සීගිරි ගී-2-හැඳින්වීම

Wikibooks වෙතින්

හැඳින්වීම


දැනට සිංහලයා සතු වූ, අනුරාධපුර යුගයෙන් ඉතිරි වූ, ග්රුන්ථ තුනෙකි. එනම් ධම්පියා අටුවා ගැටපදය, සියබස් ලකර සහ සිඛවලඳ විනිසත්ය. මීට පෙරාතුව රචිත වූ ග්රවන්ථ ගැන අපට අසන්ට ලැබෙන්නේ වී නමුත් ඒ කීතියක් කියවා ගැනීමේ භාග්යූයක් නොමැත. ක්රිැ. ව. 8, 9, 10, ශත වරර්ෂ;වල දී සීගිරි ගලට නැගුණු ඇතැම් රසඥයෝ එහි බිත්තියෙහි සිත්තම් වූ කතුන් දැක, අවට පැතිර ශොභාවෙන් වශීකෘත වී, සිය හදපත්ලෙහි ජනිත වූ මනො භාවයන් ගීයට නැගූහ. එළිසම කර බඳනා ලද ඇතැම් පද්යත මෙහි අතරින් පතර ලැබෙන නමුත්, ඉන් වැඩි කොටසක්ම ගීති නම් චඡන්දලසින් රචනා කරන ලද පද්යෙයෝයි. යහගී, පියුම්ගී, මත්වලගී, කව්ගී, උමතුගී, දුවඟගී, යොන්ගී ආදි විරිත්වලින් බැඳි මේවා පද්යම සංග්රසහයක් ‍වශයෙන් විභාග කර බැලිය හැක.


මේ ගී ලියූ කවියන්ගෙන් බොහෝ දෙනෙක් තමන් ලියු ගීවලට යටින් තමන්ගේ නම් ගොත් හා ග්රාගම නාම සඳහන් කිරීමට අමකත නො කළාහ. රචකයින්ගෙන් භාගයක් පමණ නිර්නාමික ව පෙනී සිටිති. ඇතැම් ගීයක (104, 307) කවීවරු, තමන්ගේ නම් ගම් බඳිනු ලබන ගියෙහි ම ඇතුළත් කළාහ. ඇතැම් විට සිය නාමය යෙදීමට මුලින් තමා‍ගේ රැකියාව සඳහන් කිරීමට ද පෙලඹී ඇත. ( උදා. වෙණජ්කිතලු) සමහර ගීයකින් රාකීයයන්ගේ නම් ද දැන ගන්ට ලැබේ. 143 වැනි ගිය එවකට රාජ්යකය කළ නර පතියා විසින් බඳනා ලද්දේය. තමාගේ නම සඳහන් නො කර ‘මපුරම් ගී’ යනුවෙන් අත්සන යොදා ඇත. කෙනෙකුගේ බැඳුමක් (667) මේ අතරන් සොයා ගත හැකිය. මොහු පළමුවන උදය රජතුමා වශයෙන් හඳුනා ගැනීමට කරුණු ඇත. උතුරොළ පිරුවන පිහිට වූ රියන්දල නම් ලෙඛක වෘත්තියෙහි යෙදුනු අයෙක් 463


xii


වැනි ගීය ‍ලියා තැබීය මිහිදල්. දාපුළ්, කසබල්, ආදී කුමරුවෝ ද, ජෙට් (266) (පා ජෙට්ඨා) සගල් - රැජින (සංඝා රැජින) (504) ආදී රාජකීය‍යෝ ද ඇතැම් ගීයෙක සඳහන් වී ඇත්තා හ. අබොය් ( අගගබොධි) නම් නිරි‍ඳෙක් (627) හා කීර්තිවර්මන්, වජ්රඅවර්මන් (615) නම් රාජකීයයෝ ද, මේ කවීන් අතරින් අප හමුවට එති. මහලේ (621) ඇදුර් (ආචාර්ය්), පාඬි රජුන් දාස අධිකාරි, නියම් ජෙට්, පසක් - කැමි, ඔළ් - කමණ, වෙද්නා, රජ් - වෙද්, පයමුල් - ලෙය් දරු, අරකෙළේ. කැතිරි (සං ක්ෂලතානෘ), යහන්ගොවු, තිණ්ඩි ආදී නිලධරයන්ද, වෙණද, ඇදුර්, දුනුවේ, කබර, අසිගි, බලත් ආදී රැකියාවල නියුතු වූවන් ද මෙහි සඳහන් වී ඇත. ඇතැම් විට, රචකයා දැරූ ධූරය පුද්ගල නාමයට පූර්වවයෙන් සඳහන් වී ඇත. ඈපා, මහපා, මාඩබි, ඈ විසිනි.

පුද්ගල නාමයට පරව, හිමි, මල, ආදී සමාජ තත්ත්වය හඳුන්වන වචන ද යෙදී ඇත. සීගිරිය නැග, තම අදහස් ගීයට නැගූවන් අතර ස්ත්රී් වර්ගනයා ද විය. පුද්ගල නාමයට පරව, ඇතැම් තැනෙක හිමියඹු, බතී ආදී වචන යෙදීමෙන් ද, ඇතැම් විට සිය පුරුෂයන්ගේ නම් සටහන් කිරීමෙන් ද ඔවුහු තමන්ගේ තරාතිරම ප්රමකාශ කළාහ. ඇතැම් තැනෙක රචකයා තමාගේ වාසගම සඳහන් කිරීමට ද අමතක නො කළේය. උදා ‘නෙළියැ වැසි කසැ බ හිමියන් ගෙ සිව්මි’ මෙහි එන ‘ගෙ’ අක්ෂඋරය, අද පවා සිංහලයන්ගේ වාසගම්වලට පරව භාවිතා වන බව සැලකිය යුතුය. ‘සෙන් මාඩබියන් ගෙහි සතමුණේ දෙ - පය ලත් වජුරා දය්මි’ (464) යන වැකිය මේ කරුණ විභාග කිරීම සඳහා සැලකීමට ගැනීම මැනවි. මසේම ‘ඍතා කලු ගෙ වසන වජුර් අග්බොය්’ (286) නමැත්තා කෙරෙහි ද අවධානය යොමු කළ යුත්තේය. ‘ගෙ’ හෝ ‘ගෙහි’ නො කියා ‘ගෙ වසන’ යි කීම ද, ඒ ගෙය ස්ත්රි.යකගේ ගෙයක් විම ද යන කරුණු වජුර් අග්බොය් නමැත්තා කවර විධියේ විවාහයක් කරගෙන සිටි අයකුදැ යි සිතා ගැනීමට උපකාරයකි.


xiii


මේ ගී ලියූ අය අතර පැවිද්දෝ ද නොමඳ ව සිටියාහ. බත, පැවිජි, තෙර (136, 224, 461) යන වචනවලින් ඔවුන් හැඳින් වේ. ‘කුදු ගත් සිරිනා තෙරුන්’ (224) යනුවෙන් සඳහන් කළේ පැරණි ව්යටවහාරයක් අනුවය. එනම් පැරණි කාලයේ දි, ත්රිෙපිටකයේ යම් යම් කොටස් කටපාඩමින් දරා ගෙන සිටි භික්ෂූඑන්හලට. ඒ ග්රඅන්ථවල නම් පවා අමතර නාමයක් වශයෙන් යොදන ලදී. මේ කාලයේ ද භික්ෂූදන් අතර නඒ පුරුද්ද. පැවති බව පෙනේ. පැවිදි වන විට, ගිහි නාමය අත්හැර වෙන නමක් ‍ගැනීම මෙකල සිරිත වූව ද එකල එසේ නො වූ බව පෙනේ. එසේම පැවිද්දන්, මෙකල මෙන් ග්රාූම නාමය, පුද්ගලික නාමයට මුලින් දමා ගත් බවක් නො පෙනේ. ‘සෙන් - පැවිජ්’ (270) යනු භික්ෂුපවකි. එහෙත් ‘මගණවැ සෙන්’ යනු ගිහියෙකි. මගණව යනු ස්ථාන නාමයෙකි. ගිහියන් අතර පුද්ගලික නාමයට මුලින් ස්ථාන නාම භාවිතා වූ බව මෙයින් පෙනේ. පැවිද්දන් ලියූ ගී අතර, උසස් අදහසන් අඩංගු ගී ඇත්තේ ස්වල්පයකි. එසේම ඒ ගී පැවිදිබිමට පත් අය ලියූ ඒවා වශයෙන් සැලකීම අසීරු වන්නේ ගලිහියන් ලියූ ගී හා ඔවුන්ගේ ගී අතර වෙනසක් නොමැති හෙයිනි. තමාගේ පැවිදිබව සඳහන් නො කළේ නම්, ඒවා පැවිද්දන් ලියූ ගී යයි කීම අපහසුය. 574 වැනි ගීය ලියූ පැවිද්දා, සාමාන්යෂයෙන් යහපත් චරිතයෙන් යතුව සිටින අය කලාතුරකින් විනෝදකාමි වූව හොත් එය තරම් බරපතල වරදක් නො වේ යයි කල්පනා කළේය. සරාගී ගීයක් ලිවීම පැවිදිබව කෙලෙසන තරම් වරදක් නො වේ. එය වරදක් නම්, ඒ වනාහි ඉතා අල්ප වූ වරදකි.

මේ ගී ලියූ අයගේ නම්, බොහෝ සෙයින්, පාලි හා සංස්කාත නම් ‍හා සැසඳිය හැක. කාශ්ය ප යනු කසුබ් කසුබ්, කසබල් යනු විසින් ද, කීර්ති යන්න කිත්, කිනි කිතල්, කිතල යනුවෙන් ද, මහෙන්ද්ර් යන්න මිහිද්, මිහින්ද මිහිදල්, මිහින්ද්ල ආදි වශයෙන් ද ලියවී ඇත. ඉහත දැක්වූ උදාහරණ කීප‍යෙන් පෙනී යන කරුණක් ඇත.


xiv


එනම්, මෙකල සිංහලයන් පුද්ගලික නාමයට පරව - ල නොහොත් ‍- ල් ප්රකත්යයය යෙදිම ප්රිුය කළ බවයි. වර්ත මාන ව්යලවහාරයේ පවතින ආරච්චිල යන වචනයේ - ල ප්රිත්යරය ද මෙය ම විය යුතු යයි සිතන්ට බැරිකමක් නැ. වර්තචමාන ව්යයවහාරයේ බහුවචනාර්ථුවාචී -ල ප්රයත්යසය හා මෙය සසඳා බලු යෙහෙකි. ඇතැම් ගී ලියූ අය, ධර්මානන්විතො’ ‘අනඟ් - රජ්’ ආදී ආරූඪ නම්වලින් පෙනි සිටිති ‘හර්ෂබදෙව’ (659) යන තැනැත්තා ද මෙබඳු කෙනකු විය යුතුය. ඉන්දියාවේ එනමින් විසූ කවියකු වූ රජතුමාගේ නාමය ඔහු දැන සිටි බව අපට අනුමාන කළ හැකියි. මේ ගීවලින් හැඳින්වෙන ප්ර දෙශ නාම ද ගණනාවකි. (උදා. සිරිපිටි, වැලිහම්, රුහුණ, දකුණ් - පස, උතුර් - පස, පදි - පස, අඹගම් - කුළි). රුහුණින් ආ අය සිය ගම්වල නම් සඳහන් කළේ කලාතුරකිනි. එතරම් දුර බැහැර තිබුණු ගම් සඳහන් කිරීම ප්රනයෝජනවත් නො වේ. යයි ඔවුන් සිතුවා විය යුතුය. ඇතැම්හු නම් ගම් සඳහන් කළා පමණක් නො, තමන් රැකියාව කළ, එසේ නැත හොත් ශිල්ප ශාස්ත්රිය උගත් ආයතනවල නම් පවා සඳහන් කළාහුය. මාගම අනුරු - මහපායෙන් පැමිණි අයෙකි 170 වැනි ගීය ලියූ තැනැත්තා එක් කවියෙක්, තමා පැමිණියේ ‘තරල්පා පිරිවෙන්’ නමැති ආයතනයෙනැයි කිව ද, එය පිහිටියේ කවර ස්ථානයකදැයි ප්රිකාශ කලේ නැත. මහ - පටන් - ජූව (627), පොලොනරු (233) හා කිවිසි (562, 574) යන ස්ථාන, මන්නාරම, පොලොන්නරුව, කිබිස්ස (සීගිරියෙන් සැ. 2ක් ඈත) යන වර්තතමාන නම් හා සසැඳිය හැක. දැනට රාමකැලේ නමින් ද, එකල ‘මහනාපවු - වෙහෙර’ නමින් ද හැඳින් වූ සීගිරිය අසල පිහිටි විහාරයක ද ගී ලිවිමට ශක්තියක් අතිව සිටි කිවියෝ වූහ (427 , 565).

මේ කරුණු සලකා බලන කල අපට පෙනී යනුයේ මේ ගී ලියූ අය, නොයෙක් තරාතිරම්වලට අයත් වූවා පමණක් නොව, බො‍හෝ දුර බැහැර පෙදෙස්වල සිට


xv


පවා පැමිණි අය බවය. මෙහි දී උද්ගත වන ප්රේශ්නයකි. එනම් සීගිරිය බැලීමට පැමිණියේ එහි ඇති අනගි සිත්තම් නැත හොත් අවට ස්වභාවික සෞන්දර්යහය ආදිය නරඹා ප්රීතති වීමට පමණක් ද යනුයි. පැරණි ඉන්දියාවේ කඳු මුදුන්වල උත්සව, ක්රීරඩා ආදිය පැවැත් වූ බව ද, ඊට ‘ගිරග්ග සමජ්ජ’ යුවෙන් නම් කළ බව ද පෙනේ 1 නැටුම්, ගැයුම් ආදිය පමණකි නො කෑම්, බීම්, ප්රි ය සම්භාෂණ පැවැත්වීම්, තාටක රඟ දැක්වීම් ආදිය තිබුණු බව ද පෙනේ. ජනයා රාශිභුත ව සීගිරියට පැමිණියේයයි කියැවෙන්නේ (174 ගීය) මේ නිසා වත් දැයි කල්පනා කළ යුතු ව ඇත.

ගී වල අඩංගු කරුණු

මේ ගී බොහෝ සෙයින් සිත්තම් අලළා ලියූ ඒවායි. එහෙයින් ඒවා තුළ තක්කාලීන ඓතිහාසික, සමාජික හා දෙශපාලන තොරතුරු අඩංගු විය නො හැක. එබඳු කරුණු ලිවීම සදහා වෙහෙස ගත්තේ නම්, කාව්යි රචනා කිරීම සඳහා ඔවුන්ට පුළුවන් කමක් නො වනු ඇත එහෙයින් මේ ගීවල අන්තර්ගත කරුණු වනාහි හුදු කවි සංකල්පනා බව කීම අසත්ය්යක් නො වේ. සිගිරිය බැලීමට පැමිණි අයගේ සිත් කවර මාවත් ඔස්සේ ගියේ දැයි ඒවා අනුසාරයෙන් සිතා ගැනීම අපහසු නො වේ. 205 ගීය ලියූ කවියා එසේ කීය. ‘මුළු ලොව පුරා පැතිරි කීර්තිය හා ශොභාව ඇති සීගිරි සිංහරාජයා අපි දුටිමු. එසේම නිල් මහනෙල් වැනි ඇස් ඇති කාන්තාවන් ද දුටිමු’. සීගිරිය දුටු ඇතැම්හු එය කිසිදිනක අමතක නො වන බව කීහ (54, 55) ‘වියෝ වූ පෙම්වතුන් එකමුතු කිරීමෙහි සීගිරිය සමත් වෙයි’ (154). ‘සීගිරි දර්ශුනය කෙතරම් චමත්කාර ජනක ද යනු එය දැකීමෙන් ලොමු දැහැ ගැනීම ඇතිවෙයි’ (256) ‘බලාපොරොත්තු වූ ද, පැතුව වූ ද සියළුම දෙය

¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬ 1. Commentary on the Dhammapada, P.T.S. Edition, Vol. pp 73-74


xvi


සීගිරිය දැකීමෙන් මුදුන්පත් වෙයි’ ‘සීගිරිය සිත් පැහැර ගනියි’ (316) ‘සීගිරිය වරක් දුටු විට එය බැලීමට නැවත ඒමට සිත් පහළ වේ’ (550). මෙබඳු අදහස් පහළ වූයේ වී නමුත් සිගිරිය පිළිබඳ ඒ අදහස් ඒකමතික නො වේ. සීගිරිය බැලීමට පැමිණි තැනැත්තෙකුට (කටු සහිත ) වැල් වගයකින් ඇති වූ පීඩාවක් නිසා සීගිරිය බැලීමෙන් කිසිම විනෝදය්ක නො ලැබුණු බව (127) පැව‍ෙස්. එහි වූ කතුන් ගැන කිසිම ඇග්මක් නො දක් වූ කෙනෙක්, එබඳු කතුන් කවර තැනක වූව ද සිලභ ව දක්නට ලැබෙන බව පවසයී (94). මෙබඳු අදහස් පහළ කළ අය සිටියේ කිහිප දෙනෙකි. එහි ප්රනවිෂ්ට වූ වැ‍ඩිදෙනා එය දර්ශේනය කර ඉමහත් ප්රීයතියකට පත් වුහ.

ඇතැම් ගීයක් ලියූ කවියෙක් එහි තමන් පැමිණි ආකාරය ද සඳහන් කළේය. කිසියම් විනෝද චාරිකාවක් යන කාණ්ඩයක් මෙන් මෙහි පැමිණි තානැත්තො ද වූහ. මේ ගලට නැගීම එතරම් ලෙහෙසි නො වී ය. වනය මැදින් ඉතා වෙහෙස වී පාර සොයා ගෙන ඒමට සිදු වූ බව එකෙක් කීය (15). ගල නැගීමේ දී වේගයෙන් සුළං හැමූ බව ද පවසා ඇත (117, 664). ඇතැම්හු හිමිදිරි පාන්දර ම ගල මතට නැගුනාහ (4). සවස එය මුදුනට නැග ගත් සමහරු සඳ එලියෙන් එය කෙසේ බැබළේදැයි බැලීමට එහි නැවතුනෝය (279). කිසිම අපහසුවක් නො විඳ ගල මුදුනට නැග ගත් අය දුකසේ ගලට නගින අයට සරදම් කළාහුය (7) මුදුනට නැග ගත් අය ‍එහි රාශිභූත වී සිටිමින් අනිකුත් අයට ඒමට ඉ‍ඩ නො දී නොබැස සිටින බව කියමින් එකෙක් පැමිනිල්ලක ඉදිරිපත් කළේය (57). වැටි වැටී ගලට නගින අයගේ ධෛර්යනමත් භාවය ගැන තවෙකකෙක් කියයි (509). වර්ත මානයෙහි මෙන්ම එකල ද ගල මුදුනට ලැගීම, කැටපත් පවුර ඔස්සේ වූ මගින් විය. සිගිරිය පෙදෙසට කව‍ර මාවතකින් ආයේ වී නමුත්


xvii


කැටපත් පවුර ඔස්සේ ගල මුදුනට නැග ගත යුතු වියා (35) කැටපත් පවුර තැනුනේ චන්ර්මුදකාන්තපාෂාණ යෙනැයි කල්පනා කළ අය ද සිටියෝය (511) සීගිරිය බැලීමට පැමිණි අය කැටපත් පවුර නො දැක ආපසු ගියේ නම් ඔවුන් කිසිවක් නො දුටු බව ද පවසා ඇත (593). ගැහැණුන්ට වඩා කැටපත් පවුරට ආශා කළ අය ද මොවුන් අතර සිටි බව පෙනේ. එය බැලීමෙන් ඔවුහු සොම්නසට පත් වූවාහුය (398). කැටපත් පවුරට ද, පියුලැසියකට ද ඇමුතු කවියෙක් 425 වැනි ගීයෙහි දි අපට හමු වේ. ‘කැටපත් පවුර කැටපතෙකැයි සිතා රුමතියක් මෙහි එමින් සිටින්නීය. එසේ වූව ද නිල් වර‍ලසෙහි ඇති බරින් ඇයගේ ගමන ප්රිමාද වන සේය’ (680) යි සඳහන් වන ගීයෙහි ගැබ් වූයේ රසවත් අදහසකි.

සීගිරියෙහි ඇති සිංහයාගේ පිලිරුව. 9 වන ශතවර්ෂහයේ දී මහත් පුදුමයට හේතුවක් බව පෙනේ. ‘සිංහ ස්වාමියා යනුවෙන් ඊට කළ ඇමතුමක් ද (205) අපට අසන්ට ලැබේ සිංහ රූපය දැකීමෙන් පසු ස්ත්රී්න් දැකීමේ ආශාව තුරන් වූ බව 45 වැනි ගීයෙන් පැවසෙයි ජනයා රාශි භූත වීම වැළාක් වීමට ද, සීගිරිය පිළිබඳ මත්ක තහුවුරු කිරීමට ද, සිංහයා එතැන සිටි බව එක් මතයකි (174) ඊ‍ට හාත්පසින් වෙනස් අදහසක් ද ඇත - ගැහැණුන් දුටු විට, සිංහයා පිලිබඳ මතක පවා නැති වේ’ (476) සීගිරිය බැලීමට පැමිණි මේ ජනයාගෙන් බොහෝ දෙනා මෘගරාජයාට වඩා කාන්තාවන්ට ඇලුම් කළාහුය.

පර්වාතය මුදුනෙහි පැවති මාලිගය ද ඇතැම් ගීයක සඳහන් වේ. 8වෙනි 9වෙනි ශතවර්ෂ වල එයින් අවශෙෂ වී පැවැත්ත් කුමක්දැයි අපට සලකාගත නො හැකි වූවත් තාරකාවල ප්රහමාණයට ඇස් ලැබුණත්, එය බලා ප්රීසතියට පත නො විය හැකියයි අයෙක් කියා ඇත්තේ (156) එහි චමත්කාර ජනක ස්වභාවයක් තිබුණු නිසා විය යුතුය. ගැහැණුන් බැලු ඉක්බිති, ඔවුන් වාසය කළ මාලිගය



xviii


බැලීමට ද යන බව අයෙක් පවසන්නේ (376) එහි මාලිගයක් එ කල ද තිබුණු නිසා විය යුතුය. එසේ වුව ද, මෙකල මාලිගයක් සම්පූර්ණකයෙන්ම ති‍බුණේ යයි කිව නො හැක්කේ, ගල මුදුනෙහි ඇති නටබුන් බිත්තියක් ගැන 71වැනි ගීයෙහි සඳහන් වන බැවිනි මේ ගල මුදුනෙහි වූ මාලිගාවේ බිත්තියේ ද සිත් නම් ඇඳ තිබූ බව ඇතැම් ගීයකින් දැනගත හැක්කේය.

සීගිරි කවීන් ගී රචනා කළ කාලයෙහි, වතර්මාේනයෙහි මෙන් නොව, සිත්තම් රාහියක් තිබුණේය. ගී ගණනාවක්ම ‘රන්වන් ලියන් පන්සියයක්’ ගැන සඳහන් ව ඇත. අද දවස සීගිරි සිත්තම්වලින් ඉතුරු ව ඇත්තේ රන්වන් පාටින් ද කළු පාටින් ද අඳනා ලද චිත්ර 22ක් පමනි. ‘පන්සියය්ක ලඳුන්’ යයි කීවේ අතිශයොක්තියෙන් වූව ද, වර්ත2මානයෙහි දක්නට ලැබෙන ගණනට වඩා විශාල ගණනාවක් තිබුණේ යයි සිතා ගැනීම යුක්ති සහගතය එසේම, අද දවස දක්නට නොලැබෙන ඇතැම් චිත්රස ගැන ගීවල සඳහන් ලැබේ 19, 84 යන පද්යනයන්හි වීණාවක් අතින් ගත් කාන්තාවක් ගැන සඳහන් වී ඇත. 201 වැනි ගීයෙන් හැඳිනිවෙන ස්ත්රි්යගේ අතෙහි අශොක මල් කැකුළු තිබූ බව කියවෙයි. අද දවස දිස් වන චිත්ර්යන්හි මෙබඳු විස්තරවලට අනුකූල යමක් දක්නට නො හැක. එදා දවස කැටපත් පවුර ඔස්සේ ගිය අයට සිත්තම් අතින් පිරිමැදිය හැකි වූ බව සඳහන් කරන කවියෙක්, සීගිරිය බැලීමට එන ජනයා විසින් එසේ නො කළ යතු බව කියා අවවාදයක් කළේය (676, 677) අවසර නො ගෙන ගැහැණුන් ඉදිරියට පැමිනිම අශොභන ක්රිළයාවක් සේ සැලකූ අයෙක් (35) පර්වගතය මුදුනට යාමට වෙන මගක් නොමැති හෙයින් ඔවුන් අසලින් යාමට සිදු ව බව ද, එසේ කළාට සමාවන්නැයි ද අයැදියේ ය. කැටපත් පවුර ඔස්සේ යන අයට බැලීම සඳහා, මිනිසෙකුගේ අතේ දුර ප්රටමාණයේ පවා ගැහැණුන්ගේ චිත්රැ ඇඳ තිබූ බව මේ ගීවලින් පෙනී යන්නේය. අද දවස මෙබඳු චිත්ර දක්නට


xix


නොමැත්තේය. ඇතැම් චිත්රදයක් ඇඳ තිබූ හුණු බදාමය ගැලවී යමින් පැවති අවධියක ලියූ ගී ද මේ අතර තිබේ. (73, 309) එසේම, 76වැනි ගීය ලියූ කාලයේ දී ඇතැම් චිත්ර දුර්විර්ණ. වෙමින් පැවති බව පෙනී යයි.

මේ ගී ලියු අය, චිත්ර්යන්හි නිරූපණය වූ ස්ත්රීතන්ට ආමන්ත්රසණය කලේ ජිවමාන ස්ත්රිීන්ට අමතන අයුරිනි. එස් කිරීමෙන් ඔවුන්ට තමන්ගේ කවි ශක්තිය විදහා පෑමට අවස්ථාව ලැබුණේය. තවද ඔවුන්ට එසේ සැලකූ ආකාරය, අන් විධියකින් කියත හොත්, මේ චිත්රහ ඇඳි සිත්තරුන්ට කළ උපකාරයක් බඳුය. විදුලියට සමාන කළ හැකි ගැහැණුන් දුටු සිත්තරා, තමාගේ හද තුළ පැවති ශොකය නිවා දැමුයේ කෙසේ දැයි 192 වැනි ගීය ලියු කවියා ඇසීය වර්ණි සංයෝගයෙහි දක්ෂයතාවයක් ඇති සිත්තරා, පුද්ගලයින් බිහි කරයි. එහෙත් ඔවුන්ට හදවත් දීමට නම් ඔහු පෙහොසත් වී නැත (67) සිත්තම්වල සිටින ගැහැණුන් ගැන ප්රතශංසා මුඛයන් කථා කරමින් ඔවුන්ට ආත්මයක් දීමෙහි දී පවා චිත්ර්කාරයා දක්ෂ්කම් පෙන්වා ඇතැයි එකක් කීය (161) ‘මගේ සිතුම් පැතුම් මා මෙහි ගෙන ආයේ නැත ඒවා තබා පැමිණියෙමි. මන්ද? සිත්තරා ඒවා ද සිත්තමට නංවනු ඇතැයි යන බියෙනි. රන්වන් ලියන් බැලීම සඳහා මේ පර්ව්තය වෙත පැමිණියවුන් අතර මෙය දන්නා අය කී දෙනෙක් ද?’

පර්වමත පාර්ශවයෙහි සිත්තම් වූ ගැහැණුන්ගේ අලංකාරයගන පහළ කළ අදහස් බොහෝය. ඔහුන්ගේ ඇස් නිල් මහනෙල් වැනිය (124) මුව දෙනුන්ගේ වැනිය (228) මොවුහු දිගැසියෝය (260) ඉතා රූමත් කාන්තාවෝය. (380) ආදී වශයෙන් ස්වර්ගතයෙහි ඇති සැප සම්පත් විඳීම් ගැන මිනිසුන් උපෙක්ෂා2 කරවීමෙහි මොවුහු සමත් වෙති (44) ‍ඔවුන්ගේ මඳ සිනාවෙන් ජනයා දඟ ගෙයක ලාවයි (481) ඔවුන් වෙසෙන පර්ව්තය, ඔවුන්ගේ ශොභාව නිසා අලොකමත්වෙයි. (347). ඔවුන් දක්නට


xx


පැමිණෙන ජනයාගේ හදවත් ඔවුහු සනසති (386) මිනිසුන්ගේ හදවත් පැහැර ගන්නා සිනිඳු අගපසඟ ඔහුන්ට ඇත (401) මිනිසුන්ගේ හදවත්හි ප්රේහම සහගත අදහස් පහළ කරවා, තමාගේ ප්රි1යාවන් සමග රතිසැප විඳුවීමෙහි ඔවුහු පොහොසත් වෙති (460). ජරාව ව්යානධිය, මරණය ආදියට ගොදුරු නො වන්නා වූ ඔවුහු, සදා කලම යොවුන් වයසෙහි සිටිති (549).

ඔවුන්ගේ රූපය පිලිබඳ වර්ණකනා කළ යුතු සෑම අංශයක්ම කවියා විසින් දිකන ලද්දේය. ආදර සහගත බැලුම් ඇති නුවන්, මල් ගවසා අලංකාර කළ කළු පැහැති අලංකාරවත් වරල, මුතු මෙන්දිලිසෙන දත්පෙළ, නිම් දලුවකට උපමා කළ යුතු ඇස් බැම, බිඹු පලයෙහි නොහොත් පබළුවල පැහැය ගත් දෙතොල්, හංසයන්ට උපමා කළ යුතු පියොවුරන්, සිහිනිඟ ඈ විසිනි. මේ සියල්ලෙන්ම පිරුණ මොවුන් ‍රූපයට අදිපති දෙවඟන බඳුය (90) රතු පැහැ ගත් අත්ල, වටකුරු වූ උරහිස්, රන් මාල, තඹ පැහැති දෙතොල්, දිගු නුව්න යන මෙකී ලකුණු දුටු කවරෙක් තුටු නො වේ ද? (216) අතින් මල් දමක් ගෙන සිටින රූමත් කත; සිය පෙම් සහගත බැලුමින් ක‍වරෙකුගේ හදවත නම් නො සනසා ද? (554) දුටු දුටු වන්ගේ හදවත් පැහැර ගන්නා ලියන් විසින් කරනු ලබන ඉඟියක් ගැන ඇතැම් කවියෙක් සඳහ්න කරයි (105)

කාන්තාවන්ගේ රූපයෙන් තෘප්තිමත් නො වූ ඇතැම් කවියෝ. ඔවුන් තමන් වගී කර පැහැර ගන්නා ලදැයි කියමින් විලාප නගත් ‘පර්වඔත පාර්ශ්වයෙහි සිටි රන්වන් දිගැසියක් දැක - ඇගේ තනපට මත ගොතා ඇති සුවඳ විහිදුව මලින් - මගේ සිත අවුල් විය’ (327) ගැහැණුන් දැකීම නිසා තමා නිදි වර්ජිත වූයේ මන්දැයි 32වෙනි ගීය ලියූ තැනැත්තා ඇසීය ‘පර්විත පාර්ශවයෙහි සිටි විජ්ජාකාරියගේ ශොභන ඇඳම් දුටු මට මගේ භාර්යාීවගේ යහපත් ගතිගුණ පවා අමතක විය’


xxi


යනුවෙන් අවංක ප්ර කාශ‍යක් කිරීමට ද එකෙක් මැලි නො වීය (53) ‘සඳ පායන විට සයුර වඩදිය ඇති වන්නා සේ, මේ කතුන් දැකීමෙන් ප්රේ ම සහගත හැඟීම් කුල්මත් වන්නේය’ (86) ‘සිහිල ඇති කරවන කොමඩු ගෙඩියක ස්වභාවය සිහිපත් කරවන මේ කාන්තාව දුටු විට මගේ හදවත දැල් වෙන්නේ මන්ද?’ (103). ‘බැලුම් නමැති හීයෙන් කවියකුගේ හදවත පළා ගෙන යන සේ විද ලීමට එක් කාන්තාවක් සමත් වූවාය’ (364) ‘ගැහැණියකගේ මුහුණ සරොස් වූ විට කාගේ සිතෙහි නම් බිය ඇති නො වන්නේ ද? ඇගේ මුහුණ පැහැපත් වූ විට කවර ‍නම් කෙනෙක් පර්ව ත පර්ශ්වයෙහි නො බිඳිනු ලැබේ ද?’ (598) ගැහැණුන්ගේ වාහලුන් බවට පත් වූ අය නගන විලාපයක් ද අතරින් පතර දක්නට ලැබෙන්නේය (638).

‘සිත් පැහැර ගන්නා මේ කාන්තාවෝ ගලින් කළ සිත් ඇත්තාහු වෙත්.’ මෙබඳු පැමිණිලි ඉදිරිපත් කළ කවීන්ගේ ගණන විශලය. මීට හේතුව සෙවූ ඇතැමෙකුට හැඟී ගියේ බොහෝ කාලයක් පර්ව තයෙහි වාසය කිරීමෙන් ඔවුන් ද ඒ හා එකාකාර වූ බවයි (207). කාශ්යිප රජ මොවුන් අතහැර දමා ගියේ ඔවුන්ගේ සිත් ගලින් නිම වූ බව දැන ගත් නිසාය යි අයෙක් පවසති. ‘කිවියෙහි ද සංගීතයෙහි ද ඇති මාධූර්යූය, ඔවුන්ගේ සිත් උණු කරවීමෙහි නො සමත්’ (210) ‘පැරණි පෙම්වතා ‍මළේ වී නමුත්, ඔවුන් අතින් මල් ගෙන සිටි‍න්නේ ඔවුන්ගේ සිත්හි ඇති තද ගතිය නිසාය’ (353) ‘සිත් තද තද බව හැඟවීමට ගැහැණු සමර්ථියෝ වෙති. ඒ ඔවුන්ගේ සහජ ගතියකි’ (603) ගැහැණු තද සිත් ඇති අය වෙත් නම් ඔවුන් තැලි පැලඳීමට පෙලඹී ගියේ කෙසේදැයි නිල්තැල්ලක් පැලඳ සිටි කතක දුටු කවියෙක් ඇසීය කතුන්ගේ ගති ගුණ වලට හේතු සොයා ඒ බව ලෝකයාට ද ප්රුකාශ කළ අය කෙතරම් සිටි නමුත්, වැඩි දෙනා ඔවුන් කිසි සේත් වෙනස් නොවන මහ ගල්කුළු මෙනැයි කියමින් සුන් වූ බලාපොරොත්තු සහිතව යන්ට ගායෝය.


xxii


මොවුන්ගේ මේ තද ගතිගුණ නිසා, ඔහුහු ගොළු වූහ යි ඇතැම් අය කීවාහයුය (343). මොවුන්ගේ ගොළු කම ගැන කියමින්ම ඔවුන්ගේ රූපය ද වර්ණයනා කරන ලද්දේය. එ්ක කරුණ අලළා ලියු ගීවල ප්ර්මාණය විශාලය තමන් බැලීමට පැමිණෙන අය වශී කරවා, මිනිසුන්ගේ හදවත් පැහැර ගෙන එයිනික්බිති නිශ්ශබ්දව සිටීම නො හොබිනා වැඩකැයි එකෙක් පැවැසීය (119) ‘ඔවුන් ගෙන් වචනයක් ඇසීම, ඔවුන් දෙස බලා සිටීමට වඩා අගනේය’ (149). ගැහැණියකගෙන් එක වචනයක් වත් ලැබෙනතුරු එතැනින් නො යන බව එකෙක් දිවුරා කීය (163). ‘වචන හුවමාරුවක් නැති වූව ද, මේ කාන්තාව භයානකය’ (452). සස්නෙහි උකටලීව සිටි එක් පැවිද්දෙක්, එවකටත් ඔහු උකටලී ව සිටි හෙයින්, තමන් සමග වචනයක් වත් නො දොඩන ලෙස කතුන්ගෙන් ඉතා ඕනෑකමින් ආයාචනා කළේය. ඔවුන්ගේ වචනයක් ඔහුගේ සවනෙහි රැඳුන හොත්, ඉන් ඇති විය හැකි ප්රවතිඵල ඉතා බියකරු බව ඔහු කීය (128). එතැනට පැමිණි තමන් සමග කාන්තාවන් කථා නො කළ නමුත්, අනික් අය සමග ඔවුන් කථා කරමින් සිටි බව එක් තැනැත්තෙක් කීය. මොවුන් ලබා කථා කරවීමට ඇතැම් අය උපක්රිම පවා යෙදූහ. අයෙක් ඔවුන්ට තේරවිල්ලක් කියති (379) කථා නො කර සිටීමෙන්, අනික් අය වරදවා තේරුම් ගනු ඇතැයි කියමින් කථා කරන සේ කළ ඉල්ලීමක් ද ඇත. සිතේ නලංගුව ඉතා භයානක දෙයකැයි කියමින් එක් කමියෙක් අවවාදයක් ද කළේය (148).

සීගිරි කවීන්ගේ මතයේ සැටියට, කථා නො කරන නමුත් කථා කරන අයට වඩා මේ කාන්තාවෝ සමථර්කටම් පෙන්වති. ඔවුන් කතාව අරඹන්නේ අතින් ගෙන සිටි මල්වලිනි.

“මොළොක් මල් කැකුළක් මෙන් වූ මේ ලඳ, සිය අතින් ගත් ළපලු මලින් බිණුවාය. ‘කතුන් නො බෙණෙති’ යි යන අපවාදය එහෙයින් සැබෑ නො වේ” (187). ‘අතින්


xxiii


මල් ගෙන සිටින්නේ ඒ අනුසාරයෙන් කතා කිරීමටය’ (329). මෙබඳු අදහස් පහළ කළ නිසා, ඇතැම් අය කතුන්ගේ නිශ්ශබ්දතාවය හේතු වශයෙන් අන් කරුණු ද දැක්වූහ. ‘හිමියා මළ හෙයින්, වියෝ දුකින් සිටින ඔවුහු කථා නොකරති’ (19). ඔවුන් ලස්සනට ඇඳ පැලඳ ගෙන සිටින්නේ ශොක වීමටදැයි එකෙක් ඇසීය (143). වියෝදුකින් පෙළෙන ඔවුන් අන් අය සමඟ කථා කළ හොත්, එය ඔවුන්ගේ පතිදම බිඳීමට හේතු වන කරුණක් වනු ඇත (203). තමා පිට වී සිටින අතර කාලය තුළ අන් අය සමග කථා නො කළ යුතු යයි රජතුමා විසින් ඔවුන්ට අණ දී ඇතැයි යනු එකෙකුගේ කල්පනාව යි (570). රජතුමා එබඳු අණක් නො දුන් බව කියන තවෙකෙක්, ඔවුන් කථා නො කරන්නේ මියගිය හිමියා බඳු අයකු ඔවුන්ට තාම සමු නො වූ හෙයිනැයයි ප්රරකාශ කළේය (619).

සීගිරි කතුන්ට ඇතිවූ විරහ දුක නිසා ඔවුන් කථා නො කරති යි යන අදහස ඇති කර ගත් ඇතැම් කිවිවරු, ප්රිකයයාගෙන් වෙන් වූ ස්ත්රිරයකගේ ස්වභාවය විස්තර කිරීමට උත්සාහයක් දරමින් ගී ලියූහ. සීගිරි පද්යාූවලියෙහි කාව්යයමය අගයක් ඇති ගීවලින් වැඩි කොටස මේ ගණයට අයත් ‘යහපත් දෙයක් කෙරෙහි(මෙනෙහි කිරීමෙන්) පවා ඇගේ ශොකය තුනී නො වෙයි. ඇය කෙරෙහි පැවති සතුට නැවත කවදා ඇය කරා පැමිණෙයිද? මෙසේ සිතමින් මෙන්, ඒ කාන්තාව, තමන් අභිමුඛයට පැමිනි කවර දෙය්ක වුව ද දැඩි සේ අල්වා ගනියි’ (93). ‘අවිදින කල්හි සිත් පෙලඹීමකට පත් බව පෙන්වන, හදවතෙහි දැල් වෙන ශොකය වැහැරී ගිය මුහුණින් පළ කරන කාන්තා තොමෝ නෙතින් කඳුලු ධාරා පතිත කරවා, පර්වකත පාර්ශ්වය අතහැර ගියාය’ (340). ශොකයට පත් කතුන්, පර්ව,තයෙන් පනින්ට සැරසෙන්නා සේය යි සඳහන් වන රචනා ද සුලභය ‘රජතුමා සැබවින් ම මළ හෙයින්, පර්ව්ත පාර්හ්වයෙහි සිටින රන්වන් ලියන්, තමන්ට පැමිණි ශොකය දරා ගත නො හැකිව, පර්ව්තය මුදුනෙහි සිටි බිමට පනින්ට තැත්


xxiv


කරන සේය’ (300). කතුන් ඇමතූ කවීයෙක්, ඔවුන් පනින්ට සූදානම් වූව ද, එය නවත්වා ලීමට කිසිවකු ඉදිරිපත් නො වන බව කියා, නො පනින්නේ මන්දැයි ප්ර්හ්න කරයි (510). මොවුන්ගේ ශොකය මායාවකැයි එකෙක් කීය (143) අතින් මල් ගෙන සිටින ඔවුන් දුටු ඇතැම්හු, ඔහුන්ගේ චරිතය දොෂ දර්ශවනයට ලක් කළාහුය ‘කඳු මුදුනට මේ තැනැත්තිය පැමිණියේ ශොකයෙන් ම ද? යන එන අයට සිනාසෙමින් ඈ සිටින්නීය’ (537). ඔවුන් දුරාචාරයට පුරුදුව සටි අය බව කී අය ද සිටියාහ (251) මේ නිසා ‘අසද්’ ‘විලි නැත්තන්’ යන විශෙෂණ පද වලින් ඔවුන් ඇමතීමට ඇතැම් අය පෙළඹුනෝය.

කතුන්ට මෙසේ අසභ්ය් ලෙස බැණ බැදීම ගැන කිපුණා වූ ඇතැම් කවියෝ ඔවුන්ගේ ගුණ වර්ණයනාවට ‍බැස්සෝය (155) ‘කථාවක් නොමැතිව ඔවුන් සිටින්නේ ඔවුන් බැලීමට ආ තැනැත්තන්ගේ කර්කබශ වචනවලින් ඔවුන් පී‍ඩාවට පත් වී ඇති හෙයිනි’ (542) ඔවුන්ට විරුද්ධ ව නැගූ චෝදනා නම්, අතින් මල් ගෙන සිටීම, ප්රි යයාගෙන් වෙන් වූ නමුත් පැලඳ සිටි ආභරණ නො ගැලවීම, සදාචාර සම්පන්න තරුණියන් නො සිටිය යුතු තැනක් වන පර්වමත පාර්ශ්ව්යැක සිටීම යනාදියයි ‍මේ චෝදනාවලට පිළිතුරු දීමට ද ඇතැම්හු තැත් කළාහු ය. තම ප්රිමයයා අභාවයට පත් වූ මොහොතේ දී හිසකේ කඩ දැමීම නිසා එහි දවටා තිබුණු මල් බිම පතිති වූ හෙයින්, ඒවා අතින් ගැනීම (33)’ වේගයෙන් හැමූ සුළඟ නිසා පැලඳ සිටි මල්දම් සුළගෙහි විසිරී යන්ට විම (372) ආදී වශයෙනි. ස්ත්රීස සංහතියම නින්දාවට පත් කිරීමේ අදහසින් කළ රචනා ද නැත්තේ නො වේ. ස්ත්රි යකගේ මායමට අසු වූ සල්ලාලයා, පියුම්ගැබක සිර අඩස්සියට පත් වූ මීමැස්සා මෙනැයි 582වැනි ගීයෙන් පැවැසේ . ‘මේ ගැහැණුන් නිසා රජතුමා ද විනාශයට පත් විය. මෙකල ඔවුන් පසු පස යන අයට ද එම අභාග්යකයම වන්නේය’ (494) ගැහැණුන් වර්ණ නා කිරීමට යාම විනාහි ගින්නෙන් උණුසුම ලබා පසුව එම


xxv


ගින්නට හිසෙහි තබා ගැනීමක් වැනිය යි එක් නුවණැත්තෙක් කීය (672). මොහුගේ කල්පනාවට අනුවගිනි ගො‍ඩකින් උණුසුම ලබා ගැනීමේ වරදක් නොමැත

මෙයාකාර අනතුරු හැඟවීමේ සංඥාවන් දී ඇති නමුත්, ඒවා ගැන වැඩිදෙනා සැලකිලිමත් නො වූහ. අවුරුදු දහස් ගණනකට පෙර සීගිරිය බැලීමට පැමිණි අය, ගැහැණුන්ගේ මායම්වලට රැවටීමේ ආදිනව ගැන එතරම් දුරට මෙනෙහි නො කළෝය. ඔවුන් වැඩිදෙනාගේ අදහස වූයේ කෙසේ හෝ කතුන්ගේ ආදරය දිනා ගැනීමය. ගැහැණුන් ඉදිරියේ ඉතා බැගෑපත් ව, වචනවල හක්තියෙන් ඔවුන් හික්මවා ගැනීමට තැත් කළ අය බොහෝය. ‘එක වරක් පමණක් බලන්න’ (375) ‘යනට එපායයි නො කියන්න’ (578) ‘අපට අත දීමෙන් ඔබට කිසි දිනක සිත් තැවුලක් නො වේ’ (294) කතකගේ මුවට නැගූ එක් ගීයකින්, ඔවුන් ගී රචනා කිරීමට වඩා සුරාවට ආශා කරන බවක් කියවෙයි (272) ‘තමා කැමැති තරුණයා, තමාගේ ආදරය දිනා ගැනීමට පැමිණිය යුත්තේ සිරිත්වලට අනුවය - එනම් තැල්ලක් අතේ ඇතිව විවාහ වීමේ බලාපොරොත්තුවෙනි’ යනුවෙන් එක් කවියෙක්, කතකගේ මුවට නගයි (219)

ඇතැම් කවිවරු, මේ කතුන්ගේ ආදරය දිනා ගැනීමට ඔවුන් වෙත පෙම් හසුන් ද යැවූවාහුය. (269) ශොකයෙන් පෙළෙණ ගැහැණියකට සන්දෙයශයක් ගෙන යන ලෙස වලාකුළකට කෙරෙන නිවදෙනයක් ද ඇත (134) කාලිදාසගේ මෙඝදූතය මේ කවියා විසින් කියවා ඇති බව ඉන් පෙනේ. ගැහැණුන්ගෙන් මේ සන්දෙතශවලට පිළිතුරු ලැබෙන බව ද සඳහන් වී ඇත. වර්ෂාුඍතුව ගැන කදිම විස්තරයක් කර, ඒ කාලයෙහි විරහ දුඃඛය කෙතරම් පීඩා ජනක දැයි දක්වා, සිය ප්රිතයාවගෙන් ලැබුණ පිළිතුර සතුටු දායක නො වේය යි එක් තැනැත්තෙක් පැවනීය (595). තමාට රුචි නොවන අයකුගෙන් ලිපියක් ලැබුණු විට කාන්තාව, එය කියවීමටවත් තැත් නො කර, එය තමාගේ යෙහෙළිය අතට දෙන බව කියවී ඇත (640). මේ කතුන්


xxvi


හා මිත්ර වීමට කළ මේ වෑයම් ඇතැම් විට සාර්ථික විය. ‘උරෙහි රන්දමක් පැලඳි කාන්තාව, මකරන්දමයට සමාන කළ හැකි ගීතය පිළි ගෙන, පර්වඋත පාර්ශවය සිය නිවස කර ගෙන, සතුටින් ඉපිළ ගිය හදවතින් යුතුව සිටින්නීය. (209) නොයෙක් දෙනාට ‍ප්රීහේලිකාවක් ව පැවැත්තේ ගැහැණු සිතෙහි ඇති දුරවබොදත්වෙයයි. ඔවුන්ගේ සිත්හි ඇති දෙය දැන ගත හැති අයට මනොවිඥාන ධාතුවේ මුල ස්වභාවය පවා දැන ගත හැක (150) ඔවුන්ගේ හැසිරීම ඇතැම්විට දෙයාකාරය. ඇතැම්විට පරස්පර විරොධීය. ‘එක් රන්වන් ලියක් සිය පෙම්වාතාට අත දී සිටි අතර, මා දස ද බැලුවාය. එහෙත් මා ඇය දුටු විට, අගේ හදවත ගලක් බඳු විය’ (110) . ‘මේ තැනැත්තිය මිනිසුන් පොලඹවමින් සිටින නමුත් කථා නො කරන්නීය’ (119). ‘මේ ගැහැණු තමන් සතුටට පත් වූ බව පෙන්වන නමුත් ඔවුන් කරා, පැමිණෙන අය, පිලි නො ගනිති’ (225) තද ගති පෙන්වීමෙන් ගැහැණු තමන් තුළ සැඟවුණු කාමාතර හැඟීම් වසා ගනිති’ (603).

මිනිසුන්ගේ ප්රළසාදයට ලක් වූ මේ කතුන් ගැන එකල ජිවත්ව සිටි කවිවරියෝ කිනම් අදහස් පහළ කළාහු ද? 87වැනි ගීය ලියූ කවිවරිය, ඔවුන් රූමත් බව පවසා ඔවුන්ට ආදර හදවත් නොමැති බව කීවාය. එක් තැනැත්ති යක් ඔවුන් දෙස බලා, කිපුණු සිත් ඇත්තී, ගීයක් නො ලියන බව කීවාය (41). මිනිසුන් මෙහි පැමිණ හැසිරුණු ආකාරය ගැන එක් කවිවරියක් සිය සංවේගය ප්රනකාශ කළාය (504). පර්ව්තයෙහි සිත්තම් වූ ගැහැණුන්ට තමාගේ ස්වාමිපුරුෂයා කෙතරම් ඇලුම් කළ ද, ඊට තමාගේ අතමැත්තක් නැති බව ද, ඔහු බොහෝ දුර යන්නට අදහස් කළ හොත්, එය වළකා ලීමට තමා සමත් බව ද කියමින් එක් භාර්යාඅවක් ගීයක් රචනා කළාය (681).

මේ රචනාවලින් වැඩි හරියක මේ ගැහැණුන් ගැන සඳහන් වන්නේ රන්වන් පැහැය ඇති එකියන් _ ලෙසය. වර්තනමානයේ දක්නට ලැබෙන චිත්රයවල, කහපාටින් මෙන්ම


xxvii


කළුපාටින් ද අඳනා ලද චිත්රේ දක්නට ඇත. මහනෙල්වන් ගැහැණුන් යනුවේන හැඳින්වෙන්නේ කළුපාටින් අඳනා ලද ලැහැණුන්ට විය යුතුය. 8වන 9වන ශතවර්ෂවවල සීගිරිය නැගි තරුණයින්ගෙන් වැඩිදෙනා ඇලුම් කළේ රන්වන් ලියන්ටය. එසේ වුව ද, මහනෙල්වන් එකියන්ට ද පෙම්පත්නු නො සි‍ටියේ නො වේ. ඔමුන්, වැටකොළු මලක් සමග තිබුණු නිල් කටරොළු මලක් මෙනැයි එකෙක් පැවසීය.

කාශ්ය ප රජුගේ භාර්යා වන් වශයෙන් මේ ගැහැණුන් ගැන සඳහන් කළ ගී නොමඳය. මේ කරුණ අලළා නොයෙක් අතට පෙරළා ගත් අදහස් රචනා කරන ලද්දේය. ‘මහජනකායට බලන්ට ඉඩ තබා රජතුමා මෙවැනි රූමත් ගැහැණුන් තනි කර තැබීම පුදුමයක් නො වේ ද?’ (578). ‍ ‘මේ කාන්තාවෝ රජතුමාගේ ආගමනය බලාපොරොත්තු වෙන් සිටිති. ඒ වනාහි සඵල නොවන බලාපොරොත්තුවකි’ (184) ‘රජුගේ නො පැමිනිම ගැන සිත් අවුල් කර ගත් ඔවුන්ට, ඔවුන් බලන්ට පැමිණෙන ජනයා අතර ද කාශ්යේප රජවරුන් දක්නට ලැබේ’ (165) මෙබඳු අදහසක් පහළ කරන කිවිවරයාට, තමා ගැන ප්රැශංසා මුඛයෙන් වර්ණවනා කර ගැනීමට ද අවස්ථාවක් ලැබේ.

සීගිරි පද්යනයන්හි ඇති ශාස්ත්රී ය අගය

මේ පද්යප බඳනා ලද්දේ විශෙෂ අවස්ථාවක, විශෙෂ පරිසරයක සිටගෙනය. එහෙයින් මේ ගීවල ශාස්ත්‍රීය අගය විභාග කිරීමට උත්සාහයක් දරන විට, කවියා තුළ පැවති චිත්ත ස්වභාවය ගැන හැඟීමක් ඇති කර ගත යුතුය. මෙය ඉතා දුෂ්කර කාර්යතයක් වන්නේ ක්රිඅ ව 8, 9වැනි ශතවර්ෂහවල සිංහල භාෂාව පැවති ආකාරය පිලිබඳ අපගේ දැනුම සර්වනසම්පූර්ණ් නො වන‍ හෙයිනි. පුරාණ සාහිත්ය කෘතියක් අගය ‍කිරීමේ දි පවා මෙබඳු දුෂ්කරතා වලට මුහුණ පාන්ට සිදු වන බව රහසක් නො වේ. කවියාගේ යටි සත තුළ පැවති අදහස සොයා ගැනීම ඉතා දුෂ්කර වූ කාර්යගයකි. මේ ගීවල රස විඳීම සඳහා එහි අර්ථාය පමණක්


xviii


නොව ශබ්ද මාධූර්ය.ය ගැන ද සිත යොමු කළ යුත්තේය. වාත්තය, තාලය සහ වචන යනාදිය කාව්ය.යකින් ඉවත් කළ හොත් ඉතිරි වන්නේ කුමක් ද? අර්ථම ගෞරවය, පද ලාලිත්යකය සහ ශබ්ද මාධූර්යකය යන මෙකී අංගොපාංගයන්ගෙන් යුක්ත වී නම්, රචනාවකට කාව්යළය යි කියනු ලැබේ. කාව්යගයක අඩංගු වන සංගීතවත් බව නිසා, ශ්රෙකස්ඨ කාව්යියක මහා ප්රාකතිහාර්යඩය සිදු වන්නේය යි අපරදිග විචාරකයෝ පවසති.2

සී ගිරියට පැමිණි එහි වූ කැටපත් පවුරෙහි ගී ලියු රචකයන්, තත්කාලීන භාෂා සාහිත්යමය පිළිබඳ සෑහෙන දැනුමක් ඇතිව සිටි බව නිසැකය. අප බොහෝ දෙනෙකුට මෙන් ඔවුන්ට ද, තම තමන්ට ප්රිතය මනාප වූ ගත්කරුව්න සිටියා නිසැකය. එහෙයින්, ඔවුන් දැන්වත්වම හෝ නො දැනුවත්වම, මේ කෘතීන් ඔවුන් අනුගමනය කර ඇතැයි සිතා ගැනීම පහසුය. කාව්ය් රචනා කිරීම පිළිබඳ ව එකල විසූ කවිවරයන් අතර සම්භාවිත වූ නීතිරීති ආදියක් තිබුණේ ද යනු විමසා බැලිය යුතුව ඇත. දැනට අප අතර ඇති පැරණිතම කාව්යු විචාර ග්රලන්ථ ය නම් සියබස්ලකරයි. එය අලංකාරානුශාසනයකි. එය ලියන ලද්දේ දසවන ශතවර්ෂවයේ දී පමණය. එසේ වුව ද, එහි අන්තර්ගත කරුණු පිලිබඳ අවබෝධයක් සීගිරි කවීන් තුළ තිබුණේදැයි විමසා බැලිය යුතුව ඇත. සියබස්ලකරට වඩා මේ ගී පැරණි වූව ද, තත්කාලීන කාව්යු සම්ප්රයදාය සියබස්ලකරින් ප්ර කට ‍වන්නේය.

සියබස්ලකර රචනා වීමට කලින් කාව්ය කරණය සඳහා අනුශාසනයන් පැවති බව ඒ කාතියෙන්ම දත හැක. එහි ලැබෙන තුන්වන ගීයට අනුව, එය රචනා වූයේ, සංස්කෘත භාෂාව නොහසළ අයට සහ කාව්යනකරණය පිළිබඳව කලින් රචනා වූ කෘතීන් නූගත් අයගේ පහසුව ද සලකා ගෙනය. එහි දෙවන ගීයෙන් කතුවරයා පොරණැදුරන්ට භක්ති ප්රවණාමය කරයි. සියබස්ලකර වූ කලී


2. Chve Bell, Art, p 158



xxix


දණ්ඩින් නමැත්තාගේ කාව්යාභදර්ශදයෙහි අනුකෘතියකි. මෙහි දී පොරණැදුරන් වශයෙන් සලකන ලද්දේ දන්ඩින් සහ ඔහුගේ සම්ප්රහදාය පිළිගත් වාමන නම් ආචාර්ය වරයාත්ය. වාමන සහ දණ්ඩාන් යන දෙදෙනාම කීයේ කාව්යවශාස්ත්රැය යනු අලංකාර (කාව්යඩලක්ෂාණ) බවයි. සියබස්ලකර මෙය හඳුන්වන්නේ ‘කව් ලකුණු’ යනුවෙනි ‘ලකර’ , ‘ලකුණු’ යන මේ වචන දෙක, ක්රිම. ව. 15 වන ශතවර්ෂමය දක්වාම සමානාර්ථය දෙන වචන සේ යෙදින අලංකාර යන වචනය ලක්ෂචණ යන්නට පසු කාලීන එකක් බව භරත මුනිගේ නාට්යනශාස්ත්රනයෙන් පෙනේ. කාව්යඳලක්ෂ ණ ගැන සඳහන් කරන ඔහු ඒ ශිර්ෂරය යටතේ අලංකාර ද ඇතුළත් කරයි.

කාව්යාහදර්ශඒයේ හැඳින්වෙන උත්ප්රේතක්ෂා නම් අලංකාරය, සියබස්ලකරෙහි හැඳින්වෙන්නේ ‘අයලසිත්’ යනුවෙනි. සිදත්සඟරාව ඊ‍ට ‘උපෙ’ යයි කියයි. කාව්යපදර්ශනයෙහි එන ‘උත්ප්රේ්ක්ෂාඅ’ යන්න බැහැර කළ සියබස්ලකර කතුවරයා ඒ වෙනුව‍ට ‘අයලසින්’ යයි කීයේ මන්ද? ‘අයල සිත්’ නම් අලංකාරය, තත්කාලීන සිංහල කවියන් අතර සුලභ ව භාවිතා වූ , ලෙහෙසියෙන් බැහැර ‍ නො කළ හැකි එකක් වූ නිසා, සංස්කාත වචනය බැහැර කර, ඒ වෙනුවට සරල සිංහල වචනය ‍ෙයාදන ලද්දේය යි සිතා ගැනීම අයුතු නො වේ. උත්ප්රේටක්ෂා ව සඳහා වෙනම වචනයක් සිංහලයන් අතර භාවිතා වී නම්, ඊට වඩා ජනප්රිහය අලංකාර සඳහා වෙනත් නාමයන් භාවිතා වූවා නිසැකය දෙබස හඳුන්වන අලංකාරයක් ‘උබ - බස්’ නමින් සිදත් සඟරාවෙහි පෙනෙන නමුත්, උභයභාෂා නම් අලංකාරයක් සංස්කෘත කාව්යවනුශාසනයන්හි දක්නට නො ලැබේ. මෙයින් පෙනි යන්නේ, දසවෙනි ශතවර්ෂඳයෙහි දී කාව්ය දර්ශ ය සිංහලට පරිවර්ත්නය කිරීමට පෙරාතුව කාව්යසශාස්ත්ර‍ය පිළිබඳ ව කවිවරයන් අතර සම්භාවිත කිසියම් සම්ප්ර දායක් පැවති බවය. අලංකාර නම් කාව්යි සම්ප්ර දාය දසවැනි ශතවර්ෂටයේ දී පමණ සංස්කෘත භාෂාව හැදීරීම නිසා ලක්දිව ප්රලචලිත වී ගිය එකකැයි කිව හැකිය.


xxx


ඊට පෙරාතුව ලක්දිව ව්යීවහාර වූ සම්ප්රනදාය මීට වෙනස් වුවක් දැයි සෙවිය යුතුය. සියබස්ලකරට පෙර ලක්දිව භාවිතා වූ කාව්යරනුශාසනයක් නො ලැබෙන හෙයින්, මේ කාර්යිය මහත් දුෂ්කර කරුණක් බව පෙනෙනු නිසැකය මේ සඳහා ආධාර කර ගත හැක්කේ සීගිරි පද්යතවලියහි අන්තර්ගත කරුණුමය කිසියම් රචනාවක් විවේචනයට බසින පුද්ගලයාට, එය විවේචනය කිරීම සඳහා භාවිතා කළ යුතු මූලධර්ම , එම රචනාවෙහිම සොයා ගත හැකියයි මැන්සොනි අපරදිග විචාරකයෙක් කීය 3 මේ මූලධර්ම කුමක් ද යනු (i) කවියාගේ අදහස කුමක්ද (ii) ඒ අදහස සාධාරණ ද, (iii) ඔහු විසින් ය සාර්ථයක ලෙස ඉදිරිපත් කර ඇති ද යන ප්ර ශ්න තුන ඇසීමෙන් දැන ගත හැකිය වෙන වචනවලින් කිව හොත්, අදහස සොයා ගැනීම, එහි වටිනාකම ප්රවමාණ කර ගැනීම , ඉදිරිපත් කර ඇති ආකාරය විවේචනය කිරීම යනුයි.

සීගිරි කවීන් ගී රචනා කිරීමට‍ පෙලඹ වූ කරුණ කුමක් ද? ඒ වනාහි උත්තර දීමට එතරම් දුෂ්කර වූ ප්රරශ්නයක් නො වේ. සීගිරි දුර්ගඒය වැනි කලාත්මක නිර්මාදණයක් ද, වර්තරමානයේ පවා රසිකයන් කුල්මත් කරවන සීගිරි සිත්තම් ද දැකීමෙන් හටගත් ප්රීදතිය කාව්යතරචනයට තුඩුදුන් කාරණය යි අපට නිසැක ව කිව හැක. තෝමස් ග්රේව නමැත්තාගේ සුසාන කාව්යටය හෝ කාලිදාස‍ගේ මේඝදුතය වැනි උසස් කාව්යේ රචනාවලට හේතු වූයේ ද මෙබඳු මනොභාව රැසක් යයි කීම යුකිත් සහගතය. කවියාගේ අදහස සාදාරණ යයි කීමෙන් දෙවන ප්ර ශ්නයට පිළිතරු ලැබේ. තුන්වන ප්රිශ්නයට පිළිතුරු දීම එතරම් ලෙහෙසි නො වේ. සීගිරි කව් අගය කිරීමට උත්සාහයක් ගෙන ඒ ප්රීශ්නයට පිළිතුරු දීමටසූදානම් විය යුතුය.

කවියාගේ සිතෙහි ජනිත වූ රසය කුළු ගන්වා එක් ගීයකින් හෝ දෙකකින් ඉදිරිපත් කිරීම සීගිරි ගීවල ප්රුමුඛ ලක්ෂනණය වන්නේය. එහෙත් සීගිරිය වැනි දර්ශිනයකින්


3. Abercrombie, principles of literary criticism, P 152


xxxi


ඇති වන හැඟීම් රාශිය එක් ගීයකින් රුවා දැක්වීම අතිශය දුෂ්කර කාරණයකි. හොඳ ගීයක් ලියන්නට පුළුවන් තැනැත්තාට එබඳු තව එකක් හෝ ගණනාවක් ලීම තරම් අසීරු කරුණක් නො වේ. එසේ නම් සීගිරි කවීන් එක් ගීයක් හෝ දෙකක් පමණක් කියා සෑහීමට පත් වූයේ ඇයි? කවියා තුළ ඇති වූ රසය, හැකි තාක් සංක්ෂි ප්ත කර එක ගීයකින් ඉදිරිපත් කිරීමට හැකි නම් එය දුර්ලකභ කවිශක්තියේ ලක්ෂාණයක් වශයෙන් එකල විසූ කවීන් පිළිගත් බව සිතිය හැකිය. එක ගීයකින් එබඳු දුෂ්කර කර්තකව්ය යක් කිරීම ගී ගණනාවකින් එසේ කිරීමට වඩා උසස් කමකි යි ඔවුන් සිතුවා විය යුතුය. ‘කාව්යමරචනය පිලිබඳ නීතිරීති දැඩි වු පමණට, කවි ශක්තිය ඔප් නැගී පෙනෙන්නේය’ යනුවෙන් අපරදිග විචාරකයකු විසින් ප්රයකාශ කර ඇත්තේ එහෙයිනි. 4

මෙබඳු ගී - එනම් , හැඟීම් කුළු ගන්වා සාර්ථගක ලෙස ඉදිරිපත් කෙරෙන රචනා මුක්තක නමැයි ඉන්දියානු කාව්යාඟනුශාසකයෝ කීහ; ගී රාශියකින් කෙරෙන කටයුත්ත, එනම් රසය දැනවීම, එක් ගීයකින් කළ හැකිය යි ඔවුහු ප්රෙකාශ කළහ. මෙබඳු කර්තනව්යගයක් වනාහි ඉතා බැරෑරුම් දෙයකි. කථා වස්තුව චරිත හා චරිත අතර අන්යොහන්යද ගැළපීම යන මේ කරුණුවලින් සමන්විත කාව්යහයකින් කරනු ලබන්නේ ද, රසය ඉපද වීමයි. මේ සියලුම කරුණු දලළා එක් ගීයක් රචනා කර එයින් රස ඉස්මතු කළ හැකි නම්. ඒ වනාහි ඉතා දුර්ලේභ කාව්යකයකි. පාඨකයා කුල්මත් කරවීම සඳහා මුක්ත්කේ රචනා කරන අය විසින් උපයෝගී කර ගත යුතු උපක්රිම රාශියකි. ධවන්ය්ලෝක කර්තෘ ආනන්දවර්ධ.න මෙසේ කියයි 5 මුක්තකෙසු හි


4 Clive Belt, Art , P. 64

5. Dhuakyaloka of Anandavardhana, with the Commentary of Abbinavagupta ( Kavyamala series, Nirnaya – Sagara Presa” Bomby” 1935, p. 275)


31916

xxxii


ප්රiබන්ධෙaෂ්විව රසබන්ධාsහිතිවෙශිනඃ කවයෝ දාශ්යaනෙත. යථා හ්යආ’ මරුකස්ය. කවෙර්මුකතකාඃ ශෘංගාරරසස්යNන්දිිනඃ ප්රrබන්ධාyයමානාඃ ප්රනසිද්ධා එව. (මහා කාව්යංකට මෙන්ම මුක්තකයක් තුළට ද රස කුළු ගන්වන කවිවරයෝ සිටිත්. අමරුක නම් කවියාගේ ශෘංගාර රසය ජනිත කරවන මුක්තක සෑම එකක් ම මහා කාව්ය5යකට සම කළ හැක) මුලින් සඳහන් කළ කරුණුවල අනුව නොව, ඉදිරියට සඳහන් කළ යුතු කරුණුවලින් ම, මුක්තකයන්නගෙන් රසය ඉදිරිපත් කෙරෙයි 6 (පූර්වාකපරනිරපෙක්ෂෙ ණාපි හි යෙන රසවර්වනා ක්රිපයතෙ තදෙව මුක්තම් - අභිනව ගුප්ත). එබඳු අවස්ථාවක දී කවියාට සිදු වන්නේ අර්ථවය ධ්වනිත වන ලෙස කවි තැනීමටය මේ වනාහි උසස් කවිවරයා කවරේදැයි මැනීමට හොඳම උපායයි ධ්වනිත වන අරුත් ඇති රචනා රාශියක් සීගිරි පද්ය වලියෙහි අඩංගු වී ඇත්තේය අනාත්දවර්ධ්නගේ සිද්ධාන්තය අනුව මොවුන්ට මහා කවි යන නාමය දිය නො හැක්කේ නම් යටත්පිරිසෙයින් ‘කවි’ යන නාමය වුව ද දිය හැකිය. හද පත්ලෙන් ජනිත වූ සුන්දසර අදහස් රසවත් සේ ඉදිරිපත් කෙරෙන මේ ගීවලට ‘ඛණ්ඩ කාව්ය ’ යි නම් කරමු. රස වින්දනයෙහි දී, සම්පූර්ණෙ කාව්යමයකින් මෙන් ම, ඛණ්ඩ කාව්යසයකින් ද එකසේ ප්ර යෝජන ගත හැකිය.

‘කවිය’ යනු කමුක්දැයි විස්තර කෙරෙන රචනා සීගිරි පද්යසවල නොමඳය ‍අනිකුත් රචනා විවේචනයට ලක් කෙරෙන පද්ය මේ අතර දක්නට ඇත. විවේචනය සංක්ෂිනප්ත වූව ද, ඊට මුලාධාරය වූ මිනුම් දඬුව එයින් අවුලා ගත හැක. ‘මොහු මේ කවි රචනා කරන්නට යයි සිතා මේ ලියා ඇත්තේ කවක් ද? එය හිස් ගීයක් නො වේ ද? බැලූ බැල්මට පෙනෙන දෙය ඔහු ඒ සැටියෙන් ම ගත් බඳුය’ (492) සිංහල කාව්යල විචාරය පිළිබඳ ව අපට ලැබී ඇති පැරණිතම විවෙචනය මේ ගීයයි. මේ ගීය ලියූ තැනැත්තා නිර්නාමිකව පෙනී සිටියේ ය. ‘හිස් ගී’ යනුවෙන්


6. 1bid p. 275


xxxiii


එය හැඳින් වූ ඔහු ඒ කවක්දැයි ප්රාශ්න කරයි. මොහුගේ කල්පනාවට අනුව, ඔහු විවේචනය කර ගීයෙහි යම් යම් අඩුපාඩුකම් ඇත. ඒ අඩුපාඩුකම් නො වි  නම් එය කාව්යනයක් වනු ඇත. මේ කියූ අඩුපාඩුව කුමක් ද යනු ඔහු විසින් ම විස්තර කර ඇත. එනම් - බාලූ බැල්මට පෙනෙන දෙය ඒ විධියට ම ලීම නොහොත් වාර්තා කිරීමය. මෙබඳු රචනාවලට ඔහු ‘හිස් ගී’ යනුවෙන් නමක් යෙදීය. වාර්තා කිරීම යනු ස්වභාවොක්තියයි. මේ තැනැත්තාගේ කල්පනාවට අනුව සුවභාවොක්තිය කාව්ය් ගණයට ඇතුළත් කළ නො හැක.

ස්වභාවොක්ති ‍නොවන රචනා පිළිබඳ ව සීගිරි කවීන් පහළ කළ අදහස් මේ ගී විමසීමෙන් දත හැකිය. ගැහැණුන්ගේ ඇස් නිල් මහනේල්වලනට උපමා කළ නො යෙක් කවි අතරින් එකක් ගැන විවේචනයට බසින කවියෙක් (191) ‘නිල්මහනෙල් යුවලකට තොප ඇස් උපමා කළ තැනැත්තා සැබවින් ම චින්තකයෙහි. එහෙත් තොප කෙරෙන් පැතිරෙන ඉමහත් ශොභාව පිළිබඳ ව ඔහු අන්ධතයෙකි’ යි කීය 407 වැනි ගීයෙන් මෙසේ පැවසෙයි. ‘රන්වන් ලියන් දුටු ඔහු, ඔවුන් අප්සරාවනැයි කීය. එහෙත් මේ මියුලැසියන්, ඇත්ත වශයෙන්ම කවුරුන් දැයි සිතීමට පොහොසත් අය මෙතැන සිටිත් ද?’

මේ ගීවලින් කියවෙන ‘සිතීම’ නම් වචනයෙහි නියමාර්ථඇය කුමක්ද? ‘සිතා ගැනීම’ නොහොත් ‘තර්කා නුකූලව සිතීම’ යන්නක් මෙයින් අදහස් නො‍ වේ. මනුෂ්යලයාට ජන්ම දායාදයක් වූ ‘චින්තන ශක්තිය’ පිළිබඳ ව නො ව ‘ප්රිතිභාරචනයක කාව්යූමය අගයක් ඇති විය හැක්කේ ද ප්රළතිභානය නොහෝත උත්පාදක කවි ශක්තිය ඇති අ‍යකු විසින් එය රචනා වු හොත් පමණි

මේ අදහස විමසා බලන විට පෙනී යන්නේ, 9වන ශතවර්ෂමයෙහි විසූ නිර්නාමික සිංහයල විචාරයකා, ඔහුට


2 xxxiv


අවුරුදු දහසක පමණ පසුව ජිවත් වූ කොලරිජ් නමැති ඉංග්රීශසි කවියා ඉදිරිපත් කළ අදහසට සමාන අදහස් සහිත ව සිටි බවය “කාව්යඉමය චිත්රක, කොපමණ ලස්සන වූව ද, කොපමණ හොඳට ස්වභාව ධර්මායාට අනුකූල ව පිළිබිඹු කර වචන වල මාධ්ය යෙන් ඉදිරිපත් කරන ලද ද, ඒ කිසිවකින් කවියකු‍ෙග් ලක්ෂ්ණ හෙළි නොවන්නේය. කිසියම් වේගවත් මනොභාවයන් නිසා ජනිත වූ සිතිවිලි පරපුරින්, නැතහොත්, එබඳු කාව්යජමය චිත්රලවලින් පමණක් ප්රනතිභා පූර්ණටත්වාය හෙලි වන්නේය.”7

සීගිරිය බැලීමට පැමිණි මේ පෞරාණිකයන්හට ද මෙබඳු වේගවත් හැඟීම් රාහියක් ජනිත වූ බවට සැකයක් නැත ඔවුන්හට පහළ වූ කවි සංකල්පනාදිය කිසියම් වේගවත් මනෝභාව රැසක් නිසා ක්රිටයාත්මක විය. එබඳු අවස්ථාවක් සිතෙහි පහළ වූ විට, ඔවුහු, සිය අදහස් පද්යදයන්ට පෙරළා කැටපත් පවුරේ ලියා තැබූහ. මේ බව සනාථ කර දැක්වීම සඳහා ඉදිරිපත් කළ හැකි සාක්ෂින සුලභය. උදා ‘පව් බෙයදෙහි පතළ ශොභාව නිසා ස්වර්ග යෙහි දෙඟනන් සිටි අයුරු මට පෙනින. ඔවුන්ගේ මෙවුල්දම අල්වා ගැනීමට මෙන්, මගේ හස්තය, ක්රී.ඩා මත්ත භාවයෙන් එසවූනේය.’

සගැ දිට්මි අසරනන් සිටි සෙ මෙ බෙයන්දිහි සිරිත් උපුළ උන් කෙළී රසන් වැළැ ගන්නා රසින හත් (104

මේ ගීය ලියූ කවියා, ‘රසන්’ යන වචනය යෙදීමෙන්, ඔහුගේ සිත්හි වේගවත් ව තිබූ හැඟීම් රාශියක ඡායාමාත්ර්යක් අපට පෙන්වා දෙයි. මේ ගීය සහ මෙබඳු අනෙක් ගී ද, කොලරිජ් කවියාගේ මතයට අනුව, උසස් කාව්යියන්ගේ ගණයට අයත් කළ හැකිය.

එහෙත් කල්පනා ශක්තිය පමණක් හොඳ කාව්ය යක ලක්ෂවණයකැයි ඉඳුරා කිය නො හැක. 69 වැනි ගීය උදාහරණ වශයෙන් ගනිමු මෙහි දී කවියා සිත්නම් ගත වූ ස්ත්රි න්ට


7. J. Middleton Murray, The problem of style, p. 40


xxxv


‍දොෂාරොපණය කරන අයුරින් මෙ‍ෙස් කියයි. ‘සිතට ආ පරිදිම යම් යම් දේ කීමට, මේ ගැහැණු රචකයින් පෙලඹවූහ.’ තවද විචාරකයෙක් මෙසේ කීය. ‘කාව්යො රචනා කරන්නේය යි සිතා ඔහු තම සිතෙහි ඇති දෙය කීය. ප්රාරණය ශරීරය තුළ පවත්නා හෙයින්, ඔහුගේ සිත ද පැවතීය යුතුය. එහෙයින් ඔහු සිතෙහි පහළ වූ දෙය කීය’ (495 ii) මෙයින් අදහස් වන්නේ, සාමාන්යතයෙන් පහළ වන අදහස් වූව ද, කාව්ය9 සංඛ්යා වට අයත් නො වන බවයි. කල්පනා ශක්තිය කෙසේ හැඬගැසිය යුතු ද යනු විස්තර කළ ගී මේ පද්යයවලියෙහි දක්නට නො ලැබේ එසේ වූව ද ඒ පිළිබඳ අදහසක් අංගුන්තර නිකායෙන් අපට දැනගත හැකිය. 8 මෙහි, කවිවරු සතර වර්ගඅයකට බෙදනු ලැබෙත්. මේ ගී ලියූ කාලය තුළ දී. පාලි සාහිත්යසයට අයත් අංගුත්තර නිකාය, ලංකාවේ බෞද්ධයින් විසින් හැදෑරූ බවට සැකයක් නැත. තවීන් පිළිබඳ ව එයින් පහළ කළ අදහස් තත්කාලින ජනතාව විසින් පිළිගත් බව අපට සිතා ගත හැකි හෙයින් මෙසේ සතරාකාරයකට කවීන් වර්ගන කිරීම සිද්ධාන්තයක් වශයෙන් පිළිගනිමු. මේ වනාහි කාව්ය් ශාස්ත්රසය පිලිබඳ ව පැරණි සාහිත්යම කෘතියකින් අවුලා ගත හැකි පැරණිතම සඳහන වන්නේය.

චින්තා කවි, සුත කවි, අත්ථ කවි, පටිභාත කවි, යනුවෙන් අංගුන්තර නිකාය කවීන් සතර වර්ගතයකට බෙ‍දයි. ( මේ ග්රනන්ථවය ක්රිා. පූ. 3වන ශතවර්ෂරයේ දී පමණ රචිතයයි සිතිය හැක. ඉහතින් සඳහන්කළ පාඨයට බුද්ධඝොෂාචාරීන් විසින් ක්රි ව. 5වන ශතවර්ෂළයේ දී අටුවා සපයන ලදී). මේ සතරවර්ගිය පිළිබඳ විස්තරයක් පෙළෙහි නො දැක්වේ. එසේ ම ඒ අය කවුදැයි සිතා ගැනීමට සඳහනක් වතු ඉන් නො ලැබේ. බුද්ධඝොෂාචාරීන් මීට කළ අටුවාව ද9 එතරම් විස්තරයක් පළ කරන එකක්


8. අංගුන්තර නිකාය , (P. T. S ) ,ii වන කාණ්ඩය, 230 පිටුව

9. මනොරථපුරර්ණක , iii වන කාණ්ඩය, 211 පිටුව



xxxvi


නො වේ එහෙයින් මේ වචනවලින් අදහස් කරන අථර්‍ අනුව මේ පුද්ගලයින් ගැන දත යුතුය. මොවුන් අතර චින්තා කවියා පහත්ම ගණයට වැටෙන බව ද, පටිහාන කවියා උසස්ම ගණයට වැටෙන බව ද ඉහතින් සඳහන් වූ කුරුණුවලින් පෙනී යනවා ඇත.

චින්තා යනු සිතිවිල්ලයි ‘සිතන’ යන වචනය සීගිරි පද්යණවල ද සඳහන් වන බැවින්, සමානාර්ථ‘ ඇති ‘චින්තා’ යන වචනය ගැන සැකක් නොමැත. ‘චින්තා කවි’ යනු ‘කාල්පතික ශක්තිය ඇති කවියා’ යනු විසින් තේරුම් ගළ යුතුව ඇත. සැම කවියකුටම මෙකී ශක්තිය අවශ්යයය එහෙයින් අතික් මර්ගි තුනට අයත් කවීන්ට ද මේ භාග්ය ය ඇතැයි සිතීම හේතු සහිතය ඔවුන්ට, චින්තාවට අනතුරුව, සුත, අත්ථා, පටිහාත යනාදී ගුණයන් ද ඇති බව සිතිය යුතුය.

සුත ( ඇසූ ) යනු ‘පණ්ඩිත්ය ය’ යන අර්ථඇය දෙයි. සුත කවියාගේ කාල්පතික ශක්තිය, ස්වකීය පාණ්ඩිනත්යණය විසින් හික්මවන ලද බව සිතිය යුතුය. පැරණි කෘතින්ට අනුකූලව, පැරණි කවීන්ගේ රචනාවලින් හා අදහස්වලින් අභාසය ලැබ යමෙක් කාව්යක රචනාවක් කරයි ද, ඔහුට සුත කවි යයි කිය යුතුය. ‘අත්ථෙ’ යනු බාහිර ගුණයකි. අත්ථ් කවියකුගේ අදහස් හා කාව්යයමය චිත්රම, සවභාව ධමර්යා’ගෙන් ලබා ගත් ඒවාය. (අර්ථ කවියකු ගැන රාජ ශෙඛර කාව්යය මීමාංසාවෙහි සඳහන් කරයි). 10 ‘අත්ථශ කවියා’ බාහිර වස්තූන් පිළිබඳ ව රචනා කරන කවියෙකි. කිට්ස් ෂෙලී, කොලරිජ්, සදේ, වර්ඩ්ස්වර්ත් ආදී ඉංග්රීනසි කවියෝ මේ ගණයට අයත් වෙති. පටිහාන කවියා කෙරෙහි උත්පාදක ශක්තියෙන් ප්ර්තිමාණ්ඩිත වූ කවිශක්තිය ඇත්තේය. යමක් ඉබේ වටහා ගැනීමේ ශක්තියක් ඔහුට වරප්ර්සාදයකින් මෙන් හිමි වී ඇත. අපරු දේවල්, අමුතු අදහස් පහළ කිරීමෙහි දී ඔහුට ශූර ප්රරඥාවක් ඇත්තේය. අනික් කවීන්ගේ රචනාවල මෙන් නොව මොහුගේ රචනාවල,


10. Kavyamimamasa, G. O. S. Edition, p. 18



xxxvii



ලොකයෙහි යථාර්ථාය විවරණය වන්නේය.බෞද්ධ දර්ශpනයට අනුව, මේ තැනැත්තා කවීන් අතර ශ්රොෂ්ඨමයා වෙයි.

මේ සිද්ධාන්තවලට අනුව සිගිරි පද්යි විභාග කරත හොත් , 147, 372, යන ගී චින්තා කවීන්ගේ යයි ද, 28, 652, යන ගී සුත කවීන්ගේ යයි ද 334, 605 යන ගී අත්ථත කවීන්ගේ යයි ද, 99, 118 යන ගී පටිබාත කවීන්ගේ යයිද නිගමනය කළ යුතුය. මේ රචනා සඳහා උපයෝගී කර ගත්තේ ‘මුක්තක’ යන නමින් හැඳින්වෙන කාව්යග විශෙෂය බව කලින් සඳහන් විය මේ නිසා කවීන්ගේ කාල්පනික ශක්තිය සීමා සහිත සේ හැසිර වීමට සිදු විය. කවින් විසින් මෙබඳු පියවරක් ගැනීමට හේතුව, තත්කාලීන කවි සම්ප්රයදාය පිලිබඳ ව ඔවුන් තුළ තිබූ ගෞරවය විය යුතුය. වඡන්දතය පිළිබඳව මේ කවිවරු අමුතු ක්ර ම නිපදවා නො ගත්හ ඔවුහු ඒ සඳහා ගතානුගතික වඡන්දතස් ක්රබම භාවිතා කළහ. ඒවා ඔවුන් කාව්යඔශාස්ත්රාතදිය හැදෑරීමේ දී උගත් ‍ඒවා විය යුතුය.

492වෙනි ගීය ලියූ තැනැත්තා ‘හිස් ගීය’ වශයෙන් හැඳින් වූයේ කුමන රචනාවක් දැයි අපට කිව නො හැක. එහෙත් පහත සඳහන්රචනා මේගණයට අයත් ‍වේ දැයි විමසිය ‍යුතුය. ‘එක අංශයකට ඇලවී, එක් අතක් අනිකට ළං කර තබාගෙන, සිය අතෙහි වූ පුෂ්පය දෙස බලමින්, එක් කාන්තාවක් පර්ව්තය මුදුනෙහි සිටින්නීය’ (354) ‘නළල මත හිසකේ දැවටී ගිය එක් කාන්තාවක් මේ පච්ච අසලින් යමින්, මල්දමක් ගෙන, පිලිගන්වන්නීය’ (355ii) ‘මෙහි ආ අය දෙ බලමින්, ඔවුන්ගෙන් ප්රකශ්න අසමින්, ඔවුන් හා කාථා කරමින්, රිසි පරිදි, පර්ව ත පාර්ශවයෙහි සිටි අඟනන් බැලීමි’ (321) මේ රචනාවලද, ගැහැණුන් හැඳන්වූයේ, සිත්තම් කළ බවක් කියමින් නොව, ජිවත් ව සිටින කාන්තාවන් ලෙසය. එහෙයින් මේවා ද, ඇත්ත වශයෙන්ම කිව හොත් ස්වභාවොක්ති නො වේ. ඉහතින් සඳහන් කළ 354, 355 (ii) යන ගීවල ද අතින් ගත් මල් ගැන සඳහන් වූයේ, ඒවා කිසියම් සංඥාවක් දීම සඳහා



xxxviii



කාන්තාවන් විසින් රැගෙන සිටි බවය. එසේ නම් මේ රචනා ස්වාභාවොක් ති නො, සංස්කෘත විඩාරකයන්ගේ සිද්ධාන්තවලට අනුව උසස් ගණයේ ලා සැලකිය යුතු කාව්යං රචනායි.

‘හිස් ගීය’ යනුවේන හැඳින්වූ් රචනාව ලියූ තැනැත්තා තමා ලීවේ හිස් ගීයකැයි කිසි විටෙක පිළිගනු ඇතැයි කිව නො හැක එසේම එබඳු ගී ලියූ අතික් අය ද, සිය රචනා ‘හිස් ගී’ වශයෙන් පිළි නො ගන්නා විය යුතුය. තමන් ඉදිරිපත් කළ රචනා උසස් කවි ලක්ෂචණවලින් හෙබි ඒවා යයි ඔවුන් සිතුවා නිසැකය මේ කරුණු කල්පනාවට ගත් විට,මේ ගී රචනා වූ අවධියේ දී ‘ස්වභාවොක්ති’ පිළිබඳ ව තත්කාලීන පඬුවන් අතර‍ දෙයාකාර මතභෙදයක් පැවතී බව පෙනේ. එක් කොටසක් ඒවා කාව්ය් ගණයට අයත් නො වන බව කී අතර, අනික් පාර්ශ්වය ඒවා කාව්යා ගණයෙහි ලා සැලකූ බව පෙනේ. මේ කාලයෙහි සහ මීට ශතවර්ෂව දෙක තුනකට පෙරාතු කාලයෙහි ද, ඉන්දියානු විචාරකයන් අතර මෙයාකාර මත දෙකක් පැවැත්තේය. දණ්ඩින් නම් ආලංකාරිකයා ස්වාභාවොක්ති නම් අලංකාරයක් ඇතැයි පිළිගෙන ඊට ‘ජාති’ යනුවෙන් ‍නම් කළේය. භාමහ නම් ආලංකාරිකයා මේ මතයට විරුද්ධ වී එය පිළි නො ගත්තේය. භාමහගේ කල්පානාවට අනුව, සෑම කාව්ය රචනාවකම වාක්රෝක්තියක් අඩංගු විය යුතුය. එබඳු ගණයට අයත් නොවන රචනා වලට ඔහු ‘වාර්තා’ යයි කීය සමහර ලෙඛකයෝ. ‘වාර්තා’ යනු ද අලංකාරයකැයි කීහ. ඛාණ නම් කවියා, ‘ජාති’ නම් රචනා විශෙෂය නිර්දය ලෙස ‍විවේචනයට ලක් ‍කෙළේය එහෙත් ‍මහිම්හට්ට නමැත්තා ස්වභාවොක්තිය අලංකාරයකැයි පිළිගත්තේය. ඔහුගේ මතයට අනුව ස්වභාවොක්තිය වනාහි කවියාගේ වර්ණිනයට හසු වන වස්තුවෙහි ආත්මයයි. ඔහු ඊට ‘ස්ව - ලක්ෂවණ’ යැයි කීය 12


11 V. Raghavan, some concepts of the Alamkara sastra, pp 92 – 116



xxxix



‘හිස් ගීයක්’ යි කීමට හේතුව, ඒ රචනාවෙහි ඇති වූ අඩුපාඩුවක් විය යුතුය. මේ අඩුපාඩුව කුමක් දැයි ඡායා මාත්රු වශයෙන් දැනගැනීමට සීගිරි පද්යකවලියෙන් උදාහරණ දැක්විය හැකිය. සීගිරි සිත්තම් ඇඳි චිත්ර ශිල්පියාට උපහාරයක් කරමින් ලියූ ගීය මේ සඳහා ගතුය. (541) එයින් කියවෙන්නේ,චිත්රයයෙහි නිරූපණය වන පුද්ගලයා තුළ ඔහු‍ෙග් චින්ත සන්තානයෙහි පැවති ස්වභාවය, ශිල්පියා විසින් ඇතුළත් කළ බවය. ‘සිත් වින්දින’ යනුවෙන් ඔහු ‘හැඟීම්’ ගැන කිය ‘සිත _ විඳි’ යනු‍ෙවන් හැඳන්වෙන්නේ මනොභාව රාශියකි. කලාව යනු ‘හැඟීම්’ ‘මනොභාව’ යනාදිය හා සම්බන්ධන වූවක් බව, සීගිරි කවියා මෙන්ම, වර්ත‘මාන කලා විචාරකයා ද එකාකාර ව පිළිගනු ඇත. කවියා ද සිත්තරා ද කලාකරුවෝය.ි කලාකරුවා කරන්නේ හැඟීම් ඉදිරිපත් කිරීම නැත හොත් අන් අයට වටහා දීමය. සීගිරි කවියා කීයේ සිත්තරා හැගීම් සිටවූ බවය. මේ අදහස වූකලී ‘රසභාව’ පිළිබඳ විශාල සාකච්ඡාවකට තුඩු දෙන කරුණකි.

150වැනි ගීයෙන් ද, හැඟීම් සිටුවීම් පිළිබඳ ව නියවෙයි. එහෙත් එහි සිත්තම් ගැන සඳහනක් නැත සිමොනයිඩ්ස් නම් ග්රීවක දර්ශනිකයා12 කී‍යේ “චිත්රරය වනාහි ගොළු කාව්යකයකි එසේම, කාව්යී රචනයද, චිත්රූ මගින් කෙරෙන කථාවකි” යනුවෙනි. කාව්යයමය විස්තරය යනු ‘පැහැ ගැන්වීම’ යන ඇරුත ඇත්තේය. 161 වැනි ගීතයෙන් ‘පින්තූර පැහැ ගැන්වීම’ යනුවෙන් කීවේ ‘කාව්යනමය විස්තරයක් කිරීම’ යන අදහසයි එස වින්දනය පිලිබඳ ව නම් සෑම කලාවකින්ම කෙරෙනුයේ එකම කාර්යෙයකි. එහෙයින් සීගිරි කවීන්ගේ මතයේ හැටියට, කාව්යුයෙන් කෙරෙනුයේ මානුෂික හැඟීම් සිටුවා තැබීමය. මානසික අවස්ථාවකට හෝ හැඟීමකට ‘භාව’ යයි නම් කළ හැක.

¬¬¬¬ 12’ Plutarch, Q. Gonv. 9. 15. 2; andk Plato, Gorgias, 450 B



x1


මේ වතාහි එක් අවස්ථාවක නො පවතින පියාඹන ස්වරුපයක් ඇති දෙයකි එය එක් තැනක නවත්වා සෑහෙන කාලයක් ගත වූ පිට ‘රස’ නමින් හැඳන්වෙන ආස්වාදයක් ඇති වේ. ‘රස’ යනු ස්ථායීභාවයෙකැයි නාට්ය් ශාස්ත්ර කර්තෘැ භරතමුනි කීය. ‘සිත් විඳි’ යනුවෙන් සීගිරි ගීයෙහි හැඳින්වූ ස්වභාවය ද, ඉහතින් සඳහන් කළ මානසික අවස්ථාවක් වන ‘භාව’ යන්නට සමාන කළ හැක. ‘සිත් විඳි සිටුවයි’ යි කී තැන්හි ‘සිටුවයි’ යන්න සං ‘ස්ථායින්’ යන්නට සමානය. 339 වැනි ගීයෙහි ලැබෙන ‘සිත වැටි’ යන්න ද, සං ‘චිත්ත වෘත්ති’ යන්න ද එකාකාරය භරතමුනිගේ රස සිද්ධාන්තය විවේචනය කළ අභිනවගුප්ත, ‘චින්ත වෘත්ති’ යන පාරිභාෂික වචනය ‘රස’ යන අදහස දිම සඳහා නොයෙක් විට භාවිතා කළේය.

‘රස’ යන වචනය ද සීගිරි පද්යළයන්හි සුලභව දක්නට ලැබෙන්නකි. ‘ගී - රස’ පිළිබඳ ව 556වැනි ගීයෙන් කියවෙයි. රසාලිප්ත වන සේ සිත්තම් ඇඳීම ගැන 206වැනි ගීයෙන් සඳහන් ලැබේ. ‘රස’ හදුනාගත් පුද්ගලයින් ගැන 164 වැනි ගීය සදහන් කරයි. අලංකාර වස්තුවක් දැකීමෙන් රස උපදින බව 356 සහ 517 වැනි ගීවලින් කියවෙයි. ‘මියුලැසියෙනි! තොපගේ රූමත් භාවය එක්කාසු කර, පානය කළේ වී නමුත් සෑහිමක් නො වේමය තොප දැකීමෙන් ඇති වූ රසය, එයින් ජනිත කළ ආශාව වැඩි දියුණු කරයි.’ ‘අඩක් අනුභව කළ දෙයින් සාගින්න තව ද වැ‍ඩි වේ’ (517) රස වදන්, රසැත්තන්, යනුවෙන් රසවත් වචන පිළිබඳ ව කියවෙයි සීගිරියට පැමිණෙන ආගන්තුකයන්හට, රස ගුලාවක කිමිදෙන සේ 613වැනි ගීයෙන් ආයාචනයක් කෙරෙයි.

ඉහත සඳහන් කරුණු විමසා බැලූ විට අපට පෙනී යන්නේ කාව්යගයක හෝ ගීතයක හෝ චිත්රුයක වුව ද රස අඩංගු විය හැකි බවයි. බාහිර ලෝකයෙහි ඇති සුන්දර වස්තුවක් දැකීමේන ප්රෙදක්ෂයකයාගේ මනසෙහි රසය නිපදෙයි.


xli



එසේ වූව ද, සෑම පුද්ගලයකුට ම රස විඳිය හැකි නො වේ. රස විඳීමට ශක්තියක් ඇති අයට පමණක් එබඳු ආස්වාදයක් ලැබිය හැකිය. කාව්යසයක් කියවීමෙන් හෝ චිත්රයයක් දැකීමේන හෝ චිත්තාභ්යකන්තරයෙහි ඇතිවන සුඛාස්වාදයට රස යයි නම් කළ හැක. සාමාන්ය මිනිසාට වඩා වෙනස් අයුරින් නොහොත් අමුතු ඇසකින් කවියා බාහිර ලෝකයෙහි ඇති සුන්දර වස්තුන් දෙස බලයි. එසේ නො දකින පුද්ගලයාට කවියකු යයි කිව නො හැක. සීගිරි චිත්රඅයක් බලා කිසියම් සිඛණාස්වාදයක් නො ලැබූ බව කීයූ රචකයකු ට උපහාසයක් වශයෙන් 473 වැනි ගීය ලියැවිණි. ‘මේ බැලු අයගේ සිත් ප්ර්මුදිත නො වී යයි කියත් නම්, ඒ අය කවි නාමයෙන් ගිණිය යුතු ද? දුර සිට ලනුවකින් අදනා ලැබූ කල්හි ඔවුන්ගේ නෙත් සෙල වෙන්නේ ඉතා සෙමින් බව කියනු ලැබේ’ මේ කවියා කිමට අදහස් කළේ සීගිරි චිත්රඉ වැනි සුන්දර දෙයකින් පිතා නොයන පුද්ගලයා කවියකු නොව පඹයකු බවය. ඔහුට ආත්මයක් නැත.

සංස්කෘත අලංකාර ශාස්ත්රුයට අනුව, බාහිර ලොකයෙහි ඇති සුන්දර වස්තු බලා එයින් ලැබූ ආස්වාදය අන් අයට කියා පෑමෙහි සමත් නම් ලැබූ අය සහෘදයෝ නම් වෙති. සහෘදය යනු හෘදය සහිත යනු අරුත් ඇත්තේය. කාව්ය ශාස්ත්රනය උගෙන නිතර අභ්යායසයෙහි යෙදෙන පුද්ගලයා, තමා විසින් විස්තර කරන්නට යෙදෙන වස්තුව හා සම - ආත්ම සහිත වෙයි ද එවිට ඔහුට සහාදයායි නම් කළ හැකි බව අභිනවගුප්ත 13 කීය. ස්වභාව ධර්ම යෙහි හෝ කලාවෙහි ඇති සුන්දරත්වය පිළිබඳ ව සියුම් හැඟීම් ඇති වීම සඳහා වාසනා ගුණය තිබිය යුතුය. වාසනා යනුවෙන් මෙහි අදහස් කරනුයේ පූර්වවයෙහි ලැබූ අභ්යාබසයයි. මේ වාසනා ගුණය ජන්ම දායාදයක් වශයෙන් උරුම විය හැක. නැත හොත් ඉගෙනීම හා අභ්යාජසය නිසා ඇති


13 S. K De, studies in the History of Sanskrit Poetics, Vol. ii , p. 169


xli


කර ගත හැක. 236වැනි ගීයෙහි ළ - ඇත්ත යනුවෙන් හැඳන්වූයේ සං ‘සහෘදය’ යන අර්ථැය මැයි. හදවතෙහි ප්රේ-ම හැඟුම් සහිත වු තැනැත්තා නැත හොත් කාව්ය්යක් අගය කිරීමට හැකියාවක් ඇති තැනැත්තා සඳහා ‘ළ - ඇත්ත’ යනුවෙන් මේ ගීයෙහි යොදනු ලැබීය යි සලකමු.

කාව්යනයෙහි පරමාර්ථැය රස නිෂ්පත්තිය බැව් සීගිරි කැටපත් පවුරෙහි ගී ලියූ සමහරකුගේ මතය බැව් පිළි ගැනීමට හේතු සාධක ඇති බව පෙනේ. රස නිෂ්පත්තියක් අති නොවන කාව්යමයක් ඇත්තේ නම් එය ‘හිස් කාව්යත’ යනුවේන නම් කළ හැක සංස්කාත කාව්යවවිචාරකයන්ගේ මතය ද මේ මතය මැයි. කාව්යයය වනාහි රසවත් කියුම් සහිත වූවකැයි සාහිත්යයදර්පිණකාර විශ්වන ථ කියයි . 14 (වාක්යං් රාසාත්මකං කාව්යිම්). සීගිරි පද්ය් ‍ලියූවන්ට පසු කාලය විහ්වනාථ ජිවත් වූ නමුත්, ඔහුට පළමුව සිටි විචාරකයෝ ද ‘රස’ පිළිබඳ ව එබඳු අදහසක්ම පහළ කළෝය. කාව්යසයක ‘රස’ නමැති සුවඳ මල් සමූහය විසුරුවා හැරිය යුතු බව භරතමුනිවරයා කීය. 15 (පුෂ්පාවකීර්ණඃ කර්තව්යාඃය කාව්යෙයසු හි රසා බුධෛඃ) අලංකාර වාදයට නැඹුරු වූ දණ්ඩින් නමැති විචාරකයා ද කීයේ 16 අලංකාර මගින් ද රස නිපැයෙ බවය (කාමං සර්වොතප්ය ලංකාරො රසම් අර්ථෙ නිසිඤවති) මහා - කාව්යසය යනු කුමක්දැයි විස්තර කළ ඔහු, රස සහ භාව යන දෙනම ‍එහි අවශ්යන යෙන්ම ඇතුලත් විය යුතු බව කියයි 17 ඒ අදහස භාමහ නමැතත්තා ද පිලි ගනියි.

කැටපත් පවුරේ ඇති ගීවලින් සමහරක් විභාග කළ අපට පෙනී යනුයේ ඔවුන්ගේ මතයටඅනුව කාව්යනයක් තැනීමේ දී චින්තාව නොහොත් ප්රඔතිභානය ඉවහල් වන

14. Sahitya Darpana, Bombay, 1822, p. 21 15. Natya Satra, p 134 16. Kavyadarsa, 1, 64 17. ibid, i, 18


xliii


බවයි ‘කාන්ය යේ සාරය රසය’ යන සිද්ධාන්තය අප පිළිගත හොත්. සීගිරි ගීවලින් කවිත්වයක් හෙළි වේ ද යනු අප විසින් සෙවිය යුතු එසේ නම් ඒ ගී රචනා කළ අය, තමන් විසින් විඳි රසය අන් අයට අවබොධ කරවීමෙහි පො‍හොසත් වූවාහු ද? එසේ නම් ඒ කාර්යබය සිද්ධ කළේ කෙසේ ද? පුරාණ කාලයෙහි දී, වත්මන් කලට වඩා සීගිරිය දැකීමෙන්, කෙනෙකුගේ සිත පුදුමයට පත් වූ බව නිසැකය. පුදුමය ජනිත වූ සිතින් යුතුව ගී රචනා කළ අයට ඔවුන්ගේ ගීවලට අද්භූත රසය ඇතුළු කරන්ට පුළුවන් වූවා නිසැකය. 443 වැනි ගීයෙන් කියවෙන්නේ සීගිරිය දැකීමෙන් පසුව ඇසින් දුටු දෙය සිත නො පිලිගන්නා බවයි. 652වැනි ගීය ලියූ කවියා කීයේ මේරු පර්වගතය මගින් උසුලනු ලබන කාර්යනභාරය සීගිරිය නිදහස් කළ බවය. මුචලින්ද‍ පර්වඋතය පොළවට බැසි කලක මෙන් සිගිරිය දිස්වේය යි 28වැනි ගීය පවසා ලයි 560, 115, 447, 169, 205 ආදී වශයෙන් ගී රාශියකින් මෙබඳු අද්භූත රසයක් මතු වෙයි.

සීගිරියෙහි බැලිය යුතු දෙය වනාහි එහි ඇත් චිත්රය සමූහය යි සැලකූ කවියන්ට, ප්රේයමය පිළිබඳ විවිධ සංකල්පනා පහළ වූවා නිසාකය. ඒ අදහසින් යුතුව ගී රචනා කිරීමේ දි ඔවුන්ගේ ගී තුළට ශෘංගාර රසය ඇතුළු විය හැකිය. සම්භෝගයේ දි ඇති වන ප්රේ මය, විරහයේ දී ඇතිවන හැඟුම් යනාදි මේ දෙවර්ගයයේම පෙම් සිතුවිලි අඩංගු වූ ගී සීගිරි කුරුටු ලිපි අතර දක්නට ලැබෙන අති විහාල කොටසය. උදාහරණ කොතැනකින් වුව ද උපුටාගෙන දැක්විය හැකිය. ‘මෙහි දක්නට ලැබෙන ගැහැනු වියෝ වූ සිය හිමියා පිළිබඳ ව සිතුවිල්ලේ සිටිමින් දුකින් තැවෙන්නාහුය’ යනාදී අදහස් ඉදිරිපත් කරන ගී ද නො මඳය. මේ රචනා වලින් ජනිත වනුයේ කරුණ රසයයි උසස් විචාරකයින් අතර මහත් සේ සම්භාවනීය වි පවත්නේ ද කරුණ රසය වනාහි රසයන් අතුරින් ඉතාමත් මධුර රසය වන්නේය.



xliv



340, 430, 93, 124, 247, 309, ඈ විසින් උදාහරණ රාශියක් දැක්විය හැකිය. සිනාව උපදවීම සඳහා ලියූ රචනා මේ ලිපි අතර නොමැත්තේ නො වේ. මේවායින් මතු වන්නේ හාස්යල රසය යි. උදා 133, 138, 1‍43, 39 මේ ලිපි අතර චිත්රියන්හි පෙනි සිටින ගැහැණුන් පිලිබඳ ව දොෂ දර්ශ නය කළ රචනා ද නොමඳය. ඔවුන්ගේ චරිතය පිළිබඳ සැක පහළ කළ තැන්, ගැහැණුන් හා ඇලීමෙන් ඇති වන විපාක ආදිය ගැන කියවන විට පාඨකයා තුළ ඇති වනුයේ බලවත් චිත්ත විපර්යාකසයකි. නොහොත් නිර්වෙණද ( සං විර්විදා - පා නිබ්බිදා) ගුණයකි. ඒ ආශ්රසයෙන් පහළ වනුයේ හාන්ත රසයයි. මේ ගණයට අයත් රචනා අතර දාශර්නි ක ගණයට අයත් කළ හැකි ගී ද, ජිවිත විවරණයක් යයි සැලකිය හැකි කියුම් ද ඇත. මේ වනාහි මැතිව් ආර්නල්ඩ් නම් බටහිර විචාරකයාගේ මතයේ හැටියට ‘කාව්යඅයේ පන්ලයි’ උදා - ‘සුඛාස්වාදය වනාහි වේදනාව නොහොත් දුකට මාවතයි’ (525) ‘රහසේ වුව ද තම මිතුරකුට තමාගේ රහසක් කිව හොත්, නො අනුමානවම එය තමා‍ලගේ සතුරන් වෙත ළඟා වනු ඇත’ (265) ‘ගැහැණුන් ළඟට ගැනීම වූකලී, ගින්නකින් උණුසම් ලබා ගත් තැනැත්තා විසින්, ඒ ගින්න හිස මත තබා ගනීම වැනිය’ (672). ලස්සන ගැහැණියකගේ රූපයෙන් වශීකෘත වීම මැණිකකින් කළ හෙණ්ඩුවක් හිස ළඟට ගැනීම වැනිය’ (306) ‘කවර දෙයක් වුවත්, උවමනාවට වඩා පාවිච්චි කළ හොත් ඒ වනාහි ඒ දැය වරදවා පිළිගැනීමයි’ (539) මේ හැර ගැහැණුන් පිළිබඳ ව කළ තවද චරිත විවරණ ඇත.

මේ ගී රචනා කළ පරිසරය ගැන සලකා බලන විට, වීර රසය නැතහොත් භයානක රසය ආදයි සඳහා එහි අවකාශ නොමැත. එසේ වුව ද මේ ගී පරික්ෂාහ කළ විට, ඉහතින් සඳහන් කළ රසවලට වඩා තවද රස එහි අඩංගු වන බව කිව හැකිය. සංක්ෂෙ පයෙන් කිව හොත් සීගිරි කුරුටු ගී අතර රස වැහෙන ගී නොමඳව ඇත. එසේ හෙයින් ‍ඒ ගී, ඉන්දියානු විචාරකයන්ගේ සිද්ධාන්තවලට අනුව. ‘කාව්ය ’


xlv


ගණයට අයත් කළ හැක . කාව්යනයකින් ලැබිය හැකි ආස්වාදය වන ‘රසය’ ඉන්දියානු විචාර ක්ර මයක් වන ධවනිවාදයට අනුව, වාව්ය්ර්ථඉයන් නොව ව්යදඞග්යා‍ර්ථධයෙන් පමණක් විඳිය හැකිය. ඉන්දියානු විචාරකයන්ගේ මේ මතය වර්තිමාන යුරෝපීය විචාරකයන්ගේ මතවලට පවා බොහෝ සෙයින් ළඟා වෙයි. සර් පැට්රික් ආබර්ක්රොවම්බී මෙසේ කියයි “කලාත්මක රචනයක ඇති සුන්දදරත්වනය ආස්වාද කළ යුත්තේ ව්ය්ඞග්යොයෙනි. කලාත්මක කාතියක යෙදෙන වචනවලින් තියුණු, විශාල ප්රඞතිඵල ඇති කරවන, විවිධ ව්යදඞග්යාතර්ථනයන් ‍ජනිත කිරවිය යුතුය. සාමාන්යක වචන වලින් මතු වන අදහසට වඩා අවබෝධයක් ව්ය ඞග්ය වශයෙන් ඇති කරවිය හැකි බව නො රහසකි. මේ නිසා වචනවලින් සාමාන්යයයෙන් ප්රඇකාශ නො කළ හැකි අදහසක් ධ්වනිත කරවිය හැක. ක්රිවයාකාරක පද සම්බන්ධනයෙන් එකමුතු වූ වාක්යක රැසකින් කෙරෙන මේ උසස් කර්තවව්යකය සඳහා රචකයා විසින් පාඨකයාගේ තේරුම් ගැනීමේ ශක්තිය වහල් කරගනු ලැබේ. 18 ”

මුක්තකයකින් පමණක් ස්වකීය හැඟීම් රාශිය කියා පෑමට සිදු වූ අපේ සිගිරි කවීන්ට, ඔවුන් භාවිතා කළ වචනවලින් කෙළින්ම කියවෙන අදහසට වඩා යමක් පාඨකයාට තේරුම් කර දීමට සිදු විය. භාෂාවකින් ව්‍යඞග්ය යෙන් පැවසිය හැකි අදහස් කෙබඳුදැයි කියා පෑමට සීගිරි පද්යිවලින් උදාහරණ නොමඳ ව සොයා ගත හැක. ‘මහනෙල දෙස නිතර බලමින් සිටින්නේ, දෙනුවන්හි ඇති මහනෙල් පැහැය මඳ නිසාද? මෙසේ සිතමින් මෙන් මිනිසුන් පර්වරතය දසට ඇදෙන විට පියොවුරු මඬලෙහි ගවසා තිබුණු මල්, ඒ කාන්තා තොමෝ වහා ඉවත් ලුවාය’ (183). මේ ගීය බැඳි වචනවලින් ඉඳුරා ප්ර කාශවන දෙය එකකි. එයින් ව්යාඞ්ග්යි වශයෙන් ගත හැකි අරුත අනෙකකි. මිනිසුන් මහමග යන විට, ඔවුන් දෙස බලා සිටි ගැහැණුන් තමන් පැලඳි මල් බිම දමන්නේ මන්ද?


18. Abercrombie, principles of literary criticism, p. 39



xlvi



ඒ වනාහි එතරම් සිතිය යුතු කරුණක් නොව්. ඒ ප්රේ ම ‍සන්දෙකශයකී කාන්තාවගේ නිල්නෙත්වල පැහැය මහනෙල්හි පැහැයට ද අධිකතර වු බව එක එල්ලේම කියා නැත. එහි කියවී ඇත්තේ, ඇය තමාගේ නුවන්වල පැහැය අධික කර ගැනීමේ බලාපොරොත්තුවෙන් එය දෙස නිතර බලමින් සිටි බවය.

644වැනි ගීයොන් පැවසෙන්නේ, දෙව්ලොවින් ආපසු සීගිරියට බට කාන්තාවක ගැනය. ඇය දෙව්ලොව හැර දමා ආපසු පැමිණියේ එහි තත්තවය මෙතරම් සතටු දායක නො වූ නිසා බව ව්ය ඞග්යසයෙන් පැවසින. 3වැනි ගීයෙහි කතකගෙන් ඇසූ ප්රකශ්නයකි - එනම් ඇය සැරසී සිටින්නේ මන්ද යනුවෙනි. ඊට පිළිතුරු ද එහිම අඩංගු විය. ‘ඇයගේ සැමියා බඳු අයකු මහමග එන බව ඇයට යෙහෙළිය විසින් කියා ඇති හෙයිනි.’ සීගිරියට පැමිණි තැනැත්තකු පිළිබඳ ව යෙහෙළිය වරදවා හඳුනාගත් බවක් එයින් පළ වෙයි. ඇයගේ සැමියා වන කාශ්යිප රජු බඳු රූසපුව ඇති යමෙක් එහි පැමිණ සිටි බව ද, ඒ තැනැත්තා ඒ ගීය ලියූ රචකයාම බව ද එයින් ව්ය ඞග්යැ වශයෙන් වටහා ගත හැක. කවියා තමා පිලිබඳ ව පුරසාරම් කීමට අදහස් කළ අවස්ථාවේ දී මේසේ ව්යයඞ්ග්ය වශයෙන් තේරුම් කළ හැකි වචන යෙදූ බව‍පෙනේ. මේ වනාහි අපට පෙනෙන තැන් කීපයක් පමණි. මේ ගීතවලින් ව්යේඞ්ග්යාවයෙන් පැවසෙන වෙනත් අදහස් සොයා ගත හැකි බව නියතය. කාල යාගේ ඇවෑමෙන් ඒ අර්ථි සැඟවී ගත් හෙයින්, සඳහටම ඒවා අඳුරෙහි පවතිනු ඇත. එසේ වූව ද, අපට තේරුම් ගත හැකි අරුත් විමසා බැලූ විට පෙනී යන්නේ, ව්ය ඞග්ය යෙන් අදහස් පැවී මේ ශක්තියක් වචනවල ඇති බව සීගිරි කවීන් දැන සිටි බවය. ආනන්දවර්ධ න නම් විචාරකයා ඉදිරිපත් කළ ධ්වනි සිද්ධාන්තය මොවුන් ද දැන සිටියා විය හැක. එක්තරා ඉන්දියානු විචාර ක්රධමයකට අනුව, කාව්යි රසයේ සාරය චමත්කාරයි. (රසේ සරඃ චමත්කාරඃ) 19 චමත්-


19. Sahitya Darpandya, p. 78


xlvii


කාරය නොමැති වූ කල්හි කාව්යdය නිරස වෙයි. ටී ඇස්. එලියට් නම් විචාරකයාගේ මතය දමේ මය. “කාව්යෙරචකයා විසින් කළ හැකි බලවත්ම වරද නම් කාව්යකය නීරස20 කිරීමය” සීගිරි කවීන් ද පෙර කී කරුණ දැන සිටි බවක් පෙනේ. එකම කරුණක් අරභයා ගී රචනා කළ නමුත්, ඔවුන්ට එම කාරණයෙහිම විවිධ අංශයක් ගැන සැලකිලිමත් වන්නට සිදු විය. මේ වූකලී අතිශය දුෂ්කර කරුණකි. මන්ද? අනුන් නුදුටු අදහස් ගොතා දැක්වීම එතරම් පහසු නො වන හෙයිනි. සීගිරි කවින්ගෙන් බොහෝ දෙනෙක් උත්සාහ කළේ සිය රචනයන්හි කිසියම් පුද්ගලිකත්වරයක් හෝ අන් රචනයන්ගෙඋන් කැපී පෙනෙන ලක්ෂනණයක් ඇතුළු කිරීමටය විශෙෂ පද සංයෝජනයක්, උපහාසයක් හෝ හාස්ය්ජනක කීමක් හෝ ඇතුළු ක‍ළ විට. ගීයෙහි නීරස බව නැති වී රසවත් බවක් ඇති වන බව ඔවුහු දැන සිටියාහුය.

මේ සඳහා ඔවුන් විසින් යෙදූ ‍උපක්රසම කිහිපයකි (1) ඔවුන් ගේ අදහස් චමත් කාරය ජනිත කරවන‍ සේ ලැළපීම (2) ඒ සඳහා විශෙෂ පද හෝ වාක්යංවශ යෙදීම යනු විසිනි. උදාහරණ දෙකක් දැක්වමු. සීගිරියේ ඇති වැදගත් කම කවිවරු දෙදෙනක් දෙවිධියකට පවසති (අ) ‘මේ ශොක සහගත සිතිවිලි ඉවත ලන්න ගීයක් රචනා කිරීමේ දී වෙන කුමක් මවිසින් කිව හැකි ද? දෙව් ලොවෙහි අසිරිය පවා මා නො වත්වයි තොපම සීගිරියට නගින්න’ (167) මේ කියමන නිසා අපට මහත් කුතුහලයක් ඇතිවෙයි. (ආ) ‘ලක්දිවට බට, දෙව්ලොවකට සමාන වූ මෙවැනි පර්වයත රාජයකු දුටු මා, එය මගේ ඇස්වලින්ම දක්නා ලදැයි කියන කල්හි, එය නො අදහන මගේ සිත රැවටීමකට පත් වෙයි’ (433). මේ කවිවරුන්ට අනුව සීගිරියට සම කළ හැකි දර්ශමනයක් අන් කිසි තැනක නො විය. මොවුන්ගේ මේ ප්රිකාශයන්ට අත් පොළසන් දීමක් එක්

20 T . S. Eliot, The use of poetry and the use of criticism , p. 52


xlviii


ගීයක අඩංගුවී අත්තේය. ‘ඉතා දැක්මකලු සීගිරිය බැලීම සඳහා දැනන් පෙලඹවීමට තොප විසින් යෙදූ වදන් රැස අගනේය. සීගිරිය වනාහි මුළු ‍ලක්දිවම ඇති විශිෂ්ට සථානයෙකි. එහි ඇවිත් බැලූ අයකුට එය කෙදිනකවත් අමතක නො වේ’ (62)

ඇතැම් විට, පාඨකයාගේ අවධානය යොමු කිරීම සඳහා, කවියෝ ප්රමහෙලිකා ඉදිරිපත් කළාහුය (310) ඒවා එකල නම් ඉතා ලෙහෙසියෙන් විසඳන්ට පුළුන් වූවා නිසැකය. ‘තොප කථා කරන්නේ විහිළුවට වුව ද, ඇත්ත කියන්න’ (396), මා කළ අපරාධය නම් සත්යරය දැන සිටීමයි’ (204), ‘පියාපත් සිඳි කුරුල්ලාගේ මතය නම් ලොකය එකම ගෘහයක් බවයි’ (500), යනාදී වශයෙන් ප්රුහෙලිකා කීපයක් අප හමුවේ ඇත.

දණ්ඩියන්ගේ මතයේ හැටිය කාව්යඅයක රස ඇතුළු වීම නිසා එහි මාධූර්ය ය ඇති වෙයි. ඇතැම් විචාරකයන් විසින් මධුර - රස යනුවෙන් රස විශෙෂයක් ඇතැයි පිළිගෙන ඇත 21 මධුර - රස යනු සිංහල භාෂාවෙහි මිහිරි - රස යනුවෙන් ලැබේ. ‘මිහිරි - රෙසෙ’ යන වචනය 613වැනි ගීයෙහි අඩංගු වී ඇත. දණ්ඩියන්ගේ මතයේ හැටියට, ග්රාරම්යස නොවන රචනාවක පමණක් මිහිරි රසය ඇතුළත් විය හැක 22 කවියා උපයෝගී කරන භාෂාව, අසංස්කෘත නොව, ශිෂට වාග්ව්යවවහාරය විය යුතුය. සීගිරි කවීහුද, ග්රා්ම්ය ත්වනය සහ පරුෂත්වේය ඉක්ම වූ වදන් රැසක්ම සියරචනයන් සඳහා උපයෝගී කර ගත්තාහුය එසේ නො කළ අයට කළ උපහාස කිහිපයක් ද මේ ගී අතර අඩංගු වී ඇත. 138වැනි ගීය ලියූ තැනැත්තා සරදමට ලක්කෙරේමින් 100වැනි ගීය ලියැවිණි. මෙහි ලඳුන්ගේ පියවුරන් ගැන සඳහන් වී ඇත්තේ ග්රාගම්යල ස්වරූපයෙහනි 282 වැනි ගීය රචනා වූයේ ගීයක් අඩංගු විය හැකි මේ දොෂය


21. V. Raghavan, The Number of Rasas, pp 29 22. Kavyadarsa , p. 62


xlix


පෙන්වා දීමටය. අසභ්යද පුද්ගලයින් සඳහා මේ ගීවල යෙදූ වචනය නම් ‘ගැහැවියා’ යන්නයි.

කව් රචනා කිරීමේ තරඟයක 245, 246 ගී විමසා බැලීමෙන් පෙනේ. මින් පළමුවැන්න ග්රාේම්ය අදහසක් මතු කරයි. දෙවැන්න ඊට වඩා විනීත ශිෂ්ට පදමාලාවකින් කාව්යරමය අදහසක් ඉදිරිපත් කරයි. සාමාන්ය යෙන් පද්ය සමූහයම ගෙන විභාග කර බලන කල්හි, සීගිරි කවින් විසින්, ග්රා‍ම්යයත්වූය සහ අශිෂ්ටත්වය දුරු කර ඇති බැව් නිසැකයෙන්ම කිව හැකිය. සංස්කෘත කාව්ය යන්හි ලැබෙන් ශෘංගාරාත්මක වර්ණ නාවල, ශාරිරික වශ‍ෙයන් ප්රේහම සම්බන්ධාකම් පැවැත්වීම් ගැන නොමඳ ව කියවිය හැකිය. එහෙත් සීගිරි පද්යෘවල එබඳු අදහස් සොයා ගැනීම අපහසුය. ඔවුන්ට උවමනා වී නම්, ශෘංගාරයේ ඉහතකී අංශය මහ ඉහලින් වර්ණමනා කිරීමට ඉඩපහසුකම් තිබුණි. එහෙත් ඔවුන්ගේ පද්යදවල එක්තරා විනීත බවක් දක්නට ලැබේ. අශ්ලීලි යැයි ඉවත් කරත හැකි පද්යව ඔවුන් විසින් රචනා නො කරන ලදී පද යෝජනයෙහි දී මොවුන් දැකී‍වූ මේ විනීත භාවය, ඔවුන් හැදුණු වැඩුණු සමාජයේ ශිෂ්ටත්වය පිළිබඳ ව දෙස් කියයි. උසස් රුචිය,’ ‘පහත් රුචිය යනුවෙන් දෙවගයකට වෙන් කළ හැකි කලාකාමිත්වය මොවුන් පිළිබඳ ව නම් උසස් අයුරින්ම පැවැත්තේය.

සීගිරි පද්යු රචනා වූ අවධියේ දී, කාව්යියේ සාරය රසය යි යන මතය පිළිගෙන තුබූ බැව් පෙනී යන හෙයින්, සිංහල සහ සංස්කාත කාව්යේ ග්රයන්ථියන්හි බහුල වශයෙන් පෙනන අලංකාරාදිය මේ පද්යේ අතර දක්නට ලැබෙනුයේ විරල වශයෙනි. අලංකාර ශාස්ත්රයයෙහි ආදි කතුවරයකු වූ දණ්ඩින්ගේ මතයේ හැටියට, අලංකාරයන්ගෙන් කෙරෙනුයේ ද රස ඉස්මතු කිරීමයි. ආනන්දවර්ධඩන විසින් ඉදිරිපත් කළ ධ්වනි සිද්ධාන්ත, සීගිරි කවීන් දැනසිටියා ද නැති ද යනු කිව නො හැකි නමුත්, අලංකාර පිළිබඳ ව ඒ විචාරක‍යාගේ අදහස් මොවුන් විසින් බොහෝ දුරට පිළිපැද ඇති බව නම් නිසැකය. “අලංකාර යෙදිය යුත්තේ



l



අතිශය ප්ර වේසමින්. කාව්ය යෙහි මුඛ්යය අදහසට බාධාවක් නො වන සේ ඒවා වහල් කර ගත යුතුය. එසේම ‍ඒවා යෙදිය යුත්තේ, කාව්යස පරමාර්ථ ය ඒවායේ වහලින් ඉටු කර ගත හැකි නම් පමණි” 23 ආනන්දවර්ධයනගේ මේ අදහස් සීගිරි කවීන් විසින් උල්ලංඝනය කරන ලදැයි කියා පෑම අපහසුය

මේ පද්යිවල බහුල ව යෙදී ඇති අලංකාරය නම් උපමායි. ඉන්දියාවේ සහ ලංකාවේ කවීන් දැන සිටි සුලභ උපමාදිය මේවායෙහි ද ඇත. උදා. ගැහැණියකගේ මුහුණ සඳ මෙනි (394) අත් මුතු මෙනි (648) වරල මෙඝයක්‍ මෙනි (331) තොල් නාදලු මෙනි (394) අත මල් දමක් මෙනි (105) දෙනුවන් මිනිපහන් යුවලක් මෙනි (50) මේ උපමා යොදුවේ කවියාගේ අත් දැකීමේන ලද අදහස් ද‍ සංයෝග කිරීමෙනි. ගැහැනියකගේ දත්පෙළ කොමඩු (කැකිරි) ගෙඩියක ඇති බී පඞ්කතිය මෙනි (307), මිහිරි වදන් සරා බඳනක් මෙන් රසවත්ය (627)ථ මහනෙල්වන් තැනැත්තිය සමඟ උන් රන්වන් තැනැත්තිය නිල් කට රොළු මලක ඇවිණි ගිය වැටකොළු මලක් සේය (334) නැතහොත් - නිල් මහනෙල් මලක් සමග තිබුණු ඇසළ මලක් මෙනි (383). ඇතැම් විට සුලභ උපමාවක් රූපකයක අයුරින් ද ඉදිරිපත් කර ඇත. විල් - අඟන, විල් - අඹු (543), නුව්න - සැර (291) ඈ විසිනි. ස්වභාව ධර්මියාගෙන් ඈත් නොව විසූ මිනිසුන්හට ඉහත සඳහන් උපමා හා රූපක මගින් කථා කළ විට, ඔවුන් තුළ රස නූපදීය යි කෙසේ නම් කිව හැකි ද?

සංස්කෘත අලංකාර ශාස්ත්ර යෙහි ඉතා ප්රථසිද්ධ වූ, සීගිරි කවීන් විසින් උපයෝගී කර ගත් අනෙක් අලංකාර නම් උත්ප්රෙපක්ෂාි (147, 153, 109), අර්ථාරන්තරන්යාාස (86, 341, 415), විරොධ (103, 375, 487), අක්ෂෙ ප (177), අතිශයොක්ති


23. V. Raghavn, Some Concepts of the Alamkara sastra, p. 64



li


(652). සුලභ ව භාවිතා නොවන අලංකාර ද මේ පද්ය අතර සොයා ගනීම අපහසු නො වනු ඇත. එසේ වූව ද, ඒ ගී රචනා කළ අය එබඳු අලංකාර ගැන දැන සිටියේ ද නැති ද යනු වෙනත් ප්රේශ්නයකි. මේ ගී රචනා කළ අය විසින් උපයෝගී කර ගත් තවත් අලංකාරයක් නම් උභයභාෂා අලංකාරයයි. මේ වනාහි දෙබසක් මගින් කවියාගේ අදහස් කියා පෑමට කළ උපායකි. උදා. 320, 352, 423, 443, 451, 468, 474, 476, 531 මේ අලංකාරය පැමිණි සිංයලයන් අතර සම්භාවිත වූ බවට සාක්ෂිේ පෙන්විය හැකිය. සංස්කාත කාව්යදයන්හි අතිප්රමසිද්ධ අලංකාරයන් ගැන වැඩිමනන් යමක් සඳහන් නො කරන සිදත්සඟරා කතුවරයා, උබ - බස් ( උභය භාෂා) නම් අලංකාරයට තැනක් දී ඇත මේ ග්ර න්ථයෙහි අලංකාර කාණ්ඩය කියා අවසන් කර ඇත්තේ ඉතා සංක්ෂෙරපයෙන් වූව ද උභය භාෂා අලංකාරයට එහි තැනක් ලැබුණේ මන්දැයි සැලකීම වටී. අංස්කෘත ආලංකාරියන් විසින් මෙබඳු නමින් යුත් අලංකාරයක් ගැන සඳහනක් කරනු නො ලැබේ. අලංකාර සර්වෙස්ව නම් ග්රාන්ථයෙහි ඊට නම් කර ඇත්තේ ‘වක්රොලන්ත’ යනුවෙනි. සාමාන්යු වාර්තා1 ස්වරූපය ගත් සියලුම අලංකාර යන්ට එහිදී වක්රො ක්තියයි කියා ඇත. සංස්කාත අලංකාරවලට ප්රිමුඛස්ථානයක් දී ඇති සිංහල කාව්යය ග්ර න්ථ යන්හි මේ නමින් යුත් අලංකාරය ලැබෙන්නේ ඉතා කලාතුරකිනි.

ශබ්දාලංකාර යෙදීම සඳහා වෙහෙස ගත් කවිවරු සීගිරි කවීන් අතර ඉතා දූර්ලලභ වෙති. එසේ වුව ද අතරින් පතර ත, න, වැනි අක්ෂ ර එක ළඟටම යෙදීමෙන් අනුප්රාකසයක් ඇති කරවීමට කළ වැයමක් ද දක්නා ලැබේ. උදාහරණ වශයෙන් -

(1) දකුත් නැමී සිත ගත නෙත ගත කන (51)

(2) කුමුන්ද් පිනි පින්ද් සන්ද් මෙරෙජින් පත් වරජ් නැත. (177)



lii



(3) නොලැබි ජු වජනක් මේ අත‍ නෙත බලන සිත් ඇති මෙන් (559)

(4) නැගී දැකැ කා නො වී නද වත වත මුළා කත (598)

(5) තර වත වත තමා සිත දඟ ලී නො ද බෙයන්ද් හි මෙ (598)

(6) නිතබු සුනිල් කියඹු හෙලිළ්ළම්බු ලම්බු සිත් මස් (330)

ඇතැම් විට විවිධ අරුත් දෙන පද කීපයක් එකට ගළපා ඇති බව ද පෙනේ උදා. ඇසීමි දුන් හසුන් හසුන් සෙයින් විල් දුට් (484), මන මය නමය (166) ශබ්දය රසයට මුල් තැනක් දීම ඉහතින් සඳහන් වූ උදාහරණයන්ගෙන් පැහැදිලි කර ගත හැකි නමුත්, මේවා සීගිරි කවීන් විසින් උවමනා වෙන් අඩංගු කරන ලද ද යනු අපට කිම නො හැකිය. ඇතැම් විට පද තෝරා ගැනීමේ දී මේ වචන නිරායාස යෙන්ම කවීන්හට ගලා ආ බව සිතා ගත හැකිය.

වෘත්තයට අනුව කළ රචනාවකට යෙදූ වචනය නම් ‘ගෙත්තම’ යනුයි. මේ වචනය සං ග්රවන්ථ ධාතුවෙන් සෑදෙන ග්රයන්ථ යන වචනයට සමානය. කාව්ය රචනා කිරීම සඳහා ගෙත්තම් කිරීම යන වචනය ද සංස්කෘත ආලංකාරිකයන් විසින් භාවිතා කරන ලද්දේය. “ගුණ, අලංකාර, රීති සහ උක්ති, ශබ්ද සහ අර්ථ1 යන මේවා එකට එකතු විට එයින් රසයක් උපදවනු ලැබේ නම්, ඒ වනාහි පරිණත කවි ශක්තියට උදාහරණයි - ”

ගුණාලංකාර - රීත්යුඋක්ති - ශබ්ධාර්ථප - ග්රමන්ථනක්ර‍මඃ ස්වදතෙ සුධියං යෙන - වාක්යුපාකඃ ස මාම් ප්රාති

(කාව්යධමීමාංසා 20 පිටුව)

නූලකින් කරනු ලබන ගෙත්තමකට කාව්යප රචනාවක් සමාන කිරීම ඉතා යෝග්යනය එහි ඇතුළු කරන සෑම නූලක්ම, මෝස්තරයේ අලංකාරය පිණිස පවත්නේය. අනවශ්යර නූලක් එහි අතුළු වූව හොත් ගෙත්තමෙහි ඇති



liii



අලංකාරය අඩු වෙයි. සීගිරි පද්ය ද ගෙත්තමක ආකාරයට රචනා විය. පද්යශයක ලැබෙන සෑම වචනයකටම එක්තරා කර්යීයක් ඇත්තේය. එක් වචනයක් අස් කළ හොත්, එ වෙනුව‍ට යෙදිය හැකි වෙනත් වචනයක් සොයා ගැනීම අසීරුය. යම් විධියකින් යෙදුව හොත් අර්ථකය වෙනස් වෙයි. ගීයෙහි ඇති රසවත් ගතිය හීල වෙයි. මේ ගීවල අනවශ්යග විශෙෂණ පද සොයා ගැනීම අසීරුය. පසුකාලීන පද්යි රචනාවන්හි එළිසමය රැකීම සඳහා මෙබඳු අනවශ්යශ විශෙෂණ පද යොදා ඇත ද සීගිරි පද්යළයන්හිා එබඳු ප්රණයෝග දක්නා නො ලැබේ. කවියා අදහස් කළ අර්ථ ය ප්රිකාශ කිරීම සඳහා යම් වචන මාලාවක් අවශ්යය වී ද, ඒ වචන හැරෙන්ට අව්ය ශ වචන ද නො ලැබේ. අනවශ්ය් වචන හෝ යෙදුම් නිසා කාව්යව ශරීරය දූර්වැර්ණ‍ වෙයි අවස්ථානු රූපව පද යෙදීම නොහොත් ඖවිත්යයය පිළිබඳ මනා හැඟුමක් සිගිරි කවීන් කෙරෙහි පැවති බව මේ පද්ය යන් විභාග කරන විට පෙනී යයි උසස් කලා කෘතියක යහපත් පද යෝජනය අත්යදශ්‍යක දෙයකි පැහැදිලි බව , සරල බව හා සංක්ෂෙ ප බව යන මෙකී ගුණාංගයෝ මේ පද්යභයන්හි විද්යාසමාන වෙති.

මේ පද්යය රචනා සඳහා කිසියම් කාව්ය් සම්ප්රහදායක් වූ බව ඉතා පැහැදිලිය. කිසියම් විශෙෂ වාග් මාලාවක් කාව්යය කරණය සඳහා උචිත බව ද, එසේම යම් යම් වාක්යංශශ හා පද මේ කවියන් විසින් සුලභ ව භාවිතා කළ බව ද මේ පද්ය විභාග කිරීමෙන් පෙනී යයි. මේ නිසා මොවුන් අතර සම්මතකවි සම්ප්රේදායක් වූ බව අවිවාදයෙන් පිළිගත යුතුය. එහෙත් ඒ කුමක් දැයි දැනැගැනීම අසීරුය. පැරණි සිංහල කාව්යි රචනයන්ගෙන් අවශිෂ්ට වී ඇති ග්රනන්ථරවල - එනම් සසදා, කව්සිළුමිණ හා ගුත්තිලය වැනි කාව්ය්ග න්හි ද, සීගිරි කවීන් විසින් නිතර භාවිතා කළ යෙදුම් නොමඳ ව දක්නට ලැබේ. උදා . වැපි - බිබි - වන් - ලවන් (617) යන්න කව්සිළුමිණෙහි වැල බිඹුන් ලවන් (209 ප) යනුවෙන්ද, පුල් - නිල් - උපුල් - ඇස්සන්


liv


යන්න පුල් - නිලුපුලැසියෝ යනුවෙනල් ගුත්තිලයෙහි ද (34 ප.) දක්නා ලැබේ. මෙකල පද්යි භාෂාව හා ගද්යෙ භාෂාව අතර වෙනස එතරම් විශාල නො විය ක්රි ව 12 වැනි ශතවර්ෂගයේ සිට මේ දක්වා කාලය තුළ මේ දෙක අතර අති වූ‍ පරතරය විශාල වූව ද මේ කාලයේ දී ගද්යන හා පද්යල යන දෙකට සමාන භාෂාවක් ව්යරවහාර වීය. මේ පද්යව අතර සොයා ගත හැකි ගද්යභයෙන් බැඳුණු වාක්යියන් හො සම කිරීමෙන් මෙකී කරුණ අනාවරණය වන්නේය.

ඇතැම් පද්යමයන්හි සරල දෙබස් දක්නට ලැබෙන බව මුලින් ද සඳහන් විය මේ වනාහි එකිනෙකාට කළ සරදම් ආදිය අඩංගු වූ පද්යබයෝය. උදා 120, 234, 260, 289. උසස් අදහස් කියා පෑමට අවශ්යඳ වූ සෑම අවස්ථාවක දීම මේ කිවිවරු ගැඹුරු බසක් ඒ සඳහා වහල් කර ගත්තාහුය. කව්සිළුමිණෙහි දක්නට ලැබෙන ගැඹුරු අදහස් මේ ගී අතර ද නොමඳය. මේ පද්යස සියල්ලම සමස්තයක් වශ‍ෙයන් ගෙන බලන කල්හි, ඖවිත්යයය මොවුන් විසින් ගුරුතන්හිතබා සැලකූ බව පෙනේ.

කාව්යන රචනයේ දි යෙදිය යුතු ලලිත පදමාලාව මොවුන් විසින් විශෙෂයෙන් සැලකීමට ගන්නා ලදී. ඇතැම් පද්යවයක බැලූ බැල්මට සුන්දර බවක් දක්නට නො ලැබීමේ හේතුව නම්, සුන්දරත්වය සැඟවීමට ඔවුන් විසින් ගන්නා ලද ආයාසයයි. පද්ය,යක ඇතුළත් කළ යුතු උචිත අදහස් මාලාව සහ එය කියා පෑමට උපයෝගී කරනු ලබන වාක්ය්, වාක්යාංිශ සහ ශබ්ද යනාදිය ගැන මොවුන් අතිශයින් වෙහෙසුන බව, පද්ය, කිහිපයක් විභාග කිරීමෙන් පමණක් පිළිගනු ලබනු නිසාකය 512වැනි ගීය, මෙබඳු අභ්ය සයක ප්ර්තිඵලයකි. කවියා‍ෙග් සිතේ පහළ වූ අදහස කියා පෑමට කවර උපක්රයම යෙදිය යුතු ද, එසේ නැතහොත් එම අදහසම, දෙදෙනෙකු විසින් දෙයාකාරයකට කෙසේ කිව හැකි ද


lv



යනු ඒ ගීය විභාග කිරිමෙන් දත හැකිය. මේ ගීයෙහි දෙවැනි කොටසින් හෙළි වන්නේ ද පළමු අදහසමය. එසේ වූව ද, පද යෙද‍ීම සහ අදහස ඉදිරිපත් කරන ආකාරය අතින් එය පළමු වැන්නට වඩා උසස් ය.

ආමි දැකැ අතුරෙන් නො වෙ බැණැ රන්වනුන් හුන් ‍ පෙම් වජන් නො විසින් අමි දිගැසින් අතුරෙ අද ලද (512)

මුලින් සඳහන් කළ පරිදි, මේ ගී රචනා කරනු ලැබුවේ, විවිධ තාරාතිරම් වලට අයත්, විවිධ මානසික ස්වභාවයක් ඇති පුද්ගලයින් විසිනි. එහෙයින් ඒවායෙහි එකාකාර ස්වභාවයක් දක්නට නො ලැබේ. මේ අතර, ‘නීරස ගී නොහොත් එක් විචාරකයකු කී පරිදි ‘හිස් ගි’ කිහිපයක් ද සොයා ගැනීම අසීරු නො වේ. එසේ වුව ද මින් වැඩි කොටසක් උසස් ගණයෙහි ලැ සැලකිය යුතු පද්යේයෝයි. මේ ගී අතර සුභාෂිත පද්යය ද නොමැත්තේ නො වේ. එසේම මෙහි ලැබෙන ඇතැම් රචනාවක ශාස්ත්රිිය අගය කෙතරම්දැයි කිව හොත්, එය ගෙතූ රචකයා ඒ ගැන ආඩම්බර වූවා නිසැකය. විදෙශිය භාෂාවකට පෙරළීමේ දී පවා එහි අගයෙන් බිඳක්වත් අඩු නො වනු ඇත උදාහරණ 3 ක් ගෙන බලමු ‘පිනි බිඳුවලින් තෙත් වූ සිහිල් මඳ පවන, සුවඳ රැගෙන හැමිය දෑසමන් ද මහනෙල් ද ඇතුළු වූ (නොයෙක්) මල් සහිත ව වසන්ත කාලය සැම තැනම දිස් විය. ඒ තිබේවා! රන්වන්ලියන් දුටු ම‍ගේ සිත කැලඹිති ඔවුන් අසලින් යන කල, ඔවුන්ගේ නුවන්හී පහරින් විදිනු ලැබූ හෙයින්, පව් බෙයදෙහි වැතිර සිටියෙමි’ (249) ‘පුෂ්පය පිළිබඳ ව මහත් රුචියක් දැක්වූ මත් වූ මීමැස්සා එහි තුළම ඇලුනේ විය. මල් රොන් නිසා දඟ කරනු ලැබී යයි සිතු හේ, එය සපමින් ගුමු නාදය පැතිර විය. සුදුපාට කුමුදු මල් රැසෙහි පතළ ශරත්කාල චන්ර් රශ්මිය නිසා, ඒවා පුබුදු විය එසේ වූව ද මේ තැනැත්තිය කෙරෙහි කිසිම වෙනසක් නොමැත්තේය. ඇගේ ස්වභාවය නො‍ගත් අපි, යන්ට යමු’ (582) ‘සුළඟ හැමීය. මල් පිපී අලංකාර වූ ගස් වැල් සිය දහස් ගණනක් බිව පතිති විය. කිරළ



lvi



පක්ෂිියා ද ශෝකාත්මක හඩක් නැගීය. මලය ගිරි සිරස මත ධාරානිපාත වර්ෂා(වක් පතිති විය. සීමා රහිත කන මැදිරයන් නිසා තඹවන් ළපලුවලින් රාත්රිධය ආලෝකමත් විය. එහෙත් රන්වන් පැහැති දිකැසිය! තොප විසින් මා වෙත එවූ සන්දෙතශය - එයින් මට කවර වහලක් වීද ?’ (595).

ඉහතින් සඳහන් කළේ විනෝදයට සීගිරිය බැලීම සඳහා පැමිණි 8වෙනි හා 9වෙනි තෙවර්ෂෝවල ලක්දිව විසූ ජනයා විසින් ලියූ කාව්යන රචන කිහිපයක් පමණි. ඔවුන් විසින් ලියන ලද ඒ කාලයට අයත් වූ , දැනට නාමශෙෂ වූ ග්රචන්ථමයන්හි තත්තවය කෙබඳු වී දැයි මේ පද්ය අනුසාරයෙන් කල්පනා කර ගත හැකි නො වේ ද? මෙබඳු මිහිරි රස වැහෙන ගී ඒ කෘතීන්හි ද අඩංගු වූවා නිසැකය. ඒ සියල්ලම නෂ්ටාප්රාබය වීමෙන්, සිංහල භාෂාවට හා සාහිත්යියට කවර විධියේ අළාභයක් සිදු වී ද?

“අමාරසයෙන් යුත් වදන් දිව’ ග ඇති ජනයා, මැණික් උපදවන රුහුණු කඳුවැටිය සහ මුතු උපදින වෙරළ - යන මේ කරුණු තුන - සිංහල ද්වීපයෙහි හැර අන් කවර තැනක එක විට ලැබේ ද?” යනුවෙන් සීගිරි කවීන් හා සමකාලීන ව විසූ උතුරු ඉන්දියානු විචාරකයකු වූ රාජශෙඛර විසින් පවසන ලද්දේය. සීගිරි පද්ය යන්හි ද ඉහත සඳහන් ‘වාක් - සුධා’ නම් ලද ගුණය නොමඳ ව දක්නට ලැබෙන්නේය. උතුරු ඉන්දියාවෙහි විසූ රාජශෙඛරයන්ට පවා එහි වටිනාකම සැලවී ගිය හෙයින්දෝ. ඔහුගේ බාලරාමායණ නම් ග්රකන්ථනයෙහි ,ඉහතින් සඳහන් කළ ‘වාක්සුධා’ නම් ලද ගුණය ඔහු විසින් සිංහල ජනතාව වෙත පවරන ලද්දේය.


ජනශ්ව වාක් සුධාසුතිර්මුණිසූතිශ්ව රොහණඃ

නාන්ය ත්රු සිංහලද්වීපාන්මුක්තා සුතිශ්වර සාගරඃ


(බාලරාමායණ, 10 සගීය, 49 පද්ය ය).

"https://si.wikibooks.org/w/index.php?title=සීගිරි_ගී-2-හැඳින්වීම&oldid=5413" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි