යුවළින් දිගු නු ව නි න් ගෙල පසිනී යු ගනි න් රතැඟිලියෙන් උර තලයෙන් මැද දෙසිනී වටොරි න් පු ළු ලුකු ළින් දඟ යු ව ළ න් ප තු ල සිනී රැ ඟු ම න්5 කළ කරණින් සොඳ අඟනන් දකු තෙසිනී


176 කි ඳු ර න් බසකොවුලන් නද පසු කැරැ මියුර‍සිනේ කි ය මි න් ගී ර ඟ මි න් සිටි අහනන් සරතසිනේ ලි හි ලි න් වතැ වර ලි න් මුත දුනු සේ බිඳු ගතිනේ නු ව නි න් රත මෙ ඇ‍මින් රඟ සලළකු මෙන් තොවුනේ


177 දෙහිරුන් තඹරන් ගෙනැ ‍රොන් යන මෙන් කියමින් ගීතය වෙසෙසේ තබමින් පදයෙන් පදයට දෙපතුල් සන් කැරැ රන් රසු නොලසේ නළඹුන් අතුරින්6 අඟනක රඟ ගත් විලසෙක් වෙස කැරැ සකසේ සුරකැන් මැදැ උන් සහසැස් අබියෙසෑ උරුවෙස් රහ ගත් විලසේ

178 ඇ සි න්1 ගන් ව ස න් නන් වනින් යුත් කලුන්නේ රු ව න් බන්2 ර ස න් දම් කැලුම්කැන් පෙනෙන්නේ ඔ වු න් දුන් වෙයින් ගත් සකක් මෙන් බමන්නේ අ ඳු න් වන් ගු ව න් වන් විදුන් වන් එ තැන්නේ


179 කෙ ළ වන දිගු නෙත නිලුපුලයේ යා ලෙ ළ පවනින් රන් ලිය වි‍ලසේ යා න ළ ඟන රහනා දැකැ නොලසේ යා න ළ ලතැ නුවනතැ රඟ සැලසේ යා


180 ව ත් ව ත් පුටු ඈ දැනැ තළ බේදත් ස ත් ත ත් මියුරු වැ සඟවන3 නාදත් නෙ ත් ග ත්4 දෙවඟන පානා වාදත් වි ත් ද ත් නළඟන දකු සිතු පාදත්


181 ලා නෙ ත් කෙළවර කළ අත වැනුමට ඒ නෙ ත් පත් තැන් සිත රස හැනුමට සේ ප ත් ළඳ තුනුවග රඟ ගැනුමට පෝ ස ත් වියතුන් නො දනිමි වැනුමට


182 ලය නො වැරැදැ පහරන කසු ‍ තාළය රඟ ඇදුරන් හැකි කිසි නො විතාළය නළඟන දුට රඟ දෙන එක තාළය පරෙවිඳු සඳ තොස වෙ එක තාළය


දෙවිදු වැනුම්[සංස්කරණය]

183 වි පු ල් වන් යසැති ලොව පතළ පිරිසුදු කො පු ල් වන් රුවන් පස්කැන් කනින් සැදූ උ පු ල් වන් සමඟ රූ රස අඳුන් බඳු උ පු ල් වන් සුරිඳු සිරි පා පියුම් වඳු


184 ර න් මිණි ලකළ එ සුරිඳු මුදුනතැ කිරුළ ර න් කෙසරිඳුට සිරි කළ මතැ අඳුන් කුළ ව න් යම් සතකු මහ වතුරු’තුළ ගඟ තුළ දු න් අත් අයුරු බිම් සඳැ පතට හෝ වැළ


185 ඉඳුමිණි යටගැ බඳ මත සිකිනිඳු යුවළ යුග පත් රඹ පැළෙකැ වැඩි යෙවුන වන ගළ කිව මෙ උවම් බැම ගහනතට පැහැ දුළ අදෝ කදෝ වැනි දෝ හිමිට සරි කළ


186 ර ත් මිණි තෝඩු යුග මිණි සවනතැ හොබන ව ත් සිය පත් පොබයන ලෙසිනි ඇම දින ප ත් රිවි යුග වැනි යැ යි කිත වෙසෙසින ම ත් ගජ රජුට නඟුලිස සදිසි කළ මෙන


187 ලො ව නඳ කරන අම කිරණින් යුත් නිමලී මු ව සලකුණු දරනෙ යැ මුව ලප සියලී මු ව සිසි හිමි ඔහු ගත් නෙත් යුග ඉසිලී කි ව ඉසුරු ගෙ අබියෙසැ පේ රඟ කියෙලී


188 ‍දද කො ඳ කිසුම දම් සැදි සරසවිය කල රඳනා නිතොර එ සුරිඳු මුදු මුව කමල පිරි අම පියුම්රා මිණි විතෙකැ යි උදුල තෙපලන බඹුට ගොවි කි වෙද මතුරු තුල


189 අනත කුලුණු බර කළ බැවිනි උර බිතා සිඟු වලහට ඉන් වෙහෙසක් වෙතී සිතා දුන් ඉඳු මිණි ටැම් යුවළැ යි කිව ලඹතා රිවි අබියෙසැ ලූ පැනැ යි වියත යුතා


190 උර නිල් සල තළින්1 බට ග‍ඟෙකැ විලස ද නැබ පියුමට ගමනොත මත බිඟු වැළ ද වසා රොදට සරි කළ සුර රජු ගෙ සො ඳ බරණැස සහල් නැළියට මිල කළෙව් ද ද


191 පැ හැ ප ත් කිලිඳු විලසින් මෙළෙකැ හෙල් මැලි අ ම ව ත් සිනිඳු බැවැ මඳ නල වන් සිහිලි ග ජ න න් එ සුර රජ වටොරට කරත තුලි සි රි ම ත් කඩුපුලට සරි කළ කඩොල් මලි


192 මු ල් මෙ ලොවට ඔහු දඟ යුවළට බැබැළු පු ල් නූ තැඹිලි මල් හියොවුර2 වැටුපු සිළු නි ල් ගෙල ගෙල3 ගෙහෙලුන් දුනුකේ කැකැළු තු ල් කළ කලැ උවමි කිරි සයුරට හා වැළු


193 හි රි තර පතර වැදැ නව පුල් රත කමල සි රි සර සුර තුරගැ බබළන ළතඹ දල ස රි කළ එ සුරිඳු ගෙ සිරි පතුලට නිමල කි රි මිහිරට මොහොරෙකි එ කියන තෙපල


194 හිමි සිරි සරණ නමඳින සෙසු සුරන් හිස පැළැඳි කිරුව අගැ මුතු ලැල් ගිලි විලස පවසත උවම් කැරැ නිය පතරට සකස දෙව් තුරු වරා තුරු කළ වැන්නැ එක ලෙස


195 වි දු ලේ වන විදුලේ සුරිඳු මේ කුළ බැ ම ලේ මියුරු කැන් අසුරඹුවන් කොමළ ව ර ලේ පිල් නළල් රන් ගිරි තළැ අතළ නි ම ලේ ‍එ වන් විකුමන් කිම වනනු ය?


196 තෙ දියති’ සුරු1 පළඳිත ඔහු2 යස අනත

	එ න ත ගෙලැ මිණෙකැ සිරි පැයි තෙද	දිමුත

එ මි ණ පැතූ දෑ දෙන වැනි සැපත දෙත මෙ වැනි සුරිඳු කො සමත වනත මෙ දියත


197 දැ න බස් අරුත් නො විරුදු3 සරල සළ කරන් පැ න සහ සිහිය නො වැරැදි ලෙසට සළ කරන් ර න බරණොරැඳි4 සුරිඳුට සිරුරා සළ කරන් ගෙන ගිය අස්නැ තතු මිතුරිඳුනි සළ කරන්


198 කො පුවතක් පෙරට5 කැරැ දක්වම් ද යත් :-



අස්න[සංස්කරණය]

199 පෙ ර දෑ සමඟ විසුමෙන් හෝ සිය වැ6 නිති අ ර ත‍රමෙලොවැ වැඩ යෙදුමෙන් හෝ කැමති ත ර දියැ’සුරූ පත7 නෙළුඹල සෙ වැඩුමැති කැ ර පෙම් මිතුරු වෙති යනු දහමෙහි8 පැවැති


200 එ බැ වි න් වාසනා පින් බලයෙන් සොඳුරු වැ ඩි ත න් යති තුමකු සහ වූයෙන් මිතුරු ඔ බ ද න් වන ලෙසට කී අස්නැ තොරතුරු දෙ ස ව න් නමා’ සන් සුරුඳුනි ‍ලෝ ඉසුරු


201 කිහිරැලි උපුල්වන් - දෙවි රජුනි ගිරිහෙල පුරැ

මුනිඳුන් වදන් මුදුනින් ගත් සිරිඳු සඳ නිරිඳුන් ලක රකිනුව බුදු සසුන් සොඳ


වර දුන් බැවිනො’බට - කියනු මැ9 සුදුසු තෙපුලෙකැ


ර ජ සිරි බිසෙව් ලත් දියුරු කුලෙනි' පැද බු ජ බල නුණ තර සර ගුණෙනි මන නඳ

ප සී රුසිරි1 නිරිඳුට මේ පැරැකුම්බා වි සී කැරැ දුදුළු නිරිඳුන්2 ළය තම්බා නි සී ලෙසින් රකුවයි ලක ඔලම්බා රි සී3 ගුණැති අයදින් ම මිතුර එම්බා


202 සිරි ලක් තිදස පුරැ - සුර තුරු අයුරු පුවතර

පු ර බ4 තු රු මැඳුරු සැදූ නම5 මිණි මිතුර ස ර බ යු රු විකුම් දප හළ රුපු කෙසර

ති ස ක් සිවු උපා - ස ගුණෙන් අසුර ගුරු යුර

පි යු ම ම් බා තන කොකුම' තළ බුජතුරු පැ ර කු ම් බා නරනිඳුසඳුට සොහොව‍ුරු

ප හ යා දිගතැ යස සඳ පහනින් නිතොර පැ හ යා පත් රූ නලකුබර අයුර ම හ යා දුනු නුවරැ රැඳි යුව රජ පවර ස හ යා පතුන් රකිනුව අයදින මිතුර


203 පැරැකුම්රජ වියත - පහළ නව සඳ ලේ යුරු

සි රි ල ක් වවන රජ බිජු සරු ‍කෙතෙව් දිසි සි රි පි න් ලකුණු මිණි පිරි නිදනෙක සදිසි

සදවත් නමින් යුත් - රජ දූ ළඳට සිරි බර

නො ල සා සමුව මෙන් දෙව්සෙන් වඩන රුති ස ල සා සරි කුලෙන් හිමියකු රූ පිනැති


203 ග ත් රූ සිරි සුර කුමරකු මෙන් බැබළු යු ත් ගුණ නැණ දැනුමැති තෙපල කව් නළු මෙ ත් කැරැමෙ ලක රකිනා දැරුමෙන් කිරුළු පු ත් රුවනක් දෙන ලෙසැ අයදින් යහළු


204 ඇතො ර නිතොර මහ පිරිවර නිරිඳු ළඟ උතුරු අතුරු කටයුතු නියුතු මැති වග ගජ භය රිය පා බළ සිවු රඟ සෙනඟ රකින ලෙසට අයදින් මිතුර මනරඟ


205 ස ඳ ව ත් යස රැසින් හෙළි කළ මුළු දියත ස ඳ ව ත් සිරින් දන මන කොඳ කළ දිමුත ස ඳ ව ත් සුරිඳු පිය තුනු රත්1 කරඬු පත ස ඳ ව ත් බිසෝ සඳ වැඳැ කියව මෙ පුවත


206 දු නු කම් රම් රජු මෙන් ලොවැ පුවතර ව දු නු පෙර සුරන්2 ගන රන් දුනු සර දර ව දු නු පුල්වන් දෙව්රජ කුලැ ගරු තර ව දු නු දෙව් රජ හට ද මෙ තෙපුල් සැළ කර ව


207 ද ස දෙසැ පතළ යස යුතු සුරිඳුට දිමුතු ර ස වත් අසුන් සැළ කැරැ මෙ ලෙසින් අමුතු හ ස රද මෙන් නුබ විල් කෙළියෙහි නියුතු තො ස සිය නැ සහ පරෙවිඳ සඳ පවතු!


208 ක ඳ වුරු කුලැ උපන් රැදි තොටගමු පියෙස සෙ ද දත් සියල් කව් නළු මගද සකු බස ක ඳ කුමරිඳුන් වර ලද පසලොස් වයස ව ද හළ රහල් වඩි තැන් කලරැවු ස‍ඳෙස