Cookbook:කැරමල් පුඩිම
Appearance
කූක්බුක් | ආහාර වට්ටෝරු | අවශ්‍ය දෑ | Equipment | Techniques | Cookbook Disambiguation Pages | ආහාර වට්ටෝරු
කැරමල් පුඩිම
විකිමීඩියා Cookbook හි කොටසකි.
සාදරයෙන් පිළිගනිමු!!
අවශ්‍ය ද්‍රව්‍ය
[සංස්කරණය]- කැරමල් සෑදීමට
- සීනි මේස හැඳි 3
- ඇල්වතුර මේස හැඳි 3
- කස්ටර්ඩ් සෑදීමට
- බිත්තර 4 ක් හෝ 5 ක්
- සීනි මේස හැඳි 1
- කිරි පයින්ට් 3/4
- වැනිලා
- ලුණු ස්වල්පයක්
ක්‍රමය
[සංස්කරණය]- සීනි සහ වතුර සාස්පානක දමා මඳක් කෝපි පාට වනතුරු හැඳි නොගා උණු කරන්න.
- හිස් අච්චුවක් උණුසුම් කොට මෙම කැරමල් (උණු කළ සීනි) එහි වත්කොට ඇතුළත සෑම තැනම කැරමල් ගෑවෙනු පිණිස අච්චුව වටේට කරකවන්න. එසේ කිරීමෙන් එය ඇතුළට අල්ලා ගන්නේය.
- ඉන්පසු කස්ටර්ඩ් (කිරි මිශ්‍රණය) සාදන්න.
- කිරි උණුකොට බිත්තර ක්‍රමයෙන් මිශ්‍රණයට වත් කරන්න. මෙසේ කිරීමේදී හැඳිගෑම කළ යුතුය.
- ඉන්පසු මෙම කිරි මිශ්‍රණය මුලින් සඳහන් කළ අච්චුවට පරෙස්සමෙන් වත්කොට එහි මුදුන තෙල් කඩදාසියකින් වසා පැයක් පමණ හුමාලයෙන් (වන්ඩුවේ) තම්බන්න.
- තැම්බුනු පසු එය විනාඩි කීපයක් තිබෙන්නට හැර ඉවතට ගන්න.